යෙදුමෙන් කියවන්න

පහාතබ‍්බධම‍්මපහානකථා

පහාතබ‍්බධම‍්මපහානකථා

පහාතබ්බධම්මපහානකථා

යෙ යෙන පහාතබ‍්බා ධම‍්මා, තෙසං පහානඤ‍්චාති ඉමෙසු පන චතූසු ඤාණෙසු යෙ ධම‍්මා යෙන ඤාණෙන පහාතබ‍්බා, තෙසං පහානඤ‍්ච ජානිතබ‍්බං. එතානි හි යථායොගං සංයොජනකිලෙසමිච‍්ඡත‍්තලොකධම‍්මමච‍්ඡරියවිපල‍්ලාසගන්‍ථඅගතිආසවඔඝයොගනීවරණපරාමාසඋපාදානඅනුසයමලඅකුසලකම‍්මපථචිත‍්තුප‍්පාදසඞ‍්ඛාතානං ධම‍්මානං පහානකරානි.

(ඉහත සඳහන් ගාථාවෙහි) “යෙ යෙන පහාතබ්බා ධම්මා තෙසං පහානඤ්ච” යනු, මෙකී ඥානයන් අතුරෙන් යම් ඥානයෙකින් යම් ක්ලේශ ස්වභාවයක් පහ කළ යුතු වේ නම්, එහි ප්‍රහාණයද දතයුතුය. මේ ඥාන සතර සුදුසු පරිදි සංයෝජන, ක්ලේශ, මිථ්‍යාදෘෂ්ටි ආදිය ලෞකික ස්වභාවය, මාත්සර්ය, විපර්යාස, ග්‍රන්‍ථ, අගති, ආශ්‍රව, ඕඝ, යෝග, නීවරණ, පරාමාස, උපාදාන, අනුසය, මල, අකුසල-කම්මපථ, චිත්තුප්පාද යයි (නොයෙක් නම්වලින්) වහරනු ලබන ස්වභාවයන්ගේ ප්‍රහාණය සිදු කරයි.

තත්‍ථ සංයොජනානීති ඛන්‍ධෙහි ඛන්‍ධානං ඵලෙන කම‍්මස‍්ස දුක‍්ඛෙන වා සත‍්තානං සංයොජකත‍්තා රූපරාගාදයො දස ධම‍්මා වුච‍්චන‍්ති. යාවඤ‍්හි තෙ, තාව එතෙසං අනුපරමොති. තත්‍රාපි රූපරාගො අරූපරාගො මානො උද‍්ධච‍්චං අවිජ‍්ජාති ඉමෙ පඤ‍්ච උද‍්ධංනිබ‍්බත‍්තනකඛන්‍ධාදිසංයොජකත‍්තා උද‍්ධංභාගියසංයොජනානි නාම. සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡා සීලබ‍්බතපරාමාසො කාමරාගො පටිඝොති ඉමෙ පඤ‍්ච අධොනිබ‍්බත‍්තනකඛන්‍ධාදිසංයොජකත‍්තා අධොභාගියසංයොජනානි නාම.

එහි, ‘සංයෝජනානි’ යනු, (මේ භවයෙහි වූ) ස්කන්‍ධයන් (මතු භවයෙහි වන) ස්කන්‍ධයන් සමග, නොහොත් කර්මය ඵලය හා සමග, නැතහොත්, සත්‍වයන් සසර දුකින් බැඳලන හෙයින් රූපරාගාදී දශ ස්වභාවයෝ සංයෝජන යන නමින් වහරනු ලබත්. යම්තාක් මේ රූපරාගාදිය පවත්නේද, ඒතාක් මේ ස්කන්‍ධ - ඵල - දුඃඛයන්ගේ නැවැත්මක් නැත. එහිද, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච අවිජ්ජා යන මේ පස උසස් භවයන්හි උපදවන ස්කන්‍ධාදිය සංයෝජනය කරන හෙයින් “උද්ධම්භාගිය සංයෝජන” නම් වේ; සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ යන මේ පස රූප-අරූප භවයන්ගෙන් පහළ භවයන්හි ඉපැදවීම සිදු කරන ස්කන්‍ධාදිය සංයෝජනය කරන හෙයින් ඕරම්භාගිය සංයෝජන නම් වේ.

කිලෙසාති සයං සංකිලිට‍්ඨත‍්තා සම‍්පයුත‍්තධම‍්මානඤ‍්ච සංකිලෙසිකත‍්තා ලොභො දොසො මොහො මානො දිට‍්ඨි විචිකිච‍්ඡා ථිනං උද‍්ධච‍්චං අහිරිකං අනොත‍්තප‍්පන‍්ති ඉමෙ දස ධම‍්මා.

මෙහි, කිලේස යනු, තමාම කිලිටි හෙයින්ද, සම්ප්‍රයුක්ත ධර්මයන් කිලිටි කරන හෙයින්ද, ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දෘෂ්ටි, විචිකිත්සා, ටීන, උද්ධච්ච, අහිරික, අනොන්තප්ප යන මේ දස (අකුශල) ධර්මයි.

මිච‍්ඡත‍්තාති මිච‍්ඡාපවත‍්තනතො මිච‍්ඡාදිට‍්ඨි මිච‍්ඡාසඞ‍්කප‍්පො මිච‍්ඡාවාචා මිච‍්ඡාකම‍්මන‍්තො මිච‍්ඡාආජීවො මිච‍්ඡාවායාමො මිච‍්ඡාසති මිච‍්ඡාසමාධීති ඉමෙ අට‍්ඨ ධම‍්මා. මිච‍්ඡාවිමුත‍්තිමිච‍්ඡාඤාණෙහි වා සද‍්ධිං දස.

‘මිච්ඡත්ත’ (මිථ්‍යාභාව) යනු, මිථ්‍යාව පවත්වන හෙයින් මිච්ඡාදිට්ඨි, මිච්ඡා සඞ්කප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා සති, මිච්ඡාසමාධි යන මේ අටයි, නොහොත්, මිච්ඡා විමුත්ති, මිච්ඡා ඤාණ යන දෙක හා සමග දසයක් වේ.

ලොකධම‍්මාති ලොකප‍්පවත‍්තියා සති අනුපරමධම‍්මකත‍්තා ලාභො අලාභො යසො අයසො සුඛං දුක‍්ඛං නින්‍දා පසංසාති ඉමෙ අට‍්ඨ. ඉධ පන කාරණොපචාරෙන ලාභාදිවත්‍ථුකස‍්ස අනුනයස‍්ස අලාභාදිවත්‍ථුකස‍්ස පටිඝස‍්ස චෙතං ලොකධම‍්මග‍්ගහණෙන ගහණං කතන‍්ති වෙදිතබ‍්බං.

‘ලෝකධම්ම’ යනු, ලෝකය පවත්නා තාක් නොනවත්න ස්වභාව ඇති හෙයින් ලාභ, අලාභ, අයස, යස, සුඛ, දුඃඛ, නින්දා, පසංසා යන මේ අටයි. මෙහි වනාහි කාරණා-උපචාරයෙන් (කාරණය හෙවත් හේතුව සඳහන් කිරීමෙන් කාර්යය හෙවත් ඵලය හැඟවීම මගින්) ලාභ ආදිය වස්තුකොට ඇති අනුනය තෘෂ්ණාවද, අලාභ ආදිය වස්තු කොට ඇති පටිඝයද, මෙසේ ලෝක ධර්ම ග්‍රහණයෙන් ගන්නා ලදැ’යි දතයුතුය.

මච‍්ඡරියානීති ආවාසමච‍්ඡරියං කුලමච‍්ඡරියං ලාභමච‍්ඡරියං ධම‍්මමච‍්ඡරියං වණ‍්ණමච‍්ඡරියන‍්ති ඉමාසු ආවාසාදීසු අඤ‍්ඤෙසං සාධාරණභාවං අසහනාකාරෙන පවත‍්තානි පඤ‍්ච මච‍්ඡරියානි.

‘මච්ඡරිය’ යනු, ආවාස මච්ඡරිය, කුල මච්ඡරිය, ලාභමච්ඡරිය, ධම්ම මච්ඡරිය, වණ්ණ මච්ඡරියයි යන ආවාස ආදිය අනුන්හට පොදු බව නො-ඉවසන ස්වභාවයෙන් පවත්නා මසුරු බවයි.

විපල‍්ලාසාති අනිච‍්චදුක‍්ඛඅනත‍්තඅසුභෙසුයෙව වත්‍ථූසු “නිච‍්චං සුඛං අත‍්තා සුභ”න‍්ති එවං පවත‍්තො සඤ‍්ඤාවිපල‍්ලාසො චිත‍්තවිපල‍්ලාසො දිට‍්ඨිවිපල‍්ලාසොති ඉමෙ තයො.

‘විපල්ලාස’ යනු, අනිත්‍ය, දුඃඛ, අනාත්ම අසුභ වූම වස්තුන් කෙරෙහි නිත්‍යය, සුඛය, ආත්මය, ශුභයයි මෙසේ පවත්නා සංඥා විපර්යාසය, චිත්ත විපර්යාසය, දෘෂ්ටි විපර්යාසය යන මේ තුනයි.

