යෙදුමෙන් කියවන්න

සඞ‍්ඝානුස‍්සතිකථා

සඞ‍්ඝානුස‍්සතිකථා

සංඝානුස්සති භාවනාව

සඞ‍්ඝානුස‍්සතිං භාවෙතුකාමෙනාපි රහොගතෙන පටිසල‍්ලීනෙන “සුප‍්පටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, උජුප‍්පටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, ඤායප‍්පටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, සාමීචිප‍්පටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, යදිදං චත‍්තාරි පුරිසයුගානි අට‍්ඨ පුරිසපුග‍්ගලා , එස භගවතො සාවකසඞ‍්ඝො ආහුනෙය්‍යො, පාහුනෙය්‍යො, දක‍්ඛිණෙය්‍යො, අඤ‍්ජලිකරණීයො, අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා”ති (අ· නි· 6.10) එවං අරියසඞ‍්ඝගුණා අනුස‍්සරිතබ‍්බා.

සංඝානුස්සති භාවනාව වඩනු කැමැත්තහු විසින්ද හුදෙකලාව විවේකීව, “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ මනා පිළිවෙතට පිළිපන්නාහුය, සෘජුවූ පිළිවෙතට පිළිපන්නාහුය, නිර්වාණගාමී මාර්ගයට පිළිපන්නාහුය, සුදුසුතම පිළිවෙතට පිළිපන්නාහුය. යම් මේ පුරුෂ යුගල සතරෙක් ඇත්ද, ඔහු (සතර මඟ සතර ඵල වශයෙන්) ආර්යපුද්ගලයෝ අට දෙනෙකි, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා වහන්සේ දුර සිට ගෙනවුත් පිළිගන්වනු ලබන සිවුපසය ලැබීමට සුදුස්සෝය, නොයෙක් දිශාවෙන් ගෙනවුත් පිළිගන්වනු ලබන සිවුපසය ලැබීමට සුදුස්සෝය, පරලොව අදහා දෙනු ලබන දක්‍ෂිණාව පිළිගැනීමට සුදුස්සෝය, දොහොත් මුදුන් දී වදිනු ලැබීමට සුදුස්සෝය, සියලු ලෝකයාහට අනුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයද වන්නාහුය”යි. මෙසේ ආර්ය පුද්ගල සංඝයාගේ ගුණ සිහිපත් කළයුතුය.

තත්‍ථ සුප‍්පටිපන‍්නොති සුට‍්ඨු පටිපන‍්නො, සම‍්මාපටිපදං අනිවත‍්තිපටිපදං අනුලොමපටිපදං අපච‍්චනීකපටිපදං ධම‍්මානුධම‍්මපටිපදං පටිපන‍්නොති වුත‍්තං හොති. භගවතො ඔවාදානුසාසනිං සක‍්කච‍්චං සුණන‍්තීති සාවකා. සාවකානං සඞ‍්ඝො සාවකසඞ‍්ඝො, සීලදිට‍්ඨිසාමඤ‍්ඤතාය සඞ‍්ඝාතභාවමාපන‍්නො සාවකසමූහොති අත්‍ථො. යස‍්මා පන සා සම‍්මාපටිපදා උජු අවඞ‍්කා අකුටිලා අජිම‍්හා, අරියො ච ඤායොතිපි වුච‍්චති, අනුච‍්ඡවිකත‍්තා ච සාමීචීතිපි සඞ‍්ඛං ගතා. තස‍්මා තම‍්පටිපන‍්නො අරියසඞ‍්ඝො උජුප‍්පටිපන‍්නො ඤායප‍්පටිපන‍්නො සාමීචිප‍්පටිපන‍්නොතිපි වුත‍්තො.

