පකිණ්ණකකථා
පකිණ්ණකකථා
පකිණ්ණකකථා
යං පන එතාසං විත්ථාරදෙසනායං “උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති තථාගතං ආරබ්භා”තිආදීනි වත්වා “උජුගතචිත්තො ඛො පන, මහානාම, අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං, පමුදිතස්ස පීති ජායතී”ති (අ· නි· 6.10) වුත්තං, තත්ථ ඉතිපි සො භගවාතිආදීනං අත්ථං නිස්සාය උප්පන්නං තුට්ඨිං සන්ධාය ලභති අත්ථවෙදන්ති වුත්තං. පාළිං නිස්සාය උප්පන්නං තුට්ඨිං සන්ධාය ලභති ධම්මවෙදං. උභයවසෙන ලභති ධම්මූපසංහිතං පාමොජ්ජන්ති වුත්තන්ති වෙදිතබ්බං.
මෙම ජඅනුස්සති භාවනාව පිළිබඳ විස්තර ඇතුළත් (මහානාම සූත්‍ර) දේශනාවෙහි, “ඒ යෝගාවචරයාගේ සිත එසමයෙහි තථාගතයන් අරබයා සෘජු බවට ගියේම වෙයි,” යන ආදිය කියා, “මහානාමය, සෘජුහාවයට ගිය සිත් ඇති ආර්යශ්‍රාවක තෙමේ අර්ත්ථය නිසා උපන් තුෂ්ටියද ලබයි, ධර්මය නිසා උපන් තුෂ්ටියද ලබයි, ධර්මය හා සමග යෙදුණු ප්‍රමෝදයද ලබයි, ප්‍රමුදිත වූ ඔහුට ප්‍රීතිය උපදී’ යනුවෙන් කියනලදී. එහි ‘ඉතිපි සො භගවා’ යන ආදියෙහි අර්ත්ථය නිසා උපන් තුෂ්ටිය සඳහා ලභති අත්ථවෙදං යයිද, එහි පෙළ නිසා උපන් තුෂ්ටිය සඳහා ලභති ධම්මවෙදං යයිද, එම අර්ත්ථ, ධර්ම යන දෙකෙහිම ස්වභාව වශයෙන් ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං යයිද කියනලදැයි දතයුතුය.
යඤ්ච දෙවතානුස්සතියං දෙවතා ආරබ්භාති වුත්තං, තං පුබ්බභාගෙ දෙවතා ආරබ්භ පවත්තචිත්තවසෙන දෙවතාගුණසදිසෙ වා දෙවතාභාවනිප්ඵාදකෙ ගුණෙ ආරබ්භ පවත්තචිත්තවසෙන වුත්තන්ති වෙදිතබ්බං.
දේවතානුස්සතියෙහි දෙවතා ආරබ්හ යනුවෙන් යමක් කියන ලද්දේ ද, එය පළමුකොට දෙවියන් අරබයා පවත්වනලද සිත් වශයෙන් හෝ දේවතා ගුණයන් හා සමානවූ තමාගේ ගුණයන් අරබයා, නොහොත්, දේවතාභාවය දනවනසුලු තමාගේ ගුණයන් අරබයා පවත්වනලද සිත් වශයෙන් හෝ කියන ලදැයි දතයුතුය.
ඉමා පන ඡ අනුස්සතියො අරියසාවකානඤ්ඤෙව ඉජ්ඣන්ති. තෙසං හි බුද්ධධම්මසඞ්ඝගුණා පාකටා හොන්ති. තෙ ච අඛණ්ඩතාදිගුණෙහි සීලෙහි, විගතමලමච්ඡෙරෙන චාගෙන, මහානුභාවානං දෙවතානං ගුණසදිසෙහි සද්ධාදිගුණෙහි සමන්නාගතා. මහානාමසුත්තෙ (අ· නි· 6.10) ච සොතාපන්නස්ස නිස්සයවිහාරං පුට්ඨෙන භගවතා සොතාපන්නස්ස නිස්සයවිහාරදස්සනත්ථමෙව එතා විත්ථාරතො කථිතා.
