යෙදුමෙන් කියවන්න

පරිඤ‍්ඤාදිප‍්පභෙදකථා

පරිඤ‍්ඤාදිප‍්පභෙදකථා

පරිඤ්ඤාදිප්පභෙදකථා

ඉදානි යානි තානි පරිඤ‍්ඤාදීනි චත‍්තාරි කිච‍්චානි වුත‍්තානි, තෙසු –

ඉක්බිති, පරිඤ්ඤා ආදීවූ යම් ඒ කෘත්‍යයන් සතරක් යට කියන ලද්දේද, එහි:-

තිවිධා හොති පරිඤ‍්ඤා, තථා පහානම‍්පි සච‍්ඡිකිරියාපි; ද‍්වෙ භාවනා අභිමතා, විනිච‍්ඡයො තත්‍ථ ඤාතබ‍්බො.

තිවිධා හොති පරිඤ්ඤා තථා පහානම්පි සච්ඡිකිරියාපි, ද්වෙ භාවනා අභිමතා විනිච්ඡයො තත්‍ථ ඤාතබ්බො

පරිඤ්ඤාව ත්‍රිවිධ වේ, පහාන, සච්ඡිකිරියා යන දෙක එසේය. (ත්‍රිවිධ වේ); භාවනාව ද්විවිධ වේ; එහි විනිශ්චයය දතයුතුය.

තිවිධා හොති පරිඤ‍්ඤාති ඤාතපරිඤ‍්ඤා තීරණපරිඤ‍්ඤා පහානපරිඤ‍්ඤාති එවං පරිඤ‍්ඤා තිවිධා හොති. තත්‍ථ “අභිඤ‍්ඤාපඤ‍්ඤා ඤාතට‍්ඨෙන ඤාණ”න‍්ති (පටි· ම· මාතිකා 1.20) එවං උද‍්දිසිත්‍වා “යෙ යෙ ධම‍්මා අභිඤ‍්ඤාතා හොන‍්ති, තෙ තෙ ධම‍්මා ඤාතා හොන‍්තී”ති (පටි· ම· 1.75) එවං සඞ‍්ඛෙපතො, “සබ‍්බං, භික‍්ඛවෙ, අභිඤ‍්ඤෙය්‍යං. කිඤ‍්ච, භික‍්ඛවෙ, සබ‍්බං අභිඤ‍්ඤෙය්‍යං? චක‍්ඛුං, භික‍්ඛවෙ, අභිඤ‍්ඤෙය්‍ය”න‍්තිආදිනා (පටි· ම· 1.2) නයෙන විත්‍ථාරතො වුත‍්තා ඤාතපරිඤ‍්ඤා නාම. තස‍්සා සප‍්පච‍්චයනාමරූපාභිජානනා ආවෙණිකා භූමි.

‘තිවිධා හොති පරිඤ්ඤා’ යනු, පරිඤ්ඤාව (පිරිසිඳ දැනීම) ඤාත පරිඤ්ඤාය, තීරණ පරිඤ්ඤාය, පහාන පරිඤ්ඤා යයි ත්‍රිවිධ වේ. එහි “අභිඤ්ඤාපඤ්ඤා ඤාතට්ඨෙ ඤාණං” ‘අභිඤ්ඤා පඤ්ඤා’ යනු, දන්නා ලදැ’යි යන අර්ත්‍ථයෙහි වූ ඥානයයි යනුවෙන් මෙසේ උද්දේස කොට, “යෙ යෙ ධම්මා අභිඤ්ඤාතා හොන්ති, තෙ තෙ ධම්මා ඤාතා හොන්ති” යම් යම් ධර්මය අවබෝධ කරන ලද්දේද, ඒ ඒ ධර්මය දන්නා ලද්දේය”යි මෙසේ සංක්‍ෂේපයෙන්ද, “සබ්බං භික්‍ඛවෙ අභිඤ්ඤෙය්‍යං, කිඤ්ච භික්‍ඛවෙ සබ්බං? චක්‍ඛු භික්‍ඛවෙ සබ්බං අභිඤ්ඤෙය්‍යං’’ මහණෙනි, සියල්ල මනාකොට දතයුතු වේ; මහණෙනි, කවරවූ සියල්ල මනා කොට දතයුතු වේද? මහණෙනි, චක්‍ඛුප්පසාදය පිළිබඳව සියල්ල මනාකොට දතයුතු වේ ආදී නයින් විස්තර වශයෙන්ද, කියන ලදුයේ ඥාතපරිඤ්ඤා’ නමි. එම ඤාතපරිඤ්ඤාව විසින් ප්‍රත්‍යය සහිත වූ නාමරූපයන් විශේෂයෙන් දැනගැනීම. [missing trans]

“පරිඤ‍්ඤාපඤ‍්ඤා තීරණට‍්ඨෙන ඤාණ”න‍්ති (පටි· ම· මාතිකා 1.21) එවං උද‍්දිසිත්‍වා පන “යෙ යෙ ධම‍්මා පරිඤ‍්ඤාතා හොන‍්ති, තෙ තෙ ධම‍්මා තීරිතා හොන‍්තී”ති (පටි· ම· 1.75) එවං සඞ‍්ඛෙපතො, “සබ‍්බං, භික‍්ඛවෙ, පරිඤ‍්ඤෙය්‍යං. කිඤ‍්ච, භික‍්ඛවෙ, සබ‍්බං පරිඤ‍්ඤෙය්‍යං? චක‍්ඛුං, භික‍්ඛවෙ, පරිඤ‍්ඤෙය්‍ය”න‍්තිආදිනා (පටි· ම· 1.21) නයෙන විත්‍ථාරතො වුත‍්තා තීරණපරිඤ‍්ඤා නාම. තස‍්සා කලාපසම‍්මසනතො පට‍්ඨාය අනිච‍්චං දුක‍්ඛමනත‍්තාති තීරණවසෙන පවත‍්තමානාය යාව අනුලොමා ආවෙණිකා භූමි.

