යෙදුමෙන් කියවන්න

ආනිසංසපකාසනා

සම්පූර්ණ පරිච්ඡේදය

ආනිසංසපකාසනා

ආනිසංසපකාසනා

යං පන වුත‍්තං “පඤ‍්ඤාභාවනාය කො ආනිසංසො”ති, තත්‍ථ වදාම. අයඤ‍්හි පඤ‍්ඤාභාවනා නාම අනෙකසතානිසංසා. තස‍්සා දීඝෙනාපි අද‍්ධුනා න සුකරං විත්‍ථාරතො ආනිසංසං පකාසෙතුං. සඞ‍්ඛෙපතො පනස‍්සා නානාකිලෙසවිද‍්ධංසනං, අරියඵලරසානුභවනං, නිරොධසමාපත‍්තිසමාපජ‍්ජනසමත්‍ථතා, ආහුනෙය්‍යභාවාදිසිද‍්ධීති අයමානිසංසො වෙදිතබ‍්බො.

“පඤ්ඤාභාවනාය කො ආනිසංසො’’ යනුවෙන් යමක් යට (ඛන්‍ධ නිද්දේසාරම්භයෙහි) කියන ලද්දේද, ඒ පිළිබඳව කථා කරමු:- මේ පඤ්ඤා භාවනාව වූ කලී නොයෙක් සියගණන් අනුසස් ඇත්තෙකි. එහි අනුසස් දීර්ඝ කාලයෙකින් පවා විතර වශයෙන් ප්‍රකාශ කිරීම සුකර නොවේ. සංක්‍ෂේපයෙන් වනාහි, නොයෙක් ක්ලේශයන්ගේ විධ්වංසනය, ආර්යඵල රසානුභාවය, නිරෝධ සමාපත්තියට සමවැදීමේ සමත්බව, ආහුණෙය්‍ය (පූජාර්හ) භාවාදිය සමෘද්ධ වීමය යන මේ අනුසස් දතයුතුය.

නානාකිලෙසවිද‍්ධංසනකථා

නානාකිලෙසවිද්ධංසනකථා

තත්‍ථ යං නාමරූපපරිච‍්ඡෙදතො පට‍්ඨාය සක‍්කායදිට‍්ඨාදීනං වසෙන නානාකිලෙසවිද‍්ධංසනං වුත‍්තං, අයං ලොකිකාය පඤ‍්ඤාභාවනාය ආනිසංසො. යං අරියමග‍්ගක‍්ඛණෙ සංයොජනාදීනං වසෙන නානාකිලෙසවිද‍්ධංසනං වුත‍්තං, අයං ලොකුත‍්තරාය පඤ‍්ඤාභාවනාය ආනිසංසොති වෙදිතබ‍්බො.

එහි, නාමරූප පරිච්ඡේදයෙහි (පිරිසිඳීමෙහි) පටන් සක්කායදිට්ඨි ආදී වශයෙන් නොයෙක් කෙලෙසුන් පිළිබඳ යම් විධ්වංසනයක් කියන ලද්දේද, මේ ලෞකික පඤ්ඤාභාවනාවෙහි අනුසස් වේ. ආර්ය මාර්ගක්‍ෂණයෙහිදී සංයෝජනාදී නොයෙක් ක්ලේශයන්ගේ විධ්වංසනයක් කියන ලද්දේද, මේ ලෝකෝත්තර වූ පඤ්ඤා භාවනාවෙහි අනුසස් යයි දතයුතුය.

භීමවෙගානුපතිතා, අසනීව සිලුච‍්චයෙ; වායුවෙගසමුට‍්ඨිතො, අරඤ‍්ඤමිව පාවකො.

භීම වෙගානුපතිතා අසනීව සිලුච්චයෙ, වායුවෙග සමුට්ඨිතො අරඤ්ඤමිව පාවකො

අන්‍ධකාරං විය රවි, සතෙජුජ‍්ජලමණ‍්ඩලො; දීඝරත‍්තානුපතිතං, සබ‍්බානත්‍ථවිධායකං.

අන්‍ධකාරං විය රවිසතෙජුජ්ජල මණ්ඩලො, දීඝරත්තානුපතිතං සබ්බානත්‍ථ විධායකං

කිලෙසජාලං පඤ‍්ඤා හි, විද‍්ධංසයති භාවිතා; සන්‍දිට‍්ඨිකමතො ජඤ‍්ඤා, ආනිසංසමිමං ඉධ.

කිලෙසජාලං පඤ්ඤාහි විද්ධංසයති භාවිතා, සන්‍ධිට්ඨික මතො ජඤ්ඤා ආනිසංසමිමං ඉධ

බිහිසුණු වේගයෙකින් පතිත වූ අකුණක් පවුමුදුනෙක වූ වන ලැහැබක් සෙයින්ද, වාත වේගයෙන් නැඟී ගිය ලැව් ගින්නක් වන ලැහැබක් සෙයින්ද,

තෙද රැස් මඬුලු සහිත සූර්යයා අන්‍ධකාරය සෙයින්ද, වඩනා ලද පඤ්ඤාභාවනාව (විදර්ශනාව) දීර්ඝ කාලයක් පැවත ආ සියලු අවැඩ සිදු කරන ක්ලේශජාලය වනසාලයි. එහෙයින් මෙහි (පඤ්ඤාභාවනාවෙහි) වූ මේ සාංදෘෂ්ටික (අත්දුටු) ආනිසංසය දතයුතුය.