පකිණ්ණකකථා
පකිණ්ණකකථා
පකිණ්ණකකථා
එතෙසු හි යත්ථ කත්ථචි අධිගතජ්ඣානො සුවික්ඛම්භිතරාගත්තා වීතරාගො විය නිල්ලොලුප්පචාරො හොති. එවං සන්තෙපි ය්වායං අසුභප්පභෙදො වුත්තො, සො සරීරසභාවප්පත්තිවසෙන ච රාගචරිතභෙදවසෙන චාති වෙදිතබ්බො. ඡවසරීරං හි පටික්කූලභාවං ආපජ්ජමානං උද්ධුමාතකසභාවප්පත්තං වා සියා, විනීලකාදීනං වා අඤ්ඤතරසභාවප්පත්තං. ඉති යාදිසං යාදිසං සක්කා හොති ලද්ධුං, තාදිසෙ තාදිසෙ උද්ධුමාතකපටික්කූලං විනීලකපටික්කූලන්ති එවං නිමිත්තං ගණ්හිතබ්බමෙවාති සරීරසභාවප්පත්තිවසෙන දසධා අසුභප්පභෙදො වුත්තොති වෙදිතබ්බො.
මේ දසඅසුභයන් අතුරෙන් කවර හෝ අසුභයක් ඇසුරෙන් ලබනලද ධ්‍යාන ඇත්තේ වේද, හේ තෙමේ මනාකොට වියලවනලද රාග ඇති හෙයින් වීතරාගියකු මෙන් ලොල්බවින් තොර පැවතුම් ඇත්තෙක් වේ. එසේ වතුදු යම් යම් අසුභ ප්‍රභේදයක් කියන ලද්දේ ද, එය ශරීරය පිළිබඳ වෙනස් වෙනස් ස්වභාවයට පැමිණීම් වශයෙන්ද, රාගචරිතයාගේ වෙනස් වෙනස් ප්‍රභේද වශයෙන්ද එසේ කියනලදැයි දතයුතුය. මළසිරුර වනාහි පිළිකුල් බවට පැමිණෙනුයේ උද්ධුමාතක ස්වභාවයට යාම හෝ වන්නේය, විනීලකාදීන් අතුරෙන් කිසියම් ස්වභාවයකට යාම හෝ වන්නේය. මෙසේ යම් යම් ස්වභාවයක් ලද හැකි වන්නේද, ඒ ඒ ස්වභාවයෙහිදී ‘උද්ධුමාතක පටික්කූලං විනීලකපටික්කූලං’ යන ආදී වශයෙන් නිමිති ගතයුතු වන්නේයයි ශරීරස්වභාවයට පත්වීම් වශයෙන් දශවිධ අසුභ ප්රභේදයන් කියනලදැ’යි දතයුතුය.
විසෙසතො චෙත්ථ උද්ධුමාතකං සරීරසණ්ඨානවිපත්තිප්පකාසනතො සණ්ඨානරාගිනො සප්පායං. විනීලකං ඡවිරාගවිපත්තිප්පකාසනතො සරීරවණ්ණරාගිනො සප්පායං. විපුබ්බකං කායවණපටිබද්ධස්ස දුග්ගන්ධභාවස්ස පකාසනතො මාලාගන්ධාදිවසෙන සමුට්ඨාපිතසරීරගන්ධරාගිනො සප්පායං. විච්ඡිද්දකං අන්තොසුසිරභාවප්පකාසනතො සරීරෙ ඝනභාවරාගිනො සප්පායං. වික්ඛායිතකං මංසුපචයසම්පත්තිවිනාසප්පකාසනතො ථනාදීසු සරීරප්පදෙසෙසු මංසුපචයරාගිනො සප්පායං. වික්ඛිත්තකං අඞ්ගපච්චඞ්ගානං වික්ඛෙපප්පකාසනතො අඞ්ගපච්චඞ්ගලීලාරාගිනො සප්පායං. හතවික්ඛිත්තකං සරීරසඞ්ඝාතභෙදවිකාරප්පකාසනතො සරීරසඞ්ඝාතසම්පත්තිරාගිනො සප්පායං. ලොහිතකං ලොහිතමක්ඛිතපටික්කූලභාවප්පකාසනතො අලඞ්කාරජනිතසොභරාගිනො සප්පායං. පුළවකං කායස්ස අනෙකකිමිකුලසාධාරණභාවප්පකාසනතො කායෙ මමත්තරාගිනො සප්පායං. අට්ඨිකං සරීරට්ඨීනං පටික්කූලභාවප්පකාසනතො දන්තසම්පත්තිරාගිනො සප්පායන්ති එවං රාගචරිතභෙදවසෙනාපි දසධා අසුභප්පභෙදො වුත්තොති වෙදිතබ්බො.