මෙම අනුස්සති භාවනා සය ආර්ය ශ්රාවකයන්හටම සමෘද්ධ වේ. ඔවුන්හට හට වනාහි බුදුගුණ, දහම්ගුණ, සඟගුණ ප්‍රකට වේ, එම ආර්ය ශ්‍රාවකයෝද අඛණ්ඩතාදී ගුණ ඇති ශීලයෙන්ද, මසුරුමල පහවූ ත්‍යාගයෙන්ද, මහානුභාවසම්පන්න දෙවියන්ගේ ගුණයන් හා සමානවූ ශ්‍රද්ධාදී ගුණයෙන් සමන්විත වූවාහුය. මහානම සූත්‍රයෙහිද, සෝවාන් වූවහුට නිස්සයවිහාර (කමටහන් විහරණ) යන් විචාළ කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් සෝවාන් වූවහුට කමටහන් විහරණ දක්වනු පිණිසම මේ අනුස්සති භාවනා සය විස්තර වශයෙන් දේශනා කරන ලද්දේය.’
ගෙධසුත්තෙපි “ඉධ, භික්ඛවෙ, අරියසාවකො තථාගතං අනුස්සරති, ඉතිපි සො භගවා…පෙ… උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගෙධම්හා. ගෙධොති ඛො, භික්ඛවෙ, පඤ්චන්නෙතං කාමගුණානමධිවචනං. ඉදම්පි ඛො, භික්ඛවෙ, ආරම්මණං කරිත්වා එවමිධෙකච්චෙ සත්තා විසුජ්ඣන්තී”ති (අ· නි· 6.25) එවං අරියසාවකස්ස අනුස්සතිවසෙන චිත්තං විසොධෙත්වා උත්තරි පරමත්ථවිසුද්ධිඅධිගමත්ථාය කථිතා.
ගේධ සූත්‍රයෙහිද, “මහණෙනි, මේ ශාසනයෙහි ආර්යශ්‍රාවක තෙමේ, ‘ඉතිපි සො භගවා’ යන ආදී වශයෙන් තථාගතයන් සිහි කරයි-පෙ-ඔහුගේ සිත එසමයෙහි සෘජුභාවයට ගියේම වේ. ගෙධ (පංචකාම ගුණ) යෙන් වෙන්වූයේ, මිදීගියේ, නැගී සිටියේ වේ. මහණෙනි, ගෙධ යන මෙය පංචකාමගුණයට අධිවචනයෙකි. මහණෙනි, මේ බුද්ධානුස්සතිය අරමුණු කොටගෙන මෙසේ මේ ශාසනයෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් විශුද්ධියට පැමිණෙති”යි මෙසේ ආර්යශ්රාවකයා විසින් අනුස්සති භාවනා වශයෙන් සිත පිරිසිදුකොට උත්තර වූ පරමාර්‍ත්‍ථ විශුද්ධිය අවබෝධ කිරීම දක්වනු පිණිස කියන ලද්දේය.
ආයස්මතා මහාකච්චානෙන දෙසිතෙ සම්බාධොකාසසුත්තෙපි “අච්ඡරියං, ආවුසො, අබ්භුතං, ආවුසො, යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්බාධෙ ඔකාසාධිගමො අනුබුද්ධො සත්තානං විසුද්ධියා…පෙ… නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං ඡ අනුස්සතිට්ඨානානි. කතමානි ඡ? ඉධාවුසො, අරියසාවකො තථාගතං අනුස්සරති…පෙ… එවමිධෙකච්චෙ සත්තා විසුද්ධිධම්මා භවන්තී”ති (අ· නි· 6.26) එවං අරියසාවකස්සෙව පරමත්ථවිසුද්ධිධම්මතාය ඔකාසාධිගමවසෙන කථිතා.
