යෙදුමෙන් කියවන්න

ඵලසමාපත‍්තිකථා

ඵලසමාපත‍්තිකථා

ඵලසමාපත්තිකථා

අරියඵලරසානුභවනන‍්ති න කෙවලඤ‍්ච කිලෙසවිද‍්ධංසනඤ‍්ඤෙව, අරියඵලරසානුභවනම‍්පි පඤ‍්ඤාභාවනාය ආනිසංසො. අරියඵලන‍්ති හි සොතාපත‍්තිඵලාදි සාමඤ‍්ඤඵලං වුච‍්චති. තස‍්ස ද‍්වීහාකාරෙහි රසානුභවනං හොති. මග‍්ගවීථියඤ‍්ච ඵලසමාපත‍්තිවසෙන ච පවත‍්තියං. තත්‍රාස‍්ස මග‍්ගවීථියං පවත‍්ති දස‍්සිතායෙව.

‘අරියඵලරසානුභව’ යනු, හුදෙක් කෙලෙසුන් නැසීම මතු නොවේ, ආර්ය ඵල රසානුභවයද පඤ්ඤා භාවනාවෙහි අනුසස් වේ. සෝතාපත්ති ඵලාදී වූ ශ්‍රාමණ්‍ය ඵලය ආර්ය ඵලයයි කියනු ලැබේ. එහි රසානුභවය මාර්ග වීථියෙහිදීද, ඵල සමාපත්ති වශයෙන් පැවැත්මෙහිදීදැ’යි දෙ-ආකාරයෙකින් වේ; එහි මාර්ග වීථියෙහි පැවැත්ම දක්වන ලද්දේම වේ.

අපිච යෙ “සංයොජනප‍්පහානමත‍්තමෙව ඵලං නාම, න කොචි අඤ‍්ඤො ධම‍්මො අත්‍ථී”ති වදන‍්ති, තෙසං අනුනයත්‍ථං ඉදං සුත‍්තම‍්පි දස‍්සෙතබ‍්බං – “කථං පයොගපටිප‍්පස‍්සද‍්ධිපඤ‍්ඤා ඵලෙ ඤාණං? සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ දස‍්සනට‍්ඨෙන සම‍්මාදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨියා වුට‍්ඨාති, තදනුවත‍්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුට‍්ඨාති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි වුට‍්ඨාති. තම‍්පයොගපටිප‍්පස‍්සද‍්ධත‍්තා උප‍්පජ‍්ජති සම‍්මාදිට‍්ඨි, මග‍්ගස‍්සෙතං ඵල”න‍්ති (පටි· ම· 1.63) විත්‍ථාරෙතබ‍්බං.

තවද, යමෙක්, “ඵලය නම් හුදෙක් සංයෝජනයන්ගේ ප්‍රහාණ මාත්‍රයයි, අන්කිසිවක් නැතැ’යි කියත්ද, ඒ (ආන්‍ධ්‍ර) ආචාර්යවරයන් දැනුවත් කරනු පිණිස මේ සූත්‍රයද දැක්විය යුතුය:- “ආර්යමාර්ගයෙහි යෙදීමෙන් ලද කෙලෙස් බර මුදාහැරීමේ ප්‍රඥාව, ඵලය පිළිබඳ ඥානය වනුයේ කෙසේද? සෝවාන් මාර්ගක්‍ෂණයෙහිදී නිවන් දකිති’යි යන අර්ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියෙන් නැඟී සිටියි, එම මිථ්‍යාදෘෂ්ටියට අනුගතව පවත්නා ක්ලේශයන් හා ස්කන්‍ධයන් කෙරෙන්ද නැඟී සිටියි, බාහිර වූ සියලු නිමිති කෙරෙන්ද නැඟී සිටියි, සෝවාන් මාර්ගයෙහි යෙදීමෙන් කෙලෙස් බර මුදාහළ හෙයින් සම්‍යග්දෘෂ්ටිය උපදියි, මේ මාර්ගයෙහි ඵලයයි” යනුවෙන් විස්තර කළයුතුය.

“චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, ඉමෙ ධම‍්මා අප‍්පමාණාරම‍්මණා” (ධ· ස· 1422). “මහග‍්ගතො ධම‍්මො අප‍්පමාණස‍්ස ධම‍්මස‍්ස අනන‍්තරපච‍්චයෙන පච‍්චයො”ති (පට‍්ඨා· 2.12.62) එවමාදීනිපි චෙත්‍ථ සාධකානි.

තවද. “ආර්ය මාර්ග සතරද, ශ්‍රාමණ්‍ය ඵල සතරදැ’යි යන මේ ධර්මයෝ පමණ කළ නොහැකි අරමුණු ඇත්තාහුය, මහද්ගත ධර්මය (නේවසඤ්ඤානාසඤ්ඤා සමාධිය) පමණ කළ නොහැකි (නිර්වාණ) ධර්මයට අනන්තර ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ’’ යන මේ ආදියද මෙහිලා සාධක වේ.

ඵලසමාපත‍්තියං පවත‍්තිදස‍්සනත්‍ථං පනස‍්ස ඉදං පඤ‍්හාකම‍්මං – කා ඵලසමාපත‍්ති, කෙ තං සමාපජ‍්ජන‍්ති, කෙ න සමාපජ‍්ජන‍්ති, කස‍්මා සමාපජ‍්ජන‍්ති, කථඤ‍්චස‍්සා සමාපජ‍්ජනං හොති, කථං ඨානං, කථං වුට‍්ඨානං, කිං ඵලස‍්ස අනන‍්තරං, කස‍්ස ච ඵලං අනන‍්තරන‍්ති?

ඵල සමාපත්තියෙහි පැවැත්ම දක්වනු වස් එය පිළිබඳව කරනු ලබන ප්‍රශ්න කිරීම මෙසේයි:- ‘ඵලසමාපත්ති’ යනු කිම? කවුරු එයට සමවදිත්ද? කවුරු නොසමවදිත්ද? කවර හෙයින් සමවදිත්ද? කෙසේ සමවැදීම වේද? සිටීම කෙසේ වේද? නැඟිටීම කෙසේ වේද? ඵලයට අනන්තර ප්‍රත්‍යය වනුයේ කිමෙක්ද? ඵලය අනන්තර ප්‍රත්‍යය වනුයේ කුමකටද?

තත්‍ථ කා ඵලසමාපත‍්තීති යා අරියඵලස‍්ස නිරොධෙ අප‍්පනා.

එහි (කා ඵල සමාපත්ති) ඵල සමාපත්ති’ යනු කිමෙක්ද යත්:- ආර්ය ඵල නිරෝධය පිළිබඳ යම් ‘අර්පණාවක්’ (පිහිටීමක්) වේද, එයයි;

කෙ තං සමාපජ‍්ජන‍්ති, කෙ න සමාපජ‍්ජන‍්තීති සබ‍්බෙපි පුථුජ‍්ජනා න සමාපජ‍්ජන‍්ති. කස‍්මා? අනධිගතත‍්තා. අරියා පන සබ‍්බෙපි සමාපජ‍්ජන‍්ති. කස‍්මා? අධිගතත‍්තා. උපරිමා පන හෙට‍්ඨිමං න සමාපජ‍්ජන‍්ති, පුග‍්ගලන‍්තරභාවුපගමනෙන පටිප‍්පස‍්සද‍්ධත‍්තා. හෙට‍්ඨිමා ච උපරිමං, අනධිගතත‍්තා. අත‍්තනො අත‍්තනොයෙව පන ඵලං සමාපජ‍්ජන‍්තීති ඉදමෙත්‍ථ සන‍්නිට‍්ඨානං.

