කායගතාසතිකථා
කායගතාසතිකථා
කායගතාසති භාවනාව
ඉදානි යං තං අඤ්ඤත්ර බුද්ධුප්පාදා අප්පවත්තපුබ්බං සබ්බතිත්ථියානං අවිසයභූතං තෙසු තෙසු සුත්තන්තෙසු “එකධම්මො, භික්ඛවෙ, භාවිතො බහුලීකතො මහතො සංවෙගාය සංවත්තති. මහතො අත්ථාය සංවත්තති. මහතො යොගක්ඛෙමාය සංවත්තති. මහතො සතිසම්පජඤ්ඤාය සංවත්තති. ඤාණදස්සනපටිලාභාය සංවත්තති. දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති. විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තති. කතමො එකධම්මො? කායගතා සති… (අ· නි· 1.563 ආදයො). අමතං තෙ, භික්ඛවෙ, පරිභුඤ්ජන්ති, යෙ කායගතාසතිං පරිභුඤ්ජන්ති. අමතං තෙ, භික්ඛවෙ, න පරිභුඤ්ජන්ති, යෙ කායගතාසතිං න පරිභුඤ්ජන්ති. අමතං තෙසං, භික්ඛවෙ, පරිභුත්තං… අපරිභුත්තං… පරිහීනං… අපරිහීනං… විරද්ධං… අවිරද්ධං, යෙසං කායගතාසති ආරද්ධාති (අ· නි· 1.603) එවං භගවතා අනෙකෙහි ආකාරෙහි පසංසිත්වා “කථං භාවිතා, භික්ඛවෙ, කායගතාසති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා? ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා”තිආදිනා (ම· නි· 3.154) නයෙන ආනාපානපබ්බං, ඉරියාපථපබ්බං, චතුසම්පජඤ්ඤපබ්බං, පටික්කූලමනසිකාරපබ්බං, ධාතුමනසිකාරපබ්බං, නවසිවථිකපබ්බානීති ඉමෙසං චුද්දසන්නං පබ්බානං වසෙන කායගතාසතිකම්මට්ඨානං නිද්දිට්ඨං, තස්ස භාවනානිද්දෙසො අනුප්පත්තො.
ඉක්බිති බුද්ධෝත්පාද කාලයකදී හැර නොපැවතිවිරූ, සියලු තීර්ත්ථකයනට අවිෂය වූ, ඒ ඒ සූත්‍රාන්තයන්හි, “මහණෙනි, එක් ධර්මයක් වඩනා ලද්දේ, බොහෝසෙයින් පුරුදු කරන ලද්දේ මහත්වූ සංවේගය පිණිස පවතී, මහත් වූ යහපත පිණිස පවතී, මහත්වූ ක්ෂේමය පිණිස පවතී, මහත් වූ සිහි නුවණ පිණිස පවතී, විදර්ශනා ඥානදර්ශන ප්‍රතිලාභය පිණිස පවතී, ඉහාත්මභාවයෙහි සුඛවිහරණ පිණිස පවතී, ත්‍රිවිද්‍යා විමුක්ති ඵලයන් සාක්ෂාත් කිරීම පිණිස පවතී, කවර නම් ධර්මයක්ද? කායගතාසතිභාවනාවයි” ‘මහණෙනි, යම් කෙනෙක් තුමූ කායගතාසති ධ්‍යානය (සමවැදීම් වශයෙන්) වළඳත්ද ඔහු අමෘතය වළඳත්, යම් කෙනෙක් තුමූ කායගතාසති ධ්‍යානය නොවළඳත්ද, ඔහු අමෘතය නොවළඳත්, මහණෙනි, යම් කෙනකු විසින් කායගතාසති ධ්‍යානය වළඳනා ලද්දේ ද, ඔවුන් විසින් අමෘතය වළඳනා ලද්දේය, යම් කෙනකු විසින් කායගතාසති ධ්‍යානය නොවළඳනා ලද්දේ ද, ඔවුන් විසින් අමෘතය නොවළඳනා ලද්දේය, යම් කෙනකු විසින් කායගතාසතිය පිරිහෙලන ලද්දේ නම්, ඔවුන් විසින් අමෘතය පිරිහෙලන ලද්දේය. යම් කෙනකු විසින් නොපිරිහෙලන ලද්දේ ද, ඔවුන් විසින් අමෘතය නොපිරිහෙලන ලද්දේය, යම් කෙනකු විසින් කායගතාසතිය නිපදවන ලද්දේ ද, ඔවුන් විසින් අමෘතය නිපදවන ලද්දේය, යම් කෙනකු විසින් කායගතාසතිය නිපදවන ලද්දේ ද, ඔවුන් විසින් අමෘතය නිපදවන ලද්දේය’යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ප්‍රශංසා කොට, තවද “මහණෙනි, කායගතාසති භාවනාව කෙසේ වඩනා ලද්දේ, කෙසේ බහුල ලෙස ප්‍රගුණ කරන ලද්දේ මහත්ඵලවේද? මහත් අනුසස් ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙමේ අරණ්‍යයට ගියේ හෝ වේදැ’යි යන ආදී නයින් ආනාපාන කාණ්ඩය, ඉරියාපථ කාණ්ඩය, චතුසම්පජඤ්ඤ කාණ්ඩය, පටික්කූලමනසිකාර කාණ්ඩය, ධාතුමනසිකාර කාණ්ඩය, නවසීවථික කාණ්ඩයන්දැ’යි යන මේ තුදුස් කාණ්ඩයන් වශයෙන් යම් ඒ කායගතාසති කර්මස්ථානයක් දක්වන ලද්දේ ද, ඒ කායගතාසති කර්මස්ථානය පිළිබඳ නිර්දේශය අනුපිළිවෙළින් එළඹියේය.
තත්ථ යස්මා ඉරියාපථපබ්බං චතුසම්පජඤ්ඤපබ්බං ධාතුමනසිකාරපබ්බන්ති ඉමානි තීණි විපස්සනාවසෙන වුත්තානි. නව සිවථිකපබ්බානි විපස්සනාඤාණෙසුයෙව ආදීනවානුපස්සනාවසෙන වුත්තානි. යාපි චෙත්ථ උද්ධුමාතකාදීසු සමාධිභාවනා ඉජ්ඣෙය්ය, සා අසුභනිද්දෙසෙ පකාසිතායෙව. ආනාපානපබ්බං පන පටික්කූලමනසිකාරපබ්බඤ්ච ඉමානෙවෙත්ථ ද්වෙ සමාධිවසෙන වුත්තානි. තෙසු ආනාපානපබ්බං ආනාපානස්සතිවසෙන විසුං කම්මට්ඨානංයෙව. යං පනෙතං “පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති. අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා…පෙ… මුත්ත”න්ති (ම· නි· 3.154) එවං මත්ථලුඞ්ගං අට්ඨිමිඤ්ජෙන සඞ්ගහෙත්වා පටික්කූලමනසිකාරවසෙන දෙසිතං ද්වත්තිංසාකාරකම්මට්ඨානං, ඉදමිධ කායගතාසතීති අධිප්පෙතං.
එහි, යම් හෙයකින් ඉරියාපථපබ්බය, චතුසම්පජඤ්ඤපබ්බය ධාතුමනසිකාරපබ්බය, යන මේ තුන විදර්ශනා වශයෙන් කියනලදි. සීවථිකපබ්බ නවය විදර්ශනා ඥානයෙහිදීම ආදීනව දැකීම් වශයෙන් කියනලදි. මෙහි උද්ධුමාතක අසුභ ආදියෙහිදී යම් සමාධි භාවනාවක් සිද්ධ වේනම්, එය අසුභ නිද්දේසයෙහි ප්‍රකාශ කරන ලද්දේමය. ආනාපානපබ්බය හා පටික්කූලමනසිකාරපබ්බයද යන මේ දෙක මෙහිම සමාධි වශයෙන් කියන ලදි. ඒ දෙකින් ආනාපානපබ්බය ආනාපාන සති වශයෙන් වෙනම කර්මස්ථානයක්ද වේ. යම් මේ කර්මස්ථානයක් වනාහි, “මහණෙනි, යලිදු භික්ෂු තෙමේ පාදතලයෙන් ඉහළ කෙස් මුදුනෙන් පහළ සමින් සීමාවූ නොයෙක් ආකාර ඇති අශුචියෙන් පිරුණු මේ ශරීරයම පිළිබඳව, අත්ථි ඉමස්මිං කායෙ කෙස් ලොමා -පෙ-මුත්තං” යනුවෙන් මෙසේ හිස්මොල ඇටමිදුලු හා සමඟ එක්කොට ගෙන පිළිකුල මෙනෙහි කිරීම් වශයෙන් දේශනා කරනලද ද්වත්තිංසාකාර කර්මස්ථානය මෙහි කායගතාසති යනුවෙන් අභිප්‍රේතයි.
තත්ථායං පාළිවණ්ණනාපුබ්බඞ්ගමො භාවනානිද්දෙසො. ඉමමෙව කායන්ති ඉමං චතුමහාභූතිකං පූතිකායං. උද්ධං පාදතලාති පාදතලතො උපරි. අධො කෙසමත්ථකාති කෙසග්ගතො හෙට්ඨා. තචපරියන්තන්ති තිරියං තචපරිච්ඡින්නං. පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛතීති නානප්පකාරකෙසාදිඅසුචිභරිතො අයං කායොති පස්සති. කථං? අත්ථි ඉමස්මිං කායෙ කෙසා…පෙ… මුත්තන්ති.
