ධම්මානුස්සතිකථා
ධම්මානුස්සතිකථා
ධම්මානුස්සති භාවනාව
ධම්මානුස්සතිං භාවෙතුකාමෙනාපි රහොගතෙන පටිසල්ලීනෙන “ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති (අ· නි· 6.10) එවං පරියත්තිධම්මස්ස චෙව නවවිධස්ස ච ලොකුත්තරධම්මස්ස ගුණා අනුස්සරිතබ්බා.
ධම්මානුස්සති භාවනාව වඩනු කැමැත්තහු විසින්ද හුදකලාව කායචිත්ත විවේකයෙන් යුක්තව, “භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද මේ පර්යාප්ති ධර්මයද නවවිධ ලෝකෝත්තර ධර්මයද තමා විසින්ම නොහොත් මේ ආත්මභාවයෙහිදීම දැක්ක යුතුය, කල් නොයවා පල දෙවනු සමත්ය, එව බලව’යි දැක්වීමට සුදුසුය. තමා විසින් තම සිත්හි එළවීමට සුදුසුය, පණ්ඩිතයන් විසින් තම තමන් විසින්ම ප්රත්යක්ෂ කරනු ලැබීමට සුදුසුය’යි මෙසේ පර්යාප්ති ධර්මයෙහිද, නවලෝකෝත්තර ධර්මයෙහිද ගුණ සිහිකළ යුතුය.
ස්වාක්ඛාතොති ඉමස්මිං හි පදෙ පරියත්තිධම්මොපි සඞ්ගහං ගච්ඡති, ඉතරෙසු ලොකුත්තරධම්මොව. තත්ථ පරියත්තිධම්මො තාව ස්වාක්ඛාතො ආදිමජ්ඣපරියොසානකල්යාණත්තා සාත්ථසබ්යඤ්ජනකෙවලපරිපුණ්ණපරිසුද්ධබ්රහ්මචරියප්පකාසනත්තා ච. යඤ්හි භගවා එකගාථම්පි දෙසෙති, සා සමන්තභද්දකත්තා ධම්මස්ස පඨමපාදෙන ආදිකල්යාණා, දුතියතතියපාදෙහි මජ්ඣෙකල්යාණා, පච්ඡිමපාදෙන පරියොසානකල්යාණා. එකානුසන්ධිකං සුත්තං නිදානෙන ආදිකල්යාණං, නිගමනෙන පරියොසානකල්යාණං, සෙසෙන මජ්ඣෙකල්යාණං. නානානුසන්ධිකං සුත්තං පඨමානුසන්ධිනා ආදිකල්යාණං, පච්ඡිමෙන පරියොසානකල්යාණං, සෙසෙහි මජ්ඣෙකල්යාණං. අපිච සනිදානසඋප්පත්තිකත්තා ආදිකල්යාණං, වෙනෙය්යානං අනුරූපතො අත්ථස්ස අවිපරීතතාය ච හෙතුදාහරණයුත්තතො ච මජ්ඣෙකල්යාණං, සොතූනං සද්ධාපටිලාභජනනෙන නිගමනෙන ච පරියොසානකල්යාණං.
ස්වාක්ඛාතො යන මේ පදයෙහි පර්යාප්ති ධර්මයද ඇතුළත් වේ. ‘සන්දිට්ඨිකො’ යන ආදී සෙසු පදවල ලෝකෝත්තර ධර්මයම ඇතුළත් වේ. එහි පළමුකොට පර්යාප්ති ධර්මය මුල, මැද, අග යන තුන්තන්හිම යහපත්වන හෙයින්ද, අර්ත්ථයෙන් හා ව්‍යංජනයෙන් සර්වප්රකාරයෙන් පරිපූර්ණවන හෙයින් හා සුපරිසුද්ධ බ්‍රහ්මචර්යාව ප්‍රකාශකරන හෙයින්ද ‘ස්වාක්ඛාත’ නම් වේ. භාග්‍යවතුන් වහන්සේ වනාහි යම් එක් ගාථාවක් හෝ දේශනා කෙරෙත්ද, එය සැම අතින්ම යහපත් වන හෙයින් (එම ගාථාවෙහි) පළමු පාදයෙන් ආදිකල්‍යාණද, දෙවන තෙවන පාදයන්ගෙන් මධ්‍යකල්‍යාණද අවසන් පාදයෙන් පර්යවසානකල්‍යාණද වන්නේය. ඒකානුසන්ධික (බොහෝ විභාග නැති සංක්ෂිප්ත) සූත්‍රයක් නම්, එය නිදානයෙන් ආදිකල්‍යාණද, නිගමනයෙන් පර්යවසානකල්‍යාණද, සෙසු කොටස්වලින් මධ්‍යකල්‍යාණද වන්නේය. නානානුසන්ධික (විස්තර විභාග සහිත) සූත්‍රයක් නම්, පළමුවන අනුසන්ධියෙන් ආදිකල්‍යාණද, අවසන් අනුසන්ධියෙන් පර්යවසාන කල්‍යාණද, සෙසු අනුසන්ධීන්ගෙන් මධ්‍යකල්‍යාණද වන්නේය. තවද: නිදානසහිත බැවින් හා අර්ත්ථෝත්පත්ති සහිත බැවින් ආදිකල්‍යාණ වන්නේය, වෛනේයජනයනට යෝග්‍යවූ හෙයින්ද, අර්ත්ථය නොවෙනස්වන හෙයින්ද, හේතු-උදාහරණයන්ගෙන් යුක්ත වූ හෙයින්ද මධ්‍යකල්‍යාණ වන්නේය, අසන්නවුනට ශ්රද්ධප්රතිලාභය දනවන නිගමන ඇති හෙයින් පර්යවසානකල්යණ වන්නේය.
