යෙදුමෙන් කියවන්න

පඨමමග‍්ගඤාණකථා

පඨමමග‍්ගඤාණකථා

පඨමමග්ගඤාණකථා

ඉතො පරං ගොත්‍රභුඤාණං හොති, තං මග‍්ගස‍්ස ආවජ‍්ජනට‍්ඨානියත‍්තා නෙව පටිපදාඤාණදස‍්සනවිසුද‍්ධිං න ඤාණදස‍්සනවිසුද‍්ධිං භජති, අන‍්තරා අබ‍්බොහාරිකමෙව හොති. විපස‍්සනාසොතෙ පතිතත‍්තා පන විපස‍්සනාති සඞ‍්ඛං ගච‍්ඡති. සොතාපත‍්තිමග‍්ගො සකදාගාමිමග‍්ගො අනාගාමිමග‍්ගො අරහත‍්තමග‍්ගොති ඉමෙසු පන චතූසු මග‍්ගෙසු ඤාණං ඤාණදස‍්සනවිසුද‍්ධි නාම.

මෙයින් (පටිපදා ඤාණදස්සනවිසුද්ධියෙන්) අනතුරුව ගෝත්‍රභූ ඤාණය වේ. එය ආර්ය මාර්ගය ආවර්ජනය කරන ස්ථානයෙහි සිටි හෙයින් පටිපදා ඤාණදස්සන විසුද්ධිය හෝ ඤාණ දස්සන විසුද්ධිය භජනය නොකෙරේ (එම විසුද්ධීන් දෙකට) අතරින් සිටියේ අව්‍යවහාරික (නිර්වචන කළ නොහැකි)ම වේ. විදර්ශනා ප්‍රවාහයට වැටුණ හෙයින් විදර්ශනා සංඛ්‍යාවට යෙයි. සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අර්හත් මාර්ගයයි යන මේ මාර්ග සතර පිළිබඳ වූ ඥානය ‘ඤාණදස්සන විසුද්ධි’ නම්වේ.

තත්‍ථ පඨමමග‍්ගඤාණං තාව සම‍්පාදෙතුකාමෙන අඤ‍්ඤං කිඤ‍්චි කාතබ‍්බං නාම නත්‍ථි. යඤ‍්හි අනෙන කාතබ‍්බං සියා, තං අනුලොමාවසානං විපස‍්සනං උප‍්පාදෙන‍්තෙන කතමෙව. එවං උප‍්පන‍්නඅනුලොමඤාණස‍්ස පනස‍්ස තෙහි තීහිපි අනුලොමඤාණෙහි අත‍්තනො බලානුරූපෙන ථූලථූලෙ සච‍්චපටිච‍්ඡාදකෙ තමම‍්හි අන‍්තරධාපිතෙ සබ‍්බසඞ‍්ඛාරගතෙසු චිත‍්තං න පක‍්ඛන්‍දති, න සන‍්තිට‍්ඨති, නාධිමුච‍්චති, න සජ‍්ජති, න ලග‍්ගති, න බජ‍්ඣති. පදුමපලාසතො උදකං විය පතිලීයති පතිකුටති පතිවත‍්තති. සබ‍්බං නිමිත‍්තාරම‍්මණම‍්පි සබ‍්බං පවත‍්තාරම‍්මණම‍්පි පලිබොධතො උපට‍්ඨාති. අථස‍්ස සබ‍්බස‍්මිං නිමිත‍්තපවත‍්තාරම‍්මණෙ පලිබොධතො උපට‍්ඨිතෙ අනුලොමඤාණස‍්ස ආසෙවනන‍්තෙ අනිමිත‍්තං අප‍්පවත‍්තං විසඞ‍්ඛාරං නිරොධං නිබ‍්බානං ආරම‍්මණං කුරුමානං පුථුජ‍්ජනගොත‍්තං පුථුජ‍්ජනසඞ‍්ඛං පුථුජ‍්ජනභූමිං අතික‍්කමමානං අරියගොත‍්තං අරියසඞ‍්ඛං අරියභූමිං ඔක‍්කමමානං නිබ‍්බානාරම‍්මණෙ පඨමාවට‍්ටනපඨමාභොගපඨමසමන‍්නාහාරභූතං මග‍්ගස‍්ස අනන‍්තරසමනන‍්තරාසෙවනඋපනිස‍්සයනත්‍ථිවිගතවසෙන ඡහි ආකාරෙහි පච‍්චයභාවං සාධයමානං සිඛාප‍්පත‍්තං විපස‍්සනාය මුද‍්ධභූතං අපුනරාවට‍්ටකං උප‍්පජ‍්ජති ගොත්‍රභුඤාණං.

