යෙදුමෙන් කියවන්න

මරණස‍්සතිකථා

මරණස‍්සතිකථා

මරණානුස්සති භාවනාව

ඉදානි ඉතො අනන‍්තරාය මරණස‍්සතියා භාවනානිද‍්දෙසො අනුප‍්පත‍්තො. තත්‍ථ මරණන‍්ති එකභවපරියාපන‍්නස‍්ස ජීවිතින්‍ද්‍රියස‍්ස උපච‍්ඡෙදො. යං පනෙතං අරහන‍්තානං වට‍්ටදුක‍්ඛසමුච‍්ඡෙදසඞ‍්ඛාතං සමුච‍්ඡෙදමරණං, සඞ‍්ඛාරානං ඛණභඞ‍්ගසඞ‍්ඛාතං ඛණිකමරණං, රුක‍්ඛො මතො ලොහං මතන‍්තිආදීසු සම‍්මුතිමරණඤ‍්ච, න තං ඉධ අධිප‍්පෙතං.

ඉක්බිති මේ දෙවතානුස්සතියට අනතුරුව මරණානුස්සතිය පිළිබඳ භාවනා නිර්දේශය එළඹියේය. එහි මරණ යනු එක් භවයකින් පිරිසුන් ජීවිතෙන්‍ද්‍රියයාගේ බිඳී යාමයි. රහතුන්ගේ සසරදුක් සහමුලින් සිඳලන සමුච්ඡේදමරණයයි කියනලද යම් මේ මරණයක් වේනම් එම සමුච්ඡේදමරණයද, මොහොතක් පාසා බිඳෙන, එහෙයින් ක්‍ෂණභංගයයි කියනලද, සංස්කාරයන්ගේ ක්‍ෂණික මරණයද, ‘ගස මළේය’, ‘ලෝහය මළේය’ යන ආදී තන්හි සම්මුතිමරණයද මෙහිලා අභිප්‍රේත නොවේ.

යම‍්පි චෙතං අධිප‍්පෙතං, තං කාලමරණං අකාලමරණන‍්ති දුවිධං හොති. තත්‍ථ කාලමරණං පුඤ‍්ඤක‍්ඛයෙන වා ආයුක‍්ඛයෙන වා උභයක‍්ඛයෙන වා හොති. අකාලමරණං කම‍්මුපච‍්ඡෙදකකම‍්මවසෙන.

යම් මරණයක් මෙහිලා අභිප්‍රේත වේද, එය කාලමරණය, අකාලමරණයයි දෙවැදෑරුම් වේ. එහි කාලමරණය පුඤ්ඤක්ඛය (කම්මක්ඛය) හෝ ආයුක්ඛය හෝ උභයක්ඛය වශයෙන් වේ. අකාලමරණය උපච්ඡේදකකම්ම වශයෙන් වේ.

තත්‍ථ යං විජ‍්ජමානායපි ආයුසන‍්තානජනකපච‍්චයසම‍්පත‍්තියා කෙවලං පටිසන්‍ධිජනකස‍්ස කම‍්මස‍්ස විපක‍්කවිපාකත‍්තා මරණං හොති, ඉදං පුඤ‍්ඤක‍්ඛයෙන මරණං නාම. යං ගතිකාලාහාරාදිසම‍්පත‍්තියා අභාවෙන අජ‍්ජතනකාලපුරිසානං විය වස‍්සසතමත‍්තපරිමාණස‍්ස ආයුනො ඛයවසෙන මරණං හොති, ඉදං ආයුක‍්ඛයෙන මරණං නාම. යං පන දූසීමාරකලාබුරාජාදීනං විය තඞ‍්ඛණඤ‍්ඤෙව ඨානාචාවනසමත්‍ථෙන කම‍්මුනා උපච‍්ඡින‍්නසන‍්තානානං, පුරිමකම‍්මවසෙන වා සත්‍ථහරණාදීහි උපක‍්කමෙහි උපච‍්ඡිජ‍්ජමානසන‍්තානානං මරණං හොති, ඉදං අකාලමරණං නාම. තං සබ‍්බම‍්පි වුත‍්තප‍්පකාරෙන ජීවිතින්‍ද්‍රියුපච‍්ඡෙදෙන සඞ‍්ගහිතං. ඉති ජීවිතින්‍ද්‍රියුපච‍්ඡෙදසඞ‍්ඛාතස‍්ස මරණස‍්ස සරණං මරණස‍්සති.

එහි ආයුෂ පවත්වා ගැනීමට හේතුවන ආහාරාදී ප්‍රත්‍යය විද්‍යාමාන කල්හිදු හුදෙක් ප්‍රතිසන්‍ධිජනක කර්මය විපාක දී අවසන් වීමෙන් යම් මරණයක් වේනම් එය පුඤ්ඤක්ඛය නම් වේ. ගති, කාල, ආහාරාදී සම්පත් නොමැතිවීමෙන් වර්තමාන කාලයෙහි මිනිසුන්ගේ සියවසක් පමණවු ආයුෂය ක්‍ෂය වීමෙන් යම් මරණයක් වේනම් මේ ආයුක්ඛය මරණයයි. දූසිමාර, කලාබු ආදී රජුන්ගේ මෙන් ජීවිතයෙන් තොරකරවන්නට සමත් කර්මයක් හේතුකොටගෙන සිඳීගිය ජීවිත ප්‍රවෘත්ති ඇත්තවුන්ගේද, පූර්වකර්ම වශයෙන් ආයුධප්‍රහාර ආදී උපක්‍රම මඟින් සිඳුනාලද ජීවිත ප්‍රවෘත්ති ඇත්තවුන්ගේද යම් මරණයක් වේනම් මෙය අකාලමරණ නම් වේ. මේ සියල්ලම යට කියනලද ජීවිතේන්‍ද්‍රිය උපච්ඡේද යන්නෙහි ඇතුළත් වේ. මෙසේ ජීවිතේන්‍ද්‍රිය සිඳී යාමයයි කියනලද මරණය ගැන සිහි කිරීම මරණසති නම් වේ.

තං භාවෙතුකාමෙන රහොගතෙන පටිසල‍්ලීනෙන “මරණං භවිස‍්සති, ජීවිතින්‍ද්‍රියං උපච‍්ඡිජ‍්ජිස‍්සතී”ති වා, “මරණං මරණ”න‍්ති වා යොනිසො මනසිකාරො පවත‍්තෙතබ‍්බො. අයොනිසො පවත‍්තයතො හි ඉට‍්ඨජනමරණානුස‍්සරණෙ සොකො උප‍්පජ‍්ජති විජාතමාතුයා පියපුත‍්තමරණානුස‍්සරණෙ විය. අනිට‍්ඨජනමරණානුස‍්සරණෙ පාමොජ‍්ජං උප‍්පජ‍්ජති වෙරීනං වෙරිමරණානුස‍්සරණෙ විය. මජ‍්ඣත‍්තජනමරණානුස‍්සරණෙ සංවෙගො න උප‍්පජ‍්ජති මතකළෙවරදස‍්සනෙ ඡවඩාහකස‍්ස විය. අත‍්තනො මරණානුස‍්සරණෙ සන‍්තාසො උප‍්පජ‍්ජති උක‍්ඛිත‍්තාසිකං වධකං දිස‍්වා භීරුකජාතිකස‍්ස විය. තදෙතං සබ‍්බම‍්පි සතිසංවෙගඤාණවිරහතො හොති. තස‍්මා තත්‍ථ තත්‍ථ හතමතසත‍්තෙ ඔලොකෙත්‍වා දිට‍්ඨපුබ‍්බසම‍්පත‍්තීනං සත‍්තානං මතානං මරණං ආවජ‍්ජෙත්‍වා සතිඤ‍්ච සංවෙගඤ‍්ච ඤාණඤ‍්ච යොජෙත්‍වා “මරණං භවිස‍්සතී”තිආදිනා නයෙන මනසිකාරො පවත‍්තෙතබ‍්බො. එවං පවත‍්තෙන‍්තො හි යොනිසො පවත‍්තෙති, උපායෙන පවත‍්තෙතීති අත්‍ථො. එවං පවත‍්තයතොයෙව හි එකච‍්චස‍්ස නීවරණානි වික‍්ඛම‍්භන‍්ති, මරණාරම‍්මණා සති සණ‍්ඨාති, උපචාරප‍්පත‍්තමෙව කම‍්මට‍්ඨානං හොති.

එම මරණානුස්සති භාවනාව වඩනු කැමැති යෝගාවචරයා විසින් හුදකලාව විවේකීව, “මරණය සිදු වන්නේය, ජීවිතේන්‍ද්‍රියය සිඳීයන්නේය’ යනුවෙන් හෝ, ‘මරණං මරණං’ යනුවෙන් හෝ නුවණින් මෙනෙහි කිරීම පැවැත්විය යුතුය. නුනුවණින් පවත්වන්නාහට වනාහි හිතවත් ජනයාගේ මරණය සිහි කිරීමෙන්, පිය පුතුගේ මරණය සිහි කරන වැදූ මවකට මෙන් ශෝකය උපදියි, අහිතවත් ජනයාගේ මරණය සිහි කිරීමෙන් සතුරකුගේ මරණය සිහි කරන සතුරකුට මෙන් ප්‍රමෝදය උපදියි, මධ්‍යස්ථ ජනයාගේ මරණය සිහි කරනවිට මළ සිරුරු දක්නාවිට සොහොන් පල්ලකුට මෙන් සංවේගය නො-උපදියි, තමාගේ මරණය සිහි කරන්නහුට කඩුව ඔසවාගත් වධකයකු දැකීමෙන් බියසුලු පුද්ගලයකුට මෙන් සන්ත්‍රාසය උපදියි. එහෙයින් මේ සියල්ලම සති, සංවෙග, ඤාණ යන මෙයින් තොරවූ හෙයින් අයොනිසො මනසිකාර හෙවත් නුනුවණින් මෙනෙහි කිරීම වේ. එහෙයින් ඒ ඒ තන්හි මරණ ලද්දාවූද, මළවුද සත්ත්‍වයන් බලා දුටු විරූ සැපත් ඇති ජනයාගේ මරණය ආවර්ජනය කොට සති, සංවෙග, ඤාණ යන මෙයින් යුතුව “මරණය වන්නේය,” ආදී නයින් මෙනෙහි කිරීම පැවැත්විය යුතුය, මෙසේ මෙනෙහි කිරීම පවත්වනුයේම නුවණින් පවත්වයි, උපාය සහිතව පවත්වයි යන අර්ත්‍ථයි. මෙසේ මනසිකාරය පවත්වන්නහුටම නීවරණයෝ විනාශයට පත්වෙති, මරණය අරමුණුකොට ඇති සිහිය මනාව පිහිටයි, උපචාරයටම පැමිණි කර්මස්ථාන වේ.

