යෙදුමෙන් කියවන්න

ආහුනෙය්‍යභාවාදිසිද‍්ධිකථා

ආහුනෙය්‍යභාවාදිසිද‍්ධිකථා

ආහුනෙය්යභාවාදිසිද්ධිකථා

ආහුනෙය්‍යභාවාදිසිද‍්ධීති න කෙවලඤ‍්ච නිරොධසමාපත‍්තියා සමාපජ‍්ජනසමත්‍ථතාව, අයං පන ආහුනෙය්‍යභාවාදිසිද‍්ධිපි ඉමිස‍්සා ලොකුත‍්තරපඤ‍්ඤාභාවනාය ආනිසංසොති වෙදිතබ‍්බො. අවිසෙසෙන හි චතුබ‍්බිධායපි එතිස‍්සා භාවිතත‍්තා භාවිතපඤ‍්ඤො පුග‍්ගලො සදෙවකස‍්ස ලොකස‍්ස ආහුනෙය්‍යො හොති පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලීකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස.

‘ආහුණෙය්‍යභාවාදි සිද්ධි’ (උසස් පූජෝපහාරයනට සුදුසුබව සමෘද්ධ වීම) යනු, හුදෙක් නිරෝධසමාපත්තියට සමවදිනු සමත් බව මතු නොවේ, මේ ආහුණෙය්‍යභාවාදිය ලැබීමද මෙම ලෝකෝත්තර ප්‍රඥා භාවනාවෙහි ආනිසංසය’යි දතයුතුය. අවිශේෂයෙන් (සෝවාන් ආදී) චතුර්විධ වූම මේ ලෝකෝත්තර ප්‍රඥාව වඩනා ලද හෙයින් ‘භාවිත පඤ්ඤ’ නම් වූ ආර්ය පුද්ගල තෙමේ දෙවියන් සහිත ලෝකයාහට ආහුණෙය්‍ය (දුර සිට ගෙනෙනු ලබන පූජාවනට යෝග්‍ය වේ, පාහුණෙය්‍ය (ආගන්තුක දානයට යෝග්‍ය) වේ, දක්ඛිණෙය්‍ය (පැන් වඩා දෙන දානයට යෝග්‍ය) වේ, අඤ්ජලිකරණීය (දොහොත් මුදුන් දී වඳිනු ලැබීමට යෝග්‍ය) වේ. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස (ලෝකයාහට අනුත්තර පුණ්‍ය ක්‍ෂේත්‍ර) වේ.

විසෙසතො පනෙත්‍ථ පඨමමග‍්ගපඤ‍්ඤං තාව භාවෙත්‍වා මන්‍දාය විපස‍්සනාය ආගතො මුදින්‍ද්‍රියොපි සත‍්තක‍්ඛත‍්තුපරමො නාම හොති, සත‍්තසුගතිභවෙ සංසරිත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති. මජ‍්ඣිමාය විපස‍්සනාය ආගතො මජ‍්ඣිමින්‍ද්‍රියො කොලංකොලො නාම හොති, ද‍්වෙ වා තීණි වා කුලානි සන්‍ධාවිත්‍වා සංසරිත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති. තික‍්ඛාය විපස‍්සනාය ආගතො තික‍්ඛින්‍ද්‍රියො එකබීජී නාම හොති, එකඤ‍්ඤෙව මානුසකං භවං නිබ‍්බත‍්තෙත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති.

විශේෂයෙන් වනාහි, පළමුකොට ප්‍රථම (සෝවාන්) මාර්ග ප්‍රඥාව වඩා මන්ද වූ විදර්ශනාවෙන් ආ, මෘදු වූ (ශ්‍රද්ධාදී) ඉන්‍ද්‍රියයන් ඇති ආර්ය පුද්ගල තෙමේ ‘සත්තක්ඛත්තු පරම’ නම්වේ; සුගතිභව සතෙක්හි සැරිසරා (සසර) දුක් කෙළවර කරයි. මධ්‍යම ප්‍රමාණයේ විදර්ශනායෙන් ආ, මධ්‍යම ප්‍රමාණ ඉන්‍ද්‍රිය සහිත පුද්ගල තෙමේ ‘කෝලං කෝල’ (කුලයෙන් කුලයට යන) නම් වේ; (මහාසාර) කුල දෙකක් හෝ තුනක් සැරිසරා (සසර) දුක් කෙළවර කරයි. තියුණු වූ විදර්ශනා සහිතව ආ, තියුණු ඉන්‍ද්‍රියයන් ඇති පුද්ගල තෙමේ ‘ඒක බීජී’ නම් වේ; එක්ම වරක් මිනිස් ලොව ඉපිද (සසර) දුක් කෙළවර කරයි.