මේ එම කර්මස්ථානය පිළිබඳ පාළි වර්ණනාව පෙරටුකොට ඇති භාවනා නිර්දේශයයි: ඉමමෙව කායං (මේ සිරුරම) යනු, සතර මහාභූතයන්ගෙන් නිමවූ කුණු කයයි, උද්ධං පාදතලා යනු, පාද තලයෙන් ඉහළ, අධො කෙසමත්ථකා යනු, කෙස් අගින් පහළ, තචපරියන්තං යනු, සමින් සීමාවූ, පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති යනු නානාප්‍රකාර අශුචි කොටස්වලින් හරිතවූ මේ ශරීරය දකියි. කෙසේද? “අත්ථි ඉමස්මිං කායෙ -පෙ-මුත්තං” යන ආදී වශයෙනි.
තත්ථ අත්ථීති සංවිජ්ජන්ති. ඉමස්මින්ති ය්වායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තො පූරො නානප්පකාරස්ස අසුචිනොති වුච්චති, තස්මිං. කායෙති සරීරෙ. සරීරං හි අසුචිසඤ්චයතො කුච්ඡිතානං කෙසාදීනඤ්චෙව චක්ඛුරොගාදීනඤ්ච රොගසතානං ආයභූතතො කායොති වුච්චති. කෙසා ලොමාති එතෙ කෙසාදයො ද්වත්තිංසාකාරා. තත්ථ අත්ථි ඉමස්මිං කායෙ කෙසා, අත්ථි ඉමස්මිං කායෙ ලොමාති එවං සම්බන්ධො වෙදිතබ්බො.
එහි අත්ථි යනු විද්‍යමාන වේ. ඉමස්මිං යනු, පාදතලයෙන් ඉහළ කෙශාන්තයෙන් පහළ සම සීමාකොට ඇති අශූචියෙන් පිරි යම් මේ කයක් වේද, ඒ කයෙහිය, සිරුරෙහිය. සිරුර වනාහි අශුචි රාශියක් වන හෙයින්ද, පිළිකුල් දනවන කෙස් ආදියටද, චක්ෂූරෝගාදී සියගණන් රෝගවලටද නිධාන වූ හෙයින් කාය යයි කියනු ලැබේ. කෙසා, ලොමා යනු, මේ කෙස් ආදී දෙතිස් කොටස්ය. එහි අත්ථි ඉමස්මිං කායෙ කෙසා, මේ කය තුළ කෙස් ඇත, ලොම් ඇතැයි මෙසේ සම්බන්ධය දතයුතුයි.
ඉමස්මිං හි පාදතලා පට්ඨාය උපරි, කෙසමත්ථකා පට්ඨාය හෙට්ඨා, තචතො පට්ඨාය පරිතොති එත්තකෙ බ්යාමමත්තෙ කළෙවරෙ සබ්බාකාරෙනපි විචිනන්තො න කොචි කිඤ්චි මුත්තං වා මණිං වා වෙළුරියං වා අගරුං වා කුඞ්කුමං වා කප්පූරං වා වාසචුණ්ණාදිං වා අණුමත්තම්පි සුචිභාවං පස්සති, අථ ඛො පරමදුග්ගන්ධජෙගුච්ඡං අසිරිකදස්සනං නානප්පකාරං කෙසලොමාදිභෙදං අසුචිංයෙව පස්සති. තෙන වුත්තං “අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා…පෙ… මුත්ත”න්ති. අයමෙත්ථ පදසම්බන්ධතො වණ්ණනා.
පාද තලයෙහි පටන් උඩින්ද, කෙසග පටන් යටින්ද, සමෙහි පටන් ඇතුළතද, බඹයක් පමණ වූ මේ සිරුරෙහි සියලු අයුරින් සොයත්මුත් කිසිවෙක් මුතු හෝ මැණික් හෝ වෙරළුමිණ ආදී කිසිවක් හෝ, අගිල්, කොකුම්, කපුරු වත්සුණු ආදීවූ ස්වල්පමාත්‍ර පවිත්‍රතාවක් හෝ නොදකී. වැලිදු අතිශය දුර්ගන්ධ වූ පිළිකුල් දනවනසුලු නිශ්‍රීක දර්ශන ඇති, කෙස් ලොම් ආදී ප්‍රභේද ඇති නානාප්‍රකාර කුණප කොටසක්ම දකියි. එහෙයින් “අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා -පෙ-මුත්තං” යනුවෙන් මේ පද සම්බන්ධ වශයෙන් මෙහි වර්ණනායි.
ඉමං පන කම්මට්ඨානං භාවෙතුකාමෙන ආදිකම්මිකෙන කුලපුත්තෙන වුත්තප්පකාරං කල්යාණමිත්තං උපසඞ්කමිත්වා ඉදං කම්මට්ඨානං ගහෙතබ්බං. තෙනාපිස්ස කම්මට්ඨානං කථෙන්තෙන සත්තධා උග්ගහකොසල්ලං දසධා ච මනසිකාරකොසල්ලං ආචික්ඛිතබ්බං. තත්ථ වචසා මනසා වණ්ණතො සණ්ඨානතො දිසතො ඔකාසතො පරිච්ඡෙදතොති එවං සත්තධා උග්ගහකොසල්ලං ආචික්ඛිතබ්බං.
මේ කර්මස්ථානය විඩා, රහත්බවට පැමිණෙනු කැමැති ආධුනික කුලපුත්‍රයා විසින් යට කියනලද ප්‍රකාර ඇති කල්‍යාණමිත්‍රයකු වෙත එළඹ මේ කමටහන් ලබාගත යුතුය. ඒ කල්‍යාණ මිත්‍රයා විසින්ද ඔහුට කමටහන් කියනවිට උග්ගහකොසල්ලය (ඉගෙනීමේ පහසු ක්‍රමය) සත් ආකාරයෙකින්ද, මනසිකාරකොසල්ලය (මෙනෙහි කිරීමේ පහසු ක්‍රමය) දශ ආකාරයෙකින්ද කිවයුතුය. එහි වචන වශයෙන්ද (වචසා), මනස් වශයෙන්ද (මනසා), වර්ණ වශයෙන්ද (වණ්ණතො) සංස්ථාන වශයෙන්ද (සණ්ඨානතො) දිශාවශයෙන්ද (දිසතො), අවකාශ වශයෙන්ද (ඔකාසතො), පරිච්ඡේද වශයෙන්දැයි (පරිච්ඡෙදතො) මෙසේ උග්ගහකොසල්ලය කිවයුතුය.
ඉමස්මිං හි පටික්කූලමනසිකාරකම්මට්ඨානෙ යොපි තිපිටකො හොති, තෙනාපි මනසිකාරකාලෙ පඨමං වාචාය සජ්ඣායො කාතබ්බො. එකච්චස්ස හි සජ්ඣායං කරොන්තස්සෙව කම්මට්ඨානං පාකටං හොති මලයවාසී මහාදෙවත්ථෙරස්ස සන්තිකෙ උග්ගහිතකම්මට්ඨානානං ද්වින්නං ථෙරානං විය. ථෙරො කිර තෙහි කම්මට්ඨානං යාචිතො චත්තාරො මාසෙ ඉමංයෙව සජ්ඣායං කරොථාති ද්වත්තිංසාකාරපාළිං අදාසි. තෙ කිඤ්චාපි නෙසං ද්වෙ තයො නිකායා පගුණා, පදක්ඛිණග්ගාහිතාය පන චත්තාරො මාසෙ ද්වත්තිංසාකාරං සජ්ඣායන්තාව සොතාපන්නා අහෙසුං. තස්මා කම්මට්ඨානං කථෙන්තෙන ආචරියෙන අන්තෙවාසිකො වත්තබ්බො “පඨමං තාව වාචාය සජ්ඣායං කරොහී”ති.
මේ පිළිකුල් මෙනෙහි කිරීමේ කමටහන් විෂයෙහි යමෙක් ත්‍රිපිටකධර වේද, ඔහු විසින් වුවද මෙනෙහි කිරීමේ කාලයේදී පළමුකොට වචනයෙන් සජ්ඣායන කටයුතුය. ඇතැමකුට සජ්ඣායනා කරද්දීම කමටහන් වැටහේ. මලයරට වැසි මහාදේව තෙරුන් සමීපයෙහි කමටහන් උගත් තෙරුන් දෙදෙනා වහන්සේට මෙනි. ඒ මහාදේව තෙරණුවෝ වනාහි එම තෙරුන් දෙදෙනා විසින් කමටහන් අයදිනලද කල්හි සාරමසක් මෙය සජ්ඣායන කරහුයයි ද්වත්තිංසාකාරයෙහි පෙළ දුන්හ. එතෙකුදු වුවත් ඒ දෙදෙනා වහන්සේ විසින් දෙතුන් නිකායක් ප්‍රගුණ කරන ලද්දේය. ගෞරවාදර පෙරටුකොට ගන්නාලද හෙයින් වනාහි සාරමසක් ද්වත්තිංසාකාරය සජ්ඣායනා කරමින් සිටියදීම සෝවාන් වූහ. එහෙයින් කමටහන් කියන ආචාර්යවරයා විසින් අන්තෙවාසිකයාහට ‘පළමුකොට වචනයෙන් සජ්ඣායන කරන්නැ’යි කිවයුතුය.
