යෙදුමෙන් කියවන්න

ආනාපානස‍්සතිකථා

ආනාපානස‍්සතිකථා

ආනාපානසති කර්මස්ථානය

ඉදානි යං තං භගවතා “අයම‍්පි ඛො, භික‍්ඛවෙ, ආනාපානස‍්සතිසමාධි භාවිතො බහුලීකතො සන‍්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො, උප‍්පන‍්නුප‍්පන‍්නෙ ච පාපකෙ අකුසලෙ ධම‍්මෙ ඨානසො අන‍්තරධාපෙති වූපසමෙතී”ති එවං පසංසිත්‍වා –

ඉක්බිත්තෙන්, භාග්‍යවතුන් වහන්සේ විසින්, “මහණෙනි, මේ ආනාපානසති සමාධිය වූකලී වඩනාලද්දේ, පුරුදු කරන ලද්දේ, ශාන්තද ප්‍රණීතද වන්නේය, නොවිසුරුණේද සුඛවිහරණ ඇත්තේද වන්නේය, උපන් උපන් පාපක අකුශල ධර්මයන් ලත්තැනම අතුරුදහන් කරවන්නේය, ශමනය කරවන්නේය”යි මෙසේ ප්‍රශංසා කොට,

“කථං භාවිතො ච, භික‍්ඛවෙ, ආනාපානස‍්සතිසමාධි කථං බහුලීකතො සන‍්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො, උප‍්පන‍්නුප‍්පන‍්නෙ ච පාපකෙ අකුසලෙ ධම‍්මෙ ඨානසො අන‍්තරධාපෙති වූපසමෙති? ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු අරඤ‍්ඤගතො වා රුක‍්ඛමූලගතො වා සුඤ‍්ඤාගාරගතො වා නිසීදති පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා, සො සතොව අස‍්සසති සතො පස‍්සසති. දීඝං වා අස‍්සසන‍්තො දීඝං අස‍්සසාමීති පජානාති. දීඝං වා පස‍්සසන‍්තො…පෙ… රස‍්සං වා අස‍්සසන‍්තො…පෙ… රස‍්සං වා පස‍්සසන‍්තො රස‍්සං පස‍්සසාමීති පජානාති. සබ‍්බකායපටිසංවෙදී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති. සබ‍්බකායපටිසංවෙදී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමීති සික‍්ඛති. පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. පීතිපටිසංවෙදී… සුඛපටිසංවෙදී… චිත‍්තසඞ‍්ඛාරපටිසංවෙදී… පස‍්සම‍්භයං චිත‍්තසඞ‍්ඛාරං… චිත‍්තපටිසංවෙදී… අභිප‍්පමොදයං චිත‍්තං… සමාදහං චිත‍්තං… විමොචයං චිත‍්තං … අනිච‍්චානුපස‍්සී… විරාගානුපස‍්සී… නිරොධානුපස‍්සී. පටිනිස‍්සග‍්ගානුපස‍්සී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති. පටිනිස‍්සග‍්ගානුපස‍්සී පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති –

මහණෙනි, ආනාපානසති සමාධිය කෙසේ වඩනාලද්දේ, තෙසේ පුරුදු කරන ලද්දේ ශාන්තද ප්‍රණීතද, වන්නේද? නොවිසුරුණේද සුඛවිහරණ ඇත්තේද වන්නේද? උපන් උපන් පාපක අකුශල ධර්මයන් ලත් තැනම අතුරුදහන් කරවන්නේද? ශමනය කරවන්නේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ අරණට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ පාලු ගෙයකට ගියේ හෝ පලඟ බැඳ, උඩුකය සෘජුව පිහිටුවාගෙන සිහි පෙරටුකොට පිහිටුවාගෙන හිඳියි, හේ තෙමේ සිහි ඇතිවම ආශ්වාස කරයි, සිහි ඇතිවම ප්‍රශ්වාස කරයි, දිගුව ආශ්වාස කරන්නේ දිගුව ආශ්වාස කෙරෙමියි දනියි, දිගුව ප්‍රශ්වාස කරන්නේ හෝ දිගුව ප්‍රශ්වාස කෙරෙමියි දනියි, කෙටිව හෝ ආශ්වාස කරන්නේ කෙටිව-පෙ-ප්‍රශ්වාස කරන්නේ කෙටිව ප්‍රශ්වාස කෙරෙමියි දනියි, මුළුකයම විඳිමින් ආශ්වාස කෙරෙමියි හික්මෙයි. කායසංස්කාරය ශමනය කරමින් ආශ්වාස කෙරෙමියි හික්මෙයි, කායසංස්කාරය ශමනය කරමින් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි, පීතිය විඳිමින්-පෙ-සුඛය විඳිමින් චිත්තසංස්කාරය විඳිමින්-පෙ-චිත්ත සංස්කාරය ශමනය කෙරෙමින්-පෙ-චිත්තය විඳිමින්-පෙ-චිත්තය ප්‍රමොද කෙරෙමින් -පෙ-චිත්තය සමාධිගත කෙරෙමින් චිත්තය මුදවමින්-පෙ-අනිත්‍යය අනුව බලමින් විරාගය අනුව බලමින් නිරොධය අනුව බලමින්, (කෙලෙස්) බැහැර කිරීම අනුව බලමින් ආශ්වාස කරමියි හික්මෙයි, (කෙලෙස්) බැහැර කිරීම අනුව බලමින් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි”

එවං සොළසවත්‍ථුකං ආනාපානස‍්සතිකම‍්මට‍්ඨානං නිද‍්දිට‍්ඨං. තස‍්ස භාවනානයො අනුප‍්පත‍්තො. සො පන යස‍්මා පාළිවණ‍්ණනානුසාරෙනෙව වුච‍්චමානො සබ‍්බාකාරපරිපූරො හොති. තස‍්මා අයමෙත්‍ථ පාළිවණ‍්ණනාපුබ‍්බඞ‍්ගමො නිද‍්දෙසො.

යනුවෙන් මෙසේ සොළොස් ආකාරවූ යම් මේ ආනාපානසති කර්මස්ථානයක් දක්වන ලද්දේ ද, එම කර්මස්ථානය පිළිබඳ භාවනා නිර්දේශය අනුක්‍රමයෙන් පැමිණියේ වේ. එම භාවනා නිර්දේශය වනාහි, යම් හෙයකින් පාළි වර්ණනා අනුසාරයෙන්ම කියනු ලබන්නේ සියලු අයුරින් පරිපූර්ණ වන්නේද, එහෙයින් මෙහි පාළි වර්ණනා ක්‍රමය පෙරදැරිකොට මේ නිර්දේශය කියනු ලැබේ:-

කථං භාවිතො ච, භික‍්ඛවෙ, ආනාපානස‍්සති සමාධීති එත්‍ථ තාව කථන‍්ති ආනාපානස‍්සතිසමාධිභාවනං නානප‍්පකාරතො විත්‍ථාරෙතුකම්‍යතාපුච‍්ඡා. භාවිතො ච භික‍්ඛවෙ ආනාපානස‍්සතිසමාධීති නානප‍්පකාරතො විත්‍ථාරෙතුකම්‍යතාය පුට‍්ඨධම‍්මනිදස‍්සනං. කථං බහුලීකතො…පෙ… වූපසමෙතීති එත්‍ථාපි එසෙව නයො. තත්‍ථ භාවිතොති උප‍්පාදිතො වඩ‍්ඪිතො වා. ආනාපානස‍්සතිසමාධීති ආනාපානපරිග‍්ගාහිකාය සතියා සද‍්ධිං සම‍්පයුත‍්තො සමාධි. ආනාපානස‍්සතියං වා සමාධි ආනාපානස‍්සතිසමාධි. බහුලීකතොති පුනප‍්පුනං කතො. සන‍්තොචෙව පණීතො චාති සන‍්තො චෙව පණීතො චෙව. උභයත්‍ථ එව සද‍්දෙන නියමො වෙදිතබ‍්බො. කිං වුත‍්තං හොති? අයඤ‍්හි යථා අසුභකම‍්මට‍්ඨානං කෙවලං පටිවෙධවසෙන සන‍්තඤ‍්ච පණීතඤ‍්ච, ඔළාරිකාරම‍්මණත‍්තා පන පටික‍්කූලාරම‍්මණත‍්තා ච ආරම‍්මණවසෙන නෙව සන‍්තං න පණීතං, න එවං කෙනචි පරියායෙන අසන‍්තො වා අපණීතො වා, අථ ඛො ආරම‍්මණසන‍්තතායපි සන‍්තො වූපසන‍්තො නිබ‍්බුතො, පටිවෙධසඞ‍්ඛාතඅඞ‍්ගසන‍්තතායපි. ආරම‍්මණපණීතතායපි පණීතො අතිත‍්තිකරො, අඞ‍්ගපණීතතායපීති. තෙන වුත‍්තං “සන‍්තො චෙව පණීතො චා”ති.

‘කථං භාවිතො ච භික්‍ඛවෙ ආනාපානසති සමාධි’ (මහණෙනි, ආනාපානසති සමාධිය කෙසේ වඩනා ලද්දේ) යන මෙහි පළමුකොට කථං යනු, ආනාපානසති සමාධිභාවනාව නන් අයුරින් විස්තර කරනු කැමැතිව කැරෙන ප්‍රශ්න කිරීමයි. භාවිතො ච භික්ඛවෙ ආනාපානසති සමාධි යනු, නන් අයුරින් විස්තර කරනු කැමැතිව ප්‍රශ්න කැරුණු ධර්මය ගෙනහැර දැක්වීමයි. “කථං බහුලීකතො-පෙ-වුපසමෙති” (කෙසේ පුරුදු කරන ලදුයේ-පෙ-ශමනය කරයි) යන මෙහිද මෙම නයයි. එහි භාවිතො යනු, උපදවනලද හෝ වඩනාලද සමාධියයි. ආනාපානසතිසමාධි යනු ආශ්වාස ප්‍රශ්වාස කිරීම පිළිබඳ සිහියෙන් යුක්ත වූ සමාධියයි, නැතහොත් ආනාපානසතියෙහි වූ සමාධිය එනම් වේ. බහුලීකතො යනු, නැවත නැවතත් පුරුදු කරන ලද භාවනාවයි. සන්තො චෙව පණීතො ච යනු ශාන්තවූද ප්‍රණීතවූද භාවනාවයි. දෙතන්හිම “එව” ශබ්දයෙන් නිශ්චය කිරීම දතයුතුයි. කුමක් කියන ලද්දේ ද යත්, අශුභ කර්මස්ථානය වූකලී හුදෙක් ප්‍රතිවෙධ වශයෙන්ම ශාන්තද ප්‍රණීතද වේ, ඔළාරිකවූ අරමුණු ඇති හෙයින්ද, පිළිකුල් අරමුණු සහිතවූ හෙයින්ද, අරමුණු වශයෙන් ශාන්තද නොවේ. ප්‍රණීතද නොවේ, මේ ආනාපානසති සමාධිය වූකලී එසේ කිසිම ආකාරයෙකින් අශාන්ත හෝ අප්‍රණීත හෝ නොවේමය. වැලිදු, අරමුණු වශයෙන් ශාන්ත වූ හෙයින්ද ශාන්ත වේ, සන්සිඳියේ වේ, නිවුණේ වේ, ප්‍රතිවෙධ සංඛ්‍යාත අංග වශයෙන් ශාන්ත වූ හෙයින්ද, අරමුණු වශයෙන් ප්‍රණීත වූ හෙයින්ද, ප්‍රණීත වේ, අතෘප්තිකර වේ. අංග වශයෙන් ප්‍රණීත වූ හෙයින් ප්‍රීතියද වේ, එහෙයින් ශාන්තයයිද ප්‍රණීතයයිද කියනලදි.

අසෙචනකො ච සුඛො ච විහාරොති එත්‍ථ පන නාස‍්ස සෙචනන‍්ති අසෙචනකො, අනාසිත‍්තකො අබ‍්බොකිණ‍්ණො පාටියෙක‍්කො ආවෙණිකො. නත්‍ථි එත්‍ථ පරිකම‍්මෙන වා උපචාරෙන වා සන‍්තතා. ආදිසමන‍්නාහාරතො පභුති අත‍්තනො සභාවෙනෙව සන‍්තො ච පණීතො චාති අත්‍ථො. කෙචි පන අසෙචනකොති අනාසිත‍්තකො ඔජවන‍්තො සභාවෙනෙව මධුරොති වදන‍්ති. එවං අයං අසෙචනකො ච, අප‍්පිතප‍්පිතක‍්ඛණෙ කායිකචෙතසිකසුඛපටිලාභාය සංවත‍්තනතො සුඛො ච විහාරොති වෙදිතබ‍්බො. උප‍්පන‍්නුප‍්පන‍්නෙති අවික‍්ඛම‍්භිතෙ අවික‍්ඛම‍්භිතෙ. පාපකෙති ලාමකෙ. අකුසලෙ ධම‍්මෙති අකොසල‍්ලසම‍්භූතෙ ධම‍්මෙ. ඨානසො අන‍්තරධාපෙතීති ඛණෙනෙව අන‍්තරධාපෙති වික‍්ඛම‍්භෙති. වූපසමෙතීති සුට‍්ඨු උපසමෙති. නිබ‍්බෙධභාගියත‍්තා වා අනුපුබ‍්බෙන අරියමග‍්ගවුද‍්ධිප‍්පත‍්තො සමුච‍්ඡින්‍දති, පටිප‍්පස‍්සම‍්භෙතීති වුත‍්තං හොති.

අසෙචනකො ච සුඛො ච විහාරො යන මෙහි වනාහි, මෙයට විසිරීමෙක් නැතැයි අසෙචනක නම් වේ. විසිරීම් රහිත වූයේ, අසම්මිශ්‍රවූයේ, වෙන්වූයේ, ආවේණිකද වූයේය. මේ ආනාපානසති සමාධි විෂයෙහි පරිකර්ම වශයෙන් හෝ උපචාර වශයෙන් හෝ ශාන්ත වීමෙක් නැත්තේය, පළමුවෙන් ආරම්භකළ තැන් පටන්ම, ස්වකීය ස්වභාව වශයෙන්ම ශාන්තද ප්‍රණීතද වේ යන අර්ත්‍ථයි. කිසිවෙක් වනාහි අසෙචනකො යනු නොවිසුරුණේ, ඔදවත් වූයේ, ස්වභාවයෙන්ම මිහිරි වූයේයයි කියති. මෙසේ මේ ආනාපානසති සමාධිය නොවිසුරුණේ සමවන් සමවන් කෙණෙහි කායිකවූද චෛතසිකවූද සුවය ලැබීම පිණිස පවත්නා හෙයින් සුඛවිහරණ සහිත වූයේයයිද දතයුතුය. උප්පන්නුප්පන්නෙ යනු, උපන් උපන් නොමඩනා ලද, පාපකෙ යනු ලාමකවූ අකුසලෙ ධම්මෙ යනු අකුසල ධර්මයන් ඨානසො අන්තරධාපෙති යනු සැණෙකින් අතුරුදන් කරවයි, වූපසමෙති යනු මනාකොට සන්සිඳුවයි. නිබ්බෙධභාගී වන හෙයින් හෝ අනුක්‍රමයෙන් ආර්යමාර්ගවිෂයෙහි වෘද්ධියට පත්වූයේ මුලින් උපුටාලයි, සහමුලින් සොල්වා ලතියි කීනියායි.

අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො. භික‍්ඛවෙ, කෙන පකාරෙන කෙනාකාරෙන කෙන විධිනා භාවිතො ආනාපානස‍්සතිසමාධි කෙන පකාරෙන බහුලීකතො සන‍්තො චෙව…පෙ… වූපසමෙතීති.

මේ වනාහි මෙහි සංක්‍ෂේපාර්ත්‍ථයයි: මහණෙනි, කවර ප්‍රකාරයෙකින්, කවර ආකාරයෙකින්, කිනම් ක්‍රියා මාර්ගයෙකින් මඩනාලද, කවරාකාරයෙකින් පුරුදු පුහුණු කරන ලද ආනාපානසති සමාධිය ශාන්ත වේද? -පෙ-ශමනය කෙරේද?

ඉදානි තමත්‍ථං විත්‍ථාරෙන‍්තො “ඉධ, භික‍්ඛවෙ”තිආදිමාහ. තත්‍ථ ඉධ භික‍්ඛවෙ භික‍්ඛූති භික‍්ඛවෙ, ඉමස‍්මිං සාසනෙ භික‍්ඛු. අයඤ‍්හි එත්‍ථ ඉධසද‍්දො සබ‍්බප‍්පකාරආනාපානස‍්සතිසමාධිනිබ‍්බත‍්තකස‍්ස පුග‍්ගලස‍්ස සන‍්නිස‍්සයභූතසාසනපරිදීපනො අඤ‍්ඤසාසනස‍්ස තථාභාවපටිසෙධනො ච. වුත‍්තඤ‍්හෙතං – ඉධෙව, භික‍්ඛවෙ, සමණො…පෙ… සුඤ‍්ඤා පරප‍්පවාදා සමණෙභි අඤ‍්ඤෙහී”ති (ම· නි· 1.139). තෙන වුත‍්තං “ඉමස‍්මිං සාසනෙ භික‍්ඛූ”ති.

දැන් එම (සංක්‍ෂෙප) අර්ත්‍ථය විස්තර කෙරෙමින්, ‘ඉධ භික්‍ඛවෙ’ යන ආදිය කීහු. එහි ඉධ භික්‍ඛවෙ භික්‍ඛු යනු, ‘මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ, මෙහි මේ ‘ඉධ’ ශබ්දය සියලු ආකාර ඇති ආනාපානසති සමාධිය උපදවන පුද්ගලයාහට සන්නිශ්‍රය වූ ශාසනය දක්වන්නේ වේ, අන්‍ය තීර්ත්‍ථකයන්ගේ ශාසනයන්හි එසේ වීම ප්‍රතිෂේධ කරන්නේද වේ. කියන ලදමැයි: “මහණෙනි, සියලු ආකාරයෙන් පරිපූර්ණ ආනාපානසතිය පුරුදු කරන ශ්‍රමණ තෙමේ මේ ශාසනයෙහිම වේ-පෙ-අන්‍ය වාදයෝ ශ්‍රමණයන්ගෙන් හිස් වූවාහුය.” එහෙයින් මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේයි කියන ලදි.

අරඤ‍්ඤගතො වා…පෙ… සුඤ‍්ඤාගාරගතො වාති ඉදමස‍්ස ආනාපානස‍්සතිසමාධිභාවනානුරූපසෙනාසනපරිග‍්ගහපරිදීපනං. ඉමස‍්ස හි භික‍්ඛුනො දීඝරත‍්තං රූපාදීසු ආරම‍්මණෙසු අනුවිසටං චිත‍්තං ආනාපානස‍්සතිසමාධිආරම‍්මණං අභිරුහිතුං න ඉච‍්ඡති, කූටගොණයුත‍්තරථො විය උප‍්පථමෙව ධාවති. තස‍්මා සෙය්‍යථාපි නාම ගොපො කූටධෙනුයා සබ‍්බං ඛීරං පිවිත්‍වා වඩ‍්ඪිතං කූටවච‍්ඡං දමෙතුකාමො ධෙනුතො අපනෙත්‍වා එකමන‍්තෙ මහන‍්තං ථම‍්භං නිඛණිත්‍වා තත්‍ථ යොත‍්තෙන බන්‍ධෙය්‍ය, අථස‍්ස සො වච‍්ඡො ඉතො චිතො ච විප‍්ඵන්‍දිත්‍වා පලායිතුං අසක‍්කොන‍්තො තමෙව ථම‍්භං උපනිසීදෙය්‍ය වා උපනිපජ‍්ජෙය්‍ය වා, එවමෙව ඉමිනාපි භික‍්ඛුනා දීඝරත‍්තං රූපාරම‍්මණාදිරසපානවඩ‍්ඪිතං දුට‍්ඨචිත‍්තං දමෙතුකාමෙන රූපාදිආරම‍්මණතො අපනෙත්‍වා අරඤ‍්ඤං වා…පෙ… සුඤ‍්ඤාගාරං වා පවෙසෙත්‍වා තත්‍ථ අස‍්සාසපස‍්සාසථම‍්භෙ සතියොත‍්තෙන බන්‍ධිතබ‍්බං. එවමස‍්ස තං චිත‍්තං ඉතො චිතො ච විප‍්ඵන්‍දිත්‍වාපි පුබ‍්බෙ ආචිණ‍්ණාරම‍්මණං අලභමානං සතියොත‍්තං ඡින්‍දිත්‍වා පලායිතුං අසක‍්කොන‍්තං තමෙවාරම‍්මණං උපචාරප‍්පනාවසෙන උපනිසීදති චෙව උපනිපජ‍්ජති ච. තෙනාහු පොරාණා –

අරඤ්ඤගතො වා සුඤ්ඤාගාරගතො වා යන මෙය ආනාපානසතිසමාධි භාවනාවට සුදුසු වූ සේනාසනයක් තෝරාගැනීම දැක්වීමයි. (ආනාපානසති කර්මස්ථානය වඩන) මේ භික්‍ෂූන්ගේ රූපාදීවූ අරමුණු කෙරෙහි දිගු කලක් විසිරීගිය සිත එම ආනාපානසති සමාධි අරමුණට නැඟීම පිළිකෙව් කරයි. කුළු ගොණුන් යෙදූ රථයක් මෙන් නොමඟටම දිවේ. එහෙයින්, යම්සේ ගොපල්ලෙක් තෙමේ කුළු දෙනකගේ සියලු කිරි බී වැඩුණු කුළු වස්සකු හීලෑකරගනු කැමතිව දෙනගෙන් වෙන්කොට එකත්පසෙක මහ ටැඹක් සිටුවා යොතෙකින් එයට බැඳ තබන්නේද, එවිට ඒ කුළු වස්සා ඒ අත මේ අත පැන පලා යනු නොහැකිව ඒ ටැඹ සමීපයෙහිම හිඳිනේද, නැතහොත් හෝනේද, එසේම මේ භික්‍ෂුව විසින් බොහෝ කාලයක් රූපාදී වූ අරමුණු නමැති කිරි බී වැඩුණු නොදැමුණු සිත දමනු කැමැතිව රූපාදී අරමුණුවලින් ඉවත්කොට අරණ්‍යයක් හෝ -පෙ-පාලු ගෙයක් හෝ වෙත පිවිස එහි ආශ්වාස ප්‍රශ්වාස නැමැති ටැඹෙහි සිහි නමැති යොතින් බැඳ තැබිය යුතුය. මෙසේ ඔහුගේ සිත ඒ අත මේ අත පැන පෙර පුරුදු අරමුණු නොලැබ සිහි නමැති යොත කඩාගෙන පලායනු නොහැකිව උපචාර හෝ අර්පණා වශයෙන් එම අරමුණෙහිම හිඳිනේද හෝනේද වේ. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:

“යථා ථම‍්භෙ නිබන්‍ධෙය්‍ය, වච‍්ඡං දමං නරො ඉධ; බන්‍ධෙය්‍යෙවං සකං චිත‍්තං, සතියාරම‍්මණෙ දළ‍්හ”න‍්ති. (පාරා· අට‍්ඨ· 2.165; දී· නි· අට‍්ඨ· 3.374; ම· නි· අට‍්ඨ· 1.107);

යථා ථම්හෙ නිබන්‍ධෙය්‍ය වච්ඡං දම්මං නරො ඉධ බන්‍ධෙය්‍යෙවං සකං චිත්තං සතියාරම්මණෙ දළ්හන්ති.

යම්සේ මෙහිලා පුරුෂයෙක් හීලෑ කළයුතු වස්සකු ටැඹෙක්හි බඳනේද, එසේම ස්වකීය චිත්තය සිහියෙන් දැඩි ලෙස අරමුණෙහි බඳනේය.

එවමස‍්සෙතං සෙනාසනං භාවනානුරූපං හොති. තෙන වුත‍්තං “ඉදමස‍්ස ආනාපානස‍්සතිසමාධිභාවනානුරූපසෙනාසනපරිග‍්ගහපරිදීපන”න‍්ති.

මෙසේ මේ භික්‍ෂුවහට මේ සේනාසනය භාවනාවට යෝග්‍ය වේ, එහෙයින්, මෙය ඒ භික්‍ෂූහු විසින් ආනාපානසතිසමාධි භාවනාවට අනුරූප වූ සේනාසනයක් තෝරාගැනීම දක්වතියි කියනලදි.

අථ වා යස‍්මා ඉදං කම‍්මට‍්ඨානප‍්පභෙදෙ මුද‍්ධභූතං සබ‍්බඤ‍්ඤුබුද‍්ධපච‍්චෙකබුද‍්ධබුද‍්ධසාවකානං විසෙසාධිගමදිට‍්ඨධම‍්මසුඛවිහාරපදට‍්ඨානං ආනාපානස‍්සතිකම‍්මට‍්ඨානං ඉත්‍ථිපුරිසහත්‍ථිඅස‍්සාදිසද‍්දසමාකුලං ගාමන‍්තං අපරිච‍්චජිත්‍වා න සුකරං භාවෙතුං, සද‍්දකණ‍්ටකත‍්තා ඣානස‍්ස. අගාමකෙ පන අරඤ‍්ඤෙ සුකරං යොගාවචරෙන ඉදං කම‍්මට‍්ඨානං පරිග‍්ගහෙත්‍වා ආනාපානචතුත්‍ථජ‍්ඣානං නිබ‍්බත‍්තෙත්‍වා තදෙව පාදකං කත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසිත්‍වා අග‍්ගඵලං අරහත‍්තං සම‍්පාපුණිතුං. තස‍්මාස‍්ස අනුරූපසෙනාසනං දස‍්සෙන‍්තො භගවා “අරඤ‍්ඤගතො වා”තිආදිමාහ.

නොහොත් යම් හෙයකින් කර්මස්ථාන ප්‍රභේදයෙහි ප්‍රමුඛ වූ සියලු බුදු පසේබුදු බුදු සව්වන්ගේ විශේෂාධිගමයට හා දෘෂ්ටධර්ම සුඛවිහරණයට හේතුවූ මේ ආනාපානසති කර්මස්ථානය ස්ත්‍රී පුරුෂ හස්ති අශ්වාදීන්ගේ ශබ්දයෙන් ආකුලවූ ග්‍රාමාන්තය අත් නොහැර වඩනු සුකර නොවේ, ශබ්දය ධ්‍යානයට පලිබෝධ වන හෙයිනි. ග්‍රාමාත්ත නොවූ අරණ්‍යයෙහිම සුකර වේ. යෝගාවචරයා විසින් මේ කර්මස්ථානය ලබාගෙන ආනාපානසති චතුර්ත්‍ථ ධ්‍යානය උපදවා එයම පාදක කොටගෙන සංස්කාරයන් ආවර්ජනය කොට අග්‍රඵලය වූ අර්හත්‍වයට පත්වන්නට ග්‍රාමාන්තයෙන් බැහැර අරණ්‍යයෙහිම සුකර වේ. එහෙයින් මේ ආනාපානසති කර්මස්ථානයට යෝග්‍ය වූ සේනාසනය දක්වන භාග්‍යවතුන් වහන්සේ ‘අරඤ්ඤගතො වා’ යන ආදිය වදාළහ.

වත්‍ථුවිජ‍්ජාචරියො විය හි භගවා, සො යථා වත්‍ථුවිජ‍්ජාචරියො නගරභූමිං පස‍්සිත්‍වා සුට‍්ඨු උපපරික‍්ඛිත්‍වා “එත්‍ථ නගරං මාපෙථා”ති උපදිසති, සොත්‍ථිනා ච නගරෙ නිට‍්ඨිතෙ රාජකුලතො මහාසක‍්කාරං ලභති, එවමෙව යොගාවචරස‍්ස අනුරූපසෙනාසනං උපපරික‍්ඛිත්‍වා “එත්‍ථ කම‍්මට‍්ඨානං අනුයුඤ‍්ජිතබ‍්බ”න‍්ති උපදිසති, තතො තත්‍ථ කම‍්මට‍්ඨානං අනුයුත‍්තෙන යොගිනා කමෙන අරහත‍්තෙ පත‍්තෙ “සම‍්මාසම‍්බුද‍්ධො වත සො භගවා”ති මහන‍්තං සක‍්කාරං ලභති.