“ආවෙණිකා භූමි පරිඤ්ඤා පඤ්ඤා තීරණට්ඨෙ ඤාණං”, එයටම (එම ඤාත පරඤ්ඤාවටම) ආවේණික භූමිය වූ පරිඤ්ඤාප්‍රඥාව තීරණාර්ත්‍ථයෙහි ඤාණය වේ,” යනුවෙන් මෙසේ උද්දේස කොට, “යෙ යෙ ධම්මා පරිඤ්ඤාතා හොන්ති, තෙ තෙ ධම්මා තීරිතා හොන්ති’ යම් යම් ධර්මයක් පිරිසිඳ දන්නා ලද්දේද, ඒ ඒ ධර්මය තීරණය කරන ලද්දේය’යි මෙසේ සංක්‍ෂේපයෙන්ද, “සබ්බං භික්‍ඛවෙ පරිඤ්ඤෙය්‍යං, කිඤ්චභික්‍ඛවෙ සබ්බං පරිඤ්ඤෙය්‍යං? චක්‍ඛු භික්‍ඛවෙ පරිඤ්ඤෙය්‍යං’’ මහණෙනි, සියල්ල පිරිසිඳ දතයුතුවේ, මහණෙනි කවර වූ සියල්ල පිරිසිඳ දතයුතුවේද? මහණෙනි, චක්‍ඛුප්පසාදය පිරිසිඳ දතයුතු වේ, යන ආදී නයින් විස්තර වශයෙන්ද කියන ලදුයේ තීරණ පරිඤ්ඤා නමි. එම තීරණ පරිඤ්ඤාව විසින්, කලාප සම්මර්ශනයෙහි පටන් අනිත්‍යය, දුඃඛය, අනාත්මය යන තීරණ වශයෙන් පවත්වනු ලබන, අනුලෝම ඤාණය තෙක්, ආවේණික භූමිය වූ ...

“පහානපඤ‍්ඤා පරිච‍්චාගට‍්ඨෙන ඤාණ”න‍්ති (පටි· ම· මාතිකා 1.22) එවං පන උද‍්දිසිත්‍වා “යෙ යෙ ධම‍්මා පහීනා හොන‍්ති, තෙ තෙ ධම‍්මා පරිච‍්චත‍්තා හොන‍්තී”ති (පටි· ම· 1.75) එවං විත්‍ථාරතො වුත‍්තා “අනිච‍්චානුපස‍්සනාය නිච‍්චසඤ‍්ඤං පජහතී”තිආදිනයප‍්පවත‍්තා පහානපරිඤ‍්ඤා. තස‍්සා භඞ‍්ගානුපස‍්සනතො පට‍්ඨාය යාව මග‍්ගඤාණා භූමි, අයං ඉධ අධිප‍්පෙතා.

පහාන පරිඤ්ඤා පරිත්‍යාග (කෙලෙස් හැර දැමීමේ) ඤාණයයි, මෙසේ උද්දේස කොට, “යෙ යෙ ධම්මා පහීනා හොන්ති, තෙ තෙ ධම්මා පරිච්චත්තා හොන්ති” (යම් යම් (ක්ලේශ) ධර්මයක් ප්‍රහීණ වූයේද, ඒ ඒ ධර්මය පරිත්‍යක්ත වූයේය’යි මෙසේ විස්තර වශයෙන් කියන ලද, “අනිච්චානුපස්සනාවෙන් නිත්‍යසංඥාව හරියි” යන ආදී නයින් පැවති පහාන පරිඤ්ඤාවයි, භංගානුපස්සනාවෙහි පටන් මාර්ගඥානය තෙක් එයට අයත් භූමියයි; මෙහි අභිප්‍රේත වනුයේ මෙයයි.

යස‍්මා වා ඤාතතීරණපරිඤ‍්ඤායොපි තදත්‍ථායෙව, යස‍්මා ච යෙ ධම‍්මෙ පජහති, තෙ නියමතො ඤාතා චෙව තීරිතා ච හොන‍්ති, තස‍්මා පරිඤ‍්ඤාත‍්තයම‍්පි ඉමිනා පරියායෙන මග‍්ගඤාණස‍්ස කිච‍්චන‍්ති වෙදිතබ‍්බං.

යම් හෙයකින් ඤාතපරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා යන දෙකද එම ප්‍රහාණය සඳහාම වන හෙයින්ද, යම් (ක්ලේශ) ධර්මයක් හරී නම්, එය නියත වශයෙන්ම ‘ඤාත’ (දන්නා ලද) ද, ‘තීරිත’ (තීරණය කරනලද) ද වන හෙයින්, පරිඤ්ඤා තුනම මෙකී පර්යායයෙන් මාර්ගඥානයටම අයත් කෘත්‍යයන් වෙති’යි දතයුතුය.

තථා පහානම‍්පීති පහානම‍්පි හි වික‍්ඛම‍්භනප‍්පහානං තදඞ‍්ගප‍්පහානං සමුච‍්ඡෙදප‍්පහානන‍්ති පරිඤ‍්ඤා විය තිවිධමෙව හොති. තත්‍ථ යං සසෙවාලෙ උදකෙ පක‍්ඛිත‍්තෙන ඝටෙන සෙවාලස‍්ස විය තෙන තෙන ලොකියසමාධිනා නීවරණාදීනං පච‍්චනීකධම‍්මානං වික‍්ඛම‍්භනං, ඉදං වික‍්ඛම‍්භනප‍්පහානං නාම. පාළියං පන “වික‍්ඛම‍්භනප‍්පහානඤ‍්ච නීවරණානං පඨමං ඣානං භාවයතො”ති (පටි· ම· 1.24) නීවරණානඤ‍්ඤෙව වික‍්ඛම‍්භනං වුත‍්තං, තං පාකටත‍්තා වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. නීවරණානි හි ඣානස‍්ස පුබ‍්බභාගෙපි පච‍්ඡාභාගෙපි න සහසා චිත‍්තං අජ‍්ඣොත්‍ථරන‍්ති, විතක‍්කාදයො අප‍්පිතක‍්ඛණෙයෙව. තස‍්මා නීවරණානං වික‍්ඛම‍්භනං පාකටං.

(ගාථායෙහි) “තථා පහානම්පි’’ යනු, ප්‍රහාණයද වික්ඛම්භනප්පහානය, තදඞ්ගප්පහානය, සමුච්ඡේදප්පහානය’යි, පරිඤ්ඤාව මෙන්ම ත්‍රිවිධ වේ. එහි, සෙවෙල් සහිත දියෙහි බහන ලද කළයෙකින් (තාවකාලිකව) සෙවෙල් ඉවත් වන්නා හෙයින් ඒ ඒ ලෞකික සමාධීන් මගින් නීවරණ ආදී වූ ප්‍රතිපක්‍ෂ ධර්මයන් (තාවකාලික) යටපත් කිරීම ‘වික්ඛම්භනප්පහාන’ නමි; පෙළෙහි වනාහි, “වික්‍ඛම්භනප්පහානං ච නීවරණානං පඨමජ්ඣානං භාවයතො” යනුවෙන්, ප්‍රථමධ්‍යානය වඩන්නහුගේ නීවරණයන් යටපත් කිරීම වික්‍ඛම්භනය’යි; නීවරණයන්ගේම වික්ඛම්භනය කියන ලදි. එය (නීවරණ වික්ඛම්භනය) ප්‍රකට වූ හෙයින් එසේ කියන ලදැ’යි දතයුතුය. නීවරණයෝ වනාහි ධ්‍යානයට පෙරාතුව මෙන්ම පසුවද ක්‍ෂණිකව සිත තුළ නොපැතිරෙති; එහෙයින් විතක්ක ආදිය (ධ්‍යානාංග) යෙදූ කෙණෙහිම සිත තුළ පැතිර සිටී; එහෙයින් නීවරණයන්ගේ විෂ්කම්භනය ප්‍රකට වේ.

