තතියජ්ඣානකථා
තතියජ්ඣානකථා
තතියජ්ඣානකථා
එවමධිගතෙ පන තස්මිම්පි වුත්තනයෙනෙව පඤ්චහාකාරෙහි චිණ්ණවසිනා හුත්වා පගුණදුතියජ්ඣානතො වුට්ඨාය “අයං සමාපත්ති ආසන්නවිතක්කවිචාරපච්චත්ථිකා, ‘යදෙව තත්ථ පීතිගතං චෙතසො උප්පිලාවිතං, එතෙනෙතං ඔළාරිකං අක්ඛායතී’ති (දී· නි· 1.96) වුත්තාය පීතියා ඔළාරිකත්තා අඞ්ගදුබ්බලා”ති ච තත්ථ දොසං දිස්වා තතියජ්ඣානං සන්තතො මනසිකරිත්වා දුතියජ්ඣානෙ නිකන්තිං පරියාදාය තතියාධිගමාය යොගො කාතබ්බො. අථස්ස යදා දුතියජ්ඣානතො වුට්ඨාය සතස්ස සම්පජානස්ස ඣානඞ්ගානි පච්චවෙක්ඛතො පීති ඔළාරිකතො උපට්ඨාති, සුඛඤ්චෙව එකග්ගතා ච සන්තතො උපට්ඨාති. තදාස්ස ඔළාරිකඞ්ගප්පහානාය සන්තඅඞ්ගපටිලාභාය ච තදෙව නිමිත්තං “පථවී පථවී”ති පුනප්පුනං මනසිකරොතො “ඉදානි තතියජ්ඣානං උප්පජ්ජිස්සතී”ති භවඞ්ගං උපච්ඡින්දිත්වා තදෙව පථවීකසිණං ආරම්මණං කත්වා මනොද්වාරාවජ්ජනං උප්පජ්ජති. තතො තස්මිංයෙවාරම්මණෙ චත්තාරි පඤ්ච වා ජවනානි ජවන්ති, යෙසං අවසානෙ එකං රූපාවචරං තතියජ්ඣානිකං, සෙසානි වුත්තනයෙනෙව කාමාවචරානීති. එත්තාවතා ච පනෙස පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති, තතියං ඣානං උපසම්පජ්ජ විහරතීති (දී· නි· 1.230; ධ· ස· 163). එවමනෙන එකඞ්ගවිප්පහීනං දුවඞ්ගසමන්නාගතං තිවිධකල්යාණං දසලක්ඛණසම්පන්නං තතියං ඣානං අධිගතං හොති පථවීකසිණං.
මෙසේ එම ද්විතීය ධ්‍යානය අවබෝධ කළ පසුද යට කියනලද නයින්ම පංචාකාරයෙන් චිණ්ණවසී භාවයට පත්ව ප්‍රගුණ කළ ද්විතීය ධ්‍යානයෙන් නැඟී, ‘මේ සමාපත්තිය විතක්ක-විචාර නැමති ප්රතිපක්ෂයන්ගෙන් නුදුරුව සිටියේයිද, පීති යනු සිතෙහි ඉල්පීමයි, එහෙයින් එය ඕළාරිකයයි’ කියනු ලැබේ යනුවෙන් පවසනලද පීතිය ඕළාරික වන බැවින් එය දුර්වල අංග ඇත්තේයයිද, මෙසේ එම ද්විතීය ධ්‍යානයෙහි දොස් දැක, තෘතීය ධ්‍යානය ශාන්ත වශයෙන් මෙනෙහිකොට ද්විතීය ධ්‍යානයෙහි රිසිය මැඩලා තෘතීයධ්යානාධිගමය පිණිස භාවනානුයෝගය කටයුතුය. ඉක්බිති යම් කලෙක ද්විතීය ධ්‍යානයෙන් නැඟී සිහි ඇතිව, මනා නුවණින් යුක්තව, ධ්‍යානාංගයන් ප්රත්යවෙක්ෂා කරණ මේ යෝගාවචරයාහට පීතිය ඔළාරික වශයෙන් වැටහේද, සුඛයද එකග්ගතාවද ශාන්ත ලෙසින් වැටහේද, එකල එම ඔළාරික අංගය ප්‍රහීණ කරනු පිණිසද, ශාන්ත අංගයන් ලබනු පිණිසද, එම නිමිත්තම ‘පඨවී පඨවී’ යනුවෙන් නැවත නැවතත් මෙනෙහි කරනවිට, දැන් තෘතීය ධ්‍යානය උපදනේය’යි භවංගය සිඳගෙන එම පඨවි කසිණයම අරමුණුකොට මනොද්වාරා වර්ජනය උපදී. ඉක්බිති එම