වුට්ඨානබලසමායොගකථා
වුට්ඨානබලසමායොගකථා
වුට්ඨානබලසමායොගකථා
වුට්ඨානබලසමායොගොති වුට්ඨානඤ්චෙව බලසමායොගො ච. ලොකියවිපස්සනා හි නිමිත්තාරම්මණත්තා චෙව පවත්තිකාරණස්ස ච සමුදයස්ස අසමුච්ඡින්දනතො නෙව නිමිත්තා න පවත්තා වුට්ඨාති. ගොත්රභුඤාණං සමුදයස්ස අසමුච්ඡින්දනතො පවත්තා න වුට්ඨාති. නිබ්බානාරම්මණතො පන නිමිත්තා වුට්ඨාතීති එකතො වුට්ඨානං හොති. තෙනාහ “බහිද්ධාවුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා ගොත්රභුඤාණ”න්ති (පටි· ම· මාතිකා 1.10). තථා “උප්පාදා විවට්ටිත්වා අනුප්පාදං පක්ඛන්දතීති ගොත්‍රභු, පවත්තා විවට්ටිත්වා”ති (පටි· ම· 1.59) සබ්බං වෙදිතබ්බං. ඉමානි පන චත්තාරිපි ඤාණානි අනිමිත්තාරම්මණත්තා නිමිත්තතො වුට්ඨහන්ති, සමුදයස්ස සමුච්ඡින්දනතො පවත්තා වුට්ඨහන්තීති දුභතො වුට්ඨානානි හොන්ති.
ඉහත සඳහන් “පරිපුණ්ණ...’’ ආදි ගාථා යුගලයෙහි, “වුට්ඨානබල සමායොගො” යනු, ව්යුත්ථානයෙන් (නැඟීමෙන් හා (සමථ-විදර්ශනා) බලයෙන් යුක්ත වීමයි; ලෞකික විපස්සනාව වූකලී, (සංස්කාර) නිමිත්ත අරමුණු කොට ඇති හෙයින්ද, (ප්රවෘත්ති කාරණ (පැවැත්මට හේතු) වූ සමුදයය නොසිඳින ලද හෙයින්ද, නිමිත්තෙන් හෝ (විපාක) ප්‍රවෘත්තියෙන් නොනැඟේ. ගෝත්‍රභූ ඤාණය සමුදයය නොසිඳීමේ හේතුවෙන් (විපාක) ප්‍රවෘත්තියෙන් නොනැඟේ, එහෙත් නිර්වාණය අරමුණු කොට ඇති හෙයින් නිමිත්තෙන් නැඟෙති’යි “ඒකතො වුට්ඨානය” (එකෙකින් නැඟීම) වේ. එහෙයින් කීහු:- බාහිර වූ (සංස්කාරයන්ගෙන්) නැඟීමයයි කියනු ලබන විවර්තනය (පෙරලීම) පිළිබඳ ප්‍රඥාව ගෝත්‍රභූ ඤාණයයි” එසේම “උත්පාදයෙන් පෙරළී අනුත්පාදයට (නිවණට) වදිති”යිද, පැවැත්මෙන් පෙරලී (නොපැවැත්මට වදිති’යිද) ගෝත්‍රභූ නම් වෙති’යි යනුවෙන් (පෙරකී නයින්) සියල්ල දතයුතුය. මේ මාර්ගඥාන සතර වනාහි අනිමිත්ත (නිවණ) අරමුණු කොට ඇති හෙයින් නිමිත්තෙන්ද සමුදය සමුච්ඡේද කරන හෙයින් පැවැත්මෙන්ද නැඟෙති’යි ‘දුභතො වුට්ඨාන’ (නිමිත්ත, පවත්ත යන දෙකින්ම නැඟීම) නම් වේ.
තෙන වුත්තං –
එහෙයින් කියන ලදි:-
“කථං දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං?
“දුභතෝවුට්ඨාන වශයෙන් විවට්ටන (පෙරලීම්) විෂයයෙහි ප්‍රඥාව මාර්ගඥානය වනුයේ කෙසේද?
“සොතාපත්තිමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨියා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති. තෙන වුච්චති දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං. අභිනිරොපනට්ඨෙන සම්මාසඞ්කප්පො මිච්ඡාසඞ්කප්පා…පෙ… පරිග්ගහට්ඨෙන සම්මාවාචා මිච්ඡාවාචාය. සමුට්ඨානට්ඨෙන සම්මාකම්මන්තො. වොදානට්ඨෙන සම්මාආජීවො. පග්ගහට්ඨෙන සම්මාවායාමො . උපට්ඨානට්ඨෙන සම්මාසති. අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි මිච්ඡාසමාධිතො වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති. තෙන වුච්චති ‘දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණ’න්ති.