එහි සුපටිපන්නො යනු මනාසේ පිළිපන්නාහුය, මනා පිළිවෙතට ප්‍රතිපක්‍ෂ ධර්මයන් නැවත නොපවත්නා පිළිවෙතට, නිර්වාණගාමීවූ අනුලෝම පිළිවෙතට, නිර්වාණයට අනනුරූප නොවන පිළිවෙතට, ධර්මයට අනුරූපවූ පිළිවෙතට පිළිපන්නාහුයි කී-නියායි. භාග්‍යවතුන් වහන්සේගේ අවවාදානුශාසනා මනාකොට අසති’යි සාවක නම් වෙති, සාවකයන්ගේ සමූහය සාවකසංඝ නම් වෙති, ශීලයෙන් හා දෘෂ්ටියෙන් සමාන වන බැවින් එකමුතුබවට පැමිණි ශ්‍රාවක සමූහයා යන අර්ත්‍ථයි. යම්හෙයකින් වනාහි ඒ මනා පිළිවෙත සෘජුවූයේ, අවංකවූයේ, අකුටිලවූයේ, අව්‍යාජවූයේ වේද, (එහෙයින්ම) ආර්යයයි, න්‍යායයයි වහරනු ලැබේද, යෝග්‍ය වූ හෙයින් සාමීචියයි වහරට ගියේද, එහෙයින් එම පිළිවෙතට පිළිපන් ආර්ය සංඝයා උජුපටිපන්නයයිද, ඤායපටිපන්නයයිද, සාමීචිපටිපන්නයයිද කියන ලද්දාහුය.

එත්‍ථ ච යෙ මග‍්ගට‍්ඨා, තෙ සම‍්මාපටිපත‍්තිසමඞ‍්ගිතාය සුප‍්පටිපන‍්නා. යෙ ඵලට‍්ඨා, තෙ සම‍්මාපටිපදාය අධිගන‍්තබ‍්බස‍්ස අධිගතත‍්තා අතීතං පටිපදං සන්‍ධාය සුප‍්පටිපන‍්නාති වෙදිතබ‍්බා.

මෙහිද යම් කෙනෙක් ආර්යමාර්ගයෙහි සිටියාහුද, ඔවුන් මනා පිළිවෙතින් යුතුවූ හෙයින් සුපටිපන්නයයිද, යම් කෙනෙක් ඵලයෙහි සිටියාහුද ඔවුන් මනා පිළිවෙතින් ලැබියයුතු දෙය ලබා ඇති හෙයින් ඉකුත් පිළිවෙත ගැන සලකා සුපටිපන්නයයිද දතයුතුය.

අපිච ස‍්වාක‍්ඛාතෙ ධම‍්මවිනයෙ යථානුසිට‍්ඨං පටිපන‍්නත‍්තාපි අපණ‍්ණකපටිපදං පටිපන‍්නත‍්තාපි සුප‍්පටිපන‍්නො.

තවද මැනවින් දෙසනලද ධර්මවිනයෙහි අනුශාසිත වූ ලෙසින් පිළිපන් හෙයින්ද, නිවැරදි පිළිවෙතට පිළිපන් හෙයින්ද සුපටිපන්න වෙති.

මජ‍්ඣිමාය පටිපදාය අන‍්තද‍්වයමනුපගම‍්ම පටිපන‍්නත‍්තා කායවචීමනොවඞ‍්කකුටිලජිම‍්හදොසප‍්පහානාය පටිපන‍්නත‍්තා ච උජුප‍්පටිපන‍්නත‍්තා ච උජුප‍්පටිපන‍්නො.

අන්ත දෙකට නොගොස් වැඳුම් පිළිවෙතට පිළිපන් හෙයින්ද, කාය, වාක්, මනස් යන මෙහි වංක බව, කුටිල බව ව්‍යාජ බව යන දෝෂයන්ගේ ප්‍රහාණය පිණිස පිළිපන් හෙයින්ද උජුපටිපන්න වෙති.

ඤායො වුච‍්චති නිබ‍්බානං. තදත්‍ථාය පටිපන‍්නත‍්තා ඤායප‍්පටිපන‍්නො.

ඤාය යනු නිර්වාණයයි කියනු ලැබේ. එම නිර්වාණය සඳහා පිළිපන් බැවින් ඤායපටිපන්න වෙති.

