යෙදුමෙන් කියවන්න

බොධිපක‍්ඛියකථා

බොධිපක‍්ඛියකථා

බොධිපක්ඛියකථා

ඉදානි ඉමිස‍්සායෙව චතුඤාණාය ඤාණදස‍්සනවිසුද‍්ධියා ආනුභාවවිජානනත්‍ථං –

ඉක්බිත්තෙන් ඥාන සතරක් ඇති මෙම ඤාණදස්සන විසුද්ධිය පිළිබඳ ආනුභාවයෙන් දැන ගැනීම පිණිස:-

පරිපුණ‍්ණබොධිපක‍්ඛිය, භාවො වුට‍්ඨානබලසමායොගො; යෙ යෙන පහාතබ‍්බා, ධම‍්මා තෙසං පහානඤ‍්ච.

පරිපුණ්ණ බොධිපක්‍ඛිය - භාවො වුට්ඨාන බලසමායොගො, යෙ යෙන පහාතබ්බා - ධම්මා තෙසං පහානඤ්ච

කිච‍්චානි පරිඤ‍්ඤාදීනි, යානි වුත‍්තානි අභිසමයකාලෙ; තානි ච යථාසභාවෙන, ජානිතබ‍්බානි සබ‍්බානීති.

කිච්චානි පරිඤ්ඤාදීනි - යානි වුත්තානි අභිසමය කාලෙ, තානි ච යථාසභාවෙන ජානිතබ්බානි සබ්බානීති

පරිපූර්ණ බෝධිපාක්‍ෂික භාවයද, වුට්ඨාන, බල යන මෙදෙකින් යුක්ත වීමද, එදෙකින් ප්‍රහීණ කළයුතු යම් ක්ලේශ ස්වභාවයක් ඇතොත් එය ප්‍රහීණ කිරීමද

අභිසමය අවස්ථාවෙහි ‘පරිඤ්ඤා’ ආදී යම් කෘත්‍යයක් කියන ලද්දේ නම්, ඒ සියල්ලද තත්වූ ස්වභාවයෙන් දතයුතුය.

තත්‍ථ පරිපුණ‍්ණබොධිපක‍්ඛිය, භාවොති බොධිපක‍්ඛියානං පරිපුණ‍්ණභාවො. චත‍්තාරො සතිපට‍්ඨානා, චත‍්තාරො සම‍්මප‍්පධානා, චත‍්තාරො ඉද‍්ධිපාදා, පඤ‍්චින්‍ද්‍රියානි, පඤ‍්ච බලානි, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගොති හි ඉමෙ සත‍්තතිංස ධම‍්මා බුජ‍්ඣනට‍්ඨෙන බොධොති ලද‍්ධනාමස‍්ස අරියමග‍්ගස‍්ස පක‍්ඛෙ භවත‍්තා බොධිපක‍්ඛියා නාම. පක‍්ඛෙ භවත‍්තාති උපකාරභාවෙ ඨිතත‍්තා.

එහි, ‘පරිපුණ්ණ බෝධිපක්ඛිය භාවෝ’ යනු, බෝධිපාක්‍ෂික ධර්මයන්ගේ පරිපූර්ණ භාවයයි; සතිපට්ඨාන සතරය, ඉද්ධිපාද සතරය, සම්‍යක් ප්‍රධාන සතරය, බල පසය, බොජ්ඣංග සතය, ආර්ය මාර්ගාංග අටය’ යන මේ සත්තිස් ධර්මයෝ බෝධන අර්ත්‍ථයෙන් ‘බෝධි’ යයි නම්ලත් ආර්ය මාර්ග පක්‍ෂයෙහි වූ හෙයින් ‘බෝධිපක්ඛිය’ නම් වෙති; ‘පක්ඛේ භවත්තා’ (පක්‍ෂයෙහි වූ හෙයින්) යනු, ‘උපකාරි බව්හි සිටි හෙයිනි’ (යන අර්ත්‍ථයි.)

