යෙදුමෙන් කියවන්න

පරිඤ‍්ඤාදිකිච‍්චකථා

පරිඤ‍්ඤාදිකිච‍්චකථා

පරිඤ්ඤාදිකිච්චකථා

කිච‍්චානි පරිඤ‍්ඤාදීනි, යානි වුත‍්තානි අභිසමයකාලෙ; තානි ච යථාසභාවෙන, ජානිතබ‍්බානි සබ‍්බානීති.

කිච්චානි පරිඤ්ඤාදීනි යානි වුත්තානි අභිසමයකාලෙ තානි ච යථා සභාවෙන ජානිතබ්බානි සබ්බානී’ති.

සත්‍යාවබෝධන කාලයෙහිදී කළයුතු ‘පරිඤ්ඤා’ ආදී වූ යම් කෘත්‍යයක් කියන ලද්දේද, ඒ සියල්ල තත් වූ ස්වභාවයෙන් දතයුතුය.

සච‍්චාභිසමයකාලං හි එතෙසු චතූසු ඤාණෙසු එකෙකස‍්ස එකක‍්ඛණෙ පරිඤ‍්ඤා පහානං සච‍්ඡිකිරියා භාවනාති එතානි පරිඤ‍්ඤාදීනි චත‍්තාරි කිච‍්චානි වුත‍්තානි, තානි යථාසභාවෙන ජානිතබ‍්බානි. වුත‍්තං හෙතං පොරාණෙහි –

සත්‍යාභිසමය කාලයෙහිදී සතර මාර්ගඥානයන්ගෙන් එක් එක් ඥානයට එකවිටම කළයුතු පරිඤ්ඤාය, පහානය, සච්ඡිකිරියාය, භාවනාය යන මේ කෘත්‍යයන් සතරක් සතරක් බැගින් කියන ලද්දේද, ඒ සතර යථා ස්වභාවයෙන් දතයුතුය. කියන ලද මැයි පුරාණාචාර්යයන් විසින්:-

“යථා පදීපො අපුබ‍්බං අචරිමං එකක‍්ඛණෙ චත‍්තාරි කිච‍්චානි කරොති, වට‍්ටිං ඣාපෙති, අන්‍ධකාරං විධමති, ආලොකං පරිවිදංසෙති, සිනෙහං පරියාදියති, එවමෙව මග‍්ගඤාණං අපුබ‍්බං අචරිමං එකක‍්ඛණෙ චත‍්තාරි සච‍්චානි අභිසමෙති, දුක‍්ඛං පරිඤ‍්ඤාභිසමයෙන අභිසමෙති, සමුදයං පහානාභිසමයෙන අභිසමෙති, මග‍්ගං භාවනාභිසමයෙන අභිසමෙති, නිරොධං සච‍්ඡිකිරියාභිසමයෙන අභිසමෙති. කිං වුත‍්තං හොති? නිරොධං ආරම‍්මණං කරිත්‍වා චත‍්තාරිපි සච‍්චානි පාපුණාති පස‍්සති පටිවිජ‍්ඣතී”ති.

“යම්සේ පහනක් පෙර-පසු නොව එක්විටම කෘත්‍යයන් සතරක් කරයිද, එනම්: වැටිය දවාද අඳුර නසාද, ආලෝකය පතුරුවාද, තෙල් දවාද, එසේම මාර්ගඥානය පෙරපසු නොව එක්විටම සත්‍යයන් සතර අවබෝධ කරයි, පරිඤ්ඤාභිසමය (පිරිසිඳ දැනීම්) වශයෙන් දුඃඛ සත්‍යය අවබෝධ කරයි, ප්‍රහාණාභිසමය වශයෙන් සමුදය සත්‍යය අවබෝධ කරයි. සච්ඡිකිරියා (සාක්‍ෂාත් කරණ) වශයෙන් නිරෝධ සත්‍යය අවබෝධ කරයි, භාවනාභිසමය වශයෙන් මාර්ග සත්‍යය අවබෝධ කරයි. කුමක් කී නිසාද? නිර්වාණය අරමුණු කොට සත්‍යයන් සතරටම පැමිණෙයි, සතරම දකියි, සතරම ප්‍රතිවේධ කරයි යන මෙයයි.

