කොට්ඨාසවවත්ථාපනකථා
කොට්ඨාසවවත්ථාපනකථා
කොට්ඨාසවවත්ථාපනකථා
එවං නිමිත්තං ගහෙත්වා සබ්බකොට්ඨාසෙ වණ්ණසණ්ඨානදිසොකාසපරිච්ඡෙදවසෙන වවත්ථපෙත්වා වණ්ණසණ්ඨානගන්ධආසයොකාසවසෙන පඤ්චධා පටික්කූලතො වවත්ථපෙතබ්බා.
මෙසේ නිමිති ගෙන සියලු කොටස්වල වණ්ණ, ඝණ්ඨාන, දිසා, ඔකාස, පරිච්ඡේද වශයෙන් නිශ්චය කොට, වණ්ණ, සණ්ඨාන, ගන්ධ, ආසය, ඔකාස යන පස් ආකාරයෙන්ද පිළිකුල් බව නිශ්චය කටයුතුය.
තත්රායං සබ්බකොට්ඨාසෙසු අනුපුබ්බකථා. කෙසා තාව පකතිවණ්ණෙන කාළකා අද්දාරිට්ඨකවණ්ණා. සණ්ඨානතො දීඝවට්ටලිකා තුලාදණ්ඩසණ්ඨානා. දිසතො උපරිමදිසාය ජාතා. ඔකාසතො උභොසු පස්සෙසු කණ්ණචූළිකාහි, පුරතො නලාටන්තෙන, පච්ඡතො ගලවාටකෙන පරිච්ඡින්නා. සීසකටාහවෙඨනං අල්ලචම්මං කෙසානං ඔකාසො. පරිච්ඡෙදතො කෙසා සීසවෙඨනචම්මෙ වීහග්ගමත්තං පවිසිත්වා පතිට්ඨිතෙන හෙට්ඨා අත්තනො මූලතලෙන, උපරි ආකාසෙන, තිරියං අඤ්ඤමඤ්ඤෙන පරිච්ඡින්නා, ද්වෙ කෙසා එකතො නත්ථීති අයං සභාගපරිච්ඡෙදො. කෙසා න ලොමා, ලොමා න කෙසාති එවං අවසෙසඑකතිංසකොට්ඨාසෙහි අමිස්සීකතා කෙසා නාම පාටියෙක්කො එකකොට්ඨාසොති අයං විසභාගපරිච්ඡෙදො. ඉදං කෙසානං වණ්ණාදිතො වවත්ථාපනං.
එහිලා සියලු කොටස් පිළිබඳ අනුපිළිවෙළ කථාව මෙසේය:- පළමුකොට කෙස් ගතහොත්, එය පියවි පැහැයෙන් අමු පෙනෙල ඇට මෙන් කළුය, සටහන් වශයෙන් දික්වට තුලා දඬු වැනි සටහන් ඇත්තේය, දිශා වශයෙන් උඩු දිශාවෙහි උපන්නේය, ආකාශ වශයෙන් දෙපස කන්සිළුවට ඉදිරි පසින් නළල කෙළවරින්ද, පසුපස ගෙල වටින්ද පිරිසිඳි හිස්කබල වසා සිටින තෙක් සම කෙස්වල අවකාශයයි. පරිච්ඡේද වශයෙන් යටින් හිසවසාගෙන සිටි සම තුළට වියගහක් පමණ පිවිස සිටි කෙස් මුල් වලින්ද, උඩින් අහසින්ද සරසින් එකිනෙකින්ද පිරිසිඳීයේයි. කෙස් ගස් දෙකක් එකට පිහිටා නැතැ’යි යන මේ කාරණය සභාග වශයෙන් පිරිසිඳීමයි. කෙස්, ලොම් නොව, කෙස්ම වේ, ලොම් කෙස් නොව ලොම්ම වේයයි මෙසේ සෙසු එක්තිස් කොටස් වලින් වෙන්කොට, කෙස් නම් වෙනම කොට්ඨාසයෙකැ’යි යන මෙය විසභාග වශයෙන් පිරිසිඳීමයි. මේ කෙස් ආදිය වර්ණාදී වශයෙන් නිශ්චය කිරීමයි.
ඉදං පන නෙසං වණ්ණාදිවසෙන පඤ්චධා පටික්කූලතො වවත්ථාපනං. කෙසා නාමෙතෙ වණ්ණතොපි පටික්කූලා. සණ්ඨානතොපි ගන්ධතොපි ආසයතොපි ඔකාසතොපි පටික්කූලා.
ඒ කෙස් ආදිය වර්ණ ආදී වශයෙන් පස් ආකාරයෙකින් පිළිකුල් බව නිශ්චය කිරීම මෙසේය:- මේ කෙස්ය, කෙස් වනාහි, පැහැයෙන්ද පිළිකුල්ය, හැඩයෙන්ද, ගඳින්ද, ආශ්‍රය වශයෙන්ද, අවකාශ වශයෙන්ද පිළිකුල්ය,
මනුඤ්ඤෙපි හි යාගුපත්තෙ වා භත්තපත්තෙ වා කෙසවණ්ණං කිඤ්චි දිස්වා කෙසමිස්සකමිදං හරථ නන්ති ජිගුච්ඡන්ති. එවං කෙසා වණ්ණතො පටික්කූලා. රත්තිං භුඤ්ජන්තාපි කෙසසණ්ඨානං අක්කවාකං වා මකචිවාකං වා ඡුපිත්වාපි තථෙව ජිගුච්ඡන්ති. එවං සණ්ඨානතො පටික්කූලා.
ප්‍රියවූද බත් බඳුනෙක හෝ කැඳ බඳුනෙක කෙසක් වැනි කිසිවක් දැක, ‘මෙය කෙස් මුසුය, මෙය ඉවතලවු’ යයි පිළිකුල් කරති. මෙසේ වර්ණයෙන්ද පිළිකුල් වේ, රාත්‍රියෙහි අනුභව කරන්නකුහට කෙස් හැඩය ඇති වරා කෙන්දක් හෝ නියද කෙන්දක් විකුණවිට එසේම පිළිකුල් කරති. මෙසේ සටහන් වශයෙන් පිළිකුල් වේ.
තෙලමක්ඛනපුප්ඵධූපාදි සඞ්ඛාරවිරහිතානඤ්ච කෙසානං ගන්ධො පරමජෙගුච්ඡො හොති. තතො ජෙගුච්ඡතරො අග්ගිම්හි පක්ඛිත්තානං. කෙසා හි වණ්ණසණ්ඨානතො අප්පටික්කූලාපි සියුං, ගන්ධෙන පන පටික්කූලායෙව. යථා හි දහරස්ස කුමාරස්ස වච්චං වණ්ණතො හලිද්දිවණ්ණං, සණ්ඨානතොපි හලිද්දිපිණ්ඩසණ්ඨානං. සඞ්කාරට්ඨානෙ ඡඩ්ඩිතඤ්ච උද්ධුමාතකකාළසුනඛසරීරං වණ්ණතො තාලපක්කවණ්ණං . සණ්ඨානතො වට්ටෙත්වා විස්සට්ඨමුදිඞ්ගසණ්ඨානං. දාඨාපිස්ස සුමනමකුළසදිසාති උභයම්පි වණ්ණසණ්ඨානතො සියා අප්පටික්කූලං ගන්ධෙන පන පටික්කූලමෙව. එවං කෙසාපි සියුං වණ්ණසණ්ඨානතො අප්පටික්කූලා ගන්ධෙන පන පටික්කූලායෙවාති.
තෙල් ගැල්වීම්, මල් ගැවසීම්, දුම් ඇල්ලීම් ආදී සැරසීම් නැතිවිට කෙස්වල ගඳ ඉතා පිළිකුල් වේ, ගින්නෙහි ලූවිට (කෙස්වල ගඳ) එයටත් වඩා පිළිකුල් වේ. කෙසේ වනාහි වර්ණ සණ්ඨාන වශයෙන් පිළිකුල් නොවත්මුත් ගඳින් පිළිකුල් වන්නේමය. යම්සේ ළදරුවකුගේ වසුරු පැහැයෙන් කසාවන් වන්නේද, හැඩයෙන්ද, කසාපිඬක් හා සමාන වන්නේද, තවද කසල ගොඩෙක දැමූ කළු බල්ලකුගේ ඉදිමී ගිය සිරුර පැහැයෙන් පැසුණු තල් ගෙඩියක් හා සමාන වන්නේද, සටහන් වශයෙන් වටකොට ලියා නිම කළ මිහිඟු බෙරයක් හා සමාන වන්නේද (උගේ) දළද සමන් කැකුළු හා සමාන වන්නේද, (ළදරුවාගේ වසුරුය, ඉදිමුණ බලු කුණය යන) මේ දෙකම වර්ණ වශයෙන් හෝ සටහන් වශයෙන් පිළිකුල් නොවන්නේය, ගඳින් වනාහි පිළිකුල් වන්නේමය, එසේම කෙස්ද වර්ණ වශයෙන් හෝ සටහන් වශයෙන්ද පිළිකුල් නොවත්මුත් ගඳින් වනාහි පිළිකුල් වන්නේමය.
යථා පන අසුචිට්ඨානෙ ගාමනිස්සන්දෙන ජාතානි සූපෙය්යපණ්ණානි නාගරිකමනුස්සානං ජෙගුච්ඡානි හොන්ති අපරිභොගානි, එවං කෙසාපි පුබ්බලොහිතමුත්තකරීසපිත්තසෙම්හාදිනිස්සන්දෙන ජාතත්තා ජෙගුච්ඡාති ඉදං නෙසං ආසයතො පාටික්කුල්යං.
යම්සේ වනාහි ගම්දොර ගලා යන මලමූත්‍රාදිය සහිත අපවිත්‍ර ස්ථානයෙක්හි හටගත් පිස බිඳිය හැකි පලා කොළ පවා නාගරික ජනයාට පිළිකුල් වන්නේද, නොබිඳියයුතු වන්නේද, එසේම කෙස්ද ලෙහෙ, සැරව, මලමූත්‍ර, පිත්, සෙම් ආදිය වැගිරීමෙන් උපන් හෙයින් පිළිකුල් වන්නේමය. මේ කෙස් පිළිබඳ ආශ්රයස්ථාන වශයෙන් ඇති පිළිකුල් බවයි.
ඉමෙ ච කෙසා නාම ගූථරාසිම්හි උට්ඨිතකණ්ණිකං විය එකතිංසකොට්ඨාසරාසිම්හි ජාතා. තෙ සුසානසඞ්කාරට්ඨානාදීසු ජාතසාකං විය පරික්ඛාදීසු ජාතකමලකුවලයාදිපුප්ඵං විය ච අසුචිට්ඨානෙ ජාතත්තා පරමජෙගුච්ඡාති ඉදං නෙසං ඔකාසතො පාටික්කුල්යං.
මේ කෙස් වනාහි වසුරු ගොඩෙක නැගුණ පුස් මෙන් එක් තිසක් සෙසු කුණප කොට්ඨාසයන් මත උපන්නේය, ඒ කෙස් සොහොන්පල, කසලගොඩ ආදී තන්හි හටගත් පලාකොළ සෙයින්ද දිය අගල් ආදියෙහි හටගත් පියුම් මහනෙල් ආදී පුෂ්පයන් සෙයින්ද, අපවිත්‍ර ස්ථානයන්හි උපන් හෙයින් ඉතා පිළිකුල් වන්නේය. මේ අවකාශ වශයෙන් කෙස් පිළිබඳ පිළිකුල් බවයි.
යථා ච කෙසානං, එවං සබ්බකොට්ඨාසානං වණ්ණසණ්ඨානගන්ධාසයොකාසවසෙන පඤ්චධා පටික්කූලතා වෙදිතබ්බා. වණ්ණසණ්ඨානදිසොකාසපරිච්ඡෙදවසෙන පන සබ්බෙපි විසුං විසුං වවත්ථපෙතබ්බා.
කෙස් පිළිබඳව යම්සේද, සියලු කුණප කොට්ඨාසයන් පිළිබඳවද එසේම වර්ණ-සංස්ථාන (හැඩය) - ගන්ධ ආශ්රයස්ථාන-අවකාශස්ථාන ආදී නයින් පස් ආකාරයෙකින් පිළිකුල්බව දතයුතුය. වර්ණ-සංස්ථාන-දිශා -අවකාශ-පරිච්ඡෙද වශයෙන්ද සියලු කොට්ඨාසයන් වෙන් වෙන් වශයෙන් නිශ්චය කටයුතුය.
තත්ථ ලොමා තාව පකතිවණ්ණතො න කෙසා විය අසම්භින්නකාළකා, කාළපිඞ්ගලා පන හොන්ති. සණ්ඨානතො ඔනතග්ගා තාලමූලසණ්ඨානා. දිසතො ද්වීසු දිසාසු ජාතා. ඔකාසතො ඨපෙත්වා කෙසානං පතිට්ඨිතොකාසඤ්ච හත්ථපාදතලානි ච යෙභුය්යෙන අවසෙසසරීරවෙඨනචම්මෙ ජාතා. පරිච්ඡෙදතො සරීරවෙඨනචම්මෙ ලිඛාමත්තං පවිසිත්වා පතිට්ඨිතෙන හෙට්ඨා අත්තනො මූලතලෙන, උපරි ආකාසෙන, තිරියං අඤ්ඤමඤ්ඤෙන පරිච්ඡින්නා, ද්වෙ ලොමා එකතො නත්ථි, අයං නෙසං සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
එහි ලොමා (ලොම්) වනාහි ප්‍රකෘති වර්ණ වශයෙන්, කෙස් මෙන් තනිකර කළු පැහැ ඇත්තේ නොවේ. දුඹුරුපැහැ මුසු කළු පැහැ ඇත්තේය. සංස්ථාන (හැඩය) වශයෙන් අගින් නැමුණු තල්මුල්වල හැඩය ඇත්තේය. දිශා වශයෙන් උඩ යට දෙදිශාවෙහිම උපන්නේ වේ. අවකාශ වශයෙන් කෙස් ඇති තැන්ද අතුල් පතුල්ද හැර බොහෝ සෙයින් සෙසු සිරුර වසා සිටි සම මත හටගත්තේය. පරිච්ඡෙද වශයෙන් සිරුර වසාසිටි සම මත යටින් ලෙහෙඬියකු පමණ තැන් පිවිස පිහිටි මුලින්ද, උඩින් අහසින්ද සරසින් එකිනෙකින්ද පිරිසිඳියේය. ලොම් ගස් දෙකක් එක්ව නොපිහිටියේය. මේ ලොම් පිළිබඳ සභාග පරිච්ඡෙදයි, විසභාග පරිච්ඡෙදය වනාහි කෙස් පිළිබඳ පරිච්ඡෙදය මෙන්ම වේ.
නඛාති වීසතියා නඛපත්තානං නාමං. තෙ සබ්බෙපි වණ්ණතො සෙතා. සණ්ඨානතො මච්ඡසකලිකසණ්ඨානා. දිසතො පාදනඛා හෙට්ඨිමදිසාය, හත්ථනඛා උපරිමදිසායාති ද්වීසු දිසාසු ජාතා. ඔකාසතො අඞ්ගුලීනං අග්ගපිට්ඨෙසු පතිට්ඨිතා. පරිච්ඡෙදතො ද්වීසු දිසාසු අඞ්ගුලිකොටිමංසෙහි, අන්තො අඞ්ගුලිපිට්ඨිමංසෙන, බහි චෙව අග්ගෙ ච ආකාසෙන, තිරියං අඤ්ඤමඤ්ඤෙන පරිච්ඡින්නා, ද්වෙ නඛා එකතො නත්ථි, අයං නෙසං සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
නඛා යනු, නියපොතු විස්සට නමෙකි, සියලු නිය වර්ණ වශයෙන් සුදු පැහැවේ, හැඩයෙන් මසුන්ගේ කොරපොතු වැනි වේ, දිශා වශයෙන් පා නිය යටි දිශාවෙහිද, අත් නිය උඩු දිශාවෙහිද වේ, අවකාශ වශයෙන් ඇඟිලි අග පිටු පස පිහිටියේය, පරිච්ඡෙද වශයෙන් තුන් පැත්තෙකින් ඇඟිලි අග මසින්ද, ඇතුළතින් ඇඟිලි අග පිටුපස මසින්ද, පිටතින් හා අගින් ආකාශයෙන්ද සරසින් එකිනෙකින්ද පිරිසිඳියේය, නිය දෙකක් එක්ව නොපිහිටියේය, මේ නිය පිළිබඳ සභාග පරිච්ඡෙදයයි. විසභාග පරිච්ඡෙදය කෙස් පිළිබඳව කී නියායෙන්ම වේ.