සකලොපි සාසනධම්මො අත්තනො අත්ථභූතෙන සීලෙන ආදිකල්යාණො, සමථවිපස්සනාමග්ගඵලෙහි මජ්ඣෙකල්යාණො, නිබ්බානෙන පරියොසානකල්යාණො. සීලසමාධීහි වා ආදිකල්යාණො, විපස්සනාමග්ගෙහි මජ්ඣෙකල්යාණො, ඵලනිබ්බානෙහි පරියොසානකල්යාණො. බුද්ධසුබොධිතාය වා ආදිකල්යාණො, ධම්මසුධම්මතාය මජ්ඣෙකල්යාණො, සඞ්ඝසුප්පටිප්පත්තියා පරියොසානකල්යාණො. තං සුත්වා තථත්ථාය පටිපන්නෙන අධිගන්තබ්බාය අභිසම්බොධියා වා ආදිකල්යාණො, පච්චෙකබොධියා මජ්ඣෙකල්යාණො, සාවකබොධියා පරියොසානකල්යාණො.
සකල ශාස්තෘශාසනය ප්‍රකාශකරන පර්යාප්තිධර්මය ස්වකීය අර්ත්ථය වූ ශීලයෙන් ආදිකල්‍යාණද, සමථ විපස්සනා මාර්ගඵලයන්ගෙන් මධ්‍යකල්‍යාණද, නිර්වාණයෙන් පර්යවසානකල්‍යාණද වන්නේය. නොහොත්, ශීල සමාධි යන දෙකින් ආදිකල්‍යාණද විපස්සනා, මග්ග යන දෙකින් මධ්‍යකල්‍යාණද, ඵල, නිර්වාණ යන දෙකින් පර්යවසානකල්‍යාණද වන්නේය. නොහොත්, බුදුන් විසින් මනාලෙස අවබෝධ කළ හෙයින් ආදිකල්‍යාණද, ධර්මයම මනා ස්වභාවයෙන් යුක්ත වූ හෙයින් මධ්‍යකල්‍යාණද, සංඝයා සුපිළිවෙත් සහිත වන හෙයින් පර්යවසාන කල්‍යාණ ද වන්නේය. එම ධර්මය අසා දැන ඒ අනුව පිළිපන්නහු විසින් අවබෝධ කටයුතු සම්‍යක් සම්බෝධියෙන් ආදිකල්‍යාණද, ප්රත්යෙක බෝධියෙන් මධ්‍යකල්‍යාණද, ශ්‍රාවක බෝධියෙන් පර්යවසානකල්‍යාණ ද වන්නේය.
සුය්යමානො චෙස නීවරණවික්ඛම්භනතො සවනෙනපි කල්යාණමෙව ආවහතීති ආදිකල්යාණො, පටිපජ්ජියමානො සමථවිපස්සනාසුඛාවහනතො පටිපත්තියාපි කල්‍යාණං ආවහතීති මජ්ඣෙකල්යාණො, තථාපටිපන්නො ච පටිපත්තිඵලෙ නිට්ඨිතෙ තාදිභාවාවහනතො පටිපත්තිඵලෙනපි කල්‍යාණං ආවහතීති පරියොසානකල්යාණොති එවං ආදිමජ්ඣපරියොසානකල්යාණත්තා ස්වාක්ඛාතො.
මේ ධර්මය අසනු ලබනවිටම නීවරණයන් දුරුකරන හෙයින් ඇසීමෙන් පවා යහපත ගෙනදෙති’යි ආදිකල්‍යාණ වන්නේය, පිළිපදිනු ලබනවිට සමථ විපස්සනා සුඛය ගෙනදෙන හෙයින් පිළිපැදීමෙන්ද යහපත ගෙනදෙති’යි මධ්‍යකල්‍යාණ වන්නේය, පිළිපදනාලද මෙම ධර්මය ප්රතිපත්තිඵලය නිමවූ කල්හි අපේක්ෂිත අර්ත්ථය එළවන හෙයින් ප්‍රතිපත්ති ඵලයෙන්ද යහපත ගෙනදෙති’යි පර්යවසානකල්‍යාණ වන්නේය. මෙසේ මුල මැද අග යන තුන් තන්හිම කල්‍යාණ වන හෙයින් මනාසේ පවසන ලද්දේ (ස්වාක්ඛාත) වේ.
යං පනෙස භගවා ධම්මං දෙසෙන්තො සාසනබ්රහ්මචරියං මග්ගබ්රහ්මචරියඤ්ච පකාසෙති නානානයෙහි දීපෙති, තං යථානුරූපං අත්ථසම්පත්තියා සාත්ථං, බ්යඤ්ජනසම්පත්තියා සබ්යඤ්ජනං. සඞ්කාසනපකාසනවිවරණවිභජනඋත්තානීකරණපඤ්ඤත්තිඅත්ථපදසමායොගතො සාත්ථං, අක්ඛරපදබ්යඤ්ජනාකාරනිරුත්තිනිද්දෙසසම්පත්තියා සබ්යඤ්ජනං. අත්ථගම්භීරතාපටිවෙධගම්භීරතාහි සාත්ථං, ධම්මගම්භීරතාදෙසනාගම්භීරතාහි සබ්යඤ්ජනං. අත්ථපටිභානපටිසම්භිදාවිසයතො සාත්ථං, ධම්මනිරුත්තිපටිසම්භිදාවිසයතො සබ්යඤ්ජනං. පණ්ඩිතවෙදනීයතො පරික්ඛකජනප්පසාදකන්ති සාත්ථං, සද්ධෙය්යතො ලොකියජනප්පසාදකන්ති සබ්යඤ්ජනං. ගම්භීරාධිප්පායතො සාත්ථං, උත්තානපදතො සබ්යඤ්ජනං. උපනෙතබ්බස්ස අභාවතො සකලපරිපුණ්ණභාවෙන කෙවලපරිපුණ්ණං. අපනෙතබ්බස්ස අභාවතො නිද්දොසභාවෙන පරිසුද්ධං.