යං පන රත‍්තිභාගෙ සමුජ‍්ජලිතෙන පදීපෙන අන්‍ධකාරස‍්ස විය තෙන තෙන විපස‍්සනාය අවයවභූතෙන ඤාණඞ‍්ගෙන පටිපක‍්ඛවසෙනෙව තස‍්ස තස‍්ස පහාතබ‍්බධම‍්මස‍්ස පහානං, ඉදං තදඞ‍්ගප‍්පහානං නාම. සෙය්‍යථිදං – නාමරූපපරිච‍්ඡෙදෙන තාව සක‍්කායදිට‍්ඨියා. පච‍්චයපරිග‍්ගහෙන අහෙතුවිසමහෙතුදිට‍්ඨියා චෙව කඞ‍්ඛාමලස‍්ස ච. කලාපසම‍්මසනෙන “අහං මමා”ති සමූහගාහස‍්ස. මග‍්ගාමග‍්ගවවත්‍ථානෙන අමග‍්ගෙ මග‍්ගසඤ‍්ඤාය. උදයදස‍්සනෙන උච‍්ඡෙදදිට‍්ඨියා. වයදස‍්සනෙන සස‍්සතදිට‍්ඨියා. භයතුපට‍්ඨානෙන සභයෙ අභයසඤ‍්ඤාය. ආදීනවදස‍්සනෙන අස‍්සාදසඤ‍්ඤාය. නිබ‍්බිදානුපස‍්සනෙන අභිරතිසඤ‍්ඤාය. මුඤ‍්චිතුකම්‍යතාය අමුඤ‍්චිතුකාමභාවස‍්ස. පටිසඞ‍්ඛානෙන අප‍්පටිසඞ‍්ඛානස‍්ස. උපෙක‍්ඛාය අනුපෙක‍්ඛනස‍්ස. අනුලොමෙන සච‍්චපටිලොමගාහස‍්ස පහානං.

රාත්‍රිභාගයෙහි දල්වන ලද පහනෙකින් අඳුර (පහ කරන්නා) සේ විදර්ශනාවට අවයව වූ ඒ ඒ ඥානාංගයෙන් (එයට) ප්‍රතිපක්‍ෂ වශයෙන් පහ කළයුතු ඒ ඒ (ක්ලේශ) ධර්මයන්ගේ යම් ප්‍රහාණයක් වේද, එය තදඞ්ගප්පහාන නමි. මේ කෙසේද යත්, පළමුකොට, නාමරූපයන් පිරිසිඳීමෙන් අහේතුදෘෂ්ටි, විෂම හේතු දෘෂ්ටීන්ගේ හා ශංකා මලයන්ගේ (මල වැනි සැකය) ද, කලාප සම්මර්ශනයෙන් ‘මමය, මාගේය’ යන සමූඪග්‍රාහයෙහි (මුළාවෙහිද, මාර්ග අමාර්ග විනිශ්චයයෙන් අමාර්ග විෂයයෙහි වූ මාර්ග සංඥාවෙහිද, උත්පාදය දැකීමෙන් උච්ඡේද දෘෂ්ටියෙහිද, ව්‍යයය (නැතිවීම) දැකීමෙන් ශාස්වත දෘෂ්ටියෙහිද, භයතුපට්ඨාන ඥානයෙන් එය සහිත පංචස්කන්‍ධ විෂයයෙහි වූ අභය සංඥාවෙහිද, ආදීනවයන් දැකීමෙන් (ස්කන්‍ධ විෂයයෙහි) ආස්වාද සංඥාවෙහිද, නිබ්බිදානුපස්සනාවෙන් අභිරති (ඇලීම) සංඥාවෙහිද, මුඤ්චිතුකම්‍යතා ඥානයෙන් නොමිදෙනු කැමැති බවෙහිද, පටිසඞ්ඛා ඥානයෙන් අප්පටිසංඛානයෙහි (නුවණින් නොවිමසීමෙහි) ද, සඞ්ඛාරුපෙක්ඛා ඥානයෙන් උපේක්‍ෂා විරහිත භාවයෙහිද, අනුලොම ඥානයෙන් සත්‍යයනට ප්‍රතිපක්‍ෂ (මිථ්‍යා) ග්‍රහණයෙහිද -තදඞ්ග- ප්‍රහාණය වේ.

යං වා පන අට‍්ඨාරසසු මහාවිපස‍්සනාසු අනිච‍්චානුපස‍්සනාය නිච‍්චසඤ‍්ඤාය. දුක‍්ඛානුපස‍්සනාය සුඛසඤ‍්ඤාය. අනත‍්තානුපස‍්සනාය අත‍්තසඤ‍්ඤාය. නිබ‍්බිදානුපස‍්සනාය නන්‍දියා. විරාගානුපස‍්සනාය රාගස‍්ස. නිරොධානුපස‍්සනාය සමුදයස‍්ස. පටිනිස‍්සග‍්ගානුපස‍්සනාය ආදානස‍්ස. ඛයානුපස‍්සනාය ඝනසඤ‍්ඤාය. වයානුපස‍්සනාය ආයූහනස‍්ස. විපරිණාමානුපස‍්සනාය ධුවසඤ‍්ඤාය. අනිමිත‍්තානුපස‍්සනාය නිමිත‍්තස‍්ස. අප‍්පණිහිතානුපස‍්සනාය පණිධියා. සුඤ‍්ඤතානුපස‍්සනාය අභිනිවෙසස‍්ස. අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය සාරාදානාභිනිවෙසස‍්ස. යථාභූතඤාණදස‍්සනෙන සම‍්මොහාභිනිවෙසස‍්ස. ආදීනවානුපස‍්සනාය ආලයාභිනිවෙසස‍්ස. පටිසඞ‍්ඛානුපස‍්සනාය අප‍්පටිසඞ‍්ඛාය. විවට‍්ටානුපස‍්සනාය සංයොගාභිනිවෙසස‍්ස පහානං. ඉදම‍්පි තදඞ‍්ගප‍්පහානමෙව.

