වායොකසිණකථා
වායොකසිණකථා
වායොකසිණකථා
වායොකසිණං භාවෙතුකාමෙනාපි වායුස්මිං නිමිත්තං ගණ්හිතබ්බං. තඤ්ච ඛො දිට්ඨවසෙන වා ඵුට්ඨවසෙන වා. වුත්තඤ්හෙතං අට්ඨකථාසු “වායොකසිණං උග්ගණ්හන්තො වායුස්මිං නිමිත්තං ගණ්හාති, උච්ඡග්ගං වා එරිතං සමෙරිතං උපලක්ඛෙති, වෙළග්ගං වා…පෙ… රුක්ඛග්ගං වා කෙසග්ගං වා එරිතං සමෙරිතං උපලක්ඛෙති, කායස්මිං වා ඵුට්ඨං උපලක්ඛෙතී”ති.
වායො කසිණය වඩනු කැමැත්තහු විසින් වායුවෙහි නිමිති ගතයුතුය. එයද (සැලෙන වස්තූන්) දැකීම් වශයෙන් හෝ (පහස) දැනීම් වශයෙන් හෝ වේ. කියනලදමැයි අටුවාහි:- “වායොකසිණය උගන්නේ වායුවෙහි නිමිති ගනියි, සැලෙන, සසලවන උක් අගක් හෝ හුණ අගක් හෝ, රුක් අගක් හෝ කෙස් අගක් හෝ නිමිති වශයෙන් දකියි, කයෙහි ගැටෙන සුළඟ හෝ නිමිති වශයෙන් ගනියි.”
තස්මා සමසීසට්ඨිතං ඝනපත්තං උච්ඡුං වා වෙළුං වා රුක්ඛං වා චතුරඞ්ගුලප්පමාණං ඝනකෙසස්ස පුරිසස්ස සීසං වා වාතෙන පහරියමානං දිස්වා “අයං වාතො එතස්මිං ඨානෙ පහරතී”ති සතිං ඨපෙත්වා, යං වා පනස්ස වාතපානන්තරිකාය වා භිත්තිඡිද්දෙන වා පවිසිත්වා වාතො කායප්පදෙසං පහරති, තත්ථ සතිං ඨපෙත්වා වාතමාලුතඅනිලාදීසු වායුනාමෙසු පාකටනාමවසෙනෙව “වාතො වාතො”ති භාවෙතබ්බං. ඉධ උග්ගහනිමිත්තවඩ්ඪනතො ඔතාරිතමත්තස්ස පායාසස්ස උසුමවට්ටිසදිසං චලං හුත්වා උපට්ඨාති. පටිභාගනිමිත්තං සන්නිසින්නං හොති නිච්චලං. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති. වායොකසිණං.
එහෙයින් මුදුන් සමව සිටි ගනව වැඩුණු පත් ඇති උක්පඳුරක් හෝ, හුණපඳුරක් හෝ, ගසක් හෝ, සතරඟුල් පමණ ගන කෙස් ඇති පුරුෂයකුගේ හිස හෝ සුළඟින් සැලෙනු දැක, මේ වාතයයි, මෙතැන වාතය ගැටෙයි යනුවෙන් සිහිය පිහිටුවා, නැතහොත්, කවුළු අතරින් හෝ බිත්ති සිදුරෙකින් හෝ වාතය පිවිස තමාගේම කයෙහි කිසියම් පෙදෙසක වදියි නම්, එහි හෝ සිහිය පිහිටුවා වාතය මාරුතය, අනිලය යන ආදී වාතනාමයන් අතුරෙන් ප්රකට නම වශයෙන් “වායො වායො” යනුවෙන් භාවනා වැඩියයුතුය. මෙහි උග්ගහනිමිත්ත උදුනෙන් බාගත් කෙණෙහි කිරිබතෙක හුමාලවැටි සෙයින් චංචලව වැටහේ, පටිභාගනිමිත්ත වනාහි (නිවුණු කිරිබතින් නැගෙන මඳ හුමාලය මෙන්) සන්සුන්ව නිසලව වැටහේ. සෙස්ස යටකී නයින්ම දතයුතුය. වායො කසිණයයි.