දන්තාති පරිපුණ්ණදන්තස්ස ද්වත්තිංස දන්තට්ඨිකානි. තෙපි වණ්ණතො සෙතා. සණ්ඨානතො අනෙකසණ්ඨානා. තෙසං හි හෙට්ඨිමාය තාව දන්තපාළියා මජ්ඣෙ චත්තාරො දන්තා මත්තිකාපිණ්ඩෙ පටිපාටියා ඨපිතඅලාබුබීජසණ්ඨානා. තෙසං උභොසු පස්සෙසු එකෙකො එකමූලකො එකකොටිකො මල්ලිකමකුළසණ්ඨානො. තතො එකෙකො ද්විමූලකො ද්විකොටිකො යානකඋපත්ථම්භිනිසණ්ඨානො. තතො ද්වෙ ද්වෙ තිමූලා තිකොටිකා. තතො ද්වෙ ද්වෙ චතුමූලා චතුකොටිකාති. උපරිමපාළියාපි එසෙව නයො. දිසතො උපරිමදිසාය ජාතා. ඔකාසතො ද්වීසු හනුකට්ඨිකෙසු පතිට්ඨිතා. පරිච්ඡෙදතො හෙට්ඨා හනුකට්ඨිකෙ පතිට්ඨිතෙන අත්තනො මූලතලෙන, උපරි ආකාසෙන, තිරියං අඤ්ඤමඤ්ඤෙන පරිච්ඡින්නා, ද්වෙ දන්තා එකතො නත්ථි, අයං නෙසං සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
දන්තා යනු, පිරිපුන් දත් ඇත්තකුගේ දෙතිස් දත් ඇටයි, ඒ දත්ද පැහැයෙන් සුදුය, හැඩයෙන් නොයෙක් ආකාර ඇත්තේය, එම දත් අතුරෙන් යටි ඇන්දෙහි දත් පෙළ මැද පිහිටි සතරක් මැටි පිඬක පිළිවෙළින් සිටවූ ලබු ඇට හා සමාන වේ, ඒ දත් සතර දෙපසින් එක් මුලක් හා එක් අගක් ඇති සමන් කැකුළු හැඩය සහිත එක් එක් දතක් වේ, එම දත් දෙකට පසුව මුල් දෙකකින්ද අග් දෙකකින්ද යුත් ගැල් විය බඳු එක් එක් දතක් වේ, එම දත් දෙකට පසුව මුල් තුනක් හා අග් තුනක් ඇති දත් දෙකක් බැගින් වේ, එම දත්වලට පසුව මුල් සතරක් හා අග සතරක් ඇති දත් දෙකක් බැගින් වේ, උඩු ඇන්දෙහිද මෙම නයයි. දිශා වශයෙන් උඩු දිශාවෙහි හටගත්තේ වේ, අවකාශ වශයෙන් හනු ඇට දෙකෙහි පිහිටියේය, පරිච්ඡෙද වශයෙන් යටින් හනු ඇටයෙහි පිහිටි දත් මුලින්ද, උඩින් ආකාශයෙන්ද, සරසින් එකිනෙකින්ද පිරිසිඳියේය, දත් දෙකක් එක්ව පිහිටියේ නොවේ, මේ දත් පිළිබඳ සභාග පරිච්ඡෙදයයි. විසභාග පරිච්ඡෙදය කෙස් පිළිබඳව කී නියායෙන්ම වේ.
තචොති සකලසරීරං වෙඨෙත්වා ඨිතචම්මං. තස්ස උපරි කාළසාමපීතාදිවණ්ණා ඡවි නාම යා සකලසරීරතොපි සඞ්කඩ්ඪියමානා බදරට්ඨිමත්තා හොති. තචො පන වණ්ණතො සෙතොයෙව. සො චස්ස සෙතභාවො අග්ගිජාලාභිඝාතපහරණප්පහාරාදීහි විද්ධංසිතාය ඡවියා පාකටො හොති. සණ්ඨානතො සරීරසණ්ඨානොව හොති. අයමෙත්ථ සඞ්ඛෙපො.
තචො යනු මුළු සිරුර වෙලා සිටි සමයි, ඒ සම මත කළුවන්, සම්වන්, රන්වන් ආදී පැහැ ඇති සිවිය මුළු සිරුරෙන්ම සූරා ගතහොත් ඩෙබර ඇටයක් තරම් වේ. සම වනාහි වර්ණයෙන් සුදු පාටම වේ. සම සුදු පැහැ බව ගිනිදැල් වැදීම් ආයුධ පැහැරීම් ආදියෙන් සිවිය විනාශ වී ගිය කල ප්‍රකට වේ. හැඩයෙන් සිරුරු හැඩයම වේ, මේ මෙහි සංක්ෂේපයයි,
විත්ථාරතො පන පාදඞ්ගුලිත්තචො කොසකාරකකොසසණ්ඨානො. පිට්ඨිපාදත්තචො පුටබන්ධඋපාහනසණ්ඨානො. ජඞ්ඝත්තචො භත්තපුටකතාලපණ්ණසණ්ඨානො. ඌරුත්තචො තණ්ඩුලභරිතදීඝත්ථවිකසණ්ඨානො. ආනිසදත්තචො උදකපූරිතපටපරිස්සාවනසණ්ඨානො. පිට්ඨිත්තචො ඵලකොනද්ධචම්මසණ්ඨානො. කුච්ඡිත්තචො වීණාදොණිකොනද්ධචම්මසණ්ඨානො. උරත්තචො යෙභුය්යෙන චතුරස්සසණ්ඨානො. උභයබාහුත්තචො තූණිරොනද්ධචම්මසණ්ඨානො. පිට්ඨිහත්ථත්තචො ඛුරකොසසණ්ඨානො, ඵණකත්ථවිකසණ්ඨානො වා. හත්ථඞ්ගුලිත්තචො කුඤ්චිකාකොසකසණ්ඨානො. ගීවත්තචො ගලකඤ්චුකසණ්ඨානො. මුඛත්තචො ඡිද්දාවඡිද්දො කීටකුලාවකසණ්ඨානො. සීසත්තචො පත්තත්ථවිකසණ්ඨානොති.
විස්තර වශයෙන් වනාහි පා-ඇඟිලි පටපණු කොෂයකට සමාන හැඩය ඇත්තේය. පිටි පතුලෙහි සිටි සම පුටබද්ධඋපාහනයකට (පතුල වැසෙන සේ තැනූ පාවහනකට) බඳු හැඩය ඇත්තේය, කෙණ්ඩාවල සම බත්මුලක් බැඳි තල්පතක් බඳු හැඩය ඇත්තේය, කලවාවල සම සහල් පිරවූ දික් පසුම්බියකට බඳු හැඩය ඇත්තේය, ආනිසදයෙහි (තට්ටම්වල) සම දිය පිරි පට පෙරහන් කඩකට සමාන හැඩය ඇත්තේය. පිටිකරෙහි සම පුවරුවක සවිකළ සමකට සමාන හැඩය ඇත්තේය, උදරයෙහි සම වීණා දෙනෙක්හි බැදි සමකට සමාන හැඩය ඇත්තේය, පපුවෙහි සම බොහෝ සෙයින් සිවුරැස් හැඩය ඇත්තේය, දෙ-අතෙහි සම හියවුරෙක යෙදූ සමකට බඳු හැඩය ඇත්තේය, පිටි අත්ලෙහි සම දැලිපිහි කොපුවකට බඳු හැඩය ඇත්තේය- නැතහොත් පනා කොපුවකට සමාන හැඩය ඇත්තේය, අත් ඇඟිලි සම යතුරු පසුඹියකට සමාන හැඩය ඇත්තේය, ගෙල සම කරපටියකට සමාන හැඩය ඇත්තේය, මුහුණෙහි සම කුදු මහත් සිදුරු සහිත දෙබරයකට සමාන හැඩය ඇත්තේය, හිස සම පාත්‍ර පසුඹියකට බඳු හැඩය ඇත්තේයයි
තචපරිග්ගණ්හකෙන ච යොගාවචරෙන උත්තරොට්ඨතො පට්ඨාය උපරිමුඛං ඤාණං පෙසෙත්වා පඨමං තාව මුඛං පරියොනන්ධිත්වා ඨිතචම්මං වවත්ථපෙතබ්බං. තතො නලාටට්ඨිචම්මං. තතො ථවිකාය පක්ඛිත්තපත්තස්ස ච ථවිකාය ච අන්තරෙන හත්ථමිව සීසට්ඨිකස්ස ච සීසචම්මස්ස ච අන්තරෙන ඤාණං පෙසෙත්වා අට්ඨිකෙන සද්ධිං චම්මස්ස එකාබද්ධභාවං වියොජෙන්තෙන සීසචම්මං වවත්ථපෙතබ්බං. තතො ඛන්ධචම්මං. තතො අනුලොමෙන පටිලොමෙන ච දක්ඛිණහත්ථචම්මං. අථ තෙනෙව නයෙන වාමහත්ථචම්මං. තතො පිට්ඨිචම්මං තං වවත්ථපෙත්වා අනුලොමෙන පටිලොමෙන ච දක්ඛිණපාදචම්මං. අථ තෙනෙව නයෙන වාමපාදචම්මං. තතො අනුක්කමෙනෙව වත්ථිඋදරහදයගීවචම්මානි වවත්ථපෙතබ්බානි. අථ ගීවචම්මානන්තරං හෙට්ඨිමහනුචම්මං වවත්ථපෙත්වා අධරොට්ඨපරියොසානං පාපෙත්වා නිට්ඨපෙතබ්බං. එවං ඔළාරිකොළාරිකං පරිග්ගණ්හන්තස්ස සුඛුමම්පි පාකටං හොති. දිසතො ද්වීසු දිසාසු ජාතො. ඔකාසතො සකලසරීරං පරියොනන්ධිත්වා ඨිතො. පරිච්ඡෙදතො හෙට්ඨා පතිට්ඨිතතලෙන, උපරි ආකාසෙන පරිච්ඡින්නො, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
මෙසේ සම නිමිති කොටගෙන භාවනා කරන යෝගාවචරයා විසින් උඩු තොල පටන් මුඛයෙහි ඉහළට ඥානය මෙහෙයවා පළමුකොට මුඛය වසා සිටින සම නිශ්චය කටයුතුය. ඉක්බිති පසුඹියෙහි බහාලූ පාත්රයටත් පසුඹියටත් අතරින් අත යවන ලෙසින් හිස් කබලටත් හිස සමටත් අතරින් ඥානය මෙහෙයවා හිස් කබල හා සමග එකට බැඳී පවත්නා සම වෙන්කොට නිශ්චය කටයුතුය. ඉක්බිති කඳෙහි සමද, ඉන් ඉක්බිති මුල සිට අගට හා අග සිට මුලට දකුණත් සමද, එසේම වමත් සමද, ඉන් අනතුරුව පිටෙහි සමද නිශ්චය කොට මුල සිට අගට හා අග සිට මුලට දකුණු පා සමද එසේම වම් පා සමද, ඉන් ඉක්බිතිව පිළිවෙළින් වස්ති, උදර, හෘදය, ග්‍රීවා යන මෙතැන්හි සම නිශ්චය කටයුතුය. ගෙල සමට අනතුරුව යටි හනුවෙහි සම නිශ්චය කොට යටිතොල අවසනට පමුණුවා නිමා කළයුතුය. මෙසේ ඔළාරික ඔළාරික වූ සම් කොටස් නිමිතිකොට ගන්නාවිට සියුම් කොටස්ද ප්‍රකට වේ. දිශා වශයෙන් උඩු යටි දෙදිසාවෙහිම හටගත්තේය. අවකාශ වශයෙන් මුළු සිරුර වසාගෙන සිටියේය. පරිච්ඡෙද වශයෙන් යටින් පිහිටා සිටින ස්ථරයෙන්ද උඩින් අහසින්ද පිරිසිඳියේ වේ. මේ මෙහි සභාග පරිච්ඡෙදයි, විසභාග පරිච්ඡෙදය යට කෙස් පිළිබඳව කී නියායම වේ.
මංසන්ති නව මංසපෙසිසතානි. තං සබ්බම්පි වණ්ණතො රත්තං කිංසුකපුප්ඵසදිසං. සණ්ඨානතො ජඞ්ඝපිණ්ඩිකමංසං තාලපණ්ණපුටභත්තසණ්ඨානං. ඌරුමංසං නිසදපොතසණ්ඨානං. ආනිසදමංසං උද්ධනකොටිසණ්ඨානං. පිට්ඨිමංසං තාලගුළපටලසණ්ඨානං. ඵාසුකද්වයමංසං කොට්ඨලිකාය කුච්ඡියං තනුමත්තිකාලෙපසණ්ඨානං. ථනමංසං වට්ටෙත්වා අවක්ඛිත්තමත්තිකාපිණ්ඩසණ්ඨානං. බාහුද්වයමංසං ද්විගුණං කත්වා ඨපිතනිච්චම්මමහාමූසිකසණ්ඨානං. එවං ඔළාරිකොළාරිකං පරිග්ගණ්හන්තස්ස සුඛුමම්පි පාකටං හොති. දිසතො ද්වීසු දිසාසු ජාතං. ඔකාසතො වීසාධිකානි තීණි අට්ඨිසතානි අනුලිම්පිත්වා ඨිතං. පරිච්ඡෙදතො හෙට්ඨා අට්ඨිසඞ්ඝාතෙ පතිට්ඨිතතලෙන, උපරි තචෙන, තිරියං අඤ්ඤමඤ්ඤෙන පරිච්ඡින්නං, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
මංසං යනු, නවසියයක් මස් පිඬුයි. සියල්ලම වර්ණ වශයෙන් කෑලමල් සෙයින් රතුය. සටහන් වශයෙන් කෙණ්ඩා පිඬු මස තල් පතෙහි බැදි බත්මුලක් බඳු හැඩය ඇත්තේය, කලවා මස ඈඹරුම් ගලෙහි ගල් පෝයක් බඳු හැඩය ඇත්තේය, ආනිසද (තට්ටම්) මස (මැටියෙන් කළ) උදුන් කෙළවරක් බඳු හැඩය ඇත්තේය. පිටිකර මස තල්සකුරු පටලයකට බඳු හැඩය ඇත්තේය. ඉල ඇට දෙපෙළෙහි මස පඹයකු කුසෙහි තුනීකොට අලවනලද මැටිපිඬක් බඳු හැඩය ඇත්තේය, තනෙහි මස වටකුරුකොට ගෙන හෙලූ මැටි පිඬක් බඳු හැඩය ඇත්තේය, බාහු දෙකෙහි මස දෙගුණකොට තබනලද සමගැසූ මහමීයකු (වල්මීයකු) බඳු හැඩය ඇත්තේය. මෙසේ මහත් මහත් අවයව නිමිතිකොට ගන්නා යෝගාවචරයාහට සියුම් අවයවද ප්‍රකට වේ. දිශා වශයෙන් උඩ යට දෙදිසාවෙහි හටගත්තේ වේ, අවකාශ වශයෙන් තුන්සියයකට අධික ඇට වසා බැඳී සිටියේ වේ. පරිච්ඡෙද වශයෙන් යටින් ඇටසැකිල්ලෙහි පිහිටි ස්ථරයෙන්ද උඩින් සමින්ද, සරසින් එකිනෙකින්ද පිරිසිඳියේය. මේ මෙහි සභාග පරිච්ඡෙදයයි, විසභාග පරිච්ඡෙදය කෙස් පිළිබඳව කී නියායම වේ.