වුත‍්තම‍්පි චෙතං “යො, භික‍්ඛවෙ, දුක‍්ඛං පස‍්සති, දුක‍්ඛසමුදයම‍්පි සො පස‍්සති, දුක‍්ඛනිරොධම‍්පි පස‍්සති, දුක‍්ඛනිරොධගාමිනිං පටිපදම‍්පි පස‍්සතී”ති (සං· නි· 5.1100) සබ‍්බං වෙදිතබ‍්බං.

මෙසේ කියන ලදි:- “මහණෙනි, යමෙක් දුක දකීද, හේ තෙමේ දුකට හේතුවද දකී, දුක නැති කිරීමද දකී, දුක නැති කිරීමේ මාර්ගයද දකී” යන මේ සියල්ල දතයුතුය.

අපරම‍්පි වුත‍්තං “මග‍්ගසමඞ‍්ගිස‍්ස ඤාණං, දුක‍්ඛෙපෙතං ඤාණං, දුක‍්ඛසමුදයෙපෙතං ඤාණං, දුක‍්ඛනිරොධෙපෙතං ඤාණං, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදායපෙතං ඤාණ”න‍්ති (විභ· 794; පටි· ම· 1.109).

අනෙකක් ද කියනලදි. “මාර්ගයෙන් යුක්ත වූවහුට යම් ඥානයක් වේ නම්, එය දුක පිළිබඳ ඥානය ද වේ, දුක් හේතුව පිළිබඳ ඥානය ද වේ, දුක් කෙළවර කිරීමේ ඥානය ද, වේ. දුක් නැති කිරීමේ මාර්ග ප්‍රතිපදාව පිළිබඳ ඥානය ද වේ.

තත්‍ථ යථා පදීපො වට‍්ටිං ඣාපෙති, එවං මග‍්ගඤාණං දුක‍්ඛං පරිජානාති. යථා අන්‍ධකාරං විධමති, එවං සමුදයං පජහති. යථා ආලොකං පරිවිදංසෙති, එවං සහජාතාදිපච‍්චයතාය සම‍්මාසඞ‍්කප‍්පාදිධම‍්මසඞ‍්ඛාතං මග‍්ගං භාවෙති. යථා සිනෙහං පරියාදියති, එවං කිලෙසපරියාදානං නිරොධං සච‍්ඡිකරොතීති එවං උපමාසංසන්‍දනං වෙදිතබ‍්බං.

එහි, යම්සේ පහන වැටිය දවාද, එසේම මාර්ගඥානය දුක පිරිසිඳ දනියි; යම්සේ අඳුර දුරු කරයිද, එසේම සමුදයය පහ කරයි, යම්සේ ආලෝකය පතුරුවාද, එසේම සහජාත ආදී වශයෙන් ප්‍රත්‍යය වන හෙයින් සම්මා සඞ්කප්පවාදී ධර්ම සංඛ්‍යාත මාර්ගය වඩයි; යම්සේ තෙල් දවාලයිද, එසේම කෙලෙසුන් ක්‍ෂය කරන නිරෝධය සාක්‍ෂාත් කරයි. මෙසේ මෙහි උපමා-උපමේය සංසන්‍දනය දතයුතුය.

අපරො නයො – යථා සූරියො උදයන‍්තො අපුබ‍්බං අචරිමං සහ පාතුභාවා චත‍්තාරි කිච‍්චානි කරොති, රූපගතානි ඔභාසෙති, අන්‍ධකාරං විධමති, ආලොකං දස‍්සෙති, සීතං පටිප‍්පස‍්සම‍්භෙති, එවමෙව මග‍්ගඤාණං…පෙ… නිරොධං සච‍්ඡිකිරියාභිසමයෙන අභිසමෙති. ඉධාපි යථා සූරියො රූපගතානි ඔභාසෙති, එවං මග‍්ගඤාණං දුක‍්ඛං පරිජානාති. යථා අන්‍ධකාරං විධමති, එවං සමුදයං පජහති. යථා ආලොකං දස‍්සෙති, එවං සහජාතාදිපච‍්චයතාය මග‍්ගං භාවෙති. යථා සීතං පටිප‍්පස‍්සම‍්භෙති, එවං කිලෙසපටිප‍්පස‍්සද‍්ධිං නිරොධං සච‍්ඡිකරොතීති එවං උපමාසංසන්‍දනං වෙදිතබ‍්බං.

