චතුත්ථජ්ඣානකථා
චතුත්ථජ්ඣානකථා
චතුත්ථජ්ඣානකථා
එවමධිගතෙ පන තස්මිංපි වුත්තනයෙනෙව පඤ්චහාකාරෙහි චිණ්ණවසිනා හුත්වා පගුණතතියජ්ඣානතො වුට්ඨාය “අයං සමාපත්ති ආසන්නපීතිපච්චත්ථිකා, ‘යදෙව තත්ථ සුඛමිති චෙතසො ආභොගො, එතෙනෙතං ඔළාරිකං අක්ඛායතී’ති (දී· නි· 1.96) එවං වුත්තස්ස සුඛස්ස ඔළාරිකත්තා අඞ්ගදුබ්බලා”ති ච තත්ථ දොසං දිස්වා චතුත්ථං ඣානං සන්තතො මනසිකත්වා තතියජ්ඣානෙ නිකන්තිං පරියාදාය චතුත්ථාධිගමාය යොගො කාතබ්බො.
මෙසේ ඒ තෘතීය ධ්‍යානය අවබෝධ කළ කල්හිද යට කී නයින්ම පස් ආකාරයෙකින් චිණ්ණවසීභාවයට පැමිණ ප්‍රගුණ වූ එම ධ්‍යානයෙන් නැඟී, මේ සමාපත්තිය පීති නම් ප්රතිපක්ෂ ධර්මයට ආසන්න වූ, ‘යම්සේ එහි සුඛයයි යන මනස්කාරය වේද, එහෙයින් මෙය ඔළාරිකය’යි කියනු ලැබේය’යි මෙසේ දක්වනලද සුඛය ඔළාරිකවන හෙයින් මෙය දුර්වල අංග ඇත්තේයයි එම තෘතීය ධ්‍යානයෙහි දොස් දැක, චතුර්ත්ථ ධ්‍යානය ශාන්ත වශයෙන් මෙනෙහිකොට තෘතීය ධ්‍යානයෙහි රුචිය ඉක්මවා චතුර්ත්ථ ධ්‍යානය අවබෝධ කරනු පිණිස භාවනානුයෝගය කටයුතුය.
අථස්ස යදා තතියජ්ඣානතො වුට්ඨාය සතස්ස සම්පජානස්ස ඣානඞ්ගානි පච්චවෙක්ඛතො චෙතසිකසොමනස්සසඞ්ඛාතං සුඛං ඔළාරිකතො උපට්ඨාති, උපෙක්ඛාවෙදනා චෙව චිත්තෙකග්ගතා ච සන්තතො උපට්ඨාති, තදාස්ස ඔළාරිකඞ්ගප්පහානාය සන්තඅඞ්ගපටිලාභාය ච තදෙව නිමිත්තං “පථවී පථවී”ති පුනප්පුනං මනසිකරොතො “ඉදානි චතුත්ථං ඣානං උප්පජ්ජිස්සතී”ති භවඞ්ගං උපච්ඡින්දිත්වා තදෙව පථවීකසිණං ආරම්මණං කත්වා මනොද්වාරාවජ්ජනං උප්පජ්ජති. තතො තස්මිංයෙවාරම්මණෙ චත්තාරි පඤ්ච වා ජවනානි උප්පජ්ජන්ති , යෙසං අවසානෙ එකං රූපාවචරං චතුත්ථජ්ඣානිකං, සෙසානි වුත්තප්පකාරානෙව කාමාවචරානි. අයං පන විසෙසො, යස්මා සුඛවෙදනා අදුක්ඛමසුඛාය වෙදනාය ආසෙවනපච්චයෙන පච්චයො න හොති, චතුත්ථජ්ඣානෙ ච අදුක්ඛමසුඛාය වෙදනාය උප්පජ්ජිතබ්බං, තස්මා තානි උපෙක්ඛාවෙදනාසම්පයුත්තානි හොන්ති. උපෙක්ඛාසම්පයුත්තත්තායෙව චෙත්ථ පීතිපි පරිහායතීති. එත්තාවතා චෙස සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති (දී· නි· 1.232; ධ· ස· 165). එවමනෙන එකඞ්ගවිප්පහීනං දුවඞ්ගසමන්නාගතං තිවිධකල්යාණං දසලක්ඛණසම්පන්නං චතුත්ථං ඣානං අධිගතං හොති පථවීකසිණං.