සංකාසන (සැකෙවින් හැඟවීම), පකාසන (විසිතුරු කොට පැවසීම) විවරණ (නොපළට තැන් පළට කිරීම), විභජන (විග්රහ කිරීම) උත්තානීකරන (පැහැදිලි කිරීම), පඤ්ඤත්ති (ධාරණය කිරීම) යන මේ සවැදෑරුම් අර්ත්ථ පදයන්ගේ සමායෝජනයෙන් හෙවත් එක්ව යෙදීමෙන් ‘සාර්ත්ථ’ නම් වේ. අක්ඛර, පද, ව්‍යංජන, ආකාර, නිරුත්ති, නිද්දේස යන මේ සවැදෑරුම් සම්පත්තියෙන් ‘සව්‍යංජන’ නම්වේ. අර්ත්ථගම්භීරතාවෙන් යුක්ත වූ හෙයින් සාර්ත්ථ නම්වේ, ධර්ම ගම්භීරතාවෙන් හා දේශනාගම්භීරතාවෙන් යුක්තවූ හෙයින් සව්‍යංජන නම් වේ. අත්ථපටිසම්භිදා පටිභානපටිසම්භිදා යන දෙකට විෂය වූ හෙයින් සාර්ත්ථ නම්වේ, ධම්මපටිසම්භිදා නිරුත්තිපටිසම්භිදා යන දෙකට විෂය වූ හෙයින් ‘සව්‍යංජන’ නම් වේ. නුවණැත්තන් විසින් දතහැකිවන හෙයින් පරීක්ෂක ජනයාට ප්‍රසාදය ජනිත කරවති’යි “සාර්ත්ථ” නම්වේ, ඇදහිය හැකිවන හෙයින් ලෞකික ජනයාහට ප්‍රසාදය ගෙනදෙති’යි සව්‍යංජන නම්වේ. ගම්භීර අභිප්‍රාය ඇති හෙයින් සාර්ත්ථ නම්වේ, සුබෝධ වූ පද ඇති හෙයින් සව්‍යංජන නම්වේ. එක්කළයුතු කිසිවක් නොමැති හෙයින් සියල්ලෙන් පරිපූර්ණ වූ බැවින් කේවලපරිපූණ්ණ නම්වේ, ඉවත් කළයුතු කිසිවක් නැති හෙයින් නිදොස් වන බැවින් පරිසුද්ධ නම්වේ.
අපිච පටිපත්තියා අධිගමබ්යත්තිතො සාත්ථං, පරියත්තියා ආගමබ්යත්තිතො සබ්යඤ්ජනං, සීලාදිපඤ්චධම්මක්ඛන්ධයුත්තතො කෙවලපරිපුණ්ණං, නිරුපක්කිලෙසතො නිත්තරණත්ථාය පවත්තිතො ලොකාමිසනිරපෙක්ඛතො ච පරිසුද්ධන්ති එවං සාත්ථසබ්යඤ්ජනකෙවලපරිපුණ්ණපරිසුද්ධබ්රහ්මචරියප්පකාසනතො ස්වාක්ඛාතො.
තවද ප්‍රතිපත්තියෙන් අධිගමය ව්යක්තවන හෙයින් සාර්ත්ථ නම්වේ. පර්යාප්ති ධර්මයෙන් ආගම ව්යක්තවන හෙයින් සව්‍යංජන නම්වේ. ශීලාදී පංචධර්මස්කන්ධයෙන් යුක්තවන හෙයින් කේවලපරිපූණ්ණ නම්වේ. දිට්ඨි, මාන ආදී උපක්ලේශයන්ගෙන් තොරවූ හෙයින්, සසරවටින් ගොඩ යනු පිණිස පවත්නා හෙයින්, හා ලෝකාමිෂයෙහි අපෙක්ෂා නැති හෙයින් පිරිසිදුවූහ’යි මෙසේ සාර්ත්ථ, සව්‍යංජන, කෙවලපරිපූණ්ණ, පරිසුද්ධ, බ්රහ්මචර්යය ප්‍රකාශ කරන හෙයින් ‘ස්වාක්ඛාත’ නම් වේ.
අත්ථවිපල්ලාසාභාවතො වා සුට්ඨු අක්ඛාතොති ස්වාක්ඛාතො. යථා හි අඤ්ඤතිත්ථියානං ධම්මස්ස අත්ථො විපල්ලාසමාපජ්ජති, අන්තරායිකාති වුත්තධම්මානං අන්තරායිකත්තාභාවතො, නිය්යානිකාති වුත්තධම්මානං නිය්යානිකත්තාභාවතො. තෙන තෙ දුරක්ඛාතධම්මායෙව හොන්ති, න තථා භගවතො ධම්මස්ස අත්ථො විපල්ලාසමාපජ්ජති. ඉමෙ ධම්මා අන්තරායිකා, ඉමෙ ධම්මා නිය්යානිකාති එවං වුත්තධම්මානං තථාභාවානතික්කමනතොති. එවං තාව පරියත්තිධම්මො ස්වාක්ඛාතො.