ගන්‍ථාති නාමකායස‍්ස චෙව රූපකායස‍්ස ච ගන්‍ථනතො අභිජ‍්ඣාදයො චත‍්තාරො. තථා හි තෙ අභිජ‍්ඣා කායගන්‍ථො, බ්‍යාපාදො කායගන්‍ථො, සීලබ‍්බතපරාමාසො කායගන්‍ථො, ඉදංසච‍්චාභිනිවෙසො කායගන්‍ථො ඉච‍්චෙව වුත‍්තා.

‘ගන්‍ථ’ යනු, නාමකාය යන දෙක එක්කොට ගැට ගසන හෙයින් අභිධ්‍යා ආදී සතරයි; ඒ එසේමැයි, අභිධ්‍යා කාය ග්‍රන්‍ථය, ව්‍යාපාද කාය ග්‍රන්‍ථය, සීලබ්බතපරාමාස කායග්‍රන්‍ථය, ඉදං සච්චාභිනිවේස කාය ග්‍රන්‍ථය යන මේ සතර කියන ලදි.

අගතීති ඡන්‍දදොසමොහභයෙහි අකත‍්තබ‍්බකරණස‍්ස, කත‍්තබ‍්බාකරණස‍්ස ච අධිවචනං. තඤ‍්හි අරියෙහි අගන‍්තබ‍්බත‍්තා අගතීති වුච‍්චති.

‘අගති’ යනු, ඡන්‍ද, දෝස, මෝහ, භය යන මේ හේතූන් නිසා නොකළ යුත්තක් කිරීම හා කළයුත්තක් නොකිරීම යන මෙයට අධිවචනයි. ආර්යයන් විසින් එයට නොයායුතු හෙයින් ‘අගති’ යයි කියනු ලැබේ.

ආසවාති ආරම‍්මණවසෙන ආගොත්‍රභුතො, ආභවග‍්ගතො ච සවනා, අසංවුතෙහි වා ද‍්වාරෙහි ඝටඡිද‍්දෙහි උදකං විය සවනතො නිච‍්චපග‍්ඝරණට‍්ඨෙන සංසාරදුක‍්ඛස‍්ස වා සවනතො කාමරාගභවරාගමිච‍්ඡාදිට‍්ඨිඅවිජ‍්ජානමෙතං අධිවචනං.

‘ආසව’ යනු, අරමුණු වශයෙන් ගෝත්‍රභූ චිත්තය දක්වාද, භවාග්‍රය දක්වාද, වැගිරෙන හෙයින් හා සංවර නොකරන ලද ද්වරයන්ගෙන්, කළයෙක සිදුරුවලින් ජලය මෙන් වැගිරෙන හෙයින් නිරන්තරයෙන් වහනය වෙති’යි යන අර්ත්‍ථයෙන්ද, නොහොත්, සසර දුක් වහනය වන හෙයින්ද, කාමරාග, භවරාග, මිච්ඡාදිට්ඨි, අවිජ්ජා යන මොවුනට අධිවචනයි.

භවසාගරෙ ආකඩ‍්ඪනට‍්ඨෙන දුරුත‍්තරණට‍්ඨෙන ච ඔඝාතිපි, ආරම‍්මණවියොගස‍්ස චෙව දුක‍්ඛවියොගස‍්ස ච අප‍්පදානතො යොගාතිපි තෙසඤ‍්ඤෙව අධිවචනං.

‘ඕඝ’ යනු, සසර සයුර වෙතට ඇදලන අරුතින් හා තරණය කිරීම දුෂ්කරය යන අරුතින් ‘ඕඝ’ යයි, ‘යෝග’ යනු, ආලම්බන වියෝගයටද දුඃඛ වියෝගයටද ඉඩ නොදෙන හෙයින් යෝග යයිද එම ආශ්‍රවයනටම අධිවචනයි.

නීවරණානීති චිත‍්තස‍්ස ආවරණනීවරණපටිච‍්ඡාදනට‍්ඨෙන කාමච‍්ඡන්‍දාදයො පඤ‍්ච.

‘නීවරණ’ යනු, (කුශල නොහොත් ධ්‍යාන) චිත්තය අවුරන, වසන් කරන, මුවහ කරන අරුතින් කාමච්ඡන්‍ද ආදී පසයි.

පරාමාසොති තස‍්ස තස‍්ස ධම‍්මස‍්ස සභාවං අතික‍්කම‍්ම පරතො අභූතං සභාවං ආමසනාකාරෙන පවත‍්තනතො මිච‍්ඡාදිට‍්ඨියා එතං අධිවචනං.

‘පරාමාස’ යනු, ඒ ඒ ධර්මයන් පිළිබඳ යථා ස්වභාවය ඉක්මවා, විපරීත ලෙසින්, නැති ස්වභාවයක් දැඩිව අල්වා ගැනීමේ ආකාරයෙන් පවත්නා හෙයින් මිථ්‍යාදෘෂ්ටියට මේ අධිවචනයි.

උපාදානානීති සබ‍්බාකාරෙන පටිච‍්චසමුප‍්පාදනිද‍්දෙසෙ වුත‍්තානි කාමුපාදානාදීනි චත‍්තාරි.

‘උපාදාන’ යනු, යට පටිච්චසමුප්පාද (පඤ්ඤාභූමි) නිද්දේසයෙහි සියලු ආකාරයෙන් විස්තර කරන ලද කාමූපාදානාදී (උපාදාන) සතරයි.

අනුසයාති ථාමගතට‍්ඨෙන කාමරාගානුසයො, පටිඝ, මාන, දිට‍්ඨි, විචිකිච‍්ඡා, භවරාග, අවිජ‍්ජානුසයොති එවං වුත‍්තා කාමරාගාදයො සත‍්ත . තෙ හි ථාමගතත‍්තා පුනප‍්පුනං කාමරාගාදීනං උප‍්පත‍්තිහෙතුභාවෙන අනුසෙන‍්තියෙවාති අනුසයා.

‘අනුසය’ යනු, බලවත් බවට පත්වූයේ යන අර්ත්‍ථයෙන් කාමරාග, පටිඝ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, භවරාග, අවිජ්ජා යන අනුසය සතයි. ඔහු වනාහි බලවත් බවට ගිය හෙයින් නැවත නැවතත් කාමරාග ආදිය ඉපැදීමට හේතුවන බැවින් ‘අනුව හොවිත’යි යන අරුතින් ‘අනුසය’ නම් වෙති.

මලාති තෙලඤ‍්ජනකලලං විය සයඤ‍්ච අසුද‍්ධත‍්තා, අඤ‍්ඤෙසඤ‍්ච අසුද‍්ධභාවකරණතො ලොභදොසමොහා තයො.

‘මල’ යනු, තෙල් අඳුන් කලල් සෙයින් තමාද අපිරිසුදුව මෙරමාද අපිරිසුදු කරවන බැවින් ලෝභ, ද්වේෂ, මෝහ යන තුනයි.

අකුසලකම‍්මපථාති අකුසලකම‍්මභාවෙන චෙව දුග‍්ගතීනඤ‍්ච පථභාවෙන පාණාතිපාතො අදින‍්නාදානං කාමෙසුමිච‍්ඡාචාරො මුසාවාදො පිසුණවාචා ඵරුසවාචා සම‍්ඵප‍්පලාපො අභිජ‍්ඣා බ්‍යාපාදො මිච‍්ඡාදිට‍්ඨීති ඉමෙ දස.

‘අකුසල කම්මපථ’ යනු, අකුශල කර්ම වන බැවින්ද, දුර්ගතියට මාර්ග වන බැවින්ද, පාණාතිපාතය, අදින්නාදානය, කාමේසුමිච්ඡාචාරය, මුසාවාදය, පිසුණා වාචාය, ඵරුසා වාචාය, සම්ඵප්පලාපය, අභිජ්ඣාය, ව්‍යාපාදය, මිච්ඡාදිට්ඨිය යන මේ දශයයි.

අකුසලචිත‍්තුප‍්පාදාති ලොභමූලා අට‍්ඨ දොසමූලා ද‍්වෙ මොහමූලා ද‍්වෙති ඉමෙ ද‍්වාදස.

‘අකුසල චිත්තුප්පාද’ යනු, ලෝභ මූලික අටය, දෝස මූලික දෙකය, මෝහ මූලික දෙකය යන මේ දොළොසයි.

ඉති එතෙසං සංයොජනාදීනං ධම‍්මානං එතානි යථායොගං පහානකරානි. කථං? සංයොජනෙසු තාව සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡා සීලබ‍්බතපරාමාසො අපායගමනීයා ච කාමරාගපටිඝාති එතෙ පඤ‍්ච ධම‍්මා පඨමඤාණවජ‍්ඣා, සෙසා කාමරාගපටිඝා ඔළාරිකා දුතියඤාණවජ‍්ඣා, සුඛුමා තතියඤාණවජ‍්ඣා, රූපරාගාදයො පඤ‍්චපි චතුත්‍ථඤාණවජ‍්ඣා එව. පරතොපි ච යත්‍ථ යත්‍ථ එවසද‍්දෙන නියමං න කරිස‍්සාම. තත්‍ථ තත්‍ථ යං යං “උපරිඤාණවජ‍්ඣො”ති වක‍්ඛාම, සො සො පුරිමඤාණෙහි හතාපායගමනීයාදිභාවොව හුත්‍වා උපරිඤාණවජ‍්ඣො හොතීති වෙදිතබ‍්බො.