කරොන්තෙන ච තචපඤ්චකාදීනි පරිච්ඡින්දිත්වා අනුලොමපටිලොමවසෙන සජ්ඣායො කාතබ්බො. කෙසා ලොමා නඛා දන්තා තචොති හි වත්වා පුන පටිලොමතො තචො දන්තා නඛා ලොමා කෙසාති වත්තබ්බං.
සජ්ඣායනා කරන්නහු විසින්ද තචපඤ්චකාදී වශයෙන් පිරිසිඳ අනුලොම ප්‍රතිලොම වශයෙන් සජ්ඣායන කළ යුතුය. ‘කෙසා ලොමා නඛා දන්තා තචො’යි කියා නැවත ප්‍රතිලොම වශයෙන් ‘තචො දන්තා නඛා ලොමා කෙසා’යි කිව යුතුය.
තදනන්තරං වක්කපඤ්චකෙ මංසං න්හාරු අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කන්ති වත්වා පුන පටිලොමතො වක්කං අට්ඨිමිඤ්ජං අට්ඨි න්හාරු මංසං, තචො දන්තා නඛා ලොමා කෙසාති වත්තබ්බං.
ඉනික්බිති වක්කපංචකයෙහි ‘මංසං නහරූ අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං’ යයි කියා ප්‍රතිලොම වශයෙන් ‘වක්කං අට්ඨිමිඤ්ජං අට්ඨි නහාරූ මංසං, තචො දන්තා නඛා ලොමා කෙසා’ යනුවෙන් කිවයුතුය.
තතො පප්ඵාසපඤ්චකෙ හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසන්ති වත්වා පුන පටිලොමතො පප්ඵාසං පිහකං කිලොමකං යකනං හදයං, වක්කං අට්ඨිමිඤ්ජං අට්ඨි න්හාරු මංසං, තචො දන්තා නඛා ලොමා කෙසාති වත්තබ්බං.
ඉක්බිති පප්ඵාස පංචකයෙහි, ‘හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං’ යයි කියා නැවත ප්‍රතිලොම වශයෙන් ‘පප්ඵාසං පිහකං කිලොමකං යකනං හදය වක්කං අට්ඨිමිඤ්ජං අට්ඨි නහාරූ මංසං තචො දන්තා නඛා ලොමා කෙසා’යි කිව යුතුය.
තතො මත්ථලුඞ්ගපඤ්චකෙ අන්තං අන්තගුණං උදරියං කරීසං මත්ථලුඞ්ගන්ති වත්වා පුන පටිලොමතො මත්ථලුඞ්ගං කරීසං උදරියං අන්තගුණං අන්තං, පප්ඵාසං පිහකං කිලොමකං යකනං හදයං, වක්කං අට්ඨිමිඤ්ජං අට්ඨි න්හාරු මංසං, තචො දන්තා නඛා ලොමා කෙසාති වත්තබ්බං.
ඉක්බිති ‘මත්‍ථලුඞ්ග පඤ්චකයෙහි, අන්තං අන්තගුණං උදරියං කරීසං මත්ථලුඞ්ගං’ යයි කියා, නැවත ප්‍රතිලොම වශයෙන් ‘මත්ථලුඞ්ගං කරීසං උදරියං අන්තගුණං අන්තං පප්ඵාසං පිහකං කිලොමකං යකනං හදයං වක්කං අට්ඨිමිඤ්ජං අට්ඨි නහාරූ මංසං තචො දන්තා නඛා ලොමා කෙසා’යි කිව යුතුය.
තතො මෙදඡක්කෙ පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදොති වත්වා පුන පටිලොමතො මෙදො සෙදො ලොහිතං පුබ්බො සෙම්හං පිත්තං, මත්ථලුඞ්ගං කරීසං උදරියං අන්තගුණං අන්තං, පප්ඵාසං පිහකං කිලොමකං යකනං හදයං, වක්කං අට්ඨිමිඤ්ජං අට්ඨි න්හාරු මංසං, තචො දන්තා නඛා ලොමා කෙසාති වත්තබ්බං.
ඉක්බිති මෙද ෂට්කයෙහි, ‘පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො’යි කියා නැවත ප්‍රතිලොම වශයෙන් මෙසේ මෙදො සෙදො ලොහිතං පුබ්බො සෙම්හං පිත්තං මත්ථලුඞ්ගං කරීසං උදරියං අන්තගුණං අන්තං පප්ඵාසං පිහකං කිලොමකං යකනං හදයං වක්කං අට්ඨිමිඤ්ජං අට්ඨි නහාරූ මංසං තචො දන්තා නඛා ලොමා කෙසා’යි කිව යුතුයි.
තතො මුත්තඡක්කෙ අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තන්ති වත්වා පුන පටිලොමතො මුත්තං ලසිකා සිඞ්ඝාණිකා ඛෙළො වසා අස්සු, මෙදො සෙදො ලොහිතං පුබ්බො සෙම්හං පිත්තං, මත්ථලුඞ්ගං කරීසං උදරියං අන්තගුණං අන්තං, පප්ඵාසං පිහකං කිලොමකං යකනං හදයං, වක්කං අට්ඨිමිඤ්ජං අට්ඨි න්හාරු මංසං, තචො දන්තා නඛා ලොමා කෙසාති වත්තබ්බං.
ඉක්බිති මුත්ත ෂට්කයෙහි, ‘අස්සු වසා ඛෙළො සිඞ්ඝානිකා ලසිකා මුත්තං’ යයි කියා නැවතද ප්‍රතිලොම වශයෙන් ‘මුත්තං ලසිකා සිඞ්ඝානිකා ඛෙළො වසා අස්සු මෙදො සෙදො ලොහිතං පුබ්බො සෙම්හං පිත්තං මත්ථුලුඞ්ගං කරීසං උදරියං අන්තගුණං අන්තං පප්ඵාසං පිහකං කිලොමකං යකනං හදයං වක්කං අට්ඨිමිඤ්ජං අට්ඨි නහාරූ මංසං තචො දන්තා නඛා ලොමා කෙසා’යි
එවං කාලසතං කාලසහස්සං කාලසතසහස්සම්පි වාචාය සජ්ඣායො කාතබ්බො. වචසා සජ්ඣායෙන හි කම්මට්ඨානතන්ති පගුණා හොති, න ඉතො චිතො ච චිත්තං විධාවති. කොට්ඨාසා පාකටා හොන්ති, හත්ථසඞ්ඛලිකා විය වතිපාදපන්ති විය ච ඛායන්ති.
මෙසේ සියවර, දහස්වර, සුවහස්වර වචනයෙන් සජ්ඣායන කළ යුතුය. වචනයෙන් මෙසේ සජ්ඣායනා කිරීමෙන් කමටහන් පෙළ ප්‍රගුණ වේ, සිත ඒ මේ අත නොදුවයි. දෙතිස් කොටස් ප්‍රකට වේ. එක්කොට තබනලද අත් දෙකෙහි ඇඟිලි පෙළ මෙන්ද, වැටෙක බැදි රිටි පෙළක් මෙන්ද මොනවට වැටහේ.
යථා පන වචසා, තථෙව මනසාපි සජ්ඣායො කාතබ්බො. වචසා සජ්ඣායො හි මනසා සජ්ඣායස්ස පච්චයො හොති. මනසා සජ්ඣායො ලක්ඛණපටිවෙධස්ස පච්චයො හොති.
වචනයෙන් මෙන්ම සිතින්ද සජ්ඣායන කළ යුතුය. වාචසික සජ්ඣායනය මානසික සජ්ඣායනයට ප්‍රත්‍යය වේ, මානසික සජ්ඣායනය (අසුභ) ලක්ඛණ ප්‍රතිවෙධයට ප්‍රත්‍යය වේ.
වණ්ණතොති කෙසාදීනං වණ්ණො වවත්ථපෙතබ්බො.
වණ්ණතො යනු, කේශාදියෙහි වර්ණය නිශ්චය කළ යුතුය.
සණ්ඨානතොති තෙසඤ්ඤෙව සණ්ඨානං වවත්ථපෙතබ්බං.
ඝණ්ඨානතො යනු, ඒ කෙස් ආදියෙහිම සංස්ථානය (හැඩය) නිශ්චය කළ යුතුය.
දිසතොති ඉමස්මිං හි සරීරෙ නාභිතො උද්ධං උපරිමදිසා, අධො හෙට්ඨිමදිසා, තස්මා අයං කොට්ඨාසො ඉමිස්සා නාම දිසායාති දිසා වවත්ථපෙතබ්බා.
දිසතො යනු, මේ ශරීරයෙහි නාභියෙන් ඉහළ උපරිම දිශාවයි, පහළ හෙට්ඨිම දිසාවයි. එහෙයින් මේ මේ කොට්ඨාසය මේ මේ දිශාවට අයත්ය’යි දිශාව නිශ්චය කළ යුතුය.
ඔකාසතොති අයං කොට්ඨාසො ඉමස්මිං නාම ඔකාසෙ පතිට්ඨිතොති එවං තස්ස තස්ස ඔකාසො වවත්ථපෙතබ්බො.