යස‍්ස පන එත‍්තාවතා න හොති, තෙන වධකපච‍්චුපට‍්ඨානතො, සම‍්පත‍්තිවිපත‍්තිතො, උපසංහරණතො, කායබහුසාධාරණතො, ආයුදුබ‍්බලතො, අනිමිත‍්තතො, අද‍්ධානපරිච‍්ඡෙදතො, ඛණපරිත‍්තතොති ඉමෙහි අට‍්ඨහාකාරෙහි මරණං අනුස‍්සරිතබ‍්බං.

යමකුට මෙපමෙණකින් (නුවණින් මෙනෙහි කිරීමෙන්) එසේ නොවෙතොත්, ඔහු විසින් වධකයකු ලෙසින් තමා වෙත එළඹ සිටින නියායෙන් (වධක පච්චුපට්ඨානතො) ද, සම්පත් විපත් බවට හැරීමේ නියායෙන් (සම්පත්තිවිපත්තිතො) ද, අනුන්ගේ මරණය සිදුවීම අනුව තමාටද මරණය වන නියායෙන් (උපසංහරණතො) ද, ශරීරය බොහෝ දෙනකුට පොදුවීමේ නියායෙන් (කායබහුසාධාරණතො) ද, ආයු දුබල වීමේ නියායෙන් (ආයුදුබ්බලතො) ද, මරණයට නිමිත්තක් නොමැතිවීම් වශයෙන් (අනිමිත්තතො) ද, පරමායුෂ කාලපරිච්ඡේද වශයෙන් (අද්ධානපරිච්ඡෙදතො) ද, චිත්තක්‍ෂණයන්ගේ කෙටිබැව් වශයෙන් (ඛණපරිත්තතො) ද යන මේ අට ආකාරයෙන් මරණය ගැන මෙනෙහි කළ යුතුය.

තත්‍ථ වධකපච‍්චුපට‍්ඨානතොති වධකස‍්ස විය පච‍්චුපට‍්ඨානතො. යථා හි ඉමස‍්ස සීසං ඡින්‍දිස‍්සාමීති අසිං ගහෙත්‍වා ගීවාය චාරයමානො වධකො පච‍්චුපට‍්ඨිතොව හොති, එවං මරණම‍්පි පච‍්චුපට‍්ඨිතමෙවාති අනුස‍්සරිතබ‍්බං. කස‍්මා? සහ ජාතියා ආගතතො, ජීවිතහරණතො ච. යථා හි අහිච‍්ඡත‍්තකමකුළං මත්‍ථකෙන පංසුං ගහෙත්‍වාව උග‍්ගච‍්ඡති, එවං සත‍්තා ජරාමරණං ගහෙත්‍වාව නිබ‍්බත‍්තන‍්ති. තථා හි නෙසං පටිසන්‍ධිචිත‍්තං උප‍්පාදානන‍්තරමෙව ජරං පත්‍වා පබ‍්බතසිඛරතො පතිතසිලා විය භිජ‍්ජති සද‍්ධිං සම‍්පයුත‍්තඛන්‍ධෙහි. එවං ඛණිකමරණං තාව සහ ජාතියා ආගතං. ජාතස‍්ස පන අවස‍්සං මරණතො ඉධාධිප‍්පෙතමරණම‍්පි සහ ජාතියා ආගතං. තස‍්මා එස සත‍්තො ජාතකාලතො පට‍්ඨාය යථා නාම උට‍්ඨිතො සූරියො අත්‍ථාභිමුඛො ගච‍්ඡතෙව, ගතගතට‍්ඨානතො ඊසකම‍්පි න නිවත‍්තති. යථා වා නදී පබ‍්බතෙය්‍යා සීඝසොතා හාරහාරිනී සන්‍දතෙව වත‍්තතෙව ඊසකම‍්පි න නිවත‍්තති, එවං ඊසකම‍්පි අනිවත‍්තමානො මරණාභිමුඛොව යාති. තෙන වුත‍්තං –

එහි වධකපච්චුපට්ඨානතො යනු, වධකයකු එළඹ සිටින නියායෙන් මෙනෙහි කිරීමයි. යම්සේ වනාහි ‘මොහුගේ හිස සිඳිමි’යි කඩුවක් ගෙන ගෙල වටා සිසාරවමින් වධකයෙක් එළඹ සිටින්නේද, එසේම මරණයද එළඹ සිටින්නේමයයි සිහි කටයුතුය. කවර හෙයින්දයත්, උපත හා සමගම මරණයද ආ හෙයිනි, එසේ ජීවිතය තොර කරන හෙයිනි. යම්සේ හතුකැකුලක් මුදුනෙන් ගත් පස් ඇතිව මතුවේද, එසේම, සත්ත්‍වයෝ ජරා, මරණ දෙක රැගෙනම උපදිති. ඒ එසේමැයි, ඒ සත්ත්‍වයන්ගේ ප්‍රතිසන්‍ධිචිත්තය. ඉපැදෙනු අනතුරුවම, දිරාපත්ව පර්වත ශිඛරයෙකින් වැටුණ ගලක් මෙන් එම චිත්තය හා සමඟ බැඳුණු ස්කන්‍ධයන් හා සමඟම බිඳීයයි. මෙසේ ක්‍ෂණික වූ මරණය වනාහි උපත හා සමගම ආයේය, උපන්නහුට මරණය අවශ්‍යයෙන්ම සිදුවන හෙයින් මෙහි අභිප්‍රේත මරණය උපත හා සමගම ආයේය. එහෙයින් යම්සේ උදාවූ සූර්යයා අස්තය කරා යන්නේම වේද, යන යන තැනින් මදක් හෝ නොනවතීද, එසේම යම්සේ පර්වතයෙකින් ගලා එන නදියක් වේගවත් ප්‍රවාහයෙන් තණපත් ආදිය ගෙන ගලාබසීද, මඳකට හෝ නො-නවතීද, එසේම මේ සත්ත්‍වයා උපතෙහි පටන් මඳකට හෝ නොනැවතී මරණය කරාම යෙයි. එහෙයින් කියන ලදි.

“යමෙකරත‍්තිං පඨමං, ගබ‍්භෙ වසති මාණවො; අබ‍්භුට‍්ඨිතොව සො යාති, ස ගච‍්ඡං න නිවත‍්තතී”ති. (ජා· 1.15.363);

යමෙකරත්තිං පඨමං ගබ්හෙ වසති මානවො අබ්භුට්ඨිතොව සො යාති ස ගච්ඡං න නිවත්තති.

යම්හෙයකින් සත්ත්‍වයෙක් පළමුකොට මව්කුස තුළ එක් රාත්‍රියක් හෝ වෙසේද, හේ තෙමේ අහසට නැඟුණු වළාකුළක් සෙයින් නොනැවතීම (මරණය කරා) යෙයි.

එවං ගච‍්ඡතො චස‍්ස ගිම‍්හාභිතත‍්තානං කුන‍්නදීනං ඛයො විය, පාතො ආපොරසානුගතබන්‍ධනානං දුමප‍්ඵලානං පතනං විය, මුග‍්ගරාභිතාළිතානං මත‍්තිකභාජනානං භෙදො විය, සූරියරස‍්මිසම‍්ඵුට‍්ඨානං උස‍්සාවබින්‍දූනං විද‍්ධංසනං විය ච මරණමෙව ආසන‍්නං හොති. තෙනාහ –

මෙසේ යන ඔහුට ග්‍රීෂ්මයෙන් රත්වී කුඩා ඇල දොළ වියලී යන සෙයින්ද, උදෑසන තෙත් බවින් ලිහිල්වූ නටු සහිත පලතුරු ගස්වලින් ගිලිහෙන සෙයින්ද, මුගුරින් පහරනලද මැටි බඳුන් බිඳී යන සෙයින්ද, හිරුරැස් වැදී පිණිබිඳු වැනසී යන සෙයින්ද මරණය ලංවේ. එහෙයින් කියන ලදි.

“අච‍්චයන‍්ති අහොරත‍්තා, ජීවිතමුපරුජ‍්ඣති; ආයු ඛීයති මච‍්චානං, කුන‍්නදීනංව ඔදකං. (සං· නි· 1.146);

අච්චයන්ති අහොරත්තා ජීවිතං උපරුජ්ක්‍ඛති ආයු ඛීයති මච්චානං කුන්නදීනං ව ඔදකං

“ඵලානමිව පක‍්කානං, පාතො පපතතො භයං; එවං ජාතාන මච‍්චානං, නිච‍්චං මරණතො භයං.

ඵලානමිව පක්කානං පාතො පපතතො භයං එවං ජාතාන මච්චානං නිච්චං මරණතො භයං.

“යථාපි කුම‍්භකාරස‍්ස, කතං මත‍්තිකභාජනං; ඛුද‍්දකඤ‍්ච මහන‍්තඤ‍්ච, යං පක‍්කං යඤ‍්ච ආමකං; සබ‍්බං භෙදනපරියන‍්තං, එවං මච‍්චාන ජීවිතං’. (සු· නි· 581-582);

යථාපි කුම්භකාරස්ස කතං මත්තිකභාජනං [ඛුද්දකං ච මහන්තං ච - යං පක්කං යං ච ආමකං,] සබ්බං භෙදනපරියන්තං එවං මච්චාන ජීවිතං

“උස‍්සාවොව තිණග‍්ගම‍්හි, සූරියුග‍්ගමනං පති; එවමායු මනුස‍්සානං, මා මං අම‍්ම නිවාරයා”ති. (ජා· 1.11.79);

උස්සාවො ව තිණග්ගම්හි සූරියස්සුග්ගමනං පති එවමායු මනුස්සානං, මා මං අම්ම නිවාරය.

දිවා රාත්‍රි ගෙවී යයි, ජීවිතයද නිරුද්ධ වීයයි, කුඩා නදීන්ගේ ජලය මෙන් මනුෂ්‍යයන්ගේ ආයුෂයද ගෙවීයයි.

විලිකුන් ඵලයන්හට උදෑසන වැටී වැනසී යෑමේ බිය මෙන් උපන්නා වූ මනුෂ්‍යයන්හට නිතොර මරණයෙන් බිය ඇතිවේ.

කුම්භකාරයකු විසින් නිපදවන ලද මැටි බඳුනක් මෙන් සියල්ල බිඳීමෙන් අවසන් වේ, මනුෂ්‍යයන්ගේ ජීවිතයද එසේය.

මනුෂ්‍යයන්ගේ ආයුෂ හිරු නැඟ එනවිට තණ අග තිබෙන පිණි බිඳක් සෙයින් වැනසී යයි, මෑණියනි, මා නොවලකනු මැනවි.