මෙකී මාර්ගයන් අතුරෙන් පළමුකොට ප්‍රථම මාර්ගඥානය සපයනු කැමැත්තහු විසින් කළ යුතු අන් කිසිවක් නැති; ඔහු විසින් කළයුතු දෙයක් වී නම් එය අනුලෝමාවසානයෙහි වූ විදර්ශනාව උපදවමින් කරන ලද්දේම වේ. මෙසේ උපන් අනුලෝම ඤාණ ඇති ඔහුගේ (ඒ යෝගාවචරයාගේ), එම ත්‍රිවිධවූම අනුලෝම ඤාණයෙන්, සත්‍යයන් වසා ගෙන සිටි අතිමහත් මෝහාන්‍ධකාරය, ස්ව-ශක්ති ප්‍රමාණයෙන් අතුරුදහන් කළ කල්හි සකලවිධ සංස්කාර ධර්ම විෂයයෙහි සිත නොවදියි, නොසිටියි, නො- ඇලෙයි, නොරැඳෙයි, නොලැගෙයි, නොබැඳෙයි; නෙළුම් කොලයෙහි දිය මෙන් හැකිලෙයි, හැකිලෙයි, ලිහිසයි; සියලු නිමිත්තාරම්මණයද, සියලු පවත්තාරම්මණයද පළිබෝධ වශයෙන් වැටහෙයි. ඉක්බිති ඔහුට සියලු නිමිත්ත ආරම්මණය හා පවත්ත ආරම්මණය පළිබෝධ සෙයින් වැටහුණු කල්හි, අනුලෝම ඤාණය ආසේවන ප්‍රත්‍යය වශයෙන් පිහිටි පසු, නිමිති රහිත, පැවතුම් රහිත, සංස්කාර විරහිත නිරෝධ සංඛ්‍යාත නිර්වාණය අරමුණු කෙරෙමින්, පෘථග්ජන ගෝත්‍රය, පෘථග්ජන සංඛ්‍යාව (ව්‍යවහාරය), පෘථග්ජන භූමිය ඉක්මවමින්, ආර්යගෝත්‍රයට ආර්ය සංඛ්‍යාවට, ආර්යභූමියට අවතීර්ණ වෙමින්. නිර්වාණාලම්බනය වෙතට ප්‍රථම ආවර්තනය (නැඹුරු වීම) වූ ප්‍රථමාවර්ජනය වූ, ප්‍රථම සමන්නාහාර (යොමු වීම) වූ, මාර්ගයට අනන්තර, සමනන්තර. ආසේවන, උපනිස්සය, නත්‍ථි, විගත යන ෂඩ් - ආකාරයෙන් ප්‍රත්‍යයභාවය සිද්ධ කරන, මුදුන් පත්වූ විදර්ශනාවෙහි අග්‍රඵලය වූ, පෙරළා නොයන ගෝත්‍රභූ ඤාණය උපදියි.

යං සන්‍ධාය වුත‍්තං –

එම ගෝත්‍රභූ ඤාණය සඳහා කියන ලදි:-

“කථං බහිද‍්ධා වුට‍්ඨානවිවට‍්ටනෙ පඤ‍්ඤා ගොත්‍රභුඤාණං? උප‍්පාදං අභිභුය්‍යතීති ගොත්‍රභු. පවත‍්තං…පෙ… උපායාසං අභිභුය්‍යතීති ගොත්‍රභු. බහිද‍්ධා සඞ‍්ඛාරනිමිත‍්තං අභිභුය්‍යතීති ගොත්‍රභු. අනුප‍්පාදං පක‍්ඛන්‍දතීති ගොත්‍රභු. අප‍්පවත‍්තං…පෙ… අනුපායාසං නිරොධං නිබ‍්බානං පක‍්ඛන්‍දතීති ගොත්‍රභු. උප‍්පාදං අභිභුය්‍යිත්‍වා අනුප‍්පාදං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ”ති (පටි· ම· 1.59) සබ‍්බං විත්‍ථාරෙතබ‍්බං.