ඔකාසතො යනු, මේ මේ කොට්ඨාසය මේ මේ තන්හි පිහිටියේයයි මෙසේ ඒ ඒ කොට්ඨාසයෙහි අවකාශය (පිහිටි ස්ථානය) නිශ්චය කළ යුතුය.
පරිච්ඡෙදතොති සභාගපරිච්ඡෙදො විසභාගපරිච්ඡෙදොති ද්වෙ පරිච්ඡෙදා. තත්ථ අයං කොට්ඨාසො හෙට්ඨා ච උපරි ච තිරියඤ්ච ඉමිනා නාම පරිච්ඡින්නොති එවං සභාගපරිච්ඡෙදො වෙදිතබ්බො. කෙසා න ලොමා, ලොමාපි න කෙසාති එවං අමිස්සකතාවසෙන විසභාගපරිච්ඡෙදො වෙදිතබ්බො.
පරිච්ඡෙදතො යනු, සභාගපරිච්ඡෙද විසභාගපරිච්ඡෙදයයි පරිච්ඡේද දෙකෙකි. එහි මේ මේ කොටස උඩින්ද, යටින්ද, සරසින්ද, මෙතෙකින් පිරිසිඳියේයයි මෙසේ සභාගපරිච්ඡෙදය දතයුතුය. මේ කෙස්ය, ලොම් නොවේ, මේ ලොම්ය, කෙස් නොවේයයි මෙසේ එකිනෙක වෙන්කොට හඳුනාගැනීම් වශයෙන් විසභාගපරිච්ඡේදය දතයුතුය.
එවං සත්තධා උග්ගහකොසල්ලං ආචික්ඛන්තෙන පන ඉදං කම්මට්ඨානං අසුකස්මිං සුත්තෙ පටික්කූලවසෙන කථිතං, අසුකස්මිං ධාතුවසෙනාති ඤත්වා ආචික්ඛිතබ්බං. ඉදඤ්හි මහාසතිපට්ඨානෙ (දී· නි· 2.377) පටික්කූලවසෙනෙව කථිතං. මහාහත්ථිපදොපම(ම· නි· 1.300 ආදයො) මහාරාහුලොවාද(ම· නි· 2.113 ආදයො) ධාතුවිභඞ්ගෙසු(ම· නි· 3.342 ආදයො) ධාතුවසෙන කථිතං. කායගතාසතිසුත්තෙ (ම· නි· 3.153) පන යස්ස වණ්ණතො උපට්ඨාති, තං සන්ධාය චත්තාරි ඣානානි විභත්තානි. තත්ථ ධාතුවසෙන කථිතං විපස්සනාකම්මට්ඨානං හොති. පටික්කූලවසෙන කථිතං සමථකම්මට්ඨානං. තදෙතං ඉධ සමථකම්මට්ඨානමෙවාති.
මෙසේ සත් ආකාරයෙකින් උග්ගහකොසල්ලය කියන්නහු විසින් මේ කර්මස්ථානය අසුවල් සූත්‍රයෙහි පිළිකුල් භාවනා වශයෙන්ද, අසුවල් සූත්‍රයෙහි ධාතු වශයෙන්ද කියනලදැයි දැන කිවයුතුය. මේ කායගතාසති කර්මස්ථානය මහාසතිපට්ඨාන සූත්‍රයෙහි පිළිකුල් වශයෙන්ම කියනලදි. මහාහත්ථිපදෝපම සූත්‍රයෙහිද රාහුලොවාද සූත්‍රයෙහිද ධාතුවිභඩඞ්ගයෙහිද ධාතු වශයෙන් කියනලදි. කායගතාසති සූත්‍රයෙහි වනාහි යම් පුද්ගලයකුට කේශාදිය වර්ණ වශයෙන් වැටහේනම්, ඒ පුද්ගලයා සඳහා සතර ධ්‍යානය බෙදා දක්වනලදී, එහි ධාතු වශයෙන් කියන ලද්දේ විදර්ශනා කර්මස්ථානයයි, පිළිකුල් වශයෙන් කියන ලද්දේ සමථකර්මස්ථානයයි, මෙහි දැක්වෙන සමථකර්මස්ථානයද එයම වේ.
එවං සත්තධා උග්ගහකොසල්ලං ආචික්ඛිත්වා අනුපුබ්බතො, නාතිසීඝතො, නාතිසණිකතො, වික්ඛෙපපටිබාහනතො, පණ්ණත්තිසමතික්කමනතො, අනුපුබ්බමුඤ්චනතො, අප්පනාතො, තයො ච සුත්තන්තාති එවං දසධා මනසිකාරකොසල්ලං ආචික්ඛිතබ්බං. තත්ථ අනුපුබ්බතොති ඉදඤ්හි සජ්ඣායකරණතො පට්ඨාය අනුපටිපාටියා මනසිකාතබ්බං, න එකන්තරිකාය. එකන්තරිකාය හි මනසිකරොන්තො යථා නාම අකුසලො පුරිසො ද්වත්තිංසපදං නිස්සෙණිං එකන්තරිකාය ආරොහන්තො කිලන්තකායො පතති, න ආරොහනං සම්පාදෙති, එවමෙව භාවනාසම්පත්තිවසෙන අධිගන්තබ්බස්ස අස්සාදස්ස අනධිගමා කිලන්තචිත්තො පතති, න භාවනං සම්පාදෙති.
මේ සත් ආකාරයෙන් උග්ගහකෝසල්ලය කියාදී, පිළිවෙළ වශයෙන් (අනුපුබ්බතො) ද, ඉතා යුහු නොවීම් වශයෙන් (නාතිසීඝතො) ද, ඉතා ලැසි නොවීම් වශයෙන් (නාතිසනිකතො) ද, සිත් විඩාව දුරු කිරීම් වශයෙන් (වික්ඛෙපපටිබාහනතො) ද, ලෝකව්‍යවහාරය ඉක්මවීම් වශයෙන් (පණ්ණත්තිසමතික්කමනතො) ද, පිළිවෙළ හැරදැමීම් වශයෙන් (අනුපුබ්බමුඤ්චනනො) ද, අර්පණා වශයෙන් (අප්පනාතො) ද, සූත්‍රාන්ත තුන වශයෙන් (තයො ච සුත්තන්තා) දැයි මෙසේ දශ ආකාරයෙකින් මනසිකාරකොසල්ලය කියාදිය යුතුය. එහි, අනුපුබ්බතො යනු මේ කර්මස්ථානය සජ්ඣායනයෙහි පටන් අනුපිළිවෙළින් මෙනෙහි කළ යුතුය, එකක් හැර එකක් සිහි කරමින් නොකළ යුතුය. යම්සේ වනාහි අදක්ෂ පුරුෂයෙක් තෙමේ පෙති දෙතිසක් ඇති ඉණිමඟෙක එකක් හැර එකක් පෙති නඟිනුයේ වෙහෙසට පත්ව ඇද වැටෙනුයේද, නැඟීම කළ නොහැකි වේද, එසේම භාවනා සමෘද්ධවීම් වශයෙන් ලැබිය යුතු ආස්වාදය නොලැබීමෙන් විඩාවට පත් සිත් ඇතිව භාවනාවෙන් ගිලිහෙයි, භාවනාව සමෘද්ධ නොවේ.
අනුපුබ්බතො මනසිකරොන්තෙනාපි ච නාතිසීඝතො මනසිකාතබ්බං. අතිසීඝතො මනසිකරොතො හි යථා නාම තියොජනමග්ගං පටිපජ්ජිත්වා ඔක්කමනවිස්සජ්ජනං අසල්ලක්ඛෙත්වා සීඝෙන ජවෙන සතක්ඛත්තුම්පි ගමනාගමනං කරොතො පුරිසස්ස කිඤ්චාපි අද්ධානං පරික්ඛයං ගච්ඡති, අථ ඛො පුච්ඡිත්වාව ගන්තබ්බං හොති, එවමෙව කෙවලං කම්මට්ඨානං පරියොසානං පාපුණාති, අවිභූතං පන හොති, න විසෙසං ආවහති, තස්මා නාතිසීඝතො මනසිකාතබ්බං.
අනුපිළිවෙළින් මෙනෙහි කරන්නහු විසින්ද ඉතා යුහුව (නාතිසීඝතො) නොකළ යුතුය. යම්සේ තුන් යොදුන් මඟකට බැස යායුතු නොයායුතු දිශාව නොවිමසා යුහු යුහුව සියවරක් හෝ ඔබ මොබ ගමන් කරන පුරුෂයකුහට කෙසේ හෝ ගමන අවසන් විය හැකි නමුදු, මඟ තොරතුරු අසා දැනගෙනම යායුතුය. එලෙසින්ම ඉතා යුහුව මෙනෙහි කරන්නහුට හුදෙක් කර්මස්ථානය අවසනට ආ හැකිය, එහෙත් වැටහීමෙක් සිදු නොවේ, එහෙයින් ඉතා යුහුව මෙනෙහි නොකළ යුතුය.