භාග්‍යවතුන් වහන්සේ වනාහි වාස්තුවිද්‍යා ආචාර්යවරයකු වැනියහ, යම්සේ වාස්තුවිද්‍යාචාර්යවරයෙක් තෙමේ නගරයකට යෝග්‍ය වූ බිම්කඩක් දැක, මොනවට පිරික්සා බලා මෙහි නගරය ගොඩනඟවුයයි උපදේශ කරයිද, නගරය යහතින් නිමි කල්හි රාජකුලයෙන් මහත් සත්කාර ලබයිද, එසේම යෝගාවචරයාහට අනුරූපවූ සේනාසනය පිරික්සා මෙහි කර්මස්ථානයෙහි යෙදෙනු යැයි උපදෙස් දෙන්නාහ. ඉක්බිති එම සේනාසනයෙහි කර්මස්ථානයෙහි යෙදෙන යෝගාවචරයා අනුක්‍රමයෙන් රහත්බවට පැමිණි කල, ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්‍යක් සම්බුද්ධ වන සේකැයි මහත් සත්කාර ලබන්නාහුය.

අයං පන භික‍්ඛු දීපිසදිසොති වුච‍්චති. යථා හි මහාදීපිරාජා අරඤ‍්ඤෙ තිණගහනං වා වනගහනං වා පබ‍්බතගහනං වා නිස‍්සාය නිලීයිත්‍වා වනමහිංසගොකණ‍්ණසූකරාදයො මිගෙ ගණ‍්හාති, එවමෙව අයං අරඤ‍්ඤාදීසු කම‍්මට‍්ඨානං අනුයුඤ‍්ජන‍්තො භික‍්ඛු යථාක‍්කමෙන සොතාපත‍්තිසකදාගාමිඅනාගාමිඅරහත‍්තමග‍්ගෙ චෙව අරියඵලඤ‍්ච ගණ‍්හතීති වෙදිතබ‍්බො. තෙනාහු පොරාණා –

තවද මේ භික්‍ෂු තෙමේ දිවියකු වැනියයි කියනු ලැබේ. යම්සේ මහ දිවි රජෙක් වනයෙහි තෘණභූමියක් හෝ වනලැහැබක් හෝ පර්වත ගහණයක් හෝ ඇසුරුකොට සැඟවී සිට වල්මිවු, ගෝණ, හූරු ආදීන් අල්වාගනීද, එසේම අරණ්‍ය ආදී තන්හි කමටහනෙහි යෙදෙන භික්‍ෂු තෙමේද අනුපිළිවෙළින් සෝතාපත්ති, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන ආර්යමාර්ගයන්ද ආර්යඵලයන්ද ලබා ගන්නනේයයි දතයුතුය. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:

“යථාපි දීපිකො නාම, නිලීයිත්‍වා ගණ‍්හතී මිගෙ; තථෙවායං බුද‍්ධපුත‍්තො, යුත‍්තයොගො විපස‍්සකො; අරඤ‍්ඤං පවිසිත්‍වාන, ගණ‍්හාති ඵලමුත‍්තම”න‍්ති. (පාරා· අට‍්ඨ· 2.165; දී· නි· අට‍්ඨ· 2.374; ම· නි· අට‍්ඨ· 1.107);

යථාපි දීපිකො නාම නිලීයිත්‍වා ගණ්හති මිගෙ තථෙවායං බුද්ධපුත්තො යුත්තයොගො විපස්සකො අරඤ්ඤං පවිසිත්‍වාන ගණ්හාති ඵලමුත්තම’න්ති.

යම්සේ වනාහි දිවියෙක් සැඟවී සිට මෘගයන් අල්වාගනීද, එසේම භාවනායෝගයෙහි නියැලුණු විදර්ශනා වඩන බුද්ධපුත්‍ර තෙමේ වනසෙනස්නට පිවිස උතුම් වූ ශ්‍රාමණ්‍යඵලය ලබා ගන්නේය.

තෙනස‍්ස පරක‍්කමජවයොග‍්ගභූමිං අරඤ‍්ඤසෙනාසනං දස‍්සෙන‍්තො භගවා “අරඤ‍්ඤගතො වා”තිආදිමාහ.

එහෙයින් මේ භික්‍ෂුහුගේ භාවනාපරාක්‍රම ජවයට යෝග්‍ය වූ වනසෙනස්න දක්වන භාග්‍යවතුන් වහන්සේ ‘අරඤ්ඤගතො වා’ යන ආදිය වදාළහ.

තත්‍ථ අරඤ‍්ඤගතොති “අරඤ‍්ඤන‍්ති නික‍්ඛමිත්‍වා බහි ඉන්‍දඛීලා සබ‍්බමෙතං අරඤ‍්ඤ”න‍්ති (විභ· 529) ච, “ආරඤ‍්ඤකං නාම සෙනාසනං පඤ‍්චධනුසතිකං පච‍්ඡිම”න‍්ති (පාරා· 654) ච එවං වුත‍්තලක‍්ඛණෙසු අරඤ‍්ඤෙසු යංකිඤ‍්චි පවිවෙකසුඛං අරඤ‍්ඤං ගතො. රුක‍්ඛමූලගතොති රුක‍්ඛසමීපං ගතො. සුඤ‍්ඤාගාරගතොති සුඤ‍්ඤං විවිත‍්තොකාසං ගතො. එත්‍ථ ච ඨපෙත්‍වා අරඤ‍්ඤඤ‍්ච රුක‍්ඛමූලඤ‍්ච අවසෙසසත‍්තවිධසෙනාසනගතොපි සුඤ‍්ඤාගාරගතොති වත‍්තුං වට‍්ටති.

එහි අරඤ්ඤගතො වා යනු, අරණ්‍යය නම් ඉන්‍ද්‍රඛීලයෙන් බැහැරව නික්මුණු කල මේ සියල්ල අරණ්‍යයයිද, ආරණ්‍යක සේනාසනය නම් යටත්පිරිසෙයින් දුනු පන්සියයකට පසුව යයිද මෙසේ කියනලද ලක්‍ෂණ ඇති වනසෙනසුන් අතුරෙන් යෝග්‍ය වූ විවේක සුව සහිත කිසියම් සෙනස්නකට ගියේ, රුක්‍ඛමූලගතො වා යනු රුක්මුලක් වෙතට ගියේ, සුඤ්ඤාගාරගතො වා යනු, ජනශූන්‍යවූ විවේකස්ථානයකට ගියේ, මෙහි අරණ්‍යයද, වෘක්‍ෂමූලයද හැර සෙසු සත් වැදෑරුම් සෙනස්නට ගියේද ‘සුඤ්ඤාගාරගතො’යි කියනු වටී.

එවමස‍්ස උතුත‍්තයානුකූලං ධාතුචරියානුකූලඤ‍්ච ආනාපානස‍්සතිභාවනානුරූපං සෙනාසනං උපදිසිත්‍වා අලීනානුද‍්ධච‍්චපක‍්ඛිකං සන‍්තං ඉරියාපථං උපදිසන‍්තො නිසීදතීති ආහ. අථස‍්ස නිසජ‍්ජාය දළ‍්හභාවං අස‍්සාසපස‍්සාසානං පවත‍්තනසුඛතං ආරම‍්මණපරිග‍්ගහූපායඤ‍්ච දස‍්සෙන‍්තො පල‍්ලඞ‍්කං ආභුජිත්‍වාතිආදිමාහ. තත්‍ථ පල‍්ලඞ‍්කන‍්ති සමන‍්තතො ඌරුබද‍්ධාසනං. ආභුජිත්‍වාති බන්‍ධිත්‍වා. උජුං කායං පණිධායාති උපරිමසරීරං උජුකං ඨපෙත්‍වා. අට‍්ඨාරසපිට‍්ඨිකණ‍්ටකෙ කොටියා කොටිං පටිපාදෙත්‍වා. එවඤ‍්හි නිසීදන‍්තස‍්ස චම‍්මමංසන‍්හාරූනි න පණමන‍්ති. අථස‍්ස යා තෙසං පණමනප‍්පච‍්චයා ඛණෙ ඛණෙ වෙදනා උප‍්පජ‍්ජෙය්‍යුං, තා න උප‍්පජ‍්ජන‍්ති. තාසු අනුප‍්පජ‍්ජමානාසු චිත‍්තං එකග‍්ගං හොති, කම‍්මට‍්ඨානං න පරිපතති, වුද‍්ධිං ඵාතිං උපගච‍්ඡති.

මෙසේ ඔහුට ත්‍රිවිධ සෘතුවට යෝග්‍යවූද, ශ්ලෙෂ්මාදී ත්‍රිවිධ ධාතූන්ගේ චර්යාවට අනුකුලවූද ආනාපානසති භාවනාවට අනුරූපවූද, සෙනස්නක් උපදේශකොට (වැදහෙවීම වැනි) ලීන පක්‍ෂයට හෝ (සිටීම, සක්මන් කිරීම වැනි) උද්ධච්ච පක්‍ෂයට නොවැටෙන සන්හුන් ඉරියව්වක් නිර්දේශ කරමින් ‘නිසීදති’ (හිඳියි) යන ආදිය වදාළහ. ඉක්බිති ඒ යෝගිහුගේ හිඳීම් ඉරියව්වෙහි තිරබවට ආශ්වාස ප්‍රශ්වාසයන් පැවැත්වීමේ පහසුවද, අරමුණු ගැනීමේ උපායද දක්වමින් ‘පල්ලඞ්කං ආභුජීත්‍වා’ යන ආදිය වදාළහ. එහි පල්ලඞ්කං යනු, හාත්පසින් ඌරුබද්ධ (එරමිණියා ගොතා සිටින) ආසනයයි. ආභුජිත්‍වා යනු බැඳ, උජුං කායං පණිධාය යනු උඩුකය එකලස්ව පිහිටුවාගෙන, කොඳු ඇට අටළොස කෙළවරින් කෙළවර තබා, මෙසේ හුන්විට සම් මස් නහර නොනැමෙයි. ඒ සම් මස් නහර නැමුණු විට ඒ හේතුවෙන් කෙණෙහි කෙණෙහි යම් වේදනාවක් උපදී නම් ඔහුට ඒ වේදනා නොඋපදියි. එම වේදනා නොඋපදනා කල සිත එකඟ වේ. කමටහන නොගිලිහෙයි, වෘද්ධියට මහත්බවට යෙයි.

පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වාති කම‍්මට‍්ඨානාභිමුඛං සතිං ඨපයිත්‍වා. අථ වා පරීති පරිග‍්ගහට‍්ඨො. මුඛන‍්ති නිය්‍යානට‍්ඨො. සතීති උපට‍්ඨානට‍්ඨො. තෙන වුච‍්චති “පරිමුඛං සති”න‍්ති එවං පටිසම‍්භිදායං (පටි· ම· 1.164) වුත‍්තනයෙනපෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. තත්‍රායං සඞ‍්ඛෙපො, පරිග‍්ගහිතනිය්‍යානං සතිං කත්‍වාති.

පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා යනු, කමටහනට අභිමුඛව සිහිය පිහිටුවාගෙන, නොහොත්, ‘පරි’ යනු හාත්පසින් ගැනීම යන අරුත් ඇත්තේය, ‘මුඛං’ යනු, ‘නික්මයාම’ යන අරුත් ඇත්තේය, ‘සති’ යනු, ‘එළඹ සිටීම’ යයි යන අරුත් ඇත්තේය, එහෙයින් ‘පරිමුඛං සතිං’ යයි කියනලදි. මෙසේ පටිසම්භිදාවෙහි කීනයින්ද මෙහි අරුත් දතයුතුය. එහි (පටිසම්භිදාවෙහි) හාත්පසින් ගන්නාලද (ක්ලේශයන් කෙරෙන්) නිකුත්වීමේ සිහිය එළවා’යි යන මේ සංක්‍ෂෙපාර්ත්‍ථය වේ.

සො සතොව අස‍්සසති සතො පස‍්සසතීති සො භික‍්ඛු එවං නිසීදිත්‍වා එවඤ‍්ච සතිං උපට‍්ඨපෙත්‍වා තං සතිං අවිජහන‍්තො සතො එව අස‍්සසති සතො පස‍්සසති, සතොකාරී හොතීති වුත‍්තං හොති. ඉදානි යෙහාකාරෙහි සතොකාරී හොති, තෙ දස‍්සෙතුං දීඝං වා අස‍්සසන‍්තොතිආදිමාහ. වුත‍්තඤ‍්හෙතං පටිසම‍්භිදායං “සො සතොව අස‍්සසති සතො පස‍්සසතී”ති එතස‍්සෙව විභඞ‍්ගෙ –

සො සතො’ව අස්සසති සතො පස්සසති යනු, ඒ භික්‍ෂු තෙමේ මෙසේ හිඳ මෙසේ සිහි එළවාගෙන එම සිහිය නොහරිමින් සිහි ඇතිවම ආශ්වාස කරයි, සිහි ඇතිවම ප්‍රශ්වාසද කරයි, සිහි ඇතිවම කටයුතු කරතියි කී නියායි. ඉක්බිති යම් ආකාරයකින් සිහි ඇතිව කටයුතු කරන්නේද, ඒ ආකාරය දක්වනු පිණිස ‘දීඝං වා අස්සසන්තො’ යන ආදිය කීහු. පටිසම්භිදාවෙහි මෙසේ කියන ලද්දේය: “ඒ යෝගී තෙමේ සිහි ඇතිවම ආශ්වාස කරයි, සිහි ඇතිවන ප්‍රශ්වාසද කරයි” යනුවෙනි. මෙය විභාග කිරීමෙහිදී -

“බාත‍්තිංසාය ආකාරෙහි සතො කාරී හොති. දීඝං අස‍්සාසවසෙන චිත‍්තස‍්ස එකග‍්ගතං අවික‍්ඛෙපං පජානතො සති උපට‍්ඨිතා හොති. තාය සතියා තෙන ඤාණෙන සතො කාරී හොති. දීඝං පස‍්සාසවසෙන…පෙ… පටිනිස‍්සග‍්ගානුපස‍්සී අස‍්සාසවසෙන. පටිනිස‍්සග‍්ගානුපස‍්සී පස‍්සාසවසෙන චිත‍්තස‍්ස එකග‍්ගතං අවික‍්ඛෙපං පජානතො සති උපට‍්ඨිතා හොති. තාය සතියා තෙන ඤාණෙන සතො කාරී හොතී”ති (පටි· ම· 1.165).

“දෙතිස් ආකාරයෙකින් සිහි ඇතිව කටයුතු කරන්නේ වේ. දිගුව ආශ්වාස කිරීම් වශයෙන් සිතෙහි එකාග්‍රතාව අවික්‍ෂේප වූ බව දන්නහුගේ සිහිය (අරමුණට) එළඹ සිටියේ වේ. එම සිහිය හා එම ඥානය හේතුකොටගෙන සිහි ඇතිව කටයුතු කරන්නේ වේ, දිගුව ප්‍රශ්වාස කිරීම් වශයෙන්-පෙ-පටිනිස්සග්ගය (නොඇලීම) අනුව බලමින් ආශ්වාස කිරීම් වශයෙන්-පෙ-පටිනිස්සග්ගය අනුව බලමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් සිතෙහි එකාග්‍රතාව අවික්‍ෂෙප වූබව දන්නහුගේ සිහිය අරමුණ වෙත එළඹසිටියේ වේ. එම සිහිය හා එම ඥානය හේතුකොටගෙන සිහි ඇතිව කටයුතු කරන්නේ වේ” යනුවෙන් කියනලදී.

තත්‍ථ දීඝං වා අස‍්සසන‍්තොති දීඝං වා අස‍්සාසං පවත‍්තයන‍්තො. අස‍්සාසොති බහි නික‍්ඛමනවාතො. පස‍්සාසොති අන‍්තො පවිසනවාතොති විනයට‍්ඨකථායං වුත‍්තං. සුත‍්තන‍්තට‍්ඨකථාසු පන උප‍්පටිපාටියා ආගතං. තත්‍ථ සබ‍්බෙසම‍්පි ගබ‍්භසෙය්‍යකානං මාතුකුච‍්ඡිතො නික‍්ඛමනකාලෙ පඨමං අබ‍්භන‍්තරවාතො බහි නික‍්ඛමති. පච‍්ඡා බාහිරවාතො සුඛුමරජං ගහෙත්‍වා අබ‍්භන‍්තරං පවිසන‍්තො තාලුං ආහච‍්ච නිබ‍්බායති. එවං තාව අස‍්සාසපස‍්සාසා වෙදිතබ‍්බා.

එහි දීඝං වා අස්සසන්තො යනු, දිගුව හෝ ආශ්වාසය පවත්වනුයේයි, ආශ්වාස නම් පිටතට නික්මෙන වාතයයි, ප්‍රශ්වාස නම් ඇතුළට පිවිසෙන වාතයයි යනුවෙන් විනයට්ඨකථාවෙහි කියනලදි. සුත්තන්ත අට්ඨකථාවන්හි වනාහි මෙය උපිළිවෙළින් (අග මුල මාරුකොට) ආයේය. එහි මව්කුස හෝනා සියලු සත්ත්‍වයන් මව්කුසින් නික්මෙනවිට පළමුකොට ඇතුළන වාතය පිටතට නික්මෙයි, පසුව පිටත වාතය සියුම් දූවිලිද ගෙන ඇතුළට පිවිසෙමින් තල්ලෙහි හැපී නවතියි, මෙසේ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ පැවැත්ම දතයුතුය.

යා පන තෙසං දීඝරස‍්සතා, සා අද‍්ධානවසෙන වෙදිතබ‍්බා. යථා හි ඔකාසද‍්ධානං ඵරිත්‍වා ඨිතං උදකං වා වාලිකා වා “දීඝමුදකං දීඝා වාලිකා, රස‍්සමුදකං රස‍්සා වාලිකා”ති වුච‍්චති, එවං චුණ‍්ණවිචුණ‍්ණාපි අස‍්සාසපස‍්සාසා හත්‍ථිසරීරෙ ච අහිසරීරෙ ච තෙසං අත‍්තභාවසඞ‍්ඛාතං දීඝං අද‍්ධානං සණිකං පූරෙත්‍වා සණිකමෙව නික‍්ඛමන‍්ති. තස‍්මා දීඝාති වුච‍්චන‍්ති. සුනඛසසාදීනං අත‍්තභාවසඞ‍්ඛාතං රස‍්සං අද‍්ධානං සීඝං පූරෙත්‍වා සීඝමෙව නික‍්ඛමන‍්ති, තස‍්මා රස‍්සාති වුච‍්චන‍්ති. මනුස‍්සෙසු පන කෙචි හත්‍ථිඅහිආදයො විය කාලද‍්ධානවසෙන දීඝං අස‍්සසන‍්ති ච පස‍්සසන‍්ති ච. කෙචි සුනඛසසාදයො විය රස‍්සං, තස‍්මා තෙසං කාලවසෙන දීඝමද‍්ධානං නික‍්ඛමන‍්තා ච පවිසන‍්තා ච තෙ “දීඝා” ඉත‍්තරමද‍්ධානං නික‍්ඛමන‍්තා ච පවිසන‍්තා ච “රස‍්සා”ති වෙදිතබ‍්බා.

ඒ ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳ වූ යම් දිගුබවක් හෝ කෙටිබවක් වේද, එය කාලපරිමාණ හෝ අවකාශ පරිමාණ වශයෙන් දතයුතුය. යම්සේ අවකාශයක් පුරා සිටි ජලය හෝ වැල්ල ‘දික් ජලය’යි හෝ ‘දික් වැල්ල’යි ‘කෙටි ජලය’යි හෝ ‘කෙටි වැල්ල’යි කියනු ලැබේද එසේම කැඩී බිඳී ගියාවූද ආශ්වාස ප්‍රශ්වාසයෝ හස්ති ශරීරයෙහි හෝ සර්ප ශරීරයෙහි දීර්ඝ වූ අවකාශයන් වන එම ශරීරයන් සෙමින් පුරවා සෙමින්ම නික්මෙති, එහෙයින් දීර්ඝයයි කියනු ලැබෙති, ශුනක ශශ ආදීන්ගේ කෙටිවූ අවකාශ සහිත ශරීරයන් වහා පුරවා වහා නික්මෙති, එහෙයින් භ්‍රස්වයයි කියනු ලැබෙති. මිනිසුන් අතර වනාහි කිසිවෙක් හස්ති සර්ප ආදීන්ගේ මෙන් කාල පරිමාණ වශයෙන් දිගු ලෙස ආශ්වාස ප්‍රශ්වාස කෙරෙති, කිසිවෙක් ශුනක ශශ ආදීන් මෙන් කෙටිව ආශ්වාස ප්‍රශ්වාස කෙරෙති, එහෙයින් ඔවුන්ගේ කාල වශයෙන් දීර්ඝ කාලයක් නික්මෙන්නාවූද පිවිසෙන්නාවූද ආශ්වාස ප්‍රශ්වාසයන් දීර්ඝයයිද කෙටි කාලයක් නික්මෙන්නාවූද පිවිසෙන්නාවූද ආශ්වාස ප්‍රශ්වාසයන් භ්‍රස්වයයිද දතයුතුය.

තත්‍රායං භික‍්ඛු නවහාකාරෙහි දීඝං අස‍්සසන‍්තො පස‍්සසන‍්තො ච “දීඝං අස‍්සසාමි, පස‍්සසාමී”ති පජානාති. එවං පජානතො චස‍්ස එකෙනාකාරෙන කායානුපස‍්සනාසතිපට‍්ඨානභාවනා සම‍්පජ‍්ජතීති වෙදිතබ‍්බා. යථාහ පටිසම‍්භිදායං (පටි· ම· 1.166) –

එහි (එම ආශ්වාස ප්‍රශ්වාස විෂයෙහි) මේ භික්‍ෂු තෙමේ නව ආකාරයෙකින් දීර්ඝ ලෙස ආශ්වාස ප්‍රශ්වාස කරනුයේ දීර්ඝ ලෙස ආශ්වාස කරමි, ප්‍රශ්වාස කරමියි දනියි. මෙසේ දන්නාවූ ඔහුට එක් ආකාරයෙකින් කායානුපස්සනා සතිපට්ඨාන භාවනාව සිද්ධ වෙතැයි දතයුතුය. කියනලද මැයි පටිසම්භිදාවෙහි:

“කථං දීඝං අස‍්සසන‍්තො දීඝං අස‍්සසාමීති පජානාති. දීඝං පස‍්සසන‍්තො දීඝං පස‍්සසාමීති පජානාති. දීඝං අස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ අස‍්සසති. දීඝං පස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ පස‍්සසති. දීඝං අස‍්සාසපස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ අස‍්සසතිපි පස‍්සසතිපි. දීඝං අස‍්සාසපස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ අස‍්සසතොපි පස‍්සසතොපි ඡන්‍දො උප‍්පජ‍්ජති. ඡන්‍දවසෙන තතො සුඛුමතරං දීඝං අස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ අස‍්සසති. ඡන්‍දවසෙන තතො සුඛුමතරං දීඝං පස‍්සාසං…පෙ… දීඝං අස‍්සාසපස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ අස‍්සසතිපි පස‍්සසතිපි. ඡන්‍දවසෙන තතො සුඛුමතරං දීඝං අස‍්සාසපස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ අස‍්සසතොපි පස‍්සසතොපි පාමොජ‍්ජං උප‍්පජ‍්ජති. පාමොජ‍්ජවසෙන තතො සුඛුමතරං දීඝං අස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ අස‍්සසති. පාමොජ‍්ජවසෙන තතො සුඛුමතරං දීඝං පස‍්සාසං…පෙ… දීඝං අස‍්සාසපස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ අස‍්සසතිපි පස‍්සසතිපි. පාමොජ‍්ජවසෙන තතො සුඛුමතරං දීඝං අස‍්සාසපස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ අස‍්සසතොපි පස‍්සසතොපි දීඝං අස‍්සාසපස‍්සාසා චිත‍්තං විවත‍්තති, උපෙක‍්ඛා සණ‍්ඨාති. ඉමෙහි නවහි ආකාරෙහි දීඝං අස‍්සාසපස‍්සාසා කායො. උපට‍්ඨානං සති. අනුපස‍්සනා ඤාණං. කායො උපට‍්ඨානං, නො සති. සති උපට‍්ඨානඤ‍්චෙව සති ච. තාය සතියා තෙන ඤාණෙන තං කායං අනුපස‍්සති. තෙන වුච‍්චති කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානභාවනා”ති.

“කෙසේ දිගුලෙස ආශ්වාස කරන්නේ දිගුලෙස ආශ්වාස කරමියි දනීද? දිගුලෙස ප්‍රශ්වාස කරන්නේ දිගුලෙස ප්‍රශ්වාස කරමියි දනීද? දීර්ඝ වූ ආශ්වාසය දිගු කලක් ආශ්වාස කරයි, දීර්ඝ වූ ප්‍රශ්වාසය දිගු කලක් ප්‍රශ්වාස කරයි, දීර්ඝ වූ ආශ්වාස ප්‍රශ්වාසය දිගු කලක් ආශ්වාස ප්‍රශ්වාසද කරයි, දීර්ඝ වූ ආශ්වාස ප්‍රශ්වාසය දිගු කලක් ආශ්වාස හා ප්‍රශ්වාස කරන්නහුට (කුශල) ඡන්‍දය උපදියි, ඡන්‍ද වශයෙන් වඩාත් සියුම් ලෙස දීර්ඝ වූ ආවාසය දිගු කලක් ආශ්වාස කරයි, ඡන්‍ද වශයෙන් වඩාත් සියුම් ලෙස දීර්ඝ වූ ප්‍රශ්වාසය-පෙ-දීර්ඝ වූ ආශ්වාස ප්‍රශ්වාසය දිගු කලක් ආශ්වාස ද ප්‍රශ්වාස ද කරයි, ඡන්‍ද වශයෙන් වඩාත් සියුම් ලෙස දීර්ඝ වූ ආශ්වාස ප්‍රශ්වාසය දිගුකලක් ආශ්වාසද ප්‍රශ්වාසය කරන්නහුට ප්‍රමෝදය උපදියි, ප්‍රමෝද වශයෙන් එයට වඩා සියුම් ලෙස දීර්ඝ වූ ආශ්වාසය දිගුකලක් ආශ්වාස කරයි, ප්‍රමෝද වශයෙන් එයට වඩා සියුම් ලෙස දීර්ඝ වූ ප්‍රශ්වාසය-පෙ- දීර්ඝ වූ ආශ්වාස ප්‍රශ්වාසය දිගුකලක් ආශ්වාසද ප්‍රශ්වාසද කරයි, ප්‍රමෝද වශයෙන් එයට වඩා සියුම් ලෙස දීර්ඝ වූ ආශ්වාස ප්‍රශ්වාසය දිගු කලක් ආශ්වාසද ප්‍රශ්වාසද කරන්නහුට දිගු කල් පවත්නා ආශ්වාස ප්‍රශ්වාසයන් කෙරෙන් සිත වෙන් වේ, උපේක්‍ෂාව පිහිටයි. මේ නව ආකාරයෙන් දීර්ඝ පරිමාණ ආශ්වාස ප්‍රශ්වාසයෝ (සමූහාර්ත්‍ථයෙන්) කාය නම් වෙති. සිහිය (අරමුණ වෙත එළඹ සිටින හෙයින්) උපට්ඨාන නම් වේ, (නිමිත්ත අනුව) බැලීම ඥානයයි, කය (අරමුණු වශයෙන්) එළඹ සිටින්නේ උපට්ඨාන නම් වේ, එය කායසතිය නොවේ. ‘සති’ යනු ‘සිහිය’ යන අර්ත්‍ථයෙහිද, එළඹ සිටීම් අර්ත්‍ථයෙහිද වේ. ඒ සතියෙන්ද ඒ ඥානයෙන්ද, ඒ කය අනුව බලයි යනුයි. එහෙයින් කායානුපස්සනා සතිපට්ඨාන භාවනායයි කියනු ලැබේ.”

එස නයො රස‍්සපදෙපි. අයං පන විසෙසො, යථා එත්‍ථ “දීඝං අස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ”ති වුත‍්තං, එවමිධ “රස‍්සං අස‍්සාසං ඉත‍්තරසඞ‍්ඛාතෙ අස‍්සසතී”ති ආගතං. තස‍්මා රස‍්සවසෙන යාව “තෙන වුච‍්චති කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානභාවනා”ති, තාව යොජෙතබ‍්බං.

