නිරොධසමාපත්තිකථා
නිරොධසමාපත්තිකථා
නිරොධසමාපත්තිකථා
නිරොධසමාපත්තිසමාපජ්ජනසමත්ථතාති න කෙවලඤ්ච අරියඵලරසානුභවනංයෙව, අයං පන නිරොධසමාපත්තියා සමාපජ්ජනසමත්ථතාපි ඉමිස්සා පඤ්ඤාභාවනාය ආනිසංසොති වෙදිතබ්බො.
“නිරෝධ සමාපත්තියට සමවැදීමේ කුශලතාව” (නිරෝධ සමාපත්ති සමාපජ්ජන සමත්ථතා) යනු, හුදෙක් ආර්යඵල රසානුභවනය මතු නොවේ; නිරෝධ සමාපත්තියට සමවැදීමේ සමත් බවද මේ ප්‍රඥා භාවනාවෙහි අනුසස් වශයෙන් දතයුතුය.
තත්රිදං නිරොධසමාපත්තියා විභාවනත්ථං පඤ්හාකම්මං – කා නිරොධසමාපත්ති, කෙ තං සමාපජ්ජන්ති, කෙ න සමාපජ්ජන්ති, කත්ථ සමාපජ්ජන්ති, කස්මා සමාපජ්ජන්ති, කථඤ්චස්සා සමාපජ්ජනං හොති, කථං ඨානං, කථං වුට්ඨානං, වුට්ඨිතස්ස කිංනින්නං චිත්තං හොති, මතස්ස ච සමාපන්නස්ස ච කො විසෙසො, නිරොධසමාපත්ති කිං සඞ්ඛතා අසඞ්ඛතා ලොකියා ලොකුත්තරා නිප්ඵන්නා අනිප්ඵන්නාති?
එහිලා, නිරෝධසමාපත්තිය විස්තර කරනු සඳහා මේ ප්‍රශ්න කිරීමයි:- ‘නිරෝධ සමාපත්ති’ යනු කිමෙක්ද? කවරෙක් එයට සමවදිත්ද? කවරෙක් නොසම වදිත්ද? කොතැනෙක සමවදිත්ද? කවර හෙයින් සමවදිත්ද? එයට සමවැදීම කෙසේවේද? එහි සිටීම කෙසේ වේද? එයින් නැඟීම කෙසේ වේද? නැඟුණහුගේ සිත කුමක් වෙත නැඹුරු වේද? මළහුගේ හා සමවන්නහුගේ විශේෂය (වෙනස) කිමෙක්ද? නිරෝධ සමාපත්තිය සංඛතද? අසංඛතද? ලෞකිකද? ලෝකෝත්තරද? නිෂ්පන්නද? අනිෂ්පන්නද?
තත්ථ කා නිරොධසමාපත්තීති යා අනුපුබ්බනිරොධවසෙන චිත්තචෙතසිකානං ධම්මානං අප්පවත්ති. කෙ තං සමාපජ්ජන්ති, කෙ න සමාපජ්ජන්තීති සබ්බෙපි පුථුජ්ජනා, සොතාපන්නා, සකදාගාමිනො, සුක්ඛවිපස්සකා ච අනාගාමිනො, අරහන්තො න සමාපජ්ජන්ති. අට්ඨසමාපත්තිලාභිනො පන අනාගාමිනො, ඛීණාසවා ච සමාපජ්ජන්ති. “ද්වීහි බලෙහි සමන්නාගතත්තා , තයො ච සඞ්ඛාරානං පටිප්පස්සද්ධියා, සොළසහි ඤාණචරියාහි, නවහි සමාධිචරියාහි වසීභාවතා පඤ්ඤා නිරොධසමාපත්තියා ඤාණ”න්ති (පටි· ම· මාතිකා 1.34) හි වුත්තං. අයඤ්ච සම්පදා ඨපෙත්වා අට්ඨසමාපත්තිලාභිනො අනාගාමිඛීණාසවෙ අඤ්ඤෙසං නත්ථි. තස්මා තෙයෙව සමාපජ්ජන්ති, න අඤ්ඤෙ.
එහි, ‘නිරෝධ සමාපත්ති’ යනු කවරේද යත්:- ප්රතිපක්ෂ ධර්මයන් පිළිවෙළින් නිරුද්ධ කිරීම් වශයෙන් චිත්ත-චෙතසික-ධර්මයන්ගේ නොපැවැත්ම (නිෂ්ක්‍රීය වීම)යි. කවරෙක් එයට සමවදිත්ද? කවරෙක් නොසමවදිත්ද යත්:- පෘථග්ජනයෝද, ශ්රෝතාපන්නයෝද සකෘදාගාමීහුද, ශුෂ්ක විදර්ශක වූ අනාගාමීහු හා අර්හත්හුද යන සියල්ලෝම නොසමවදිත්, අෂ්ටසමාපත්තිලාභී වූ අනාගාමීහු හා ක්ෂීණාශ්රවයෝ සමවදිත්. “සමථබල- විදර්‍ශනාබල යන දෙකින්ම සමන්විත වූ හෙයින් (කාය, වචී, චිත්ත යන) ත්‍රිවිධ සංස්කාරයන් සන්සිඳුවීමෙන් (මෙහි මතු දැක්වෙන අනිච්චානුපස්සනාදී) ඤාණ චරියා සොළොසකින්ද, (ප්‍රථම ධ්‍යානාදී) සමාධිචරියා නවයෙකින්ද වශීභාවයට පත් ‘ප්‍රඥාව’ නිරෝධ සමාපත්තිය පිළිබඳ ඥානයයි” කියන ලදි. මේ සම්පදාව අෂ්ටසමාපත්ති ලාභී අනාගාමී, ක්ෂීණාශ්රව යන මොවුනට මිස අන්‍යයනට නැත. එහෙයින් ඔවුන්ම මිස අන්‍යයෝ එයට නොසමවදිති.
කතමානි පනෙත්ථ ද්වෙ බලානි…පෙ… කතමා වසීභාවතාති? න එත්ථ කිඤ්චි අම්හෙහි වත්තබ්බං අත්ථි. සබ්බමිදං එතස්ස උද්දෙසස්ස නිද්දෙසෙ වුත්තමෙව. යථාහ –
මෙහි (සඳහන් කළ) බල දෙක කවරේද? -පෙ- (සංස්කාර තුන, ඤාණ චරියා සොළොස, සමාධි චරියා නවය) -පෙ- වසීභාවතා පඤ්ඤා යනු කිමෙක්ද යත්:- මෙහිලා අප විසින් කිවයුතු කිසිවක් නොමැත; මේ සියල්ල මෙහි ඉහත කී (ද්වීහි බලෙහි සමන්නාගතතත්තා යන ආදී) උද්දේසය විස්තර කිරීමෙහිදී කියන ලද්දේමය. යම්සේ කීහුද:-
“ද්වීහි බලෙහීති ද්වෙ බලානි සමථබලං විපස්සනාබලං. කතමං සමථබලං? නෙක්ඛම්මවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමථබලං. අබ්යාපාදවසෙන… ආලොකසඤ්ඤාවසෙන… අවික්ඛෙපවසෙන…පෙ… පටිනිස්සග්ගානුපස්සිඅස්සාසවසෙන… පටිනිස්සග්ගානුපස්සිපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමථබලන්ති. කෙනට්ඨෙන සමථබලං? පඨමජ්ඣානෙන නීවරණෙ න කම්පතීති සමථබලං. දුතියජ්ඣානෙන විතක්කවිචාරෙ…පෙ… නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාය න කම්පතීති සමථබලං. උද්ධච්චෙ ච උද්ධච්චසහගතකිලෙසෙ ච ඛන්ධෙ ච න කම්පති න චලති න වෙධතීති සමථබලං. ඉදං සමථබලං.