මෙසේ මේ මාර්ගඥාන සතර, මෙකී සංයෝජනාදී වූ අකුශල ධර්මයන් යෙදෙන පරිදි ප්‍රහීණ කරයි; කෙසේද යත්:- පළමුකොට සංයෝජනයන් අතුරෙන් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන තුනද, අපායට පැමිණවිය හැකි කාමරාග, පටිඝ යන දෙකදැ’යි යන මේ සංයෝජන පස ප්‍රථම මාර්ගඥානයෙන් නැසිය යුතුවේ. ඕළාරික වූ සෙසු (අපායගමනීය නොවන) කාමරාගය හා පටිඝය ද්විතීය මාර්ගඥානයෙන් නැසිය යුතුවේ. සියුම් වූ කාමරාගය හා පටිඝය තෘතීය මාර්ගඥානයෙන් නැසිය යුතුවේ. රූපරාග ආදී ඉතිරි සංයෝජන පස චතුර්ත්‍ථ මාර්ගඥානයෙන්ම නැසිය යුතුවේ. මතුවටද යම් යම් තැනෙක්හි ‘ඒව’ යනුවෙන් අවධාරණය නොකරන්නමෝද, ඒ ඒ තන්හි යම් යම් (ක්ලේශාදියක්) උසස් වූ (දෙවන, තුන්වන, සිවුවන) මාර්ගඥානයන් මගින් නැසිය යුතුයයි කියන්නමෝද, ඒ ඒ (ක්ලේශ ස්වභාවය) පූර්ව මාර්ගඥානයන් මගින් නසන ලද අපාය ගාමනීයාදිභාවය ඇතිවම ‘උපරිඤාණවජ්ඣ’ (උසස් මාර්ග ඥානයන් මගින් නැසිය යුතු) වෙතැ’යි දතයුතුය.

කිලෙසෙසු දිට‍්ඨිවිචිකිච‍්ඡා පඨමඤාණවජ‍්ඣා, දොසො තතියඤාණවජ‍්ඣො, ලොභමොහමානථිනඋද‍්ධච‍්චඅහිරිකඅනොත‍්තප‍්පානි චතුත්‍ථඤාණවජ‍්ඣානි.

ක්ලේශයන් අතුරෙන් දිට්ඨි, විචිකිච්ඡා යන දෙක ප්‍රථම ඥානයෙන් නැසිය යුතුවේ, ද්වේෂය තෘතීය මාර්ගඥානයෙන් නැසිය යුතුවේ, ලෝභ, මෝහ, මාන, ථීන, උද්ධච්ච, අහිරික, අනොන්තප්ප යන සත චතුර්ත්‍ථ මාර්ග ඥානයෙන් නැසිය යුතු වේ.

මිච‍්ඡත‍්තෙසු මිච‍්ඡාදිට‍්ඨි මුසාවාදො මිච‍්ඡාකම‍්මන‍්තො මිච‍්ඡාආජීවොති ඉමෙ පඨමඤාණවජ‍්ඣා, මිච‍්ඡාසඞ‍්කප‍්පො පිසුණවාචා ඵරුසවාචාති ඉමෙ තතියඤාණවජ‍්ඣා, චෙතනායෙව චෙත්‍ථ වාචාති වෙදිතබ‍්බා. සම‍්ඵප‍්පලාපමිච‍්ඡාවායාමසතිසමාධිවිමුත‍්තිඤාණානි චතුත්‍ථඤාණවජ‍්ඣානි.

මිච්ඡත්ත (මිථ්‍යාභාව) යන් අතුරෙන්, මිච්ඡාදිට්ඨි, මුසාවාද, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව යන සතර ප්‍රථම ඥානයෙන් නැසිය යුතුවේ, මිච්ඡා සඞ්කප්ප, පිසුණා වාචා, ඵරුෂා වාචා යන මේ තුන තෘතිය ඥානයෙන් නැසියයුතු වේ. මෙහි ‘වාචා’ යනුවෙන් අදහස් වනුයේ චේතනාවම බව දත යුතුය. සම්ඵප්පලාප, මිච්ඡාවායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි, මිච්ඡා විමුත්ති, මිච්ඡා ඤාණ යන සය චතුර්ත්‍ථඥානයෙන් නැසිය යුතු වේ.

ලොකධම‍්මෙසු පටිඝො තතියඤාණවජ‍්ඣො, අනුනයො චතුත්‍ථඤාණවජ‍්ඣො, යසෙ ච පසංසාය ච අනුනයො චතුත්‍ථඤාණවජ‍්ඣොති එකෙ. මච‍්ඡරියානි පඨමඤාණවජ‍්ඣානෙව.

ලෝකධර්මයන් අතුරෙන් (අලාභාදිය නිසා ඇතිවන) පටිඝය තෘතීය ඥානයෙන් නැසිය යුතුවේ, (ලාභාදියෙන් ඇතිවන) අනුනය තෘෂ්ණාව චතුර්ත්‍ථඥානයෙන් නැසිය යුතුවේ, යසසෙහි හා ප්‍රශංසාවෙහිදී ඇති වන අනුනය තෘෂ්ණාව පමණක් චතුර්ත්‍ථ ඥානයෙන් නැසිය යුතුයයි ඇතැමෙක් යෙති. මච්ඡරිය (මසුරුකම) ප්‍රථමඥානයෙන්ම නැසිය යුතුය.

විපල‍්ලාසෙසු අනිච‍්චෙ නිච‍්චං, අනත‍්තනි අත‍්තාති ච සඤ‍්ඤාචිත‍්තදිට‍්ඨිවිපල‍්ලාසා, දුක‍්ඛෙ සුඛං, අසුභෙ සුභන‍්ති දිට‍්ඨිවිපල‍්ලාසො චාති ඉමෙ පඨමඤාණවජ‍්ඣා, අසුභෙ සුභන‍්ති සඤ‍්ඤාචිත‍්තවිපල‍්ලාසා තතියඤාණවජ‍්ඣා, දුක‍්ඛෙ සුඛන‍්ති සඤ‍්ඤාචිත‍්තවිපල‍්ලාසා චතුත්‍ථඤාණවජ‍්ඣා.

විපල්ලාස (විපර්යාස) යන් අතුරෙන්, අනිත්‍ය වස්තු විෂයයෙහි නිත්‍ය යයිද, අනාත්ම වස්තු විෂයයෙහි ආත්මයයිද යනුවෙන් වන සංඥා, චිත්ත, දෘෂ්ටි-විපර්යාස හා දුඃඛයෙහි සුඛයයිද, අශුභයෙහි ශුභයයිද යනුවෙන් වන දෘෂ්ටි-විපර්යාසදැ’යි යන මොහු ප්‍රථම ඥානයෙන් නැසිය යුතු වෙති, අශුභයෙහි ශුභයයි යනුවෙන් වන සංඥා - චිත්ත - විපර්යාසයෝ තෘතීයඥානයෙන් නැසියයුතු වෙති. දුඃඛයෙහි සුඛයයි යනුවෙන් වන සංඥා-චිත්ත-විපර්යාසයෝ චතුර්ත්‍ථඥානයෙන් නැසිය යුතු වෙති.

ගන්‍ථෙසු සීලබ‍්බතපරාමසඉදංසච‍්චාභිනිවෙසකායගන්‍ථා පඨමඤාණවජ‍්ඣා, බ්‍යාපාදකායගන්‍ථො තතියඤාණවජ‍්ඣො, ඉතරො චතුත්‍ථඤාණවජ‍්ඣො.

ග්‍රන්‍ථ (ගැට)යන් අතුරෙන්, සීලබ්බතපරාමාස, ඉදං සච්චභාගිනිවේස යන කායග්‍රන්‍ථ දෙක ප්‍රථමඥානයෙන් නැසිය යුතු වේ, ව්‍යාපාද කාය ග්‍රන්‍ථය තෘතීය ඥානයෙන් නැසිය යුතු වේ; ඉතිරි (ව්‍යාපාද) කාය ග්‍රන්‍ථය චතුර්ත්‍ථඥානයෙන් නැසියයුතු වේ.

අගති පඨමඤාණවජ‍්ඣාව.

අගති සතර ප්‍රථමඥානයෙන්ම නැසිය යුතුවේ.

ආසවෙසු දිට‍්ඨාසවො පඨමඤාණවජ‍්ඣො, කාමාසවො තතියඤාණවජ‍්ඣො, ඉතරෙ ද‍්වෙ චතුත්‍ථඤාණවජ‍්ඣා. ඔඝයොගෙසුපි එසෙව නයො.

ආශ්‍රවයන් අතුරෙන්, දිට්ඨාසවය ප්‍රථම ඥානයෙන් නැසිය යුතුවේ; කාමාසවය තෘතීය ඥානයෙන් නැසිය යුතුවේ; ඉතිරි (භවාසව, අවිජ්ජාසව යන) දෙක චතුර්ත්‍ථ ඥානයෙන් නැසිය යුතු වේ. ඕඝ හා යෝග විෂයයෙහිද මෙම නයයි.

නීවරණෙසු විචිකිච‍්ඡානීවරණං පඨමඤාණවජ‍්ඣං, කාමච‍්ඡන්‍දො බ්‍යාපාදො කුක‍්කුච‍්චන‍්ති තීණි තතියඤාණවජ‍්ඣානි, ථිනමිද‍්ධඋද‍්ධච‍්චානි චතුත්‍ථඤාණවජ‍්ඣානි.