(කෙ තං සමාපජ්ජන්ති) කවුරු එයට සමවදිත්ද? කවුරු නොසමවදිත්ද යත්:- සියලු පෘථග්ජනයෝ නොසමවදිති; කවර හෙයින්ද යත්:- අවබෝධ නොකළ හෙයිනි; සියලුම ආර්යයෝ සමවදිති; කවර හෙයින්ද යත්:- අවබෝධ කළ හෙයිනි; ඉහළ ඵලයන්හි සිටියෝ පහළ ඵලයනට නොසමවදිති, කෙලෙස් බර බහා තැබීම එක් එක් පුද්ගලයා විසින් එක් එක් ප්‍රමාණයට කරන ලද හෙයිනි; පහළ ඵලයන්හි සිටියාහු ඉහළ ඵලයනට නොසමවදිති; අවබෝධ නොකළ හෙයිනි; තමතමාගේ ඵලයටම සමවදිති. මේ මෙහි සනිටුහනයි (නිශ්චයයි)

කෙචි පන “සොතාපන‍්නසකදාගාමිනොපි න සමාපජ‍්ජන‍්ති. උපරිමා ද‍්වෙයෙව සමාපජ‍්ජන‍්තී”ති වදන‍්ති. ඉදඤ‍්ච තෙසං කාරණං, එතෙ හි සමාධිස‍්මිං පරිපූරකාරිනොති. තං පුථුජ‍්ජනස‍්සාපි අත‍්තනා පටිලද‍්ධලොකියසමාධිසමාපජ‍්ජනතො අකාරණමෙව. කිඤ‍්චෙත්‍ථ කාරණාකාරණචින‍්තාය. නනු පාළියංයෙව වුත‍්තං – “කතමෙ දස ගොත්‍රභුධම‍්මා විපස‍්සනාවසෙන උප‍්පජ‍්ජන‍්ති? සොතාපත‍්තිමග‍්ගපටිලාභත්‍ථාය උප‍්පාදං පවත‍්තං…පෙ… උපායාසං බහිද‍්ධා සඞ‍්ඛාරනිමිත‍්තං අභිභුය්‍යතීති ගොත්‍රභු. සොතාපත‍්තිඵලසමාපත‍්තත්‍ථාය සකදාගාමිමග‍්ගං …පෙ… අරහත‍්තඵලසමාපත‍්තත්‍ථාය… සුඤ‍්ඤතවිහාරසමාපත‍්තත්‍ථාය… අනිමිත‍්තවිහාරසමාපත‍්තත්‍ථාය උප‍්පාදං…පෙ… බහිද‍්ධා සඞ‍්ඛාරනිමිත‍්තං අභිභුය්‍යතීති ගොත්‍රභූ”ති (පටි· ම· 1.60). තස‍්මා සබ‍්බෙපි අරියා අත‍්තනො අත‍්තනො ඵලං සමාපජ‍්ජන‍්තීති නිට‍්ඨමෙත්‍ථ ගන‍්තබ‍්බං.

ඇතැමෙක් වනාහි ශ්‍රෝතාපන්නයන් හා සකෘදාගාමීන් නොසමවදිතැයිද, උපරිම පල දෙකට පත්වූවන්ම සමවදිතැ’යිද යෙති; (අනාගාමී, අර්හත් යන) මේ දෙදෙනාම පමණක් සමාධි විෂයයෙහි පරිපූරකාරීන් (සම්පූර්ණ කරන්නන්) වෙති’යි යනු එයට (හේතු වශයෙන්) ඔවුන් දක්වන කරුණයි. එහෙත් පෘථග්ජනයා පවා තමා ලැබූ ලෞකික සමාධියට සමවදින හෙයින් එම (ඔවුන් දක්වන) කාරණය අකාරණයක්ම වෙයි. මෙහිලා කාරණා කාරණ සිතීමෙන් ඇති පලය කිම? පෙළෙහිම මෙසේ කියන ලදුයේ නොවේද? “කවර නම් ගෝත්‍රභූ ධර්ම දශයක් විදර්ශනා වශයෙන් උපදීද? ශ්‍රෝතාපත්ති - මාර්ග ප්‍රතිලාභය පිණිස උත්පාදනය (ඉපැදීම) ප්‍රවෘත්තිය (පැවැත්ම) -පෙ- උපායාසය -පෙ- බාහිර සංස්කාර නිමිත්ත මැඩලති’යි ගෝත්‍රභූ නමි, ශ්‍රෝතාපත්ති ඵල සමාපත්තිය පිණිස, සකෘදාගාමි -පෙ- අර්හත් ඵලසමාපත්තිය පිණිස -පෙ- සුඤ්ඤත විහාර සමාපත්තිය පිණිස, අනිමිත්ත විහාර සමාපත්තිය පිණිස, උත්පාදය -පෙ-, බාහිර සංස්කාර නිමිත්ත මැඩලති’යි ගෝත්‍රභූ නමි.” එහෙයින් සියලුම ආර්යයන් තමතමන්ගේ ඵලයට සමවදිති’යි මෙහිලා නිගමනයට යායුතු වේ.