අරමුණෙහිම ජවන් සතරක් හෝ පහක් දිවෙයි, එම ජවන් අතුරෙන් අවසන් ජවනය රූපාවචර තෘතීය ධ්‍යානය වේ, සෙසු ජවන් යට කියනලද නයින්ම කාමාවචර වේ. මෙතෙකින් වනාහි මේ යෝගාවචර තෙමේ ‘පීතිය කෙරෙහි නො ඇලීමෙන්, උපෙක්ෂක වූයේම විහරණය කරයි, සිහි ඇත්තේ මනා නුවණින් යුතුවූයේ සුඛය කයින් විඳියි, යම් ඒ ධ්‍යානයක් ඇත්තේ උපෙක්ෂා ඇත්තේය, සිහි ඇත්තේය, සුඛවිහරණ ඇත්තේයයි ආර්යයෝ පවසත් නම්, එම තෘතීය ධ්‍යානයට සමවැද විහරණය කෙරේය’යි මෙසේ මේ යෝගාවචරයා විසින් එක් අංගයෙකින් අඩුවූ අංග දෙකෙකින් සමන්විත වූ ත්‍රිවිධ කල්‍යාණ සහිත වූ දශ ලක්ෂණයෙන් යුක්ත වූ පඨවි කසිණය අරමුණු කොට උපන් තෘතීය ධ්‍යානය අවබෝධ කරන ලද්දේ වේ.
තත්ථ පීතියා ච විරාගාති විරාගො නාම වුත්තප්පකාරාය පීතියා ජිගුච්ඡනං වා සමතික්කමො වා. උභින්නං පන අන්තරා චසද්දො සම්පිණ්ඩනත්ථො, සො වූපසමං වා සම්පිණ්ඩෙති විතක්කවිචාරානං වූපසමං වා. තත්ථ යදා වූපසමමෙව සම්පිණ්ඩෙති, තදා “පීතියා ච විරාගා කිඤ්ච භිය්යො වූපසමා චා”ති එවං යොජනා වෙදිතබ්බා. ඉමිස්සා ච යොජනාය විරාගො ජිගුච්ඡනත්ථො හොති, තස්මා “පීතියා ජිගුච්ඡනා ච වූපසමා චා”ති අයමත්ථො දට්ඨබ්බො. යදා පන විතක්කවිචාරවූපසමං සම්පිණ්ඩෙති, තදා “පීතියා ච විරාගා, කිඤ්ච භිය්යො විතක්කවිචාරානඤ්ච වූපසමා”ති එවං යොජනා වෙදිතබ්බා. ඉමිස්සා ච යොජනාය විරාගො සමතික්කමනත්ථො හොති, තස්මා “පීතියා ච සමතික්කමා විතක්කවිචාරානඤ්ච වූපසමා”ති අයමත්ථො දට්ඨබ්බො.
එහි පීතියා ච විරාගා යනු, මෙහි ‘විරාග’ නම් කියනලද ආකාර ඇති පීතිය පිළිබඳව කලකිරීමයි, නොහොත් එය ඉක්මවීමයි. පීතියා, විරාගා යන මේ පද දෙක අතර ඇති ච-කාරය සම්පිණ්ඩනාර්ත්ථයෙහි වේ. එය ‘වූපසමා’ යනු හෝ ‘විතක්ක විචාරානං වූපසමා’ යනු සම්පිණ්ඩනය කෙරේ. එහි යම් කලෙක ‘වූපසමා’ යන්න පමණක් සම්පිණ්ඩනය කෙරේ නම්, එකල ‘පීතියා විරාගා ච’ යන්නට අමතරව ‘වූපසමා ච’ යනුවෙන්ද පද යෝජනා කටයුතුය. මෙම යෝජනාවෙහි ‘විරාග’ යනු ජුගුප්සා (කලකිරීම්) අර්ත්ථ ඇත්තේ වේ. එහෙයින් පීතිය ගැන කලකිරීමෙනැ’යි, එය සන්සිඳුවීමෙනැ’යි යන මේ අර්ත්ථය දතයුතුය. යම් කලෙක වනාහි ‘විතක්ක විචාරානං වූපසමා’ යන්න සම්පිණ්ඩනය කෙරේනම්, එකල ‘පීතියා ච විරාගා’ යන්නට අමතරව ‘විතක්ක විචාරානං වූපසමා’යයි මෙසේ පදයෝජනා කටයුතුය. මෙම යෝජනාවෙහි ‘විරාගය’ යනු සමතික්රමණාර්ත්ථ ඇත්තේ වේ. එහෙයින් පීතිය ඉක්මවීමෙන්ද විතක්ක විචාරයන් සංසිඳුවීමෙන්දැයි යන මේ අර්ත්ථය දතයුතුය.