න්හාරූති නව න්හාරුසතානි. වණ්ණතො සබ්බෙපි න්හාරූ සෙතා. සණ්ඨානතො නානාසණ්ඨානා. එතෙසු හි ගීවාය උපරිමභාගතො පට්ඨාය පඤ්ච මහාන්හාරූ සරීරං විනන්ධමානා පුරිමපස්සෙන ඔතිණ්ණා. පඤ්ච පච්ඡිමපස්සෙන. පඤ්ච දක්ඛිණපස්සෙන. පඤ්ච වාමපස්සෙන. දක්ඛිණහත්ථං විනන්ධමානාපි හත්ථස්ස පුරිමපස්සෙන පඤ්ච. පච්ඡිමපස්සෙන පඤ්ච. තථා වාමහත්ථං විනන්ධමානා. දක්ඛිණපාදං විනන්ධමානාපි පාදස්ස පුරිමපස්සෙන පඤ්ච. පච්ඡිමපස්සෙන පඤ්ච. තථා වාමපාදං විනන්ධමානාපීති එවං සරීරධාරකා නාම සට්ඨිමහාන්හාරූ කායං විනන්ධමානා ඔතිණ්ණා . යෙ කණ්ඩරාතිපි වුච්චන්ති. තෙ සබ්බෙපි කන්දලමකුළසණ්ඨානා. අඤ්ඤෙ පන තං තං පදෙසං අජ්ඣොත්ථරිත්වා ඨිතා. තතො සුඛුමතරා සුත්තරජ්ජුකසණ්ඨානා. අඤ්ඤෙ තතො සුඛුමතරා පූතිලතාසණ්ඨානා, අඤ්ඤෙ තතො සුඛුමතරා මහාවීණාතන්තිසණ්ඨානා. අඤ්ඤෙ ථූලසුත්තකසණ්ඨානා. හත්ථපාදපිට්ඨීසු න්හාරූ සකුණපාදසණ්ඨානා. සීසෙ න්හාරූ දාරකානං සීසජාලකසණ්ඨානා. පිට්ඨියං න්හාරූ ආතපෙ පසාරිතඅල්ලජාලසණ්ඨානා. අවසෙසා තංතංඅඞ්ගපච්චඞ්ගානුගතා න්හාරූ සරීරෙ පටිමුක්කජාලකඤ්චුකසණ්ඨානා. දිසතො ද්වීසු දිසාසු ජාතා. ඔකාසතො සකලසරීරෙ අට්ඨීනි ආබන්ධිත්වා ඨිතා. පරිච්ඡෙදතො හෙට්ඨා තිණ්ණං අට්ඨිසතානං උපරි පතිට්ඨිතතලෙහි, උපරි මංසචම්මානි ආහච්ච ඨිතප්පදෙසෙහි, තිරියං අඤ්ඤමඤ්ඤෙන පරිච්ඡින්නා, අයං නෙසං සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
නහාරූ යනු, නවසියයක් නහරයි. වර්ණ වශයෙන් සියලුම නහර සුදුය, හැඩයෙන් නොයෙක් ආකාර වේ. මේ නහර අතුරෙන් ගෙල මත්තෙහි පටන් සිරුර වැළඳගෙන මහනහර පසක් ඉදිරි පසින්ද, පසක් පසු පසින්ද, පසක් දකුණු පසින්ද, තවත් පසක් වම් පසින්ද පහළට විහිදී ඇත. දකුණු අත වැළඳගත් මහනහර පසක් ඉදිරි පසින්ද, තවත් පසක් පසු පසින්ද, වම් අත වැළදගත් පසක් ඉදිරි පසින්ද, තවත් පසක් පසු පසින්ද, එසේම දකුණු පය වැළඳගත් මහනහර පසක් ඉදිරි පසින්ද, තවත් පසක් පසු පසින්ද, එසේම වම් පය වැළඳගත් මහනහර පසක් ඉදිරි පසින්ද, තවත් පසක් පසු පසින්දැයි මෙසේ ශරීරධාරක නම් වූ මහනහර සැටක් කය වැළඳගෙන පහළට විහිදී ඇත. ‘කණ්ඩරා’ යයිද කියනු ලබන මේ නහර සියල්ලම කඳල මල් කැකුළු බඳු හැඩය ඇත්තේය. සෙසු නහර ඒ ඒ පෙදෙස පැතිර සිටියේය. මහනහරවලට වඩා සියුම් ඒ සෙසු නහර හුයෙන් කළ රැහැන් බඳු හැඩය ඇත්තේය. එයට වඩා සියුම් වෙනත් නහර රසකිඳ කෙඳි හා සමාන හැඩය ඇත්තේය. එයටත් වඩා සියුම් තවත් නහර මහාවීණාතත් බඳු හැඩය ඇත්තේය. අනෙක් සියුම් නහර දළ හූ බඳු හැඩය ඇත්තේය. අතුල් පතුල් පිටු පස නහර කුරුලු පා බඳු හැඩය ඇත්තේය. හිස නහර කුඩා දරුවන්ගේ හිස දැල් පළදනාවකට සමාන හැඩය ඇත්තේය. පිටිකර නහර අව්වෙහි වැනූ තෙත් දැලක් බඳු හැඩය ඇත්තේය. සිරුරෙහි ඒ ඒ අවයව අනුව ගිය සෙසු නහර සිරුර මත බහාලූ දැල් සැට්ටයක් බඳු හැඩය ඇත්තේය. දිශා වශයෙන් උඩු යටි දෙදිගෙහි හටගත්තේ වේ. අවකාශ වශයෙන් සිරුර පුරා ඇති ඇට හා බැඳී සිටියේය. පරිච්ඡෙද වශයෙන් යටින් තුන් සියයක් ඇට මත පිහිටි තලයෙන්ද උඩින් මස් සම් හා බැදී සිටි පෙදෙසින්ද, සරසින් එකිනෙකින්ද පිරිසිඳියේය, මේ නහර පිළිබඳ සභාග පරිච්ඡෙදයයි, විසභාග පරිච්ඡෙදය වනාහි කෙස් පිළිබඳව කීපරිදිම වේ.
අට්ඨීති ඨපෙත්වා ද්වත්තිංස දන්තට්ඨීනි අවසෙසානි චතුසට්ඨි හත්ථට්ඨීනි, චතුසට්ඨි පාදට්ඨීනි, චතුසට්ඨි මංසනිස්සිතානි මුදුඅට්ඨීනි, ද්වෙ පණ්හිකට්ඨීනි, එකෙකස්මිං පාදෙ ද්වෙ ද්වෙ ගොප්ඵකට්ඨීනි, ද්වෙ ජඞ්ඝට්ඨීනි, එකං ජණ්ණුකට්ඨි, එකං ඌරුට්ඨි, ද්වෙ කටිට්ඨීනි, අට්ඨාරස පිට්ඨිකණ්ටකට්ඨීනි, චතුවීසති ඵාසුකට්ඨීනි, චුද්දස උරට්ඨීනි , එකං හදයට්ඨි, ද්වෙ අක්ඛකට්ඨීනි, ද්වෙ කොට්ටට්ඨීනි, ද්වෙ බාහුට්ඨීනි, ද්වෙ ද්වෙ අග්ගබාහුට්ඨීනි, සත්ත ගීවට්ඨීනි, ද්වෙ හනුකට්ඨීනි, එකං නාසිකට්ඨි, ද්වෙ අක්ඛිට්ඨීනි, ද්වෙ කණ්ණට්ඨීනි, එකං නලාටට්ඨි. එකං මුද්ධට්ඨි, නව සීසකපාලට්ඨීනීති එවං තිමත්තානි අට්ඨිසතානි, තානි සබ්බානිපි වණ්ණතො සෙතානි. සණ්ඨානතො නානාසණ්ඨානානි.
අට්ඨි යනු, දෙතිස් දත් ඇට හැර, අත් ඇට සූසැටක්ද, පා ඇට සූසැටක්ද, මස් ඇසුරුකොට ඇති මොළොක් ඇට සූසැටක්ද, විලුඹු ඇට දෙකක්ද, එක් එක් පයෙහි ගොප් ඇට දෙකක් බැගින්ද, කෙණ්ඩා ඇට දෙකක් බැගින්ද, එක් දණ ඇටයක් බැගින්ද, කලවා ඇට එකක් බැගින්ද, උකුල් ඇට දෙකක්ද, කොඳු ඇට දසටක්ද, ඉල ඇට සූවිස්සක්ද පපු ඇට තුදුසක් ද, ළය ඇට එකක්ද, අකු ඇට දෙකක්ද, උරපතු ඇට දෙකක්ද බාහු ඇට දෙකක්ද, අග්රබාහු ඇට දෙකක්ද, ගෙල ඇට සතක්ද, හනු ඇට දෙකක්ද, නාස් ඇට එකක්ද, නළල් ඇට එකක්ද, හිස්මුදුන් ඇට එකක්ද, හිස්කබොලු ඇට නවයක්දැයි මෙසේ ඇට තුන්සියයක් පමණ වේ. ඒ සියල්ලම වර්ණ වශයෙන් සුදු පැහැ වේ. හැඩහුරුකම වශයෙන් නොයෙක් ආකාර ඇත්තේ වේ.
තත්ථ හි අග්ගපාදඞ්ගුලිඅට්ඨීනි කතකබීජසණ්ඨානානි. තදනන්තරානි මජ්ඣපබ්බට්ඨීනි පනසට්ඨිසණ්ඨානානි. මූලපබ්බට්ඨීනි පණවසණ්ඨානානි. පිට්ඨිපාදට්ඨීනි කොට්ටිතකන්දලකන්දරාසිසණ්ඨානානි. පණ්හිකට්ඨි එකට්ඨිතාලඵලබීජසණ්ඨානං. ගොප්ඵකට්ඨීනි බද්ධකීළාගොළකසණ්ඨානානි. ජඞ්ඝට්ඨීනං ගොප්ඵකට්ඨීසු පතිට්ඨිතට්ඨානං අපනීතතචසින්දිකළීරසණ්ඨානං. ඛුද්දකජඞ්ඝට්ඨිකං ධනුකදණ්ඩසණ්ඨානං. මහන්තං මිලාතසප්පපිට්ඨිසණ්ඨානං. ජණ්ණුකට්ඨි එකතො පරික්ඛීණඵෙණකසණ්ඨානං. තත්ථ ජඞ්ඝට්ඨිකස්ස පතිට්ඨිතට්ඨානං අතිඛිණග්ගගොසිඞ්ගසණ්ඨානං. ඌරුට්ඨි දුත්තච්ඡිතවාසිපරසුදණ්ඩසණ්ඨානං. තස්ස කටිට්ඨිම්හි පතිට්ඨිතට්ඨානං කීළාගොළකසණ්ඨානං. තෙන කටිට්ඨිනො පතිට්ඨිතට්ඨානං අග්ගච්ඡින්නමහාපුන්නාගඵලසණ්ඨානං.
එහි පාඅග ඇඟිලි ඇට ඉඟිනි ඇට බඳු හැඩය ඇත්තේය. ඉන් අනතුරුව ඇති මැද පුරුක් ඇට කොස් ඇට බඳු හැඩය ඇත්තේය, මුල් පුරුක් ඇට පණාබෙර වැනි හැඩය ඇත්තේය, පිටිපතුල් ඇට කොටනලද කඳල අල රැසක් වැනි හැඩය ඇත්තේය, විලුඹු ඇටය එක් ඇටයක් ඇති තල්ගෙඩියක පැලමදය බඳු හැඩය ඇත්තේය, ගොප් ඇට බඳනාලද කෙළිපන්දක් බඳු හැඩය ඇත්තේය. ගොප් ඇටවල කෙණ්ඩා ඇට පිහිටි තැන පොතු නොහළ හිඳිගොබයක් බඳු හැඩය ඇත්තේය, කුඩා කෙණ්ඩා ඇටය දුනුදඬුවක් බඳු හැඩය ඇත්තේය, මහ කෙණ්ඩා ඇටය වැහැරුණු සර්පයකුගේ පිටක් බඳු හැඩය ඇත්තේය, දණ ඇට එක් පසෙකින් හැකුලුණ පෙණ පිඬක් බඳු හැඩය ඇත්තේය. එහි කෙණ්ඩා ඇටය පිහිටි තැන ඉතා තියුණු අග් සහිත ගව අඟක් බඳු හැඩය ඇත්තේය. කලවා ඇට මනාකොට නොසැසි වෑ පොරෝ මිටක් බඳු හැඩය ඇත්තේය. එය උකුල් ඇටයෙහි පිහිටි තැන කෙළිපන්දක් බඳු හැඩය ඇත්තේය. එම කලවා ඇටය හා උකුල් ඇටය සම්බන්ධවන තැන මුදුන සිඳලූ මහ දොඹ ගෙඩියකට සමාන හැඩය ඇත්තේය.
කටිට්ඨීනි ද්වෙපි එකාබද්ධානි හුත්වා කුම්භකාරිකඋද්ධනසණ්ඨානානි. පාටියෙක්කං කම්මාරකූටයොත්තකසණ්ඨානානි. කොටියං ඨිතං ආනිසදට්ඨි අධොමුඛං කත්වා ගහිතසප්පඵණසණ්ඨානං, සත්තට්ඨට්ඨානෙසු ඡිද්දාවඡිද්දං. පිට්ඨිකණ්ටකට්ඨීනි අබ්භන්තරතො උපරූපරි ඨපිතසීසපට්ටවෙඨකසණ්ඨානානි. බාහිරතො වට්ටනාවළිසණ්ඨානානි. තෙසං අන්තරන්තරා කකචදන්තසදිසා ද්වෙ තයො කණ්ටකා හොන්ති. චතුවීසතියා ඵාසුකට්ඨීසු අපරිපුණ්ණානි අපරිපුණ්ණඅසිසණ්ඨානානි. පරිපුණ්ණානි පරිපුණ්ණඅසිසණ්ඨානානි. සබ්බානිපි ඔදාතකුක්කුටස්ස පසාරිතපක්ඛසණ්ඨානානි. චුද්දස උරට්ඨීනි ජිණ්ණසන්දමානිකපඤ්ජරසණ්ඨානානි. හදයට්ඨි දබ්බිඵණසණ්ඨානං.
උකුලු ඇට දෙක ඒකාබද්ධව කුඹල් උදුනකට සමාන හැඩය ඇත්තේය. වෙන වෙනම ගත් කල කඹුරන්ගේ කුළුගෙඩියෙහි බැඳි යකඩ වළලු වැනි හැඩය ඇත්තේය, උකුලු කෙළවර පිහිටි ආනිසද ඇටය යටිකුරුකොට ගන්නා ලද සර්පයකුගේ පෙණයට සමාන හැඩය ඇත්තේය, සත් තැනෙක කුදුමහත් සිදුරු ඇත්තේය. පිටකටුවෙහි ඇට ඇතුළතින් එකක් මත එකක් තබන ලද ඊයම් තහඩු පෙළක් බඳු හැඩය ඇත්තේය, ඇතුළතින් නවගුණවැලක් (වට්ටනාවලී?) බඳු හැඩය ඇත්තේය. ඒ කොඳු ඇට අතරතුර කියත් දත් බඳු කටු දෙක තුනක් ඇත්තේය. සූවිසි ඉළ ඇට අතුරෙන් නොපිරිපුන් ඇට නොපිරිපුන් දෑකැති බඳු හැඩය ඇත්තේය. පිරිපුන් ඇට පිරිපුන් දෑකිති බඳු හැඩය ඇත්තේය. මෙකී සියලු ඉළ ඇට සුදු කුකුළකුගේ විදහාගත් පියාපත් වැනි හැඩය ඇත්තේය, ළයමත පිහිටි තුදුස් ඇට ගමන්ගත් දිරාපත් රිය කූඩුවක් බඳු හැඩය ඇත්තේය, පපු ඇට හැඳි තලයක් බඳු හැඩය ඇත්තේය,
අක්ඛකට්ඨීනි ඛුද්දකලොහවාසිදණ්ඩසණ්ඨානානි. කොට්ටට්ඨීනි එකතො පරික්ඛීණසීහළකුද්දාලසණ්ඨානානි. බාහුට්ඨීනි ආදාසදණ්ඩකසණ්ඨානානි. අග්ගබාහුට්ඨීනි යමකතාලකන්දසණ්ඨානානි. මණිබන්ධට්ඨීනි එකතො අල්ලියාපෙත්වා ඨපිතසීසකපට්ටවෙඨකසණ්ඨානානි. පිට්ඨිහත්ථට්ඨීනි කොට්ටිතකන්දලකන්දරාසිසණ්ඨානානි . හත්ථඞ්ගුලීසු මූලපබ්බට්ඨීනි පණවසණ්ඨානානි. මජ්ඣපබ්බට්ඨීනි අපරිපුණ්ණපනසට්ඨිසණ්ඨානානි. අග්ගපබ්බට්ඨීනි කතකබීජසණ්ඨානානි.
අකුඇට කුඩා ලොහො වෑමිටකට සමාන හැඩය ඇත්තේය. උරපතු ඇට එක් පසෙකින් ගෙවීගිය සිංහල උදැල්ලකට සමාන හැඩය ඇත්තේය. ඇ බාහුවෙහි ඇට කැඩපත් මිටක් බඳු හැඩය ඇත්තේය. බාහු අග ඇට දෙබිඩි තල්අල මුලකට සමාන හැඩය ඇත්තේය. මැණික් කටුවෙහි ඇටය එක්කොට අලවා තුබූ ඊයම් තහඩු පෙළකට සමාන හැඩය ඇත්තේය, පිටි අත්ලෙහි ඇට කොටනලද කඳල අල රැසකට සමාන හැඩය ඇත්තේය. අතැඟිලිවල මුල් පුරුකෙහි ඇති ඇට පණාබෙර බඳු හැඩය ඇත්තේය, මැද පුරුකෙහි ඇට නොපිරිපුන් කොස් ඇට වැනි හැඩය ඇත්තේය. අග පුරුකෙහි ඇට ඉඟිනි ඇට බඳු හැඩය ඇත්තේය.
සත්ත ගීවට්ඨීනි දණ්ඩෙන විජ්ඣිත්වා පටිපාටියා ඨපිතවංසකළීරචක්කලකසණ්ඨානානි. හෙට්ඨිමහනුකට්ඨි කම්මාරානං අයොකූටයොත්තකසණ්ඨානං. උපරිමං අවලෙඛනසත්ථකසණ්ඨානං. අක්ඛිකූපනාසකූපට්ඨීනි අපනීතමිඤ්ජතරුණතාලට්ඨිසණ්ඨානානි. නලාටට්ඨි අධොමුඛට්ඨපිතසඞ්ඛථාලකකපාලසණ්ඨානං. කණ්ණචූළිකට්ඨීනි න්හාපිතඛුරකොසසණ්ඨානානි. නලාටකණ්ණචූළිකානං උපරි පට්ටබන්ධනොකාසෙ අට්ඨිසඞ්කුටිතඝටපුණ්ණපටලඛණ්ඩසණ්ඨානං. මුද්ධට්ඨි මුඛච්ඡින්නවඞ්කනාළිකෙරසණ්ඨානං. සීසට්ඨීනි සිබ්බෙත්වා ඨපිතජජ්ජරලාබුකටාහසණ්ඨානානි.
