යෙදුමෙන් කියවන්න

උද‍්ධුමාතකකම‍්මට‍්ඨානං

උද‍්ධුමාතකකම‍්මට‍්ඨානං

උද්ධුමාතකකම්මට්ඨානං

තත්‍ථ උද‍්ධුමාතකසරීරෙ උද‍්ධුමාතකනිමිත‍්තං උප‍්පාදෙත්‍වා උද‍්ධුමාතකසඞ‍්ඛාතං ඣානං භාවෙතුකාමෙන යොගිනා පථවීකසිණෙ වුත‍්තනයෙනෙව වුත‍්තප‍්පකාරං ආචරියං උපසඞ‍්කමිත්‍වා කම‍්මට‍්ඨානං උග‍්ගහෙතබ‍්බං. තෙනස‍්ස කම‍්මට‍්ඨානං කථෙන‍්තෙන අසුභනිමිත‍්තත්‍ථාය ගමනවිධානං, සමන‍්තා නිමිත‍්තුපලක‍්ඛණං, එකාදසවිධෙන නිමිත‍්තග‍්ගාහො, ගතාගතමග‍්ගපච‍්චවෙක‍්ඛණන‍්ති එවං අප‍්පනාවිධානපරියොසානං සබ‍්බං කථෙතබ‍්බං. තෙනාපි සබ‍්බං සාධුකං උග‍්ගහෙත්‍වා පුබ‍්බෙ වුත‍්තප‍්පකාරං සෙනාසනං උපගන‍්ත්‍වා උද‍්ධුමාතකනිමිත‍්තං පරියෙසන‍්තෙන විහාතබ‍්බං.

එහි, උද්ධුමාතක ශරීරයෙහි උද්ධුමාතක නිමිති උපදවා උද්ධුමාතකයයිම කියනු ලබන ධ්‍යානය වඩනු කැමැති යෝගාවචරයා විසින් යට පඨවි කසිණයෙහි කීනයින්ම, කියනලද ප්‍රකාර ඇති ආචාර්යවරයකු වෙත එළඹ කමටහන් උගතයුතුය, කමටහන් කියන එම ආචාර්යවරයා විසින් අසුභ නිමිති සඳහා යන පිළිවෙළ, හාත්පස නිමිති සැලකීම, එකොළොස් ආකාරයෙන් නිමිති ගැනීම, යන එන මඟ ගැන මෙනෙහි කිරීම, ආදී වශයෙන් අර්පණා විධානය අවසන් කොට ඇති සියල්ල ඒ යෝගාවචරයාහට කියාදිය යුතුය. යෝගාවචරයා විසින්ද ඒ සියල්ල මනාසේ උගෙන, යටකී ප්‍රකාර ඇති සේනාසනයකට පැමිණ උද්ධුමාතක නිමිත්තක් සොයමින් එහි වාසය කළයුතුය.

එවං විහරන‍්තෙන ච අසුකස‍්මිං නාම ගාමද‍්වාරෙ වා අටවිමුඛෙ වා පන්‍ථෙ වා පබ‍්බතපාදෙ වා රුක‍්ඛමූලෙ වා සුසානෙ වා උද‍්ධුමාතකසරීරං නික‍්ඛිත‍්තන‍්ති කථෙන‍්තානං වචනං සුත්‍වාපි න තාවදෙව අතිත්‍ථෙන පක‍්ඛන්‍දන‍්තෙන විය ගන‍්තබ‍්බං. කස‍්මා? අසුභං හි නාමෙතං වාළමිගාධිට‍්ඨිතම‍්පි අමනුස‍්සාධිට‍්ඨිතම‍්පි හොති. තත්‍රස‍්ස ජීවිතන‍්තරායොපි සියා. ගමනමග‍්ගො වා පනෙත්‍ථ ගාමද‍්වාරෙන වා නහානතිත්‍ථෙන වා කෙදාරකොටියා වා හොති. තත්‍ථ විසභාගරූපං ආපාථමාගච‍්ඡති, තදෙව වා සරීරං විසභාගං හොති. පුරිසස‍්ස හි ඉත්‍ථිසරීරං ඉත්‍ථියා ච පුරිසසරීරං විසභාගං, තදෙතං අධුනාමතං සුභතොපි උපට‍්ඨාති, තෙනස‍්ස බ්‍රහ‍්මචරියන‍්තරායොපි සියා. සචෙ පන “නයිදං මාදිසස‍්ස භාරිය”න‍්ති අත‍්තානං තක‍්කයති, එවං තක‍්කයමානෙන ගන‍්තබ‍්බං.

මෙසේ වාසය කරන්නහු විසින්ද, අසුවල් ගම්දොර හෝ වනය අබියස හෝ, මාර්ගය අසල හෝ, පවුපාමුල හෝ, රුක්මූල හෝ, සොහොන්පලෙහි හෝ, උද්ධුමාතක මළසිරුරක් දමා ඇතැ’යි කියන්නන්ගේ එම වචන අසා වුවද, නොතොටින් (එතෙරවීම පිණිස ගඟට) පනින්නකු ලෙසින් එක්වරම නොයා යුතුය. කවර හෙයින්දයත්, මෙම අසුභය වූකලී වනසිවුපාවුන් විසින්ද අමනුෂ්‍යයන් විසින්ද අරක්ගන්නා ලද්දක් විය හැකිය, එහිදී ඔහුගේ ජීවිතයට පවා විපත් සිදුවිය හැකිය. මෙහි යන මාර්ගයද ගම්දොරින් හෝ, නහනතොටින් හෝ, කුඹුරු කෙළවරින් හෝ විය හැකිය. එහිදී අහිතකර රූපයන් මුණගැසිය හැකිය, එම මළ සිරුරම වුවද අහිතකර විය හැකිය. පුරුෂයකුට ස්ත්‍රී ශරීරයද ස්ත්‍රියකට පුරුෂශරීරයද විසභාග (අහිතකර) වේ. මේ දැන් මළ හෙයින් එම සිරුර සුබ වශයෙන් වැටහිය හැකිය, මෙසේ ඔහුගේ බ්‍රහ්මචර්යයටද එය හානිකර විය හැකිය. ඉදින් ‘මාවැන්නකුට මෙය බැරූරුම් නොවෙති’යි තමා ගැන සිතාගත හැකි වෙතොත්, එසේ සිතාගත හැක්කහු විසින් යායුතුය.

ගච‍්ඡන‍්තෙන ච සඞ‍්ඝත්‍ථෙරස‍්ස වා අඤ‍්ඤතරස‍්ස වා අභිඤ‍්ඤාතස‍්ස භික‍්ඛුනො කථෙත්‍වා ගන‍්තබ‍්බං. කස‍්මා? සචෙ හිස‍්ස සුසානෙ අමනුස‍්සසීහබ්‍යග‍්ඝාදීනං රූපසද‍්දාදිඅනිට‍්ඨාරම‍්මණාභිභූතස‍්ස අඞ‍්ගපච‍්චඞ‍්ගානි වා පවෙධෙන‍්ති, භුත‍්තං වා න පරිසණ‍්ඨාති, අඤ‍්ඤො වා ආබාධො හොති. අථස‍්ස සො විහාරෙ පත‍්තචීවරං සුරක‍්ඛිතං කරිස‍්සති. දහරෙ වා සාමණෙරෙ වා පහිණිත්‍වා තං භික‍්ඛුං පටිජග‍්ගිස‍්සති. අපිච සුසානං නාම නිරාසඞ‍්කට‍්ඨානන‍්ති මඤ‍්ඤමානා කතකම‍්මාපි අකතකම‍්මාපි චොරා සමොසරන‍්ති. තෙ මනුස‍්සෙහි අනුබද‍්ධා භික‍්ඛුස‍්ස සමීපෙ භණ‍්ඩකං ඡඩ‍්ඩෙත්‍වාපි පලායන‍්ති. මනුස‍්සා “සහොඩ‍්ඪං චොරං අද‍්දසාමා”ති භික‍්ඛුං ගහෙත්‍වා විහෙඨෙන‍්ති. අථස‍්ස සො “මා ඉමං විහෙඨයිත්‍ථ, මමායං කථෙත්‍වා ඉමිනා නාම කම‍්මෙන ගතො”ති තෙ මනුස‍්සෙ සඤ‍්ඤාපෙත්‍වා සොත්‍ථිභාවං කරිස‍්සති. අයං ආනිසංසො කථෙත්‍වා ගමනෙ. තස‍්මා වුත‍්තප‍්පකාරස‍්ස භික‍්ඛුනො කථෙත්‍වා අසුභනිමිත‍්තදස‍්සනෙ සඤ‍්ජාතාභිලාසෙන යථානාම ඛත‍්තියො අභිසෙකට‍්ඨානං, යජමානො යඤ‍්ඤසාලං, අධනො වා පන නිධිට‍්ඨානං පීතිසොමනස‍්සජාතො ගච‍්ඡති, එවං පීතිසොමනස‍්සං උප‍්පාදෙත්‍වා අට‍්ඨකථාසු වුත‍්තෙන විධිනා ගන‍්තබ‍්බං. වුත‍්තඤ‍්හෙතං –

එසේ යනවිටද සංඝස්ථවිරයන්හට හෝ අන්කිසි ප්‍රමුඛ භික්‍ෂු කෙනකුට හෝ දන්වා යායුතුය, කවර හෙයින්දයත්? ඉදින් ඒ සොහොන් පලෙහිදී අමනුෂ්‍යයන්ගේ හෝ සිංහව්‍යාඝ්‍රාදීන්ගේ රූප ශබ්ද ආදී අනිටු අරමුණුවලින් මඩනාලදුව ඒ යෝගාවචරයාගේ අඟපසඟ වෙවුලන්නට වුවහොත්, බුදින ලද ආහාර පවා දරා සිටිනු නොහැකි වුවහොත්, අන්කිසි ආබාධයක් හෝ වුවහොත්, එවිට එම සංඝස්ථවිරයන් වහන්සේ ඔහුගේ පාසිවුරු විහාරයෙහි සුරැකිකොට තබනු ඇත, තරුණ භික්‍ෂූන් හෝ සාමණේර භික්‍ෂූන් හෝ එහි යවා එම යෝගාවචර භික්‍ෂුව පිළිදගවනු (උවටැන් කරවනු) ඇත. එමතු නොව, සොහොන නම් සැක නොකරන තැනෙකැ’යි හඟිමින් සොරකම් කළ හෝ නොකළ සොරු එහි රැස්වෙති, ඔවුහු මිනිසුන් විසින් ලුහුබඳනා ලද්දාහු භික්‍ෂුව වෙත බඩු දමා පලා යෙති, මිනිස්සු බඩුත් සමග සොරු දුටුමු’යි භික්‍ෂුව අල්වාගෙන ගහට කරති, එවිට වෙහෙරවැසි තෙරුන්, ‘මොහුට ගහට නොකරවු, මොහු මට කියා වෙනත් කාර්යයක් සඳහා ගියේය’යි දන්වා ඔහු මුදවාගනු ඇත. මේ වනාහි දන්වා යාමෙහි ආනිසංසයි. එහෙයින් යටකී ප්‍රකාර ඇති භික්‍ෂු කෙනකුට දන්වා, අසුභ නිමිති දැකීමේ අභිලාෂ ඇති යෝගාවචරවයා විසින්, ක්‍ෂත්‍රියයකු අභිෂෙකස්ථානයට, යාගකරන්නකු යඥශාලාවට, නිර්ධනයකු නිධානස්ථානයකට යන ලෙසින් සතුටු සොම්නස් උපදවාගෙන අටුවායෙහි කියනලද නියායෙන් යායුතුය. කියනලද මැයි:

“උද‍්ධුමාතකං අසුභනිමිත‍්තං උග‍්ගණ‍්හන‍්තො එකො අදුතියො ගච‍්ඡති උපට‍්ඨිතාය සතියා අසම‍්මුට‍්ඨාය අන‍්තොගතෙහි ඉන්‍ද්‍රියෙහි අබහිගතෙන මානසෙන ගතාගතමග‍්ගං පච‍්චවෙක‍්ඛමානො. යස‍්මිං පදෙසෙ උද‍්ධුමාතකං අසුභනිමිත‍්තං නික‍්ඛිත‍්තං හොති, තස‍්මිං පදෙසෙ පාසාණං වා වම‍්මිකං වා රුක‍්ඛං වා ගච‍්ඡං වා ලතං වා සනිමිත‍්තං කරොති, සාරම‍්මණං කරොති. සනිමිත‍්තං කත්‍වා සාරම‍්මණං කත්‍වා උද‍්ධුමාතකං අසුභනිමිත‍්තං සභාවභාවතො උපලක‍්ඛෙති, වණ‍්ණතොපි ලිඞ‍්ගතොපි සණ‍්ඨානතොපි දිසතොපි ඔකාසතොපි පරිච‍්ඡෙදතොපි සන්‍ධිතො විවරතො නින‍්නතො ථලතො සමන‍්තතො. සො තං නිමිත‍්තං සුග‍්ගහිතං කරොති , සූපධාරිතං උපධාරෙති, සුවවත්‍ථිතං වවත්‍ථපෙති. සො තං නිමිත‍්තං සුග‍්ගහිතං කත්‍වා සූපධාරිතං උපධාරෙත්‍වා සුවවත්‍ථිතං වවත්‍ථපෙත්‍වා එකො අදුතියො ගච‍්ඡති උපට‍්ඨිතාය සතියා අසම‍්මුට‍්ඨාය අන‍්තොගතෙහි ඉන්‍ද්‍රියෙහි අබහිගතෙන මානසෙන ගතාගතමග‍්ගං පච‍්චවෙක‍්ඛමානො. සො චඞ‍්කමන‍්තොපි තබ‍්භාගියඤ‍්ඤෙව චඞ‍්කමං අධිට‍්ඨාති. නිසීදන‍්තොපි තබ‍්භාගියඤ‍්ඤෙව ආසනං පඤ‍්ඤපෙති.

‘උද්ධුමාතක නම් අසුභ නිමිත්ත උගන්නේ හුදකලාව, දෙවැන්නකු නැතිව, එළඹ සිටි නුමුළා සිහියෙන් යුක්තව, ඇතුළතට නැඹුරු ඉඳුරන් ඇතිව, පිටතට යොමු නොවූ මනස් ඇතිව, යන එන ගමන්මඟ මෙනෙහි කරමින් යන්නේය, යම් පෙදෙසක උද්ධුමාතක ශරීරයක් දමන ලද්දේ ද, එම පෙදෙසෙහි ඇති ගලක් හෝ තුඹසක් හෝ රුකක් හෝ ගසක් හෝ වැලක් හෝ ලක්‍ෂ්‍යකොට නිමිති ගන්නේය, අරමුණු ගන්නේය. එසේ නිමිති ගෙන අරමුණු ගෙන, උද්ධුමාතක අසුභ නිමිත්ත සභාගලක්‍ෂණ වශයෙන් සලකන්නේය. වර්ණ වශයෙන්ද, ලිංග වශයෙන්ද, සටහන් වශයෙන්ද, දිශා වශයෙන්ද, අවකාශ වශයෙන්ද, පරිච්ඡේද වශයෙන්ද, සන්‍ධි වශයෙන්ද, සිදුරු වශයෙන්ද, නිම්න වශයෙන්ද, ස්ථල වශයෙන්ද, හාත්පස වශයෙන්ද එම යෝගාවචරතෙමේ එම නිමිත්ත මනාකොට ගැනීම කරන්නේය, මනාකොට පිරික්සීම කරන්නේය, මනාකොට නිශ්චය කිරීම කරන්නේය. ‘හේ තෙමේ එම නිමිත්ත මනාව ගැනීම කොට, මනාව පිරික්සීම කොට, මනාව තහවුරු කිරීම කොට, හුදකලාව, දෙවැන්නකු නොගෙන, එළඹසිටි සිහි ඇතිව, ඇතුළතට නැඹුරු ඉඳුරන් ඇතිව, පිටතට යොමු නොවූ මනසින් යුතුව, යන එන ගමන්මඟ මෙනෙහි කරමින් යන්නේය, හේ තෙමේ සක්මන් කරනුයේද එම අසුභ නිමිත්තම මෙනෙහි කරමින් සක්මන් කරන්නේය, හිදිනුයේද එයම මෙනෙහි කරමින් අසුන් පනවන්නේය.

“සමන‍්තා නිමිත‍්තුපලක‍්ඛණා කිමත්‍ථියා කිමානිසංසාති? සමන‍්තා නිමිත‍්තුපලක‍්ඛණා අසම‍්මොහත්‍ථා අසම‍්මොහානිසංසා. එකාදසවිධෙන නිමිත‍්තග‍්ගාහො කිමත්‍ථියො කිමානිසංසොති? එකාදසවිධෙන නිමිත‍්තග‍්ගාහො උපනිබන්‍ධනත්‍ථො උපනිබන්‍ධනානිසංසො. ගතාගතමග‍්ගපච‍්චවෙක‍්ඛණා කිමත්‍ථියා කිමානිසංසාති? ගතාගතමග‍්ගපච‍්චවෙක‍්ඛණා වීථිසම‍්පටිපාදනත්‍ථා වීථිසම‍්පටිපාදනානිසංසා.

හාත්පස නිමිති සැලකීම කුමක් සඳහාද? එහි අනුසස් කවරේද? හාත්පස නිමිති සටහන් කිරීම නුමුළාබව සඳහාය, නුමුළාබව එහි ආනිසංසයි. එකොළොස් ආකාරයෙකින් නිමිති ගැනීම කුමක් සඳහාද? එහි ආනිසංස කවරේද? එකොළොස් ආකාරයෙකින් නිමිති ගැනීම (අසුබ නිමිත්තෙහි) සිත රඳවා ගැනීම සඳහාය, සිත රඳවා තැබීමම එහි ආනිසංසයි. යන එන ගමන්මග මෙනෙහි කිරීම කුමක් සඳහාද? එහි අනුසස් කවරේද? යන එන ගමන්මඟ සිහිකිරීම කර්මස්ථාන වීථිය සංවිධාන කර ගැනීම සඳහාය. එයම එහි ආනිසංසයි.

“සො ආනිසංසදස‍්සාවී රතනසඤ‍්ඤී හුත්‍වා චිත‍්තීකාරං උපට‍්ඨපෙත්‍වා සම‍්පියායමානො තස‍්මිං ආරම‍්මණෙ චිත‍්තං උපනිබන්‍ධති ‘අද‍්ධා ඉමාය පටිපදාය ජරාමරණම‍්හා පරිමුච‍්චිස‍්සාමී’ති. සො විවිච‍්චෙව කාමෙහි…පෙ… පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. තස‍්සාධිගතං හොති රූපාවචරං පඨමං ඣානං දිබ‍්බො ච විහාරො භාවනාමයඤ‍්ච පුඤ‍්ඤකිරියවත්‍ථු”න‍්ති.

හේ තෙමේ ආනිසංස දක්නාසුලු වූයේ කමටහන්හි රත්නසංඥා ඇතිව, ගෞරව උපදවා, සොම්නස් සහිතව, ‘ඒකාන්තයෙන් මේ පිළිවෙත හේතුකොටගෙන ජරාමරණයෙන් මිදෙන්නෙමි’යි සිතාගෙන එම අරමුණෙහිම සිත රඳවන්නේය. හේ තෙමේ කාමයන්ගෙන් වෙන්ව-පෙ-ප්‍රථම ධ්‍යානයට පැමිණ විහරණය කරන්නේය. මෙසේ ඒ යෝගාවචරයා විසින් රූපාවචර ප්‍රථමධ්‍යානයද, දිව්‍යමය ආර්ය විහරණයද, භාවනාමය පුණ්‍යක්‍රියාවස්තූන්ද ලබනා ගන්නා ලද්දේ වේ.

තස‍්මා යො චිත‍්තසඤ‍්ඤත‍්තත්‍ථාය සිවථිකදස‍්සනං ගච‍්ඡති, සො ඝණ‍්ඩිං පහරිත්‍වා ගණං සන‍්නිපාතෙත්‍වාපි ගච‍්ඡතු. කම‍්මට‍්ඨානසීසෙන පන ගච‍්ඡන‍්තෙන එකකෙන අදුතියෙන මූලකම‍්මට‍්ඨානං අවිස‍්සජ‍්ජෙත්‍වා තං මනසිකරොන‍්තෙනෙව සුසානෙ සොණාදිපරිස‍්සයවිනොදනත්‍ථං කත‍්තරදණ‍්ඩං වා යට‍්ඨිං වා ගහෙත්‍වා, සූපට‍්ඨිත භාවසම‍්පාදනෙන අසම‍්මුට‍්ඨං සතිං කත්‍වා, මනච‍්ඡට‍්ඨානඤ‍්ච ඉන්‍ද්‍රියානං අන‍්තොගතභාවසම‍්පාදනතො අබහිගතමනෙන හුත්‍වා ගන‍්තබ‍්බං.

එහෙයින් යම් පුද්ගලයෙක් විසිතුරු දකිනු අටියෙන් (විනෝදවනු පිණිස) අමුසොහොන දක්නට යන්නේනම්, හේ තෙමේ ගෙඩිය ගසා සංඝයා රැස්කොට (ප්‍රසිද්ධ කොට) යේවා, කමටහන් අරමුණුකොට යන්නේ නම්, හුදකලාව දෙවැන්නකු නැතිව (බුද්ධානුස්සති ආදී) මුල් කමටහන් අත්නොහැර මෙනෙහි කරමින්ම, සොහොනෙහිදී බලු ආදීන්ගෙන් වියහැකි උවදුරු වලක්වනු පිණිස සැරයටියක් හෝ කෙවිටක් හෝ ගෙන, මනාව අවධානය එළවා ගැනීමෙන් නුමුළා-සිහි ඇතිව, මනින්‍ද්‍රියය සවැනි කොට ඇති ඉන්‍ද්‍රියයන් ඇතුළතට යොමුකොට තබාගැනීමෙන් පිටතට යොමු නොවූ සිත් ඇතිව යායුතුය.

විහාරතො නික‍්ඛමන‍්තෙනෙව අසුකදිසාය අසුකද‍්වාරෙන නික‍්ඛන‍්තොම‍්හීති ද‍්වාරං සල‍්ලක‍්ඛෙතබ‍්බං. තතො යෙන මග‍්ගෙන ගච‍්ඡති, සො මග‍්ගො වවත්‍ථපෙතබ‍්බො, අයං මග‍්ගො පාචිනදිසාභිමුඛො වා ගච‍්ඡති, පච‍්ඡිමඋත‍්තරදක‍්ඛිණදිසාභිමුඛො වා විදිසාභිමුඛොවාති. ඉමස‍්මිං පන ඨානෙ වාමතො ගච‍්ඡති, ඉමස‍්මිං ඨානෙ දක‍්ඛිණතො, ඉමස‍්මිං චස‍්ස ඨානෙ පාසාණො , ඉමස‍්මිං වම‍්මිකො, ඉමස‍්මිං රුක‍්ඛො, ඉමස‍්මිං ගච‍්ඡො, ඉමස‍්මිං ලතාති. එවං ගමනමග‍්ගං වවත්‍ථපෙන‍්තෙන නිමිත‍්තට‍්ඨානං ගන‍්තබ‍්බං. නො ච ඛො පටිවාතං. පටිවාතං ගච‍්ඡන‍්තස‍්ස හි කුණපගන්‍ධො ඝානං පහරිත්‍වා මත්‍ථලුඞ‍්ගං වා සඞ‍්ඛොභෙය්‍ය, ආහාරං වා ඡඩ‍්ඩාපෙය්‍ය, විප‍්පටිසාරං වා ජනෙය්‍ය “ඊදිසං නාම කුණපට‍්ඨානං ආගතොම‍්හී”ති. තස‍්මා පටිවාතං වජ‍්ජෙත්‍වා අනුවාතං ගන‍්තබ‍්බං. සචෙ අනුවාතමග‍්ගෙන න සක‍්කා හොති ගන‍්තුං, අන‍්තරා පබ‍්බතො වා පපාතො වා පාසාණො වා වති වා කණ‍්ටකට‍්ඨානං වා උදකං වා චික‍්ඛල‍්ලං වා හොති, චීවරකණ‍්ණෙන නාසං පිදහිත්‍වා ගන‍්තබ‍්බං. ඉදමස‍්ස ගමනවත‍්තං.