(අසංඛත ධාතුවෙන් හෙවත් නිර්වාණයෙන්) බාහිර වූ (සංස්කාරයන් කෙරෙන්) නැඟී සිටීමේ හා ඉවත්ව සිටීමේ ප්‍රඥාව ගෝත්‍රභූ ඤාණය වනුයේ කෙසේද? උත්පාදය මැඩලති’යි ගෝත්‍රභූ නමි, පැවැත්ම -පෙ- උපායාසය මැඩලති’යි ගෝත්‍රභූ නමි, බාහිර සංස්කාර නිමිත්ත මැඩලති’යි ගෝත්‍රභූ නමි. අනුත්පාදයට පිවිසෙති’යි ගෝත්‍රභූ නමි, නොපැවැත්ම -පෙ- උපායාස නොවන බවට, නිරෝධයට, නිර්වාණයට පිවිසෙති’යි ගෝත්‍රභූ නමි. උත්පාදය මැඩලා අනුත්පාදයට පිවිසෙති’යි ගෝත්‍රභූ නමි.” යනුවෙන් සියල්ල විස්තර කළ යුතුය.

තත්‍රායං එකාවජ‍්ජනෙන එකවීථියං පවත‍්තමානානම‍්පි අනුලොමගොත්‍රභූනං නානාරම‍්මණෙ පවත‍්තනාකාරදීපිකා උපමා – යථා හි මහාමාතිකං ලඞ‍්ඝිත්‍වා පරතීරෙ පතිට‍්ඨාතුකාමො පුරිසො වෙගෙන ධාවිත්‍වා මාතිකාය ඔරිමතීරෙ රුක‍්ඛසාඛාය බන්‍ධිත්‍වා ඔලම‍්බිතං රජ‍්ජුං වා යට‍්ඨිං වා ගහෙත්‍වා උල‍්ලඞ‍්ඝිත්‍වා පරතීරනින‍්නපොණපබ‍්භාරකායො හුත්‍වා පරතීරස‍්ස උපරිභාගං පත‍්තො තං මුඤ‍්චිත්‍වා වෙධමානො පරතීරෙ පතිත්‍වා සණිකං පතිට‍්ඨාති, එවමෙවායං යොගාවචරොපි භවයොනිගතිට‍්ඨිතිනිවාසානං පරතීරභූතෙ නිබ‍්බානෙ පතිට‍්ඨාතුකාමො උදයබ‍්බයානුපස‍්සනාදිනා වෙගෙන ධාවිත්‍වා අත‍්තභාවරුක‍්ඛසාඛාය බන්‍ධිත්‍වා ඔලම‍්බිතං රූපරජ‍්ජුං වා වෙදනාදීසු අඤ‍්ඤතරදණ‍්ඩං වා අනිච‍්චන‍්ති වා දුක‍්ඛන‍්ති වා අනත‍්තාති වාති අනුලොමාවජ‍්ජනෙන ගහෙත්‍වා තං අමුඤ‍්චමානොව පඨමෙන අනුලොමචිත‍්තෙන උල‍්ලඞ‍්ඝිත්‍වා දුතියෙන පරතීරනින‍්නපොණපබ‍්භාරකායො විය නිබ‍්බානනින‍්නපොණපබ‍්භාරමානසො හුත්‍වා තතියෙන පරතීරස‍්ස උපරිභාගං පත‍්තො විය ඉදානි පත‍්තබ‍්බස‍්ස නිබ‍්බානස‍්ස ආසන‍්නො හුත්‍වා තස‍්ස චිත‍්තස‍්ස නිරොධෙන තං සඞ‍්ඛාරාරම‍්මණං මුඤ‍්චිත්‍වා ගොත්‍රභුචිත‍්තෙන විසඞ‍්ඛාරෙ පරතීරභූතෙ නිබ‍්බානෙ පතති. එකාරම‍්මණෙ පන අලද‍්ධාසෙවනතාය වෙධමානො සො පුරිසො විය න තාව සුප‍්පතිට‍්ඨිතො හොති, තතො මග‍්ගඤාණෙන පතිට‍්ඨාතීති.