එවං උක‍්ඛිත‍්තාසිකො වධකො විය සහ ජාතියා ආගතං පනෙතං මරණං ගීවාය අසිං චාරයමානො සො වධකො විය ජීවිතං හරතියෙව, න අහරිත්‍වා නිවත‍්තති. තස‍්මා සහ ජාතියා ආගතතො, ජීවිතහරණතො ච උක‍්ඛිත‍්තාසිකො වධකො විය මරණම‍්පි පච‍්චුපට‍්ඨිතමෙවාති එවං වධකපච‍්චුපට‍්ඨානතො මරණං අනුස‍්සරිතබ‍්බං.

මෙසේ උපත හා සමඟම ආ මේ මරණය වනාහි කඩුව ඔසවාගත් වධකයකු වැනි වේ, ගෙල වටා කඩුව සිසාරවන ඒ වධකයා ජීවිතය පැහැර ගන්නේමය, පැහැර නොගෙන නොනවතී. එහෙයින් උපත හා සමග ආ හෙයින්ද, ජීවිතය පැහැරගන්නා හෙයින්ද, කඩුව ඔසවාගත් වධකයකු මෙන් මරණයද ළංව එළඹියේම වේ’ යයි මෙසේ වධකපච්චුපට්ඨාන (එළඹසිටි වධකයකු) වශයෙන් මරණය ගැන සිහිකළ යුතුය.

සම‍්පත‍්තිවිපත‍්තිතොති ඉධ සම‍්පත‍්ති නාම තාවදෙව සොභති, යාව නං විපත‍්ති නාභිභවති, න ච සා සම‍්පත‍්ති නාම අත්‍ථි, යා විපත‍්තිං අතික‍්කම‍්ම තිට‍්ඨෙය්‍ය. තථා හි –

සම්පත්තිවිපත්තිතො යනු මෙහි සම්පත්ති නම් ලෝකයෙහි යම්තාක් විපත් මඟින් නොමඩනා ලද්දේ ද, ඒතාක් පමණක් හොබනේය. විපත් ඉක්මවා සිටින සම්පතෙක් නම් නැත්තේමය. ඒ එසේමැයි:

“සකලං මෙදිනිං භුත්‍වා, දත්‍වා කොටිසතං සුඛී; අඩ‍්ඪාමලකමත‍්තස‍්ස, අන‍්තෙ ඉස‍්සරතං ගතො.

සකලං මෙදිනිං භුත්‍වා දත්‍වා කොටිසතං සුඛී අද්ධාමලකමත්තස්ස අන්තෙ ඉස්සරතං ගතො.

“තෙනෙව දෙහබන්‍ධෙන, පුඤ‍්ඤම‍්හි ඛයමාගතෙ; මරණාභිමුඛො සොපි, අසොකො සොකමාගතො”ති.

තෙනෙව දෙහබන්‍ධෙන පුඤ්ඤම්හි ඛයමාගතෙ මරණාභිමුඛො සො පි අසොකො සොකමාගතො.

මුළුමහත් පෘථිවිය නතු කොටගෙන සැප ඇත්තෙක්ව කෙළසියයක් ධනය පරිත්‍යාග කොට එම ජීවිතයෙහිම අවසාන කාලයෙහිදී පින් පිරිහීමෙන් නෙල්ලි ගෙඩියකින් අඩකට පමණක් හිමිකරුවකු බවට පත් ඒ අසෝක රජ තෙමේද මරණාසන්න වූයේ ශෝකයට පත් වූයේය.

අපිච සබ‍්බං ආරොග්‍යං බ්‍යාධිපරියොසානං, සබ‍්බං යොබ‍්බනං ජරාපරියොසානං, සබ‍්බං ජීවිතං මරණපරියොසානං, සබ‍්බොයෙව ලොකසන‍්නිවාසො ජාතියා අනුගතො, ජරාය අනුසටො, බ්‍යාධිනා අභිභූතො, මරණෙන අබ‍්භාහතො. තෙනාහ –

තවද සියලු නීරෝග බව ව්‍යාධියෙන් කෙළවර වේ, සියලු යෞවනය ජරාවෙන් අවසන් වේ. සියලු ජීවිතය මරණයෙන් අවසන් වේ. මුළුමහත් ලෝක සන්නිවාසයම ඉපැදීම අනුව ආයේය, ජරාවෙන් බඳනා ලද්දේය, ව්‍යාධියෙන් මඩනා ලද්දේය. එහෙයින් කීහ:

“යථාපි සෙලා විපුලා, නභං ආහච‍්ච පබ‍්බතා; සමන‍්තා අනුපරියෙය්‍යුං, නිප‍්පොථෙන‍්තා චතුද‍්දිසා.

යථාපි සෙලා විපුලා නභං ආහච්ච පබ්බතා සමන්තා අනුපරියෙය්‍යුං නිප්පොඨෙන්තා චතුද්දිසා

“එවං ජරා ච මච‍්චු ච, අධිවත‍්තන‍්ති පාණිනෙ; ඛත‍්තියෙ බ්‍රාහ‍්මණෙ වෙස‍්සෙ, සුද‍්දෙ චණ‍්ඩාලපුක‍්කුසෙ; න කිඤ‍්චි පරිවජ‍්ජෙති, සබ‍්බමෙවාභිමද‍්දති.

එවං ජරා ච මච්චු ච අධිවත්තන්ති පාණිනො. ඛත්තියෙ බ්‍රාහ්මණෙ වෙස්සෙ සුද්දෙ චණ්ඩාලපුක්කුසෙ න කඤ්චි පරිවජ්ජෙති සබ්බමෙවාභිමද්දති

“න තත්‍ථ හත්‍ථීනං භූමි, න රථානං න පත‍්තියා; න චාපි මන‍්තයුද‍්ධෙන, සක‍්කා ජෙතුං ධනෙන වා”ති. (සං· නි· 1.136);

න තත්‍ථ හත්‍ථිනං භූමි න රථානං න පත්තියා න චාපි මන්තයුද්ධෙන සක්කා ජෙතුං ධනෙන වා.

යම්සේ ශෛලමය වූ මහා පර්වතයෝ අහස ගැටෙමින් සිවු දිසාවන් හාත්පසින් මැඩගෙන පැතිරෙනු සමත් වන්නාහුද,

එසේම ජරාමරණයෝ සත්ත්‍වයන් මඩිති, ක්‍ෂත්‍රියයන් බ්‍රාහ්මණයන්, වෛශ්‍යයන්, ශුද්‍රයන්, චණ්ඩාලයන්, පුප්සඩුවන් (කසල ශෝධකයන්) යන මේ කිසිවකු නොහැර සියල්ලන්ම මඩිති.

එහිලා ඇතුන්හට තැනෙක් නැත, රථසේනාවට හෝ පාබල සේනාවට තැනෙක් නැත, මන්ත්‍ර යුද්ධයෙන් හෝ ධන පරිත්‍යාගයෙන් ජයගත නොහැකිය.

එවං ජීවිතසම‍්පත‍්තියා මරණවිපත‍්තිපරියොසානතං වවත්‍ථපෙන‍්තෙන සම‍්පත‍්තිවිපත‍්තිතො මරණං අනුස‍්සරිතබ‍්බං.

මෙසේ ජීවිත සම්පත්තිය මරණ විපත්තිය කෙළවරකොට ඇතිබව නිගමනය කරමින් සම්පත් විපත්ති වශයෙන් මරණය සිහිකළ යුතුය.

උපසංහරණතොති පරෙහි සද‍්ධිං අත‍්තනො උපසංහරණතො. තත්‍ථ සත‍්තහාකාරෙහි උපසංහරණතො මරණං අනුස‍්සරිතබ‍්බං, යසමහත‍්තතො, පුඤ‍්ඤමහත‍්තතො, ථාමමහත‍්තතො, ඉද‍්ධිමහත‍්තතො, පඤ‍්ඤාමහත‍්තතො, පච‍්චෙකබුද‍්ධතො, සම‍්මාසම‍්බුද‍්ධතොති. කථං? ඉදං මරණං නාම මහායසානං මහාපරිවාරානං සම‍්පන‍්නධනවාහනානං මහාසම‍්මතමන්‍ධාතුමහාසුදස‍්සන දළ‍්හනෙමි නිමිප‍්පභුතීනම‍්පි උපරි නිරාසඞ‍්කමෙව පතිතං, කිමඞ‍්ගං පන මය‍්හං උපරි න පතිස‍්සති?

උපසංහරණතො යනු, සෙසු ජනයා හා සමගම තමාටද මරණය පොදුබව සැසදීම් වශයෙනි; එහිලා සත් ආකාරයෙකින් තමා කෙරෙහි ආරෝපණය කරමින් මරණය සිහිකළ යුතුය. යශෝමහත්‍ව වශයෙන්ද, පුණ්‍යමහත්‍ව වශයෙන්ද, බලමහත්‍ව වශයෙන්ද, සෘද්ධිමහත්‍ව වශයෙන්ද, ප්‍රඥාමහත්‍ව වශයෙන්ද, ප්‍රත්‍යෙකබුද්ධ වශයෙන්ද, සම්‍යක්සම්බුද්ධ වශයෙන්දැ’යි යන සත් ආකාරයෙනි. කෙසේද යත්: මේ මරණය වනාහි මහා යශස් ඇති, මහ පිරිවර ඇති ධනවාහනයෙන් සමෘද්ධ වූ මහාසම්මත, මන්‍ධාතු, මහාසුදස්සන, දළ්හනෙමි, නිමි ආදීන් මතද නිසැකයෙන්ම වැටුණේය, මා පිට කිමෙකැ’යි නොවැටෙන්නේද?

මහායසා රාජවරා, මහාසම‍්මතආදයො; තෙපි මච‍්චුවසං පත‍්තා, මාදිසෙසු කථාව කාති.

මහායසා රාජවරා මහාසම්මත-ආදයො තෙපි මච්චුවසං පත්තා මාදිසෙසු කථා’ව කා.

මහා යශස් ඇති මහාසම්මතාදී නරවරයෝ පවා මරුවසඟයට පැමිණියාහුය, මා වැන්නවුන් ගැන කියනුම කවරේද?

එවං තාව යසමහත‍්තතො අනුස‍්සරිතබ‍්බං.

මේ ආකාරයෙන් යශෝමහත්‍වය අනුව සිහිකළ යුතුය.

කථං පුඤ‍්ඤමහත‍්තතො?

පුණ්‍යමහත්‍වය අනුව කෙසේ සිහිකළයුතුද යත්:

ජොතිකො ජටිලො උග‍්ගො, මෙණ‍්ඩකො අථ පුණ‍්ණකො; එතෙ චඤ‍්ඤෙ ච යෙ ලොකෙ, මහාපුඤ‍්ඤාති විස‍්සුතා; සබ‍්බෙ මරණමාපන‍්නා, මාදිසෙසු කථාව කාති.

ජොතියො ජටිලො උග්ගො මෙණ්ඩකො අථ පුණ්ණකො එතෙ ච’ඤ්ඤෙ ච යෙ ලොකෙ මහාපුඤ්ඤා’ති විස්සුතා සබ්බෙ මරණමාපන්නා මාදිසෙසු කථා’ව කා.