විහාරයෙන් නික්මෙමින්ම ‘අසුවල් දිශාවෙහි අසුවල් දොරින් නික්මුණෙමි’යි දොරටුව මතක තබාගත යුතුය, ඉක්බිති යම් මඟෙකින් යන්නේ නම්, ඒ මඟ නියමකොට ගතයුතුය: මේ මහ නැගෙනහිර දිශාවට අභිමුඛව යෙයි, බටහිර-පෙ-උතුරු-පෙ දකුණු දිශාවට හෝ අනුදිශාවකට හෝ අභිමුඛව යෙයි, මෙතැනින් වම් අතට, මෙතැනින් දකුණු අතට යෙයි, මෙතැන ගලෙකි, මෙතැන තුඹසෙකි, මෙතැන රුකෙකි, මෙතැන ගසෙකි, මෙතැන වළකි’යි මෙසේ ගමන්මග නියම දකිමින් නිමිති තිබෙන තැනට යායුතුය. තවද උඩුසුළඟට නොයා යුතුය, උඩුසුළං-දෙසට යනවිට කුණපගන්‍ධය නාසයෙහි පැහැර හිස්මොල හෝ කළඹන්නේය, ආහාර හෝ වමාරවන්නේය, ‘මෙවන් මිනීකුණු ඇති තැනකට ආයේ වෙමි’යි විපිළිසර හෝ දනවන්නේය. එහෙයින් උඩුසුළං අතට නොයා යටිසුළං අතට යායුතුය. ඉදින් යටිසුළං අතට යා නොහැකිනම්, අතරමඟ පර්වතයක් හෝ ප්‍රපාතයක් හෝ ගලක් හෝ වැටක් හෝ කටු-ලැහැබක් හෝ වතුරක් හෝ වගුරක් හෝ ඇත්නම්, සිවුරු කොණින් නහය වසාගෙන යා යුතුය. මේ ඔහුගේ ගමන් වතයි.

එවං ගතෙන පන න තාව අසුභනිමිත‍්තං ඔලොකෙතබ‍්බං. දිසා වවත්‍ථපෙතබ‍්බා. එකස‍්මිං හි දිසාභාගෙ ඨිතස‍්ස ආරම‍්මණඤ‍්ච න විභූතං හුත්‍වා ඛායති, චිත‍්තඤ‍්ච න කම‍්මනියං හොති. තස‍්මා තං වජ‍්ජෙත්‍වා යත්‍ථ ඨිතස‍්ස ආරම‍්මණඤ‍්ච විභූතං හුත්‍වා ඛායති, චිත‍්තඤ‍්ච කම‍්මනියං හොති, තත්‍ථ ඨාතබ‍්බං. පටිවාතානුවාතඤ‍්ච පහාතබ‍්බං. පටිවාතෙ ඨිතස‍්ස හි කුණපගන්‍ධෙන උබ‍්බාළ‍්හස‍්ස චිත‍්තං විධාවති. අනුවාතෙ ඨිතස‍්ස සචෙ තත්‍ථ අධිවත්‍ථා අමනුස‍්සා හොන‍්ති, තෙ කුජ‍්ඣිත්‍වා අනත්‍ථං කරොන‍්ති. තස‍්මා ඊසකං උක‍්කම‍්ම නාතිඅනුවාතෙ ඨාතබ‍්බං. එවං තිට‍්ඨමානෙනාපි නාතිදූරෙ නාච‍්චාසන‍්නෙ නානුපාදං නානුසීසං ඨාතබ‍්බං. අතිදූරෙ ඨිතස‍්ස හි ආරම‍්මණං අවිභූතං හොති. අච‍්චාසන‍්නෙ භයමුප‍්පජ‍්ජති. අනුපාදං වා අනුසීසං වා ඨිතස‍්ස සබ‍්බං අසුභං සමං න පඤ‍්ඤායති. තස‍්මා නාතිදූරෙ නාච‍්චාසන‍්නෙ ඔලොකෙන‍්තස‍්ස ඵාසුකට‍්ඨානෙ සරීරවෙමජ‍්ඣභාගෙ ඨාතබ‍්බං.

මෙසේ ගොස් එක්වරම අසුභ නිමිත්ත නොබැලිය යුතුය, දිශාව නියමකොට ගතයුතුය, එක් පසෙකින් සිටිනවිට අරමුණ පැහැදිලිව නොපෙනේ නම්, සිතද භාවනා පිණිස කර්මණ්‍ය නොවේනම්, එය හැර යම් පසෙකින් සිටිනවිට අරමුණ පැහැදිලිව වැටහේ නම්, සිතද කර්මණ්‍ය වේනම්, එපසින් සිටිය යුතුය. උඩු සුළඟ යටිසුළඟ යන දෙකම හළ යුතුය, සුළඟට මුහුණලා සිටිනවිට කුණපගන්‍ධයෙන් අපහසුකම් ඇතිවී සිත ඒ අත මේ අත දුවන්නට වන්නේය, සුළඟට පිටුපා සිටින විට, එයට අරක් ගත් අමනුෂ්‍යයන් ඇතොත්, ඔවුහු කිපී ගහට සිදුකරන්නාහුය, එහෙයින් මඳක් ඉවත්ව කෙළින්ම යටිසුළඟින් නොවනසේ සිටිය යුතුය. මෙසේ සිටින්නහු විසින්ද ඉතා දුරින් හෝ ඉතා ළඟින් හෝ පාමුලින් හෝ ඉස්දොරින් හෝ නොසිටිය යුතුය. ඉතා දුරින් සිටියහුට අරමුණ පැහැදිලිව නොපෙනේ, ඉතා ළඟින් සිටිනවිට බිය උපදී, පාමුලින් හෝ ඉස්දොරින් සිටින විට සම්පූර්ණ අසුභය පැහැදිලිව නොපෙනේ. එහෙයින් ඉතා දුරින් හෝ ඉතා ළඟින් හෝ නොසිට, බැලීමට පහසුවන ලෙසින් (සිරුරෙහි) මැද කොටසට ඉදිරියෙන් සිටිය යුතුය.

එවං ඨිතෙන “තස‍්මිං පදෙසෙ පාසාණං වා…පෙ… ලතං වා සනිමිත‍්තං කරොතී”ති එවං වුත‍්තානි සමන‍්තා නිමිත‍්තානි උපලක‍්ඛෙතබ‍්බානි. තත්‍රිදං උපලක‍්ඛණවිධානං, සචෙ තස‍්ස නිමිත‍්තස‍්ස සමන‍්තා චක‍්ඛුපථෙ පාසාණො හොති, සො “අයං පාසාණො උච‍්චො වා නීචො වා ඛුද‍්දකො වා මහන‍්තො වා තම‍්බො වා කාළො වා සෙතො වා දීඝො වා පරිමණ‍්ඩලො වා”ති වවත්‍ථපෙතබ‍්බො. තතො “ඉමස‍්මිං නාම ඔකාසෙ අයං පාසාණො ඉදං අසුභනිමිත‍්තං, ඉදං අසුභනිමිත‍්තං අයං පාසාණො”ති සල‍්ලක‍්ඛෙතබ‍්බං. සචෙ වම‍්මිකො හොති, සොපි “උච‍්චො වා නීචො වා ඛුද‍්දකො වා මහන‍්තො වා තම‍්බො වා කාළො වා සෙතො වා දීඝො වා පරිමණ‍්ඩලො වා”ති වවත්‍ථපෙතබ‍්බො. තතො “ඉමස‍්මිං නාම ඔකාසෙ අයං වම‍්මිකො ඉදං අසුභනිමිත‍්ත”න‍්ති සල‍්ලක‍්ඛෙතබ‍්බං. සචෙ රුක‍්ඛො හොති, සොපි “අස‍්සත්‍ථො වා නිග්‍රොධො වා කච‍්ඡකො වා කපීතනො වා උච‍්චො වා නීචො වා ඛුද‍්දකො වා මහන‍්තො වා තම‍්බො වා කාළො වා සෙතො වා”ති වවත්‍ථපෙතබ‍්බො. තතො “ඉමස‍්මිං නාම ඔකාසෙ අයං රුක‍්ඛො ඉදං අසුභනිමිත‍්ත”න‍්ති සල‍්ලක‍්ඛෙතබ‍්බං. සචෙ ගච‍්ඡො හොති, සොපි “සින්‍දිවා කරමන්‍දො වා කණවීරො වා කුරණ‍්ඩකො වා උච‍්චො වා නීචො වා ඛුද‍්දකො වා මහන‍්තො වා”ති වවත්‍ථපෙතබ‍්බො. තතො “ඉමස‍්මිං නාම ඔකාසෙ අයං ගච‍්ඡො ඉදං අසුභනිමිත‍්ත”න‍්ති සල‍්ලක‍්ඛෙතබ‍්බං. සචෙ ලතා හොති, සාපි “ලාබු වා කුම‍්භණ‍්ඩී වා සාමා වා කාළවල‍්ලි වා පූතිලතා වා”ති වවත්‍ථපෙතබ‍්බා. තතො “ඉමස‍්මිං නාම ඔකාසෙ අයං ලතා ඉදං අසුභනිමිත‍්තං, ඉදං අසුභනිමිත‍්තං අයං ලතා”ති සල‍්ලක‍්ඛෙතබ‍්බං.

මෙසේ සිට, ඒ පෙදෙසෙහි ගලක් හෝ-පෙ-වැලක් හෝ නිමිතිකොට ගන්නේය’යි මෙසේ යට දක්වන ලද පරිදි අවටින් ඇති නිමිති වටහාගත යුතුය. එහිලා නිමිති හඳුනාගන්නා ක්‍රමය මෙසේය: ඉදින් ඒ උද්ධුමාතක නිමිත්ත අවට ඇසට ලක්වන මානයෙහි ගලක් ඇත්නම්, මේ ගල උස්යයි හෝ, මිටියයි හෝ කුඩායයි හෝ මහත්යයි හෝ තඹ පැහැයයි හෝ කළු පැහැයයි හෝ සුදුපැහැයයි හෝ දිගටියයි හෝ වටකුරුයයි හෝ හඳුනාගත යුතුය. ඉක්බිති මෙතැන මේ ගලය, මේ අසුබ නිමිත්තය, මේ අසුබ නිමිත්තය, මේ ගලයයි සිතින් සලකුණු කොටගත යුතුය. ඉදින් තුඹසක් වේනම් එයද උස්යයි හෝ මිටියයි හෝ, කුඩායයි හෝ මහත්යයි හෝ තඹවන්යයි හෝ කළු පැහැයයි හෝ සුදුපැහැයයි හෝ දිගටියයි හෝ වටකුරුයයි හෝ හඳුනාගත යුතුය. ඉක්බිති, මෙතැන තුඹසය, මෙතැන මේ අසුබ නිමිත්තයයි (සිතින්) සලකුණු කොටගත යුතුය. ඉදින් රුකක් ඇතොත්, එයද ඇසතුයයි හෝ නුගයයි හෝ ගිවිලුයයි හෝ දිඹුල්යයි හෝ උස්යයි හෝ මිටියයි හෝ කුඩායයි හෝ මහත්යයි හෝ තඹවන්යයි හෝ කළු පැහැයයි හෝ සුදුපැහැයයි හෝ හඳුනාගත යුතුය. ඉක්බිති, මෙතැන මේ රුකය, මේ අසුබ නිමිත්තයයි සලකුණු කොටගත යුතුය. ඉදින් (කුඩා) ගසක් වෙතොත්, එයද හිඳියයි හෝ කරඹයයි හෝ කණේරුයයි හෝ කටුකරඬුයයි හෝ උස්යයි හෝ මිටියයි හෝ, කුඩයයි හෝ මහත්යයි හෝ හඳුනාගත යුතුය. ඉක්බිති, මෙතැන මේ ගසය, මේ අසුබ නිමිත්තයයි සලකුණු කොට ගතයුතුය. ඉදින් වැලක් වෙතොත්, එයද ලබුයයි හෝ, පුසුල්යයි හෝ ඉරමුසුයයි හෝ කළුවැල්යයි හෝ රසකිඳියයි හෝ හඳුනාගත යුතුය. ඉක්බිති, මෙතැන මේ වැලය, මේ අසුබ නිමිත්තයයිද, මේ අසුබනිමිත්තය මේ වැලයයිද සලකුණු කොටගතයුතුය.