එහිලා එක් ආවර්ජනයෙකින් එක් වීථියෙක්හි පවත්නා වූද අනුලෝම, ගෝත්‍රභූ යන ඥානද්වයය විවිධ අරමුණෙහි පවත්නා ආකාරය දැක්වෙන උපමාවෙකි මේ:- යම්සේ වනාහි, මහ ඇ‌ළෙකින් පැන එතෙර වනු කැමැති පුරුෂයෙක් තෙමේ, වේගයෙන් දුවවිත් ඇළෙහි මෙතෙර ඇති ගසෙක අත්තෙක බඳින ලදුව එල්බෙන රැහැනක් හෝ රිටක් අල්වාගෙන ඇළට උඩින් පැන එතෙරට නැඹුරු වූ, ප්‍රවණ වූ, බරවූ සිරුරු ඇතිව පරතෙර මතට පැමිණියේ, රැහැන හෝ රිට හැර වෙවුලමින් එතෙරට බැස සෙමින් සිටියිද, එසේම මේ යෝගාවචරයාද භව, යෝනි, ගති, ස්ථිති. සත්‍වාවාස යන මේවායෙන් එතෙර ඇති නිර්වාණයෙහි පිහිටනු කැමැතිව, උදයබ්බයානුපස්සනා ආදිය කරණකොට වේගයෙන් අවුත්, ආත්මභාව නමැති රුකෙහි, අත්තෙක එල්බෙන රූපස්කන්‍ධ නමැති රැහැන හෝ වේදනාදිය නමැති එක්තරා රිටක් හෝ “අනිත්‍යය”යි හෝ, දුඃඛය”යි හෝ, “අනාත්මය”යි හෝ අනුලෝම ආවර්ජන වශයෙන් අල්වාගෙන, එය නොහරිමින්ම, පළමුවන අනුලෝම චිත්තය කරණ කොට එතෙරට පැන, දෙවැන්න කරණ කොට එතෙරට නැඹුරුවූ, ප්‍රවණ වූ, බරවූ සිරුරු ඇතිව මෙන් නිර්වාණය වෙතට නැඹුරුවූ, ප්‍රවණ වූ, බර වූ සිත් ඇතිව, තුන්වැන්න කරණ කොට, එගොඩ මත්තට පැමිණ මෙන්, ඉක්බිතිව පැමිණිය යුතු නිර්වාණය වෙත ළංව, එම (තුන්වන අනුලෝම) චිත්තය නිරුද්ධ වීමත් සමග එම සඞ්ඛාරාරම්මණය හැර පියා ගෝත්‍රභූ චිත්තය කරණ කොට පරතෙර වැනි විසඞ්ඛාර සංඛ්‍යාත නිර්වාණ භූමියෙහි පිහිටයි; එක්ම අරමුණෙක ආසේවනය නොලද බැවින්, වෙවුලමින් සිටින ඒ පුරුෂයා මෙන්, තවමත් මැනවින් නොපිහිටියේ වේ; අනතුරුව මාර්ගඥානයෙන් මැනවින් පිහිටයි.

තත්‍ථ අනුලොමං සච‍්චපටිච‍්ඡාදකං කිලෙසතමං විනොදෙතුං සක‍්කොති, න නිබ‍්බානමාරම‍්මණං කාතුං. ගොත්‍රභු නිබ‍්බානමෙව ආරම‍්මණං කාතුං සක‍්කොති, න සච‍්චපටිච‍්ඡාදකං තමං විනොදෙතුං. තත්‍රායං උපමා – එකො කිර චක‍්ඛුමා පුරිසො “නක‍්ඛත‍්තයොගං ජානිස‍්සාමී”ති රත‍්තිභාගෙ නික‍්ඛමිත්‍වා චන්‍දං පස‍්සිතුං උද‍්ධං උල‍්ලොකෙසි, තස‍්ස වලාහකෙහි පටිච‍්ඡන‍්නත‍්තා චන්‍දො න පඤ‍්ඤායිත්‍ථ. අථෙකො වාතො උට‍්ඨහිත්‍වා ථූලථූලෙ වලාහකෙ විද‍්ධංසෙති. අපරො මජ‍්ඣිමෙ, අපරො සුඛුමෙති. තතො සො පුරිසො විගතවලාහකෙ නභෙ චන්‍දං දිස‍්වා නක‍්ඛත‍්තයොගං අඤ‍්ඤාසි.