ජෝතිය, ජටිල, උග්ග, මෙණ්ඩක හා පුණ්ණක යන මොහුද, මහා පිනැත්තෝ යයි ලෝකයෙහි ප්‍රකටවූ අන් යමෙක් වූවාහුනම් ඒ සියල්ලෝමද මරණයට පත්වූහ, මා වැන්නවුන් ගැන කියනුම කවරේද?

එවං පුඤ‍්ඤමහත‍්තතො අනුස‍්සරිතබ‍්බං.

මේ ආකාරයෙන් පුණ්‍යමහත්‍ව වශයෙන් සිහි කළ යුතුය.

කථං ථාමමහත‍්තතො?

බලමහත්‍වය අනුව කෙසේ සිහිකළ යුතුද යත්:

වාසුදෙවො බලදෙවො, භීමසෙනො යුධිට‍්ඨිලො; චානුරො යො මහාමල‍්ලො, අන‍්තකස‍්ස වසං ගතා.

වාසුදෙවො බලදෙවො භීමසෙනො යුධිට්ඨිලො චානුරො පියදාමල්ලො අන්තකස්ස වසංගතා

එවං ථාමබලූපෙතා, ඉති ලොකම‍්හි විස‍්සුතා; එතෙපි මරණං යාතා, මාදිසෙසු කථාව කාති.

එවං ථාමබලූපෙතා ඉති ලොකම්හි විස්සුතා එතෙ පි මරණං යාතා මාදිසෙසු කථාව කා.

වාසුදෙවය, බලදෙවය, භීමසෙනය, යුධිෂ්ඨිරය, අනුරය, පියදාමල්ලය යන මොහුද මරු වසඟයට ගියාහුය.

මෙසේ වීර්ය බලයෙන් යුත් වූහ’යි ලෝකයෙහි ප්‍රකට වූ මොවුහුද මරණයට පැමිණියාහුය. මා වැන්නවුන් ගැන කියනුම කවරේද?

එවං ථාමමහත‍්තතො අනුස‍්සරිතබ‍්බං.

මෙසේ වීර්යබලමහත්‍ව වශයෙන් මරණය ගැන සිහිකළ යුතුය.

කථං ඉද‍්ධිමහත‍්තතො?

සෘද්ධිමහත්‍ව වශයෙන් කෙසේද යත්,

පාදඞ‍්ගුට‍්ඨකමත‍්තෙන , වෙජයන‍්තමකම‍්පයි; යො නාමිද‍්ධිමතං සෙට‍්ඨො, දුතියො අග‍්ගසාවකො.

පාදඞ්ගුට්ඨකමත්තෙන වෙජයන්තං අකම්පයි යො නාමිද්ධිමතං සෙට්ඨො දුතියො අග්ගසාවකො

සොපි මච‍්චුමුඛං ඝොරං, මිගො සීහමුඛං විය; පවිට‍්ඨො සහ ඉද‍්ධීහි, මාදිසෙසු කථාව කාති.

සොපි මච්චුමුඛං ඝොරං මිගො සීහමුඛං විය පවිට්ඨො සහ ඉද්ධීහි මාදිසෙසු කථා’ව කා.

යමෙක් තුමූ පා ඇඟිලි මතින් වෛජයන්ත ප්‍රාසාදය සොල්වා ලූහුද සෘද්ධිමතුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ ඒ දෙවන අගසව්වන් වහන්සේද එම සෘද්ධි බලය ඇතිව පවා සිංහ මුඛයට පිවිසි මුවකු මෙන් ඝෝර වූ මාරමුඛයට පිවිසියහ, මා වැන්නවුන් ගැන කියනුම කවරේද?

එවං ඉද‍්ධිමහත‍්තතො අනුස‍්සරිතබ‍්බං.

මේ ආකාරයෙන් සෘද්ධිමහත්‍වය අනුව සිහිකළ යුතුය.

කථං පඤ‍්ඤාමහත‍්තතො?

ප්‍රඥා මහත්‍වය අනුව කෙසේද යත්,

ලොකනාථං ඨපෙත්‍වාන, යෙ චඤ‍්ඤෙ අත්‍ථි පාණිනො; පඤ‍්ඤාය සාරිපුත‍්තස‍්ස, කලං නාග‍්ඝන‍්ති සොළසිං.

ලොකනාථං ඨපෙත්‍වාන යෙ අඤ්ඤෙ අත්‍ථි පාණිනො පඤ්ඤාය සාරිපුත්තස්ස කලං නාග්ඝන්ති සොළසිං

එවං නාම මහාපඤ‍්ඤො, පඨමො අග‍්ගසාවකො; මරණස‍්ස වසං පත‍්තො, මාදිසෙසු කථාව කාති.

එවං නාම මහාපඤ්ඤො පඨමො අග්ගසාවකො මරණස්ස වසං පත්තො මාදිසාසු කථාව කා.

ලෝකනාථයන්වහන්සේ හැර අනෙක් යම් සත්ත්‍ව කෙනෙක් ඇත්ද, ඒ සියල්ලෝම ප්‍රඥාව අතින් සැරියුත් තෙරුන්ගේ ප්‍රඥාවෙන් සොළොසින් පංගුවක් හෝ නො-අගනේය.

මෙවන් මහ පැනැති පළමුවන අගසව්වන් වහන්සේ පවා මරුවසඟයට පැමිණියාහුය. මා වැන්නන් ගැන කියනුම කවරේද?

එවං පඤ‍්ඤාමහත‍්තතො අනුස‍්සරිතබ‍්බං.

මේ ආකාරයෙන් ප්‍රඥා මහත්‍වය අනුව සිහිකළ යුතුය.

කථං පච‍්චෙකබුද‍්ධතො? යෙපි තෙ අත‍්තනො ඤාණවීරියබලෙන සබ‍්බකිලෙසසත‍්තුනිම‍්මථනං කත්‍වා පච‍්චෙකබොධිං පත‍්තා ඛග‍්ගවිසාණකප‍්පා සයම‍්භුනො, තෙපි මරණතො න මුත‍්තා, කුතො පනාහං මුච‍්චිස‍්සාමීති.

පසේබුදුවරයන් අනුව කෙසේද යත්: යම් කෙනෙක් තමන්ගේ ඥාන වීර්ය බලයෙන් සියලු කෙලෙස් සතුරන් නසා පසේ බුදු බවට පැමිණියාහුද, කඟවෙහෙණුන් හා සමාන හුදෙකලා පැවතුම් ඇති ස්වයම්භූ ඥානයෙන් චතුස්සත්‍යය අවබෝධ කළා වූ ඔවුහුද මරණයෙන් නොමිදුණාහ, මම් කෙසේ මිදෙම්ද?

තං තං නිමිත‍්තමාගම‍්ම, වීමංසන‍්තා මහෙසයො; සයම‍්භුඤ‍්ඤාණතෙජෙන, යෙ පත‍්තා ආසවක‍්ඛයං.

තං තං නිමිත්තමාගම්ම වීමංසන්තා මහෙසයො සයම්භූඤාණතෙජෙන යෙ පත්තා ආසවක්‍ඛයං

එකචරියනිවාසෙන, ඛග‍්ගසිඞ‍්ගසමූපමා; තෙපි නාතිගතා මච‍්චුං, මාදිසෙසු කථාව කාති.

එකචරියනිවාසෙන ඛග්ගසිඞ්ගසමූපමා තෙ පි නාතිගතා මච්චුං මාදිසෙසු කථාව කා.

යම් මහර්ෂී කෙනෙක් තුමූ ඒ ඒ නිමිත්තට පැමිණ ස්වයම්භූඥාන තේජසින් ආශ්‍රවක්‍ෂය සංඛ්‍යාත වූ නිවණට පැමිණියාහුද ඒකචාරීවාසය හේතුකොටගෙන කඟවෙහෙණුන් හා සමාන වූ ඒ පසේබුදුවරයෝද මරණය නො-ඉක්මවූහ, මා වැන්නවුන් ගැන කියනුම කවරේද?

එවං පච‍්චෙකබුද‍්ධතො අනුස‍්සරිතබ‍්බං.

මේ ආකාරයෙන් පසේබුදුවරයන් අනුව සිහිකළ යුතුය.

කථං සම‍්මාසම‍්බුද‍්ධතො? යොපි සො භගවා අසීතිඅනුබ්‍යඤ‍්ජනපටිමණ‍්ඩිතද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණවිචිත්‍රරූපකායො සබ‍්බාකාරපරිසුද‍්ධසීලක‍්ඛන්‍ධාදිගුණරතනසමිද‍්ධධම‍්මකායො යසමහත‍්තපුඤ‍්ඤමහත‍්තථාමමහත‍්තඉද‍්ධිමහත‍්තපඤ‍්ඤාමහත‍්තානං පාරං ගතො අසමො අසමසමො අප‍්පටිපුග‍්ගලො අරහං සම‍්මාසම‍්බුද‍්ධො, සොපි සලිලවුට‍්ඨිනිපාතෙන මහාඅග‍්ගික‍්ඛන්‍ධො විය මරණවුට‍්ඨිනිපාතෙන ඨානසො වූපසන‍්තො.

සම්‍යක් සම්බුද්ධයන් අනුව කෙසේදයත්: යම් ඒ භාග්‍යවත් කෙනෙක් තුමූ අනුඛ්‍යඤ්ජන (සිරුරෙහි මඟුල් ලකුණු) අසූවෙකින් යුක්තවූ දෙතිස් මහාපුරුෂ ලක්‍ෂණයෙකින් විචිත්‍ර වූ රූපකාය සම්පත්තියක් සහිත වූ සර්වාකාරයෙන් පිරිසුදුවූ ශීලස්කන්‍ධාදී ගුණරත්නයෙන් සමෘද්ධ ධර්මකාය සම්පත්තියක් ඇති, යශෝමහත්‍වය, පුණ්‍යමහත්‍වය, ථාමමහත්‍වය, සෘද්ධිමහත්‍වය, ප්‍රඥාමහත්‍වය යන මෙයින් පාරප්‍රාප්ත වූ, අසමවූ, අසමසමවූ, අප්‍රතිපුද්ගල වූ අරහත් සම්‍යක් සම්බුද්ධවූහු ද, ඔහු තුමූද සිහිල්දිය වැසි වැටීමෙන් මහ ගිනිකඳක් නිවී යන සෙයින් මරණ නමැති මහවැසි වැටීමෙන් ස්ථානානුරූපව නිවී ගියාහුය.

එවං මහානුභාවස‍්ස, යං නාමෙතං මහෙසිනො; න භයෙන න ලජ‍්ජාය, මරණං වසමාගතං.

එවං මහානුභාවස්ස යං නාමෙතං මහෙසිනො න භයෙන න ලජ්ජාය මරණං වසමාගතං

නිල‍්ලජ‍්ජං වීතසාරජ‍්ජං, සබ‍්බසත‍්තාභිමද‍්දනං; තයිදං මාදිසං සත‍්තං, කථං නාභිභවිස‍්සතීති.