තවද අටළොස් මහා විදර්ශනාවන් අතුරෙන්, අනිච්චානුපස්සනාවෙන් නිත්‍ය සංඥාවෙහිද, දුක්ඛානුපස්සනාවෙන් සුඛ සංඥාවෙහිද, අනත්තානුපස්සනාවෙන් ආත්ම සංඥාවෙහිද, නිබ්බිදානුපස්සනාවෙන් නන්‍දිරාගයෙහිද, විරාගානුපස්සනාවෙන් රාගයෙහිද, නිරෝධානුපස්සනාවෙන් සමුදය (තෘෂ්ණා) යෙහිද, පටිනිස්සග්ගානුපස්සනාවෙන් ආදාන (දැඩිව ගැනීම) යෙහිද, ඛයානුපස්සනාවෙන් ඝන (එක්ව බැඳී ඇතැ’යි යන) සංඥාවෙහිද, වයානුපස්සනාවෙන් ආයූහන (කර්මයන් රැස් කිරීම) යෙහිද, විපරිණාමානුපස්සනාවෙන් ධ්‍රැව (තිරය යන හැඟීම) සංඥාවෙහිද, අනිමිත්තානුපස්සනාවෙන් නිමිත්ත ග්‍රහණයෙහි (රූපාදී නිමිති ගැනීම) ද, අප්පණිහිතානුපස්සනාවෙන් ප්‍රණිධියෙහි (සැප පැතීම) ද, සුඤ්ඤතානුපස්සනාවෙන් අභිනිවේස (ආත්මය පිළිබඳ දෘෂ්ටිය) යෙහිද, අධිපඤ්ඤා ධම්ම විපස්සනාවෙන් සාරාදානාභිනිවේසයෙහි (සාර වශයෙන් දැඩි සේ ගැනීම) ද, යථාභූත ඤාණ දස්සනයෙන් සම්මෝහාභිනිවේසයෙහි (මූළාවෙන් දැඩිව ගැනීම) ද, ආදීනවානුපස්සනාවෙන් ආලයාභිනිවේසයෙහි (ඇලීම් වශයෙන් දැඩිව ගැනීම) ද, පටිසඞ්ඛානුපස්සනාවෙන් අප්පටිසඞ්ඛානයෙහි (නුවණින් නොවිමසීමද) විවට්ටානුපස්සනාවෙන් සංයෝගාභිනිවේසයෙහි (සංයෝජන ලෙසින් දැඩිසේ ගැනීම්) ද ප්‍රහාණය වේ. මේද තදංගප්‍රහාණමැයි.

තත්‍ථ යථා අනිච‍්චානුපස‍්සනාදීහි සත‍්තහි නිච‍්චසඤ‍්ඤාදීනං පහානං හොති, තං භඞ‍්ගානුපස‍්සනෙ වුත‍්තමෙව.

එහි, අනිච්චානුපස්සනාදී වූ විදර්ශනා සතෙන් නිත්‍ය සංඥා ආදියෙහි ප්‍රහාණය වන ආකාරය (පටිපදා ඤාණදස්සන විසුද්ධි නිද්දේසයෙහි) භඞ්ගානුපස්සනයෙහි කියන ලද්දේමය.

ඛයානුපස‍්සනාති පන ඝනවිනිබ‍්භොගං කත්‍වා අනිච‍්චං ඛයට‍්ඨෙනාති එවං ඛයං පස‍්සතො ඤාණං. තෙන ඝනසඤ‍්ඤාය පහානං හොති.

ඛයානුපස්සනා ඝනසංඥාව බිඳහැර, ක්‍ෂයාර්ත්‍ථයෙන්, අනිත්‍ය වෙතැ’යි මෙසේ (ස්කන්‍ධයන්ගේ ක්‍ෂය වීම දක්නහුගේ ඥානයයි; එයින් (එම ඥානයෙන්) ඝන සංඥාවෙහි ප්‍රහාණය වේ;

වයානුපස‍්සනාති –

‘වයානුපස්සනා’ යනු.

ආරම‍්මණාන්‍වයෙන, උභො එකවවත්‍ථානා; නිරොධෙ අධිමුත‍්තතා, වයලක‍්ඛණවිපස‍්සනාති. –

ආරම්මණා අන්‍වයෙන උභො එකවවත්‍ථනා නිරොධෙ අධිමුත්තතා වය ලක්‍ඛණ විපස්සනා’ති

රූපාදී අරමුණු මගින් (ප්‍රත්‍යක්‍ෂ වශයෙන්) ද, අරමුණු අනුව මෙනෙහි කිරීමෙන් (අනුමාන වශයෙන්දැ’යි මෙසේ දෙ-ආකාරයෙන්ම සංස්කාරයන්ගේ ව්‍යය ලක්‍ෂණය ව්‍යවස්ථාන කිරීමද, නිරෝධය කෙරෙහි අධිමුත්තතාව (ශ්‍රද්ධා ඇති බව)ද, වයලක්ඛණ විපස්සනායි.

එවං වුත‍්තා පච‍්චක‍්ඛතො චෙව අන්‍වයතො ච සඞ‍්ඛාරානං භඞ‍්ගං දිස‍්වා තස‍්මිඤ‍්ඤෙව භඞ‍්ගසඞ‍්ඛාතෙ නිරොධෙ අධිමුත‍්තතා, තාය ආයූහනස‍්ස පහානං හොති. යෙසං හි අත්‍ථාය ආයූහෙය්‍ය, “තෙ එවං වයධම‍්මා”ති විපස‍්සතො ආයූහනෙ චිත‍්තං න නමති.

මෙසේ කියන ලද, ප්‍රත්‍යක්‍ෂ වශයෙන්ද, අනුමාන වශයෙන්ද සංස්කාරයන්ගේ භංගය දැක, එම භංග සංඛ්‍යාත නිරෝධය කෙරෙහි අධිමුත්තතාව (විශ්වාසය) ඇතිවේ; එයින් (අධිමුත්තතාවෙන්) ආයූහන ප්‍රහාණය වේ; යමක් සඳහා ආයූහනය (රැස් කිරීම) කෙරේද, එම සංස්කාරයන් වැයවනසුලු වෙති’යි දක්නහුගේ සිත ආයූහනය වෙත නොනැමේ.

විපරිණාමානුපස‍්සනාති රූපසත‍්තකාදිවසෙන තං තං පරිච‍්ඡෙදං අතික‍්කම‍්ම අඤ‍්ඤථාපවත‍්තිදස‍්සනං. උප‍්පන‍්නස‍්ස වා ජරාය චෙව මරණෙන ච ද‍්වීහාකාරෙහි විපරිණාමදස‍්සනං, තාය ධුවසඤ‍්ඤාය පහානං හොති.