එහි, අනුලෝම චිත්තය සත්‍යයන් වසන්කොට සිටි ක්ලෙශාන්‍ධකාරය විදහාලන්නට සමත් වන මුත්, නිවන අරමුණු කරන්නට පොහොසත් නොවේ; ගෝත්‍රභූ චිත්තය නිවන අරමුණු කරන්නටම මුත් සත්‍යයන් මුවහ කොට සිටින ක්ලේශාන්‍ධකාරය දුරලන්නට නොහැක්කේ වේ. එහිලා මේ උපමායි:- එක්තරා ඇස් ඇති පුරුෂයෙක් තෙමේ නක්‍ෂත්‍ර යෝගයක් දන්නෙමි’යි රාත්‍රි කාලයෙහි නික්ම සඳ දකිනු පිණිස උඩ බැලී, එය වළාකුළින් වැසී තිබුණ හෙයින් ඔහුට නොපෙනිණි, අනතුරුව සුළඟක් නැගී මහත් මහත් වළාකුළු විදහාලීය, තවත් සුළඟක් නැගී මධ්‍යම ප්‍රමාණයේ වළාකුළුද තෙවන සුළඟක් නැඟී සියුම් වළාකුළුද පැලවීය. ඉක්බිති ඒ පුරුෂයා පහවූ වළාකුල් සහිත අහසෙහි සඳ දැක නක්‍ෂත්‍රයෝගය දත්තේය.

තත්‍ථ තයො වලාහකා විය සච‍්චපටිච‍්ඡාදකථූලමජ‍්ඣිමසුඛුමං කිලෙසන්‍ධකාරං, තයො වාතා විය තීණි අනුලොමචිත‍්තානි, චක‍්ඛුමා පුරිසො විය ගොත්‍රභුඤාණං, චන්‍දො විය නිබ‍්බානං, එකෙකස‍්ස වාතස‍්ස යථාක‍්කමෙන වලාහකවිද‍්ධංසනං විය එකෙකස‍්ස අනුලොමචිත‍්තස‍්ස සච‍්චපටිච‍්ඡාදකතමවිනොදනං, විගතවලාහකෙ නභෙ තස‍්ස පුරිසස‍්ස විසුද‍්ධචන්‍දදස‍්සනං විය විගතෙ සච‍්චපටිච‍්ඡාදකෙ තමෙ ගොත්‍රභුඤාණස‍්ස විසුද‍්ධනිබ‍්බානදස‍්සනං.

එහි, සත්‍යයන් වසා සිටි ස්ථුල, මධ්‍යම, සූක්‍ෂ්ම ක්ලේශාන්‍ධකාරය තුන් ආකාර වළාකුළු වැනිය, අනුලෝම සිත් තුන තුන් ආකාර සුළඟ වැනිය, ගෝත්‍රභූ ඤාණය ඇස් ඇති පුරුෂයා වැනිය; නිර්වාණය චන්‍ද්‍රයා වැනිය. එක් එක් අනුලෝම චිත්තය, සත්‍යයන් වසන් ක්ලේශාන්‍ධකාරය පහකිරීම. එක් එක් සුළඟක් නැඟී පිළිවෙළින් වළාකුල් පහකිරීම වැනිය. සත්‍යයන් වසන් කරන ක්ලේශාන්‍ධකාරය පහව ගිය කල ගෝත්‍රභූ ඤාණය විශුද්ධ වූ නිර්වාණය දැකීම වළාකුල් පහවී ගිය කල ඒ පුරුෂයාහට අහසෙහි [missing trans]

