පකිණ්ණකකථා
පකිණ්ණකකථා
පකිණ්ණකකථා
ඉමෙසු හි පථවීකසිණවසෙන එකොපි හුත්වා බහුධා හොතීතිආදිභාවො, ආකාසෙ වා උදකෙ වා පථවිං නිම්මිනිත්වා පදසා ගමනං, ඨානනිසජ්ජාදිකප්පනං වා, පරිත්තඅප්පමාණනයෙන අභිභායතනපටිලාභොති එවමාදීනි ඉජ්ඣන්ති.
මේ කසිණයන් අතර පඨවි කසිණ වශයෙන්, එකෙක්වද බොහෝ ආකාර ඇත්තේ වේ යන ආදී ස්වභාවය, අහසෙහි හෝ දියෙහි හෝ පොළොව මවා ඊමත පිය තබා ගමන් කිරීමය, සිටීම් හිදීම් කිරීමය, පරිත්ත වශයෙන් හෝ අප්පමාණ වශයෙන් අභිභායතනයන් ලැබීමය යන මේ ආදිය සිද්ධ වේ.
ආපොකසිණවසෙන පථවියං උම්මුජ්ජනනිම්මුජ්ජනං, උදකවුට්ඨිසමුප්පාදනං, නදීසමුද්දාදිනිම්මානං, පථවීපබ්බතපාසාදාදීනං කම්පනන්ති එවමාදීනි ඉජ්ඣන්ති.
ආපොකසිණ වශයෙන්, පොළොවෙහි මතුවීමය, කිමිදීමය, ජල වැසි ඉපැදවීමය, ගංගා මුහුදු ආදිය මැවීමය පෘථිවි, පර්වත ප්‍රාසාදාදිය කම්පා කරවීමට සමත් බවය යන ආදිය සිද්ධ වේ.
තෙජොකසිණවසෙන ධූමායනා, පජ්ජලනා, අඞ්ගාරවුට්ඨිසමුප්පාදනං, තෙජසා තෙජොපරියාදානං, යදෙව සො ඉච්ඡති තස්ස ඩහනසමත්ථතා, දිබ්බෙන චක්ඛුනා රූපදස්සනත්ථාය ආලොකකරණං, පරිනිබ්බානසමයෙ තෙජොධාතුයා සරීරජ්ඣාපනන්ති එවමාදීනි ඉජ්ඣන්ති.
තෙජොකසිණ වශයෙන් දුම් නිකුත් කිරීමය, ගිනි මෙන් දිලීමය, අඟුරු වැසි ඉපැදවීමය, තමාගේ තේජසින් අනෙකාගේ තේජස මැඩලීමය, යම් දෙයක් දවාලනු කැමැති වෙතොත් එය දවාලීමට සමත් බවය, දිවැසින් රූපයන් බැලීම පිණිස ආලෝක දැනවීමය, පිරිනිවන් සමයෙහි තේජෝධාතුවෙන් සිරුර දැවී යාමය යන මේ ආදිය සිද්ධ වේ.
වායොකසිණවසෙන වායුගතිගමනං, වාතවුට්ඨිසමුප්පාදනන්ති එවමාදීනි ඉජ්ඣන්ති.
වායෝ කසිණ වශයෙන් වාතගමන මෙන් ශීඝ්‍ර ගමන් ඇති බවය, සුළං වැසි ඉපැදවීමය යන මේ ආදිය සිද්ධ වේ.
නීලකසිණවසෙන නීලරූපනිම්මානං, අන්ධකාරකරණං, සුවණ්ණදුබ්බණ්ණනයෙන අභිභායතනපටිලාභො, සුභවිමොක්ඛාධිගමොති එවමාදීනි ඉජ්ඣන්ති.
නීල කසිණ වශයෙන් නිල්වන් රූ මැවීමය, අඳුරු ඇතිකරවීමය, සුවර්ණ දුර්වර්ණ වශයෙන් අභිභායතන ධ්‍යානයන් ලැබීමය, ශුභ විමොක්‍ෂාධිගමය යන මේ ආදිය සිද්ධ වේ.