මෙහිලා විශේෂයෙන් උද්ධුමාතකය ශරීරයෙහි හැඩහුරුව විනාශවීම ප්‍රකාශ කරන හෙයින් සණ්ඨානරාගියා (හැඩහුරුව පිළිබඳ රාග ඇත්තා) හට යෝග්‍ය වේ, විනීලකය ශරීරවර්ණයෙහි විනාශය ප්‍රකාශ කරන හෙයින් වර්ණරාගියාහට යෝග්‍ය වේ, විපුබ්බකය කායවර්ණය හා සමඟ බැදුණු දුගඳබව ප්‍රකාශ කරන හෙයින් මාලාගන්ධාදී වශයෙන් උපදවනලද ශරීරගන්ධය කෙරෙහි රාග ඇත්තාහට යෝග්‍ය වේ, විච්ඡිද්දකය ඇතුළත සිදුරු ඇති බව ප්‍රකාශ කරන හෙයින් අඟපසඟ ආදිය පිළිබඳ තිරබවෙහි රාග ඇත්තාහට යෝග්‍ය වේ, වික්ඛායිතකය මාංශක ලක්ෂණ සම්පත්තියෙහි විනාශය ප්‍රකාශකරන හෙයින් පියොවුරු ආදී සිරුරු කොටස්වල මාංශබහුලතාවෙහි රාග ඇත්තාහට යෝග්‍ය වේ, වික්ඛිත්තකය අංගප්‍රත්‍යංග විනාශය ප්‍රකාශ කරන හෙයින් අංග ප්‍රත්‍යංග ලීලාවෙහි රාග ඇත්තාහට යෝග්‍ය වේ, හතවික්ඛිත්තකය ශරීරයෙහි කැටිබව විනාශවීම ප්‍රකාශ කරන හෙයින් ශරීරසංඝාත සම්පත්තිය කෙරෙහි රාග ඇත්තාහට යෝග්‍ය වේ, ලොහිතකය ලෙයින් වැකීමෙහි පිළිකුල්බව ප්‍රකාශ කරන හෙයින් ආභරණයෙන් ජනිත වූ ශෝභාව කෙරෙහි රාග ඇත්තාහට යෝග්‍ය වේ, පුළවකය ශරීරය නොයෙක් පණුකූලවලට සාධාරණබව ප්‍රකාශ කරන බැවින් කාය පිළිබඳ මමත්වයෙහි රාග ඇත්තාහට යෝග්‍ය වේ, අට්ඨිකය සිරුරු ඇටවල පිළිකුල්බව ප්‍රකාශ කරන හෙයින් දන්තකල්යාණසම්පත්තිය කෙරෙහි රාග ඇත්තාහට යෝග්‍ය වේ. මෙසේ රාගචරිතයාගේ ප්‍රභේද වශයෙන්ද දශවිධ අසුභප්රභේදය කියන ලදැ’යි දතයුතුය.
යස්මා පන දසවිධෙපි එතස්මිං අසුභෙ සෙය්යථාපි නාම අපරිසණ්ඨිතජලාය සීඝසොතාය නදියා අරිත්තබලෙනෙව නාවා තිට්ඨති, විනා අරිත්තෙන න සක්කා ඨපෙතුං, එවමෙව දුබ්බලත්තා ආරම්මණස්ස විතක්කබලෙනෙව චිත්තං එකග්ගං හුත්වා තිට්ඨති, විනා විතක්කෙන න සක්කා ඨපෙතුං, තස්මා පඨමජ්ඣානමෙවෙත්ථ හොති, න දුතියාදීනි.