නීවරණයන් අතුරෙන් විචිකිච්ඡා නීවරණය ප්‍රථමඥානයෙන් නැසිය යුතුවේ; කාමච්ඡන්‍ද, ව්‍යාපාද, කුක්කුච්ච යන තුන තෘතීයඥානයෙන් නැසිය යුතුවේ; ථීනමිද්ධ, උද්ධච්ච යන දෙක චතුර්ත්‍ථඥානයෙන් නැසිය යුතුවේ.

පරාමාසො පඨමඤාණවජ‍්ඣොව.

පරාමාසය ප්‍රථමඥානයෙන්ම නැසිය යුතු වේ.

උපාදානෙසු සබ‍්බෙසම‍්පි ලොකියධම‍්මානං වත්‍ථුකාමවසෙන කාමාති ආගතත‍්තා රූපාරූපරාගොපි කාමුපාදානෙ පතති, තස‍්මා තං චතුත්‍ථඤාණවජ‍්ඣං, සෙසානි පඨමඤාණවජ‍්ඣානි.

උපාදානයන් අතුරෙන්, සියලුම ලෞකික ස්වභාවයන් වස්තුකාම වශයෙන් කාමයන්ම වෙති’යි (පෙළෙහි) ආ හෙයින් රූප හා අරූප රාගයද කාමූපාදාන සංඛ්‍යාවට වැටේ, එහෙයින් එය චතුර්ත්‍ථඥානයෙන් නැසිය යුතු වේ; සෙසු (දිට්ඨි, සීලබ්බත, අත්තවාද යන) තුන ප්‍රථමඥානයෙන් නැසිය යුතු වේ.

අනුසයෙසු දිට‍්ඨිවිචිකිච‍්ඡානුසයා පඨමඤාණවජ‍්ඣාව, කාමරාගපටිඝානුසයා තතියඤාණවජ‍්ඣා, මානභවරාගාවිජ‍්ජානුසයා චතුත්‍ථඤාණවජ‍්ඣා.

අනුසයයන් අතුරෙන් දිට්ඨි හා විචිකිච්ඡා යන අනුසය දෙක ප්‍රථමඥානයෙන් නැසිය යුතුය, මාන, භවරාග, අවිජ්ජා යන තුන චතුර්ත්‍ථඥානයෙන් නැසිය යුතුවේ.

මලෙසු දොසමලං තතියඤාණවජ‍්ඣං, ඉතරානි චතුත්‍ථඤාණවජ‍්ඣානි.

මල අතුරෙන් ද්වේෂ මලය තෘතීය ඥානයෙන් නැසිය යුතු වේ; ඉතිරි දෙක චතුර්ත්‍ථඥානයෙන් නැසිය යුතුවේ.

අකුසලකම‍්මපථෙසු පාණාතිපාතො අදින‍්නාදානං මිච‍්ඡාචාරො මුසාවාදො මිච‍්ඡාදිට‍්ඨීති ඉමෙ පඨමඤාණවජ‍්ඣා , පිසුණවාචා ඵරුසවාචා බ්‍යාපාදොති තයො තතියඤාණවජ‍්ඣා, සම‍්ඵප‍්පලාපාභිජ‍්ඣා චතුත්‍ථඤාණවජ‍්ඣා.

අකුසල කම්මපථයන් අතුරෙන් පාණාතිපාත, අදින්නාදාන, මිච්ඡාචාර, මුසාවාද, මිච්ඡාදිට්ඨි යන මේ පස ප්‍රථමඥානයෙන් නැසිය යුතුවේ; පිසුණාවාචා, ඵරුසා වාචා, ව්‍යාපාද යන තුන තෘතීය ඥානයෙන් නැසිය යුතුවේ; සම්ඵප්පලාප, අභිජ්ඣා යන දෙක චතුර්ත්‍ථඥානයෙන් නැසිය යුතුවේ.

අකුසලචිත‍්තුප‍්පාදෙසු චත‍්තාරො දිට‍්ඨිගතසම‍්පයුත‍්තා විචිකිච‍්ඡාසම‍්පයුත‍්තො චාති පඤ‍්ච පඨමඤාණවජ‍්ඣාව, ද‍්වෙ පටිඝසම‍්පයුත‍්තා තතියඤාණවජ‍්ඣා, සෙසා චතුත්‍ථඤාණවජ‍්ඣාති.

අකුසල චිත්තුප්පාදයන් අතුරෙන්, දිට්ඨිගත සම්පයුත්ත සතර හා විචිකිච්ඡාව සම්පයුත්තයයි යන පස ප්‍රථමඥානයෙන් නැසිය යුතුවේ, පටිඝ සම්පයුත්ත දෙක තෘතීය ඥානයෙන් නැසිය යුතුවේ. ඉතිරි පස චතුර්ත්‍ථඥානයෙන් නැසියයුතු වේ.

යඤ‍්ච යෙන වජ‍්ඣං, තං තෙන පහාතබ‍්බං නාම. තෙන වුත‍්තං “ඉති එතෙසං සංයොජනාදීනං ධම‍්මානං එතානි යථායොගං පහානකරානී”ති.

තවද (සංයෝජනාදී වූ) යම් ස්වභාවයක් යම් (මාර්ගඥානයෙකින්) නැසියයුතු වන්නේද, එම (සංයෝජනාදිය) එම මාර්ගඥානයෙන් ප්‍රහීණ කළ යුතු වන්නේ නම් ද වේ. එහෙයින්, “මෙසේ මේ මාර්ගඥානයන් මේ සංයෝජනාදී ස්වභාවයන්ගේ ප්‍රහාණය නිසි පරිදි සිදු කෙරෙති”යි කියන ලදි.

කිං පනෙතානි එතෙ ධම‍්මෙ අතීතානාගතෙ පජහන‍්ති උදාහු පච‍්චුප‍්පන‍්නෙති. කිං පනෙත්‍ථ යදි තාව අතීතානාගතෙ, අඵලො වායාමො ආපජ‍්ජති. කස‍්මා? පහාතබ‍්බානං නත්‍ථිතාය. අථ පච‍්චුප‍්පන‍්නෙ, තථාපි අඵලො, වායාමෙන සද‍්ධිං පහාතබ‍්බානං අත්‍ථිතාය, සංකිලෙසිකා ච මග‍්ගභාවනා ආපජ‍්ජති, විප‍්පයුත‍්තතා වා කිලෙසානං, න ච පච‍්චුප‍්පන‍්නකිලෙසො චිත‍්තවිප‍්පයුත‍්තො නාම අත්‍ථීති. නායං ආවෙණිකා චොදනා. පාළියංයෙව හි “ස‍්වායං කිලෙසෙ පජහති, අතීතෙ කිලෙසෙ පජහති, අනාගතෙ කිලෙසෙ පජහති, පච‍්චුප‍්පන‍්නෙ කිලෙසෙ පජහතී”ති වත්‍වා, පුන “හඤ‍්චි අතීතෙ කිලෙසෙ පජහති, තෙනහි ඛීණං ඛෙපෙති, නිරුද‍්ධං නිරොධෙති, විගතං විගමෙති, අත්‍ථඞ‍්ගතං අත්‍ථඞ‍්ගමෙති. අතීතං යං නත්‍ථි, තං පජහතී”ති (පටි· ම· 3.21) ච වත්‍වා, “න අතීතෙ කිලෙසෙ පජහතී”ති පටික‍්ඛිත‍්තං.

මේ මාර්ගඥානයෝ අතීත හා අනාගත වූ (සංයෝජනාදී) ධර්මයන් පහ කෙරෙත්ද? නැතහොත් වර්තමාන ධර්මයන් පහ කෙරෙත්ද? යත්:- ඉදින්, පළමුකොට, මෙහි පහ කෙරෙනුයේ අතීත-අනාගත ධර්මයන් නම්, එය ඵලරහිත ව්‍යායාමයක් වන්නේය; කවර හෙයින්ද? (අතීත - අනාගත දෙකෙහිම) පහකළ යුතු දෙයක් නැති හෙයිනි. එසේ නම් (පහ කැරෙනුයේ) වර්තමාන ධර්මයන්ද? එසේ වුවද, (ව්‍යායාමය) ඵල රහිත වේ; ව්‍යායාමය හා සමග පහ කළ යුතු සංයෝජන ආදියද ඇති හෙයිනි; එසේ වුවහොත් මාර්ග භාවනාවද කිලිටි බවට පත් වෙති’යි යනු ගම්‍ය වේ; එසේ වුවහොත්, ක්ලේශයන් (සිතින්) වෙන්ව පවත්නා බවත් ගම්‍ය වේ. (එහෙත්) සිතින් පවත්නා ප්‍රත්‍යුත්පන්න (වර්තමාන) ක්ලේශ නමැ’යි දෙයක් නැත්තේය. මෙය ආවේණික (අපූර්ව) චෝදනාවක් (ප්‍රශ්නයක්) නොවේ; පාළියෙහිම වනාහි:- ‘‘යම් මේ මාර්ගඥානයක් කෙලෙසුන් පහ කෙරේ නම්, එය පහකරනුයේ අතීත වූ, නැතහොත් අනාගත වූ, එසේද නැතහොත් වර්තමාන වූ කෙලෙස්දැ”යි චෝදනා (ප්‍රශ්න) කොට, යලිදු, “ඉදින්, පහ කෙරෙනුයේ අතීත වූ කෙලෙස් නම්, එවිට ක්‍ෂය වූවක් ක්‍ෂය කරන්නේ වේ; නිරුද්ධ වූවක් නිරුද්ධ කරන්නේ වේ; පහ වූවක් පහ කරන්නේ වේ, ඉකුත්ව ගිය දෙයක් ඉකුත් කරන්නේ වේ; අතීත වූ දෙයක් නොපවත්නේ වේද, (නොපවත්නා) එවන් දෙයක් පහ කරනුයේ වේ” යයි පරිහාර (පිළිතුරු) වශයෙන් කියා, “අතීත වූ කෙලෙස් පහ කරන්නේ නොවේය”යි ප්‍රතික්‍ෂේප කරන ලදි.

