යෙදුමෙන් කියවන්න

ආලොකකසිණකථා

ආලොකකසිණකථා

ආලොකකසිණකථා

ආලොකකසිණෙ පන ආලොකකසිණං උග‍්ගණ‍්හන‍්තො ආලොකස‍්මිං නිමිත‍්තං ගණ‍්හාති භිත‍්තිඡිද‍්දෙ වා තාළච‍්ඡිද‍්දෙ වා වාතපානන‍්තරිකාය වාති වචනතො කතාධිකාරස‍්ස තාව පුඤ‍්ඤවතො යං භිත‍්තිඡිද‍්දාදීනං අඤ‍්ඤතරෙන සූරියාලොකො වා චන්‍දාලොකො වා පවිසිත්‍වා භිත‍්තියං වා භූමියං වා මණ‍්ඩලං සමුට‍්ඨාපෙති, ඝනපණ‍්ණරුක‍්ඛසාඛන‍්තරෙන වා ඝනසාඛාමණ‍්ඩපන‍්තරෙන වා නික‍්ඛමිත්‍වා භූමියමෙව මණ‍්ඩලං සමුට‍්ඨාපෙති, තං දිස‍්වාව නිමිත‍්තං උප‍්පජ‍්ජති. ඉතරෙනාපි තදෙව වුත‍්තප‍්පකාරමොභාසමණ‍්ඩලං “ඔභාසො ඔභාසො”ති වා “ආලොකො ආලොකො”ති වා භාවෙතබ‍්බං. තථා අසක‍්කොන‍්තෙන ඝටෙ දීපං ජාලෙත්‍වා ඝටමුඛං පිදහිත්‍වා ඝටෙ ඡිද‍්දං කත්‍වා භිත‍්තිමුඛං ඨපෙතබ‍්බං. තෙන ඡිද‍්දෙන දීපාලොකො නික‍්ඛමිත්‍වා භිත‍්තියං මණ‍්ඩලං කරොති, තං ආලොකො ආලොකොති භාවෙතබ‍්බං. ඉදමිතරෙහි චිරට‍්ඨිතිකං හොති. ඉධ උග‍්ගහනිමිත‍්තං භිත‍්තියං වා භූමියං වා උට‍්ඨිතමණ‍්ඩලසදිසමෙව හොති. පටිභාගනිමිත‍්තං ඝනවිප‍්පසන‍්නආලොකපුඤ‍්ජසදිසං. සෙසං තාදිසමෙවාති. ආලොකකසිණං.

ආලොක කසිණයෙහිදී වනාහි, “ආලොක කසිණය උගන්නේ බිතු සිදුරෙක්හි හෝ යතුරු කපොල්ලෙක හෝ කවුළු විවරයෙක හෝ දිස්වන ආලෝකයෙහි නිමිතිගනී’ යයි කීහෙයින් පෙර කළ පුරුදු ඇති පිනැත්තහුට බිතු සිදුරු ආදිය අතුරින් යම්කිසිවක් මඟින් සූර්යාලෝකය හෝ චන්‍ද්‍රාලෝකය පිවිස බිත්තියෙක හෝ බිම හෝ යම් මණ්ඩලයක් සැදේද, ගනසරුවට වැඩුණු පත් ඇති රුකෙක අතු අතරින් හෝ ගනසරුවට වැඩුණු අතු ඇති වදුලක් අතරින් හෝ නික්ම බිම මණ්ඩලයක් සැදේද, එය දකිනුවා හා සමගම නිමිති උපදී. අවශේෂ ජනයා විසින් එකී ප්‍රකාර ඇති ආලෝක මණ්ඩලයක්ම “ඔභාසො ඔභාසො” යනුවෙන් හෝ “ආලොකො ආලොකො” යනුවෙන් හෝ වැඩිය යුතුය. එසේ නොහැකි වෙතොත්, කළයක් තුළ පහනක් දල්වා මුවවිට වසා එහි සිදුරක් කොට බිත්තියක් ඉදිරියෙන් තැබිය යුතුය. එම සිදුරෙන් පහන් එළිය නික්ම බිත්තියෙහි මණ්ඩලයක් සැදේ, එය ‘ආලොකො ආලොකො’ යනුවෙන් වැඩිය යුතුය. මෙය සෙසු මණ්ඩලවලට වඩා වැඩි වේලාවක් පවත්නේය. මෙහි උග්ගහනිමිත්ත බිත්තියෙහි හෝ බිම හෝ සෑදෙන මණ්ඩලය හා සමානම වේ, පටිභාග නිමිත්ත ඝන වූ විශේෂයෙන් ප්‍රසන්න වූ ආලෝක පුංජයක් සදිසිම වේ. සෙස්ස යටකී ප්‍රකාරම වේ. ආලෝක කසිණයයි.