පඤ්චකජ්ඣානකථා
පඤ්චකජ්ඣානකථා
පඤ්චකජ්ඣානකථා
පඤ්චකජ්ඣානං පන නිබ්බත්තෙන්තෙන පගුණපඨමජ්ඣානතො වුට්ඨාය “අයං සමාපත්ති ආසන්නනීවරණපච්චත්ථිකා, විතක්කස්ස ඔළාරිකත්තා අඞ්ගදුබ්බලා”ති ච තත්ථ දොසං දිස්වා දුතියජ්ඣානං සන්තතො මනසිකරිත්වා පඨමජ්ඣානෙ නිකන්තිං පරියාදාය දුතියාධිගමාය යොගො කාතබ්බො. අථස්ස යදා පඨමජ්ඣානා වුට්ඨාය සතස්ස සම්පජානස්ස ඣානඞ්ගානි පච්චවෙක්ඛතො විතක්කමත්තං ඔළාරිකතො උපට්ඨාති, විචාරාදයො සන්තතො. තදාස්ස ඔළාරිකඞ්ගප්පහානාය සන්තඞ්ගපටිලාභාය ච තදෙව නිමිත්තං “පථවී පථවී”ති පුනප්පුනං මනසිකරොතො වුත්තනයෙනෙව දුතියජ්ඣානං උප්පජ්ජති. තස්ස විතක්කමත්තමෙව පහානඞ්ගං. විචාරාදීනි චත්තාරි සමන්නාගතඞ්ගානි. සෙසං වුත්තප්පකාරමෙව.
පංචක ධ්‍යානය (ධ්‍යාන පසක් වශයෙන්) නිපදවන්නහු විසින් ප්‍රගුණ වූ ප්‍රථමධ්‍යානයෙන් නැඟී, ‘මේ සමාපත්තිය අසල්ව සිටි නීවරණ නමැති සතුරන් ඇත්තේය, විතක්කය ඔළාරික වන හෙයින් අංග වශයෙන් දුබලද වේයයි එහි (ප්‍රථම ධ්‍යානයෙහි) දොස් දැක ද්විතීය ධ්‍යානය ශාන්ත වශයෙන් මෙනෙහිකොට ප්‍රථම ධ්‍යානයෙහි රුවිය ඉක්මවා ද්විතීය ධ්‍යානාධිගමය පිණිස භාවනානුයෝගය කටයුතුය. ඉක්බිති යම් කලෙක ප්‍රථම ධ්‍යානයෙන් නැඟී සිහි ඇතිව මනාදැනීම් ඇතිව ධ්‍යානාංගයන් ප්රත්යවේක්ෂා කරන ඒ යෝගාවචරයාහට විතක්කය පමණක් ඔළාරික වශයෙන්ද විචාරාදී සෙසු අංගයන් ශාන්ත වශයෙන්ද වැටහේ නම්, එකල ඔළාරික අංගය ප්‍රහීණ කිරීම් වශයෙන්ද, ශාන්ත අංගයන් ලබාගැනීම පිණිසද එම නිමිත්තම ‘පඨවි පඨවි’ යයි නැවත නැවතත් මෙනෙහි කරනවිට යටකී නයින්ම ද්විතීයධ්‍යානය උපදී. එම ධ්‍යානයෙහි ප්රහාණාංගය වනුයේ විතක්කය පමණෙකි, විචාරාදී සෙසු සතර සමන්නාගත අංගයි. සෙස්ස යටකී ප්‍රකාරම වේ.
එවමධිගතෙ පන තස්මිම්පි වුත්තනයෙනෙව පඤ්චහාකාරෙහි චිණ්ණවසිනා හුත්වා පගුණදුතියජ්ඣානතො වුට්ඨාය “අයං සමාපත්ති ආසන්නවිතක්කපච්චත්ථිකා, විචාරස්ස ඔළාරිකත්තා අඞ්ගදුබ්බලා”ති ච තත්ථ දොසං දිස්වා තතියං ඣානං සන්තතො මනසිකරිත්වා දුතියජ්ඣානෙ නිකන්තිං පරියාදාය තතියාධිගමාය යොගො කාතබ්බො. අථස්ස යදා දුතියජ්ඣානතො වුට්ඨාය සතස්ස සම්පජානස්ස ඣානඞ්ගානි පච්චවෙක්ඛතො විචාරමත්තං ඔළාරිකතො උපට්ඨාති, පීතිආදීනි සන්තතො. තදාස්ස ඔළාරිකඞ්ගප්පහානාය සන්තඞ්ගපටිලාභාය ච තදෙව නිමිත්තං “පථවී පථවී”ති පුනප්පුනං මනසිකරොතො වුත්තනයෙනෙව තතියං ඣානං උප්පජ්ජති. තස්ස විචාරමත්තමෙව පහානඞ්ගං චතුක්කනයස්ස දුතියජ්ඣානෙ විය පීතිආදීනි තීණි සමන්නාගතඞ්ගානි. සෙසං වුත්තප්පකාරමෙව.