තථා “හඤ‍්චි අනාගතෙ කිලෙසෙ පජහති, තෙනහි අජාතං පජහති, අනිබ‍්බත‍්තං පජහති, අනුප‍්පන‍්නං පජහති, අපාතුභූතං පජහති. අනාගතං යං නත්‍ථි, තං පජහතී”ති ච වත්‍වා, “න අනාගතෙ කිලෙසෙ පජහතී”ති පටික‍්ඛිත‍්තං.

එසේම “ඉදින් පහ කැරෙනුයේ අනාගත වූ කෙලෙස් නම්, එවිට නොහටගත් දෙයක් පහ කරන්නේ වේ, නොනිපන් දෙයක් පහ කරන්නේ වේ, නූපන් දෙයක් පහ කරන්නේ වේ, පහළ නොවූ දෙයක් පහ කරන්නේ වේ; අනාගත වූ දෙයක් නොපවත්නේ වේද, එවන් දෙයක් පහ කරන්නේ වේ” යයි කියා, “අනාගත කෙලෙස් පහ කරන්නේ නොවේ” යයි (එයද) ප්‍රතික්‍ෂේප කරන ලදි.

තථා “හඤ‍්චි පච‍්චුප‍්පන‍්නෙ කිලෙසෙ පජහති, තෙනහි රත‍්තො රාගං පජහති. දුට‍්ඨො දොසං, මූළ‍්හො මොහං, විනිබද‍්ධො මානං, පරාමට‍්ඨො දිට‍්ඨිං, වික‍්ඛෙපගතො උද‍්ධච‍්චං, අනිට‍්ඨඞ‍්ගතො විචිකිච‍්ඡං, ථාමගතො අනුසයං පජහති. කණ‍්හසුක‍්කා ධම‍්මා යුගනද‍්ධාව වත‍්තන‍්ති. සංකිලෙසිකා මග‍්ගභාවනා හොතී”ති ච වත්‍වා, “න අතීතෙ කිලෙසෙ පජහති, න අනාගතෙ, න පච‍්චුප‍්පන‍්නෙ කිලෙසෙ පජහතී”ති සබ‍්බං පටික‍්ඛිපිත්‍වා, “තෙනහි නත්‍ථි මග‍්ගභාවනා, නත්‍ථි ඵලසච‍්ඡිකිරියා , නත්‍ථි කිලෙසප‍්පහානං, නත්‍ථි ධම‍්මාභිසමයො”ති පඤ‍්හාපරියොසානෙ “න හි නත්‍ථි මග‍්ගභාවනා…පෙ… නත්‍ථි ධම‍්මාභිසමයො”ති පටිජානිත්‍වා “යථා කථං වියා”ති වුත‍්තෙ ඉදං වුත‍්තං –

එසේම, “ඉදින් පහ කැරෙනුයේ ප්‍රත්‍යුත්පන්න වූ කෙලෙස් නම්, එවිට රාග සහිත වූයේම රාගය පහ කරන්නේ වේ, ද්වේෂ සහිත වූයේම ද්වේෂය පහ කරන්නේ වේ, මුළා වූයේම මෝහය පහ කරන්නේ වේ, මානයෙන් දැඩිවම මානය පහ කරන්නේ වේ, පරාමර්ශ සහිත වූයේම මිථ්‍යාදෘෂ්ටිය පහ කරන්නේ වේ, වික්‍ෂේප සහිත වූයේම ඖද්ධත්‍යය පහ කරන්නේ වේ, නිශ්චයයට නොපැමිණියේම විචිකිච්ඡාව පහ කරන්නේ වේ, අනුශයයන් බලවත්ව තිබියදීම අනුශයයන් පහ කරන්නේ වේ. මෙසේ කුසල් හා අකුසල් යුගනද්ධව (යුගල වශයෙන් බැඳී)ම පවත්නේ වේ; මාර්ග භාවනාවද කිලිටි වන්නේ වේ”යයි කියා. “අතීත වූ කෙලෙස් හෝ, අනාගත වූ කෙලෙස් හෝ, ප්‍රත්‍යුත්පන්න වූ කෙලෙස් හෝ පහ කරන්නේ නොවේ” යයි සියල්ල ප්‍රතික්‍ෂේප කොට, - “එසේ නම්, මාර්ගගභාවනාවක් නැත්ද? ඵලසාක්‍ෂාත් කරණයක් නැත්ද? ක්ලේශ ප්‍රහාණයක් නැත්ද? ධර්මාභිසමයයක් නැත්දැ?යි යනුවෙන් ප්‍රශ්න කොට අවසන්හි, ‘‘එසේ (නැත්තේ) නොවේ, මාර්ග භාවනාවක් ඇත. -පෙ- ධර්මාභිසමයයක් ඇත” යනුවෙන් ප්‍රතිඥා කොට, නැවත “කුමක් මෙන්දැ”යි පවසා මෙසේද කියන ලදි:-

“සෙය්‍යථාපි තරුණො රුක‍්ඛො අජාතඵලො, තමෙනං පුරිසො මූලෙ ඡින්‍දෙය්‍ය, යෙ තස‍්ස රුක‍්ඛස‍්ස අජාතඵලා, තෙ අජාතායෙව න ජායන‍්ති, අනිබ‍්බත‍්තායෙව න නිබ‍්බත‍්තන‍්ති, අනුප‍්පන‍්නායෙව න උප‍්පජ‍්ජන‍්ති, අපාතුභූතායෙව න පාතුභවන‍්ති, එවමෙව උප‍්පාදො හෙතු උප‍්පාදො පච‍්චයො කිලෙසානං නිබ‍්බත‍්තියාති උප‍්පාදෙ ආදීනවං දිස‍්වා අනුප‍්පාදෙ චිත‍්තං පක‍්ඛන්‍දති, අනුප‍්පාදෙ චිත‍්තස‍්ස පක‍්ඛන්‍දත‍්තා යෙ ආයූහනපච‍්චයා කිලෙසා නිබ‍්බත‍්තෙය්‍යුං, තෙ අජාතායෙව න ජායන‍්ති…පෙ… අපාතුභූතායෙව න පාතුභවන‍්ති, එවං හෙතුනිරොධා දුක‍්ඛනිරොධො. පවත‍්තං හෙතු…පෙ… නිමිත‍්තං හෙතු…පෙ… ආයූහනා හෙතු…පෙ… අනායූහනෙ චිත‍්තස‍්ස පක‍්ඛන්‍දත‍්තා යෙ ආයූහනපච‍්චයා කිලෙසා නිබ‍්බත‍්තෙය්‍යුං, තෙ අජාතායෙව…පෙ… අපාතුභූතායෙව න පාතුභවන‍්ති, එවං හෙතුනිරොධා දුක‍්ඛනිරොධො. එවං අත්‍ථි මග‍්ගභාවනා, අත්‍ථි ඵලසච‍්ඡිකිරියා, අත්‍ථි කිලෙසප‍්පහානං, අත්‍ථි ධම‍්මාභිසමයො”ති (පටි· ම· 3.21).

“යම්සේ නොපීදුණ නහඹු රුකෙක් වේද, මිනිසෙක් එය මුලින්ම සිඳලන්නේද, එවිට ඒ රුකෙහි නොහටගත් යම් පලයක් වේද, එය හටගැනීමක් නැති නිසාම නොහටගන්නේ වේ, නොනිපන් නිසාම නොනිපදනේ වේ, නො-උපන් නිසාම නො-උපදනේ වේ, නොපහළ වූ නිසාම නොපහළ වනුයේ වේ; එසේම ක්ලේශයන්ගේ හට ගැනීමට උත්පාදය (ඉපදීම) හේතු වේ, ඉපැදීම ප්‍රත්‍යය වේ. උත්පාදයෙහි ආදීනව දැක අනුත්පාදය වෙතට සිත වදී, අනුත්පාදය වෙතට සිත වන් හෙයින්, උත්පාද හේතුවෙන් යම් ක්ලේශයක් උපදනේද, එම ක්ලේශය නො-උපන් හෙයින්ම නො-උපදනේ වේ; -පෙ- පහළ නොවූ හෙයින්ම පහළ නොවන්නේ වේ; මෙසේ හේතු නිරෝධයෙන් (හේතුව නැති කිරීමෙන්) දුඃඛනිරෝධය වේ. කෙලෙස් ඉපැදීමට ස්කන්‍ධයන්ගේ පැවැත්ම හේතු වේ, (සංස්කාර) නිමිත්තද හේතු වේ. ආයූහනයද (කර්මයන් රැස් කිරීමද) හේතු වේ. අනායූහය වෙත සිත වන් හෙයින් ආයූහන හේතුවෙන් උපදනා -පෙ- කෙලෙස් නො-උපන් හෙයින්ම -පෙ- පහළ නොවූ හෙයින්ම පහළ නොවේ. මෙසේ හේතු නිරෝධයෙන් ඵල නිරෝධය වේ. මෙසේ මාර්ගභාවනාවක් ඇත, ඵලසාක්‍ෂාත්කරණයක් ඇත, ක්ලේශ ප්‍රහාණයක් ඇත. ධර්මාභිසමයයක් ඇත.

