සොතාපන්නපුග්ගලකථා
සොතාපන්නපුග්ගලකථා
සොතාපන්නපුග්ගලකථා
ඉමස්ස පන ඤාණස්ස අනන්තරං තස්සෙව විපාකභූතානි ද්වෙ තීණි වා ඵලචිත්තානි උප්පජ්ජන්ති. අනන්තරවිපාකත්තායෙව හි ලොකුත්තරකුසලානං “සමාධිමානන්තරිකඤ්ඤමාහූ”ති (ඛු· පා· 6.5) ච “දන්ධං ආනන්තරිකං පාපුණාති ආසවානං ඛයායා”ති (අ· නි· 4.162) ච ආදි වුත්තං. කෙචි පන එකං ද්වෙ තීණි චත්තාරි වා ඵලචිත්තානීති වදන්ති, තං න ගහෙතබ්බං.
මේ ඥානයට අනතුරුව එහිම විපාක වූ ඵල-සිත් දෙකක් හෝ තුනක් උපදියි. ලෝකෝත්තර කුශලයන් අනතුරු (අතරක් නැතිව වහා පල දෙන) විපාක ඇති හෙයින්ම, “සමාධිමානන්තරිකඤ්ඤමාහු” (අනතුරු විපාක සහිත සමාධිය”යි කීහු), ‘දන්ධං ආනන්තරිකං පාපුණාති ආසවානං ඛයාය’ (ආශ්‍රව ක්ෂයය පිණිස ලැසිව පලදීම අතරක් නැති පලදීමක් බවට පත්වේ) යන ආදිය කියන ලදි. ඇතැමෙක් වනාහි, පලසිත් එකක්, දෙකක්, තුනක් හෝ සතරක් උපදිති’යි කියත්; එය නොගතයුතුය.
අනුලොමස්ස හි ආසෙවනන්තෙ ගොත්රභුඤාණං උප්පජ්ජති. තස්මා සබ්බන්තිමෙන පරිච්ඡෙදෙන ද්වීහි අනුලොමචිත්තෙහි භවිතබ්බං. න හි එකං ආසෙවනපච්චයං ලභති, සත්තචිත්තපරමා ච එකාවජ්ජනවීථි. තස්මා යස්ස ද්වෙ අනුලොමානි, තස්ස තතියං ගොත්‍රභු චතුත්ථං මග්ගචිත්තං තීණි ඵලචිත්තානි හොන්ති. යස්ස තීණි අනුලොමානි, තස්ස චතුත්ථං ගොත්‍රභු පඤ්චමං මග්ගචිත්තං ද්වෙ ඵලචිත්තානි හොන්ති. තෙන වුත්තං “ද්වෙ තීණි වා ඵලචිත්තානි උප්පජ්ජන්තී”ති.
අනුලෝමා සේවනය කෙළවර ගෝත්‍රභූ ඤාණය උපදියි; එහෙයින් යටත් පිරිසෙයින් අනුලෝම සිත් දෙකක් විය යුතුය; එකක් වුවහොත් ආසේවනප්‍රත්‍යය නොලබයි; එක් ජවන වීථියක් උපරිම වශයෙන් සිත් සතෙකි; එහෙයින් යම් ජවන වීථියෙක අනුලෝම සිත් දෙකක් වුවහොත්, එහි තුන්වැන්න ගෝත්‍රභූ සිතයි, සිවුවැන්න මාර්ග සිතයි, පලසිත් තුනෙකි; යම් ජවන වීථියක අනුලෝම සිත් තුනක් වුවහොත්, එහි සිවුවැන්න ගෝත්‍රභූ වේ, පස්වැන්න මාර්ග සිතයි, පල සිත් දෙකක් වේ; එහෙයින් පල සිත් දෙකක් හෝ තුනක් උපදිති’යි කියනලදි.