නිල්ලජ්ජං වීතසාරජ්ජං සබ්බසත්තාභිමද්දනං තයිදං මාදිසං සත්තං කථං නාභිභවිස්සති

මෙවන් මහානුභාව ඇති මහාමුනිවරයන් වහන්සේහට පවා ලජ්ජාවක් භයක් නැතිව මේ මරණය තමා වසඟයට ගෙන ආයේය.

ලජ්ජාවක් නැති බියක් සැකක් නැති සියලු සත්ත්‍වයන් මැඩලන ඒ මරණය තෙමේ මා වැනි සත්ත්‍වයකු කෙසේ නම් නොමඩින්නේද?

එවං සම‍්මාසම‍්බුද‍්ධතො අනුස‍්සරිතබ‍්බං.

මේ ආකාරයෙන් සම්‍යක් සම්බුද්ධයන් අනුව සිහිකළ යුතුය.

තස‍්සෙවං යසමහත‍්තතාදිසම‍්පන‍්නෙහි පරෙහි සද‍්ධිං මරණසාමඤ‍්ඤතාය අත‍්තානං උපසංහරිත්‍වා තෙසං විය සත‍්තවිසෙසානං මය‍්හම‍්පි මරණං භවිස‍්සතීති අනුස‍්සරතො උපචාරප‍්පත‍්තං කම‍්මට‍්ඨානං හොතීති. එවං උපසංහරණතො මරණං අනුස‍්සරිතබ‍්බං.

මෙසේ යශෝමහත්‍වාදියෙන් යුක්ත වූ අන්‍යයන් හා සමඟ තමාටද මරණය පොදු ධර්මතාවක් බව නිගමනය කොට, ඒ සුවිශේෂ සත්ත්‍වයන්හට මෙන්ම තමාහටද මරණය වන්නේයයි මෙනෙහි කරන්නහුට උපචාරයට පත් කමටහන් වේ. මේ ආකාරයෙන් උපසංහරණ වශයෙන් මරණය ගැන සිහිකළ යුතුය.

කායබහුසාධාරණතොති අයං කායො බහුසාධාරණො. අසීතියා තාව කිමිකුලානං සාධාරණො, තත්‍ථ ඡවිනිස‍්සිතා පාණා ඡවිං ඛාදන‍්ති, චම‍්මනිස‍්සිතා චම‍්මං ඛාදන‍්ති, මංසනිස‍්සිතා මංසං ඛාදන‍්ති, න‍්හාරුනිස‍්සිතා න‍්හාරුං ඛාදන‍්ති, අට‍්ඨිනිස‍්සිතා අට‍්ඨිං ඛාදන‍්ති, මිඤ‍්ජනිස‍්සිතා මිඤ‍්ජං ඛාදන‍්ති. තත්‍ථෙව ජායන‍්ති ජීයන‍්ති මීයන‍්ති, උච‍්චාරපස‍්සාවං කරොන‍්ති. කායොව නෙසං සූතිඝරඤ‍්චෙව ගිලානසාලා ච සුසානඤ‍්ච වච‍්චකුටි ච පස‍්සාවදොණිකා ච. ස‍්වායං තෙසම‍්පි කිමිකුලානං පකොපෙන මරණං නිගච‍්ඡතියෙව. යථා ච අසීතියා කිමිකුලානං, එවං අජ‍්ඣත‍්තිකානංයෙව අනෙකසතානං රොගානං බාහිරානඤ‍්ච අහිවිච‍්ඡිකාදීනං මරණස‍්ස පච‍්චයානං සාධාරණො.

කායබහුසාධාරණතො යනු, මේ කය බොහෝ දෙනාට පොදු වේ, පළමුකොටම අසූ කුලයෙක පණුවන්හට පොදුය, එහි සිවිය ඇසුරු කොට වසන පණුවෝ සිවිය කති, සම ඇසුරු කොට වසන පණුවෝ සම කති, මස් ඇසුරු කොට වෙසෙන පණුවෝ මස් කති, නහර ඇසුරු කොට වසන්නාහු නහර කති, ඇට ඇසුරු කොට වසන්නාහු ඇට කති, ඇටමිදුලු ඇසුරු කොට වසන්නාහු ඇටමිදුලු කති, එම ශරීරය තුළම උපදිති, එහිම ජරාවට පත් වෙති, එහිම නැසෙති, මල මූ පහ කෙරෙති, මේ ශරීරයම ඔවුනට තිඹිරිගෙයද, ගිලන්හලද සොහොන්බිමද වැසිකිළියද, කෙසිකිළියද වන්නේය, මේ ශරීරය ඒ පණුවන් කිපීමෙන්ද මරණයට පත් වන්නේමය, අසූකුල පණුවන්හට මෙන්ම මේ ශරීරය නොයෙක් සිය ගණන් අභ්‍යන්තර රෝගයටද, මරණයට හේතුවන බාහිර වූ සප්ගෝනුසු ආදීනටද පොදු වේ.

යථා හි චතුමහාපථෙ ඨපිතෙ ලක‍්ඛම‍්හි සබ‍්බදිසාහි ආගතා සරසත‍්තිතොමරපාසාණාදයො නිපතන‍්ති, එවං කායෙපි සබ‍්බුපද‍්දවා නිපතන‍්ති . ස‍්වායං තෙසම‍්පි උපද‍්දවානං නිපාතෙන මරණං නිගච‍්ඡතියෙව. තෙනාහ භගවා – “ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු දිවසෙ නික‍්ඛන‍්තෙ රත‍්තියා පටිහිතාය ඉති පටිසඤ‍්චික‍්ඛති, බහුකා ඛො මෙ පච‍්චයා මරණස‍්ස, අහි වා මං ඩංසෙය්‍ය, විච‍්ඡිකො වා මං ඩංසෙය්‍ය, සතපදී වා මං ඩංසෙය්‍ය, තෙන මෙ අස‍්ස කාලඞ‍්කිරියා, සො මමස‍්ස අන‍්තරායො, උපක‍්ඛලිත්‍වා වා පපතෙය්‍යං, භත‍්තං වා මෙ භුත‍්තං බ්‍යාපජ‍්ජෙය්‍ය, පිත‍්තං වා මෙ කුප‍්පෙය්‍ය, සෙම‍්හං වා මෙ කුප‍්පෙය්‍ය, සත්‍ථකා වා මෙ වාතා කුප‍්පෙය්‍යුං, තෙන මෙ අස‍්ස කාලඞ‍්කිරියා, සො මමස‍්ස අන‍්තරායො”ති. එවං (අ· නි· 6.20) කායබහුසාධාරණතො මරණං අනුස‍්සරිතබ‍්බං.

යම්සේ වනාහි සිවුමංසලෙක්හි පිහිටුවන ලද ලක්‍ෂ්‍යයක් මත සියලු දෙසින් ආ ඊතල කඩු හෙල්ල ගල් ආදිය වැටේද, එසේම ශරීරය මත සියලු උවදුරු වැටෙයි, එම උවදුරුවලට ගොදුරුවීමෙන්ද මේ ශරීරය මරණයට පත් වන්නේමය. එහෙයින් වදාළහ භාග්‍යවතුන් වහන්සේ: “මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ දහවල ඉකුත් වූ කල්හි රාත්‍රිය එළඹි කල්හි, මෙසේ සිහි කරයි: මාගේ මරණයට හේතු බොහෝය, සර්පයකු හෝ මා දෂ්ට කළ හැකිය, ගෝනුස්සකු හෝ මා දෂ්ට කළ හැකිය, පත්තෑයකු හෝ මා දෂ්ට කළ හැකිය. ඒ හේතුවෙන් මාගේ මරණය වන්නේය, එය මට අන්තරාය පිණිස වන්නේය, පය පැකිල හෝ වැටෙනු හැකිය, මවිසින් අනුභව කරනලද අහර හෝ නපුරට සිටිය හැකිය. මාගේ පිත හෝ කිපිය හැකිය. සෙම හෝ කිපිය හැකිය, මාගේ ශස්ත්‍රක වාතයන් හෝ කිපිය හැකිය, ඒ හේතුවෙන් මාගේ මරණය වන්නේය, එය මට අන්තරාය පිණිස වන්නේය.’ මෙසේ ‘කායබහුසාධාරණ’ වශයෙන් මරණය ගැන සිහිකළ යුතුය.

ආයුදුබ‍්බලතොති ආයු නාමෙතං අබලං දුබ‍්බලං. තථා හි සත‍්තානං ජීවිතං අස‍්සාසපස‍්සාසූපනිබද‍්ධඤ‍්චෙව ඉරියාපථූපනිබද‍්ධඤ‍්ච සීතුණ‍්හූපනිබද‍්ධඤ‍්ච මහාභූතූපනිබද‍්ධඤ‍්ච ආහාරූපනිබද‍්ධඤ‍්ච. තදෙතං අස‍්සාසපස‍්සාසානං සමවුත‍්තිතං ලභමානමෙව පවත‍්තති. බහි නික‍්ඛන‍්තනාසිකවාතෙ පන අන‍්තො අපවිසන‍්තෙ, පවිට‍්ඨෙ වා අනික‍්ඛමන‍්තෙ මතො නාම හොති. චතුන‍්නං ඉරියාපථානම‍්පි සමවුත‍්තිතං ලභමානමෙව පවත‍්තති. අඤ‍්ඤතරඤ‍්ඤතරස‍්ස පන අධිමත‍්තතාය ආයුසඞ‍්ඛාරා උපච‍්ඡිජ‍්ජන‍්ති. සීතුණ‍්හානම‍්පි සමවුත‍්තිතං ලභමානමෙව පවත‍්තති. අතිසීතෙන පන අතිඋණ‍්හෙන වා අභිභූතස‍්ස විපජ‍්ජති. මහාභූතානම‍්පි සමවුත‍්තිතං ලභමානමෙව පවත‍්තති. පථවීධාතුයා පන ආපොධාතුආදීනං වා අඤ‍්ඤතරඤ‍්ඤතරස‍්ස පකොපෙන බලසම‍්පන‍්නොපි පුග‍්ගලො පත්‍ථද‍්ධකායො වා අතිසාරාදිවසෙන කිලින‍්නපූතිකායො වා මහාඩාහපරෙතො වා සම‍්භිජ‍්ජමානසන්‍ධිබන්‍ධනො වා හුත්‍වා ජීවිතක‍්ඛයං පාපුණාති. කබළීකාරාහාරම‍්පි යුත‍්තකාලෙ ලභන‍්තස‍්සෙව ජීවිතං පවත‍්තති, ආහාරං අලභමානස‍්ස පන පරික‍්ඛයං ගච‍්ඡතීති. එවං ආයුදුබ‍්බලතො මරණං අනුස‍්සරිතබ‍්බං.