එතෙන කිං දීපිතං හොති? භූමිලද‍්ධානං කිලෙසානං පහානං දීපිතං හොති. භූමිලද‍්ධා පන කිං අතීතානාගතා උදාහු පච‍්චුප‍්පන‍්නාති. භූමිලද‍්ධුප‍්පන‍්නා එව නාම තෙ.

මෙයින් (මේ චෝදනා - පරිහාරයෙන්) කුමක් පැහැදිලි කරන ලද්දේද? ‘භූමිලද්ධ’ නම් ක්ලේශයන්ගේ ප්‍රහාණය පැහැදිලි කරන ලද්දේය. කිමෙක්ද? එම භූමිලද්ධයෝ අතීත හෝ අනාගත වෙත්ද? නැතහොත් ප්‍රත්‍යුත්පන්න වෙත්ද? ඔහු හුදෙක් ‘භූමිලද්ධුප්පන්න’ (භූමියක් ලැබ උපන්නාහු) නම් වෙති.

උප‍්පන‍්නං හි වත‍්තමානභූතාපගතොකාසකතභූමිලද‍්ධවසෙන අනෙකප‍්පභෙදං. තත්‍ථ සබ‍්බම‍්පි උප‍්පාදජරාභඞ‍්ගසමඞ‍්ගිසඞ‍්ඛාතං වත‍්තමානුප‍්පන‍්නං නාම. ආරම‍්මණරසං අනුභවිත්‍වා නිරුද‍්ධං අනුභූතාපගතසඞ‍්ඛාතං කුසලාකුසලං උප‍්පාදාදිත‍්තයං අනුප‍්පත්‍වා නිරුද‍්ධං භූතාපගතසඞ‍්ඛාතං සෙසසඞ‍්ඛතඤ‍්ච භූතාපගතුප‍්පන‍්නං නාම. “යානිස‍්ස තානි පුබ‍්බෙකතානි කම‍්මානී”ති (ම· නි· 3.248) එවමාදිනා නයෙන වුත‍්තං කම‍්මං අතීතම‍්පි සමානං අඤ‍්ඤං විපාකං පටිබාහිත්‍වා අත‍්තනො විපාකස‍්සොකාසං කත්‍වා ඨිතත‍්තා තථා කතොකාසඤ‍්ච විපාකං අනුප‍්පන‍්නම‍්පි සමානං එවං කතෙ ඔකාසෙ එකන‍්තෙන උප‍්පජ‍්ජනතො ඔකාසකතුප‍්පන‍්නං නාම. තාසු තාසු භූමීසු අසමූහතං අකුසලං භූමිලද‍්ධුප‍්පන‍්නං නාම.

‘උප්පන්න’ යනු, වත්තමානය, භූතාපගතය, ඕකාසකතය, භූමිලද්ධය ආදී වශයෙන් අනේකවිධ වේ; එහි උත්පාද ජරා-භංග සහිත වූ සියල්ල වත්තමානුප්පන්න නම් වේ; අරමුණු රස අනුභව කොට ඉකුත්ව ගිය, එහෙයින්, අනුභූතාපගත නම් වූ, කුශලාකුශල වූ, උත්පාදාදී ත්‍රිකයට පිළිවෙළින් පැමිණ නිරුද්ධ වූද, භූතාපගත සංඛ්‍යාවට වැටෙන සෙසු සංස්කාරද ‘භූතාපගතුප්පන්න’ නම් වේ; “යානිස්ස තානි පුබ්බෙ කතානි කම්මානි” (ඔහු විසින් පෙර කරන ලද යම් කර්මයක් වේද, එය) යන ආදී වශයෙන් කියන ලද කර්මයක් අතීතවූම අනෙක් කර්ම විපාකයක් වලක්වා තම විපාකයට ඉඩ සලසාගෙන සිටි හෙයින්, එසේ ඉඩ සලසාගත් විපාකය නො-උපන්නේ වූ නමුදු, එසේ කළ කල ඒකාන්තයෙන් උපදනා හෙයින් “ඕකාසකතුප්පන්න” නම් වේ; ඒ ඒ ස්කන්‍ධ සංඛ්‍යාත භූමියෙහි මුළුමනින්ම ක්‍ෂය නොකරන ලද අකුශල කර්මය ‘භූමිලධූප්පන්න’ නම් වේ.

එත්‍ථ ච භූමියා භූමිලද‍්ධස‍්ස ච නානත‍්තං වෙදිතබ‍්බං. භූමීති හි විපස‍්සනාය ආරම‍්මණභූතා තෙභූමකා පඤ‍්චක‍්ඛන්‍ධා. භූමිලද‍්ධං නාම තෙසු ඛන්‍ධෙසු උප‍්පත‍්තිරහං කිලෙසජාතං. තෙනහි සා භූමි ලද‍්ධා නාම හොතීති තස‍්මා භූමිලද‍්ධන‍්ති වුච‍්චති, සා ච ඛො න ආරම‍්මණවසෙන. ආරම‍්මණවසෙන හි සබ‍්බෙපි අතීතානාගතෙ පරිඤ‍්ඤාතෙපි ච ඛීණාසවානං ඛන්‍ධෙ ආරබ‍්භ කිලෙසා උප‍්පජ‍්ජන‍්ති මහාකච‍්චානඋප‍්පලවණ‍්ණාදීනං ඛන්‍ධෙ ආරබ‍්භ සොරෙය්‍යසෙට‍්ඨි නන්‍දමාණවකාදීනං විය. යදි ච තං භූමිලද‍්ධං නාම සියා, තස‍්ස අප‍්පහෙය්‍යතො න කොචි භවමූලං පජහෙය්‍ය. වත්‍ථුවසෙන පන භූමිලද‍්ධං වෙදිතබ‍්බං. යත්‍ථ යත්‍ථ හි විපස‍්සනාය අපරිඤ‍්ඤාතා ඛන්‍ධා උප‍්පජ‍්ජන‍්ති, තත්‍ථ තත්‍ථ උප‍්පාදතො පභුති තෙසු වට‍්ටමූලං කිලෙසජාතං අනුසෙති. තං අප‍්පහීනට‍්ඨෙන භූමිලද‍්ධන‍්ති වෙදිතබ‍්බං.

මෙහිද, ‘භූමි’ හා ‘භූමි ලද්ධ’ යන දෙකෙහි නානත්‍වය (වෙනස) දතයුතුය. ‘භූමි’ යනු විදර්ශනාවට අරමුණු වූ පංචස්කන්‍ධයයි; ‘භූමිලද්ධ’ යනු, එම ස්කන්‍ධයන් කෙරෙහි ඉපැදීමට සුදුසු ක්ලේශ සමූහයයි. එය (ක්ලේශ සමූහය) විසින් එම භූමිය ලබාගන්නා ලද්දේ නම් වෙති’යි ‘භූමිලද්ධ’ යයි කියනු ලැබේ. එයද අරමුණු වශයෙන් නොවේ; අරමුණු වශයෙන් වනාහි සියලු අතීත, අනාගත ස්කන්‍ධයන්ද, රහතුන්ගේ පරිඥාත (පිරිසිඳ දන්නා ලද) ස්කන්‍ධයන්ද අරබයා කෙලෙස් උපදී; මහා කච්චාන තෙරණු, උප්පලවණ්ණා තෙරණි ආදීන්ගේ ස්කන්‍ධයන් අරබයා සොරෙය්‍ය සිටු, නන්‍දමානවක ආදීනට සෙයිනි. ඉදින් එය (ඒ ක්ලේශ සමූහය) භූමිලද්ධ නම් වෙතොත්, එය පහ කළ නොහැකි වන හෙයින් කිසිවකුත් භවමූලය නොහරිනු ඇත. (එසේ නොවේද?) (නො-එසේය) ‘භූමිලද්ධ’ යනු, වස්තු වශයෙන් දතයුතුය; යම් යම් තැනෙක විදර්ශනාවට හසු නොවූ ස්කන්‍ධයන් උපදිතොත්, ඒ ඒ තැන උපතෙහි පටන් සසර වලට මුල් වන ක්ලේශ සමූහය ‘අනුසය’ බවට පත් වෙයි, එය ‘ප්‍රහීණ නොවූ’ යන අර්ත්‍ථයෙන් ‘භූමිලද්ධ’ යයි දතයුතුය.