යථෙව හි තයො වාතා චන්‍දපටිච‍්ඡාදකෙ වලාහකෙයෙව විද‍්ධංසෙතුං සක‍්කොන‍්ති, න චන්‍දං දට‍්ඨුං, එවං අනුලොමානි සච‍්චපටිච‍්ඡාදකං තමඤ‍්ඤෙව විනොදෙතුං සක‍්කොන‍්ති, න නිබ‍්බානං දට‍්ඨුං. යථා සො පුරිසො චන්‍දමෙව දට‍්ඨුං සක‍්කොති, න වලාහකෙ විද‍්ධංසෙතුං, එවං ගොත්‍රභුඤාණං නිබ‍්බානමෙව දට‍්ඨුං සක‍්කොති, න කිලෙසතමං විනොදෙතුං. තෙනෙව චෙතං මග‍්ගස‍්ස ආවජ‍්ජනන‍්ති වුච‍්චති. තඤ‍්හි අනාවජ‍්ජනම‍්පි සමානං ආවජ‍්ජනට‍්ඨානෙ ඨත්‍වා “එවං නිබ‍්බත‍්තාහී”ති මග‍්ගස‍්ස සඤ‍්ඤං දත්‍වා විය නිරුජ‍්ඣති. මග‍්ගොපි තෙන දින‍්නසඤ‍්ඤං අමුඤ‍්චිත්‍වාව අවීචිසන‍්තතිවසෙන තං ඤාණං අනුප‍්පබන්‍ධමානො අනිබ‍්බිද‍්ධපුබ‍්බං අපදාලිතපුබ‍්බං ලොභක‍්ඛන්‍ධං දොසක‍්ඛන්‍ධං මොහක‍්ඛන්‍ධං නිබ‍්බිජ‍්ඣමානොව පදාලයමානොව නිබ‍්බත‍්තති.

යම්සේ වනාහි තුන් සුළඟෙක් නැඟී හුදෙක් සඳ වසා සිටි වලාකුළු විදහාලන්නට මිස සඳ දකින්නට නොහැකි වේද, එසේම අනුලෝම සිත් හුදෙක් සත්‍යයන් වසා සිටි ක්ලේශාන්‍ධකාරයම දුරලන්නට මිස නිවණ දකින්නට සමත් නොවේ. යම්සේ ඒ පුරුෂයා හුදෙක් සඳ දක්නට මිස වලා පහකරලන්නට නොහැකි වන්නේද, එසේම ගෝත්‍රභූ ඤාණය හුදෙක් දක්නටම මිස ක්ලේශාන්‍ධකාරය දුරලන්නට නොහැකි වේ. එහෙයින්ම මේ ගෝත්‍රභූ ඤාණය මාර්ගයට ආවර්ජනය’යි කියනු ලැබේ; එය වනාහි, තෙමේ ‘ආවර්ජන’ නොවූයේම ආවර්ජනස්ථානයෙහි සිට ‘මෙසේ උපදිනුයැ’යි මාර්ගයට සංඥා දෙමින් මෙන් නිරුද්ධ වේ. මාර්ගයද එය දුන් සංඥාව නොහැරම අවිච්ඡින්න පරම්පරා වශයෙන් එම ඥානය අනුව යමින් පෙර නොවිදිවිරූ නොපෑලූ විරූ ලෝභස්කන්‍ධයද. ද්වේෂස්කන්‍ධයද, මෝහස්කන්‍ධයද විඳිමින්ම, පළමින්ම උපදියි.

තත්‍රායං උපමා – එකො කිර ඉස‍්සාසො අට‍්ඨඋසභමත‍්තෙ පදෙසෙ ඵලකසතං ඨපාපෙත්‍වා වත්‍ථෙන මුඛං වෙඨෙත්‍වා සරං සන‍්නහිත්‍වා චක‍්කයන‍්තෙ අට‍්ඨාසි. අඤ‍්ඤො පුරිසො චක‍්කයන‍්තං ආවිජ‍්ඣිත්‍වා යදා ඉස‍්සාසස‍්ස ඵලකං අභිමුඛං හොති, තදා තත්‍ථ දණ‍්ඩකෙන සඤ‍්ඤං දෙති. ඉස‍්සාසො දණ‍්ඩකසඤ‍්ඤං අමුඤ‍්චිත්‍වාව සරං ඛිපිත්‍වා ඵලකසතං නිබ‍්බිජ‍්ඣති. තත්‍ථ දණ‍්ඩකසඤ‍්ඤං විය ගොත්‍රභුඤාණං, ඉස‍්සාසො විය මග‍්ගඤාණං. ඉස‍්සාසස‍්ස දණ‍්ඩකසඤ‍්ඤං අමුඤ‍්චිත්‍වාව ඵලකසතනිබ‍්බිජ‍්ඣනං විය මග‍්ගඤාණස‍්ස ගොත්‍රභුඤාණෙන දින‍්නසඤ‍්ඤං අමුඤ‍්චිත්‍වාව නිබ‍්බානං ආරම‍්මණං කත්‍වා අනිබ‍්බිද‍්ධපුබ‍්බානං අපදාලිතපුබ‍්බානං ලොභදොසමොහක‍්ඛන්‍ධානං නිබ‍්බිජ‍්ඣනපදාලනං.