‘රස්ස’ යන පදය යෙදීමේදී ද, මෙම නයයි. මේ වනාහි විශේෂයයි: යම්සේ මෙහි “දීඝං අස්සාසං අද්ධානසඞ්ඛාතෙ”යි කියන ලදද, එසේම මෙහි “රස්සං අස්සාසං ඉත්තරසඛ්ඛාතෙ අස්සසති” යනුවෙන් පෙළ ආයේය. එහෙයින් එය අනුව “තෙන වුච්චති කායෙ කායානුපස්සනා සතිපට්ඨානභාවනා” යන්න දක්වා යෙදිය යුතුය.

එවං අයං අද‍්ධානවසෙන ඉත‍්තරවසෙන ච ඉමෙහාකාරෙහි අස‍්සාසපස‍්සාසෙ පජානන‍්තො දීඝං වා අස‍්සසන‍්තො දීඝං අස‍්සසාමීති පජානාති…පෙ… රස‍්සං වා පස‍්සසන‍්තො රස‍්සං පස‍්සසාමීති පජානාතීති වෙදිතබ‍්බො. එවං පජානතො චස‍්ස –

මෙසේ දීර්ඝ (කාල) පරිමාණ වශයෙන්ද, ස්වල්ප පරිමාණ වශයෙන්ද මේ ආකාරයෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් දන්නේ දීර්ඝ ලෙස ආශ්වාස කරනුයේ දීර්ඝ ලෙස ආශ්වාස කෙරෙමියි දනියි-පෙ-ස්වල්ප ලෙස ප්‍රශ්වාස කරනුයේ ස්වල්ප ලෙස ප්‍රශ්වාස කෙරෙමි’යි දනියි” යනුවෙන් දතයුතුය.

දීඝො රස‍්සො ච අස‍්සාසො, පස‍්සාසොපි ච තාදිසො; චත‍්තාරො වණ‍්ණා වත‍්තන‍්ති, නාසිකග‍්ගෙව භික‍්ඛුනොති. (පාරා· අට‍්ඨ· 2.165);

දීඝො රස්සො ච අස්සාසො පස්සාසො පි ච තාදිසො චත්තාරො වණ්ණා වත්තන්ති නාසිකග්ගෙ’ව භික්‍ඛුනො

ඒ භික්‍ෂූහුගේ නාසිකාග්‍රයෙහි (උඩු තොලෙහි හෝ) දීර්ඝවූද ස්වල්පවූ ද ආවාසය හා එසේම වූ ප්‍රශ්වාසයද යන සතර ආකාරය පවත්නේය.

සබ‍්බකායපටිසංවෙදී අස‍්සසිස‍්සාමි…පෙ… පස‍්සසිස‍්සාමීති සික‍්ඛතීති සකලස‍්ස අස‍්සාසකායස‍්ස ආදිමජ‍්ඣපරියොසානං විදිතං කරොන‍්තො පාකටං කරොන‍්තො අස‍්සසිස‍්සාමීති සික‍්ඛති. සකලස‍්ස පස‍්සාසකායස‍්ස ආදිමජ‍්ඣපරියොසානං විදිතං කරොන‍්තො පාකටං කරොන‍්තො පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. එවං විදිතං කරොන‍්තො පාකටං කරොන‍්තො ඤාණසම‍්පයුත‍්තචිත‍්තෙන අස‍්සසති චෙව පස‍්සසති ච. තස‍්මා “අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමී”ති සික‍්ඛතීති වුච‍්චති. එකස‍්ස හි භික‍්ඛුනො චුණ‍්ණවිචුණ‍්ණවිසටෙ අස‍්සාසකායෙ පස‍්සාසකායෙ වා ආදි පාකටො හොති, න මජ‍්ඣපරියොසානං. සො ආදිමෙව පරිග‍්ගහෙතුං සක‍්කොති, මජ‍්ඣපරියොසානෙ කිලමති. එකස‍්ස මජ‍්ඣං පාකටං හොති, න ආදිපරියොසානං. එකස‍්ස පරියොසානං පාකටං හොති, න ආදිමජ‍්ඣං. සො පරියොසානංයෙව පරිග‍්ගහෙතුං සක‍්කොති, ආදිමජ‍්ඣෙ කිලමති. එකස‍්ස සබ‍්බම‍්පි පාකටං හොති, සො සබ‍්බම‍්පි පරිග‍්ගහෙතුං සක‍්කොති, න කත්‍ථචි කිලමති, තාදිසෙන භවිතබ‍්බන‍්ති දස‍්සෙන‍්තො ආහ – “සබ‍්බකායපටිසංවෙදී අස‍්සසිස‍්සාමීති…පෙ… පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති.

සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමීති -පෙ- පස්සසිස්සාමීති සික්‍ඛති යනු, සියලු ආශ්වාසකාය (සමුහය) පිළිබඳ මුල මැද අග (යන තුන) දැනුවත් කරමින්, ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සියලු ප්‍රශ්වාසකාය පිළිබඳ මුල මැද අග දැනුවත් කරමින්, ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. මෙසේ දැනුවත් කරමින්, ප්‍රකට කරමින් ඥානසම්ප්‍රයුක්ත වූ සිතින් ආශ්වාස කරයි. ප්‍රශ්වාසද කරයි, එහෙයින් ආශ්වාස කරන්නෙමියි, ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේයයි කියනු ලැබේ. කිසියම් භික්‍ෂු කෙනකුට වනාහි කැඩී බිදී පැතුරුණු ආශ්වාස සමූහයෙහි හෝ ප්‍රශ්වාස සමූහයෙහි මුල ප්‍රකට වේ, මැද ප්‍රකට නොවේ, හේ තෙමේ මුල පමණක් අල්වාගනු සමත් වේ, මැද අග දෙතන්හි වෙහෙසට පත්වේ. අන් කෙනකුහට මැද ප්‍රකට වේ, මුල අග ප්‍රකට නොවේ, තවද කෙනකුහට අග පමණක් ප්‍රකට වේ, මුල මැද ප්‍රකට නොවේ, හේ තෙමේ අය පමණක් අල්වාගනු සමත් වේ, මුල මැද යන දෙතන්හි වෙහෙසට පත්වේ. තවද කෙනකුහට මුල මැද අග යන සියලු අවස්ථා ප්‍රකට වේ, හේ තෙමේ සියල්ලම අල්වා ගැනීමට සමත් වේ, කිසිම තැනෙක වෙහෙසට පත් නොවේ, එවැන්නකු විය යුතුයයි දක්වන්නාහු “සබ්බකායපටිසංවෙදී -පෙ-පස්සසිස්සාමීති සික්‍ඛති” යි කීහ.

තත්‍ථ සික‍්ඛතීති එවං ඝටති වායමති. යො වා තථාභූතස‍්ස සංවරො, අයමෙත්‍ථ අධිසීලසික‍්ඛා. යො තථාභූතස‍්ස සමාධි, අයං අධිචිත‍්තසික‍්ඛා. යා තථාභූතස‍්ස පඤ‍්ඤා, අයං අධිපඤ‍්ඤාසික‍්ඛාති ඉමා තිස‍්සො සික‍්ඛායො තස‍්මිං ආරම‍්මණෙ තාය සතියා තෙන මනසිකාරෙන සික‍්ඛති ආසෙවති භාවෙති බහුලීකරොතීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො.

එහි සික්‍ඛති යනු, මේ ආකාරයෙන් උත්සාහ කරයි, ප්‍රයත්න කරයි, එබන්ඳහුගේ යම් සංවරයෙක් වේද, එය මෙහි අධිශීල ශික්‍ෂායි, එබන්ඳහුගේ යම් සමාධියෙක් වේද, එය අධිචිත්ත ශික්‍ෂායි, එබන්ඳහුගේ යම් ප්‍රඥාවක් වේද, එය අධිප්‍රඥාශික්‍ෂායි. මේ ත්‍රිවිධ ශික්‍ෂාව එම අරමුණෙහි, ඒ සිහිය හේතුකොටගෙන, ඒ මෙනෙහි කිරීම හේතුකොටගෙන, පුහුණුවෙයි, සේවනය කරයි, වඩයි, පුරුදු කරයි යනුවෙන් මෙහි අර්ත්‍ථය දතයුතුය.

තත්‍ථ යස‍්මා පුරිමනයෙ කෙවලං අස‍්සසිතබ‍්බං පස‍්සසිතබ‍්බමෙව, න ච අඤ‍්ඤං කිඤ‍්චි කාතබ‍්බං. ඉතො පට‍්ඨාය පන ඤාණුප‍්පාදනාදීසු යොගො කරණීයො. තස‍්මා තත්‍ථ අස‍්සසාමීති පජානාති පස‍්සසාමීති පජානාතිච‍්චෙව වත‍්තමානකාලවසෙන පාළිං වත්‍වා ඉතො පට‍්ඨාය කත‍්තබ‍්බස‍්ස ඤාණුප‍්පාදනාදිනො ආකාරස‍්ස දස‍්සනත්‍ථං සබ‍්බකායපටිසංවෙදී අස‍්සසිස‍්සාමීතිආදිනා නයෙන අනාගතවචනවසෙන පාළි ආරොපිතාති වෙදිතබ‍්බා.

එහි යම්සේ පළමුනයෙහි හුදෙක් ආශ්වාස කටයුතුබව, ප්‍රශ්වාස කටයුතුබව වේද, එහෙයින් අන් කිසිවක් නොකළ යුතුය. මෙතන් පටන් වනාහි ඥානොත්පාදනාදියෙහි යෝග කටයුතුය. එහෙයින් එහිදී ‘පස්සසාමීති පජානාති පස්සසාමීති පජානාති’ යනුවෙන් වර්තමානකාල වශයෙන් පෙළ කියා මෙතැන් පටන් කළයුතු ඥානොත්පාදනාදිය පිළිබද ආකාරය දක්වනු පිණිස ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමීති’ ආදී නයින් අනාගත කාලික වචන වශයෙන් පෙළ යොදන ලදැයි දතයුතුය.

පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමීති…පෙ… පස‍්සසිස‍්සාමීති සික‍්ඛතීති ඔළාරිකං කායසඞ‍්ඛාරං පස‍්සම‍්භෙන‍්තො පටිප‍්පස‍්සම‍්භෙන‍්තො නිරොධෙන‍්තො වූපසමෙන‍්තො අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. තත්‍ර එවං ඔළාරිකසුඛුමතා ච පස‍්සද‍්ධි ච වෙදිතබ‍්බා. ඉමස‍්ස හි භික‍්ඛුනො පුබ‍්බෙ අපරිග‍්ගහිතකාලෙ කායො ච චිත‍්තඤ‍්ච සදරථා හොන‍්ති ඔළාරිකා. කායචිත‍්තානං ඔළාරිකත‍්තෙ අවූපසන‍්තෙ අස‍්සාසපස‍්සාසාපි ඔළාරිකා හොන‍්ති, බලවතරා හුත්‍වා පවත‍්තන‍්ති, නාසිකා නප‍්පහොති, මුඛෙන අස‍්සසන‍්තොපි පස‍්සසන‍්තොපි තිට‍්ඨති. යදා පනස‍්ස කායොපි චිත‍්තම‍්පි පරිග‍්ගහිතා හොන‍්ති, තදා තෙ සන‍්තා හොන‍්ති වූපසන‍්තා. තෙසු වූපසන‍්තෙසු අස‍්සාසපස‍්සාසා සුඛුමා හුත්‍වා පවත‍්තන‍්ති, “අත්‍ථි නු ඛො නත්‍ථී”ති විචෙතබ‍්බතාකාරප‍්පත‍්තා හොන‍්ති.

පස්සම්හයං කායසංඛාරං අස්සසිස්සාමි-පෙ-පස්සසිස්සාමීති සික්‍ඛති යනු, ඔළාරිකවූ කායසංඛාරය සංසිඳුවමින්, වෙසෙසින් සංසිඳුවමින්, පහ කරමින්, ශමනය කරමින් ආශ්වාස කරන්නෙමි, ප්‍රශ්වාසද කරන්නෙමියි හික්මෙයි. එහිලා ඔළාරිකබව හා සියුම්බවද, සංසිඳුවීමද මෙසේ දතයුතුය. මේ භික්‍ෂූහුගේ වනාහි පෙර (ආනාපානසති භාවනාව) නොඇරඹි කල්හි කයද, සිතද පරිදාහසහිත වේ, ඔළාරිකද වේ. කයසිත යන දෙක්හි ඔළාරිකබව නොසන්සිඳි කල්හි ආශ්වාස ප්‍රශ්වාසයෝද ඔළාරික වෙති, බලවත්ව පවතිති, නාසය නොසෑහේ, මුඛයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස කෙරෙමින් සිටියි. යම් කලෙක ඔහුගේ කයද සිතද (භාවනාව විසින්) ගන්නා ලද්දේ වේද, එකල ඒ කයසිත දෙක සන්සිඳියේ වේ, ශමනය කරන ලද්දේ ද වේ. කයසිත දෙක ශමනය කරන ලද කල්හි ආශ්වාස ප්‍රශ්වාසයෝ සියුම්ව පවතින්, ‘ඇත්දෝ නැත්දෝ’යි විමසිය යුතු බවට පත්වෙති.

සෙය්‍යථාපි පුරිසස‍්ස ධාවිත්‍වා, පබ‍්බතා වා ඔරොහිත්‍වා, මහාභාරං වා සීසතො ඔරොපෙත්‍වා ඨිතස‍්ස ඔළාරිකා අස‍්සාසපස‍්සාසා හොන‍්ති, නාසිකා නප‍්පහොති, මුඛෙන අස‍්සසන‍්තොපි පස‍්සසන‍්තොපි තිට‍්ඨති. යදා පනෙස තං පරිස‍්සමං විනොදෙත්‍වා න‍්හත්‍වා ච පිවිත්‍වා ච අල‍්ලසාටකං හදයෙ කත්‍වා සීතාය ඡායාය නිපන‍්නො හොති, අථස‍්ස තෙ අස‍්සාසපස‍්සාසා සුඛුමා හොන‍්ති “අත්‍ථි නු ඛො නත්‍ථී”ති විචෙතබ‍්බතාකාරප‍්පත‍්තා, එවමෙව ඉමස‍්ස භික‍්ඛුනො පුබ‍්බෙ අපරිග‍්ගහිතකාලෙ කායො ච…පෙ… විචෙතබ‍්බතාකාරප‍්පත‍්තා හොන‍්ති. තං කිස‍්ස හෙතු? තථා හිස‍්ස පුබ‍්බෙ අපරිග‍්ගහිතකාලෙ “ඔළාරිකොළාරිකෙ කායසඞ‍්ඛාරෙ පස‍්සම‍්භෙමී”ති ආභොගසමන‍්නාහාරමනසිකාරපච‍්චවෙක‍්ඛණා නත්‍ථි, පරිග‍්ගහිතකාලෙ පන අත්‍ථි. තෙනස‍්ස අපරිග‍්ගහිතකාලතො පරිග‍්ගහිතකාලෙ කායසඞ‍්ඛාරො සුඛුමො හොති. තෙනාහු පොරාණා –

යම්සේ දුවගොස් හෝ පර්වතයෙකින් බැස හෝ හිසින් ගත් මහ බරක් බහා තබා හෝ සිටි පුරුෂයකුගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ ඔළාරික වෙත්ද, නහය නොපොහොනේ මුඛයෙන් ආශ්වාසද ප්‍රශ්වාසද කෙරෙමින් සිටීද, නැවත හේ තෙමේ එම විඩාව දුරුකොට නහා පැන් බී තෙත් රෙදිකඩක් ළෙහි රදවාගෙන සිහිල් සෙවණෙක හොත්තේ වේද, එකල එම ආශ්වාස ප්‍රශ්වාසයෝ සියුම් වෙත්ද, ‘ඇත්දෝ නැත්දෝ හෝයි’ විමසිය යුතු බවට යෙත්ද, එසේම මේ භික්‍ෂූහුගේ කය සිත දෙක පෙර (භාවනාව විසින්) නොගන්නාලද කල්හි -පෙ-විමසිය යුතු බවට පත්වෙති. කවර හෙයින්ද යත්, එසේ මැයි. පෙර (භාවනාව විසින්) නොගන්නාලද කල්හි ඔහුට ඔළාරික ඔළාරිකවූ කාය සංඛාරයන් සන්සිඳුවෙමි’යි යන ආවර්ජනයක්, කල්පනයක්, මනස්කාරයක්, ප්‍රත්‍යවෙක්‍ෂණයක් නැත, (භාවනාව විසින්) ගන්නා ලද කල්හි ඇත. එහෙයින් (භාවනාව විසින්) නොගන්නාලද කලට වඩා ගන්නා ලද කල්හි ඔහුගේ කායසංඛාරය සියුම් වේ. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:

“සාරද‍්ධෙ කායෙ චිත‍්තෙ ච, අධිමත‍්තං පවත‍්තති; අසාරද‍්ධම‍්හි කායම‍්හි, සුඛුමං සම‍්පවත‍්තතී”ති. (පාරා· අට‍්ඨ· 2.165);

සාරද්ධෙ කායෙ චිත්තෙ ච අධිමත්තං පවත්තති, අසාරද්ධම්හි කායම්හි සුඛුමං සම්පවත්තතීති.

කයද සිතද පරිදාහ සහිත වූ කල්හි අධිමාත්‍රව (ඔළාරිකව) පවතී, පරිදාහ රහිතවූ කල්හි (කායසංඛාරය) සියුම්ව පවතී.

පරිග‍්ගහෙපි ඔළාරිකො, පඨමජ‍්ඣානුපචාරෙ සුඛුමො. තස‍්මිම‍්පි ඔළාරිකො, පඨමජ‍්ඣානෙ සුඛුමො. පඨමජ‍්ඣානෙ ච දුතියජ‍්ඣානුපචාරෙ ච ඔළාරිකො, දුතියජ‍්ඣානෙ සුඛුමො. දුතියජ‍්ඣානෙ ච තතියජ‍්ඣානුපචාරෙ ච ඔළාරිකො, තතියජ‍්ඣානෙ සුඛුමො. තතියජ‍්ඣානෙ ච චතුත්‍ථජ‍්ඣානුපචාරෙ ච ඔළාරිකො, චතුත්‍ථජ‍්ඣානෙ අතිසුඛුමො අප‍්පවත‍්තිමෙව පාපුණාතීති. ඉදං තාව දීඝභාණකසංයුත‍්තභාණකානං මතං.

පරිගෘහීත (භාවනාව විසින් ගන්නා ලද) කල්හිදු ඔළාරිකව පවත්නේය. ප්‍රථමධ්‍යාන උපචාරයෙහිදී සියුම් වේ, එහිද ඔළාරිකව පවත්නේ ප්‍රථමධ්‍යානයෙහිදී සියුම් වේ, ප්‍රථම ධ්‍යානයෙහිද ද්විතීය ධ්‍යාන උපචාරයෙහිද ඔළාරිකව පවත්නේ ද්විතීය ධ්‍යානයෙහිදී සියුම් වේ, ද්විතීයධ්‍යානයෙහිද තෘතීයධ්‍යාන උපචාරයෙහිද ඔළාරිකව පවත්නේ තෘතිය ධ්‍යානයෙහිදී සියුම් වේ, තෘතීය ධ්‍යානයෙහිද චතුර්ත්‍ථ ධ්‍යාන උපචාරයෙහිද ඔළාරිකව පවත්නේ චතුර්ත්‍ථ ධ්‍යානයෙහිදී ඉතා සියුම්ව නොපවත්නාබවට පැමිණේ. මේ වනාහි දීඝභාණකසංයුත්ත භාණකයන්ගේ මතයයි.

මජ‍්ඣිමභාණකා පන පඨමජ‍්ඣානෙ ඔළාරිකො, දුතියජ‍්ඣානුපචාරෙ සුඛුමොති එවං හෙට‍්ඨිමහෙට‍්ඨිමජ‍්ඣානතො උපරූපරිජ‍්ඣානුපචාරෙපි සුඛුමතරමිච‍්ඡන‍්ති. සබ‍්බෙසඤ‍්ඤෙව පන මතෙන අපරිග‍්ගහිතකාලෙ පවත‍්තකායසඞ‍්ඛාරො පරිග‍්ගහිතකාලෙ පටිප‍්පස‍්සම‍්භති. පරිග‍්ගහිතකාලෙ පවත‍්තකායසඞ‍්ඛාරො පඨමජ‍්ඣානුපචාරෙ…පෙ… චතුත්‍ථජ‍්ඣානුපචාරෙ පවත‍්තකායසඞ‍්ඛාරො චතුත්‍ථජ‍්ඣානෙ පටිප‍්පස‍්සම‍්භති. අයං තාව සමථෙ නයො.

මජ්ඣිම භාණකයෝ වනාහි ප්‍රථම ධ්‍යානයෙහි ඔළාරික වූයේ ද්විතීය ධ්‍යාන උපචාරයෙහිදී සියුම් වේ යනුවෙන් මෙසේ අවම අවම වූ ධ්‍යානයෙහි පවත්නා තරමට වඩා උපරිම උපරිම ධ්‍යාන උපචාරයෙහිදී ද සියුම්බව කැමැති වෙති. සියල්ලන්ගේම මතයට අනුව අපරිගෘහීත (භාවනාව විසින් නොගන්නාලද) කාලයෙහි පවත්නා කායසංඛාරය පරිගෘහිත කාලයෙහි සන්සිඳෙයි, පරිගෘහිත කාලයෙහි පැවති කාය සංඛාරය ප්‍රථමධ්‍යාන උපචාරයෙහිදී -පෙ-චතුර්ත්‍ථධ්‍යන උපචාරයෙහි පැවති කායසංඛාරය චතුර්ත්‍ථ ධ්‍යානයෙහිදී සන්සිඳෙයි. මේ වනාහි සමථභාවනා නයයි.

විපස‍්සනායං පන අපරිග‍්ගහෙ පවත‍්තො කායසඞ‍්ඛාරො ඔළාරිකො, මහාභූතපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, උපාදාරූපපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, සකලරූපපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, අරූපපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, රූපාරූපපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, පච‍්චයපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, සප‍්පච‍්චයනාමරූපපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, ලක‍්ඛණාරම‍්මණිකවිපස‍්සනාය සුඛුමො. සොපි දුබ‍්බලවිපස‍්සනාය ඔළාරිකො, බලවවිපස‍්සනාය සුඛුමො. තත්‍ථ පුබ‍්බෙ වුත‍්තනයෙනෙව පුරිමස‍්ස පුරිමස‍්ස පච‍්ඡිමෙන පච‍්ඡිමෙන පටිප‍්පස‍්සද‍්ධි වෙදිතබ‍්බා. එවමෙත්‍ථ ඔළාරිකසුඛුමතා ච පස‍්සද‍්ධි ච වෙදිතබ‍්බා.

විදර්ශනාවෙහි වනාහි: පරිග්‍රහ නොකළ කල්හි පැවති කායසංඛාරය ඔළාරික වේ, මහාභූතයන් පරිග්‍රහ කළ කල්හි සියුම් වේ, එයද ඔළාරිකවූයේ උපාදාරූප පරිග්‍රහ කළ කල්හි සියුම් වේ, එයද ඔළාරිකවූයේ සකලරූප පරිග්‍රහ කළ කල්හි සියුම් වේ, එයද ඔළාරික වූයේ අරූප පරිග්‍රහ කළ කල්හි සියුම් වේ, එයද ඔළාරිකවූයේ රූපාරූප පරිග්‍රහ කළ කල්හි සියුම් වේ, එයද ඔළාරිකවූයේ ප්‍රත්‍යයයන් පරිග්‍රහ කළ කල්හි සියුම් වේ, එයද ඔළාරික වුයේ ප්‍රත්‍යය සහිත නාමරූපයන් පරිග්‍රහ කළ කල්හි සියුම් වේ, එයද ඔළාරිකවූයේ ත්‍රිලක්‍ෂණයන් අරමුණු කොට ඇති විදර්ශනාවෙහිදී සියුම් වේ, එයද දුර්වල විදර්ශනාවෙහි ඔළාරික වූයේ බලවත් විදර්ශනාවෙහිදී සියුම් වේ. එහි පෙර කී නයින්ම පළමු පළමු කී දෙය පසු පසුව කී දෙයින් ශමනය වෙතැ’යි දතයුතුය. මෙහි ඔළාරිකබව හා සියුම්බවද, ශමනයද මෙසේ දතයුතුය.

පටිසම‍්භිදායං (පටි· ම· 1.171) පනස‍්ස සද‍්ධිං චොදනාසොධනාහි එවමත්‍ථො වුත‍්තො –

පටිසම්භිදාවෙහි වනාහි චෝදනා පරිහාර සහිතව මේ කාරණය කියන ලද්දේය.

“කථං පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමි…පෙ… පස‍්සසිස‍්සාමීති සික‍්ඛති? කතමෙ කායසඞ‍්ඛාරා? දීඝං අස‍්සාසපස‍්සාසා කායිකා එතෙ ධම‍්මා කායපටිබද‍්ධා කායසඞ‍්ඛාරා. තෙ කායසඞ‍්ඛාරෙ පස‍්සම‍්භෙන‍්තො නිරොධෙන‍්තො වූපසමෙන‍්තො සික‍්ඛති…පෙ… යථාරූපෙහි කායසඞ‍්ඛාරෙහි කායස‍්ස ආනමනා, විනමනා, සන‍්නමනා, පණමනා, ඉඤ‍්ජනා, ඵන්‍දනා, චලනා, කම‍්පනා පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. යථාරූපෙහි කායසඞ‍්ඛාරෙහි කායස‍්ස න ආනමනා, න විනමනා, න සන‍්නමනා, න පණමනා, අනිඤ‍්ජනා, අඵන්‍දනා, අචලනා, අකම‍්පනා සන‍්තං සුඛුමං පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛති.

කෙසේදයත්, කායසංඛාරය, සන්සිඳුවමින් ආශ්වාස කෙරෙමි’යි -පෙ-ප්‍රශ්වාස කෙරෙමි’යි හික්මෙයි. කායසංස්කාරයෝ නම් කවරහුද? දීර්ඝවූ ආශ්වාස ප්‍රශ්වාසයෝය, කායික වූ කය හා බැඳී සිටියාවූ මේ ධර්මයෝ කායසංඛාර නම් වෙති, ඒ කායසංඛාරයන් සන්සිඳුවමින්, පහ කෙරෙමින් ශමනය කෙරෙමින් හික්මෙයි. යම්බඳු කායසංඛාරයන් හේතුකොටගෙන කය ඉදිරි පසට නැමීම, දෙපසට නැමීම, සියලු පසට නැමීම, පසු පසට නැමීම, කැළඹීමට පත්වීම, පණ ගැසීම, වංචල වීම, කම්පාවීම වේද, එබඳු ඔළාරික වූ කාය සංඛාරයන් සන්සිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි, අවාස කරන්නෙමියි හික්මෙයි. යම්බඳු කායසංඛාරයන් හේතුකොටගෙන කය ඉදිරියට නොනැමීම, දෙපසට නොනැමීම, සියලු අතට නොනැමීම, පසුපසට නොනැමීම, නොකැළඹීම, නොගැසීම, වංචලනොවීම, කම්පා නොවීම සිදුවේද, එබඳු ශාන්ත වූ සියුම්වූ කායසංඛාරයන්ද සන්සිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි, ප්‍රශ්වාසද කරන්නෙමියි හික්මෙයි.

“ඉති කිර පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමීති සික‍්ඛති. පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. එවං සන‍්තෙ වාතූපලද‍්ධියා ච පභාවනා න හොති. අස‍්සාසපස‍්සාසානඤ‍්ච පභාවනා න හොති. ආනාපානස‍්සතියා ච පභාවනා න හොති, ආනාපානස‍්සතිසමාධිස‍්ස ච පභාවනා න හොති, න ච නං තං සමාපත‍්තිං පණ‍්ඩිතා සමාපජ‍්ජන‍්තිපි වුට‍්ඨහන‍්තිපි.

ඉදින් කායසංඛාරයන් සන්සිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ නම්, එසේ කායසංඛාරයන් සන්සිඳවූ කල්හි, ආශ්වාස ආදී වාතයන්ගේ පැවැත්මක් නොවේ, ආශ්වාස ප්‍රශ්වාසන්ගේ පැවැත්මක් සිදුනොවේ, ආනාපානසතියෙහි පැවැත්මක් නොවේ, ආනාපානසති සමාධියෙහි පැවැත්මක් නොවේ. පණ්ඩිත ජනයා සමවදින නැඟී සිටින එම සමාපත්තියද නොවේ.