යථා පටිපන‍්නා සාමීචිප‍්පටිපන‍්නාරහා හොන‍්ති, තථා පටිපන‍්නත‍්තා සාමීචිප‍්පටිපන‍්නො.

යම් ආකාරයකට පිළිපන්නාහු අනුන් විසින් කරනු ලබන සාමීචිකර්මයට සුදුස්සෝ වෙත්ද, එම ආකාරයට පිළිපන් හෙයින් සාමීචිපටිපන්න වෙති.

යදිදන‍්ති යානි ඉමානි. චත‍්තාරි පුරිසයුගානීති යුගළවසෙන පඨමමග‍්ගට‍්ඨො ඵලට‍්ඨොති ඉදමෙකං යුගළන‍්ති එවං චත‍්තාරි පුරිසයුගළානි හොන‍්ති. අට‍්ඨ පුරිසපුග‍්ගලාති පුරිසපුග‍්ගලවසෙන එකො පඨමමග‍්ගට‍්ඨො එකො ඵලට‍්ඨොති ඉමිනා නයෙන අට‍්ඨෙව පුරිසපුග‍්ගලා හොන‍්ති . එත්‍ථ ච පුරිසොති වා පුග‍්ගලොති වා එකත්‍ථානි එතානි පදානි. වෙනෙය්‍යවසෙන පනෙතං වුත‍්තං. එස භගවතො සාවකසඞ‍්ඝොති යානිමානි යුගවසෙන චත‍්තාරි පුරිසයුගානි, පාටිඑක‍්කතො අට‍්ඨ පුරිසපුග‍්ගලා, එස භගවතො සාවකසඞ‍්ඝො, ආහුනෙය්‍යොතිආදීසු ආනෙත්‍වා හුනිතබ‍්බන‍්ති ආහුනං, දූරතොපි ආනෙත්‍වා සීලවන‍්තෙසු දාතබ‍්බන‍්ති අත්‍ථො. චතුන‍්නං පච‍්චයානමෙතමධිවචනං. තං ආහුනං පටිග‍්ගහෙතුං යුත‍්තො තස‍්ස මහප‍්ඵලකරණතොති ආහුනෙය්‍යො. අථ වා දූරතොපි ආගන‍්ත්‍වා සබ‍්බසාපතෙය්‍යම‍්පි එත්‍ථ හුනිතබ‍්බන‍්ති ආහවනීයො. සක‍්කාදීනම‍්පි වා ආහවනං අරහතීති ආහවනීයො. යො චායං බ්‍රාහ‍්මණානං ආහවනීයො නාම අග‍්ගි, යත්‍ථ හුතං මහප‍්ඵලන‍්ති තෙසං ලද‍්ධි. සචෙ හුතස‍්ස මහප‍්ඵලතාය ආහවනීයො, සඞ‍්ඝොව ආහවනීයො. සඞ‍්ඝෙ හුතඤ‍්හි මහප‍්ඵලං හොති. යථාහ –