ඉක්බිති යම් කලෙක තෘතීය ධ්‍යානයෙන් නැඟී සිහි ඇතිව, සම්‍යග්ඥානයෙන් යුක්තව ධ්‍යානාංගයන් මෙනෙහි කරන යෝගාවචරයාහට චෙතසිකසොමනස්ස සංඛ්‍යාත වූ සුඛය ඔළාරික වශයෙන් වැටහේද, උපෙක්ඛාවේදනාවද චිත්තෙකග්ගතාවද ශාන්ත වශයෙන් වැටහේද, එකල ඔළාරික අංගය ප්‍රහීණ කිරීම පිණිසද, ශාන්ත අංගය ලබා ගැනීම පිණිසද එම නිමිත්තම “පඨවි, පඨවි” යනුවෙන් නැවත නැවතත් මෙනෙහි කරන යෝගාවචරයාහට ‘දැන් චතුර්ත්ථ ධ්‍යානය උපදිති’යි භවාංගය සිඳගෙන, එම පඨවි කසිණයම අරමුණු කොටගත් මනොද්වාරා වර්ජනය උපදී. ඉක්බිති එම අරමුණෙහිම ජවන් සිත් සතරක් හෝ පහක් උපදී. ඒ ජවන් සිත් අතුරෙන් අවසන් එක රූපාවචර චතුර්ත්ථ ධ්‍යානයට අයත් වේ, සෙසු ජවන් සිත් (තුන හෝ හතර) කියනලද නයින්ම කාමාවචර වේ. මේ වනාහි මෙහි වෙනසෙකි. යම් හෙයකින් සුඛවේදනාව ආසෙවන ප්‍රත්‍යය වශයෙන් උපෙක්ඛාවේදනාවට ප්‍රත්‍යය නොවන්නේද, චතුර්ත්ථ ධ්‍යානයෙහිදී උපෙක්ඛාවේදනාව ඉපැදිය යුතුද වන්නේද, එහෙයින් ඒ ජවන්හු උපෙක්ඛාවේදනාවෙන් යුක්ත වෙති, උපෙක්ඛාවෙන් යුක්ත වූ හෙයින්ම මෙහිදී පීතිඅංගයද පිරිහේ යනුයි. මෙතෙකින් මේ යෝගාවචර තෙමේ (කායික) සුඛය හා (කායික) දුඃඛය, දුරුවීමෙන්ද, ඉන් පෙරාතුවම සොමනස්සය දෝමනස්සය යන දෙක ඉකුත් වූ හෙයින්ද, දුක් නොවූ සැපද නොවූ උපෙක්ඛා සතියෙන් පිරිසිදු වූ චතුර්ත්ථ ධ්‍යානය උපදවා වාසය කෙරේ’, මෙසේ මේ යෝගාවචරයා විසින් එක් අංගයෙකින් වියුක්ත වූ අංගද්වයෙකින් (උපෙක්ඛාය, එකග්ගතාය යන දෙකින්) යුක්තවූ ත්‍රිවිධ කල්‍යාණයෙන් හා දශලක්ෂණයෙන් සමන්විත වූ පඨවි කසිණ චතුර්ත්ථ ධ්‍යානය ලබන ලද්දේ වේ.
තත්ථ සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානාති කායිකසුඛස්ස ච කායිකදුක්ඛස්ස ච පහානා. පුබ්බෙවාති තඤ්ච ඛො පුබ්බෙව, න චතුත්ථජ්ඣානක්ඛණෙ. සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමාති චෙතසිකසුඛස්ස ච චෙතසිකදුක්ඛස්ස චාති ඉමෙසම්පි ද්වින්නං පුබ්බෙව අත්ථඞ්ගමා, පහානා ඉච්චෙව වුත්තං හොති.
එහි, සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහාණා (සුඛය ද දුඃඛයද පහවීමෙන්) යනු, කායික සුඛයද, කායික දුඃඛයද පහවීමෙනි. පුබ්බෙව යනු චතුර්ත්ථ ධ්‍යානය ලබන මොහොතෙහි නොව ඉන් පෙරාතුවමයි. සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා (සොම්නස් දොම්නස් දෙක ඉකුත් වීමෙන්) යනු, චෛතසික සුඛය චෛතසික දුඃඛය යන මේ දෙක පෙරාතුවම ඉවත්වීමෙනි’යි, පහවීමෙනි’යි කී නියායි.
කදා පන නෙසං පහානං හොතීති. චතුන්නං ඣානානං උපචාරක්ඛණෙ. සොමනස්සඤ්හි චතුත්ථජ්ඣානස්ස උපචාරක්ඛණෙයෙව පහීයති. දුක්ඛදොමනස්සසුඛානි පඨමදුතියතතියජ්ඣානානං උපචාරක්ඛණෙසු. එවමෙතෙසං පහානක්කමෙන අවුත්තානම්පි ඉන්ද්රියවිභඞ්ගෙ පන ඉන්ද්රියානං උද්දෙසක්කමෙනෙව ඉධාපි වුත්තානං සුඛදුක්ඛසොමනස්සදොමනස්සානං පහානං වෙදිතබ්බං.