බල දෙකින් (ද්වීහි බලෙහි) යනු, සමථ බලය, විපස්සනා බලයයි බල දෙකෙකි; එහි සමථබලය යනු කිමෙක්ද යත් නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිතෙහි ඒකාග්‍රතාව, නොවිසිරුණ ස්වභාවය සමථබලයයි, අව්‍යපාද වශයෙන් -පෙ-, ආලෝක සංඥා වශයෙන් -පෙ-, මිථ්‍යා විතර්ක දුරලීම් අනුව දක්නා ආශ්වාස වශයෙන් -පෙ- මිථ්යාවිතර්ක දුරලීම් දක්වා ප්‍රශ්වාස වශයෙන් සිතෙහි ඒකාග්‍රතාව, අවික්‍ෂේපය සමථ බලයයි. සමථය බලයක් වනුයේ කවර අරුතෙන්ද යත්:- ප්‍රථමධ්‍යාන හේතුවෙන් නීවරණ විෂයයෙහි නොසැලෙති’යි යන අරුතින් සමථය බලයක් වේ, ද්විතීය ධ්‍යාන හේතුවෙන් විතක්ක - විචාර විෂයයෙහි -පෙ- නේවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්ති හේතුවෙන් ආකිඤ්චඤ්ඤායතන සංඥා විෂයයෙහි නොසැලෙති’යි යන අරුතින් සමථය බලයක් වේ, උද්ධච්ච විෂයයෙහිද, උද්ධච්ච සහගත කෙලෙසුන් විෂයයෙහිද, ස්කන්ධ විෂයයෙහිද, කම්පා නොවෙති’යි, නොසැලෙති’යි, නොවෙවුලති’යි යන අරුතින් සමථය බලයක් වේ. මේ සමථ බලයයි.
“කතමං විපස්සනාබලං? අනිච්චානුපස්සනා විපස්සනාබලං. දුක්ඛානුපස්සනා… අනත්තානුපස්සනා… නිබ්බිදානුපස්සනා… විරාගානුපස්සනා… නිරොධානුපස්සනා… පටිනිස්සග්ගානුපස්සනා විපස්සනාබලං. රූපෙ අනිච්චානුපස්සනා…පෙ… රූපෙ පටිනිස්සග්ගානුපස්සනා විපස්සනාබලං. වෙදනාය… සඤ්ඤාය… සඞ්ඛාරෙසු… විඤ්ඤාණෙ… චක්ඛුස්මිං…පෙ… ජරාමරණෙ අනිච්චානුපස්සනා. ජරාමරණෙ පටිනිස්සග්ගානුපස්සනා විපස්සනාබලන්ති. කෙනට්ඨෙන විපස්සනාබලං? අනිච්චානුපස්සනාය නිච්චසඤ්ඤාය න කම්පතීති විපස්සනාබලං. දුක්ඛානුපස්සනාය සුඛසඤ්ඤාය න කම්පතීති… අනත්තානුපස්සනාය අත්තසඤ්ඤාය න කම්පතීති… නිබ්බිදානුපස්සනාය නන්දියා න කම්පතීති… විරාගානුපස්සනාය රාගෙ න කම්පතීති… නිරොධානුපස්සනාය සමුදයෙ න කම්පතීති… පටිනිස්සග්ගානුපස්සනාය ආදානෙ න කම්පතීති විපස්සනාබලං. අවිජ්ජාය ච අවිජ්ජාසහගතකිලෙසෙ ච ඛන්ධෙ ච න කම්පති න චලති න වෙධතීති විපස්සනාබලං. ඉදං විපස්සනාබලං.
විපස්සනා බලය යනු කිමෙක්ද යත්:- අනිච්චානුපස්සනාව විපස්සනා බලයයි, දුක්ඛානුපස්සනාව -පෙ- අනත්තානුපස්සනාව -පෙ-, නිබ්බිදානුපස්සනාව -පෙ- විරාගානුපස්සනාව -පෙ- නිරෝධානුපස්සනාව -පෙ-, පටිනිස්සග්ගානු පස්සනාව විපස්සනා බලයයි. රූපස්කන්ධ විෂයයෙහි අනිච්චානුපස්සනාව -පෙ- රූපස්කන්ධ විෂයයෙහි පටිනිස්සග්ගානු පස්සනාව විපස්සනා බලයයි. වේදනා විෂයයෙහි -පෙ- සඤ්ඤා විෂයයෙහි -පෙ- සංඛාර විෂයයෙහි -පෙ- විඤ්ඤාණ විෂයයෙහි -පෙ- චක්ඛු විෂයයෙහි -පෙ- ජරාමරණ විෂයයෙහි අනිච්චානුපස්සනාව -පෙ- ජරාමරණවිෂයයෙහි පටිනිස්සග්ගානුපස්සනාව විපස්සනා බලයයි. විපස්සනාව බලයක් වනුයේ කවර අරුතෙකින්ද යත්:- අනිච්චානුපස්සනා හේතුවෙන් නිච්ච සඤ්ඤා විෂයයෙහි නො-සැලෙති’යි යන අරුතින් විපස්සනාව බලයක් වේ, දුක්ඛානුපස්සනා හේතුවෙන් සුඛ සඤ්ඤා විෂයයෙහි නොසැලෙති’යි -පෙ-, අනත්තානුපස්සනා හේතුවෙන් අත්ත සඤ්ඤා විෂයයෙහි නොසැලෙති’යි -පෙ- නිබ්බිදානුපස්සනා හේතුවෙන් නන්දිරාග විෂයයෙහි නොසැලෙති’යි -පෙ- විරාගානුපස්සනා හේතුවෙන් රාග විෂයයෙහි නොසැලෙති’යි -පෙ- නිරෝධානුපස්සනා හේතුවෙන් සමුදය විෂයයෙහි නොසැලෙති’යි -පෙ-, පටිනිස්සග්ගානුපස්සනා හේතුවෙන් ආදාන විෂයයෙහි නො-සැලෙති’යි යන අරුතින් විපස්සනාව බලයක් වේ; අවිද්‍යා විෂයයෙහිද අවිද්‍යා සහගත ක්ලේශ විෂයයෙහිද, ස්කන්ධ විෂයයෙහිද සසල නොවෙති’යි නොසැලෙති’යි, නොවෙවුලති’යි යන අරුතින් විපස්සනාව බලයක් වේ. මේ විපස්සනා බලයයි.
“තයො ච සඞ්ඛාරානං පටිප්පස්සද්ධියාති කතමෙසං තිණ්ණන්නං සඞ්ඛාරානං පටිප්පස්සද්ධියා? දුතියජ්ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා වචීසඞ්ඛාරා පටිප්පස්සද්ධා හොන්ති. චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාසා කායසඞ්ඛාරා පටිප්පස්සද්ධා හොන්ති. සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරා පටිප්පස්සද්ධා හොන්ති. ඉමෙසං තිණ්ණන්නං සඞ්ඛාරානං පටිප්පස්සද්ධියා.
ත්‍රිවිධ සංස්කාරයන් සන්සිඳුවීමෙන් (තිණ්ණං සංඛාරානං පටිප්පස්සද්ධියා) යන මෙහි, කවර නම් සංස්කාරත්රයයක් සන්සිඳුවීමද යත්:- ද්විතීය ධ්‍යානයට සමවන්නහුගේ විතක්ක-විචාරයනට අයත් වචී සංඛාරයෝ සන්සිඳුවන ලද්දාහු වෙති; චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නහුගේ ආශ්වාස-ප්රශ්වාසයනට අයත් කායසංඛාරයෝ සන්සිඳුවන ලද්දාහු වෙති; සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්නහුගේ සඤ්ඤා, වේදනා යන චිත්ත සංඛාරයෝ සංසිඳුවන ලද්දාහු වෙති. මේ ත්‍රිවිධ සංස්කාරයන් සන්සිඳුවීමෙනි.
“සොළසහි ඤාණචරියාහීති කතමාහි සොළසහි ඤාණචරියාහි? අනිච්චානුපස්සනා ඤාණචරියා. දුක්ඛා… අනත්තා… නිබ්බිදා… විරාගා… නිරොධා… පටිනිස්සග්ගා… විවට්ටානුපස්සනා ඤාණචරියා. සොතාපත්තිමග්ගො ඤාණචරියා. සොතාපත්තිඵලසමාපත්ති ඤාණචරියා. සකදාගාමිමග්ගො…පෙ… අරහත්තඵලසමාපත්ති ඤාණචරියා. ඉමාහි සොළසහි ඤාණචරියාහි.