ආයුදුබ්බලතො යනු, මේ ආයුෂ වනාහි අබලය, දුබලය, ඒ එසේමැයි: සත්ත්‍වයන්ගේ ජීවිතය ආශ්වාස ප්‍රශ්වාසයන් හා සමඟ බැඳී පවත්නේය. ඊර්යාපථයන් හා සමඟ බැඳී පවත්නේය, ශීත උෂ්ණ යන දෙක හා සමග බැදී පවත්නේය, මහාභූතයන් හා සමඟ බැඳී පවත්නේය, ආහාරය හා සමඟ බැඳී පවත්නේය, එහෙයින් මේ ජීවිතය ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ සම පැවතුම් ලබමින්ම පවත්නේය, පිටතට නික්මුණ නාසිකාවාතය ඇතුළට නොපිවිසෙනවිට හෝ ඇතුළට පිවිසුණ වාතය පිටතට නොනික්මෙනවිට හෝ මළේ නම් වේ. මේ ජීවිතය සතර ඉරියවු සමව පවත්නා බව ලබමින්ම පවත්නේය, එක් එක් ඉරියව්වෙක පැවැත්ම වැඩිවීමෙන් ආයුසංස්කාරය සිඳී යන්නේය, මේ ජීවිතය ශීත උෂ්ණයන්ගේ සමපැවතුම් ලබමින්ම පවත්නේය, අධික උෂ්ණයෙන් හෝ අධික ශීතයෙන් හෝ මඩනා ලද්දහුගේ ජීවිතය විපතට පත්වේ. මහාභූතයන්ගේද සම පැවතුම් ලබමින්ම ජීවිතය පවත්නේය. පඨවීධාතුව හෝ ආපො ධාතු ආදිය හෝ එකක් එකක් කිපීමෙන් බලසම්පන්න පුද්ගලයකු පවා හාත්පසින් දරදඬුව ගිය සිරුරු ඇත්තෙක්ව හෝ අතීසාරාදී රෝග වැළදීමෙන් කිලිටිව කුණුවී ගිය සිරුරු ඇත්තෙක්ව හෝ අධික දාහයෙන් පෙළෙන්නෙක්ව හෝ සිඳිනු ලබන සන්දිපත් ඇත්තෙක්ව හෝ ජීවිතක්‍ෂයට පත් වන්නේය. කබලිංකාරාහාරයද සුදුසු කල්හි ලබන්නහුගේම ජීවිතය පවත්නේය, නොලබන්නහුගේ ජීවිතය ක්‍ෂය වී යන්නේයයි මෙසේ ආයුදුබ්බලතා වශයෙන් මරණය ගැන සිහිකළ යුතුය.

අනිමිත‍්තතොති අවවත්‍ථානතො, පරිච‍්ඡෙදාභාවතොති අත්‍ථො. සත‍්තානං හි –

අනිමිත්තතො යනු නියමයක් කළ නොහැකි හේතුවෙනි, පිරිසිදීමක් නැති හේතුවෙනියි යන අර්ත්‍ථයි. සත්ත්‍වයන්ගේ වනාහි -

ජීවිතං බ්‍යාධි කාලො ච, දෙහනික‍්ඛෙපනං ගති; පඤ‍්චෙතෙ ජීවලොකස‍්මිං, අනිමිත‍්තා න නායරෙ.

ජීවිතං ව්‍යාධි කාලො ච දෙහනික්‍ඛෙපනං ගති පඤ්චතෙ ජීවලොකස්මිං අනිමිත්තා න ඤායරෙ.

ජීවිතයද, ව්‍යාධියද, ආයුකාලයද, දේහය බහවන ස්ථානයද, මරණින් මතු උපදින ස්ථානයද යන මේ කරුණු පස සත්ත්‍ව ලෝකයෙහි නිමිති රහිතව සිදුවන හෙයින් දත නොහැකි වේ.

තත්‍ථ ජීවිතං තාව “එත‍්තකමෙව ජීවිතබ‍්බං, න ඉතො පර”න‍්ති වවත්‍ථානාභාවතො අනිමිත‍්තං . කලලකාලෙපි හි සත‍්තා මරන‍්ති, අබ‍්බුදපෙසිඝනමාසිකද‍්වෙමාසතෙමාසචතුමාසපඤ‍්චමාසදසමාසකාලෙපි. කුච‍්ඡිතො නික‍්ඛන‍්තසමයෙපි. තතො පරං වස‍්සසතස‍්ස අන‍්තොපි බහිපි මරන‍්තියෙව. බ්‍යාධිපි “ඉමිනාව බ්‍යාධිනා සත‍්තා මරන‍්ති, නාඤ‍්ඤෙනා”ති වවත්‍ථානාභාවතො අනිමිත‍්තො. චක‍්ඛුරොගෙනාපි හි සත‍්තා මරන‍්ති, සොතරොගාදීනං අඤ‍්ඤතරෙනාපි. කාලොපි “ඉමස‍්මිංයෙව කාලෙ මරිතබ‍්බං, නාඤ‍්ඤස‍්මි”න‍්ති එවං වවත්‍ථානාභාවතො අනිමිත‍්තො. පුබ‍්බණ‍්හෙපි හි සත‍්තා මරන‍්ති, මජ‍්ඣන‍්හිකාදීනං අඤ‍්ඤතරස‍්මිම‍්පි. දෙහනික‍්ඛෙපනම‍්පි “ඉධෙව මීයමානානං දෙහෙන පතිතබ‍්බං, නාඤ‍්ඤත්‍රා”ති එවං වවත්‍ථානාභාවතො අනිමිත‍්තං. අන‍්තොගාමෙ ජාතානං හි බහිගාමෙපි අත‍්තභාවො පතති. බහිගාමෙ ජාතානම‍්පි අන‍්තොගාමෙ. තථා ථලජානං වා ජලෙ, ජලජානං වා ථලෙති අනෙකප‍්පකාරතො විත්‍ථාරෙතබ‍්බං.

එහි, ජීවිතය: මෙතෙක් කල්ම ජීවත්විය යුතුය, මෙයින් මතු ජීවත්විය නොහැකිය’යි මෙසේ නියමයක් කළ නොහැකි හෙයින් අනිමිත්ත නම් වේ, සත්ත්‍වයෝ කලල අවස්ථාවෙහිද නැසෙති, අබ්බුද-ඝන-පේසී අවස්ථාවලදී ද, එක් මස්, දෙමස් තෙමස්, සිවුමස්, පස්මස්, දසමස් කාලයෙහිදී ද, මව්කුසින් බිහිවූ කල්හිද, එතැන් පටන් සියක් වසක් ඇතුළතදී හෝ ඉකුත්වූ කල්හිද නැසෙත්මය. ව්‍යාධියද, සත්ත්‍වයෝ මෙනම් ව්‍යාධියෙන්ම නැසෙති, අනෙකෙකින් නොනැසෙති’යි මෙසේ නියමයක් කළ නොහැකි හෙයින්ද අනිමිත්ත නම් වේ, සත්ත්‍වයෝ ඇස් රෝගයෙන්ද කර්ණ රෝගාදිය අතුරෙන් කිසියම් රෝගයෙකින්ද නසිති. කාලයද: මෙනම් කාලයෙහිම නැසිය යුතුය. අන් කාලයෙක නොනැසිය යුතුය’යි නියමයක් කළ නොහැකි හෙයින් අනිමිත්ත නම් වේ, සත්ත්‍වයෝ පෙරවරුවෙහිද, මද්දහන ආදී අන් කිසියම් කාලයෙක්හිද නසිති. දේහනික්‍ෂේපනයද, මැරෙනවුන්ගේ දේහයන් මෙහිම බැහැවිය යුතුය, අන් තැනෙක නොබැහැවිය යුතුයයි නියමයක් කළ නොහැකි හෙයින්ද අනිමිත්ත නම් වේ. ගම තුළ උපන්නවුන්ගේ ආත්මභාවය ගමෙන් පිටතද, ගමෙන් පිටත උපන්නවුන්ගේ ආත්මභාවය ගම ඇතුළතද වැටෙයි. එසේම ගොඩ උපන්නවුන්ගේ දේහය ජලයෙහිද, ජලයෙහි උපන්නවුන්ගේ දේහය ගොඩද වැටෙතැ’යි මෙසේ නොයෙක් ලෙසින් විස්තර කළ හැකිය.

ගතිපි “ඉතො චුතෙන ඉධ නිබ‍්බත‍්තිතබ‍්බ”න‍්ති එවං වවත්‍ථානාභාවතො අනිමිත‍්තා. දෙවලොකතො හි චුතා මනුස‍්සෙසුපි නිබ‍්බත‍්තන‍්ති, මනුස‍්සලොකතො චුතා දෙවලොකාදීනම‍්පි යත්‍ථ කත්‍ථචි නිබ‍්බත‍්තන‍්තීති එවං යන‍්තයුත‍්තගොණො විය ගතිපඤ‍්චකෙ ලොකො සම‍්පරිවත‍්තතීති එවං අනිමිත‍්තතො මරණං අනුස‍්සරිතබ‍්බං.

ගතියද: මෙතැනින් චුතවී මෙතැන ඉපැදිය යුතුයයි නියමයක් නොකළහැකි හෙයින්ද අනිමිත්ත නම් වේ. දෙව්ලොවින් ඉකුත්වූවාහු මිනිස් ලොවද, මිනිස්ලොවින් ඉකුත් වූවාහු දෙව්ලොව ආදී කිසියම් තැනෙකද උපදිති’යි මෙසේ යන්ත්‍රයෙක යොදන ලද ගොනකු සෙයින් (නරකාදී) ගති පසක් ඇති ලෝකයෙහි කැරකෙති’යි මෙසේ අනිමිත්ත වශයෙන් මරණය ගැන සිහිකළ යුතුය.

අද‍්ධානපරිච‍්ඡෙදතොති මනුස‍්සානං ජීවිතස‍්ස නාම එතරහි පරිත‍්තො අද‍්ධා. යො චිරං ජීවති, සො වස‍්සසතං, අප‍්පං වා භිය්‍යො. තෙනාහ භගවා – “අප‍්පමිදං, භික‍්ඛවෙ, මනුස‍්සානං ආයු, ගමනීයො සම‍්පරායො, කත‍්තබ‍්බං කුසලං, චරිතබ‍්බං බ්‍රහ‍්මචරියං, නත්‍ථි ජාතස‍්ස අමරණං. යො, භික‍්ඛවෙ, චිරං ජීවති, සො වස‍්සසතං, අප‍්පං වා භිය්‍යොති.

