යෙදුමෙන් කියවන්න

විනීලකාදිකම‍්මට‍්ඨානානි

විනීලකාදිකම‍්මට‍්ඨානානි

විනීලකාදිකම්මට්ඨානානි

ඉතො පරෙසු පන විනීලකාදීසුපි යං තං “උද‍්ධුමාතකං අසුභනිමිත‍්තං උග‍්ගණ‍්හන‍්තො එකො අදුතියො ගච‍්ඡති උපට‍්ඨිතාය සතියා”තිආදිනා නයෙන ගමනං ආදිං කත්‍වා ලක‍්ඛණං වුත‍්තං, තං සබ‍්බං “විනීලකං අසුභනිමිත‍්තං උග‍්ගණ‍්හන‍්තො, විපුබ‍්බකං අසුභනිමිත‍්තං උග‍්ගණ‍්හන‍්තො”ති එවං තස‍්ස තස‍්ස වසෙන තත්‍ථ තත්‍ථ උද‍්ධුමාතකපදමත‍්තං පරිවත‍්තෙත්‍වා වුත‍්තනයෙනෙව සවිනිච‍්ඡයාධිප‍්පායං වෙදිතබ‍්බං.

මෙයින් අන්‍ය වූ විනීලකාදී අසුභයන් කෙරෙහිද, ‘උද්ධුමාතක අසුබ නිමිත්ත උගන්නේ හුදකලාව, දෙවැන්නකු නැතිව, එළඹසිටි සිහි ඇතිව යන්නේය’ යන ආදී වශයෙන් යම් ආදී කොට ඇති යම් ලක්‍ෂණයක් කියන ලද්දේ ද, ඒ සියල්ල, ‘විනීලක අසුබනිමිත්ත උගන්නේ, විපුබ්බක අසුබ නිමිත්ත උගන්නේ’ යන ආදී නයින් ඒ ඒ පරිද්දෙන් එහි ‘උද්ධුමාතක’ යන පදය පමණක් වෙනස්කොට එහි කියනලද නයින්ම විනිශ්චය හා අභිප්‍රාය සහිතව දතයුතුය.

අයං පන විසෙසො – විනීලකෙ “විනීලකපටික‍්කූලං විනීලකපටික‍්කූල”න‍්ති මනසිකාරො පවත‍්තෙතබ‍්බො. උග‍්ගහනිමිත‍්තඤ‍්චෙත්‍ථ කබරකබරවණ‍්ණං හුත්‍වා උපට‍්ඨාති. පටිභාගනිමිත‍්තං පන උස‍්සදවසෙන උපට‍්ඨාති.

මේ වනාහි එහි වෙනසයි. විනීලක අසුභයෙහිදී ‘විනීලකපටික්කූලං විනීලකපටික්කූලං’ (නිල්වූ මළ සිරුර පිළිකුල්) යයි මනස්කාරය පැවැත්විය යුතුය, මෙහි උග්ගහනිමිත්ත මිශ්‍රවර්ණයෙන් දිස්වේ. පටිභාගනිමිත්ත වනාහි බහුල සේ පෙනෙන වර්ණයෙන් දිස්වේ.

විපුබ‍්බකෙ “විපුබ‍්බකපටික‍්කූලං විපුබ‍්බකපටික‍්කූල”න‍්ති මනසිකාරො පවත‍්තෙතබ‍්බො. උග‍්ගහනිමිත‍්තං පනෙත්‍ථ පග‍්ඝරන‍්තමිව උපට‍්ඨාති. පටිභාගනිමිත‍්තං නිච‍්චලං සන‍්නිසින‍්නං හුත්‍වා උපට‍්ඨාති.