කස‍්මා සමාපජ‍්ජන‍්තීති දිට‍්ඨධම‍්මසුඛවිහාරත්‍ථං. යථා හි රාජා රජ‍්ජසුඛං, දෙවතා දිබ‍්බසුඛං අනුභවන‍්ති, එවං අරියා “අරියං ලොකුත‍්තරසුඛං අනුභවිස‍්සාමා”ති අද‍්ධානප‍්පරිච‍්ඡෙදං කත්‍වා ඉච‍්ඡිතිච‍්ඡිතක‍්ඛණෙ ඵලසමාපත‍්තිං සමාපජ‍්ජන‍්ති.

කවර හෙයින් සමවදිත්ද (කස්මා සමාපජ්ජන්ති?) යත්:- දෘෂ්ටධර්ම - සුඛ විහාර (ඉහාත්මයෙහිම කෙලෙස් පීඩා සන්සිඳුවා සුවසේ වසනු) පිණිසයි. යම්සේ වනාහි, රජෙක් රජ සැපද, දෙවියෝ දිව සැපද අනුභව කෙරෙත්ද, එසේම ආර්යයෝ “ආර්ය වූ ලොවුතුරා සුවය විඳින්නමෝය”යි කාල සීමා පිරිසිඳ (නියම කොට) රිසි රිසි කෙණෙහි පලසමවතට සමවදිත්.

කථඤ‍්චස‍්සා සමාපජ‍්ජනං හොති, කථං ඨානං, කථං වුට‍්ඨානන‍්ති ද‍්වීහි තාව ආකාරෙහි අස‍්සා සමාපජ‍්ජනං හොති – නිබ‍්බානතො අඤ‍්ඤස‍්ස ආරම‍්මණස‍්ස අමනසිකාරා නිබ‍්බානස‍්ස ච මනසිකාරා. යථාහ – “ද‍්වෙ ඛො, ආවුසො, පච‍්චයා අනිමිත‍්තාය චෙතොවිමුත‍්තියා සමාපත‍්තියා සබ‍්බනිමිත‍්තානඤ‍්ච අමනසිකාරො, අනිමිත‍්තාය ච ධාතුයා මනසිකාරො”ති (ම· නි· 1.458).

මෙයට (පල සමවතට) සමවැදීම කෙසේ සිදුවේද? එහි පිහිටීම හා එයින් නැඟීම කෙසේ සිදුවේද යත්:- පළමුකොට, දෙ-ආකාරයෙකින් මෙයට සමවැදීම වේ; නිවණ හැර අන් අරමුණක් මෙනෙහි නොකිරීමෙන් හා නිවණම මෙනෙහි කිරීමෙනි. යම්සේ කීහුද:- “ඇවැත්නි, නිමිති රහිත චේතෝවිමුක්තියට සමවැදීම පිණිස ප්‍රත්‍යය වන කරුණු දෙකෙකි; සියලු (සංස්කාර) නිමිති මෙනෙහි නොකිරීම හා නිමිති රහිත (නිර්වාණ) ධාතුව මෙනෙහි කිරීමයි’’

