දුතියමග්ගඤාණකථා
දුතියමග්ගඤාණකථා
දුතියමග්ගඤාණකථා
එවං පච්චවෙක්ඛිත්වා පන සො සොතාපන්නො අරියසාවකො තස්මිඤ්ඤෙව වා ආසනෙ නිසින්නො, අපරෙන වා සමයෙන කාමරාගබ්යාපාදානං තනුභාවාය දුතියාය භූමියා පත්තියා යොගං කරොති. සො ඉන්ද්රියබලබොජ්ඣඞ්ගානි සමොධානෙත්වා තදෙව රූපවෙදනාසඤ්ඤාසඞ්ඛාරවිඤ්ඤාණභෙදං සඞ්ඛාරගතං අනිච්චං දුක්ඛමනත්තාති ඤාණෙන පරිමද්දති, පරිවත්තෙති, විපස්සනාවීථිං ඔගාහති. තස්සෙවං පටිපන්නස්ස වුත්තනයෙනෙව සඞ්ඛාරුපෙක්ඛාවසානෙ එකාවජ්ජනෙන අනුලොමගොත්රභුඤාණෙසු උප්පන්නෙසු ගොත්රභුඅනන්තරං සකදාගාමිමග්ගො උප්පජ්ජති. තෙන සම්පයුත්තං ඤාණං සකදාගාමිමග්ගෙ ඤාණන්ති.
සෝවාන් පෙලෙහි සිටි ඒ ආර්ය ශ්‍රාවක තෙමේ මේ ආකාරයෙන් ප්රත්යවේක්ෂා කොට හුනස්නෙහිමදී හෝ අන් කලෙක දී හෝ කාමරාග-ව්‍යාපාද යන දෙක තුනී වන දෙවන (සකෘදාගාමි) භූමියට පැමිණීම පිණිස යෝග කෙරෙයි, හේ තෙමේ ඉන්ද්රිය-බල-බොජ්ඣඞ්ගයන් ගලපමින්, රූප, වේදනා, සඤ්ඤා, සඞ්ඛාර, විඤ්ඤාණ යන එම සංස්කාරයන්ම අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි නුවණින් පිරිමදියි, ඒ මේ අත පෙරළයි, විදර්ශනා වීථියට බසියි. මෙසේ පිළිපන් ඔහුට යට කී නයින්ම සංඛාරුපෙක්ඛා ඤාණය අවසන්හි, එක් ආවර්ජනයෙන්ම අනුලෝම හා ගෝත්‍රභූ ඤාණයන් උපන් කල ගෝත්‍රභූ ඤාණයට අනතුරුව සකෘදාගාමී මාර්ගය උපදී. එම මාර්ගය හා සම්ප්‍රයුක්ත වූ ඤාණය සකෘදාගාමී මාර්ගඥානයයි.
දුතියඤාණං නිට්ඨිතං.
දෙවන ඥානයයි
තතියමග්ගඤාණකථා
තතියමග්ගඤාණකථා
ඉමස්සාපි ඤාණස්ස අනන්තරං වුත්තනයෙනෙව ඵලචිත්තානි වෙදිතබ්බානි. එත්තාවතා චෙස සකදාගාමී නාම චතුත්ථො අරියපුග්ගලො හොති සකිංදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තකරණසමත්ථො. තතො පරං පච්චවෙක්ඛණං වුත්තනයමෙව.
මේ (දෙවන) ඥානයටද අනතුරුව, කියන ලද නයින්ම, පලසිත් දතයුතුය. මෙතෙකින් වනාහි මේ යෝගී තෙමේ, එක් වරක් පමණක් මෙලොවට අවුත් සසර දුක් කෙළවර කරනු සමත් සකෘදාගාමී නම් මේ සිවුවන ආර්යපුද්ගලයා බවට පත්වේ. ඉක්බිති ප්රත්යවේක්ෂණය කී නයින්ම වේ.
එවං පච්චවෙක්ඛිත්වා ච සො සකදාගාමී අරියසාවකො තස්මිඤ්ඤෙව වා ආසනෙ නිසින්නො අපරෙන වා සමයෙන කාමරාගබ්යාපාදානං අනවසෙසප්පහානාය තතියාය භූමියා පත්තියා යොගං කරොති, සො ඉන්ද්රියබලබොජ්ඣඞ්ගානි සමොධානෙත්වා තදෙව සඞ්ඛාරගතං අනිච්චං දුක්ඛමනත්තාති ඤාණෙන පරිමද්දති, පරිවත්තෙති, විපස්සනාවීථිං ඔගාහති. තස්සෙවං පටිපන්නස්ස වුත්තනයෙනෙව සඞ්ඛාරුපෙක්ඛාවසානෙ එකාවජ්ජනෙන අනුලොමගොත්රභුඤාණෙසු උප්පන්නෙසු ගොත්රභුඅනන්තරං අනාගාමිමග්ගො උප්පජ්ජති, තෙන සම්පයුත්තං ඤාණං අනාගාමිමග්ගෙ ඤාණන්ති.
මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙමින් ඒ සකෘදාගාමී ආර්යශ්‍රාවක තෙමේ, එම අස්නෙහි හුන්වනම හෝ පසුකලෙක හෝ කාමරාග-ව්‍යාපාදයන්ගේ නිරවශේෂ ප්රහාණය වූ තෙවන (අනාගාමී) භූමියට පත්වනු පිණිස යෝග කරයි; තෙමේ ඉන්ද්රිය-බල-බොජ්ඣඞ්ගයන් ගලපමින් එම සංස්කාරයන්ම “අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි ඥානයෙන් පිරිමදියි, ඒ මේ අත පෙරළයි, විදර්ශනා වීථියට බසියි. මේ ආකාරයෙන් පිළිපන් ඔහුට යට කී නයින්ම සඞ්ඛාරුපෙක්ඛා ඤාණය අවසන්හි, එක් ආවර්ජනයෙන්ම අනුලෝම හා ගෝත්‍රභූ ඥානයන් උපන් කල ගෝත්‍රභූ ඥානයට අනතුරුව අනාගාමී මාර්ගය උපදී. එම මාර්ගය හා සම්ප්‍රයුක්ත වූ ඥානය අනාගාමී මාර්ගඥානයයි.
තතියඤාණං නිට්ඨිතං.
තුන්වන ඥානයයි.