සෝවාන් මාර්ගක්ෂණයෙහි (චතුරාර්යසත්යය) දකිති’යි යන අර්ත්ථයෙන් සම්‍යග්දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියෙන් නැඟෙයි; එම මිථ්‍යාදෘෂ්ටියට අනුගත ක්ලේශයන්ගෙන්ද, ස්කන්ධයන්ගෙන්ද නැඟෙයි; බාහිර නිමිති සියල්ලෙන්ද නැඟෙයි; එහෙයින් ‘දූභතෝවුට්ඨාන විවට්ටනයෙහි (නිමිත්ත, පවත්ත යන දෙකින්ම නැඟීම යයි කියනු ලබන විවර්තනයෙහි (හෙවත් පෙරළීමෙහි) ප්‍රඥාව මාර්ග විෂයයෙහි ඥානයයි කියනු ලැබේ.” යනුවෙනි. (අභිනිරෝපනට්ඨෙන) (නිවණ කරා) යොමු කරති’යි යන අර්ත්ථයෙන් සම්මා සංකප්පය මිච්ඡා සංකප්පයෙන්ද -පෙ-, (පරිග්ගහට්ඨෙන) මනා කොට ගනිති’යි යන අර්ත්ථයෙන් සම්මාවාචා - මිච්ඡා වාචාවෙන්ද -පෙ- (සමුට්ඨානට්ඨෙන) මනාකොට නැඟටුවති’යි යන අර්ත්ථයෙන් සම්මා කම්මන්තය -පෙ-, (වොදානට්ඨෙන) පිරිසුදු කරති’යි යන අර්ත්ථයෙන් සම්මා ආජීවය -පෙ-, (පග්ගහට්ඨෙන) වීර්ය කෙරෙති’යි යන අර්ත්ථයෙන් සම්මා වායාමය -පෙ-, (උපට්ඨානට්ඨෙන) එළඹ සිටිති’යි යන අර්ත්ථයෙන් සම්මාසතිය -පෙ-, (අවික්ඛේපනට්ඨෙන) ඒ මේ අත නොවිසිරෙති’යි යන අර්ත්ථයෙන් සම්මා සමාධිය මිථ්‍යා සමාධියෙන්ද නැඟී සිටියි; එයට අනුගතව පවත්නා ක්ලේශයන් කෙරෙන්ද, ස්කන්ධයන් කෙරෙන්ද, නැඟී සිටියි, බාහිර වූ සියලු නිමිත්තයන් කෙරෙන්ද නැඟී සිටියි; එහෙයින් දුභතො වුට්ඨාන වශයෙන් විවර්තන (පෙරළීමේ) ප්‍රඥාව මාර්ගය පිළිබඳ ඥානයයි කියනු ලැබේ.
“සකදාගාමිමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි…පෙ… අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි ඔළාරිකා කාමරාගසංයොජනා පටිඝසංයොජනා ඔළාරිකා කාමරාගානුසයා පටිඝානුසයා වුට්ඨාති…පෙ….
සකෘදාගාමී මාර්ගක්ෂණයෙහිදීද දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්මාදිට්ඨිය -පෙ-, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්මා සමාධිය ඕළාරික වූ කාමරාග සංයෝජනයෙන්ද, පටිඝ සංයෝජනයෙන්ද, ඕළාරික වූ කාමරාග අනුසයයෙන්ද, පටිඝානුසයයෙන්ද නැඟෙයි -පෙ-,
“අනාගාමිමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි…පෙ… අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි අනුසහගතා කාමරාගසංයොජනා පටිඝසංයොජනා අනුසහගතා කාමරාගානුසයා පටිඝානුසයා වුට්ඨාති…පෙ….
අනාගාමිමාර්ගක්ෂණයෙහිදීද, දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය -පෙ-, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්මා සමාධිය, අනුසහගත (ශේෂ) වූ කාමරාග සංයෝජනයෙන්ද, පටිඝ සංයෝජනයෙන්ද, අනුසහගත වූ කාමරාග අනුසයයෙන්ද, පටිඝ අනුසයයෙන්ද නැඟෙයි -පෙ-,
“අරහත්තමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි…පෙ… අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි රූපරාගා අරූපරාගා මානා උද්ධච්චා අවිජ්ජාය මානානුසයා භවරාගානුසයා අවිජ්ජානුසයා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති. තෙන වුච්චති ‘දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණ’”න්ති (පටි· ම· 1.61).
