තෙජොකසිණකථා
තෙජොකසිණකථා
තෙජොකසිණකථා
තෙජොකසිණං භාවෙතුකාමෙනාපි තෙජස්මිං නිමිත්තං ගණ්හිතබ්බං. තත්ථ කතාධිකාරස්ස පුඤ්ඤවතො අකතෙ නිමිත්තං ගණ්හන්තස්ස දීපසිඛාය වා උද්ධනෙ වා පත්තපචනට්ඨානෙ වා දවදාහෙ වා යත්ථ කත්ථචි අග්ගිජාලං ඔලොකෙන්තස්ස නිමිත්තං උප්පජ්ජති චිත්තගුත්තත්ථෙරස්ස විය. තස්ස හායස්මතො ධම්මස්සවනදිවසෙ උපොසථාගාරං පවිට්ඨස්ස දීපසිඛං ඔලොකෙන්තස්සෙව නිමිත්තං උප්පජ්ජි.
තෙජො කසිණය වඩනු කැමැත්තහු විසින්ද (යටකී නයින්ම) ගින්නෙහි නිමිති ගතයුතුය. එහිදී පෙර කළ පුරුදු ඇති පිනැත්තහුට ස්වාභාවික තෙජො ධාතුවෙහි, පහන්සිළුවෙක වේවයි, උදුනෙක වේවයි, පාත්‍රා (සෑදීම පිණිස) ගිනියම් කරන තැනෙක වේවයි, ලැව් ගින්නෙක වේවයි, කිසියම් තැනෙක ගිනිදැල් දෙස බලනවිට නිමිති උපදී, චිත්ත ගුත්ත තෙරුන්හට මෙනි. ඒ ආයුෂ්මතුන් වහන්සේ වනාහි දහම් අසන දවස්හි පොහෝගෙට පිවිසි කල්හි පහන්සිළු බලනුවා සමගම නිමිති උපනි.
ඉතරෙන පන කාතබ්බං. තත්රිදං කරණවිධානං, සිනිද්ධානි සාරදාරූනි ඵාලෙත්වා සුක්ඛාපෙත්වා ඝටිකං ඝටිකං කත්වා පතිරූපං රුක්ඛමූලං වා මණ්ඩපං වා ගන්ත්වා පත්තපචනාකාරෙන රාසිං කත්වා ආලිම්පෙත්වා කටසාරකෙ වා චම්මෙ වා පටෙ වා විදත්ථිචතුරඞ්ගුලප්පමාණං ඡිද්දං කාතබ්බං. තං පුරතො ඨපෙත්වා වුත්තනයෙනෙව නිසීදිත්වා හෙට්ඨා තිණකට්ඨං වා උපරි ධූමසිඛං වා අමනසිකරිත්වා වෙමජ්ඣෙ ඝනජාලාය නිමිත්තං ගණ්හිතබ්බං, නීලන්ති වා පීතන්ති වාතිආදිවසෙන වණ්ණො න පච්චවෙක්ඛිතබ්බො, උණ්හත්තවසෙන ලක්ඛණං න මනසි කාතබ්බං. නිස්සයසවණ්ණමෙව කත්වා උස්සදවසෙන පණ්ණත්තිධම්මෙ චිත්තං ඨපෙත්වා පාවකො, කණ්හවත්තනී, ජාතවෙදො, හුතාසනොතිආදීසු අග්ගිනාමෙසු පාකටනාමවසෙනෙව “තෙජො තෙජො”ති භාවෙතබ්බං.
(පෙරපින් නැති) අන් කෙනකු විසින් වනාහි කසිණය සාදාගත යුතුය, එහි සාදාගන්නා විධිය මෙසේය: සිනිඳු හර ඇති දර පලවා වියලවා කඩ කඩ කොට කපා යෝග්‍ය වූ රුක් මුලකට හෝ මඬුවකට හෝ ගොස් පාත්‍රා රත්කරන විට මෙන් ගොඩක් කොට දල්වා බටපැලැල්ලෙක හෝ, සම්කඩෙක හෝ රෙදිකඩෙක හෝ එක්වියත් සතරඟුල් පමණ සිදුරක් සාදාගත යුතුය. එය ඉදිරියෙන් තබා යටකී නයින්ම හිඳගෙන යටින් ඇති කොළ, රොඩු, දර ආදිය හෝ මත්තෙහි ඇති දුම්සුළි හෝ මෙනෙහි නොකොට මැදින් පෙනෙන අතුරු සිදුරු නැති ගිනිකඳෙහි නිමිති ගතයුතුය. නීල පීත යන ආදී වශයෙන් හුදෙක් වර්ණයම මෙනෙහි නොකටයුතුය, උණුසුම්බව ආදී ලක්ෂණද මෙනෙහි නොකටයුතුය. වර්ණය තෙජො ධාතුවට අයත් සේ සලකා සමස්ත වශයෙන් ගෙන උත්සන්න වශයෙන් (වඩාමත් ප්‍රචලිත) ප්රඥප්ති ධර්මයෙහි සිත පිහිටුවා පාවක, කණ්හවත්තනි, ජාතවෙද, හුතාසන යන ආදී අග්නි නාමයන් අතුරෙන් ප්‍රකට නම වශයෙන්ම “තෙජො තෙජො”යි භාවනා වැඩිය යුතුය.
තස්සෙවං භාවයතො අනුක්කමෙන වුත්තනයෙනෙව නිමිත්තද්වයං උප්පජ්ජති. තත්ථ උග්ගහනිමිත්තං ජාලං ඡිජ්ජිත්වා ඡිජ්ජිත්වා පතනසදිසං හුත්වා උපට්ඨාති. අකතෙ ගණ්හන්තස්ස පන කසිණදොසො පඤ්ඤායති, අලාතඛණ්ඩං වා අඞ්ගාරපිණ්ඩො වා ඡාරිකා වා ධූමො වා උපට්ඨාති. පටිභාගනිමිත්තං නිච්චලං ආකාසෙ ඨපිතරත්තකම්බලක්ඛණ්ඩං විය සුවණ්ණතාලවණ්ටං විය කඤ්චනත්ථම්භො විය ච උපට්ඨාති. සො තස්ස සහ උපට්ඨානෙනෙව උපචාරජ්ඣානං, වුත්තනයෙනෙව චතුක්කපඤ්චකජ්ඣානානි ච පාපුණාතීති. තෙජොකසිණං.
මෙසේ භාවනා කරනවිට ඒ රෝගියාහට යටකී නයින්ම අනුපිළිවෙළින් නිමිති දෙක උපදී. එහි උග්ගහනිමිත්ත ගිනිදැල් සිදී සිදී වැටෙන ආකාරයෙන් වැටහේ. ස්වාභාවික ගින්නෙහි නිමිති ගන්නහුට කසිණ දොස් පෙනේ, පෙනෙලි කැබලි හෝ අඟුරුපිඬු හෝ අලු හෝ දුම් හෝ වැටහේ. පටිභාග නිමිත්ත අහස්හි තුබූ රත්පලස් කඩක් සෙයින්ද, රන්මුවා තල්වටක් සෙයින්ද, රන් ටැඹක් සෙයින්ද වැටහේ. එසේ වැටහෙනුවා සමගම ඒ භාවනානුයෝගී තෙමේ යටකී නයින්ම උපචාරධ්යානයටද, චතුෂ්ක පංචක ධ්යානයන්හටද පැමිණේ. තෙජො කසිණයයි.