යෙදුමෙන් කියවන්න

පීතකසිණකථා

සම්පූර්ණ පරිච්ඡේදය

පීතකසිණකථා

පීතකසිණකථා

පීතකසිණෙපි එසෙව නයො. වුත‍්තඤ‍්හෙතං පීතකසිණං උග‍්ගණ‍්හන‍්තො පීතකස‍්මිං නිමිත‍්තං ගණ‍්හාති පුප‍්ඵස‍්මිං වා වත්‍ථස‍්මිං වා වණ‍්ණධාතුයා වාති. තස‍්මා ඉධාපි කතාධිකාරස‍්ස පුඤ‍්ඤවතො තථාරූපං මාලාගච‍්ඡං වා පුප‍්ඵසන්‍ථරං වා පීතවත්‍ථධාතූනං වා අඤ‍්ඤතරං දිස‍්වාව නිමිත‍්තං උප‍්පජ‍්ජති චිත‍්තගුත‍්තත්‍ථෙරස‍්ස විය. තස‍්ස කිරායස‍්මතො චිත‍්තලපබ‍්බතෙ පත‍්තඞ‍්ගපුප‍්ඵෙහි කතං ආසනපූජං පස‍්සතො සහ දස‍්සනෙනෙව ආසනප‍්පමාණං නිමිත‍්තං උදපාදි. ඉතරෙන කණිකාරපුප‍්ඵාදිනා වා පීතවත්‍ථෙන වා ධාතුනා වා නීලකසිණෙ වුත‍්තනයෙනෙව කසිණං කත්‍වා “පීතකං පීතක”න‍්ති මනසිකාරො පවත‍්තෙතබ‍්බො. සෙසං තාදිසමෙවාති. පීතකසිණං.

පීත කසිණයෙහිද මේ ක්‍රමයමයි, කියනලදමැයි:- “පීතකසිණය උගන්නේ මල්හි හෝ වස්ත්‍රයෙක්හි හෝ ධාතුරාගයෙහි (ස්වභාවික වර්ණාලේපයෙහි) හෝ ඇති පීතවර්ණයෙහි නිමිති ගනී. එහෙයින් මෙහිදී ද පෙර කළ පුරුදු ඇති පිනැත්තහුට එවන් පැහැ ඇති මල් පිපුණු ගසක් හෝ, මල් ඇතිරියක් හෝ පිතවර්ණ වස්ත්‍රය, ධාතුරාගය යන මේදෑ’තුරින් එකක් හෝ දුටුමතින්ම නිමිති උපදී, චිත්තගුත්ත තෙරුන්හට මෙනි. ඒ ආයුෂ්මතුන් වහන්සේට වනාහි, සිතුල්පව්වෙහි පතඟිමලින් කළ ආසන පූජාවක් දැක, දුටුවා හා සමගම ආසන පමණ වූ නිමිති පහළ විය. පෙර පුරුදු නැත්තහු විසින් කිණිහිරිමල් ආදියෙන් හෝ රන්වන් වස්ත්‍රයෙකින් හෝ හිරියල් ආදී ධාතුරාගයෙකින් හෝ නීලකසිණයෙහි කී-නයින්ම කසිණය සාදාගෙන “පීතකං පීතකං” යනුවෙන් මනස්කාරය පැවැත්විය යුතුය. සෙස්ස එලෙසම වේ. පීතකසිණයයි.

ලොහිතකසිණකථා

ලොහිතකසිණකථා

ලොහිතකසිණෙපි එසෙව නයො. වුත‍්තඤ‍්හෙතං ලොහිතකසිණං උග‍්ගණ‍්හන‍්තො ලොහිතකස‍්මිං නිමිත‍්තං ගණ‍්හාති පුප‍්ඵස‍්මිං වා වත්‍ථස‍්මිං වා වණ‍්ණධාතුයා වාති. තස‍්මා ඉධාපි කතාධිකාරස‍්ස පුඤ‍්ඤවතො තථාරූපං බන්‍ධුජීවකාදිමාලාගච‍්ඡං වා පුප‍්ඵසන්‍ථරං වා ලොහිතකවත්‍ථමණිධාතූනං වා අඤ‍්ඤතරං දිස‍්වාව නිමිත‍්තං උප‍්පජ‍්ජති. ඉතරෙන ජයසුමනබන්‍ධුජීවකරත‍්තකොරණ‍්ඩකාදිපුප‍්ඵෙහි වා රත‍්තවත්‍ථෙන වා ධාතුනා වා නීලකසිණෙ වුත‍්තනයෙනෙව කසිණං කත්‍වා “ලොහිතකං ලොහිතක”න‍්ති මනසිකාරො පවත‍්තෙතබ‍්බො. සෙසං තාදිසමෙවාති. ලොහිතකසිණං.