තවද ක්‍රමයෙකි:- “යම්සේ සූර්යයා උදා වෙමින්ම පෙර පසු නොව කෘත්‍යයන් සතරක් කෙරේද, එනම්, රූපගත වූ සියල්ල ප්‍රකට කරවාද, අඳුර නසාද, ආලෝකය පතුරුවාද, ශීතය මැඩලාද, එසේම මාර්ග ඥානය -පෙ- සච්ඡිකිරියාභිසමය වශයෙන් නිර්වාණය අවබෝධ කරයි. මෙහිදීද යම්සේ සූර්යයා රූපගත වස්තූන් ප්‍රකට කෙරේද, එසේම මාර්ගඥානය දුක පිරිසිඳ දනියි; යම්සේ අඳුර දුරලාද, එසේම සමුදයය පහ කරයි; යම්සේ ආලෝකය පතුරුවාද, එසේම සහජාතාදී ප්‍රත්‍යය වශයෙන් මාර්ගය වඩවයි; යම්සේ ශීතය වැඩලාද. එසේම කෙලෙසුන් දුරු කරන නිරෝධය සාක්‍ෂාත් කරයි - යනුවෙන් උපමා සංසන්‍දනය දතයුතුය.

අපරො නයො – යථා නාවා අපුබ‍්බං අචරිමං එකක‍්ඛණෙ චත‍්තාරි කිච‍්චානි කරොති, ඔරිමතීරං පජහති, සොතං ඡින්‍දති, භණ‍්ඩං වහති, පාරිමතීරං අප‍්පෙති, එවමෙව මග‍්ගඤාණං…පෙ… නිරොධං සච‍්ඡිකිරියාභිසමයෙන අභිසමෙති. එත්‍ථාපි යථා නාවා ඔරිමතීරං පජහති, එවං මග‍්ගඤාණං දුක‍්ඛං පරිජානාති. යථා සොතං ඡින්‍දති, එවං සමුදයං පජහති. යථා භණ‍්ඩං වහති, එවං සහජාතාදිපච‍්චයතාය මග‍්ගං භාවෙති. යථා පාරිමතීරං අප‍්පෙති, එවං පාරිමතීරභූතං නිරොධං සච‍්ඡිකරොතීති එවං උපමාසංසන්‍දනං වෙදිතබ‍්බං.

තවද ක්‍රමයෙකි:- යම් සේ නැවක් පෙර-පසු නොව එක් විට කාර්යයන් සතරක් කරයිද, එනම්: මෙතෙර හරිද, සැඩ පහර සිඳීද, භාණ්ඩ ප්‍රවාහනය කරාද, එතෙරට පමුණුවාද, එසේ මාර්ගඥානය -පෙ සච්ඡිකිරියාභිසමයයෙන් නිවන් අවබෝධ කරවයි; මෙහිදිද, යම්සේ නැව මෙතෙර හරිද, එසේම මාර්ගඥානය දුක මැනවින් පිරිසිඳ දනියි, යසේ සැඬ පහර සිඳීද, එසේම සමුදයය හරියි, යම් සේ භාණ්ඩ ප්‍රවාහනය කෙරේද, එසේම සහජාත ආදී ප්‍රත්‍යය භාවයෙන් මාර්ගය වඩවයි. යසේ පරස්පෙරට පමුණුවාද, එසේම සසරින් එතර නිර්වාණය සාක්‍ෂාත් කරවයි, යනුවෙන් උපමා සංසන්දනය දතයුතුය.

එවං සච‍්චාභිසමයකාලස‍්මිං එකක‍්ඛණෙ චතුන‍්නං කිච‍්චානං වසෙන පවත‍්තඤාණස‍්ස පනස‍්ස සොළසහාකාරෙහි තථට‍්ඨෙන චත‍්තාරි කිච‍්චානි එකපටිවෙධානි හොන‍්ති. යථාහ –

මෙසේ සත්‍යාවබෝධ කාලයෙහිදී එකවිට කෘත්‍යයන් සතරක් වශයෙන් පැවති මේ ඥානයට චතුඃසත්‍යය තථ්‍යාර්ථයෙන් (ඇති සැටියෙන්) සොළොස් ආකාරයෙකින් ඒක පටිවේධ (එකවිට අවබෝධ කිරීම) වේ. යම්සේ කීහුද:-