අර්හත් මාර්ගක්ෂණයෙහිදීද, දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්මා දිට්ඨිය -පෙ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්මා සමාධිය රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන මෙයින්ද, නැඟෙයි; එම අනුසයයන් අනුව පවත්නා ක්ලේශයන්ගෙන්ද, ස්කන්ධයන් කෙරෙන්ද නැඟෙයි; බාහිර වූ සියලු නිමිත්තයන් කෙරෙන්ද නැඟෙයි; එහෙයින් දූභතෝ වුට්ඨාන වශයෙන් නිවර්තනයේ (පෙරළීමේ) ප්‍රඥාව මාර්ග විෂයයෙහි ඥාන’ යයි කියනු ලැබේ.
ලොකියානඤ්ච අට්ඨන්නං සමාපත්තීනං භාවනාකාලෙ සමථබලං අධිකං හොති. අනිච්චානුපස්සනාදීනං භාවනාකාලෙ විපස්සනාබලං. අරියමග්ගක්ඛණෙ පන යුගනද්ධා තෙ ධම්මා පවත්තන්ති අඤ්ඤමඤ්ඤං අනතිවත්තනට්ඨෙන. තස්මා ඉමෙසු චතූසුපි ඤාණෙසු උභයබලසමායොගො හොති. යථාහ –
ලෞකික වූ අෂ්ට සමාපත්තීන් වඩන කල සමථ බලය අධික වේ; අනිච්චානුපස්සනා ආදිය වඩන කල විදර්ශනා බලය අධික වේ. ආර්ය මාර්ග ක්ෂණයෙහි වනාහි එම සමථ-විපස්සනා දෙක එකිනෙක නො-ඉක්මවති’යි යන අර්ත්ථයෙන් යුගනද්ධ (වියගසෙහි බැඳි ගොනුන් සෙයින් සමසේ බැඳී) පවතී. එහෙයින් මේ ඥාන සතරෙහිදීම උභය බල සමායෝගය (සමථ-විපස්සනා යන දෙක සමබලව යෙදීම) වේ. එහෙයින් කියනලදි:-
“උද්ධච්චසහගතකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨහතො චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි නිරොධගොචරො, අවිජ්ජාසහගතකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨහතො අනුපස්සනට්ඨෙන විපස්සනා නිරොධගොචරා. ඉති වුට්ඨානට්ඨෙන සමථවිපස්සනා එකරසා හොන්ති, යුගනද්ධා හොන්ති, අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති. තෙන වුච්චති වුට්ඨානට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙතී”ති (පටි· ම· 2.5).
“උද්ධච්චය සහිත ක්ලේශයන් කෙරෙන්ද, ස්කන්ධයන් කෙරෙන්ද නැගෙන්නහුගේ සිතෙහි, ඒකාග්‍රතාව, අවික්‍ෂේපය (නොවිසිරුණු බව), සමාධිය නිරෝධය (නිවණ) වෙතට යොමුව පවතී; අවිද්‍යා සහගත ක්ලේශයන් කෙරෙන්ද ස්කන්ධයන් කෙරෙන්ද නැගෙන්නහුගේ විදර්ශනාව අනුදර්ශන (අනුව බලන) අර්ත්ථයෙන් නිරෝධය වෙතට යොමුව පවතී; මෙසේ වුට්ඨාන (නැඟී සිටීමේ) අර්ත්ථයෙන් සමථ-විපස්සනා යන දෙක සමාන කෘත්‍ය සහිත වේ, යුගනද්ධ (වියගසෙහි බැඳි ගොනුන් සේ) වේ, එකිනෙක නො-ඉක්මවයි; එහෙයින් ව්යුත්ථානාර්ත්ථයෙන් සමථ විපස්සනා යන දෙක යුගනද්ධයන් සෙයින් වඩති’යි කියනු ලැබේ.
එවමෙත්ථ වුට්ඨානබලසමායොගො වෙදිතබ්බො.
මෙසේ මෙහි වුට්ඨාන බල සමායෝගය (නැඟීමේදී බලය සම සේ යෙදීම) දතයුතුය.