තෙසු තෙසු ආරම‍්මණෙසු ඔක‍්ඛන්‍දිත්‍වා පක‍්ඛන්‍දිත්‍වා උපට‍්ඨානතො පට‍්ඨානං. සතියෙව පට‍්ඨානං සතිපට‍්ඨානං. කායවෙදනාචිත‍්තධම‍්මෙසු පනස‍්සා අසුභ-දුක‍්ඛ-අනිච‍්ච-අනත‍්තාකාරගහණවසෙන සුභ-සුඛ-නිච‍්ච-අත‍්ත-සඤ‍්ඤාපහානකිච‍්චසාධනවසෙන ච පවත‍්තිතො චතුධා භෙදො හොති. තස‍්මා චත‍්තාරො සතිපට‍්ඨානාති වුච‍්චන‍්ති.

ඒ ඒ අරමුණට වැද, පිවිස එළඹ සිටින හෙයින් ‘පට්ඨාන’ නමි; ‘සති ඒව පට්ඨානං’ (සිහියද එම පට්ඨානද), ‘සතිපට්ඨාන’ නමි; කාය, වේදනා, චිත්ත, ධම්ම යන අනුපස්සනාවන්හිදී අශුභ-දුඃඛ-අනිත්‍ය-අනාත්ම ආකාරයන් ගැනීම් වශයෙන් මෙකී සිහිය ශුභ-සුඛ-නිත්‍ය-ආත්ම සංඥාවන්ගේ ප්‍රහාණ වශයෙන් පවත්නා හෙයින් චතුර්විධ භේදය වේ. එහෙයින් ‘සතර සතිපට්ඨාන’ යයි කියනු ලැබේ.

පදහන‍්ති එතෙනාති පධානං. සොභනං පධානං සම‍්මප‍්පධානං. සම‍්මා වා පදහන‍්ති එතෙනාති සම‍්මප‍්පධානං. සොභනං වා තං කිලෙසවිරූපත‍්තවිරහතො පධානඤ‍්ච හිතසුඛනිප‍්ඵාදකත‍්තෙන සෙට‍්ඨභාවාවහනතො පධානභාවකාරණතො චාති සම‍්මප‍්පධානං. වීරියස‍්සෙතං අධිවචනං. තයිදං උප‍්පන‍්නානුප‍්පන‍්නානං අකුසලානං පහානානුප‍්පත‍්තිකිච‍්චං අනුප‍්පන‍්නුප‍්පන‍්නානඤ‍්ච කුසලානං උප‍්පත‍්තිට‍්ඨිතිකිච‍්චං සාධයතීති චතුබ‍්බිධං හොති, තස‍්මා චත‍්තාරො සම‍්මප‍්පධානාති වුච‍්චන‍්ති.

මෙය කරණ කොට වීර්ය කෙරෙති’යි ‘පධාන’ නමි, ශෝභන වූ වීර්යය ‘සම්මප්පධාන’ නම්වේ, මෙය කරණ කොට මනාසේ, සෙමෙන් වීර්ය කෙරෙති’යි හෝ ‘සම්මප්පධාන’ නම්වේ. ක්ලේශයන් කරණකොට විරූපීවීමෙන් තොරවූ හෙයින් හෝ ශෝභන වේ; හිතසුව නිපදවන හෙයින්ද, ශ්‍රේෂ්ඨභාවය ගෙන එන හෙයින්ද, ප්‍රමුඛභාවය ඇති කරන හෙයින්ද ප්‍රධාන වෙති’යි හෝ ‘සම්මප්පධාන’ නම් වේ; මේ වීර්යයට අධිවචනයි; ඒ මේ සම්‍යක් ප්‍රධානය උපන් හා නූපන් අකුසල් (පිළිවෙළින්) ප්‍රහීණ කිරිමේ හා නො-ඉපදවීමේ කෘත්‍යයද, නූපන් හා උපන් කුසල් (පිළිවෙළින්) ඉපිද වීමේ හා තිර කර ගැනීමේ කෘත්‍යයද සිද්ධ කෙරෙති’යි මෙසේ චතුර්විධ වේ; එහෙයින් ‘සතර සම්‍යක් ප්‍රධාන’ යයි කියනු ලැබේ.