උගුරු දඬුවෙහි ඇට සත දඬුවෙහි විද පිළිවෙළින් අවුණා තුබූ හුණ කිලිල් මද බඳු හැඩය ඇත්තේය. යටිහනු ඇට කඹුරන්ගේ කුළුගෙඩියෙහි බැඳි යකඩ වළලු බඳු හැඩය ඇත්තේය. උඩු හනුඇට ගිරාතල බඳු හැඩය ඇත්තේය. ඇස් සිදුරු, නහස් සිදුරු ඇට ලොඳ ඉවත්කළ ලා තල් ඇට බඳු හැඩය ඇත්තේය, කන්සිළු ඇට කරනවෑමියකුගේ දැළිපිහි කොපුවකට සමාන හැඩය ඇත්තේය. නළල හා කන්සිළුවලට ඉහළින් නළල්පට බඳනා අවකාශයෙහි ඇති ඇට සිඳ ගන්නාලද ගිතෙලින් පිරි කඩපටක් බඳු හැඩය ඇත්තේය. හිස්මුදුනෙහි ඇටය මුහුනත කැපූ වක් වූ පොල්ගෙඩියක් බඳු හැඩය ඇත්තේය. හිසෙහි ඇට එකට අමුණා තැබූ දැදුරු ලබු කබලක් බඳු හැඩය ඇත්තේය.
දිසතො ද්වීසු දිසාසු ජාතානි. ඔකාසතො අවිසෙසෙන සකලසරීරෙ ඨිතානි. විසෙසෙන පනෙත්ථ සීසට්ඨීනි ගිවට්ඨීසු පතිට්ඨිතානි. ගීවට්ඨීනි පිට්ඨිකණ්ටකට්ඨීසු. පිට්ඨිකණ්ටකට්ඨීනි කටිට්ඨීසු. කටිට්ඨීනි ඌරුට්ඨීසු. ඌරුට්ඨීනි ජණ්ණුකට්ඨීසු. ජණ්ණුකට්ඨීනි ජඞ්ඝට්ඨීසු. ජඞ්ඝට්ඨීනි ගොප්ඵකට්ඨීසු. ගොප්ඵකට්ඨීනි පිට්ඨිපාදට්ඨීසු පතිට්ඨිතානි. පරිච්ඡෙදතො අන්තො අට්ඨිමිඤ්ජෙන, උපරිතො මංසෙන, අග්ගෙ මූලෙ ච අඤ්ඤමඤ්ඤෙන පරිච්ඡින්නානි, අයං නෙසං සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
දිශා වශයෙන් ඇට උඩ යට දෙදිසාවෙහි හටගත්තේය. අවකාශ වශයෙන්, අවිශේෂයෙන් සියලු සිරුරෙහි පිහිටියේය. විශේෂයෙන් මේ ඇට අතුරෙන් හිස ඇට ගෙල ඇට මත පිහිටියේය, ගෙල ඇට කොඳු ඇට මත පිහිටියේය, කොඳු ඇට උකුල් ඇට මත පිහිටියේය, උකුල් ඇට කලවා ඇට මත පිහිටියේය, කලවා ඇට දණිස් ඇට මත පිහිටියේය, දණිස් ඇට කෙණ්ඩා ඇට මත පිහිටියේය, කෙණ්ඩා ඇට ගොප් ඇට මත පිහිටියේය, ගොප් ඇට පා ඇට මත පිහිටියේය. පරිච්ඡෙද වශයෙන් ඇතුළත ඇටමිදුලෙන්ද, පිටත මසින්ද අග හා මුල එකිනෙකින්ද පිරිසිඳියේය. මේ ඇට පිළිබඳ සභාග පරිච්ඡෙදයයි. විසභාග පරිච්ඡෙදය වනාහි කෙස් පිළිබඳ කීනියාම වේ.
අට්ඨිමිඤ්ජන්ති තෙසං තෙසං අට්ඨීනං අබ්භන්තරගතං මිඤ්ජං. තං වණ්ණතො සෙතං. සණ්ඨානතො මහන්තමහන්තානං අට්ඨීනං අබ්භන්තරගතං වෙළුනාළියං පක්ඛිත්තසෙදිතමහාවෙත්තග්ගසණ්ඨානං. ඛුද්දානුඛුද්දකානං අබ්භන්තරගතං වෙළුයට්ඨිපබ්බෙසු පක්ඛිත්තසෙදිතතනුවෙත්තග්ගසණ්ඨානං. දිසතො ද්වීසු දිසාසු ජාතං. ඔකාසතො අට්ඨීනං අබ්භන්තරෙ පතිට්ඨිතං. පරිච්ඡෙදතො අට්ඨීනං අබ්භන්තරතලෙහි පරිච්ඡින්නං, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
අට්ඨිමිඤ්ජා යනු, ඒ ඒ ඇට ඇතුළත තිබෙන මිදුළුය. එය පැහැයෙන් සුදුය. හැඩයෙන් මහත් ඇට ඇතුළත් හුණ නලයෙක බහාලූ තවනලද මහත් වේබඩ අගිස්සක් බඳු හැඩය ඇත්තේය, කුඩා කුඩා ඇට ඇතුළත හුණ පුරුකෙක බහාලූ තවනලද සිහින් වේබඩ අගිස්සක් බඳු හැඩය ඇත්තේය, දිශා වශයෙන් උඩ යට දෙදිසාවෙහි හටගත්තේය. අවකාශ වශයෙන් ඇට ඇතුළත පිහිටියේය. පරිච්ඡෙද වශයෙන් ඇටවල ඇතුල් තලයෙන් පිරිසිඳියේය. මේ මෙහි සභාග පරිච්ඡෙදයයි, විසභාග පරිච්ඡෙදය වනාහි කෙස් පිළිබඳව කීනයම වේ.
වක්කන්ති එකබන්ධනා ද්වෙ මංසපිණ්ඩිකා. තං වණ්ණතො මන්දරත්තං පාළිභද්දකට්ඨිවණ්ණං. සණ්ඨානතො දාරකානං යමකකීළාගොළකසණ්ඨානං, එකවණ්ටපටිබද්ධඅම්බඵලද්වයසණ්ඨානං වා. දිසතො උපරිමාය දිසාය ජාතං. ඔකාසතො ගලවාටකා නික්ඛන්තෙන එකමූලෙන ථොකං ගන්ත්වා ද්විධා භින්නෙන ථූලන්හාරුනා විනිබද්ධං හුත්වා හදයමංසං පරික්ඛිපිත්වා ඨිතං. පරිච්ඡෙදතො වක්කං වක්කභාගෙන පරිච්ඡින්නං, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
වක්කං යනු, එකට බැඳුණු මස්පිඬු දෙකෙකි. එය වර්ණ වශයෙන් මද රතු පැහැ වේ, එරබදු ඇටයෙක පැහැ ඇත්තේය. හැඩයෙන් දරුවන්ගේ කෙළිපන්දු යුවලක් බඳුය, නැතහොත් එක් නටුවෙකින් බැඳුණු අඹපල යුවලක් වැනිය. දිශා වශයෙන් උඩ දිශාවෙහි පිහිටියේය. අවකාශ වශයෙන් ගලවළුයෙන් නිකුත් එක් මුලක් ඇති, මදක් ගොස් දෙකට බෙදුණ මහ නහරයෙකින් බැඳී (වකුගඩු) හෘදයමාංශය සිසාරා සිටියේය. පරිච්ඡෙද වශයෙන් වකුගඩු එහි කෙළවරින් පිරිසිඳියේය, මේ මෙහි සභාග පරිච්ඡෙද වශයෙනි, විසභාග පරිච්ඡෙදය කෙස් පිළිබඳව කීනයම වේ.
හදයන්ති හදයමංසං. තං වණ්ණතො රත්තපදුමපත්තපිට්ඨිවණ්ණං. සණ්ඨානතො බාහිරපත්තානි අපනෙත්වා අධොමුඛං ඨපිතපදුමමකුළසණ්ඨානං. බහි මට්ඨං, අන්තො කොසාතකීඵලස්ස අබ්භන්තරසදිසං. පඤ්ඤවන්තානං ථොකං විකසිතං, මන්දපඤ්ඤානං මකුළිතමෙව. අන්තො චස්ස පුන්නාගට්ඨිපතිට්ඨානමත්තො ආවාටකො හොති, යත්ථ අද්ධපසතමත්තං ලොහිතං සණ්ඨාති, යං නිස්සාය මනොධාතු ච මනොවිඤ්ඤාණධාතු ච වත්තන්ති. තං පනෙතං රාගචරිතස්ස රත්තං හොති, දොසචරිතස්ස කාළකං, මොහචරිතස්ස මංසධොවනඋදකසදිසං, විතක්කචරිතස්ස කුලත්ථයූසවණ්ණං, සද්ධාචරිතස්ස කණිකාරපුප්ඵවණ්ණං, පඤ්ඤාචරිතස්ස අච්ඡං විප්පසන්නං අනාවිලං පණ්ඩරං පරිසුද්ධං නිද්ධොතජාතිමණි විය ජුතිමන්තං ඛායති. දිසතො උපරිමාය දිසාය ජාතං. ඔකාසතො සරීරබ්භන්තරෙ ද්වින්නං ථනානං මජ්ඣෙ පතිට්ඨිතං. පරිච්ඡෙදතො හදයං හදයභාගෙන පරිච්ඡින්නං, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
හදයං යනු, හෘදය මාංශයයි. එයද පැහැයෙන් රත් පියුම් පතෙක පිටත බඳු පැහැ ඇත්තේය, හැඩයෙන් පිටතපෙති ගලවා පහතට හරවා තැබූ පියුම් කැකුළක් බඳුය, පිටතින් මට සිලුටුය. ඇතුළත වැටකොළු පලයෙක ඇතුල් පැත්ත බඳුය. නැණවතුන්ගේ හෘදය මදක් විකසිත වී සිටියි. මද නුවණ ඇත්තන්ගේ හෘදය හැකිලී සිටියි. එහි ඇතුළ දොඹ ඇටයක් පිහිටන තරම් ආවාටයක් වේ, එහි අඩ පතක් පමණ ලෙහෙ පිරී ඇත්තේය. එය ඇසුරුකොට මනොධාතුවද, මනොවිඤ්ඤාණ ධාතුවද පවත්නේය. රාගචරිත ඇත්තහුගේ ලෙය රත් පැහැ වේ, ද්වේශ චරිතයාගේ කළු පැහැ වේ, මොහ චරිතයාගේ ලෙය මස් සේදූ ජලය බඳුවේ, තර්ක චරිතයාගේ ලෙය කොල්ලු යුස බඳු පැහැ ඇත්තේය, ශ්‍රද්ධා චරිතයාගේ ලෙය කිණිහිරි මල් පැහැ ඇත්තේය, ප්‍රඥා චරිතයාගේ ලෙය පිවිතුරුය, පැහැදිලිය, නොකැලැත්ය, පඬුවන්ය, පිරිසුදුය, ඔප දැමූ දැරඟමිණක් මෙන් ප්රභාවත්ව දිස්වේ. දිශා වශයෙන් උඩු දිසාවෙහි හටගත්තේය, අවකාශ වශයෙන් සිරුර ඇතුළත දෙතන මැදින් පිහිටියේය. පරිච්ඡෙද වශයෙන් හෘදය හෘදයභාගයෙන් පිරිසිඳියේය, මේ මෙහි සභාග පරිච්ඡෙදයයි, විසභාග පරිච්ඡෙදය කෙස් පිළිබඳව කී නයම වේ.
යකනන්ති යමකමංසපටලං. තං වණ්ණතො රත්තං පණ්ඩුකධාතුකං නාතිරත්තකුමුදස්ස පත්තපිට්ඨිවණ්ණං. සණ්ඨානතො මූලෙ එකං අග්ගෙ යමකං කොවිළාරපත්තසණ්ඨානං. තඤ්ච දන්ධානං එකමෙව හොති මහන්තං, පඤ්ඤවන්තානං ද්වෙ වා තීණි වා ඛුද්දකානි. දිසතො උපරිමාය දිසාය ජාතං, ඔකාසතො ද්වින්නං ථනානං අබ්භන්තරෙ දක්ඛිණපස්සං නිස්සාය ඨිතං. පරිච්ඡෙදතො යකනං යකනභාගෙන පරිච්ඡින්නං, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
යකනං යනු (අක්මා නම්) මාංස පටල යුවලයි. එය පැහැයෙන් රතුය, පඬු පැහැයට හුරු වේ, ඉතා රතු නොවූ කුමුදු මල් පෙත්තෙක පිටත වැනි පැහැ ඇත්තේය. හැඩයෙන් මුලින් එක්ව අගින් යුවලක්ව සිටි කොබෝලීල පතකට සමාන හැඩය සමාන හැඩය ඇත්තේය, එයද මඳ නුවණැත්තන්ගේ එකක්ම වේ, මහත් වේ. නුවණැත්තන්ගේ දෙකක් හෝ තුනක්ව කුඩාවට පිහිටියේය, දිශා වශයෙන් උඩු දිශාවෙහි හටගත්තේය. අවකාශ වශයෙන් දෙතන අතර දකුණුපස ඇසුරුකොට සිටියේය. පරිච්ඡෙද වශයෙන් අක්මාව අක්මා කෙළවරින් පිරිසිඳියේය, මේ මෙහි සභාග පරිච්ඡෙදයයි. විසභාග පරිච්ඡෙදය කෙස් පිළිබඳව කී අයුරුම වේ.
කිලොමකන්ති පටිච්ඡන්නාපටිච්ඡන්නභෙදතො දුවිධං පරියොනහනමංසං. තං දුවිධම්පි වණ්ණතො සෙතං දුකූලපිලොතිකවණ්ණං. සණ්ඨානතො අත්තනො ඔකාසසණ්ඨානං. දිසතො පටිච්ඡන්නකිලොමකං උපරිමාය දිසාය. ඉතරං ද්වීසු දිසාසු ජාතං. ඔකාසතො පටිච්ඡන්නකිලොමකං හදයඤ්ච වක්කඤ්ච පටිච්ඡාදෙත්වා, අප්පටිච්ඡන්නකිලොමකං සකලසරීරෙ චම්මස්ස හෙට්ඨතො මංසං පරියොනන්ධිත්වා ඨිතං. පරිච්ඡෙදතො හෙට්ඨා මංසෙන, උපරි චම්මෙන, තිරියං කිලොමකභාගෙන පරිච්ඡින්නං, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
කිලොමකං යනු, වැසුණ නොවැසුණ ලෙසින් දෙවැදෑරුම්ව වසාතෙල වැළඳ සිටින දලබුමසයි. ඒ දෙවැදෑරුවූම දලබුව වර්ණයෙන් දුහුල් කඩක් සෙයින් සුදුය, හැඩයෙන් එයට අයත් අවකාශයට සමාන වේ. දිශා වශයෙන්, වැසුණ දලබුව උඩු දිසාවෙහිද, අනෙක උඩුයටි දෙදිසාවෙහිද හටගත්තේය, අවකාශ වශයෙන් සැඟවුණ දලබුව හෘදය හා වකුගඩුව වසාගෙන සිටියේය, නොසැඟවුණ දලබුව මුළු සිරුර පුරා සමට යටින් මස් හා සමග බැදී සිටියේය. පරිච්ඡෙද වශයෙන් යට මසින්ද, උඩ සමින්ද, සරස කිලොමකභාගයෙන්ද පිරිසිඳියේය. මේ මෙහි සභාග පරිච්ඡෙදයයි, විසභාග පරිච්ඡෙදය කෙස් පිළිබඳව කී අයුරුම වේ.
පිහකන්ති උදරජිව්හාමංසං. තං වණ්ණතො නීලං නිග්ගුණ්ඩිපුප්ඵවණ්ණං. සණ්ඨානතො සත්තඞ්ගුලප්පමාණං අබන්ධනං කාළවච්ඡකජිව්හාසණ්ඨානං. දිසතො උපරිමාය දිසාය ජාතං. ඔකාසතො හදයස්ස වාමපස්සෙ උදරපටලස්ස මත්ථකපස්සං නිස්සාය ඨිතං, යස්මිං පහරණප්පහාරෙන බහිනික්ඛන්තෙ සත්තානං ජීවිතක්ඛයො හොති. පරිච්ඡෙදතො පිහකභාගෙන පරිච්ඡින්නං, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
පිහකං යනු බඩදිව්මසයි, එය පැහැයෙන් නිකමල් කළඹක් මෙන් නිල්ය, දිගින් සතඟුලක් පමණ වේ. බන්ධනයක් නොමැත, කළු වස්සකුගේ දිවට සමාන හැඩය ඇත්තේය, දිසා වශයෙන් උඩු දිසාවෙහි හටගත්තේය, අවකාශ වශයෙන් හෘදයට වම් පසින් උදර පටලයට උඩු පැත්තෙන් පිහිටියේය. එය අවිපහරෙකින් පිටතට නිකුත් වුවහොත් ප්‍රාණීන්ගේ මරණය වන්නේය, පරිච්ඡෙද වශයෙන් බඩදිව් කෙළවරින් පිරිසිඳියේය, මේ මෙහි සභාග පරිච්ඡෙදයි, විසභාග පරිච්ඡෙදය කෙස් පිළිබඳව කී නයම වේ.