කවර කලෙක ඒ සොමනස්ස දෝමනස්සයන්ගේ ප්රහාණය වේද? චතුර්ධ්යානයන්ගේ උපචාරක්ෂණයෙහිදීය. සෝමනස්සය වනාහි චතුර්ත්ථ ධ්‍යානය පිළිබඳ උපචාර ක්ෂණයෙහිදීම ප්‍රහීණ වේ. දුඃඛ, දෝමනස්ස, සුඛ, සෝමනස්ස යන මොවුහු පිළිවෙළින් ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යානයන්ගේ උපචාර ක්ෂණයෙහිදී ප්‍රහීණ වෙති. ප්‍රහාණ ක්‍රමයෙන් නොකියනලද, ඉන්ද්රිය විභංගයෙහි කියන ලද පරිදි ඉන්ද්රියයන්ගේ උද්දෙස ක්‍රමයෙන් මෙහිද කියනලද මේ සුඛ, දුඃඛ, සොමනස්ස, දෝමනස්සයන්ගේ ප්රහාණය මෙසේ දතයුතුය.
යදි පනෙතානි තස්ස තස්ස ඣානස්ස උපචාරක්ඛණෙයෙව පහීයන්ති, අථ කස්මා “කත්ථ චුප්පන්නං දුක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති, ඉධ, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහිපි…පෙ… පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. එත්ථ චුප්පන්නං දුක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති. කත්ථ චුප්පන්නං දොමනස්සින්ද්රියං සුඛින්ද්රියං සොමනස්සින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති, ඉධ, භික්ඛවෙ, භික්ඛු සුඛස්ස ච පහානා…පෙ… චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, එත්ථ චුප්පන්නං සොමනස්සින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣතී”ති (සං· නි· 5.510) එවං ඣානෙස්වෙව නිරොධො වුත්තොති? අතිසයනිරොධත්තා. අතිසයනිරොධො හි නෙසං පඨමජ්ඣානාදීසු, න නිරොධොයෙව. නිරොධොයෙව පන උපචාරක්ඛණෙ, නාතිසයනිරොධො.
ඉදින් මේ සුඛදුඃඛාදී ඉන්ද්රියයන් ඒ ඒ ධ්‍යානය පිළිබඳ උපචාරක්ෂණයෙහිදීම ප්‍රහීණ වෙතොත්, කවර හෙයින් ‘උපන්නාවූ දුඃඛෙන්‍ද්‍රිය කොතැන්හිදී නිරවශේෂයෙන් නිරුද්ධවේද? මහණෙනි මේ ශාසනයෙහි භික්ෂු තෙමේ කාමයන් කෙරෙන් තොරව-පෙ-ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරේද, උපන්නා වූ දුඃඛෙන්‍ද්‍රිය මෙහිදී නිරවශේෂයෙන් නිරුද්ධ වේ, උපන්නා වූ දෝමනස්සේන්ද්රිය-පෙ-සුඛෙන්ද්රිය -පෙ- සෝමනස්සේන්ද්රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේද? මහණෙනි මේ ශාසනයෙහි භික්ෂු තෙමේ සුඛයද ප්‍රහීණ කිරීමෙන් -පෙ-චතුර්ත්ථ ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, උපන්නා වූ සොමනස්සේන්ද්රිය මෙතන්හිදී නිරුද්ධ වේ’ යයි මෙසේ ධ්යානයන්හිදීම නිරෝධය සිද්ධ වෙතැ’යි කියන ලද්දේ ද? (ධ්යානයන්හිදී) අතිශය නිරෝධය සිද්ධවන හෙයිනි. ඒ දු:ඛාදී ඉන්ද්රියයන්ගේ අතිශය නිරෝධය ප්රථමධ්යානාදියෙහිදීම සිදුවේ, හුදු නිරෝධය නොවේ, උපචාරක්ෂණයෙහිදී සිදුවනුයේ හුදු නිරෝධයයි, අතිශය නිරෝධය නොවේ.