ආයුෂ්මත් මහාකච්චායන තෙරුන් විසින් දේශනා කරනලද සම්බාධොකාස සූත්‍රයෙහිද, “ඇවැත්නි, දන්නා, දක්නා, භාග්‍යවත්, අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සම්බාධ (හෙවත් තෘෂ්ණා ක්ලේශාදී ගැහැට) සහිත ගිහිගෙහි සිටියදීම සත්ත්වයන්ගේ විශුද්ධිය පිණිස -පෙ නිර්වාණාවබෝධය පිණිස, යම් මේ අනුස්සති භාවනා සයක් ඔකාසාධිගම වශයෙන් දන්නා ලද්දේ ද, එය ආශ්චර්යෙයකි, අද්භූතයෙකි, කිනම් භාවනා සයෙක්ද? ඇවැත්නි මේ ශාසනයෙහි ආර්යශ්‍රාවක තෙමේ තථාගතයන් අනුස්මරණය කරයි -පෙ-මෙසේ මේ ශාසනයෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් විශුද්ධිස්වභාව ඇත්තෝ වන්නාහුය.” මෙසේ ආර්යශ්රාවකයාගේම පරමාර්‍ත්‍ථ විශුද්ධි ස්වභාවය පිණිස ඔකාස අධිගම වශයෙන් කියන ලද්දාහුය.
උපොසථසුත්තෙපි “කථඤ්ච, විසාඛෙ, අරියූපොසථො හොති? උපක්කිලිට්ඨස්ස, විසාඛෙ, චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති. කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති? ඉධ, විසාඛෙ, අරියසාවකො තථාගතං අනුස්සරතී”ති (අ· නි· 3.71) එවං අරියසාවකස්සෙව උපොසථං උපවසතො චිත්තවිසොධනකම්මට්ඨානවසෙන උපොසථස්ස මහප්ඵලභාවදස්සනත්ථං කථිතා.
උපොසථ සූත්‍රයෙහිද, ‘විශාඛාවෙනි, ආර්ය වූ උපොසථය කෙසේ සිදුවන්නේද? විශාඛාවෙනි, කිලුටුබවට ගිය සිත උපක්‍රම මඟින් පිරිසුදු වන්නේය, විශාඛාවෙනි. කෙසේ නම් කිලුටුබවට ගිය සිත උපක්‍රම මඟින් පිරිසුදු වන්නේද? විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්යශ්‍රාවක තෙමේ තථාගතයන් අනුස්මරණය කරන්නේය’යි මෙසේ පෙහෙවස් වසන ආර්යශ්රාවකයාගේම සිත පිරිසුදු කරන කමටහනක් වශයෙන් පෙහෙවස් විසීමෙහි මහත්ඵලභාවය දක්වනු පිණිස කියනලදී.
එකාදසනිපාතෙපි “සද්ධො ඛො, මහානාම, ආරාධකො හොති, නො අස්සද්ධො. ආරද්ධවීරියො, උපට්ඨිතසති, සමාහිතො, පඤ්ඤවා, මහානාම , ආරාධකො හොති, නො දුප්පඤ්ඤො. ඉමෙසු ඛො ත්වං, මහානාම, පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය ඡ ධම්මෙ උත්තරි භාවෙය්යාසි. ඉධ ත්වං, මහානාම, තථාගතං අනුස්සරෙය්යාසි ඉතිපි සො භගවා”ති (අ· නි· 11.11) එවං අරියසාවකස්සෙව “තෙසං නො, භන්තෙ, නානාවිහාරෙන විහරතං කෙනස්ස විහාරෙන විහරිතබ්බ”න්ති පුච්ඡතො විහාරදස්සනත්ථං කථිතා.
