යෙදුමෙන් කියවන්න

බුද‍්ධානුස‍්සතිකථා

බුද‍්ධානුස‍්සතිකථා

බුද්ධානුස්සති භාවනාව

අසුභානන‍්තරං උද‍්දිට‍්ඨාසු පන දසසු අනුස‍්සතීසු පුනප‍්පුනං උප‍්පජ‍්ජනතො සතියෙව අනුස‍්සති, පවත‍්තිතබ‍්බට‍්ඨානම‍්හියෙව වා පවත‍්තත‍්තා සද‍්ධාපබ‍්බජිතස‍්ස කුලපුත‍්තස‍්ස අනුරූපා සතීතිපි අනුස‍්සති, බුද‍්ධං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති බුද‍්ධානුස‍්සති, බුද‍්ධගුණාරම‍්මණාය සතියා එතමධිවචනං. ධම‍්මං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති ධම‍්මානුස‍්සති, ස‍්වාක‍්ඛාතතාදිධම‍්මගුණාරම‍්මණාය සතියා එතමධිවචනං. සඞ‍්ඝං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති සඞ‍්ඝානුස‍්සති, සුප‍්පටිපන‍්නතාදිසඞ‍්ඝගුණාරම‍්මණාය සතියා එතමධිවචනං. සීලං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති සීලානුස‍්සති, අඛණ‍්ඩතාදිසීලගුණාරම‍්මණාය සතියා එතමධිවචනං. චාගං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති චාගානුස‍්සති, මුත‍්තචාගතාදිචාගගුණාරම‍්මණාය සතියා එතමධිවචනං. දෙවතා ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති දෙවතානුස‍්සති, දෙවතා සක‍්ඛිට‍්ඨානෙ ඨපෙත්‍වා අත‍්තනො සද‍්ධාදිගුණාරම‍්මණාය සතියා එතමධිවචනං. මරණං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති මරණානුස‍්සති, ජීවිතින්‍ද්‍රියුපච‍්ඡෙදාරම‍්මණාය සතියා එතමධිවචනං. කෙසාදිභෙදං රූපකායං ගතා, කායෙ වා ගතාති කායගතා, කායගතා ච සා සති චාති කායගතසතීති වත‍්තබ‍්බෙ රස‍්සං අකත්‍වා කායගතාසතීති වුත‍්තා, කෙසාදිකායකොට‍්ඨාසනිමිත‍්තාරම‍්මණාය සතියා එතමධිවචනං. ආනාපානෙ ආරබ‍්භ උප‍්පන‍්නා සති ආනාපානස‍්සති, අස‍්සාසපස‍්සාසනිමිත‍්තාරම‍්මණාය සතියා එතමධිවචනං. උපසමං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති උපසමානුස‍්සති, සබ‍්බදුක‍්ඛූපසමාරම‍්මණාය සතියා එතමධිවචනං.

දස අසුභයනට අනතුරුව දක්වන ලද දස අනුස්සතීන් අතර නැවත නැවත උපදනා හෙයින් එහි සති තොමෝම අනුස්සති නම්වේ, පැවැත්විය යුතු තන්හිම පැවැත්වෙන හෙයින් හෝ සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්‍රයාහට යෝග්‍ය වූ හෙයින් හෝ අනුස්සති නම්වේ-බුදුන් උදෙසා උපන් අනුස්සතිය බුද්ධානුස්සති නම් වේ, බුදුගුණ අරමුණුකොට උපන් සිහියට මේ අධිවචනයෙකි. ධර්මය අරබයා උපන් අනුස්සතිය ධම්මානුස්සති නම් වේ, ස්වාක්ඛාතතාදී දහම්ගුණ අරමුණු කොට ඇති සිහියට මේ අධිවචනයෙකි. සංඝයා අරබයා උපන් අනුස්සතිය සංඝානුස්සති නම් වේ, සුපටිපන්නතාදී සඟුන් ගුණ අරමුණුකොට ඇති සිහියට මේ අධිවචනයෙකි. සීලය අරබයා උපන් අනුස්සතිය සීලානුස්සති නම් වේ, අඛණ්ඩතාදී සිල්ගුණ අරමුණු කොට ඇති සිහියට මේ අධිවචනයෙකි. චාගය අරබයා උපන් අනුස්සතිය චාගානුස්සති නම් වේ, මුදාහළ ආශා ඇතිබව ආදී ත්‍යාගගුණ අරමුණුකොට ඇති සිහියට මේ අධිවචනයෙකි. දේවතාවන් අරබයා උපන් අනුස්සතිය දෙවතානුස්සති නම්වේ, දෙවියන් සාක්‍ෂ්‍යස්ථානයෙහි තබා තමාගේ ශ්‍රද්ධාදී ගුණ අරමුණුකොට ඇති සිහියට මේ අධිවචනයෙකි. මරණය අරබයා උපන් සිහිය මරණසති නම් වේ, ජීවිතෙන්‍ද්‍රිය ක්‍ෂයවීම අරමුණු කොට ඇති සිහියට මේ අධිවචනයෙකි. කෙශාදී ප්‍රභේද ඇති රූපකාය වෙත යොමුවූවා නොහොත් කය වෙත නැඹුරුවූවා කායගතා නමි, ‘කායගතා’ ද වූවා ‘සති’ ද වූවා ‘කායගතාසති’ (සමාස කොට) කිවයුතු තැන භ්‍රස්ව නොකොට කායගතාසතියයි කියන ලදී, කෙශාදීවූ කයෙහි කොටස් නිමිතිකොට, අරමුණු කොට ඇති සිහියට මේ අධිවචනයෙකි. ආශ්වාස ප්‍රශ්වාසයන් අරබයා උපන් සතිය ආනාපානසති නම් වේ, ආශ්වාස ප්‍රශ්වාසයන් නිමිතිකොට අරමුණු කොට ඇති සිහියට මේ අධිවචනයෙකි. උපසමය අරබයා උපන් අනුස්සතිය උපසමානුස්සති නම් වේ. සියලු දුක් ශමනය කිරීම අරමුණු කොට ඇති සිහියට මේ අධිවචනයෙකි.

ඉති ඉමාසු දසසු අනුස‍්සතීසු බුද‍්ධානුස‍්සතිං තාව භාවෙතුකාමෙන අවෙච‍්චප‍්පසාදසමන‍්නාගතෙන යොගිනා පතිරූපසෙනාසනෙ රහොගතෙන පටිසල‍්ලීනෙන “ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති (අ· නි· 6.10) එවං බුද‍්ධස‍්ස භගවතො ගුණා අනුස‍්සරිතබ‍්බා.

මෙසේ මේ දස අනුස්සතීන් අතුරින් පළමුකොට බුද්ධානුස්සති භාවනාව වඩනු කැමැති, බුදුගුණ තත්වාකාරයෙන් දැනීම හේතුකොට උපන් ප්‍රසාද ඇති යෝගාවචරයා විසින් යෝග්‍ය වූ සෙනස්නෙක්හි, හුදෙකලාව විවේක සුවයෙන් යුක්තව, “මේ කරුණෙනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් නම් වන සේක, සම්මාසම්බුද්ධ නම් වනසේක, අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්විත වන සේක, සුගත නම් වන සේක. ලොකවිදූ නම් වන සේක, අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. දෙවිමිනිසුන්ට අනුශාසනා කරන හෙයින් ශාස්තෲ නම් වන සේක, භගවත් නම්ද වනසේකැ’යි මෙසේ භාග්‍යවත් බුදුන් වහන්සේගේ ගුණ සිහිකළ යුතුය.

තත්‍රායං අනුස‍්සරණනයො – සො භගවා ඉතිපි අරහං, ඉතිපි සම‍්මාසම‍්බුද‍්ධො…පෙ… ඉතිපි භගවාති අනුස‍්සරති. ඉමිනා ච ඉමිනා ච කාරණෙනාති වුත‍්තං හොති.

ඒ අනුස්මරණ ක්‍රමය මෙසේයි:- “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අර්හත් වනසේක, මෙසේද සම්මාසම්බුද්ධ වන සේක, -පෙ-මෙසේද හගවත් වනසේකැ’යි සිහිකරන්නේය. මේ මේ කරුණින්යයි කී නියායි.

තත්‍ථ ආරකත‍්තා අරීනං අරානඤ‍්ච හතත‍්තා පච‍්චයාදීනං අරහත‍්තා පාපකරණෙ රහාභාවාති ඉමෙහි තාව කාරණෙහි සො භගවා අරහන‍්ති අනුස‍්සරති. ආරකා හි සො සබ‍්බකිලෙසෙහි සුවිදූරවිදූරෙ ඨිතො මග‍්ගෙන සවාසනානං කිලෙසානං විද‍්ධංසිතත‍්තාති ආරකත‍්තා අරහං.

එහි කෙලෙසුන් කෙරෙන් දුරුවූ හෙයින්, කෙලෙස් සතුරන්ද, සංසාරචක්‍රයෙහි අරයන්ද නැසූ හෙයින්, ප්‍රත්‍යයාදිය ලැබීමට සුදුසුවන හෙයින්, රහසින්වත් පව් නොකරන හෙයින්, යන මේ ආදී කරුණෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් වනසේකැ’යි සිහිකරන්නේය. ඒ භාග්‍යවතුන්වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරුවූ සේක, දුරින්ම දුරුව සිටිසේක, ආර්යමාර්ගයෙන් වාසනාගුණ සහිත ක්ලේශයන් නැසූ හෙයින්, කෙලෙසුන්ගෙන් දුරුවූ හෙයින් අර්හත් වන සේක.

සො තතො ආරකා නාම, යස‍්ස යෙනාසමඞ‍්ගිතා; අසමඞ‍්ගී ච දොසෙහි, නාථො තෙනාරහං මතොති.

සො තතො ආරකා නාම යස්ස යෙනාසමඞ්ගිතා අසමඞ්ගී ච දොසෙහි නාථො තෙනාරහං මතො.

යම් කෙනෙකුන්ගේ කිසිම වස්තුවක් හා සමග නොබැඳුණු බවෙක් වේද, ඒ නාථයන් වහන්සේ එම හේතුවෙන් “ආරකා” (දුරින් සිටියේ) නම් වන සේක, දෝෂයන්ගෙන්ද, විනිර්මුක්ත වූ (ලෝක)-නාථයන් වහන්සේ එහෙයින් ‘අරහත්’ යයි දන්නාලද සේක.

තෙ චානෙන කිලෙසාරයො මග‍්ගෙන හතාති අරීනං හතත‍්තාපි අරහං.

කෙලෙස් නමැති සතුරෝද මොවුන් විසින් මාර්ගඥානයෙන් නසන ලද්දාහු’යි, සතුරන් නැසූ හෙයින් අරහත් නම් වන සේක.

යස‍්මා රාගාදිසඞ‍්ඛාතා, සබ‍්බෙපි අරයො හතා; පඤ‍්ඤාසත්‍ථෙන නාථෙන, තස‍්මාපි අරහං මතොති.

යස්මා රාගාදිසංඛාතා සබ්බෙපි අරයො හතා පඤ්ඤාසත්‍ථෙන නාථෙන තස්මාපි අරහං මතො.

යම්හෙයකින් රාගාදිසංඛ්‍යාත වූ සියලුම කෙලෙස් සතුරෝ ඒ නාථයන් වහන්සේ විසින් ප්‍රඥා නමැති ශස්ත්‍රයෙන් නසන ලද්දාහුද, එහෙයින්ද අර්හත්’ යයි දන්නා ලද සේක.

යඤ‍්චෙතං අවිජ‍්ජාභවතණ‍්හාමයනාභි පුඤ‍්ඤාදිඅභිසඞ‍්ඛාරාරං ජරාමරණනෙමි ආසවසමුදයමයෙන අක‍්ඛෙන විජ‍්ඣිත්‍වා තිභවරථෙ සමායොජිතං අනාදිකාලප‍්පවත‍්තං සංසාරචක‍්කං, තස‍්සානෙන බොධිමණ‍්ඩෙ වීරියපාදෙහි සීලපථවියං පතිට‍්ඨාය සද‍්ධාහත්‍ථෙන කම‍්මක‍්ඛයකරං ඤාණඵරසුං ගහෙත්‍වා සබ‍්බෙ අරා හතාති අරානං හතත‍්තාපි අරහං.

අවිද්‍යා, භවතෘෂ්ණා යන මෙයින් නිර්මිත වූ නාභියක් ඇති, පුණ්‍යාදී අභිසංස්කාර නමැති අර සහිත, ජරාමරණ නමැති නිම්වලලු ඇති, ආසවසමුදයෙන් සැදි අක්‍ෂයෙන් විද ත්‍රිභව නමැති රථයෙහි යොදනලද, අනාදිමත් කාලයක් පවත්නා යම් මේ සංසාර නමැති චක්‍රයක් වේද, ඒ චක්‍රයෙහි සියලු අරයෝ මොවුන් විසින් බෝධිමූලයෙහිදී, ශීල නමැති පොළොවෙහි වීර්ය නමැති පයින් සිට, ශ්‍රද්ධා නමැති අතින් කර්ම ක්‍ෂයකර ඥාන නමැති පොරොව ගෙන සිඳින ලදහ’යි අරයන් සිඳලූ හෙයින්ද අර්හත් වනසේක.

අථ වා සංසාරචක‍්කන‍්ති අනමතග‍්ගං සංසාරවට‍්ටං වුච‍්චති. තස‍්ස ච අවිජ‍්ජා නාභි, මූලත‍්තා. ජරාමරණං නෙමි, පරියොසානත‍්තා. සෙසා දස ධම‍්මා අරා, අවිජ‍්ජාමූලකත‍්තා ජරාමරණපරියන‍්තත‍්තා ච, තත්‍ථ දුක‍්ඛාදීසු අඤ‍්ඤාණං අවිජ‍්ජා. කාමභවෙ ච අවිජ‍්ජා කාමභවෙ සඞ‍්ඛාරානං පච‍්චයො හොති, රූපභවෙ අවිජ‍්ජා රූපභවෙ සඞ‍්ඛාරානං පච‍්චයො හොති, අරූපභවෙ අවිජ‍්ජා අරූපභවෙ සඞ‍්ඛාරානං පච‍්චයො හොති. කාමභවෙ සඞ‍්ඛාරා කාමභවෙ පටිසන්‍ධිවිඤ‍්ඤාණස‍්ස පච‍්චයා හොන‍්ති, එස නයො ඉතරෙසු. කාමභවෙ පටිසන්‍ධිවිඤ‍්ඤාණං කාමභවෙ නාමරූපස‍්ස පච‍්චයො හොති, තථා රූපභවෙ. අරූපභවෙ නාමස‍්සෙව පච‍්චයො හොති. කාමභවෙ නාමරූපං කාමභවෙ සළායතනස‍්ස පච‍්චයො හොති, රූපභවෙ නාමරූපං රූපභවෙ තිණ‍්ණං ආයතනානං පච‍්චයො හොති, අරූපභවෙ නාමං අරූපභවෙ එකස‍්ස ආයතනස‍්ස පච‍්චයො හොති. කාමභවෙ සළායතනං කාමභවෙ ඡබ‍්බිධස‍්ස ඵස‍්සස‍්ස පච‍්චයො හොති, රූපභවෙ තීණි ආයතනානි රූපභවෙ තිණ‍්ණං ඵස‍්සානං පච‍්චයා හොන‍්ති, අරූපභවෙ එකං ආයතනං අරූපභවෙ එකස‍්ස ඵස‍්සස‍්ස පච‍්චයො හොති. කාමභවෙ ඡ ඵස‍්සා කාමභවෙ ඡන‍්නං වෙදනානං පච‍්චයා හොන‍්ති, රූපභවෙ තයො ඵස‍්සා තත්‍ථෙව තිස‍්සන‍්නං, අරූපභවෙ එකො තත්‍ථෙව එකිස‍්සා වෙදනාය පච‍්චයො හොති. කාමභවෙ ඡ වෙදනා කාමභවෙ ඡන‍්නං තණ‍්හාකායානං පච‍්චයා හොන‍්ති, රූපභවෙ තිස‍්සො තත්‍ථෙව තිණ‍්ණං, අරූපභවෙ එකා වෙදනා අරූපභවෙ එකස‍්ස තණ‍්හාකායස‍්ස පච‍්චයො හොති. තත්‍ථ තත්‍ථ සා සා තණ‍්හා තස‍්ස තස‍්ස උපාදානස‍්ස, උපාදානාදයො භවාදීනං.