“ඉති කිර පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. එවං සන‍්තෙ වාතූපලද‍්ධියා ච පභාවනා හොති, අස‍්සාසපස‍්සාසානඤ‍්ච පභාවනා හොති, ආනාපානස‍්සතියා ච පභාවනා හොති, ආනාපානස‍්සතිසමාධිස‍්ස ච පභාවනා හොති, තඤ‍්ච නං සමාපත‍්තිං පණ‍්ඩිතා සමාපජ‍්ජන‍්තිපි වුට‍්ඨහන‍්තිපි. යථා කථං විය?

ඉදින් ඔළාරික වූ කායසංඛාරය සන්සිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ නම්, එසේවූ කල්හි (ඔළාරික වූ කායසංඛාරය සන්සිඳවූ කල්හි) ආශ්වාසාදී වාතයන්ගේ පැවැත්මද වේ, ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ පැවැත්මද වේ. ආනාපානසතියෙහි පැවැත්මද වේ, ආනාපානසති සමාධියෙහි පැවැත්මද වේ, පණ්ඩිත ජනයා සමවදින නැඟී සිටින එම සමාපත්තියද වේ. කුමක් මෙන්ද යත්?

“සෙය්‍යථාපි කංසෙ ආකොටිතෙ පඨමං ඔළාරිකා සද‍්දා පවත‍්තන‍්ති. ඔළාරිකානං සද‍්දානං නිමිත‍්තං සුගහිතත‍්තා සුමනසිකතත‍්තා සූපධාරිතත‍්තා නිරුද‍්ධෙපි ඔළාරිකෙ සද‍්දෙ අථ පච‍්ඡා සුඛුමකා සද‍්දා පවත‍්තන‍්ති. සුඛුමකානං සද‍්දානං නිමිත‍්තං සුග‍්ගහිතත‍්තා සුමනසිකතත‍්තා සූපධාරිතත‍්තා නිරුද‍්ධෙපි සුඛුමකෙ සද‍්දෙ අථ පච‍්ඡා සුඛුමසද‍්දනිමිත‍්තාරම‍්මණතාපි චිත‍්තං පවත‍්තති, එවමෙව පඨමං ඔළාරිකා අස‍්සාසපස‍්සාසා පවත‍්තන‍්ති. ඔළාරිකානං අස‍්සාසපස‍්සාසානං නිමිත‍්තං සුග‍්ගහිතත‍්තා සුමනසිකතත‍්තා සූපධාරිතත‍්තා නිරුද‍්ධෙපි ඔළාරිකෙ අස‍්සාසපස‍්සාසෙ අථ පච‍්ඡා සුඛුමකා අස‍්සාසපස‍්සාසා පවත‍්තන‍්ති. සුඛුමකානං අස‍්සාසපස‍්සාසානං නිමිත‍්තං සුග‍්ගහිතත‍්තා සුමනසිකතත‍්තා සූපධාරිතත‍්තා නිරුද‍්ධෙපි සුඛුමකෙ අස‍්සාසපස‍්සාසෙ අථ පච‍්ඡා සුඛුමඅස‍්සාසපස‍්සාසනිමිත‍්තාරම‍්මණතාපි චිත‍්තං න වික‍්ඛෙපං ගච‍්ඡති.

යම්සේ ලොහො තලියකට ගැසූ කල පළමුවෙන් ඔළාරික ශබ්දයෝ නිකුත් වෙති, එම ඔළාරික ශබ්දයන් පිළිබඳ නිමිති මනාකොට ගන්නාලද හෙයින්, මනාකොට සිත තුළ පිහිටි හෙයින් මනාකොට දරා ගන්නා ලද හෙයින් එම ඔළාරික ශබ්දය ඉකුත්ව ගිය කල්හිද, ඉන් පසු සියුම් ශබ්දයෝ පවතිත්ද, සියුම් ශබ්දයන්ගේද නිමිති මනාකොට ගන්නාලද හෙයින්, මනාකොට සිත තුළ පිහිටි හෙයින්, මනාකොට දරාගන්නාලද හෙයින් එම සියුම් ශබ්දයන් ඉකුත්ව ගිය කල්හිදු, ඉන් පසු එම සියුම් ශබ්දයන් පිළිබඳ නිමිත්තෙහි අරමුණුගත් සිත පවත්නේය, එසේම පළමුකොට ඔළාරික වූ ආශ්වාස ප්‍රශ්වාසයෝ පවතිත්ද, එම ඔළාරික ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳ නිමිත්ත මනාකොට ගන්නාලද හෙයින්, මනාකොට සිත තුළ පිහිටුවා ගන්නාලද හෙයින් ඔළාරික ආශ්වාස ප්‍රශ්වාසයන් ඉකුත්ව ගිය කල්හිදු, ඉක්බිති සියුම් ආශ්වාස ප්‍රශ්වාසයෝ පවතිත්ද, එම සියුම් ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳ නිමිති මනාකොට ගන්නා ලද හෙයින් මනාකොට සිත තුළ පිහිටුවා ගන්නාලද හෙයින්, මනාකොට සිත්හි දරාගන්නාලද හෙයින් එම සියුම් ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳ නිමිත්ත අරමුණු කොටගත් සිත වික්ෂෙපයට නොයෙයි.

“එවං සන‍්තෙ වාතූපලද‍්ධියා ච පභාවනා හොති, අස‍්සාසපස‍්සාසානඤ‍්ච පභාවනා හොති, ආනාපානස‍්සතියා ච පභාවනා හොති, ආනාපානස‍්සතිසමාධිස‍්ස ච පභාවනා හොති, තඤ‍්ච නං සමාපත‍්තිං පණ‍්ඩිතා සමාපජ‍්ජන‍්තිපි වුට‍්ඨහන‍්තිපි. පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සාසපස‍්සාසා කායො, උපට‍්ඨානං සති, අනුපස‍්සනා ඤාණං, කායො උපට‍්ඨානං, නො සති, සති උපට‍්ඨානඤ‍්චෙව සති ච, තාය සතියා තෙන ඤාණෙන තං කායං අනුපස‍්සති. තෙන වුච‍්චති කායෙ කායානුපස‍්සනා සතිපට‍්ඨානභාවනා”ති.

එසේවූ කල්හි ආශ්වාසාදී වාතයන්ගේ පැවැත්මද වේ, ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ පැවැත්මද වේ, ආනාපානසතියෙහි පැවැත්මද වේ. ආනාපානසති සමාධියෙහි පැවැත්මද වේ, පණ්ඩිත ජනයා සමවදින නැගී සිටින එම සමාපත්තියද වේ. ‘පස්සමහ්යං කායසංඛාරං’ යන මෙහි ආශ්වාස ප්‍රශ්වාසයෝ කාය නම් වෙති, එළඹවීම සති නමි, අනුව බැලීම ඤාණ නමි, කය යනු උපට්ඨාන හෙවත් එළඹ සිටීමයි. එහෙත් එය සතිය නොවේ, සති යනු එළඹ සිටීම මෙන්ම සිහියද වේ. ඒ සිහිය හේතුකොටගෙන ඒ ඥානය හේතුකොටගෙන එම කය අනුව බලයි. එහෙයින් කය පිළිබඳ වූ කායානුපස්සනා සතිපට්ඨාන භාවනායයි කියනලදි.

අයං තාවෙත්‍ථ කායානුපස‍්සනාවසෙන වුත‍්තස‍්ස පඨමචතුක‍්කස‍්ස අනුපුබ‍්බපදවණ‍්ණනා.

මේ වනාහි මෙහි කායානුපස්සනා වශයෙන් කියන ලද ප්‍රථම චතුෂ්කය පිළිබඳව පිළිවෙළින් කරනලද පදවර්ණනාවයි.

යස‍්මා පනෙත්‍ථ ඉදමෙව චතුක‍්කං ආදිකම‍්මිකස‍්ස කම‍්මට‍්ඨානවසෙන වුත‍්තං. ඉතරානි පන තීණි චතුක‍්කානි එත්‍ථ පත‍්තජ‍්ඣානස‍්ස වෙදනාචිත‍්තධම‍්මානුපස‍්සනාවසෙන වුත‍්තානි. තස‍්මා ඉදං කම‍්මට‍්ඨානං භාවෙත්‍වා ආනාපානචතුත්‍ථජ‍්ඣානපදට‍්ඨානාය විපස‍්සනාය සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිතුකාමෙන ආදිකම‍්මිකෙන කුලපුත‍්තෙන පුබ‍්බෙ වුත‍්තනයෙනෙව සීලපරිසොධනාදීනි සබ‍්බකිච‍්චානි කත්‍වා වුත‍්තප‍්පකාරස‍්ස ආචරියස‍්ස සන‍්තිකෙ පඤ‍්චසන්‍ධිකං කම‍්මට‍්ඨානං උග‍්ගහෙතබ‍්බං.

යම්හෙයකින් වනාහි මෙහි මේ චතුෂ්කයම ආධුනික යෝගාවචරයාහට කර්මස්ථාන වශයෙන් කියන ලද්දේවේද, ඉතිරි චතුෂ්ක තුන මේ ප්‍රථම චතුෂ්කයෙහිදී ධ්‍යානයට පත්වූවාහු උදෙසා වෙදනා-චිත්ත-ධම්මානුපස්සනා වශයෙන් කියනලද්දාහු වෙත්ද, එහෙයින් මේ කර්මස්ථානය වඩා ආනාපාන චතුර්ත්‍ථ ධ්‍යානය පාදක කොටගත් විදර්ශනාවෙන් පිළිසිඹියා සහිත රහත්බවට පැමිණෙනු කැමැති ආධුනික කුලපුත්‍රයා විසින් පෙර කී නයින්ම, සිල් පිරිසුදු කිරීම් ආදී සියලු කාර්යයන් කොට පෙර කියන ලද ප්‍රකාර ඇති ආචාර්යවරයකු සමීපයෙහි සන්‍ධි පසක් ඇති කර්මස්ථානය උගතයුතුය.

තත්‍රිමෙ පඤ‍්ච සන්‍ධයො උග‍්ගහො, පරිපුච‍්ඡා, උපට‍්ඨානං, අප‍්පනා, ලක‍්ඛණන‍්ති. තත්‍ථ උග‍්ගහො නාම කම‍්මට‍්ඨානස‍්ස උග‍්ගණ‍්හනං. පරිපුච‍්ඡා නාම කම‍්මට‍්ඨානස‍්ස පරිපුච‍්ඡනා. උපට‍්ඨානං නාම කම‍්මට‍්ඨානස‍්ස උපට‍්ඨානං. අප‍්පනා නාම කම‍්මට‍්ඨානස‍්ස අප‍්පනා. ලක‍්ඛණං නාම කම‍්මට‍්ඨානස‍්ස ලක‍්ඛණං. “එවංලක‍්ඛණමිදං කම‍්මට‍්ඨාන”න‍්ති කම‍්මට‍්ඨානසභාවූපධාරණන‍්ති වුත‍්තං හොති.

එහි සන්‍ධි පස නම්: උග්ගහය, පරිපුච්ඡාය, උපට්ඨානය, අප්පනාය, ලක්‍ඛණය යන මොහුය. එහි, උග්ගහ නම් කර්මස්ථානය ඉගෙනීමයි. පරිපුච්ඡා නම් කර්මස්ථානය පිළිබඳවූ කරුණු විමසීම නොහොත්, සැක තැන් විමසීමයි. උපට්ඨාන නම් කර්මස්ථානය වටහා ගැනීමයි, අප්පනා යනු කර්මස්ථානය පිළිබඳ අර්පණායි. ලක්ඛණ නම් කමටහන් පිළිබඳ ලක්‍ෂණයි. මේ ආකාර ලක්‍ෂණ සහිත කර්මස්ථානයයි. කර්මස්ථානය පිළිබඳ ස්වභාවය උපධාරණය (සැලකිල්ලට ගැනීම) යයි කී නියාය.

එවං පඤ‍්චසන්‍ධිකං කම‍්මට‍්ඨානං උග‍්ගණ‍්හන‍්තො අත‍්තනාපි න කිලමති, ආචරියම‍්පි න විහෙසෙති. තස‍්මා ථොකං උද‍්දිසාපෙත්‍වා බහුකාලං සජ‍්ඣායිත්‍වා එවං පඤ‍්චසන්‍ධිකං කම‍්මට‍්ඨානං උග‍්ගහෙත්‍වා ආචරියස‍්ස සන‍්තිකෙ වා අඤ‍්ඤත්‍ර වා පුබ‍්බෙ වුත‍්තප‍්පකාරෙ සෙනාසනෙ වසන‍්තෙන උපච‍්ඡින‍්නඛුද‍්දකපලිබොධෙන කතභත‍්තකිච‍්චෙන භත‍්තසම‍්මදං පටිවිනොදෙත්‍වා සුඛනිසින‍්නෙන රතනත‍්තයගුණානුස‍්සරණෙන චිත‍්තං සම‍්පහංසෙත්‍වා ආචරියුග‍්ගහතො එකපදම‍්පි අසම‍්මුය‍්හන‍්තෙන ඉදං ආනාපානස‍්සතිකම‍්මට‍්ඨානං මනසි කාතබ‍්බං. තත්‍රායං මනසිකාරවිධි –

මෙසේ සන්‍ධි පසක් සහිත කර්මස්ථානය උගන්නාවිට තමන්ද වෙහෙසට පත්නොවේ, ආචාර්යවරයාද වෙහෙසට පත් නොකරවයි. එහෙයින් මඳක් කියවාගෙන බොහෝ කලක් හදාරා, මේ ආකාරයෙන් සන්‍ධි පසක් ඇති මේ කමටහන උගෙන ආචාර්යවරයා සමීපයෙහි හෝ පෙර කී ප්‍රකාර ඇති අන් සෙනස්නෙක හෝ වෙසෙමින් සුලු පලිබෝධයන් සිඳලා, බත්කිස නිමවීමෙන් පසු, බත්මත දුරලා සුවසේ හිඳගෙන රත්නත්‍රය ගුණ සිහිකිරීමෙන් සිත් පහන් කොටගෙන ආචාර්යවරයාගෙන් උගත් එක් පදයක් හෝ අමතක නොකොට මේ ආනාපානසති කර්මස්ථානය මෙනෙහි කළ යුතුය. එහි මෙනෙහි කිරීමේ පිළිවෙළ මෙසේයි:

ගණනා අනුබන්‍ධනා, ඵුසනා ඨපනා සල‍්ලක‍්ඛණා; විවට‍්ටනා පාරිසුද‍්ධි, තෙසඤ‍්ච පටිපස‍්සනාති.

ගණනා අනුබන්‍ධනා එුසනා ඨපනා සල්ලක්‍ඛණා විවට්ටනා පාරිසුද්ධි තෙසඤ්ච පටිපස්සනා.

ගණනය, අනුබන්‍ධනාය, ඵුසනාය, ඨපනාය, සල්ලක්ඛණය, විවට්ටනාය, පාරිසුද්ධිය, පටිපස්සනාය යන මේය.

තත්‍ථ ගණනාති ගණනායෙව. අනුබන්‍ධනාති අනුවහනා. ඵුසනාති ඵුට‍්ඨට‍්ඨානං. ඨපනාති අප‍්පනා. සල‍්ලක‍්ඛණාති විපස‍්සනා. විවට‍්ටනාති මග‍්ගො. පාරිසුද‍්ධීති ඵලං. තෙසඤ‍්ච පටිපස‍්සනාති පච‍්චවෙක‍්ඛණා.

එහි ගණනා යනු ගණනයමයි, අනුබන්‍ධනා යනු, ආශ්වාස ප්‍රශ්වාසයන් අනුව සිත පැවැත්වීමයි. එුසනා යනු ආශ්වාස ප්‍රශ්වාසයන් ස්පර්ශ කරන ස්ථානය වන නාසිකාග්‍රයෙහි ස්පර්ශ කිරීමයි, ඨපනා යනු අර්පණායි, හෙවත් සිත මනාකොට අරමුණෙහි පිහිටුවීමයි, සල්ලක්‍ඛණා යනු, අනිත්‍යාදිය මනාකොට සලකන හෙයින් විදර්ශනාවයි, විවට්ටනා යනු, ක්ලේශයන් (සර්වප්‍රකාරයෙන් සන්සිඳුවන හෙයින්) මාර්ගයමැයි, පාරිසුද්ධි යනු, ඵලයමැයි. තෙසඤ්ච පටිපස්සනා යනු ප්‍රත්‍යවෙක්‍ෂණයයි.

තත්‍ථ ඉමිනා ආදිකම‍්මිකෙන කුලපුත‍්තෙන පඨමං ගණනාය ඉදං කම‍්මට‍්ඨානං මනසි කාතබ‍්බං . ගණෙන‍්තෙන ච පඤ‍්චන‍්නං හෙට‍්ඨා න ඨපෙතබ‍්බං. දසන‍්නං උපරි න නෙතබ‍්බං. අන‍්තරා ඛණ‍්ඩං න දස‍්සෙතබ‍්බං. පඤ‍්චන‍්නං හෙට‍්ඨා ඨපෙන‍්තස‍්ස හි සම‍්බාධෙ ඔකාසෙ චිත‍්තුප‍්පාදො විප‍්ඵන්‍දති සම‍්බාධෙ වජෙ සන‍්නිරුද‍්ධගොගණො විය. දසන‍්නම‍්පි උපරි නෙන‍්තස‍්ස ගණනනිස‍්සිතකො චිත‍්තුප‍්පාදො හොති. අන‍්තරා ඛණ‍්ඩං දස‍්සෙන‍්තස‍්ස “සිඛාප‍්පත‍්තං නු ඛො මෙ කම‍්මට‍්ඨානං, නො”ති චිත‍්තං විකම‍්පති. තස‍්මා එතෙ දොසෙ වජ‍්ජෙත්‍වා ගණෙතබ‍්බං.

එහිලා මේ ආධුනික කුලපුත්‍රයා විසින් පළමුකොට ගණනය කෙරෙමින් මේ කමටහන මෙනෙහිකළ යුතුය. ගණනය කරනවිට පහට අඩුවෙන් නොනැවැත්විය යුතුය. දහයට වඩා වැඩියෙන් ගණනය නොකළ යුතුය. අතරතුර කඩවීමක් නොපෙන්විය යුතුය. පහට අඩුවෙන් නවවනවිට බාධා සහිත ගවගාලෙක හිර කරන ලද ගව සමූහයක් මෙන් බාධා සහිත අවකාශයෙහි චිත්තොප්පාදය චංචල වේ. දහයට වඩා ගණනය ගෙනයන විට, ගණනයම ඇසුරු කළ චිත්තොත්පාදය වේ. අතරතුර කඩවීමක් දක්වනවිට, ‘මාගේ කර්මස්ථානය මුදුන්පත් වූයේ දෝ නොවූයේ දෝ හෝ’යි සිත ඒ මේ අත පැද්දෙයි. එහෙයින් මෙකී දොෂයන් වලක්වා ගණනය කළයුතුය.

ගණෙන‍්තෙන ච පඨමං දන්‍ධගණනාය ධඤ‍්ඤමාපකගණනාය ගණෙතබ‍්බං. ධඤ‍්ඤමාපකො හි නාළිං පූරෙත්‍වා “එක”න‍්ති වත්‍වා ඔකිරති. පුන පූරෙන‍්තො කිඤ‍්චි කචවරං දිස‍්වා තං ඡඩ‍්ඩෙන‍්තො “එකං එක”න‍්ති වදති. එස නයො ද‍්වෙ ද‍්වෙතිආදීසු. එවමෙව ඉමිනාපි අස‍්සාසපස‍්සාසෙසු යො උපට‍්ඨාති, තං ගහෙත්‍වා “එකං එක”න‍්ති ආදිං කත්‍වා යාව “දස දසා”ති පවත‍්තමානං පවත‍්තමානං උපලක‍්ඛෙත්‍වාව ගණෙතබ‍්බං. තස‍්ස එවං ගණයතො නික‍්ඛමන‍්තා ච පවිසන‍්තා ච අස‍්සාසපස‍්සාසා පාකටා හොන‍්ති.

ගණනය කරනවිටද පළමුකොට සෙමින් වී මනින්නකුගේ ගණන විලාශයෙන් ගණන් කළයුතුය. වී මනින්නෙක් නැළිය පුරවා, එකයි කියමින් මුනින් නමයි, නැවත පුරවමින් කිසියම් කසළක් දැක එය ඉවත් කරමින්ද ‘එකයි, එකයි’ කියයි. ‘දෙකයි, දෙකයි’ ආදියෙහිද මෙම නයයි. ඒ ආකාරයෙන්ම මොහු (යෝගාවචරයා) විසින්ද ආශ්වාස ප්‍රශ්වාසයන් අතුරෙන් යමක් වැටහේද එය ගණන් ගෙන ‘එකයි, එකයි’ කී තැන් පටන් ‘දහයයි, දහයයි’ කියන තෙක් පවත්නා පවත්නා ආශ්වාසය හෝ ප්‍රශ්වාසය ගැන සැලකීමෙන්ම ගිණිය යුතුය. මෙසේ ගණනය කරන ඔහුට නික්මෙන්නාවූද පිවිසෙන්නාවූද ආශ්වාස ප්‍රශ්වාසයෝ ප්‍රකට වෙති.

අථානෙන තං දන්‍ධගණනං ධඤ‍්ඤමාපකගණනං පහාය සීඝගණනාය ගොපාලකගණනාය ගණෙතබ‍්බං. ඡෙකො හි ගොපාලකො සක‍්ඛරාදයො උච‍්ඡඞ‍්ගෙන ගහෙත්‍වා රජ‍්ජුදණ‍්ඩහත්‍ථො පාතොව වජං ගන‍්ත්‍වා ගාවො පිට‍්ඨියං පහරිත්‍වා පලිඝත්‍ථම‍්භමත්‍ථකෙ නිසින‍්නො ද‍්වාරප‍්පත‍්තං ද‍්වාරප‍්පත‍්තංයෙව ගාවිං එකා ද‍්වෙති සක‍්ඛරං ඛිපිත්‍වා ගණෙති. තියාමරත‍්තිං සම‍්බාධෙ ඔකාසෙ දුක‍්ඛං වුත්‍ථගොගණො නික‍්ඛමන‍්තො නික‍්ඛමන‍්තො අඤ‍්ඤමඤ‍්ඤං උපනිඝංසන‍්තො වෙගෙන වෙගෙන පුඤ‍්ජපුඤ‍්ජො හුත්‍වා නික‍්ඛමති. සො වෙගෙන වෙගෙන “තීණි චත‍්තාරි පඤ‍්ච දසා”ති ගණෙතියෙව, එවමිමස‍්සාපි පුරිමනයෙන ගණයතො අස‍්සාසපස‍්සාසා පාකටා හුත්‍වා සීඝං සීඝං පුනප‍්පුනං සඤ‍්චරන‍්ති. තතොනෙන “පුනප‍්පුනං සඤ‍්චරන‍්තී”ති ඤත්‍වා අන‍්තො ච බහි ච අගහෙත්‍වා ද‍්වාරප‍්පත‍්තං ද‍්වාරප‍්පත‍්තංයෙව ගහෙත්‍වා “එකො ද‍්වෙ තීණි චත‍්තාරි පඤ‍්ච ඡ. එකො ද‍්වෙ තීණි චත‍්තාරි පඤ‍්ච ඡ සත‍්ත…පෙ… අට‍්ඨ, නව, දසා”ති සීඝං සීයං ගණෙතබ‍්බමෙව. ගණනපටිබද‍්ධෙ හි කම‍්මට‍්ඨානෙ ගණනබලෙනෙව චිත‍්තං එකග‍්ගං හොති, අරිත‍්තුපත්‍ථම‍්භනවසෙන චණ‍්ඩසොතෙ නාවාට‍්ඨපනමිව.

ඉක්බිති ඔහු විසින් වී මනින්නකුගේ වැනි එම ලැසිව ගණන් කිරීම හැර, ගොපල්ලකුගේ ගවයන් ගණන් කිරීම වැනි යුහුව ගණන් කිරීම කළ යුතුය. දක්‍ෂ වූ ගොපල්ලෙක් හිණපටින් (ඔඩොක්කුවෙන්) අකුරු (බොරළු) ආදිය ගෙන රැහැන් හා කෙවිටි අතැතිව උදෑසනින්ම ගවහල වෙත ගොස් ගවයන් පිටට ගසා හිදි කණුව (කඩුල්ල) මත හිඳ දොරකඩ වෙත පැමිණි දෙනුන් ‘එකයි, දෙකයි’ යනුවෙන් බොරළු කැට දමමින් ගණනය කරයි. තුන්යම් රැය මුළුල්ලෙහි තදබදවූ අවකාශයෙහි හිරවී දුකසේ සිටි ගවරැල එකිනෙකාගේ සිරුරු ගටමින් කීප දෙනකු බැගින් වේගයෙන් නික්මෙති, හේ තෙමේ ‘තුනයි, හතරයි, පහයි’ යනුවෙන් යුහුව ගණනය කෙරේමැයි. එසේම පළමු කී ආකාරයෙන් ගණින්නහු (යෝගාවචරයා) ගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ ප්‍රකටව යුහුයුහුව නැවත නැවත හැසිරෙත්. ඉක්බිති ඔහු විසින් නැවත නැවතත් හැසිරෙතියි දැන ඇතුළත හෝ පිටත නොගෙන නහය දොරකඩට ආ ආශ්වාස ප්‍රශ්වාසයන් ‘එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි,’ ‘එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි’ ‘එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි, හයයි,’ ‘එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි, හයයි, හතයි;-පෙ-අටයි, නවයයි, දහයයි’ යනුවෙන් යුහුයුහුව ගිණිය යුතුය. කමටහන ගිණීම හා සමඟ බැදී ඇති කල්හි, ගිණීමේ බලයෙන්ම සිත එකඟ වේ, අවලෙහි පිහිටෙන් සැඩ පහරෙහි නැව සිටින්නාසේය.

තස‍්සෙවං සීඝං සීඝං ගණයතො කම‍්මට‍්ඨානං නිරන‍්තරං පවත‍්තං විය හුත්‍වා උපට‍්ඨාති. අථ නිරන‍්තරං පවත‍්තතීති ඤත්‍වා අන‍්තො ච බහි ච වාතං අපරිග‍්ගහෙත්‍වා පුරිමනයෙනෙව වෙගෙන වෙගෙන ගණෙතබ‍්බං. අන‍්තො පවිසනවාතෙන හි සද‍්ධිං චිත‍්තං පවෙසයතො අබ‍්භන‍්තරං වාතබ‍්භාහතං මෙදපූරිතං විය හොති. බහි නික‍්ඛමනවාතෙන සද‍්ධිං චිත‍්තං නීහරතො බහිද‍්ධා පුථුත‍්තාරම‍්මණෙ චිත‍්තං වික‍්ඛිපති. ඵුට‍්ඨඵුට‍්ඨොකාසෙ පන සතිං ඨපෙත්‍වා භාවෙන‍්තස‍්සෙව භාවනා සම‍්පජ‍්ජති. තෙන වුත‍්තං “අන‍්තො ච බහි ච වාතං අපරිග‍්ගහෙත්‍වා පුරිමනයෙනෙව වෙගෙන වෙගෙන ගණෙතබ‍්බ”න‍්ති.

මේ ආකාරයෙන් යුහුයුහුව ගණින ඔහුට කමටහන නිරතුරුව පවත්නා සේ වැටහේ, ඉක්බිති නිරතුරුව පවත්නේයයි දැන ඇතුළත හෝ පිටත හෝ වාතය නොගෙන පළමු නයින්ම යුහුයුහුව ගිණිය යුතුය. ඇතුළට පිවිසෙන වාතය හා සමග සිත මෙහෙයවන්නහුට ඇතුළත වාතයෙන් පහරනලද්දක් මෙන්ද මේදයෙන් පිරුණක් මෙන්ද වේ, පිටතට නික්මෙන වාතය හා සමග සිත නාසාග්‍රයෙන් පිටතට යවන්නහුගේ සිත පිටත ඇති නොයෙක් අරමුණු කෙරෙහි දිවයයි. වාතය වදින වදින තන්හි සිහිය පිහිටුවා වඩන්නහුටම භාවනාව සමෘද්ධ වේ. එහෙයින් ඇතුළතද පිටතද වාතය නොගෙන පළමු නයින්ම යුහුයුහුව ගිණිය යුතුයයි කියනලදි.