පීතකසිණවසෙන පීතකරූපනිම්මානං, සුවණ්ණන්ති අධිමුච්චනා, වුත්තනයෙනෙව අභිභායතනපටිලාභො, සුභවිමොක්ඛාධිගමො චාති එවමාදීනි ඉජ්ඣන්ති.
පීත කසිණ වශයෙන් රන්වන් රූ මැවීමය, රන්බවට පත් වේව’යි යන අධිෂ්ඨානය, (යට නීලකසිණයෙහි) කී නයින්ම අභිභායතනලාභය, ශුභවිමොක්ෂාධිගමය යන මේ ආදිය සිද්ධ වේ.
ලොහිතකසිණවසෙන ලොහිතකරූපනිම්මානං, වුත්තනයෙනෙව අභිභායතනපටිලාභො, සුභවිමොක්ඛාධිගමොති එවමාදීනි ඉජ්ඣන්ති.
ලොහිතකසිණ වශයෙන් රත්පැහැ රූ මැවීමය, යටකී නයින්ම අභිභායතනයන් ලැබීමය සුභවිමොක්ඛාධිගමය යන මේ ආදිය සිද්ධ වේ.
ඔදාතකසිණවසෙන ඔදාතරූපනිම්මානං, ථිනමිද්ධස්ස දූරභාවකරණං, අන්ධකාරවිධමනං, දිබ්බෙන චක්ඛුනා රූපදස්සනත්ථාය ආලොකකරණන්ති එවමාදීනි ඉජ්ඣන්ති.
ඔදාත කසිණ වශයෙන්, සුදුවන් රූ මැවීමය, ථිනමිද්ධය දුරු කරනු පිණිස අඳුරු වැනසීමය, දිවැසින් රූප දැකීම පිණිස ආලෝකකරණය යන මේ ආදිය සිද්ධ වේ.
ආලොකකසිණවසෙන සප්පභාරූපනිම්මානං, ථිනමිද්ධස්ස දූරභාවකරණං, අන්ධකාරවිධමනං, දිබ්බෙන චක්ඛුනා රූපදස්සනත්ථං ආලොකකරණන්ති එවමාදීනි ඉජ්ඣන්ති.
ආලෝක කසිණ වශයෙන් දිලිසෙන රූ මැවීමය, ථීනමිද්ධය දුරලීමය, අඳුරු නැසීමය, දිවැසින් රූප දැකීම පිණිස ආලෝකකරණය, යන මේ ආදිය සිද්ධ වේ.
ආකාසකසිණවසෙන පටිච්ඡන්නානං විවටකරණං, අන්තොපථවීපබ්බතාදීසුපි ආකාසං නිම්මිනිත්වා ඉරියාපථකප්පනං, තිරොකුඩ්ඩාදීසු අසජ්ජමානගමනන්ති එවමාදීනි ඉජ්ඣන්ති.
ආකාස කසිණ වශයෙන් මුවහ වූ වස්තූන් ගෙනහැර පෑමය, පෘථිවි, පර්වත ආදිය ඇතුළත පවා අහස් මවා ඉරියවු පැවැත්වීමය, බිත්ති ආදිය හරහා නොපැකිල යාහැකිවීමය යන මේ ආදිය සිද්ධ වේ.
සබ්බානෙව උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණන්ති ඉමං පභෙදං ලභන්ති. වුත්තඤ්හෙතං “පථවීකසිණමෙකො සඤ්ජානාති. උද්ධමධොතිරියං අද්වයමප්පමාණ”න්තිආදි.
සියලුම කසිණයෝ උඩය, යටය, සරසය, දෙකක් නොවන බවය පමණ නැති බවය යන මේ ප්රභේදයන් ලබති. කියන ලදමැයි: “එක් පුද්ගලයෙක් පඨවිකසිණය උඩය, යටය, සරසය, දෙකක් නැත, පමණ නැත යනුවෙන් හඳුනාගනී’ යන ආදියයි.