නොහොත්, අගක් මුලක් නැති සංසාරවට්ටය සංසාර චක්‍රයයි කියනු ලැබේ, එහි වනාහි අවිද්‍යාව නාභිය වේ. එය මුල්වන හෙයින්, ජරාමරණ යන දෙක නිම්වලලු වේ, එය කෙළවරවන හෙයිනි, (පටිච්චසමුප්පාදයෙහි දැක්වෙන සංඛාරාදී) සෙසු දශධර්ම අරයෝ වෙති, අවිද්‍යාව මුල්වන හෙයින් හා ජරාමරණයන් කෙළවරවන හෙයිනි, එහි දුඃඛාදී සත්‍යයන් විෂයෙහි නොදන්නා බව අවිද්‍යාවයි. කාමභව විෂයෙහි අවිද්‍යාව කාමභවය පිළිබඳ සංඛාරයනට හේතුවේ. රූප-පෙ අරූපභව විෂයෙහි අවිද්‍යාව අරූපභවය පිළිබඳ සංඛාරයනට හේතුවේ. කාමභව විෂයෙහිවූ සංඛාරයෝ කාමභවය පිළිබඳ පටිසන්‍ධි විඤ්ඤාණයට හේතු වේ. සෙසු තන්හි ද මෙම නයයි. කාමභව විෂයෙහි වූ පටිසන්‍ධි විඤ්ඤාණය කාමභවය පිළිබඳ නාමරූපයනට හේතුවේ. එසේම රූපභව විෂයෙහිද මෙම නයයි, අරූපභව විෂයෙහිවූ පටිසන්‍ධි විඤ්ඤාණය අරූපභවය පිළිබඳ නාමයටම හේතුවේ. කාමභව විෂයෙහි වූ නාමරූපය කාමභවය පිළිබඳ සළායතනයට හේතුවේ, රූපභව විෂයෙහිවූ නාමරූපය රූපභවය පිළිබඳ ආයතන තුනට හේතුවේ. අරූපභව විෂයෙහි වූ නාමය අරූපභවය පිළිබඳ එක්ම ආයතනයට හේතුවේ. කාමභව විෂයෙහි වූ සළායතනය කාමභවය පිළිබඳ ස-වැදෑරුම් ඵස්සයට හේතුවේ. රූපභව විෂයෙහි වූ ආයතන තුන රූපභවය පිළිබඳ තෙ-වැදෑරුම් ඵස්සයට හේතුවේ, අරූපභව විෂයෙහිවූ එක්ම මනායතනය අරූපභවය පිළිබඳ එක්ම ඵස්සයට හේතුවේ. කාමභව විෂයෙහිවූ ස-වැදෑරුම් ඵස්සය කාමභවය පිළිබඳ ස-වැදෑරුම් වේදනාවට හේතුවේ, රූපභව විෂයෙහි වූ තෙ-වැදෑරුම් ඵස්සය රූපභවය පිළිබඳ තෙ-වැදෑරුම් වේදනාවට හේතුවේ, අරූපභව විෂයෙහි වූ එක්ම ඵස්සය එය පිළිබඳව වූ එක්ම වේදනාවට හේතුවේ. කාමභව විෂයෙහි වූ ස-වැදෑරුම් වේදනාව කාමභවය පිළිබඳ ස-වැදෑරුම් තණ්හා කායයනට හේතුවේ, රූපභව විෂයෙහි වූ තුන් වැදෑරුම් වේදනාව එයම පිළිබඳ තුන්-වැදෑරුම් තණ්හාකායයනට හේතුවේ, අරූපභව විෂයෙහි වූ එම වේදනාව එයම පිළිබඳ වූ එක්ම තණ්හාකායයට හේතුවේ. ඒ ඒ භව විෂයෙහි වූ තණ්හාව ඒ ඒ භවය පිළිබඳ උපාදානයටද, උපාදානාදිය භව ආදියටද හේතුවේ.

කථං? ඉධෙකච‍්චො කාමෙ පරිභුඤ‍්ජිස‍්සාමීති කාමුපාදානපච‍්චයා කායෙන දුච‍්චරිතං චරති, වාචාය දුච‍්චරිතං චරති, මනසා දුච‍්චරිතං චරති, දුච‍්චරිතපාරිපූරියා අපායෙ උපපජ‍්ජති. තත්‍ථස‍්ස උපපත‍්තිහෙතුභූතං කම‍්මං කම‍්මභවො, කම‍්මනිබ‍්බත‍්තා ඛන්‍ධා උපපත‍්තිභවො, ඛන්‍ධානං නිබ‍්බත‍්ති ජාති, පරිපාකො ජරා, භෙදො මරණං.

කෙසේද යත්, මේ ලෝකයෙහි කිසියම් පුද්ගලයෙක් කම්සැපත් වළදමි’යි කාමුපාදානය හේතුකොට කයින් දුශ්චරිතයෙහි හැසිරේ, වචනයෙන් දුශ්චරිතයෙහි හැසිරේ, මනසින් දුශ්චරිතයෙහි හැසිරේ, දුසිරිත් පිරීමෙන් අපායෙහි උපදී, එහිලා ඔහුගේ ඒ උපතට හේතුවූ කර්මය කර්මභවය වේ, කර්මයෙන් උපන් ස්කන්‍ධයෝ උප්පත්තිභව නම්වේ. ස්කන්‍ධයන්ගේ හටගැනීම ජාති නම්වේ, මුහුකුරා යාම ජරා නම්වේ, බිදීයාම මරණ නම්වේ.

අපරො සග‍්ගසම‍්පත‍්තිං අනුභවිස‍්සාමීති තථෙව සුචරිතං චරති, සුචරිතපාරිපූරියා සග‍්ගෙ උපපජ‍්ජති. තත්‍ථස‍්ස උපපත‍්තිහෙතුභූතං කම‍්මං කම‍්මභවොති සො එව නයො.

අනෙකෙක් සග සැප වළදිමියි එසේම සුචරිතයෙහි හැසිරෙයි, සුචරිත පරිපූරණය හේතුකොට ස්වර්ගයෙහි උපදීයි, එහිලා ඔහුගේ උපතට හේතු වූ කර්මය කර්මභව නම් වෙති’යි එම නයම වේ.

අපරො පන බ්‍රහ‍්මලොකසම‍්පත‍්තිං අනුභවිස‍්සාමීති කාමුපාදානපච‍්චයාඑව මෙත‍්තං භාවෙති, කරුණං, මුදිතං, උපෙක‍්ඛං භාවෙති, භාවනාපාරිපූරියා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තති. තත්‍ථස‍්ස නිබ‍්බත‍්තිහෙතුභූතං කම‍්මං කම‍්මභවොති සො එව නයො.

අනෙකෙක් බඹලෝ සැප අනුභව කෙරෙමි’යි කාමඋපාදාන හේතුවෙන්ම මෛත්‍රිය වඩයි-පෙ- කරුණාව -පෙ-මුදිතාව -පෙ-උපෙක්ඛාව වඩයි, එම භාවනා පරිපූරණය හේතුකොට බඹලොව උපදියි, එහි ඔහුගේ එම උපතට හේතු වූ කර්මය කර්මභව නමැයි එම නයම වේ.

අපරො අරූපභවෙ සම‍්පත‍්තිං අනුභවිස‍්සාමීති තථෙව ආකාසානඤ‍්චායතනාදිසමාපත‍්තියො භාවෙති, භාවනාපාරිපූරියා තත්‍ථ තත්‍ථ නිබ‍්බත‍්තති. තත්‍ථස‍්ස නිබ‍්බත‍්තිහෙතුභූතං කම‍්මං කම‍්මභවො, කම‍්මනිබ‍්බත‍්තා ඛන්‍ධා උපපත‍්තිභවො, ඛන්‍ධානං නිබ‍්බත‍්ති ජාති, පරිපාකො ජරා, භෙදො මරණන‍්ති. එස නයො සෙසුපාදානමූලිකාසුපි යොජනාසු.

තවද පුද්ගලයෙක් අරූප භවයෙහි සැපත විඳිමි’යි එසේම ආකාසානඤ්චායතනාදී සමාපත්තීන් වඩයි. භාවනාපරිපූරණය හේතුකොට ඒ ඒ බඹලොවෙහි උපදියි, එහිලා ඔහුගේ එම උපතට හේතු වූ කර්මය කර්මභව නම්වේ. කර්මයෙන් උපන් ස්කන්‍ධයෝ උප්පත්තිභව නම්වේ, ස්කන්‍ධයන්ගේ ඉපැදීම ජාතියයි, මුහුකුරා යාම ජරාවයි, බිඳීයාම මරණයයි. සෙසු උපාදානයන් මුල්කොට කරනු ලබන යෝජනාවන්හිදී ද මෙම නය වේ.

එවං අයං අවිජ‍්ජා හෙතු, සඞ‍්ඛාරා හෙතුසමුප‍්පන‍්නා, උභොපෙතෙ හෙතුසමුප‍්පන‍්නාති පච‍්චයපරිග‍්ගහෙ පඤ‍්ඤා ධම‍්මට‍්ඨිතිඤාණං. අතීතම‍්පි අද‍්ධානං අනාගතම‍්පි අද‍්ධානං අවිජ‍්ජා හෙතු, සඞ‍්ඛාරා හෙතුසමුප‍්පන‍්නා, උභොපෙතෙ හෙතුසමුප‍්පන‍්නාති පච‍්චයපරිග‍්ගහෙ පඤ‍්ඤා ධම‍්මට‍්ඨිතිඤාණන‍්ති එතෙනෙව නයෙන සබ‍්බපදානි විත්‍ථාරෙතබ‍්බානි.

මෙසේ මේ අවිද්‍යාව හේතුවයි, සංස්කාරයෝ එම හේතුවෙන් උපන්නාහුයයි, මේ අවිද්‍යා සංස්කාර යන දෙකම හේතුවෙන් උපන්හ’යි හේතු පිරිසිඳ ගැනීමේ ප්‍රඥාව ධම්මට්ඨිතිඤාණ නම්වේ. අතීත කාලයෙහිද, අනාගත කාලයෙහිද සංස්කාරයෝ හේතුවෙන්ම හටගන්නාහු වෙති, මේ අවිද්‍යා සංස්කාර යන දෙකම හේතුවෙන් උපන්හ’යි හේතු පිරිසිඳගැනීමේ ප්‍රඥාව ධම්මිට්ඨිති ඤාණය’යි මෙසේ මෙම ක්‍රමයෙන් සියලු පදයන් විස්තර කළ යුතුය.

තත්‍ථ අවිජ‍්ජාසඞ‍්ඛාරා එකො සඞ‍්ඛෙපො, විඤ‍්ඤාණනාමරූපසළායතනඵස‍්සවෙදනා එකො, තණ‍්හුපාදානභවා එකො, ජාතිජරාමරණං එකො. පුරිමසඞ‍්ඛෙපො චෙත්‍ථ අතීතො අද‍්ධා, ද‍්වෙ මජ‍්ඣිමා පච‍්චුප‍්පන‍්නො, ජාතිජරාමරණං අනාගතො. අවිජ‍්ජාසඞ‍්ඛාරග‍්ගහණෙන චෙත්‍ථ තණ‍්හුපාදානභවා ගහිතාව හොන‍්තීති ඉමෙ පඤ‍්ච ධම‍්මා අතීතෙ කම‍්මවට‍්ටං, විඤ‍්ඤාණාදයො පඤ‍්ච එතරහි විපාකවට‍්ටං, තණ‍්හුපාදානභවග‍්ගහණෙන අවිජ‍්ජාසඞ‍්ඛාරා ගහිතාව හොන‍්තීති ඉමෙ පඤ‍්ච ධම‍්මා එතරහි කම‍්මවට‍්ටං, ජාතිජරාමරණාපදෙසෙන විඤ‍්ඤාණාදීනං නිද‍්දිට‍්ඨත‍්තා ඉමෙ පඤ‍්ච ධම‍්මා ආයතිං විපාකවට‍්ටං. තෙ ආකාරතො වීසතිවිධා හොන‍්ති. සඞ‍්ඛාරවිඤ‍්ඤාණානඤ‍්චෙත්‍ථ අන‍්තරා එකො සන්‍ධි, වෙදනාතණ‍්හානමන‍්තරා එකො, භවජාතීනමන‍්තරා එකොති, ඉති භගවා එතං චතුසඞ‍්ඛෙපං තියද‍්ධං වීසතාකාරං තිසන්‍ධිං පටිච‍්චසමුප‍්පාදං සබ‍්බාකාරතො ජානාති පස‍්සති අඤ‍්ඤාති පටිවිජ‍්ඣති. තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා, තෙන වුච‍්චති පච‍්චයපරිග‍්ගහෙ පඤ‍්ඤා ධම‍්මට‍්ඨිතිඤාණන‍්ති. ඉමිනා ධම‍්මට‍්ඨිතිඤාණෙන භගවා තෙ ධම‍්මෙ යථාභූතං ඤත්‍වා තෙසු නිබ‍්බින්‍දන‍්තො විරජ‍්ජන‍්තො විමුච‍්චන‍්තො වුත‍්තප‍්පකාරස‍්ස ඉමස‍්ස සංසාරචක‍්කස‍්ස අරෙ හනි විහනි විද‍්ධංසෙසි. එවම‍්පි අරානං හතත‍්තා අරහං.

එහි අවිජ්ජා, සංඛාර යන දෙක එක් සංක්‍ෂෙපයෙකි, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා යන පස එක් සංක්‍ෂෙපයෙකි, තණ්හා, උපාදාන, භව යන තුන එක් සංක්‍ෂෙපයෙකි, ජාති, ජරා, මරණ යන තුන එක් සංක්‍ෂෙපයෙකි. මෙහි ප්‍රථම සංක්‍ෂෙපය අතීත කාලයයි, මධ්‍යයෙහි වූ දෙක වර්තමාන කාලයයි, (අවසන්හි වූ) ජාති, ජරා, මරණ යන තුන අනාගත කාලයයි. අවිජ්ජා සංඛාර යන දෙක ගැනීමෙන් තණ්හා, උපාදාන, භව යන තුන ගන්නා ලද්දේමයයි; මේ පස අතීත කම්මවට්ටයයි, විඤ්ඤාණාදී පස වර්තමානයෙහි වූ විපාකවට්ටයයි, තණ්හා, උපාදාන, භව යන තුන ගැනීමෙන් අවිජ්ජා, සංඛාර, යන දෙක ගන්නා ලද්දේමයයි; මේ පස වර්තමාන කම්මවට්ටයයි. ජාති, ජරා, මරණ යන තුන පැවසීමෙන් විඤ්ඤාණාදියද දක්වනලද හෙයින් මේ (විඤ්ඤාණාදී) පස අනාගත විපාකවට්ටයයි. ඒ අවිද්‍යා ආදිය ආකාර වශයෙන් විසි වැදෑරුම් වේ. මෙහි සංඛාර, විඤ්ඤාණ යන දෙක අතර (හේතුඵල වශයෙන්) එක් සන්‍ධියෙකි, වේදනා, තණ්හා යන දෙක අතර එක් සන්‍ධියෙකි, භව, ජාති යන දෙක අතර එක් සන්‍ධියෙකි’යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ සංක්‍ෂෙප සතරක් ඇති, කාලත්‍රයයෙන් යුත්, විසි ආකාරවූ, සන්‍ධි තුනක් ඇති පටිච්චසමුප්පාද ධර්මය සියලු ආකාරයෙන් දන්නාසේක, දක්නාසේක, ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දන්නාසේක, විනිවිද දක්නාසේක. (යථාස්වභාවයෙන්) දත් හෙයින් ඤාණ නමි, ප්‍රතිවෙධ වශයෙන් දත් හෙයින් පඤ්ඤා නමි, එහෙයින්, “හේතුන් පිරිසිඳ දැනීමේ නුවණ ධම්මට්ඨිතිඥානය’යි කියනු ලැබේ. මෙම ධම්මට්ඨිති ඥාණයෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මයන් තත්වූ පරිද්දෙන් දැන එම ධර්මයන් කෙරෙහි කලකිරෙන සේක්, දුරලන සේක්, යටකී ප්‍රකාර ඇති මේ සංසාරවට්ටයෙහි අරයන් බිඳලූ සේක, නැසූ සේක, විදහූ සේක, මෙසේද අරයන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක.

අරා සංසාරචක‍්කස‍්ස, හතා ඤාණාසිනා යතො; ලොකනාථෙන තෙනෙස, අරහන‍්ති පවුච‍්චති.

අරා සංසාරචක්කස්ස හතා ඤාණාසිනා යතො ලොකනාථෙන තෙනෙස අරහන්ති පවුච්චති

යම්හෙයකින් ලෝකනාථයන් වහන්සේ විසින් ඥාන නමැති කඩුවෙන් සංසාර නමැති චක්‍රයෙහි අරයෝ සිඳින ලද්දාහුද, එහෙයින් උන්වහන්සේ අර්හත්යයි වහරනු ලැබෙති.

අග‍්ගදක‍්ඛිණෙය්‍යත‍්තා ච චීවරාදිපච‍්චයෙ අරහති පූජාවිසෙසඤ‍්ච. තෙනෙව ච උප‍්පන‍්නෙ තථාගතෙ යෙකෙචි මහෙසක‍්ඛා දෙවමනුස‍්සා, න තෙ අඤ‍්ඤත්‍ථ පූජං කරොන‍්ති. තථා හි බ්‍රහ‍්මා සහම‍්පති සිනෙරුමත‍්තෙන රතනදාමෙන තථාගතං පූජෙසි. යථාබලඤ‍්ච අඤ‍්ඤෙ දෙවා මනුස‍්සා ච බිම‍්බිසාරකොසලරාජාදයො. පරිනිබ‍්බුතම‍්පි ච භගවන‍්තං උද‍්දිස‍්ස ඡන‍්නවුතිකොටිධනං විස‍්සජ‍්ජෙත්‍වා අසොකමහාරාජා සකලජම‍්බුදීපෙ චතුරාසීතිවිහාරසහස‍්සානි පතිට‍්ඨාපෙසි. කො පන වාදො අඤ‍්ඤෙසං පූජාවිසෙසානන‍්ති පච‍්චයාදීනං අරහත‍්තාපි අරහං.