පප්ඵාසන්ති ද්වත්තිංසමංසඛණ්ඩප්පභෙදං පප්ඵාසමංසං. තං වණ්ණතො රත්තං නාතිපක්කඋදුම්බරඵලවණ්ණං. සණ්ඨානතො විසමච්ඡින්නබහලපූවඛණ්ඩසණ්ඨානං. අබ්භන්තරෙ අසිතපීතානං අභාවෙ උග්ගතෙන කම්මජතෙජුස්මානා අබ්භාහතත්තා සංඛාදිතපලාලපිණ්ඩමිව නිරසං නිරොජං. දිසතො උපරිමාය දිසාය ජාතං. ඔකාසතො සරීරබ්භන්තරෙ ද්වින්නං ථනානං අන්තරෙ හදයඤ්ච යකනඤ්ච උපරි ඡාදෙත්වා ඔලම්බන්තං ඨිතං. පරිච්ඡෙදතො පප්ඵාසභාගෙන පරිච්ඡින්නං, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
පප්ඵාසං යනු, මස් වැදලි දෙක තුනකට බෙදුණු පපුමසයි. එය වර්ණයෙන් රතුය, ඉතා නොපැසුණු දිඹුල් පලයෙක පැහැ ඇත්තේය, හැඩයෙන් නොසමකොට කපනලද මහ පූකඩක් බඳු හැඩය ඇත්තේය, ඇතුළත කෑ, පූ, අහරක් නැතිවිට නැඟෙන කර්මජ තේජෝධාතුවෙන් (බඩගිනි වේගයෙන්) පහරනු ලැබීමෙන් හපා දමනලද පිඳුරු පිඬක් සෙයින් වියලෙයි, මැලවී යයි; දිසා වශයෙන් උඩු දිසාවෙහි හටගත්තේ වේ. අවකාශ වශයෙන් සිරුර ඇතුළත දෙතන අතර හෘදය හා අක්මාව මතුපිට වසාගෙන එල්බෙමින් සිටියේය, පරිච්ඡෙද වශයෙන් පපු කෙළවරින් පිරිසිඳියේය, මේ මෙහි සභාග පරිච්ඡෙදයයි, විසභාග පරිච්ඡෙදය කෙස් පිළිබඳව කීනියාම වේ.
අන්තන්ති පුරිසස්ස ද්වත්තිංසහත්ථා ඉත්ථියා අට්ඨවීසතිහත්ථා එකවීසතියා ඨානෙසු ඔභග්ගා අන්තවට්ටි. තදෙතං වණ්ණතො සෙතං සක්ඛරසුධාවණ්ණං. සණ්ඨානතො ලොහිතදොණියං ආභුජිත්වා ඨපිතසීසච්ඡින්නසප්පසණ්ඨානං. දිසතො ද්වීසු දිසාසු ජාතං. ඔකාසතො උපරි ගලවාටකෙ හෙට්ඨා ච කරීසමග්ගෙ විනිබන්ධත්තා ගලවාටකකරීසමග්ගපරියන්තෙ සරීරබ්භන්තරෙ ඨිතං. පරිච්ඡෙදතො අන්තභාගෙන පරිච්ඡින්නං, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
අන්තං යනු, පුරුෂයකුගේ දෙතිස්රියන් හා ස්ත්‍රියකගේ අටවිසිරියන් තරම් වූ එක්විසි තැනෙකින් නැමුණු අතුණුවැටියයි. එය වර්ණ වශයෙන් සුදුය, දළ වැලි මුසු හුණු බදාමයට සමාන පැහැ ඇත්තේය, හැඩයෙන් ලෙහෙ ඔරුවෙක නම නමා තැබූ හිස සුන් සර්පයකු බඳු හැඩය ඇත්තේය, දිසා වශයෙන් උඩු යටි දෙදිසාවෙහි හටගත්තේය, අවකාශ වශයෙන් උඩින් ගලවළෙන්ද, යටින් ගුද මාර්ගයෙන්ද බැඳී ඇති හෙයින් ගලවළුව හා ගුදය කෙළවරකොට සිරුරු ඇතුළත පිහිටියේය, පරිච්ඡෙද වශයෙන් අතුණු කෙළවරින් පිරිසිඳියේය, මේ මෙහි සභාග පරිච්ඡෙදයයි, විසභාග පරිච්ඡෙදය වනාහි කෙස් පිළිබඳව කීනයම වේ.
අන්තගුණන්ති අන්තභොගට්ඨානෙසු බන්ධනං. තං වණ්ණතො සෙතං දකසීතලිකමූලවණ්ණං. සණ්ඨානතො දකසීතලිකමූලසණ්ඨානමෙව. දිසතො ද්වීසු දිසාසු ජාතං. ඔකාසතො කුද්දාලඵරසුකම්මාදීනි කරොන්තානං යන්තාකඩ්ඪනකාලෙ යන්තසුත්තකමිව යන්තඵලකානි අන්තභොගෙ එකතො අගළන්තෙ ආබන්ධිත්වා පාදපුඤ්ඡනරජ්ජුමණ්ඩලකස්ස අන්තරා සංසිබ්බිත්වා ඨිතරජ්ජුකා විය එකවීසතියා අන්තභොගානං අන්තරා ඨිතං. පරිච්ඡෙදතො අන්තගුණභාගෙන පරිච්ඡින්නං, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
අන්තගුණං යනු, (අතුණු බහනි) නැමුණු තැන්වල ඇති බැමිය. එය වර්ණ වශයෙන් සුදුය, හෙල්මැලි මුලකට සමාන පැහැ ඇත්තේය, දිසා වශයෙන් උඩු යටි දෙදිසාවෙහි හටගත්තේය. අවකාශ වශයෙන් යන්ත්‍රයක් අදින විට යන්ත්‍ර පුවරු බැඳගෙන සිටින යන්ත්‍ර සූත්‍ර සෙයින්ද, පාබිස්සෙක දරණු මඬුල්ල එක්කොට ගොතා ඇති බහන් සෙයින්ද, උදලු පොරෝ ආදියෙන් කර්මාන්ත කරන්නවුන්ගේ අතුණු ගිලිහී යා නොදී එක්කොට බැඳගෙන අතුණු නැමි විසිඑක අතරතුර පිහිටියේය. පරිච්ඡෙද වශයෙන් අතුණු බහන් කෙළවරින් පිරිසිඳියේය, මේ මෙහි සභාග පරිච්ඡෙදයයි, විසභාග පරිච්ඡෙදය කෙස් පිළිබඳව කීනියාම වේ.
උදරියන්ති උදරෙ භවං අසිතපීතඛායිතසායිතං. තං වණ්ණතො අජ්ඣොහටාහාරවණ්ණං. සණ්ඨානතො පරිස්සාවනෙ සිථිලබද්ධතණ්ඩුලසණ්ඨානං. දිසතො උපරිමාය දිසාය ජාතං. ඔකාසතො උදරෙ ඨිතං.
උදරියං යනු, අනුභව කළ බත් ආදියද, පානය කළ දියර අහරද, කන ලද කැවිලි ආදියද, ලොවින ලද මී පැණි ආදියද, ඇතුළු උදරයෙහි වූ දෑය. එය වර්ණ වශයෙන් වැළඳූ ආහාරයෙහි වර්ණ ඇත්තේය. හැඩයෙන් පෙරහන්කඩක් තුළ ලිහිල්කොට බහනලද සහලට සමාන හැඩය ඇත්තේය. දිසා වශයෙන් උඩු දිසාවෙහි හට ගත්තේය, අවකාශ වශයෙන් උදරය තුළ සිටියේය.
උදරං නාම උභතො නිප්පීළියමානස්ස අල්ලසාටකස්ස මජ්ඣෙ සඤ්ජාතඵොටකසදිසං අන්තපටලං, බහි මට්ඨං, අන්තො මංසකසම්බුපලිවෙඨනකිලිට්ඨපාවාරකපුප්ඵකසදිසං, කුථිතපනසතචස්ස අබ්භන්තරසදිසන්තිපි වත්තුං වට්ටති, යත්ථ තක්කොටකා ගණ්ඩුප්පාදකා තාලහීරකා සූචිමුඛකා පටතන්තසුත්තකා ඉච්චෙවමාදිද්වත්තිංසකුලප්පභෙදා කිමයො ආකුලබ්යාකුලා සණ්ඩසණ්ඩචාරිනො හුත්වා නිවසන්ති, යෙ පානභොජනාදිම්හි අවිජ්ජමානෙ උල්ලඞ්ඝිත්වා විරවන්තා හදයමංසං අභිහනන්ති, පානභොජනාදිඅජ්ඣොහරණවෙලායඤ්ච උද්ධංමුඛා හුත්වා පඨමජ්ඣොහටෙ ද්වෙ තයො ආලොපෙ තුරිතතුරිතා විලුප්පන්ති, යං තෙසං කිමීනං සූතිඝරං වච්චකුටි ගිලානසාලා සුසානඤ්ච හොති. යත්ථ සෙය්යථාපි නාම චණ්ඩාලගාමද්වාරෙ චන්දනිකාය නිදාඝසමයෙ ථූලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ උදකෙන වුය්හමානං මුත්තකරීසචම්මඅට්ඨින්හාරුඛණ්ඩඛෙළසිඞ්ඝාණිකාලොහිතප්පභුතිනානාකුණපජාතං නිපතිත්වා කද්දමොදකාලුළිතං ද්වීහතීහච්චයෙන සඤ්ජාතකිමිකුලං සූරියාතපසන්තාපවෙගකුථිතං උපරි ඵෙණපුප්ඵුළකෙ මුඤ්චන්තං අභිනීලවණ්ණං පරමදුග්ගන්ධජෙගුච්ඡං නෙව උපගන්තුං, න දට්ඨුං අරහරූපතං ආපජ්ජිත්වා තිට්ඨති, පගෙව ඝායිතුං වා සායිතුං වා, එවමෙව නානප්පකාරං පානභොජනාදිදන්තමුසලසඤ්චුණ්ණිතං ජිව්හාහත්ථපරිවත්තිතඛෙළලාලාපලිබුද්ධං තඞ්ඛණවිගතවණ්ණගන්ධරසාදිසම්පදං තන්තවායඛලිසුවානවමථුසදිසං නිපතිත්වා පිත්තසෙම්හවාතපලිවෙඨිතං හුත්වා උදරග්ගිසන්තාපවෙගකුථිතං කිමිකුලාකුලං උපරූපරි ඵෙණපුප්ඵුළකානි මුඤ්චන්තං පරමකසම්බුදුග්ගන්ධජෙගුච්ඡභාවං ආපජ්ජිත්වා තිට්ඨති. යං සුත්වාපි පානභොජනාදීසු අමනුඤ්ඤතා සණ්ඨාති, පගෙව පඤ්ඤාචක්ඛුනා අවලොකෙත්වා. යත්ථ ච පතිතං පානභොජනාදි පඤ්චධා විවෙකං ගච්ඡති, එකං භාගං පාණකා ඛාදන්ති, එකං භාගං උදරග්ගි ඣාපෙති, එකො භාගො මුත්තං හොති, එකො භාගො කරීසං, එකො භාගො රසභාවං ආපජ්ජිත්වා සොණිතමංසාදීනි උපබ්රූහයති.
උදරය නම් දෙකොණින් මිරිකනලද තෙත් සළුවෙක සුළං හිරවීමෙන් හටගත් ගෝලාකාර වූ ආන්ත්රපටලයයි. එය පිටතින් මට සිලුටුය. ඇතුළත මස්, කසල වැසීමෙන් කිලිටිවී ගිය පොරෝනා කඩෙක හටගත් පුස් රැසක් බඳුය, කුණුවී ගිය කොස් කටුවෙක ඇතුළත බඳුයයි කියනුද වටී. එහි තක්කෝටකය, ගණ්ඩුප්පාදකය, තාලහීරකය, සුචිමුඛකය, පටතන්තුකය, සුත්තකය යන මේ ආදී දෙතිස් කුලයෙක කෘමි ජාතීහු ආකුල ව්‍යාකූලව, මුළු මුළුව, හැසිරෙමින් වෙසෙති. ඒ කෘමීහු පාන භෝජන ආදිය නැති කල්හි පිටතට අවුත් හඬ දෙමින් හෘදයමාංශය සපා කති, පාන භෝජනාදිය වළඳනවිට උඩට නැගී පළමුවෙන් වැළඳූ දෙතුන් පිඬක් යුහු යුහුව පැහැර ගනිති. එම උදරයම ඒ පණුවන්හට තිඹිරිගෙයද, වැසිකිළියද, ගිලන්හලද, සොහොන්බිමද වේ, යම්සේ වනාහි සැඬොල් ගම්දොර ගවරවලකට නියං කලෙක දළපොද සහිත වැසි වස්නාවිට ජලයට ගසා ආ මල මූත්‍ර ආදියද, සම් ඇට නහර කැබලිද, කෙළ, සොටු ලෙහෙ ආදී නොයෙක් කුණප කොටස්ද වැටී මඩ ගොහොරු දියෙන් කැලඹ දෙතුන් දිනක් ඉකුත්ව ගිය කල, පණුවන් හටගෙන ඉර අවු වේගයෙන් රත්වී මතුපිට පෙණ බුබුලු නංවමින්, ඉතා නිල්වන්ව, ඉතා දුගඳව, පිළිකුල්ව, ළඟට එළඹීමට හෝ, දැකීමට හෝ නුසුදුසු බවට පත්ව සිටීද, ආඝ්‍රාණය පිණිස හෝ ආස්වාද පිණිස කැලම නොසුදුසුව සිටීද, එසේම නොයෙක් ප්‍රකාරවූ පාන භෝජනාදිය දත් නමැති මොහොලින් සුණු විසුණුව, දිව නමැති අතින් පෙරළන ලදුව, (දිව අග) තුනී කෙළවලින් හා (දිව මුල ලාලා නම්) බොල් කෙළවලින්ද, මුසුව එකෙණෙහිම වර්ණ ගන්ධ රස ආදී සම්පතින් පිරිහී පෙහෙරුන්ගේ ගල්ඔරුවෙක්හි දමන ලද බලු වමනය හා සමාන බවට පත්ව පිත් සෙම් වාත යන මෙයින් මුසුව බඩගිනි වේගයෙන් රත්වී පණු කුලයන්ගෙන් ආකුලව, මතු මත්තෙහි පෙණ බුබුලු නංවමින් ඉතා දුගඳ පිළිකුල් බවට පත්ව සිටියි. එය ගැන ඇසූ පමණින් පැන් බොජුන් ආදිය අප්‍රිය බවට පත්වේ, පැනැසින් බැලූ විට කැලම අප්රියබවට පත්වේ. තවද එම උදරයෙහි වැටුණු පැන් බොජුන් ආදිය පස් ආකාරයකට බෙදීයෙයි, එක් කොටසක් පණුවෝ කති, එක් කොටසක් බඩගින්නෙන් දැවී යයි. එක් කොටසක් මුත්‍රා බවටද, එක් කොටසක් මල බවටද පත්වේ. එක් කොටසක් පමණක් රස බවට පත්ව ලෙහෙ මස් ආදිය වඩයි.
පරිච්ඡෙදතො උදරපටලෙන චෙව උදරියභාගෙන ච පරිච්ඡින්නං. අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
පරිච්ඡෙද වශයෙන් උදර පටලයෙන්ද උදරය කෙළවරින්ද පිරිසිඳියේය. මේ මෙහි සභාග පරිච්ඡෙද වශයෙනි, විසභාග පරිච්ඡෙදය වනාහි කෙස් පිළිබඳව කී නියාම වේ.
කරීසන්ති වච්චං. තං වණ්ණතො යෙභුය්යෙන අජ්ඣොහටාහාරවණ්ණමෙව හොති. සණ්ඨානතො ඔකාසසණ්ඨානං. දිසතො හෙට්ඨිමාය දිසාය ජාතං. ඔකාසතො පක්කාසයෙ ඨිතං. පක්කාසයො නාම හෙට්ඨානාභි-පිට්ඨිකණ්ටකමූලානං අන්තරෙ අන්තාවසානෙ උබ්බෙධෙන අට්ඨඞ්ගුලමත්තො වෙළුනාළිකසදිසො, යත්ථ සෙය්යථාපි නාම උපරි භූමිභාගෙ පතිතං වස්සොදකං ඔගළිත්වා හෙට්ඨා භූමිභාගං පූරෙත්වා තිට්ඨති, එවමෙව යංකිඤ්චි ආමාසයෙ පතිතං පානභොජනාදිකං උදරග්ගිනා ඵෙණුද්දෙහකං පක්කං පක්කං නිසදාය පිසිතමිව සණ්හභාවං ආපජ්ජිත්වා අන්තබිලෙන ඔගළිත්වා ඔගළිත්වා ඔමද්දිත්වා වෙළුපබ්බෙ පක්ඛිපමානපණ්ඩුමත්තිකා විය සන්නිචිතං හුත්වා තිට්ඨති. පරිච්ඡෙදතො පක්කාසයපටලෙන චෙව කරීසභාගෙන ච පරිච්ඡින්නං, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
කරීසං යනු මලයි, එය වර්ණයෙන් බොහෝ සෙයින් වැළදූ ආහාරයෙහි වර්ණයම වේ, හැඩයෙන් අවකාශයට අනුරූප වූ හැඩය ඇත්තේය, දිසා වශයෙන් යටි දිසාවෙහි හටගත්තේය, අවකාශ වශයෙන් පක්වාශයෙහි සිටියේය. නාභියෙහි පහළ කොටස හා කොඳු ඇට පෙළ මුල අතර ආන්ත්රයෙහි කෙළවර පටන් උසින් අටඟුලක් පමණ වූ හුණ නලයක් බඳු වූයේ පක්වාශයයි. එහි වනාහි, යම්සේ ඉහළ බිම් පෙදෙසක වට වැසිදිය ගලා අවුත් පහළ බිම් පෙදෙස් පුරා සිටීද, එසේම ආමාශයෙහි වැටුණු කිසි පානභෝජන ආදියක් බඩගින්නෙන් පෙණ නැඟෙමින් පැසී ඇඹරුම් ගලෙහි අඹරන ලද්දක් සෙයින් සිලුටු බවට පැමිණ අතුණු සිදුරෙන් පහළට බැස මැඩගෙන හුණ පුරුකක් තුළ බහා ලනලද පඬුවන් මැටි මෙන් රැස්ව සිටියේය. පරිච්ඡේද වශයෙන් එය පක්වාශය පටලයෙන්ද, කරීස කෙළවරින්ද පිරිසිඳියේය, මේ මෙහි සභාග පරිච්ඡේදයයි. විසභාග පරිච්ඡේදය කෙස් පිළිබඳව කීනියාමය.