තථා හි නානාවජ්ජනෙ පඨමජ්ඣානුපචාරෙ නිරුද්ධස්සාපි දුක්ඛින්ද්රියස්ස ඩංසමකසාදිසම්ඵස්සෙන වා විසමාසනුපතාපෙන වා සියා උප්පත්ති, න ත්වෙව අන්තොඅප්පනායං. උපචාරෙ වා නිරුද්ධම්පෙතං න සුට්ඨු නිරුද්ධං හොති, පටිපක්ඛෙන අවිහතත්තා. අන්තොඅප්පනායං පන පීතිඵරණෙන සබ්බො කායො සුඛොක්කන්තො හොති, සුඛොක්කන්තකායස්ස ච සුට්ඨු නිරුද්ධං හොති දුක්ඛින්ද්රියං, පටිපක්ඛෙන විහතත්තා. නානාවජ්ජනෙයෙව ච දුතියජ්ඣානුපචාරෙ පහීනස්ස දොමනස්සින්ද්රියස්ස යස්මා එතං විතක්කවිචාරපච්චයෙපි කායකිලමථෙ චිත්තුපඝාතෙ ච සති උප්පජ්ජති. විතක්කවිචාරාභාවෙ ච නෙව උප්පජ්ජති. යත්ථ පන උප්පජ්ජති, තත්ථ විතක්කවිචාරභාවෙ, අප්පහීනා එව ච දුතියජ්ඣානුපචාරෙ විතක්කවිචාරාති තත්ථස්ස සියා උප්පත්ති, න ත්වෙව දුතියජ්ඣානෙ, පහීනපච්චයත්තා. තථා තතියජ්ඣානුපචාරෙ පහීනස්සාපි සුඛින්ද්රියස්ස පීතිසමුට්ඨානපණීතරූපඵුටකායස්ස සියා උප්පත්ති, න ත්වෙව තතියජ්ඣානෙ. තතියජ්ඣානෙ හි සුඛස්ස පච්චයභූතා පීති සබ්බසො නිරුද්ධාති. තථා චතුත්ථජ්ඣානුපචාරෙ පහීනස්සාපි සොමනස්සින්ද්රියස්ස ආසන්නත්තා අප්පනාප්පත්තාය උපෙක්ඛාය අභාවෙන සම්මා අනතික්කන්තත්තා ච සියා උප්පත්ති, න ත්වෙව චතුත්ථජ්ඣානෙ. තස්මා එව ච එත්ථුප්පන්නං දුක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣතීති තත්ථ තත්ථ අපරිසෙසග්ගහණං කතන්ති.
ඒ එසේමැයි, නානාවර්ජන සහිත ප්රථමධ්යානොපචාරයෙහිදී මැසිමදුරු ආදීන්ගේ පීඩාවෙන් හෝ විෂම ආසන ආදියෙන් ඇතිවන ගැහැටින් හෝ නිරුද්ධ වූද දුඃඛෙන්ද්රියයාගේ උපත සිදුවන්නේය, එහෙත් අර්පණාව ඇතුළතදී එසේ නොවන්නේමය, නොහොත් උපචාරයෙහිදී නිරුද්ධ වූ දුඃඛෙන්ද්රියය මනාකොට නිරුද්ධ වූයේ නොවේ, ප්රතිපක්ෂ ධර්මයෙන් නොනස්නාලද හෙයිනි. අර්පණාව තුළදී වනාහි පීතිය පැතිරීමෙන් මුළු කය පුරා සුඛය වැදගත්තේ වේ. සුඛය වැදගන්නාලද කය ඇත්තහුගේ දුඃඛෙන්‍ද්‍රිය මනාකොට නිරුද්ධ වූයේ වේ, ප්රතිපක්ෂ ධර්මය විසින් නස්නාලද හෙයිනි. නානාවර්ජන සහිතවූම ද්විතීය ධ්යානෝපචාරයෙහිදී විතක්ක විචාරයන් හේතුකොට හටගත් කායවිඩා චිත්තපීඩා ඇති කල්හි ප්රහීණවූද, දෝමනස්සෙන්ද්රිය යම්හෙයකින් උපදනේ නමුදු විතක්ක විචාරයන්ගේ අභාවයෙහිදී නොම උපදනේය, යම් තැනෙක උපදනේ නම් ඒ විතක්ක විචාරයන් ඇති තන්හිය. ද්විතීය ධ්යානොපචාරයෙහි විතක්ක විචාරයෝ අප්රහීණයෝම වෙති, එහිදී එම දෝමනස්සෙන්ද්රියයාගේ උපත සිදුවන්නේය, ද්විතීය ධ්‍යානයෙහිදී සිදු නොවන්නේමය, ප්‍රහීණ වූ ප්‍රත්‍යය ඇති හෙයිනි. එසේම තෘතීය ධ්යානොපචාරයෙහිදී පීතියෙන් උපන් ප්‍රණීත රූපයෙන් ස්පර්ශ කරනලද කය ඇත්තහුට ප්‍රහීණ වූද සුඛෙන්ද්රියයාගේ උපත සිදුවන්නේය, තෘතීයධ්යානයෙහිදී සිදු නොවන්නේමය, තෘතීය ධ්‍යානයෙහිදී වනාහි සුඛයට ප්‍රත්‍ය වූ පීතිය සකලාකාරයෙන්ම නිරුද්ධ වේ. එසේම චතුර්ත්ථ ධ්යානොපචාරයෙහිදී ප්රහීණවූද සොමනස්සෙන්ද්රිය ආසන්නව සිටි හෙයින්ද, අර්පණාවට නොපැමිණි උපෙක්ෂා ඇති හෙයින්ද, එහෙයින්ම (එම සොමනස්සෙන්ද්රිය) මනාකොට නො-ඉක්ම වූ හෙයින්ද එම සොමනස්සේන්ද්රියයාගේ උපත සිදුවන්නේය, චතුර්ත්ථ ධ්‍යානය තුළදී එසේ සිදු නොවන්නේමය. එහෙයින්ම (මේ පාඨයෙහි) ‘උපන්නා වූ දුඃඛෙන්ද්රියය මෙහිදී (ප්‍රථම ධ්‍යානය තුළදී) නිරවශෙෂයෙන් නිරුද්ධ වෙති’යි ආදි වශයෙන් ඒ ඒ ධ්‍යානයෙහි අපරිශෙෂ ග්‍රහණය කරන ලදී.