“කථං තථට‍්ඨෙන චත‍්තාරි කිච‍්චානි එකපටිවෙධානි? සොළසහි ආකාරෙහි තථට‍්ඨෙන චත‍්තාරි කිච‍්චානි එකපටිවෙධානි. දුක‍්ඛස‍්ස පීළනට‍්ඨො, සඞ‍්ඛතට‍්ඨො, සන‍්තාපට‍්ඨො, විපරිණාමට‍්ඨො, තථට‍්ඨො. සමුදයස‍්ස ආයූහනට‍්ඨො, නිදානට‍්ඨො, සංයොගට‍්ඨො, පලිබොධට‍්ඨො, තථට‍්ඨො. නිරොධස‍්ස නිස‍්සරණට‍්ඨො, විවෙකට‍්ඨො, අසඞ‍්ඛතට‍්ඨො, අමතට‍්ඨො, තථට‍්ඨො. මග‍්ගස‍්ස නිය්‍යානට‍්ඨො, හෙතුට‍්ඨො, දස‍්සනට‍්ඨො, අධිපතෙය්‍යට‍්ඨො, තථට‍්ඨො. ඉමෙහි සොළසහි ආකාරෙහි තථට‍්ඨෙන චත‍්තාරි සච‍්චානි එකසඞ‍්ගහිතානි. යං එකසඞ‍්ගහිතං, තං එකත‍්තං. යං එකත‍්තං, තං එකෙන ඤාණෙන පටිවිජ‍්ඣතීති චත‍්තාරි සච‍්චානි එකපටිවෙධානී”ති (පටි· ම· 2.11).

තථ්‍යාර්ත්‍ථයෙන් චතුඃසත්‍යය ඒකපටිවේධ වනුයේ කෙසේද? තථ්‍යාර්ත්‍ථයෙන් චතුඃසත්‍යය සොළොස් ආකාරයෙකින් ඒකපටිවේධ වේ; දුඃඛය පිළිබඳ පෙළීමේ අර්ත්‍ථය, සඞ්ඛත (ස්කන්‍ධයන්ගේ සංස්කාරභාවය) අර්ත්‍ථය, සන්තාප (තැවීමේ) අර්ත්‍ථය, විපරිණාම (වෙනස් වීමේ) අර්ත්‍ථය යන මේ තථ්‍යාර්ත්‍ථයි; සමුදයය පිළිබඳ ආයූහන (රැස් කිරීම) අර්ත්‍ථය, නිදාන (හේතුව) අර්ත්‍ථය, සංයෝග (දුඃඛය හා සමග බැඳී සිටීම) අර්ත්‍ථය, පළිබෝධාර්ත්‍ථය යන මේ තථ්‍යාර්ත්‍ථයි; නිරෝධය පිළිබඳ නිස්සරණ (සසරින් නික්මීම) අර්ත්‍ථය, විවේක (ලෞකිකත්‍වයෙන් වෙන්වීම) අර්ත්‍ථය, අසඞ්ඛත (සංස්කාර නොවීම) අර්ත්‍ථය, අමෘත (නොනැසීම) අර්ත්‍ථය යන මේ තථ්‍යාර්ත්‍ථයි. මාර්ගය පිළිබඳ නිර්යාන (සසරින් නික්මවීම) අර්ත්‍ථය, හේතු (සසරින් එතෙරවීමට හේතුවීමේ) අර්ත්‍ථය, දර්ශන (ඇතිතතු දැකීම) අර්ත්‍ථය, ආධිපත්‍ය (මුඛ්‍ය වීම) අර්ත්‍ථය යන මේ තථ්‍යාර්ත්‍ථයි. මෙම සොළොස් ආකාරයෙන් චතුඃසත්‍යය ඒක සංගෘහිත (එකක් ලෙස සංග්‍රහ වීම) වේ. යමක් ඒක සංගෘහීත වේද, එය ඒකත්‍වයද වේ. එක් ඥානයෙකින් ප්‍රතිවේධ කෙරෙති’යි චතුඃසත්‍යය ‘ඒක පටිවේධ’ නම් වේ.