යං පන වුත‍්තං සනිමිත‍්තං කරොති සාරම‍්මණං කරොතීති, තං ඉධෙව අන‍්තොගධං. පුනප‍්පුනං වවත්‍ථපෙන‍්තො හි සනිමිත‍්තං කරොති නාම. අයං පාසාණො ඉදං අසුභනිමිත‍්තං, ඉදං අසුභනිමිත‍්තං අයං පාසාණොති එවං ද‍්වෙ ද‍්වෙ සමාසෙත්‍වා සමාසෙත්‍වා වවත්‍ථපෙන‍්තො සාරම‍්මණං කරොති නාම.

සනිමිත්තං කරොති සාරම්මණං කරොති (නිමිති සහිත කෙරේ, අරමුණු සහිත කෙරේ) යයි යමක් කියන ලද්දේ ද, එය මෙහිම ඇතුළත් වේ. නැවත නැවතත් ව්‍යවස්ථාපනය කිරීම (පිඬුකොට ගැනීම) නිමිති සහිත කිරීමයයි කියනු ලැබේ. මේ ගලය, මේ අසුබ නිමිත්තයයිද, මේ අසුබ නිමිත්තය, මේ ගලයයිද මෙසේ යුගලයක් යුගලයක් වශයෙන් පිඬුකොට ගැනීම අරමුණු සහිත කිරීම නම්වේ.

එවං සනිමිත‍්තං සාරම‍්මණඤ‍්ච කත්‍වා පන සභාවභාවතො වවත්‍ථපෙතීති වුත‍්තත‍්තා ය‍්වාස‍්ස සභාවභාවො අනඤ‍්ඤසාධාරණො අත‍්තනියො උද‍්ධුමාතකභාවො, තෙන මනසිකාතබ‍්බං. වණිතං උද‍්ධුමාතකන‍්ති එවං සභාවෙන සරසෙන වවත්‍ථපෙතබ‍්බන‍්ති අත්‍ථො.

මෙසේ නිමිති සහිතව, අරමුණු සහිතව ගැලපෙන පරිදි සලකුණු කොට ගනිති’යි කී හෙයින්, ඒ (උද්ධුමාතක නම්) අසුබ නිමිත්ත එයටම ගැලපෙන, අන් (විනීලකාදී) අසුබයනට පොදු නොවූ, යම් ඉදිමුණු ස්වභාවයක් ඇත්නම්, ඒ අනුසාරයෙන්ම මෙනෙහිකළ යුතුය. පිම්බුණේය, ඉදිමුණේයයි මෙසේ ස්වභාව වශයෙන් හා කෘත්‍ය වශයෙන් සලකුණු කොටගතයුතුය යන අර්ත්‍ථයි.

එවං වවත්‍ථපෙත්‍වා වණ‍්ණතොපි ලිඞ‍්ගතොපි සණ‍්ඨානතොපි දිසතොපි ඔකාසතොපි පරිච‍්ඡෙදතොපීති ඡබ‍්බිධෙන නිමිත‍්තං ගහෙතබ‍්බං. කථං? තෙන හි යොගිනා ඉදං සරීරං කාළස‍්ස වා ඔදාතස‍්ස වා මඞ‍්ගුරච‍්ඡවිනො වාති වණ‍්ණතො වවත්‍ථපෙතබ‍්බං. ලිඞ‍්ගතො පන ඉත්‍ථිලිඞ‍්ගං වා පුරිසලිඞ‍්ගං වාති අවවත්‍ථපෙත්‍වා පඨමවයෙ වා මජ‍්ඣිමවයෙ වා පච‍්ඡිමවයෙ වා ඨිතස‍්ස ඉදං සරීරන‍්ති වවත්‍ථපෙතබ‍්බං. සණ‍්ඨානතො උද‍්ධුමාතකස‍්ස සණ‍්ඨානවසෙනෙව ඉදමස‍්ස සීසසණ‍්ඨානං, ඉදං ගීවාසණ‍්ඨානං, ඉදං හත්‍ථසණ‍්ඨානං, ඉදං උදරසණ‍්ඨානං, ඉදං නාභිසණ‍්ඨානං, ඉදං කටිසණ‍්ඨානං, ඉදං ඌරුසණ‍්ඨානං, ඉදං ජඞ‍්ඝාසණ‍්ඨානං, ඉදං පාදසණ‍්ඨානන‍්ති වවත්‍ථපෙතබ‍්බං. දිසතො පන ඉමස‍්මිං සරීරෙ ද‍්වෙ දිසා නාභියා අධො හෙට‍්ඨිමදිසා උද‍්ධං උපරිමදිසාති වවත්‍ථපෙතබ‍්බං. අථ වා අහං ඉමිස‍්සා දිසාය ඨිතො අසුභනිමිත‍්තං ඉමිස‍්සාති වවත්‍ථපෙතබ‍්බං. ඔකාසතො පන ඉමස‍්මිං නාම ඔකාසෙ හත්‍ථා, ඉමස‍්මිං පාදා, ඉමස‍්මිං සීසං, ඉමස‍්මිං මජ‍්ඣිමකායො ඨිතොති වවත්‍ථපෙතබ‍්බං. අථ වා අහං ඉමස‍්මිං ඔකාසෙ ඨිතො අසුභනිමිත‍්තං ඉමස‍්මින‍්ති වවත්‍ථපෙතබ‍්බං. පරිච‍්ඡෙදතො ඉදං සරීරං අධො පාදතලෙන උපරි කෙසමත්‍ථකෙන තිරියං තචෙන පරිච‍්ඡින‍්නං, යථාපරිච‍්ඡින‍්නෙ ච ඨානෙ ද‍්වත‍්තිංසකුණපභරිතමෙවාති වවත්‍ථපෙතබ‍්බං. අථ වා අයමස‍්ස හත්‍ථපරිච‍්ඡෙදො, අයං පාදපරිච‍්ඡෙදො, අයං සීසපරිච‍්ඡෙදො, අයං මජ‍්ඣිමකායපරිච‍්ඡෙදොති වවත්‍ථපෙතබ‍්බං. යත‍්තකං වා පන ඨානං ගණ‍්හති, තත‍්තකමෙව ඉදං ඊදිසං උද‍්ධුමාතකන‍්ති පරිච‍්ඡින්‍දිතබ‍්බං. පුරිසස‍්ස පන ඉත්‍ථිසරීරං ඉත්‍ථියා වා පුරිසසරීරං න වට‍්ටති. විසභාගෙ සරීරෙ ආරම‍්මණං න උපට‍්ඨාති, විප‍්ඵන්‍දනස‍්සෙව පච‍්චයො හොති. “උග‍්ඝාටිතාපි හි ඉත්‍ථී පුරිසස‍්ස චිත‍්තං පරියාදාය තිට‍්ඨතී”ති (අ· නි· 5.55) මජ‍්ඣිමට‍්ඨකථායං වුත‍්තං. තස‍්මා සභාගසරීරෙයෙව එවං ඡබ‍්බිධෙන නිමිත‍්තං ගණ‍්හිතබ‍්බං.

මෙසේ සලකුණු කොටගෙන, වර්ණ වශයෙන්ද, ලිංග වශයෙන්ද, සටහන් වශයෙන්ද, දිශාවශයෙන්ද, අවකාශ වශයෙන්ද, පරිච්ඡේද වශයෙන්දැ’යි යන මේ සවැදෑරුම් ආකාරයෙන් නිමිති ගතයුතුය. කෙසේදයත්, ඒ යෝගාවචරයා විසින් මේ සිරුර කළු හෝ එළලු හෝ මඟුරුවන් පැහැ ඇත්තකුගේයයි වර්ණ වශයෙන් නියම කටයුතුය, ලිංග වශයෙන් වනාහි ස්ත්‍රීලිංගය පුරුෂලිංගයයි යනුවෙන් නොව, ළදරුවියෙහි, මැදිවියෙහි හෝ මහලු වියෙහි සිටියකුගේයයි නියම කටයුතුය. සටහන් වශයෙන් වනාහි උද්ධුමාතක සටහන් වශයෙන්ම මේ මොහුගේ හිස සටහනය, මේ ගෙලසටහනය, මේ අත් සටහනය, මේ උදරසටහනය, මේ නැබ සටහනය, මේ උකුලු සටහනය, මේ කෙණ්ඩා සටහනය, මේ පාසටහනයයි නියම කටයුතුය. දිශා වශයෙන් වනාහි, මේ සිරුරෙහි නාභියෙන් පහළ කොටසය, යටි දිසාවය, මේ ඉහළ කොටසය, උඩු දිසාවයයි නියම කටයුතුය, නොහොත් මම මේ පැත්තෙහි වෙමි, අසුබ නිමිත්ත ඒ පැත්තෙහි වේයයි නියම කටයුතුය. අවකාශ වශයෙන් වනාහි මෙනම් අවකාශයෙහි අත්ය, මෙහි පාය, මෙහි හිසය, මෙහි මැදිකයයයි නිශ්චය කටයුතුය. නොහොත්, මම මේ අවකාශයෙහි සිටියේ වෙමි, අසුබ නිමිති ඒ අවකාශයෙහි සිටියේයයයි නිශ්චය කටයුතුය. පරිච්ඡේද වශයෙන්, මේ සිරුර යටින් දෙපතුලෙන්ද, උඩින් කෙස’ගින්ද, සරසින් සමෙන්ද පිරිසිඳියේයයි, මෙසේ පිරිසිඳි තන්හි දෙතිස් කුණපයෙන් පිරී සිටියේමයයි නිශ්චය කටයුතුය, නොහොත් මේ අසුබ නිමිත්තෙහි මෙතෙක් අත් සීමාවයි, මෙතෙක් පා සීමාවයි, මෙතෙක් හිස් සීමාවයි, මෙතෙක් මැදිකය සීමාවයයි නිශ්චය කටයුතුය. යම් පමණ තැන් ගන්නේ නම්, එපමණම තැන් මේ උද්ධුමාතකය මෙබඳුයයි පිරිසිඳිය යුතුය. පිරිමියකුට ගැහැණු සිරුරක් හෝ ගැහැණියකට පිරිමි සිරුරක් හෝ යෝග්‍ය නොවේ. නොසම (ලිංගික) සිරුරෙහි අරමුණු නොවැටහේ, කෙලෙස් පණ ගැන්වීමටම හේතුවේ. ‘ඉදිමී ගියාවූද ගැහැණු සිරුර පිරිමියකුගේ සිත පැහැරගෙන සිටිනේ’යයි මැදුම් සඟි අටුවාවෙහි කියනලදි. එහෙයින්, සභාග වූ (සමවූ) ශරීරයෙහිම මෙසේ ස-ආකාරයෙකින් නිමිති ගතයුතුය.