කීවචිරං පනෙතං ගණෙතබ‍්බන‍්ති? යාව විනා ගණනාය අස‍්සාසපස‍්සාසාරම‍්මණෙ සති සන‍්තිට‍්ඨති. බහිවිසටවිතක‍්කවිච‍්ඡෙදං කත්‍වා අස‍්සාසපස‍්සාසාරම‍්මණෙ සතිසණ‍්ඨාපනත්‍ථංයෙව හි ගණනාති.

කොපමණ කලක් මෙසේ ගිණීම කළයුතුද? යම්තාක් ගිණීමෙන් තොරව ආශ්වාස ප්‍රශ්වාස අරමුණෙහි සිහිය පිහිටාද, ඒතාක් කල් කළයුතුය. පිටත විසුරුණ විතර්කය නැතිකොට ආශ්වාස ප්‍රශ්වාසාරම්මණයෙහි සිහිය පිහිටුවීම පිණිසම ගිණීම කළයුතුය.

එවං ගණනාය මනසි කත්‍වා අනුබන්‍ධනාය මනසි කාතබ‍්බං. අනුබන්‍ධනා නාම ගණනං පටිසංහරිත්‍වා සතියා නිරන‍්තරං අස‍්සාසපස‍්සාසානං අනුගමනං. තඤ‍්ච ඛො න ආදිමජ‍්ඣපරියොසානානුගමනවසෙන. බහිනික‍්ඛමනවාතස‍්ස හි නාභි ආදි, හදයං මජ‍්ඣං, නාසිකග‍්ගං පරියොසානං. අබ‍්භන‍්තරං පවිසනවාතස‍්ස නාසිකග‍්ගං ආදි, හදයං මජ‍්ඣං නාභි පරියොසානං. තඤ‍්චස‍්ස අනුගච‍්ඡතො වික‍්ඛෙපගතං චිත‍්තං සාරද‍්ධාය චෙව හොති ඉඤ‍්ජනාය ච. යථාහ –

මෙසේ ගිණීම් වශයෙන් මෙනෙහිකොට අනුබන්‍ධනා අනුව සිහිය පැවැත්වීම් වශයෙන් මෙනෙහි කළ යුතුය. අනුබන්‍ධනා නම්, ගිණීම නවතා සිහියෙන් නිරතුරුව ආශ්වාස ප්‍රශ්වාසයන් අනුව යාමයි, එම අනුගමනයද මුල මැද අග අනුව යෑම් වශයෙන් නොකළ යුතුය. පිටතට නික්මෙන වාතයෙහි මුල නාභියයි. මැද හෘදයයි, අග නාසිකාග්‍රයයි. ඇතුළට පිවිසෙන වාතයෙහි මුල නාසිකාග්‍රයයි, මැද හෘදයයි, අග නාභියයි. එය අනුගමනය කරන ඔහුගේ සිත වික්ෂෙපයට ගොස් විඩාව පිණිසද, කම්පනය පිණිසද හේතුවේ. කියනලදමැයි:

“අස‍්සාසාදිමජ‍්ඣපරියොසානං සතියා අනුගච‍්ඡතො අජ‍්ඣත‍්තං වික‍්ඛෙපගතෙන චිත‍්තෙන කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච. පස‍්සාසාදිමජ‍්ඣපරියොසානං සතියා අනුගච‍්ඡතො බහිද‍්ධා වික‍්ඛෙපගතෙන චිත‍්තෙන කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා චා”ති (පටි· ම· 1.157).

අස්සාසාදිමජ්ඣපරියොසානං සතියා අනුගච්ඡතො අජ්ඣත්තං වික්‍ඛෙපගතෙන චිත්තෙන කායො පි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච එන්‍දිතා ච. පස්සාසාදිමජ්ඣපරියොසානං සතියා අනුගච්ඡතො බහිද්ධා වික්‍ඛෙපගතෙන චිත්තෙන කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච එන්‍දිතා චා’ති

ආශ්වාසය පිළිබඳ මුල, මැද, අග සිහියෙන් අනුගමනය කරන්නහුගේ ඇතුළත වික්ෂේපයට ගිය සිත හේතුකොටගෙන කයද සිතද විඩාසහිත වේ, චංචල වේ, කම්පිතද වේ.

ප්‍රශ්වාසය පිළිබඳ මුල, මැද, අග සිහියෙන් අනුගමනය කරන්නහුගේ පිටත වික්ෂේපයට ගිය සිත හේතුකොටගෙන කයද සිතද විඩාසහිත වේ, චංචල වේ, කම්පිතද වේ.

තස‍්මා අනුබන්‍ධනාය මනසිකරොන‍්තෙන ආදිමජ‍්ඣපරියොසානවසෙන න මනසි කාතබ‍්බං. අපිච ඛො ඵුසනාවසෙන ච ඨපනාවසෙන ච මනසි කාතබ‍්බං. ගණනානුබන්‍ධනාවසෙන විය හි ඵුසනාඨපනාවසෙන විසුං මනසිකාරො නත්‍ථි. ඵුට‍්ඨඵුට‍්ඨට‍්ඨානෙයෙව පන ගණෙන‍්තො ගණනාය ච ඵුසනාය ච මනසි කරොති. තත්‍ථෙව ගණනං පටිසංහරිත්‍වා තෙ සතියා අනුබන්‍ධන‍්තො, අප‍්පනාවසෙන ච චිත‍්තං ඨපෙන‍්තො අනුබන්‍ධනාය ච ඵුසනාය ච ඨපනාය ච මනසි කරොතීති වුච‍්චති. ස‍්වායමත්‍ථො අට‍්ඨකථාසු වුත‍්තපඞ‍්ගුළදොවාරිකූපමාහි පටිසම‍්භිදායං වුත‍්තකකචූපමාය ච වෙදිතබ‍්බො.

එහෙයින් අනුව යාමෙන් මෙනෙහි කරන්නහු විසින් මුල, මැද, අග වශයෙන් මෙනෙහි නොකළ යුතුය, එතෙකුදු වුවත්, ඵුසනා (ස්පර්ශ කිරීම්) වශයෙන්ද ඨපනා (අරමුණෙහි සිත පිහිටුවීම්) වශයෙන්ද මෙනෙහි කළයුතුය. ගණනා-අනුබන්‍ධනා වශයෙන් මෙන් ඵුසනා-ඨපනා වශයෙන් වෙන වෙනම මෙනෙහි කිරීමෙක් නැත, ස්පර්ශ කළ කළ තන්හිම ගණනය කිරීමෙන් ගණනා වශයෙන්ද, එුසනා වශයෙන්ද මෙනෙහි කරයි, එහිම ගණනය නවතා සිහියෙන් ඒ ආශ්වාස ප්‍රශ්වාසයන් අනුව යමින්ද, අර්පණා වශයෙන් සිත පිහිටුවමින්ද අනුබන්‍ධනා වශයෙන්ද, ඵුසනා වශයෙන්ද, ඨපනා වශයෙන්ද මෙනෙහි කෙරෙතියි කියනු ලැබේ. ඒ මේ අර්ත්‍ථය අටුවාහි කියනලද පඞ්ගුලොපමා, දොවාරිකො - පමාවන්ගෙන්ද, පටිසම්භිදාවෙහි කියන ලද කකචූපමාවෙන්ද දත යුතුය.

තත්‍රායං පඞ‍්ගුළොපමා – සෙය්‍යථාපි පඞ‍්ගුළො දොලාය කීළතං මාතාපුත‍්තානං දොලං ඛිපිත්‍වා තත්‍ථෙව දොලාථම‍්භමූලෙ නිසින‍්නො කමෙන ආගච‍්ඡන‍්තස‍්ස ච ගච‍්ඡන‍්තස‍්ස ච දොලාඵලකස‍්ස උභො කොටියො මජ‍්ඣඤ‍්ච පස‍්සති, න ච උභොකොටිමජ‍්ඣානං දස‍්සනත්‍ථං බ්‍යාවටො හොති, එවමෙවායං භික‍්ඛු සතිවසෙන උපනිබන්‍ධනථම‍්භමූලෙ ඨත්‍වා අස‍්සාසපස‍්සාසදොලං ඛිපිත්‍වා තත්‍ථෙව නිමිත‍්තෙ සතියා නිසීදන‍්තො කමෙන ආගච‍්ඡන‍්තානඤ‍්ච ගච‍්ඡන‍්තානඤ‍්ච ඵුට‍්ඨට‍්ඨානෙ අස‍්සාසපස‍්සාසානං ආදිමජ‍්ඣපරියොසානං සතියා අනුගච‍්ඡන‍්තො තත්‍ථ ච චිත‍්තං ඨපෙන‍්තො පස‍්සති, න ච තෙසං දස‍්සනත්‍ථං බ්‍යාවටො හොති, අයං පඞ‍්ගුළොපමා.

එහි පඞ්ගුලොපමාව මෙසේය: යම්සේ කොරෙක් තෙමේ ඊලෙක්හි (උන්සිල්ලාවෙක්හි) ක්‍රීඩාකරන මව්පුතු දෙදෙනකුගේ ඊල එහි ඊල්ටැඹ මුල හිඳ පැද්දූවිට ක්‍රමයෙන් එන්නාවූද යන්නාවූද ඊල්පුවරුවෙහි දෙකෙළවර හා මධ්‍යය දක්නේද, එහෙත් දෙකෙළවර හා මධ්‍යය දකිනු පිණිස උත්සුක නොවේද, එසේම භික්‍ෂු තෙමේ සිහි වශයෙන් කමටහන් නිමිති නමැති ටැම්මුල ආශ්වාස ප්‍රශ්වාස නමැති ඊල යවා නිමිත්තෙහි සිහිය පිහිටුවා හුන්නේ ක්‍රමයෙන් එන්නාවූද යන්නාවූද ආශ්වාස ප්‍රශ්වාසයන් වැදුණ තැන මුල මැද අග සිහියෙන් අනුගමනය කරනුයේ එහිම සිත පිහිටුවා බලන්නේය, එහෙත් ඒ මුල මැද අග දකිනු පිණිස උත්සුක නොවන්නේය. මේ පඞ්ගුලොපමායි.

අයං පන දොවාරිකූපමා – සෙය්‍යථාපි දොවාරිකො නගරස‍්ස අන‍්තො ච බහි ච පුරිසෙ “කො ත්‍වං, කුතො වා ආගතො, කුහිං වා ගච‍්ඡසි, කිං වා තෙ හත්‍ථෙ”ති න වීමංසති. න හි තස‍්ස තෙ භාරා, ද‍්වාරප‍්පත‍්තං ද‍්වාරප‍්පත‍්තංයෙව පන වීමංසති, එවමෙව ඉමස‍්ස භික‍්ඛුනො අන‍්තොපවිට‍්ඨවාතා ච බහිනික‍්ඛන‍්තවාතා ච න භාරා හොන‍්ති, ද‍්වාරප‍්පත‍්තා ද‍්වාරප‍්පත‍්තායෙව භාරාති අයං දොවාරිකූපමා.

දොවාරිකොපමාව මෙසේය: යම්සේ දොරටුපාලයෙක් තෙමේ නගරය ඇතුළතද පිටතද සිටින පුරුෂයන් දැක ‘තෝ කවරෙක්ද? කොයින් ආයේද? කොයි යන්නෙහිද? අත්හි කුමක් ඇත්දැ?’යි නොවිමසන්නේද, එම පුරුෂයන් ගැන විමසීම ඔහුගේ කාර්යයක් නොවන්නේද, දොරටුව වෙත එළඹියවුන්ම විමසන්නේද, එසේම ඇතුළට පිවිසි වාතයද පිටතට නික්මුණු වාතයක්ද ගැන විමසීම මේ භික්‍ෂුවගේ කාර්යය නොවන්නේය, (නාසිකාග්‍ර නමැති) දොරටුව වෙත පැමිණි ආශ්වාස ප්‍රශ්වාසයම නිමිති වන්නේ මේ දොවාරිකොපමායි.

කකචූපමා පන ආදිතො පට‍්ඨාය එවං වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං –

කකචූපමාව මුල පටන් මෙසේ දතයුතුය. කියනලදමැයි:

“නිමිත‍්තං අස‍්සාසපස‍්සාසා, අනාරම‍්මණමෙකචිත‍්තස‍්ස; අජානතො ච තයො ධම‍්මෙ, භාවනා නුපලබ‍්භති.

නිමිත්තං අස්සාස පස්සාසා අනාරම්මණමෙකචිත්තස්ස අජානතො ච තයො ධම්මෙ භාවනා නූපලබ්හති,

“නිමිත‍්තං අස‍්සාසපස‍්සාසා, අනාරම‍්මණමෙකචිත‍්තස‍්ස; ජානතො ච තයො ධම‍්මෙ, භාවනා උපලබ‍්භතී”ති. (පටි· ම· 1.159);

නිමිත්තං අස්සාසපස්සාසා අනාරම්මණමෙකචිත්තස්ස ජානතො ච තයො ධම්මෙ භාවනා උපලබ්හතී’ති

උපනිබන්‍ධන නිමිත්තය, ආශ්වාසය, ප්‍රශ්වාසය යන මේ තුන එක් සිතකට අරමුණු නොවේ, මේ තුන් කරුණු නොදන්නාහට ආනාපානසති භාවනාව සමෘද්ධ නොවේ.

උපිනිබන්‍ධන නිමිත්තය, ආශ්වාසය, ප්‍රශ්වාසය යන මේ තුන එක් සිතකට අරමුණු නොවේ, මේ තුන් කරුණු දන්නාහට ආනාපානසති භාවනාව සමෘද්ධ වේ.

“කථං ඉමෙ තයො ධම‍්මා එකචිත‍්තස‍්ස ආරම‍්මණා න හොන‍්ති, න චිමෙ තයො ධම‍්මා අවිදිතා හොන‍්ති, න ච චිත‍්තං වික‍්ඛෙපං ගච‍්ඡති, පධානඤ‍්ච පඤ‍්ඤායති, පයොගඤ‍්ච සාධෙති, විසෙසමධි ගච‍්ඡති? සෙය්‍යථාපි රුක‍්ඛො සමෙ භූමිභාගෙ නික‍්ඛිත‍්තො, තමෙනං පුරිසො කකචෙන ඡින්‍දෙය්‍ය. රුක‍්ඛෙ ඵුට‍්ඨකකචදන‍්තානං වසෙන පුරිසස‍්ස සති උපට‍්ඨිතා හොති, න ආගතෙ වා ගතෙ වා කකචදන‍්තෙ මනසි කරොති, න ආගතා වා ගතා වා කකචදන‍්තා අවිදිතා හොන‍්ති, පධානඤ‍්ච පඤ‍්ඤායති, පයොගඤ‍්ච සාධෙති, විසෙසමධිගච‍්ඡති.

මේ තුන් කරුණු එක් සිතකට අරමුණු නොවනුයේ කෙසේද? එහෙත් මේ තුන් කරුණු නොදන්නාලද නොවනුයේ කෙසේද? සිතද වික්‍ෂෙපයට නොයන්නේ කෙසේද? පධානවීර්යයද විද්‍යාමාන වනුයේ කෙසේද? භාවනානුයෝගයද සිද්ධවනුයේ කෙසේද? (ලෞකික ලෝකෝත්තර) විශෙෂාධිගමය වනුයේ කෙසේද? යම්සේ සමතලා බිම් පෙදෙසෙක රුක්කඳක් තබන ලද්දේ ද, පුරුෂයෙක් තෙමේ එම රුක්කඳ කියතෙකින් කපන්නේද, දැවකඳට වැදෙන කියත්දත් අනුසාරයෙන් ඒ පුරුෂයාගේ සිහිය එළඹියේ වේද? ඒ පුරුෂ තෙමේ තමා වෙතට එන්නාවූද ආපසු යන්නාවූද කියත්දත් මෙනෙහි නොකෙරේද, එහෙත් ආවාවූද ගියාවුද කියත්දත් නොදන්නා ලද්දේ නොවේ, වීර්යයද විද්‍යාමාන වේද, කාර්යයද සිද්ධවේද, අපෙක්‍ෂිත ඵලවිශෙෂයටද පැමිණේද,

“යථා රුක‍්ඛො සමෙ භූමිභාගෙ නික‍්ඛිත‍්තො, එවං උපනිබන්‍ධනානිමිත‍්තං. යථා කකචදන‍්තා, එවං අස‍්සාසපස‍්සාසා. යථා රුක‍්ඛෙ ඵුට‍්ඨකකචදන‍්තානං වසෙන පුරිසස‍්ස සති උපට‍්ඨිතා හොති, න ආගතෙ වා ගතෙ වා කකචදන‍්තෙ මනසි කරොති, න ආගතා වා ගතා වා කකචදන‍්තා අවිදිතා හොන‍්ති, පධානඤ‍්ච පඤ‍්ඤායති, පයොගඤ‍්ච සාධෙති, විසෙසමධිගච‍්ඡති, එවමෙව භික‍්ඛු නාසිකග‍්ගෙ වා මුඛනිමිත‍්තෙ වා සතිං උපට‍්ඨපෙත්‍වා නිසින‍්නො හොති, න ආගතෙ වා ගතෙ වා අස‍්සාසපස‍්සාසෙ මනසි කරොති, න ච ආගතා වා ගතා වා අස‍්සාසපස‍්සාසා අවිදිතා හොන‍්ති, පධානඤ‍්ච පඤ‍්ඤායති, පයොගඤ‍්ච සාධෙති, විසෙසමධිගච‍්ඡති.

එහි සමතල බිම් පෙදෙසෙහි තබනලද දැවකඳ උපනිබන්‍ධන නිමිත්ත වැනිය, කියත්දත් ආශ්වාස ප්‍රශ්වාසයන් වැනිය, යම්සේ දැවකඳට වදින කියත්දත් අනුසාරයෙන් පුරුෂයාගේ සිහිය එළඹියේ වේද, යම්සේ ආවාවූද ගියාවූද කියත්දත් මෙනෙහි නොකෙරේද, එහෙත් ආවාවූද ගියාවූද කියත්දත් නොදන්නා ලද්දේ නොවේද, ප්‍රයත්නය විද්‍යාමාන වේද, ප්‍රයෝජනය සිද්ධවේද, අපෙක්‍ෂිත ඵලයට පැමිණේද, එසේම භික්‍ෂු තෙමේ නැහැ අගෙහි හෝ උඩුතොලෙහි සිහිය එළවා හුන්නේ වේ, ආවාවූද ගියාවූද ආශ්වාස ප්‍රශ්වාසයන් මෙනෙහි නොකෙරේ, එහෙත් ආවාවූද ගියාවූද ආශ්වාස ප්‍රශ්වාසයෝ නොදන්නා ලද්දාහු නොවෙත්, ප්‍රයත්නයද විද්‍යාමාන වේ, භාවනානුයෝගයද සමෘද්ධ වේ, අපෙක්‍ෂිත ඵලවිශෙෂයටද පැමිණේ.

“පධානන‍්ති කතමං පධානං? ආරද‍්ධවීරියස‍්ස කායොපි චිත‍්තම‍්පි කම‍්මනියං හොති, ඉදං පධානං. කතමො පයොගො? ආරද‍්ධවීරියස‍්ස උපක‍්කිලෙසා පහීයන‍්ති, විතක‍්කා වූපසමන‍්ති, අයං පයොගො. කතමො විසෙසො? ආරද‍්ධවීරියස‍්ස සංයොජනා පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තී හොන‍්ති, අයං විසෙසො. එවං ඉමෙ තයො ධම‍්මා එකචිත‍්තස‍්ස ආරම‍්මණා න හොන‍්ති, න චිමෙ තයො ධම‍්මා අවිදිතා හොන‍්ති, න ච චිත‍්තං වික‍්ඛෙපං ගච‍්ඡති, පධානඤ‍්ච පඤ‍්ඤායති, පයොගඤ‍්ච සාධෙති, විසෙසමධිගච‍්ඡති (පටි· ම· 1.159).

‘පධානං’ යනු, පධාන නම් කිමෙක්ද? ඇරඹි වීර්ය ඇත්තහුගේ කයද සිතද කර්මණ්‍ය වේ, මේ ‘පධාන’යි. ‘පයොග’ යනු කිමෙක්ද? ඇරඹි වීර්ය ඇතියහුගේ උපක්ලේශ හෙවත් නීවරණයෝ ප්‍රහීන වෙති, කාමවිතර්කාදීහු ශමනය වෙති, මේ පයොගයි. ‘විසෙස’ යනු කිමෙක්ද? ඇරඹි වීර්ය ඇත්තහුගේ සංයොජනයෝ ප්‍රහීන වෙති, අනුසයයෝ භංග වෙති, මේ විසෙසයි; මෙසේ මේ කරුණු තුන එක් සිතකට අරමුණු නොවේ, එහෙත් මේ කරුණු තුන නොදන්නා ලද්දේ නොවේ, සිත වික්ෂෙපයටද නොයේ. ප්‍රයත්නය විද්‍යමාන වේ, ප්‍රයොගයද සිද්ධ වේ, විසෙසයටද පැමිණේ.

“ආනාපානස‍්සති යස‍්ස, පරිපුණ‍්ණා සුභාවිතා; අනුපුබ‍්බං පරිචිතා, යථා බුද‍්ධෙන දෙසිතා; සො ඉමං ලොකං පභාසෙති, අබ‍්භා මුත‍්තොව චන්‍දිමා”ති. (පටි· ම· 1.160);

ආනාපානසති යස්ස පරිපුණ්ණා සුභාවිතා අනුපුබ්බං පරිචිතා යථා බුද්ධෙන දෙසිතා සො ඉමං ලොකං පභාසෙති අබ්හා මුත්තොව චන්‍දිමා’ති.

යමකු විසින් ආනාපානසති භාවනාව බුදුන් විසින් වදහළ පරිදි පිරිපුන් කොට වඩනා ලද්දේ ද, ක්‍රමයෙන් පුරුදු කරන ලද්දේ ද, හේ තෙමේ වළා ගබින් මිදුණු චන්‍ද්‍රයා මෙන් මේ ලෝකය බබලවන්නේය.

අයං කකචූපමා. ඉධ පනස‍්ස ආගතාගතවසෙන අමනසිකාරමත‍්තමෙව පයොජනන‍්ති වෙදිතබ‍්බං.

මේ කකචූපමායි. මේ කකචූපමාවෙහි වනාහි කියත්දත් හා ආශ්වාස ප්‍රශ්වාසයන් ආගතාගත වශයෙන් (ආ ආ පරිදි) මෙනෙහි නොකිරීමම ප්‍රයොජනයයි දතයුතුය.

ඉදං කම‍්මට‍්ඨානං මනසිකරොතො කස‍්සචි න චිරෙනෙව නිමිත‍්තඤ‍්ච උප‍්පජ‍්ජති, අවසෙසඣානඞ‍්ගපටිමණ‍්ඩිතා අප‍්පනාසඞ‍්ඛාතා ඨපනා ච සම‍්පජ‍්ජති. කස‍්සචි පන ගණනාවසෙනෙව මනසිකාරකාලතො පභුති අනුක‍්කමතො ඔළාරිකඅස‍්සාසපස‍්සාසනිරොධවසෙන කායදරථෙ වූපසන‍්තෙ කායොපි චිත‍්තම‍්පි ලහුකං හොති, සරීරං ආකාසෙ ලඞ‍්ඝනාකාරප‍්පත‍්තං විය හොති. යථා සාරද‍්ධකායස‍්ස මඤ‍්චෙ වා පීඨෙ වා නිසීදතො මඤ‍්චපීඨං ඔනමති, විකූජති, පච‍්චත්‍ථරණං වලිං ගණ‍්හාති. අසාරද‍්ධකායස‍්ස පන නිසීදතො නෙව මඤ‍්චපීඨං ඔනමති, න විකූජති, න පච‍්චත්‍ථරණං වලිං ගණ‍්හාති, තූලපිචුපූරිතං විය මඤ‍්චපීඨං හොති. කස‍්මා? යස‍්මා අසාරද‍්ධො කායො ලහුකො හොති. එවමෙව ගණනාවසෙන මනසිකාරකාලතො පභුති අනුක‍්කමතො ඔළාරිකඅස‍්සාසපස‍්සාසනිරොධවසෙන කායදරථෙ වූපසන‍්තෙ කායොපි චිත‍්තම‍්පි ලහුකං හොති, සරීරං ආකාසෙ ලඞ‍්ඝනාකාරප‍්පත‍්තං විය හොති.

මේ කමටහන මෙනෙහි කරන කිසිවකුහට නොබෝ කලෙකින්ම (පටිභාග) නිමිත්ත උපදියි. අවශේෂ ධ්‍යානාංගයන්ගෙන් හොබනා අර්පණායයි කියනලද ඨපනා හෙවත් පිහිටුවීමද සිද්ධ වේ. කිසිවකුහට වනාහි ගිණීමෙන් මෙනෙහි කරන කාලයෙහි පටන්ම ක්‍රමයෙන් ඔළාරිකවූ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ නැවැත්මෙන් කායවිඩාව සන්සුන් කල්හි කයද සිතද සැහැල්ලු වේ, සිරුර අහසෙහි පාවෙන ආකාරයට පත්වූ සේ දැනේ. යම්සේ විඩා සහිත කය ඇත්තකු ඇඳෙක හෝ පුටුවෙක හිඳගන්නාවිට ඇඳ පුටු නැමේද, හඬ නැඟේද, ඇතිරිලි හැකිලේද, එහෙත් විඩානැත්තකු හිඳිනවිට ඇඳ පුටු එසේ නොනැමේ, හඬ නොනැඟේ, ඇතිරිලි නොම හැකිලේ ඇඳපුටු ඉඹුල්පුලුන් පිරුණා සේ වේ. කවර හෙයින්ද? යම් හෙයකින් විඩා නොමැති කය සැහැල්ලු වේ, එහෙයින් එසේම ගිණීම් වශයෙන් මෙනෙහි කරන කාලයෙහි පටන් අනුක්‍රමයෙන් ඔළාරිකවූ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ සන්සිඳීම් වශයෙන් කායවිඩාව සන්හුන් කල්හි කයද සිතද සැහැල්ලු වේ. සිරුර ආකාශයෙහි පාවෙන තත්ත්‍වයකට පත්වූ සේ දැනේ.

තස‍්ස ඔළාරිකෙ අස‍්සාසපස‍්සාසෙ නිරුද‍්ධෙ සුඛුමස‍්සාසපස‍්සාසනිමිත‍්තාරම‍්මණං චිත‍්තං පවත‍්තති. තස‍්මිම‍්පි නිරුද‍්ධෙ අපරාපරං තතො සුඛුමතරං සුඛුමතරං නිමිත‍්තාරම‍්මණං පවත‍්තතියෙව. කථං? යථා පුරිසො මහතියා ලොහසලාකාය කංසථාලං ආකොටෙය්‍ය, එකප‍්පහාරෙන මහාසද‍්දො උප‍්පජ‍්ජෙය්‍ය, තස‍්ස ඔළාරිකසද‍්දාරම‍්මණං චිත‍්තං පවත‍්තෙය්‍ය. නිරුද‍්ධෙ ඔළාරිකෙ සද‍්දෙ අථ පච‍්ඡා සුඛුමසද‍්දනිමිත‍්තාරම‍්මණං, තස‍්මිම‍්පි නිරුද‍්ධෙ අපරාපරං තතො සුඛුමතරං සුඛුමතරං සද‍්දනිමිත‍්තාරම‍්මණං පවත‍්තතෙව, එවන‍්ති වෙදිතබ‍්බං. වුත‍්තම‍්පිචෙතං – “සෙය්‍යථාපි කංසෙ ආකොටිතෙ”ති (පටි· ම· 1.171) විත්‍ථාරො.