කෙචි පන යස්ස චත්තාරි අනුලොමානි, තස්ස පඤ්චමං ගොත්‍රභු ඡට්ඨං මග්ගචිත්තං එකං ඵලචිත්තන්ති වදන්ති, තං පන යස්මා චතුත්ථං පඤ්චමං වා අප්පෙති, න තතො පරං ආසන්නභවඞ්ගත්තාති පටික්ඛිත්තං. තස්මා න සාරතො පච්චෙතබ්බං.
ඇතැමෙක් වනාහි, “යම් ජවන වීථියෙක අනුලෝම සිත් සතරක් වුවහොත් එහි පස්වන ‘ගෝත්‍රභූ’ ද, සවැන්න ‘මාර්ගද, ඉතිරි එක ‘පල’ ද වෙති’යි කියති. එය ‘සිවුවැන්න හෝ පස්වැන්න අර්පණාය, භවාංගය ආසන්න වූ හෙයින්, එයින් ඔබ්බට නොවේ’ යයි ප්‍රතික්ෂේප කරන ලද හෙයින් සාර වශයෙන් නොගතයුතුය.
එත්තාවතා ච පනෙස සොතාපන්නො නාම දුතියො අරියපුග්ගලො හොති. භුසං පමත්තොපි හුත්වා සත්තක්ඛත්තුං දෙවෙසු ච මනුස්සෙසු ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තස්ස කරණසමත්ථො හොති. ඵලපරියොසානෙ පනස්ස චිත්තං භවඞ්ගං ඔතරති, තතො භවඞ්ගං උපච්ඡින්දිත්වා මග්ගපච්චවෙක්ඛණත්ථාය උප්පජ්ජති මනොද්වාරාවජ්ජනං, තස්මිං නිරුද්ධෙ පටිපාටියා සත්ත මග්ගපච්චවෙක්ඛණජවනානීති. පුන භවඞ්ගං ඔතරිත්වා තෙනෙව නයෙන ඵලාදීනං පච්චවෙක්ඛණත්ථාය ආවජ්ජනාදීනි උප්පජ්ජන්ති. යෙසං උප්පත්තියා එස මග්ගං පච්චවෙක්ඛති, ඵලං පච්චවෙක්ඛති, පහීනකිලෙසෙ පච්චවෙක්ඛති, අවසිට්ඨකිලෙසෙ පච්චවෙක්ඛති, නිබ්බානං පච්චවෙක්ඛති.
මෙතෙකින් වනාහි මේ යෝගාවචර තෙමේ සෝතාපන්න නම් දෙවන ආර්ය පුද්ගලයා බවට පත්වේ. හේ තෙමේ බොහෝ සෙයින් පමා වූයේ වුවද, (උපරිම වශයෙන්) සත් වරක් දේව-මනුෂ්‍ය ලෝකවල ඉපිද, සැරිසරා සසරදුක් කෙළවර කරනු සමත් වේ. ඵලාවසානයෙහිදී මොහුගේ සිත භවංගයට අවතීර්ණ වේ; ඉක්බිති, භවංගය සිඳී මාර්ගප්රත්යවේක්ෂණය පිණිස මනෝද්වාරාවර්ජන චිත්තය උපදී, එය නිරුද්ධ වූ කල පිළිවෙළින් මාර්ගප්රත්යවේක්ෂණ ජවන් සිත් සතෙක් උපදී; යලිදු භවංගයට බැස එනයින්ම ඵලාදිය ප්රත්යවේක්ෂණය පිණිස ආවර්ජනාදිය උපදී. එම ආවර්ජනාදිය ඉපැදීමෙන් මේ තෙමේ මාර්ගය ප්රත්යවේක්ෂා කරයි; ඵලය ප්රත්යවේක්ෂා කරයි, ප්‍රහීණ වූ ක්ලේශයන් ප්රත්යවේක්ෂා කරයි,