යදිදං යනු, යම් මේ, චත්තාරි පුරිසයුගානි යනු, ප්‍රථම ප්‍රථම ආර්යමාර්ගයෙහි සිටියේද ඵලයෙහි සිටියේදැ’යි මේ ආකාරයෙන් යුගල වශයෙන් ගෙන පුරිසයුගල සතරෙක් වෙති. අට්ඨපුරිසපුග්ගලා යනු පුරිසපුග්ගලයන් වශයෙන් ප්‍රථම මාර්ගයෙහි සිටියේ එක් පුද්ගලයෙකි, ඵලයෙහි සිටියේ තවත් පුද්ගලයෙකි’යි යන මේ නයින් පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක් වෙති, මෙහි පුරිසො යනු හා පුග්ගලෝ යනු මේ පදයෝ සමාන වූ අර්ත්‍ථ ඇත්තාහුය, වෙනේය ජනයා සඳහා පුරිසපුග්ගලා යන මේ වචනය කියන ලද්දේය. එස භගවතො සාවකසංඝො යනු, භාග්‍යවතුන් වහන්සේගේ යුගල වශයෙන් යම් මේ පුරුෂ යුගල සතරක්වූද වෙන් වෙන් වශයෙන් පුරුෂ පුද්ගලයන් අට දෙනෙක්වූද ශ්‍රාවක සංඝයායි. ආහුනෙය්‍යො යන ආදියෙහි ගෙන අවුත් පිදිය යුතු වෙති’යි ආහුන නමි, දුරසිට වුවද ගෙන අවුත් සිල්වතුන්හට පිදිය යුතුය යන අර්ත්‍ථයි, මේ ‘ආහුන’ යන්න සිවුපසය හැඳින්වීමට වහරනු ලබන නාමයෙකි, එම ආහුනය පිළිගැනීමට සුදුසු වෙති’යි හෝ එය මහත්ඵල ඇතිකෙරෙතියි හෝ ආහුනෙය්‍ය නම් වෙති, නොහොත් දුර සිට වුවද ගෙනවුත් මුළු ධනයම මෙහි පිදීමට යෝග්‍ය වෙති’යි ආහවනීය නම් වෙති, ශක්‍රාදීන් විසින් පවා පුදනු ලැබීමට යෝග්‍ය වෙති’යි ආහවනීය නම් වෙති, බ්‍රාහ්මණයන්ගේ යම් මේ ආහවනීය නම් ගිනි විශේෂයක් වේද, එම ආහවනීය නම් ගින්නෙහි පුදන ලද්ද, මහත්ඵල වෙති’යි ඔවුන්ගේ විශ්වාසයෙක් වේද, ඉදින් පුදනලද්ද මහත්ඵල වන හෙයින් ආහවනීය නම් වෙතොත්, මේ සංඝයාම ආහවනීය වෙති, සංඝයා කෙරෙහි දෙනලද්ද මහත්ඵල වේ. කියනලදමැයි:

“යො ච වස‍්සසතං ජන‍්තු, අග‍්ගිං පරිචරෙ වනෙ; එකඤ‍්ච භාවිතත‍්තානං, මුහුත‍්තමපි පූජයෙ; සායෙව පූජනා සෙය්‍යො, යඤ‍්චෙ වස‍්සසතං හුත”න‍්ති. (ධ· ප· 107);

යො ච වස්සසතං ජන්තු අග්ගිං පරිචරෙ වනෙ එකඤ්ච භාවිතත්තානං මුහුත්තම්පි පූජයෙ සා යෙව පූජනා සෙය්‍යා යඤ්චෙ වස්සසතං හුතං”

යම් පුද්ගලයෙක් තෙමේ හවුරුදු සියයක් මුළුල්ලේ වනයෙහි ගිනි පුදන්නේ, එක් මොහොතක් හෝ වඩනාලද සිත්ඇති සංඝයා පුදන්නේද, හවුරුදු සියයක් කළ අග්නි පූජාවට වඩා එම පූජාවම උතුම් වේ.

තදෙතං නිකායන‍්තරෙ ආහවනීයොති පදං ඉධ ආහුනෙය්‍යොති ඉමිනා පදෙන අත්‍ථතො එකං. බ්‍යඤ‍්ජනතො පනෙත්‍ථ කිඤ‍්චිමත‍්තමෙව නානං. ඉති ආහුනෙය්‍යො.

නිකායාන්තරයෙක්හි ‘ආහවනීය’යි දක්වන ලද මේ පදය මෙහි ‘ආහුනෙය්‍ය’ යන පදය හා අර්ත්‍ථයෙන් සමානය, ව්‍යංජන (ශබ්ද) වශයෙන් වනාහි මෙහි කිසියම් සුලු වෙනසක් ඇත, මෙසේ ආහුනෙය්‍ය නම් වෙති.