කාමඤ්චෙතෙ විතක්කවිචාරා දුතියජ්ඣානෙයෙව වූපසන්තා, ඉමස්ස පන ඣානස්ස මග්ගපරිදීපනත්ථං වණ්ණභණනත්ථඤ්චෙතං වුත්තං. විතක්කවිචාරානඤ්ච වූපසමාති හි වුත්තෙ ඉදං පඤ්ඤායති, නූන විතක්කවිචාරවූපසමො මග්ගො ඉමස්ස ඣානස්සාති. යථා ච තතියෙ අරියමග්ගෙ අප්පහීනානම්පි සක්කායදිට්ඨාදීනං “පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානා”ති (දී· නි· 1.373; ම· නි· 2.133; සං· නි· 5.184; අ· නි· 3.88) එවං පහානං වුච්චමානං වණ්ණභණනං හොති, තදධිගමාය උස්සුක්කානං උස්සාහජනකං, එවමෙව ඉධ අවූපසන්තානම්පි විතක්කවිචාරානං වූපසමො වුච්චමානො වණ්ණභණනං හොති. තෙනායමත්ථො වුත්තො “පීතියා ච සමතික්කමා විතක්කවිචාරානඤ්ච වූපසමා”ති.
ඒකාන්තයෙන්ම මේ විතක්ක විචාරයෝ ද්විතීයධ්යානයෙහිදීම සන්සිඳුවන ලද්දාහුය, මේ තෘතීය ධ්‍යානයට මාර්ගය දක්වනු පිණිසද, එහි ගුණ පවසනු පිණිසද මෙසේ කියනලදි. විතක්ක විචාරයන්ගේද ව්යුපශමනයෙහැ’යි කී කල මෙය ප්‍රකාශ වේ. ඒකාන්තයෙන් විතක්ක විචාරයන් සන්සිඳුවීම මේ තෘතීය ධ්‍යානයට මාර්ගය වේ. යම්සේ (ප්‍රථම ආර්යමාර්ගයෙන් මිස) තෘතීය ආර්යමාර්ගයෙන් ප්‍රහීණ නොකරනලද සක්කායදිට්ඨි ආදී පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහීණ කිරීමෙනැ’යි මෙසේ ප්රහාණය ගැන කීම එම තෘතීය ආර්යමාර්ගය පිණිස උත්සුකවූවන්ගේ උත්සාහජනනය සිදුවන ගුණ පැවසීමෙක් වේද, එසේම (ද්විතීය ධ්‍යානයෙහිදී මිස) මෙම තෘතීයධ්යානයෙහිදී සන්සිඳුවනු නොලද විතක්ක විචාරයන්ගේ සන්සිඳුවීම ගැන කීම ගුණ පැවසීමෙක් වේ. එහෙයින් පීතිය ඉක්මවීමෙන්ද, විතක්ක විචාරයන් සන්සිඳුවීමෙන්දැ’යි යන මේ අර්ත්ථය කියනලදි.
උපෙක්ඛකො ච විහරතීති එත්ථ උපපත්තිතො ඉක්ඛතීති උපෙක්ඛා. සමං පස්සති, අපක්ඛපතිතා හුත්වා පස්සතීති අත්ථො. තාය විසදාය විපුලාය ථාමගතාය සමන්නාගතත්තා තතියජ්ඣානසමඞ්ගී උපෙක්ඛකොති වුච්චති.
උපෙක්ඛකො ච විහරති යනු, මෙහි, සුදුසු පරිදි (උප්පත්ති වශයෙන්) බලති’යි උපෙක්ඛා නමි, සමසේ බලති’යි, අපක්ෂපාතීව බලති’යි යන අර්‍ත්‍ථයි. ව්‍යක්ත වූ මහත්වූ එම උපෙක්ෂා ගුණයෙන් සමන්විත වූ හෙයින් තෘතීයධ්‍යානයෙන් සමන්විත වූයේ ‘උපෙක්ඛක’ යයි කියනු ලැබේ.