ඔහුට ඔළාරික ආශ්වාස ප්‍රශ්වාසයන් නිරුද්ධ වූ කල්හි සියුම්වූ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත අරමුණු කොටගත් සිත පවතී. එයද නිරුද්ධ වූ කල්හි තව තවත් වඩ වඩා සියුම් වූ නිමිති අරමුණු පවත්නේමය. කෙසේදයත්, යම්සේ පුරුෂයෙක් තෙමේ මහත්වූ යකඩ කූරෙකින් ලොහොතලියකට ගසාද, එක් පහරින් මහත් ශබ්දයක් නැඟේ, ඔහුගේ සිත ඔළාරික ශබ්දය අරමුණුකොට පවතී, ඔළාරික ශබ්දය ඉකුත්ව ගිය පසු සූක්ෂ්ම ශබ්දනිමිත්ත අරමුණු වේ. එයද ඉක්මගිය පසු වඩවඩාත් සියුම් ශබ්ද අරමුණු වේ. එසේයයි දතයුතුය. කියන ලදමැයි, ‘යම්සේ ලොහොතලියකට ගැසූ කල්හි’ යනුවෙන් විස්තර කළ යුතුය.

යථා හි අඤ‍්ඤානි කම‍්මට‍්ඨානානි උපරූපරි විභූතානි හොන‍්ති, න තථා ඉදං. ඉදං පන උපරූපරි භාවෙන‍්තස‍්ස සුඛුමත‍්තං ගච‍්ඡති, උපට‍්ඨානම‍්පි න උපගච‍්ඡති, එවං අනුපට‍්ඨහන‍්තෙ පන තස‍්මිං තෙන භික‍්ඛුනා උට‍්ඨායාසනා චම‍්මඛණ‍්ඩං පප‍්ඵොටෙත්‍වා න ගන‍්තබ‍්බං. කිං කාතබ‍්බං? “ආචරියං පුච‍්ඡිස‍්සාමී”ති වා, “නට‍්ඨං දානි මෙ කම‍්මට‍්ඨාන”න‍්ති වා න වුට‍්ඨාතබ‍්බං. ඉරියාපථං විකොපෙත්‍වා ගච‍්ඡතො හි කම‍්මට‍්ඨානං නවනවමෙව හොති. තස‍්මා යථානිසින‍්නෙනෙව දෙසතො ආහරිතබ‍්බං.

යම්සේ වනාහි සෙසු කර්මස්ථානයෝ මතු මත්තෙහි වඩනා කල්හි මහත් වෙත්ද, මේ කර්මස්ථානය එසේ නොවේ, මෙය නැවත නැවත වඩන්නහුට සියුම් බවට යෙයි, වැටහීමටද නො-එළඹේ, මෙසේ ඒ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත නොවැටහීමට එළඹි කල්හි ඒ භික්‍ෂුව විසින් හුනස්නෙන් නැගිට පත්කඩ ගසාදමා නොයා යුතුය. කුමක් කළ යුතුද? ආචාර්යයන් විමසමි’යි හෝ, මාගේ කමටහන නටුයේ වනැ’යි හෝ නොනැගිටිය යුතුය. ඉරියවු වෙනස්කොට යන්නහුට කමටහන නැවත නැවත අලුත් වේ. එහෙයින් හුන්වනම හිඳ (පළමු තමා විසින් ඵුසනා වශයෙන් සලකනලද) තන්හි නැවත සිහි එළවිය යුතුය.

තත්‍රායං ආහරණූපායො, තෙන හි භික‍්ඛුනා කම‍්මට‍්ඨානස‍්ස අනුපට‍්ඨානභාවං ඤත්‍වා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං, ඉමෙ අස‍්සාසපස‍්සාසා නාම කත්‍ථ අත්‍ථි, කත්‍ථ නත්‍ථි. කස‍්ස වා අත්‍ථි, කස‍්ස වා නත්‍ථීති. අථෙවං පටිසඤ‍්චික‍්ඛතා ඉමෙ අන‍්තොමාතුකුච‍්ඡියං නත්‍ථි, උදකෙ නිමුග‍්ගානං නත්‍ථි, තථා අසඤ‍්ඤීභූතානං, මතානං, චතුත්‍ථජ‍්ඣානසමාපන‍්නානං, රූපාරූපභවසමඞ‍්ගීනං, නිරොධසමාපන‍්නානන‍්ති ඤත්‍වා එවං අත‍්තනාව අත‍්තා පටිචොදෙතබ‍්බො “නනු ත්‍වං, පණ‍්ඩිත, නෙව මාතුකුච‍්ඡිගතො, න උදකෙ නිමුග‍්ගො, න අසඤ‍්ඤීභූතො, න මතො, න චතුත්‍ථජ‍්ඣානසමාපන‍්නො, න රූපාරූපභවසමඞ‍්ගී, න නිරොධසමාපන‍්නො. අත්‍ථියෙව තෙ අස‍්සාසපස‍්සාසා, මන්‍දපඤ‍්ඤතාය පන පරිග‍්ගහෙතුං න සක‍්කොසී”ති. අථානෙන පකතිඵුට‍්ඨවසෙන චිත‍්තං ඨපෙත්‍වා මනසිකාරො පවත‍්තෙතබ‍්බො. ඉමෙ හි දීඝනාසිකස‍්ස නාසාපුටං ඝට‍්ටෙන‍්තා පවත‍්තන‍්ති. රස‍්සනාසිකස‍්ස උත‍්තරොට‍්ඨං. තස‍්මානෙන ඉමං නාම ඨානං ඝට‍්ටෙන‍්තීති නිමිත‍්තං ඨපෙතබ‍්බං. ඉමමෙව හි අත්‍ථවසං පටිච‍්ච වුත‍්තං භගවතා – “නාහං, භික‍්ඛවෙ, මුට‍්ඨසතිස‍්ස අසම‍්පජානස‍්ස ආනාපානස‍්සතිභාවනං වදාමී”ති (ම· නි· 3.149; සං· නි· 5.992).

එහි, සිහි එළවන උපාය මෙසේයි:- කමටහන නොවැටහෙන බව දැනෙනවිට ඒ භික්‍ෂුව විසින් මෙසේ ප්‍රත්‍යවෙක්‍ෂා කටයුතුය. ‘මේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නම් කොහි ඇත්ද? කොහි නැත්ද? කවරකුට හෝ ඇත්ද? කවරකුහට නැත්දැ’යි යනුවෙනි. මෙසේ ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නහු විසින්, මේ ආශ්වාස ප්‍රශ්වාසයෝ මව්කුස ඇතුළත නැත, දියෙහි ගිලුණවුනට නැත, එසේම විසඥ වූවනටද මළවුනටද චතුර්ත්‍ථ ධ්‍යානයට සමවන්නවුනටද, රූප අරූප භවයන්හි උපන්නවුනටද නිරෝධයට සමවන්නවුනටද නැතැ’යි දැන මේ ආකාරයෙන් තමා විසින් තමාටම මෙහෙයවීම කටයුතුය. ‘නුවණැත්ත, මව්කුසට නොගියේ නොවෙහිද? දියෙහි නොගිලුණේ නොවෙහිද? සිහිසුන් බවට නොගියේ නොවෙහිද? නොමළේ නොවෙයිද? චතුර්ත්‍ථ ධ්‍යානයට නොසමවන්නේ නොවෙහිද? රූපාරූප භවයන්හි නො-උපන්නේ නොවෙහිද? නිරෝධයට නොසමවන්නේ නොවෙහිද? ආශ්වාස ප්‍රශ්වාසයෝ ඇත්තාහුම වෙති, නුවණ මඳ හෙයින් අල්වාගනු නොහැකි වෙහි’යි යනුවෙනි. ඉක්බිත්තෙන් මොහු විසින් පියෙවි වශයෙන් ගැටෙන තන්හි සිත පිහිටුවා මෙනෙහි කිරීම පවත්වාගත යුතුය. මේ ආශ්වාස ප්‍රශ්වාසයෝ දිගු නැහැ ඇත්තහුගේ නැහැපුඩුද, කෙටිනැහැ ඇත්තහුගේ උඩුතොලද ගැටෙමින් පවත්නාහුය. එහෙයින් මොහු විසින් මෙනම් තන්හි ගැටෙති’යි නිමිති පිහිටුවා ගතයුතුය. මෙම අර්ත්‍ථය ගැන සලකාගෙනම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. ‘මහණෙනි, මුළාසිහි ඇත්තහුට, නුවණ මඳවූවහුට මම ආනාපානසති භාවනාව නොකියමි’ යනුයි.

කිඤ‍්චාපි හි යංකිඤ‍්චි කම‍්මට‍්ඨානං සතස‍්ස සම‍්පජානස‍්සෙව සම‍්පජ‍්ජති. ඉතො අඤ‍්ඤං පන මනසිකරොන‍්තස‍්ස පාකටං හොති. ඉදං පන ආනාපානස‍්සතිකම‍්මට‍්ඨානං ගරුකං ගරුකභාවනං බුද‍්ධපච‍්චෙකබුද‍්ධබුද‍්ධපුත‍්තානං මහාපුරිසානංයෙව මනසිකාරභූමිභූතං, න චෙව ඉත‍්තරං, න ච ඉත‍්තරසත‍්තසමාසෙවිතං. යථා යථා මනසි කරීයති, තථා තථා සන‍්තඤ‍්චෙව හොති සුඛුමඤ‍්ච. තස‍්මා එත්‍ථ බලවතී සති ච පඤ‍්ඤා ච ඉච‍්ඡිතබ‍්බා.

කෙසේ වතුදු, කිසියම් කර්මස්ථානයක් සිහි ඇත්තහුටම, නුවණ ඇත්තහුටම සමෘද්ධ වේ. මේ ආනාපානසති කර්මස්ථානය හැර සෙසු කර්මස්ථානයක් මෙනෙහි කරත් කරත් වඩ වඩා ප්‍රකට වේ. මේ ආනාපානසති කර්මස්ථානය වූකලී ගරුකවූ, වැඩීමට අපහසු වූ භාවනාවෙකි, බුදු පසේබුදු බුදුසවු ආදී මහාපුරුෂයන්ගේම මනස්කාරයට විෂය වූවෙකි, එසේ මෙසේ වූවක් නොවේ, එසේ මෙසේ නොවූ සත්ත්‍වයන් විසින් සෙවුණා ලද්දේය. යම් යම් පමණෙකින් මෙනෙහි කරනු ලැබේද, ඒ ඒ පමණට ශාන්තද සුක්‍ෂ්මද වේ. එහෙයින් බලවත්වූ ස්මෘතියද ප්‍රඥාවද අවශ්‍ය වන්නේය.

යථා හි මට‍්ඨසාටකස‍්ස තුන‍්නකරණකාලෙ සූචිපි සුඛුමා ඉච‍්ඡිතබ‍්බා. සූචිපාසවෙධනම‍්පි තතො සුඛුමතරං, එවමෙව මට‍්ඨසාටකසදිසස‍්ස ඉමස‍්ස කම‍්මට‍්ඨානස‍්ස භාවනාකාලෙ සූචිපටිභාගා සතිපි, සූචිපාසවෙධනපටිභාගා තංසම‍්පයුත‍්තා පඤ‍්ඤාපි බලවතී ඉච‍්ඡිතබ‍්බා. තාහි ච පන සතිපඤ‍්ඤාහි සමන‍්නාගතෙන භික‍්ඛුනා න තෙ අස‍්සාසපස‍්සාසා අඤ‍්ඤත්‍ර පකතිඵුට‍්ඨොකාසා පරියෙසිතබ‍්බා.

යම්සේ වනාහි පටසළුවක් හිදියම් කරනකල හිදිකටුවද සියුම් වියයුතුවේද, හිදිකටුවෙහි මලය වඩාමත් සියුම් වියයුතු වේද, එසේම පටසළුවක් වැනි වූ මේ කමටහන වඩනකල හිදිකටුවක් මෙන් සියුම් වූ සිහියද, එම සිහියෙන් යුක්තවූ හිදිකටුමල වැනි සියුම් වූ බලවත් ප්‍රඥාවද අවශ්‍ය වන්නේය. එවන් ස්මෘති ප්‍රඥාවෙන් සමන්විත වූ භික්‍ෂුව විසින් ඒ ආශ්වාස ප්‍රශ්වාසයන් ස්වාභාවික වශයෙන් ගැටෙන තැන් හැර අන් තැනෙක නොසෙවිය යුතුය.

යථා පන කස‍්සකො කසිං කසිත්‍වා බලීබද‍්දෙ මුඤ‍්චිත්‍වා ගොචරමුඛෙ කත්‍වා ඡායාය නිසින‍්නො විස‍්සමෙය්‍ය, අථස‍්ස තෙ බලීබද‍්දා වෙගෙන අටවිං පවිසෙය්‍යුං. යො හොති ඡෙකො කස‍්සකො, සො පුන තෙ ගහෙත්‍වා යොජෙතුකාමො න තෙසං අනුපදං ගන‍්ත්‍වා අටවිං ආහිණ‍්ඩහි, අථ ඛො රස‍්මිඤ‍්ච පතොදඤ‍්ච ගහෙත්‍වා උජුකමෙව තෙසං නිපාතනතිත්‍ථං ගන‍්ත්‍වා නිසීදති වා නිපජ‍්ජති වා, අථ තෙ ගොණෙ දිවසභාගං චරිත්‍වා නිපාතනතිත්‍ථං ඔතරිත්‍වා න‍්හත්‍වා ච පිවිත්‍වා ච පච‍්චුත‍්තරිත්‍වා ඨිතෙ දිස‍්වා රස‍්මියා බන්‍ධිත්‍වා පතොදෙන විජ‍්ඣන‍්තො ආනෙත්‍වා යොජෙත්‍වා පුන කම‍්මං කරොති, එවමෙව තෙන භික‍්ඛුනා න තෙ අස‍්සාසපස‍්සාසා අඤ‍්ඤත්‍ර පකතිඵුට‍්ඨොකාසා පරියෙසිතබ‍්බා. සතිරස‍්මිං පන පඤ‍්ඤාපතොදඤ‍්ච ගහෙත්‍වා පකතිඵුට‍්ඨොකාසෙ චිත‍්තං ඨපෙත්‍වා මනසිකාරො පවත‍්තෙතබ‍්බො. එවඤ‍්හිස‍්ස මනසිකරොතො න චිරස‍්සෙව තෙ උපට‍්ඨහන‍්ති නිපාතනතිත්‍ථෙ විය ගොණා. තතොනෙන සතිරස‍්මියා බන්‍ධිත්‍වා තස‍්මිංයෙව ඨානෙ යොජෙත්‍වා පඤ‍්ඤාපතොදෙන විජ‍්ඣන‍්තෙන පුනප‍්පුනං කම‍්මට‍්ඨානං අනුයුඤ‍්ජිතබ‍්බං.

යම්සේ වනාහි ගොවියෙක් සී සාමින් සිට ගොනුන් මුදා තණබිමට යවා සෙවණෙක හිඳ ගිමන් හරින විට ඒ ගොන්නු මහවනයට වදනාහුද, එවිට ඔහු දක්‍ෂ ගොවියෙක් නම් ඒ ගොනුන් නැවත අල්වාගෙන යොදනු කැමැත්තේ නම් ඔවුන් පසුපස ගොස් වනයෙහි නොඇවිදිනේය, වැලිදු රැහැනක්ද කෙවිටක්ද ගෙන ඉඳුරාම ගොනුන් පැන් බොන තොටට ගොස් හිඳිනේය, නැතහොත් හෝනේය. ඉක්බිති දවල් කාලයෙහි ගොදුරු පිණිස හැසිර පැන්තොටට බැස නහා පැන් බී යලි ගොඩ අවුත් සිටින ගොනුන් රැහැනෙන් බැඳ කෙවිටෙන් අනිමින් ගෙනවුත්, හීයෙහි යොදා නැවත කර්මාන්ත කරන්නේය, එසේම ඒ භික්‍ෂුව විසින් එම ආශ්වාස ප්‍රශ්වාසයන් පියවි වශයෙන් ගැටෙන තැන්හි හැර අන් තැනෙක නොසෙවිය යුතුය. සිහි නමැති රැහැනද නුවණ නමැති කෙවිටද ගෙන පියවි වශයෙන් ගැටෙන තැන සිත පිහිටුවා මෙනෙහි කිරීම පැවැත්විය යුතුය. මෙසේ මෙනෙහි කරන ඒ යෝගියාහට නොබෝ කලෙකින්ම ඒ ආශ්වාස ප්‍රශ්වාසයෝ පැන් තොටෙහි ගොනුන් සෙයින් නැවත වැටහෙති. ඉක්බිති ඔහු විසින් සිහි නමැති රැහැනින් බැඳ එතන්හිම යොදා ප්‍රඥා නමැති කෙවිටෙන් අනිමින් නැවත නැවතත් කමටහන්හි නියැලිය යුතුය.

තස‍්සෙවමනුයුඤ‍්ජතො න චිරස‍්සෙව නිමිත‍්තං උපට‍්ඨාති. තං පනෙතං න සබ‍්බෙසං එකසදිසං හොති. අපිච ඛො කස‍්සචි සුඛසම‍්ඵස‍්සං උප‍්පාදයමානො තූලපිචු විය කප‍්පාසපිචු විය වාතධාරා විය ච උපට‍්ඨාතීති එකච‍්චෙ ආහු.

මෙසේ කමටහන්හි යෙදෙන ඒ යෝගාවචරයාහට නොබෝ කලෙකින්ම (උග්ගහපටිභාග) නිමිති වැටහේ. එය වනාහි සියල්ලන්ටම එක සමාන නොවේ, වැලිදු කිසිවකුට එය සුවපහස් දනවමින් ඉඹුල් පුළුන් මෙන්ද, කපු පුළුන් මෙන්ද, සුළං රැල්ලක් මෙන්ද වැටහෙතැ’යි කෙනෙක් කීහ.

අයං පන අට‍්ඨකථාසු විනිච‍්ඡයො, ඉදඤ‍්හි කස‍්සචි තාරකරූපං විය මණිගුළිකා විය මුත‍්තාගුළිකා විය ච, කස‍්සචි ඛරසම‍්ඵස‍්සං හුත්‍වා කප‍්පාසට‍්ඨි විය දාරුසාරසූචි විය ච, කස‍්සචි දීඝපාමඞ‍්ගසුත‍්තං විය කුසුමදාමං විය ධූමසිඛා විය ච, කස‍්සචි විත්‍ථතං මක‍්කටකසුත‍්තං විය වලාහකපටලං විය පදුමපුප‍්ඵං විය රථචක‍්කං විය චන්‍දමණ‍්ඩලං විය සූරියමණ‍්ඩලං විය ච උපට‍්ඨාති. තඤ‍්ච පනෙතං යථා සම‍්බහුලෙසු භික‍්ඛූසු සුත‍්තන‍්තං සජ‍්ඣායිත්‍වා නිසින‍්නෙසු එකෙන භික‍්ඛුනා “තුම‍්හාකං කීදිසං හුත්‍වා ඉදං සුත‍්තං උපට‍්ඨාතී”ති වුත‍්තෙ එකො “මය‍්හං මහතී පබ‍්බතෙය්‍යා නදී විය හුත්‍වා උපට‍්ඨාතී”ති ආහ. අපරො “මය‍්හං එකා වනරාජි විය”. අඤ‍්ඤො “මය‍්හං එකො සීතච‍්ඡායො සාඛාසම‍්පන‍්නො ඵලභාරභරිතරුක‍්ඛො වියා”ති. තෙසං හි තං එකමෙව සුත‍්තං සඤ‍්ඤානානතාය නානතො උපට‍්ඨාති. එවං එකමෙව කම‍්මට‍්ඨානං සඤ‍්ඤානානතාය නානතො උපට‍්ඨාති. සඤ‍්ඤජඤ‍්හි එතං සඤ‍්ඤානිදානං සඤ‍්ඤාපභවං. තස‍්මා සඤ‍්ඤානානතාය නානතො උපට‍්ඨාතීති වෙදිතබ‍්බං.

අට්ඨකථාවන්හි එන විනිශ්චය මෙසේයි: මේ නිමිත්ත වනාහි කිසිවකුට තාරකා රූපයක් මෙන්ද, මිණිවටක් (දමක්) මෙන්ද, මුතුපටක් මෙන්ද කිසිවකුට ගොරහැඩි පහස ඇති කපු ඇටයක් මෙන්ද, දැව අරටු හිදක් සෙයින්ද, කිසිවකුට දික්වූ පාසළම් හුයක් මෙන්ද මල්දමක් මෙන්ද, දුම් සිළුවක් මෙන්ද, කිසිවකුට පැතිරුණ මකුළුහුයක් මෙන්ද, වලා පටලයක් මෙන්ද, නෙළුම් මලක් මෙන්ද, රියසකක් මෙන්ද, සඳමඩලක් මෙන්ද, හිරුමඬලක් මෙන්ද වැටහේ. ඒ මේ (පටිභාග නිමිත්ත) වනාහි, යම්සේ බොහෝ භික්‍ෂූන් සූත්‍රාන්තය සජ්ඣායනකොට හුන් කල්හි, එක් භික්‍ෂුවක් විසින් ඔබ වහන්සේට මේ සූත්‍රය කුමක් සදිසිව වැටහේදැයි ඇසූ විට, එක් භික්‍ෂු කෙනෙක් ‘මට පර්වතයෙකින් වැහෙන මහනදියක් මෙන් වැටහේ’ යයි කීහ, අන් කෙනෙක් ‘මට එකම වනරොදක් මෙන් වැටහේ’යයි ද, තවද කෙනෙක් මට සිහිල් සෙවණ සහිත අතුපතර ඇති, පල බරින් බරවූ එකම රුකක් මෙන් වැටහේ’ යයිද කීහ. ඒ භික්‍ෂූන්හට එකම සූත්‍රය ප්‍රඥානානත්‍වය හේතුකොටගෙන නොයෙක් ආකාරයෙන් වැටහේ, එපරිද්දෙන්ම එකම කමටහන සංඥානානත්‍වය හේතුකොටගෙන නොයෙක් අයුරින් වැටහේ. මේ නිමිත්ත වනාහි සංඥාවෙන් හටගන්නේය, සංඥාව නිදානකොට ඇත්තේය. සංඥාව ප්‍රභවකොට ඇත්තේය, එහෙයින් සංඥානානත්‍වය හේතුකොටගෙන නන්අයුරින් වැටහෙතැ’යි දතයුතුය.

එත්‍ථ ච අඤ‍්ඤමෙව අස‍්සාසාරම‍්මණං චිත‍්තං, අඤ‍්ඤං පස‍්සාසාරම‍්මණං, අඤ‍්ඤං නිමිත‍්තාරම‍්මණං. යස‍්ස හි ඉමෙ තයො ධම‍්මා නත්‍ථි, තස‍්ස කම‍්මට‍්ඨානං නෙව අප‍්පනං, න උපචාරං පාපුණාති. යස‍්ස පන ඉමෙ තයො ධම‍්මා අත්‍ථි, තස‍්සෙව කම‍්මට‍්ඨානං උපචාරඤ‍්ච අප‍්පනඤ‍්ච පාපුණාති. වුත‍්තඤ‍්හෙතං –

තවද මෙහි ආශ්වාසය අරමුණු කොට ඇති සිත එකෙකි, ප්‍රශ්වාසය අරමුණුකොට ඇති සිත අනෙකෙකි, නිමිත්ත අරමුණු කොට ඇති සිත තවද එකෙකි. යම් කෙනකුට මේ තුන් කරුණු නැත්ද, ඔහුගේ කමටහන අර්පණාවට හෝ උපචාරයට හෝ නොපැමිණේ. යමකුට මේ තුන් ධර්මයෝ ඇත්ද ඔහුට මේ කමටහන (උපචාරයටද අර්පණාවටද) පැමිණේ. කියනලදමැයි:

“නිමිත‍්තං අස‍්සාසපස‍්සාසා, අනාරම‍්මණමෙකචිත‍්තස‍්ස; අජානතො තයො ධම‍්මෙ, භාවනා නුපලබ‍්භති.

නිමිත්තං අස්සාසපස්සාසා අනාරම්මණමෙකචිත්තස්ස අජානතො තයො ධම්මෙ භාවනා නූපලබ්භති

“නිමිත‍්තං අස‍්සාසපස‍්සාසා, අනාරම‍්මණමෙකචිත‍්තස‍්ස; ජානතොව තයො ධම‍්මෙ, භාවනා උපලබ‍්භතී”ති. (පාරා· අට‍්ඨ· 2.165);

නිමිත්තං අස්සාසපස්සාසා අනාරම්මණමෙකචිත්තස්ස ජානතො ව තයො ධම්මෙ භාවනා උපලබ්භතීති.

අනුබන්‍ධන නිමිත්තද -පෙ-එක් සිතකට අරමුණු නොවේ -පෙ- මෙකී තුන් කරුණු නොදන්නාහට ආනාපානසති භාවනාව සිද්ධ නොවේ.

අනුබන්‍ධන නිමිත්තද -පෙ- එක් සිතකට අරමුණු නොවේ. මේ තුන් කරුණු දන්නාහට ආනාපානසති භාවනාව සිද්ධ වේ.

එවං උපට‍්ඨිතෙ පන නිමිත‍්තෙ තෙන භික‍්ඛුනා ආචරියස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා ආරොචෙතබ‍්බං “මය‍්හං, භන‍්තෙ, එවරූපං නාම උපට‍්ඨාතී”ති. ආචරියෙන පන එතං නිමිත‍්තන‍්ති වා න වා නිමිත‍්තන‍්ති න වත‍්තබ‍්බං. “එවං හොති, ආවුසො”ති වත්‍වා පුනප‍්පුනං මනසි කරොහීති වත‍්තබ‍්බො. නිමිත‍්තන‍්ති හි වුත‍්තෙ වොසානං ආපජ‍්ජෙය්‍ය. න නිමිත‍්තන‍්ති වුත‍්තෙ නිරාසො විසීදෙය්‍ය. තස‍්මා තදුභයම‍්පි අවත්‍වා මනසිකාරෙයෙව නියොජෙතබ‍්බොති. එවං තාව දීඝභාණකා.

මෙසේ පටිභාගනිමිත්ත වැටහුණවිට ඒ භික්‍ෂුව විසින් ආචාර්යවරයා වෙත ගොස්, ‘ස්වාමීනි, මට මෙවන් දෙයක් වැටහේ’ යයි දැන්විය යුතුය. ආචාර්යවරයා විසින් වනාහි, ‘මේ නිමිත්තැ’යි හෝ ‘නිමිති නොවේ’යි හෝ නොකිවයුතුය. ‘ඇවැත්නි භාවනාවෙහි යෙදෙන විට එසේ වන්නේය’යි කියා නැවත නැවතත් මෙනෙහි කරන්නැ’යි කිවයුතුය. නිමිත්තැ’යි කිවහොත් භාවනාවෙහි නිමාව වෙත යන්නේය, නිමිති නොවෙති’යි කිවහොත් භාවනාවෙහි ආශා හැර පසුබස්නේය, එහෙයින් ඒ දෙකම නොකියා මෙනෙහි කිරීමෙහි යෙදවිය යුතුයයි යන මේ දීඝභාණක මතයයි.

මජ‍්ඣිමභාණකා පනාහු “නිමිත‍්තමිදං, ආවුසො, කම‍්මට‍්ඨානං පුනප‍්පුනං මනසි කරොහි සප‍්පුරිසාති වත‍්තබ‍්බො”ති. අථානෙන නිමිත‍්තෙයෙව චිත‍්තං ඨපෙතබ‍්බං . එවමස‍්සායං ඉතො පභුති ඨපනාවසෙන භාවනා හොති. වුත‍්තඤ‍්හෙතං පොරාණෙහි –

මජ්ඣිමභාණකයෝ වනාහි, ‘ඇවැත්නි මේ නිමිත්තැ’යි කියා ‘සත්පුරුෂය, නැවත නැවත කමටහන මෙනෙහි කරන්නැ’යි කිවයුතුය’යි පවසති. ඉක්බිති ඒ භික්‍ෂුව විසින් නිමිත්තෙහිම සිත පිහිටුවිය යුතුය, මෙසේ මෙතැන් පටන් ඒ යෝගාවචරයාහට ‘ඨපනා’ වශයෙන් භාවනාව සිද්ධ වේ. කියන ලදමැයි පුරාණාචාර්යයන් විසින්

“නිමිත‍්තෙ ඨපයං චිත‍්තං, නානාකාරං විභාවයං; ධීරො අස‍්සාසපස‍්සාසෙ, සකං චිත‍්තං නිබන්‍ධතී”ති. (පාරා· අට‍්ඨ· 2.165);

නිමිත්තෙ ඨපයං චිත්තං නානාකාරං විභාවයං ධීරො අස්සාසපස්සාසෙ සකං චිත්තං නිබන්‍ධතී’ති.