තත්‍ථ සියා යදා දුක‍්ඛාදීනං අඤ‍්ඤෙපි රොගගණ‍්ඩාදයො අත්‍ථා අත්‍ථි, අථ කස‍්මා චත‍්තාරොයෙව වුත‍්තාති. එත්‍ථ වදාම, අඤ‍්ඤසච‍්චදස‍්සනවසෙන ආවිභාවතො. “තත්‍ථ කතමං දුක‍්ඛෙ ඤාණං? දුක‍්ඛං ආරබ‍්භ යා උප‍්පජ‍්ජති පඤ‍්ඤා පජානනා”තිආදිනා (විභ· 794; පටි· ම· 1.109) හි නයෙන එකෙකසච‍්චාරම‍්මණවසෙනාපි සච‍්චඤාණං වුත‍්තං. “යො, භික‍්ඛවෙ, දුක‍්ඛං පස‍්සති, සමුදයම‍්පි සො පස‍්සතී”තිආදිනා (සං· නි· 5.1100) නයෙන එකං සච‍්චං ආරම‍්මණං කත්‍වා සෙසෙසුපි කිච‍්චනිප‍්ඵත‍්තිවසෙනාපි වුත‍්තං.

එහිලා චෝදනාවක් (ප්‍රශ්නයක්) පැන නැඟිය හැකිය:- දුඃඛ ආදිය පිළිබඳ රෝග, ගණ්ඩ ආදී අන් අරුත් ද ඇත. එසේ නම්, කවර හෙයින් සතරක්ම කියන ලද්දේද? මෙහි (පරිහාරය) කියමු: සමුදය ආදී සෙසු සත්‍යයන් දැකීම් වශයෙන් ප්‍රකට වන හෙයිනි. එහි ‘දුක්‍ඛෙ ඤාණං’ (දුක පිළිබඳ ඥානය) යනු කිමෙක්ද? “දුක අරබයා යම් ප්‍රඥාවක්, මනා දැනුමක් උපදීද” යන ආදී වශයෙන් හා එක් එක් සත්‍යයට අරමුණු වීම් වශයෙන් ද සත්‍යයන් පිළිබඳ ඥානය කියන ලදි. “මහණෙනි, යමෙක් දුක දකීද, හේ සමුදයය (දුකට හේතුව) ද දකියි” යන ආදී නයින් එක් එක් සත්‍යයක් අරමුණු කොට සෙසු සත්‍යයන් කෙරෙහිද කෘත්‍ය නිෂ්පත්ති (කාර්ය සාධන) වශයෙන් කියන ලදි.

තත්‍ථ යදා එකෙකං සච‍්චං ආරම‍්මණං කරොති, තදා සමුදයදස‍්සනෙන තාව සභාවතො පීළනලක‍්ඛණස‍්සාපි දුක‍්ඛස‍්ස, යස‍්මා තං ආයූහනලක‍්ඛණෙන සමුදයෙන ආයූහිතං සඞ‍්ඛතං රාසිකතං, තස‍්මාස‍්ස සො සඞ‍්ඛතට‍්ඨො ආවිභවති. යස‍්මා පන මග‍්ගො කිලෙසසන‍්තාපහරො සුසීතලො, තස‍්මාස‍්ස මග‍්ගස‍්ස දස‍්සනෙන සන‍්තාපට‍්ඨො ආවිභවති ආයස‍්මතො නන්‍දස‍්ස අච‍්ඡරාදස‍්සනෙන සුන්‍දරියා අනභිරූපභාවො විය. අවිපරිණාමධම‍්මස‍්ස පන නිරොධස‍්ස දස‍්සනෙනස‍්ස විපරිණාමට‍්ඨො ආවිභවතීති වත‍්තබ‍්බමෙවෙත්‍ථ නත්‍ථි.