මත්ථලුඞ්ගන්ති සීසකටාහබ්භන්තරෙ ඨිතමිඤ්ජරාසි. තං වණ්ණතො සෙතං අහිච්ඡත්තකපිණ්ඩවණ්ණං. දධිභාවං අසම්පත්තං දුට්ඨඛීරවණ්ණන්තිපි වත්තුං වට්ටති. සණ්ඨානතො ඔකාසසණ්ඨානං. දිසතො උපරිමාය දිසාය ජාතං. ඔකාසතො සීසකටාහබ්භන්තරෙ චත්තාරො සිබ්බිනිමග්ගෙ නිස්සාය සමොධානෙත්වා ඨපිතා චත්තාරො පිට්ඨපිණ්ඩා විය සමොහිතං තිට්ඨති. පරිච්ඡෙදතො සීසකටාහස්ස අබ්භන්තරතලෙහි චෙව මත්ථලුඞ්ගභාගෙන ච පරිච්ඡින්නං , අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
මත්ථලුඞ්ගං යනු, හිස් කබල ඇතුළත පිහිටි මිදුලු රැසයි, එය වර්ණයෙන් සුදුය, හතු රැසකට සමාන පැහැ ඇත්තේය, දී බවට නොපැමිණ පිළුණු වූ කිරකට බඳු පැහැ ඇත්තේයයි හෝ කියනු වටී, හැඩයෙන් එහි අවකාශයට අනුරූපවූ හැඩය ඇත්තේය, දිසා වශයෙන් උඩු දිසාවෙහි හටගත්තේ වේ, අවකාශ වශයෙන් හිස් කබල ඇතුළත ගෙත්තම් මාර්ග සතරක් තුළ එක්කොට තබන ලද පිටි ගුලි සතරක් සෙයින් එක්ව බැඳී සිටියේය, පරිච්ඡෙද වශයෙන් හිස් කබල ඇතුළත තලයෙන්ද හිස්මුළ කෙළවරින්ද පිරිසිඳියේය. මේ මෙහි සභාග පරිච්ඡේදයයි, විසභාග පරිච්ඡේදය කෙස් පිළිබඳව කීනයම වේ.
පිත්තන්ති ද්වෙ පිත්තානි බද්ධපිත්තඤ්ච අබද්ධපිත්තඤ්ච. තත්ථ බද්ධපිත්තං වණ්ණතො බහලමධුකතෙලවණ්ණං. අබද්ධපිත්තං මිලාතආකුලිපුප්ඵවණ්ණං. සණ්ඨානතො උභයම්පි ඔකාසසණ්ඨානං. දිසතො බද්ධපිත්තං උපරිමාය දිසාය ජාතං, ඉතරං ද්වීසු දිසාසු ජාතං. ඔකාසතො අබද්ධපිත්තං ඨපෙත්වා කෙසලොමදන්තනඛානං මංසවිනිමුත්තට්ඨානඤ්චෙව ථද්ධසුක්ඛචම්මඤ්ච උදකමිව තෙලබින්දු අවසෙසසරීරං බ්යාපෙත්වා ඨිතං, යම්හි කුපිතෙ අක්ඛීනි පීතකානි හොන්ති, භමන්ති, ගත්තං කම්පති, කණ්ඩූයති. බද්ධපිත්තං හදයපප්ඵාසානං අන්තරෙ යකනමංසං නිස්සාය පතිට්ඨිතෙ මහාකොසාතකීකොසකසදිසෙ පිත්තකොසකෙ ඨිතං, යම්හි කුපිතෙ සත්තා උම්මත්තකා හොන්ති, විපල්ලත්ථචිත්තා හිරොත්තප්පං ඡඩ්ඩෙත්වා අකාතබ්බං කරොන්ති, අභාසිතබ්බං භාසන්ති, අචින්තිතබ්බං චින්තෙන්ති. පරිච්ඡෙදතො පිත්තභාගෙන පරිච්ඡින්නං, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
පිත්තං යනු, බැඳුණු පිතය, නොබැඳුණු පිතයයි පිත දෙවැදෑරුම් වේ, එහි බැඳුණු පිත වර්ණ වශයෙන් ගන මීතෙල් බඳු පැහැ ඇත්තේය. නොබැඳුණු පිත මැලවුණු රණවරා මල් බඳු පැහැ ඇත්තේය, හැඩයෙන් බැඳුණු නොබැඳුණු දෙ-පිතම අවකාශයට අනුරූප වූ හැඩය ඇත්තේය, දිසා වශයෙන් නොබැඳුණු පිත කෙස් ලොම් නිය දත් ආදී මසින් තොර පෙදෙස් හා තද වියලි සමද හැර, දිය මත තෙලිත්තක් මෙන් සෙසු සිරුර පුරා විසිර සිටියේය, එය කිපි කල්හි ඇස් කසාවන් වේ, සිරුර බමන්නට ගනියි, සැලෙයි, කසයි. බැඳුණු පිත හෘදය පපුමස යන දෙකට අතරින් අක්මාව ඇසුරුකොට පිහිටි මහ වැටකොළු වහල්ලක් සෙයින් පිත්තාශයෙහි පිහිටියේය. එය කිපි කල්හි සත්ත්වයෝ උමතුවෙති, පෙරළුණ සිත් ඇතිව, හිරිඔතප් නැතිව නොකටයුතු කෙරෙති, නොතෙපලියයුතු බස් තෙපලති, නොසිතිය යුතු සිතුම් සිතති. පරිච්ඡේද වශයෙන් පිත් කෙළවරින් පිරිසිඳියේය. මේ මෙහි සභාග පරිච්ඡේදයයි, විසභාග පරිච්ඡේදය කෙස් පිළිබඳව කී නයම වේ.
සෙම්හන්ති සරීරබ්භන්තරෙ එකපත්ථපූරප්පමාණං සෙම්හං. තං වණ්ණතො සෙතං නාගබලාපණ්ණරසවණ්ණං. සණ්ඨානතො ඔකාසසණ්ඨානං. දිසතො උපරිමාය දිසාය ජාතං. ඔකාසතො උදරපටලෙ ඨිතං. යං පානභොජනාදිඅජ්ඣොහරණකාලෙ සෙය්යථාපි නාම උදකෙ සෙවාලපණකං කට්ඨෙ වා කථලෙ වා පතන්තෙ ඡිජ්ජිත්වා ද්විධා හුත්වා පුන අජ්ඣොත්ථරිත්වා තිට්ඨති, එවමෙව පානභොජනාදිම්හි නිපතන්තෙ ඡිජ්ජිත්වා ද්විධා හුත්වා පුන අජ්ඣොත්ථරිත්වා තිට්ඨති, යම්හි ච මන්දීභූතෙ පක්කගණ්ඩො විය පූතිකුක්කුටණ්ඩමිව ච උදරං පරමජෙගුච්ඡං කුණපගන්ධං හොති, තතො උග්ගතෙන ච ගන්ධෙන උද්දෙකොපි මුඛම්පි දුග්ගන්ධං පූතිකුණපසදිසං හොති. සො ච පුරිසො අපෙහි දුග්ගන්ධං වායසීති වත්තබ්බතං ආපජ්ජති, යඤ්ච වඩ්ඪිත්වා බහලත්තමාපන්නං පිධානඵලකමිව වච්චකුටියං උදරපටලස්ස අබ්භන්තරෙයෙව කුණපගන්ධං සන්නිරුම්භිත්වා තිට්ඨති. පරිච්ඡෙදතො සෙම්හභාගෙන පරිච්ඡින්නං, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
සෙම්හං යනු, සිරුර ඇතුළත පාත්‍රයක් පිරෙන තරම්වූ සෙමයි. එය වර්ණයෙන් සුදුය. කෑලිය පත් යුස බඳු පැහැ ඇත්තේය, හැඩයෙන් අවකාශයට අනුරූපවූ හැඩය ඇත්තේය, දිසා වශයෙන් උඩු දිසාවෙහි හටගත්තේය, අවකාශ වශයෙන් උදර පටලයෙහි සිටියේය, යම්සේ ජලය මතුපිට ඇති සෙවෙල් පටලය දඬුවක් හෝ කැට කැබිලිත්තක් හෝ වැටෙනවිට කැඩී දෙකට බෙදී ගොස් යලි එක්ව පැතිර සිටීද, එසේම පැන් බොජුන් ආදිය වැටෙන විට එය දෙබෑව ගොස් යලි එක්ව පැතිර සිටී. තවද එය මඳවූ කල පැසුණු ගඩක් සෙයින්ද, කුණු වූ කුකුළු බිජුවක් සෙයින්ද උදරය ඉතා පිළිකුල් දනවන කුණු ගඳ ඇත්තේ වේ. එයින් නැඟුණ දුගඳින් යුත් උද්රේකය (රාමතෙල් නැඟ ඒම) නිසා මුඛයද පිළිකුල් කුණපයක් බඳු වේ. එම පුරුෂයාද “ඉවත් වෙව, දුගඳ වහන්නෙහිය’යි කිවයුතු බවට පත් වන්නේය. එය වැඩී ගනබවට පත්වූ කල වැසිකිළි පියන් පතක් මෙන් උදර පටලය ඇතුළතම කුණුගඳ ඔබාගෙන සිටියි. පරිච්ඡේද වශයෙන් සෙම් කොටසින්ම පිරිසිඳියේය. මේ මෙහි සභාග පරිච්ඡෙදයි -පෙ-
පුබ්බොති පූතිලොහිතවසෙන පවත්තපුබ්බං. තං වණ්ණතො පණ්ඩුපලාසවණ්ණො. මතසරීරෙ පන පූතිබහලාචාමවණ්ණො හොති. සණ්ඨානතො ඔකාසසණ්ඨානො. දිසතො ද්වීසු දිසාසු හොති. ඔකාසතො පන පුබ්බස්ස ඔකාසො නාම නිබද්ධො නත්ථි, යත්ථ සො සන්නිචිතො තිට්ඨෙය්ය, යත්ර යත්ර ඛාණුකණ්ටකපහරණග්ගිජාලාදීහි අභිහතෙ සරීරප්පදෙසෙ ලොහිතං සණ්ඨහිත්වා පච්චති, ගණ්ඩපීළකාදයො වා උප්පජ්ජන්ති, තත්ර තත්ර තිට්ඨති. පරිච්ඡෙදතො පුබ්බභාගෙන පරිච්ඡින්නො, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
පුබ්බො යනු, (කුණුව ගිය ලෙහෙ වශයෙන් පැවති එය) ඉදුණු කොළ වැනි පැහැ ඇති පූයාව (සැරව) යි. මෘත ශරීරයෙහි වනාහි එය කුණුවී ගනබවට පත් කැඳක් බඳු පැහැ ඇත්තේය, හැඩයෙන් අවකාශයට සමාන හැඩය ඇත්තේය, දිසා වශයෙන් උඩුයටි දෙදිසාවෙහි සිටියේය, අවකාශ වශයෙන් වනාහි පූයාවට නියමිත අවකාශයෙක් නැත, යම් තැනෙක එය රැස්ව සිටීද, යම් යම් තැනෙක කණු කටු අවි ගිනිදැල් ආදියෙන් පෑරුණු සිරුරු කොටස්හි ලේ රැස්ව පැසවයිද, ගඩ පොළ ආදිය හෝ උපදී ද, ඒ ඒ තැන්හි සිටියි. පරිච්ඡේද වශයෙන් පූයා කොටස් වශයෙන්ම පිරිසිඳියේය. මේ මෙහි සභාග-පෙ-
ලොහිතන්ති ද්වෙ ලොහිතානි සන්නිචිතලොහිතඤ්ච සංසරණලොහිතඤ්ච. තත්ථ සන්නිචිතලොහිතං වණ්ණතො නිපක්කබහලලාඛාරසවණ්ණං. සංසරණලොහිතං අච්ඡලාඛාරසවණ්ණං. සණ්ඨානතො උභයම්පි ඔකාසසණ්ඨානං. දිසතො සන්නිචිතලොහිතං උපරිමාය දිසාය ජාතං. ඉතරං ද්විසු දිසාසු ජාතං. ඔකාසතො සංසරණලොහිතං ඨපෙත්වා කෙසලොමදන්තනඛානං මංසවිනිමුත්තට්ඨානඤ්චෙව ථද්ධසුක්ඛචම්මඤ්ච ධමනිජාලානුසාරෙන සබ්බං උපාදිණ්ණසරීරං ඵරිත්වා ඨිතං. සන්නිචිතලොහිතං යකනට්ඨානස්ස හෙට්ඨාභාගං පූරෙත්වා එකපත්ථපූරමත්තං හදයවක්කපප්ඵාසානං උපරි ථොකං ථොකං පග්ඝරන්තං වක්කහදයයකනපප්ඵාසෙ තෙමයමානං ඨිතං. තස්මිං හි වක්කහදයාදීනි අතෙමෙන්තෙ සත්තා පිපාසිතා හොන්ති. පරිච්ඡෙදතො ලොහිතභාගෙන පරිච්ඡින්නං, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
ලොහිතං යනු, රැස්ව සිටි ලෙහෙය, සැරිසරන ලෙහෙයයි දෙවැදෑරුම් වූ රුධිරයයි. එහි රැස්ව සිටි ලෙය කකාරවනලද ගන ලහ (ලාක්ෂා) බඳු පැහැ ඇත්තේය, සැරිසරන ලෙය පැහැදි ලාකඩ දියර බඳු පැහැ ඇත්තේය. හැඩයෙන් මේ දෙකම අවකාශයට අනුරූපවූ හැඩය ඇත්තේ වේ. දිසා වශයෙන් රැස්ව සිටි ලෙය උඩු දිසාවෙහිද අනෙක උඩු යටි දෙදිසාවෙහිද සිටියේය. අවකාශ වශයෙන් සැරිසරන ලෙය කෙස් ලොම්, දත්, යන මෙහි මසින් තොර තැන් හා තද වියලි සම්ද හැර, ධමනීජාලයට අනුව සියලු ජීවමාන සිරුර තුළ පැතිර සිටියේය. රැස්වූ ලෙය අක්මාවෙහි යටි පෙදෙස පුරා සිටියේය, එක් පාත්‍රයක් පිරෙන තරම් වූ එය හෘදය, වකුගඩු, පපුමස යන අවයව මත්තෙහි මද මදව වැගිරෙමින් වකුගඩු, හෘදය, අක්මා, පපුමස යන මේවා තෙමමින් සිටියේය. එම වකුගඩු හෘදය ආදිය නොතෙමෙන විට සත්ත්වයෝ පිපාස ඇත්තෝ වෙති. පරිච්ඡේද වශයෙන් ලෝහිත කොටසින්ම පිරිසිඳියේය. මේ මෙහි සභාග -පෙ-
සෙදොති ලොමකූපාදීහි පග්ඝරණකආපොධාතු. සො වණ්ණතො විප්පසන්නතිලතෙලවණ්ණො. සණ්ඨානතො ඔකාසසණ්ඨානො. දිසතො ද්වීසු දිසාසු ජාතො. ඔකාසතො සෙදස්සොකාසො නාම නිබද්ධො නත්ථි, යත්ථ සො ලොහිතං විය සදා තිට්ඨෙය්ය. යදා පන අග්ගිසන්තාපසූරියසන්තාපඋතුවිකාරාදීහි සරීරං සන්තපති, තදා උදකතො අබ්බූළ්හමත්තවිසමච්ඡින්නභිසමුළාලකුමුදනාළකලාපො විය සබ්බකෙසලොමකූපවිවරෙහි පග්ඝරති, තස්මා තස්ස සණ්ඨානම්පි කෙසලොමකූපවිවරානඤ්ඤෙව වසෙන වෙදිතබ්බං. සෙදපරිග්ගණ්හකෙන ච යොගිනා කෙසලොමකූපවිවරෙ පූරෙත්වා ඨිතවසෙනෙව සෙදො මනසි කාතබ්බො. පරිච්ඡෙදතො සෙදභාගෙන පරිච්ඡින්නො, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
සෙදො යනු, රෝම කූපාදියෙන් වැගිරෙන ආපොධාතුවයි. එය වර්ණයෙන් පැහැදි තලතෙල් පැහැ ඇත්තේය, හැඩයෙන් අවකාශයට සමාන හැඩය ඇත්තේය, දිසා වශයෙන් උඩු යටි දෙදිසාවෙහි සිටියේය, අවකාශ වශයෙන් දහදියට ලෙයට මෙන් නිබඳව පවත්නා නිශ්චිත තැනෙක් නැත, යම්කලෙක වනාහි ගින්නෙන් තැවීම, ඉර අව්වෙන් තැවීම, සෘතුවිපර්යාස ආදිය හේතුකොටගෙන සිරුර උණුසුම් වේද, එකල දියෙන් ගොඩ නැගූ පමණින් නොමටකොට සිඳින ලද නෙළුඹුදැලි කුමුදුදඬු කළඹක් සෙයින්ම සියලු කෙශකූප රෝමකුප සිදුරු තුළින් වැගිරෙයි. එහෙයින් එහි හැඩයද කෙශකූප රොමකූප විවර අනුවම වෙතැ’යි දතයුතුය. සෙදය (හෙවත් දහදිය) නිමිති වශයෙන් ගන්නා යෝගාවචරයා විසින්ද කෙශ රොමකූප විවරයන් පිරී සිටින ලෙසින්ම සෙද කොට්ඨාසය මෙනෙහි කළයුතුය. පරිච්ඡේද වශයෙන් සෙද කොට්ඨාස වශයෙන්ම පිරිසිඳියේය, මේ මෙහි සභාග -පෙ-
