යෙදුමෙන් කියවන්න

වුට‍්ඨානගාමිනීවිපස‍්සනාකථා

වුට‍්ඨානගාමිනීවිපස‍්සනාකථා

වුට්ඨානගාමිනීවිපස්සනාකථා

ඉදඤ‍්ච පන අනුලොමඤාණං සඞ‍්ඛාරාරම‍්මණාය වුට‍්ඨානගාමිනියා විපස‍්සනාය පරියොසානං හොති. සබ‍්බෙන සබ‍්බං පන ගොත්‍රභුඤාණං වුට‍්ඨානගාමිනියා විපස‍්සනාය පරියොසානං. ඉදානි තස‍්සායෙව වුට‍්ඨානගාමිනියා විපස‍්සනාය අසම‍්මොහත්‍ථං අයං සුත‍්තසංසන්‍දනා වෙදිතබ‍්බා.

මේ අනුලෝම ඤාණය වූකලී සංස්කාරයන් අරමුණු කොට ඇති වුට්ඨානගාමිනී විපස්සනාවෙහි අවසාන අවස්ථාවයි. එහෙත් සියලු කරුණු සියලු අතින් ගෙන බලන විට, ගෝත්‍රභූ ඤාණය වුට්ඨානගාමිනී විපස්සනාවෙහි අවසාන අවස්ථාව වෙයි. දැන්, එම වුට්ඨානගාමිනී විපස්සනාව පිළිබඳව මුළා නොවීම පිණිස මේ සූත්‍ර සංසන්‍දනය දතයුතුය;

සෙය්‍යථිදං –

ඒ මෙසේයි:-

අයඤ‍්හි වුට‍්ඨානගාමිනී විපස‍්සනා සළායතනවිභඞ‍්ගසුත‍්තෙ “අතම‍්මයතං, භික‍්ඛවෙ, නිස‍්සාය අතම‍්මයතං ආගම‍්ම යායං උපෙක‍්ඛා එකත‍්තා එකත‍්තසිතා, තං පජහථ තං සමතික‍්කමථා”ති (ම· නි· 3.310) එවං අතම‍්මයතාති වුත‍්තා.

මේ වුට්ඨානගාමිනී විපස්සනාව සළායතන විභඞ්ග සූත්‍රයෙහි, ‘මහණෙනි. අතම්මයතාව (තෘෂ්ණා-දෘෂ්ටි-මාන විරහිත බව) ඇසුරු කොට, අතම්මයතාවට පැමිණ, යම් මේ උපේක්‍ෂාවක්, ඒකාග්‍රතාවක්, එක් අරමුණක් ඇසුරු කොට පවත්නා බවක් වේද, එය හරිවූ එය ඉක්මවවූ” යන මෙහි, අතම්මයතා’යි කියන ලදි.

අලගද‍්දසුත‍්තන‍්තෙ “නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චතී”ති (ම· නි· 1.245) එවං නිබ‍්බිදාති වුත‍්තා.

අලගද්ද සූත්‍රාන්තයෙහි, “නිර්වේදයට පත් වනුයේ, (සංස්කාරයන් කෙරෙහි) නිබ්බිදා වශයෙන් නො-ඇලෙයි, විරාග වශයෙන් මිදෙයි’’ යනුවෙන් මෙසේ ‘නිබ්බිදා’ යයි කියනලදි.

සුසිමසුත‍්තන‍්තෙ “පුබ‍්බෙ ඛො, සුසිම, ධම‍්මට‍්ඨිතිඤාණං, පච‍්ඡා නිබ‍්බානෙ ඤාණ”න‍්ති (සං· නි· 2.70) එවං ධම‍්මට‍්ඨිතිඤාණන‍්ති වුත‍්තා.

සුසීම සූත්‍රාන්තයෙහි “සුසීමය, මුලදී පැවැති ධම්මට්ඨිති ඤාණය පසුව නිර්වාණය පිළිබඳ (මාර්ග) ඥානය වේ’’ යනුවෙන් ‘ධම්මට්ඨිති ඤාණය’යි කියන ලදි.

පොට‍්ඨපාදසුත‍්තන‍්තෙ “සඤ‍්ඤා ඛො, පොට‍්ඨපාද, පඨමං උප‍්පජ‍්ජති, පච‍්ඡා ඤාණ”න‍්ති (දී· නි· 1.416) එවං සඤ‍්ඤග‍්ගන‍්ති වුත‍්තා.

පොට්ඨපාද සූත්‍රාන්තයෙහි, “පොට්ඨපාදය, සඤ්ඤාව (වුට්ඨාන ගාමිනී විපස්සනාව) පළමුව උපදියි; පසුව (මාර්ග) ඤාණය උපදියි’’ යනුවෙන් මෙසේ ‘සඤ්ඤග්ග’ (සඤ්ඤාවෙහි අග) යයි කියනලදි.