අයම‍්පනෙත්‍ථ සමාපජ‍්ජනක‍්කමො. ඵලසමාපත‍්තත්‍ථිකෙන හි අරියසාවකෙන රහොගතෙන පටිසල‍්ලීනෙන උදයබ‍්බයාදිවසෙන සඞ‍්ඛාරා විපස‍්සිතබ‍්බා. තස‍්ස පවත‍්තානුපුබ‍්බවිපස‍්සනස‍්ස සඞ‍්ඛාරාරම‍්මණගොත්‍රභුඤාණානන‍්තරා ඵලසමාපත‍්තිවසෙන නිරොධෙ චිත‍්තං අප‍්පෙති. ඵලසමාපත‍්තිනින‍්නතාය චෙත්‍ථ සෙක‍්ඛස‍්සාපි ඵලමෙව උප‍්පජ‍්ජති, න මග‍්ගො.

මේ වනාහි, එහි සමවැදීමේ ක්‍රමයයි:- පල සමවතට සමවදිනු කැමැති ආර්යශ්‍රාවකයා විසින් හුදෙකලාව, විවේකීව, උදයව්‍යයාදී වශයෙන් සංස්කාරයන් බැලිය යුතුය. එවිට පිළිවෙළින් පවත්වන ලද විදර්ශනා ඇති ඔහුගේ සිත, සංස්කාරයන් අරමුණු කොට ඇති (වෝදාන) ගෝත්‍රභූ ඥානයට අනතුරුව ඵල සමාපත්ති වශයෙන්, නිරෝධය කෙරෙහි පිහිටයි. ඵල සමාපත්තිය වෙත නැඹුරු වූ හෙයින් මෙහිදී ශෛක්‍ෂයාහටද මාර්ගය නොව ඵලයම උපදියි.

යෙ පන වදන‍්ති “සොතාපන‍්නො ‘ඵලසමාපත‍්තිං සමාපජ‍්ජිස‍්සාමී’ති විපස‍්සනං පට‍්ඨපෙත්‍වා සකදාගාමී හොති. සකදාගාමී ච අනාගාමී”ති, තෙ වත‍්තබ‍්බා “එවං සති අනාගාමී අරහා භවිස‍්සති, අරහා පච‍්චෙකබුද‍්ධො, පච‍්චෙකබුද‍්ධො ච බුද‍්ධො. තස‍්මා න කිඤ‍්චි එතං, පාළිවසෙනෙව ච පටික‍්ඛිත‍්ත”න‍්තිපි න ගහෙතබ‍්බං. ඉදමෙව පන ගහෙතබ‍්බං – සෙක‍්ඛස‍්සාපි ඵලමෙව උප‍්පජ‍්ජති, න මග‍්ගො. ඵලඤ‍්චස‍්ස සචෙ අනෙන පඨමජ‍්ඣානිකො මග‍්ගො අධිගතො හොති. පඨමජ‍්ඣානිකමෙව උප‍්පජ‍්ජති. සචෙ දුතියාදීසු අඤ‍්ඤතරජ‍්ඣානිකො, දුතියාදීසු අඤ‍්ඤතරජ‍්ඣානිකමෙවාති. එවං තාවස‍්සා සමාපජ‍්ජනං හොති.

යමෙක් වනාහි, ශ්‍රෝතාපන්න පුද්ගලයා “ඵල සමාපත්තියට සමවදිමි”යි විදර්ශනා පිහිටුවා සකෘදාගාමී වෙතැයි සකෘදාගාමී පුද්ගලයාද අනාගාමී වෙතැ’යි කියත්ද, ඔවුනට (ඒ අභයගිරිකයනට), “එසේ වෙතොත්, අනාගාමී පුද්ගලයා රහතකු වියයුතුය, රහත් පුද්ගලයා පසේ බුදු වියයුතුය, පසේබුදුවරයාද සම්මා සම්බුදු වියයුතුය”යි කිවයුතුය. එහෙයින් පාළිනයානුකූලවම (පෙළටම අනුව) ප්‍රතික්‍ෂිප්ත වූ මේ කිසිවක් නොගත යුතුය. මෙයම (මෙහි කියන ලද්දම) ගතයුතුය. ශෛක්‍ෂයාහට වුවද ඵලයම මිස මාර්ගය නො-උපදියි. ඉදින් ඔහු විසින් ප්‍රථමධ්‍යානික මාර්ගය අවබෝධ කරන ලද්දේ නම්, ඔහුට ප්‍රථමධ්‍යානික ඵලයම උපදියි; ඉදින්, ද්විතීයාදී අන්කිසි ධ්‍යානයක් අධිගත නම්, ඒ ඒ ධ්‍යානික ඵලයම වේ. ඵල සමාපත්තියට සමවැදීම මෙසේ වෙයි.