යථා ච නාතිසීඝතො, එවං නාතිසණිකතොපි. අතිසණිකතො මනසිකරොතො හි යථා නාම තදහෙව තියොජනමග්ගං ගන්තුකාමස්ස පුරිසස්ස අන්තරාමග්ගෙ රුක්ඛපබ්බතතළාකාදීසු විලම්බමානස්ස මග්ගො පරික්ඛයං න ගච්ඡති, ද්වීහතීහෙන පරියොසාපෙතබ්බො හොති, එවමෙව කම්මට්ඨානං පරියොසානං න ගච්ඡති, විසෙසාධිගමස්ස පච්චයො න හොති.
ඉතා යුහුව මෙනෙහි නොකළ යුතුවා සේම ඉතා ලැසිව (නාතිසනිකතො) ද මෙනෙහි නොකළ යුතුය. යම්සේ වනාහි එක්දින තුන්යොදුන් ගමනක් යනු කැමැති පුරුෂයකුහට අතරමඟ ගස් ගල් පර්වත තඩාගාදී තන්හි ලස් වුවහොත් මඟ ගෙවාලීය නොහැකි වේද, දෙදිනකින් හෝ තුන් දිනෙකින් මිස අවසන් කළ නොහැකි වේද, එසේම ඉතා ලැසිව මෙනෙහි කරන්නහුට කර්මස්ථානය අවසනට නොයෙයි, විශෙෂාධිගමයකට හේතු නොවෙයි.
වික්ඛෙපපටිබාහනතොති කම්මට්ඨානං විස්සජ්ජෙත්වා බහිද්ධා පුථුත්තාරම්මණෙ චෙතසො වික්ඛෙපො පටිබාහිතබ්බො. අප්පටිබාහතො හි යථා නාම එකපදිකං පපාතමග්ගං පටිපන්නස්ස පුරිසස්ස අක්කමනපදං අසල්ලක්ඛෙත්වා ඉතො චිතො ච විලොකයතො පදවාරො විරජ්ඣති, තතො සතපොරිසෙ පපාතෙ පතිතබ්බං හොති, එවමෙව බහිද්ධා වික්ඛෙපෙ සති කම්මට්ඨානං පරිහායති පරිධංසති. තස්මා වික්ඛෙපපටිබාහනතො මනසිකාතබ්බං.
වික්ඛෙපපටිබාහනතො යනු, කර්මස්ථානය හැරදමා බැහැර අරමුණු වෙත සිත ඇදී යාම වැලැක්විය යුතුය, වලක්වා නොගැනීමෙන් යම්සේ එක් කෙනකුට පමණක් යාහැකි ප්‍රපාත මාර්ගයෙක්හි පිළිපන් පුරුෂයකු පය තැබිය යුතු තැන් නොසලකා ඔබ මොබ බලමින් ගියහොත් ඔහුගේ පියවර වරදියි, ඒ හේතුකොටගෙන මිනිසුන් (බඹ) සියයක් උස තරම් ප්රපාතයෙක්හි වැටිය හැකිය. එසේම සිත බැහැරට යනවිට කමටහන් පිරිහෙයි, විනාශ වෙයි, එහෙයින් වික්ෂෙපය දුරු කිරීම් වශයෙන් මෙනෙහි කළ යුතුය.
පණ්ණත්තිසමතික්කමනතොති යායං කෙසා ලොමාතිආදිකා පණ්ණත්ති, තං අතික්කමිත්වා පටික්කූලන්ති චිත්තං ඨපෙතබ්බං. යථා හි උදකදුල්ලභකාලෙ මනුස්සා අරඤ්ඤෙ උදපානං දිස්වා තත්ථ තාලපණ්ණාදිකං කිඤ්චිදෙව සඤ්ඤාණං බන්ධිත්වා තෙන සඤ්ඤාණෙන ආගන්ත්වා න්හායන්ති චෙව පිවන්ති ච. යදා පන නෙසං අභිණ්හසඤ්චාරෙන ආගතාගතපදං පාකටං හොති, තදා සඤ්ඤාණෙන කිච්චං න හොති, ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ ගන්ත්වා න්හායන්ති චෙව පිවන්ති ච, එවමෙව පුබ්බභාගෙ කෙසා ලොමාතිපණ්ණත්තිවසෙන මනසිකරොතො පටික්කූලභාවො පාකටො හොති. අථ කෙසා ලොමාතිපණ්ණත්තිං සමතික්කමිත්වා පටික්කූලභාවෙයෙව චිත්තං ඨපෙතබ්බං.
පණ්ණත්ති සමතික්කමනතො යනු, මේ කෙස්ය, මේ ලොම්ය, යන ආදී වශයෙන් යම් ලෝක ව්‍යාවහාරයක් වේනම්, එය ඉක්මවා පිළිකුල් සිතම පිහිටුවාගත යුතුය. යම්සේ ජලය හිඟ නියං කාලයෙක්හි මනුෂ්‍යයෝ වනයෙහි ලිඳක් දැක එහි තල්පත් ආදී කිසියම් සලකුණක් තබා එම සලකුණෙන් පැමිණ ස්නානය කෙරෙද්ද, පානය කෙරෙද්ද, ඔවුන්ගේ නිරන්තර සංචාරය හේතුකොට යම් දවසෙක යන එන මඟ ප්රකටවූවිට සලකුණෙන් පලක් නැතිව කැමැති කැමැති විටෙක ගොස් ස්නානය කෙරෙත්ද, පානය කෙරෙත්ද, එසේම මුල් අවස්ථාවේදී ‘කෙසා ලොමා’ යනුවෙන් ප්රඥප්ති වශයෙන් මෙනෙහි කරන්නහුට පිළිකුල් බව ප්‍රකට වේද, එවිට ‘කෙසා ලොමා’ යන ප්රඥප්තිය (ව්‍යවහාරය) ඉක්මවා පිළිකුල් බවෙහිම සිත පිහිටුවිය යුතුය.
අනුපුබ්බමුඤ්චනතොති යො යො කොට්ඨාසො න උපට්ඨාති, තං තං මුඤ්චන්තෙන අනුපුබ්බමුඤ්චනතො මනසිකාතබ්බං. ආදිකම්මිකස්ස හි කෙසාති මනසිකරොතො මනසිකාරො ගන්ත්වා මුත්තන්ති ඉමං පරියොසානකොට්ඨාසමෙව ආහච්ච තිට්ඨති. මුත්තන්ති ච මනසිකරොතො මනසිකාරො ගන්ත්වා කෙසාති ඉමං ආදිකොට්ඨාසමෙව ආහච්ච තිට්ඨති. අථස්ස මනසිකරොතො මනසිකරොතො කෙචි කොට්ඨාසා උපට්ඨහන්ති, කෙචි න උපට්ඨහන්ති. තෙන යෙ යෙ උපට්ඨහන්ති, තෙසු තෙසු තාව කම්මං කාතබ්බං. යාව ද්වීසු උපට්ඨිතෙසු තෙසම්පි එකො සුට්ඨුතරං උපට්ඨහති, එවං උපට්ඨිතං පන තමෙව පුනප්පුනං මනසිකරොන්තෙන අප්පනා උප්පාදෙතබ්බා.
අනුපුබ්බමුඤ්චනතො යනු යම් යම් කොටසක් නොවැටහේ නම්, ඒ ඒ කොටස අත්හැර අනු පිළිවෙළ හැර දැමීමෙන් මෙනෙහි කළ යුතුය, ආධුනිකයාට වනාහි ‘කෙසා’ යයි මෙනෙහි කරන විට මනස්කාරය ගොස් ‘මුත්තං’ යන අවසාන කොටස ගෙන සිටියි, ‘මුත්තං’ යයි අවසාන කොටස මෙනෙහි කරනවිට මනස්කාරය ගොස් ‘කෙසා’ යන ආදිතම කොට්ඨාසය අල්වාගෙන සිටියි. නැවත නැවත මෙසේ මෙනෙහි කරන ඔහුට ඇතැම් කොටස් සිහියට එළඹ සිටියි. සෙසු ඇතැම් කොටස් සිහියට නො-එයි. ඔහු විසින්, යම් යම් කොටසක් සිහියට එළඹේ නම්, ඒ ඒ කොටස කෙරෙහි භාවනා කර්මය කළ යුතුයි. කොටස් දෙකක් එළඹි විට යම්තාක් ඒ දෙකෙනුදු එක් කොටසක් වඩා පැහැදිලිව වැටහේ නම් ඒතාක් භාවනා කර්මය කළයුතුය. මෙසේ සිහියට එළඹි එම කොටස් නැවත නැවත මෙනෙහි කරමින් අර්පණා ඉපැදවිය යුතුය.
තත්රායං උපමා – යථා හි ද්වත්තිංසතාලකෙ තාලවනෙ වසන්තං මක්කටං ගහෙතුකාමො ලුද්දො ආදිම්හි ඨිතතාලස්ස පණ්ණං සරෙන විජ්ඣිත්වා උක්කුට්ඨිං කරෙය්ය, අථ ඛො සො මක්කටො පටිපාටියා තස්මිං තස්මිං තාලෙ පතිත්වා පරියන්තතාලමෙව ගච්ඡෙය්ය, තත්ථපි ගන්ත්වා ලුද්දෙන තථෙව කතෙ පුන තෙනෙව නයෙන ආදිතාලං ආගච්ඡෙය්ය, සො එවං පුනප්පුනං පරිපාතියමානො උක්කුට්ඨුක්කුට්ඨිට්ඨානෙයෙව උට්ඨහිත්වා අනුක්කමෙන එකස්මිං තාලෙ නිපතිත්වා තස්ස වෙමජ්ඣෙ මකුළතාලපණ්ණසූචිං දළ්හං ගහෙත්වා විජ්ඣියමානොපි න උට්ඨහෙය්ය, එවංසම්පදමිදං දට්ඨබ්බං.
