පරිච්ඡින්නාකාසකසිණකථා
පරිච්ඡින්නාකාසකසිණකථා
පරිච්ඡින්නාකාසකසිණකථා
පරිච්ඡින්නාකාසකසිණෙපි ආකාසකසිණං උග්ගණ්හන්තො ආකාසස්මිං නිමිත්තං ගණ්හාති භිත්තිඡිද්දෙ වා තාළච්ඡිද්දෙ වා වාතපානන්තරිකාය වාති වචනතො කතාධිකාරස්ස තාව පුඤ්ඤවතො භිත්තිඡිද්දාදීසු අඤ්ඤතරං දිස්වාව නිමිත්තං උප්පජ්ජති. ඉතරෙන සුච්ඡන්නමණ්ඩපෙ වා චම්මකටසාරකාදීනං වා අඤ්ඤතරස්මිං විදත්ථිචතුරඞ්ගුලප්පමාණං ඡිද්දං කත්වා තදෙව වා භිත්තිඡිද්දාදිභෙදං ඡිද්දං “ආකාසො ආකාසො”ති භාවෙතබ්බං. ඉධ උග්ගහනිමිත්තං සද්ධිං භිත්තිපරියන්තාදීහි ඡිද්දසදිසමෙව හොති, වඩ්ඪියමානම්පි න වඩ්ඪති. පටිභාගනිමිත්තමාකාසමණ්ඩලමෙව හුත්වා උපට්ඨාති, වඩ්ඪියමානඤ්ච වඩ්ඪති. සෙසං පථවීකසිණෙ වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති. පරිච්ඡින්නාකාසකසිණං.
පරිච්ඡින්නාකාස කසිණයෙහිදී ද “ආකාසකසිණය උගන්නේ බිතු සිදුරෙක හෝ යතුරු කපොල්ලෙක හෝ කවුළු විවරයෙක හෝ පෙනෙන ආකාශයෙහි නිමිති ගනී” යයි කීහෙයින් පෙර කළ පුරුදු ඇති පිනැත්තහුට බිතු සිදුරු ආදී යම් කිසිවක් දුටු මතින්ම නිමිති උපදී. අවශේෂ ජනයා විසින් මනාකොට සෙවිලි කළ මඩුවෙක හෝ සම්, බටපැලලි ආදී කිසියම් වස්තුවෙක හෝ එක් වියත් සතරඟුල් පමණ සිදුරක් කොට නැතහොත් එම බිත්ති සිදුරු ආදියට ආකාසො ආකාසො යනුවෙන් වැඩිය යුතුය. මෙහි උග්ගහ නිමිත්ත බිතුකෙළවර හා සමග ඇති සිදුරු බඳුම වේ. වඩනු ලබනුයේද නොවැඩේ. පටිභාගනිමිත්ත වනාහි ආකාශමණ්ඩලය මෙන්ම වැටහේ. වඩනු ලබනුයේ වැඩේ. සෙස්ස පඨවි කසිණයෙහි කී-නයින්ම දතයුතුය. පරිච්ඡින්නාකාස කසිණයයි.
ඉති කසිණානි දසබලො, දස යානි අවොච සබ්බධම්මදසො; රූපාවචරම්හි චතුක්කපඤ්චකජ්ඣානහෙතූනි.
ඉති කසිණානි දසබලො-දස යානි අවොච සබ්බධම්මදසො රූපාවචරම්හි චතුක්ක - පඤ්චකජ්ඣානහෙතූනි
එවං තානි ච තෙසඤ්ච, භාවනානයමිමං විදිත්වාන; තෙස්වෙව අයං භිය්යො, පකිණ්ණකකථාපි විඤ්ඤෙය්යා.
එවං තානි ච තෙසඤ්ච - භාවනානයමිමං විදිත්වාන තෙස්චෙව අයං භීය්යො - පකිණ්ණකකථාපි විඤ්ඤෙය්යා.
මෙසේ දශබලධාරී වූ සියලු ධර්මයන් දක්නා වූ සම්බුද්ධයන් වහන්සේ රූපාවචර භූමියෙහි චතුෂ්ක පංචකධ්යානයනට හේතු වූ යම් දසකසිණයක් කී සේක්ද,
ඒ දසකසිණයන්ද, එම කසිණයන් පිළිබඳ මේ භාවනා ක්රමයද දැන, යලිදු එම දසකසිණයන් කෙරෙහිම වූ මේ ප්රකීර්ණක කථාවද දතයුතුය.