නොහොත්, අර්ත්ථවිපර්යාසයක් නොවන හෙයින් මනාසේ කියන ලදහ’යි ස්වාක්ඛාත නම්වේ. යම්සේ අන්යතීර්ත්ථකයන්ගේ ධර්මයෙහි අර්ත්ථය විපර්යාසයට පැමිණේද, අන්තරායිකයයි කියන ලද ධර්මයන් අන්තරායික නොවියහැකි හෙයින්ද, නෛර්යානිකයයි කියනලද ධර්මයන් නෛර්යානික නොවියහැකි හෙයින්ද ඒ තීර්ත්ථකජනයා මනාසේ නොකියනලද (දුරක්ඛාත) ධර්ම ඇත්තාහුම වෙති, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙහි අර්ත්ථය ඒ ආකාරයෙන් විපර්යාසයට නොපැමිණේ, මේ ධර්මයෝ අන්තරායිකයහ’යිද, මේ ධර්මයෝ නෛර්යානිකයහ’යිද කියන ලද්දාහු නම්, එම ධර්මයන් කියනලද ස්වභාවය නොඉක්මවන හෙයිනි. මෙසේ පළමුකොට පර්යාප්ති ධර්මය ස්වාක්ඛාත නම්වේ,
ලොකුත්තරධම්මො පන නිබ්බානානුරූපාය පටිපත්තියා පටිපදානුරූපස්ස ච නිබ්බානස්ස අක්ඛාතත්තා ස්වාක්ඛාතො. යථාහ – “සුපඤ්ඤත්තා ඛො පන තෙන භගවතා සාවකානං නිබ්බානගාමිනී පටිපදා සංසන්දති නිබ්බානඤ්ච පටිපදා ච. සෙය්යථාපි නාම ගඞ්ගොදකං යමුනොදකෙන සංසන්දති සමෙති, එවමෙව සුපඤ්ඤත්තා (දී· නි· 2.296) තෙන භගවතා සාවකානං නිබ්බානගාමිනී පටිපදා සංසන්දති නිබ්බානඤ්ච පටිපදා චා”ති. අරියමග්ගො චෙත්ථ අන්තද්වයං අනුපගම්ම මජ්ඣිමා පටිපදාභූතොව “මජ්ඣිමා පටිපදා”ති අක්ඛාතත්තා ස්වාක්ඛාතො. සාමඤ්ඤඵලානි පටිපස්සද්ධකිලෙසානෙව “පටිපස්සද්ධකිලෙසානී”ති අක්ඛාතත්තා ස්වාක්ඛාතානි. නිබ්බානං සස්සතාමතතාණලෙණාදිසභාවමෙව සස්සතාදිසභාවවසෙන අක්ඛාතත්තා ස්වාක්ඛාතන්ති එවං ලොකුත්තරධම්මොපි ස්වාක්ඛාතො.
ලෝකෝත්තර ධර්මය වනාහි නිර්වාණයට අනුරූපවූ ප්රතිපත්තියද, ප්‍රතිපදාවට අනුරූපවූ නිර්වාණයද කියනලද බැවින් ස්වාක්ඛාත නම්වේ. යම්සේ කියනලදද: “ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයනට නිර්වාණගාමිනී ප්‍රතිපදාව මනාසේ පනවන ලද්දේම වේ, නිර්වාණයද ප්‍රතිපදාවද එකිනෙක සැසඳී, යම්සේ වනාහි ගංගා නදී ජලය යමුනා නදී ජලය හා සමග සැසඳේ ද, සමවේද, එසේම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයනට නිර්වාණගාමිනී ප්‍රතිපදාව මනාසේ පනවන ලද්දේම වේ, නිර්වාණයද ප්‍රතිපදාවද එකිනෙක සැසදේ” මෙහි ආර්යමාර්ගයද අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදා වූයේම මධ්‍යම ප්‍රතිපදායයි කියනලද හෙයින් ස්වාක්ඛාත නම්වේ. ශ්‍රාමණ්‍යඵලයෝද සන්සුන් කෙලෙස් ඇති හෙයින්ම සන්සුන් කෙලෙස් ඇත්තාහ’යි කියන ලද හෙයින් ස්වාක්ඛාත නම් වෙති. නිර්වාණයද සස්සත (සදාකාලික), අමත (අමෘත), තාණ (රක්ෂාස්ථාන) ලෙණ (ආවරණ) යන ආදී ස්වභාව ඇත්තේම සස්සතාදී ස්වභාව වශයෙන් කියන ලද හෙයින් ස්වාක්ඛාත නම් වේ. මෙසේ ලොකෝත්තර ධර්මයද ස්වාක්ඛාත නම්වේ.