යො පන පුරිමබුද‍්ධානං සන‍්තිකෙ ආසෙවිතකම‍්මට‍්ඨානො පරිහතධුතඞ‍්ගො පරිමද‍්දිතමහාභූතො පරිග‍්ගහිතසඞ‍්ඛාරො වවත්‍ථාපිතනාමරූපො උග‍්ඝාටිතසත‍්තසඤ‍්ඤො කතසමණධම‍්මො වාසිතවාසනො භාවිතභාවනො සබීජො ඤාණුත‍්තරො අප‍්පකිලෙසො කුලපුත‍්තො, තස‍්ස ඔලොකිතොලොකිතට‍්ඨානෙයෙව පටිභාගනිමිත‍්තං උපට‍්ඨාති. නො චෙ එවං උපට‍්ඨාති, අථෙවං ඡබ‍්බිධෙන නිමිත‍්තං ගණ‍්හතො උපට‍්ඨාති. යස‍්ස පන එවම‍්පි න උපට‍්ඨාති, තෙන සන්‍ධිතො විවරතො නින‍්නතො ථලතො සමන‍්තතොති පුනපි පඤ‍්චවිධෙන නිමිත‍්තං ගහෙතබ‍්බං.

යමෙක් තෙමේ පෙර බුදුවරයන් සමීපයෙහි වඩනාලද කමටහන් ඇත්තේ නම්, පුරුදුකළ ධුතංග ඇත්තේ නම්, මඩනා ලද මහාභූත ඇත්තේ නම්, හඳුනා ගන්නාලද සංස්කාර ලක්‍ෂණ ඇත්තේ නම්, නිශ්චයකොට දැනගත් නාම -රූප ස්වභාව ඇත්තේනම්, උගුළුවා හරින ලද සත්ත්‍වසංඥා ඇත්තේ නම්, පුරණලද මහණදම් ඇත්තේ නම්, පුරුදු කළ කුසලවාසනා ඇත්තේ නම්, වඩනාලද භාවනා ඇත්තේ නම්, කුසලබීජ ඇත්තේ නම්, මුහුකළ නුවණ ඇත්තේ නම්, මඳවගිය කෙලෙසුන් ඇත්තේ නම්, එබඳු කුලපුත්‍රයාහට බැලූ බැලූ අතින් පටිභාග නිමිති පහළ වේ, එසේ නොවැටහේ නම් මේ ආකාරයෙන් සවැදෑරුම් නිමිති ගන්නාවිට වැටහේ, යමකුට වනාහි එසේත් නොවැටහේ නම්, ඒ යෝගාවචරයා විසින් සන්‍ධි වශයෙන්ද, විවර වශයෙන්ද, වළ වශයෙන්ද, ගොඩ වශයෙන්ද, සමස්ත වශයෙන්දැයි යන පස් ආකාරයෙන් නැවතත් නිමිති ගතයුතුය.

තත්‍ථ සන්‍ධිතොති අසීතිසතසන්‍ධිතො. උද‍්ධුමාතකෙ පන කථං අසීතිසතසන්‍ධයො වවත්‍ථපෙස‍්සති. තස‍්මානෙන තයො දක‍්ඛිණහත්‍ථසන්‍ධී, තයො වාමහත්‍ථසන්‍ධී, තයො දක‍්ඛිණපාදසන්‍ධී, තයො වාමපාදසන්‍ධී , එකො ගීවසන්‍ධි, එකො කටිසන්‍ධීති එවං චුද‍්දසමහාසන්‍ධිවසෙන සන්‍ධිතො වවත්‍ථපෙතබ‍්බං. විවරතොති විවරං නාම හත්‍ථන‍්තරං පාදන‍්තරං උදරන‍්තරං කණ‍්ණන‍්තරන‍්ති එවං විවරතො වවත්‍ථපෙතබ‍්බං. අක‍්ඛීනම‍්පි නිම‍්මීලිතභාවො වා උම‍්මීලිතභාවො වා මුඛස‍්ස ච පිහිතභාවො වා විවටභාවො වා වවත්‍ථපෙතබ‍්බො. නින‍්නතොති යං සරීරෙ නින‍්නට‍්ඨානං අක‍්ඛිකූපො වා අන‍්තොමුඛං වා ගලවාටකො වා, තං වවත්‍ථපෙතබ‍්බං. අථ වා අහං නින‍්නෙ ඨිතො සරීරං උන‍්නතෙති වවත්‍ථපෙතබ‍්බං. ථලතොති යං සරීරෙ උන‍්නතට‍්ඨානං ජණ‍්ණුකං වා උරො වා නලාටං වා, තං වවත්‍ථපෙතබ‍්බං. අථ වා අහං ථලෙ ඨිතො සරීරං නින‍්නෙති වවත්‍ථපෙතබ‍්බං. සමන‍්තතොති සබ‍්බං සරීරං සමන‍්තතො වවත්‍ථපෙතබ‍්බං. සකලසරීරෙ ඤාණං චාරෙත්‍වා යං ඨානං විභූතං හුත්‍වා උපට‍්ඨාති, තත්‍ථ “උද‍්ධුමාතකං උද‍්ධුමාතක”න‍්ති චිත‍්තං ඨපෙතබ‍්බං. සචෙ එවම‍්පි න උපට‍්ඨාති, උදරපරියොසානං අතිරෙකං උද‍්ධුමාතකං හොති, තත්‍ථ “උද‍්ධුමාතකං උද‍්ධුමාතක”න‍්ති චිත‍්තං ඨපෙතබ‍්බං.

එහි සන්‍ධි වශයෙන්ය යනු, එක්සිය අසූවක්වූ සන්‍ධි වශයෙනි. ඉදිමුණු මළසිරුරෙහි වනාහි, කෙසේ නම් එක්සිය අසූවක් සන්‍ධීන් හඳුනාගත හැකිද? එහෙයින් යෝගාවචරයා විසින් දකුණු අතෙහි සන්‍ධීන් තුනෙකැ’යිද, වම් අතෙහි සන්‍ධීන් තුනෙකැ’යිද, දකුණු පයෙහි සන්‍ධීන් තුනෙකැයි ද, වම් පයෙහි සන්‍ධීන් තුනෙකැයිද, ගෙලෙහි එක් සන්‍ධියෙකැ’යිද, උකුලෙහි එක් සන්‍ධියෙකැයිද, මෙසේ මේ තුදුස් මහා සන්‍ධීන් වශයෙන් නියම දතයුතුය. විවර වශයෙන්ය යනු, අත් සම්බන්‍ධවන විවරය, පා සම්බන්‍ධවන විවරය, උදරය, පෙකනිය, කන් සිදුරුයයි මෙසේ විවර වශයෙන් නියම කටයුතුය. ඇස් වැසුණු බව හෝ ඇරුණු බවද, මුව වැසුණුබව හෝ ඇරුණු බවද නියම කටයුතුය. වළ වශයෙන්ය යනු, ඇස්වල හෝ, ඇතුළු මුව හෝ, ගලවට හෝ මෙසේ සිරුරෙහි වළතැන් ඇත්නම්, එය නියම කටයුතුය, නොහොත්, මම වළතන්හි සිටියේ වෙමි, සිරුර උස්තන්හි සිටියේයයි නියම කටයුතුය. ගොඩ වශයෙන්ය යනු, සිරුරෙහි දණහිස් හෝ ළය හෝ, නලළ හෝ මෙසේ සිරුරෙහි උස් තැන් ඇත්නම් එය නියම කටයුතුය, නොහොත්, මම ගොඩ තන්හි සිටියෙමි, සිරුර වළ තන්හි සිටියේයයි නියම කටයුතු සමන්ත වශයෙන්ය යනු, මුළු සිරුර හාත්පස සමස්ත වශයෙන් නියම කටයුතුය, මුළු සිරුරෙහි නුවණ හසුරුවා යම් තැනක් ප්‍රකටව වැටහේ නම්, එතන්හි, ‘උද්ධුමාතකං උද්ධුමාතකං’ යයි සිත පිහිටුවිය යුතුය. ඉදින් මෙසේත් නොවැටහේනම්, උදරය කෙළවර අධික වශයෙන් ඉදිමුණු තැනක් ඇත්නම්, එතන්හි ‘උද්ධුමාතකං උද්ධුමාතකං’ යයි සිත පිහිටු විය යුතුය.

ඉදානි “සො තං නිමිත‍්තං සුග‍්ගහිතං කරොතී”තිආදීසු අයං විනිච‍්ඡයකථා –

දැන් සො තං නිමිත්තං සුග්ගහිතං කරොති (හේ තෙමේ ඒ නිමිත්ත මනාකොට ගැනීම කරයි) යන ආදියෙහි විනිශ්චය කථාව මෙසේයි:

තෙන යොගිනා තස‍්මිං සරීරෙ යථාවුත‍්තනිමිත‍්තග‍්ගාහවසෙන සුට‍්ඨු නිමිත‍්තං ගණ‍්හිතබ‍්බං. සතිං සූපට‍්ඨිතං කත්‍වා ආවජ‍්ජිතබ‍්බං. එවං පුනප‍්පුනං කරොන‍්තෙන සාධුකං උපධාරෙතබ‍්බඤ‍්චෙව වවත්‍ථපෙතබ‍්බඤ‍්ච. සරීරතො නාතිදූරෙ නාච‍්චාසන‍්නෙ පදෙසෙ ඨිතෙන වා නිසින‍්නෙන වා චක‍්ඛුං උම‍්මීලෙත්‍වා ඔලොකෙත්‍වා නිමිත‍්තං ගණ‍්හිතබ‍්බං. “උද‍්ධුමාතකපටික‍්කූලං උද‍්ධුමාතකපටික‍්කූල”න‍්ති සතක‍්ඛත‍්තුං සහස‍්සක‍්ඛත‍්තුං උම‍්මීලෙත්‍වා ඔලොකෙතබ‍්බං, නිම‍්මීලෙත්‍වා ආවජ‍්ජිතබ‍්බං. එවං පුනප‍්පුනං කරොන‍්තස‍්ස උග‍්ගහනිමිත‍්තං සුග‍්ගහිතං හොති. කදා සුග‍්ගහිතං හොති? යදා උම‍්මීලෙත්‍වා ඔලොකෙන‍්තස‍්ස නිම‍්මීලෙත්‍වා ආවජ‍්ජෙන‍්තස‍්ස ච එකසදිසං හුත්‍වා ආපාථමාගච‍්ඡති, තදා සුග‍්ගහිතං නාම හොති.

ඒ යෝගාවචරයා විසින් එම සිරුරෙහි යටකී ආකාරයෙන් නිමිති ගැනීම් වශයෙන් මනාකොට නිමිති ගතයුතුය, සිහි එළවාගෙන මනාකොට ආවර්ජනය කළයුතුය. මෙසේ නැවත නැවතත් කරමින් මනාකොට ධාරණය කටයුතුය, ව්‍යවස්ථාපනයද කටයුතුය. සිරුරෙන් ඉතා දුර නොවන, ඉතා ළඟද නොවන තැනෙක සිට හෝ හිඳ හෝ ඇස් ඇර බලා නිමිති ගතයුතුය. ‘උද්ධුමාතකපටික්කූලං, උද්ධුමාතකපටික්කූලං’ යනුවෙන් සියවර දහස්වර පවා ඇස් යොමා බැලිය යුතුය, ඇස් පියා ආවර්ජනය කළයුතුය. මෙසේ යලි යලිත් කරනවිට උග්ගහනිමිත්ත මනාකොට ප්‍රගුණ කරන ලද්දේ වේ. කවර අවස්ථාවෙක්හිදී මනාකොට ගන්නා ලද්දක් වේද? යම් අවස්ථාවෙක්හිදී ඇස් ඇර බලනවිටද, ඇස් පියා ආවර්ජනය කරනවිටද එකසේ දිස්වේ නම්, ඇස්හමුබවට ඒනම් එවිට මනාකොට ප්‍රගුණකොට ගන්නා ලද්දේ වේ.