අග්‍රදක්‍ෂිණාර්හ වන හෙයින් චීවරාදී සිවුපසයද, පූජා විශේෂයන්ද ලැබීමට සුදුසු වෙති. එහෙයින්ම තථාගතයන් උපන් කල යම්කිසි මහේශාඛ්‍ය දේවමනුෂ්‍ය කෙනෙක් වෙත්ද, ඔවුහු අන්‍ය තීර්ථකයන් වෙත පූජාවන් නො-කෙරෙති. ඒ එසේමැයි, සහම්පති නම් බ්‍රහ්ම තෙමේ මේරු (පර්වත) ප්‍රමාණ වූ රුවන් දමෙකින් තථාගතයන් වහන්සේ පිදීය, අන් දෙවියෝද, බිම්බිසාර රජු, කොසොල් රජු ආදී මනුෂ්‍යයෝද ශක්ති ප්‍රමාණයෙන් පිදූහ. අශෝක මහරජ තෙමේ පිරිනිවියාවූද භාග්‍යවතුන් වහන්සේ උදෙසා සයානු කෙළක් ධනය වැයකොට මුළු දඹදිව්තෙලෙහි අසූසාරදහසක් විහාරයන් පිහිටුවීය. අන්‍යවූ පූජා විශේෂයන් ගැන කවර වාදයෙක්දැ’යි ප්‍රත්‍යයයනට සුදුසුවන හෙයින් අර්හත් නම් වනසේක.

පූජාවිසෙසං සහ පච‍්චයෙහි, යස‍්මා අයං අරහති ලොකනාථො; අත්‍ථානුරූපං අරහන‍්ති ලොකෙ, තස‍්මා ජිනො අරහති නාමමෙතං.

පූජාවිසෙසං සහ පච්චයෙහි යස්මා අයං අරහති ලොකනාථො අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ තස්මා ජිනො අරහති නාමමෙතං.

යම් හෙයකින් මේ ලෝකනාථයන් වහන්සේ ප්‍රත්‍යයයන් සහිතවූ පූජා විශේෂයනට සුදුසු වෙත්ද, එහෙයින් ඒ ජිනෙන්‍ද්‍රයන් වහන්සේ මේ ලෝකයෙහි අන්‍වර්ත්‍ථ වූ ‘අරහං’ යන මේ නාමයට සුදුසු වෙති.

යථා ච ලොකෙ යෙකෙචි පණ‍්ඩිතමානිනො බාලා අසිලොකභයෙන රහො පාපං කරොන‍්ති, එවමෙස න කදාචි කරොතීති පාපකරණෙ රහාභාවතොපි අරහං.

තවද යම්සේ මේ ලෝකයෙහි පණ්ඩිතමානී වූ කිසියම් අඥාන ජනකෙනෙක් අපකීර්තියට බියෙන් රහසිගතව පව් කෙරෙත්ද, එනමුත් මේ භාග්‍යවතුන් වහන්සේ කවර කලෙකවත් එසේ නොකෙරෙති’යි, පව් කිරීමෙහි රහස් නැති හෙයින්ද අර්හත් නම් වෙති.

යස‍්මා නත්‍ථි රහො නාම, පාපකම‍්මෙසු තාදිනො; රහාභාවෙන තෙනෙස, අරහං ඉති විස‍්සුතො.

යස්මා නත්‍ථි රහො නාම පාපකම්මෙසු තාදිනො රහාභාවෙන තෙනෙස අරහං ඉති විස්සුතො

එවන් (තාදීගුණ ඇති) භාග්‍යවතුන් වහන්සේට යම් හෙයකින්, පව්කම්හි රහස් නැත්තේ වේද, එසේ රහස් නැති බැවින්ද, මොවුන් වහන්සේ අර්හත්යයි ප්‍රකට වූ සේක.

එවං සබ‍්බථාපි –

මෙසේ සියලු ආකාරයෙන්ම

ආරකත‍්තා හතත‍්තා ච, කිලෙසාරීන සො මුනි; හතසංසාරචක‍්කාරො, පච‍්චයාදීන චාරහො; න රහො කරොති පාපානි, අරහං තෙන වුච‍්චතීති.

ආරකත්තා හතත්තා ච කිලෙසාරීන සො මුනි හතසංසාරචක්කාරො පච්චයාදීන චාරහො න රහො කරොති පාපානි අරහං තෙන වුච්චති

ඒ මුනිවරයන් වහන්සේ කෙලෙස් සතුරන්ගෙන් දුරුවූ හෙයින්ද, එම කෙලෙස් සතුරන් නැසූ හෙයින්ද, සංසාරචක්‍රයෙහි අරයන් සිඳදමා ප්‍රත්‍යයාදීනට සුදුසුවද, රහසින්වත් පව් නොකරති, එහෙයින් අර්හත්යයි කියනු ලැබෙති.

සම‍්මා සාමඤ‍්ච සබ‍්බධම‍්මානං බුද‍්ධත‍්තා පන සම‍්මාසම‍්බුද‍්ධො. තථාහි එස සබ‍්බධම‍්මෙ සම‍්මා සාමඤ‍්ච බුද‍්ධො, අභිඤ‍්ඤෙය්‍යෙ ධම‍්මෙ අභිඤ‍්ඤෙය්‍යතො බුද‍්ධො, පරිඤ‍්ඤෙය්‍යෙ ධම‍්මෙ පරිඤ‍්ඤෙය්‍යතො, පහාතබ‍්බෙ ධම‍්මෙ පහාතබ‍්බතො, සච‍්ඡිකාතබ‍්බෙ ධම‍්මෙ සච‍්ඡිකාතබ‍්බතො, භාවෙතබ‍්බෙ ධම‍්මෙ භාවෙතබ‍්බතො. තෙනෙව චාහ –

සියලු ධර්මයන් තමන්ම මනාකොට අවබෝධ කළ හෙයින් සම්මාසම්බුද්ධ වන සේක. ඒ එසේමැයි, මොවුන් වහන්සේ සියලු ධර්මයන් අවබෝධ කළසේක් සම්මා සම්බුද්ධයහ, මැනවින් දතයුතු ධර්මයන් තමන් වහන්සේම මැනවින් අවබෝධ කළහ, පිරිසිඳ දතයුතු ධර්මයන් පිරිසිඳ දතයුතු යයි දත්හ, පහකළයුතු ධර්මයන් පහකළයුතුයයි දත්හ, සාක්‍ෂාත් කටයුතු ධර්මයන් සාක්‍ෂාත් කටයුතුයයි දත්හ, එහෙයින්ම කීහු.

අභිඤ‍්ඤෙය්‍යං අභිඤ‍්ඤාතං, භාවෙතබ‍්බඤ‍්ච භාවිතං; පහාතබ‍්බං පහීනං මෙ, තස‍්මා බුද‍්ධොස‍්මි බ්‍රාහ‍්මණාති. (ම· නි· 2.399; සු· නි· 563);

අභිඤ්ඤෙය්‍ය අභිඤ්ඤාතං භාවෙතබ්බඤ්ච භාවිතං පහාතබ්බං පහීනම්මෙ තස්මා බුද්ධො’ස්මි බ්‍රාහ්මණ

බ්‍රාහ්මණය, මවිසින් මනාව දතයුතු දෙය මනාව දන්නා ලද්දේය, වැඩියයුතු දෙය වඩනා ලද්දේය, පහ කළ යුතු දෙය පහකරන ලද්දේය, එහෙයින් බුද්ධ නම් වෙමි.

අපිච චක‍්ඛුං දුක‍්ඛසච‍්චං, තස‍්ස මූලකාරණභාවෙන සමුට‍්ඨාපිකා පුරිමතණ‍්හා සමුදයසච‍්චං, උභින‍්නං අප‍්පවත‍්ති නිරොධසච‍්චං, නිරොධපජානනා පටිපදා මග‍්ගසච‍්චන‍්ති එවං එකෙකපදුද‍්ධාරෙනාපි සබ‍්බධම‍්මෙ සම‍්මා සාමඤ‍්ච බුද‍්ධො, එස නයො සොතඝානජිව‍්හාකායමනෙසු. එතෙනෙව නයෙන රූපාදීනි ඡ ආයතනානි, චක‍්ඛුවිඤ‍්ඤාණාදයො ඡවිඤ‍්ඤාණකායා, චක‍්ඛුසම‍්ඵස‍්සාදයො ඡ ඵස‍්සා, චක‍්ඛුසම‍්ඵස‍්සජාදයො ඡ වෙදනා, රූපසඤ‍්ඤාදයො ඡ සඤ‍්ඤා, රූපසඤ‍්චෙතනාදයො ඡ චෙතනා, රූපතණ‍්හාදයො ඡ තණ‍්හාකායා, රූපවිතක‍්කාදයො ඡ විතක‍්කා, රූපවිචාරාදයො ඡ විචාරා, රූපක‍්ඛන්‍ධාදයො පඤ‍්චක‍්ඛන්‍ධා, දස කසිණානි, දස අනුස‍්සතියො, උද‍්ධුමාතකසඤ‍්ඤාදිවසෙන දස සඤ‍්ඤා, කෙසාදයො ද‍්වත‍්තිංසාකාරා, ද‍්වාදසායතනානි, අට‍්ඨාරස ධාතුයො, කාමභවාදයො නව භවා, පඨමාදීනි චත‍්තාරි ඣානානි, මෙත‍්තාභාවනාදයො චතස‍්සො අප‍්පමඤ‍්ඤා, චතස‍්සො අරූපසමාපත‍්තියො, පටිලොමතො ජරාමරණාදීනි, අනුලොමතො අවිජ‍්ජාදීනි පටිච‍්චසමුප‍්පාදඞ‍්ගානි ච යොජෙතබ‍්බානි.

තවද, චක්‍ෂුරායතනය දුකැ’යි යන දුඃඛ සත්‍යයද, එම චක්‍ෂුරායතනයට මුල්වූ හේතු වශයෙන් උත්පාදක පූර්ව තෘෂ්ණා වන සමුදය සත්‍යයද, ඒ දෙකෙහිම නොපැවැත්ම වන නිරෝධ සත්‍යයද, එම නිරොධය ප්‍රතිවෙධ කිරීමේ ප්‍රතිපත්ති මාර්ගය වන මාර්ග සත්‍යයදැයි මෙසේ එක් එක් පදයෙන් නිර්ධාරණය වන (වෙන්කොට දැක්වෙන) සියලු ධර්මයන් මනාකොට තමන්ම අවබෝධ කළහ. සොත-ඝාන ජීව්හා-කාය-මනො යන මොවුන් කෙරෙහිද මෙම නය වේ. මෙනයින්ම රූපාදී වූ ෂඩායතනයන්ද, චක්ඛු විඤ්ඤාණාදී ෂඩ්විඥානකායයන්ද, චක්ඛු සම්ඵස්සාදී ෂට්ස්පර්ශයන්ද. චක්ඛුසම්ඵස්සාදියෙන් හටගත් ෂඩ්වෙදනාවන්ද, රූපතෘෂ්ණාදී ෂට්තෘෂ්ණාකායයන්ද, රූපවිතක්කාදී ෂඩ්විතර්කයන්ද, රූපවිචාරාදී ෂඩ්විචාරයන්ද, රූපස්කන්ධාදී පංච ස්කන්‍ධයන්ද, දසකකසිණයන්ද, දස අනුස්සතීන්ද, උද්ධුමාතකසඤ්ඤාදී වශයෙන් දසසඤ්ඤාවන්ද, කේශාදී වූ ද්වත්තිංසාකාරයන්ද, ද්වාදශායතනයන්ද, අටළොස් ධාතූන්ද, කාමභවාදී නව භවයන්ද, ප්‍රථමධ්‍යානාදී වූ චතුර්ධ්‍යානයන්ද, මෛත්‍රී භාවනාදී වූ අප්පමඤ්ඤ සතරද, අරූපසමාපත්ති සතරද, ප්‍රතිලෝම වශයෙන් ජරාමරණාදිය හා අනුලෝම වශයෙන් අවිද්‍යාදියදැ’යි යන පටිච්චසමුප්පාදඞ්ගයන්ද යෙදිය යුතුය.

තත්‍රායං එකපදයොජනා, ජරාමරණං දුක‍්ඛසච‍්චං, ජාති සමුදයසච‍්චං, උභින‍්නම‍්පි නිස‍්සරණං නිරොධසච‍්චං, නිරොධපජානනා පටිපදා මග‍්ගසච‍්චන‍්ති එවමෙකෙකපදුද‍්ධාරෙන සබ‍්බධම‍්මෙ සම‍්මා සාමඤ‍්ච බුද‍්ධො අනුබුද‍්ධො පටිබුද‍්ධො. තෙන වුත‍්තං – “සම‍්මා සාමඤ‍්ච සබ‍්බධම‍්මානං බුද‍්ධත‍්තා පන සම‍්මාසම‍්බුද‍්ධො”ති.

එහි එක් පදයෙක යෝජනා ක්‍රමය මෙසේය:- ජරාමරණ දෙක දුඃඛ සත්‍යයයි, ඉපදීම සමුදය සත්‍යයයි. මේ දෙකෙහිම නැවැත්ම නිරෝධ සත්‍යයයි, නිරොධය දැනගැනීමට හේතුවන ප්‍රතිපදාව මාර්ග සත්‍යයයි යනුවෙන් මෙසේ එක් එක් පදය ගෙන බැලීමෙන් සියලු ධර්මයන් තමන්ම මනාකොට අවබෝධ කළහ, තත්‍වාකාරයෙන් දත්හ, විනිවිද දත්හ, එහෙයින් “මනාකොට (සම්මා) තමන්ම (සාමඤ්ච) සියලු ධර්මයන් අවබෝධ කළ හෙයින් සම්මාසම්බුද්ධ වෙති’යි කියනලදී.

විජ‍්ජාහි පන චරණෙන ච සම‍්පන‍්නත‍්තා විජ‍්ජාචරණසම‍්පන‍්නො. තත්‍ථ විජ‍්ජාති තිස‍්සොපි විජ‍්ජා අට‍්ඨපි විජ‍්ජා. තිස‍්සො විජ‍්ජා භයභෙරවසුත‍්තෙ (ම· නි· 1.52 ආදයො) වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා, අට‍්ඨ අම‍්බට‍්ඨසුත‍්තෙ (දී· නි· 1.278 ආදයො). තත්‍ර හි විපස‍්සනාඤාණෙන මනොමයිද‍්ධියා ච සහ ඡ අභිඤ‍්ඤා පරිග‍්ගහෙත්‍වා අට‍්ඨ විජ‍්ජා වුත‍්තා. චරණන‍්ති සීලසංවරො, ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා, භොජනෙ මත‍්තඤ‍්ඤුතා, ජාගරියානුයොගො, සත‍්ත සද‍්ධම‍්මා, චත‍්තාරි රූපාවචරජ‍්ඣානානීති ඉමෙ පන‍්නරස ධම‍්මා වෙදිතබ‍්බා. ඉමෙයෙව හි පන‍්නරස ධම‍්මා යස‍්මා එතෙහි චරති අරියසාවකො ගච‍්ඡති අමතං දිසං, තස‍්මා චරණන‍්ති වුත‍්තා. යථාහ – “ඉධ, මහානාම, අරියසාවකො සීලවා හොතී”ති (ම· නි· 2.24) සබ‍්බං මජ‍්ඣිමපණ‍්ණාසකෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. භගවා ඉමාහි විජ‍්ජාහි ඉමිනා ච චරණෙන සමන‍්නාගතො. තෙන වුච‍්චති විජ‍්ජාචරණසම‍්පන‍්නොති.

විද්‍යාවන්ගෙන්ද චරණ ධර්මයන්ගෙන්ද සමන්විත වූ හෙයින් විජ්ජාචරණසම්පන්න නම් වන සේක. එහි විජ්ජා නම් ත්‍රිවිද්‍යා හා අෂ්ට විද්‍යාය. ත්‍රිවිද්‍යාවත් භයභෙරව සූත්‍රයෙහිද අෂ්ට විද්‍යාවන් අම්බට්ඨ සූත්‍රයෙහිද කීනයින් දතයුතුය. එහි වනාහි විදර්ශනා ඥානය හා මනෝමය ඍද්ධිය ෂඩභිඥාවන් හා සමඟ ගෙන අෂ්ටවිද්‍යායයි කියන ලදි. චරණ නම්, ශීලසංවරය, ඉන්‍ද්‍රිය විෂයෙහි වසන ලද දොර ඇතිබවය, භෝජනයෙහි පමණ දන්නා බවය, ජාගරියානුයෝගය හෙවත් නිතර පිබිදීමෙන් යුතුව සිටීම (ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, බහුශ්‍රැතතා, වීර්ය, ස්මෘති ප්‍රඥා යන) සප්ත ධර්මය, සතර රූපාවචර ධ්‍යානයයි යන මේ පසළොස් චරණ ධර්මයයි දතයුතුය. මේ පසළොස් චරණ ධර්මයෝම -යම්හෙයකින් මේ ධර්මයන් කරණකොට ආර්යශ්‍රාවක තෙමේ හැසිරේද, නිවන් දෙසට යේද, එහෙයින් චරණයයි කියන ලද්දාහ. කියනලදමැයි ‘මහානාමය, මේ ශාසනයෙහි ආර්යශ්‍රාවක තෙමේ සිල්වත් වේදැ’යි යන මේ සියල්ල මජ්ඣිම පණ්ණාසකයෙහි කීනයින්ම දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ මෙකී විද්‍යාවන්ගෙන් හා චරණ ධර්මයන්ගෙන් සමන්විත වූ සේක. එහෙයින් විජ්ජාචරණසම්පන්නයහ’යි කියනු ලැබේ.