සන්දිට්ඨිකොති එත්ථ පන අරියමග්ගො තාව අත්තනො සන්තානෙ රාගාදීනං අභාවං කරොන්තෙන අරියපුග්ගලෙන සාමං දට්ඨබ්බොති සන්දිට්ඨිකො. යථාහ –“රත්තො ඛො, බ්‍රාහ්මණ, රාගෙන අභිභූතො පරියාදිණ්ණචිත්තො අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති. චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. රාගෙ පහීනෙ නෙව අත්තබ්‍යාබාධාය චෙතෙති, න පරබ්‍යාබාධාය චෙතෙති, න උභයබ්‍යාබාධාය චෙතෙති, න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එවම්පි ඛො, බ්‍රාහ්මණ, සන්දිට්ඨිකො ධම්මො හොතී”ති(අ· නි· 3.54). අපිච නවවිධොපි ලොකුත්තරධම්මො යෙන යෙන අධිගතො හොති, තෙන තෙන පරසද්ධාය ගන්තබ්බතං හිත්වා පච්චවෙක්ඛණඤාණෙන සයං දට්ඨබ්බොති සන්දිට්ඨිකො. අථ වා පසත්ථා දිට්ඨි සන්දිට්ඨි, සන්දිට්ඨියා ජයතීති සන්දිට්ඨිකො. තථා හෙත්ථ අරියමග්ගො සම්පයුත්තාය, අරියඵලං කාරණභූතාය, නිබ්බානං විසයිභූතාය සන්දිට්ඨියා කිලෙසෙ ජයති. තස්මා යථා රථෙන ජයතීති රථිකො, එවං නවවිධොපි ලොකුත්තරධම්මො සන්දිට්ඨියා ජයතීති සන්දිට්ඨිකො.
සන්දිට්ඨිකො යන මෙහි වනාහි, ආර්යමාර්ගය තමාගේ සන්තානය තුළ රාගාදී කෙලෙසුන් වඳ කිරීමෙන් තමා විසින්ම දතයුතු වෙති’යි “සන්දිට්ඨික’ නම් වේ. යම්සේ කියන ලදද: ‘බ්‍රාහ්මණය, රාගී පුද්ගල තෙමේ රාගයෙන් මඩනා ලද්දේ, රාගයෙන් වෙළාගන්නාලද සිත් ඇත්තේ, තමා පෙළනු පිණිසද ප්‍රයෝග කරයි, අනුන් පෙළීම පිණිසද ප්‍රයෝග කරයි, දෙපක්ෂයම පෙළනු පිණිසද ප්‍රයෝග කරයි, චෛතසික වූ දුක් දොම්නස්ද විඳියි, රාගය පහ කරනලද කල්හි තමා පෙළනු පිණිසද, අනුන් පෙළනු පිණිසද, දෙපක්ෂයම පෙළනු පිණිසද ප්රයත්න නොකරයි, චෛතසික වූ දුක් දොම්නස්ද නොවිඳියි, බ්‍රාහ්මණය මෙසේද ධර්මය සන්දිට්ඨික වන්නේය. තවද නවවිධ වූ ලෝකෝත්තර ධර්මය, යම් යම් පුද්ගලයකු විසින් අවබෝධ කරන ලද්දේ වේද, ඒ ඒ පුද්ගලයා විසින් අනුන් කෙරෙහි ඇදහීමෙන් යායුතුබව හැර ප්රත්යක්ෂ ඥානයෙන් තමා විසින්ම දතයුතු වෙති’යි ‘සන්දිට්ඨික’ නම් වේ. නොහොත් ප්රශස්ත වූ දෘෂ්ටිය සන්දිට්ඨි නමි, එම සන්දිට්ඨිය හේතුකොටගෙන ජය ගනී යන අර්ත්ථයෙන් සන්දිට්ඨික නම් වේ. ඒ එසේම වේ, මෙහි ආර්යමාර්ගය තමා සමග යෙදුණා වූ සන්දෘෂ්ටිය හේතුකොටගෙනද, ආර්යඵලය තමාට කාරණ වූ සන්දෘෂ්ටිය හේතුකොටගෙනද, නිර්වාණය තමාට විෂය වූ සන්දෘෂ්ටිය හේතුකොටගෙනද ක්ලේශයන් ජයගනී. එහෙයින්, යම්සේ රථය හේතුකොටගෙන ජයගනී යන අරුතින් රථික නම් වේද, එසේ නවවිධ වූ ලෝකෝත්තර ධර්මය සන්දෘෂ්ටිය හේතුකොටගෙන ජයගනී යන අරුතින් සන්දිට්ඨික නම් වේ.
අථ වා දිට්ඨන්ති දස්සනං වුච්චති. දිට්ඨමෙව සන්දිට්ඨං, දස්සනන්ති අත්ථො. සන්දිට්ඨං අරහතීති සන්දිට්ඨිකො. ලොකුත්තරධම්මො හි භාවනාභිසමයවසෙන සච්ඡිකිරියාභිසමයවසෙන ච දිස්සමානොයෙව වට්ටභයං නිවත්තෙති. තස්මා යථා වත්ථං අරහතීති වත්ථිකො, එවං සන්දිට්ඨං අරහතීති සන්දිට්ඨිකො.
නොහොත්: ‘දිට්ඨං’ යනු දර්ශනයයි කියනු ලැබේ, ‘දිට්ඨං’ යනුම ‘සන්දිට්ඨං’ නම් වේ, සන්දර්ශන (යහපත් දර්ශන) ය යන අර්‍ත්‍ථයි, සන්දර්ශනයට සුදුසු වෙති’යි සන්දිට්ඨික නම් වේ. ලෝකෝත්තර ධර්මය වූ කලී භාවනා ප්‍රතිවේධ වශයෙන්ද ප්රත්යක්ෂ ප්‍රතිවේධ වශයෙන්ද දක්නා ලබනුයේම සසර බිය වළක්වයි. එහෙයින් යම්සේ වස්ත්‍රයට සුදුසුය යන අරුතින් ‘වත්ථික’ නම් වේද එසේම සන්දිට්ඨියට සුදුසුය යන අරුතින් සන්දිට්ඨික නම් වේ.