විපරිණාමානුපස්සනා යනු, රූප සප්තකාදී වශයෙන් (යටකී ආදාන නික්ඛේප ආදී වූ) ඒ ඒ පරිච්ඡේදයන් (පිරිසිඳීම්) ඉක්මවා අන්‍යථා ප්‍රවෘත්තිය (වෙනස් වන ස්වභාවය) දැකීමයි; නොහොත් ජරාවෙන් හා මරණයෙන්දැ’යි යන දෙ-ආකාරයෙන්ම උපන් සත්‍වයාගේ විපරිණාමය (වෙනස් වීම දැකීමයි; එයින් ධ්‍රැව සංඥාව (තිරය’යි යන හැඟීම) ප්‍රහීණ වේ.

අනිමිත‍්තානුපස‍්සනාති අනිච‍්චානුපස‍්සනාව, තාය නිච‍්චනිමිත‍්තස‍්ස පහානං හොති.

‘අනිමිත්තානුපස්සනා’ යනු, අනිත්‍යානුපස්සනාවමැයි; එයින් නිත්‍යය’යි ගත් නිමිත්තෙහි ප්‍රහාණය වේ.

අප‍්පණිහිතානුපස‍්සනාති දුක‍්ඛානුපස‍්සනාව, තාය සුඛපණිධිසුඛපත්‍ථනාපහානං හොති.

‘අප්පණිහිතානුපස්සනා’ යනු දුඃඛානු පස්සනාවමැයි; එයින් සුඛ ප්‍රණිධි හෙවත් සැප පැතීමෙහි ප්‍රහාණය වේ.

සුඤ‍්ඤතානුපස‍්සනාති අනත‍්තානුපස‍්සනාව, තාය “අත්‍ථි අත‍්තා”ති අභිනිවෙසස‍්ස පහානං හොති.

‘සුඤ්ඤතානුපස්සනා’ යනු, අනත්තානුපස්සනාව මැයි; එයින් “ආත්මයක් ඇතැ”යි යන අධිවිශ්වාසයෙහි ප්‍රහාණය වේ.

අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාති –

‘අධිපඤ්ඤධම්ම විපස්සනා’ යනු,

“ආරම‍්මණඤ‍්ච පටිසඞ‍්ඛා, භඞ‍්ගඤ‍්ච අනුපස‍්සති; සුඤ‍්ඤතො ච උපට‍්ඨානං, අධිපඤ‍්ඤා විපස‍්සනා”ති. –

ආරම්මණඤ්ච පටිසඞ්ඛා භඞ්ගඤ්ච අනුපස්සති සුඤ්ඤතො ච උපට්ඨානං අධිපඤ්ඤාවිපස්සනා’ති

අරමුණු ගැනීමද, ඒ අනුව නුවණ මෙහෙයවීමද, (සංස්කාරයන්ගේ) භංගය දැකීමද, ශුන්‍ය වශයෙන් වැටහීමද, ‘අධිපඤ්ඤාවිපස්සනා’ නම්වේ.

එවං වුත‍්තා රූපාදිආරම‍්මණං ජානිත්‍වා තස‍්ස ච ආරම‍්මණස‍්ස තදාරම‍්මණස‍්ස ච චිත‍්තස‍්ස භඞ‍්ගං දිස‍්වා “සඞ‍්ඛාරාව භිජ‍්ජන‍්ති, සඞ‍්ඛාරානං මරණං, න අඤ‍්ඤො කොචි අත්‍ථී”ති භඞ‍්ගවසෙන සුඤ‍්ඤතං ගහෙත්‍වා පවත‍්තා විපස‍්සනා. සා අධිපඤ‍්ඤා ච ධම‍්මෙසු ච විපස‍්සනාති කත්‍වා අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාති වුච‍්චති, තාය නිච‍්චසාරාභාවස‍්ස ච අත‍්තසාරාභාවස‍්ස ච සුට‍්ඨු දිට‍්ඨත‍්තා සාරාදානාභිනිවෙසස‍්ස පහානං හොති.

මෙසේ කියන ලද, රූපාදී අරමුණු දැන, එම අරමුණෙහි මෙන්ම තදාරම්මණික චිත්තයෙහි (එම අරමුණුගත් සිතෙහි) ද භංගය දැක, “සංස්කාරයෝම බිඳෙති, සංස්කාරයන්ගේම මරණය වේ, අන් කිසිවක් නැතැ’යි භංග වශයෙන් ශූන්‍යතාව ගෙන පැවැති විදර්ශනාවයි, එය ‘අධිපඤ්ඤා’ නමැ’යිද, (සංස්කාර) ධර්මයන් පිළිබඳ විදර්ශනා නමැ’යිද එක්කොට ගෙන ‘අධිපඤ්ඤාධම්ම විපස්සනා’ යයි කියනු ලැබේ. එයින් නිත්‍ය වශයෙන් ගත හැකි සාරයක් නැති බවද, ‘ආත්ම’ යන්නෙහි හරයක් නැති බවද මැනවින් දුටු හෙයින් සාරාදානාභිනිවේසයෙහි (සාරයයි දැඩිව ගැනීමෙහි) ප්‍රහාණය වේ.

යථාභූතඤාණදස‍්සනන‍්ති සප‍්පච‍්චයනාමරූපපරිග‍්ගහො, තෙන “අහොසිං නු ඛො අහං අතීතමද‍්ධාන”න‍්තිආදිවසෙන චෙව, “ඉස‍්සරතො ලොකො සම‍්භොතී”තිආදිවසෙන ච පවත‍්තස‍්ස සම‍්මොහාභිනිවෙසස‍්ස පහානං හොති.

‘යථාභූත ඤාණදස්සන’ යනු, ප්‍රත්‍යය සහිතව නාම-රූපයන්ගේ විග්‍රහයයි; එයින් “මම අතීතයෙහි වූයෙම්ද?’’ යන ආදී වශයෙන්ද, “ඊශ්වරයකුගෙන් ලෝකය හටගනී” ආදී වශයෙන්ද පැවැති සම්මෝහාභිවේසයෙහි ප්‍රහාණය වේ.

ආදීනවානුපස‍්සනාති භයතුපට‍්ඨානවසෙන උප‍්පන‍්නං සබ‍්බභවාදීසු ආදීනවදස‍්සනඤාණං, තෙන “කිඤ‍්චි අල‍්ලීයිතබ‍්බං න දිස‍්සතී”ති ආලයාභිනිවෙසස‍්ස පහානං හොති.

‘ආදීනවානුපස්සනා’ යනු, භයතුපට්ඨාන වශයෙන් උපන් භව ආදී සියල්ලෙහි ආදීනව දැකීමේ ඥානයයි; එයින් ඇලුම් කළයුතු කිසිවක් නැතැ’යි යනුවෙන් ආලයාභිනිවෙසයෙහි ප්‍රහාණය වේ.