තත්‍ථ විජ‍්ජාසම‍්පදා භගවතො සබ‍්බඤ‍්ඤුතං පූරෙත්‍වා ඨිතා. චරණසම‍්පදා මහාකාරුණිකතං. සො සබ‍්බඤ‍්ඤුතාය සබ‍්බසත‍්තානං අත්‍ථානත්‍ථං ඤත්‍වා මහාකාරුණිකතාය අනත්‍ථං පරිවජ‍්ජෙත්‍වා අත්‍ථෙ නියොජෙති. යථා තං විජ‍්ජාචරණසම‍්පන‍්නො. තෙනස‍්ස සාවකා සුප‍්පටිපන‍්නා හොන‍්ති, නො දුප‍්පටිපන‍්නා විජ‍්ජාචරණවිපන‍්නානං සාවකා අත‍්තන‍්තපාදයො විය.

එහි විජ්ජාසම්පත්තිය භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතාවද, චරණසම්පත්තිය මහාකාරුණිකතාවද පුරා පැතිර සිටියි. උන්වහන්සේ සර්වඥතාවෙන් සියලු සත්‍වයන්ගේ වැඩ අවැඩ දෙක දැන, මහාකාරුණිකතාවෙන් අවැඩ වලකා වැඩෙහි යොදවන සේක. යම්සේ විජ්ජාචරණසම්පන්න වනසේක්ද, එසේම ඔවුන්ගේ ශ්‍රාවකයෝද සුප්‍රතිපන්න වෙති, දුෂ්ප්‍රතිපන්න නොවෙති. විජ්ජාචරණවිපන්නයන්ගේ ශ්‍රාවකයෝ වනාහි අත්තන්තපාදීන් බඳු වෙති.

සොභනගමනත‍්තා, සුන්‍දරං ඨානං ගතත‍්තා, සම‍්මා ගතත‍්තා, සම‍්මා ච ගදත‍්තා සුගතො. ගමනම‍්පි හි ගතන‍්ති වුච‍්චති. තඤ‍්ච භගවතො සොභනං පරිසුද‍්ධමනවජ‍්ජං. කිං පන තන‍්ති? අරියමග‍්ගො. තෙන හෙස ගමනෙන ඛෙමං දිසං අසජ‍්ජමානො ගතොති සොභනගමනත‍්තා සුගතො. සුන්‍දරඤ‍්චෙස ඨානං ගතො අමතං නිබ‍්බානන‍්ති සුන්‍දරං ඨානං ගතත‍්තාපි සුගතො. සම‍්මා ච ගතො තෙන තෙන මග‍්ගෙන පහීනෙ කිලෙසෙ පුන අපච‍්චාගච‍්ඡන‍්තො. වුත‍්තඤ‍්හෙතං – “සොතාපත‍්තිමග‍්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති න පච‍්චෙති න පච‍්චාගච‍්ඡතීති සුගතො…පෙ… අරහත‍්තමග‍්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති න පච‍්චෙති න පච‍්චාගච‍්ඡතීති සුගතො”ති, සම‍්මා වා ගතො දීපඞ‍්කරපාදමූලතො පභුති යාව බොධිමණ‍්ඩා තාව සමතිංසපාරමීපූරිකාය සම‍්මාපටිපත‍්තියා සබ‍්බලොකස‍්ස හිතසුඛමෙව කරොන‍්තො සස‍්සතං, උච‍්ඡෙදං, කාමසුඛං, අත‍්තකිලමථන‍්ති ඉමෙ ච අන‍්තෙ අනුපගච‍්ඡන‍්තො ගතොති සම‍්මා ගතත‍්තාපි සුගතො. සම‍්මා චෙස ගදති යුත‍්තට‍්ඨානෙ යුත‍්තමෙව වාචං භාසතීති සම‍්මා ගදත‍්තාපි සුගතො. තත්‍රිදං සාධකසුත‍්තං “යං තථාගතො වාචං ජානාති අභූතං අතච‍්ඡං අනත්‍ථසඤ‍්හිතං, සා ච පරෙසං අප‍්පියා අමනාපා, න තං තථාගතො වාචං භාසති. යම‍්පි තථාගතො වාචං ජානාති භූතං තච‍්ඡං අනත්‍ථසඤ‍්හිතං, සා ච පරෙසං අප‍්පියා අමනාපා, තම‍්පි තථාගතො වාචං න භාසති. යඤ‍්ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච‍්ඡං අත්‍ථසඤ‍්හිතං, සා ච පරෙසං අප‍්පියා අමනාපා, තත්‍ර කාලඤ‍්ඤූ තථාගතො හොති තස‍්සා වාචාය වෙය්‍යාකරණාය. යං තථාගතො වාචං ජානාති අභූතං අතච‍්ඡං අනත්‍ථසඤ‍්හිතං, සා ච පරෙසං පියා මනාපා, න තං තථාගතො වාචං භාසති. යම‍්පි තථාගතො වාචං ජානාති භූතං තච‍්ඡං අනත්‍ථසඤ‍්හිතං, සා ච පරෙසං පියා මනාපා, තම‍්පි තථාගතො වාචං න භාසති. යඤ‍්ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච‍්ඡං අත්‍ථසඤ‍්හිතං, සා ච පරෙසං පියා මනාපා, තත්‍ර කාලඤ‍්ඤූ තථාගතො හොති තස‍්සා වාචාය වෙය්‍යාකරණායා”ති (ම· නි· 2.86). එවං සම‍්මා ගදත‍්තාපි සුගතොති වෙදිතබ‍්බො.

යහපත් ගමන් ඇති හෙයින්ද, සොඳුරු තැනට ගිය හෙයින්ද, මනාසේ ගිය හෙයින්ද, මනා තෙපුල් ඇති හෙයින්ද, සුගත නම් වන සේක. ගමනද ‘ගත’ යයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේගේ ඒ ගමනද යහපත් වේ, පිරිසුදු වේ, නිරවද්‍ය වේ. ඒ කවර ගමනෙක්ද යත්, ආර්යමාර්ගය පිළිබඳ වූ ගමනයි, එම ආර්යමාර්ගයෙන් මුන්වහන්සේ නිවන් දෙසට නොපැකිල ගියසේකැ’යි ශෝභන ගමන් ඇති හෙයින් සුගත නම් වන සේක. උන්වහන්සේ සුන්‍දරස්ථානයයි කියනලද අමෘත මහා නිර්වාණයට ගියහ’යි සුන්‍දරස්ථානයට ගිය හෙයින්ද සුගත නම් වනසේක. ඒ ඒ මාර්ගයෙන් ප්‍රහීණ කරන ලද ක්ලෙශයනට පෙරළා නො-එතැ’යි සුගත නම් වන සේක. කියනලද මැයි: “සොතාපත්ති මාර්ගයෙන් යම් ක්ලේශයෙක් ප්‍රහීණ කරන ලද්දේ ද, එම ක්ලේශයට යලි නො-එති, පෙරළා නො-එති’යි සුගත නම් වන සේක. පෙ-අර්හත් මාර්ගයෙන් යම් ක්ලේශයෙක් ප්‍රහීණ කරන ලද්දේ ද, එම ක්ලේශයට යලි නො-එති’යි, පෙරළා නො-එති’යි සුගත නම් වන සේක.” නොහොත්, දීපංකර පාදමූලයෙහි පටන් බෝමැඩ තෙක් සමතිස් පැරුම් පුරමින් සම්‍යක් ප්‍රතිපත්තියෙන් සියලු ලෝකයාහට හිත සුව සලස්වමින් ශාස්වතය, උච්ඡේදය, කාමසුඛය, අත්තකිලමථය යන මේ අන්තයනට නොයෙමින් ගියහ’යි මනාසේ ගිය හෙයින්ද සුගත නම් වන සේක. මනාකොට බෙණෙති’යි සුදුසු තන්හි සුදුසුම වූ වදන් බෙණෙති’යි මනාකොට බෙණෙන හෙයින්ද මොවුන් වහන්සේ සුගත නම් වන සේක. එහිලා මේ සාධක වූ සූත්‍රයෙකි: ‘තථාගතයන් වහන්සේ යම් වචනයක් අසත්‍යයයි, අතථ්‍යයයි, අනර්ත්‍ථදායකයයි දනිත්ද, එයද පරහට අප්‍රිය වන්නේද, නොමිහිරි වන්නේද, තථාගතයන් වහන්සේ එම වචනය නොබෙණනි, යම් වචනයක් සත්‍යයයි, තථ්‍යයයි, අනර්ත්‍ථකරයයි දනිත්ද, එය පරහට අප්‍රිය වන්නේද, නොමිහිරි වන්නේද එයද තථාගතයන් වහන්සේ නොබෙණෙති, යම් වචනයක් වනාහි සත්‍යයයි, තථ්‍යයයි, වැඩ සලසති’යි දනිත්ද, එය පරහට අප්‍රිය වන්නේද, නොමිහිරි වන්නේද, එහිදී තථාගතයන් වහන්සේ එම වචනය ප්‍රකාශ කිරීම කල් දැන කෙරෙති, යම් වචනයක් අසත්‍යයයි, අතථ්‍යයයි, අවැඩ සලසති’යි දනිත්ද, එය පරහට ප්‍රිය වන්නේද, මිහිරි වන්නේද, තථාගතයන් වහන්සේ, එම වචනයද නොබෙණෙති. යම් වචනයක් සත්‍යයයි, තථ්‍යයයි, වැඩ සලසති’යි දනිත්ද, එය පරහට ප්‍රිය වන්නේද, මිහිරි වන්නේද එම වචනය පැවසීම කල් දැන කෙරෙති’ මෙසේ මනාකොට බෙණන හෙයින්ද, සුගත නම් වන සේකැ’යි දතයුතුය.

සබ‍්බථාපි විදිතලොකත‍්තා පන ලොකවිදූ. සො හි භගවා සභාවතො සමුදයතො නිරොධතො නිරොධූපායතොති සබ‍්බථා ලොකං අවෙදි අඤ‍්ඤාසි පටිවිජ‍්ඣි. යථාහ – “යත්‍ථ ඛො, ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ‍්ජති, නාහං තං ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතෙය්‍යං දට‍්ඨෙය්‍යං පත‍්තෙය්‍යන‍්ති වදාමි, න චාහං, ආවුසො, අපත්‍වාව ලොකස‍්ස අන‍්තං දුක‍්ඛස‍්ස අන‍්තකිරියං වදාමි. අපි චාහං, ආවුසො, ඉමස‍්මිඤ‍්ඤෙව බ්‍යාමමත‍්තෙ කළෙවරෙ සසඤ‍්ඤිම‍්හි සමනකෙ ලොකඤ‍්ච පඤ‍්ඤපෙමි ලොකසමුදයඤ‍්ච ලොකනිරොධඤ‍්ච ලොකනිරොධගාමිනිඤ‍්ච පටිපදං.

සර්වප්‍රකාරයෙන්ම ලෝතතු දත් හෙයින් ලොකවිදූ නම් වෙති, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි ස්වභාව වශයෙන්ද, (හටගැනීමේ) හේතු වශයෙන්ද, නිරෝධ වශයෙන්ද, නිරෝධ උපාය වශයෙන්දැයි යන මේ සියලු ආකාරයෙන්ම ලෝකය දත් සේක, අවබෝධ කළ සේක, විනිවිද දුටු සේක. යම්සේ කියන ලද්දේ ද: ‘ඇවැත්නි, යම් තැනෙක වනාහි ඉපැදීමක් නැත්ද, ජරාවට පැමිණීමක් නැත්ද, මරණයක් නැත්ද, චුත වීමක් නැද්ද, යලි ඉපදීමක් නැත්ද, එබඳු වූ ලොකාවසානය පාගමනින් ගොස් දත හැකියයි, දැක්ක හැකියයි, පැමිණිය හැකියයි මම නොපවසමි, ඇවැත්නි, ලෝකාවසානයට නොපැමිණම දුක් කෙළවර කිරීමක්ද මම නොපවසමි; ඇවැත්නි, එසේ වුවද, බඹයක් පමණ වූ, හැඟීම් සහිත වූ මනසින් යුතු වූ මේ සිරුර තුළ ලෝකයද, ලෝකය පිළිබඳ හේතුවද, ලෝකය පිළිබඳ නිරෝධයද, ලෝක නිරෝධයට පමුණුවන ප්‍රතිපදාවද පෙන්වමි.

ගමනෙන න පත‍්තබ‍්බො, ලොකස‍්සන‍්තො කුදාචනං; න ච අපත්‍වා ලොකන‍්තං, දුක‍්ඛා අත්‍ථි පමොචනං.

ගමනෙන න පත්තබ්බො ලොකස්ස’න්තො කුදාචනං න ච අප්පත්‍වා ලොකන්තං දුක්‍ඛා අත්‍ථි පමොචනං

තස‍්මා හවෙ ලොකවිදූ සුමෙධො, ලොකන‍්තගූ වූසිතබ්‍රහ‍්මචරියො; ලොකස‍්ස අන‍්තං සමිතාවි ඤත්‍වා, නාසීසති ලොකමිමං පරඤ‍්චාති. (සං· නි· 1.107; අ· නි· 4.45);

තස්මා හවෙ ලොකවිදූ සුමෙධො ලොකන්තගූ වුසිතබ්‍රහ්මචරියො ලොකස්ස අන්තං සමිතාවි ඤත්‍වා නාසිංසති ලොකමිමං පරඤ්චා’ති.

පාගමනින් ගොස් ලෝකයෙහි කෙළවරට කිසිකලෙකත් නොපැමිණිය හැකිය, ලෝකයෙහි කෙළවරට නොපැමිණ දුකින් මිදීමෙක්ද නැත.

එහෙයින් ලෝකය දන්නාවූ, යහපත් ප්‍රඥා ඇති, ලෝකයෙහි කෙළවරට ගියාවූ මාර්ගබ්‍රහ්මචර්යාව වැස නිම කළාවූ, කෙලෙස් සංසිද දැමූ ලෝකයෙහි කෙළවර ඒකාන්ත වශයෙන් දැන මේ ලෝකය හෝ පර ලෝකය හෝ නොපතයි.

අපිච තයො ලොකා සඞ‍්ඛාරලොකො සත‍්තලොකො ඔකාසලොකොති. තත්‍ථ එකො ලොකො සබ‍්බෙ සත‍්තා ආහාරට‍්ඨිතිකාති (පටි· ම· 1.112) ආගතට‍්ඨානෙ සඞ‍්ඛාරලොකො වෙදිතබ‍්බො. සස‍්සතො ලොකොති වා අසස‍්සතො ලොකොති වාති (දී· නි· 1.421) ආගතට‍්ඨානෙ සත‍්තලොකො.

තවද, සංස්කාර ලෝකය, සත්ත්‍ව ලෝකය අවකාශ ලෝකයයි ලෝක තුනෙකි. එහි “එකො ලොකො, සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා” යනුවෙන් ආතන්හි සංස්කාර ලෝකයයි දතයුතුය. “සස්සතො ලොකො’ති වා අසස්සතො ලොකො’ති වා” යනුවෙන් ආ තන්හි සත්ත්‍ව ලෝකයයි දත යුතුය.

යාවතා චන්‍දිමසූරියා පරිහරන‍්ති, දිසා භන‍්ති විරොචමානා; තාව සහස‍්සධා ලොකො, එත්‍ථ තෙ වත‍්තතී වසොති. (ම· නි· 1.503) –

“යාවතා චන්‍දිමසුරියා පරිහරන්ති දිසා භන්ති විරොචනා තාව සහස්සධා ලොකො එත්‍ථ තෙ වත්තතී වසො”

යම්පමණ තන්හි දීප්තිමත් චන්‍ද්‍රසූර්යයෝ දිශාවන් බබලවමින් හැසිරෙත්ද, ලෝකය එපමණ තැන් මෙන් දහස් ගුණයකි, මෙහි ඔබගේ අණසක පවත්නේය

ආගතට‍්ඨානෙ ඔකාසලොකො.

යනුවෙන් ආතන්හි අවකාශ ලෝකයයි.

තම‍්පි භගවා සබ‍්බථා අවෙදි. තථා හිස‍්ස “එකො ලොකො සබ‍්බෙ සත‍්තා ආහාරට‍්ඨිතිකා. ද‍්වෙ ලොකා නාමඤ‍්ච රූපඤ‍්ච. තයො ලොකා තිස‍්සො වෙදනා. චත‍්තාරො ලොකා චත‍්තාරො ආහාරා. පඤ‍්ච ලොකා පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා. ඡ ලොකා ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි. සත‍්ත ලොකා සත‍්ත විඤ‍්ඤාණට‍්ඨිතියො. අට‍්ඨ ලොකා අට‍්ඨ ලොකධම‍්මා. නව ලොකා නව සත‍්තාවාසා. දස ලොකා දසායතනානි. ද‍්වාදස ලොකා ද‍්වාදසායතනානි. අට‍්ඨාරස ලොකා අට‍්ඨාරස ධාතුයො”ති (පටි· ම· 1.112) අයං සඞ‍්ඛාරලොකොපි සබ‍්බථා විදිතො.

එම අවකාශ ලෝකයද භාග්‍යවතුන් වහන්සේ සර්වාකාරයෙන් දත්සේක. එසේම උන්වහන්සේ විසින් ‘සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා’ යනුවෙන් එක් ලෝකයක්ද, ‘නාමඤ්ච රූපඤ්ච’ යනුවෙන් ලෝක දෙකක්ද, ‘තිස්සො වෙදනා’ යනුවෙන් ලෝක තුනක්ද, ‘චත්තාරො ආහාරා’ යනුවෙන් ලෝක සතරක්ද, ‘පඤ්චුපාදානක්‍ඛන්‍ධො’ යනුවෙන් ලෝක පසක්ද, ‘ඡ අජ්ඣත්තිකානි ආයතනානි’ යනුවෙන් ලෝක සයක්ද ‘සතත විඤ්ඤාණට්ඨිතියො’ යනුවෙන් ලෝක සතක්ද, ‘අට්ඨ ලොකධම්මා’ යනුවෙන් ලෝක අටක්ද, ‘නව සත්තාවාසා’ යනුවෙන් ලෝක නවයක්ද, ‘දසායතනානි’ යනුවෙන් ලෝක දසයක්ද, ‘ද්වාදසායතනානි’ යනුවෙන් ලෝක දොළොසක්ද, ‘අට්ඨාරස ලොකා අට්ඨාරස ධාතුයෝ’ යනුවෙන් ලෝක අටළොසක්ද ධාතතූහු අටළොසක්දැයි’ යන මේ සංස්කාර ලෝකයද සකලාකාරයෙන් දන්නා ලද්දේය.