තත්‍ථ ච යස‍්ස යෙසු ඛන්‍ධෙසු අප‍්පහීනට‍්ඨෙන අනුසයිතා කිලෙසා, තස‍්ස තෙ එව ඛන්‍ධා තෙසං කිලෙසානං වත්‍ථු, න අඤ‍්ඤෙසං සන‍්තකා ඛන්‍ධා. අතීතක‍්ඛන්‍ධෙසු ච අප‍්පහීනානුසයිතානං කිලෙසානං අතීතක‍්ඛන්‍ධාව වත්‍ථු, න ඉතරෙ. එස නයො අනාගතාදීසු. තථා කාමාවචරක‍්ඛන්‍ධෙසු අප‍්පහීනානුසයිතානං කිලෙසානං කාමාවචරක‍්ඛන්‍ධාව වත්‍ථු, න ඉතරෙ. එස නයො රූපාරූපාවචරෙසු. සොතාපන‍්නාදීසු පන යස‍්ස යස‍්ස අරියපුග‍්ගලස‍්ස ඛන්‍ධෙසු තං තං වට‍්ටමූලං කිලෙසජාතං තෙන තෙන මග‍්ගෙන පහීනං, තස‍්ස තස‍්ස තෙ තෙ ඛන්‍ධා පහීනානං තෙසං තෙසං වට‍්ටමූලකිලෙසානං අවත්‍ථුතො භූමීති සඞ‍්ඛං න ලභන‍්ති. පුථුජ‍්ජනස‍්ස සබ‍්බසොව වට‍්ටමූලකිලෙසානං අප‍්පහීනත‍්තා යංකිඤ‍්චි කරියමානං කම‍්මං කුසලං අකුසලං වා හොති. ඉච‍්චස‍්ස කම‍්මකිලෙසපච‍්චයා වට‍්ටං වට‍්ටති. තස‍්සෙතං වට‍්ටමූලං රූපක‍්ඛන්‍ධෙයෙව, න වෙදනාක‍්ඛන්‍ධාදීසු. විඤ‍්ඤාණක‍්ඛන්‍ධෙයෙව වා, න රූපක‍්ඛන්‍ධාදීසූති න වත‍්තබ‍්බං. කස‍්මා? අවිසෙසෙන පඤ‍්චසුපි ඛන්‍ධෙසු අනුසයිතත‍්තා.

එහිද, යමකුට යම් ස්කන්‍ධයක් විෂයයෙහි අප්‍රහීණාර්ත්‍ථයෙන් අනුසය බවට පත් ක්ලේශයන් වෙතොත්, ඔහුට එම ස්කන්‍ධය එම ක්ලේශයනට වස්තු වේ. අන්‍යයන් සතු ස්කන්‍ධයෝ එසේ නොවෙති. අතීත ස්කන්‍ධයන් විෂයයෙහිද, ප්‍රහීණ නොකළ හෙයින් අනුසය බවට ක්ලේශයනට අතීත ස්කන්‍ධයෝම වස්තු වෙති, අන්‍ය ස්කන්‍ධයෝ වස්තු නොවෙති. අතීත ස්කන්‍ධයන් විෂයයෙහිද, ප්‍රහීණ නොකළ හෙයින් අනුසය බවට ක්ලේශයනට අතීත ස්කන්‍ධයෝම වස්තු වෙති, අන්‍ය ස්කන්‍ධයෝ වස්තු නොවෙති. අනාගතාදී ස්කන්‍ධයන් විෂයයෙහිද මෙම නයයි. එසේම කාමාවචර ස්කන්‍ධයන් විෂයයෙහිද ප්‍රහීණ නොකළ හෙයින් අනුසය බවට ක්ලේශයනට අතීත ස්කන්‍ධයෝම වස්තු වෙති, අන්‍ය ස්කන්‍ධයෝ වස්තු නොවෙති. අනාගතාදී ස්කන්‍ධයන් විෂයයෙහිද මෙම නයයි. එසේම කාමාවචර ස්කන්‍ධයන් විෂයයෙහිද ප්‍රහීණ නොකළ හෙයින් අනුසය බවට පත් ක්ලේශයනට කාමාවචර ස්කන්‍ධයෝම වස්තු වෙති, සෙසු ස්කන්‍ධයෝ වස්තු නොවෙති, රූපාරූපාවචරයන් විෂයයෙහිද මෙම නයයි. සෝතාපන්න ආදීන් විෂයයෙහි වනාහි, වනාහි, යම් යම් ආර්ය පුද්ගලයකුගේ ස්කන්‍ධ විෂයයෙහි, සසර වලට මුල්වූ ඒ ඒ ක්ලේශ සමූහය ඒ ඒ මාර්ගයෙන් ප්‍රහීණ වූයේද, ඒ ඒ ආර්ය පුද්ගලයාගේ ඒ ඒ ස්කන්‍ධයන්, ප්‍රහීණ වූ ඒ ඒ වට්ටමූල ක්ලේශයන්හට වස්තු වූ හෙයින්, ‘භූමි’ යන ව්‍යවහාරය නොලැබේ. පෘථග්ජනයාගේ වට්ටමූල ක්ලේශයන් සර්වප්‍රකාරයෙන්ම අප්‍රහීණ වූ බැවින් කරනු ලබන කවර හෝ කර්මයක් කුසල් හෝ අකුසල් වේ; මෙසේ කර්ම ක්ලේශයන් ප්‍රත්‍යය කොට ගෙන මොහුගේ සසරවට පවතී. ඔහුගේ මේ වට්ටමූලය රූපස්කන්‍ධයෙහිම මිස වේදනාස්කන්‍ධාදියෙහි නොවෙති’යි හෝ -පෙ- විඤ්ඤාණ ස්කන්‍ධයෙහිම මිස රූපස්කන්‍ධාදියෙහි නොවෙති’යි හෝ නොකිවයුතු වේ; කවර හෙයින්දයත්? අවිශේෂයෙන් ස්කන්‍ධ පංචකයෙහිම ‘අනුසය’ බවට පත් වූ හෙයිනි.

කථං? පථවීරසාදි විය රුක‍්ඛෙ. යථා හි මහාරුක‍්ඛෙ පථවීතලං අධිට‍්ඨාය පථවීරසඤ‍්ච ආපොරසඤ‍්ච නිස‍්සාය තප‍්පච‍්චයා මූලඛන්‍ධසාඛපසාඛපල‍්ලවපලාසපුප‍්ඵඵලෙහි වඩ‍්ඪිත්‍වා නභං පූරෙත්‍වා යාව කප‍්පාවසානා බීජපරම‍්පරාය රුක‍්ඛපවෙණිං සන‍්තානයමානෙ ඨිතෙ තං පථවීරසාදි මූලෙයෙව, න ඛන්‍ධාදීසු…පෙ… ඵලෙයෙව වා, න මූලාදීසූති න වත‍්තබ‍්බං. කස‍්මා? අවිසෙසෙන සබ‍්බෙසු මූලාදීසු අනුගතත‍්තාති.

කෙසේද යත්, ගසෙක පෘථිවි රසාදිය මෙනි, යම්සේ වනාහි මහාවෘක්‍ෂයක් පොළෝ තෙලෙහි පිහිටා සිට පෘථිවි රසයද, ආපෝ රසයද නිසා, එය හේතු කොට ගෙන, මුල-කඳ-අතුපතර-දළු-කොළ-මල් පලයෙන් වැසී අහස වසා සිට කප් කෙළවර තෙක් බීජ පරම්පරායෙන් රුක් සනුහරය පවත්වමින් සිටි කල්හි, එම පෘථිවි රසාදිය මූලෙහිම වනු මිස කඳ ආදී කොටස් තුළ නොවෙති’යි හෝ -පො- ගෙඩිවලම වනු මිස, මුල් ආදියෙහි නොවෙති’යි හෝ කිවහැකි නොවේ; කවර හෙයින්ද යත්, අවිශේෂයෙන් මුල් ආදී සියලු කොටස් තුළ අනුගතව සිටි හෙයිනි.

යථා පන තස‍්සෙව රුක‍්ඛස‍්ස පුප‍්ඵඵලාදීසු නිබ‍්බින‍්නො කොචි පුරිසො චතූසු දිසාසු මණ‍්ඩූකකණ‍්ටකං නාම විසකණ‍්ටකං ආකොටෙය්‍ය, අථ සො රුක‍්ඛො තෙන විසසම‍්ඵස‍්සෙන ඵුට‍්ඨො පථවීරසආපොරසානං පරියාදිණ‍්ණත‍්තා අප‍්පසවනධම‍්මතං ආගම‍්ම පුන සන‍්තානං නිබ‍්බත‍්තෙතුං න සක‍්කුණෙය්‍ය, එවමෙව ඛන්‍ධපවත‍්තියං නිබ‍්බින‍්නො කුලපුත‍්තො තස‍්ස පුරිසස‍්ස චතූසු දිසාසු රුක‍්ඛෙ විසයොජනං විය අත‍්තනො සන‍්තානෙ චතුමග‍්ගභාවනං ආරභති. අථස‍්ස සො ඛන්‍ධසන‍්තානො තෙන චතුමග‍්ගවිසසම‍්ඵස‍්සෙන සබ‍්බසො වට‍්ටමූලකකිලෙසානං පරියාදිණ‍්ණත‍්තා කිරියභාවමත‍්තඋපගතකායකම‍්මාදිසබ‍්බකම‍්මප‍්පභෙදො හුත්‍වා ආයතිං පුනබ‍්භවානභිනිබ‍්බත‍්තනධම‍්මතං ආගම‍්ම භවන‍්තරසන‍්තානං නිබ‍්බත‍්තෙතුං න සක‍්කොති. කෙවලං චරිමවිඤ‍්ඤාණනිරොධෙන නිරින්‍ධනො විය ජාතවෙදො අනුපාදානො පරිනිබ‍්බායති, එවං භූමියා භූමිලද‍්ධස‍්ස ච නානත‍්තං වෙදිතබ‍්බං.