පටිසඞ‍්ඛානුපස‍්සනාති මුඤ‍්චනස‍්ස උපායකරණං පටිසඞ‍්ඛාඤාණං, තෙන අප‍්පටිසඞ‍්ඛාය පහානං හොති.

‘පටිසඞ්ඛානුපස්සනා’ යනු, සසරින් මිදීම පිණිස කැරෙන උපාය වන පටිසඞ්ඛා ඥානයයි; එයින් අප්පටිසඞ්ඛායෙහි (නුවණින් මෙනෙහි නොකිරීම) ප්‍රහාණය වේ.

විවට‍්ටානුපස‍්සනාති සඞ‍්ඛාරුපෙක‍්ඛා චෙව අනුලොමඤ‍්ච. තදා හිස‍්ස චිත‍්තං ඊසකපොණෙ පදුමපලාසෙ උදකබින්‍දු විය සබ‍්බස‍්මා සඞ‍්ඛාරගතා පතිලීයති, පතිකුටති, පතිවත‍්තතීති වුත‍්තං. තස‍්මා තාය සංයොගාභිනිවෙසස‍්ස පහානං හොති, කාමසංයොගාදිකස‍්ස කිලෙසාභිනිවෙසස‍්ස කිලෙසප‍්පවත‍්තියා පහානං හොතීති අත්‍ථො. එවං විත්‍ථාරතො තදඞ‍්ගප‍්පහානං වෙදිතබ‍්බං. පාළියං පන “තදඞ‍්ගප‍්පහානඤ‍්ච දිට‍්ඨිගතානං නිබ‍්බෙධභාගියං සමාධිං භාවයතො”ති (පටි· ම· 1.24) සඞ‍්ඛෙපෙනෙව වුත‍්තං.

‘විවට්ටානුපස්සනා’ යනු, සඞ්ඛාරුපෙක්ඛා ඤාණය මෙන්ම අනුලෝම ඤාණය ද වේ. එවිට ඒ යෝගාවචරයාගේ සිත මඳක් නැඹුරු නෙළුම් කොළයෙක දිය බිඳු සෙයින් සියලු සංස්කාර ධර්මයන් කෙරෙන් හැකිලෙති’යි, පැකිලෙති’යි, පෙරළා වැටෙති’යි කියන ලදි. එහෙයින් එයින් (විවට්ටානුපස්සනාවෙන්) සංයෝගාභිනිවේසයෙහි ප්‍රහාණය වේ. කාමච්ඡන්‍ද ආදී සංයෝජන ක්ලේශයන් දැඩිව ගැනීම, ක්ලේශයන්ගේ පැවැත්ම, ප්‍රහීණ වෙති’යි යන අර්ත්‍ථයි. තදඞ්ග ප්‍රහාණය විස්තර වශයෙන් මෙසේ දත යුතුයි. පෙළෙහි වනාහි, “තදඞ්ගප්පහානඤ්ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො” මිථ්‍යා දෘෂ්ටීන් කෙරෙහි නිර්වේදය (කලකිරීම) දනවන විදර්ශනා සමාධිය වඩන්නහුට තදංගප්‍රහාණය වේ යනුවෙන් සංක්‍ෂේපයන් කියන ලදි.

යං පන අසනිවිචක‍්කාභිහතස‍්ස රුක‍්ඛස‍්ස විය අරියමග‍්ගඤාණෙන සංයොජනාදීනං ධම‍්මානං යථා න පුන පවත‍්ති, එවං පහානං, ඉදං සමුච‍්ඡෙදප‍්පහානං නාම. යං සන්‍ධාය වුත‍්තං “සමුච‍්ඡෙදප‍්පහානඤ‍්ච ලොකුත‍්තරං ඛයගාමිමග‍්ගං භාවයතො”ති (පටි· ම· 1.24) . ඉති ඉමෙසු තීසු පහානෙසු සමුච‍්ඡෙදප‍්පහානමෙව ඉධ අධිප‍්පෙතං. යස‍්මා පන තස‍්ස යොගිනො පුබ‍්බභාගෙ වික‍්ඛම‍්භනතදඞ‍්ගප‍්පහානානිපි තදත්‍ථානෙව, තස‍්මා පහානත‍්තයම‍්පි ඉමිනා පරියායෙන මග‍්ගඤාණස‍්ස කිච‍්චන‍්ති වෙදිතබ‍්බං. පටිරාජානං වධිත්‍වා රජ‍්ජං පත‍්තෙන හි යම‍්පි තතො පුබ‍්බෙ කතං, සබ‍්බං “ඉදඤ‍්චිදඤ‍්ච රඤ‍්ඤා කත”න‍්තියෙව වුච‍්චති.

අකුණු පහරට ලක්වූ රුකක් සෙයින්, ආර්යමාර්ග ඥානයෙන්, සංයෝජනාදී ක්ලේශ ධර්මයන්ගේ පැවැත්ම යලි ඇති නොවන සේ සිදුවන යම් ප්‍රහාණයක් වේද, මෙවන් ප්‍රහාණය ‘සමුච්ඡේදපහාන’ නම්වේ. එය සඳහා කියනලදි:- “සමුච්ඡෙදප්පහානඤ්ච ලොකුත්තරං ඛයගාමි මග්ගං භාවයතො” (ලෝකෝත්තර වූ කෙලෙසුන් ක්‍ෂය කිරීමේ මාර්ගය වඩන්නහුට සමුච්ඡේද ප්‍රහාණය වේ) යනුයි. මෙසේ මේ ත්‍රිවිධ වූ ප්‍රහාණයන් අතුරෙන් සමුච්ඡේද ප්‍රහාණයම මෙහිලා අභිප්‍රේත වේ; නොහොත්, යම් හෙයකින් මේ යෝගාවචරයා විසින් මුල් කාලයෙහිදී පුරුදු කරන ලද වික්ඛම්භන, තදංග ප්‍රහාණයන්ද එය (සමුච්ඡේද ප්‍රහාණය) සඳහාම වූයේද, එහෙයින් ප්‍රහාණත්‍රයයම මේ නියායෙන් මාර්ගඥානයට අයත් කෘත්‍යයන් වෙති’යි දතයුතුය. සතුරු රජකු නසා රාජ්‍යයට පත්වූ විට එයට පෙරාතුව කරන ලද කෘත්‍යයන් පවා ‘මේ මේ සියල්ල (අපගේ) රජු විසින්ම කරන ලදැ’යි කියනු ලැබේ.