පාහුනෙය්‍යොති එත්‍ථ පන පාහුනං වුච‍්චති දිසාවිදිසතො ආගතානං පියමනාපානං ඤාතිමිත‍්තානමත්‍ථාය සක‍්කාරෙන පටියත‍්තං ආගන‍්තුකදානං. තම‍්පි ඨපෙත්‍වා තෙ තථාරූපෙ පාහුනකෙ සඞ‍්ඝස‍්සෙව දාතුං යුත‍්තං, සඞ‍්ඝොව තං පටිග‍්ගහෙතුං යුත‍්තො. සඞ‍්ඝසදිසො හි පාහුනකො නත්‍ථි. තථා හෙස එකබුද‍්ධන‍්තරෙ ච දිස‍්සති, අබ‍්බොකිණ‍්ණඤ‍්ච පියමනාපත‍්තකරෙහි ධම‍්මෙහි සමන‍්නාගතොති. එවං පාහුනමස‍්ස දාතුං යුත‍්තං පාහුනඤ‍්ච පටිග‍්ගහෙතුං යුත‍්තොති පාහුනෙය්‍යො. යෙසං පන පාහවනීයොති පාළි, තෙසං යස‍්මා සඞ‍්ඝො පුබ‍්බකාරමරහති, තස‍්මා සබ‍්බපඨමං ආනෙත්‍වා එත්‍ථ හුනිතබ‍්බන‍්ති පාහවනීයො. සබ‍්බප‍්පකාරෙන වා ආහවනමරහතීති පාහවනීයො. ස‍්වායමිධ තෙනෙව අත්‍ථෙන පාහුනෙය්‍යොති වුච‍්චති.

පාහුනෙය්‍යො යන මෙහි වනාහි, දිසා අනුදිසාවන්ගෙන් ආ ප්‍රියමනාප වූ ඥාතිමිත්‍රයන් සඳහා සත්කාර වශයෙන් සපයන ලද ආගන්තුකදානය ‘පාහුන’ යයි කියනු ලැබේ, එම පාහුනයද එබඳු වූ ඥාතිමිත්‍රයන් පසෙක සිටියදී සංඝයාහට දීමට යෝග්‍ය වේ, සංඝයාද එය පිළිගැනීමට සුදුසු වෙති. පාහුනය ලැබීමට සංඝයා හා සමාන සුදුසුකම් ඇති අන් කෙනෙක් නැත. ඒ එසේමැයි, මේ සංඝයා වනාහි එක් බුද්ධාන්තරයෙහික්දීම සංකර නොවී දිස්වෙති, ප්‍රියමනාප බව උපදවන ධර්මයන්ගෙන් සමන්විතද වෙති. මෙසේ පාහුනය මොවුන්හට දියයුතුය, පාහුනය පිළිගැනීමට සුදුසුද වෙති’යි පාහුනෙය්‍ය නම් වෙති. යම් කෙනෙකුන්හට පාහවනීය යන පාඨය (රුචි) වේද, ඔවුන්හට යම්හෙයකින් සංඝයා ප්‍රථම සත්කාරයට සුදුසු වෙත්ද, එහෙයින් සියල්ලනට පළමුව ගෙනවුත් මේ සංඝයා වෙත පිදිය යුතුයයි පාහවනීය නම් වෙයි, සියලු ආකාරයෙන් ගෙනවුත් පිදීමට සුදුසු වෙති’යි හෝ පාහවනීය නම් වෙති. මෙහිදී සංඝයා එම අර්ත්‍ථයෙන්ම පාහුනෙය්‍ය යයි කියනු ලබති.

දක‍්ඛිණාති පන පරලොකං සද‍්දහිත්‍වා දාතබ‍්බදානං වුච‍්චති. තං දක‍්ඛිණං අරහති, දක‍්ඛිණාය වා හිතො යස‍්මා නං මහප‍්ඵලකරණතාය විසොධෙතීති දක‍්ඛිණෙය්‍යො.

දක්ඛිණා යනු පරලොව අදහාගෙන දියයුතු දානයයි කියනු ලැබේ, එම දක්‍ෂිණාවට සුදුසු වෙති’යි, නොහොත් දක්‍ෂිණාවට හිතකර වෙති’යි, යම් හෙයකින් එම දක්‍ෂිණාව මහත්ඵල ඇත්තක් කිරීමෙන් විශුද්ධභාවයට පත් කෙරෙති’යි දක්ඛිණෙය්‍ය නම් වෙති.