එහිලා මේ උපමායි:- එක්තරා දුනුවායෙක් අටඉස්බක් පමණ දුරින් පුවරු සියයක් තබවා වස්ත්‍රයෙකින් මුහුණ වසා බැඳගෙන, (දුන්නෙහි) හීය රූවා ගෙන, කැරකෙන යන්ත්‍රයෙක සිටියේය; අනෙක් පුරුෂයෙක් යන්ත්‍රය බමවා, පුවරුව දුනුවායා වෙතට එල්ල වන විට එහි ඇති දඬුවෙකින් සංඥා දෙයි; දුනුවායා දඬුවෙන් දුන් සංඥාව වරද්දා නොගෙන හී යවමින් පුවරු සියය විදලයි. ගෝත්‍රභූ ඤාණය එහි දණ්ඩක සංඥාව වැනිය, මාර්ගඥානය දුනුවායා වැනිය; මාර්ගඥානය ගෝත්‍රභූඥානය විසින් දෙන ලද සංඥාව නොහැරම නිවන් අරමුණු කොට පෙර නොවිදි විරූ, නොපැළු විරූ ලෝභ-ද්වේෂ-මෝහ ස්කන්‍ධයන් විදීම, පැළීම දුනුවායා දණ්ඩක සංඥාව නොහැර පුවරු සියය විඳීම වැනිය.

න කෙවලඤ‍්චෙස මග‍්ගො ලොභක‍්ඛන්‍ධාදීනං නිබ‍්බිජ‍්ඣනමෙව කරොති, අපිච ඛො අනමතග‍්ගසංසාරවට‍්ටදුක‍්ඛසමුද‍්දං සොසෙති, සබ‍්බඅපායද‍්වාරානි පිදහති, සත‍්තන‍්නං අරියධනානං සම‍්මුඛීභාවං කරොති, අට‍්ඨඞ‍්ගිකං මිච‍්ඡාමග‍්ගං පජහති, සබ‍්බවෙරභයානි වූපසමෙති, සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ඔරසපුත‍්තභාවං උපනෙති , අඤ‍්ඤෙසඤ‍්ච අනෙකසතානං ආනිසංසානං පටිලාභාය සංවත‍්තතීති එවං අනෙකානිසංසදායකෙන සොතාපත‍්තිමග‍්ගෙන සම‍්පයුත‍්තං ඤාණං සොතාපත‍්තිමග‍්ගෙ ඤාණන‍්ති.

මේ මාර්ගඥානය කරනුයේ හුදෙක් ලෝභස්කන්‍ධාදිය විදලීම මතු(පමණක්?) නොවේ; අග්-මුල් නැති සසරවට දුක් මුහුද වියලවයි; සියලු අපාය දොරටු වසාලයි, සප්ත ආර්ය ධනය හමු කරවයි; අෂ්ටාංගික මිථ්‍යා මාර්ගය හරවයි; සියලු (කෙලෙස්) සතුරු බිය දුරු කරයි; සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ඖරස පුත්‍රභාවයට පමුණුවයි; අනෙකුදු නොයෙක් සියගණන් ආනිසංස ප්‍රතිලාභය පිණිස පවතී. මෙසේ නොයෙක් ආනිසංස ගෙන දෙන සෝවාන් මාර්ගය හා සමග යෙදුන ඥානය සෝතාපත්ති මග්ග ඤාණයයි.

පඨමමග‍්ගඤාණං නිට‍්ඨිතං.

ප්‍රථම මාර්ගඥානය නිමි