දසුත‍්තරසුත‍්තන‍්තෙ “පටිපදාඤාණදස‍්සනවිසුද‍්ධි පාරිසුද‍්ධිපධානියඞ‍්ග”න‍්ති (දී· නි· 3.359) එවං පාරිසුද‍්ධිපධානියඞ‍්ගන‍්ති වුත‍්තා.

දසුත්තර සූත්‍රාන්තයෙහි, ‘පටිපදාඤාණදස්සන විසුද්ධි’ යනු පාරිශුද්ධියෙහි ප්‍රධානාංගයයි’’ යනුවෙන් ‘පාරිසුද්ධි පධානියඞ්ග’ යයි කියනලදි.

පටිසම‍්භිදාමග‍්ගෙ “යා ච මුඤ‍්චිතුකම්‍යතා යා ච පටිසඞ‍්ඛානුපස‍්සනා යා ච සඞ‍්ඛාරුපෙක‍්ඛා, ඉමෙ ධම‍්මා එකත්‍ථා බ්‍යඤ‍්ජනමෙව නාන”න‍්ති (පටි· ම· 1.227) එවං තීහි නාමෙහි වුත‍්තා.

පටිසම්භිදා මග්ගයෙහි. “යම් මුඤ්චිතුකම්‍යතාවක් වේද, යම් පටිසඞ්ඛානුපස්සනාවක් වේද, තවද යම් සඞ්ඛාරුපෙක්ඛාවක් වේද, මේ ධර්මයෝ අර්ත්‍ථයෙන් සමාන වෙති, හුදෙක් ව්‍යංජන (අක්‍ෂර) වශයෙන්ම නානාවිධ වෙති’’ යනුවෙන් නම් තුනෙකින් වහරන ලදි.

පට‍්ඨානෙ “අනුලොමං ගොත්‍රභුස‍්ස, අනුලොමං වොදානස‍්සා”ති (පට‍්ඨා· 1.1.417) එවං තීහි නාමෙහි වුත‍්තා.

පට්ඨානයෙහි, ‘ගෝත්‍රභූ චිත්තයට, වෝදානයට (පිරිසුදුබවට) අනුලෝම වේ’ යනුවෙන් (ගෝතුභූ, වෝදාන යන) නම් දෙකකින් වහරන ලදි.

රථවිනීතසුත‍්තන‍්තෙ “කිං පනාවුසො, පටිපදාඤාණදස‍්සනවිසුද‍්ධත්‍ථං භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති (ම· නි· 1.257) එවං පටිපදාඤාණදස‍්සනවිසුද‍්ධීති වුත‍්තා.

රථවිනීත සූත්‍රාන්තයෙහි, “ඇවැත්නි, කිමෙක්ද? පටිපදාඤාණවිසුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසනු ලැබේද?” යනුවෙන් ‘පටිපදාඤාණදස්සන විසුද්ධි’ යයි කියන ලදි.

ඉතිනෙකෙහි නාමෙහි, කිත‍්තිතා යා මහෙසිනා; වුට‍්ඨානගාමිනී සන‍්තා, පරිසුද‍්ධා විපස‍්සනා.

ඉති නෙකෙහි නාමෙහි කිත්තිතා යා මහෙසිනා, වුට්ඨානගාමිනී සත්තා පරිසුද්ධා විපස්සනා

වුට‍්ඨාතුකාමො සංසාර-දුක‍්ඛපඞ‍්කා මහබ‍්භයා; කරෙය්‍ය සතතං තත්‍ථ, යොගං පණ‍්ඩිතජාතිකොති.

වුට්ඨාතුකාමො සංසාර දුක්‍ඛ පඞ්කා මහබ්භයා, කරෙය්‍ය සතතං තත්‍ථ යොගං පණ්ඩිත ජාතිකො’ති.

මහර්ෂීන් වහන්සේ විසින් මෙසේ නොයෙක් අභිධානයන්ගෙන් පසසන ලද, පිරිසුදු වූ, ශාන්ත වූ යම් වුට්ඨානගාමිනීවිපස්සනාවක් වේද, එය කෙරෙහි, සසර දුක් නමැති මහ වගුරෙන් ගොඩ වනු කැමැති, පණ්ඩිත ස්වභාව ඇත්තේ නිරන්තරයෙන් යෝග කරන්නේය.

ඉති සාධුජනපාමොජ‍්ජත්‍ථාය කතෙ විසුද‍්ධිමග‍්ගෙ පඤ‍්ඤාභාවනාධිකාරෙ පටිපදාඤාණදස‍්සනවිසුද‍්ධිනිද‍්දෙසො නාම එකවීසතිමො පරිච‍්ඡෙදො.

සාධුජන ප්‍රමෝදය පිණිස කළ විශුද්ධි මාර්ගයෙහි, පඤ්ඤභාවනාධිකාරයෙහි ‘පටිපදාඤාණදස්සන විසුද්ධිනිද්දේස’ නම්වූ එක්විසිවන පරිච්ඡේදය නිමියේයි.