සච‍්ඡිකිරියාපීති ලොකියසච‍්ඡිකිරියා ලොකුත‍්තරසච‍්ඡිකිරියාති ද‍්වෙධා භින‍්නාපි ලොකුත‍්තරාය දස‍්සනභාවනාවසෙන භෙදතො තිවිධා හොති. තත්‍ථ “පඨමස‍්ස ඣානස‍්ස ලාභීම‍්හි, වසීම‍්හි, පඨමජ‍්ඣානං සච‍්ඡිකතං මයා”තිආදිනා (පාරා· 203-204) නයෙන ආගතා පඨමජ‍්ඣානාදීනං ඵස‍්සනා ලොකියසච‍්ඡිකිරියා නාම. ඵස‍්සනාති අධිගන‍්ත්‍වා “ඉදං මයා අධිගත”න‍්ති පච‍්චක‍්ඛතො ඤාණඵස‍්සෙන ඵුසනා. ඉමමෙව හි අත්‍ථං සන්‍ධාය “සච‍්ඡිකිරියා පඤ‍්ඤා ඵස‍්සනට‍්ඨෙ ඤාණ”න‍්ති (පටි· ම· මාතිකා 1.24) උද‍්දිසිත්‍වා “යෙ යෙ ධම‍්මා සච‍්ඡිකතා හොන‍්ති, තෙ තෙ ධම‍්මා ඵස‍්සිතා හොන‍්තී”ති (පටි· ම· 1.75) සච‍්ඡිකිරියනිද‍්දෙසො වුත‍්තො.

(යට සඳහන් ‘තිවිධා හොති පරිඤ්ඤා...’ ආදී ගයෙහි) ‘සච්ඡිකිරියා’ යනුද, ලෞකික සාක්‍ෂාත් කරණය, ලෝකෝත්තර සාක්‍ෂාත් කරණය’යි දෙකක් ලෙස බෙදන ලද නමුදු, ලෝකෝත්තර සාක්‍ෂාත් කරණය (නැවත) දර්ශන - භාවනා වශයෙන් (දෙකක්ම) බෙදෙන හෙයින් ත්‍රිවිධ වේ. එහි, “ප්‍රථමධ්‍යානය ලැබූවෙක්මි, අත්දුටුවෙක්මි, මවිසින් ප්‍රථම ධ්‍යානය සාක්‍ෂාත් කරන ලදි” යන ආදී නයින් (පෙළෙහි) ආ ප්‍රථම ධ්‍යාන ආදිය ස්පර්ශ කිරීම ‘ලෝකිය සච්ඡිකිරියා’ (ලෞකික සාක්‍ෂාත් කරණ) නම් වේ. ‘ඵුස්සනා’ යනු, මැනවින් අවබෝධ කොට, ‘මෙය මවිසින් අවබෝධ කරන ලදැ’යි ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ඥානස්පර්ශයෙන් ස්පර්ශ කිරීමයි, අත්දැකීමයි. මෙම අර්ත්‍ථයම සඳහා “සච්ඡිකිරියා පඤ්ඤා ඵස්සනට්ඨෙ ඤාණං’’ (සාක්‍ෂාත් කිරීමේ ප්‍රඥාව ස්ඵර්ශන කාර්යයෙහි ඥානය’යි යනුවෙන් උද්දේස (මාතෘකා) කොට, ‘‘යම් යම් ධර්මයක් සාක්‍ෂාත් කරන ලද්දේද, ඒ ඒ ධර්මය ස්පර්ශ කරන ලද්දේය”යි සච්ඡිකිරිය නිද්දේසය කියන ලදි.

අපිච අත‍්තනො සන‍්තානෙ අනුප‍්පාදෙත්‍වාපි යෙ ධම‍්මා කෙවලං අපරප‍්පච‍්චයෙන ඤාණෙන ඤාතා, තෙ සච‍්ඡිකතා හොන‍්ති. තෙනෙව හි “සබ‍්බං, භික‍්ඛවෙ, සච‍්ඡිකාතබ‍්බං. කිඤ‍්ච, භික‍්ඛවෙ, සබ‍්බං සච‍්ඡිකාතබ‍්බං? චක‍්ඛු, භික‍්ඛවෙ, සච‍්ඡිකාතබ‍්බ”න‍්තිආදි (පටි· ම· 1.29) වුත‍්තං.

තවද, ස්ව-සන්තානයෙහි ඉපැදවීමක් නැතිව වුවද, යම් ධර්මයක්, හුදෙක්, අපරප්‍රත්‍යය (අනෙකකුගෙන් ලද) ඥානයෙන් දන්නා ලද්දේ නම්, එයද සාක්‍ෂාත් කෘත නම් වේ; එහෙයින්ම, “මහණෙනි, සියල්ල සාක්‍ෂාත් කළ යුතුය; මහණෙනි සාක්‍ෂාත් කළයුතු සියල්ල කවරේද? මහණෙනි, ඇස (චක්‍ඛු) සාක්‍ෂාත් කළ යුතුය,” යන ආදිය කියන ලදි.

අපරම‍්පි වුත‍්තං “රූපං පස‍්සන‍්තො සච‍්ඡිකරොති. වෙදනං…පෙ… විඤ‍්ඤාණං පස‍්සන‍්තො සච‍්ඡිකරොති. චක‍්ඛුං…පෙ… ජරාමරණං…පෙ… අමතොගධං නිබ‍්බානං පස‍්සන‍්තො සච‍්ඡිකරොතීති. යෙ යෙ ධම‍්මා සච‍්ඡිකතා හොන‍්ති, තෙ තෙ ධම‍්මා ඵස‍්සිතා හොන‍්තී”ති (පටි· ම· 1.29).

අනෙකක්ද කියන ලදි - “රූපය දකිනුයේ සාක්‍ෂාත් කරයි, වේදනාව දකිනුයේ -පෙ- විඤ්ඤාණය දකිනුයේ සාක්‍ෂාත් කරයි; ඇස-පෙ-ජරාමරණ යන දෙක, අමෘතයෙහි ගැලුණ නිර්වාණය දකිනුයේ සාක්‍ෂාත් කරයි, යම් යම් ධර්මයක් සාක්‍ෂාත්කෘත වේද, ඒ ඒ ධර්මය ස්පර්ශ කරන ලද්දේද වේ” යනුයි.

පඨමමග‍්ගක‍්ඛණෙ පන නිබ‍්බානදස‍්සනං දස‍්සනසච‍්ඡිකිරියා. සෙසමග‍්ගක‍්ඛණෙසු භාවනාසච‍්ඡිකිරියාති. සා දුවිධාපි ඉධ අධිප‍්පෙතා. තස‍්මා දස‍්සනභාවනාවසෙන නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියා ඉමස‍්ස ඤාණස‍්ස කිච‍්චන‍්ති වෙදිතබ‍්බං.