එත්ථාහ “අථෙවං තස්ස තස්ස ඣානස්සුපචාරෙ පහීනාපි එතා වෙදනා ඉධ කස්මා සමාහටා”ති? සුඛග්ගහණත්ථං. යා හි අයං අදුක්ඛමසුඛන්ති එත්ථ අදුක්ඛමසුඛා වෙදනා වුත්තා, සා සුඛුමා දුවිඤ්ඤෙය්යා න සක්කා සුඛෙන ගහෙතුං, තස්මා යථා නාම දුට්ඨස්ස යථා වා තථා වා උපසඞ්කමිත්වා ගහෙතුං අසක්කුණෙය්යස්ස ගොණස්ස සුඛග්ගහණත්ථං ගොපො එකස්මිං වජෙ සබ්බා ගාවො සමාහරති, අථෙකෙකං නීහරන්තො පටිපාටියා ආගතං “අයං සො ගණ්හථ න”න්ති තම්පි ගාහයති, එවමෙව භගවා සුඛග්ගහණත්ථං සබ්බා එතා සමාහරි. එවඤ්හි සමාහටා එතා දස්සෙත්වා යං නෙව සුඛං න දුක්ඛං න සොමනස්සං න දොමනස්සං, අයං අදුක්ඛමසුඛා වෙදනාති සක්කා හොති එසා ගාහයිතුං.
මෙහිලා කියන ලදී: එසේ වෙතොත්, ඒ ඒ ධ්‍යානය පිළිබඳ උපචාරාවස්ථාවෙහිදී ප්‍රහීණ වූ දුඃඛාදී මේ වේදනාවෝ මෙහිදී කවරහෙයින් ගෙන දක්වන ලද්දාහුද? සුඛාවබෝධය පිණිසයි. මෙහි අදුක්ඛමසුඛං යනුවෙන් දුක් නොවූත් සුව නොවූත් යම් මේ (උපෙක්ෂා) වේදනාවක් කියන ලද්දේ ද, එය සියුම්ය, දුර්බෝධය, පහසුවෙන් දතනොහැකිය, එහෙයින්, යම්සේ වනාහි චණ්ඩ වූ, කිසිසේත් ලඟට එලඹ අල්වාගත නොහැකි වූ ගොනකු අල්ලා ගැනීම පිණිස ගොපල්ලෙක් සියලු ගවයන් එක් ගාලකට රැස්කොට, ඉක්බිති එක් එක් ගවයා පිට කරමින් ඒ ගොනා ළඟට ආවිට ‘මේ ඒ ගොනාය, ඌ අල්වා ගනිවු’ යයි කියමින් ග්‍රහණය කරවාද, එසේම භාග්‍යවතුන් වහන්සේ සුවසේ අවබෝධ කරවීම පිණිස මේ සියල්ල ගෙනහැර දැක්වූහ. මෙසේ එක්කොට ගන්නා ලද මේ දුඃඛාදී වේදනාවන් දක්වමින් සුඛද නොවූ දුඃඛද නොවූ සොමනස්සද නොවූ දොමනස්සද නොවූ යම් වේදනාවක් වේද, දුඃඛද නොවූ සුඛද නොවූ මෙය උපෙක්ඛා වේදනායයි අවබෝධ කරවිය හැකිය.
අපිච අදුක්ඛමසුඛාය චෙතොවිමුත්තියා පච්චයදස්සනත්ථඤ්චාපි එතා වුත්තාති වෙදිතබ්බා. දුක්ඛප්පහානාදයො හි තස්සා පච්චයා. යථාහ – “චත්තාරො ඛො, ආවුසො, පච්චයා අදුක්ඛමසුඛාය චෙතොවිමුත්තියා සමාපත්තියා. ඉධාවුසො, භික්ඛු සුඛස්ස ච පහානා…පෙ… චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉමෙ ඛ්වාවුසො, චත්තාරො පච්චයා අදුක්ඛමසුඛාය චෙතොවිමුත්තියා සමාපත්තියා”ති (ම· නි· 1.458).
