ආපොකසිණකථා
ආපොකසිණකථා
ආපොකසිණකථා
ඉදානි පථවීකසිණානන්තරෙ ආපොකසිණෙ විත්ථාරකථා හොති. යථෙව හි පථවීකසිණං, එවං ආපොකසිණම්පි භාවෙතුකාමෙන සුඛනිසින්නෙන ආපස්මිං නිමිත්තං ගණ්හිතබ්බං, කතෙ වා අකතෙ වාති සබ්බං විත්ථාරෙතබ්බං. යථා ච ඉධ, එවං සබ්බත්ථ. ඉතො පරඤ්හි එත්තකම්පි අවත්වා විසෙසමත්තමෙව වක්ඛාම.
පඨවිකසිණයට අනතුරුව දැන් ආපොකසිණයෙහි විස්තර කථාව පැවසේ, පඨවිකසිණය මෙන්ම ආපොකසිණයද වඩනු කැමැත්තහු විසින් සුවසේ හිඳගෙන කෘත හෝ අකෘත (පිළියෙළ කරගත් හෝ ස්වභාවික) ජලයෙහි නිමිති ගතයුතුයයි සියලු විස්තර කළයුතුය. මෙහි යම්සේද මතු සියලු තන්හිද එසේමය. මින් මතු මෙතෙකුදු නොපවසා විශේෂයක් ඇතොත් එය පමණක් පවසමු.
ඉධාපි පුබ්බෙකතාධිකාරස්ස පුඤ්ඤවතො අකතෙ ආපස්මිං පොක්ඛරණියා වා තළාකෙ වා ලොණියං වා සමුද්දෙ වා නිමිත්තං උප්පජ්ජති චූළසිවත්ථෙරස්ස විය. තස්ස කිරායස්මතො ලාභසක්කාරං පහාය විවිත්තවාසං වසිස්සාමීති මහාතිත්ථෙ නාවමාරූහිත්වා ජම්බුදීපං ගච්ඡතො අන්තරා මහාසමුද්දං ඔලොකයතො තප්පටිභාගං කසිණනිමිත්තං උදපාදි.
මෙහිදී ද පෙර කළ පුරුදු ඇති පිනැත්තහුට පොකුණෙක වේවයි, විලෙක වේවයි, ලේවායෙක (කලපුවෙක) වේවයි, මුහුදෙහි වේවයි පවත්නා ස්වභාවික ජලයෙහි නිමිති උපදී, චූලසීව තෙරුන්හට මෙනි. ඒ ආයුෂ්මතුන් වහන්සේ, ලාභසත්කාර හැර විවේකීව වාසය කරන්නෙමි’යි මහතොටින් නැව් නැඟ දඹදිව් යන අතරමඟ මහසමුදුර දෙස බලන විට එය හා සමඟ බැඳි කසිණ නිමිති පහළ විය.
අකතාධිකාරෙන චත්තාරො කසිණදොසෙ පරිහරන්තෙන නීලපීතලොහිතොදාතවණ්ණානමඤ්ඤතරවණ්ණං ආපං අගහෙත්වා යං පන භූමිං අසම්පත්තමෙව ආකාසෙ සුද්ධවත්ථෙන ගහිතං උදකං, අඤ්ඤං වා තථාරූපං විප්පසන්නං අනාවිලං, තෙන පත්තං වා කුණ්ඩිකං වා සමතිත්තිකං පූරෙත්වා විහාරපච්චන්තෙ වුත්තප්පකාරෙ පටිච්ඡන්නෙ ඔකාසෙ ඨපෙත්වා සුඛනිසින්නෙන න වණ්ණො පච්චවෙක්ඛිතබ්බො. න ලක්ඛණං මනසි කාතබ්බං. නිස්සයසවණ්ණමෙව කත්වා උස්සදවසෙන පණ්ණත්තිධම්මෙ චිත්තං ඨපෙත්වා අම්බු, උදකං, වාරි, සලිලන්තිආදීසු ආපොනාමෙසු පාකටනාමවසෙනෙව “ආපො ආපො”ති භාවෙතබ්බං.
පෙර නොකළවිරූ පුරුදු ඇත්තහු විසින් සිවු කසිණදොස් හැර, නීල, පීත, ලෝහිත හෝ අවදාත වර්ණ ඇති ජලය නොගෙන, පොළොව මත වැටෙන්නට පෙර අහස්හිදීම පිරිසුදු වස්ත්රයක් මඟින් ලබාගත් වැසිදිය හෝ එබඳු පැහැදි නොකැළඹි අන් ජලයක් හෝ පාත්රයෙක හෝ කුණ්ඩ සැළියෙක හෝ මුවවිට සමකොට පුරවා, විහාරභූමිය කෙළවර යටකී ප්රකාර ඇති මුවහ වූ තැනෙක තබා සුවසේ හිඳගෙන, හුදෙක් වර්ණය හෝ ලක්ෂණය මෙනෙහි නොකොට වර්ණය ආපොධාතුවටම අයත් සේ සලකා සමස්ත වශයෙන් ගෙන, උත්සන්න (වැඩි) වශයෙන් ප්රචලිත ප්රඥප්ති ධර්මයෙහි සිත පිහිටුවා අම්බු, උදක, වාරි, සලිල යන ආදී ආපො (ජලයේ) නාමයන් අතුරෙන් ප්රකටනාම වශයෙන්, ‘ආපො ආපො’ යයි භාවනා කළ යුතුය.
තස්සෙවං භාවයතො අනුක්කමෙන වුත්තනයෙනෙව නිමිත්තද්වයං උප්පජ්ජති. ඉධ පන උග්ගහනිමිත්තං චලමානං විය උපට්ඨාති, සචෙ ඵෙණපුප්ඵුළකමිස්සං උදකං හොති, තාදිසමෙව උපට්ඨාති, කසිණදොසො පඤ්ඤායති. පටිභාගනිමිත්තං පන නිප්පරිප්ඵන්දං ආකාසෙ ඨපිතමණිතාලවණ්ටං විය මණිමයාදාසමණ්ඩලමිව ච හුත්වා උපට්ඨාති. සො තස්ස සහ උපට්ඨානෙනෙව උපචාරජ්ඣානං, වුත්තනයෙනෙව චතුක්කපඤ්චකජ්ඣානානි ච පාපුණාතීති. ආපොකසිණං.
මෙසේ භාවනා කරන ඒ යෝගියාහට අනුක්රමයෙන්, යටකී නයින්ම (උග්ගහ, පටිභාග යන) නිමිති දෙක පහළ වේ. මෙහිදී වනාහි උග්ගහනිමිත්ත සැලෙන ආකාරයෙන් වැටහේ, ඉදින් පෙණ බුබුලු මුසු ජලයක් නම් ඒ ආකාරයෙන්ම වැටහේ, කසිණ දොෂයක් මෙන් දිස්වේ. පටිභාගනිමිත්ත වූකලී ගැහෙන ආකාරයෙන් අහසෙහි තබනලද මිණිතල්වටක් සෙයින්ද, මිණිමුවා කැටපත් තලයක් සෙයින්ද වැටහේ. එම පටිභාගනිමිත්ත වැටහෙනුවා සමගම උපචාරධ්යානයටද යටකී නයින්ම චතුෂ්ක-පංචක ධ්යානයනටද පැමිණේ. ආපොකසිණයයි.