දුතියමග‍්ගපඤ‍්ඤං භාවෙත්‍වා සකදාගාමී නාම හොති, සකිදෙව ඉමං ලොකං ආගන‍්ත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති.

ද්විතීය මාර්ග ප්‍රඥාව වැඩීමෙන් ‘සකෘදාගාමී’ නම් වේ, එක්ම වරක් මිනිස් ලොවට අවුත් සසර කෙළවර කරයි.

තතියමග‍්ගපඤ‍්ඤං භාවෙත්‍වා අනාගාමී නාම හොති. සො ඉන්‍ද්‍රියවෙමත‍්තතාවසෙන අන‍්තරාපරිනිබ‍්බායී, උපහච‍්චපරිනිබ‍්බායී, අසඞ‍්ඛාරපරිනිබ‍්බායී, සසඞ‍්ඛාරපරිනිබ‍්බායී, උද‍්ධංසොතො අකනිට‍්ඨගාමීති පඤ‍්චධා. ඉධ විහායනිට‍්ඨො හොති. තත්‍ථ අන‍්තරාපරිනිබ‍්බායීති යත්‍ථ කත්‍ථචි සුද‍්ධාවාසභවෙ උපපජ‍්ජිත්‍වා ආයුවෙමජ‍්ඣං අප‍්පත්‍වාව පරිනිබ‍්බායති. උපහච‍්චපරිනිබ‍්බායීති ආයුවෙමජ‍්ඣං අතික‍්කමිත්‍වා පරිනිබ‍්බායති. අසඞ‍්ඛාරපරිනිබ‍්බායීති අසඞ‍්ඛාරෙන අප‍්පයොගෙන උපරිමග‍්ගං නිබ‍්බත‍්තෙති. සසඞ‍්ඛාරපරිනිබ‍්බායීති සසඞ‍්ඛාරෙන සප‍්පයොගෙන උපරිමග‍්ගං නිබ‍්බත‍්තෙති. උද‍්ධංසොතො අකනිට‍්ඨගාමීති යත්‍ථුපපන‍්නො, තතො උද‍්ධං යාව අකනිට‍්ඨභවා ආරුය‍්හ තත්‍ථ පරිනිබ‍්බායති.

තෘතීය මාර්ග ප්‍රඥාව වඩා ‘අනාගාමී’ නම් වේ; එම ආර්යපුද්ගල තෙමේ ඉන්‍ද්‍රියයන්ගේ විෂම ප්‍රමාණ වීම් (අඩු-වැඩිවීම්) වශයෙන් ‘අන්තරා පරිනිබ්බායි’, උපහච්ච පරිනිබ්බායී, අසඞ්ඛාර පරිනිබ්බායී, සසඞ්ඛාර පරිනිබ්බායී, උද්ධංසෝත අකණිට්ඨගාමීය’යි පස් ආකාරයෙකින් මේ සසර හැරපියා අවසන් වෙයි. එහි, ‘අන්තරාපරිනිබ්බායී’ නම් පුද්ගල තෙමේ කිසියම් ශ්‍රද්ධාවාස භවයෙහි ඉපිද, එහි ආයු ප්‍රමාණයෙන් අඩකට නොපැමිණම පිරිනිවන් පායි; ‘උපහච්ච පරිනිබ්බායී’ පුද්ගල තෙමේ ආයු ප්‍රමාණයෙන් අඩක් ඉක්මවා පිරිනිවෙයි; ‘අසඞ්ඛාර පරිනිබ්බායි’ යනු, අනෙකකුගේ මෙහෙයවීමක් නැතිව නිරුත්සාහයෙන්ම මතු (අර්හන්) මාර්ගය උපදවයි; ‘සසඞ්ඛාර පරිනිබ්බායී’ යනු, මෙහෙයවීමක් ඇතිව උත්සාහයෙන් මතු (අර්හන්) මාර්ගය උපදවයි; ‘උද්ධංසෝත අකණිට්ඨගාමී’ යනු, කිසියම් ශුද්ධාවාස භවයෙක්හි ඉපිද, එතැන් සිට අකණිෂ්ට භවය තෙක් ඉහළට නැඟ එහිදී පිරිනිවන්පායි, යන අර්ත්‍ථයි.