මෙසේ එම ධ්‍යානයට පැමිණි කල්හිද යටකී නයින්ම පස් ආකාරයෙන් චිණ්ණවසීභාවයට පැමිණ ප්‍රගුණ වූ ද්විතීයධ්‍යානයෙන් නැඟී, මේ සමාපත්තිය අසල්ව සිටි විතක්ක නමැති සතුරා වේ, විචාරය ඔළාරික වන හෙයින් අංග වශයෙන්ද දුබල වේයයි එහි දොස් දැක තෘතියධ්‍යානය ශාන්ත වශයෙන් මෙනෙහි කොට ද්විතීය ධ්‍යානය කෙරෙහි රුචිය ඉක්මවා තෘතීයධ්යානාධිගමය පිණිස භාවනානුයෝගය කටයුතුය. ඉක්බිති යම් කලෙක ද්විතීය ධ්‍යානයෙන් නැගී සිහි ඇතිව මනා දැනීම් ඇතිව ධ්‍යානාංගයන් මෙනෙහිකරන ඒ යෝගාවචරයාහට විචාරය පමණක් ඔළාරික වශයෙන්ද, පීති ආදී සෙසු අංගයන් ශාන්ත වශයෙන්ද වැටහේද, එකල ඔළාරිකාංගය ප්‍රහීණ කිරීම පිණිසද, ශාන්ත අංගයන් ලැබීම පිණිසද එම නිමිත්තම ‘පඨවි පඨවි’ යනුවෙන් නැවත නැවතත් මෙනෙහි කරනවිට යටකී නයින්ම තෘතීය ධ්‍යානය උපදී. එම ධ්‍යානයෙහි විචාරය පමණක් ප්රහාණාංගය වේ, චතුෂ්කනයෙහි ද්විතීය ධ්‍යානයෙහි මෙන් පීති ආදී අංග තුන සමන්නාගත අංගයෝ වෙති. සෙස්ස යටකී ප්‍රකාරම වේ.
ඉති යං චතුක්කනයෙ දුතියං, තං ද්විධා භින්දිත්වා පඤ්චකනයෙ දුතියඤ්චෙව තතියඤ්ච හොති. යානි ච තත්ථ තතියචතුත්ථානි, තානි ච චතුත්ථපඤ්චමානි හොන්ති. පඨමං පඨමමෙවාති.
මෙසේ යම් ධ්‍යානයක් චතුෂ්කනයෙහිදී ද්විතීය ධ්‍යානය වේද, එය පංචකනයෙහිදී දෙකක් වශයෙන් බෙදීමෙන් ද්විතීය ධ්‍යානයද තෘතීය ධ්‍යානයද වේ. එම චතුෂ්ක නයෙහිදී යම් කිසිවක් තෘතීය හා චතුර්ත්ථ වේද, එය පිළිවෙළින් චතුර්ත්ථ හා පංචම වේ. ප්‍රථමධ්‍යානය ප්‍රථමම වේ.
ඉති සාධුජනපාමොජ්ජත්ථාය කතෙ විසුද්ධිමග්ගෙ සමාධිභාවනාධිකාරෙ පථවීකසිණනිද්දෙසො නාම චතුත්ථො පරිච්ඡෙදො.
සාධුජන ප්‍රමොදය පිණිස කරනලද විශුද්ධිමාර්ගයෙහි සමාධිභාවනාධිකාරයෙහි කසිණනිද්දේස නම් සිවුවන පරිච්ඡේදය මෙතෙකින් සමාප්තයි.