අත්තනො ඵලදානං සන්ධාය නාස්ස කාලොති අකාලො. අකාලොයෙව අකාලිකො. න පඤ්චාහසත්තාහාදිභෙදං කාලං ඛෙපෙත්වා ඵලං දෙති, අත්තනො පන පවත්තිසමනන්තරමෙව ඵලදොති වුත්තං හොති. අථ වා අත්තනො ඵලදානෙ පකට්ඨො කාලො පත්තො අස්සාති කාලිකො. කො සො? ලොකියො කුසලධම්මො. අයං පන සමනන්තරඵලත්තා න කාලිකොති අකාලිකො. ඉදං මග්ගමෙව සන්ධාය වුත්තං.
තමාගේ ඵලදානය සඳහා නියමිත කලක් නැතැ’යි යන අරුතින් ‘අකාල’ නමි, ‘අකාල’ යනුම අකාලික වේ, පස් දිනෙක, සත් දිනෙක යන ආදී භේද සහිත කාලයක් ගෙවා පල දෙනුයේ නොවේ, තමාගේ පැවැත්ම හා සමඟම, අතරක් නැතිවම, පල දෙති’යි කී නියායි, නොහොත්, තමාගේ ඵලදානයෙහිදී බොහෝ කලක් ගතවීයයි යන අරුතින් ‘කාලික’ නමි, ඒ කිමෙක්ද? ලෞකික කුශල ධර්මයයි, මේ ලෝකෝත්තර ධර්මය වනාහි අතරක් නැතිවම පල දෙන හෙයින් ‘කාලික’ නොවෙති’යි අකාලික නම් වේ. මෙය මාර්ග චිත්තය සඳහාම කියනලදි.
“එහි පස්ස ඉමං ධම්ම”න්ති එවං පවත්තං එහිපස්සවිධිං අරහතීති එහිපස්සිකො. කස්මා පනෙස තං විධිං අරහතීති? විජ්ජමානත්තා පරිසුද්ධත්තා ච . රිත්තමුට්ඨියං හි හිරඤ්ඤං වා සුවණ්ණං වා අත්ථීති වත්වාපි “එහි පස්ස ඉම”න්ති න සක්කා වත්තුං. කස්මා? අවිජ්ජමානත්තා. විජ්ජමානම්පි ච ගූථං වා මුත්තං වා මනුඤ්ඤභාවප්පකාසනෙන චිත්තසම්පහංසනත්ථං “එහි පස්ස ඉම”න්ති න සක්කා වත්තුං. අපිච ඛො පන තිණෙහි වා පණ්ණෙහි වා පටිච්ඡාදෙතබ්බමෙව හොති. කස්මා? අපරිසුද්ධත්තා. අයං පන නවවිධොපි ලොකුත්තරධම්මො සභාවතොව විජ්ජමානො විගතවලාහකෙ ආකාසෙ සම්පුණ්ණචන්දමණ්ඩලං විය පණ්ඩුකම්බලෙ නික්ඛිත්තජාතිමණි විය ච පරිසුද්ධො. තස්මා විජ්ජමානත්තා පරිසුද්ධත්තා ච එහිපස්සවිධිං අරහතීති එහිපස්සිකො.
‘එව, මේ ධර්මය බලව’ යනුවෙන් මෙසේ පවත්නා ‘එහි, පස්ස’ යන විධානයට යෝග්‍ය වෙති’යි එහිපස්සික නම් වේ. කවර හෙයින් මේ ධර්මය එම විධානයට සුදුසු වන්නේද? විද්‍යමානවන හෙයිනි, එසේම පිරිසුදුවන හෙයිනි. හිස්වූ මුෂ්ටියෙහි (මිටෙහි) වනාහි ‘මෙහි අමුරන් හෝ රත්රන් හෝ ඇතැ’යි කීවත්, ‘එව බලව’යි කිව නොහැකිය. කවර හෙයින්ද? අවිද්‍යාමාන හෙයිනි. විද්‍යාමාන වූද මල හෝ මූත්‍ර හෝ මනෝඥභාවය ප්‍රකාශ කිරීමෙන් සිත් සතුට දනවනු පිණිස ‘එව බලව’යි කිව නොහැකිය. තවද එය තෘණයෙන් හෝ පර්ණයෙන් වැසියයුතුද වේ. කවර හෙයින්ද? අපිරිසිදු වූ හෙයිනි. මේ නවලෝකෝත්තර ධර්මය ස්වභාව වශයෙන්ම විද්යමානවූයේ වළාකුල් පහව ගිය ආකාශයෙහි පූර්ණ චන්ද්‍රමණ්ඩලය සෙයින්ද පඬුවන් කම්බියෙක්හි බහා තබනලද දෑරඟමිණක් සෙයින්ද පිරිසුදු වේ. මෙසේ විද්‍යමාන හෙයින්ද, පිරිසිදු වූ හෙයින්ද, ‘එහි, පස්ස’ යන විධානයට සුදුසු වෙති’යි ‘එහිපස්සික’ නම් වේ.
උපනෙතබ්බොති ඔපනෙය්‍යිකො. අයං පනෙත්ථ විනිච්ඡයො, උපනයනං උපනයො, ආදිත්තං චෙලං වා සීසං වා අජ්ඣුපෙක්ඛිත්වාපි භාවනාවසෙන අත්තනො චිත්තෙ උපනයනං අරහතීති ඔපනයිකො. ඔපනයිකොව ඔපනෙය්‍යිකො. ඉදං සඞ්ඛතෙ ලොකුත්තරධම්මෙ යුජ්ජති. අසඞ්ඛතෙ පන අත්තනො චිත්තෙන උපනයනං අරහතීති ඔපනෙය්‍යිකො. සච්ඡිකිරියාවසෙන අල්ලීයනං අරහතීති අත්ථො.