පුබ‍්බෙ වුත‍්තෙන ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධි. තස‍්සා සම‍්පයුත‍්තාය පුබ‍්බඞ‍්ගමට‍්ඨෙන ඵලභූතාය පුබ‍්බභාගකාරණට‍්ඨෙන ච ඉද‍්ධියා පාදොති ඉද‍්ධිපාදො. සො ඡන්‍දාදිවසෙන චතුබ‍්බිධො හොති, තස‍්මා චත‍්තාරො ඉද‍්ධිපාදාති වුච‍්චන‍්ති. යථාහ – “චත‍්තාරො ඉද‍්ධිපාදා ඡන්‍දිද‍්ධිපාදො චිත‍්තිද‍්ධිපාදො වීරියිද‍්ධිපාදො වීමංසිද‍්ධිපාදො”ති (විභ· 457). ඉමෙ ලොකුත‍්තරාව. ලොකියා පන “ඡන්‍දඤ‍්චෙ භික‍්ඛු අධිපතිං කරිත්‍වා ලභති සමාධිං, ලභති චිත‍්තස‍්ස එකග‍්ගතං. අයං වුච‍්චති ඡන්‍දසමාධී”තිආදිවචනතො (විභ· 432) ඡන්‍දාදිඅධිපතිවසෙන පටිලද‍්ධධම‍්මාපි හොන‍්ති.

යට (ඉද්ධිවිධ නිර්දේශයෙහි) කී නයින්, ඉටු වීමේ අර්ත්‍ථයෙන් ‘ඉද්ධි’ නම් වේ; සම්ප්‍රයුක්ත වූ එම ඍද්ධියට පූර්වාංගම (මුල්) වෙති’යි යන අර්ත්‍ථයෙන් හා ඵලභාවයට පත් ධර්මයට (සෘද්ධියට) පෙරාතුව කරනු ලැබීමේ අර්ත්‍ථයෙන් එම සෘද්ධියට පදනම් වෙති’යි ‘ඉද්ධිපාද’ නම්වේ. එය ‘ඡන්‍ද’ ආදී වශයෙන් චතුර්විධ වේ, එහෙයින් ‘චතුරිද්ධිපාද’ යයි කියනු ලැබේ. එහෙයින් කීහු:- ‘ජන්‍දිද්ධිපාදය, විරියිද්ධිපාදය, චිත්තිද්ධිපාදය, වීමංසිද්ධි පාදය’යි සෘද්ධිපාද සතරෙකි” මේ (සෘද්ධිපාද) ලෝකෝත්තරම වේ. “ඉදින් ඡන්‍දය අධිපති කොට ගෙන භික්‍ෂු තෙමේ යම් සමාධියක් ලබාද, චිත්තෛකාග්‍රතාවක් ලබාද, මෙය ඡන්‍දසමාධියයි කියනු ලැබේ” යන ආදිය කී හෙයින් ඡන්‍දාදිය අධිපති කොට ලත් ලෞකික සමාධියක්ද වේ.

අස‍්සද‍්ධියකොසජ‍්ජපමාදවික‍්ඛෙපසම‍්මොහානං අභිභවනතො අභිභවනසඞ‍්ඛාතෙන අධිපතියට‍්ඨෙන ඉන්‍ද්‍රියං. අස‍්සද‍්ධියාදීහි ච අනභිභවනීයතො අකම‍්පියට‍්ඨෙන බලං. තදුභයම‍්පි සද‍්ධාදිවසෙන පඤ‍්චවිධං හොති, තස‍්මා පඤ‍්චින්‍ද්‍රියානි පඤ‍්ච බලානීති වුච‍්චන‍්ති.