යම්හෙයකින් මේ දසඅසුභයෙහිදී, යම්සේ ගලාබස්නා ජලය සහිත ශඝ්රප්රවාහ සහිත ගඟෙක හබලෙහි බලයෙන්ම නැවක් සිටුවිය හැකිවේද, හබලක් නැතිව සිටුවිය නොහැකි වේද, එසේම අරමුණ දුබලවන හෙයින් විතක්ක බලයෙන්ම සිත එකඟව සිටුවිය හැකිවේ, විතක්කයෙන් තොරව සිටුවිය නොහැකිවේ, එහෙයින් මෙහි ප්‍රථම ධ්‍යානයම වන්නේය, ද්විතීයධ්යානාදිය නොවන්නේය.
පටික්කූලෙපි ච එතස්මිං ආරම්මණෙ “අද්ධා ඉමාය පටිපදාය ජරාමරණම්හා පරිමුච්චිස්සාමී”ති එවමානිසංසදස්සාවිතාය චෙව නීවරණසන්තාපප්පහානෙන ච පීතිසොමනස්සං උප්පජ්ජති, “බහුං දානි වෙතනං ලභිස්සාමී”ති ආනිසංසදස්සාවිනො පුප්ඵඡඩ්ඩකස්ස ගූථරාසිම්හි විය, උස්සන්නබ්යාධිදුක්ඛස්ස රොගිනො වමනවිරෙචනප්පවත්තියං විය ච.
පිළිකුල්වූද මේ අරමුණෙහි, “ඒකාන්තයෙන් මේ ප්‍රතිපදාව හේතුකොටගෙන ජරාමරණ දෙකින් මිදෙන්නෙමි’යි මෙසේ මෙහි ආනිසංස දක්නා බැවින්ද, නීවරණ සන්තාපය පහවීමෙන්ද පීති සොමනස්සය උපදී, “දැන් බොහෝ වැටුප් ලබන්නෙමි”යි කසල රැසෙක්හි අනුසස් දක්වා කසල ශෝධකයාට මෙනි, උත්සන්න වූ රෝදුක් ඇත්තහුට වමනවිරේචනාදිය පැවැත්වීමෙහිදී මෙනි.
දසවිධම්පි චෙතං අසුභං ලක්ඛණතො එකමෙව හොති. දසවිධස්සාපි හෙතස්ස අසුචිදුග්ගන්ධජෙගුච්ඡපටික්කූලභාවො එව ලක්ඛණං. තදෙතං ඉමිනා ලක්ඛණෙන න කෙවලං මතසරීරෙ, දන්තට්ඨිකදස්සාවිනො පන චෙතියපබ්බතවාසිනො මහාතිස්සත්ථෙරස්ස විය, හත්ථික්ඛන්ධගතං රාජානං ඔලොකෙන්තස්ස සඞ්ඝරක්ඛිතත්ථෙරූපට්ඨාකසාමණෙරස්ස විය ච ජීවමානකසරීරෙපි උපට්ඨාති. යථෙව හි මතසරීරං, එවං ජීවමානකම්පි අසුභමෙව. අසුභලක්ඛණං පනෙත්ථ ආගන්තුකෙන අලඞ්කාරෙන පටිච්ඡන්නත්තා න පඤ්ඤායති. පකතියා පන ඉදං සරීරං නාම අතිරෙකතිසතඅට්ඨිකසමුස්සයං අසීතිසතසන්ධිසඞ්ඝටිතං නවන්හාරුසතනිබන්ධනං නවමංසපෙසිසතානුලිත්තං අල්ලචම්මපරියොනද්ධං ඡවියා පටිච්ඡන්නං ඡිද්දාවඡිද්දං මෙදකථාලිකා විය නිච්චුග්ඝරිතපග්ඝරිතං කිමිසඞ්ඝනිසෙවිතං රොගානං ආයතනං දුක්ඛධම්මානං වත්ථු පරිභින්නපුරාණගණ්ඩො විය නවහි වණමුඛෙහි සතතවිස්සන්දනං. යස්ස උභොහි අක්ඛීහි අක්ඛිගූථකො පග්ඝරති, කණ්ණබිලෙහි