උපෙක්ඛා පන දසවිධා හොති ඡළඞ්ගුපෙක්ඛා, බ්රහ්මවිහාරුපෙක්ඛා, බොජ්ඣඞ්ගුපෙක්ඛා, වීරියුපෙක්ඛා, සඞ්ඛාරුපෙක්ඛා, වෙදනුපෙක්ඛා, විපස්සනුපෙක්ඛා, තත්‍රමජ්ඣත්තුපෙක්ඛා, ඣානුපෙක්ඛා, පාරිසුද්ධුපෙක්ඛාති.
උපෙක්ෂාව වනාහි දශආකාර වේ: ඡලංගඋපෙක්ඛාය, බ්රහ්මවිහාරඋපෙක්ඛාය, බොජ්ඣංගඋපෙක්ඛාය, විරියඋපෙක්ඛාය, සංඛාරඋපෙක්ඛාය, වෙදනාඋපෙක්ඛාය, විපස්සනාඋපෙක්ඛාය, තත්රමජ්ඣත්තුපෙක්ඛාය, ඣානඋපෙක්ඛාය, පාරිසුද්ධිඋපෙක්ඛාය යන මේ දශ ආකාර උපෙක්ඛායි.
තත්ථ යා “ඉධ, භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති, න දුම්මනො, උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො”ති (අ· නි· 6.1) එවමාගතා ඛීණාසවස්ස ඡසු ද්වාරෙසු ඉට්ඨානිට්ඨඡළාරම්මණාපාථෙ පරිසුද්ධපකතිභාවාවිජහනාකාරභූතා උපෙක්ඛා, අයං ඡළඞ්ගුපෙක්ඛා නාම.
එහි, ‘මේ ශාසනයෙහි ක්ෂීණාශ්රව භික්ෂු තෙමේ ඇසින් රූපයක් දැක සොම්නස් නොවෙයි, දොම්නස්ද නොවෙයි, සිහි ඇතිව මනා නුවණින් යුතුව, උපෙක්ෂකවද විහරණය කෙරේ’ යනුවෙන් යම් උපෙක්ෂාවක් මෙසේ දක්වන ලද්දේ ද, ක්ෂීණාශ්රවයාගේ ෂඩ්ද්වාරයෙහි ඉෂ්ටානිෂ්ට ෂඩාලම්බනයන් සම්මුඛ වීමෙහිදී පිරිසිදු පියවිබව නොහරනා ආකාරයෙන් සිටි මේ උපෙක්ෂාව ජළංගුපෙක්ඛා නම් වේ.
යා පන “උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරතී”ති (දී· නි· 1.556; ම· නි· 1.77) එවමාගතා සත්තෙසු මජ්ඣත්තාකාරභූතා උපෙක්ඛා, අයං බ්රහ්මවිහාරුපෙක්ඛා නාම.
යම් උපෙක්ෂාවක්, ‘උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා විහරණය කෙරේ’ යනුවෙන් මෙසේ දක්වන ලද්දේ ද, සත්ත්වයන් කෙරෙහි මධ්‍යස්ථ ස්වභාවයෙන් වූ මේ උපේක්ෂාව බ්රහ්මවිහාරඋපෙක්ඛා නම් වේ.
යා “උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිත”න්ති (ම· නි· 1.27) එවමාගතා සහජාතධම්මානං මජ්ඣත්තාකාරභූතා උපෙක්ඛා, අයං බොජ්ඣඞ්ගුපෙක්ඛා නාම.
යම් උපේක්ෂාවක්, ‘විටෙක නිශ්රිත වූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි’ යනුවෙන් මෙසේ දක්වන ලද්දේ ද, සහජාත ධර්මයන් කෙරෙහි මධ්‍යස්ථාකාරයෙන් පවත්නා මේ උපේක්ෂාව බොජ්ඣංගුපෙක්ඛා නම් වේ.
යා පන “කාලෙනකාලං උපෙක්ඛානිමිත්තං මනසිකරොතී”ති (අ· නි· 3.103) එවමාගතා අනච්චාරද්ධනාතිසිථිලවීරියසඞ්ඛාතා උපෙක්ඛා, අයං වීරියුපෙක්ඛා නාම.