ඤාණචරියා සොළොසෙකින්ද (සොළසහි ඤාණ චරියාහි) යන මෙහි කවර නම් ඤාණචරියා සොළොසෙකින්ද යත්:- අනිච්චානුපස්සනා ඤාණචරියා, දුක්ඛ-පෙ-, අනන්ත -පෙ-, නිබ්බිදා -පෙ, විරාග -පෙ-, නිරෝධ -පෙ-, පටිනිස්සග්ග -පෙ-, විවට්ටානුපස්සනා ඤාණචරියා, සෝතාපත්ති මග්ග ඤාණචරියා, සෝතාපත්තිඵල සමාපත්ති -පෙ-, සකදාගාමී මග්ග -පෙ-, සකදාගාමි මග්ග -පෙ- අරහත් ඵල සමාපත්ති ඤාණචරියා යන මේ ඤාණචරියා සොළොසෙනි.
“නවහි සමාධිචරියාහීති කතමාහි නවහි සමාධිචරියාහි? පඨමජ්ඣානං සමාධිචරියා. දුතියජ්ඣානං…පෙ… නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති සමාධිචරියා. පඨමජ්ඣානපටිලාභත්ථාය විතක්කො ච විචාරො ච පීති ච සුඛඤ්ච චිත්තෙකග්ගතා ච…පෙ… නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං පටිලාභත්ථාය විතක්කො ච විචාරො ච පීති ච සුඛඤ්ච චිත්තෙකග්ගතා ච. ඉමාහි නවහි සමාධිචරියාහි.
සමාධිචරියා නවයෙකින්ද (නවහි සමාධි චරියාහි) යන මෙහි, කවර නම් සමාධිචරියා නවයෙකින්ද යත්:- ප්‍රථම ධ්‍යාන සමාධි චරිය, ද්විතීය ධ්‍යාන -පෙ-, නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති සමාධිචරියා හා ප්‍රථම ධ්‍යාන ප්‍රතිලාභය සඳහා විතක්ක විචාර - පීති - සුඛ - ඒකග්ගතා යන මොහුද -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති ප්‍රතිලාභය සඳහා විතක්ක - විචාර - පීති - සුඛ - ඒකග්ගතා යන මොහුදැ’යි යන මේ සමාධිචරියා නවයෙනි.
“වසීති පඤ්ච වසියො – ආවජ්ජනවසී, සමාපජ්ජනවසී, අධිට්ඨානවසී, වුට්ඨානවසී, පච්චවෙක්ඛණවසී. පඨමජ්ඣානං යත්ථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං ආවජ්ජති, ආවජ්ජනාය දන්ධායිතත්තං නත්ථීති ආවජ්ජනවසී. පඨමජ්ඣානං යත්ථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං සමාපජ්ජති, සමාපජ්ජනාය දන්ධායිතත්තං නත්ථීති සමාපජ්ජනවසී…පෙ… අධිට්ඨාති අධිට්ඨානෙ…පෙ… වුට්ඨාති වුට්ඨානෙ…පෙ… පච්චවෙක්ඛති පච්චවෙක්ඛණාය දන්ධායිතත්තං නත්ථීති පච්චවෙක්ඛණවසී. දුතියං…පෙ… නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං යත්ථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං ආවජ්ජති …පෙ… පච්චවෙක්ඛති. පච්චවෙක්ඛණාය දන්ධායිතත්තං නත්ථීති පච්චවෙක්ඛණවසී. ඉමා පඤ්ච වසියො”ති (පටි· ම· 1.83).
‘වසී’ යනු, ආවජ්ජන වසී, සමාපජ්ජන වසී, අධිට්ඨානවසී, වුට්ඨානවසී, පච්චවෙක්ඛන වසී යන පඤ්ච වසීයයි. ප්‍රථම ධ්‍යානය කැමැති තැනෙක, කැමැති කලෙක, කැමැති තාක් කල් ආවර්ජනය කෙරෙති’යි ආවර්ජනයෙහි නුහුරු-නුබුහුටි බවක් නැතැ’යි යනු ආවජ්ජන වසියයි; ප්‍රථමධ්‍යානය කැමැති තැනෙක, කැමැති කලෙක, කැමැති තාක්කල් සමවදිති’යි සමවැදීමෙහි නුහුරු-නුබුහුටි බවක් නැතැ’යි යනු සමාපජ්ජන වසීයයි; -පෙ- අධිෂ්ඨාන කෙරෙතියි, අධිෂ්ඨානයෙහි -පෙ- නැඟෙති’යි, නැඟිමෙහි -පෙ- මෙනෙහි කෙරෙති’යි, මෙනෙහි කිරීමෙහි නුහුරු-නුබුහුටි බවක් නැතැ’යි යනු පච්චවෙක්ඛන වසියයි. ද්විතීය ධ්‍යානය -පෙ- නේවසඤ්ඤායතන සමාපත්තිය කැමැති තැනෙක, කැමැති කලෙක, කැමැති තාක් කල් ආවර්ජනය කෙරෙති’යි -පෙ- මෙනෙහි කෙරෙති’යි, මෙනෙහි කිරීමෙහි නුහුරු-නුබුහුටි බවක් නැතැ’යි යනු පච්චවෙක්ඛන වසීයයි. මේ පංචවසියයි.
එත්ථ ච “සොළසහි ඤාණචරියාහී”ති උක්කට්ඨනිද්දෙසො එස. අනාගාමිනො පන චුද්දසහි ඤාණචරියාහි හොති. යදි එවං සකදාගාමිනො ද්වාදසහි සොතාපන්නස්ස ච දසහි කිං න හොතීති? න හොති, සමාධිපාරිබන්ධිකස්ස පඤ්ච කාමගුණිකරාගස්ස අප්පහීනත්තා. තෙසං හි සො අප්පහීනො. තස්මා සමථබලං න පරිපුණ්ණං හොති, තස්මිං අපරිපූරෙ ද්වීහි බලෙහි සමාපජ්ජිතබ්බං නිරොධසමාපත්තිං බලවෙකල්ලෙන සමාපජ්ජිතුං න සක්කොන්ති. අනාගාමිස්ස පන සො පහීනො, තස්මා එස පරිපුණ්ණබලො හොති. පරිපුණ්ණබලත්තා සක්කොති. තෙනාහ භගවා – “නිරොධා වුට්ඨහන්තස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතනකුසලං ඵලසමාපත්තියා අනන්තරපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.417). ඉදඤ්හි පට්ඨානෙ මහාපකරණෙ අනාගාමිනොව නිරොධා වුට්ඨානං සන්ධාය වුත්තන්ති.
මෙහි, ‘සොළසහි ඤාණ චරියාහි’ (සොළොස් ඤාණ චරියාවෙන්) යන මෙය උඩත් පිරිසෙයින් දැක්වීමයි; අනාගාමීනට වනාහි (අර්හත් මාර්ග, අර්හත් ඵලසමාප්ති යන දෙක හැර) ඤාණචරියා තුදුසෙකින් වසීභාවය වේ. එසේ නම් සකෘදාගාමීනට දොළොසෙකින්ද ශෝතාපන්නයනට දසයෙකින්ද (වසීභාවය) නොවන්නේද? නොවේ, සමාධියට හානිකර වූ පංචකාම ගුණික රාගය ප්‍රහීණ නොකළ හෙයිනි; ඔවුන්ගේ වනාහි ඒ කාමරාගය ප්‍රහීණ වූයේ නොවේ, එහෙයින් සමථ බලය අපරිපූර්ණ වේ, එය අපරිපූර්ණ වූ කල බල දෙකින් සමවැදිය යුතු නිරෝධසමාපත්තිය එම බල විකලත්වය හේතු කොට ගෙන සමවදිනු නොහැකි වේ; අනාගාමීන්ගේ වනාහි එම කාමරාගය ප්‍රහීණ වූ හෙයින් එම සමථ බලය පරිපූර්ණය, පරිපූර්ණ බල ඇති හෙයින් (සමවදිනු) හැකි වේ. එහෙයින් කීහ භාග්‍යවතුන් වහන්සේ:- “නිරෝධ සමාපත්තියෙන් නැඟෙන්නහුට නේවසඤ්ඤානාසඤ්ඤායතන කුශල චිත්තය ඵලසමාපත්තියට අනන්තර ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ” යනුවෙනි. “නිරෝධා වුට්ඨහන්තස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසලං ඵලසමාපත්තියා අනත්තරපච්චයෙන පච්චයො” යන මෙය පට්ඨාන මහාප්රකරණයෙහි අනාගාමීහුගේම නිරෝධ සමාපත්තියෙන් නැඟීම අරබයා කියන ලදි.