සො තං නිමිත‍්තං එවං සුග‍්ගහිතං කත්‍වා සූපධාරිතං උපධාරෙත්‍වා සුවවත්‍ථිතං වවත්‍ථපෙත්‍වා සචෙ තත්‍ථෙව භාවනාපරියොසානං පත‍්තුං න සක‍්කොති, අථානෙන ආගමනකාලෙ වුත‍්තනයෙනෙව එකකෙන අදුතියෙන තදෙව කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තෙන සූපට‍්ඨිතං සතිං කත්‍වා අන‍්තොගතෙහි ඉන්‍ද්‍රියෙහි අබහිගතෙන මානසෙන අත‍්තනො සෙනාසනමෙව ගන‍්තබ‍්බං.

මෙසේ ඒ යෝගී තෙමේ මනාකොට නිමිති ගෙන මනාකොට ධාරණය කොටගෙන, මනාකොට ව්‍යවස්ථාපනය කොටගෙන, ඉදින් එතන්හිදීම භාවනා කෙළවරට පැමිණීමට නොසමත් වේනම්, ඉක්බිති පෙරළා එන කල්හිද, පෙර කී ලෙසින්ම හුදකලාව, දෙවැන්නකු නොමැතිව, එම කමටහනම මෙනෙහි කරමින් මනාකොට සිහි එළවාගෙන, ඇතුළතට යොමු වූ ඉඳුරන් ඇතිව, පිටතට යොමු නොවූ සිත් ඇතිව, තමාගේ සෙනස්නටම ආයුතුය.

සුසානා නික‍්ඛමන‍්තෙනෙව ච ආගමනමග‍්ගො වවත්‍ථපෙතබ‍්බො, යෙන මග‍්ගෙන නික‍්ඛන‍්තොස‍්මි, අයං මග‍්ගො පාචීනදිසාභිමුඛො වා ගච‍්ඡති, පච‍්ඡිමඋත‍්තරදක‍්ඛිණදිසාභිමුඛො වා ගච‍්ඡති, විදිසාභිමුඛො වා ගච‍්ඡති. ඉමස‍්මිං පන ඨානෙ වාමතො ගච‍්ඡති, ඉමස‍්මිං දක‍්ඛිණතො, ඉමස‍්මිං චස‍්ස ඨානෙ පාසාණො, ඉමස‍්මිං වම‍්මිකො, ඉමස‍්මිං රුක‍්ඛො, ඉමස‍්මිං ගච‍්ඡො, ඉමස‍්මිං ලතාති එවං ආගමනමග‍්ගං වවත්‍ථපෙත්‍වා ආගතෙන චඞ‍්කමන‍්තෙනාපි තබ‍්භාගියොව චඞ‍්කමො අධිට‍්ඨාතබ‍්බො, අසුභනිමිත‍්තදිසාභිමුඛෙ භූමිප‍්පදෙසෙ චඞ‍්කමිතබ‍්බන‍්ති අත්‍ථො. නිසීදන‍්තෙන ආසනම‍්පි තබ‍්භාගියමෙව පඤ‍්ඤපෙතබ‍්බං. සචෙ පන තස‍්සං දිසායං සොබ‍්භො වා පපාතො වා රුක‍්ඛො වා වති වා කලලං වා හොති, න සක‍්කා තංදිසාභිමුඛෙ භූමිප‍්පදෙසෙ චඞ‍්කමිතුං, ආසනම‍්පි අනොකාසත‍්තා න සක‍්කා පඤ‍්ඤපෙතුං. තං දිසං අනපලොකෙන‍්තෙනාපි ඔකාසානුරූපෙ ඨානෙ චඞ‍්කමිතබ‍්බඤ‍්චෙව නිසීදිතබ‍්බඤ‍්ච. චිත‍්තං පන තංදිසාභිමුඛංයෙව කාතබ‍්බං.

සොහොනෙන් නික්මෙන විටද ආයුතු මඟ නියම කටයුතුය. යම් මඟෙකින් නික්මුණෙම්ද, මේ මඟ පෙරදිගට විහිදෙයි, පැදුම් දිගට උතුරු දිගට, දකුණු දිගට හෝ විහිදෙයි, අනුදිගකට හෝ විහිදෙයි, මෙතැනදී වමට හැරෙයි, මෙතැනදී දකුණට හැරෙයි, මෙතැන ගලෙකි, මෙතැන තුඹසෙකි, මෙතැන රුකෙකි, මෙතැන (කුඩා) ගසෙකි, මෙතැන වැලෙකි’යි මෙසේ ආයුතු මඟනියම දැන පෙරළා පැමිණ සක්මන් කරන්නහු විසින්ද එපසින්ම වූ සත්මණෙක් ඇසුරු කළයුතුය, අසුබනිමිත්ත තිබෙන දෙසට අභිමුඛවූ බිම් පෙදෙසක සක්මන් කළ යුතුය යන අර්ත්‍ථයි. හිඳින විටද එදෙසට මුහුණලා අසුන් පැනවිය යුතුය. ඉදින් එදෙසින් වළෙක් හෝ, බෑවුමෙක් හෝ, රුකෙක් හෝ වැටෙක් හෝ වගුරෙක් හෝ වේනම්, ඒ බිම් පෙදෙසෙහි සක්මන් කළ නොහැකි නම්, ඉඩ නොමැති හෙයින් අස්නක් හෝ පැනවිය නොහැකි නම්, ඒ දිශාව නොදකිමින් වුවද ඉඩ ඇති තැනෙක්හි සක්මන් කළයුතු වේ, හිඳිය යුතුද වේ, සිත වනාහි එදෙසටම (නිමිත්ත තිබෙන දිශාවටම) යොමුකොට තබා ගතයුතුය.

ඉදානි “සමන‍්තා නිමිත‍්තුපලක‍්ඛණා කිමත්‍ථියා”තිආදිපඤ‍්හානං “අසම‍්මොහත්‍ථා”තිආදිවිස‍්සජ‍්ජනෙ අයං අධිප‍්පායො. යස‍්ස හි අවෙලායං උද‍්ධුමාතකනිමිත‍්තට‍්ඨානං ගන‍්ත්‍වා සමන‍්තා නිමිත‍්තුපලක‍්ඛණං කත්‍වා නිමිත‍්තග‍්ගහණත්‍ථං චක‍්ඛුං උම‍්මීලෙත්‍වා ඔලොකෙන‍්තස‍්සෙව තං මතසරීරං උට‍්ඨහිත්‍වා ඨිතං විය අජ‍්ඣොත්‍ථරමානං විය අනුබන්‍ධමානං විය ච හුත්‍වා උපට‍්ඨාති, සො තං බීභච‍්ඡං භෙරවාරම‍්මණං දිස‍්වා වික‍්ඛිත‍්තචිත‍්තො උම‍්මත‍්තකො විය හොති, භයං ඡම‍්භිතත‍්තං ලොමහංසං පාපුණාති. පාළියං හි විභත‍්තඅට‍්ඨතිංසාරම‍්මණෙසු අඤ‍්ඤං එවරූපං භෙරවාරම‍්මණං නාම නත්‍ථි. ඉමස‍්මිං හි කම‍්මට‍්ඨානෙ ඣානවිබ‍්භන‍්තකො නාම හොති. කස‍්මා? අතිභෙරවත‍්තා කම‍්මට‍්ඨානස‍්ස. තස‍්මා තෙන යොගිනා සන්‍ථම‍්භෙත්‍වා සතිං සූපට‍්ඨිතං කත්‍වා මතසරීරං උට‍්ඨහිත්‍වා අනුබන්‍ධනකං නාම නත්‍ථි. සචෙ හි සො “එතස‍්ස සමීපෙ ඨිතො පාසාණො වා ලතා වා ආගච‍්ඡෙය්‍ය, සරීරම‍්පි ආගච‍්ඡෙය්‍ය. යථා පන සො පාසාණො වා ලතා වා නාගච‍්ඡති, එවං සරීරම‍්පි නාගච‍්ඡති. අයං පන තුය‍්හං උපට‍්ඨානාකාරො සඤ‍්ඤජො සඤ‍්ඤාසම‍්භවො, කම‍්මට‍්ඨානං තෙ අජ‍්ජ උපට‍්ඨිතං, මා භායි භික‍්ඛූ”ති තාසං විනොදෙත්‍වා හාසං උප‍්පාදෙත්‍වා තස‍්මිං නිමිත‍්තෙ චිත‍්තං සඤ‍්චරාපෙතබ‍්බං. එවං විසෙසමධිගච‍්ඡති. ඉදමෙතං සන්‍ධාය වුත‍්තං “සමන‍්තා නිමිත‍්තුපලක‍්ඛණා අසම‍්මොහත්‍ථා”ති.

ඉක්බිති ‘සමන්තා නිමිත්තූපලක්‍ඛණා කිමත්‍ථියා’ ‘හාත්පස නිමිති සැලකීම කුමක් පිණිසද?’ ආදී ප්‍රශ්නවලට (අසම්මොහත්‍ථං) ‘නුමුළාබව පිණිසය’ යන ආදී විසඳුම්වල අභිප්‍රාය මේයි: යමකුට වනාහි අවේලාවෙහි උද්ධුමාතක අසුබ නිමිති ඇති තැනට ගොස්, හාත්පස නිමිති සලකා, අසුබ නිමිති ගැනීම පිණිස ඇස් දල්වා බලන විටම, එම මළ සිරුර නැගිට සිටින විලාශයෙන් හෝ, බාධක මැඩගෙන ඉදිරියට එන විලාශයෙන් හෝ, පසුපස ලුහුබැඳ එන විලාශයෙන් හෝ වැටහේ නම්, ඒ යෝගී තෙමේ එම බියකරු, භයානක අරමුණ දැක, විසුරුණ සිත් ඇතිව උමතු වුවකු සෙයින් බියට, තැතිගැන්මට, ලොමුදැහැගැන්මට පත්වේ. පෙළෙහි විභාගකොට දක්වා ඇති අටතිස් අරමුණු අතුරෙන් මෙවන් බියකරු වූ භයානක වූ අන් අරමුණෙක් නම් නැත්මය. මේ කර්මස්ථානයෙහි වනාහි ‘ඣානවිබ්භන්තක’ (විසිරීගිය ධ්‍යාන ඇත්තෙක්) නම් වේ, කවර හෙයින්ද? මේ කර්මස්ථානය ඉතා බිය දනවන හෙයිනි. එහෙයින් එම රෝගියා විසින් සිත දැඩිකොට ගෙන, මනාකොට සිහි එළවාගෙන, ‘නැඟිට ලුහුබදින මළසිරුරක් නම් නොවූවිරූය, ඉදින් එම මළසිරුර සමීපයෙහි ඇති ගල හෝ-පෙ-වැල හෝ එන්නේ නම් මළසිරුරද එන්නේය, යම්සේ වනාහි එම ගල හෝ-පෙ-වැල නොඑන්නේද, එසේම මළසිරුරද නොඑන්නේය, තොපට වැටහෙන මේ ආකාරය හුදෙක් හැඟීමෙන් උපන්, හැඟීමෙන් හටගත් එකෙකි, අද තොපට කමටහන වැටහීගියේ වන, මහණ, නොබා සිටුව’යි තැතිගැන්ම දුරුකොට සොම්නස් උපදවාගෙන එම නිමිත්තෙහි සිත හැසිරවිය යුතුය. මෙසේ විශේෂාධිගමයට පැමිණේ. ‘හාත්පස නිමිති සැලකීම නොමුළාබව පිණිසය’යි යන මෙය මේ සඳහා කියනලදි.