උභො හත්‍ථෙ සිරස‍්මිං පතිට‍්ඨපෙත්‍වා සබ‍්බලොකෙන කයිරමානං අඤ‍්ජලිකම‍්මං අරහතීති අඤ‍්ජලිකරණීයො.

දෙඅත් සිරස තබා සියලු ලෝකයා විසින් කරනු ලබන අංජලි කර්මයට සුදුසු වෙති’යි අංජලිකරණීය නම් වෙති.

අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති සබ‍්බලොකස‍්ස අසදිසං පුඤ‍්ඤවිරූහනට‍්ඨානං. යථා හි රඤ‍්ඤො වා අමච‍්චස‍්ස වා සාලීනං වා යවානං වා විරූහනට‍්ඨානං රඤ‍්ඤො සාලික‍්ඛෙත‍්තං රඤ‍්ඤො යවක‍්ඛෙත‍්තන‍්ති වුච‍්චති, එවං සඞ‍්ඝො සබ‍්බලොකස‍්ස පුඤ‍්ඤානං විරූහනට‍්ඨානං. සඞ‍්ඝං නිස‍්සාය හි ලොකස‍්ස නානප‍්පකාරහිතසුඛසංවත‍්තනිකානි පුඤ‍්ඤානි විරූහන‍්ති. තස‍්මා සඞ‍්ඝො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

අනුත්තරං පුඤ්ඤක්‍ඛෙත්තං ලොකස්ස යනු සියලු ලෝකයාහට අසදෘශ වූ කුසල් වැඩෙන කෙත්බිමක් වැනි වේ. යම්සේ රජකුගේ හෝ ඇමතියකුගේ හෝ හැල් හෝ යව හෝ වැඩෙන ස්ථානය රජුගේ හැල්කෙතය, යවකෙතයයි කියනු ලැබේ, එසේම සංඝයා සියලු ලෝකයාහට කුසල් වැඩෙන ස්ථානයක් වේ, සංඝයා නිසා ලෝකයාහට නොයෙක් ආකාර හිතසුව පිණිස පවත්නා කුසල් වැඩේ. එහෙයින් සංඝයා ලෝකයාහට අනුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයක් වෙති’යි

එවං සුප‍්පටිපන‍්නතාදිභෙදෙ සඞ‍්ඝගුණෙ අනුස‍්සරතො නෙව තස‍්මිං සමයෙ රාගපරියුට‍්ඨිතං චිත‍්තං හොති. න දොස…පෙ… න මොහපරියුට‍්ඨිතං චිත‍්තං හොති. උජුගතමෙවස‍්ස තස‍්මිං සමයෙ චිත‍්තං හොති සඞ‍්ඝං ආරබ‍්භාති (අ· නි· 6.10) පුරිමනයෙනෙව වික‍්ඛම‍්භිතනීවරණස‍්ස එකක‍්ඛණෙ ඣානඞ‍්ගානි උප‍්පජ‍්ජන‍්ති. සඞ‍්ඝගුණානං පන ගම‍්භීරතාය නානප‍්පකාරගුණානුස‍්සරණාධිමුත‍්තතාය වා අප‍්පනං අප‍්පත්‍වා උපචාරප‍්පත‍්තමෙව ඣානං හොති. තදෙතං සඞ‍්ඝගුණානුස‍්සරණවසෙන උප‍්පන‍්නත‍්තා සඞ‍්ඝානුස‍්සතිච‍්චෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මේ ආකාරයෙන් සුපටිපන්නතාදී වූ සංඝගුණයන් සිහි කරන යෝගාවචරයාගේ සිත එසමයෙහි රාගයෙන් මඩනා ලද්දේ නොවේ, ද්වේෂයෙන් මඩනා ලද්දේ නොවේ, මෝහයෙන් මඩනා ලද්දේ නොවේ. ඔහුගේ සිත සංඝයා අරබයා එසමයෙහිදී සෘජුභාවයට පත්වූයේම වේ. පෙර කී-නයෙන්ම යටපත්වූ නීවරණ ඇති ඔහුට එක් වරම ධ්‍යානාංගයෝ උපදිති. සංඝගුණයන්ගේ ගැඹුරුබව හේතුකොටගෙන, නැතහොත් නොයෙක් ආකාර ඇති සංඝගුණයන් සිහි කිරීම හේතුකොටගෙන අර්පණාවට නොපැමිණි උපචාරයටම පැමිණි ධ්‍යානය වේ. එම ධ්‍යානය සංඝගුණ අනුස්මරණයෙන් උපන් හෙයින් සංඝානුස්සති ධ්‍යානයයි ව්‍යවහාරයට යෙයි.

