යෙදුමෙන් කියවන්න

නීලකසිණකථා

නීලකසිණකථා

නීලකසිණකථා

තදනන‍්තරං පන නීලකසිණං උග‍්ගණ‍්හන‍්තො නීලකස‍්මිං නිමිත‍්තං ගණ‍්හාති පුප‍්ඵස‍්මිං වා වත්‍ථස‍්මිං වා වණ‍්ණධාතුයා වාති වචනතො කතාධිකාරස‍්ස පුඤ‍්ඤවතො තාව තථාරූපං මාලාගච‍්ඡං වා පූජාඨානෙසු පුප‍්ඵසන්‍ථරං වා නීලවත්‍ථමණීනං වා අඤ‍්ඤතරං දිස‍්වාව නිමිත‍්තං උප‍්පජ‍්ජති. ඉතරෙන නීලුප‍්පලගිරිකණ‍්ණිකාදීනි පුප‍්ඵානි ගහෙත්‍වා යථා කෙසරං වා වණ‍්ටං වා න පඤ‍්ඤායති, එවං චඞ‍්ගොටකං වා කරණ‍්ඩපටලං වා පත‍්තෙහියෙව සමතිත‍්තිකං පූරෙත්‍වා සන්‍ථරිතබ‍්බං. නීලවණ‍්ණෙන වා වත්‍ථෙන භණ‍්ඩිකං බන්‍ධිත්‍වා පූරෙතබ‍්බං. මුඛවට‍්ටියං වා අස‍්ස භෙරිතලමිව බන්‍ධිතබ‍්බං. කංසනීලපලාසනීලඅඤ‍්ජනනීලානං වා අඤ‍්ඤතරෙන ධාතුනා පථවීකසිණෙ වුත‍්තනයෙන සංහාරිමං වා භිත‍්තියංයෙව වා කසිණමණ‍්ඩලං කත්‍වා විසභාගවණ‍්ණෙන පරිච‍්ඡින්‍දිතබ‍්බං. තතො පථවීකසිණෙ වුත‍්තනයෙන “නීලං නීල”න‍්ති මනසිකාරො පවත‍්තෙතබ‍්බො. ඉධාපි උග‍්ගහනිමිත‍්තෙ කසිණදොසො පඤ‍්ඤායති, කෙසරදණ‍්ඩකපත‍්තන‍්තරිකාදීනි උපට‍්ඨහන‍්ති. පටිභාගනිමිත‍්තං කසිණමණ‍්ඩලතො මුඤ‍්චිත්‍වා ආකාසෙ මණිතාලවණ‍්ටසදිසං උපට‍්ඨාති. සෙසං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බන‍්ති. නීලකසිණං.

ඉන් අනතුරුව “නීලකසිණය උගන්නේ නිල් පැහැති මලෙක හෝ, වස්ත්‍රයෙක්හි හෝ වර්ණධාතුවෙක්හි හෝ ඇති නීලවර්ණයෙහි නිමිති ගනී” යන වචනයෙන් පෙර කළ පුරුදු ඇති පිනැත්තහුට එබඳු මල්පඳුරක් හෝ පුජා ස්ථානයෙක්හි ඇති මල් ඇතිරියක් හෝ නීලවර්ණ වස්ත්‍ර, මණි ආදිය අතුරෙන් කිසියම් වස්තුවක් හෝ දුටුමතින්ම නිමිති උපදී, එසේ පෙර කළවිරූ පුරුදු නොමැත්තහු විසින් නිල් උපුල් නිල් කටරොළු ආදි මල් ගෙන කෙසුරු හෝ නටු නොපෙනෙන සේ සුමුඟු පියනක් හෝ කරඬු පියන් පතක් හෝ මල් පෙතිවලින්ම පුරවා සමකොට ඇතිරිය යුතුය. නිල්වන් රෙදි කඩෙකින් වණ්ඩුවක් හෝ බැඳ පිරවිය යුතුය. නොහොත් මුවවිට බෙර ඇසක් සෙයින් සමව සිටින සේ බැඳිය යුතුය, නැතහොත් ලොහොමල (පල්ලමාණික්කම්) නිලය, කොළනිලය, අඳුන් නිලය යන මේවා අතුරෙන් කිසියම් ධාතුරාගයෙකින් (ස්වාභාවික වර්ණයෙකින්) පඨවිකසිණයෙහිදී කී-නයින් ගෙනයාහැකිවන සේ හෝ බිත්තියෙක හෝ කසිණ මණ්ඩලය සදා වෙනස් වර්ණයෙන් පිරිසිදිය යුතුය. ඉක්බිති පඨවිකසිණයෙහි කී ලෙසින් “නීලං, නීලං” යනුවෙන් මෙනෙහි කළයුතුය. මෙහිද උග්ගහනිමිත්තේදී කසිණ දොස් පැනේ, කෙසුරු, නටු, පෙති යන මෙහි අතරතුර ආදිය පැනේ. පටිභාගනිමිත්ත කසිණ මණ්ඩලයෙන් මිදුණු විට පවා අහස්හි නැගි මිණිතල්වටක් සෙයින් වැටහේ. සෙස්ස යටකී නයින්ම දතයුතුය. නීල කසිණයයි.