චාගානුස්සතිකථා
චාගානුස්සතිකථා
චාගානුස්සති භාවනාව
චාගානුස්සතිං භාවෙතුකාමෙන පන පකතියා චාගාධිමුත්තෙන නිච්චප්පවත්තදානසංවිභාගෙන භවිතබ්බං. අථ වා පන භාවනං ආරභන්තෙන ඉතො දානි පභුති සති පටිග්ගාහකෙ අන්තමසො එකාලොපමත්තම්පි දානං අදත්වා න භුඤ්ජිස්සාමීති සමාදානං කත්වා තංදිවසං ගුණවිසිට්ඨෙසු පටිග්ගාහකෙසු යථාසත්ති යථාබලං දානං දත්වා තත්ථ නිමිත්තං ගණ්හිත්වා රහොගතෙන පටිසල්ලීනෙන “ලාභා වත මෙ සුලද්ධං වත මෙ, යොහං මච්ඡෙරමලපරියුට්ඨිතාය පජාය විගතමලමච්ඡෙරෙන චෙතසා විහරාමි මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො”ති එවං විගතමලමච්ඡෙරතාදිගුණවසෙන අත්තනො චාගො අනුස්සරිතබ්බො.
චාගානුස්සති භාවනාව වඩනු කැමැත්තහු විසින් වනාහි ප්‍රකෘතියෙන්ම පරිත්‍යාග ශීලයකු වියයුතුය, නිරතුරුව පවත්වනු ලබන දානයෙන්ද, බෙදාගෙන පරිභෝග කිරීමෙන්ද යුක්ත වූවකු වියයුතුය. නොහොත් භාවනාව අරඹන්නහු විසින්, “අද පටන් මෙතැන් සිට ප්‍රතිග්‍රාහකයකු ලැබෙතොත් යටත් පිරිසෙයින් අහර පිඬක් තරම් වූ හෝ දානයක් නොදී නොවළදන්නෙමි’යි සමාදන්වී, එදවස්හි ගුණයෙන් විශිෂ්ට වූ ප්‍රතිග්‍රාහකයන් වෙත ශක්ති ප්‍රමාණයෙන්, හැකි පමණින් දන් දී, එහි නිමිති ගෙන හුදෙකලාව විවේකීව, ‘ඒකාන්තයෙන් මට වූයේ ලාභයෙකි, මවිසින් මනාකොට ලබන ලද්දෙකි, මසුරු මලයෙන් මඩනාලද සත්ත්වයා අතර මම මසුරු මලයෙන් තොර සිත් ඇතිව, නිරපේක්ෂ පරිත්‍යාගයෙහි යෙදුනෙම් (දන්දෙනු පිණිස) නිතර දිගුකරනලද අත් ඇතිව ත්‍යාගයෙහි නියැලියකුව, යදිනු ලැබීමට සුදුස්සකුව, දානයෙහිද බෙදාගෙන පරිභෝග කිරීමෙහිද ඇලුණකුව වාසය කරමි’යි මෙසේ මසුරුමල දුරුකිරීම් ආදී ගුණ වශයෙන් තමාගේ ත්‍යාගගුණය ගැන මෙනෙහි කළයුතුය.
තත්ථ ලාභා වත මෙති මය්හං වත ලාභා, යෙ ඉමෙ “ආයුං ඛො පන දත්වා ආයුස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්ස වා” ඉති (අ· නි· 5.37) ච, “දදං පියො හොති භජන්ති නං බහූ” ඉති (අ· නි· 5.34) ච, “දදමානො පියො හොති, සතං ධම්මං අනුක්කමං” ඉති (අ· නි· 5.35) ච එවමාදීහි නයෙහි භගවතා දායකස්ස ලාභා සංවණ්ණිතා, තෙ මය්හං අවස්සං භාගිනොති අධිප්පායො. සුලද්ධං වත මෙති යං මයා ඉදං සාසනං මනුස්සත්තං වා ලද්ධං, තං සුලද්ධං වත මෙ. කස්මා ? යොහං මච්ඡෙරමලපරියුට්ඨිතාය පජාය…පෙ… දානසංවිභාගරතොති.
එහි, ලාභා වත මෙ යනු ඒකාන්තයෙන් මට ලාභයෙකි. මට යහපතැයි “ආයුෂ දී දිව්‍යවූ හෝ මානුෂ වූ හෝ ආයුෂයට හිමිවෙයි” යනුවෙන්ද, “දෙන තැනැත්තේ (ජනයාට) ප්‍රිය වන්නේය” යනුවෙන්ද, “බොහෝ දෙනා ඔහු ඇසුරු කෙරෙති” යනුවෙන්ද, “දෙන තැනැත්තේ ප්‍රිය පුද්ගලයෙක් වන්නේය” යනුවෙන්ද, “සත්පුරුෂ ධර්මයට ක්‍රමයෙන් පැමිණීමෙකි” යනුවෙන්ද මේ ආදී නයින් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙන්නහුට වන ලාභයෝ වර්ණනා කරන ලද්දාහුය, ඒ ලාභයෝ මට අවශ්‍යයෙන්ම සිදු වන්නාහුය යනු අභිප්‍රායයි. සුලද්ධං වත මෙ යනු, මවිසින් යම් ශාසනයක් නොහොත් මිනිසත් බවක් ලබන ලද්දේ ද, එය මනා ලෙසින්ම ලබන ලද්දේය, කවර හෙයින්දයත්, මසුරු මලයෙන් මඩනා ලද ජනයා අතර - පෙ -දානයෙහි හා බෙදාගෙන වැළදීමෙහි ඇලුණේ වෙමි.