ඉමඤ‍්ච පන සඞ‍්ඝානුස‍්සතිං අනුයුත‍්තො භික‍්ඛු සඞ‍්ඝෙ සගාරවො හොති සප‍්පතිස‍්සො. සද‍්ධාදිවෙපුල‍්ලං අධිගච‍්ඡති, පීතිපාමොජ‍්ජබහුලො හොති, භයභෙරවසහො, දුක‍්ඛාධිවාසනසමත්‍ථො, සඞ‍්ඝෙන සංවාසසඤ‍්ඤං පටිලභති. සඞ‍්ඝගුණානුස‍්සතියා අජ‍්ඣාවුත්‍ථඤ‍්චස‍්ස සරීරං සන‍්නිපතිතසඞ‍්ඝමිව උපොසථාගාරං පූජාරහං හොති, සඞ‍්ඝගුණාධිගමාය චිත‍්තං නමති, වීතික‍්කමිතබ‍්බවත්‍ථුසමායොගෙ චස‍්ස සම‍්මුඛා සඞ‍්ඝං පස‍්සතො විය හිරොත‍්තප‍්පං පච‍්චුපට‍්ඨාති, උත‍්තරි අප‍්පටිවිජ‍්ඣන‍්තො පන සුගතිපරායනො හොති.

මේ සංඝානුස්සති භාවනාවෙහි යෙදුණ භික්‍ෂු තෙමේ සංඝයා කෙරෙහි ගෞරව ඇත්තේ, හරසර ඇත්තේ ශ්‍රද්ධාවෙන් විපුලභාවයට පැමිණේ, ප්‍රීති ප්‍රමෝද බහුලවූයේ භයසන්ත්‍රාසයන් දරාගැනීමට හැකිවූයේ, දුක් විඳදරාගනු සමත්වූයේ, සංඝයා හා සමග සහවාසය පිළිබඳ හැඟීම ලබයි. සංඝගුණානුස්මෘතියෙන් යුක්තව වාසය කරන ඔහුගේ ශරීරය සංඝයා එක්රැස්වූ උපොසථාගාරයක් සෙයින් පූජාර්හ බවට පත්වේ. සංඝගුණාධිගමය පිණිස සිත නැඹුරු වේ. ඉක්මවිය යුතු වස්තූන් එළඹි විටෙක (ශික්‍ෂාපදයක් ඉක්මවීමට පෙළඹවීමක් ඇති විටෙක) අභිමුඛවූ සංඝයා දක්නහුට මෙන් හිරිඔතප් උපදී, උසස් වූ මාර්ගඵලාධිගමයක් නොලබන්නේ නම් සුගතියට යන්නේ වේ.

තස‍්මා හවෙ අප‍්පමාදං, කයිරාථ සුමෙධසො; එවං මහානුභාවාය, සඞ‍්ඝානුස‍්සතියා සදාති.

තස්මා හවෙ අප්පමාදං කයිරාථ සුමෙධසො එවං මහානුභාවය සංඝානුස්සතිය සදා.

එහෙයින් නුවණැත්තේ මෙවන් මහානුභාව ඇති සංඝානුස්සති භාවනාවෙහි හැම කල්හිම ඒකාන්තයෙන් අප්‍රමාදීව කටයුතු කරන්නේය.

ඉදං සඞ‍්ඝානුස‍්සතියං විත්‍ථාරකථාමුඛං.

මේ සංඝානුස්සතියෙහි විස්තර කථායි.