“තයො ඛො, ආවුසො, පච‍්චයා අනිමිත‍්තාය චෙතොවිමුත‍්තියා ඨිතියා සබ‍්බනිමිත‍්තානඤ‍්ච අමනසිකාරො, අනිමිත‍්තාය ච ධාතුයා මනසිකාරො, පුබ‍්බෙ ච අභිසඞ‍්ඛාරො”ති (ම· නි· 1.458) වචනතො පනස‍්සා තීහාකාරෙහි ඨානං හොති. තත්‍ථ පුබ‍්බෙ ච අභිසඞ‍්ඛාරොති සමාපත‍්තිතො පුබ‍්බෙ කාලපරිච‍්ඡෙදො. “අසුකස‍්මිං නාම කාලෙ වුට‍්ඨහිස‍්සාමී”ති පරිච‍්ඡින‍්නත‍්තා හිස‍්සා යාව සො කාලො නාගච‍්ඡති, තාව ඨානං හොති. එවමස‍්සා ඨානං හොතීති.

“ඇවැත්නි, නිමිති රහිත වූ චේතෝ විමුක්තියෙහි ස්ථිතිය (පිහිටීම) පිණිස කරුණු තුනක් ප්‍රත්‍යය වේ; සියලු (සංස්කාර) නිමිති මෙනෙහි නොකිරීමය, නිමිති රහිත වූ (නිර්වාණ) ධාතුව මෙනෙහි කිරීමය, මුලදීම කාලසීමා නියමකොට ගැනීමය යන තුනයි” යනු කී හෙයින් මේ තුන් ආකාරයෙන් ඵල සමාපත්තිය නොසිඳී සිටීම වේ. එහි, “පුබ්බෙව අභිසඞ්ඛාරො” (මුලදීම කාලය පිරිසිඳීම) යනු, සමාපත්තියට ප්‍රථමයෙන්ම කාල සීමා ඉටා ගැනීමයි. “අසවල් වේලාවට නැඟිටිමි”යි පිරිසිඳි හෙයින් එම කාලසීමාව නොඑළඹෙන තෙක් සමාපත්තිය නොසිඳී සිටීම වෙති’යි මෙසේ එහි ස්ථිතිය වේ.

“ද‍්වෙ ඛො, ආවුසො, පච‍්චයා අනිමිත‍්තාය චෙතොවිමුත‍්තියා වුට‍්ඨානාය සබ‍්බනිමිත‍්තානඤ‍්ච මනසිකාරො, අනිමිත‍්තාය ච ධාතුයා අමනසිකාරො”ති (ම· නි· 1.458) වචනතො පනස‍්සා ද‍්වීහාකාරෙහි වුට‍්ඨානං හොති. තත්‍ථ සබ‍්බනිමිත‍්තානන‍්ති රූපනිමිත‍්තවෙදනාසඤ‍්ඤාසඞ‍්ඛාරවිඤ‍්ඤාණනිමිත‍්තානං. කාමඤ‍්ච න සබ‍්බානෙවෙතානි එකතො මනසිකරොති සබ‍්බසඞ‍්ගාහිකවසෙන පනෙතං වුත‍්තං. තස‍්මා යං භවඞ‍්ගස‍්ස ආරම‍්මණං හොති, තං මනසිකරොතො ඵලසමාපත‍්තිවුට‍්ඨානං හොතීති එවමස‍්සා වුට‍්ඨානං වෙදිතබ‍්බං.