කත්ථ සමාපජ්ජන්තීති පඤ්චවොකාරභවෙ. කස්මා? අනුපුබ්බසමාපත්තිසබ්භාවතො. චතුවොකාරභවෙ පන පඨමජ්ඣානාදීනං උප්පත්ති නත්ථි. තස්මා න සක්කා තත්ථ සමාපජ්ජිතුන්ති. කෙචි පන “වත්ථුස්ස අභාවා”ති වදන්ති.
කොතැනෙක්හි සමවදිත්ද (කත්ථ සමාපජ්ජත්ති?) පඤ්චවෝකාර භාවයෙහිය; කවර හෙයින්ද? සමාපත්ති සම්භවය අනුපිළිවෙළින් වන හෙයිනි. චතුවෝකාර භවයෙහි (අරූප භවයෙහි) වනාහි ප්රථමධ්යානාදීන්ගේ උපතක් නැත, එහෙයින් එහි සමවදිනු නොහැකිය. ඇතැමෙක් වනාහි වස්තුරූපයක් නොමැති හෙයිනැ’යි කියති.
කස්මා සමාපජ්ජන්තීති සඞ්ඛාරානං පවත්තිභෙදෙ උක්කණ්ඨිත්වා දිට්ඨෙව ධම්මෙ අචිත්තකා හුත්වා “නිරොධං නිබ්බානං පත්වා සුඛං විහරිස්සාමා”ති සමාපජ්ජන්ති.
කවර හෙයින් සමවදිත්ද? (කස්මා සමාපජ්ජන්ති?) සංස්කාරයන්ගේ (උදය-ව්‍යය ආදී වශයෙන්) විකාර ප්‍රවෘත්තීන් (වෙනස් පැවතුම්) කෙරෙහි කලකිරීමෙන් ආත්මභාවය පැවතියදීම, “අචිත්තක (සිත නැති) ව නිරෝධ සංඛ්‍යාත නිර්වාණයට පැමිණ සුඛ විහරණය කරන්නමෝය”යි සමවදිති.
කථඤ්චස්සා සමාපජ්ජනං හොතීති සමථවිපස්සනාවසෙන උස්සක්කිත්වා කතපුබ්බකිච්චස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නිරොධයතො, එවමස්ස සමාපජ්ජනං හොති. යො හි සමථවසෙනෙව උස්සක්කති, සො නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං පත්වා තිට්ඨති. යො පන විපස්සනාවසෙනෙව උස්සක්කති, සො ඵලසමාපත්තිං පත්වා තිට්ඨති. යො පන උභයවසෙනෙව උස්සක්කිත්වා පුබ්බකිච්චං කත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නිරොධෙති, සො තං සමාපජ්ජතීති අයමෙත්ථ සඞ්ඛෙපො.
එයට සමවැදීම කෙසේ සිදුවේද? (කථඤ්චස්සා සමාපජ්ජනං හොති?) සමථ විපස්සනා වශයෙන් උත්සාහ කිරීමෙන් පූර්වකෘත්යයන් සම්පූර්ණ කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉකුත් කරන යෝගාවචරයාහට මෙසේ මේ නිරෝධසමාපත්ති සමාපජ්ජනය සිදුවේ. යමෙක් වනාහි හුදෙක් සමථ වශයෙන්ම උත්සාහ කෙරෙත්ද, ඔහු නේවසඤ්ඤා නාසඤ්ඤා සමාපත්තියට පැමිණ සිටිත්, යමෙක් හුදෙක් විදර්ශනා වශයෙන්ම උත්සාහ කෙරෙත්ද, ඔහු ඵල සමාපත්තියට පැමිණ සිටිත්; යමෙක් වනාහි උභය වශයෙන් උත්සාහ කිරීමෙන් පූර්ව කෘත්‍යයන් සම්පූර්ණ කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිරුද්ධ කෙරෙත්ද, ඔහු එයට (නිරෝධ සමාපත්තියට) සමවදිති”යි යනු මෙහි සංක්ෂේපයයි.
අයං පන විත්ථාරො – ඉධ භික්ඛු නිරොධං සමාපජ්ජිතුකාමො කතභත්තකිච්චො සුධොතහත්ථපාදො විවිත්තෙ ඔකාසෙ සුපඤ්ඤත්තම්හි ආසනෙ නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සො පඨමං ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය තත්ථ සඞ්ඛාරෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති.
විස්තරය මෙසේයි:- මේ ශාසනයෙහි, නිරෝධයට සමවදිනු කැමැති භික්ෂු තෙමේ බත්කිස නිම කොට, අතපය මැනවින් සෝදාගෙන විවේක ස්ථානයෙක මොනවට පැනවූ අස්නෙක පලඟ බැඳ, කය ඍජුව පිහිටුවාගෙන, කර්මස්ථානයට අභිමුඛව සිහිය එළවාගෙන හිඳියි; ඒ භික්ෂු තෙමේ ප්‍රථම ධ්‍යානයට සමවැද, එයින් නැඟී එහි ඇති සංස්කාරයන් අනිත්‍ය වශයෙන්, දුඃඛ වශයෙන් හා අනාත්ම වශයෙන් විදර්ශනා කරයි.
විපස්සනා පනෙසා තිවිධා හොති – සඞ්ඛාරපරිගණ්හනකවිපස්සනා, ඵලසමාපත්තිවිපස්සනා, නිරොධසමාපත්තිවිපස්සනාති. තත්ථ සඞ්ඛාරපරිගණ්හනකවිපස්සනා මන්දා වා හොතු තික්ඛා වා, මග්ගස්ස පදට්ඨානං හොතියෙව. ඵලසමාපත්තිවිපස්සනා තික්ඛාව වට්ටති මග්ගභාවනාසදිසා. නිරොධසමාපත්තිවිපස්සනා පන නාතිමන්දනාතිතික්ඛා වට්ටති. තස්මා එස නාතිමන්දාය නාතිතික්ඛාය විපස්සනාය තෙ සඞ්ඛාරෙ විපස්සති.
මේ විදර්ශනාව වනාහි සංඛාර පරිග්ගණ්හනක විපස්සනාය, ඵලසමාපත්ති විපස්සනාය, නිරෝධසමාපත්ති විපස්සනායයි ත්‍රිවිධ වේ. එහි සංඛාර පරිග්ගණ්හනක විදර්ශනාව මන්ද (මොට) හෝ වේවා, තියුණු හෝ වේවා, මාර්ගයට පදනම් වේමය; ඵලසමාපත්ති විදර්ශනාව- තියුණු වූයේම වටී- මාර්ග භාවනාව හා සමාන වේ; නිරෝධ සමාපත්ති විදර්ශනාව වූ කලී ඉතා මන්ද නොවූයේ හෝ ඉතා තියුණු නොවූයේ වටී, එහෙයින් මේ යෝගී තෙමේ ඉතා මන්ද නොවූ හෝ ඉතා තියුණු නොවූ විදර්ශනාවෙන් ඒ සංස්කාරයන් දකියි.
තතො දුතියං ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය තත්ථ සඞ්ඛාරෙ තථෙව විපස්සති. තතො තතියං ඣානං…පෙ… තතො විඤ්ඤාණඤ්චායතනං සමාපජ්ජිත්වා වුට්ඨාය තත්ථ සඞ්ඛාරෙ තථෙව විපස්සති. තථා ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජිත්වා වුට්ඨාය චතුබ්බිධං පුබ්බකිච්චං කරොති – නානාබද්ධඅවිකොපනං, සඞ්ඝපටිමානනං, සත්ථුපක්කොසනං, අද්ධානපරිච්ඡෙදන්ති.