යම් උපේක්ෂාවක්, ‘කලින් කල උපේක්ෂා නිමිත්ත මෙනෙහි කරයි’ යනුවෙන් මෙසේ දක්වන ලද්දේ ද, ඉතා දැඩි ලෙසින් හෝ ඉතා ලිහිල් ලෙසින් නො-ඇරඹි වීර්යය පවසන ලද්දේ ද, මේ උපෙක්ෂාව විරියඋපෙක්ඛා නම් වේ.
යා “කති සඞ්ඛාරුපෙක්ඛා සමථවසෙන උප්පජ්ජන්ති, කති සඞ්ඛාරුපෙක්ඛා විපස්සනාවසෙන උප්පජ්ජන්ති . අට්ඨ සඞ්ඛාරුපෙක්ඛා සමථවසෙන උප්පජ්ජන්ති. දස සඞ්ඛාරුපෙක්ඛා විපස්සනාවසෙන උප්පජ්ජන්තී”ති (පටි· ම· 1.57) එවමාගතා නීවරණාදිපටිසඞ්ඛාසන්තිට්ඨනා ගහණෙ මජ්ඣත්තභූතා උපෙක්ඛා, අයං සඞ්ඛාරුපෙක්ඛා නාම.
යම් උපේක්ෂාවක්, ‘සංස්කාර උපෙක්ෂා කීයක් සමාධි වශයෙන් උපදීද? සංස්කාරොපෙක්ෂා කීයක් විදර්ශනා වශයෙන් උපදීද? සංස්කාරොපෙක්ෂා අටක් සමාධි වශයෙන් උපදී, සංස්කාරොපෙක්ෂා දහයක් විදර්ශනා වශයෙන් උපදී’ යනුවෙන් මෙසේ දක්වන ලද්දේ ද, නීවරණාදිය පරීක්ෂාකොට සනිටුහන් ගැනීමෙහිදී මධ්‍යස්ථ වූ මේ උපෙක්ෂාව සංඛාරුපෙක්ඛා නම්වේ.
යා පන “යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගත”න්ති (ධ· ස· 150) එවමාගතා අදුක්ඛමසුඛසඤ්ඤිතා උපෙක්ඛා, අයං වෙදනුපෙක්ඛා නාම.
යම් උපේක්ෂාවක් වනාහි, ‘යම් කලෙක උපෙක්ෂා සහගත වූ කාමාවචර කුශල චිත්තයක් උපන්නේ වේද’ යනුවෙන් මෙසේ දක්වන ලද්දේ ද, අදුඃඛ වූ අසුඛවූද, සංඥා ඇති මේ උපෙක්ෂාව වෙදනාඋපෙක්ඛා නම් වේ.
යා “යදත්ථි යං භූතං, තං පජහති, උපෙක්ඛං පටිලභතී”ති (ම· නි· 3.71; අ· නි· 7.55) එවමාගතා විචිනනෙ මජ්ඣත්තභූතා උපෙක්ඛා, අයං විපස්සනුපෙක්ඛා නාම.
යම් උපෙක්ෂාවක්, ‘යමක් (යම් ස්කන්ධපංචකයක්) පවත්නේ වේද, යමක් පැවතියේ වේද, එය අත්හරිනුයේ උපෙක්ෂාව ලබන්නේය’ යනුවෙන් මෙසේ දක්වන ලද්දේ ද, රැස් කිරීමෙහිලා මධ්‍යස්ථ වූ මේ උපේක්ෂාව විපස්සනාඋපෙක්ඛා නම් වේ.
යා පන ඡන්දාදීසු යෙවාපනකෙසු ආගතා සහජාතානං සමවාහිතභූතා උපෙක්ඛා, අයං තත්‍රමජ්ඣත්තුපෙක්ඛා නාම.
යම් උපේක්ෂාවක් වනාහි ඡන්දාදී වූ යම්බඳු ස්වරූපයක ධර්මයන් කෙරෙහි ආයේද, සහජාත ධර්මයන් සමව ඉසිලීමට කාරණ වූ මෙම උපෙක්ෂාව තත්‍රමජ්ඣත්තුපෙක්ඛා නම් වේ.
යා “උපෙක්ඛකො ච විහරතී”ති (දී· නි· 1.230; ධ· ස· 163) එවමාගතා අග්ගසුඛෙපි තස්මිං අපක්ඛපාතජනනී උපෙක්ඛා, අයං ඣානුපෙක්ඛා නාම.