එකාදස නිපාතයෙහිද, “මහානාමය, ශ්‍රද්ධා ඇත්තේ (තථාගතයන්) සිත් ගන්නේය, ශ්‍රද්ධා නැත්තේ නොඑසේ වන්නේය, අරඹන ලද වීර්ය ඇත්තේ එළඹසිටි සිහි ඇත්තේ-සන්සුන් සිත් ඇත්තේ ප්‍රඥා ඇත්තේ (තථාගතයන්) සිත් ගන්නේය, ප්‍රඥා නැත්තේ නොඑසේ වන්නේය, මහානාමය, මේ ශ්‍රද්ධාදී පංචධර්මයෙහි පිහිටා එයින් මතු (බුද්ධානුස්සති ආදී) ෂඩ්ධර්මයන් වඩන්නෙහිය, මහානාමය මෙහිදී ඉතිපි සො භගවා යන ආදී වශයෙන් තථාගතයන් සිහි කරන්නෙහිය”යි මෙසේ, “ස්වාමීනී, නොයෙක් විහරණයෙන් දවසරින අප විසින් කවර විහරණයෙකින් විසිය යුතු වන්නේදැ?යි විචාරන ආර්යශ්රාවකයකුටම සුදුසු විහරණ දක්වනු පිණිස කියන ලද්දේය.
එවං සන්තෙපි පරිසුද්ධසීලාදිගුණසමන්නාගතෙන පුථුජ්ජනෙනාපි මනසි කාතබ්බා. අනුස්සවවසෙනාපි හි බුද්ධාදීනං ගුණෙ අනුස්සරතො චිත්තං පසීදතියෙව. යස්සානුභාවෙන නීවරණානි වික්ඛම්භෙත්වා උළාරපාමොජ්ජො විපස්සනං ආරභිත්වා අරහත්තංයෙව සච්ඡිකරෙය්ය කටඅන්ධකාරවාසී ඵුස්සදෙවත්ථෙරො විය.
එසේ වුවද, පිරිසුදු ශීලාදී ගුණයෙන් සමන්විත වූ පෘථග්ජන පුද්ගලයකු විසින්ද මෙසේ මෙනෙහි කළ යුතුය. අනුස්සව වශයෙන් වුවද බුද්ධාදීන්ගේ ගුණ මෙනෙහි කරන්නහුගේ සිත පහන් වන්නේමය. එසේ මෙනෙහි කිරීමේ අනුහසින් නීවරණයන් යටපත්කොට උදාරවූ ප්‍රමෝද ඇතිව විදර්ශනා අරඹා රහත්බව සාක්ෂාත් කරන්නේ, කටකන්දරවාසී ඵුස්සදෙව තෙරුන් මෙනි.
සො කිරායස්මා මාරෙන නිම්මිතං බුද්ධරූපං දිස්වා “අයං තාව සරාගදොසමොහො එවං සොභති, කථං නු ඛො භගවා න සොභති, සො හි සබ්බසො වීතරාගදොසමොහො”ති බුද්ධාරම්මණං පීතිං පටිලභිත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණීති.
ඒ ආයුෂ්මතුන් වහන්සේ වනාහි, මාරයා විසින් මවාගත් බුදුවෙස් දැක, රාග, ද්වේෂ, මොහ සහිත මාරයා ගත් බුදුවෙස් මෙතරම් හොබනේ නම්, සියලු අතින්ම රාගද්වේෂ මොහාදියෙන් දුරු වූ භාග්‍යවතුන් වහන්සේ කෙතරම් හොබනාහුදැයි බුදුන් අරමුණු කොටගත් ප්‍රීතිය ලැබ විදර්ශනා වඩා රහත් බවට පැමිණියාහුය.
ඉති සාධුජනපාමොජ්ජත්ථාය කතෙ විසුද්ධිමග්ගෙ සමාධිභාවනාධිකාරෙ ඡඅනුස්සතිනිද්දෙසො නාම සත්තමො පරිච්ඡෙදො.
සාධුජන ප්‍රමොදය පිණිස කරනලද විශුද්ධිමාර්ගයෙහි සමාධිභාවනාධිකාරයෙහි ජ-අනුස්සතිනිද්දේස නම් සත්වන පරිච්ඡේදය මෙලෙසින් නිමියේය.