යෙදුමෙන් කියවන්න

දෙවතානුස‍්සතිකථා

දෙවතානුස‍්සතිකථා

දේවතානුස්සති භාවනාව

දෙවතානුස‍්සතිං භාවෙතුකාමෙන පන අරියමග‍්ගවසෙන සමුදාගතෙහි සද‍්ධාදීහි ගුණෙහි සමන‍්නාගතෙන භවිතබ‍්බං. තතො රහොගතෙන පටිසල‍්ලීනෙන “සන‍්ති දෙවා චාතුමහාරාජිකා, සන‍්ති දෙවා තාවතිංසා, යාමා, තුසිතා, නිම‍්මානරතිනො, පරනිම‍්මිතවසවත‍්තිනො, සන‍්ති දෙවා බ්‍රහ‍්මකායිකා, සන‍්ති දෙවා තතුත‍්තරි, යථාරූපාය සද‍්ධාය සමන‍්නාගතා තා දෙවතා ඉතො චුතා තත්‍ථ උපපන‍්නා, මය‍්හම‍්පි තථාරූපා සද‍්ධා සංවිජ‍්ජති. යථාරූපෙන සීලෙන. යථාරූපෙන සුතෙන. යථාරූපෙන චාගෙන. යථාරූපාය පඤ‍්ඤාය සමන‍්නාගතා තා දෙවතා ඉතො චුතා තත්‍ථ උපපන‍්නා, මය‍්හම‍්පි තථාරූපා පඤ‍්ඤා සංවිජ‍්ජතී”ති (අ· නි· 6.10) එවං දෙවතා සක‍්ඛිට‍්ඨානෙ ඨපෙත්‍වා අත‍්තනො සද‍්ධාදිගුණා අනුස‍්සරිතබ‍්බා.

දේවතානුස්සති භාවනාව වඩනු කැමැත්තහු විසින් ආර්යමාර්ග වශයෙන් පුරුදු කරන ලද ශ්‍රද්ධාදී ගුණයන්ගෙන් සමන්විතයකු විය යුතුය. ඉක්බිති හුදකලාව විවේකීව මෙසේ සිහිකළ යුතුය. ‘චාතුර්මහාරාජික දෙවියෝ වෙති, තාවතිංස දෙවියෝද යාම දෙවියෝද තුසිත දෙවියෝද, නිර්මාණරති දෙවියෝද, පරනිර්මිතවසවර්ති දෙවියෝද වෙති, බ්‍රහ්මකායික දෙවියෝද වෙති. ඔවුනට වඩා උසස් (පරිත්තාභ ආදී), දෙවියෝද වෙති, යම් බඳු වූ ශ්‍රද්ධාවෙකින් සමන්විත වූ ඔවුහු මේ මිනිස් ලොවින් චුතව එහි උපන්නාහු නමි, මටද එබඳුවූම ශ්‍රද්ධාවක් ඇත, යම්බඳුවූ ශීලයකින් යම්බඳුවූ ශ්‍රැතයෙකින් යම්බඳුවූ ත්‍යාගගුණයෙකින්, යම්බඳු වූ ප්‍රඥාවෙකින් සමන්විත වූ ඒ දෙවියෝ මේ මිනිස් ලොවින් චුතව එහි උපන්නාහු නම්, මටද එබඳුවූම-පෙ-ප්‍රඥාවක් ඇත.” මෙසේ දෙවියන් සාක්‍ෂිකොට තමාගේ ශ්‍රද්ධාදී ගුණයන් සිහිපත් කළ යුතුය.

සුත‍්තෙ පන යස‍්මිං මහානාම සමයෙ අරියසාවකො අත‍්තනො ච තාසඤ‍්ච දෙවතානං සද‍්ධඤ‍්ච සීලඤ‍්ච සුතඤ‍්ච චාගඤ‍්ච පඤ‍්ඤඤ‍්ච අනුස‍්සරති, නෙවස‍්ස තස‍්මිං සමයෙ රාගපරියුට‍්ඨිතං චිත‍්තං හොතීති වුත‍්තං. කිඤ‍්චාපි වුත‍්තං, අථ ඛො තං සක‍්ඛිට‍්ඨානෙ ඨපෙතබ‍්බදෙවතානං අත‍්තනො සද‍්ධාදීහි සමානගුණදීපනත්‍ථං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. අට‍්ඨකථායඤ‍්හි දෙවතා සක‍්ඛිට‍්ඨානෙ ඨපෙත්‍වා අත‍්තනො ගුණෙ අනුස‍්සරතීති දළ‍්හං කත්‍වා වුත‍්තං.