එළවිය යුතුය යන අරුතින් ඔපනයික නමි. මෙහි විනිශ්චය මෙසේය: එළවීම උපනය නමි. ගිනි ඇවිලගත් ඉනකඩ හෝ හිස ගැන පවා නොතකා භාවනා වශයෙන් තමාගේ සිත තුළ ඉපැදවිය යුතුය යන අරුතින් ‘ඔපනයික’ නම් වේ. මෙය (සතර මඟ සතර පල) යන සංඛත ලෝකෝත්තර ධර්මය කෙරෙහි යෙදේ. අසංඛත ලෝකෝත්තර ධර්ම (නිර්වාණ) ය වනාහි තමාගේ සිතින්ම එළඹීම සුදුසුය යන අරුතින් ඔපනයික නම් වේ. සාක්ෂාත් කිරීම් වශයෙන් අත්නොහැර ඇලී සිටීම යෝග්‍ය වෙතියි යන අර්‍ත්‍ථයි.
අථ වා නිබ්බානං උපනෙතීති අරියමග්ගො උපනෙය්යො. සච්ඡිකාතබ්බතං උපනෙතබ්බොති ඵලනිබ්බානධම්මො උපනෙය්යො. උපනෙය්යො එව ඔපනෙය්‍යිකො.
නොහොත්, නිර්වාණය කරා මෙහෙයවති’යි ආර්යමාර්ගය උපනෙය්‍ය නමි, සාක්ෂාත් කළයුතු බවට පමුණුවතියි ඵල නිර්වාණධර්මය උපනෙය්‍ය නමි, උපනෙය්‍ය යනුම ‘ඔපනයික’ වේ.
පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති සබ්බෙහිපි උග්ඝටිතඤ්ඤූආදීහි විඤ්ඤූහි අත්තනි අත්තනි වෙදිතබ්බො “භාවිතො මෙ මග්ගො, අධිගතං ඵලං, සච්ඡිකතො නිරොධො”ති. න හි උපජ්ඣායෙන භාවිතෙන මග්ගෙන සද්ධිවිහාරිකස්ස කිලෙසා පහීයන්ති, න සො තස්ස ඵලසමාපත්තියා ඵාසුවිහරති, න තෙන සච්ඡිකතං නිබ්බානං සච්ඡිකරොති. තස්මා න එස පරස්ස සීසෙ ආභරණං විය දට්ඨබ්බො, අත්තනො පන චිත්තෙයෙව දට්ඨබ්බො, අනුභවිතබ්බො විඤ්ඤූහීති වුත්තං හොති. බාලානං පන අවිසයො චෙස.
පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි: උග්ඝටිතඤ්ඤූ ආදී වූ සියලුම විඥ (නුවණැති) යන් විසින් තම තමන් කෙරෙහිම, ‘මවිසින් ආර්යමාර්ගය වඩනා ලද්දේය, ඵලය අවබෝධ කරන ලද්දේය, නිවණ ප්රත්යක්ෂ කරන ලද්දේය’යි දතයුතුය. උපාධ්‍යායයන් විසින් ආර්යමාර්ග වඩනාලද කල්හි සද්ධිවිහාරිකයන්ගේ කෙලෙස්හු පහනොවෙති, සද්ධිවිහාරිකයා උපාධ්යයන්ගේ ඵලසමාපත්තියෙන් ඵාසුවිහරණය නොලබයි. ඔවුන් විසින් ප්රත්යක්ෂ කර ගන්නාලද නිර්වාණය ප්රත්යක්ෂ නොකරයි. එහෙයින් මේ නවලෝකෝත්තර ධර්මය අනුන් හිසෙහි පළඳනාවක් විලසින් නොදැක්ක යුතුය. තමන් සිත තුළම දැක්ක යුතුය. නුවණැත්තවුන් විසින් අත්දැකීමෙන්ම ප්රත්යක්ෂ කටයුතු යයි කී -නියායි. මේ ධර්මය වනාහි ආඥානයන්හට විෂය නොවේ.
අපිච ස්වාක්ඛාතො අයං ධම්මො. කස්මා? සන්දිට්ඨිකත්තා. සන්දිට්ඨිකො, අකාලිකත්තා. අකාලිකො, එහිපස්සිකත්තා. යො ච එහිපස්සිකො, සො නාම ඔපනෙය්‍යිකො හොතීති.
තවද, මේ ධර්මය ‘ස්වාක්ඛාත’ නම්වේ, කවර හෙයින්ද? සන්දිට්ඨික වූ හෙයිනි, සන්දිට්ඨික වනුයේ අකාලිකවු හෙයිනි, අකාලික වනුයේ එහිපස්සිකවූ හෙයිනි, යම් ධර්මයක් එහිපස්සික වේනම්, එය ඔපනයික වේයයි
තස්සෙවං ස්වාක්ඛාතතාදිභෙදෙ ධම්මගුණෙ අනුස්සරතො නෙව තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති. න දොස…පෙ… න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති ධම්මං ආරබ්භාති (අ· නි· 6.10) පුරිමනයෙනෙව වික්ඛම්භිතනීවරණස්ස එකක්ඛණෙ ඣානඞ්ගානි උප්පජ්ජන්ති. ධම්මගුණානං පන ගම්භීරතාය නානප්පකාරගුණානුස්සරණාධිමුත්තතාය වා අප්පනං අප්පත්වා උපචාරප්පත්තමෙව ඣානං හොති. තදෙතං ධම්මගුණානුස්සරණවසෙන උප්පන්නත්තා ධම්මානුස්සතිච්චෙව සඞ්ඛං ගච්ඡති.