ශ්‍රද්ධා විරහිත බව, කුසීත බව, ප්‍රමාද බව, වික්‍ෂිප්ත බව හා මුළා බව මැඩලන හෙයින් ‘අභිභවන’ යයි කියනු ලබන, ආධිපත්‍යාර්ත්‍ථයෙන් ‘ඉන්‍ද්‍රිය’ (ඉන්‍ද්‍රභාවය) නම් වේ. එකී ශ්‍රද්ධාවිරහිත භාවය විසින් මැඩලිය නොහැකි බැවින්, නොසෙල්විය හැකි බැවින් ‘බල’ නම් වේ. එම ඉන්‍ද්‍රිය, බල (යන දෙකද) සද්ධා ආදී වශයෙන් පස් වැදෑරුම් වේ; එහෙයින් ‘පංච ඉන්‍ද්‍රියය,’ ‘පංච බලය’යි වහරනු ලැබේ.

බුජ‍්ඣනකසත‍්තස‍්ස පන අඞ‍්ගභාවෙන සතිආදයො සත‍්ත බොජ‍්ඣඞ‍්ගා. නිය්‍යානිකට‍්ඨෙන ච සම‍්මාදිට‍්ඨිආදයො අට‍්ඨ මග‍්ගඞ‍්ගා හොන‍්ති. තෙන වුත‍්තං “සත‍්ත බොජ‍්ඣඞ‍්ගා අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො”ති.

අවබෝධ කරන සත්ත්‍වයාහට ‘අංග’ වන හෙයින් ‘සති’ ආදී සත ‘බොජ්ඣඞ්ග’ නම් වේ. (සසරින්) නික්මවති’යි යන අර්ත්‍ථයෙන් සම්මාදිට්ඨි ආදිය ‘මග්ගඞ්ග’ නම් වේ. එහෙයින් (පිළිවෙළින්) ‘සත්ත බොජ්ඣඞ්ග’ යයිද, ‘අරිය අට්ඨඞ්ගික මග්ග’ යයිද කියනු ලැබේ.

ඉති ඉමෙ සත‍්තතිංස බොධිපක‍්ඛියධම‍්මා පුබ‍්බභාගෙ ලොකියවිපස‍්සනාය වත‍්තමානාය චුද‍්දසවිධෙන කායං පරිග‍්ගණ‍්හතො ච කායානුපස‍්සනාසතිපට‍්ඨානං, නවවිධෙන වෙදනං පරිග‍්ගණ‍්හතො ච වෙදනානුපස‍්සනාසතිපට‍්ඨානං, සොළසවිධෙන චිත‍්තං පරිග‍්ගණ‍්හතො ච චිත‍්තානුපස‍්සනාසතිපට‍්ඨානං, පඤ‍්චවිධෙන ධම‍්මෙ පරිග‍්ගණ‍්හතො ච ධම‍්මානුපස‍්සනාසතිපට‍්ඨානං. ඉමස‍්මිං අත‍්තභාවෙ අනුප‍්පන‍්නපුබ‍්බං පරස‍්ස උප‍්පන‍්නං අකුසලං දිස‍්වා “යථා පටිපන‍්නස‍්සෙතං උප‍්පන‍්නං, න තථා පටිපජ‍්ජිස‍්සාමි එවං මෙ එතං නුප‍්පජ‍්ජිස‍්සතී”ති, තස‍්ස අනුප‍්පාදාය වායමනකාලෙ පඨමං සම‍්මප‍්පධානං. අත‍්තනො සමුදාචාරප‍්පත‍්තං අකුසලං දිස‍්වා තස‍්ස පහානාය වායමනකාලෙ දුතියං. ඉමස‍්මිං අත‍්තභාවෙ අනුප‍්පන‍්නපුබ‍්බං ඣානං වා විපස‍්සනං වා උප‍්පාදෙතුං වායමන‍්තස‍්ස තතියං. උප‍්පන‍්නං යථා න පරිහායති, එවං පුනප‍්පුනං උප‍්පාදෙන‍්තස‍්ස චතුත්‍ථං සම‍්මප‍්පධානං. ඡන්‍දං ධුරං කත්‍වා කුසලුප‍්පාදනකාලෙ ඡන්‍දිද‍්ධිපාදො. මිච‍්ඡාවාචාය විරමණකාලෙ සම‍්මාවාචාති එවං නානාචිත‍්තෙසු ලබ‍්භන‍්ති. ඉමෙසං පන චතුන‍්නං ඤාණානං උප‍්පත‍්තිකාලෙ එකචිත‍්තෙ ලබ‍්භන‍්ති. ඵලක‍්ඛණෙ ඨපෙත්‍වා චත‍්තාරො සම‍්මප‍්පධානෙ අවසෙසා තෙත‍්තිංස ලබ‍්භන‍්ති.