තවද, දුඃඛද නොව සුඛද නොවූ උපෙක්ඛාසහගත චෙතොවිමුක්තියට ප්‍රත්‍යය වූ ධර්මයන් දක්වනු පිණිසද මේ සියල්ල කියන ලදැ’යි දතයුතුය. සුඛදුඃඛාදිය පිළිබඳ ප්රහාණය ඒ උපෙක්ඛා චෙතොවිමුක්තියට ප්‍රත්‍යය වේ. කියනලදමැයි, ‘ඇවැත්නි, අදුඃඛ වූ අසුඛද වූ චෙතොවිමුක්තිසමාපත්තියට හේතු සතරෙකි; ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂු තෙමේ සුඛය පහ කිරීමෙන්ද-පෙ-චතුර්ත්ථ ධ්‍යානයට පැමිණ වාසය කෙරේ, ඇවැත්නි, මේ සතර අදුඃඛ වූ අසුඛ වූ චෙතොවිමුක්තිසමාපත්තියට හේතුවේ.
යථා වා අඤ්ඤත්ථ පහීනාපි සක්කායදිට්ඨිආදයො තතියමග්ගස්ස වණ්ණභණනත්ථං තත්ථ පහීනාති වුත්තා, එවං වණ්ණභණනත්ථම්පෙතස්ස ඣානස්සෙතා ඉධ වුත්තාතිපි වෙදිතබ්බා.
යම්සේ හෝ අන් මඟෙක්හිදී ප්‍රහීණ කරන ලද්දාවූද සක්කායදිට්ඨි ආදිය තෘතීය මාර්ගයෙහි ගුණකථනය පිණිස එම තෘතීය මාර්ගයෙහිදී ප්‍රහීණ යයි කියන ලද්දේ ද, එසේම මේ චතුර්ත්ථ ධ්‍යානයෙහි ගුණකථනය පිණිස ඒ සියල්ල මෙහි කියන ලදැ’යි දතයුතුය.
පච්චයඝාතෙන වා එත්ථ රාගදොසානමතිදූරභාවං දස්සෙතුම්පෙතා වුත්තාති වෙදිතබ්බා. එතාසු හි සුඛං සොමනස්සස්ස පච්චයො, සොමනස්සං රාගස්ස. දුක්ඛං දොමනස්සස්ස පච්චයො, දොමනස්සං දොසස්ස. සුඛාදිඝාතෙන චස්ස සප්පච්චයා රාගදොසා හතාති අතිදූරෙ හොන්තීති.
නොහොත්, ප්‍රත්‍යයන් නැසීමෙන් රාගද්වේෂයන් ඉතා දුරබව දක්වනු පිණිසද, මේ සියල්ල මෙහි කියන ලදැ’යි දතයුතුය. මේ වේදනාවන් අතුරෙන් වනාහි, සුඛය සොමනස්සයටද, සොමනස්සය රාගයටද, දුඃඛය දොමනස්සයටද, දොමනස්සය ද්වේෂයටද හේතුවේ. සුඛාදිය නැසීමෙන් ප්‍රත්‍යය සහිත රාගද්වේෂයෝ නසන ලද්දාහුය, ඉතා දුරු වූවාහුය.
අදුක්ඛමසුඛන්ති දුක්ඛාභාවෙන අදුක්ඛං. සුඛාභාවෙන අසුඛං. එතෙනෙත්ථ දුක්ඛසුඛපටිපක්ඛභූතං තතියවෙදනං දීපෙති, න දුක්ඛසුඛාභාවමත්තං. තතියවෙදනා නාම අදුක්ඛමසුඛා , උපෙක්ඛාතිපි වුච්චති. සා ඉට්ඨානිට්ඨවිපරීතානුභවනලක්ඛණා, මජ්ඣත්තරසා, අවිභූතපච්චුපට්ඨානා, සුඛදුක්ඛනිරොධපදට්ඨානාති වෙදිතබ්බා.
අදුක්ඛමසුඛං යනුවෙන් - දුඃඛාභාවයෙන් අදුඃඛ වේ, සුඛාභාවයෙන් අසුඛයි. මෙයින් මෙහි දැක්වෙනුයේ දුඃඛ, සුඛ යන දෙකට ප්රතිපක්ෂ වූ තුන්වැනි (උපෙක්ඛා) වෙදනාවයි, හුදෙක් දුඃඛ සුඛ යන දෙක්හි අභාවමාත්‍රය නොවේ, තුන්වන වේදනාව නම් අදුඃඛමසුඛ වෙදනාවයි. උපෙක්ඛා යයිද කියනු ලැබේ. ඒ උපෙක්ඛාව වූකලී, ඉෂ්ට අනිෂ්ට යන දෙකෙහිම විපරීතය (රුචි, අරුචි යන දෙකටම විරුද්ධ දෙයක්) අනුභව කිරීම ලක්‍ෂණකොට ඇත්තේය, මධ්‍යස්ථතාව රස හෙවත් කෘත්‍යකොට ඇත්තේය, අප්රකටබව වැටහීම්කොට ඇත්තේය, සුඛ දුඃඛ නිරෝධය ආසන්නකාරණ කොට ඇත්තේය’යි දතයුතුය.