එහිලා මේ උපමායි. යම්සේ තල්ගස් දෙතිසක් ඇති තල් අරමෙක වසන වඳුරකු අල්වාගනු කැමැති වැද්දෙක් මුලදී සිටි තල්ගසෙහි කොළ හීයෙන් විද හඩ නඟාද, එවිට ඒ වඳුරා පිළිවෙළින් ඒ ඒ තල්ගසට පනිමින් ගොස් කෙළවර ඇති තල්ගසට පැමිණේද, වැද්දා ගොස් එහිද එසේම කළ විට නැවත එම නයින්ම පළමු තල්ගසට පැමිණේද, මෙසේ ඒ වඳුරා යලි යලිදු පන්වනු ලබනුයේ හඬ නැගු නැගූ තන්හි පැන පැන අනුපිළිවෙළින් ගොස් එක් තල් ගසෙක්හි මැද නොවිහිදි ගොබ් අත්තක් දැඩිව අල්වාගෙන විදිනු ලබද්දී පවා පැන නොගොස් සිටීද, මේ කරුණද එසේයයි දතයුතුය.
තත්රිදං ඔපම්මසංසන්දනං – යථා හි තාලවනෙ ද්වත්තිංසතාලා, එවං ඉමස්මිං කායෙ ද්වත්තිංසකොට්ඨාසා. මක්කටො විය චිත්තං. ලුද්දො විය යොගාවචරො. මක්කටස්ස ද්වත්තිංසතාලකෙ තාලවනෙ නිවාසො විය යොගිනො චිත්තස්ස ද්වත්තිංසකොට්ඨාසකෙ කායෙ ආරම්මණවසෙන අනුසඤ්චරණං. ලුද්දෙන ආදිම්හි ඨිතතාලස්ස පණ්ණං සරෙන විජ්ඣිත්වා උක්කුට්ඨියා කතාය මක්කටස්ස තස්මිං තස්මිං තාලෙ පතිත්වා පරියන්තතාලගමනං විය යොගිනො කෙසාති මනසිකාරෙ ආරද්ධෙ පටිපාටියා ගන්ත්වා පරියොසානකොට්ඨාසෙයෙව චිත්තස්ස සණ්ඨානං. පුන පච්චාගමනෙපි එසෙව නයො. පුනප්පුනං පරිපාතියමානස්ස මක්කටස්ස උක්කුට්ඨුක්කුට්ඨිට්ඨානෙ උට්ඨානං විය පුනප්පුනං මනසිකරොතො කෙසුචි කෙසුචි උපට්ඨිතෙසු අනුපට්ඨහන්තෙ විස්සජ්ජෙත්වා උපට්ඨිතෙසු පරිකම්මකරණං. අනුක්කමෙන එකස්මිං තාලෙ නිපතිත්වා තස්ස මජ්ඣෙ මකුළතාලපණ්ණසූචිං දළ්හං ගහෙත්වා විජ්ඣියමානස්සපි අනුට්ඨානං විය අවසානෙ ද්වීසු උපට්ඨිතෙසු යො සුට්ඨුතරං උපට්ඨාති, තමෙව පුනප්පුනං මනසිකරිත්වා අප්පනාය උප්පාදනං.
එහි උපමා සංසන්දනය මෙසේය:- යම්සේ තල් අරමෙහි තල්ගස් දෙතිසක් ඇද්ද, එසේම මේ කයෙහිද දෙතිස් කොටසෙක් ඇත, සිත වඳුරා වැනිය, යෝගාවචරයා වැද්දා වැනිය, දෙතිස් කොටස් ඇති කයෙහි අරමුණු ගැනීම් වශයෙන් යෝගාවචරයාගේ සිත සැරිසැරීම තල්ගස් දෙතිසක් ඇති රුප්පාවෙහි වඳුරාගේ වාසය වැනිය. ‘කෙසා’ යයි මෙනෙහි කිරීම අරඹන ලද කල්හි සිත පිළිවෙළින් ගොස් අවසන් කොටසෙහි සිටීම වැද්දා විසින් මුලදී සිටි තල්ගසෙහි කොළ හීයෙන් විද හඬ නැගූවිට වඳුරා ඒ ඒ තල්ගසට පනිමින් ගොස් කෙළවර තල්ගසට පැමිණීම වැනිය. නැවත පෙරළා පැමිණීමේදී ද මෙම නය වේ. නැවත නැවත මෙනෙහි කරන්නහු විසින් යම් යම් කොටසක් වැටහුණු කල්හි නොවැටහෙන කොටස් හැරදමා වැටහීගිය කොටස් කෙරෙහි භාවනා කර්මය කිරීම නැවත නැවත පන්වනු ලබන වඳුරා වැද්දා විසින් හඬ නැඟු නැඟු තැනින් පැන යාම වැනිය. අවසන්හි කොටස් දෙකක් සිහියට එළඹි කල්හි යමක් වඩා පැහැදිලිව වැටහේ නම් එයම නැවත නැවතත් මෙනෙහි කරමින් අර්පණා ඉපැදවීම වඳුරා අනුපිළිවෙළින් පැන ගොස් අවසන්හි එක් තල් ගසකට පැන එහි මැද නොවිදිහි ගොබ් අත්තක් දැඩිව අල්වාගෙන විදිනු ලබද්දී පවා එහිම සිටීම වැනිය.
අපරාපි උපමා – යථා නාම පිණ්ඩපාතිකො භික්ඛු ද්වත්තිංසකුලං ගාමං උපනිස්සාය වසන්තො පඨමගෙහෙයෙව ද්වෙ භික්ඛා ලභිත්වා පරතො එකං විස්සජ්ජෙය්ය. පුනදිවසෙ තිස්සො ලභිත්වා පරතො ද්වෙ විස්සජ්ජෙය්ය. තතියදිවසෙ ආදිම්හියෙව පත්තපූරං ලභිත්වා ආසනසාලං ගන්ත්වා පරිභුඤ්ජෙය්ය. එවංසම්පදමිදං දට්ඨබ්බං. ද්වත්තිංසකුලගාමො විය හි ද්වත්තිංසාකාරො. පිණ්ඩපාතිකො විය යොගාවචරො. තස්ස තං ගාමං උපනිස්සාය වාසො විය යොගිනො ද්වත්තිංසාකාරෙ පරිකම්මකරණං. පඨමගෙහෙ ද්වෙ භික්ඛා ලභිත්වා පරතො එකිස්සා විස්සජ්ජනං විය දුතියදිවසෙ තිස්සො ලභිත්වා පරතො ද්වින්නං විස්සජ්ජනං විය ච මනසිකරොතො මනසිකරොතො අනුපට්ඨහන්තෙ විස්සජ්ජෙත්වා උපට්ඨිතෙසු යාව කොට්ඨාසද්වයෙ පරිකම්මකරණං. තතියදිවසෙ ආදිම්හියෙව පත්තපූරං ලභිත්වා ආසනසාලායං නිසීදිත්වා පරිභොගො විය ද්වීසු යො සුට්ඨුතරං උපට්ඨාති, තමෙව පුනප්පුනං මනසිකරිත්වා අප්පනාය උප්පාදනං.
තවද උපමාවෙකි:- යම්සේ වනාහි පිණ්ඩපාතික මහණෙක් තෙමේ ගෙවල් දෙතිසක් ඇති ගමක් ඇසුරුකොට වාසය කරනුයේ පළමු ගෙහිදීම භික්ෂා දෙකක් ලැබ පසුවට ඇති එක් භික්ෂාවක් හරියි, දෙවන දිනයෙහි භික්ෂා තුනක් ලැබ අගින් ඇති භික්ෂා දෙකක් හරියි, තෙවැනි දිනයෙහි පළමු ගෙහිදීම පාත්‍රය පුරා ලැබ ආසනශාලාවට ගොස් වළදනුයේද, එසේම මේ කාරණය දතයුතුය. දෙතිස් ආකාර ඇති කොටස් පවුල් දෙකක් ඇති ගම වැනිය, යෝගාවචර තෙමේ පිණ්ඩපාතික භික්ෂුව වැනිය. යෝගාවචරයා විසින් දෙතිස් ආකාර කොටස් විෂයෙහි භාවනා කිරීම එම ගම ඇසුරුකොට වාසය කිරීම වැනිය. නැවත නැවත මෙනෙහි කරන යෝගාවචරයා විසින් නොවැටහෙන කොටස් අත් හරිමින් වැටහෙන වැටහෙන කොටස් මෙනෙහි කරමින් කොටස් දෙකක් දක්වා භාවනා කිරීම (පිණ්ඩපාතික භික්ෂුව විසින්) පළමු ගෙහිදීම භික්ෂා කොටස් දෙකක් ලැබ පසුව එන එක් භික්ෂා කොටසක් අත්හැරීම හා දෙවැනි දිනයෙහි භික්ෂා කොටස් තුනක් ලැබ අගින් එන දෙකක් අත් හැරීම වැනිය, කොටස් දෙකින් යමක් පහසුවෙන් වැටහේනම් එයම නැවත නැවත මෙනෙහිකොට අර්පණා ඉපැදවීම තුන්වන දිනයෙහි, ආරම්භයෙහිදීම පාත්‍රය පුරා භික්ෂාව ලැබ ආසනශාලාවෙහි හිඳ වැළඳීම වැනිය.