මෙසේ මේ තිස්හත ‘බෝධිපාක්‍ෂික ධර්ම’ නම්වේ. ලෞකික විදර්ශනාව පවත්නා මුල් අවස්ථාවෙහිදී තුදුස් ආකාරයෙකින් කය පරිග්‍රහ කරන්නහුට කායානුපස්සනා සතිපට්ඨානයද, නව ආකාරයෙකින් වේදනාව පරිග්‍රහ කරන්නහුට වේදනානුපස්සනා සතිපට්ඨානයද, සොළොස් ආකාරයෙකින් සිත පරිග්‍රහ කරන්නහුට චිත්තානුපස්සනා සතිපට්ඨානයද, පස් ආකාරයෙකින් (චෛතසික) ධර්මයන් පරිග්‍රහ කරන්නහුට ධම්මානුපස්සනා සතිපට්ඨානයද සිද්ධ වේ. මේ ආත්මභාවය තුළ තමා කෙරෙහි නො-උපන්, එහෙත් මෙරමාහට උපන් අකුශලයක් දැක, “යම් ආකාරයෙකින් පිළිපන් මොහුට මේ අකුශලය උපන්නේද, මම ඒ ආකාරයෙන් නොපිළිපදිමි, මෙසේ වූ කල මට මේ අකුශලය නො-උපදිති’යි එම අකුශලය නො-ඉපැදවීම පිණිස යත්න කරන විට පළමුවන සම්‍යක් ප්‍රධානය වේ; තමා කෙරෙහි පැළඹීමට වන් අකුශලයක් දැක, එය පහ කරනු පිණිස උත්සාහ කරන විට දෙවැන්න වේ; තමා කෙරෙහි පෙර නොවූ විරූ ධ්‍යානයක් හෝ විදර්ශනාවක් හෝ උපදවනු පිණිස යත්න කරන්නහුට තුන්වැන්න වේ; උපන් කුශලයක් නොපිරිහෙන සේ යළියළිත් උපදවන්නහුට සිදුවන සම්‍යක් ප්‍රධානය සිද්ධ වේ. ඡන්‍දය ප්‍රමුඛ කොට කුසල් කරන විට ඡන්‍දිද්ධිපාදය වේ, -පෙ- වීමංසිද්ධිපාදය වේ; මිථ්‍යා වචනයෙන් වෙන්වන විට සම්‍යග්වචනය වෙතැ’යි, මෙසේ (ලෞකික අවස්ථාවෙහිදී) නොයෙක් සිත් තුළ ලැබේ. මේ සතර මාර්ගයන් උපදින කල එක්ම සිතක් තුළ ලැබේ. ඵලක්‍ෂණයෙහිදී සතර සම්‍යක්ප්‍රධාන හැර ඉතිරි තෙතිස ලැබේ.

එවං එකචිත‍්තෙ ලබ‍්භමානෙසු චෙතෙසු එකාව නිබ‍්බානාරම‍්මණා සති කායාදීසු සුභසඤ‍්ඤාදිප‍්පහානකිච‍්චසාධනවසෙන චත‍්තාරො සතිපට‍්ඨානාති වුච‍්චති. එකමෙව ච වීරියං අනුප‍්පන‍්නානං අනුප‍්පාදාදිකිච‍්චසාධනවසෙන චත‍්තාරො සම‍්මප‍්පධානාති වුච‍්චති. සෙසෙසු පන හාපනවඩ‍්ඪනං නත්‍ථි.

