උද්ධුමාතකාදිපදත්ථවණ්ණනා
උද්ධුමාතකාදිපදත්ථවණ්ණනා
උද්ධුමාතකාදිපදත්ථවණ්ණනා
කසිණානන්තරමුද්දිට්ඨෙසු පන උද්ධුමාතකං, විනීලකං, විපුබ්බකං, විච්ඡිද්දකං, වික්ඛායිතකං, වික්ඛිත්තකං, හතවික්ඛිත්තකං, ලොහිතකං, පුළවකං, අට්ඨිකන්ති දසසු අවිඤ්ඤාණකාසුභෙසු භස්තා විය වායුනා උද්ධං ජීවිතපරියාදානා යථානුක්කමං සමුග්ගතෙන සූනභාවෙන උද්ධුමාතත්තා උද්ධුමාතං, උද්ධුමාතමෙව උද්ධුමාතකං. පටික්කූලත්තා වා කුච්ඡිතං උද්ධුමාතන්ති උද්ධුමාතකං. තථාරූපස්ස ඡවසරීරස්සෙතං අධිවචනං.
කසිණයනට අනතුරුව දක්වන ලද “උද්ධුමාතකය, විනීලකය, විපුබ්බකය, විච්ඡිද්දකය, වික්ඛායිතකය, වික්ඛිත්තකය, හතවික්ඛිත්තකය, ලොහිතකය, පුළවකය, අට්ඨිකය” යන දශවිධ අවිඤ්ඤාණක අසුභයන් අතුරෙන්, ජීවිතක්ෂයයෙහි පටන්, වාතයෙන් පිම්බෙන හස්ත්රාවක් (මයිනාසමක්) මෙන්, ක්රමයෙන් නැඟී ආ පිම්බුණ ස්වභාවය හේතුකොටගෙන ඉදිමීගිය හෙයින් උද්ධුමාත නමි, උද්ධුමාතයම (ස්වාර්ත්ථ ‘ක’- ප්රත්යය යෙදීමෙන්) උද්ධුමාතක නම්ද වේ, පිළිකුල්බව හේතුකොටගෙන ගර්හිත වූයේ හෝ (කුස්සිතාර්ත්ථ ක-ප්රත්යය යෙදීමෙන් හෝ) උද්ධුමාතය උද්ධුමාතක නම් වේ, එබඳු ස්වභාවයට පත් මළ සිරුරට මේ අධිවචනයි.
විනීලං වුච්චති විපරිභින්නනීලවණ්ණං, විනීලමෙව විනීලකං. පටික්කූලත්තා වා කුච්ඡිතං විනීලන්ති විනීලකං. මංසුස්සදට්ඨානෙසු රත්තවණ්ණස්ස පුබ්බසන්නිචයට්ඨානෙසු සෙතවණ්ණස්ස යෙභුය්යෙන ච නීලවණ්ණස්ස නීලට්ඨානෙ නීලසාටකපාරුතස්සෙව ඡවසරීරස්සෙතමධිවචනං.
විවර්ණ වූ මළ සිරුර විනීල නමි, විනීල යනුම (ස්වාර්ත්ථයෙහි) විනීලක නම්වේ, පිළිකුල් බවින් ගර්හිතවූයේ හෝ (කුත්සිතාර්ත්ථයෙහි) විනීලකනම් වේ. මාංශය උස්ව පිහිටි තන්හි රත් පැහැයෙන්ද, පූයා එක්රැස් වූ තන්හි සුදු පැහැයෙන්ද, බොහෝසෙයින්ම නිල් පැහැයෙන්ද යුත් නීලවර්ණ ස්ථානයෙහි නීලවර්ණ වස්ත්රයක් පෙරවගත් විලාශයෙන් දිස්වන මළසිරුරට මේ අධිවචනයි.
පරිභින්නට්ඨානෙසු විස්සන්දමානං පුබ්බං විපුබ්බං, විපුබ්බමෙව විපුබ්බකං. පටික්කූලත්තා වා කුච්ඡිතං විපුබ්බන්ති විපුබ්බකං. තථාරූපස්ස ඡවසරීරස්සෙතමධිවචනං.
කැඩී බිදී ගිය තන්හි වැගිරෙන පූයා සහිත මළසිරුර විපුබ්බ නමි, විපුබ්බ යනුම විපුබ්බක නම්ද වේ. පිළිකුල් බවින් කුත්සිත වූ හෙයින් හෝ විපුබ්බක නම් වේ. එබඳු මළසිරුරට මේ අධිවචනයි.
විච්ඡිද්දං වුච්චති ද්විධා ඡින්දනෙන අපධාරිතං, විච්ඡිද්දමෙව විච්ඡිද්දකං. පටික්කූලත්තා වා කුච්ඡිතං විච්ඡිද්දන්ති විච්ඡිද්දකං. වෙමජ්ඣෙ ඡින්නස්ස ඡවසරීරස්සෙතමධිවචනං.