ලොහිත කසිණයෙහිද මේ නයම වේ, කියනලදමැයි : ලොහිතකසිණය උගන්නේ මල්හි හෝ වස්ත්‍රයෙක හෝ (සුවඟුරු, දෑහිඟුල් ආදී) ධාතුරාගයෙහි හෝ ඇති රත් පැහැයෙහි නිමිති ගනී. එහෙයින් මෙහිද පෙර පුරුදු ඇති පිනැත්තහුට එවන් මලින් ගැවසීගත් බඳුවද ආදී මල් ගසක් හෝ මල් ඇතිරියක් හෝ රත් පැහැ ඇති වස්ත්‍ර, මණිආදිය අතුරෙන් කිසිවක් හෝ දුටුමතින්ම නිමිති උපදී. අවශේෂ ජනයා විසින් ජයසුමන බඳුවද, රත්කරඬු ආදී මලින් හෝ රත් පැහැති වස්ත්‍රයෙකින් හෝ ධාතුරාගයෙකින් හෝ නීලකසිණයෙහි කී-නයින්ම කසිණය සාදාගෙන, “ලොහිතකං ලොහිතකං” යනුවෙන් මනස්කාර පැවැත්විය යුතුය. සෙස්ස එලෙසම වේ. ලෝහිත කසිණයයි.

ඔදාතකසිණකථා

ඔදාතකසිණකථා

ඔදාතකසිණෙපි ඔදාතකසිණං උග‍්ගණ‍්හන‍්තො ඔදාතස‍්මිං නිමිත‍්තං ගණ‍්හාති පුප‍්ඵස‍්මිං වා වත්‍ථස‍්මිං වා වණ‍්ණධාතුයා වාති වචනතො කතාධිකාරස‍්ස තාව පුඤ‍්ඤවතො තථාරූපං මාලාගච‍්ඡං වා වස‍්සිකසුමනාදිපුප‍්ඵසන්‍ථරං වා කුමුදපදුමරාසිං වා ඔදාතවත්‍ථධාතූනං වා අඤ‍්ඤතරං දිස‍්වාව නිමිත‍්තං උප‍්පජ‍්ජති, තිපුමණ‍්ඩලරජතමණ‍්ඩලචන්‍දමණ‍්ඩලෙසුපි උප‍්පජ‍්ජතියෙව. ඉතරෙන වුත‍්තප‍්පකාරෙහි ඔදාතපුප‍්ඵෙහි වා ඔදාතවත්‍ථෙන වා ධාතුනා වා නීලකසිණෙ වුත‍්තනයෙනෙව කසිණං කත්‍වා “ඔදාතං ඔදාත”න‍්ති මනසිකාරො පවත‍්තෙතබ‍්බො. සෙසං තාදිසමෙවාති. ඔදාතකසිණං.

ඔදාත කසිණයෙහිද, ඔදාත කසිණය උගන්නේ මල්හි හෝ වස්ත්‍රයෙක්හි හෝ වර්ණධාතුවෙක්හි ඇති සුදු පැහැයෙහි නිමිති ගනී යයි කීහෙයින් පෙරපුරුදු ඇති පිනැත්තහුට එවන් මල් පිපී ගිය ගසක් හෝ ඉද්ද සමන් ආදී මල් ඇතිරියක් හෝ කුමුදු, සුදු නෙළුම් ආදී මල් ගොඩක් හෝ සුදු පැහැ පිළියක් හෝ (මකුලු ආදී) ධාතුරාගයක් හෝ යන මේ කිසියම් වස්තුවක් දකිනුවා හා සමගම නිමිති උපදී. ඊයම් මඬුලු, රිදී මඬුලු, සඳමඬුලු යන මේවායෙහිද උපදීමයි. අවශේෂ ජනයා විසින් යටකී ප්‍රකාර ඇති මලින් හෝ සුදු පැහැති පිළියෙන් හෝ ධාතුරාගයෙකින් හෝ නීලකසිණයෙහි කී ලෙසින්ම කසිණය සාදාගෙන, “ඔදාතං ඔදාතං” යනුවෙන් මනස්කාරය පැවැත්විය යුතුය. සෙස්ස එලෙසම වේ. ඔදාත කසිණයයි.