මෙදොති ථිනසිනෙහො. සො වණ්ණතො ඵාලිතහලිද්දිවණ්ණො. සණ්ඨානතො ථූලසරීරස්ස තාව චම්මමංසන්තරෙ ඨපිතහලිද්දිවණ්ණදුකූලපිලොතිකසණ්ඨානො හොති. කිසසරීරස්ස ජඞ්ඝමංසං ඌරුමංසං පිට්ඨිකණ්ටකනිස්සිතං පිට්ඨිමංසං උදරවට්ටිමංසන්ති එතානි නිස්සාය දිගුණතිගුණං කත්වා ඨපිතහලිද්දිවණ්ණදුකූලපිලොතිකසණ්ඨානො. දිසතො ද්වීසු දිසාසු ජාතො. ඔකාසතො ථූලස්ස සකලසරීරං ඵරිත්වා කිසස්ස ජඞ්ඝමංසාදීනි නිස්සාය ඨිතො, යං සිනෙහසඞ්ඛං ගතම්පි පරමජෙගුච්ඡත්තා නෙව මුද්ධනි තෙලත්ථාය, න නාසතෙලාදීනමත්ථාය ගණ්හන්ති. පරිච්ඡෙදතො හෙට්ඨා මංසෙන, උපරි චම්මෙන, තිරියං මෙදභාගෙන පරිච්ඡින්නො, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
මෙදො යනු, ගන බවට පත් (මිදුණු) තෙලයි. එය වර්ණයෙන් පලනලද කහ අත්තකට සමාන පැහැ ඇත්තේය. හැඩයෙන් තර සිරුරු ඇත්තහුගේ සම් හා මස් අතර තබනලද කහ පැහැති දුහුල් රෙදි කඩක් බඳු හැඩය ඇත්තේය, කෙසඟ සිරුරු ඇත්තහුගේ කෙණ්ඩා මසය, කලවා මසය, කොඳු ඇටය ඇසුරුකොට ඇති පිට මසය, බඩවත මසය යන මේවා ඇසුරු කොට දෙපට තුන්පට කොට තබනලද කසාවන් රෙදි කඩක් බඳු හැඩය ඇත්තේය, දිසා වශයෙන් උඩු යටි දෙදිසාවෙහි පිහිටියේය, අවකාශ වශයෙන් තර සිරුරු ඇත්තහුගේ මුළු සිරුර පුරා පැතිර සිටියේය. කෙසඟ සිරුරු ඇත්තහුගේ කෙණ්ඩා මස් ආදිය ඇසුරුකොට සිටියේය. තෙල්යයි කියනු ලබන නමුදු ඉතා පිළිකුල් වන හෙයින් හිස ගැල්වීම පිණිස හෝ නස්‍ය පිණිස හෝ නොගනිත්. පරිච්ඡෙද වශයෙන් යට මසින්ද උඩ සමින්ද සරස මේදයෙන්මද පිරිසිඳියේය, මේ මෙහි සභාග -පෙ-
අස්සූති අක්ඛීහි පග්ඝරණකආපොධාතු. තං වණ්ණතො විප්පසන්නතිලතෙලවණ්ණං. සණ්ඨානතො ඔකාසසණ්ඨානං. දිසතො උපරිමාය දිසාය ජාතං. ඔකාසතො අක්ඛිකූපකෙසු ඨිතං. න චෙතං පිත්තකොසකෙ පිත්තමිව අක්ඛිකූපකෙසු සදා සන්නිචිතං තිට්ඨති. යදා පන සත්තා සොමනස්සජාතා මහාහසිතං හසන්ති, දොමනස්සජාතා රොදන්ති පරිදෙවන්ති, තථාරූපං වා විසමාහාරං ආහාරෙන්ති, යදා ච නෙසං අක්ඛීනි ධූමරජපංසුකාදීහි අභිහඤ්ඤන්ති. තදා එතෙහි සොමනස්සදොමනස්සවිසභාගාහාරඋතූහි සමුට්ඨහිත්වා අක්ඛිකූපකෙ පූරෙත්වා තිට්ඨති වා පග්ඝරති වා. අස්සුපරිග්ගණ්හකෙන ච යොගිනා අක්ඛිකූපකෙ පූරෙත්වා ඨිතවසෙනෙව පරිග්ගණ්හිතබ්බං. පරිච්ඡෙදතො අස්සුභාගෙන පරිච්ඡින්නං, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
අස්සු යනු, ඇස්වලින් වැගිරෙන ආපො ධාතුවයි. එය වර්ණයෙන් පැහැදි තලතෙල් බඳු පැහැ ඇත්තේය, හැඩයෙන් අවකාශයට අනුරූප වූ හැඩය ඇත්තේය. දිසා වශයෙන් උඩු දිසාවෙහි පිහිටියේය. අවකාශ වශයෙන් අක්ෂිකූප තුළ සිටියේය. පිත්ත කොෂයෙහි පිත මෙන් මෙය අක්ෂිකූපයෙහි සිටියේ නොවේ. යම් කලෙක වනාහි සත්ත්වයෝ සොම්නස්ව මහ සිනා සෙත්ද, දොම්නස්ව හඬත්ද, වැලපෙත්ද, එසේම විෂම ආහාර බුදිත්ද, යම් කලෙක ඔවුන්ගේ ඇස් දුම්, දූවිලි, පස් ආදිය වැදී පෙළේද, එකල මේ සොම්නස්, දොම්නස්, විෂමාහාර, සෘතු ආදිය හේතුකොට නැඟී අක්ෂිකූපයන් පුරා සිටියි, නැතහොත් වැගිරෙයි. අස්සු කොට්ඨාසය නිමිතිකොට ගන්නා යෝගාවචරයා විසින් වනාහි අක්ෂිකූපයන් පුරා සිටි ආකාරයෙන්ම ගතයුතුය. පරිච්ඡේද වශයෙන් අස්සු කොට්ඨාසයෙන්ම පිරිසිඳියේය. මේ මෙහි සභාග -පෙ-
වසාති විලීනසිනෙහො. සා වණ්ණතො නාළිකෙරතෙලවණ්ණා. ආචාමෙ ආසිත්තතෙලවණ්ණාතිපි වත්තුං වට්ටති. සණ්ඨානතො න්හානකාලෙ පසන්නඋදකස්ස උපරි පරිබ්භමන්තසිනෙහබින්දුවිසටසණ්ඨානා. දිසතො ද්වීසු දිසාසු ජාතා. ඔකාසතො යෙභුය්යෙන හත්ථතලහත්ථපිට්ඨිපාදතලපාදපිට්ඨිනාසපුටනලාටඅංසකූටෙසු ඨිතා. න චෙසා එතෙසු ඔකාසෙසු සදා විලීනාව හුත්වා තිට්ඨති. යදා පන අග්ගිසන්තාපසූරියසන්තාපඋතුවිසභාගධාතුවිසභාගෙහි තෙ පදෙසා උස්මාජාතා හොන්ති, තදා තත්ථ න්හානකාලෙ පසන්නඋදකූපරි සිනෙහබින්දුවිසටො විය ඉතො චිතො ච සඤ්චරති. පරිච්ඡෙදතො වසාභාගෙන පරිච්ඡින්නා, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොයෙව.
වසා යනු විරුණු තෙලයි. එය වර්ණයෙන් පොල්තෙල් පැහැ ඇත්තේය. හුළු කැදෙහි ඉසින ලද තෙලෙහි පැහැ ඇත්තේයයිද කියනු ලැබේ. හැඩයෙන් නහන කල පෑදි දිය මතුපිට බමන තෙල් බිංදු විසිර සිටියා වැනි හැඩය ඇත්තේය. දිසා වශයෙන් උඩු යටි දෙදිසාවෙහි පිහිටියේය, අවකාශ වශයෙන් අතුල් පිටිඅතුල්, පතුල්, පිටිපතුල්, නහස්පුඩු, නළල්, දසරු යන තන්හි බොහෝ සෙයින් සිටියේය. මෙය මෙකී තන්හි සැම විටම විරී (හුණුවී) සිටිනේ නොවේ, යම් කලෙක ගින්නෙන් හෝ හිරුරැසින් තැවීම, සෘතුවිපර්යාස ධාතුවිපර්යාස ආදියෙන් එම පෙදෙස් උණුසුම් වේද, එකල එතන්හි නහන කල පැහැදි දියපිට තෙල් බිඳු විසිරී සිටියා සේ ඔබ මොබ හැසිරේ, පරිච්ඡේද වශයෙන් වසා කොටසින්ම පිරිසිඳියේය. මේ මෙහි සභාග -පෙ-
ඛෙළොති අන්තොමුඛෙ ඵෙණමිස්සා ආපොධාතු. සො වණ්ණතො සෙතො ඵෙණවණ්ණො. සණ්ඨානතො ඔකාසසණ්ඨානො. ඵෙණසණ්ඨානොතිපි වත්තුං වට්ටති. දිසතො උපරිමාය දිසාය ජාතො. ඔකාසතො උභොහි කපොලපස්සෙහි ඔරුය්හ ජිව්හාය ඨිතො. න චෙස එත්ථ සදා සන්නිචිතො හුත්වා තිට්ඨති. යදා පන සත්තා තථාරූපමාහාරං පස්සන්ති වා සරන්ති වා, උණ්හතිත්තකටුකලොණම්බිලානං වා කිඤ්චි මුඛෙ ඨපෙන්ති, යදා වා නෙසං හදයං ආගිලායති, කිස්මිඤ්චි දෙව වා ජිගුච්ඡා උප්පජ්ජති, තදා ඛෙළො උප්පජ්ජිත්වා උභොහි කපොලපස්සෙහි ඔරුය්හ ජිව්හාය සණ්ඨාති. අග්ගජිව්හාය චෙස තනුකො හොති, මූලජිව්හාය බහලො, මුඛෙ පක්ඛිත්තඤ්ච පුථුකං වා තණ්ඩුලං වා අඤ්ඤං වා කිඤ්චි ඛාදනීයං නදීපුලිනෙ ඛතකූපකසලිලං විය පරික්ඛයං අගච්ඡන්තොව තෙමෙතුං සමත්ථො හොති. පරිච්ඡෙදතො ඛෙළභාගෙන පරිච්ඡින්නො, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොව.
ඛෙළො යනු, මුඛය තුළ සිටි පෙණ මුසු ආපො ධාතුවයි, එය වර්ණයෙන් සුදු පෙණ බඳු පැහැ ඇත්තේය, හැඩයෙන් අවකාශයට අනුරූප වූ හැඩය ඇත්තේය. පෙණ බඳු හැඩය ඇත්තේ යයිද කියනු වටී, දිසා වශයෙන් උඩු දිසාවෙහි හටගත්තේ වේ. අවකාශ වශයෙන් දෙකොපුල් පසින් (කම්මුල් දෙපැත්තෙන්) බැස දිවෙහි සිටියේය, මෙය මෙතන්හි සැම විටම එක් රැස්ව සිටියේ නොවේ, යම් කලෙක වනාහි සත්ත්වයෝ උණුසුම් හෝ තිත්ත හෝ කටුක හෝ ලවණ හෝ අම්ල හෝ කිසියම් අහරක් දිව මත තබත්ද, නැතහොත් එවැනි අහරක් දකිත්ද, සිහි කරත්ද, නැතහොත් ඔවුන්ගේ හෘදය ක්ලාන්ත වේද, නැතහොත් කිසියම් දෙයක් කෙරෙහි පිළිකුල උපදීද, එකල කෙළ හටගෙන දෙකොපුල් පසින් (කම්මුල් දෙපසින්) බැස දිවෙහි සිටියි. දිව’ගෙහි සිටියහොත් තුනීවේ, දිවමුල සිටියහොත් ගනවේ, මුවතුළ තැබූ අත්සුණු හෝ සහල් හෝ අන්කිසි කැවිලි වෙසෙසක් හෝ ගංතලා වැල්ලෙහි සාරනලද ලිඳෙක ජලය මෙන් සිදී නොගොසින්ම තෙමනු සමත්වේ. පරිච්ඡේද වශයෙන් ඛෙළ කොට්ඨාසයෙන්ම පිරිසිඳියේය. මේ මෙහි සභාග -පෙ-
සිඞ්ඝාණිකාති මත්ථලුඞ්ගතො පග්ඝරණකඅසුචි. සා වණ්ණතො තරුණතාලට්ඨිමිඤ්ජවණ්ණා. සණ්ඨානතො ඔකාසසණ්ඨානා. දිසතො උපරිමාය දිසාය ජාතා. ඔකාසතො නාසාපුටෙ පූරෙත්වා ඨිතා. න චෙසා එත්ථ සදා සන්නිචිතා හුත්වා තිට්ඨති, අථ ඛො යථා නාම පුරිසො පදුමිනිපත්තෙ දධිං බන්ධිත්වා හෙට්ඨා කණ්ටකෙන විජ්ඣෙය්ය, අථානෙන ඡිද්දෙන දධිමුත්තං ගළිත්වා බහි පතෙය්‍ය, එවමෙව යදා සත්තා රොදන්ති, විසභාගාහාරඋතුවසෙන වා සඤ්ජාතධාතුඛොභා හොන්ති, තදා අන්තො සීසතො පූතිසෙම්හභාවමාපන්නං මත්ථලුඞ්ගං ගළිත්වා තාලුමත්ථකවිවරෙන ඔතරිත්වා නාසාපුටෙ පූරෙත්වා තිට්ඨති වා පග්ඝරති වා. සිඞ්ඝාණිකා පරිග්ගණ්හකෙන ච යොගිනා නාසාපුටෙ පූරෙත්වා ඨිතවසෙනෙව පරිග්ගණ්හිතබ්බා. පරිච්ඡෙදතො සිඞ්ඝාණිකාභාගෙන පරිච්ඡින්නා, අයමස්සා සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොව.
සිඞ්ඝාණිකා යනු, හිස් මුලින් වැගිරෙන මල (හෙවත් සොටු) ය. එය වර්ණයෙන් ආ තල් ලොඳකට බඳු පැහැ ඇත්තේය, හැඩයෙන් අවකාශයට අනුරූප වූ හැඩය ඇත්තේය, දිසා වශයෙන් උඩු දිසාවෙහි සිටියේය, අවකාශ වශයෙන් නාසාපුට පුරා සිටියේය, එය සැම විටම මෙහි රැස්ව සිටිනේ නොවේ, යම්සේ පුරුෂයෙක් තෙමේ පියුම් පතෙක දී අසුරා යට කටුවෙකින් විදියිද, එවිට ඒ සිදුරෙන් ද කැළඹී දිය පිටතට වැගිරෙන්නේද, එසේම සත්ත්වයන් වැලපෙනවිට හෝ ආහාර සෘතු ආදිය විෂමවීමෙන් ධාතූන් කැළඹුණවිට හෝ කුණු සෙම් බවට පත් හිස්මුල වැගිරී උඩු තල්ලෙහි ඇති විවරයෙන් බැස නාසාපුට පුරා සිටියි, නැතහොත් වැගිරෙයි. සොටු නම් වූ මේ කුණප කොට්ඨාසය නිමිති වශයෙන් ගන්නා යෝගාවචරයා විසින් නාසාපුට පුරා සිටින අයුරින්ම ගතයුතුය. පරිච්ඡේද වශයෙන් සිඞ්ඝාණිකා කොට්ඨාසයෙන්ම පිරිසිඳියේය. මේ මෙහි සභාග -පෙ-
ලසිකාති සරීරසන්ධීනං අබ්භන්තරෙ පිච්ඡිලකුණපං. සා වණ්ණතො කණිකාරනිය්යාසවණ්ණා. සණ්ඨානතො ඔකාසසණ්ඨානා. දිසතො ද්වීසු දිසාසු ජාතා. ඔකාසතො අට්ඨිසන්ධීනං අබ්භඤ්ජනකිච්චං සාධයමානා අසීතිසතසන්ධීනං අබ්භන්තරෙ ඨිතා. යස්ස චෙසා මන්දා හොති, තස්ස උට්ඨහන්තස්ස නිසීදන්තස්ස අභික්කමන්තස්ස පටික්කමන්තස්ස සමිඤ්ජන්තස්ස පසාරෙන්තස්ස අට්ඨිකානි කටකටායන්ති, අච්ඡරාසද්දං කරොන්තො විය සඤ්චරති. එකයොජනද්වියොජනමත්තං අද්ධානං ගතස්ස වායොධාතු කුප්පති, ගත්තානි දුක්ඛන්ති. යස්ස පන බහුකා හොන්ති, තස්ස උට්ඨානනිසජ්ජාදීසු න අට්ඨීනි කටකටායන්ති, දීඝම්පි අද්ධානං ගතස්ස න වායොධාතු කුප්පති, න ගත්තානි දුක්ඛන්ති. පරිච්ඡෙදතො ලසිකාභාගෙන පරිච්ඡින්නා, අයමස්සා සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොව.