එකාදසවිධෙන පන නිමිත‍්තග‍්ගාහං සම‍්පාදෙන‍්තො කම‍්මට‍්ඨානං උපනිබන්‍ධති. තස‍්ස හි චක‍්ඛූනි උම‍්මීලෙත්‍වා ඔලොකනපච‍්චයා උග‍්ගහනිමිත‍්තං උප‍්පජ‍්ජති. තස‍්මිං මානසං චාරෙන‍්තස‍්ස පටිභාගනිමිත‍්තං උප‍්පජ‍්ජති. තත්‍ථ මානසං චාරෙන‍්තො අප‍්පනං පාපුණාති. අප‍්පනායං ඨත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙන‍්තො අරහත‍්තං සච‍්ඡිකරොති. තෙන වුත‍්තං “එකාදසවිධෙන නිමිත‍්තග‍්ගාහො උපනිබන්‍ධනත්‍ථො”ති.

එකොළොස් ආකාරයෙන් නිමිති ගැනීම කරනුයේ කමටහනට යොමුව සිටී, ඔහුට වනාහි ඇස් හැර බැලීමෙන් උග්ගහනිමිත්ත උපදී, එම උග්ගහනිමිත්ත වෙත මනස හසුරුවනවිට පටිභාග නිමිත්ත උපදී, එම පටිභාගනිමිත්ත වෙත මනස හසුරුවනවිට අර්පණාවට පැමිණේ. අර්පණාවෙහි සිට විදර්ශනා වඩමින් රහත්බව අවබෝධ කරයි. එහෙයින් එකොළොස් ආකාරයෙන් නිමිති ගැනීම කමටහන වෙත බැදී සිටීම පිණිසය’යි කියනලදි.

ගතාගතමග‍්ගපච‍්චවෙක‍්ඛණා වීථිසම‍්පටිපාදනත්‍ථාති එත්‍ථ පන යා ගතමග‍්ගස‍්ස ච ආගතමග‍්ගස‍්ස ච පච‍්චවෙක‍්ඛණා වුත‍්තා, සා කම‍්මට‍්ඨානවීථියා සම‍්පටිපාදනත්‍ථාති අත්‍ථො. සචෙ හි ඉමං භික‍්ඛුං කම‍්මට‍්ඨානං ගහෙත්‍වා ආගච‍්ඡන‍්තං අන‍්තරාමග‍්ගෙ කෙචි අජ‍්ජ, භන‍්තෙ, කතිමීති දිවසං වා පුච‍්ඡන‍්ති, පඤ‍්හං වා පුච‍්ඡන‍්ති, පටිසන්‍ථාරං වා කරොන‍්ති, අහං කම‍්මට‍්ඨානිකොති තුණ‍්හීභූතෙන ගන‍්තුං න වට‍්ටති. දිවසො කථෙතබ‍්බො, පඤ‍්හො විස‍්සජ‍්ජෙතබ‍්බො. සචෙ න ජානාති, න ජානාමීති වත‍්තබ‍්බං. ධම‍්මිකො පටිසන්‍ථාරො කාතබ‍්බො. තස‍්සෙවං කරොන‍්තස‍්ස උග‍්ගහිතං තරුණනිමිත‍්තං නස‍්සති. තස‍්මිං නස‍්සන‍්තෙපි දිවසං පුට‍්ඨෙන කථෙතබ‍්බමෙව. පඤ‍්හං අජානන‍්තෙන න ජානාමීති වත‍්තබ‍්බං. ජානන‍්තෙන එකදෙසෙන කථෙතුම‍්පි වට‍්ටති, පටිසන්‍ථාරොපි කාතබ‍්බො. ආගන‍්තුකං පන භික‍්ඛුං දිස‍්වා ආගන‍්තුකපටිසන්‍ථාරො කාතබ‍්බොව. අවසෙසානිපි චෙතියඞ‍්ගණවත‍්තබොධියඞ‍්ගණවත‍්තඋපොසථාගාරවත‍්තභොජනසාලාජන‍්තාඝරආචරියුපජ‍්ඣායආගන‍්තුකගමිකවත‍්තාදීනි සබ‍්බානි ඛන්‍ධකවත‍්තානි පූරෙතබ‍්බානෙව. තස‍්ස තානි පූරෙන‍්තස‍්සාපි තං තරුණනිමිත‍්තං නස‍්සති, පුන ගන‍්ත්‍වා නිමිත‍්තං ගණ‍්හිස‍්සාමීති ගන‍්තුකාමස‍්සාපි අමනුස‍්සෙහි වා වාළමිගෙහි වා අධිට‍්ඨිතත‍්තා සුසානම‍්පි ගන‍්තුං න සක‍්කා හොති, නිමිත‍්තං වා අන‍්තරධායති. උද‍්ධුමාතකං හි එකමෙව වා ද‍්වෙ වා දිවසෙ ඨත්‍වා විනීලකාදිභාවං ගච‍්ඡති. සබ‍්බකම‍්මට‍්ඨානෙසු එතෙන සමං දුල‍්ලභං කම‍්මට‍්ඨානං නාම නත්‍ථි. තස‍්මා එවං නට‍්ඨෙ නිමිත‍්තෙ තෙන භික‍්ඛුනා රත‍්තිට‍්ඨානෙ වා දිවාඨානෙ වා නිසීදිත්‍වා අහං ඉමිනා නාම ද‍්වාරෙන විහාරා නික‍්ඛමිත්‍වා අසුකදිසාභිමුඛං මග‍්ගං පටිපජ‍්ජිත්‍වා අසුකස‍්මිං නාම ඨානෙ වාමං ගණ‍්හි, අසුකස‍්මිං දක‍්ඛිණං. තස‍්ස අසුකස‍්මිං ඨානෙ පාසාණො, අසුකස‍්මිං වම‍්මිකරුක‍්ඛගච‍්ඡලතානමඤ‍්ඤතරං. සොහං තෙන මග‍්ගෙන ගන‍්ත්‍වා අසුකස‍්මිං නාම ඨානෙ අසුභං අද‍්දසං. තත්‍ථ අසුකදිසාභිමුඛො ඨත්‍වා එවඤ‍්චෙවඤ‍්ච සමන‍්තා නිමිත‍්තානි සල‍්ලක‍්ඛෙත්‍වා එවං අසුභනිමිත‍්තං උග‍්ගහෙත්‍වා අසුකදිසාය සුසානතො නික‍්ඛමිත්‍වා එවරූපෙන නාම මග‍්ගෙන ඉදඤ‍්චිදඤ‍්ච කරොන‍්තො ආගන‍්ත්‍වා ඉධ නිසින‍්නොති එවං යාව පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසින‍්නට‍්ඨානං, තාව ගතාගතමග‍්ගො පච‍්චවෙක‍්ඛිතබ‍්බො. තස‍්සෙවං පච‍්චවෙක‍්ඛතො තං නිමිත‍්තං පාකටං හොති, පුරතො නික‍්ඛිත‍්තං විය උපට‍්ඨාති. කම‍්මට‍්ඨානං පුරිමාකාරෙනෙව වීථිං පටිපජ‍්ජති. තෙන වුත‍්තං “ගතාගතමග‍්ගපච‍්චවෙක‍්ඛණා වීථිසම‍්පටිපාදනත්‍ථා”ති.

ගතාගතමග්ගපච්චවෙක්‍ඛණා විථිසම්පටිපාදනත්‍ථා (ආගියමඟ මෙනෙහි කිරීම කමටහන් පිළිවෙළ මනාව ප්‍රතිපාදනය කිරීම පිණිසය) යි යන මෙහි වනාහි ගියමඟ හා ආමඟ පිළිබඳ යම් මෙනෙහි කිරීමක් කියන ලද්දේ ද, එය කමටහන් වීථිය මනාසේ ප්‍රතිපාදනය කරනු පිණිසය යන අර්ත්‍ථයි. ඉදින් මේ භික්‍ෂුව කමටහන් ගෙන පෙරළා එන අතරමඟ කිසිවකු, ‘ස්වාමීනි, අද කිනම් දවසෙක්දැ’යි විචාළහොත්, ප්‍රශ්නයක් හෝ ඇසුවහොත්, පිළිසඳර හෝ කළහොත්, ‘මම කමටහන් ඇත්තෙක්මි’යි මුවෙන් නොබැන යනු නොවටී. දවස කුමක්දැයි කිව යුතුය. ප්‍රශ්නය විසඳිය යුතුය, ඉදින් නොදනී නම් ‘නොදනිමි’යි කිව යුතුය, දැහැමි පිළිසදර කළයුතුය. මෙසේ කරනවිට ඔහුගේ උග්ගහනිමිත්ත නැසේනම්, එසේවත් මුත් දවස කුමක්දැයි අසන්නහුට කිවයුතුම වේ. ප්‍රශ්න නොදනිතොත්, නොදනිමි’යි කිවයුතුය, දනිතොත් කෙටියෙන් හෝ කියනු වටී. පිළිසඳරද කළ යුතුය. ආගන්තුක භික්‍ෂුවක් හමුවුවහොත් ආගන්තුක පිළිසඳරද කළයුතුම වේ. සෑමලු වත්, බෝමලු වත්, පොහොගේ වත්, බොජුන්හල් වත්, ගිනිහල් වත්, ආචාර්යවත්, උපාධ්‍යායවත්, ආගන්තුකවත්, ගමික වත් ආදී සෙසු සියලු ‘ඛන්‍ධක’ වත්ද පිරියයුතුම වේ. මෙකී වත් පුරන්නහුට එම තරුණ නිමිත්ත නැසී යාහැකිය, ‘නැවත ගොස් නිමිති ගනිමි’යි යනු කැමැත්තහුට පවා අමනුෂ්‍යයන් හෝ ව්‍යාල මෘගයන් ගැවසි හෙයින් නැවත සොහොනට යා නොහැකි වනු ඇත, උද්ධුමාතකයද, එක් දිනක් හෝ දෙදිනක් තිබී විනීලකාදී ස්වභාවයට පත්වන හෙයින් එම (පළමු) නිමිත්ත පවා අතුරුදන්ව තිබෙනු ඇත, සියලු කමටහන් අතුරෙන් මේ උද්ධුමාතකය තරම් දුලබ අන් කමටහනෙක් නම් නැත, එසේ හෙයින්, නිමිත්ත නැසී ගියහොත් ඒ භික්‍ෂුව විසින් රාත්‍රිස්ථානයෙහි දිවාස්ථානයෙහි හිඳ, ‘මම මේ දොරටුවෙන් විහාරයෙන් නික්ම අසුවල් දිශාවට යන මඟට බැස අසුවල් තැනදී වමට හැරුණෙමි. අසුවල් තැනදී දකුණට හැරුණෙමි, එහි අසුවල් තැන පහණෙකි. අසවල් තැන තුඹසෙකි, අසුවල් තැන රුකෙක් හෝ (කුඩා) ගසෙක් හෝ වැලක් ඇත, එමඟින් ගොස් මම අසුවල් තැනදී අසුබ නිමිත්ත දිටිමි, එහිදී අසුවල් දෙසට හැරී සිටිමින් හාත්පස මේ මේ නිමිති සලකුණු කොටගෙන මෙසේ අසුබ නිමිති උගෙන, අසුවල් දෙසින් සොහොනෙන් නික්ම මෙවන් මඟෙකින් මේ මේ දෙය කරමින් පෙරළා අවුත් මෙහි හුන්නේ වෙමි’යි මෙසේ පලක් බැඳ හුන් තැන් දක්වා ආ ගිය මඟ මෙනෙහි කළයුතුය. මේ ආකාරයෙන් මෙනෙහි කරනවිට ඔහුට එම අසුබ නිමිත්ත පහළ වේ. තමා ඉදිරියෙහි තබන ලද්දක් මෙන් වැටහේ. කමටහන පෙර ලෙසින්ම චිත්තවීථියට බැසගනී. එහෙයින් ආගිය මඟ මෙනෙහි කිරීම වීථිය පිළිබඳ මනාව ප්‍රතිපාදනය පිණිසය’යි කියනලදි.