කණ්ණගූථකො, නාසාපුටෙහි සිඞ්ඝාණිකා, මුඛතො ආහාරපිත්තසෙම්හරුධිරානි, අධොද්වාරෙහි උච්චාරපස්සාවා, නවනවුතියා ලොමකූපසහස්සෙහි අසුචිසෙදයූසො පග්ඝරති. නීලමක්ඛිකාදයො සම්පරිවාරෙන්ති. යං දන්තකට්ඨමුඛධොවනසීසමක්ඛනනහානනිවාසනපාරුපනාදීහි අප්පටිජග්ගිත්වා යථාජාතොව ඵරුසවිප්පකිණ්ණකෙසො හුත්වා ගාමෙන ගාමං විචරන්තො රාජාපි පුප්ඵඡඩ්ඩකචණ්ඩාලාදීසු අඤ්ඤතරොපි සමසරීරපටික්කූලතාය නිබ්බිසෙසො හොති, එවං අසුචිදුග්ගන්ධජෙගුච්ඡපටික්කූලතාය රඤ්ඤො වා චණ්ඩාලස්ස වා සරීරෙ වෙමත්තං නාම නත්ථි. දන්තකට්ඨමුඛධොවනාදීහි පනෙත්ථ දන්තමලාදීනි පමජ්ජිත්වා නානාවත්ථෙහි හිරිකොපීනං පටිච්ඡාදෙත්වා නානාවණ්ණෙන සුරභිවිලෙපනෙන විලිම්පිත්වා පුප්ඵාභරණාදීහි අලඞ්කරිත්වා “අහං මම”න්ති ගහෙතබ්බාකාරප්පත්තං කරොන්ති. තතො ඉමිනා ආගන්තුකෙන අලඞ්කාරෙන පටිච්ඡන්නත්තා තදස්ස යාථාවසරසං අසුභලක්ඛණං අසඤ්ජානන්තා පුරිසා ඉත්ථීසු, ඉත්ථියො ච පුරිසෙසු රතිං කරොන්ති. පරමත්ථතො පනෙත්ථ රජ්ජිතබ්බකයුත්තට්ඨානං නාම අණුමත්තම්පි නත්ථි. තථා හි කෙසලොමනඛදන්තඛෙළසිඞ්ඝාණිකඋච්චාරපස්සාවාදීසු එකකොට්ඨාසම්පි සරීරතො බහි පතිතං සත්තා හත්ථෙන ඡුපිතුම්පි න ඉච්ඡන්ති, අට්ටීයන්ති හරායන්ති ජිගුච්ඡන්ති. යං යං පනෙත්ථ අවසෙසං හොති, තං තං එවං පටික්කූලම්පි සමානං අවිජ්ජන්ධකාරපරියොනද්ධා අත්තසිනෙහරාගරත්තා “ඉට්ඨං කන්තං නිච්චං සුඛං අත්තා”ති ගණ්හන්ති. තෙ එවං ගණ්හන්තා අටවියං කිංසුකරුක්ඛං දිස්වා රුක්ඛතො අපතිතපුප්ඵං “අයං මංසපෙසී”ති විහඤ්ඤමානෙන ජරසිඞ්ගාලෙන සමානතං ආපජ්ජන්ති. තස්මා –
මේ අසුභ කර්මස්ථානය දශවිධ වන නමුදු අසුභ ලක්ෂණ වශයෙන් එකක්ම වේ, දශවිධවූ නමුදු මේ අසුභය අපවිත්රබවම, දුගඳබවම, නොමනහර බවම, පිළිකුල්බවම ලක්‍ෂණකොට ඇත්තේය. එහෙයින් මෙකී ලක්ෂණ හේතුකොටගෙන හුදෙක් මළසිරුරෙහිම නොව ජීවමාන සිරුරෙහි පවා මේ ආකාරය වැටහේ, දත්ඇට දක්නා සෑගිරි වැසි මහාතිස්ස තෙරුන්හට මෙනි. ඇත්කඳ මත හුන් රජු දෙස බලනවිට සංඝරක්ඛිත තෙරුන්ගේ උපස්ථායක සාමණේරයන්හට මෙනි. මළසිරුර මෙන්ම