යස‍්මා පනෙස සබ‍්බෙසම‍්පි සත‍්තානං ආසයං ජානාති, අනුසයං ජානාති, චරිතං ජානාති, අධිමුත‍්තිං ජානාති, අප‍්පරජක‍්ඛෙ මහාරජක‍්ඛෙ, තික‍්ඛින්‍ද්‍රියෙ මුදින්‍ද්‍රියෙ, ස‍්වාකාරෙ ද‍්වාකාරෙ, සුවිඤ‍්ඤාපයෙ දුවිඤ‍්ඤාපයෙ, භබ‍්බෙ අභබ‍්බෙ සත‍්තෙ ජානාති. තස‍්මාස‍්ස සත‍්තලොකොපි සබ‍්බථා විදිතො.

යම් හෙයකින් වනාහි මොවුන් වහන්සේ සියලු සත්ත්‍වයන්ගේ ආශය (ගති ලක්‍ෂණ) දනිත්ද, අනුසය (නැඹුරුවීම්) දනිත්ද, චරිතය දනිත්ද, අදහස් දනිත්ද, මඳ කෙලෙස් ඇත්තවුන්ද, මහ කෙලෙස් ඇත්තවුන්ද, තීක්‍ෂණ ඉන්‍ද්‍රිය ඇත්තවුන්ද, මෘදු ඉන්‍ද්‍රිය ඇත්තවුන්ද, යහපත් ආකාර ඇත්තවුන්ද, අයහපත් ආකාර ඇත්තවුන්ද, පහසුවෙන් අවබෝධ කරවිය හැක්කවුන්ද, පහසුවෙන් අවබෝධ කරවිය නොහැක්කවුන්ද, භව්‍යයන් හා අභව්‍යයන්ද මැනවින් දනින්ද, එහෙයින් මොවුන් වහන්සේ විසින් සත්ත්‍ව ලෝකයද සර්වප්‍රකාරයෙන් දන්නා ලද්දේය.

යථා ච සත‍්තලොකො, එවං ඔකාසලොකොපි. තථා හෙස එකං චක‍්කවාළං ආයාමතො ච විත්‍ථාරතො ච යොජනානං ද‍්වාදසසතසහස‍්සානි චතුතිංසසතානි ච පඤ‍්ඤාසඤ‍්ච යොජනානි. පරික‍්ඛෙපතො පන –

සත්ත්‍ව ලෝකය මෙන්ම අවකාශ ලෝකයද දන්නා ලද්දේය. එසේමැයි: මේ අවකාශ ලෝකය වූ කලී, එක් සක්වළක් දිගින් පළලින් යොදුන් දොළොස් ලක්‍ෂ තුන් දහස් හාරසිය පණසකි. වට ප්‍රමාණයෙන්,

සබ‍්බං සතසහස‍්සානි, ඡත‍්තිංසපරිමණ‍්ඩලං; දස චෙව සහස‍්සානි, අඩ‍්ඪුඩ‍්ඪානි සතානි ච.

සබ්බං සතසහස්සානි ජත්තිංස පරිමණ්ඩලං දස චෙව සහස්සානි අඩ්ඪුඩ්ඪානි සතානි ච.

මුළු වටප්‍රමාණය තිස්හය ලක්‍ෂයක්ද, දසදහසක්ද, තුන්සිය පණසක්ද (තිස්හය ලක්‍ෂ දසදහස් තුන්සිය පණසක්) යොදුන් වන්නේය,

තත්‍ථ –

එහි,

දුවෙ සතසහස‍්සානි, චත‍්තාරි නහුතානි ච; එත‍්තකං බහලත‍්තෙන, සඞ‍්ඛාතායං වසුන්‍ධරා.

දුවෙ සතසහස්සානි චත්තාරි නහුතානි ච එත්තකා බහලත්තෙන සංඛාතා’යං වසුන්‍ධරා

මේ මහපොළොව ගනකමින් දෙලක්‍ෂයක්ද, සතළිස් දහසක්දැ’යි මෙපමණ (යොදුන්) වන්නේයයි කියනලදි.

තස‍්සායෙව සන්‍ධාරකං –

ඒ මහපොළොව දරා සිටින,

චත‍්තාරි සතසහස‍්සානි, අට‍්ඨෙව නහුතානි ච; එත‍්තකං බහලත‍්තෙන, ජලං වාතෙ පතිට‍්ඨිතං.

චත්තාරි සතසහස්සානි අට්ඨෙව නහුතානි ච එත්තකං බහලත්තෙන ජලං වාතෙ පතිට්ඨිතං

සාර ලක්‍ෂයක්ද, අසූදහසක්දැ’යි මෙපමණ ගැඹුරු බව ඇති ජලය වාතය මත පිහිටියේය.

තස‍්සාපි සන්‍ධාරකො –

ඒ ජලයද දරා සිටින,

නව සතසහස‍්සානි, මාලුතො නභමුග‍්ගතො; සට‍්ඨිඤ‍්චෙව සහස‍්සානි, එසා ලොකස‍්ස සණ‍්ඨිති.

නව සතසහස්සානි මාලුතො නභමුග්තතො සට්ඨි චෙව සහස්සානි එසා ලොකස්ස සණ්ඨිති.

ආකාශයෙන් පැන නැගුණ, නව ලක්‍ෂයක්ද, සැටදහසක්දැයි මෙතෙක් ගනකඩ ඇති වාතය වන්නේය. මේ අවකාශ ලෝකයෙහි ව්‍යුහයයි.

එවං සණ‍්ඨිතෙ චෙත්‍ථ යොජනානං –

මෙසේ සැදුම් ලත් මේ ලෝකධාතුවෙහි,

චතුරාසීති සහස‍්සානි, අජ‍්ඣොගාළ‍්හො මහණ‍්ණවෙ; අච‍්චුග‍්ගතො තාවදෙව, සිනෙරු පබ‍්බතුත‍්තමො.

චතුරාසීති සහස්සානි අජ්ඣොගාළ්හො මහණ්ණවෙ අච්චුග්ගතො තාවදෙව සිනෙරුපබ්බතුත්තමො

අසූසාර දහසක් යොදුන් මහාසාගරයෙහි ගිලී, එපමණම (මහාසාගරයෙන්) මතුවී පවතින මේරු පර්වතරාජයාද වන්නේය.

තතො උපඩ‍්ඪුපඩ‍්ඪෙන, පමාණෙන යථාක‍්කමං; අජ‍්ඣොගාළ‍්හුග‍්ගතා දිබ‍්බා, නානාරතනචිත‍්තිතා.

තතො උපඩ්ඪු’පඩ්ඪෙන පමාණෙන යථාක්කමං අජ්ඣොගාළහුග්ගතා දිබ්බා නානාරතනචිත්තිතා

යුගන්‍ධරො ඊසධරො, කරවීකො සුදස‍්සනො; නෙමින්‍ධරො විනතකො, අස‍්සකණ‍්ණො ගිරි බ්‍රහා.

යුගන්‍ධරො ඊසධරො කරවීකො සුදස්සනො නෙමින්‍ධරො විනතකො අස්සකණ්ණො ගිරි බ්‍රහා

එතෙ සත‍්ත මහාසෙලා, සිනෙරුස‍්ස සමන‍්තතො; මහාරාජානමාවාසා, දෙවයක‍්ඛනිසෙවිතා.

එතෙ සත්ත මහාසෙලා සිනෙරුස්ස සමන්තතො මහාරාජානමාවාසා දෙවයක්‍ඛනිසෙවිතා.

යොජනානං සතානුච‍්චො, හිමවා පඤ‍්ච පබ‍්බතො; යොජනානං සහස‍්සානි, තීණි ආයතවිත්‍ථතො.

යොජනානං සතානුච්චො හිමවා පඤ්ච පබ්බතො යොජනානං සහස්සානි තීණි ආයතවිත්‍ථතො

චතුරාසීතිසහස‍්සෙහි, කූටෙහි පටිමණ‍්ඩිතො; තිපඤ‍්චයොජනක‍්ඛන්‍ධ-පරික‍්ඛෙපා නගව‍්හයා.

චතුරාසීති සහස්සානි කූටෙහි පරිමණ්ඩිතො. තිපඤ්ච යොජනක්‍ඛන්‍ධ-පරික්‍ඛෙපා නගව්හයා

පඤ‍්ඤාසයොජනක‍්ඛන්‍ධ-සාඛායාමා සමන‍්තතො; සතයොජනවිත්‍ථිණ‍්ණා, තාවදෙව ච උග‍්ගතා; ජම‍්බූ යස‍්සානුභාවෙන, ජම‍්බුදීපො පකාසිතො.

පඤ්ඤාස යොජනක්‍ඛන්‍ධ-සාඛායාමා සමන්තතො සතයොජනවිත්‍ථිණ්ණා තාවදෙව ච උග්ගතා ජම්බූ යස්සානුභාවෙන ජම්බුදීපො පකාසිතො.

ඒ මේරු පර්වතයෙහි පටන් පිළිවෙළින් එකිනෙකට අඩක් අඩක් පමණ ජලයෙහි ගිලී හා ජලයෙන් නැඟී සිටින යුගන්‍ධරය, ඊසධරය, කරවීකය, සුදස්සනය, නේමින්‍ධරය, විනතකය, අස්සකණ්ණය යන මේ දිව්‍යමය නොයෙක් රුවනින් විසිතුරු වූ මහා පර්වතයෝ වෙති.

මේ සප්ත මහා පර්වතයෝ මේරු පර්වතය වටකොට සිටියාහුය, සතරවරම් දෙව්මහරජුන්ගේ වාසස්ථානයෝය, දෙවියන් යකුන් විසින් සෙවුනා ලද්දාහුය.

හිමාලය පර්වතය යොදුන් පන්සියයක් උසය, දිගින් පළලින් යොදුන් තුන්දහසෙකි, අසූසාර දහසක් කුළින් හෙබියේය.

වටප්‍රමාණයෙන් පසළොස් යොදුන් පමණ කඳක් ඇති, පණස් යොදුන් දිග කඳ සිසාරා පණස් යොදුන් දිග ශාඛා ඇති, සියයක් යොදුන් පමණ පැතිරී සිටි, එපමණම උස ඇති, “න-ග” නාමධාරී (යම් වෘක්‍ෂයක්හුගේ) ආනුභාවයෙන් ජම්බුද්වීපය යන නම ප්‍රකාශයට පත්වීද, එම ජම්බු වෘක්‍ෂයද පිහිටියේය.

යඤ‍්චෙතං ජම‍්බුයා පමාණං, එතදෙව අසුරානං චිත්‍රපාටලියා, ගරුළානං සිම‍්බලිරුක‍්ඛස‍්ස, අපරගොයානෙ කදම‍්බස‍්ස, උත‍්තරකුරූසු කප‍්පරුක‍්ඛස‍්ස, පුබ‍්බවිදෙහෙ සිරීසස‍්ස, තාවතිංසෙසු පාරිච‍්ඡත‍්තකස‍්සාති. තෙනාහු පොරාණා –

මේ ජම්බු වෘක්‍ෂය යම් තරම් වේද, අසුරයන්ගේ චිත්‍ර පාටලී වෘක්‍ෂයද, ගරුඩයන්ගේ සිම්බලී වෘක්‍ෂයද, අපරගෝයානයෙහි කදම්බ වෘක්‍ෂයද, උතුරුකුරු දිවයිනෙහි කල්ප වෘක්‍ෂයද පූර්ව විදේහයෙහි සිරීස වෘක්‍ෂයද, තාවතිංසයෙහි පාරිච්ඡත්තක වෘක්‍ෂයද එතරම්ම වේ. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:-

“පාටලී සිම‍්බලී ජම‍්බූ, දෙවානං පාරිච‍්ඡත‍්තකො; කදම‍්බො කප‍්පරුක‍්ඛො ච, සිරීසෙන භවති සත‍්තමන‍්ති.

පාටලී, සීම්බලී, ජම්බු, දෙවානං පාරිච්ඡත්තකො කදම්බො කප්පරුක්‍ඛො ච සිරීසෙන භවති සත්තමං.

“ද‍්වෙඅසීති සහස‍්සානි, අජ‍්ඣොගාළ‍්හො මහණ‍්ණවෙ; අච‍්චුග‍්ගතො තාවදෙව, චක‍්කවාළසිලුච‍්චයො; පරික‍්ඛිපිත්‍වා තං සබ‍්බං, ලොකධාතුමයං ඨිතො”ති.

ද්වෙ අසීති සහස්සානි අජ්ඣොගාළ්හො මහණ්ණවෙ අජ්ඣුග්ගතො තාවදෙව චක්කවාළසිලුච්චයො පරික්‍ඛිපිත්‍වා තං සබ්බං ලොකධාතුමයං ඨිතො.

පළොල් රුකද, ඉඹුල් රුකද, දඹ රුකද, දෙවියන්ගේ පරසතු රුකද, කොළොම් රුකද, කප්රුක හා සත්වැනි මහරි රුකද වේ.

සක්වළගල යොදුන් දෙ-අසූ දහසක් මහසමුදුරෙහි ගිලී එපමණම ජලයෙන් නැඟී පවතී. මේ සක්වළගල ඒ සියලු ලෝකධාතුව වටකොට සිටියේය.

තත්‍ථ චන්‍දමණ‍්ඩලං එකූනපඤ‍්ඤාසයොජනං. සූරියමණ‍්ඩලං පඤ‍්ඤාසයොජනං. තාවතිංසභවනං දසසහස‍්සයොජනං. තථා අසුරභවනං අවීචිමහානිරයො ජම‍්බුදීපො ච. අපරගොයානං සත‍්තසහස‍්සයොජනං. තථා පුබ‍්බවිදෙහං. උත‍්තරකුරු අට‍්ඨසහස‍්සයොජනං. එකමෙකො චෙත්‍ථ මහාදීපො පඤ‍්චසතපඤ‍්චසතපරිත‍්තදීපපරිවාරො. තං සබ‍්බම‍්පි එකං චක‍්කවාළං එකා ලොකධාතු. තදන‍්තරෙසු ලොකන‍්තරිකනිරයා.

එහි සඳමඩල එකුන් පණස් යොදුනෙකි, හිරුමඬල පණස් යොදුනෙකි, තව්තිසා බවන දසදහස් යොදුනෙකි, අසුර භවනයද, අවීචි මහානරකයද, දඹදිවද එතරම්ය. අපරගෝයානය සත්දහස් යොදුනෙකි, පූර්ව විදේහයද එතරම්ය, උතුරුකුරු දිවයින අටදහස් යොදුනෙකි. මෙහි එක් එක් මහදිවයිනක් පන්සියයක් පන්සියයක් කොදෙව් පිරිවරකොට ඇත්තේය. ඒ සියල්ල එක් සක්වළෙකි, එක් ලෝක ධාතුවෙකි. ඒ අතරතුර ලෝකාන්තරික නරකයෝ වෙති.

එවං අනන‍්තානි චක‍්කවාළානි අනන‍්තා ලොකධාතුයො භගවා අනන‍්තෙන බුද‍්ධඤාණෙන අවෙදි අඤ‍්ඤාසි පටිවිජ‍්ඣි. එවමස‍්ස ඔකාසලොකොපි සබ‍්බථා විදිතො. එවම‍්පි සබ‍්බථා විදිතලොකත‍්තා ලොකවිදූ.

භාග්‍යවතුන් වහන්සේ අනන්ත වූ බුද්ධ ඥානයෙන් මෙසේ අනන්ත වූ චක්‍රවාටයන්, අනන්ත වූ ලෝකධාතුන් දත්සේක, අත්දුටු සේක, විනිවිද දුටුසේක. මෙසේ මොවුන්වහන්සේ විසින් අවකාශ ලෝකයද සියලු ආකාරයෙන් දන්නා ලද්දේය. මෙසේ සර්වප්‍රකාරයෙන් ලෝකය දත් හෙයින්ද ලොකවිදූ නම් වන සේක.

අත‍්තනා පන ගුණෙහි විසිට‍්ඨතරස‍්ස කස‍්සචි අභාවතො නත්‍ථි එතස‍්ස උත‍්තරොති අනුත‍්තරො. තථා හෙස සීලගුණෙනාපි සබ‍්බං ලොකමභිභවති, සමාධිපඤ‍්ඤාවිමුත‍්තිවිමුත‍්තිඤාණදස‍්සනගුණෙනාපි. සීලගුණෙනාපි අසමො අසමසමො අප‍්පටිමො අප‍්පටිභාගො අප‍්පටිපුග‍්ගලො…පෙ… විමුත‍්තිඤාණදස‍්සනගුණෙනාපි. යථාහ – “න ඛො පනාහං සමනුපස‍්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ…පෙ… සදෙවමනුස‍්සාය පජාය අත‍්තනා සීලසම‍්පන‍්නතර”න‍්ති විත්‍ථාරො. එවං අග‍්ගපසාදසුත‍්තාදීනි (අ· නි· 4.34; ඉතිවු· 90) “න මෙ ආචරියො අත්‍ථී”තිආදිකා (ම· නි· 1.285; මහාව· 11) ගාථායො ච විත්‍ථාරෙතබ‍්බා.

ගුණයෙන් තමනට වඩා විශිෂ්ට වූ කිසිවකු නොමැති හෙයින් මොවුන්හට වැඩි උතුම් අන් කෙනකු නැතැ’යි අනුත්තර වෙති. ඒ එසේමැයි, මොවුන් වහන්සේ සීලගුණයෙන්ද සකල ලෝකයා අබිබවා සිටින සේක. සමාධි-පඤ්ඤා-විමුත්ති, විමුත්තිඤාණදස්සන ගුණයෙන්ද එසේ වන සේක. සීල ගුණයෙන්ද -පෙ-විමුත්තිඤාණදස්සන ගුණයෙන්ද අසම, අසමසම, අතුල්‍ය, අසමාන හා අප්පටිපුග්ගලද වන සේක. යම්සේ කියන ලද්දේ ද, ‘මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත-පෙ-දෙවිමිනිසුන් සහිත ලෝකයෙහි තමනට වැඩි සීලසම්පන්නයකු මම් නොදක්මි’යි මෙසේ අග්ගප්පසාද සූත්‍රාදියද ‘මට ආචාර්යවරයෙක් නැතැ’යි (න මෙ ආචරියො අත්‍ථි) යන ආදී ගාථාද විස්තර කළ යුතුය.

පුරිසදම‍්මෙ සාරෙතීති පුරිසදම‍්මසාරථි. දමෙති විනෙතීති වුත‍්තං හොති. තත්‍ථ පුරිසදම‍්මාති අදන‍්තා දමෙතුං යුත‍්තා තිරච‍්ඡානපුරිසාපි මනුස‍්සපුරිසාපි අමනුස‍්සපුරිසාපි. තථා හි භගවතා තිරච‍්ඡානපුරිසාපි අපලාලො නාගරාජා, චූළොදරො, මහොදරො, අග‍්ගිසිඛො, ධූමසිඛො, අරවාළො නාගරාජා, ධනපාලකො හත්‍ථීති එවමාදයො දමිතා නිබ‍්බිසා කතා සරණෙසු ච සීලෙසු ච පතිට‍්ඨාපිතා, මනුස‍්සපුරිසාපි සච‍්චකනිගණ‍්ඨපුත‍්තඅම‍්බට‍්ඨමාණවපොක‍්ඛරසාති සොණදන‍්තකූටදන‍්තාදයො, අමනුස‍්සපුරිසාපි ආළවකසූචිලොමඛරලොමයක‍්ඛසක‍්කදෙවරාජාදයො දමිතා විනීතා විචිත්‍රෙහි විනයනූපායෙහි. “අහං ඛො, කෙසි, පුරිසදම‍්මෙ සණ‍්හෙනපි විනෙමි, ඵරුසෙනපි විනෙමි, සණ‍්හඵරුසෙනපි විනෙමී”ති (අ· නි· 4.11) ඉදඤ‍්චෙත්‍ථ සුත‍්තං විත්‍ථාරෙතබ‍්බං.

දමනය කිරීමට සුදුසු පුරුෂයන් දමනය කෙරෙති’යි පුරිසදම්මසාරථි නම් වන සේක, හීලෑ කරතියි, හික්මවති’යි යන අර්ත්‍ථයි. එහි ‘පුරිසදම්ම’ යනු හීලෑ නොවූ හීලෑ කරනු යෝග්‍ය තිරිසන්වූ හෝ මනුෂ්‍ය වූ හෝ අමනුෂ්‍ය වූ පුරුෂයෝය. ඒ එසේ මැයි, භාග්‍යවතුන් වහන්සේ විසින් අපලාලය, චූළොදරය, මහොදරය, අග්ගිසිඛය, ධූමසිඛය, ආරවාළය යන නාරජවරුද, ධනපාල නම් හස්තියාදැයි යන මේ ආදී තිරිසන්ගිය පුද්ගලයෝ දමනය කරන ලද්දාහු, විෂරහිත කරන ලද්දාහු සරණශීලයෙහිද පිහිටුවන ලද්දාහුය. සච්චක, නිගණ්ඨපුත්ත, අම්බට්ඨමානවක, පොක්ඛරසාති, සොණදණ්ඩ, කූටදන්ත ආදී මනුෂ්‍යපුරුෂයෝද දමනය කරන ලද්දාහුය. ආළවක, සූචිලොම, ඛරරෝම යක්‍ෂ සක්දෙව් රජදැයි යන ආදී අමනුෂ්‍ය පුරුෂයෝද විසිතුරු විනයන උපාය මඟින් හික්මවන ලද්දාහුය. ‘කේසිය, මම් වනාහි දැමියයුතු පුරුෂයන් මොළොක්වූ උපාය මඟින්ද රළුවූ උපාය මඟින්ද හික්මවමි’යි යන මේ ආදී සූත්‍රද මෙහිලා විස්තර කළ යුතුවේ.

අපිච භගවා විසුද‍්ධසීලාදීනං පඨමජ‍්ඣානාදීනි සොතාපන‍්නාදීනඤ‍්ච උත‍්තරි මග‍්ගපටිපදං ආචික‍්ඛන‍්තො දන‍්තෙපි දමෙතියෙව.

තවද: භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු සිල්ඇත්තවුනට ප්‍රථමධ්‍යාන ආදියද, සොතාපන්න ආදීන්හට උත්තරමාර්ග ප්‍රතිපදාවන්ද කියා දෙමින් දමනය කරන ලද්දවුන්ද දමනය කෙරෙත්මය.

අථ වා අනුත‍්තරො පුරිසදම‍්මසාරථීති එකමෙවිදං අත්‍ථපදං. භගවා හි තථා පුරිසදම‍්මෙ සාරෙති, යථා එකපල‍්ලඞ‍්කෙනෙව නිසින‍්නා අට‍්ඨ දිසා අසජ‍්ජමානා ධාවන‍්ති. තස‍්මා අනුත‍්තරො පුරිසදම‍්මසාරථීති වුච‍්චති. “හත්‍ථිදමකෙන, භික‍්ඛවෙ, හත්‍ථිදම‍්මො සාරිතො එකංයෙව දිසං ධාවතී”ති ඉදඤ‍්චෙත්‍ථ සුත‍්තං (ම· නි· 3.312) විත්‍ථාරෙතබ‍්බං.

නොහොත් අනුත්තරො පුරිසදම්මසාරථි යනුවෙන් මෙය එක්ම අර්ත්‍ථයක් ඇති පදයෙකි, භාග්‍යවතුන් වහන්සේ වනාහි යම්සේ එක්ම පර්යංකයෙන් හුන්නාහු අට දික්හි නොපැකිල දිවියහැකි වෙත්ද, එසේ පුරුෂදම්‍යයන් දමනය කෙරෙති, එහෙයින් අනුත්තර වූ පුරිසදම්මසාරථියයි කියනු ලබති. “මහණෙනි, ඇතුන් දමනය කරන්නකු විසින් දමනය කරනු ලබන ඇතෙක් එක්ම දිශාවකට දිවෙයි” යනුවෙන්ද මේ සූත්‍රය මෙහිලා විස්තර කළයුතුය.

දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකපරමත්‍ථෙහි යථාරහං අනුසාසතීති සත්‍ථා. අපිච සත්‍ථා වියාති සත්‍ථා, භගවා සත්‍ථවාහො. යථා සත්‍ථවාහො සත්‍ථෙ කන‍්තාරං තාරෙති චොරකන‍්තාරං තාරෙති වාළකන‍්තාරං තාරෙති දුබ‍්භික‍්ඛකන‍්තාරං තාරෙති නිරුදකකන‍්තාරං තාරෙති උත‍්තාරෙති නිත‍්තාරෙති පතාරෙති ඛෙමන‍්තභූමිං සම‍්පාපෙති, එවමෙව භගවා සත්‍ථා සත්‍ථවාහො සත‍්තෙ කන‍්තාරං තාරෙති, ජාතිකන‍්තාරං තාරෙතීතිආදිනා නිද‍්දෙසනයෙනපෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. දෙවමනුස‍්සානන‍්ති දෙවානඤ‍්ච මනුස‍්සානඤ‍්ච. උක‍්කට‍්ඨපරිච‍්ඡෙදවසෙන, භබ‍්බපුග‍්ගලපරිච‍්ඡෙදවසෙන චෙතං වුත‍්තං. භගවා පන තිරච‍්ඡානගතානම‍්පි අනුසාසනිප‍්පදානෙන සත්‍ථායෙව. තෙපි හි භගවතො ධම‍්මස‍්සවනෙන උපනිස‍්සයසම‍්පත‍්තිං පත්‍වා තාය එව උපනිස‍්සයසම‍්පත‍්තියා දුතියෙ වා තතියෙ වා අත‍්තභාවෙ මග‍්ගඵලභාගිනො හොන‍්ති. මණ‍්ඩූකදෙවපුත‍්තාදයො චෙත්‍ථ නිදස‍්සනං.

ඉහලෝකාර්ත්‍ථ පරලෝකාර්ත්‍ථ වශයෙන්ද, පරමාර්ත්‍ථ (නිවණ) වශයෙන්ද සුදුසු පරිදි අනුශාසනය කරති’යි සත්‍ථා නම් වන සේක. තවද ‘සත්‍ථා’ යනු සාර්ත්‍ථ කෙණකි, සාර්ත්‍ථවාහ කෙනෙකි, යම්සේ සාර්ත්‍ථවාහකයෙක් සාර්ත්‍ථයන් (වෙළඳබඩු සහිත තවලම්) කාන්තාර තරණය කරවන්නේ සොරුන් ගැවසි කාන්තාර තරණයකර වන්නේද, චණ්ඩ මෘගයන් ඇති කාන්තාර තරණය කරවන්නේද, දුර්භික්‍ෂ කාන්තාර තරණය කරවන්නේද, නිරුදක කාන්තාර තරණය කරවන්නේද, එතෙරට පමුණුවන්නේද, එතෙරට හැරලන්නේද, ක්‍ෂෙමභූමියට පමුණුවන්නේද, එසේම භාග්‍යවතුන් වහන්සේ සාර්ත්‍ථකෙනකු, සාර්ත්‍ථවාහක කෙනකු වශයෙන් සත්ත්‍වයන් කාන්තාර තරණය කරවන සේක, ජාතිකාන්තාරය තරණය කරවන සේකැයි’ යන මේ නිද්දේස නයින්ද මෙහි අර්ත්‍ථය දතයුතුය. දෙවමනුස්සානං යනු දෙවියනට හා මිනිසුනටය, උත්කෘෂ්ට පුද්ගලයන්, භව්‍ය පුද්ගලයන් පිරිසිඳ දක්වනු පිණිස මෙය කියන ලද්දේ නමුදු භාග්‍යවතුන්වහන්සේ වනාහි තිරිසන් සතුනට පවා අනුශාසනා දීමෙන් ‘සත්‍ථා’ නම් වන සේක්මය. ඒ සත්ත්‍වයෝද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසීමෙන් උපනිශ්‍රය සම්පත්තියට පැමිණ එම උපනිශ්‍රය සම්පත්තියම හේතුකොටගෙන දෙවන හෝ තුන්වන හෝ අත්බව්හිදී මාර්ගඵල ලබන්නාහු වෙති. මෙහිලා මණ්ඩුක දිව්‍යපුත්‍රාදීහු නිදසුන් වෙති.

භගවති කිර ගග‍්ගරාය පොක‍්ඛරණියා තීරෙ චම‍්පානගරවාසීනං ධම‍්මං දෙසියමානෙ එකො මණ‍්ඩූකො භගවතො සරෙ නිමිත‍්තං අග‍්ගහෙසි, තං එකො වච‍්ඡපාලකො දණ‍්ඩං ඔලුබ‍්භ තිට‍්ඨන‍්තො සීසෙ සන‍්නිරුම‍්භිත්‍වා අට‍්ඨාසි. සො තාවදෙව කාලඞ‍්කත්‍වා තාවතිංසභවනෙ ද‍්වාදසයොජනිකෙ කනකවිමානෙ නිබ‍්බත‍්ති. සුත‍්තප‍්පබුද‍්ධො විය ච තත්‍ථ අච‍්ඡරාසඞ‍්ඝපරිවුතං අත‍්තානං දිස‍්වා “අරෙ අහම‍්පි නාම ඉධ නිබ‍්බත‍්තො, කිං නු ඛො කම‍්මමකාසි”න‍්ති ආවජ‍්ජෙන‍්තො න අඤ‍්ඤං කිඤ‍්චි අද‍්දස අඤ‍්ඤත්‍ර භගවතො සරෙ නිමිත‍්තග‍්ගාහා. සො තාවදෙව සහ විමානෙන ආගන‍්ත්‍වා භගවතො පාදෙ සිරසා වන්‍දි. භගවා ජානන‍්තොව පුච‍්ඡි –

භාග්‍යවතුන් වහන්සේ වනාහි ගග්ගරා පොකුණු තෙරදී චම්පා නුවර වැසියනට දහම් දෙසනවිට එක්තරා මැඩියෙක් භාග්‍යවතුන් වහන්සේගේ ස්වරයෙහි නිමිති ගත්තේය. එක්තරා ගොපල්ලෙක් දඬුවෙහි එල්බ සිටිනුයේ ඒ මැඩියාගේ හිස මත දඬුව ඔබාගෙන සිටියේය. ඒ මැඩියා එකෙණෙහිම කාලක්‍රියාකොට තව්තිසා බවනෙහි දොළොස් යොදුන් පමණ රන් විමනෙක්හි නිදා සිට පිබිදියක්හු සෙයින් උපන්නේය. එහි තමන් දෙවඟනන් පිරිවරා සිටිනු දැක, “කොල, මම්ද මෙහි උපන්මි, කිනම් කුසල කර්මයක් කළෙම්දැ’යි ආවර්ජන කරනුයේ භාග්‍යවතුන් වහන්සේගේ ස්වරයෙහි නිමිති ගැනීම හැර අන්කිසි කර්මයක් නොදිටියේය. හේ තෙමේ එකෙණෙහිම විමානයත් සමගම අවුත් භාග්‍යවතුන් වහන්සේගේ පා හිස තබා වැන්දේය. භාග්‍යවතුන් වහන්සේ එපවත් දනිමින්ම විචාළ සේක:

“කො මෙ වන්‍දති පාදානි, ඉද‍්ධියා යසසා ජලං; අභික‍්කන‍්තෙන වණ‍්ණෙන, සබ‍්බා ඔභාසයං දිසා”ති.

කො මෙ වන්‍දති පාදානි ඉද්ධියා යසසා ජලං අභික්කන්තෙන වණ්ණෙන සබ්බා ඔභාසයං දිසා.

මණ‍්ඩූකොහං පුරෙ ආසිං, උදකෙ වාරිගොචරො; තව ධම‍්මං සුණන‍්තස‍්ස, අවධි වච‍්ඡපාලකොති.

මණ්ඩුකො’හං පුරෙ ආසිං උදකෙ වාරිගොචරො තව ධම්මං සුණන්තස්ස අවධී වච්ඡපාලකො’

සෘද්ධියෙන්ද යසසින්ද දිලිසෙමින් ඉතා කාන්ත වූ වර්ණයෙන් සියලු දිසාවන් බබුළුවමින් මාගේ පා වදිනුයේ කවරෙක්ද?

පෙර අත්බව්හි මම් දියෙහි, දියට ගොදුරු බිම්කොට වුසූ මැඩියෙක් වීමි, ඔබවහන්සේගේ ධර්මය අසමින් සිටියදීම ගොපලු දරුවෙක් මා නැසීය.

භගවා තස‍්ස ධම‍්මං දෙසෙසි. චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. දෙවපුත‍්තොපි සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය සිතං කත්‍වා පක‍්කමීති.

භාග්‍යවතුන්වහන්සේ ඒ දෙව්පුත්හට දහම් දෙසූ සේක. අසූසාරදහසක් ප්‍රාණීන්හට ධර්මාභිසමය විය. දෙව්පුත් තෙමේද සෝවාන් පෙලෙහි පිහිටා සිනා පහළකොට පෙරළා ගියේය.

යං පන කිඤ‍්චි අත්‍ථි ඤෙය්‍යං නාම, සබ‍්බස‍්සෙව බුද‍්ධත‍්තා විමොක‍්ඛන‍්තිකඤ‍්ඤාණවසෙන බුද‍්ධො. යස‍්මා වා චත‍්තාරි සච‍්චානි අත‍්තනාපි බුජ‍්ඣි, අඤ‍්ඤෙපි සත‍්තෙ බොධෙසි, තස‍්මා එවමාදීහිපි කාරණෙහි බුද‍්ධො. ඉමස‍්ස ච පනත්‍ථස‍්ස විඤ‍්ඤාපනත්‍ථං “බුජ‍්ඣිතා සච‍්චානීති බුද‍්ධො. බොධෙතා පජායාති බුද‍්ධො”ති එවං පවත‍්තො සබ‍්බොපි නිද‍්දෙසනයො (මහානි· 192) පටිසම‍්භිදානයො (පටි· ම· 1.162) වා විත්‍ථාරෙතබ‍්බො.

දතයුතු යම්කිසිවක් ඇත්නම්, ඒ සියල්ල අවබෝධ කළ හෙයින් විමෝක්‍ෂය කෙළවරකොට පැතිර සිටි ඥාන වශයෙන් බුද්ධ නම් වෙති. නොහොත්, යම්හෙයකින් චතුස්සත්‍යයන් තමන්ද අවබෝධකොට සෙසු සත්ත්‍වයනටද අවබෝධ කරවූ සේක්ද, එහෙයින් මේ ආදී කරුණු හේතුකොට බුද්ධ නම් වන සේක. මේ අර්ත්‍ථය හඟවනු පිණිස: ‘සත්‍යයන් අවබෝධ කළහ’යි බුද්ධ නම් වෙති, සත්ත්‍වයන්හට එය අවබෝධ කරවති’යි බුද්ධ නම් වෙති’ යනුවෙන් මෙසේ පැවති සියලු නිද්දේස ක්‍රමය නොහොත් පටිසම්භිදා ක්‍රමය විස්තර කළයුතුය.

භගවාති ඉදං පනස‍්ස ගුණවිසිට‍්ඨසබ‍්බසත‍්තුත‍්තමගරුගාරවාධිවචනං. තෙනාහු පොරාණා –

භගවා යන මෙය වනාහි ගුණයෙන් විශිෂ්ට වූ සත්ත්‍වයන් අතර ශ්‍රේෂ්ඨ වූ උන්වහන්සේ වෙත ආරෝපිත ගෞරවාභිධානයෙකි. එහෙයි කීහු පූර්වාචාර්යයෝ:

“භගවාති වචනං සෙට‍්ඨං, භගවාති වචනමුත‍්තමං; ගරුගාරවයුත‍්තො සො, භගවා තෙන වුච‍්චතී”ති.

භගවාති වචනං සෙට්ඨං භගවාති වචනුත්තමං ගරුගාරවයුත්තො සො භගවා තෙන වුච්චති.

භගවා යන වචනය ශ්‍රේෂ්ඨය, භගවා යන වචනය උතුම්ය, එහෙයින් අතිශය ගෞරවයට යෝග්‍ය වූ උන්වහන්සේ ‘භගවා’යි වහරනු ලබන සේක.

චතුබ‍්බිධං වා නාමං ආවත්‍ථිකං ලිඞ‍්ගිකං නෙමිත‍්තිකං අධිච‍්චසමුප‍්පන‍්නන‍්ති. අධිච‍්චසමුප‍්පන‍්නං නාම ලොකියවොහාරෙන යදිච‍්ඡකන‍්ති වුත‍්තං හොති. තත්‍ථ වච‍්ඡො දම‍්මො බලීබද‍්දොති එවමාදි ආවත්‍ථිකං. දණ‍්ඩී ඡත‍්තී සිඛී කරීති එවමාදි ලිඞ‍්ගිකං. තෙවිජ‍්ජො ඡළභිඤ‍්ඤොති එවමාදි නෙමිත‍්තිකං. සිරිවඩ‍්ඪකො ධනවඩ‍්ඪකොති එවමාදි වචනත්‍ථං අනපෙක‍්ඛිත්‍වා පවත‍්තං අධිච‍්චසමුප‍්පන‍්නං. ඉදං පන භගවාති නාමං නෙමිත‍්තිකං, න මහාමායාය, න සුද‍්ධොදනමහාරාජෙන, න අසීතියා ඤාතිසහස‍්සෙහි කතං, න සක‍්කසන‍්තුසිතාදීහි දෙවතාවිසෙසෙහි. වුත‍්තම‍්පි චෙතං ධම‍්මසෙනාපතිනා “භගවාති නෙතං නාමං මාතරා කතං…පෙ… විමොක‍්ඛන‍්තිකමෙතං බුද‍්ධානං භගවන‍්තානං බොධියා මූලෙ සහ සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස පටිලාභා සච‍්ඡිකා පඤ‍්ඤත‍්ති යදිදං භගවා”ති (මහානි· 84).

නොහොත්, නාමය ආවස්ථිකය, ලෛංගිකය, නෛමිත්තිකය, අධීත්‍යසමුත්පන්නයයි චතුර්විධ වේ. අධීත්‍යසමුත්පන්න නම් (හෙත්‍වර්ත්‍ථය නොසලකා) ලෞකික ව්‍යවහාරයෙන් කැමති-කැමති සේ තබනු ලද්දෙකැ’යි කියනලදි. එහි වච්ඡය, දම්මය, බලිවද්දය, යන ආදිය (ඒ ඒ අවස්ථාවන් සලකා කියනු ලබන හෙයින්) ආවස්ථික වේ, දණ්ඩී, හත්‍ථි, සිඛී, කරී යන ආදිය (සංකේතාත්මක වශයෙන් කියනු ලබන හෙයින්) ලෛංගික වේ, තෙවිජ්ජය, ඡළභිඤ්ඤය යන ආදිය (ඒ ඒ ගුණය නිමිතිකොට කියනු ලබන හෙයින් නෛමිත්තික වේ. සිරිවඩ්ඪකය, ධනවඩ්ඪකය යන ආදිය වචනාර්ත්‍ථය නොසලකා පනවනු ලබන හෙයින් අධීත්‍යසමුත්පන්න වේ. මේ ‘භගවා’ යන නාමය වනාහි නෛමිත්තික වේ. මහාමායා දේවීන් විසින් හෝ සුදොවුන් මහරජුන් විසින් හෝ, අසූදහසක් ඥාතීන් විසින් හෝ, ශක්‍ර සන්තුෂිතාදී දේව වර්ගයා විසින් හෝ මේ නම තබන ලද්දේ නොවේ. ධම්ම සේනාපති සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ විසින් මෙසේ කියනලදී. ‘භගවා’ යන මේ නාමය මව විසින් තබන ලද්දේ නොවේ, -පෙ-මේ ‘භගවා’ යන ප්‍රඥප්තිය භාග්‍යවත් බුදුවරයන් විසින් විමොක්‍ෂය නිමිතිකොට බොධිමූලයෙහිදී සර්වඥතාඥානය ලැබීමත් සමගම එය සාක්‍ෂිකොට පනවන ලද්දෙකි”.

යංගුණනෙමිත‍්තිකඤ‍්චෙතං නාමං, තෙසං ගුණානං පකාසනත්‍ථං ඉමං ගාථං වදන‍්ති –

යම්හෙයකින් ගුණයන් නිමිතිකොට මෙම නාමය වේද, එහෙයින් එම ගුණයන් ප්‍රකාශ කරනු පිණිස මේ ගාථාව කියති.

“භගී භජී භාගි විභත‍්තවා ඉති, අකාසි භග‍්ගන‍්ති ගරූති භාග්‍යවා; බහූහි ඤායෙහි සුභාවිතත‍්තනො, භවන‍්තගො සො භගවාති වුච‍්චතී”ති. –

භගී භජී භාගී විභත්තවා ඉති අකාසි භග්ගන්ති ගරූති භාග්‍යවා බහූහි ඤායෙහි සුභාවිතත්තනො භවන්තගො සො භගවාති වුච්චති

(දෙතිස් ලකුණු ආදී) භග ලක්‍ෂණයෙන් යුක්ත වූහ’යිද, (අර්ත්‍ථ, ධර්ම, විමුක්ති ආදිය) භජනය කළහ’යිද, (ආර්ය ධර්මයන්) අවබෝධ කළහ’යිද (ලෞකික ලෝකෝත්තර ධර්මයන්) විග්‍රහකොට දේශනා කළහ’යිද, (රාගාදී ක්ලේශයන්) සිඳලූහයිද, භාග්‍යයෙන් අනූන වූහ’යිද, (භාවනාදී අනේකවිධ) න්‍යායයෙන් මනාකොට වඩනාලද අත්බැව් ඇත්තාහ’යිද, භවයෙහි කෙළවරට ගියහ’යිද, තුන්ලොවට ගුරුවූ උන්වහන්සේ ‘භගවා’ යයි කියනු ලබන සේක.

නිද‍්දෙසෙ (මහානි· 84) වුත‍්තනයෙනෙව චෙත්‍ථ තෙසං තෙසං පදානං අත්‍ථො දට‍්ඨබ‍්බො.

නිද්දේසයෙහි කියන ලද නයින්ම මෙහි ඒ පදයන්ගේ අරුත් දත යුතුය.

අයං පන අපරො නයො.

මේ වනාහි තවත් ක්‍රමයෙකි:

භාග්‍යවා භග‍්ගවා යුත‍්තො, භගෙහි ච විභත‍්තවා; භත‍්තවා වන‍්තගමනො, භවෙසු භගවා තතොති.

භාග්‍යවා භග්ගවා යුත්තො භගෙහි ච විභත්තවා භත්තවා වන්තගමනො භවෙසු භගවා තතො

(පාරමී භාවයට පත්) භාග්‍යයෙන් යුක්ත වූහ’යිද, (රාගාදී කෙලෙසුන්) බිඳ හළහ’යිද, භග ලක්‍ෂණයෙන් යුක්ත වූහ’යිද, (මාර්ගඵලාදී ආර්ය ධර්මයන්) විභාගකොට අවබෝධ කළහ’යිද, (අර්ත්‍ථ රසාදිය) වළදන්නාහ’යිද, භවත්‍රය විෂයෙහි තෘෂ්ණා සංඛ්‍යාත ගමනය වමාරා හරින ලදහ’යිද ‘භගවා’ නම් වන සේක.

තත්‍ථ වණ‍්ණාගමො වණ‍්ණවිපරියයොතිආදිකං නිරුත‍්තිලක‍්ඛණං ගහෙත්‍වා සද‍්දනයෙන වා පිසොදරාදිපක‍්ඛෙපලක‍්ඛණං ගහෙත්‍වා යස‍්මා ලොකියලොකුත‍්තරසුඛාභිනිබ‍්බත‍්තකං දානසීලාදිපාරප‍්පත‍්තං භාග්‍යමස‍්ස අත්‍ථි, තස‍්මා භාග්‍යවාති වත‍්තබ‍්බෙ භගවාති වුච‍්චතීති ඤාතබ‍්බං.

එහි, යම්හෙයකින් ලෞකික ලෝකෝත්තර සැප සාදන දානශීලාදියෙන් උච්ච අවස්ථාවට පත් භාග්‍යය මොවුන්හට ඇත්තේද, එහෙයින් ‘භාග්‍යවා’යි කිව යුතු තැන, ශබ්ද ශාස්ත්‍ර නයින් වර්ණාගම, වර්ණවිපර්යය ආදී නිරුක්ති ලක්‍ෂණ ගෙන නැතහොත්, පෘෂෝදර (පෘෂත් + උදර) ආදියෙහි මෙන් ප්‍රක්‍ෂෙප ලක්‍ෂණ ගෙන ‘භගවා’යි කියනු ලැබෙති’යි දතයුතුය.

යස‍්මා පන අහිරිකානොත‍්තප‍්පකොධූපනාහමක‍්ඛපළාසඉස‍්සාමච‍්ඡරියමායාසාඨෙය්‍යථම‍්භසාරම‍්භමානාතිමානමදපමාදතණ‍්හාඅවිජ‍්ජා- තිවිධාකුසලමූලදුච‍්චරිතසංකිලෙසමලවිසමසඤ‍්ඤාවිතක‍්කපපඤ‍්චචතුබ‍්බිධවිපරියෙස- ආසවගන්‍ථඔඝයොගඅගතිතණ‍්හුප‍්පාදුපාදානපඤ‍්චචෙතොඛීලවිනිබන්‍ධනීවරණාභිනන්‍දනා- ඡවිවාදමූලතණ‍්හාකායසත‍්තානුසයඅට‍්ඨමිච‍්ඡත‍්තනවතණ‍්හාමූලකදසාකුසලකම‍්මපථද‍්වාසට‍්ඨිදිට‍්ඨිගත- අට‍්ඨසතතණ‍්හාවිචරිතප‍්පභෙදසබ‍්බදරථපරිළාහකිලෙසසතසහස‍්සානි , සඞ‍්ඛෙපතො වා පඤ‍්ච කිලෙසඛන්‍ධඅභිසඞ‍්ඛාරදෙවපුත‍්තමච‍්චුමාරෙ අභඤ‍්ජි. තස‍්මා භග‍්ගත‍්තා එතෙසං පරිස‍්සයානං භග‍්ගවාති වත‍්තබ‍්බෙ භගවාති වුච‍්චති. ආහ චෙත්‍ථ –

යම් හෙයකින් වනාහි ලෝභය, ද්වෙෂය, මොහය යන මෙයින් ඇතිවන විපරීත මනසිකාර (සිත්පෙරළි) ය, අහිරික හා අනොත්තප්ප (පව් කිරීමෙහිලා විලිබිය නැති බවය.) ක්‍රොධ හා උපනාහ හෙවත් වෛරය, මක්ඛ හා පලාස (අනුන් ගුණ මැකීම හා අවඥා කිරීම) ය, ඊර්ෂ්‍යා හා මාත්සර්යය, කුහකබව හා කපටිබවය, දරදඬුකම හා එකටෙක කරනසුලු බවය, මාන හා අතිමානය, මදය හා ප්‍රමාදය, තෘෂ්ණා හා අවිද්‍යාවය, ලෝභාදී ත්‍රිවිධ අකුශල මූලය, කායාදී දුශ්චරිතය, තෘෂ්ණාදී සංකිලෙසය, රාගාදී මලය, රාගාදී විෂමය, කාමාදී සංඥාය, කාමාදී විතර්කය, තෘෂ්ණාදී ප්‍රපංචය, චතුර්විධ වූ විපර්යාසය, කාමාදී ආසවය, අභිධ්‍යාදී ග්‍රන්‍ථය, කාමාදී ඔඝය, කාමාදී යොගය, ඡන්‍දා දී අගතිය, චීවරහේතු ආදී තණ්හුප්පාදය, කාමාදී උපාදානය, පංචවිධ වූ චෙතෝඛිලය, විනිබන්‍ධය, නීවරණය, අභිනන්‍දනය, ෂඩ්විධ වූ විවාදමූලය, තණ්හාකාය, සප්ත අනුශය ධර්‍ම, අෂ්ට මිථ්‍යාභාවය, නවවිධ තණ්හාමූලකය, දශ අකුශල කර්මපථය, ද්වාෂෂ්ටි දෘෂ්ටිය, අෂ්ටශත තෘෂ්ණාවිචරිතප්‍රභේදය යන මේ ලක්‍ෂ සංඛ්‍යාතවූ සියලු දරථපරිළාහ කිලෙසයන්, නොහොත්, සංක්‍ෂෙප වශයෙන් ක්ලෙශ, ස්කන්‍ධ, අභිසංස්කාර, දේවපුත්‍ර, මෘත්‍යු මාරයන් බිඳලූහ. එහෙයින් මේ උවදුරු බිඳලූ හෙයින් ‘භග්ගවා’යි කිවයුතු තැන ‘භගවා’යි කියනු ලබන සේක. තවද මෙහිලා කියන ලදී:

“භග‍්ගරාගො භග‍්ගදොසො, භග‍්ගමොහො අනාසවො; භග‍්ගාස‍්ස පාපකා ධම‍්මා, භගවා තෙන වුච‍්චතී”ති.

භග්ගරාගො භග්ගදොසො භග්ගමොහො අනාසවො භග්ගා’ස්ස පාපකා ධම්මා භගවා තෙන වුච්චති.

බිඳහළ රාග ඇත්තාහ, බිඳහළ ද්වේෂ ඇත්තාහ, බිඳහළ මොහ ඇත්තාහ, ආශ්‍රව රහිතයහ, මොවුන් විසින් පාපස්වභාවයෝ බිඳුනා ලදහ. එහෙයින් ‘භගවා’යි කියනු ලබන සේක.

භාග්‍යවතාය චස‍්ස සතපුඤ‍්ඤලක‍්ඛණධරස‍්ස රූපකායසම‍්පත‍්ති දීපිතා හොති. භග‍්ගදොසතාය ධම‍්මකායසම‍්පත‍්ති. තථා ලොකියසරික‍්ඛකානං බහුමතභාවො, ගහට‍්ඨපබ‍්බජිතෙහි අභිගමනීයතා, අභිගතානඤ‍්ච නෙසං කායචිත‍්තදුක‍්ඛාපනයනෙ පටිබලභාවො, ආමිසදානධම‍්මදානෙහි උපකාරිතා, ලොකියලොකුත‍්තරසුඛෙහි ච සංයොජනසමත්‍ථතා දීපිතා හොති.

ශත පුණ්‍යලක්‍ෂණයන් දරන්නාවූ මොවුන්ගේ භාග්‍යවත් භාවය යනුවෙන් රූපකාය සම්පත්තිය දක්වන ලද්දේ වේ. භග්නදෝෂතා යනුවෙන් ධර්මකාය සම්පත්තිය දක්වන ලද්දේ වේ. එසේම (භාග්‍යවත්භාවය හා භග්නදොෂතාව යන මේ ද්විවිධ ගුණයන්ගෙන් පිළිවෙළින්) සාමාන්‍ය ලෝකයාගේ හා පරීක්‍ෂකයන්ගේ බහුමානයට පාත්‍රවූ බව දක්වන ලද්දේ වේ, ගෘහස්ථයන් විසින්ද ප්‍රව්‍රජිතයන් විසින්ද එළඹිය යුතු බව දක්වන ලද්දේ වේ, එළඹ සිටියාවූ ගෘහස්ථයන්ගේද ප්‍රව්‍රජිතයන්ගේද කායදුඃඛය හා චිත්තදුඃඛය දුරුකිරීමෙහි පොහොසත්බව දක්වන ලද්දේ වේ, ආමිෂදාන හා ධර්මදානයන්ගෙන් උපකාරී වූ බව දක්වන ලද්දේ වේ, ලෞකික ලොකෝත්තර සුඛයන් හා සමග යෙදවීමෙහි සමත්බව දක්වන ලද්දේ වේ.