තත්ථ මච්ඡෙරමලපරියුට්ඨිතායාති මච්ඡෙරමලෙන අභිභූතාය. පජායාති පජායනවසෙන සත්තා වුච්චන්ති. තස්මා අත්තනො සම්පත්තීනං පරසාධාරණභාවමසහනලක්ඛණෙන චිත්තස්ස පභස්සරභාවදූසකානං කණ්හධම්මානං අඤ්ඤතරෙන මච්ඡෙරමලෙන අභිභූතෙසු සත්තෙසූති අයමෙත්ථ අත්ථො. විගතමලමච්ඡෙරෙනාති අඤ්ඤෙසම්පි රාගදොසාදිමලානඤ්චෙව මච්ඡෙරස්ස ච විගතත්තා විගතමලමච්ඡෙරෙන. චෙතසා විහරාමීති යථාවුත්තප්පකාරචිත්තො හුත්වා වසාමීති අත්ථො. සුත්තෙසු පන මහානාමසක්කස්ස සොතාපන්නස්ස සතො නිස්සයවිහාරං පුච්ඡතො නිස්සයවිහාරවසෙන දෙසිතත්තා අගාරං අජ්ඣාවසාමීති වුත්තං. තත්ථ අභිභවිත්වා වසාමීති අත්ථො.
එහි මච්ඡෙරමලපරියුට්ඨිතාය යනු, මසුරු මලින් මඩනාලද, පජාය යනු, ඉපැදීම් වශයෙන් සත්ත්වයෝ ‘පජා’ යයි කියනු ලබත්. එහෙයින් තමන්ගේ සම්පත් අනුන්හටද පොදුබව නො-ඉවසීම ලක්‍ෂණකොට ඇති, සිතෙහි පිරිසුදුබව කිලුටු කරන පාපධර්මයන් අතුරෙන් එකක් වන මසුරු මලින් මඩනාලද සත්ත්වයන් අතරැයි යනු මෙහි අර්‍ත්‍ථයි. විගතමලමච්ඡරෙන යනු, රාග ද්වේෂාදී අන්‍ය වූ පාපධර්මයන්ගෙන් හා මසුරු බවින්ද දුරු වූ හෙයිනියි යන අර්‍ත්‍ථයි. විගතමලමච්ඡරෙන චෙතසා විහාරාමි යනු, මෙසේ කියන ලද ප්‍රකාර සිත් ඇතිව වාසය කරමි’යි යන අර්‍ත්‍ථයි. සූත්‍ර දේශනාවන්හි වනාහි, සෝවාන් ඵලයට පත්ව නිස්සයවිහාර (වැඩිය යුතු කමටහන්) විචාළ මහානාම නම් ශාක්‍යයාහට නිස්සයවිහාර වශයෙන් දේශනා කරන ලද හෙයින් එහි අගාරං අජ්ඣාවසාමි’යි (ගිහිගෙහි වාසය කරමි’යි) කියන ලදි. එහි ‘රාගාදී කෙලෙසුන් මැඩ වාසය කරමි’යි යන අර්‍ත්‍ථයි.
මුත්තචාගොති විස්සට්ඨචාගො. පයතපාණීති පරිසුද්ධහත්ථො. සක්කච්චං සහත්ථා දෙය්යධම්මං දාතුං සදා ධොතහත්ථොයෙවාති වුත්තං හොති. වොස්සග්ගරතොති වොස්සජ්ජනං වොස්සග්ගො, පරිච්චාගොති අත්ථො. තස්මිං වොස්සග්ගෙ සතතාභියොගවසෙන රතොති වොස්සග්ගරතො. යාචයොගොති යං යං පරෙ යාචන්ති, තස්ස තස්ස දානතො යාචනයොගොති අත්ථො. යාජයොගොතිපි පාඨො. යජනසඞ්ඛාතෙන යාජෙන යුත්තොති අත්ථො. දානසංවිභාගරතොති දානෙ ච සංවිභාගෙ ච රතො. අහඤ්හි දානඤ්ච දෙමි, අත්තනා පරිභුඤ්ජිතබ්බතොපි ච සංවිභාගං කරොමි, එත්ථෙව චස්මි උභයෙ රතොති එවං අනුස්සරතීති අත්ථො.