යම් උපේක්ෂාවක්, ‘උපෙක්ඛකො ච විහරති’ (උපේක්ෂාවෙන් යුක්තව විහරණය කෙරේ) යනුවෙන් මෙසේ ආයේද, අග්‍ර වූ ධ්‍යානසුඛ විෂයෙහි පවා අපක්ෂපාතබව දනවන එම උපෙක්ෂාව ඣානුපෙක්ඛා නම් වේ.
යා පන “උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣාන”න්ති (දී· නි· 1.232; ධ· ස· 165) එවමාගතා සබ්බපච්චනීකපරිසුද්ධා පච්චනීකවූපසමනෙපි අබ්යාපාරභූතා උපෙක්ඛා, අයං පාරිසුද්ධුපෙක්ඛා නාම.
යම් උපේක්ෂාවක් වනාහි, ‘උපෙක්ඛා සති පාරිසුද්ධිං චතුත්ථජ්ඣානං’ (උපෙක්ඛා සතිපාරිසුද්ධි සහිත චතුර්ත්ථ ධ්‍යානය) යනුවෙන් මෙසේ දක්වන ලද්දේ ද, සියලු නීවරණ නමැති ප්රතිපක්ෂයන්ගෙන් පිරිසිදු වූ, එම ප්රතිපක්ෂයන් සන්සිඳුවීමෙහිදී පවා ව්‍යාපාර රහිත වූ මෙම උපෙක්ෂාව පාරිසුද්ධිඋපෙක්ඛා නම් වේ.
තත්ර ඡළඞ්ගුපෙක්ඛා ච බ්රහ්මවිහාරුපෙක්ඛා ච බොජ්ඣඞ්ගුපෙක්ඛා ච තත්‍රමජ්ඣත්තුපෙක්ඛා ච ඣානුපෙක්ඛා ච පාරිසුද්ධුපෙක්ඛා ච අත්ථතො එකා, තත්‍රමජ්ඣත්තුපෙක්ඛාව හොති. තෙන තෙන අවත්ථාභෙදෙන පනස්සා අයං භෙදො. එකස්සාපි සතො සත්තස්ස කුමාරයුවථෙරසෙනාපතිරාජාදිවසෙන භෙදො විය. තස්මා තාසු යත්ථ ඡළඞ්ගුපෙක්ඛා, න තත්ථ බොජ්ඣඞ්ගුපෙක්ඛාදයො. යත්ථ වා පන බොජ්ඣඞ්ගුපෙක්ඛා, න තත්ථ ඡළඞ්ගුපෙක්ඛාදයො හොන්තීති වෙදිතබ්බා.
එහි ඡළංගුපෙක්ඛාවද, බ්‍රහ්මවිහාර-උපෙක්ඛාවද, බොජ්ඣංගුපෙක්ඛාවද, තත්රමජ්ඣත්තුපෙක්ඛාවද, ඣානුපෙක්ඛාවද, පාරිසුද්ධිඋපෙක්ඛාවද අර්ත්ථ වශයෙන් සමාන වූ තත්රමජ්ඣත්තුපෙක්ඛාවම වේ. ඒ ඒ අවස්ථාභේදය අනුව උපෙක්ඛාව පිළිබඳ මේ භේදය වේ. එක්ම පුද්ගලයකු පිළිබඳව වුවද, ළදරු, තරුණ, වැඩිහිටි, සෙන්පති, රජ ආදි වශයෙන් විවිධ අවස්ථාවන් පිළිබඳ භේදය වැනිය. එහෙයින් යම් තැනෙක ඡළංගුපෙක්ඛාව ඇත්තේද, එතැන බොජ්ඣංගුපෙක්ඛා ආදිය නොවේ, යම් තැනෙක වනාහි බොජ්ඣංගුපෙක්ඛාව ඇත්තේද, එතැන ඡළංගුපෙක්ඛාදිය නොවේයයි දතයුතුය.
යථා චෙතාසමත්ථතො එකීභාවො, එවං සඞ්ඛාරුපෙක්ඛා විපස්සනුපෙක්ඛානම්පි. පඤ්ඤා එව හි සා කිච්චවසෙන ද්විධා භින්නා. යථා හි පුරිසස්ස සායං ගෙහං පවිට්ඨං සප්පං අජපදදණ්ඩං ගහෙත්වා පරියෙසමානස්ස තං ථුසකොට්ඨකෙ නිපන්නං දිස්වා “සප්පො නු ඛො, නො”ති අවලොකෙන්තස්ස සොවත්තිකත්තයං දිස්වා නිබ්බෙමතිකස්ස “සප්පො, න සප්පො”ති විචිනනