යෙදුමෙන් කියවන්න

සීලානුස‍්සතිකථා

සීලානුස‍්සතිකථා

සීලානුස්සති භාවනාව

සීලානුස‍්සතිං භාවෙතුකාමෙන පන රහොගතෙන පටිසල‍්ලීනෙන “අහො වත මෙ සීලානි අඛණ‍්ඩානි අච‍්ඡිද‍්දානි අසබලානි අකම‍්මාසානි භුජිස‍්සානි විඤ‍්ඤුප‍්පසත්‍ථානි අපරාමට‍්ඨානි සමාධිසංවත‍්තනිකානී”ති (අ· නි· 6.10) එවං අඛණ‍්ඩතාදිගුණවසෙන අත‍්තනො සීලානි අනුස‍්සරිතබ‍්බානි. තානි ච ගහට‍්ඨෙන ගහට‍්ඨසීලානි, පබ‍්බජිතෙන පබ‍්බජිතසීලානි.

සීලානුස්සති භාවනාව වඩනු කැමැත්තහු විසින් වනාහි හුදෙකලාව විවේක සුවයෙන් යුක්තව, ‘අහෝ මාගේ ශීලය අඛණ්ඩය, සිදුරු රහිතය, කැලැල් රහිතය, පැල්ලම් රහිතය, ස්වාධීනය, නුවණැත්තන් විසින් පසස්නා ලදය, තෘෂ්ණාදී ක්ලේශයන් ගෑවී නැත, සමාධිය පිණිස පවත්නේය’යි මෙසේ අඛණ්ඩතාදී ගුණ වශයෙන් තමාගේ ශීලය සිහිපත් කළ යුතුය. එම ශීලයද, ගෘහස්ථයා විසින් ගෘහස්ථ ශීලයද ප්‍රව්‍රජිතයා විසින් ප්‍රව්‍රජිත ශීලයද සිහිකළ යුතුය.

ගහට‍්ඨසීලානි වා හොන‍්තු පබ‍්බජිතසීලානි වා, යෙසං ආදිම‍්හි වා අන‍්තෙ වා එකම‍්පි න භින‍්නං, තානි පරියන‍්තෙ ඡින‍්නසාටකො විය න ඛණ‍්ඩානීති අඛණ‍්ඩානි. යෙසං වෙමජ‍්ඣෙ එකම‍්පි න භින‍්නං, තානි මජ‍්ඣෙ විනිවිද‍්ධසාටකො විය න ඡිද‍්දානීති අච‍්ඡිද‍්දානි. යෙසං පටිපාටියා ද‍්වෙ වා තීණි වා න භින‍්නානි, තානි පිට‍්ඨියා වා කුච‍්ඡියා වා උට‍්ඨිතෙන දීඝවට‍්ටාදිසණ‍්ඨානෙන විසභාගවණ‍්ණෙන කාළරත‍්තාදීනං අඤ‍්ඤතරසරීරවණ‍්ණා ගාවී විය න සබලානීති අසබලානි. යානි අන‍්තරන‍්තරා න භින‍්නානි, තානි විසභාගබින්‍දුවිචිත්‍රා ගාවී විය න කම‍්මාසානීති අකම‍්මාසානි. අවිසෙසෙන වා සබ‍්බානිපි සත‍්තවිධෙන මෙථුනසංයොගෙන කොධුපනාහාදීහි ච පාපධම‍්මෙහි අනුපහතත‍්තා අඛණ‍්ඩානි අච‍්ඡිද‍්දානි අසබලානි අකම‍්මාසානි. තානියෙව තණ‍්හාදාසබ්‍යතො මොචෙත්‍වා භුජිස‍්සභාවකරණෙන භුජිස‍්සානි. බුද‍්ධාදීහි විඤ‍්ඤූහි පසත්‍ථත‍්තා විඤ‍්ඤුප‍්පසත්‍ථානි. තණ‍්හාදිට‍්ඨීහි අපරාමට‍්ඨතාය කෙනචි වා අයං තෙ සීලෙසු දොසොති එවං පරාමට‍්ඨුං අසක‍්කුණෙය්‍යතාය අපරාමට‍්ඨානි. උපචාරසමාධිං අප‍්පනාසමාධිං වා, අථ වා පන මග‍්ගසමාධිං ඵලසමාධිඤ‍්චාපි සංවත‍්තෙන‍්තීති සමාධිසංවත‍්තනිකානි.

ගෘහස්ථ ශීලය වේවා, ප්‍රව්‍රජිත ශීලය හෝ වේවා, මුල හෝ අග එක් ශික්‍ෂාපදයකුදු නොකැඩුණේ නම්, එය කෙළවරින් ඉරීගිය සළුවක් මෙන් කඩ නොවූයේයි අඛණ්ඩ නම් වේ, මැද එක් සික පදයකුදු නොබිඳුණේ නම් එම සීලය මැදින් ඉරී ගිය සළුවක් මෙන් සිදුරු නොවූයේ’යි අච්ඡිද්ද නම් වේ, පිළිවෙළින් සිකපද දෙකක් හෝ තුනක් නොකැඩුණේ නම් එම ශීලය පිටෙහි හෝ කුසෙහි නැඟුණු දිග, වටකුරු ආදී හැඩ ඇති විෂම වර්ණයෙන් යුත්, කළු, රතු ආදී එක්තරා ශරීර වර්ණයක් ඇති ගවදෙනකගේ මෙන් ශබල නොවූයේය’යි අශබල නම් වේ, යම් ශීලයක් අතරින් පතර කඩවී නැත්නම් එම ශීලය විෂම වර්ණ ඇති පුල්ලි සහිත දෙනක මෙන් කල්මාෂ නොවූයේ අකම්මාස නම් වේ. අවිශේෂයෙන් සියලු ශික්‍ෂාපදයෝ (යට ශීලනිර්දේශයෙහි කී) සත් වැදෑරුම් මෛථුන සංයෝගයෙන්ද, ක්‍රෝධ, වෛර ආදී පාප ධර්මයන්ගෙන්ද නොමඩනාලද හෙයින් අඛණ්ඩ වූවාහුද, අච්ඡිද්ද වූවාහුද, අශබල වූවාහුද, අකල්මාෂ වූවාහුද, එම ශික්‍ෂාපදයෝම තෘෂ්ණා දාසත්‍වයෙන් මුදවා නිදහස් බවට පත් කරනු ලැබීමෙන් ‘භුජිස්ස’ නම් වූවාහුය. බුද්ධාදී විඥයන් විසින් පසස්නා ලද හෙයින් ‘විඤ්ඤුප්පසත්‍ථ’ නම් වූවාහුය. තෘෂ්ණා දෘෂ්ටීන් නොතැවරුණු හෙයින් හෝ කිසිවකු විසින් මේ ඔබගේ ශීලයෙහි දෝෂයෙකි’යි මෙසේ අල්ලා දෙන්නට නොහැකි බැවින් ‘අපරාමට්ඨ’ නම් වෙති. උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය හෝ, නැතහොත් මාර්ගසමාධිය හෝ ඵලසමාධිය හෝ පිණිස පවත්නාහ’යි ‘සමාධිසංවත්තනික’ නම් වෙති.

එවං අඛණ‍්ඩතාදිගුණවසෙන අත‍්තනො සීලානි අනුස‍්සරතො නෙවස‍්ස තස‍්මිං සමයෙ රාගපරියුට‍්ඨිතං චිත‍්තං හොති. න දොස…පෙ… න මොහපරියුට‍්ඨිතං චිත‍්තං හොති. උජුගතමෙවස‍්ස තස‍්මිං සමයෙ චිත‍්තං හොති, සීලං ආරබ‍්භාති පුරිමනයෙනෙව වික‍්ඛම‍්භිතනීවරණස‍්ස එකක‍්ඛණෙ ඣානඞ‍්ගානි උප‍්පජ‍්ජන‍්ති. සීලගුණානං පන ගම‍්භීරතාය නානප‍්පකාරගුණානුස‍්සරණාධිමුත‍්තතාය වා අප‍්පනං අප‍්පත්‍වා උපචාරප‍්පත‍්තමෙව ඣානං හොති. තදෙතං සීලගුණානුස‍්සරණවසෙන උප‍්පන‍්නත‍්තා සීලානුස‍්සතිච‍්චෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මෙසේ අඛණ්ඩාදී ගුණ වශයෙන් තමාගේ ශීලය මෙනෙහි කරන්නහුගේ සිත එසමයෙහි රාගයෙන් මඩනා-ලද්දේ නොවේ, ද්වේෂයෙන් මඩනා-ලද්දේ නොවේ, මෝහයෙන් මඩනා-ලද්දේ හෝ නොවේ. ඔහුගේ සිත එසමයෙහි ශීලය අරබයා සෘජු බවට ගියේම වේ, පෙර කියනලද නයින්ම ප්‍රහීණ වූ නීවරණ ඇති ඔහුට එක් ක්‍ෂණයෙක්හිදී ධ්‍යානාංගයෝ උපදනාහුය. ශීලගුණයන්ගේ ගැඹුරුබව හේතුකොටගෙන, නැතහොත්, නානා ආකාර ඇති ගුණයන් සිහි කිරීමෙහි යෙදෙන හෙයින් අර්පණාවට නොපැමිණි, උපචාරයටම පැමිණි ධ්‍යානය වේ. එම ධ්‍යානය ශීලගුණ අනුස්මරණයෙන් උපන් හෙයින් ‘සීලානුස්සතිඣාන’ යනුවෙන්ම ව්‍යවහාරයට යෙයි.

ඉමඤ‍්ච පන සීලානුස‍්සතිං අනුයුත‍්තො භික‍්ඛු සික‍්ඛාය සගාරවො හොති සභාගවුත‍්ති, පටිසන්‍ථාරෙ අප‍්පමත‍්තො, අත‍්තානුවාදාදිභයවිරහිතො, අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී, සද‍්ධාදිවෙපුල‍්ලං අධිගච‍්ඡති, පීතිපාමොජ‍්ජබහුලො හොති. උත‍්තරි අප‍්පටිවිජ‍්ඣන‍්තො පන සුගතිපරායනො හොති.

මෙම සීලානුස්සති භාවනාවෙහි යෙදුණ භික්‍ෂු තෙමේ ශික්‍ෂාපද කෙරෙහි ගෞරව ඇත්තේ, ශීලසම්පන්නයන් හා සමාන පැවතුම් ඇත්තේ, අප්‍රමාදවූයේ, අත්තානුවාදාදී භයෙන් තොරවූයේ, ස්වල්පමාත්‍ර වූද වරදෙහි බිය දක්නාසුලු වූයේ ශ්‍රද්ධාදී ගුණයෙන් මහත් බවට පැමිණේ, ප්‍රීති ප්‍රමෝද බහුලවූයේද වේ. උසස් වූ මාර්ගඵලාදියක් නොලදහොත් සුගතිපරායන වන්නේය.

තස‍්මා හවෙ අප‍්පමාදං, කයිරාථ සුමෙධසො; එවං මහානුභාවාය, සීලානුස‍්සතියා සදාති.

තස්මා හවෙ අප්පමාදං කයිරාථ සුමෙධසො එවං මහානුභාවාය සීලානුස්සතිය සදා.

එහෙයින්, යහපත් නුවණ ඇත්තේ මෙවන් මහානුභාව ඇති ශීලානුස්සති භාවනාවෙහි හැම කල්හිම, ඒකාන්තයෙන්ම අප්‍රමාදීභාවය ඇති කර ගන්නේය.

ඉදං සීලානුස‍්සතියං විත්‍ථාරකථාමුඛං.

මේ සීලානුස්සති භාවනාවෙහි විස්තර කථායි.