දෙකඩව බිදීයාමෙන් වෙන්වූයේ විච්ජිද්ද’යි කියනු ලැබේ, විච්ජිද්ද යනුම විච්ජිද්දක වේ. පිළිකුල් බවින් කුත්සිත වූ හෙයින් හෝ විචිජිද්දක නම්වේ, මැදින් දෙකඩවී ගිය මළ සිරුරට මේ අධිවචනයි.
ඉතො ච එත්තො ච විවිධාකාරෙන සොණසිඞ්ගාලාදීහි ඛාදිතන්ති වික්ඛායිතං, වික්ඛායිතමෙව වික්ඛායිතකං. පටික්කූලත්තා වා කුච්ඡිතං වික්ඛායිතන්ති වික්ඛායිතකං. තථාරූපස්ස ඡවසරීරස්සෙතමධිවචනං.
බලු කැණහිල් ආදීන් විසින් එතැනින් මෙතැනින් නොයෙක් ලෙසින් කාදමන ලද්දේ වික්ඛායිත නමි, වික්ඛායිත යනුම වික්ඛායිතක නම් වේ, පිළිකුල්බවින් කුත්සිත වූ හෙයින් හෝ වික්ඛායිතක නම්වේ, ඒ ආකාර ඇති මළසිරුරට මේ අධිවචනයි.
විවිධං ඛිත්තං වික්ඛිත්තං, වික්ඛිත්තමෙව වික්ඛිත්තකං. පටික්කූලත්තා වා කුච්ඡිතං වික්ඛිත්තන්ති වික්ඛිත්තකං. අඤ්ඤෙන හත්ථං අඤ්ඤෙන පාදං අඤ්ඤෙන සීසන්ති එවං තතො තතො ඛිත්තස්ස ඡවසරීරස්සෙතමධිවචනං.
නොයෙක් ලෙසින් විසිරී ගියේ වික්ඛිත්ත නමි, වික්ඛිත්තයම වික්ඛිත්තක නම් වේ, පිළිකුල් බවින් කුත්සිත වූ හෙයින් හෝ වික්ඛිත්තක නම්වේ, අත එක් තැනෙකය, පය අන් තැනෙකය, හිස තවත් තැනෙකය, මෙසේ ඒ ඒ තැන විසිරී කපන කොටන ලදුව ඇති මළසිරුරට මේ අධිවචනයි.
හතඤ්ච තං පුරිමනයෙනෙව වික්ඛිත්තකඤ්චාති හතවික්ඛිත්තකං. කාකපදාකාරෙන අඞ්ගපච්චඞ්ගෙසු සත්ථෙන හනිත්වා වුත්තනයෙන වික්ඛිත්තස්ස ඡවසරීරස්සෙතමධිවචනං.
අත් ආදී එලෙසින්ම විසිරී ගියේ හතවික්ඛිත්තක නමි, කාකපාද සලකුණෙහි ආකාරයට (පහර දෙකකින්) අඟපසඟ ශස්ත්රයෙන් කපා කොටා යටකී ලෙසින්ම විසුරුවනලද මළසිරුරට මේ අධිවචනයි.
ලොහිතං කිරති වික්ඛිපති ඉතො චිතො ච පග්ඝරතීති ලොහිතකං. පග්ඝරිතලොහිතමක්ඛිතස්ස ඡවසරීරස්සෙතමධිවචනං.
‘ලෙහෙ ගලති’යි, විසිරෙති’යි, ඒ ඒ තැන වැගිරෙති’යි හෝ ලොහිතක නමි, වැගිරෙන ලෙයින් වැකුණ මළසිරුරට මේ අධිවචනයි.
පුළවා වුච්චන්ති කිමයො, පුළවෙ කිරතීති පුළවකං. කිමිපරිපුණ්ණස්ස ඡවසරීරස්සෙතමධිවචනං.
පණුවනට ‘පුළව’ යයි කියනු ලැබේ, පණුවන් විසිරෙති’යි පුළවක නමි, පණුවන් ගැවසුණ මළසිරුරට මේ අධිවචනයි.
අට්ඨියෙව අට්ඨිකං. පටික්කූලත්තා වා කුච්ඡිතං අට්ඨීති අට්ඨිකං. අට්ඨිසඞ්ඛලිකායපි එකට්ඨිකස්සපෙතමධිවචනං. ඉමානි ච පන උද්ධුමාතකාදීනි නිස්සාය උප්පන්නනිමිත්තානම්පි නිමිත්තෙසු පටිලද්ධජ්ඣානානම්පෙතානෙව නාමානි.
‘අට්ඨි’ යනුම ‘අට්ඨික’ නමි, පිළිකබවින් කුත්සිතවූයේ හෝ අට්ඨික නම්වේ, ඇටසැකිල්ලටද, එක් එක් ඇටයකටද මේ අධිවචනයි. මෙකී උද්ධුමාතකාදිය නිසා උපන් නිමිතිද, එම නිමිති හේතුකොට ලබාගන්නාලද ධ්යානයන්ද ඒ ඒ නමින්ම වහරති.