චතුත්ථමග්ගඤාණකථා
චතුත්ථමග්ගඤාණකථා
චතුත්ථමග්ගඤාණකථා
ඉමස්සපි ඤාණස්ස අනන්තරං වුත්තනයෙනෙව ඵලචිත්තානි වෙදිතබ්බානි. එත්තාවතා චෙස අනාගාමී නාම ඡට්ඨො අරියපුග්ගලො හොති ඔපපාතිකො තත්ථපරිනිබ්බායී අනාවත්තිධම්මො පටිසන්ධිවසෙන ඉමං ලොකං පුන අනාගන්තා. තතො පරං පච්චවෙක්ඛණං වුත්තනයමෙව.
මේ ඥානයටද අනතුරුව, කී නයින්ම පලසිත් දතයුතුය. මෙතෙකින් වනාහි ඒ යෝගී තෙමේ අනාගාමී නම් සවන ආර්ය පුද්ගලයකු බවට පත් වේ; හේ තෙමේ ඕපපාතිකව එහිම (ශුද්ධාවාසයන්හි) ඉපිද එහිම පිරිනිවෙන සුලුද පෙරළා නො-එන සුලුද වූයේ, එම ලෝකයෙන් ප්රතිසන්ධි වශයෙන් මෙලොවට ආපසු නො-එන්නෙක් වේ, ඉක්බිති කී නයින්ම ප්රත්යවේක්ෂණය වේ.
එවං පච්චවෙක්ඛිත්වා ච සො අනාගාමී අරියසාවකො තස්මිඤ්ඤෙව වා ආසනෙ නිසින්නො, අපරෙන වා සමයෙන රූපාරූපරාගමානඋද්ධච්චඅවිජ්ජානං අනවසෙසප්පහානාය චතුත්ථාය භූමියා පත්තියා යොගං කරොති, සො ඉන්ද්රියබලබොජ්ඣඞ්ගානි සමොධානෙත්වා තදෙව සඞ්ඛාරගතං අනිච්චං දුක්ඛමනත්තාති ඤාණෙන පරිමද්දති, පරිවත්තෙති, විපස්සනාවීථිං ඔගාහති. තස්සෙවං පටිපන්නස්ස වුත්තනයෙනෙව සඞ්ඛාරුපෙක්ඛාවසානෙ එකාවජ්ජනෙන අනුලොමගොත්රභුඤාණෙසු උප්පන්නෙසු ගොත්රභුඅනන්තරං අරහත්තමග්ගො උප්පජ්ජති, තෙන සම්පයුත්තං ඤාණං අරහත්තමග්ගෙ ඤාණන්ති.
මේ ආකාරයෙන් ප්රත්යවේක්ෂා කරමින් ඒ අනාගාමී ආර්යශ්‍රාවක තෙමේ එම අසුනෙහි හුන්වනම හෝ පසුකලෙක හෝ රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන සංයෝජනයන්ගේ නිරවශේෂ ප්රහාණය වූ සිවුවන භූමියට පැමිණීම පිණිස යෝග කරයි හේ තෙමේ ඉන්ද්රිය-බල- බොජ්ඣඞ්ගයන් ගලපමින් එම සංස්කාරයන්ම ‘අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි ඥානයෙන් පිරිමදියි, ඒ මේ අත පෙරළයි, විදර්ශනා වීථියට බසියි. මෙසේ පිළිපන් ඔහුට යට කී නයින්ම සංඛාරුපෙක්ඛාවසානයෙහි එක් ආවර්ජනයෙන්ම අනුලෝම ගෝත්‍රභූ ඥානයන් උපන් කල්හි, ගෝත්‍රභූ ඥානයට අනතුරුව අර්හත් මාර්ගය උපදී. එය හා සම්ප්‍රයුක්ත වූ ඥානය අර්හත්ව මාර්ග ඥානයයි.
චතුත්ථඤාණං නිට්ඨිතං.
සිවුවන ඥානයයි.