ඉක්බිති ද්විතීය ධ්‍යානයට සමවැද එයින් නැඟී එහිවූ සංස්කාරයන් එසේම විදර්ශනාවට නඟයි; ඉක්බිති තෘතීය ධ්‍යානයටද -පෙ-, ඉක්බිති විඤ්ඤාණඤ්චායතනයට සමවැද, එයින් නැඟී එහිවූ සංස්කාරයන් එසේම විදර්ශනාවට නඟයි; එසේම ආකිඤ්චඤ්ඤායතනයට සමවැද, එයින් නැඟී, - නානාබද්ධ - අවිකෝපනය, සඞ්ඝපතිමානනය, සත්ථු පක්කෝසනය, අද්ධාන පරිච්ඡේදය යන චතුර්විධ පූර්වකෘත්යයන් කරයි.
තත්ථ නානාබද්ධඅවිකොපනන්ති යං ඉමිනා භික්ඛුනා සද්ධිං එකාබද්ධං න හොති, නානාබද්ධං හුත්වා ඨිතං පත්තචීවරං වා මඤ්චපීඨං වා නිවාසගෙහං වා අඤ්ඤං වා පන කිඤ්චි පරික්ඛාරජාතං, තං යථා න විකුප්පති, අග්ගිඋදකවාතචොරඋන්දූරාදීනං වසෙන න විනස්සති, එවං අධිට්ඨාතබ්බං.
එහි ‘නානාබද්ධ-අවිකෝපන’ යනු, යම් (පිරිකර ආදියක්) මේ භික්ෂුව හා සමග එක්ව බැඳී නොපවතී නම්, එනම් (හඳනා, පොරෝනා ආදී වශයෙන් පරිභෝග නොකැරෙමින්) වෙන්ව පවතින යම් පා-සිවුරු, ඇඳපුටු හෝ නිවාස ගෘහ හෝ අන්කිසි පිරිකර ආදියක් හෝ වේ නම්, එයට හානි නොවන සේ - එනම්, ගිනි, දිය, සුළං, ආදියෙන් හෝ, සොරුන්, මීයන් ආදීන්ගෙන් විනාශ නොවන සේ - අධිෂ්ඨාන කළයුතුය.
තත්රිදං අධිට්ඨානවිධානං “ඉදඤ්ච ඉදඤ්ච ඉමස්මිං සත්තාහබ්භන්තරෙ මා අග්ගිනා ඣායතු, මා උදකෙන වුය්හතු, මා වාතෙන විද්ධංසතු, මා චොරෙහි හරියතු, මා උන්දූරාදීහි ඛජ්ජතූ”ති. එවං අධිට්ඨිතෙ තං සත්තාහං තස්ස න කොචි පරිස්සයො හොති.
එහිලා අධිෂ්ඨාන කළ යුතු ආකාරය මෙසේය:- “මේ මේ මේ දැය මෙම සතිය තුළ ගින්නෙන් නොදැවේවා, ජලයෙන් පාවී නොයේවා, සුළඟින් නොවිසිරේවා, සොරුන් විසින් පැහැරගනු නොලැබේවා, මීයන් විසින් කා-දමනු නොලැබේවා” ආදී වශයෙනි. මෙසේ අධිෂ්ඨාන කළ කල එම සතිය තුළ එයට කිසි හානියක් නොවන්නේය.
අනධිට්ඨහතො පන අග්ගිආදීහි විනස්සති මහානාගත්ථෙරස්ස විය. ථෙරො කිර මාතුඋපාසිකාය ගාමං පිණ්ඩාය පාවිසි. උපාසිකා යාගුං දත්වා ආසනසාලාය නිසීදාපෙසි. ථෙරො නිරොධං සමාපජ්ජිත්වා නිසීදි. තස්මිං නිසින්නෙ ආසනසාලාය අග්ගිනා ගහිතාය සෙසභික්ඛූ අත්තනො අත්තනො නිසින්නාසනං ගහෙත්වා පලායිංසු. ගාමවාසිකා සන්නිපතිත්වා ථෙරං දිස්වා “අලසසමණො”ති ආහංසු. අග්ගි තිණවෙණුකට්ඨානි ඣාපෙත්වා ථෙරං පරික්ඛිපිත්වා අට්ඨාසි. මනුස්සා ඝටෙහි උදකං ආහරිත්වා නිබ්බාපෙත්වා ඡාරිකං අපනෙත්වා පරිභණ්ඩං කත්වා පුප්ඵානි විකිරිත්වා නමස්සමානා අට්ඨංසු. ථෙරො පරිච්ඡින්නකාලවසෙන වුට්ඨාය තෙ දිස්වා “පාකටොම්හි ජාතො”ති වෙහාසං උප්පතිත්වා පියඞ්ගුදීපං අගමාසි. ඉදං නානාබද්ධඅවිකොපනං නාම.
එසේ අධිෂ්ඨාන නොකළහොත්, ගිනි ආදියෙන් හානි සිදුවිය හැකිය, මහානාග ස්ථවියන්හට සෙයිනි; උන්වහන්සේ මව් උවැසියගේ ගමට පිඬු පිණිස පිවියහ; උවැසි තොමෝ උන්වහන්සේට කැඳ පිළිගන්වා ආසනශාලායෙහි හිඳවූය; උන්වහන්සේ නිරෝධයට සමවැද වැඩහුන්හ; උන්වහන්සේ වැඩහිඳියදී ආසනශාලාවට ගිනි ඇවිලිණි; සෙසු භික්ෂූහු තමතමන් හුන් අසුන් ගෙන ඉවත ගියහ. ගම්වැසියෝ රැස්වී තෙරුන් දැක, ‘අලස මහණෙක, අලස මහණෙකැ’යි කීහ; ගින්න තණ, හුණ, දැව දවාගෙන තෙරුන් වට කොට සිටියේය; මිනිස්සු කළවලින් දිය ගෙනවුත්, ගිනි නිවා, අලු ඉවත් කොට, පිරිසිදු කොට, මල් විසුරුවා වඳිමින් සිටියහ. තෙරුන් වහන්සේ පිරිසිඳින ලද කාලය අවසන් වූ කල ඔවුන් දැක, “ප්‍රකට වීමි”යි (නිරෝධ සමාපත්තියට සමවැද හුන් රහතකු බව හෙළි වීය’යි) අහසට නැඟ පුවඟු දිවයිනට වැඩියහ. ‘නානාබද්ධ - අවිකෝපන’ යනු මේය.
යං එකාබද්ධං හොති නිවාසනපාවුරණං වා නිසින්නාසනං වා, තත්ථ විසුං අධිට්ඨානකිච්චං නත්ථි. සමාපත්තිවසෙනෙව නං රක්ඛති ආයස්මතො සඤ්ජීවස්ස විය . වුත්තම්පි චෙතං “ආයස්මතො සඤ්ජීවස්ස සමාධිවිප්ඵාරා ඉද්ධි, ආයස්මතො සාරිපුත්තස්ස සමාධිවිප්ඵාරා ඉද්ධී”ති.
යමක් (පිරිකර ආදියක්) එක්ව බැඳී පවතීද, (දරා සිටි) එවන් හඳනාපොරෝනා හෝ හුන’සුන හෝ පිළිබඳව වෙන්කොට අධිෂ්ඨාන කිරීමක් අවශ්‍ය නොවේ. සමවත මගින්ම එය රැකේ, ආයුෂ්මත් සංජීව තෙරුන්හට සෙයිනි. කියන ලදමැයි, “ආයස්මතො සඤ්ජීවස්ස සමාධිවිප්ඵාරා, ඉද්ධි, ආයමතො සාරිපුත්තස්ස සමාධිවිප්ඵාර ඉද්ධි’’ (ආයුෂ්මත් සංජීව තෙරුන්ගේ සමාධිබලයෙන් පතළ ඍද්ධියයි, ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්ගේ සමාධිබලයෙන් පතළ ඍද්ධියයි) යනුවෙනි.
සඞ්ඝපටිමානනන්ති සඞ්ඝස්ස පටිමානනං උදික්ඛනං. යාව එසො භික්ඛු ආගච්ඡති, තාව සඞ්ඝකම්මස්ස අකරණන්ති අත්ථො. එත්ථ ච න පටිමානනං එතස්ස පුබ්බකිච්චං, පටිමානනාවජ්ජනං පන පුබ්බකිච්චං. තස්මා එවං ආවජ්ජිතබ්බං “සචෙ මයි සත්තාහං නිරොධං සමාපජ්ජිත්වා නිසින්නෙ සඞ්ඝො උත්තිකම්මාදීසු කිඤ්චිදෙව කම්මං කත්තුකාමො හොති, යාව මං කොචි භික්ඛු ආගන්ත්වා න පක්කොසති, තාවදෙව වුට්ඨහිස්සාමී”ති. එවං කත්වා සමාපන්නො හි තස්මිං සමයෙ වුට්ඨාතියෙව.