යම්සේ වනාහි එම රුකෙහිම මල්පල ආදියෙහි කළකිරුණ කිසියම් පුරුෂයෙක් එම රුකෙහි සිවු දෙසින් මඬුකටු නම් විස කටු විශේෂය ගසාද, එවිට එම රුක එම විස වැදීමෙන් පෘථිවිරසාදිය මඩනා ලද හෙයින් ඵල නොදරන ස්වභාවයට පත්ව යලි පරපුර ඉපැදවිය නොහැකි වන්නේද, එසේම කඳ පිළිවෙළ පැවැත්මෙහි කලකිරුණ කුලපුත් තෙමේ, ඒ පුරුෂයා ගසෙහි සිවු දෙසින් විසකටු ගසන්නා සේ තමාගේ සන්තානයෙහි චතුමග්ග භාවනාව අරඹයි. ඉක්බිති ඔහුගේ ස්කන්‍ධ පරම්පරාව එම සතර මග නමැති විසකටු පහසින් සසර වටට මුල්වූ කෙලෙස් සර්වප්‍රකාරයෙන් මඩනා ලද හෙයින් හුදෙක් කිරියාභාවයට පත් කාය කර්මාදී සියලු කර්ම ප්‍රභේද සහිත වූයේ මතු පුනර්භවයක් නොනිපදවන ස්වභාවයට පත්ව භවාන්තර සන්තතිය නිපදවනු නොසමත් වේ; හුදෙක් අවසාන විඤ්ඤාණය නිරුද්ධ වීමෙන්, දර නැතිව ගිය ගින්නක් සෙයින් උපාදාන විරහිත වූයේ පිරිනිවෙයි. මෙසේ ‘භූමි’ හා ‘භූමි ලද්ධ’ යන දෙකෙහි නානත්‍වය දත යුතුය.

අපිච අපරම‍්පි සමුදාචාරආරම‍්මණාධිග‍්ගහිතඅවික‍්ඛම‍්භිතඅසමූහතවසෙන චතුබ‍්බිධං උප‍්පන‍්නං. තත්‍ථ වත‍්තමානුප‍්පන‍්නමෙව සමුදාචාරුප‍්පන‍්නං. චක‍්ඛාදීනං පන ආපාථගතෙ ආරම‍්මණෙ පුබ‍්බභාගෙ අනුප‍්පජ‍්ජමානම‍්පි කිලෙසජාතං ආරම‍්මණස‍්ස අධිග‍්ගහිතත‍්තා එව අපරභාගෙ එකන‍්තෙන උප‍්පත‍්තිතො ආරම‍්මණාධිග‍්ගහිතුප‍්පන‍්නන‍්ති වුච‍්චති, කල්‍යාණිගාමෙ පිණ‍්ඩාය චරතො මහාතිස‍්සත්‍ථෙරස‍්ස විසභාගරූපදස‍්සනෙන උප‍්පන‍්නකිලෙසජාතං විය. සමථවිපස‍්සනානං අඤ‍්ඤතරවසෙන අවික‍්ඛම‍්භිතං කිලෙසජාතං චිත‍්තසන‍්තතිමනාරූළ‍්හම‍්පි උප‍්පත‍්තිනිවාරකස‍්ස හෙතුනො අභාවා අවික‍්ඛම‍්භිතුප‍්පන‍්නං නාම. සමථවිපස‍්සනාවසෙන පන වික‍්ඛම‍්භිතම‍්පි අරියමග‍්ගෙන අසමූහතත‍්තා උප‍්පත‍්තිධම‍්මතං අනතීතතාය අසමූහතුප‍්පන‍්නන‍්ති වුච‍්චති, ආකාසෙන ගච‍්ඡන‍්තස‍්ස අට‍්ඨසමාපත‍්තිලාභිනො ථෙරස‍්ස කුසුමිතරුක‍්ඛෙ උපවනෙ පුප‍්ඵානි උච‍්චිනන‍්තස‍්ස මධුරෙන සරෙන ගායතො මාතුගාමස‍්ස ගීතසවනෙන උප‍්පන‍්නකිලෙසජාතං විය. තිවිධම‍්පි චෙතං ආරම‍්මණාධිග‍්ගහිතාවික‍්ඛම‍්භිතඅසමූහතුප‍්පන‍්නං භූමිලද‍්ධෙනෙව සඞ‍්ගහං ගච‍්ඡතීති වෙදිතබ‍්බං.

තවද, සමුදාචාරය, ආරම්මණාධිග්ගහිතය, අවික්ඛම්භිතය, අසමූහතයි (ක්ලේශයන්ගේ) චතුර්විධ උප්පන්නයක් (ඉපැදීමක්) ඇත. එහි වර්තමානයෙහි උපන් ක්ලේශය ‘සමුදාචාරුප්පන්න’ නමි, චක්‍ෂුරාදීන්ගේ විෂයපථයට අරමුණ පැමිණි කල්හි මුලදී නූපන්නාවූද ක්ලේශ සමූහය අරමුණ දැඩිව ගන්නා ලද හෙයින්ම, ඒකාන්තයෙන් පසුව උපදනා හෙයින් ‘ආරම්මණාධිග්ගහිතුප්පන්න’ යයි කියනු ලැබේ. කල්‍යාණි ග්‍රාමයෙහි පිඬු පිණිස හැසිරෙන විට මහාතිස්ස තෙරුන්හට විසභාග (විරුද්ධ ලිංගික) රූපයක් දර්ශනය වීමෙන් (පසුව) උපන් ක්ලේශ සමූහය සෙයිනි. සමථ-විපස්සනාවන් අතුරෙන් එක් ක්‍රමයෙකින් නොවියලවන ලද ක්ලේශ සමූහය සිත් සතන්හි (එතෙක්) නොවැඩුණේ නමුදු, ඉපැදීම වලක්වන හේතුවක් නොමැති හෙයින් ‘අවික්ඛම්භිතුප්පන්න’ නම් වේ. සමථවිපස්සනාවන් මගින් වියලවන ලද නමුදු, ආර්ය මාර්ගයෙන් නොනසනු ලැබීමේ හේතුවෙන්, උත්පත්ති ධර්මතාව නො-ඉක්මවන ලද හෙයින්, ‘අසමූහතුප්පන්න’යයි කියනු ලැබේ. අෂ්ටසමාපත්තිලාභී තෙරණු කෙනකුට සුපිපි කුසුමින් යුත් රුක් ඇති උයනෙක මිහිරි හඬින් ගයමින් කුසුම් නෙලන ස්ත්‍රියකගේ ගායනය ඇසීමෙන් උපන් ක්ලේශ සමූහය සෙයිනි. ‘ආරම්මණාධිග්ගහිත’ය, ‘අවික්ඛම්භිතය’, ‘අසමූහත’ය යන මේ ත්‍රිවිධ වූම උප්පන්නයන් ‘භූමිලද්ධ’ යන්නෙහිම සංග්‍රහයට යෙති’යි දතයුතුය.

ඉච‍්චෙතස‍්මිං වුත‍්තප‍්පභෙදෙ උප‍්පන‍්නෙ යදෙතං වත‍්තමානභූතාපගතොකාසකතසමුදාචාරසඞ‍්ඛාතං චතුබ‍්බිධං උප‍්පන‍්නං, තං අමග‍්ගවජ‍්ඣත‍්තා කෙනචිපි ඤාණෙන පහාතබ‍්බං න හොති. යං පනෙතං භූමිලද‍්ධාරම‍්මණාධිග‍්ගහිතඅවික‍්ඛම‍්භිතඅසමූහතසඞ‍්ඛාතං උප‍්පන‍්නං, තස‍්ස තං උප‍්පන‍්නභාවං විනාසයමානං යස‍්මා තං තං ලොකියලොකුත‍්තරඤාණං උප‍්පජ‍්ජති, තස‍්මා තං සබ‍්බම‍්පි පහාතබ‍්බං හොතීති. එවමෙත්‍ථ යෙ යෙන පහාතබ‍්බා ධම‍්මා, තෙසං පහානඤ‍්ච ජානිතබ‍්බං.

මෙසේ මෙකී ප්‍රභේද සහිත මේ උප්පන්න විෂයයෙහි, ‘වත්තමාන’ය, ‘භූතාපගත’ය, ‘ඔකාසකත’ය, ‘සමුදාචාර’ය යන මේ චතුර්විධ උප්පන්නයක් (ඉපැදීමක්) වේද, එය මාර්ග වධ්‍ය නොවන හෙයින් කිසියම් මාර්ගඥානයකින් ප්‍රහීණ කළහැකි නොවේ. ‘භූමිලද්ධ’ය, ආරම්මණාධිග්ගහිත’ය, ‘අවික්ඛම්භිත’ය, ‘අසමූහත’ යයි කියනු ලබන යම් මේ උප්පන්නයක් වේද, යම් හෙයකින් එහි ඒ උප්පන්න භාවය විනාශ කරවමින් ලෞකික හෝ ලෝකෝත්තර වූ ඒ ඒ ඥානයක් උපදීද, එහෙයින් ඒ සියල්ලම (එකී ඥානයෙකින්) ප්‍රහීණ කළයුතු වේ. මෙසේ මෙහිලා යම් ක්ලේශයක් යම් ඥානයෙකින් ප්‍රහීණ කළයුතු වේද, එම ක්ලේශයන්ගේ ප්‍රහාණයද දතයුතුය.