මෙසේ එක් චිත්තයක් තුළ මේ ධර්මයන් ලැබෙන කල්හි නිර්වාණය අරමුණු කොට ඇති එක්ම ‘සති’ය කායාදිය කෙරෙහි වූ ශුභසංඥා ආදිය ප්‍රහීණ කිරීමේ කාර්යය සිද්ධ කිරීම් වශයෙන් සතර ‘සම්‍යක්ප්‍රධාන’ යයි කියනු ලැබේ. එක්ම වීර්යය නූපන් (අකුසල්) නො-ඉපදවීම් ආදී කාර්යය සිද්ධ කිරීම් වශයෙන් සතර සම්‍යක් ප්‍රධාන යයි කියනු ලැබේ. සෙසු (බෝධිපාක්‍ෂික) ධර්මයන් පිළිබඳව අඩු වැඩි වීමෙක් නැති,

අපිච තෙසු –

තවද එම ධර්මයන් පිළිබඳව,

නව එකවිධා එකො, ද‍්වෙධාථ චතු පඤ‍්චධා; අට‍්ඨධා නවධා චෙව, ඉති ඡද‍්ධා භවන‍්ති තෙ.

නව එකවිධා එකො ද්වෙධාථ චතු පඤ්චමා අට්ඨධා නවධා චෙව ඉති ඡද්ධා භවන්තු තෙ

(බෝධිපාක්‍ෂික ධර්මයන් අතුරෙන්) නවයක් ඒකවිධ වේ; තවද එකක් එකක් බැගින් ද්විවිධද, චතුර්විධද, පංචවිධද, අෂ්ටවිධද, නවවිධද, වෙති’යි මෙසේ ඒ (බෝධිපාක්‍ෂික ධර්මයෝ) සය අයුරෙකින් වෙති.

නව එකවිධාති ඡන්‍දො, චිත‍්තං, පීති, පස‍්සද‍්ධි, උපෙක‍්ඛා, සඞ‍්කප‍්පො, වාචා, කම‍්මන‍්තො, ආජීවොති ඉමෙ නව ඡන්‍දිද‍්ධිපාදාදිවසෙන එකවිධාව හොන‍්ති, න අඤ‍්ඤං කොට‍්ඨාසං භජන‍්ති. එකො ද‍්වෙධාති සද‍්ධා ඉන්‍ද්‍රිය, බලවසෙන ද‍්වෙධා ඨිතා. අථ චතු පඤ‍්චධාති අථඤ‍්ඤො එකො චතුධා, අඤ‍්ඤො පඤ‍්චධා ඨිතොති අත්‍ථො. තත්‍ථ සමාධි එකො ඉන්‍ද්‍රිය, බල, බොජ‍්ඣඞ‍්ග, මග‍්ගඞ‍්ගවසෙන චතුධා ඨිතො. පඤ‍්ඤා තෙසඤ‍්ච චතුන‍්නං ඉද‍්ධිපාදකොට‍්ඨාසස‍්ස ච වසෙන පඤ‍්චධා. අට‍්ඨධා නවධා චෙවාති අපරො එකො අට‍්ඨධා, එකො නවධා ඨිතොති අත්‍ථො. චතුසතිපට‍්ඨාන, ඉන්‍ද්‍රිය, බල, බොජ‍්ඣඞ‍්ග, මග‍්ගඞ‍්ගවසෙන සති අට‍්ඨධා ඨිතා. චතුසම‍්මප‍්පධාන, ඉද‍්ධිපාද, ඉන්‍ද්‍රිය, බල, බොජ‍්ඣඞ‍්ග, මග‍්ගඞ‍්ගවසෙන වීරියං නවධාති. එවං –