“ඇවැත්නි, නිමිති රහිත වූ චේතෝවිමුක්තියෙන් නැඟීම පිණිස කරුණු දෙකක් ප්‍රත්‍යය වේ:- සියලු (සංස්කාර) නිමිති මෙනෙහි කිරීම හා අනිමිත්ත (නිමිති රහිත) නිර්වාණ ධාතුව මෙනෙහි නොකිරීමය යන දෙකයි” යනු කී හෙයින් ඵල-සමාපත්තියෙන් නැඟීම දෙ-ආකාරයෙකින් වේ. එහි, ‘සියලු නිමිති’ (සබ්බ නිමිත්තානං) යනු, රූප නිමිති, වේදනා-සඤ්ඤා-සංඛාරා-විඤ්ඤාණ-නිමිති යන මේය. එකැතින්ම, මේ සියල්ල එකවිට මෙනෙහි කරනුයේ නොවේ, සියල්ල සංග්‍රහ කිරීමේ වශයෙන් මෙසේ එක් කොට කියන ලදී. එහෙයින් යම් නිමිත්තක් භවංගයට අරමුණු වේද, එය මෙනෙහි කරන්නහුට එයින් (ඵල සමාපත්තියෙන්) නැඟීම වෙති’යි මෙසේ මෙහි නැඟීම (වුට්ඨාන) දතයුතුය.

කිං ඵලස‍්ස අනන‍්තරං, කස‍්ස ච ඵලං අනන‍්තරන‍්ති ඵලස‍්ස තාව ඵලමෙව වා අනන‍්තරං හොති, භවඞ‍්ගං වා. ඵලං පන අත්‍ථි මග‍්ගානන‍්තරං, අත්‍ථි ඵලානන‍්තරං, අත්‍ථි ගොත්‍රභුඅනන‍්තරං, අත්‍ථි නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනානන‍්තරං. තත්‍ථ මග‍්ගවීථියං මග‍්ගානන‍්තරං, පුරිමස‍්ස පුරිමස‍්ස පච‍්ඡිමං පච‍්ඡිමං ඵලානන‍්තරං. ඵලසමාපත‍්තීසු පුරිමං පුරිමං ගොත්‍රභුඅනන‍්තරං. ගොත්‍රභූති චෙත්‍ථ අනුලොමං වෙදිතබ‍්බං. වුත‍්තඤ‍්හෙතං පට‍්ඨානෙ – “අරහතො අනුලොමං ඵලසමාපත‍්තියා අනන‍්තරපච‍්චයෙන පච‍්චයො. සෙක‍්ඛානං අනුලොමං ඵලසමාපත‍්තියා අනන‍්තරපච‍්චයෙන පච‍්චයො”ති (පට‍්ඨා· 1.1.417). යෙන ඵලෙන නිරොධා වුට‍්ඨානං හොති, තං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනානන‍්තරන‍්ති. තත්‍ථ ඨපෙත්‍වා මග‍්ගවීථියං උප‍්පන‍්නං ඵලං අවසෙසං සබ‍්බං ඵලසමාපත‍්තිවසෙන පවත‍්තං නාම. එවමෙතං මග‍්ගවීථියං ඵලසමාපත‍්තියං වා උප‍්පජ‍්ජනවසෙන,