උපෙක්ඛාසතිපාරිසුද්ධින්ති උපෙක්ඛාය ජනිතසතියා පාරිසුද්ධිං. ඉමස්මිඤ්හි ඣානෙ සුපරිසුද්ධා සති, යා ච තස්සා සතියා පාරිසුද්ධි, සා උපෙක්ඛාය කතා, න අඤ්ඤෙන. තස්මා එතං “උපෙක්ඛාසතිපාරිසුද්ධි”න්ති වුච්චති. විභඞ්ගෙපි වුත්තං “අයං සති ඉමාය උපෙක්ඛාය විසදා හොති පරිසුද්ධා පරියොදාතා. තෙන වුච්චති උපෙක්ඛාසතිපාරිසුද්ධී”ති (විභ· 597). යාය ච උපෙක්ඛාය එත්ථ සතියා පාරිසුද්ධි හොති, සා අත්ථතො තත්රමජ්ඣත්තතාතිවෙදිතබ්බා. න කෙවලඤ්චෙත්ථ තාය සතියෙව පරිසුද්ධා, අපිච ඛො සබ්බෙපි සම්පයුත්තධම්මා, සතිසීසෙන පන දෙසනා වුත්තා.
උපෙක්ඛාසතිපාරිසුද්ධිං යනු, උපෙක්ඛාවෙන් ජනිත වූ සතිපාරිසුද්ධියයි. මේ (චතුර්ත්ථ) ධ්‍යානයෙහි වූ ස්මෘතිය ඉතා පිරිසුදු වේ, එම ස්මෘතිය පිළිබඳ වූ යම් පාරිසුද්ධියක් වේනම් එය අන් හේතුවෙකින් නොව උපෙක්ඛා හේතුවෙන්ම සිද්ධ වේ. එහෙයින් මෙය උපෙක්ඛාසති පාරිසුද්ධියයි කියනු ලැබේ. විභංගයෙහිද: මේ ස්මෘතිය මේ උපේක්ෂාවෙන් පැහැදිලි බවට පත්වේ, පිරිසිදු වේ, නිර්මල වේ. එහෙයින් එය උපෙක්ඛාසතිපාරිසුද්ධිය’යි වහරනු ලැබෙති’යි කියනලදි. මෙහි යම් උපෙක්ඛාවක් හේතුකොට සතිපාරිසුද්ධිය වේනම්, එය අර්ත්ථ වශයෙන් තත්‍රමජ්ඣත්තතා යයි දතයුතුය, මෙහිදී එම තත්‍රමජ්ඣත්තතාව හේතුකොට පිරිසුදු වනුයේ හුදෙක් ස්මෘතියම නොවේ, එමතු නොව සියලුම සම්ප්‍රයුක්ත ධර්මයෝ ‘සති’ යන ශීර්ෂයෙන් දේශනා කරන ලද්දාහුය.
තත්ථ කිඤ්චාපි අයං උපෙක්ඛා හෙට්ඨාපි තීසු ඣානෙසු විජ්ජති. යථා පන දිවා සූරියප්පභාභිභවා සොම්මභාවෙන ච අත්තනො උපකාරකත්තෙන වා සභාගාය රත්තියා අලාභා දිවා විජ්ජමානාපි චන්දලෙඛා අපරිසුද්ධා හොති අපරියොදාතා, එවමයම්පි තත්රමජ්ඣත්තුපෙක්ඛාචන්දලෙඛා විතක්කාදිපච්චනීකධම්මතෙජාභිභවා සභාගාය ච උපෙක්ඛාවෙදනාරත්තියා අප්පටිලාභා විජ්ජමානාපි පඨමාදිජ්ඣානභෙදෙසු අපරිසුද්ධා හොති. තස්සා ච අපරිසුද්ධාය දිවා අපරිසුද්ධචන්දලෙඛාය පභා විය සහජාතාපි සතිආදයො අපරිසුද්ධාව හොන්ති. තස්මා තෙසු එකම්පි “උපෙක්ඛාසතිපාරිසුද්ධි”න්ති න වුත්තං. ඉධ පන විතක්කාදිපච්චනීකධම්මතෙජාභිභවාභාවා සභාගාය ච උපෙක්ඛාවෙදනාරත්තියා පටිලාභා අයං තත්රමජ්ඣත්තුපෙක්ඛාචන්දලෙඛා අතිවිය පරිසුද්ධා. තස්සා පරිසුද්ධත්තා පරිසුද්ධචන්දලෙඛාය පභා විය සහජාතාපි සතිආදයො පරිසුද්ධා හොන්ති පරියොදාතා. තස්මා ඉදමෙව “උපෙක්ඛාසතිපාරිසුද්ධි”න්ති වුත්තන්ති වෙදිතබ්බං.