චතුත්‍ථමග‍්ගපඤ‍්ඤං භාවෙත්‍වා කොචි සද‍්ධාවිමුත‍්තො හොති, කොචි පඤ‍්ඤාවිමුත‍්තො හොති, කොචි උභතොභාගවිමුත‍්තො හොති, කොචි තෙවිජ‍්ජො, කොචි ඡළභිඤ‍්ඤො, කොචි පටිසම‍්භිදප‍්පභෙදප‍්පත‍්තො මහාඛීණාසවො. යං සන්‍ධාය වුත‍්තං “මග‍්ගක‍්ඛණෙ පනෙස තං ජටං විජටෙති නාම . ඵලක‍්ඛණෙ විජටිතජටො සදෙවකස‍්ස ලොකස‍්ස අග‍්ගදක‍්ඛිණෙය්‍යො හොතී”ති.

සිවුවන (අර්හන්) මාර්ග ප්‍රඥාව වඩා කිසිවෙක් ‘සද්ධා විමුත්ත’ වෙති, කිසිවෙක් ‘පඤ්ඤාවිමුත්ත’ද, කිසිවෙක් ‘උභතොභාග විමුත්ත’ද වෙති. කිසිවෙක් ‘තේවිජ්ජ’ (ත්‍රිවිද්‍යාවෙන් සමන්විත) ද, කිසිවෙක් ජලභිඤ්ඤා (ෂඩ් අභිඥාවෙන් සමන්විත) ද වෙති; කිසිවෙක් පටිසම්භිදා විශේෂයනට පත් මහා ක්‍ෂීණාශ්‍රව වෙති. එම ක්‍ෂීණාශ්‍රවයන් සඳහා, “හේ තෙමේ වනාහි මාර්ග ක්‍ෂණයෙහිදී ඒ තෘෂ්ණා ජටාව ලිහාලයි; ඵලක්‍ෂණයෙහිදී ලිහාලූ ජටා ඇත්තේ දෙවියන් සහිත ලෝකයාට අග්‍රදක්‍ෂිණාර්හ බවට පත් වන්නේය’යි (මෙහි නිදාන කථාවෙහි) කියන ලදි.

එවං අනෙකානිසංසා, අරියපඤ‍්ඤාය භාවනා; යස‍්මා තස‍්මා කරෙය්‍යාථ, රතිං තත්‍ථ විචක‍්ඛණො.

එවං අනෙකානිසංසා අරියපඤ්ඤාය භාවනා යස්මා තස්මා කරෙය්‍යාථ රතිං තත්‍ථ විචක්‍ඛණො

මෙසේ, යම්හෙයකින් ආර්ය මාර්ග ප්‍රඥා භාවනාව අනේක වූ ආනිසංස ඇත්තේ වේද, එහෙයින් නුවණැත්තේ එහි ඇලුම් කරන්නේය.

එත‍්තාවතා ච –

මෙතෙකින්;

සීලෙ පතිට‍්ඨාය නරො සපඤ‍්ඤො, චිත‍්තං පඤ‍්ඤඤ‍්ච භාවයං; ආතාපී නිපකො භික‍්ඛු, සො ඉමං විජටයෙ ජටන‍්ති. –

“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤඤ්ච භාවයං ආතාපී නිපකො භික්‍ඛු සො ඉමං විජටයෙ ජටං’’

ඉමිස‍්සා ගාථාය සීලසමාධිපඤ‍්ඤාමුඛෙන දෙසිතෙ විසුද‍්ධිමග‍්ගෙ සානිසංසා පඤ‍්ඤාභාවනා පරිදීපිතා හොතීති.

යන මේ ගාථායෙහි ශීල, සමාධි, ප්‍රඥා වශයෙන් දේශනා කරන ලද විශුද්ධි මාර්ගයෙහි, ආනිසංස සහිත වූ ප්‍රඥා (විදර්ශනා) භාවනාව විස්තර කරන ලද්දේ වේ.

ඉති සාධුජනපාමොජ‍්ජත්‍ථාය කතෙ විසුද‍්ධිමග‍්ගෙ පඤ‍්ඤාභාවනාධිකාරෙ පඤ‍්ඤාභාවනානිසංසනිද‍්දෙසො නාම තෙවීසතිමො පරිච‍්ඡෙදො.

සාධුජන ප්‍රමෝදය සඳහා කරන ලද විශුද්ධි මාර්ගයෙහි, පඤ්ඤාභාවනාධිකාරයෙහි, පඤ්ඤාභාවනානිසංස නිද්දේස නම්වූ තෙවිසිවන පරිච්ඡේදය මෙතෙකින් නිමියේයි.