ජීවමාන සිරුරද අසුබම වේ, මෙහි වනාහි අසුභ ලක්ෂණය ආගන්තුක අලංකරණයෙන් වැසී පවත්නා හෙයින් ප්රකටව නොපෙනේ. මේ ශරීරය වූකලී ප්‍රකෘති වශයෙන්ම තුන්සියයකට අධික වූ ඇටවලින් නැගී (කෙලින්) සිටිනේය, එක්සිය අසූවක් සන්ධිවලින් කැටිව පවත්නේය, නවසියයක් නහරවලින් බැඳී පවත්නේය, නවසියයක් මස්පිඬුවලින් ගැවසී පවත්නේය, නොවියලි මිනිස් සමින් වෙළී පවත්නේය, සිවියෙන් වැසී පවත්නේය, කුදු මහත් සිදුරෙන් සිදුරු සහිත වන්නේය, මේද තෙල්පිරි බඳුනක් මෙන් උඩින් යටින් නිතොරව වැගිරෙමින් සිටිනේය, පණුකැලට නිවෙස් වන්නේය, රෝගයනට ආකර වන්නේය, සියලු දුකට බඳුන් වන්නේය, කල්ගිය ගඬුවක් ගැසුණු කල මෙන් නව දොරෙකින් නිරතුරුව වැහෙමින් පවත්නේය, මේ ශරීරයෙහි දෙ-ඇසින් කබ වැගිරෙන්නේය, දෙකන් සිදුරින් කන්මළ (කළාඳුරු) වැගිරෙන්නේය, දෙනහස්පුටයෙන් සොටු වැගිරෙන්නේය, මුඛයෙන් අහරද, පිත-සෙම්ද, ලෙහෙද වැගිරෙන්නේය, අධොද්වාරයෙන් මලමුත්‍ර වැගිරෙන්නේය, නවානුදහසක් රෝමකූපයෙන් අපිරිසිදු දහදිය වැගිරෙන්නේය, නිලමැසි ආදීහු අවටින් පිරිවරා සිටිනාහුය. මෙම ශරීරය දත්මැදීම්, මුවදෙවීම්, හිසතෙල් ගැල්වීම්, නෑම්, හිඳීම්, පෙරවීම් ආදියෙන් පිළිදැගුම් නොකොට උපන්වනම රළුව විසුරුණ කෙස් සහිතව ගමින්ගම හැසිරෙතොත් රජකු වුවද, කසලශෝධක චණ්ඩාලාදීන් අතුරෙන් එකතු වුවද පිළිකුලින් සමාන සිරුරු ඇති බැවින් විශේෂයෙක් නොවේ. මෙසේ අපිරිසුදු බවින්, දුගඳ සහිත බවින්, කලකිරුවන බැවින්, පිළිකුල් දනවන බවින් රජකුගේ වේවා, සැඩොලකුගේ වේවා, සිරුරෙහි වෙනසෙක් නම් නැත. දත්මැදීම් මුවදෙවීම් ආදියෙන් මේ සිරුරෙහි දත්මැලියම් ආදිය ඉවත්කොට, නොයෙක් වස්ත්‍ර ජාතියෙන් මුවහ කොට, නන්වන් සුවඳ විලවුන් අලෙව්කොට, මල් අබරණ ආදියෙන් සැරසී ‘මම’ය ‘මාගේ’යයි ගතයුතු බවට පත්කර ගනිති. එහෙයින් මේ ආගන්තුක වූ අලංකාරයෙන් මුවහවූ හෙයින් මේ සිරුරෙහි ස්වභාව වශයෙන් ඇති අසුබ ලකුණු නොදක්නා පුරුෂයෝ ස්ත්‍රීන් කෙරෙහිද, ස්ත්‍රීහු පුරුෂයන් කෙරෙහිද ඇලුම් කෙරෙති. පරමාර්‍ත්‍ථ වශයෙන් වනාහි මෙහි