ඵල චිත්තයට අනන්තර ප්‍රත්‍යය වනුයේ කිමෙක්ද? ඵල චිත්තය අනන්තර ප්‍රත්‍යය වනුයේ කුමකටද? පළමුකොට, ඵලයට ඵලයම හෝ භවාංග චිත්තය හෝ අනන්තර ප්‍රත්‍යය වේ; මාර්ග චිත්තය අනන්තර ප්‍රත්‍යය වූ ඵල චිත්තයෙක් ඇත, ඵල චිත්තය අනන්තර ප්‍රත්‍යය වූ ඵල චිත්තයෙක්ද ඇත, ගෝත්‍රභූ චිත්තය අනන්තර ප්‍රත්‍යය වූ ඵලචිත්තයෙක්ද ඇත; නේවසඤ්ඤා නාසඤ්ඤායතන චිත්තය අනන්තර ප්‍රත්‍යය වූ ඵලචිත්තයෙක්ද ඇත; එහි මාර්ග වීථියෙහිදී ඵල චිත්තයට මාර්ග චිත්තය අනන්තර ප්‍රත්‍යය වේ; පළමු පළමු ඵල චිත්තයට පසු පසු ඵල චිත්තය අනන්තර ප්‍රත්‍යය වේ; ඵල සමාපත්ති විෂයයෙහි, පළමු පළමු ඵලචිත්තයට ගෝත්‍රභූ චිත්තය අනන්තර ප්‍රත්‍යය වේ. මෙහි ‘ගෝත්‍රභූ’ යනු අනුලෝම ඥානයයිද දතයුතුය; කියන ලද මැයි පට්ඨානයෙහි:- “රහත්හුගේ අනුලෝම ඥානය ඵල සමාපත්තියට අනන්තර ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ. ශෛක්‍ෂයන්ගේ අනුලෝම ඥානය ඵලසමාපත්තියට අනන්තර ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ.” යම් ඵලයෙකින් නිරෝධයෙන් නැඟීම වේද, එය නේවසඤ්ඤානාසඤ්ඤායතනයට අනන්තර වේ. එහි, මාර්ගවීථියෙහි උපන් ඵලය හැර සෙසු සියල්ල ඵල සමාපත්ති වශයෙන් පැවතියේ නම්වේ. මෙසේ මේ ඵලය මාර්ගවීථියෙහි හෝ ඵලසමාපත්තියෙහි ඉපැදීම් වශයෙන්,

පටිප‍්පස‍්සද‍්ධදරථං , අමතාරම‍්මණං සුභං; වන‍්තලොකාමිසං සන‍්තං, සාමඤ‍්ඤඵලමුත‍්තමං.

පටිප්පස්සද්ධ දරථං අමතාරම්මණං සුභං වන්තලොකාමිසං සන්තං සාමඤ්ඤඵල මුත්තමං,

ඔජවන‍්තෙන සුචිනා, සුඛෙන අභිසන්‍දිතං; යෙන සාතාතිසාතෙන, අමතෙන මධුං විය.

ඔජවන්තෙන සුඛිතා සුඛෙන අභිසන්‍දිතං, යෙන සාතාතිසාතෙන අමතෙන මධුං විය

තං සුඛං තස‍්ස අරියස‍්ස, රසභූතමනුත‍්තරං; ඵලස‍්ස පඤ‍්ඤං භාවෙත්‍වා, යස‍්මා වින්‍දති පණ‍්ඩිතො.

තං සුකං තස්ස අරියස්ස රසභූත මනුත්තරං ඵලස්ස පඤ්ඤං භාවෙත්‍වා යස්මා වින්‍දති පණ්ඩිතො.

තස‍්මා අරියඵලස‍්සෙතං, රසානුභවනං ඉධ; විපස‍්සනාභාවනාය, ආනිසංසොති වුච‍්චති.

තස්මාරියඵලස්සෙතං රසානුභවනං ඉධ, විපස්සනාභාවනාය ආනිසංසොති වුච්චති.

කෙලෙස් විඩා සන්සිඳවූ, නිවන් අරමුණු කොටගත්, කල්‍යාණ වූ, ලෞකිකත්‍වය දුරු කළ, ශාන්ත වූ යම් ශ්‍රාමණ්‍යඵලයක් වේද, සාරවත්වූ, පිරිසුදු වූ, අග්‍රරසය වූ, අමෘත වූ ඒ පලසුවයෙන් මුසු කරන ලද මිහිරක් වැනි වූ,

අනුත්තර රසය වූ ඒ සුවය, යම්හෙයකින්, පණ්ඩිත තෙමේ ආර්ය ඵල ප්‍රඥාව (විදර්ශනාව) වැඩීමෙන් විඳීද,

එහෙයින් මෙහි (මේ ශාසනයෙහි) මේ ආර්යඵලරසානුභවනය විදර්ශනාවෙහි ආනිසංසයයි කියනු ලැබේ.