යස‍්මා ච ලොකෙ ඉස‍්සරියධම‍්මයසසිරිකාමපයත‍්තෙසු ඡසු ධම‍්මෙසු භගසද‍්දො පවත‍්තති, පරමඤ‍්චස‍්ස සකචිත‍්තෙ ඉස‍්සරියං, අණිමාලඞ‍්ඝිමාදිකං වා ලොකියසම‍්මතං සබ‍්බාකාරපරිපූරං අත්‍ථි. තථා ලොකුත‍්තරො ධම‍්මො. ලොකත‍්තයබ්‍යාපකො යථාභුච‍්චගුණාධිගතො අතිවිය පරිසුද‍්ධො යසො. රූපකායදස‍්සනබ්‍යාවටජනනයනප‍්පසාදජනනසමත්‍ථා සබ‍්බාකාරපරිපූරා සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගසිරී. යං යං එතෙන ඉච‍්ඡිතං පත්‍ථිතං අත‍්තහිතං පරහිතං වා, තස‍්ස තස‍්ස තථෙව අභිනිප‍්ඵන‍්නත‍්තා ඉච‍්ඡිතත්‍ථනිබ‍්බත‍්තිසඤ‍්ඤිතො කාමො. සබ‍්බලොකගරුභාවප‍්පත‍්තිහෙතුභූතො සම‍්මාවායාමසඞ‍්ඛාතො පයත‍්තො ච අත්‍ථි. තස‍්මා ඉමෙහි භගෙහි යුත‍්තත‍්තාපි භගා අස‍්ස සන‍්තීති ඉමිනා අත්‍ථෙන භගවාති වුච‍්චති.

යම්හෙයකින් ලෝකයෙහි ඓශ්වර්යය. ධර්මය, යශස්ය, ශ්‍රීය, කාමය, ප්‍රයත්නය යන මේ සවැදෑරුම් ස්වභාවයන් කෙරෙහි ‘භග’ ශබ්දය පවත්නේද, එසේම මොවුන්ට ස්වකීය චිත්තය පිළිබඳ පරම වූ ස්වාධිපත්‍යය ඇත්තේ වේද, නැතහොත් අණිමා (පරමාණු තරම් කුඩා බවට පත්වීම) ලඝිමා (අහසෙහි පාවෙන තරම් සැහැල්ලු බවට පත්වීම) ආදී ලෞකික සම්මත සියලු ආකාර ඇති ඓශ්වර්ය ගුණ ඇත්තේ වේද, එසේම ලෝකෝත්තර ධර්ම විද්‍යමාන වේද, තුන්ලොව එක පැහැර පැතිර සිටි සත්‍ය වූ ගුණයන් හේතුකොට පැන නැගුණු අතිශය නිර්මල යශස් ඇත්තේද, රූපකාය දර්ශනයෙහි නියැදි ජනයාගේ නෙත් සිත් පිනවනු සමත් සර්වාකාරයෙන් පරිපූර්ණ වූ සියලු අඟපසඟ වැළඳගත් රූපශ්‍රීය ඇත්තේද, මොවුන් විසින් ආත්මහිත වශයෙන් වේවයි, පරහිත වශයෙන් වේවයි, සිතූ පැතූ යමක් යමක් ඇත්නම් ඒ ඒ දෙය එලෙසින්ම නිපැයෙන හෙයින් ඉච්ඡිතනිෂ්ඵත්ති සංඛ්‍යාත කාමය ඇත්තේද, සකල ලෝකයාගේ ගුරුබවට පත්වීමට හේතු වූ සම්‍යග්ව්‍යායාම සංඛ්‍යාත ප්‍රයත්න ඇත්තේද, එහෙයින් මෙකී භග ලක්‍ෂණයන්ගෙන් යුක්තවූහයි, මෙකී භග ලක්‍ෂණයන් මොවුන් කෙරෙහි විද්‍යමාන වෙති’යි යන මේ අර්ත්‍ථයෙන් හෝ ‘භගවා’යයි වහරනු ලබන සේක.

යස‍්මා පන කුසලාදීහි භෙදෙහි සබ‍්බධම‍්මෙ, ඛන්‍ධායතනධාතුසච‍්චඉන්‍ද්‍රියපටිච‍්චසමුප‍්පාදාදීහි වා කුසලාදිධම‍්මෙ, පීළනසඞ‍්ඛතසන‍්තාපවිපරිණාමට‍්ඨෙන වා දුක‍්ඛං අරියසච‍්චං, ආයූහනනිදානසංයොගපලිබොධට‍්ඨෙන සමුදයං, නිස‍්සරණවිවෙකාසඞ‍්ඛතඅමතට‍්ඨෙන නිරොධං, නිය්‍යානිකහෙතුදස‍්සනාධිපතෙය්‍යට‍්ඨෙන මග‍්ගං විභත‍්තවා, විභජිත්‍වා විවරිත්‍වා දෙසිතවාති වුත‍්තං හොති. තස‍්මා විභත‍්තවාති වත‍්තබ‍්බෙ භගවාති වුච‍්චති.

යම්හෙයකින් කුශලාදී ප්‍රභේද ඇති සියලු ධර්මයන්ද, නොහොත්, ස්කන්‍ධ, ආයතන, ධාතු, සත්‍ය, ඉන්‍ද්‍රිය, පටිච්චසමුප්පාද ආදී භේද සහිත කුශලාදී ධර්මයන්ද, පීඩන, සංඛත, සන්තාප, විපරිණාම යන මේ අර්ත්‍ථ වශයෙන් දුක්ඛ ආර්ය සත්‍යයද, ආයූහන, නිදාන, සංයෝග, පළිබෝධ යන මේ අර්ත්‍ථ වශයෙන් සමුදය සත්‍යයද, නිස්සරණ, විවේක, අසංඛත, අමෘත යන මේ අර්ත්‍ථ වශයෙන් නිරෝධ සත්‍යයද, නිර්යාණ, හේතු, දර්ශන, ආධිපතෙය්‍ය යන මේ අර්ත්‍ථ වශයෙන් මාර්ග සත්‍යයද විග්‍රහ කළහ’යි බෙදා විවරණකොට දේශනා කළහ’යි කියන ලද්දේ ද, එහෙයින් ‘විභත්තවා’යි කිවයුතු තැන ‘භගවා’යි කියනු ලැබෙති.

යස‍්මා ච එස දිබ‍්බබ්‍රහ‍්මඅරියවිහාරෙ කායචිත‍්තඋපධිවිවෙකෙ සුඤ‍්ඤතප‍්පණිහිතානිමිත‍්තවිමොක‍්ඛෙ අඤ‍්ඤෙ ච ලොකියලොකුත‍්තරෙ උත‍්තරිමනුස‍්සධම‍්මෙ භජි සෙවි බහුලං අකාසි, තස‍්මා භත‍්තවාති වත‍්තබ‍්බෙ භගවාති වුච‍්චති.

තවද යම් හෙයකින් මොවුන්වහන්සේ (කසිණ සමවත් ආදී) දිව්‍යවිහාරය, මෙත්තා කරුණා ආදී බ්‍රහ්මවිහාරය, සෝවාන් ආදී ආර්ය විහාරයයි යන ත්‍රිවිධ විහාරයන්ද, කායවිවේක, චිත්තවිවේක, උපධිවිවේකයි යන ත්‍රිවිධ විවේකයන්ද, ශුන්‍යතා විමෝක්‍ෂය, අප්‍රණිහිත විමෝක්‍ෂය, අනිමිත්ත විමෝක්‍ෂයයි යන ත්‍රිවිධ විමෝක්‍ෂයන්ද, සෙසු ලෞකික ලෝකෝත්තර අභිඥාදී උත්තරීය මනුෂ්‍ය ධර්මයන්ද භජනය කළාහුද, සේවනය කළාහුද, හුරු පුරුදු කළාහුද, එහෙයින් ‘භත්තවා’යි කිවයුතු තැන ‘භගවා’යි කියනු ලැබෙති.

යස‍්මා පන තීසු භවෙසු තණ‍්හාසඞ‍්ඛාතං ගමනං අනෙන වන‍්තං, තස‍්මා භවෙසු වන‍්තගමනොති වත‍්තබ‍්බෙ භවසද‍්දතො භකාරං ගමනසද‍්දතො ගකාරං වන‍්තසද‍්දතො වකාරඤ‍්ච දීඝං කත්‍වා ආදාය භගවාති වුච‍්චති යථා ලොකෙ මෙහනස‍්ස ඛස‍්ස මාලාති වත‍්තබ‍්බෙ මෙඛලාති.

තවද යම්හෙයකින් වනාහි භවත්‍රය විෂයෙහි තෘෂ්ණා සංඛ්‍යාත ගමන මොවුන් විසින් වමාරා හරින ලද්දේ ද, එහෙයින් ‘භවෙසු වන්තගමනො’යි කිවයුතු තැන භව-ශබ්දයෙන් භ-කාරයද ගමන -ශබ්දයෙන් ග-කාරයද, වන්ත-ශබ්දයෙන් ව-කාරය (දීර්ඝකොට)ද ගෙන ‘භගවා’යි කියනු ලබන සේක. යම්සේ ලෝකයෙහි “මෙහනස්ස ඛස්ස මාලා”යි කිවයුතු තැන ‘මෙඛලා”යි කියනු ලැබේද, එසේය.

තස‍්සෙවං ඉමිනා ච ඉමිනා ච කාරණෙන සො භගවා අරහං…පෙ… ඉමිනා ච ඉමිනා ච කාරණෙන භගවාති බුද‍්ධගුණෙ අනුස‍්සරතො නෙව තස‍්මිං සමයෙ රාගපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න දොසපරියුට‍්ඨිතං, න මොහපරියුට‍්ඨිතං චිත‍්තං හොති. උජුගතමෙවස‍්ස තස‍්මිං සමයෙ චිත‍්තං හොති තථාගතමාරබ‍්භ (අ· නි· 6.10). ඉච‍්චස‍්ස එවං රාගාදිපරියුට‍්ඨානාභාවෙන වික‍්ඛම‍්භිතනීවරණස‍්ස කම‍්මට‍්ඨානාභිමුඛතාය උජුගතචිත‍්තස‍්ස බුද‍්ධගුණපොණා විතක‍්කවිචාරා පවත‍්තන‍්ති. බුද‍්ධගුණෙ අනුවිතක‍්කයතො අනුවිචාරයතො පීති උප‍්පජ‍්ජති. පීතිමනස‍්ස පීතිපදට‍්ඨානාය පස‍්සද‍්ධියා කායචිත‍්තදරථා පටිප‍්පස‍්සම‍්භන‍්ති. පස‍්සද‍්ධදරථස‍්ස කායිකම‍්පි චෙතසිකම‍්පි සුඛං උප‍්පජ‍්ජති. සුඛිනො බුද‍්ධගුණාරම‍්මණං හුත්‍වා චිත‍්තං සමාධියතීති අනුක‍්කමෙන එකක‍්ඛණෙ ඣානඞ‍්ගානි උප‍්පජ‍්ජන‍්ති. බුද‍්ධගුණානං පන ගම‍්භීරතාය නානප‍්පකාරගුණානුස‍්සරණාධිමුත‍්තතාය වා අප‍්පනං අප‍්පත්‍වා උපචාරප‍්පත‍්තමෙව ඣානං හොති. තදෙතං බුද‍්ධගුණානුස‍්සරණවසෙන උප‍්පන‍්නත‍්තා බුද‍්ධානුස‍්සතිච‍්චෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මෙසේ මේ මේ කාරණයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් නම් වනසේක, -පෙ-මේ මේ කාරණයෙන් භගවත් නම් වන සේකැ’යි බුදු ගුණ සිහිකරන ඒ යෝගාවචරයාගේ සිත එසමයෙහි රාගයෙන් මඩනා ලද්දේ නොවේ, ද්වේෂයෙන් මඩනා ලද්දේ නොවේ, මොහයෙන් මඩනා ලද්දේ නොවේ. ඔහුගේ සිත “එසමයෙහි තථාගතයන් අරබයා සෘජුව පවත්නා බවට ගියේම වේ.” මෙසේ රාගාදීන්ගේ නොපැළඹීමෙන් වියලී ගිය නීවරණ ඇති, කර්මස්ථානයට අභිමුඛ වූ හෙයින් සෘජුව පවත්නා සිත් ඇති ඒ යෝගියාහට බුදුගුණයනට නැඹුරු වූ විතක්ක විචාරයෝ පවත්නාහුය. බුදුගුණයනට අනුව විතක්කනය විචාරණය කරන ඕහට පීතිය උපදනේය, පීතියෙන් යුත් සිත් ඇත්තහුට එම පීතිය ආසන්න කාරණකොට ඇති ‘පස්සද්ධිය’ හේතුකොටගෙන කායචිත්ත පීඩාවෝ සන්සිඳෙති, සන්සුන් පීඩා ඇත්තහුට කායික චෛතසික සුඛය උපදනේය, සුඛ ඇත්තහුගේ සිත බුදුගුණයන් වෙතට නැඹුරු වී සමාධිගත වන්නේයයි, මෙසේ අනුක්‍රමයෙන් එක් කෙණෙහිම ධ්‍යානාංගයෝ උපදනාහුය, බුදුගුණයෙහි ගැඹුරුබව හේතුකොටගෙන, නොයෙක් ප්‍රකාර ඇති ගුණයන් සිහිකිරීමට නැඹුරුවීම හේතුකොටගෙන හෝ, අර්පණාවට නොපැමිණි හුදෙක් උපචාරයටම පැමිණ ධ්‍යාන වේ. ඒ මේ ධ්‍යානය බුදු ගුණ සිහිකිරීම් වශයෙන් උපන් හෙයින් බුද්ධානුස්මෘති ධ්‍යානයයි ව්‍යවහාරයට යෙයි.

ඉමඤ‍්ච පන බුද‍්ධානුස‍්සතිං අනුයුත‍්තො භික‍්ඛු සත්‍ථරි සගාරවො හොති සප‍්පතිස‍්සො, සද‍්ධාවෙපුල‍්ලං සතිවෙපුල‍්ලං පඤ‍්ඤාවෙපුල‍්ලං පුඤ‍්ඤවෙපුල‍්ලඤ‍්ච අධිගච‍්ඡති, පීතිපාමොජ‍්ජබහුලො හොති, භයභෙරවසහො දුක‍්ඛාධිවාසනසමත්‍ථො, සත්‍ථාරා සංවාසසඤ‍්ඤං පටිලභති. බුද‍්ධගුණානුස‍්සතියා අජ‍්ඣාවුත්‍ථඤ‍්චස‍්ස සරීරම‍්පි චෙතියඝරමිව පූජාරහං හොති. බුද‍්ධභූමියං චිත‍්තං නමති. වීතික‍්කමිතබ‍්බවත්‍ථුසමායොගෙ චස‍්ස සම‍්මුඛා සත්‍ථාරං පස‍්සතො විය හිරොත‍්තප‍්පං පච‍්චුපට‍්ඨාති. උත‍්තරි අප‍්පටිවිජ‍්ඣන‍්තො පන සුගතිපරායනො හොති.

මෙකී බුද්ධානුස්මෘති භාවනාවෙහි යෙදුණු භික්‍ෂු තෙමේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරුසරු ඇත්තේ වේ, ශ්‍රද්ධා මහත්වයටද, ස්මෘති මහත්වයටද, ප්‍රඥාමහත්වයටද, පුණ්‍යමහත්වයටද පත්වේ, ප්‍රීති ප්‍රමෝද බහුලකොට ඇත්තේ වේ, කුදුමහත් බිය දරා සිටිනු සමත්වූයේ, දුක් ඉවසා සිටිනු සමත්වූයේ ‘ශාස්තෲන් වහන්සේ හා සමඟ වෙසෙමි’යි යන හැඟීම ලබයි, බුදුගුණ සිහිකරමින්ම වාසය කරන මේ යෝගියාගේ සිරුර පවා චේතියඝරයක් සෙයින් පූජාර්හ බවට පත්වේ. බුද්ධ භූමිය වෙත සිත නැඹුරු වේ. ඉක්මවියයුතු වස්තූන්ගේ සමාගමයෙහිදී ඇස් ඉදිරියේ වැඩ සිටින ශාස්තෲන් වහන්සේ දක්නහුට සෙයින් මොහුට හිරිඔතප් දෙක එළඹ සිටියි, උපරිම මාර්ගඵලයන් ප්‍රතිවෙධ නොකළහොත් සුගතියට යන්නේම වේ.

තස‍්මා හවෙ අප‍්පමාදං, කයිරාථ සුමෙධසො; එවං මහානුභාවාය, බුද‍්ධානුස‍්සතියා සදාති.

තස්මා හවෙ අප්පමාදං කයිරාථ සුමෙධසො එවං මහානුභාවාය බුද්ධානුස්සතියා සදා.

එහෙයින් මෙවන් මහානුභාව ඇති බුද්ධානුස්මෘති භාවනා විෂයෙහි, ඒකාන්තයෙන් නුවණැත්තෝ සැම කල්හිම අප්‍රමාද බව පුරුදු කරන්නාහුය.

ඉදං තාව බුද‍්ධානුස‍්සතියං විත්‍ථාරකථාමුඛං.

මෙතෙක් මේ බුද්ධානුස්මෘති භාවනා විෂය පිළිබඳ විස්තරකථා ක්‍රමයයි.