තත්ථ උද්ධන්ති උපරිගගනතලාභිමුඛං. අධොති හෙට්ඨාභූමිතලාභිමුඛං. තිරියන්ති ඛෙත්තමණ්ඩලමිව සමන්තා පරිච්ඡින්දිතං. එකච්චො හි උද්ධමෙව කසිණං වඩ්ඪෙති, එකච්චො අධො, එකච්චො සමන්තතො. තෙන තෙන වා කාරණෙන එවං පසාරෙති. ආලොකමිව දිබ්බචක්ඛුනා රූපදස්සනකාමො. තෙන වුත්තං උද්ධමධොතිරියන්ති. අද්වයන්ති ඉදං පන එකස්ස අඤ්ඤභාවානුපගමනත්ථං වුත්තං. යථා හි උදකං පවිට්ඨස්ස සබ්බදිසාසු උදකමෙව හොති, න අඤ්ඤං, එවමෙව පථවීකසිණං පථවීකසිණමෙව හොති, නත්ථි තස්ස අඤ්ඤො කසිණසම්භෙදොති. එසෙව නයො සබ්බත්ථ. අප්පමාණන්ති ඉදං තස්ස ඵරණඅප්පමාණවසෙන වුත්තං. තඤ්හි චෙතසා ඵරන්තො සකලමෙව ඵරති. න අයමස්ස ආදි ඉදං මජ්ඣන්ති පමාණං ගණ්හාතීති.
එහි උඩ (උද්ධං) යනු, ඉහළ ආකාශතලයට අභිමුඛවයි, යට (අධො) යනු, පහළ පොළෝ තලයට අභිමුඛවයි, සරස (තිරියං) යනු, ක්ෂෙත්ර මණ්ඩලයක් ලෙසින් හාත්පස පිරිසිඳීමෙනි. එක් පුද්ගලයෙක් කසිණය උඩු අතටද, එක් පුද්ගලයෙක් යටි අතටද, තවත් පුද්ගලයෙක් හාත්පස වශයෙන්ද වඩයි. ඒ ඒ කාරණයෙන් හෝ මෙසේ පතුරුවයි, දිවැසින් රූ දකිනු කැමැත්තකු ආලෝකය පතුරුවන්නා සේය. එහෙයින් “උද්ධං අධො තිරියං” යයි කියනලදි. ‘අද්වයං’ යන මෙය එක් එක් කසිණයක් අනෙක් අනෙක් කසිණයක් බවට නොඑළඹෙන බව දක්වනු පිණිස කියන ලදි. යම්සේ ජලයට පිවිසියහුට සියලු දෙසින් ජලයම මිස අනෙකක් නොවන්නේද, එසේම පඨවි කසිණය (අන් කසිණයක් නොව) පඨවි කසිණයම වේ, එය වෙනෙකක් බවට හැරීමක් නැත. සියලු තන්හිම මෙම නයයි. “අප්පමාණං” යන මෙය කසිණය පැතිරීම පමණ නැතිබව හැඟවීම පිණිස කියනලදි. එය වනාහි සිතින් පැතිරෙනුයේ සියලු තන්හි පැතිරේ, මේ මෙහි මුලයි, මේ මැදයි, යන ලෙසින් පමණ නොගනියි.
යෙ ච තෙ සත්තා කම්මාවරණෙන වා සමන්නාගතා කිලෙසාවරණෙන වා සමන්නාගතා විපාකාවරණෙන වා සමන්නාගතා අසද්ධා අච්ඡන්දිකා දුප්පඤ්ඤා අභබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තන්ති වුත්තා, තෙසමෙකස්සාපෙකකසිණෙපි භාවනා න ඉජ්ඣති. තත්ථ කම්මාවරණෙන සමන්නාගතාති ආනන්තරියකම්මසමඞ්ගිනො. කිලෙසාවරණෙන සමන්නාගතාති නියතමිච්ඡාදිට්ඨිකා චෙව උභතොබ්යඤ්ජනකපණ්ඩකා ච. විපාකාවරණෙන සමන්නාගතාති අහෙතුකද්විහෙතුකපටිසන්ධිකා. අසද්ධාති බුද්ධාදීසු සද්ධාවිරහිතා. අච්ඡන්දිකාති අපච්චනීකපටිපදායං ඡන්දවිරහිතා . දුප්පඤ්ඤාති ලොකියලොකුත්තරසම්මාදිට්ඨියා විරහිතා. අභබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තන්ති කුසලෙසු ධම්මෙසු නියාමසඞ්ඛාතං සම්මත්තසඞ්ඛාතඤ්ච අරියමග්ගං ඔක්කමිතුං අභබ්බාති අත්ථො. න කෙවලඤ්ච කසිණෙයෙව, අඤ්ඤෙසුපි කම්මට්ඨානෙසු එතෙසමෙකස්සපි භාවනා න ඉජ්ඣති. තස්මා විගතවිපාකාවරණෙනපි කුලපුත්තෙන කම්මාවරණඤ්ච කිලෙසාවරණඤ්ච ආරකා පරිවජ්ජෙත්වා සද්ධම්මස්සවනසප්පුරිසූපනිස්සයාදීහි සද්ධඤ්ච ඡන්දඤ්ච පඤ්ඤඤ්ච වඩ්ඪෙත්වා කම්මට්ඨානානුයොගෙ යොගො කරණීයොති.