ප්‍රථම මාර්ග ක්‍ෂණයෙහිදී නිර්වාණදර්ශනය ‘දස්සන සච්ඡිකිරියා’යි; සෙසු මාර්ගක්‍ෂණයන්හිදී නිර්වාණ දර්ශනය ‘භාවනා සච්ඡිකිරියා’යි; එම දෙ-ආකාර වූම සච්ඡිකිරියාව මෙහිලා අභිප්‍රේතයි; එහෙයින් දස්සන හා භාවනා වශයෙන් නිර්වාණය සාක්‍ෂාත් කිරීම මෙම (ආර්ය මාර්ග) ඥානයට අයත් කෘත්‍යයන් වෙති’යි දතයුතුය.

ද‍්වෙ භාවනා අභිමතාති භාවනා පන ලොකියභාවනා ලොකුත‍්තරභාවනාති ද‍්වෙයෙව අභිමතා. තත්‍ථ ලොකියානං සීලසමාධිපඤ‍්ඤානං උප‍්පාදනං, තාහි ච සන‍්තානවාසනං ලොකියභාවනා. ලොකුත‍්තරානං උප‍්පාදනං, තාහි ච සන‍්තානවාසනං ලොකුත‍්තරභාවනා. තාසු ඉධ ලොකුත‍්තරා අධිප‍්පෙතා. ලොකුත‍්තරානි හි සීලාදීනි චතුබ‍්බිධම‍්පෙතං ඤාණං උප‍්පාදෙති. තෙසං සහජාතපච‍්චයාදිතාය තෙහි ච සන‍්තානං වාසෙතීති ලොකුත‍්තරභාවනාවස‍්ස කිච‍්චන‍්ති.

(යටකී “තිවිධා හොති පරිඤ්ඤා....” යන ආදී ගයෙහි) “ද්වෙ භාවනා අභිමතා” යනු, භාවනාව වනාහි ලෞකික භාවනා, ලෝකෝත්තර භාවනා යනුවෙන් දෙකක්ම අභිමත වේ; එහි, ලෞකික වූ සීල-සමාධි පඤ්ඤාවන් ඉපැදවීම හා එයින් ස්ව-සන්තානය පිරිසුදු කිරීම ලෞකික භාවනායි. ලෝකෝත්තර වූ සීල-සමාධි-පඤ්ඤාවන් ඉපැදවීම හා එයින් සන්තානය පිරිසුදු කිරීම ලෝකෝත්තර භාවනායි. එදෙකින් මෙහිලා ලෝකෝත්තර භාවනාව අභිප්‍රේතයි. ලෝකෝත්තර වූ ශීලාදිය මේ චතුර්විධ වූම (ආර්ය මාර්ග) ඥානය උපදවයි; එම ශීලාදිය පිළිබඳ සහජාත ප්‍රත්‍යයතාදී හේතුවෙන්ද, එම ශීලාදියෙන්ද සන්තානය පරිභාවිත (මනාසේ පුරුදු පුහුණු කළ) වෙති’යි මේ ලෝකෝත්තර භාවනාවම මෙම මාර්ගඥානයට අයත් කෘත්‍යය වේ.

එවං –

මෙසේ,

කිච‍්චානි පරිඤ‍්ඤාදීනි, යානි වුත‍්තානි අභිසමයකාලෙ; තානි ච යථාසභාවෙන, ජානිතබ‍්බානි සබ‍්බානීති.

කිච්චානි පරිඤ්ඤාදීනි යානි වුත්තානි අභිසමය කාලෙ, තානි ච යථා සභාවෙන ජානිතබ්බානි සබ්බානී’ති

සත්‍යාවබෝධන කාලයෙහිදී කළයුතු ‘පරිඤ්ඤා’ ආදී වූ යම් කෘත්‍යයක් කියන ලද්දේද, ඒ සියල්ල තත් වූ ස්වභාවයෙන් දතයුතුය’යි (මෙම පරිච්ඡේදයෙහි යට කියන ලදී).

එත‍්තාවතා ච –

මෙතෙකින්,

“සීලෙ පතිට‍්ඨාය නරො සපඤ‍්ඤො, චිත‍්තං පඤ‍්ඤඤ‍්ච භාවය”න‍්ති. –

“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤං ච භාවයං” යනුවෙන්

එවං සරූපෙනෙව ආභතාය පඤ‍්ඤාභාවනාය විධානදස‍්සනත්‍ථං යං වුත‍්තං “මූලභූතා ද‍්වෙ විසුද‍්ධියො සම‍්පාදෙත්‍වා සරීරභූතා පඤ‍්ච විසුද‍්ධියො සම‍්පාදෙන‍්තෙන භාවෙතබ‍්බා”ති, තං විත්‍ථාරිතං හොති. කථං භාවෙතබ‍්බාති අයඤ‍්ච පඤ‍්හො විස‍්සජ‍්ජිතොති.

නියමිත පිළිවෙළින්ම දක්වන ලද පඤ්ඤාභාවනාව පිළිබඳ විධානය දක්වනු පිණිස, “මූලභූතා ද්වෙ විසුද්ධියො සම්පාදෙත්‍වා සරීරභූතා පඤ්ච විසුද්ධියො සම්පාදෙන්තෙන භාවෙතබ්බා” (ගසෙක මුල් වැනි සීල, චිත්ත යන විශුද්ධීන් දෙක සම්පාදනය කොට, ඉක්බිති ශරීරය එනම්, කඳ ආදී සෙසු කොටස් වැනි දිට්ඨි, කංඛාවිතරණ, මග්ගාමග්ග ඤාණ දස්සන, පටිපදාඤාණදස්සන, ඤාණදස්සන යන පංච විශුද්ධීන් සම්පාදනය කරන්නන් විසින් වැඩිය යුතුයයි යමක් (යට ඛන්‍ධ නිද්දේසාරම්භයෙහි ‘කථං භාවෙතබ්බා?’ යන්නට පරිහාර වශයෙන්) කියන ලද්දේ ද, එය විස්තර කොට දක්වන ලදි. ‘කථං භාවෙතබ්බා’ (කෙසේ වැඩිය යුතුද?) යන ප්‍රශ්නය විසඳන ලදි.

ඉති සාධුජනපාමොජ‍්ජත්‍ථාය කතෙ විසුද‍්ධිමග‍්ගෙ පඤ‍්ඤාභාවනාධිකාරෙ ඤාණදස‍්සනවිසුද‍්ධිනිද‍්දෙසො නාම බාවීසතිමො පරිච‍්ඡෙදො.

සාධුජන ප්‍රමෝදය පිණිස කළ විශුද්ධි මාර්ගයෙහි පඤ්ඤා භාවනාධිකාරයෙහි ඤාණදස්සන විසුද්ධි නිද්දේස නම් දෙවිසිවන පරිච්ඡේදය සමාප්තයි.