(පටිභාග) නිමිත්තෙහි සිත පිහිටුවමින් නුවණැත්තේ (ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබද) නොයෙක් ආකාරයෙන් ප්‍රකට කෙරෙමින් තමාගේ සිත එම ආශ්වාස ප්‍රශ්වාසයන් කෙරෙහි රඳවයි.

තස‍්සෙවං නිමිත‍්තුපට‍්ඨානතො පභුති නීවරණානි වික‍්ඛම‍්භිතානෙව හොන‍්ති, කිලෙසා සන‍්නිසින‍්නාව. සති උපට‍්ඨිතායෙව. චිත‍්තං උපචාරසමාධිනා සමාහිතමෙව. අථානෙන තං නිමිත‍්තං නෙව වණ‍්ණතො මනසි කාතබ‍්බං, න ලක‍්ඛණතො පච‍්චවෙක‍්ඛිතබ‍්බං. අපිච ඛො ඛත‍්තියමහෙසියා චක‍්කවත‍්තිගබ‍්භො විය කස‍්සකෙන සාලියවගබ‍්භො විය ච ආවාසාදීනි සත‍්ත අසප‍්පායානි වජ‍්ජෙත්‍වා තානෙව සත‍්ත සප‍්පායානි සෙවන‍්තෙන සාධුකං රක‍්ඛිතබ‍්බං. අථ නං එවං රක‍්ඛිත්‍වා පුනප‍්පුනං මනසිකාරවසෙන වුද‍්ධිං විරූළ‍්හිං ගමයිත්‍වා දසවිධං අප‍්පනාකොසල‍්ලං සම‍්පාදෙතබ‍්බං, වීරියසමතා යොජෙතබ‍්බා. තස‍්සෙවං ඝටෙන‍්තස‍්ස පථවීකසිණෙ වුත‍්තානුක‍්කමෙනෙව තස‍්මිං නිමිත‍්තෙ චතුක‍්කපඤ‍්චකජ‍්ඣානානි නිබ‍්බත‍්තන‍්ති.

මෙසේ ඒ යෝගාවචරයාහට පටිභාග නිමිත්ත වැටහීමෙහි පටන් නීවරණයෝ නටුවාහුම වෙති, ක්ලේශයෝ සන්හිඳියාහුම වෙති. සිහිය එළඹ සිටියේම වේ. සිත උපචාර සමාධියෙන් සමාහිත වූයේම වේ, ඉක්බිත්තෙන් ඒ යෝගාවචරයා විසින් එම පටිභාගනිමිත්ත (පුළුන්පිඬු, තාරකාරූප ආදී) වර්ණ වශයෙන් මෙනෙහි නොකළයුතු වේ, (ගොරහැඩි බව ආදී හෝ අනිත්‍යබව ආදී හෝ) ලක්‍ෂණ වශයෙන් ප්‍රත්‍යවෙක්‍ෂණයද නොකළයුතුය. එතෙකුදු වුවත්, රජ මෙහෙසියක විසින් සක්විති ගැබක් සෙයින්ද, ගොවියකු විසින් හැල්යව ගබක් සෙයින්ද ආවාසාදී සප්ත අසත්ප්‍රායයන් දුරුකොට සත්ප්‍රාය වූ එම ආවාස ආදිය සෙවුමින් මනාකොට රැකියයුතුය. ඉක්බිති එම පටිභාග නිමිත්ත මේ ආකාරයෙන් රැක යලි යලිදු මෙනෙහි කිරීම් වශයෙන් වෘද්ධියට මහත්බවට පමුණුවා දශවිධ අර්පණා කුශලතාව ඉපැදවිය යුතුය. වීර්යසමතාව යෙදවිය යුතුය. මෙසේ ප්‍රයත්න කරන ඒ යෝගාවචරයාහට යට පඨවි කසිණයෙහි කී පිළිවෙළින්ම ඒ පටිභාග නිමිත්තෙහි චතුෂ්ක පංචක ධ්‍යානයෝ උපදනාහුය.

එවං නිබ‍්බත‍්තචතුක‍්කපඤ‍්චකජ‍්ඣානො පනෙත්‍ථ භික‍්ඛු සල‍්ලක‍්ඛණාවිවට‍්ටනාවසෙන කම‍්මට‍්ඨානං වඩ‍්ඪෙත්‍වා පාරිසුද‍්ධිං පත‍්තුකාමො තදෙව ඣානං පඤ‍්චහාකාරෙහි වසිප‍්පත‍්තං පගුණං කත්‍වා නාමරූපං වවත්‍ථපෙත්‍වා විපස‍්සනං පට‍්ඨපෙති. කථං? සො හි සමාපත‍්තිතො වුට‍්ඨාය අස‍්සාසපස‍්සාසානං සමුදයො කරජකායො ච චිත‍්තඤ‍්චාති පස‍්සති. යථා හි කම‍්මාරගග‍්ගරියා ධමමානාය භස‍්තඤ‍්ච පුරිසස‍්ස ච තජ‍්ජං වායාමං පටිච‍්ච වාතො සඤ‍්චරති, එවමෙව කායඤ‍්ච චිත‍්තඤ‍්ච පටිච‍්ච අස‍්සාසපස‍්සාසාති. තතො අස‍්සාසපස‍්සාසෙ ච කායඤ‍්ච රූපන‍්ති චිත‍්තඤ‍්ච තංසම‍්පයුත‍්තධම‍්මෙ ච අරූපන‍්ති වවත්‍ථපෙති. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරතො පන නාමරූපවවත්‍ථානං පරතො ආවිභවිස‍්සති.

මෙසේ උපන් චතුෂ්ක පංචකධ්‍යාන ඇති භික්‍ෂු තෙමේ මෙම භාවනාවෙහිදී සල්ලක්ඛණ විවට්ටනා වශයෙන් කමටහන් වඩා පාරිශුද්ධියට පැමිණෙනු කැමැත්තේ එම ධ්‍යානයම පස් ආකාරයෙන් වසීභාවයට පමුණුවා ප්‍රගුණකොට නාමරූපයන් ව්‍යවස්ථාපනය (නිශ්චය) කොට විදර්ශනා පටන්ගනියි. කෙසේදයත්, හේතෙමේ සමාපත්තියෙන් නැඟී ආශ්වාස ප්‍රශ්වාසයනට ප්‍රභව වූ කරජකායද චිත්තයද බලයි. යම්සේ වනාහි කඹුරු උදුනට ගිනි පිඹිනවිට භස්ත්‍රාව (මයිනාහම) ද ඒ අනුව පැවැති පුරුෂයාගේ ව්‍යායාමයද නිසා වාතය ඔබමොබ හමයිද, එසේම කයද සිතද නිසා ආශ්වාස ප්‍රශ්වාසයෝ පවත්නාහුය. ඉක්බිති ආශ්වාස ප්‍රශ්වාසයන් හා කරජකාය රූපයයිද, චිත්තයද එය හා බැදුණු ධර්මයන් අරූපයයිද ව්‍යවස්ථාපන (නිශ්චය) කරයි. මේ මෙහි සංක්‍ෂෙපයයි. නාමරූප ව්‍යවස්ථාපනය විස්තර වශයෙන් මතු දක්වනු ලබන්නේය.

එවං නාමරූපං වවත්‍ථපෙත්‍වා තස‍්ස පච‍්චයං පරියෙසති. පරියෙසන‍්තො ච නං දිස‍්වා තීසුපි අද‍්ධාසු නාමරූපස‍්ස පවත‍්තිං ආරබ‍්භ කඞ‍්ඛං විතරති. විතිණ‍්ණකඞ‍්ඛො කලාපසම‍්මසනවසෙන තිලක‍්ඛණං ආරොපෙත්‍වා උදයබ‍්බයානුපස‍්සනාය පුබ‍්බභාගෙ උප‍්පන‍්නෙ ඔභාසාදයො දස විපස‍්සනුපක‍්කිලෙසෙ පහාය උපක‍්කිලෙසවිමුත‍්තං පටිපදාඤාණං මග‍්ගොති වවත්‍ථපෙත්‍වා උදයං පහාය භඞ‍්ගානුපස‍්සනං පත්‍වා නිරන‍්තරං භඞ‍්ගානුපස‍්සනෙන වයතො උපට‍්ඨිතෙසු සබ‍්බසඞ‍්ඛාරෙසු නිබ‍්බින්‍දන‍්තො විරජ‍්ජන‍්තො විමුච‍්චන‍්තො යථාක‍්කමෙන චත‍්තාරො අරියමග‍්ගෙ පාපුණිත්‍වා අරහත‍්තඵලෙ පතිට‍්ඨාය එකූනවීසතිභෙදස‍්ස පච‍්චවෙක‍්ඛණාඤාණස‍්ස පරියන‍්තං පත‍්තො සදෙවකස‍්ස ලොකස‍්ස අග‍්ගදක‍්ඛිණෙය්‍යො හොති.

මෙසේ නාමරූප දෙක ව්‍යවස්ථාපනය කොට ඒ නාමරූපයනට හේතු වූ කරුණු සොයයි, එසේ සොයනුයේ එම හේතු දැක තුන් කල්හි එම නාමරූපයන්ගේ පැවැත්ම අරභයා සැක දුර හරියි. සැක දුර හැර රූපකලාප සම්මර්ශන වශයෙන් තිලකුණට නංවා උදයව්‍යය අනුව දැකීමේ පූර්වාවස්ථාව උපන් කල්හි ‘ඔභාස’ ආදීවූ දශවිධ විදර්ශනා උපක්ලේශයන් හැර උපක්ලේශයන් කෙරෙන් මිදුණු ප්‍රතිපදා ඥානය මාර්ගය’යි ව්‍යාවස්ථාපනය කොට උදයානුපස්සනාව හැර භංගානුපස්සනාවට පැමිණ, නිරතුරුවම භංගානුපස්සනා හෙයින් භය වශයෙන් එළඹි සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරෙනුයේ, නො-ඇලෙනුයේ, මිදෙනුයේ අනුපිළිවෙළින් සතර ආර්යමාර්ගයට පැමිණ රහත් පෙලෙහි පිහිටා එකුන් විසිවැදෑරුම් ප්‍රත්‍යවෙක්‍ෂා ඥානයෙහි කෙළවරට පැමිණියේ දෙවියන් සහිත ලෝකයාහට අග්‍ර දක්‍ෂිණෙය්‍යභාවයට පත්වන්නේය.

එත‍්තාවතා චස‍්ස ගණනං ආදිං කත්‍වා විපස‍්සනාපරියොසානා ආනාපානස‍්සතිසමාධිභාවනා සමත‍්තා හොතීති අයං සබ‍්බාකාරතො පඨමචතුක‍්කවණ‍්ණනා.

මෙතෙකින් මෙහි ගිණීමෙන් පටන්ගෙන පටිපස්සනාවෙන් අවසන්වන ආනාපානසති සමාධි භාවනාව සමාප්ත වේයයි මේ සියලු ආකාරයෙන් කරන ලද ප්‍රථමචතුෂ්ක වර්ණනායි.

ඉතරෙසු පන තීසු චතුක‍්කෙසු යස‍්මා විසුං කම‍්මට‍්ඨානභාවනානයො නාම නත්‍ථි. තස‍්මා අනුපදවණ‍්ණනානයෙනෙව තෙසං එවං අත්‍ථො වෙදිතබ‍්බො.

සෙසු චතුෂ්ක තුනෙහි වනාහි, යම් හෙයකින් වෙන් වෙන් වශයෙන් කර්මස්ථාන භාවනා නයෙක් නැත්ද, එහෙයින් පද පිළිවෙළින්ම එම චතුෂ්ක තුනෙහි අර්ත්‍ථය මෙසේ දතයුතුය:

පීතිපටිසංවෙදීති පීතිං පටිසංවිදිතං කරොන‍්තො පාකටං කරොන‍්තො අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. තත්‍ථ ද‍්වීහාකාරෙහි පීති පටිසංවිදිතා හොති ආරම‍්මණතො ච අසම‍්මොහතො ච.

පීති පටිසංවෙදී යනු, පීතිය මනාකොට දනිමින්, ප්‍රකට කරමින්, ආශ්වාස කරන්නෙමි’යි ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙයි. එහි දෙආකාරයකින් පීතිය මොනවට දන්නා ලද්දක් වෙයි, අරමුණු වශයෙන් හා අසම්මොහ වශයෙනි.

කථං ආරම‍්මණතො පීති පටිසංවිදිතා හොති? සප‍්පීතිකෙ ද‍්වෙ ඣානෙ සමාපජ‍්ජති. තස‍්ස සමාපත‍්තික‍්ඛණෙ ඣානපටිලාභෙන ආරම‍්මණතො පීති පටිසංවිදිතා හොති, ආරම‍්මණස‍්ස පටිසංවිදිතත‍්තා. කථං අසම‍්මොහතො? සප‍්පීතිකෙ ද‍්වෙ ඣානෙ සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය ඣානසම‍්පයුත‍්තං පීතිං ඛයතො වයතො සම‍්මසති. තස‍්ස විපස‍්සනාක‍්ඛණෙ ලක‍්ඛණපටිවෙධෙන අසම‍්මොහතො පීති පටිසංවිදිතා හොති. වුත‍්තඤ‍්හෙතං පටිසම‍්භිදායං (පටි· ම· 1.172) –

කෙසේනම් පීතිය අරමුණු වශයෙන් මොනවට දන්නා ලද්දේවේද? පීති සහිත වූ (ප්‍රථම, ද්විතීය) ධ්‍යාන දෙකම සමවදියි. සමවන් කෙණෙහිම ධ්‍යාන ප්‍රතිලාභය හේතුකොටගෙන පීතිය අරමුණු වශයෙන් මොනවට දන්නා ලද්දේ වේ, අරමුණ මොනවට දන්නාලද හෙයිනි. අසම්මොහ වශයෙන් කෙසේ මොනවට දන්නා ලද්දේ වේද? පීති සහිත වූ (ප්‍රථම, ද්විතීය) ධ්‍යාන දෙකම සමවැද, එයින් නැඟී ධ්‍යානය හා සමග යෙදුණ පීතිය ක්‍ෂය වශයෙන්ද ව්‍යය වශයෙන්ද සලකා බලයි. විදර්ශනා ක්‍ෂණයෙහි ඒ රෝගියා විසින් ලක්‍ෂණ ප්‍රතිවෙධයෙන් ප්‍රීතිය අසම්මොහ වශයෙන් මොනවට දන්නා ලද්දේ වේ. පටිසම්භිදාවෙහි මෙය කියන ලදමැයි:

“දීඝං අස‍්සාසවසෙන චිත‍්තස‍්ස එකග‍්ගතං අවික‍්ඛෙපං පජානතො සති උපට‍්ඨිතා හොති. තාය සතියා තෙන ඤාණෙන සා පීති පටිසංවිදිතා හොති. දීඝං පස‍්සාසවසෙන… රස‍්සං අස‍්සාසවසෙන… රස‍්සං පස‍්සාසවසෙන… සබ‍්බකායපටිසංවෙදී අස‍්සාසපස‍්සාසවසෙන… පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සාසපස‍්සාසවසෙන චිත‍්තස‍්ස එකග‍්ගතං අවික‍්ඛෙපං පජානතො සති උපට‍්ඨිතා හොති. තාය සතියා තෙන ඤාණෙන සා පීති පටිසංවිදිතා හොති. ආවජ‍්ජතො සා පීති පටිසංවිදිතා හොති. ජානතො පස‍්සතො පච‍්චවෙක‍්ඛතො චිත‍්තං අධිට‍්ඨහතො සද‍්ධාය අධිමුච‍්චතො වීරියං පග‍්ගණ‍්හතො සතිං උපට‍්ඨාපයතො චිත‍්තං සමාදහතො පඤ‍්ඤාය පජානතො අභිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤෙය්‍යං පහාතබ‍්බං භාවෙතබ‍්බං සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකරොතො සා පීති පටිසංවිදිතා හොති. එවං සා පීති පටිසංවිදිතා හොතී”ති.

දීර්ඝ වූ ආශ්වාස වශයෙන් වික්ෂේප නොවූ චිත්තෛකාග්‍රතාව දන්නහුට සිහිය එළඹ සිටියේ වේ. එම සිහියෙන් එම ඥානයෙන් ඒ පීතිය මොනවට දන්නා ලද්දේ වේ. දීර්ඝ වූ ප්‍රශ්වාස වශයෙන්... කෙටිවූ ආශ්වාස වශයෙන්...කෙටි වූ ප්‍රශ්වාස -පෙ-සියලු කය මොනවට දනිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරිම් වශයෙන්.... කායසංස්කාරය සන්සිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් වික්ෂේප නොවූ චිත්තෛකාග්‍රතාව දන්නාහට සිහි එළඹ සිටියේ වේ. ඒ සිහියෙන්, ඒ ඥානයෙන් ප්‍රීතිය මනාකොට දන්නා ලද්දේ වේ. ආවර්ජන වශයෙන් ඒ පීතිය මොනවට දන්නා ලද්දේ වේ. දන්නහු විසින්, දක්නහු විසින්, ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නහු විසින්, (විදර්ශනා) චිත්තය පිහිටුවන්නහු විසින්, ශ්‍රද්ධාවෙන් අදහන්නහු විසින්, වීර්යය දැඩිව ගන්නහු විසින්, සිහිය එළවන්නහු විසින් සිත එකඟ කරන්නහු විසින්, සම්‍යක් ප්‍රඥාවෙන් දන්නහු විසින්, මනාකොට දතයුතු දෙය මනාකොට දන්නහු විසින්, තිලකුණු වශයෙන් දතයුතු දෙය තිලකුණු වශයෙන් දන්නහු විසින්, අත්හළයුතු දෙය අත්හරින්නහු විසින්, වැඩියයුතු දෙය වඩන්නහු විසින්, සාක්‍ෂාත් කළයුතු දෙය සාක්‍ෂාත් කරන්නහු විසින්... ඒ පීතිය මොනවට දන්නා ලද්දේ වේ’ යනුයි.

එතෙනෙව නයෙන අවසෙසපදානිපි අත්‍ථතො වෙදිතබ‍්බානි. ඉදම‍්පනෙත්‍ථ විසෙසමත‍්තං, තිණ‍්ණං ඣානානං වසෙන සුඛපටිසංවෙදිතා, චතුන‍්නම‍්පි වසෙන චිත‍්තසඞ‍්ඛාරපටිසංවෙදිතා වෙදිතබ‍්බා. චිත‍්තසඞ‍්ඛාරොති වෙදනාදයො ද‍්වෙ ඛන්‍ධා. සුඛපටිසංවෙදීපදෙ චෙත්‍ථ විපස‍්සනාභූමිදස‍්සනත්‍ථං “සුඛන‍්ති ද‍්වෙ සුඛානි කායිකඤ‍්ච සුඛං චෙතසිකඤ‍්චා”ති පටිසම‍්භිදායං (පටි· ම· 1.173) වුත‍්තං. පස‍්සම‍්භයං චිත‍්තසඞ‍්ඛාරන‍්ති ඔළාරිකං ඔළාරිකං චිත‍්තසඞ‍්ඛාරං පස‍්සම‍්භෙන‍්තො, නිරොධෙන‍්තොති අත්‍ථො. සො විත්‍ථාරතො කායසඞ‍්ඛාරෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

මෙම නයින් සෙසු පදයන්ද, අර්ත්‍ථ වශයෙන් දතයුතුය. මෙහිලා විශේෂ වනුයේ මේය, (ප්‍රථම, ද්විතීය තෘතීය යන) තුන් ධ්‍යානයන්ගේ වශයෙන්, සුඛපටිසංවෙදිතාවද, සතර ධ්‍යානයන්ගේ වශයෙන් චිත්තසංඛාර පටිසංවෙදිතාවද දතයුතුය. චිත්තසංඛාර නම්, වෙදනා සඤ්ඤා යන ස්කන්‍ධ දෙකයි. මෙහිලා ‘සුඛපටිසංවෙදී’ යන මේ පදයෙහි විදර්ශනා භූමිය දක්වනු පිණිස, ‘සුඛඤ්ච, ද්වෙ සුඛානි, කායිකං සුඛං චෙතසිකඤ්ච’ (සුඛය නම් කායික චෛතසික වශයෙන් දෙකෙකි) යනුවෙන් පටිසම්භිදාවෙහි කියන ලදි. පස්සම්හයං චිත්තසංඛාරං යනු, ඔළාරික වූ චිත්තසංඛාරය සන්සිඳුවමින්, පහකෙරෙමින් යන අර්ත්‍ථයි. එම චිත්තසංඛාරය කායසංඛාරයෙහි කී නයින් සවිස්තරව දතයුතුය.

අපිචෙත්‍ථ පීතිපදෙ පීතිසීසෙන වෙදනා වුත‍්තා. සුඛපදෙ සරූපෙනෙව වෙදනා. ද‍්වීසු චිත‍්තසඞ‍්ඛාරපදෙසු “සඤ‍්ඤා ච වෙදනා ච චෙතසිකා එතෙ ධම‍්මා චිත‍්තපටිබද‍්ධා චිත‍්තසඞ‍්ඛාරා”ති (පටි· ම· 1.174; ම· නි· 1.463) වචනතො සඤ‍්ඤාසම‍්පයුත‍්තා වෙදනාති එවං වෙදනානුපස‍්සනානයෙන ඉදං චතුක‍්කං භාසිතන‍්ති වෙදිතබ‍්බං.

වැලිදු, මෙහිලා ‘පීති’ යන පදයෙහි පීති යනුවෙන් වෙදනා ස්කන්‍ධය කියන ලද්දේය. ‘සුබ’ යන පදයෙහි ස්වරූපයෙන්ම වෙදනාව කියන ලද්දේය. ‘චිත්ත-සංඛාරං’ යන දෙපෙදෙහි, සංඥාවද වෙදනාවද චෛතසිකයෝය, මේ ස්වභාවයෝ සිත පිළිබඳ වූවාහුය, චිත්තසංඛාර යන වචනයෙන් සංඥා සම්ප්‍රයුක්ත වෙදනා ස්කන්‍ධය කියන ලදැයි මෙසේ වෙදනානුපස්සනා නයින් මේ චතුෂ්කය කියන ලදැයි දතයුතුය.

තතියචතුක‍්කෙපි චතුන‍්නං ඣානානං වසෙන චිත‍්තපටිසංවෙදිතා වෙදිතබ‍්බා. අභිප‍්පමොදයං චිත‍්තන‍්ති චිත‍්තං මොදෙන‍්තො පමොදෙන‍්තො හාසෙන‍්තො පහාසෙන‍්තො අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. තත්‍ථ ද‍්වීහාකාරෙහි අභිප‍්පමොදො හොති සමාධිවසෙන ච විපස‍්සනාවසෙන ච.

තෙවන චතුෂ්කයෙහිද සතර ධ්‍යානයන්ගේ වශයෙන් චිත්ත පටිසංවෙදිතාව දතයුතුය. අභිප්පමොදයං චිත්තං යනු, චිත්තය සතුටු කරමින්, ප්‍රමොද කරමින්, පිනවමින්, ප්‍රහසන කරමින් ආශ්වාස කරන්නෙමි’යි ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙයි. එහි දෙ-ආකාරයකින් අභිප්‍රමොදනය වන්නේය. සමාධි වශයෙන් හා විදර්ශනා වශයෙනි.

කථං සමාධිවසෙන? සප‍්පීතිකෙ ද‍්වෙ ඣානෙ සමාපජ‍්ජති. සො සමාපත‍්තික‍්ඛණෙ සම‍්පයුත‍්තපීතියා චිත‍්තං ආමොදෙති පමොදෙති. කථං විපස‍්සනාවසෙන? සප‍්පීතිකෙ ද‍්වෙ ඣානෙ සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය ඣානසම‍්පයුත‍්තපීතිං ඛයතො වයතො සම‍්මසති. එවං විපස‍්සනාක‍්ඛණෙ ඣානසම‍්පයුත‍්තං පීතිං ආරම‍්මණං කත්‍වා චිත‍්තං ආමොදෙති පමොදෙති. එවං පටිපන‍්නො “අභිප‍්පමොදයං චිත‍්තං අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති වුච‍්චති.

සමාධි වශයෙන් කෙසේද? පීති සහිතවූ (ප්‍රථම, ද්විතීය) ධ්‍යාන දෙකට සමවදියි, ඒ යෝගී තෙමේ සමවන් කෙණෙහිම සම්ප්‍රයුක්ත ප්‍රීතියෙන් සිත තුටු කරවයි, ප්‍රමොද කරවයි. විදර්ශනා වශයෙන් කෙසේද? පීති සහිත (ප්‍රථම, ද්විතීය) ධ්‍යාන දෙකට සමවැද ඉන් නැඟී සිට ධ්‍යාන සම්ප්‍රයුක්ත පීතිය ක්‍ෂය වශයෙන්ද ව්‍යය වශයෙන්ද සලකා බලයි. මෙසේ විදර්ශනා ලත් කෙණෙහිම ධ්‍යාන සම්ප්‍රයුක්ත පීතිය අරමුණුකොට සිත තුටු කරවයි, ප්‍රමොද කරවයි. මෙසේ පිළිපන්නේ සිත වෙසෙසින් ප්‍රමාද කරවමින් ආශ්වාස කරන්නෙමි’යි ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මේ’ යයි කියනු ලැබේ.

සමාදහං චිත‍්තන‍්ති පඨමජ‍්ඣානාදිවසෙන ආරම‍්මණෙ චිත‍්තං සමං ආදහන‍්තො සමං ඨපෙන‍්තො. තානි වා පන ඣානානි සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය ඣානසම‍්පයුත‍්තං චිත‍්තං ඛයතො වයතො සම‍්පස‍්සතො විපස‍්සනාක‍්ඛණෙ ලක‍්ඛණපටිවෙධෙන උප‍්පජ‍්ජති ඛණිකචිත‍්තෙකග‍්ගතා. එවං උප‍්පන‍්නාය ඛණිකචිත‍්තෙකග‍්ගතාය වසෙනපි ආරම‍්මණෙ චිත‍්තං සමං ආදහන‍්තො සමං ඨපෙන‍්තො “සමාදහං චිත‍්තං අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති වුච‍්චති.

සමාදහං චිත්තං යනු, ප්‍රථම ධ්‍යාන ආදී වශයෙන් අරමුණෙහි සිත සමව යොදවමින්, සමට තබමින් ඒ ධ්‍යානයනට සමවැද ඉන් නැඟී ධ්‍යාන සම්ප්‍රයුක්ත සිත ක්‍ෂය වශයෙන්, ව්‍යය වශයෙන් සලකා බලමින්, විදර්ශනාක්‍ෂණයෙහි ලක්‍ෂණ ප්‍රතිවෙධයෙන් ක්‍ෂණික එකාග්‍රතාව උපදී. මෙසේ උපන් ක්‍ෂණික චිත්තෛකාග්‍රතා වශයෙන්ද, අරමුණෙහි සිත සමව යොදවමින් සමව තබමින් ආශ්වාස කරන්නෙමි’යි ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මේයයි කියනු ලැබේ.

විමොචයං චිත‍්තන‍්ති පඨමජ‍්ඣානෙන නීවරණෙහි චිත‍්තං මොචෙන‍්තො විමොචෙන‍්තො, දුතියෙන විතක‍්කවිචාරෙහි, තතියෙන පීතියා, චතුත්‍ථෙන සුඛදුක‍්ඛෙහි චිත‍්තං මොචෙන‍්තො විමොචෙන‍්තො. තානි වා පන ඣානානි සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය ඣානසම‍්පයුත‍්තං චිත‍්තං ඛයතො වයතො සම‍්මසති. සො විපස‍්සනාක‍්ඛණෙ අනිච‍්චානුපස‍්සනාය නිච‍්චසඤ‍්ඤාතො චිත‍්තං මොචෙන‍්තො, දුක‍්ඛානුපස‍්සනාය සුඛසඤ‍්ඤාතො, අනත‍්තානුපස‍්සනාය අත‍්තසඤ‍්ඤාතො, නිබ‍්බිදානුපස‍්සනාය නන්‍දිතො, විරාගානුපස‍්සනාය රාගතො, නිරොධානුපස‍්සනාය සමුදයතො, පටිනිස‍්සග‍්ගානුපස‍්සනාය ආදානතො චිත‍්තං මොචෙන‍්තො අස‍්සසති චෙව පස‍්සසති ච. තෙන වුච‍්චති “විමොචයං චිත‍්තං අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති. එවං චිත‍්තානුපස‍්සනාවසෙන ඉදං චතුක‍්කං භාසිතන‍්ති වෙදිතබ‍්බං.