ලසිකා යනු, සිරුරු සන්ධීන් ඇතුළත ඇති සඳමිඳුලු නම් ලිස්සන ස්වරූප ඇති කුණප කොට්ඨාසයයි. එය වර්ණයෙන් කිණිහිරි ලහටු බඳු පැහැ ඇත්තේය, හැඩයෙන් අවකාශයට අනුරූප වූ හැඩය ඇත්තේය, දිසා වශයෙන් දෙදිසාවෙහිම පිහිටියේය, අවකාශ වශයෙන් ඇට සන්ධීන් ලිහිසි කරමින් එක්සිය අසූවක් ඇට සන්ධීන් ඇතුළත සිටියේය. යමකුහට මේ සඳමිදුලු මඳවේද, ඔවුන් නැගී සිටිනවිටද, හිදිනවිටද, ඉදිරියට යනවිටද, ආපසු එනවිටද, හකුලනවිටද, දිගහරිනවිටද ඇට ‘කට කට’ යනුවෙන් හඬ නංවයි. අසුරුසන් කරමින් මෙන් ඇවිදියි. ඔහු එක් යොදුන් දෙ-යොදුන් පමණවූද ගමනක් ගියවිට වායෝ ධාතුව කිපේ, ගාත් රිදුම් දේ. යමකුට එය බහුල වේනම්, ඔහුට නැගිටීම් හිඳීම් ආදියෙහිදී ඇට ‘කට කට’ හඬ නොනංවයි. දිග ගමනක් ගියද වායොධාතුව නොකිපෙයි, ගාත් රිදුම් නොදෙයි. පරිච්ඡේද වශයෙන් ලසිකා කොට්ඨාසයෙන්ම පිරිසිඳියේය. මේ මෙහි සභාග -පෙ-
මුත්තන්ති මුත්තරසං. තං වණ්ණතො මාසඛාරොදකවණ්ණං. සණ්ඨානතො අධොමුඛට්ඨපිතඋදකකුම්භඅබ්භන්තරගතඋදකසණ්ඨානං. දිසතො හෙට්ඨිමාය දිසාය ජාතං. ඔකාසතො වත්ථිස්ස අබ්භන්තරෙ ඨිතං. වත්ථි නාම වත්ථි පුටො වුච්චති. යත්ථ සෙය්යථාපි චන්දනිකාය පක්ඛිත්තෙ අමුඛෙ රවණඝටෙ චන්දනිකාරසො පවිසති, න චස්ස පවිසනමග්ගො පඤ්ඤායති , එවමෙව සරීරතො මුත්තං පවිසති, න චස්ස පවිසනමග්ගො පඤ්ඤායති, නික්ඛමනමග්ගො පන පාකටො හොති. යම්හි ච මුත්තස්ස භරිතෙ පස්සාවං කරොමාති සත්තානං ආයූහනං හොති. පරිච්ඡෙදතො වත්ථිඅබ්භන්තරෙන චෙව මුත්තභාගෙන ච පරිච්ඡින්නං, අයමස්ස සභාගපරිච්ඡෙදො. විසභාගපරිච්ඡෙදො පන කෙසසදිසොව.
මුත්තං යනු උඳු තැම්බූ දියට සමාන වර්ණ ඇති මූත්රයි. හැඩයෙන් මුවවිට යටිකුරු කොට තැබූ කළයක් ඇතුළත තිබෙන දියට සමාන හැඩය ඇත්තේය, දිසා වශයෙන් යටදිසාවෙහි හටගත්තේ වේ, අවකාශ වශයෙන් වස්තිය ඇතුළත සිටියේය. වස්ති යනු වස්තිපුටයයි කියනු ලැබේ. යම්සේ ගවරවළෙක ඔබනලද මුඛයක් නැති යවන ඝටයක් තුළට එම ගවරවළෙහි දිය වදීද, එයට දිය ඇතුළුවන මඟක් නොපෙනේද, එසේම සිරුරෙන් එම වස්තිපුටය තුළට මූත්‍රය වදියි, එය වදනා මඟක් නොපෙනේ. නික්මෙන මඟ පමණක් ප්‍රකට වේ. එම වස්තිපූටය මුත්‍රයෙන් පිරීගිය විට ‘මුත්‍ර කරම්හ’යි සත්ත්වයනට හැඟීමක් පහළ වේ. පරිච්ඡේද වශයෙන් වස්තු අභ්‍යන්තරයෙන් හා මූත්‍ර කොට්ඨාසයෙන් පිරිසිඳියේ වේ. මේ මෙහි සභාග -පෙ-
එවඤ්හි කෙසාදිකෙ කොට්ඨාසෙ වණ්ණසණ්ඨානදිසොකාසපරිච්ඡෙදවසෙන වවත්ථපෙත්වා අනුපුබ්බතො නාතිසීඝතොතිආදිනා නයෙන වණ්ණසණ්ඨානගන්ධාසයොකාසවසෙන පඤ්චධා පටික්කූලා පටික්කූලාති මනසිකරොතො පණ්ණත්තිසමතික්කමාවසානෙ සෙය්යථාපි චක්ඛුමතො පුරිසස්ස ද්වත්තිංසවණ්ණානං කුසුමානං එකසුත්තකගන්ථිතං මාලං ඔලොකෙන්තස්ස සබ්බපුප්ඵානි අපුබ්බාපරියමිව පාකටානි හොන්ති, එවමෙව අත්ථි ඉමස්මිං කායෙ කෙසාති ඉමං කායං ඔලොකෙන්තස්ස සබ්බෙ තෙ ධම්මා අපුබ්බාපරියාව පාකටා හොන්ති. තෙන වුත්තං මනසිකාරකොසල්ලකථායං “ආදිකම්මිකස්ස හි කෙසාති මනසිකරොතො මනසිකාරො ගන්ත්වා මුත්තන්ති ඉමං පරියොසානකොට්ඨාසමෙව ආහච්ච තිට්ඨතී”ති.
මෙසේ කෙසාදී දෙතිස් කුණප කොට්ඨාසයන් කෙරෙහි වර්ණ, සණ්ඨාන, දිසා, ඔකාස, පරිච්ඡේද යන මේ පස් ආකාරයෙන් ව්‍යවස්ථාපනය කොට අනුපුබ්බතො (පිළිවෙළින්) නාතිසීඝතො (ඉතා යුහුනොව) ආදී නයින් වර්ණ, සංස්ථාන (හැඩය), ගන්ධ, ආශය, අවකාශ වශයෙන්ද පස් ආකාරයෙකින් ‘පටික්කූලා පටික්කූලා’ (පිළිකුල, පිළිකුලැයි) මෙනෙහි කරනවිට ප්රඥප්ති ඉක්මවීම අවසන්හි, යම්සේ ඇස් ඇති පුරුෂයකුහට දෙතිසක් පැහැ ඇති මලින් එක් හුයෙක්හි ගොතනලද මල්දමක් බලනවිට සියලු මල් පෙර පසු නොව එකවිට (සමස්තයක් වශයෙන්) ප්‍රකට වේද, එසේම ‘අත්ථි ඉමස්මිං කායෙ කෙසා’ යන ආදී නයින් මේ කය දෙස බලනවිට කෙශාදී වූ ඒ සියල්ල පෙර පසු නොව එකවිට (සමස්තයක් ලෙසින්) ප්‍රකට වේ. එහෙයින් මනසිකාර කොසල්ලයෙහිදී යට කී පරිදි ආධුනිකයා ‘කෙසා’යි මෙනෙහි කරනවිට එම මනස්කාරය දිවගොස් ‘මුත්තං’ යන අවසාන කුණප කොට්ඨාසය පැහැර සිටින්නේයයි කියනලදි.
සචෙ පන බහිද්ධාපි මනසිකාරං උපසංහරති, අථස්ස එවං සබ්බකොට්ඨාසෙසු පාකටීභූතෙසු ආහිණ්ඩන්තා මනුස්සතිරච්ඡානාදයො සත්තාකාරං විජහිත්වා කොට්ඨාසරාසිවසෙනෙව උපට්ඨහන්ති, තෙහි ච අජ්ඣොහරියමානං පානභොජනාදි කොට්ඨාසරාසිම්හි පක්ඛිපමානමිව උපට්ඨාති.
ඉදින් බාහිර කයක් කෙරෙහි මනස්කාරය එළවා නම්, එවිට ඔහුට සියලු කුණප කොට්ඨාසයන් ප්‍රකට වූ කල්හි ඇවිදින මිනිස් තිරිසන් ආදීහු සත්ත්ව ස්වභාවය හැර කුණප කොටස් රැසක් ලෙසින්ම වැටහෙයි. එම මිනිස් තිරිසන් ආදීන් විසින් වළදනු ලබන පැන් බොජුන් ආදියද කුණප කොට්ඨාසයන් තුළ බහාලන්නා සේ වැටහේ.
අථස්ස අනුපුබ්බමුඤ්චනාදිවසෙන පටික්කූලා පටික්කූලාති පුනප්පුනං මනසිකරොතො අනුක්කමෙන අප්පනා උප්පජ්ජති. තත්ථ කෙසාදීනං වණ්ණසණ්ඨානදිසොකාසපරිච්ඡෙදවසෙන උපට්ඨානං උග්ගහනිමිත්තං. සබ්බාකාරතො පටික්කූලවසෙන උපට්ඨානං පටිභාගනිමිත්තං. තං ආසෙවතො භාවයතො වුත්තනයෙන අසුභකම්මට්ඨානෙසු විය පඨමජ්ඣානවසෙනෙව අප්පනා උප්පජ්ජති.
ඉක්බිති ඒ යෝගාවචරයාහට යටකී ආකාරයෙන් අනුපුබ්බමුඤ්චනාදී (පිළිවෙළින් එකක් එකක් හැරීම්) වශයෙන් පිළිකුල පිළිකුලැයි නැවත නැවත මෙනෙහි කරත්ම ක්‍රමයෙන් අර්පණා උපදී. එහිදී කෙශාදිය පිළිබඳ වණ්ණ-සණ්ඨාන-දිසා-ඔකාස-පරිච්ඡෙද වශයෙන් වැටහීම උග්ගහනිමිත්තයි. සකලාකාරයෙන්ම පිළිකුල් වශයෙන් වැටහීම පටිභාගනිමිත්තයි. එම පටිභාගනිමින්ත සේවනය කරනවිට, වඩන විට, අසුභ කර්මස්ථානයෙහි යට කියනලද නයින්ම ප්‍රථම ධ්‍යාන වශයෙන්ම අර්පණා උපදී.
සා යස්ස එකොව කොට්ඨාසො පාකටො හොති, එකස්මිං වා කොට්ඨාසෙ අප්පනං පත්වා පුන අඤ්ඤස්මිං යොගං න කරොති, තස්ස එකාව උප්පජ්ජති. යස්ස පන අනෙකෙ කොට්ඨාසා පාකටා හොන්ති, එකස්මිං වා ඣානං පත්වා පුන අඤ්ඤස්මිංපි යොගං කරොති, තස්ස මල්ලකත්ථෙරස්ස විය කොට්ඨාසගණනාය පඨමජ්ඣානානි නිබ්බත්තන්ති.
යම් කෙනකුහට එක්ම කුණප කොට්ඨාසයක් ප්‍රකට වේනම්, නැතහොත් එක් කුණප කොට්ඨාසයෙක්හි අර්පණාවට පැමිණ නැවත අන් කොට්ඨාසයෙක්හි භාවනායෝග නොකෙරේනම්, ඒ යෝගාවචරයාහට එක්ම අර්පණාවක් උපදී, යම් යෝගාචරයකුට නොයෙක් කුණප කොටස් ප්‍රකට වේනම්, නැතහොත්, එක් කොට්ඨාසයෙක්හි අර්පණාවට පැමිණි පසු නැවත සෙසු කොට්ඨාසයන් කෙරෙහි යෝග කෙරේනම් ඔහුට මල්ලක තෙරුන්හට මෙන් එම කොටසක් කොටසක් පාසා ප්‍රථම ධ්‍යානය නැවත නැවත උපදී.
සො කිරායස්මා දීඝභාණකඅභයත්ථෙරං හත්ථෙ ගහෙත්වා “ආවුසො අභය, ඉමං තාව පඤ්හං උග්ගණ්හාහී”ති වත්වා ආහ – “මල්ලකත්ථෙරො ද්වත්තිංසකොට්ඨාසෙසු ද්වත්තිංසාය පඨමජ්ඣානානං ලාභී. සචෙ රත්තිං එකං, දිවා එකං සමාපජ්ජති, අතිරෙකද්ධමාසෙන පුන සම්පජ්ජති, සචෙ පන දෙවසිකං එකං සමාපජ්ජති, අතිරෙකමාසෙන පුන සම්පජ්ජතී”ති.
එම ආයුෂ්මත්හු වනාහි දීඝභාණක අභය තෙරුන්ගේ අත අල්වාගෙන, ආයුෂ්මතුනි මේ පැනය උගනුයැයි කියා මෙපවත් පැවසූහ. මල්ලක තෙරණුවෝ දෙතිස් කුණප කොට්ඨාසයන්හි ප්‍රථම ධ්‍යාන දෙතිසක් ලද්දාහු වෙති. ඉදින් රැයෙහි එක් ධ්යානයක්ද, දහවල්හි එක් ධ්යානයක්ද, සමවදිතොත් නැවත එම ධ්‍යානයට පැමිණෙන්නේ අඩමසකට අධික කාලයෙකිනි, ඉදින් එක් දිනකට එක් ධ්‍යානයකට සමවදිතොත්, පටන්ගත් ධ්‍යානයට නැවත පැමිණෙනුයේ මසකට (දෙදිනක්) අධික කාලයෙකිනි.
එවං පඨමජ්ඣානවසෙන ඉජ්ඣමානම්පි චෙතං කම්මට්ඨානං වණ්ණසණ්ඨානාදීසු සතිබලෙන ඉජ්ඣනතො කායගතාසතීති වුච්චති.
මෙසේ ප්‍රථම ධ්‍යාන වශයෙන් සමෘද්ධවන මෙම කර්මස්ථානය වර්ණ-සංස්ථාන ආදිය පිළිබඳ ස්මෘති බලයෙන් සිද්ධවන හෙයින් කායගතාසතියයි කියනු ලැබේ.
ඉමඤ්ච කායගතාසතිමනුයුත්තො භික්ඛු අරතිරතිසහො හොති, න ච නං අරති සහති, උප්පන්නං අරතිං අභිභුය්ය අභිභුය්ය විහරති. භයභෙරවසහො හොති, න ච නං භයභෙරවං සහති, උප්පන්නං භයභෙරවං අභිභුය්ය අභිභුය්ය විහරති. ඛමො හොති සීතස්ස උණ්හස්ස …පෙ… පාණහරානං අධිවාසකජාතිකො හොති (ම· නි· 3.159). කෙසාදීනං වණ්ණභෙදං නිස්සාය චතුන්නං ඣානානං ලාභී හොති. ඡ අභිඤ්ඤා පටිවිජ්ඣති (ම· නි· 3.159).
මෙම කායගතාසති භාවනාවෙහි නියැලුණ භික්ෂු තෙමේ (කුසල් විෂයෙහි) අනභිරතිය හා (පංචකාම විෂයෙහි) අභිරතිය මැඩලයි, එම අනභිරතිය හෝ අභිරතිය ඔහු අභිභවනය කරන්නේ නොවේ, උපන්නාවූද අනභිරතිය හෝ අභිරතිය මැඩලමින් විහරණය කරයි. බිය හා තැතිගැනීම් මැඩ පවත්වා ගනියි, බිය හෝ තැතිගැනීම ඔහු නොමැඩලයි, උපන්නාවූද බිය හා තැතිගැනීම් මැඩලමින් විහරණය කෙරේ. ශීත හා උෂ්ණය ඉවසනු සමත් වේ -පෙ-මරණීය උපද්‍රවයන් පවා ඉවසනු සමත්වේ. කෙශාදිය පිළිබඳ වර්ණභේදය නිමිතිකොට චතුර්-ධ්‍යානයන් ලබන්නෙක් වේ, ෂඩ් අභිඥාවන් අවබෝධ කරයි.
තස්මා හවෙ අප්පමත්තො, අනුයුඤ්ජෙථ පණ්ඩිතො; එවං අනෙකානිසංසං, ඉමං කායගතාසතින්ති.
තස්මා හවෙ අප්පමත්තො අනුයුඤ්ජෙථ පණ්ඩිතො එවං අනෙකානිසංසං ඉමං කායගතාසතිං
එහෙයින් නුවණැත්තේ ඒකාන්තයෙන් අප්‍රමාදව මෙවන් නොයෙක් ආනිසංස ඇති කායගතාසති කර්මස්ථානයෙහි නියැලෙන්නේය.
ඉදං කායගතාසතියං විත්ථාරකථාමුඛං.
මේ කායගතාසති භාවනාව පිළිබඳ විස්තර කථායි.