මෙසේ ස්වාක්ඛාතාදී වූ දහම් ගුණ සිහි කරන ඒ යෝගාවචරයාගේ සිත එසමයෙහි රාගයෙන් මඩනා ලද්දේ නොවේ. ද්වේෂයෙන් මඩනා ලද්දේ නොවේ, මෝහයෙන් මඩනා ලද්දේ නොවේ. එසමයෙහි ඔහුගේ සිත ධර්මය ඇරබ සෘජු බවට පත් වන්නේය. පෙර කී -නයින්ම නීවරණ සොල්වාහළ ඔහුට එක් වරම ධ්‍යානාංගයෝ උපදිති. දහම්ගුණයෙහි ගැඹුරු බව හේතුකොට හෝ නොයෙක් ආකාරයෙන් අනුස්මරණය කිරීමෙහි අභිලාෂ ඇති හෙයින් හෝ අර්පණාවට නොපැමිණි උපචාරයට පත් ධ්‍යානයම වේ. ඒ මේ ධර්මගුණ අනුස්මරණ වශයෙන් උපන් හෙයින් ධම්මානුස්සතිය යන ව්‍යවහාරයට පත්වේ.
ඉමඤ්ච පන ධම්මානුස්සතිං අනුයුත්තො භික්ඛු එවං ඔපනෙය්යිකස්ස ධම්මස්ස දෙසෙතාරං ඉමිනාපඞ්ගෙන සමන්නාගතං සත්ථාරං නෙව අතීතංසෙ සමනුපස්සාමි, න පනෙතරහි අඤ්ඤත්ර තෙන භගවතාති එවං ධම්මගුණදස්සනෙනෙව සත්ථරි සගාරවො හොති සප්පතිස්සො. ධම්මෙ ගරුචිත්තීකාරො සද්ධාදිවෙපුල්ලං අධිගච්ඡති, පීතිපාමොජ්ජබහුලො හොති, භයභෙරවසහො, දුක්ඛාධිවාසනසමත්ථො, ධම්මෙන සංවාසසඤ්ඤං පටිලභති, ධම්මගුණානුස්සතියා අජ්ඣාවුත්ථඤ්චස්ස සරීරම්පි චෙතියඝරමිව පූජාරහං හොති, අනුත්තරධම්මාධිගමාය චිත්තං නමති, වීතික්කමිතබ්බවත්ථුසමායොගෙ චස්ස ධම්මසුධම්මතං සමනුස්සරතො හිරොත්තප්පං පච්චුපට්ඨාති. උත්තරි අප්පටිවිජ්ඣන්තො පන සුගතිපරායනො හොති.
මේ ධම්මානුස්සති භාවනාවෙහි නිරත වූ භික්ෂු තෙමේ මෙසේ ඉහත කී ඔපනයික ගුණයෙන් යුතු ධර්මය දේශනා කරන්නාවූ, මේ අංගයෙනුදු සමන්විත වූ ශාස්තෘවරයකු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අතීතයෙහි හෝ වර්තමානයෙහි හෝ නොදක්නෙමි’යි මෙසේ ධර්මයෙහි ගුණ දැකීමෙන්ම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත වන්නේය, යහපත් පැවතුම් ඇත්තෙක් වන්නේය, ධර්මය කෙරෙහි ගරුසරු සහිත සිත් ඇත්තේ ශ්‍රද්ධාදී ගුණයෙන් මහත්බවට පැමිණෙන්නේය, ප්‍රීති ප්‍රමෝද බහුලවූයේ, බිය හා බියජනක උවදුරු ඉවසනු සමත්වූයේ, දුක් ඉවසනු සමත්වූයේ ධර්මය හා සමඟම වෙසෙමි’යි යන හැඟීම ලබන්නේය. ධර්මගුණානුස්මරණ ඇතිව වාසය කරන ඔහුගේ ශරීරය පවා චෙත්යගෘහයක් මෙන් පූජාර්හ බවට පත්වන්නේය. අනුත්තර ධර්ම (නිර්වාණ) ය අවබෝධ කරනු පිණිස සිත යොමු වන්නේය. ඉක්මවිය හැකි ශික්ෂාපද එළඹසිටි කල්හි පවා ධර්මය පිළිබඳ යහපත් ස්වභාවය සිහිකරන ඔහුට හිරි, ඔතප් දෙක එළඹ සිටී, උතුම් වූ නිර්වාණය අවබෝධ කළ නොහැකි වුවහොත් ස්වර්ගපරායන වන්නේය.
තස්මා හවෙ අප්පමාදං, කයිරාථ සුමෙධසො; එවං මහානුභාවාය, ධම්මානුස්සතියා සදාති.
තස්මා හවෙ අප්පමාදං කයිරාථ සුමෙධසො එවං මහානුභාවාය ධම්මානුස්සතිය සදා.
එහෙයින් මෙවන් මහානුභාවසම්පන්න වූ ධම්මානුස්සති භාවනාව කෙරෙහි යහපත් ප්‍රඥා ඇත්තේ ඒකාන්තයෙන් සැම කල්හිම උත්සාහ ඇත්තෙක් වන්නේය.
ඉදං ධම්මානුස්සතියං විත්ථාරකථාමුඛං.
මේ ධම්මානුස්සති භාවනාව පිළිබඳ විස්තර කථාවයි.