අද්ධානපරිච්ඡෙදතො යනු, මනුෂ්‍යයන්ගේ ජීවිතයට වර්තමානයෙහි කාලපරිච්ඡේදය සීමිතය. යමකු දීර්ඝ කාලයක් ජීවත් වෙතොත් හෝ සියක් වසක් හෝ මඳක් අඩුවෙන් හෝ වැඩියෙන් ජීවත් වෙයි. එහෙයින් වදාළහ: “මහණෙනි, මනුෂ්‍යයන්ගේ ආයුෂ අල්ප වේ, පරලෝ ගමන යායුතු වේ. එහෙයින් කුසල් රැස්කළ යුතුය. බඹසර රැකිය යුතුය, උපන්නහුට නොමැරීමෙක් නැත, මහණෙනි, යමෙක් බොහෝ කල් ජීවත් වන්නේ නම් හේ සියක් වසක් හෝ මඳක් අඩු හෝ වැඩි කලක් ජීවත් වේ.”

අප‍්පමායුමනුස‍්සානං, හීළෙය්‍ය නං සුපොරිසො; චරෙය්‍යාදිත‍්තසීසොව, නත්‍ථි මච‍්චුස‍්ස නාගමොති. (සං· නි· 1.145);

අප්පමායු මනුස්සානං හීලෙය්‍ය නං සුපොරිසො චරෙය්‍යාදිත්තසීසොව නත්‍ථි මච්චුස්ස නාගමො’

මනුෂ්‍යයාගේ ආයුෂය මඳ වේ, සත්පුරුෂ තෙමේ ඒ ආයුෂය නොතකන්නේය. හිස ගිනිගත්තකු මෙන් හැසිරෙන්නේය, මරණයට නොපැමිණ සිටීමෙක් නැත.

අපරම‍්පි ආහ – “භූතපුබ‍්බං, භික‍්ඛවෙ, අරකො නාම සත්‍ථා අහොසී”ති සබ‍්බම‍්පි සත‍්තහි උපමාහි අලඞ‍්කතං සුත‍්තං විත්‍ථාරෙතබ‍්බං.

“මහණෙනි, යටගිය දවස අරක නම් ශාස්තෘවරයෙක් වීය”යි අනෙකුදු සූත්‍රයක් වදාළහ. උපමා සතෙකින් අලංකෘත වූ සියලු අරක සූත්‍රය මෙහිලා විස්තර කටයුතුය.

අපරම‍්පි ආහ – “යොචායං, භික‍්ඛවෙ, භික‍්ඛු එවං මරණස‍්සතිං භාවෙති, අහො වතාහං රත‍්තින්‍දිවං ජීවෙය්‍යං, භගවතො සාසනං මනසිකරෙය්‍යං, බහුං වත මෙ කතං අස‍්සාති. යොචායං, භික‍්ඛවෙ, භික‍්ඛු එවං මරණස‍්සතිං භාවෙති , අහො වතාහං දිවසං ජීවෙය්‍යං, භගවතො සාසනං මනසිකරෙය්‍යං, බහුං වත මෙ කතං අස‍්සාති. යො චායං, භික‍්ඛවෙ, භික‍්ඛු එවං මරණස‍්සතිං භාවෙති, අහො වතාහං තදන‍්තරං ජීවෙය්‍යං, යදන‍්තරං එකං පිණ‍්ඩපාතං භුඤ‍්ජාමි, භගවතො සාසනං මනසිකරෙය්‍යං, බහුං වත මෙ කතං අස‍්සාති. යො චායං, භික‍්ඛවෙ, භික‍්ඛු එවං මරණස‍්සතිං භාවෙති, අහො වතාහං තදන‍්තරං ජීවෙය්‍යං, යදන‍්තරං චත‍්තාරො පඤ‍්ච ආලොපෙ සඞ‍්ඛාදිත්‍වා අජ‍්ඣොහරාමි, භගවතො සාසනං මනසිකරෙය්‍යං, බහුං වත මෙ කතං අස‍්සාති. ඉමෙ වුච‍්චන‍්ති, භික‍්ඛවෙ, භික‍්ඛූ පමත‍්තා විහරන‍්ති, දන්‍ධං මරණස‍්සතිං භාවෙන‍්ති ආසවානං ඛයාය. යො ච ඛ‍්වායං, භික‍්ඛවෙ, භික‍්ඛු එවං මරණස‍්සතිං භාවෙති, අහො වතාහං තදන‍්තරං ජීවෙය්‍යං, යදන‍්තරං එකං ආලොපං සඞ‍්ඛාදිත්‍වා අජ‍්ඣොහරාමි, භගවතො සාසනං මනසිකරෙය්‍යං, බහුං වත මෙ කතං අස‍්සාති. යො චායං, භික‍්ඛවෙ, භික‍්ඛු එවං මරණස‍්සතිං භාවෙති, අහො වතාහං තදන‍්තරං ජීවෙය්‍යං, යදන‍්තරං අස‍්සසිත්‍වා වා පස‍්සසාමි, පස‍්සසිත්‍වා වා අස‍්සසාමි, භගවතො සාසනං මනසිකරෙය්‍යං, බහුං වත මෙ කතං අස‍්සාති. ඉමෙ වුච‍්චන‍්ති, භික‍්ඛවෙ, භික‍්ඛූ අප‍්පමත‍්තා විහරන‍්ති, තික‍්ඛං මරණස‍්සතිං භාවෙන‍්ති ආසවානං ඛයායා”ති (අ· නි· 6.19). එවං චතුපඤ‍්චාලොපසඞ‍්ඛාදනමත‍්තං අවිස‍්සාසියො පරිත‍්තො ජීවිතස‍්ස අද‍්ධාති එවං අද‍්ධානපරිච‍්ඡෙදතො මරණං අනුස‍්සරිතබ‍්බං.

අනෙකුදු සූත්‍රයක් වදාළහ, “මහණෙනි, යම් මේ මහණෙක් තෙමේ ‘මම් තවත් එක් දිවා රාත්‍රියක් ජීවත්වන්නෙමි නම් යෙහෙකි, එම දිවාරාත්‍රිය තුළ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය මෙනෙහි කරන්නට ලැබේ නම් මවිසින් බොහෝ මහණදම් කරන ලද්දේ වන්නේය’යි මෙසේ මරණසතිය වඩනුයේද, තවද මහණෙනි, යම් මේ මහණෙක් තෙමේ, ‘මම් තවත් එක් දහවලක් ජීවත් වන්නෙම් නම් යෙහෙකි, එම දහවල තුළ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය මෙනෙහි කරන්නට ලැබේ නම් මවිසින් බොහෝ මහණදම් කරන ලද්දේ වන්නේය’යි මෙසේ මරණසතිය වඩනුයේද, තවද මහණෙනි, යම් මේ මහණෙක් තෙමේ “මම් තවත් එක් පිණ්ඩපාතයක් වළඳන තෙක් ජීවත් වන්නෙම් නම් යෙහෙකි, එම කාලය තුළ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය මෙනෙහි කරන්නට ලැබේ නම් මවිසින් මහණදම් පුරන ලද්දේ වන්නේය’යි මෙසේ මරණසතිය වඩනුයේද, තවද මහණෙනි, යම් මේ මහණෙක් තෙමේ ‘මම් තවත් අහර පිඬු සතරක් පහක් සපා ගිලින තුරු ජීවත් වන්නෙම් නම් යෙහෙකි, එම කාලය තුළ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය මෙනෙහි කරන්නට ලැබේ නම් මවිසින් බොහෝ මහණදම් කරන ලද්දේ වන්නේය’යි මෙසේ මරණසතිය වඩනුයේද, මහණෙනි, මෙකී මහණහු ප්‍රමාදව වෙසෙති’යි, ආශ්‍රවයන් ක්‍ෂය කරනු පිණිස මරණ සතිය ලිහිල්ව වඩති’යි කියනු ලබති. මහණෙනි, යම් මේ මහණෙක් තෙමේ, ‘මම් තවත් එක් අහර පිඬක් සපා ගිලින තුරු ජීවත් වන්නෙම් නම් යෙහෙකි, එම කාලය තුළ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය සිහි කරන්නෙම් නම් මවිසින් බොහෝ මහණදම් කරන ලද්දේ වන්නේය’යි මෙසේ මරණසතිය වඩනුයේද, තවද මහණෙනි, යම් මේ මහණෙක් තෙමේ, ‘මම් තවත් එක් වරක් ආශ්වාස කොට ප්‍රශ්වාස කරන තෙක්, නැතහොත් ප්‍රශ්වාස කොට ආශ්වාස කරන තෙක් ජීවත් වන්නෙම් නම් මැනවි, එම කාලය තුළ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය මෙනෙහි කරන්නට ලැබේ නම් මවිසින් බොහෝ මහණදම් කරන ලද්දේ වන්නේය’යි මෙසේ මරණසතිය වඩනුයේද, මහණෙනි මෙකී මහණහු අප්‍රමාදව වෙසෙතියි, ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස මරණසතිය දැඩිව වඩති’යි කියනු ලැබෙති. මෙසේ අහර පිඬු හතරක් පහක් වළඳන තෙක් පමණ හෝ විශ්වාස කළ නොහැකි නොහැකි තරම් ජීවිත කාලය කෙටිවේය’යි අද්ධාන පරිච්ඡේද වශයෙන් මරණය සිහිකළ යුතුය.

ඛණපරිත‍්තතොති පරමත්‍ථතො හි අතිපරිත‍්තො සත‍්තානං ජීවිතක‍්ඛණො එකචිත‍්තප‍්පවත‍්තිමත‍්තොයෙව. යථා නාම රථචක‍්කං පවත‍්තමානම‍්පි එකෙනෙව නෙමිප‍්පදෙසෙන පවත‍්තති, තිට‍්ඨමානම‍්පි එකෙනෙව තිට‍්ඨති, එවමෙව එකචිත‍්තක‍්ඛණිකං සත‍්තානං ජීවිතං. තස‍්මිං චිත‍්තෙ නිරුද‍්ධමත‍්තෙ සත‍්තො නිරුද‍්ධොති වුච‍්චති. යථාහ – “අතීතෙ චිත‍්තක‍්ඛණෙ ජීවිත්‍ථ, න ජීවති, න ජීවිස‍්සති. අනාගතෙ චිත‍්තක‍්ඛණෙ න ජීවිත්‍ථ, න ජීවති, ජීවිස‍්සති. පච‍්චුප‍්පන‍්නෙ චිත‍්තක‍්ඛණෙ න ජීවිත්‍ථ, ජීවති, න ජීවිස‍්සති.