“යම් ඒ සත්ත්ව කෙනෙක් කර්මාවරණයෙන් යුක්තවූවාහුද, ක්ලේශාවරණයෙන් හෝ යුක්ත වූවාහුද, විපාකාවරණයෙන් හෝ යුක්ත වූවාහුද, සැදැහැ නැත්තාහුද, (ප්‍රතිපත්ති ධර්මයෙහි) රුචි නැත්තාහුද, යහපත් ප්‍රඥා නැත්තාහුද, කුශලධර්මයන් කෙරෙහි මනාව පිළිපැදීම යයි කියනලද නියාම ධර්මයට පැමිණිය නොහැක්කෝය”යි කියන ලද්දාහුද, ඔවුනතුරෙන් එකකුට හෝ එක් කසිණයෙක්හිදු භාවනාව සමෘද්ධ නොවේ. එහි කර්මාවරණයෙන් යුක්තවූවාහු නම් ආනන්තරිය කර්ම ඇත්තාහුය. ක්ලේශාවරණයෙන් යුක්තවූවාහු නම්, නියත මිථ්‍යාදෘෂ්ටිකයෝද, උභතොඛ්යඤ්ජනකයෝ හා නපුංසකයෝද යන මොහුය. විපාකාවරණයෙන් යුක්තවූවාහු නම් අහේතුක ද්විහේතුක ප්රතිසන්ධි ඇත්තාහුය, සැදැහැ නැත්තාහුය යනු, බුද්ධාදීන් කෙරෙහි සැදැහැ නැත්තෝය. අච්ඡන්දික යනු, සන්මාර්ග ප්රතිපත්තියෙහි රුචි නැත්තෝය, ප්‍රඥා නැත්තාහුය යනු, ලෞකික ලෝකෝත්තර සම්‍යග්දෘෂ්ටියෙන් හීන වූවෝය, නියාම ධර්මයට බැස ගැනීමට නොහැක්කෝය යනු, කුශලධර්මයන් කෙරෙහි නියාමයයි කියනලද, සම්යක්ස්වභාවයයි කියනලද, ආර්යමාර්ගයට අවතීර්ණ වීමට නොසුදුස්සෝය. හුදෙක් කසිණ විෂයෙහි නොව සෙසු කර්මස්ථාන විෂයයෙහිද මොවුනතුරෙන් එකකට හෝ භාවනාව සමෘද්ධ නොවේ. එහෙයින් විපාකවරණයෙන් මිදුණාවූද කුලපුත්‍රයා විසින් කර්මාවරණයද ක්ලේශාවරණයද දුරින් දුරු කොට සද්ධර්මශ්රවණ සත්පුරුෂ සේවනාදියෙන් ශ්‍රද්ධා, ඡන්ද, ප්‍රඥා යන මේවා වඩා කර්මස්ථානයෝගයෙහි උත්සාහ කටයුතුය.
ඉති සාධුජනපාමොජ්ජත්ථාය කතෙ විසුද්ධිමග්ගෙ සමාධිභාවනාධිකාරෙ සෙසකසිණනිද්දෙසො නාම පඤ්චමො පරිච්ඡෙදො.
සාධුජන ප්‍රමොදය පිණිස කරනලද විශුද්ධිමාර්ගයෙහි සමාධිභාවනාධිකාරයෙහි සෙසකසිණ නිද්දේස නම්වූ පස්වන පරිච්ඡේදය මෙතෙකින් සමාප්තයි.