සො හි “ඉමිනා වතාහං මග්ගෙන ආගතො”ති මග්ගං පච්චවෙක්ඛති, තතො “අයං මෙ ආනිසංසො ලද්ධො”ති ඵලං පච්චවෙක්ඛති. තතො “ඉමෙ නාම මෙ කිලෙසා පහීනා”ති පහීනකිලෙසෙ පච්චවෙක්ඛති. තතො “ඉමෙ නාම මෙ කිලෙසා අවසිට්ඨා”ති උපරිමග්ගත්තයවජ්ඣෙ කිලෙසෙ පච්චවෙක්ඛති. අවසානෙ ච “අයං මෙ ධම්මො ආරම්මණතො පටිවිද්ධො”ති අමතං නිබ්බානං පච්චවෙක්ඛති. ඉති සොතාපන්නස්ස අරියසාවකස්ස පඤ්ච පච්චවෙක්ඛණානි හොන්ති. යථා ච සොතාපන්නස්ස, එවං සකදාගාමිඅනාගාමීනම්පි. අරහතො පන අවසිට්ඨකිලෙසපච්චවෙක්ඛණං නාම නත්ථීති. එවං සබ්බානිපි එකූනවීසති පච්චවෙක්ඛණානි නාම.
[missing trans] ඉක්බිති ‘මාගේ මෙනම් කෙලෙස් ඉතිරිව ඇතැ’යි, මතුවට ඇති මාර්ග තුනෙන් හැරලිය යුතු කෙලෙස් ප්රත්යවේක්ෂා කරයි, අවසන්හි, ‘මවිසින් මේ ධර්මය අරමුණු වශයෙන් අවබෝධ කරන ලදැ’යි අමෘත නිර්වාණය ප්රත්යවේක්ෂා කරයි. මෙසේ සෝවාන් බවට පත් ආර්යශ්‍රාවකයාහට මේ පංචප්රත්යවේක්ෂණය වේ. සෝවාන් වූවහුට යම් සේද, සකෘදාගාමී අනාගාමීන් හටද, එසේම (ප්රත්යවේක්ෂණ පසක් බැගින්) වේ. රහතුන්හට වනාහි ඉතිරිව ඇති කෙලෙසුන් ප්රත්යවේක්ෂා කිරීමෙක් නැති; මෙසේ සියල්ල එක් වී ප්රත්යවේක්ෂණයන් එකුන් විස්සක් වේ.
උක්කට්ඨපරිච්ඡෙදොයෙව චෙසො. පහීනාවසිට්ඨකිලෙසපච්චවෙක්ඛණඤ්හි සෙක්ඛානම්පි හොති වා න වා. තස්ස හි පච්චවෙක්ඛණස්ස අභාවෙනෙව මහානාමො භගවන්තං පුච්ඡි “කොසු නාම මෙ ධම්මො අජ්ඣත්තං අප්පහීනො, යෙන මෙ එකදා ලොභධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්තී”ති (ම· නි· 1.175) සබ්බං විත්ථාරතො වෙදිතබ්බං.
මේ උපරිම පරිච්ඡේද වශයෙනි. ප්‍රහීණ වූ හා ශේෂව ඇති කෙලෙස් ප්රත්යවේක්ෂණය ශෛක්ෂ්යයන් (රහත් නොවූවන්) හටද වියහැකි හෝ නොවිය හැකි වේ; එම ප්රත්යවේක්ෂණය නොමැති වූ හෙයින්ම, මහානාම තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන්, ‘කවරනම් ස්වභාවයක් මා සිත තුළ ප්‍රහීණ නොවූයේ දෝ! ඇතැම් විටෙක ලෝභස්වභාවයන්ද මාසිත මුළුමනින් වැළඳ සිටින හෙයිනි’යි යනුවෙන් (සං. නි. සෝතාපත්ති සංයුත්ත සූත්‍රයෙහි එන පරිදි) සියල්ල විස්තර වශයෙන් දතයුතුය.