මුත්තචාගො යනු අපේක්ෂා රහිත ත්‍යාගී බවයි. පයතපාණී යනු, පිරිසුදු අත් ඇතිව දියයුතු වස්තූන් මනාකොට සියතින් දෙනු පිණිස සැමවිටම දිගුකළ අත් ඇතිව’යි කී නියායි. වොස්සග්ගරතො යනු, වොස්සග්ග නම් දීමයි, පරිත්‍යාගයයි යන අර්‍ත්‍ථයි, එම වොස්සග්ගයෙහි නිරන්තරයෙන් යෙදීම් වශයෙන් නියැලුණහ’යි වොස්සග්ගරත නමි. යාචයොගො යනු, අන්‍යයෝ යම් යම් දෙයක් ඉල්වත්ද, ඒ ඒ දෙය දෙන හෙයින් යදිනු ලැබීමට සුදුසුය යන අර්‍ත්‍ථයි, ‘යාජයෝග’ යන පාඨයද වේ, යජනයයි කියනු ලබන දානයෙන් යුක්ත වූයේයි යනු එහි අර්‍ත්‍ථයි. දානසංවිභාගරතො යනු, දානයෙහිද බෙදාගෙන පරිභෝග කිරීමෙහිද නියැලුණේ “මම වනාහි දන් දෙමි, මවිසින් පරිභෝග කළයුතු දෙයින්ද කොටසක් දෙමි, මේ දෙකෙහිම නියැලුණෙමි”යි මෙසේ මෙනෙහි කෙරෙයි යන අර්‍ත්‍ථයි.
තස්සෙවං විගතමලමච්ඡෙරතාදිගුණවසෙන අත්තනො චාගං අනුස්සරතො නෙව තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති. න දොස…පෙ… න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති චාගං ආරබ්භාති (අ· නි· 5.10) පුරිමනයෙනෙව වික්ඛම්භිතනීවරණස්ස එකක්ඛණෙ ඣානඞ්ගානි උප්පජ්ජන්ති. චාගගුණානං පන ගම්භීරතාය නානප්පකාරචාගගුණානුස්සරණාධිමුත්තතාය වා අප්පනං අප්පත්වා උපචාරප්පත්තමෙව ඣානං හොති. තදෙතං චාගගුණානුස්සරණවසෙන උප්පන්නත්තා චාගානුස්සතිච්චෙව සඞ්ඛං ගච්ඡති.
මේ ආකාරයෙන් විගතමලමච්ඡෙරාදී වශයෙන් තමාගේ ත්‍යාගී ගුණය මෙනෙහි කරන ඔහුගේ සිත එසමයෙහි රාගයෙන් මඩනා ලද්දේ නොවේ, ද්වේෂයෙන්-පෙ-මෝහයෙන් මඩනා ලද්දේ නොවේ, ඔහුගේ සිත එසමයෙහි චාග ගුණය අරබයා සෘජුව පිහිටියේ වේ.’ පෙර කී නයින්ම නීවරණ පහව ගියවිට එක් වරම ධ්‍යානාංගයෝ උපදිත්. ත්‍යාග ගුණයන්ගේ ගැඹුරු බවින් හෝ නොයෙක් ආකාර ඇති ත්‍යාග ගුණයන් සිහි කිරීමෙහි නියුතුවූ හෙයින් හෝ අර්පණාවට නොපැමිණි උපචාරයටම පැමිණි ධ්‍යානය වේ. මෙසේ මේ භාවනාව ත්යාගගුණ සිහිකිරීම් වශයෙන් ‘චාගානුස්සති’යයි ව්‍යවහාරයට යෙයි.
ඉමඤ්ච පන චාගානුස්සතිං අනුයුත්තො භික්ඛු භිය්‍යොසො මත්තාය චාගාධිමුත්තො හොති, අලොභජ්ඣාසයො, මෙත්තාය අනුලොමකාරී, විසාරදො, පීතිපාමොජ්ජබහුලො, උත්තරි අප්පටිවිජ්ඣන්තො පන සුගතිපරායනො හොති.
මේ චාගානුස්සති භාවනාවෙහි යෙදුණු භික්ෂු තෙමේ බොහෝසෙයින් ත්‍යාගයට නැඹුරුවූ හෙයින් අලෝභ අධ්‍යාසය ඇත්තේ, මෛත්‍රියට අනුරූප වූ කාර්ය සහිතවූයේ, විශාරදවුයේ, ප්‍රීති ප්‍රමාද බහුලවූයේ වෙයි. උසස් මාර්ග ඵලාදියක් නොලදහොත් සුගතිය කරා යන්නේය.
තස්මා හවෙ අප්පමාදං, කයිරාථ සුමෙධසො; එවං මහානුභාවාය, චාගානුස්සතියා සදාති.
තස්මා හවෙ අප්පමාදං කයිරාථ සුමෙධසො එවං මහානුභාවාය චාගානුස්සතියා සදා.
එහෙයින් නුවණැත්තේ සැම කල්හිම මෙවන් මහ අනුසස් ඇති චාගානුස්සති භාවනාව කෙරෙහි ඒකාන්තයෙන් අප්‍රමාද බව ඇති කරගන්නේය.
ඉදං චාගානුස්සතියං විත්ථාරකථාමුඛං.
මේ චාගානුස්සතියෙහි විස්තර කථායි.