(මහානාම) සූත්‍රයෙහි වනාහි, ‘මහානාමය, යම් කලෙක්හි ආර්යශ්‍රාවක තෙමේ තමාගේ හා එම දෙවියන්ගේ ශ්‍රද්ධාවද, ශීලයද, ශ්‍රැතගුණයද පරිත්‍යාගයද, ප්‍රඥාවද සිහිපත් කරන්නේද, එසමයෙහි ඔහුගේ සිත රාගයෙන් මඩනා ලද්දේ නොවේ,” යයි? කියනලදි. කුමක් කියනලද්දේ වීනමුදු, ශාක්‍ෂිස්ථානයෙහි තැබියයුතු දෙවියන්ගේ ශ්‍රද්ධාදී ගුණයන් තමා සතු එම ගුණයන් දීපනය කිරීම පිණිස කියන ලදැයි දතයුතුය. අටුවාවෙහි වනාහි, “දෙවියන් ශාක්‍ෂිස්ථානයෙහි තබා තමාගේ ගුණ මෙනෙහි කරයි” යනුවෙන් ස්ථිරවම කියන ලද්දේය.

තස‍්මා පුබ‍්බභාගෙ දෙවතානං ගුණෙ අනුස‍්සරිත්‍වා අපරභාගෙ අත‍්තනො සංවිජ‍්ජමානෙ සද‍්ධාදිගුණෙ අනුස‍්සරතො චස‍්ස නෙව තස‍්මිං සමයෙ රාගපරියුට‍්ඨිතං චිත‍්තං හොති. න දොස…පෙ… න මොහපරියුට‍්ඨිතං චිත‍්තං හොති, උජුගතමෙවස‍්ස තස‍්මිං සමයෙ චිත‍්තං හොති දෙවතා ආරබ‍්භාති (අ· නි· 6.10) පුරිමනයෙනෙව වික‍්ඛම‍්භිතනීවරණස‍්ස එකක‍්ඛණෙ ඣානඞ‍්ගානි උප‍්පජ‍්ජන‍්ති. සද‍්ධාදිගුණානං පන ගම‍්භීරතාය නානප‍්පකාරගුණානුස‍්සරණාධිමුත‍්තතාය වා අප‍්පනං අප‍්පත්‍වා උපචාරප‍්පත‍්තමෙව ඣානං හොති. තදෙතං දෙවතානං ගුණසදිසසද‍්ධාදිගුණානුස‍්සරණවසෙන දෙවතානුස‍්සතිච‍්චෙව සඞ‍්ඛං ගච‍්ඡති.

එහෙයින් පළමුකොට දෙවියන්ගේ ගුණ සිහිකොට පසුව තමා කෙරෙහි විද්‍යාමාන වූ ශ්‍රද්ධාදී ගුණයන් මෙනෙහි කරන ඔහුගේ සිත එසමයෙහි රාගයෙන් මඩනා ලද්දේ නොවේ, ද්වේෂයෙන්-පෙ මෝහයෙන් මඩනා ලද්දේ නොවේ, එසමයෙහි ඔහුගේ සිත දෙවියන් අරබයා සෘජුබවට පැමිණියේම වේ. පෙරකී නයින්ම නීවරණයන් යටපත්ව ගිය කල්හි එක් වරම ධ්‍යානාංගයෝ උපදනාහුය. ශ්‍රද්ධාදී ගුණයන්ගේ ගැඹුරුබවින් නැතහොත් නොයෙක් ආකාර ගුණයන් සිහි කිරීමෙහි යෙදුණු බැවින් අර්පණාවට නොපැමිණි උපවාරයටම පැමිණි ධ්‍යානය වේ. දේවතාවන්ගේ ගුණයන් හා සමානවූ තමාගේ ශ්‍රද්ධාදී ගුණයන් සිහි කිරීම් වශයෙන් මේ භාවනාව දෙවතානුස්සති යනුවෙන්ම ව්‍යවහාරයට යෙයි.

ඉමඤ‍්ච පන දෙවතානුස‍්සතිං අනුයුත‍්තො භික‍්ඛු දෙවතානං පියො හොති මනාපො, භිය්‍යොසො මත‍්තාය සද‍්ධාදිවෙපුල‍්ලං අධිගච‍්ඡති, පීතිපාමොජ‍්ජබහුලො විහරති. උත‍්තරි අප‍්පටිවිජ‍්ඣන‍්තො පන සුගතිපරායනො හොති.

මෙම දෙවතානුස්සති භාවනාව වැඩීමෙහි නිරත භික්‍ෂු තෙමේ දෙවියනට ප්‍රිය මනාප වේ, බොහෝ සෙයින් ශ්‍රද්ධාදියෙන් විපුලත්වයට පැමිණේ, ප්‍රීති ප්‍රමෝද බහුලව විවරණය කෙරේ. උසස් මාර්ග ඵලාදියක් නොලබනුයේ නම් සුගතිය කරා යන්නේ වේ.

තස‍්මා හවෙ අප‍්පමාදං, කයිරාථ සුමෙධසො; එවං මහානුභාවාය, දෙවතානුස‍්සතියා සදාති.

තස්මා හවෙ අප්පමාදං කයිරාථ සුමෙධසො එවං මහානුභාවාය දෙවානුස්සතිය සදා.

එහෙයින් නුවණැත්තේ සැම කල්හිම මෙවන් මහ අනුසස් ඇති දේවතානුස්සති භාවනාව කෙරෙහි ඒකාන්තයෙන් අප්‍රමාද බව වඩන්නේය.

ඉදං දෙවතානුස‍්සතියං විත්‍ථාරකථාමුඛං.

මේ දේවතානුස්සතියෙහි විස්තර කථායි.