‘සඞ්ඝස්ස පතිමානනං’ යනු, එම භික්ෂුව කෙරෙහි සංඝයාගේ බහුමානයයි, එම හේතුවෙන්ම සංඝකර්මයෙකදී එම භික්ෂුවගේ පැමිණ සිටීම අපේක්ෂා කරන බවයි. එම භික්ෂුව පැමිණෙන තුරු සංඝකර්මය ආරම්භ නොකොට (පොරොත්තුව) සිටීමය යන අර්‍ත්‍ථයි. මෙහිලා භික්ෂුවගේ පූර්වකෘත්යය වනුයේ පතිමානනය නොව පතිමානනය ගැන සැලකිලිමත් වීමයි. එහෙයින් මෙසේ ආවර්ජනය කළයුතුය:- “ඉදින් මා සතියක් නිරෝධ සමාපත්තියට සමවැද හුන් කල ‘ඤත්ති’ ආදී වූ කිසියම් (විනය) කර්මයක් කළයුතු වේද, එකල යම්තාක් කිසි භික්ෂුවක් පැමිණ මා කැඳවත්ද ඒ තාක් නොනැගිටින්නෙමැ’යි (කැඳවූ කෙණෙහි නැඟිටින්නෙමැ’යි) මෙසේ ඉටා ගෙන සමවැදුණහොත් එකල (තමාගේ පැමිණීම අවශ්‍ය වූ කල) නැඟිටිනුයේමය.
යො පන එවං න කරොති, සඞ්ඝො ච සන්නිපතිත්වා තං අපස්සන්තො “අසුකො භික්ඛු කුහි”න්ති “නිරොධසමාපන්නො”ති වුත්තෙ සඞ්ඝො කඤ්චි භික්ඛුං පෙසෙති “ගච්ඡ නං සඞ්ඝස්ස වචනෙන පක්කොසාහී”ති. අථස්ස තෙන භික්ඛුනා සවනූපචාරෙ ඨත්වා “සඞ්ඝො තං ආවුසො පටිමානෙතී”ති වුත්තමත්තෙව වුට්ඨානං හොති. එවං ගරුකා හි සඞ්ඝස්ස ආණා නාම. තස්මා තං ආවජ්ජිත්වා යථා සයමෙව වුට්ඨාති, එවං සමාපජ්ජිතබ්බං.
යමෙක් එසේ නොකෙරෙත්ද, සංඝයාද රැස්වී ඒ භික්ෂුව නොදැක, “අසුවල් භික්ෂුව කොහිදැ”යි විමසා, “නිරෝධසමාපත්තියට සමවන්හ”යි කී කල, ‘සංඝයාගේ වචනයෙන් එම භික්ෂුව කැඳවනු යැ’යි කිසි භික්ෂුවක් යවත්ද, එවිට එම භික්ෂුව විසින් (සමවතට සමවන්නහුට) ඇසෙන තෙක් මානයේ සිට, “ඇවැත්නි, සංඝයා ඔබගේ පැමිණීම හරසරින් අපේක්ෂා කෙරෙති”යි කී කෙණෙහිම නැඟිටීම සිදුවේ. මෙසේ සංඝාඥාව වූකලී ඉතා ගරු (සුලු පටු නොවූ) දෙයකි; එහෙයින් එය ගැන සැලකිලිමත්ව, යම්සේ තමාම නැඟිටිත්ද, එසේ අදිටන් කොට සමවැදීම මැනවි.
සත්ථුපක්කොසනන්ති ඉධාපි සත්ථුපක්කොසනාවජ්ජනමෙව ඉමස්ස කිච්චං. තස්මා තම්පි එවං ආවජ්ජිතබ්බං “සචෙ මයි සත්තාහං නිරොධං සමාපජ්ජිත්වා නිසින්නෙ සත්ථා ඔතිණ්ණවත්ථුස්මිං සික්ඛාපදං වා පඤ්ඤපෙති, තථාරූපාය වා අත්ථුප්පත්තියා ධම්මං දෙසෙති, යාව මං කොචි ආගන්ත්වා න පක්කොසති, තාවදෙව වුට්ඨහිස්සාමී”ති. එවං කත්වා නිසින්නො හි තස්මිං සමයෙ වුට්ඨාතියෙව.
‘සත්‍ථූපක්කොසන’ යන මෙහිද සමවදින්නාගේ පූර්ව කෘත්‍යය වනුයේ ශාස්තෘන් වහන්සේ විසින් කැඳවනු ලැබීමේ භව්‍යතාව ආවර්ජනය කිරීමයි; එහෙයින් එයද මෙසේ ආවර්ජන කළයුතුය:- “ඉදින් මා සතියක් නිරෝධයට සමවැද හුන් කල, යම්කිසි සිද්ධියක් පැන නැඟී, ශාස්තෘන් වහන්සේ ශික්ෂාපදයක් පණවත්ද, එවැනි කරුණක් සිදුවී ධර්මයක් හෝ දෙසත්ද, කිසිවක් පැමිණ මා නැඟිටුවන්නට පෙර නැඟිටිමි’යි මෙසේ අදිටන් කොට හුන්නේ එකල නැඟිටිනුයේමය.
යො පන එවං න කරොති, සත්ථා ච සඞ්ඝෙ සන්නිපතිතෙ තං අපස්සන්තො “අසුකො භික්ඛු කුහි”න්ති “නිරොධසමාපන්නො”ති වුත්තෙ කඤ්චි භික්ඛුං පෙසෙති “ගච්ඡ නං මම වචනෙන පක්කොසා”ති. අථස්ස තෙන භික්ඛුනා සවනූපචාරෙ ඨත්වා “සත්ථා ආයස්මන්තං ආමන්තෙතී”ති වුත්තමත්තෙව වුට්ඨානං හොති. එවං ගරුකං හි සත්ථුපක්කොසනං, තස්මා තං ආවජ්ජිත්වා යථා සයමෙව වුට්ඨාති, එවං සමාපජ්ජිතබ්බං.
යමෙක් වනාහි එසේ අදිටන් නොකෙරෙත්ද, ශාස්තෘන් වහන්සේද සංඝයා රැස්වූ කල ඒ භික්ෂුව නොදැක, “අසුවල් භික්ෂුව කොයිදැ’යි විමසා නිරෝධයට සමවැඳුනහ’යි කීකල, “ගොස් මාගේ වචනයෙන් ඒ භික්ෂුව කැඳවන්නැ”යි කිසියම් භික්ෂුවක් යවත්ද, එවිට ඒ භික්ෂුව විසින් (සමවැඳ හුන්) භික්ෂුවට ඇසෙන තෙක් මානයේ සිට “ශාස්තෘන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවන සේකැ’යි කී කෙණෙහිම නැඟිටීම සිදුවේ. මෙසේ ශාස්තෘන් වහන්සේ විසින් කැඳවනු ලැබීම ගරුක වූ (සුලුපටු නොවු) දෙයකි. එහෙයින් එය ආවර්ජනය කොට, යම්සේ තමාම නැඟිටිත්ද, එසේ අදිටන් කොට සමවැදීම මැනවි.
අද්ධානපරිච්ඡෙදොති ජීවිතද්ධානස්ස පරිච්ඡෙදො. ඉමිනා භික්ඛුනා අද්ධානපරිච්ඡෙදෙ සුකුසලෙන භවිතබ්බං. අත්තනො “ආයුසඞ්ඛාරා සත්තාහං පවත්තිස්සන්ති න පවත්තිස්සන්තී”ති ආවජ්ජිත්වාව සමාපජ්ජිතබ්බං. සචෙ හි සත්තාහබ්භන්තරෙ නිරුජ්ඣනකෙ ආයුසඞ්ඛාරෙ අනාවජ්ජිත්වාව සමාපජ්ජති, නාස්ස නිරොධසමාපත්ති මරණං පටිබාහිතුං සක්කොති. අන්තොනිරොධෙ මරණස්ස නත්ථිතාය අන්තරාව සමාපත්තිතො වුට්ඨාති. තස්මා එතං ආවජ්ජිත්වාව සමාපජ්ජිතබ්බං. අවසෙසං හි අනාවජ්ජිතුම්පි වට්ටති. ඉදං පන ආවජ්ජිතබ්බමෙවාති වුත්තං.