මෙම උපෙක්ඛාව වූ කලී, කිසියම් ප්‍රමාණයෙකින් පහළ ධ්‍යාන තුනෙහිද විද්‍යමාන වේ. යම්සේ වනාහි දහවල හිරුරැසින් මඩනා ලද හෙයින් හෝ සෞම්‍යභාවය හේතුකොටගෙන හෝ උපකාරක වශයෙන් යෙදෙන රාත්‍රිකාලය නොලැබීමෙන් හෝ දිවාකාලයෙහි විද්‍යාමාන වූද චන්ද්රලෙඛාව පැහැදිලි නොවේද, නිර්මල නොවේද, එසේම මෙම තත්‍රමජ්ඣත්තුපෙක්ඛා නමැති චන්ද්රලෙඛාවද විතක්ක ආදී ප්රතිපක්ෂ ධර්මයන්ගේ බලයෙන් මඩනා ලද බැවින් හෝ, උපකාරක වූ උපෙක්ඛාවෙදනා නමැති රාත්‍රිකාලය නොලැබීමෙන් හෝ ප්‍රථමාදී ධ්‍යානයන්හිද විද්‍යමානවන නමුදු නොපැහැදිලි වේ. එම තත්‍රමජ්ඣත්තුපෙක්ඛාව පිරිසිදු නොවන හෙයින් සහජාත වූ ස්මෘති ආදියද දහවල නොපැහැදිලි චන්ද්රලෙඛාවෙහි ප්‍රභාව සෙයින් නොපිරිසිදුම වේ. එහෙයින් එම ධ්‍යානයන් අතුරෙන් එකෙකුදු උපෙක්ඛාසතිපාරිසුද්ධිය’යි නොකියනලදි. මෙම චතුර්ත්ථ ධ්‍යානයෙහිදී වනාහි විතක්ක ආදී ප්රතිපක්ෂයන්ගේ බලයෙන් නොමඩනා ලද හෙයින්ද, උපෙක්ඛා වෙදනා නමැති රාත්‍රිකාලය ලැබීමෙන්ද මේ තත්‍රමජ්ඣත්තුපෙක්ඛා නමැති චන්ද්රලෙඛාවෙහි ප්‍රභාව සෙයින් සහජාත වූ ස්මෘති ආදියද පිරිසිදු වේ, නිර්මලද වේ. එහෙයින් මෙම චතුර්ත්ථ ධ්‍යානයම උපෙක්ඛා සතිපාරිසුද්ධිය’යි කියන ලදැයි දතයුතුය.
චතුත්ථන්ති ගණනානුපුබ්බතා චතුත්ථං. ඉදං චතුත්ථං සමාපජ්ජතීතිපි චතුත්ථං. යං පන වුත්තං “එකඞ්ගවිප්පහීනං දුවඞ්ගසමන්නාගත”න්ති, තත්ථ සොමනස්සස්ස පහානවසෙන එකඞ්ගවිප්පහීනතා වෙදිතබ්බා. තඤ්ච පන සොමනස්සං එකවීථියං පුරිමජවනෙසුයෙව පහීයති. තෙනස්ස තං පහානඞ්ගන්ති වුච්චති. උපෙක්ඛාවෙදනා චිත්තස්සෙකග්ගතාති ඉමෙසං පන ද්වින්නං උප්පත්තිවසෙන දුවඞ්ගසමන්නාගතතා වෙදිතබ්බා. සෙසං පඨමජ්ඣානෙ වුත්තනයමෙව. එස තාව චතුක්කජ්ඣානෙ නයො.
‘චතුත්ථං’ යනු, ගණන් අනුපිළිවෙළින් සිවුවැන්නයි, සිවුවැනිව සමවදිනු ලැබෙති’යි හෝ ‘චතුත්ථ’ නමි. එකඞ්ගවිප්පයුත්තං දුවඞ්ගසමන්නාගතං (එක් අංගයෙකින් අඩුවූ අංග දෙකෙන් සමන්විත වූ) යනුවෙන් යමක් කියන ලද්දේ ද, එහි සොමනස්සය පහවීම් වශයෙන් එකංගවිප්පහීණතාව දතයුතුය. එම සොමනස්සය වනාහි එක්ම චිත්තවීථියෙහි පූර්වජවනයන්හිදීම ප්‍රහීණ වේ, එහෙයින් එම සොමනස්සය මෙම ධ්‍යානයෙහි ප්රහාණාංගයයි කියනු ලැබේ. උපෙක්ඛාවේදනා, චිත්තෙකග්ගතා යන මේ දෙකෙහි උත්පත්ති වශයෙන් දුවංගසමන්නාගතතාව දතයුතුය. සෙස්ස ප්‍රථමධ්‍යාන විවරණයෙහි කී-නයම වේ. මේ වනාහි චතුෂ්ක ධ්‍යාන ක්‍රමයයි.