අප්පනාතොති අප්පනාකොට්ඨාසතො කෙසාදීසු එකෙකස්මිං කොට්ඨාසෙ අප්පනා හොතීති වෙදිතබ්බාති අයමෙවෙත්ථ අධිප්පායො.
අප්පනාතො යනු, අර්පණාවන කොට්ඨාස වශයෙනි. කෙසාදී වූ එක් එක් කොටසෙක්හිම අර්පණා වෙතැ’යි දතයුතුය යනු මෙහි අදහසයි.
තයො ච සුත්තන්තාති අධිචිත්තං, සීතිභාවො, බොජ්ඣඞ්ගකොසල්ලන්ති ඉමෙ තයො සුත්තන්තා වීරියසමාධියොජනත්ථං වෙදිතබ්බාති අයමෙත්ථ අධිප්පායො. තත්ථ –
තයො ච සුත්තන්තා යනු, අධිචිත්ත, සීතීභාව, බොජ්ඣංගකොසල්ල යන මේ සූත්‍රාන්තයන් වීර්ය, සමාධි යන දෙක සමසේ යොදාගනු සඳහා දතයුතුය යනු මෙහි අදහසයි.
“අධිචිත්තමනුයුත්තෙන , භික්ඛවෙ, භික්ඛුනා තීණි නිමිත්තානි කාලෙනකාලං මනසිකාතබ්බානි. කාලෙනකාලං සමාධිනිමිත්තං මනසිකාතබ්බං. කාලෙනකාලං පග්ගහනිමිත්තං මනසිකාතබ්බං. කාලෙනකාලං උපෙක්ඛානිමිත්තං මනසිකාතබ්බං. සචෙ, භික්ඛවෙ, අධිචිත්තමනුයුත්තො භික්ඛු එකන්තං සමාධිනිමිත්තඤ්ඤෙව මනසිකරෙය්ය, ඨානං තං චිත්තං කොසජ්ජාය සංවත්තෙය්ය. සචෙ, භික්ඛවෙ, අධිචිත්තමනුයුත්තො භික්ඛු එකන්තං පග්ගහනිමිත්තඤ්ඤෙව මනසිකරෙය්ය, ඨානං තං චිත්තං උද්ධච්චාය සංවත්තෙය්ය. සචෙ, භික්ඛවෙ, අධිචිත්තමනුයුත්තො භික්ඛු එකන්තං උපෙක්ඛානිමිත්තඤ්ඤෙව මනසිකරෙය්ය, ඨානං තං චිත්තං න සම්මා සමාධියෙය්ය ආසවානං ඛයාය. යතො ච ඛො, භික්ඛවෙ, අධිචිත්තමනුයුත්තො භික්ඛු කාලෙනකාලං සමාධිනිමිත්තං පග්ගහනිමිත්තං උපෙක්ඛානිමිත්තං මනසිකරොති, තං හොති චිත්තං මුදුඤ්ච කම්මඤ්ඤඤ්ච පභස්සරඤ්ච, න ච පභඞ්ගු, සම්මා සමාධියති ආසවානං ඛයාය.
එහි, “මහණෙනි අධිචිත්ත භාවනාවෙහි යෙදුණ භික්ෂුව විසින් නිමිති තුනක් මෙනෙහි කළ යුතුය, කලින් කල සමාධි නිමිත්ත මෙනෙහිකළ යුතුය, කලින් කල පග්ගහ (වීර්ය) නිමිත්ත මෙනෙහිකළ යුතුය, කලින් කල උපෙක්ඛා නිමිත්ත මෙනෙහි කළ යුතුය, මහණෙනි, ඉදින් අධිචිත්ත භාවනාවෙහි නියැලි භික්ෂුව සමාධි නිමිත්තම මෙනෙහි කරතොත් එම භාවනා චිත්තය කුසීතබව පිණිස පවත්නේය. මහණෙනි අධිචිත්ත භාවනාවෙහි නියැලි භික්ෂුව ඉදින් පග්ගහ නිමිත්තම මෙනෙහි කරතොත් එම භාවනා චිත්තය නොසන්සුන්බව පිණිස පවත්නේය, මහණෙනි, අධිචිත්ත භාවනාවෙහි නියැලි භික්ෂුව ඉදින් උපෙක්ඛා නිමිත්තම මෙනෙහි කරතොත්, එම භාවනා චිත්තය ආශ්‍රවයන් ක්ෂය කරනු පිණිස මනාකොට සමහන් නොවන්නේය. මහණෙනි, යම් හෙයකින් වනාහි අධිචිත්ත භාවනාවෙහි නියැලි භික්ෂුතෙමේ කලින් කල සමාධි නිමිත්තද, පග්ගහනිමිත්තද, උපෙක්ඛානිමිත්තද මෙනෙහි කරන්නේද, එම භාවනා චිත්තය මෘදුද වන්නේය, කර්මණ්‍යද වන්නේය, පිවිතුරුද වන්නේය, බිදෙනසුලු නොවන්නේය, ආශ්‍රවයන් ක්ෂය කරනු පිණිස සමහන් වන්නේය.
“සෙය්යථාපි, භික්ඛවෙ, සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා උක්කං බන්ධති, උක්කං බන්ධිත්වා උක්කාමුඛං ආලිම්පෙති, උක්කාමුඛං ආලිම්පෙත්වා සණ්ඩාසෙන ජාතරූපං ගහෙත්වා උක්කාමුඛෙ පක්ඛිපිත්වා කාලෙනකාලං අභිධමති, කාලෙනකාලං උදකෙන පරිප්ඵොසෙති, කාලෙනකාලං අජ්ඣුපෙක්ඛති. සචෙ, භික්ඛවෙ, සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා තං ජාතරූපං එකන්තං අභිධමෙය්ය, ඨානං තං ජාතරූපං ඩහෙය්ය. සචෙ, භික්ඛවෙ, සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා තං ජාතරූපං එකන්තං උදකෙන පරිප්ඵොසෙය්ය, ඨානං තං ජාතරූපං නිබ්බායෙය්ය. සචෙ, භික්ඛවෙ, සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා තං ජාතරූපං එකන්තං අජ්ඣුපෙක්ඛෙය්ය, ඨානං තං ජාතරූපං න සම්මා පරිපාකං ගච්ඡෙය්ය. යතො ච ඛො, භික්ඛවෙ, සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා තං ජාතරූපං කාලෙනකාලං අභිධමති, කාලෙනකාලං උදකෙන පරිප්ඵොසෙති, කාලෙනකාලං අජ්ඣුපෙක්ඛති, තං හොති ජාතරූපං මුදුඤ්ච කම්මඤ්ඤඤ්ච පභස්සරඤ්ච, න ච පභඞ්ගු, සම්මා උපෙති කම්මාය. යස්සා යස්සා ච පිළන්ධනවිකතියා ආකඞ්ඛති යදි පටිකාය යදි කුණ්ඩලාය යදි ගීවෙය්යාය යදි සුවණ්ණමාලාය, තඤ්චස්ස අත්ථං අනුභොති.
මහණෙනි, යම්සේ රන්කරුවෙක් හෝ රන්කරු අතවැස්සෙක් හෝ උදුනක් (කෝවක්) බඳින්නේද, උදුනක් බැඳ උදුන්දොර ගිනි දල්වන්නේද, උදුන්දොර ගිනි දල්වා අඬුවෙන් රන් ගෙන උදුන්දොර බහා විටින්විට ගිනි පිඹින්නේද, විටින්විට ජලයෙන් තෙමන්නේද, විටින් විට නවත්වා බලා සිටින්නේද, මහණෙනි, ඉදින්, රන්කරුවකු හෝ රන්කරු අතවැස්සකු හෝ එකැතින්ම (ඒකන්තං) රන්වලට ගිනි පිඹිතොත් එම රන් දැවී යන්නේය, මහණෙනි, ඉදින් රන්කරු හෝ රන්කරු අතවැස්සා හෝ එම රන් එකැතින්ම දියෙන් තෙමතොත් එම රන් නිවී යන්නේය. මහණෙනි, ඉදින් රන්කරු හෝ රන්කරු අතවැස්සා හෝ එකැතින්ම නවත්වා බලා සිටියහොත් එම රන් මනාසේ පදම් නොවන්නේය, මහණෙනි, යම් හෙයකින් වනාහි රන්කරුවා හෝ රන්කරු අතවැස්සා හෝ එම රන් විටින්විට ගිනි පිඹින්නේද, විටින්විට දියෙන් තෙමන්නේද, විටින්විට නවත්වා බලා සිටින්නේද එම රන් මෘදුද වන්නේය, කර්මණ්‍යද වන්නේය, පිවිතුරුද වන්නේය, නොබිඳෙනසුලුද වන්නේය, මනාකොට වැඩට යෝග්‍යද වන්නේය, යම් යම් ආභරණ විශේෂයකට, නළල්පටකට හෝ වේවා, කොඬොලකට හෝ වේවා, ගෙල පළඳනාවකට හෝ වේවා, රන්දමකට හෝ වේවා, කැමැති වේනම්, එම අභිමතාර්‍ත්‍ථය සාදා දෙන්නේය.