එහි, එක් එක් සත්‍යය අරමුණු කරන කල්හි, පළමුකොට, සමුදය සත්‍යය දැකීමෙන් ස්වභාව වශයෙන් පීඩන ලක්‍ෂණ ඇති දුක ආයුහන ලක්‍ෂණ ඇති සමුදයය විසින් එක් කරන ලදැ’යි, සකස් කරන ලදැ’යි, රැස් කරන ලදැ’යි, එසේ හෙයින් එය (දුක) පිළිබඳ සංඛතාර්ත්‍ථය ප්‍රකට වේ. යම්හෙයකින් වනාහි මාර්ගය කෙලෙස් සන්තාපය දුරු කරනුයේ සිහිල් ගුණ ඇත්තේ වේද, එහෙයින් මාර්ග දර්ශනයෙන් එම දුක පිළිබඳ සන්තාප අර්ත්‍ථය ප්‍රකට වේ. ආයුෂ්මත් නන්‍ද තෙරුන්හට දිව්‍යප්සරාවන් දැකීමෙන් සුන්දරිය (ජනපද කල්‍යාණිය)ගේ අනභිරූපභාවය වැටහීම මෙනි. අවිපරිණාම ස්වභාවය ඇති නිරෝධය එම දුක පිළිබඳ විපරිණාමාර්ත්‍ථය ප්‍රකට වෙති’යි යනු කිවයුතු නොවේ.

තථා සභාවතො ආයූහනලක‍්ඛණස‍්සාපි සමුදයස‍්ස, දුක‍්ඛදස‍්සනෙන නිදානට‍්ඨො ආවිභවති අසප‍්පායභොජනතො උප‍්පන‍්නබ්‍යාධිදස‍්සනෙන භොජනස‍්ස බ්‍යාධිනිදානභාවො විය. විසංයොගභූතස‍්ස නිරොධස‍්ස දස‍්සනෙන සංයොගට‍්ඨො. නිය්‍යානභූතස‍්ස ච මග‍්ගස‍්ස දස‍්සනෙන පලිබොධට‍්ඨොති.

එසේම දුක දැකීමෙන් ස්වභාව වශයෙන් ආයූහනය (රැස්කිරීම) ලක්‍ෂණ ඇති සමූදයය පිළිබඳ නිදානාර්ත්‍ථය ප්‍රකට වේ. අපථ්‍ය ආහාරයක් ගැනීමෙන් උපන් ව්‍යාධියක් දැකීමෙන් එම ආහාරය ව්‍යාධියට නිදාන වූ බව දැකීම මෙනි. විසංයෝග ලක්‍ෂණ ඇති නිරෝධය දැකීමෙන් දුක පිළිබඳ සංයෝගාර්ත්‍ථය ප්‍රකට වේ, නිර්යාන ලක්‍ෂණ ඇති මාර්ගය දැකීමෙන් දුක පිළිබඳ පළිබෝධාර්ත්‍ථය ප්‍රකට වේ.

තථා නිස‍්සරණලක‍්ඛණස‍්සාපි නිරොධස‍්ස, අවිවෙකභූතස‍්ස සමුදයස‍්ස දස‍්සනෙන විවෙකට‍්ඨො ආවිභවති. මග‍්ගදස‍්සනෙන අසඞ‍්ඛතට‍්ඨො, ඉමිනා හි අනමතග‍්ගසංසාරෙ මග‍්ගො නදිට‍්ඨපුබ‍්බො, සොපි ච සප‍්පච‍්චයත‍්තා සඞ‍්ඛතොයෙවාති අප‍්පච‍්චයධම‍්මස‍්ස අසඞ‍්ඛතභාවො අතිවිය පාකටො හොති. දුක‍්ඛදස‍්සනෙන පනස‍්ස අමතට‍්ඨො ආවිභවති, දුක‍්ඛං හි විසං, අමතං නිබ‍්බානන‍්ති.

එසේම අවිවේක ස්වභාව ඇති සමුදයය දැකීමෙන් නිස්සරණ ලක්‍ෂණ ඇති නිරෝධය පිළිබඳ විවේකාර්ත්‍ථය ප්‍රකට වේ; මාර්ගය දැකීමෙන් (නිරෝධය පිළිබඳ) අසංඛතාර්ත්‍ථය වැටහේ; මේ යෝගියා විසින් අනවරාග්‍ර වූ සංසාරයෙහිදී මාර්ගය නොදුටු විරූය, එම මාර්ගයද ප්‍රත්‍යය සහිත බැවින් සංඛත වේමැයි, යනුවෙන් අප්‍රත්‍යය ස්වභාව ඇති (නිරෝධය) පිළිබඳ අසංඛත භාවය ඉතාමත් ප්‍රකට වේ. දුඃඛය දැකීමෙන් වනාහි, ‘දුක විසෙකි, නිවණ අමාවෙකි’යි මේ නිරෝධය පිළිබඳ අමෘතාර්ත්‍ථය ප්‍රකට වේ.