“නව එකවිධා” යනු, ඡන්‍ද, චිත්ත යන දෙකද, පීති, පස්සද්ධි, උපෙක්ඛා යන තුනද, සඞ්කප්ප, වාචා, කම්මන්ත, ආජීව යන සතරදැ’යි යන මේ නවය (පිළිවෙළින්) ඡන්‍දිද්ධිපාදාදී වශයෙන් (ඉද්ධිපාද,) බොජ්ඣඞ්ග හෝ මග්ගඞ්ග වශයෙන් ඒකවිධම වේ; අන් කොටසක් නොබෙදේ. “එකො ද්වෙධා” යනු, ශ්‍රද්ධාව ඉන්‍ද්‍රියයක් සෙයින්ද, බලයක් සෙයින්දැ’යි දෙයයුරෙකින් සිටියි. “අථ චතු- පඤ්චධා” යනු, අනෙකක් සිවු අයුරෙකින්ද, තවද අනෙකක් පස් අයුරෙකින්ද සිටිති’යි යන අර්ත්‍ථයි. එහි එකක් වන සමාධිය ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣඞ්ග, හා මග්ගඞ්ග (සම්මා සමාධි) වශයෙන් ‘සිවු අයුරෙකින් සිටියි; ප්‍රඥාවද එම සතර අයුරෙන් හා ඉද්ධිපාද (වීමංස) වශයෙන්දැ’යි පස් ආකාර වේ; “අට්ඨධා නවධා චෙව” යනු, තවද එකක් අට අයුරෙකින්ද, අනෙකක් නව අයුරෙකින්ද වෙති’යි යන අර්ත්‍ථයි. සතිය (සිහිය) චතු සතිපට්ඨාන, ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣඞ්ග, මග්ගඞ්ග (සම්මාසති) වශයෙන් අටඅයුරෙකින් සිටියි; වීර්යය චතුසම්මප්පධාන, ඉද්ධිපාද, ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣඞ්ග, මග්ගඞ්ග (සම්මා වායාම) වශයෙන් නව අයුරෙකින් සිටියි. මෙසේ,

චුද‍්දසෙව අසම‍්භින‍්නා, හොන‍්තෙතෙ බොධිපක‍්ඛියා; කොට‍්ඨාසතො සත‍්තවිධා, සත‍්තතිංසප‍්පභෙදතො.

චුද්දසෙව අසම්භින්නා හොන්තෙ තෙ බොධි පක්‍ඛියා, කොට්ඨාසතො සත්තවිධා සත්තතිංසප්පභෙදතො

සකිච‍්චනිප‍්ඵාදනතො, සරූපෙන ච වුත‍්තිතො; සබ‍්බෙව අරියමග‍්ගස‍්ස, සම‍්භවෙ සම‍්භවන‍්ති තෙති.

සකිච්ච නිප්පාදනතො සරූපෙන ච වුත්තිතො, සබ්බෙව අරිය මග්ගස්ස සම්භවෙ සම්භවන්ති තෙ’ති.

මේ බෝධිපාක්‍ෂික ධර්මයෝ බෙදීම් නොමැතිව ගත්කල තුදුසක්ම වෙති; (සති, විරිය, ඡන්‍ද, චිත්ත, පඤ්ඤා, සද්ධා, සමාධි, පීති, පස්සද්ධි, උපෙක්ඛා, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යනුවෙනි). කොටස් වශයෙන් සතෙකි; (සතිපට්ඨාන, සම්මප්පධාන, ඉද්ධිපාද, ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣඞ්ග, මග්ගඞ්ග යනුවෙනි); ප්‍රභේද වශයෙන් තිස් හතෙකි.

ස්ව-කෘත්‍ය නිෂ්පාදන වශයෙන්ද, ස්ව-රූප වශයෙන්ද, ස්ව-වෘත්ති වශයෙන්ද මේ (බෝධිපාක්‍ෂික ධර්ම) සියල්ලම ආර්යමාර්ග ඉපිදවීමෙහි සාධක වේ.

එවං තාවෙත්‍ථ පරිපුණ‍්ණබොධිපක‍්ඛියභාවො ජානිතබ‍්බො.

මෙසේ පළමුකොට මෙහි පරිපූර්ණ බෝධිපාක්‍ෂිකභාවය දතයුතුය.