විපුබ්බකඅසුභයෙහි, ‘විපුබ්බකපටික්කූලං විපුබ්බකපටික්කූලං’ (පූයා වැගිරෙන මළසිරුර පිළිකුල්ය) යනුවෙන් මනස්කාරය පැවැත්විය යුතුය, මෙහි උග්ගහනිමිත්ත වැගිරෙන ආකාරයෙන් වැටහේ, පටිභාගනිමිත්ත නිසලව තැන්පත්ව තිබෙන ආකාරයෙන් වැටහේ.

විච‍්ඡිද‍්දකං යුද‍්ධමණ‍්ඩලෙ වා චොරාටවියං වා සුසානෙ වා යත්‍ථ රාජානො චොරෙ ඡින්‍දාපෙන‍්ති. අරඤ‍්ඤෙ වා පන සීහබ්‍යග‍්ඝෙහි ඡින‍්නපුරිසට‍්ඨානෙ ලබ‍්භති. තස‍්මා තථාරූපං ඨානං ගන‍්ත්‍වා සචෙ නානාදිසායං පතිතම‍්පි එකාවජ‍්ජනෙන ආපාථමාගච‍්ඡති ඉච‍්චෙතං කුසලං. නො චෙ ආගච‍්ඡති, සයං හත්‍ථෙන න පරාමසිතබ‍්බං. පරාමසන‍්තො හි විස‍්සාසං ආපජ‍්ජති. තස‍්මා ආරාමිකෙන වා සමණුද‍්දෙසෙන වා අඤ‍්ඤෙන වා කෙනචි එකට‍්ඨානෙ කාරෙතබ‍්බං. අලභන‍්තෙන කත‍්තරයට‍්ඨියා වා දණ‍්ඩකෙන වා එකඞ‍්ගුලන‍්තරං කත්‍වා උපනාමෙතබ‍්බං. එවං උපනාමෙත්‍වා “විච‍්ඡිද‍්දකපටික‍්කූලං විච‍්ඡිද‍්දකපටික‍්කූල”න‍්ති මනසිකාරො පවත‍්තෙතබ‍්බො. තත්‍ථ උග‍්ගහනිමිත‍්තං මජ‍්ඣෙ ඡිද‍්දං විය උපට‍්ඨාති. පටිභාගනිමිත‍්තං පන පරිපුණ‍්ණං හුත්‍වා උපට‍්ඨාති.

විච්ඡිද්දක අසුභය, යුදබිමෙක හෝ, සොරුන් සිටින අඩවියෙක හෝ, රජදරුවන් විසින් සොරුන්ගේ අත්පා සිඳුවන සොහොන් බිමෙක හෝ සිංහව්‍යාඝ්‍රාදීන් විසින් මිනිසකු කඩ කඩ කොට ඉරා දමන ලද වනබිමෙක හෝ දක්නට ලැබේ, එහෙයින් එවැනි තැනකට ගොස් නොයෙක් තැන විසිරී ඇතත්, එක්වර ඇස් හමුවට එතොත් යෙහෙකි, එසේ නොවෙතොත්, තමා අතින් නොඇල්විය යුතුය, අතින් අල්වා ගතහොත්, හුරුපුරුදු බවට පැමිණේ, (පිළිකුල් හැඟීම පහවී යාහැකිය) එහෙයින් අරම්වැසියකු ලවා හෝ හෙරණකු ලවා හෝ අන් කිසිවකු ලවා හෝ (කැබලි) එක්තැන් කරවාගත යුතුය, එවන් කිසිවකු නොලැබෙතොත්, සැරයටියෙන් හෝ දඬුවෙකින් හෝ එක් අඟුල් පමණ අතර සිටින සේ (තමාම) එක්තැන් කරගත යුතුය. එසේ කොට ‘විච්ඡිද්දකපටික්කූලං විච්ඡිද්දක පටික්කූලං’ (විසිරීගිය මළසිරුර පිළිකුල්ය) යනුවෙන් මනස්කාරය පැවැත්විය යුතුය, එහි උග්ගහනිමිත්ත මැදින් කපන ලද්දක් සෙයින් දිස්වේ, පටිභාග නිමිත්ත වනාහි පිරිපුන් ලෙසින් දිස්වේ.