ස්වල්ප වූ හෝ ඇලුම් කටයුතු කිසිවක් නැත. ඒ එසේමැයි:- කෙස්, ලොම්, නිය, දත්, කෙළ, සොටු, මල, මූ ආදිය අතුරෙන් එක් කොටසක් නමුදු, සිරුරෙන් ඉවතට හැලුණු සැණින් අත තැබීමට පවා කිසිවෙක් කැමැති නොවෙති, හැකිලෙති, මිරිකෙති, පිළිකුල් කෙරෙති, මේ සිරුරෙහි යම් යම් කොටසක් ඉතිරි වේද, ඒ ඒ කොටස් පවා පිළිකුල්වන නමුදු අවිද්යාන්ධකාරයෙන් වැසී ගියාහු ආත්ම ස්නේහරාගයෙන් ඇලුණාහු, ඉෂ්ටය, කාන්තය, නිත්‍යය, සුඛය, ආත්මයයි ගනිති. මෙසේ ගන්නා ඔවුහු කෑල ගසක් දැක, ගසින් නොවැටුණු මලක් ‘මේ මස් පිඬෙකි, මේ මස් පිඬෙකි’යි වෙහෙසට පත්වන ජරසිවලකු හා සමාන බවට පත්වන්නාහුය, එහෙයින්,
යථාපි පුප්ඵිතං දිස්වා, සිඞ්ගාලො කිංසුකං වනෙ; මංසරුක්ඛො මයා ලද්ධො, ඉති ගන්ත්වාන වෙගසා.
යථාහි පුප්ඵිතං දිස්වා සිගාලො කිංසුකං වනෙ මංසරුක්ඛො මයා ලද්ධො ඉති ගනත්‍වාන වෙගසා
පතිතං පතිතං පුප්ඵං, ඩංසිත්වා අතිලොලුපො; නයිදං මංසං අදුං මංසං, යං රුක්ඛස්මින්ති ගණ්හති.
පතිතං පතිතං පුප්ඵං ඩසිත්වා අතිලොලුපො: නයිදං මංසං අදුං මංසං යං රුක්ඛසමින්ති ගණ්හති
කොට්ඨාසං පතිතංයෙව, අසුභන්ති තථා බුධො; අග්ගහෙත්වාන ගණ්හෙය්ය, සරීරට්ඨම්පි නං තථා.
කොට්ඨාසං පතිතං යෙව අසුභන්ති තථා බුධො අගභෙත්වාන ගණෙහය්ය සරීරට්ඨම්පි නං තථා
ඉමඤ්හි සුභතො කායං, ගහෙත්වා තත්ථ මුච්ඡිතා; බාලා කරොන්තා පාපානි, දුක්ඛා න පරිමුච්චරෙ.
ඉමං හි සුභතො කායං ගහෙත්වා තත්ථ මුච්ඡිතා බාලා කරොන්තා පාපානි දුක්ඛා න පරිමුච්චරෙ
තස්මා පස්සෙය්ය මෙධාවී, ජීවතො වා මතස්ස වා; සභාවං පූතිකායස්ස, සුභභාවෙන වජ්ජිතං.
තස්මා පස්සෙය්යං මෙධාවී ජීවිනො වා මතස්ස වා සභාවං පූතිකායස්ස සුභභාවෙන වජ්ජිතං
යම්සේ සිවලෙක් වනයෙහි මල් පිපුණු කෑල ගසක් දැක ‘මාහට මස් පිරුණු ගසක් ලැබිණැ’යි වේගයෙන් ගොස්,
වැටුණු වැටුණු මල ගිජුකමින් ඩැහැගෙන ‘මේ මස් නොවේ, අර ගසෙහි එල්බෙනුයේ මස්ය’යි ගනීද,
එසේම වැටුණු කොටස් පමණක් අසුබ වශයෙන් (ගන්නා බාලයකු මෙන්) නොම ගෙන නුවණැත්තේ සිරුරෙහි ඉතිරි කොටස්ද අසුබ ලෙසින්ම ගන්නේය.