ඛණපරිත්තතො යනු - පරමාර්ත්‍ථ වශයෙන් ගතහොත් සත්ත්‍වයන්ගේ ජීවිතක්‍ෂණය ඉතා කෙටිවේ, එක් චිත්තක්‍ෂණයක් පවත්නා කාලය වේ. යම්සේ වනාහි රථචක්‍රය කැරකෙනවිට නිම්වලල්ලෙහි එක්ම පෙදෙසකින් කැරකෙන්නේද, නිශ්චලව සිටිනවිටද එක්ම නිම් පෙදෙසකින් සිටින්නේද, එසේම සත්ත්‍වයන්ගේ ජීවිතය එක් චිත්තක්‍ෂණමාත්‍රයෙකි. එම චිත්තක්‍ෂණය ඉකුත්වූ පමණින් සත්ත්‍වයා මළේයයි ඉකුත් වූයේය’යි කියනු ලැබේ. යම්සේ කියන ලද්දේ ද:- “චිත්තක්‍ෂණය ඉකුත්වූ විට ජීවත්වූයේ වේ, (දැන්) ජීවත් වන්නේ හෝ (මතු) ජීවත් වන්නේ නොවේ. චිත්තක්‍ෂණය නොඑනතෙක් ජීවත්වූයේ හෝ (දැන්) ජීවත්වන්නේ නොවේ, (මතු) ජීවත්වන්නේ වේ. චිත්තක්‍ෂණය පවත්නාවිට ජීවත්වූයේ නොවේ, (දැන්) ජීවත්වන්නේ වේ, (මතු) ජීවත්වන්නේද නොවේ.

“ජීවිතං අත‍්තභාවො ච, සුඛදුක‍්ඛා ච කෙවලා; එකචිත‍්තසමායුත‍්තා, ලහු සො වත‍්තතෙ ඛණො.

ජීවිතං අත්තභාවො ච සුඛදුක්‍ඛා ච කෙවලා එකචිත්තසමායුත්තා ලහුසො වත්තතෙ ඛණො.

“යෙ නිරුද‍්ධා මරන‍්තස‍්ස, තිට‍්ඨමානස‍්ස වා ඉධ; සබ‍්බෙපි සදිසා ඛන්‍ධා, ගතා අප‍්පටිසන්‍ධිකා.

යෙ නිරුද්ධා මරන්තතස්ස තිට්ඨමානස්ස වා ඉධ සබ්බෙපි සදිසා ඛන්‍ධා ගතා අප්පටිසන්‍ධියා.

“අනිබ‍්බත‍්තෙන න ජාතො, පච‍්චුප‍්පන‍්නෙන ජීවති; චිත‍්තභඞ‍්ගා මතො ලොකො, පඤ‍්ඤත‍්ති පරමත්‍ථියා”ති. (මහානි· 39);

අනිබ්බත්තෙන න ජාතො-පච්චුප්පන්නෙන ජීවති. චිත්තභඞ්ගා මතො ලොකො-පඤ්ඤත්ති පරමත්‍ථියා

ජීවිතේන්‍ද්‍රියයද, ආත්මභාවයද, සියලු සුඛදුඃඛ වෙදනාද එකක් එකක් එක් එක් චිත්තක්‍ෂණයෙකින් යුක්ත වේ, එම චිත්තක්‍ෂණයද කෙටි කාලයක් පවත්නේ වේ.

මිය යන්නහුගේ හෝ වේවා, ජීවත්වන්නහුගේ හෝ වේවා, නිරුද්ධ වූ සියලු ස්කන්‍ධයෝ මෙහිලා එක සමාන වෙති, ප්‍රතිසන්‍ධානයක් (ගැලපීමක්) නැතිවම ඉකුත්ව ගියාහු වෙති.

(පරමාර්ත්‍ථ වශයෙන් ගතහොත්) නො-උපන් සිතින් නො උපන්නේ නම් වේ, පවත්නා සිතින් ජීවත් වන්නේ නම් වේ, සිත බිඳී ඉකුත්වී යාමෙන් ලෝකය (සත්ත්‍වයා) මළේ නම් වේ, මේ පරමාර්ත්‍ථ ප්‍රඥප්තියයි.

එවං ඛණපරිත‍්තතො මරණං අනුස‍්සරිතබ‍්බං.

මෙසේ ඛණපරිත්ත වශයෙන් මරණය ගැන මෙනෙහි කළ යුතුය.

ඉති ඉමෙසං අට‍්ඨන‍්නං ආකාරානං අඤ‍්ඤතරඤ‍්ඤතරෙන අනුස‍්සරතොපි පුනප‍්පුනං මනසිකාරවසෙන චිත‍්තං ආසෙවනං ලභති, මරණාරම‍්මණා සති සන‍්තිට‍්ඨති, නීවරණානි වික‍්ඛම‍්භන‍්ති, ඣානඞ‍්ගානි පාතුභවන‍්ති. සභාවධම‍්මත‍්තා පන සංවෙජනීයත‍්තා ච ආරම‍්මණස‍්ස අප‍්පනං අප‍්පත්‍වා උපචාරප‍්පත‍්තමෙව ඣානං හොති. ලොකුත‍්තරජ‍්ඣානං පන දුතියචතුත්‍ථානි ච ආරුප‍්පජ‍්ඣානානි සභාවධම‍්මෙපි භාවනාවිසෙසෙන අප‍්පනං පාපුණන‍්ති. විසුද‍්ධිභාවනානුක‍්කමවසෙන හි ලොකුත‍්තරං අප‍්පනං පාපුණාති. ආරම‍්මණාතික‍්කමභාවනාවසෙන ආරුප‍්පං. අප‍්පනාපත‍්තස‍්සෙව හි ඣානස‍්ස ආරම‍්මණසමතික‍්කමනමත‍්තං තත්‍ථ හොති. ඉධ පන තදුභයම‍්පි නත්‍ථි. තස‍්මා උපචාරප‍්පත‍්තමෙව ඣානං හොති. තදෙතං මරණස‍්සතිබලෙන උප‍්පන‍්නත‍්තා මරණස‍්සතිච‍්චෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මෙසේ මේ අට ආකාරයන් අතුරෙන් එක් එක් ආකාරයක් සිහි කරන්නහුට නැවත නැවත මෙනෙහි කිරීම් වශයෙන් සිත ආසේවනය (හෙවත් එකමුතුබව) ලබයි, මරණය අරමුණු කොට ඇති සිහිය මොනවට පිහිටයි, නීවරණයෝ යටපත් වෙති, ධ්‍යානාංගයෝ පහළ වෙති. ස්වභාවධර්ම හෙයින්ද සංවේග දනවන හෙයින්ද අරමුණ අර්පණාවට නොපැමිණ උපචාරයටම පැමිණි ධ්‍යානය වේ. ලෝකෝත්තර ධ්‍යානයද, දෙවන සිවුවන අරූපධ්‍යාන දෙකද ස්වභාවධර්ම වූයේ නමුදු භාවනා විශේෂයෙන් අර්පණාවට පැමිණේ. ලෝකෝත්තර ධ්‍යානය විශුද්ධි භාවනා පිළිබඳ අනුක්‍රම වශයෙන් අර්පණාවට පැමිණේ. අරූපධ්‍යානය ආරම්මණ අතික්‍රම (අරමුණු ඉක්මවීම්) භාවනා වශයෙන් අර්පණාවට පැමිණේ. එහිදී අර්පණාවට නොපැමිණි ප්‍රථම හෝ තෘතීය ධ්‍යානයෙහිම අරමුණු ඉක්මවීම පමණක් සිදුවේ. මෙහිදී වනාහි ඒ දෙකම සිදුනොවේ. එහෙයින් උපචාරයටම පැමිණි ධ්‍යානය වේ. ඒ මේ ධ්‍යානය ස්මෘති බලයෙන් උපන් හෙයින් මරණසති යනුවෙන්ම ව්‍යවහාරයට යෙයි.

ඉමඤ‍්ච පන මරණස‍්සතිං අනුයුත‍්තො භික‍්ඛු සතතං අප‍්පමත‍්තො හොති, සබ‍්බභවෙසු අනභිරතිසඤ‍්ඤං පටිලභති, ජීවිතනිකන‍්තිං ජහාති, පාපගරහී හොති, අසන‍්නිධිබහුලො පරික‍්ඛාරෙසු විගතමලමච‍්ඡෙරො, අනිච‍්චසඤ‍්ඤා චස‍්ස පරිචයං ගච‍්ඡති, තදනුසාරෙනෙව දුක‍්ඛසඤ‍්ඤා අනත‍්තසඤ‍්ඤා ච උපට‍්ඨාති. යථා අභාවිතමරණා සත‍්තා සහසා වාළමිගයක‍්ඛසප‍්පචොරවධකාභිභූතා විය මරණසමයෙ භයං සන‍්තාසං සම‍්මොහං ආපජ‍්ජන‍්ති, එවං අනාපජ‍්ජිත්‍වා අභයො අසම‍්මූළ‍්හො කාලං කරොති. සචෙ දිට‍්ඨෙව ධම‍්මෙ අමතං නාරාධෙති, කායස‍්ස භෙදා සුගතිපරායනො හොති.

මේ මරණානුස්මෘතියෙහි යෙදුණු භික්‍ෂු තෙමේ නිරතුරුව අප්‍රමාද වූයේ වේ, සියලු භවවිෂයෙහි අනභිරත සංඥාව (නො-ඇලීම පිළිබඳ හැඟීම) ලබයි, ජීවිතාශාව හරියි, පාපයට නිග්‍රහ කරනුයේ, බොහෝ රැස් කිරීම් රහිත වූයේ, පිරිකර විෂයෙහි පහවූ මසුරුමල ඇත්තේ වේ. ඔහුට අනිත්‍ය සංඥාවද පුරුදුබවට යෙයි, ඒ අනුසාරයෙන්ම දුඃඛ සංඥාවද අනාත්ම සංඥාවද වැටහේ. යම්සේ මරණානුස්මෘතිය නොවැඩූ සත්ත්‍වයෝ මරණාසන්න වූ විට ව්‍යාලමෘග, යක්‍ෂ, සර්ප, චෝර, වධක ආදීන් විසින් මඩනා ලද්දවුන් මෙන් දැඩිලෙස තැතිගැනීමට, සිහිමුළාවට පත් වෙත්ද, එසේ (තැතිගැනීමට සිහිමුළාවට) නොපැමිණ, නොබියව, නොමුළාව, කලුරිය කරයි, ඉදින් මේ ජන්මයෙහිම නිවන් අවබෝධ නොකළහොත් මරණින් මතු සුගතියෙහි උපත ලබයි.

තස‍්මා හවෙ අප‍්පමාදං, කයිරාථ සුමෙධසො; එවං මහානුභාවාය, මරණස‍්සතියා සදාති.

තස්මා හවෙ අප්පමාදං කයිරාථ සුමෙධසො එවං මහානුභාවාය මරණානුස්සතිය සදා.

එහෙයින් යහපත් ප්‍රඥා ඇත්තේ මෙවන් මහ අනුසස් ඇති මරණානුස්සති භාවනාවෙහි සැම කල්හි අප්‍රමාද බව ඒකාන්තයෙන් ඇති කරගන්නේය.

ඉදං මරණස‍්සතියං විත්‍ථාරකථාමුඛං.

මේ මරණානුස්සති භාවනාවෙහි විස්තර කථායි.