වික‍්ඛායිතකෙ වික‍්ඛායිතකපටික‍්කූලං වික‍්ඛායිතකපටික‍්කූලන‍්ති මනසිකාරො පවත‍්තෙතබ‍්බො. උග‍්ගහනිමිත‍්තං පනෙත්‍ථ තහිං තහිං ඛායිතසදිසමෙව උපට‍්ඨාති. පටිභාගනිමිත‍්තං පරිපුණ‍්ණංව හුත්‍වා උපට‍්ඨාති.

වික්‍ඛායිතක අසුභයෙහිදී “වික්ඛායිතකපටික්කූලං වික්ඛායිතකපටික්කූලං” (කාදමනලද මළසිරුර පිළිකුල්ය) යනුවෙන් මනස්කාර පැවැත්විය යුතුය. මෙහි උග්ගහනිමිත්ත ඒ ඒ තැනින් කාදමනලද ආකාරයෙන්ම වැටහේ, පටිභාගනිමිත්ත වනාහි පිරිපුන් ලෙසින් වැටහේ.

වික‍්ඛිත‍්තකම‍්පි විච‍්ඡිද‍්දකෙ වුත‍්තනයෙනෙව අඞ‍්ගුලඞ‍්ගුලන‍්තරං කාරෙත්‍වා වා කත්‍වා වා “වික‍්ඛිත‍්තකපටික‍්කූලං වික‍්ඛිත‍්තකපටික‍්කූල”න‍්ති මනසිකාරො පවත‍්තෙතබ‍්බො. එත්‍ථ උග‍්ගහනිමිත‍්තං පාකටන‍්තරං හුත්‍වා උපට‍්ඨාති. පටිභාගනිමිත‍්තං පන පරිපුණ‍්ණංව හුත්‍වා උපට‍්ඨාති.

වික්ඛිත්තකඅසුභයද විච්ඡිද්දක විෂයෙහි කීනයින්ම අඟලක් අඟලක් අතර තබා එක්තැන් කරවාගෙන හෝ තමාම එක්තැන් කොටගෙන හෝ ‘වික්ඛිත්තක පටික්කූලං වික්ඛිත්තකපටික්කූලං’ යනුවෙන් මනස්කාරය පැවැත්විය යුතුය, මෙහි උග්ගහනිමිත්ත පැහැදිලිව දිස්වන අතරක් ඇතිව වැටහේ, පටිභාගනිමිත්ත වනාහි පිරිපුන් ලෙසින් වැටහේ.

හතවික‍්ඛිත‍්තකම‍්පි විච‍්ඡිද‍්දකෙ වුත‍්තප‍්පකාරෙසුයෙව ඨානෙසු ලබ‍්භති. තස‍්මා තත්‍ථ ගන‍්ත්‍වා වුත‍්තනයෙනෙව අඞ‍්ගුලඞ‍්ගුලන‍්තරං කාරෙත්‍වා වා කත්‍වා වා “හතවික‍්ඛිත‍්තකපටික‍්කූලං හතවික‍්ඛිත‍්තකපටික‍්කූල”න‍්ති මනසිකාරො පවත‍්තෙතබ‍්බො. උග‍්ගහනිමිත‍්තං පනෙත්‍ථ පඤ‍්ඤායමානං පහාරමුඛං විය හොති. පටිභාගනිමිත‍්තං පරිපුණ‍්ණමෙව හුත්‍වා උපට‍්ඨාති.

හතවික්ඛිත්තක අසුභයද විච්ද්දකයෙහි කියනලද තැන්වලම දක්නට ලැබේ, එහෙයින් එවැනි තැනකට ගොස් කී-නයින්ම අඟලක් අඟලක් පමණ අතර ඇතිවනසේ එක්රැස් කරවාගෙන හෝ තමාම රැස්කොට ගෙන හෝ, “හතවික්ඛිත්තකපටික්කූලං හතවික්ඛිත්ත පටික්කුලං” (කපා කොටා විසිරීගිය මළසිරුර පිළිකුල්ය) යනුවෙන් මනස්කාරය පැවැත්විය යුතුය. මෙහි උග්ගහනිමිත්ත වනාහි පෙනෙන තුවාල ලෙසින් වැටහේ. පටිභාග නිමිත්ත පිරිපුන්වම වැටහේ.

ලොහිතකං යුද‍්ධමණ‍්ඩලාදීසු ලද‍්ධප‍්පහාරානං හත්‍ථපාදාදීසු වා ඡින‍්නෙසු භින‍්නගණ‍්ඩපීළකාදීනං වා මුඛතො පග‍්ඝරමානකාලෙ ලබ‍්භති. තස‍්මා තං දිස‍්වා “ලොහිතකපටික‍්කූලං ලොහිතකපටික‍්කූල”න‍්ති මනසිකාරො පවත‍්තෙතබ‍්බො. එත්‍ථ උග‍්ගහනිමිත‍්තං වාතප‍්පහතා විය රත‍්තපටාකා චලමානාකාරං උපට‍්ඨාති. පටිභාගනිමිත‍්තං පන සන‍්නිසින‍්නං හුත්‍වා උපට‍්ඨාති.

ලෝහිතක අසුභය යුදබිම් ආදී තන්හි පහර ලද්දවුන්ගේ සුන්ව ගිය අත්පා ආදියෙහි හෝ, ගෙඩි පිළිකා ආදිය ගැසී මුඛයෙන් වැගිරෙන විට හෝ දක්නට ලැබේ. එහෙයින් එවැන්නක් දැක, “ලොහිතකපටික්කූලං ලොහිතකපටික්කූලං” (ලේ සහිත මළසිරුර පිළිකුල්) යයි මනස්කාරය පැවැත්විය යුතුය. මෙහි උග්ගහනිමිත්ත සුළඟ වැදී සෙලවෙන රතු කොඩියක් ලෙසින් වැටහේ, පටිභාගනිමිත්ත වනාහි නිශ්චලව තිබෙන ලෙසින් වැටහේ.

පුළවකං ද‍්වීහතීහච‍්චයෙන කුණපස‍්ස නවහි වණමුඛෙහි කිමිරාසිපග‍්ඝරණකාලෙ හොති. අපිච තං සොණසිඞ‍්ගාලමනුස‍්සගොමහිංසහත්‍ථිඅස‍්සඅජගරාදීනං සරීරප‍්පමාණමෙව හුත්‍වා සාලිභත‍්තරාසි විය තිට‍්ඨති . තෙසු යත්‍ථ කත්‍ථචි “පුළවකපටික‍්කූලං පුළවකපටික‍්කූල”න‍්ති මනසිකාරො පවත‍්තෙතබ‍්බො. චූළපිණ‍්ඩපාතිකතිස‍්සත්‍ථෙරස‍්ස හි කාළදීඝවාපියා අන‍්තො හත්‍ථිකුණපෙ නිමිත‍්තං උපට‍්ඨාසි. උග‍්ගහනිමිත‍්තං පනෙත්‍ථ චලමානං විය උපට‍්ඨාති. පටිභාගනිමිත‍්තං සාලිභත‍්තපිණ‍්ඩො විය සන‍්නිසින‍්නං හුත්‍වා උපට‍්ඨාති.

පුළවක අසුභය දෙතුන් දිනක් ඉකුත්වූ මළසිරුරෙක්හි නව දොරින් පණුකැල වැගිරෙන්නට වූ කල්හි විද්‍යමාන වේ, තවද එය බලු කැණහිල්, මිනිස්, ගව, මහිෂ, ඇත්, අස්, පිඹුරු ආදීන්ගේ ඒ ඒ ශරීර ප්‍රමාණයෙන්ම හැල්බත් ගොඩක් ලෙසින් දිස්වේ. එකී මළ සිරුරු අතුරෙන් යම් කිසිවක් කෙරෙහි “පුළවකපටික්කූලං පුළවකපටික්කූලං” (පිළවුන් සහිත මළසිරුර පිළිකුල්ය) යයි මනස්කාරය පැවැත්විය යුතුය. චූළපිණ්ඩපාතිකතිස්ස තෙරුන්හට කාළදීඝවාපියෙහිදී ඇත්කුණක් කෙරෙහි නිමිති වැටහිණි. මෙහි උග්ගහනිමිත්ත චංචල ආකාරයෙන් වැටහේ, පටිභාගනිමිත්ත හැල්බත් පිඬක් මෙන් නිශ්චලව වැටහේ.

අට‍්ඨිකං “සෙය්‍යථාපි පස‍්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ‍්ඩිතං අට‍්ඨිසඞ‍්ඛලිකං සමංසලොහිතං නහාරුසම‍්බන්‍ධ”න‍්තිආදිනා (ම· නි· 3.154) නයෙන නානප‍්පකාරතො වුත‍්තං. තත්‍ථ යත්‍ථ තං නික‍්ඛිත‍්තං හොති, තත්‍ථ පුරිමනයෙනෙව ගන‍්ත්‍වා සමන‍්තා පාසාණාදීනං වසෙන සනිමිත‍්තං සාරම‍්මණං කත්‍වා ඉදං අට‍්ඨිකන‍්ති සභාවභාවතො උපලක‍්ඛෙත්‍වා වණ‍්ණාදිවසෙන එකාදසහාකාරෙහි නිමිත‍්තං උග‍්ගහෙතබ‍්බං.

අට්ඨිකඅසුභය, ‘හේ තෙමේ අමු සොහොහොනෙහි දමනලද මස් ලේ සහිත නහරින් බැඳුණු මළසිරුරක් දක්නේය’ යන ආදී නයින් නොයෙක් ආකාරයෙන් කියනලදි. එහෙයින් යම් තැනෙක එවැන්නක් දමන ලද්දේ ද, පෙර කී-නයින්ම එහි ගොස් හාත්පස පාෂාණ ආදිය නිමිති සහිතව අරමුණු සහිතව ගෙන මේ මේ අට්ඨිකඅසුභයයි ස්වභාව වශයෙන් සලකා වර්ණාදී වශයෙන් එකොළොස් ආකාරයෙන් නිමිති ගතයුතුය.

තං පන වණ‍්ණතො සෙතන‍්ති ඔලොකෙන‍්තස‍්ස න උපට‍්ඨාති, ඔදාතකසිණසම‍්භෙදො හොති. තස‍්මා අට‍්ඨිකන‍්ති පටික‍්කූලවසෙනෙව ඔලොකෙතබ‍්බං. ලිඞ‍්ගන‍්ති ඉධ හත්‍ථාදීනං නාමං. තස‍්මා හත්‍ථපාදසීසඋරබාහුකටිඌරුජඞ‍්ඝානං වසෙන ලිඞ‍්ගතො වවත්‍ථපෙතබ‍්බං. දීඝරස‍්සවට‍්ටචතුරස‍්සඛුද‍්දකමහන‍්තවසෙන පන සණ‍්ඨානතො වවත්‍ථපෙතබ‍්බං. දිසොකාසා වුත‍්තනයා එව. තස‍්ස තස‍්ස අට‍්ඨිනො පරියන‍්තවසෙන පරිච‍්ඡෙදතො වවත්‍ථපෙත්‍වා යදෙවෙත්‍ථ පාකටං හුත්‍වා උපට‍්ඨාති, තං ගහෙත්‍වා අප‍්පනා පාපුණිතබ‍්බා. තස‍්ස තස‍්ස අට‍්ඨිනො නින‍්නට‍්ඨානථලට‍්ඨානවසෙන පන නින‍්නතො ච ථලතො ච වවත්‍ථපෙතබ‍්බං. පදෙසවසෙනාපි අහං නින‍්නෙ ඨිතො, අට‍්ඨි ථලෙ, අහං ථලෙ, අට‍්ඨි නින‍්නෙතිපි වවත්‍ථපෙතබ‍්බං. ද‍්වින‍්නං පන අට‍්ඨිකානං ඝටිතඝටිතට‍්ඨානවසෙන සන්‍ධිතො වවත්‍ථපෙතබ‍්බං. අට‍්ඨිකානංයෙව අන‍්තරවසෙන විවරතො වවත්‍ථපෙතබ‍්බං. සබ‍්බත්‍ථෙව පන ඤාණං චාරෙත්‍වා ඉමස‍්මිං ඨානෙ ඉදමට‍්ඨීති සමන‍්තතො වවත්‍ථපෙතබ‍්බං. එවම‍්පි නිමිත‍්තෙ අනුපට‍්ඨහන‍්තෙ නලාටට‍්ඨිම‍්හි චිත‍්තං සණ‍්ඨපෙතබ‍්බං.

එය වනාහි වර්ණ වශයෙන් සුදුයයි ගෙන බලන්නහුට කමටහන නොවැටහේ, ඔදාත කසිණය හා සමග පැටලීම සිදුවේ, එහෙයින් ‘අට්ඨිකං’ යනුවෙන් පිළිකුල් (පටික්කූල) වශයෙන්ම බැලිය යුතුය. මෙහි ලිංග යනු අත් ආදියට නමෙකි, එහෙයින් අත්, පා, හිස, බඩ, බාහු, උකුල, කලවා, කෙණ්ඩ ආදී වශයෙන් ලිංග අනුව නිශ්චය කටයුතුය; දිගය, කොටය, වටකුරුය, සතරැස්ය, කුඩාය, මහත්යයි සටහන් වශයෙන් නිශ්චය කටයුතුය. දිශා අවකාශ යන දෙක පෙරකී ආකාරම වේ. ඒ ඒ ඇටයෙහි කෙළවර පරිච්ඡේද වශයෙන් නිශ්චයකොට, යමක් මෙහි ප්‍රකටව වැටහේ නම්, එය ගෙන අර්පණාවට පැමිණිය යුතුය. ඒ ඒ ඇටයෙහි වළ තැන් ගොඩ තැන් වළ හෝ ගොඩ තැන් වශයෙන් නිශ්චය කටයුතුය. ප්‍රදේශ වශයෙන්ද, ‘මම් වළතන්හි වෙමි, අට්ඨිකය ගොඩ තැන්හිය,’ නැතහොත් ‘මම් ගොඩ තන්හි වෙමි, අට්ඨිකය වළ තන්හිය’යි ව්‍යවස්ථාපනය කටයුතුය. ඇට දෙකක් ගැටෙන ගැටෙන තැන් සන්‍ධි වශයෙන් ව්‍යවස්ථාපනය කටයුතුය. ඇටවලම අතරින් පතර විවර වූ තැන් විවර වශයෙන් ව්‍යවස්ථාපනය කටයුතුය. සියලු තන්හිම නුවණ හසුරුවා, මේ මේ තන්හි මේ මේ ඇටයයි සමස්ත වශයෙන් ගෙන ව්‍යවස්ථාපනය කටයුතුය. මෙසේත් නිමිති නොවැටහේ නම්, නලල් ඇටය කෙරෙහි සිත රඳවාගත යුතුය.

යථා චෙත්‍ථ, එවං ඉදං එකාදසවිධෙන නිමිත‍්තග‍්ගහණං ඉතො පුරිමෙසු පුළවකාදීසුපි යුජ‍්ජමානවසෙන සල‍්ලක‍්ඛෙතබ‍්බං. ඉදඤ‍්ච පන කම‍්මට‍්ඨානං සකලායපි අට‍්ඨිකසඞ‍්ඛලිකාය එකස‍්මිම‍්පි අට‍්ඨිකෙ සම‍්පජ‍්ජති. තස‍්මා තෙසු යත්‍ථකත්‍ථචි එකාදසවිධෙන නිමිත‍්තං උග‍්ගහෙත්‍වා “අට‍්ඨිකපටික‍්කූලං අට‍්ඨිකපටික‍්කූල”න‍්ති මනසිකාරො පවත‍්තෙතබ‍්බො. ඉධ උග‍්ගහනිමිත‍්තම‍්පි පටිභාගනිමිත‍්තම‍්පි එකසදිසමෙව හොතීති වුත‍්තං, තං එකස‍්මිං අට‍්ඨිකෙ යුත‍්තං. අට‍්ඨිකසඞ‍්ඛලිකාය පන උග‍්ගහනිමිත‍්තෙ පඤ‍්ඤායමානෙ විවරතා. පටිභාගනිමිත‍්තෙ පරිපුණ‍්ණභාවො යුජ‍්ජති. එකට‍්ඨිකෙපි ච උග‍්ගහනිමිත‍්තෙන බීභච‍්ඡෙන භයානකෙන භවිතබ‍්බං. පටිභාගනිමිත‍්තෙන පීතිසොමනස‍්සජනකෙන, උපචාරාවහත‍්තා.

යම්සේ මෙහි එකොළොස් ආකාරයෙන් නිමිති ගැනීම කළයුතු වේද, එසේම පෙර කී පුළවකාදී අසුභයන් විෂයෙහිද යෙදිය යුතු යයි සැලකිය යුතුය. මේ (අට්ඨිකඅසුභ) කර්මස්ථානය සම්පූර්ණ ඇටසැකිල්ලෙහි මෙන්ම එක් ඇටයක් කෙරෙහිද සිද්ධ වේ. එහෙයින් ඒ දෙක අතුරෙන් එකක් කෙරෙහි එකොළොස් ආකාරයෙන් නිමිති ගැනීම උගෙන ‘අට්ඨිකපටික්කූලං අට්ඨිකපටික්කූලං’ (ඇට සහිත බවට පත් මළසිරුර පිළිකුල්ය) යයි මනස්කාරය පැවැත්විය යුතුය. මෙහි උග්ගහනිමිත්තද පටිභාගනිමිත්තද එක හා සමානයයි කියනලදි, එය එක් ඇටයක් පිළිබඳව යෝග්‍ය වේ. ඇටසැකිල්ලක් පිළිබඳ වූ විට උග්ගහ නිමිත්තෙහිදී විද්‍යමාන විවර ඇති බවද, පටිභාග නිමිත්තෙහිදී පිරිපුන් බවද යෝග්‍ය වේ, එක් ඇටයක් පිළිබඳ වුවද උග්ගහනිමිත්ත පිළිබඳ බියකරුද වන්නේය, පටිභාගනිමිත්ත උපචාරධ්‍යානය ගෙන එන හෙයින් සතුට, සොම්නස දනවන්නේය.

ඉමස‍්මිං හි ඔකාසෙ යං අට‍්ඨකථාසු වුත‍්තං, තං ද‍්වාරං දත්‍වාව වුත‍්තං. තථා හි තත්‍ථ “චතූසු බ්‍රහ‍්මවිහාරෙසු දසසු ච අසුභෙසු පටිභාගනිමිත‍්තං නත්‍ථි. බ්‍රහ‍්මවිහාරෙසු හි සීමසම‍්භෙදොයෙව නිමිත‍්තං. දසසු ච අසුභෙසු නිබ‍්බිකප‍්පං කත්‍වා පටික‍්කූලභාවෙයෙව දිට‍්ඨෙ නිමිත‍්තං නාම හොතී”ති වත්‍වාපි පුන අනන‍්තරමෙව “දුවිධං ඉධ නිමිත‍්තං උග‍්ගහනිමිත‍්තං පටිභාගනිමිත‍්තං. උග‍්ගහනිමිත‍්තං විරූපං බීභච‍්ඡං භයානකං හුත්‍වා උපට‍්ඨාතී”තිආදි වුත‍්තං. තස‍්මා යං විචාරෙත්‍වා අවොචුම‍්හ, ඉදමෙවෙත්‍ථ යුත‍්තං.

මේ කරුණ පිළිබඳව අටුවාවන්හි යමක් කියන ලද්දේ නම්, එය (මතු දැක්වෙන කරුණුවලට) ඉඩ තබාම කියන ලද්දේය. ඒ එසේමැයි. එහි සිවු බඹවිහරණ හා දස අසුභ විෂයෙහි පටිභාගනිමිත්ත දක්වා නැත. බඹවිහරණ විෂයෙහි වනාහි සීමාසම්භෙදයම නිමිති වෙතැයිද දස අසුභ විෂයෙහි පිළිකුල්බව දුටු කල්හිම ඒකාන්ත වශයෙන් එයම නිමිති වෙතැයිද පවසා, අනතුරුවම “මෙහි නිමිත්ත උග්ගහ, පටිභාග වශයෙන් ද්විවිධ වේ, උග්ගහනිමිත්ත විරූපවද පිළිකුල්ද, බියකරුවද වැටහේ” යයි නැවත කියන ලදි. එහෙයින් විචාරණය කොට මෙහිලා යමක් පැවසූමුද, එය යුතුවේ.

අපිච මහාතිස‍්සත්‍ථෙරස‍්ස දන‍්තට‍්ඨිකමත‍්තාවලොකනෙන සකලිත්‍ථිසරීරස‍්ස අට‍්ඨිසඞ‍්ඝාතභාවෙන උපට‍්ඨානාදීනි චෙත්‍ථ නිදස‍්සනානීති.

තවද මහාතිස්ස තෙරුන්ට දත්ඇට පමණක් දැකීමෙන් මුළු ස්ත්‍රී ශරීරය ඇට ගොඩක් මෙන් වැටහී යාම ආදියද මෙහිලා නිදසුන් වේ. (ඉන්‍ද්‍රිය සංවරසීල විස්තරය බලන්න).

ඉති අසුභානි සුභගුණො, දසසතලොචනෙන ථුතකිත‍්ති; යානි අවොච දසබලො, එකෙකජ‍්ඣානහෙතුනීති.

ඉති අසුභානි සුභගුණො දසසතලොචනෙන ථුතකිත්ති යානි අවොච දසබලො එකෙකජ්ඣානහෙතූනි,

එවං තානි ච තෙසඤ‍්ච, භාවනානයමිමං විදිත්‍වාන; තෙස‍්වෙව අයං භිය්‍යො, පකිණ‍්ණකකථාපි විඤ‍්ඤෙය්‍යා.

එවං තානි ච තෙසඤ්ච භාවනානයමිමං විදිත්‍වාන තෙස්වෙව අයං භීය්‍යො පකිණ්ණකකථාපි විඤ්ඤෙය්‍යා.

මෙසේ, සහසැස්හු විසින් පසස්නා ලද කීර්ති ඇති, පිරිසුදු ගණ ඇති, දශබලධාරී භාග්‍යවතුන් වහන්සේ එක් එක් ධ්‍යානයට හේතුවූ යම් දස අසුභයක් කියෙක්ද,

ඒ අසුභයන්ද, ඔවුන් පිළිබඳ මේ භාවනා ක්‍රමයද මෙසේ දැන, යලිදු එම අසුභයන් පිළිබඳ වූ මේ ප්‍රකීර්ණක කථාද දතයුතුය.