‘අද්ධාන පරිච්ඡේද’ යනු තමාගේ ජීවිත කාලය පිරිසිඳීමයි. මේ භික්ෂුව කාලය පිරිසිඳීමෙහි ඉතා දක්ෂ විය යුතුය. තමාගේ ආයුසංස්කාරය සත්දවසක් පවතීද නොපවතීදැ’යි ආවර්ජන කොටම සමවැදිය යුතුය. ඉදින් සත් දිනක් ඇතුළත ඉකුත් වීමට ඇති ආයුසංස්කාරය ඇති කල, ආවර්ජන නොකොටම සමවැදුණහොත්, එම භික්ෂුවගේ නිරෝධ සමාපත්තිය මරණය වලකනු නොසමත්වන හෙයින්ද, නිරෝධ සමාපත්ති කාලය තුළ මරණය නොවිය හැකි හෙයින්ද සත්දවස අතරතුරදීම සමවතින් නවතින්නට සිදුවේ. එහෙයින් මෙය ආවර්ජන කොටම සමවැදිය යුතුය. සෙසු පූර්වකෘත්යයන් ආවර්ජන නොකළද මෙය ආවර්ජනය කළයුතුමය’යි කියන ලදි.
සො එවං ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජිත්වා වුට්ඨාය ඉමං පුබ්බකිච්චං කත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජති. අථෙකං වා ද්වෙ වා චිත්තවාරෙ අතික්කමිත්වා අචිත්තකො හොති, නිරොධං ඵුසති. කස්මා පනස්ස ද්වින්නං චිත්තානං උපරිචිත්තානි න පවත්තන්තීති? නිරොධස්ස පයොගත්තා. ඉදඤ්හි ඉමස්ස භික්ඛුනො ද්වෙ සමථවිපස්සනාධම්මෙ යුගනද්ධෙ කත්වා අට්ඨ සමාපත්තිආරොහනං අනුපුබ්බනිරොධස්ස පයොගො, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියාති නිරොධස්ස පයොගත්තා ද්වින්නං චිත්තානං උපරි න පවත්තන්ති.
මෙසේ ඒ භික්ෂු තෙමේ ආකිඤ්චඤ්ඤායතනයට සමවැද එයින් නැඟී මෙකී පූර්වකෘත්යයන් කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදියි; ඉක්බිති චිත්තවාර එකක් හෝ දෙකක් ඉක්මගිය පසු අචිත්ත (සිත් නැත්තකු) බවට පත් වේ, නිරෝධය ස්පර්ශ කරයි. කවර හෙයින් චිත්තවාර දෙකෙකින් මතු සිත් නොපවත්නේද යත්, නිරෝධය පිණිස යෙදුණ හෙයිනි; මේ වනාහි මේ භික්ෂුවගේ සමථ විපස්සනා යන දෙක එකිනෙක සමකොට අෂ්ට සමාපත්ති වශයෙන් නැඟීම අනුපූර්ව (අනුපිළිවෙළින්) නිරෝධය පිණිස යෙදීම මිස නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය පිණිස යෙදීම නොවේ. නිරෝධය පිණිස යෙදුණ හෙයින් සිත් දෙකෙකින් මතු සිත් (සිත් දෙකකට වඩා) නොපවතියි.
යො පන භික්ඛු ආකිඤ්චඤ්ඤායතනතො වුට්ඨාය ඉදං පුබ්බකිච්චං අකත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජති, සො පරතො අචිත්තකො භවිතුං න සක්කොති, පටිනිවත්තිත්වා පුන ආකිඤ්චඤ්ඤායතනෙයෙව පතිට්ඨාති. මග්ගං අගතපුබ්බපුරිසූපමා චෙත්ථ වත්තබ්බා –
යම් භික්ෂු කෙනකු වනාහි, ආකිඤ්චඤ්ඤායතනයෙන් නැඟී මෙකී පූර්වකෘත්යයන් නොකොට නේවසඤ්ඤායතනයට සමවදිතොත්, ඒ භික්ෂු තෙමේ එයින් මතු ‘අචිත්තක’ බවට පත්වනු හැකි නොවන්නේය, පෙරළා යලිත් ආකිඤ්චඤ්ඤායතනයෙහිම පිහිටන්නේය. මෙහිලා, පෙර නොගිය විරූ මඟෙක ගිය පුරුෂයාගේ උපමාව කිවයුතුය:-
එකො කිර පුරිසො එකං මග්ගං අගතපුබ්බො අන්තරා උදකකන්දරං වා ගම්භීරං උදකචික්ඛල්ලං අතික්කමිත්වා ඨපිතං චණ්ඩාතපසන්තත්තපාසාණං වා ආගම්ම තං නිවාසනපාවුරණං අසණ්ඨපෙත්වාව කන්දරං ඔරූළ්හො පරික්ඛාරතෙමනභයෙන පුනදෙව තීරෙ පතිට්ඨාති. පාසාණං අක්කමිත්වාපි සන්තත්තපාදො පුනදෙව ඔරභාගෙ පතිට්ඨාති. තත්ථ යථා සො පුරිසො අසණ්ඨපිතනිවාසනපාවුරණත්තා කන්දරං ඔතිණ්ණමත්තොව, තත්තපාසාණං අක්කන්තමත්තො එව ච පටිනිවත්තිත්වා ඔරතොව පතිට්ඨාති, එවං යොගාවචරොපි පුබ්බකිච්චස්ස අකතත්තා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නමත්තොව පටිනිවත්තිත්වා ආකිඤ්චඤ්ඤායතනෙ පතිට්ඨාති.
එක්තරා පුරුෂයෙක් තෙමේ පෙර නුපුරුදු මගෙක ගොස් අතරමඟ කඳුරක් හෝ වගුරක් ඉක්මවා (පසු කොට) ඇති සැඬ හිරු රැසින් රත්වූ ගල්තලාවක් වෙත පැමිණ, හඳනා පොරෝනා නිසි ලෙස තබා නොගෙනම කඳුරට බටුයේ ඇඟලුම් තෙමෙති’යි යන බියෙන්, පෙරළා යලි ඉවුරටම එයි. ගලමත පා තබා හෝ දැවෙන පා ඇතිව පෙරළ පහළට බැස සිටියි. එහි, යම්සේ ඒ පුරුෂයා හඳනා පොරෝනා නිසි ලෙස තබා (හකුලුවා) නොගත් හෙයින් කඳුරට බට සැණින්ම, නැතහොත්, රත්වූ ගල මත පා තැබූ සැණින්ම බැස පෙරළා ඉවුරෙහිම සිටීද, එසේම ඒ භික්ෂු තෙමේද, පූර්ව කෘත්‍යයන් නොකළ හෙයින්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුන සැණින් පෙරළා ආකිඤ්චඤ්ඤායතනයෙහි පිහිටයි.
යථා පන පුබ්බෙපි තං මග්ගං ගතපුබ්බපුරිසො තං ඨානං ආගම්ම එකං සාටකං දළ්හං නිවාසෙත්වා අපරං හත්ථෙන ගහෙත්වා කන්දරං උත්තරිත්වා තත්තපාසාණං වා අක්කන්තමත්තකමෙව කරිත්වා පරතො ගච්ඡති, එවමෙවං කතපුබ්බකිච්චො භික්ඛු නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජිත්වාව පරතො අචිත්තකො හුත්වා නිරොධං ඵුසිත්වා විහරති.
යම්සේ, පෙර එමඟ ගොස් පුරුදු පුරුෂයෙක් එතැනට පැමිණ එක් වස්ත්‍රයක් තරයේ හැඳ, අනෙක අතින් ගෙන, කඳුරෙන් එතෙරට යයිද, නැතහොත් රත්වූ ගල මත යුහුව පා තබා එතරට යයිද, එසේම පූර්වකෘත්යයෙන් නිම කළ භික්ෂු තෙමේ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදම එයින් ඔබ අචිත්තක බවට පත්ව නිරෝධය ස්පර්ශ කෙරෙමින් විහරණය කරයි.