විමොචයං චිත්තං යනු, ප්‍රථම ධ්‍යානයෙන් නීවරණයන්ගෙන් සිත මුදවමින්, විශේෂයෙන් මුදවමින් තවද ද්විතීය ධ්‍යානයෙන් විතර්ක විචාරයන්ගෙන්ද, තෘතීය ධ්‍යානයෙන් ප්‍රීතියෙන්ද, චතුර්ත්‍ථ ධ්‍යානයෙන් සුඛදුඃඛයන් කෙරෙන්ද සිත මුදවමින්, වෙසෙසින් මුදවමින් එම ධ්‍යානයනට සමවැද එයින් නැගී ධ්‍යාන සම්ප්‍රයුක්ත සිත ක්‍ෂය වශයෙන්, ව්‍යය වශයෙන් සලකා බලයි. ඒ යෝගී තෙමේ විදර්ශනාක්‍ෂණයෙහි අනිච්චානුපස්සනාවෙන් නිත්‍ය සංඥාව කෙරෙන් සිත මුදවමින්, වෙසෙසින් මුදවමින් තවද දුඃඛානුපස්සනාවෙන් සුඛසංඥාව කෙරෙන්ද, අනත්තානුපස්සනාවෙන් ආත්ම සංඥාව කෙරෙන්ද, නිබ්බිදානුපස්සනාවෙන් නන්‍දියෙන් (හෙවත් සොම්නස් සහිත තෘෂ්ණාවෙන්) ද, විරාගානුපස්සනාවෙන් රාගය කෙරෙන්ද, නිරෝධානුපස්සනාවෙන් පුනර්භවයෙන්ද, පටිනිස්සග්ගානුපස්සනාවෙන් ආදානය කෙරෙන්ද සිත මුදවමින් ආශ්වාස කරයි, ප්‍රශ්වාසය කරයි. එහෙයින් විමොචයං චිත්තං අස්සසිස්සාමි පස්සසිස්සාමීති සික්‍ඛති (සිත මුදවාලමින් ආශ්වාස කරන්නෙමි, ප්‍රශ්වාසද කරන්නෙමි’යි හික්මේ’යයි කියනු ලැබේ. මෙසේ චිත්තානුපස්සනා වශයෙන් මේ චතුෂ්කය කියන ලදැයි දතයුතුය.

චතුත්‍ථචතුක‍්කෙ පන අනිච‍්චානුපස‍්සීති එත්‍ථ තාව අනිච‍්චං වෙදිතබ‍්බං. අනිච‍්චතා වෙදිතබ‍්බා. අනිච‍්චානුපස‍්සනා වෙදිතබ‍්බා. අනිච‍්චානුපස‍්සී වෙදිතබ‍්බො.

සිවුවන චතුෂ්කයෙහි වනාහි අනිච්චානුපස්සී යන මෙහි පළමුව අනිත්‍යය දතයුතුය, අනිත්‍යතාව දතයුතුය, අනිච්චානුපස්සනාව දතයුතුය, අනිත්‍යය අනුව බලන්නා දතයුතුය.

තත්‍ථ අනිච‍්චන‍්ති පඤ‍්චක‍්ඛන්‍ධා. කස‍්මා? උප‍්පාදවයඤ‍්ඤථත‍්තභාවා. අනිච‍්චතාති තෙසංයෙව උප‍්පාදවයඤ‍්ඤථත‍්තං, හුත්‍වා අභාවො වා, නිබ‍්බත‍්තානං තෙනෙවාකාරෙන අට‍්ඨත්‍වා ඛණභඞ‍්ගෙන භෙදොති අත්‍ථො. අනිච‍්චානුපස‍්සනාති තස‍්සා අනිච‍්චතාය වසෙන රූපාදීසු අනිච‍්චන‍්ති අනුපස‍්සනා. අනිච‍්චානුපස‍්සීති තාය අනුපස‍්සනාය සමන‍්නාගතො. තස‍්මා එවංභූතො අස‍්සසන‍්තො පස‍්සසන‍්තො ච ඉධ “අනිච‍්චානුපස‍්සී අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති වෙදිතබ‍්බො.

එහි අනිච්ච යනු, පංචස්කන්‍ධයයි. කවරහෙයින්දයත්, ඉපිද නැසෙමින් අන්‍ය ස්වභාවයට පත්වන හෙයිනි. අනිච්චතා යනු, ඒ පංචස්කන්‍ධයන්ගේම ඉපිද නැසෙමින් වෙනස්වෙමින් අභාවයට යාමයි, උපන්නවුන් එම ආකාරයෙන් නොසිට ක්‍ෂණයක් පාසා බිඳෙමින් විනාශ වීමයි යන අර්ත්‍ථයි. අනිච්චානුපස්සනා යනු, එම අනිච්චතාවගේ වශයෙන් රූපාදිය කෙරෙහි අනිත්‍යය යන දැකීමයි. අනිච්චානුපස්සී යනු, එම අනුපස්සනාවෙන් සමන්විත වූ යෝගාවචරයාය. එහෙයින් මෙසේ අනිත්‍යය අනුව බලන්නෙක් වී ආශ්වාස ප්‍රශ්වාස කරනුයේ මේ ශාසනයෙහි අනිච්චානුපස්සී අස්සසිස්සාමි පස්සසිස්සාමී’ති සික්‍ඛතී’ති (අනිත්‍යය අනුව බලමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මේයයි) දතයුතුය.

විරාගානුපස‍්සීති එත්‍ථ පන ද‍්වෙ විරාගා ඛයවිරාගො ච අච‍්චන‍්තවිරාගො ච. තත්‍ථ ඛයවිරාගොති සඞ‍්ඛාරානං ඛණභඞ‍්ගො. අච‍්චන‍්තවිරාගොති නිබ‍්බානං. විරාගානුපස‍්සනාති තදුභයදස‍්සනවසෙන පවත‍්තා විපස‍්සනා ච මග‍්ගො ච. තාය දුවිධායපි අනුපස‍්සනාය සමන‍්නාගතො හුත්‍වා අස‍්සසන‍්තො පස‍්සසන‍්තො ච “විරාගානුපස‍්සී අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති වෙදිතබ‍්බො. නිරොධානුපස‍්සීපදෙපි එසෙව නයො.

විරාගානුපස්සී යනු, මෙහි විරාගයෝ දෙදෙනෙකි, ඛයවිරාගය, අත්‍යන්තවිරාගය යනුවෙනි. එහි ඛයවිරාග නම් සංස්කාරයන්ගේ ක්‍ෂණයක් පාසා සිදුවන බිදීමයි. ‘අච්චන්තවිරාග’ යනු නිර්වාණයයි. විරාගානුපස්සනා යනු (ඛයවිරාගය, අත්‍යන්තවිරාගයයි යන) එම උභය විරාගයන් අනුව පැවැති විදර්ශනාවද මාර්ගයද යන දෙකයි. ඒ දෙවැදෑරුම් විරාගානුපස්සනාවෙන් සමන්විතව ආශ්වාස ප්‍රශ්වාස කරමින් විරාගානුපස්සීව ආශ්වාසද ප්‍රශ්වාසද කරන්නෙමි’යි හික්මේයයි දතයුතුය. නිරොධානුපස්සී යන පෙදෙහිද මෙම නයයි.

පටිනිස‍්සග‍්ගානුපස‍්සීති එත්‍ථාපි ද‍්වෙ පටිනිස‍්සග‍්ගා පරිච‍්චාගපටිනිස‍්සග‍්ගො ච පක‍්ඛන්‍දනපටිනිස‍්සග‍්ගො ච. පටිනිස‍්සග‍්ගොයෙව අනුපස‍්සනා පටිනිස‍්සග‍්ගානුපස‍්සනා. විපස‍්සනාමග‍්ගානං එතමධිවචනං.

පටිනිස්සග්ගානුපස්සී යන මෙහිද, පටිනිස්සග්ගයෝ පරිච්චාගපටිනිස්සග්ගය, පක්‍ඛන්‍දනපටිනිස්සග්ගයයි දෙදෙනෙකි. පටිනිස්සග්ගයම අනුපස්සනාද වෙතැ’යි පටිනිස්සග්ගානුපස්සනා නමි. විදර්ශනා-මාර්ග යන දෙකට මේ අධිවචනයි.

විපස‍්සනා හි තදඞ‍්ගවසෙන සද‍්ධිං ඛන්‍ධාභිසඞ‍්ඛාරෙහි කිලෙසෙ පරිච‍්චජති, සඞ‍්ඛතදොසදස‍්සනෙන ච තබ‍්බිපරීතෙ නිබ‍්බානෙ තන‍්නින‍්නතාය පක‍්ඛන්‍දතීති පරිච‍්චාගපටිනිස‍්සග‍්ගො චෙව පක‍්ඛන්‍දනපටිනිස‍්සග‍්ගොති ච වුච‍්චති. මග‍්ගො සමුච‍්ඡෙදවසෙන සද‍්ධිං ඛන්‍ධාභිසඞ‍්ඛාරෙහි කිලෙසෙ පරිච‍්චජති, ආරම‍්මණකරණෙන ච නිබ‍්බානෙ පක‍්ඛන්‍දතීති පරිච‍්චාගපටිනිස‍්සග‍්ගො චෙව පක‍්ඛන්‍දනපටිනිස‍්සග‍්ගොති ච වුච‍්චති. උභයම‍්පි පන පුරිමපුරිමඤ‍්ඤාණානං අනුඅනුපස‍්සනතො අනුපස‍්සනාති වුච‍්චති. තාය දුවිධායපි පටිනිස‍්සග‍්ගානුපස‍්සනාය සමන‍්නාගතො හුත්‍වා අස‍්සසන‍්තො පස‍්සසන‍්තො ච “පටිනිස‍්සග‍්ගානුපස‍්සී අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති වෙදිතබ‍්බො.

විදර්ශනාව තදඞ්ග වශයෙන් ස්කන්‍ධ අභිසංස්කාරයන් හා සමග ක්ලේශයන් දුර හරියි. සංඛත වස්තූන් (සංස්කාරයන්) කෙරෙහි දොස් දැකීම හේතුකොටගෙන එයට විපරිත වූ නිර්වාණය කෙරෙහි නැඹුරු බවට හේතුවෙතැ’යි පරිච්චාගපටිනිස්සග්ගයයිද පක්‍ඛන්‍දනපටිනිස්සග්ගයයිද කියනු ලැබේ. මාර්ගය සමුච්ඡේද වශයෙන් ස්කන්‍ධාභි සංස්කාරයන් හා සමග ක්ලෙශයන් දුර හරියි. අරමුණු කිරීමෙන්ද නිර්වාණය වෙත නැඹුරු වෙතැ’යි පරිච්චාගපටිනිස්සග්ගයයිද, පක්‍ඛන්‍දනපටිනිස්සග්ගයයිද කියනු ලැබේ, (විදර්ශනා-මාර්ග යන) දෙකම පළමු පළමු ඥානයන් අනුව බලන හෙයින් අනුපස්සනායයි කියනු ලැබේ. ඒ දෙවැදෑරුම් වූ පටිනිස්සග්ගානුපස්සනාවෙන් සමන්විතව ආශ්වාස ප්‍රශ්වාස කෙරෙමින් පටිනිස්සග්ගය අනුව බලමින් ආශ්වාස ප්‍රශ්වාසද කරන්නෙමි’යි හික්මේයයි දතයුතුය.

ඉදං චතුත්‍ථචතුක‍්කං සුද‍්ධවිපස‍්සනාවසෙනෙව වුත‍්තං. පුරිමානි පන තීණි සමථවිපස‍්සනාවසෙන. එවං චතුන‍්නං චතුක‍්කානං වසෙන සොළසවත්‍ථුකාය ආනාපානස‍්සතියා භාවනා වෙදිතබ‍්බා. එවං සොළසවත්‍ථුවසෙන ච පන අයං ආනාපානස‍්සති මහප‍්ඵලා හොති මහානිසංසා.

මේ සිවුවන චතුෂ්කය හුදෙක් විදර්ශනා වශයෙන්ම කියනලදි. පළමු චතුෂ්ක තුන සමථ වශයෙන් මෙන්ම විදර්ශනා වශයෙන්ද කියනලදි. මෙසේ චතුෂ්ක සතරක් වශයෙන් සොළොස්ආකාර වූ ආනාපානසති භාවනාව දතයුතුය. සොළොස් ආකාර වශයෙන් මෙම ආනාපානසති භාවනාව මහත්ඵල මහානිශංස ඇත්තේ වේ.

තත්‍රස‍්ස “අයම‍්පි ඛො, භික‍්ඛවෙ, ආනාපානස‍්සතිසමාධි භාවිතො බහුලීකතො සන‍්තො චෙව පණීතො චා”තිආදිවචනතො සන‍්තභාවාදිවසෙනාපි මහානිසංසතා වෙදිතබ‍්බා, විතක‍්කුපච‍්ඡෙදසමත්‍ථතායපි. අයඤ‍්හි සන‍්තපණීතඅසෙචනකසුඛවිහාරත‍්තා සමාධිඅන‍්තරායකරානං විතක‍්කානං වසෙන ඉතො චිතො ච චිත‍්තස‍්ස විධාවනං විච‍්ඡින්‍දිත්‍වා ආනාපානාරම‍්මණාභිමුඛමෙව චිත‍්තං කරොති. තෙනෙව වුත‍්තං “ආනාපානස‍්සති භාවෙතබ‍්බා විතක‍්කුපච‍්ඡෙදායා”ති (අ· නි· 9.1).

එහි, “අයම්පි ඛො භික්‍ඛවෙ ආනාපානසති සමාධි භාවිතො බහුලීකතො සන්තො චෙව පණීතො ච” “මහණෙනි, මෙම ආනාපානසති සමාධිය වඩනා ලද්දේ, පුරුදු කරන ලද්දේ ශාන්ත වේ, ප්‍රණීතද වේ” යන ආදී වචනයෙන් ශාන්තභාව ආදී වශයෙන්ද, කාමවිතර්කය නැසීමට සමත්වන හෙයින්ද මහානිශංස ඇතිබව දතයුතුය. මෙම ආනාපානසති භාවනාව වූකලී ශාන්ත වූ, ප්‍රණීත වූ, අසෙචනක වූ (නොවිසුරුණ) සුඛවිහාර ඇති හෙයින් සමාධියට අන්තරායකර (කාමාදී) විතර්කයන්ගේ වශයෙන් සිත ඔබ මොබ දිවීම වලකා ආශ්වාස ප්‍රශ්වාසයනට අභිමුඛවම සිත පිහිටුවයි. එහෙයින් “ආනාපානසති භාවෙතබ්බා විතක්කුපච්ඡෙදාය” (විතර්කයන් නැසීම පිණිස ආනාපානසති භාවනාව වැඩිය යුතුය) යි කියනලදි.

විජ‍්ජාවිමුත‍්තිපාරිපූරියා මූලභාවෙනාපි චස‍්සා මහානිසංසතා වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං භගවතා – “ආනාපානස‍්සති, භික‍්ඛවෙ, භාවිතා බහුලීකතා චත‍්තාරො සතිපට‍්ඨානෙ පරිපූරෙති, චත‍්තාරො සතිපට‍්ඨානා භාවිතා බහුලීකතා සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ පරිපූරෙන‍්ති, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා භාවිතා බහුලීකතා විජ‍්ජාවිමුත‍්තිං පරිපූරෙන‍්තී”ති (ම· නි· 3.147).

තවද මෙම ආනාපානසති භාවනාව විජ්ජාවිමුත්ති හෙවත් මාර්ගඵලයන් සම්පූර්ණවීම පිණිස මුල්වන හෙයින්ද මහානිශංසබව දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදමැයි: “මහණෙනි, ආනාපානසති භාවනාව වඩනා ලද්දේ, පුරුදු කරන ලද්දේ සතර සතිපට්ඨානයන් පරිපූර්ණ කරයි, සතර සතිපට්ඨානයෝ වඩනා ලද්දාහු, පුරුදු කරන ලද්දාහු සප්ත බොජ්ඣංගයන් පරිපූර්ණ කරති. සප්ත බොජ්ඣංගයෝ වඩනා ලද්දාහු, පුරුදු කරන ලද්දාහු, විජ්ජාවිමුත්තිය හෙවත් මාර්ගඵලයන් පරිපූර්ණ කරති.”

අපිච චරිමකානං අස‍්සාසපස‍්සාසානං විදිතභාවකරණතොපිස‍්සා මහානිසංසතා වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං භගවතා – “එවං භාවිතාය ඛො, රාහුල, ආනාපානස‍්සතියා එවං බහුලීකතාය යෙපි තෙ චරිමකා අස‍්සාසපස‍්සාසා, තෙපි විදිතාව නිරුජ‍්ඣන‍්ති, නො අවිදිතා”ති (ම· නි· 2.121).

තවද චරිමක හෙවත් අන්තිම ආශ්වාස ප්‍රශ්වාසයන් දැනුවත් කරන හෙයින්ද මෙම ආනාපානසති භාවනාව මහානිශංස වනබව දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදමැයි: “රාහුලය, ආනාපානසතිය මෙසේ වඩනාලද කල්හි මෙසේ පුරුදු කරන ලද කල්හි, යම් ඒ චරිමක හෙවත් අන්තිම ආශ්වාස ප්‍රශ්වාස කෙනෙක් වෙත්ද, ඔහු පවා දැනුවත්වම ඉකුත් වෙති, නොදැනුවත්ව ඉකුත් නොවෙති.”

තත්‍ථ නිරොධවසෙන තයො චරිමකා භවචරිමකා, ඣානචරිමකා, චුතිචරිමකාති. භවෙසු හි කාමභවෙ අස‍්සාසපස‍්සාසා පවත‍්තන‍්ති, රූපාරූපභවෙසු නප‍්පවත‍්තන‍්ති, තස‍්මා තෙ භවචරිමකා. ඣානෙසු පුරිමෙ ඣානත‍්තයෙ පවත‍්තන‍්ති, චතුත්‍ථෙ නප‍්පවත‍්තන‍්ති, තස‍්මා තෙ ඣානචරිමකා. යෙ පන චුතිචිත‍්තස‍්ස පුරතො සොළසමෙන චිත‍්තෙන සද‍්ධිං උප‍්පජ‍්ජිත්‍වා චුතිචිත‍්තෙන සහ නිරුජ‍්ඣන‍්ති, ඉමෙ චුතිචරිමකා නාම. ඉමෙ ඉධ “චරිමකා”ති අධිප‍්පෙතා.

එහි, නිරුද්ධවීම් වශයෙන් භවචරිමකය, ධ්‍යානචරිමකය, චුතිචරිමකයයි චරිමකයෝ තිදෙනෙකි. භවයන් අතුරෙන් කාමභවයෙහි ආශ්වාස ප්‍රශ්වාසයෝ පවත්නාහුය, රූප අරූප භවයන්හි නොපවත්නාහුය, එහෙයින් ඔහු භවචරිමක නම් වෙති. ධ්‍යානයන් අතුරෙන් පළමු ධ්‍යාන තුනෙහි (ආශ්වාස ප්‍රශ්වාසයෝ) පවත්නාහුය. එහෙයින් ඔහු ධ්‍යාන චරිමක නම් වෙති. යම් ආශ්වාස ප්‍රශ්වාසයෙන් චුති චිත්තයට පෙරාතුව සොළොස්වන චිත්තය හා සමග ඉපිද චුති චිත්තය හා සමග නිරුද්ධ වේද, එය චුතිචරිමක නම් වේ. මෙකී චුතිචරිමක ආශ්වාස ප්‍රශ්වාසයෝ මෙහි චරිමක යනුවෙන් අභිප්‍රේත වෙති.

ඉමං කිර කම‍්මට‍්ඨානං අනුයුත‍්තස‍්ස භික‍්ඛුනො ආනාපානාරම‍්මණස‍්ස සුට‍්ඨු පරිග‍්ගහිතත‍්තා චුතිචිත‍්තස‍්ස පුරතො සොළසමස‍්ස චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ උප‍්පාදං ආවජ‍්ජයතො උප‍්පාදොපි නෙසං පාකටො හොති. ඨිතිං ආවජ‍්ජයතො ඨිතිපි නෙසං පාකටා හොති. භඞ‍්ගං ආවජ‍්ජයතො ච භඞ‍්ගො නෙසං පාකටො හොති.

මෙම චුතචරිමක ආශ්වාස ප්‍රශ්වාසයෝ මේ ආනාපානසති භාවනාවෙහි යෙදුණ භික්‍ෂුවහට, එම ආනාපාන ආරම්මණය මනාකොට ගන්නාලද හෙයින් චුතිචිත්තයට පෙරාතුව සොළොස්වන චිත්තය උපන් කෙණෙහි උපත ආවර්ජනය කරනවිට ඔවුන්ගේ උපත ප්‍රකට වේ, පැවැත්ම ආවර්ජනය කරනවිට පැවැත්මද ප්‍රකට වේ, බිඳීම ආවර්ජනය කරනවිට බිඳීමද ප්‍රකට වේ.

ඉතො අඤ‍්ඤං කම‍්මට‍්ඨානං භාවෙත්‍වා අරහත‍්තං පත‍්තස‍්ස භික‍්ඛුනො හි ආයුඅන‍්තරං පරිච‍්ඡින‍්නං වා හොති අපරිච‍්ඡින‍්නං වා. ඉදං පන සොළසවත්‍ථුකං ආනාපානස‍්සතිං භාවෙත්‍වා අරහත‍්තං පත‍්තස‍්ස ආයුඅන‍්තරං පරිච‍්ඡින‍්නමෙව හොති. සො “එත‍්තකං දානි මෙ ආයුසඞ‍්ඛාරා පවත‍්තිස‍්සන‍්ති, න ඉතො පර”න‍්ති ඤත්‍වා අත‍්තනො ධම‍්මතාය එව සරීරපටිජග‍්ගනනිවාසනපාරුපනාදීනි සබ‍්බකිච‍්චානි කත්‍වා අක‍්ඛීනි නිමීලෙති කොටපබ‍්බතවිහාරවාසීතිස‍්සත්‍ථෙරො විය මහාකරඤ‍්ජියවිහාරවාසීමහාතිස‍්සත්‍ථෙරො විය දෙවපුත‍්තමහාරට‍්ඨෙ පිණ‍්ඩපාතිකතිස‍්සත්‍ථෙරො විය චිත‍්තලපබ‍්බතවිහාරවාසිනො ද‍්වෙ භාතියත්‍ථෙරා විය ච.

මේ ආනාපානසති කර්මස්ථානය හැර අන් කර්මස්ථානයක් වඩා රහත් පලයට පැමිණි භික්‍ෂු කෙනෙකුහට ඉතිරි ආයුෂ කාලය පිරිසිඳියේ හෝ නොපිරිසිඳියේ හෝ වේ, මේ සොළොස් ආකාර ආනාපානසතිය වඩා රහත්ඵලයට පැමිණි භික්‍ෂු කෙනෙකුහට ඉතිරි ආයුෂ කාලය ප්‍රකට වන්නේම වේ. එම භික්‍ෂු තෙමේ “මාගේ ආයුසංස්කාරය මෙපමණ කලක්ම පවත්නේය, ඉන් ඔබ්බට නොපවත්නේය’යි දැන තමාගේ ස්වභාවය අනුව සිරුරු පිළිදැගුම්, හැඳීම් පෙරවීම් ආදී සියලු කෘත්‍යයන් කොට ඇස් පියා ගනියි. කෝටපබ්බතවිහාරවාසී තිස්ස තෙරුන්ද, මහාකරඤ්ජයවිහාරවාසී මහාතිස්ස තෙරුන්ද දේවපුත්‍ර දේශයෙහි පිණ්ඩපාතික තෙරුන්ද, සිතුල්පවු වෙහෙර වැසි දෙ බෑ තෙරුන්ද මෙනි.

තත්‍රිදං එකවත්‍ථුපරිදීපනං. ද‍්වෙභාතියත්‍ථෙරානං කිරෙකො පුණ‍්ණමුපොසථදිවසෙ පාතිමොක‍්ඛං ඔසාරෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො අත‍්තනො වසනට‍්ඨානං ගන‍්ත්‍වා චඞ‍්කමෙ ඨිතො චන්‍දාලොකං ඔලොකෙත්‍වා අත‍්තනො ආයුසඞ‍්ඛාරෙ උපධාරෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝමාහ – “තුම‍්හෙහි කථං පරිනිබ‍්බායන‍්තා භික‍්ඛූ දිට‍්ඨපුබ‍්බා”ති. තත්‍ර කෙචි ආහංසු “අම‍්හෙහි ආසනෙ නිසින‍්නකාව පරිනිබ‍්බායන‍්තා දිට‍්ඨපුබ‍්බා”ති. කෙචි “අම‍්හෙහි ආකාසෙ පල‍්ලඞ‍්කමාභුජිත්‍වා නිසින‍්නකා”ති. ථෙරො ආහ – “අහං දානි වො චඞ‍්කමන‍්තමෙව පරිනිබ‍්බායමානං දස‍්සෙස‍්සාමී”ති තතො චඞ‍්කමෙ ලෙඛං කත්‍වා “අහං ඉතො චඞ‍්කමකොටිතො පරකොටිං ගන‍්ත්‍වා නිවත‍්තමානො ඉමං ලෙඛං පත්‍වාව පරිනිබ‍්බායිස‍්සාමී”ති වත්‍වා චඞ‍්කමං ඔරුය‍්හ පරභාගං ගන‍්ත්‍වා නිවත‍්තමානො එකෙන පාදෙන ලෙඛං අක‍්කන‍්තක‍්ඛණෙයෙව පරිනිබ‍්බායි.

එහිලා එක් කතා පුවතක් මෙසේයි: දෙ බෑ තෙරුන් අතුරෙන් එක් කෙනෙක් වනාහි පුන් පොහෝ දිනයෙක ප්‍රාතිමොක්‍ෂය දේශනාකොට භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලදුව තමන්ගේ වාසස්ථානය වෙත ගොස් සක්මන් මළුවෙහි සිට චන්‍ද්‍රාලෝකය බලා තමාගේ ආයුසංස්කාරයන් සලකා බලා භික්‍ෂු සංඝයා අමතා, ඔබ වහන්සේ විසින් කවර ආකාරයෙන් පිරිනිවන් පාන භික්‍ෂූන් දුටුවිරූදැ’යි කීහ. ඒ භික්‍ෂූන් අතුරෙන් ඇතැමෙක් “අප විසින් අස්නෙහි හුන්වනම පිරිනිවන් පානවුන් දුටුවිරූය”යි කීහ. ඇතැමෙක් “අප විසින් අහසෙහි පලක් බැඳ හුන්වනම පිරිනිවන් පානවුන් දුටුවිරූය”යි කීහ. තෙරුන්වහන්සේ, “දැන් මම සක්මන් කරමින්ම පිරිනිවන් පාන සැටි පෙන්වමි”යි සක්මන් මළුවෙහි සරසට ඉරක් ඇද, “මම මේ සක්මන් කෙළවර සිට ඈත කෙළවරට ගොස් පෙරළා එමින් මේ රේඛාව වෙත පැමිණි කෙණෙහිම පිරිනිවන් පානෙමි”යි කියා සක්මනට බැස ඈත කෙළවරට සක්මන් කොට පෙරළා එමින් එක් පයෙකින් රේඛාව පෑගු කෙණෙහිම පිරිනිවන් පෑහ.

තස‍්මා හවෙ අප‍්පමත‍්තො, අනුයුඤ‍්ජෙථ පණ‍්ඩිතො; එවං අනෙකානිසංසං, ආනාපානස‍්සතිං සදාති.

තස්මා හවෙ අප්පමත්තො අනුයුඤ්ජෙථ පණ්ඩිතො එවං අනෙකානිසංසං ආනාපානසතිං සදා.

එහෙයින් නුවණැත්තේ ඒකාන්තයෙන් අප්‍රමාදීව මෙවන් නොයෙක් අනුසස් ඇති ආනාපානසති භාවනාවෙහි සැම කල්හිම නියැලෙන්නේය.

ඉදං ආනාපානස‍්සතියං විත්‍ථාරකථාමුඛං.

මේ ආනාපානසති භාවනාව පිළිබද විස්තර කථාමුඛයයි.