තථා නිය්‍යානලක‍්ඛණස‍්සාපි මග‍්ගස‍්ස, සමුදයදස‍්සනෙන “නායං හෙතු නිබ‍්බානස‍්ස පත‍්තියා, අයං හෙතූ”ති හෙතුට‍්ඨො ආවිභවති. නිරොධදස‍්සනෙන දස‍්සනට‍්ඨො, පරමසුඛුමානි රූපානි පස‍්සතො “විප‍්පසන‍්නං වත මෙ චක‍්ඛූ”න‍්ති චක‍්ඛුස‍්ස විප‍්පසන‍්නභාවො විය. දුක‍්ඛදස‍්සනෙන අධිපතෙය්‍යට‍්ඨො, අනෙකරොගාතුරකපණජනදස‍්සනෙන ඉස‍්සරජනස‍්ස උළාරභාවො වියාති එවමෙත්‍ථ සලක‍්ඛණවසෙන එකෙකස‍්ස, අඤ‍්ඤසච‍්චදස‍්සනවසෙන ච ඉතරෙසං තිණ‍්ණං තිණ‍්ණං ආවිභාවතො එකෙකස‍්ස චත‍්තාරො චත‍්තාරො අත්‍ථා වුත‍්තා. මග‍්ගක‍්ඛණෙ පන සබ‍්බෙ චෙතෙ අත්‍ථා එකෙනෙව දුක‍්ඛාදීසු චතුකිච‍්චෙන ඤාණෙන පටිවෙධං ගච‍්ඡන‍්තීති. යෙ පන නානාභිසමයං ඉච‍්ඡන‍්ති, තෙසං උත‍්තරං අභිධම‍්මෙ කථාවත්‍ථුස‍්මිං වුත‍්තමෙව.

එසේම සමුදයය දැකීමෙන්, “මේ සමුදයය නිර්වාණයට හේතු නොවේ, මේ (මාර්ගයම) හේතු වේ” යනුවෙන් නිර්යාණ ලක්‍ෂණ ඇති මාර්ගය පිළිබඳ හේත්‍වර්ත්‍ථය ප්‍රකට වේ. නිරෝධය දැකීමෙන් (එම මාර්ගය පිළිබඳ) දර්ශනාර්ත්‍ථය ප්‍රකට වේ. ඉතා සියුම් රූපයන් දක්නහුට, ‘මාගේ ඇස් ඉතා පැහැදිලිය’යි ඇස්හි පැහැදිලි බව වැටහෙන්නා සේය. දුක දැකීමෙන් (එම මාර්ගයම පිළිබඳ) ආධිපත්‍යාර්ත්‍ථය ප්‍රකට වේ. නොයෙක් රෝගයන්ගෙන් පෙළෙන දුගී ජනයා දැකීමෙන් ඉසුරුමත් ජනයාගේ උදාරභාවය ප්‍රකට වන්නා සේය. මෙසේ ස්ව-ලක්‍ෂණයකට අනුව එක් එක් සත්‍යය ඉතිරි සත්‍ය තුන දැකීම් වශයෙන් (සංසන්‍දනයෙන්) ඉතිරි සත්‍ය තුනක් තුනක් ප්‍රකට වීමෙන්, එක් එක් සත්‍යය පිළිබඳ අර්ත්‍ථයන් සතරක් සතරක් කියන ලදි. මාර්ගක්‍ෂණයෙහි වනාහි මෙකී අර්ත්‍ථයන් සියල්ලම දුඃඛාදිය කෙරෙහි වූ එක්ම චතුකෘත්‍ය ඥානයෙන් ප්‍රතිවේධයට යෙති. යමෙක් වනාහි, නානාභිසමය (චතුඃසත්‍යය නානාක්‍ෂණයෙහි නානා (මාර්ග) ඥානයෙන් අවබෝධ කරතැ’යි යන මතය) කැමැති වෙත්ද, ඔවුනට (දිය යුතු) පිළිතුරු අභිධර්මයෙහි, කථාවත්‍ථුප්පකරණයෙහි කියන ලද්දේමැයි.