කථං ඨානන්ති එවං සමාපන්නාය පනස්සා කාලපරිච්ඡෙදවසෙන චෙව අන්තරාආයුක්ඛයසඞ්ඝපටිමානනසත්ථුපක්කොසනාභාවෙන ච ඨානං හොති.
‘කථං ඨානං’ (සමාපත්තියෙහි සිටීම කෙසේද) යනු අතරතුර (ඉහත කී) ආයු ක්ෂයවීම, සංඝපතිමානනය හෝ සත්ථුපක්කෝසනය නොවූවහොත්, මෙසේ සමවත් මේ නිරෝධසමාපත්තිය කාලසීමා පිරිසිදීම් වශයෙන්ම තිරව පවතියි. (කඩ නොවී සිටියි).
කථං වුට්ඨානන්ති අනාගාමිස්ස අනාගාමිඵලුප්පත්තියා, අරහතො අරහත්තඵලුප්පත්තියාති එවං ද්වෙධා වුට්ඨානං හොති.
‘කථං වුට්ඨානං’ (සමාපත්තියෙන් නැඟීම කෙසේද?) යනු, අනාගාමීහුගේ අනාගාමී ඵලය ඉපැදීමෙන්ද, රහත්හුගේ රහත්ඵලය ඉපැදීමෙන්දැ’යි මෙසේ දෙපරිද්දෙන් නැඟිටීම සිදුවේ.
වුට්ඨිතස්ස කිංනින්නං චිත්තං හොතීති නිබ්බානනින්නං. වුත්තං හෙතං “සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතස්ස ඛො, ආවුසො විසාඛ, භික්ඛුනො විවෙකනින්නං චිත්තං හොති විවෙකපොණං විවෙකපබ්භාර”න්ති (ම· නි· 1.464).
‘වුට්ඨිතස්ස කින්නින්නං චිත්තං හොති?’ (සමවතින් නැඟුණහුගේ සිත කවරක් වෙත නැඹුරු වේද?); නිර්වාණය වෙතට නැඹුරු වෙයි; කියන ලදමැයි:- “ඇවැත්නි, විසාඛයෙනි, සඤ්ඤා වේදයිත නිරෝධසමාපත්තියෙන් නැඟුණ භික්ෂූහුගේ සිත විවේකය (නිර්වාණය) වෙතට නැඹුරු වේ, විවේකය වෙතට ප්‍රවණ වේ, විවේකය වෙතට බර වේ”
මතස්ස ච සමාපන්නස්ස ච කො විසෙසොති අයම්පි අත්ථො සුත්තෙ වුත්තොයෙව. යථාහ – “ය්වායං, ආවුසො, මතො කාලඞ්කතො, තස්ස කායසඞ්ඛාරා නිරුද්ධා පටිප්පස්සද්ධා, වචීසඞ්ඛාරා… චිත්තසඞ්ඛාරා නිරුද්ධා පටිප්පස්සද්ධා, ආයු පරික්ඛීණො, උස්මා වූපසන්තා, ඉන්ද්රියානි පරිභින්නානි. යො චායං භික්ඛු සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො, තස්සපි කායසඞ්ඛාරා නිරුද්ධා පටිප්පස්සද්ධා, වචීසඞ්ඛාරා… චිත්තසඞ්ඛාරා නිරුද්ධා පටිප්පස්සද්ධා, ආයු අපරික්ඛීණො, උස්මා අවූපසන්තා, ඉන්ද්රියානි අපරිභින්නානී”ති (ම· නි· 1.457).
‘මතස්ස ච සමාපන්නස්ස ච කො විසෙසො? (මළහුගේ හා සමවතට සමවන්නහුගේ වෙනස කිම?) යන මෙයද සූත්‍රයෙහි කියන ලදුයේමය. යම්සේ කීහුද, “ඇවැත්නි, යම් මේ පුද්ගලයෙක් මළේද, කලුරිය කළේ වේද, ඔහුගේ කාය සංඛාරයෝ නිරුද්ධ වූවාහුය, හරින ලද්දාහුය; වචී සංඛාරයෝ -පෙ- චිත්ත සංඛාරයෝ නිරුද්ධ වූවාහුය, හරින ලද්දාහුය; ආයුෂ ක්ෂය වූයේය; උණුසුම සන්සිඳියේය; ඉන්ද්රියයෝ බිඳීගියාහුය. යම් මේ භික්ෂු කෙනෙක් සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්නාහුද, ඔවුන්ගේ කාය සංඛාරයෝද නිරුද්ධ වූවාහුය, හරින ලද්දාහුය, වචී සංඛාරයෝ -පෙ- චිත්ත සංඛාරයෝ නිරුද්ධ වූවාහුය, හරින ලද්දාහුය; ආයුෂ ක්ෂය නොවූයේය; උණුසුම නොසන්සිඳියේය; ඉන්ද්රියයෝ නොබිඳුණාහුය”
නිරොධසමාපත්ති සඞ්ඛතාතිආදිපුච්ඡායං පන සඞ්ඛතාතිපි අසඞ්ඛතාතිපි ලොකියාතිපි ලොකුත්තරාතිපි න වත්තබ්බා. කස්මා? සභාවතො නත්ථිතාය. යස්මා පනස්සා සමාපජ්ජන්තස්ස වසෙන සමාපන්නා නාම හොති, තස්මා නිප්ඵන්නාති වත්තුං වට්ටති, නො අනිප්ඵන්නා.
‘නිරොධසමාපත්ති සඞ්ඛතා? අසඞ්ඛතා?’ (නිරෝධ සමාපත්තිය සඞ්ඛත (කෘත්‍රිම) ද, නැතහොත් අසඞ්ඛතද?) යන ආදිය පිළිබඳ ප්‍රශ්නයෙහිදී, “සඞ්ඛතය”, හෝ ‘අසඞ්ඛතය’යිද, ‘ලෞකිකය’ හෝ ‘ලෝකෝත්තරය’යිද කිවහැකි නොවේ; කවර හෙයින්ද? ස්වභාව වශයෙන් අවිද්‍යාමාන වූ හෙයිනි. යම්හෙයකින් එය සමවදින්නකු ඇති හෙයින් සමවදින ලද්දේ නම් වේද, එහෙයින් එය ‘නිෂ්පන්න’ යයිද, ‘අනිෂ්පන්න නොවේ’ යයිද කීම යෝග්‍ය වේ.
ඉති සන්තං සමාපත්තිං, ඉමං අරියනිසෙවිතං; දිට්ඨෙව ධම්මෙ නිබ්බානමිතිසඞ්ඛං උපාගතං; භාවෙත්වා අරියං පඤ්ඤං, සමාපජ්ජන්ති පණ්ඩිතා.
ඉති සන්තං සමාපත්තිං ඉමං අරියසේවිතං දිට්ඨෙව ධම්මෙ නිබ්බාණමිති සංඛං උපාගතං භාවෙත්වා අරියං පඤ්ඤං සමාපජ්ජන්ති පණ්ඩිතා
යස්මා තස්මා ඉමිස්සාපි, සමාපත්තිසමත්ථතා; අරියමග්ගෙසු පඤ්ඤාය, ආනිසංසොති වුච්චතීති.
යස්මා තස්මා ඉමිස්සාපි සමාපත්ති සමත්ථතා, අරියමග්ගෙසු පඤ්ඤාය ආනිසංසො’ති වුච්චතී’ ති.
මෙසේ, පණ්ඩිතයෝ ආර්යමාර්ගප්රඥාව වඩා, ආර්යයන් විසින් සෙවුනා ලද ශාන්ත වූ, ‘දෘෂ්ට ධර්ම (ආත්මභාවය පවතිද්දීම විඳිය හැකි) නිර්වාණය’ යන ව්‍යවහාරයට පත් මේ (නිරෝධ) සමාපත්තියට සමවදිති.
යම්හෙයකින් මෙම සමාපත්තියටද සමවදිනු සමත් බවක් වේද එහෙයින් එයද ආර්ය මාර්ගප්රඥාවෙහි ආනිසංසය’යි කියනු ලැබේ.