ඉදානි ආනිසංසදස‍්සාවී රතනසඤ‍්ඤී හුත්‍වා චිත‍්තීකාරං උපට‍්ඨපෙත්‍වා සම‍්පියායමානො තස‍්මිං ආරම‍්මණෙ චිත‍්තං උපනිබන්‍ධතීති එත්‍ථ උද‍්ධුමාතකපටික‍්කූලෙ මානසං චාරෙත්‍වා ඣානං නිබ‍්බත‍්තෙත්‍වා ඣානපදට‍්ඨානං විපස‍්සනං වඩ‍්ඪෙන‍්තො “අද‍්ධා ඉමාය පටිපදාය ජරාමරණම‍්හා පරිමුච‍්චිස‍්සාමී”ති එවං ආනිසංසදස‍්සාවිනා භවිතබ‍්බං.

ඉක්බිති ආනිසංසදස්සාවී රතනසඤ්ඤී හුත්‍වා චිත්තීකාරං උපට්ඨපෙත්‍වා සම්පියායමානො තස්මිං ආරම්මණෙ චිත්තං උපනිබන්‍ධතී (ආනිසංස දකිමින් රත්න සංඥා ඇතිව තුටුසිත් උපදවාගෙන ප්‍රිය කෙරෙමින් එම අරමුණහි සිත රඳවයි) යන මෙහි, උද්ධුමාතක අසුභයෙහි සිත හසුරුවා ධ්‍යාන උපදවාගෙන ධ්‍යානය පාදක කොටගෙන විදර්ශනා වඩා, ඒකාන්තයෙන් මේ ප්‍රතිපදාව හේතුකොටගෙන ජරාමරණ දෙකින් මිදෙන්නෙමි’යි මෙසේ ආනිසංස දක්නකු වියයුතුය.

යථා පන දුග‍්ගතො පුරිසො මහග‍්ඝං මණිරතනං ලභිත්‍වා දුල‍්ලභං වත මෙ ලද‍්ධන‍්ති තස‍්මිං රතනසඤ‍්ඤී හුත්‍වා ගාරවං ජනෙත්‍වා විපුලෙන පෙමෙන සම‍්පියායමානො තං රක‍්ඛෙය්‍ය, එවමෙව “දුල‍්ලභං මෙ ඉදං කම‍්මට‍්ඨානං ලද‍්ධං දුග‍්ගතස‍්ස මහග‍්ඝමණිරතනසදිසං. චතුධාතුකම‍්මට‍්ඨානිකො හි අත‍්තනො චත‍්තාරො මහාභූතෙ පරිග‍්ගණ‍්හාති, ආනාපානකම‍්මට‍්ඨානිකො අත‍්තනො නාසිකවාතං පරිග‍්ගණ‍්හාති, කසිණකම‍්මට‍්ඨානිකො කසිණං කත්‍වා යථාසුඛං භාවෙති, එවං ඉතරානි කම‍්මට‍්ඨානානි සුලභානි. ‘ඉදං පන එකමෙව වා ද‍්වෙ වා දිවසෙ තිට‍්ඨති, තතො පරං විනීලකාදිභාවං පාපුණාතී’ති නත්‍ථි ඉතො දුල‍්ලභතර”න‍්ති තස‍්මිං රතනසඤ‍්ඤිනා හුත්‍වා චිත‍්තීකාරං උපට‍්ඨපෙත්‍වා සම‍්පියායමානෙන තං නිමිත‍්තං රක‍්ඛිතබ‍්බං. රත‍්තිට‍්ඨානෙ ච දිවාඨානෙ ච “උද‍්ධුමාතකපටික‍්කූලං උද‍්ධුමාතකපටික‍්කූල”න‍්ති තත්‍ථ පුනප‍්පුනං චිත‍්තං උපනිබන්‍ධිතබ‍්බං. පුනප‍්පුනං තං නිමිත‍්තං ආවජ‍්ජිතබ‍්බං, මනසිකාතබ‍්බං. තක‍්කාහතං විතක‍්කාහතං කාතබ‍්බං.

යම්සේ වනාහි දිළිඳු පුරුෂයෙක් තෙමේ මහඟු මිණිරුවනක් ලැබ, ‘මවිසින් ඒකාන්තයෙන් දුලබ වස්තුවක් ලබන ලදැ’යි එහි රත්නසංඥා ඇතිව ගරුසරු උපදවා බලවත් ආදරයෙන් ප්‍රිය කෙරෙමින් එය රක්නේ වේද, එසේම දිළින්දකුට මහඟුමිණි රුවනක් වන් මේ දුලබ කමටහන මවිසින් ලබාගන්නා ලදී, චතුධාතුකර්මස්ථානය වඩනුයේ වනාහි තමා වෙතම වූ සතර මහා භූතයන් ගනියි, ආනාපානසති කර්මස්ථානය වඩනුයේ තමාගේ නහයෙහි හැපෙන වාතයෙහි අරමුණු ගනියි, කසිණ කර්මස්ථානය වඩනුයේ කසිණය සපයාගෙන පහසුවෙන් වඩයි, එසේ සෙසු කර්මස්ථානයෝද සුලබ වෙති. මෙම කර්මස්ථානය වූකලී එක් දිනක්ම නොහොත් දෙදිනක් පමණක් පවති, ඉන්පසු විනීලකාදී අන්‍යස්වභාවයට පත්වේයයිද, මෙයට වැඩි තරම් දුලබ අන් කමටහනෙක් නැතැයිද, එය කෙරෙහි රත්න සංඥා උපදවා තුටු සිත් දනවාගෙන ආදර වඩමින් එම නිමිත්ත රැකිය යුතුය. රාත්‍රිස්ථානයෙහිද දිවාස්ථානයෙහිද ‘උද්ධුමාතක පටික්කූලං උද්ධුමාතක පටික්කූලං’ (ඉදිමී ගිය සිරුර පිළිකුල් සහිතය) යනුවෙන් නැවත නැවතත් එය කෙරෙහි සිත රැඳවිය යුතුය, නැවත නැවතත් එම නිමිත්ත ආවර්ජනය කළයුතුය, මෙනෙහි කළ යුතුය, තර්කයට විතර්කයට ගොදුරු කළයුතුය.

තස‍්සෙවං කරොතො පටිභාගනිමිත‍්තං උප‍්පජ‍්ජති. තත්‍රිදං නිමිත‍්තද‍්වයස‍්ස නානාකරණං, උග‍්ගහනිමිත‍්තං විරූපං බීභච‍්ඡං භෙරවදස‍්සනං හුත්‍වා උපට‍්ඨාති . පටිභාගනිමිත‍්තං පන යාවදත්‍ථං භුඤ‍්ජිත්‍වා නිපන‍්නො ථූලඞ‍්ගපච‍්චඞ‍්ගපුරිසො විය. තස‍්ස පටිභාගනිමිත‍්තපටිලාභසමකාලමෙව බහිද‍්ධා කාමානං අමනසිකාරා වික‍්ඛම‍්භනවසෙන කාමච‍්ඡන්‍දො පහීයති. අනුනයප‍්පහානෙනෙව චස‍්ස ලොහිතප‍්පහානෙන පුබ‍්බො විය බ්‍යාපාදොපි පහීයති. තථා ආරද‍්ධවීරියතාය ථිනමිද‍්ධං, අවිප‍්පටිසාරකරසන‍්තධම‍්මානුයොගවසෙන උද‍්ධච‍්චකුක‍්කුච‍්චං, අධිගතවිසෙසස‍්ස පච‍්චක‍්ඛතාය පටිපත‍්තිදෙසකෙ සත්‍ථරි පටිපත‍්තියං පටිපත‍්තිඵලෙ ච විචිකිච‍්ඡා පහීයතීති පඤ‍්ච නීවරණානි පහීයන‍්ති. තස‍්මිඤ‍්ඤෙව ච නිමිත‍්තෙ චෙතසො අභිනිරොපනලක‍්ඛණො විතක‍්කො, නිමිත‍්තානුමජ‍්ජනකිච‍්චං සාධයමානො විචාරො, පටිලද‍්ධවිසෙසාධිගමපච‍්චයා පීති, පීතිමනස‍්ස පස‍්සද‍්ධිසම‍්භවතො පස‍්සද‍්ධි, තන‍්නිමිත‍්තං සුඛං, සුඛිතස‍්ස චිත‍්තසමාධිසම‍්භවතො සුඛනිමිත‍්තා එකග‍්ගතා චාති ඣානඞ‍්ගානි පාතුභවන‍්ති. එවමස‍්ස පඨමජ‍්ඣානපටිබිම‍්බභූතං උපචාරජ‍්ඣානම‍්පි තඞ‍්ඛණඤ‍්ඤෙව නිබ‍්බත‍්තති. ඉතො පරං යාව පඨමජ‍්ඣානස‍්ස අප‍්පනා චෙව වසිප‍්පත‍්ති ච, තාව සබ‍්බං පථවීකසිණෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

එසේ කරන විට ඔහුට පටිභාගනිමිත්ත පහළ වේ. එහිලා නිමිති දෙකෙහි වෙනස මෙසේය:- උග්ගහනිමිත්ත විරූපව, පිළිකුල්ව, බියකරුව වැටහෙයි, පටිභාගනිමිත්ත වනාහි, ඇතිතාක් අනුභවකොට වැදහොත් පුෂ්ටිමත් අඟපසඟ ඇති පුරුෂයකු ලෙසින් වැටහෙයි. පටිභාග නිමිත්ත ලැබෙනුවා හා සමගම බාහිර කාමයන් මෙනෙහි නොකිරීමෙන් ඔහුගේ කාමච්ඡන්‍ද නීවරණය වික්‍ඛම්භන වශයෙන් පහවෙයි, අනුනයප්‍රහාණය (ඇල්ම පහවීම) හා සමගම ලෙය පහවීමෙන් පූයාවද පහවන සෙයින් ඔහුගේ ව්‍යාපාද නීවරණයද පහවේ, එසේම වඩනාලද වීර්ය ඇති හෙයින් ථීනමිද්ධනීවරණයද, විපිළිසර දුරුකරන ශාන්ත ධර්මයන් හා යෙදීම හේතුකොටගෙන උද්ධච්ච-කුක්කුච්ච නීවරණයද, අධිගම විශේෂයන් ප්‍රත්‍යක්‍ෂවීම හේතුකොටගෙන එම ප්‍රතිපත්තිය දේශනාකළ ශාස්තෘවරයා කෙරෙහිද, ප්‍රතිපත්තිය කෙරෙහිද, ප්‍රතිපත්තිඵලය කෙරෙහිද සැක දුරුවීමෙන් විචිකිච්ඡා නීවරණයදැයි මෙසේ පංචනීවරණයෝ පහවෙති. එසේම එම පටිභාගනිමිත්තය කෙරෙහිම සිත නැංවීම ලක්‍ෂණකොට ඇති විතක්කයද, එම පටිභාගනිමිත්තය ඇසුරෙහිම සිත හැසිරවීමේ කාර්යය සිද්ධ කරන විචාරයද, ලබාගන්නා ලද විශේෂ අධිගමය හේතුකොට උපන් පීතියද, පීතිසහිත සිත් ඇත්තහුට පස්සද්ධිය ඉපැදීමෙන් එම පස්සද්ධිය නිමිතිකොට පවතින සුඛයද, සුඛිත වූවහුට චිත්ත සමාධිය හටගැනීමෙන් එම සුඛය නිමිතිකොට ඇති ඒකග්ගතාවදැ’යි යන මේ ධ්‍යානාංගයෝ පහළ වෙති. මෙසේ ඒ යෝගියාහට ප්‍රථම ධ්‍යානය පිළිබිඹු කරවන උපචාරධ්‍යානයද එකෙණෙහිම උපදියි. මෙතැන් සිට යම්තාක් ප්‍රථමධ්‍යානය අර්පණා බවට හා වශීතාවට පත්වීම වේද ඒතාක් සියල්ල පඨවි කසිණයෙහි කීනයින්ම දතයුතුය.