“එවමෙව ඛො, භික්ඛවෙ, අධිචිත්තමනුයුත්තෙන…පෙ… සමාධියති ආසවානං ඛයාය. යස්ස යස්ස ච අභිඤ්ඤා සච්ඡි කරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමෙති අභිඤ්ඤා සච්ඡි කිරියාය, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ”ති (අ· නි· 3.103).
මහණෙනි, එසේම අධිචිත්ත භාවනාවෙහි නියැලි භික්ෂුව විසින්-පෙ ආශ්‍රවයන් ක්ෂය කරනු පිණිස මනාසේ සමහන් වන්නේය, අභිඥාවෙන් සාක්ෂාත් කළයුතු යම් යම් ධර්මයකට නැඹුරු වේනම්, ඒ ඒ ධර්මයන් අභිඥාවෙන් සාක්ෂාත් කරනු පිණිස ඒ ඒ ආයතනයන් ඇති කල්හි ප්‍රත්‍යක්‍ෂභාවයට පමුණු වන්නේය”
ඉදං සුත්තං අධිචිත්තන්ති වෙදිතබ්බං.
යන මේ අධිචිත්ත සූත්‍රයයි දත යුතුය.
“ඡහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො අනුත්තරං සීතිභාවං සච්ඡිකාතුං. කතමෙහි ඡහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු යස්මිං සමයෙ චිත්තං නිග්ගහෙතබ්බං, තස්මිං සමයෙ චිත්තං නිග්ගණ්හාති. යස්මිං සමයෙ චිත්තං පග්ගහෙතබ්බං, තස්මිං සමයෙ චිත්තං පග්ගණ්හාති. යස්මිං සමයෙ චිත්තං සම්පහංසිතබ්බං, තස්මිං සමයෙ චිත්තං සම්පහංසෙති. යස්මිං සමයෙ චිත්තං අජ්ඣුපෙක්ඛිතබ්බං, තස්මිං සමයෙ චිත්තං අජ්ඣුපෙක්ඛති. පණීතාධිමුත්තිකො ච හොති නිබ්බානාභිරතො. ඉමෙහි ඛො, භික්ඛවෙ, ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො අනුත්තරං සීතිභාවං සච්ඡිකාතු”න්ති (අ· නි· 6.85).
“මහණෙනි, සවැදෑරුම් ධර්මයෙකින් සමන්විත වූ භික්ෂු තෙමේ අනුත්තර වූ නිර්වාණය සාක්ෂාත් කිරීමට පොහොසත් වේ, කවර නම් සවැදෑරුම් ධර්මයෙක්ද? මහණෙනි මේ ශාසනයෙහි භික්ෂු තෙමේ යම් විටෙක සිත ඔබා තැබිය යුතු වේනම්, එවිට සිත ඔබ තබයි, යම් විටෙක සිත ඔසවා තැබියයුතු වේනම්, එවිට සිත ඔසවා තබයි, යම් විටෙක සිත පිනවියයුතු වේනම්, එවිට සිත පිනවයි, යම්විටෙක සිත මැදහත් කළයුතු වේනම්, එවිට සිත මැදහත් කරයි, උතුම්වූ මාර්ගඵලයන් වෙතට නැඹුරු වූයේද වෙයි, නිවණ කෙරෙහි ඇලීම් ඇත්තේද වෙයි, මහණෙනි, මෙම සවැදෑරුම් ධර්මයෙන් සමන්විත වූ භික්ෂු තෙමේ අනුත්තර වූ නිර්වාණය සාක්ෂාත් කිරීමට පොහොසත් වේ.”
ඉදං සුත්තං අනුත්තරං සීතිභාවොති වෙදිතබ්බං.
යන මේ සීතිභාව සූත්‍රයයි දත යුතුය.
බොජ්ඣඞ්ගකොසල්ලං “පන එවමෙව ඛො, භික්ඛවෙ, යස්මිං සමයෙ ලීනං චිත්තං හොති, අකාලො තස්මිං සමයෙ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනායා”ති (සං· නි· 5.234) අප්පනාකොසල්ලකථායං දස්සිතමෙව.
බොජ්ඣඞ්ගකොසල්ලය වනාහි, “මහණෙනි, එසේම යම් විටෙක හැකිලුණු සිත් ඇත්තේ වේනම්, එවිට පස්සද්ධිසම්බොජ්ඣංගය වැඩීමට කල් නොවේ” යන ආදී වශයෙන් (යට පඨවිකසිණ විස්තරයෙහි) අප්පනාකොසල්ල කථාවෙහි දක්වන ලද්දේමය.
ඉති ඉදං සත්තවිධං උග්ගහකොසල්ලං සුග්ගහිතං කත්වා ඉදඤ්ච දසවිධං මනසිකාරකොසල්ලං සුට්ඨු වවත්ථපෙත්වා තෙන යොගිනා උභයකොසල්ලවසෙන කම්මට්ඨානං සාධුකං උග්ගහෙතබ්බං. සචෙ පනස්ස ආචරියෙන සද්ධිං එකවිහාරෙයෙව ඵාසු හොති, එවං විත්ථාරෙන අකථාපෙත්වා කම්මට්ඨානං සුට්ඨු වවත්ථපෙත්වා කම්මට්ඨානං අනුයුජ්ජන්තෙන විසෙසං ලභිත්වා උපරූපරි කථාපෙතබ්බං. අඤ්ඤත්ථ වසිතුකාමෙන යථාවුත්තෙන විධිනා විත්ථාරතො කථාපෙත්වා පුනප්පුනං පරිවත්තෙත්වා සබ්බං ගණ්ඨිට්ඨානං ඡින්දිත්වා පථවීකසිණනිද්දෙසෙ වුත්තනයෙනෙව අනනුරූපං සෙනාසනං පහාය අනුරූපෙ විහාරෙ වසන්තෙන ඛුද්දකපලිබොධුපච්ඡෙදං කත්වා පටික්කූලමනසිකාරෙ පරිකම්මං කාතබ්බං.
මෙසේ මේ සත් වැදෑරුම් උග්ගහකොසල්ල විධිය මනාකොට උගෙන, එසේම මේ දස වැදෑරුම් මනසිකාරකොසල්ල විධිය මනාසේ පිහිටුවාගෙන ඒ යෝගියා විසින් උභයකොසල්ල වශයෙන් කර්මස්ථානය මනාසේ උගතයුතුය. ඉදින් ඒ යෝගාවචරයාහට ආචාර්යවරයා හා සමඟ එක් විහාරයෙක විසීම පහසු වන්නේ නම්, මෙසේ එක්වරම විස්තර වශයෙන් කියවා (අසා) නොගෙන කමටහන්හි නියැලෙමින් මතු විශේෂයක් ලැබූ විටෙක වරින්වර කමටහන් කියවාගත යුතුය. විහාරයෙන් පිටත අන් තැනෙක වසනු කැමැත්තහු විසින් යටකී නයින් විස්තර වශයෙන් කමටහන් කියවාගෙන නැවත නැවත පිරිවහා සියලු ගැටලු තැන විසඳාගෙන පඨවිකසිණනිද්දෙසයෙහි කී-නයින්ම නොසුදුසු සෙනසුන් හැර සුදුසු සෙනසුනෙක වෙසෙමින් සුලු පලිබෝධයන් නසා පිළිකුල් මෙනෙහි කිරීමෙහි පිරියම් කටයුතුය.
කරොන්තෙන පන කෙසෙසු තාව නිමිත්තං ගහෙතබ්බං. කථං? එකං වා ද්වෙ වා කෙසෙ ලුඤ්චිත්වා හත්ථතලෙ ඨපෙත්වා වණ්ණො තාව වවත්ථපෙතබ්බො. ඡින්නට්ඨානෙපි කෙසෙ ඔලොකෙතුං වට්ටති. උදකපත්තෙ වා යාගුපත්තෙ වා ඔලොකෙතුම්පි වට්ටතියෙව. කාළකකාලෙ දිස්වා කාළකාති මනසිකාතබ්බා . සෙතකාලෙ සෙතාති. මිස්සකකාලෙ පන උස්සදවසෙන මනසිකාතබ්බා හොන්ති. යථා ච කෙසෙසු, එවං සකලෙපි තචපඤ්චකෙ දිස්වාව නිමිත්තං ගහෙතබ්බං.
එසේ කරන්නහු විසින් පළමුකොට කෙස්හි නිමිති ගතයුතුය. කෙසේද? කෙස් ගසක් හෝ දෙකක් කපා අත්ලෙහි තබා පළමුකොට වර්ණ වශයෙන් පරීක්ෂා කටයුතුය. කෙස් කැපුණ තැනද බැලිය යුතුය. දිය බඳුනෙක හෝ කැඳ බඳුනෙක තුබූ කෙස්ද බැලීම වටී. කළු නම් කළු යයි මෙනෙහි කළ යුතුය. සුදු නම් සුදුයයිද, කළු සුදු මුසු නම් බහුල වූ වර්ණය මෙනෙහි කළ යුතුය. කෙස් කෙරෙහි මෙන්ම සියලු තචපංචකයෙහිම දැක බලාම නිමිති ගතයුතුය.