මේ කය සුබ වශයෙන් ගෙන එහි මුළාවට පත් අඥානයෝ පව්කම් කරන්නාහු දුකින් නොමිදෙති.
එහෙයින් නුවණැත්තේ ජීවමාන වූ හෝ මළාවූ පිළිකුල් කයෙහි සුබබවින් තොරවූ ස්වභාවය දක්නේය.
වුත්තඤ්හෙතං –
කියන ලදමැයි:
දුග්ගන්ධො අසුචි කායො, කුණපො උක්කරූපමො; නින්දිතො චක්ඛුභූතෙහි, කායො බාලාභිනන්දිතො.
දුග්ගන්ධො අසුචී කායො කුණපො උක්කරූපමො නින්දිතො චක්ඛුභූතෙහි කායො බාලාභිනන්දිතො
අල්ලචම්මපටිච්ඡන්නො, නවද්වාරො මහාවණො; සමන්තතො පග්ඝරති, අසුචි පූතිගන්ධියො.
අල්ලචම්මපටිචිඡන්නො නවද්වාරො මහාවණො සමන්තතො පග්ඝරති අසූචී පූතිගන්ධියො
සචෙ ඉමස්ස කායස්ස, අන්තො බාහිරකො සියා; දණ්ඩං නූන ගහෙත්වාන, කාකෙ සොණෙ නිවාරයෙති.
සචෙ ඉමස්ස කායස්ස අන්තො බාහිරතො සියා දණ්ඩං නූන ගහෙත්වාන කාකෙ සොණෙ ච වාරයෙ.
දුගඳ වූ අපිරිසිදු වූ කය කුණපයෙකි, කසල ගොඩක් හා සමානය, නුවණැත්තවුන් විසින් නින්දා කරන ලද්දේය, අඥානයන් විසින් ඇල්මෙන් ගන්නා ලද්දේය.
නොවියලි සමින් වැසී ඇති නව දොරක් සහිත මහවණයක්වූ කය සියලු පසින්ම වැගිරේ, අපිරිසිදු වේ. දුගඳ වහනය කෙරේ.
ඉදින් මේ කය ඇතුළත පිටතට පත්වුවහොත් නිසැකයෙන්ම දණ්ඩක් ගෙන කපුටන් හා බල්ලන් වැළැක්වියයුතු වන්නේය.
තස්මා දබ්බජාතිකෙන භික්ඛුනා ජීවමානසරීරං වා හොතු මතසරීරං වා යත්ථ යත්ථ අසුභාකාරො පඤ්ඤායති, තත්ථ තත්ථෙව නිමිත්තං ගහෙත්වා කම්මට්ඨානං අප්පනං පාපෙතබ්බන්ති.
එහෙයින් භව්‍ය වූ භික්ෂුව විසින් ජීවමාන ශරීරයෙක්හි වේවයි, මෘත ශරීරයෙක්හි වේවයි, යම් යම් තැනෙක්හි අසුභ ආකාරය ඔහුට පෙනේද, ඒ ඒ තන්හිම නිමිති ගෙන කමටහන අර්පණා බවට පැමිණවිය යුතුය.
ඉති සාධුජනපාමොජ්ජත්ථාය කතෙ විසුද්ධිමග්ගෙ සමාධිභාවනාධිකාරෙ අසුභකම්මට්ඨානනිද්දෙසො නාම ඡට්ඨො පරිච්ඡෙදො.
සාධුජන ප්‍රමොදය පිණිස කළ විශුද්ධිමාර්ගයෙහි සමාධිභාවනාධිකාරයෙහි වූ අසුභකම්මට්ඨානනිද්දෙස නම් සවන පරිච්ඡේදය මෙතෙකින් සමාප්තයි.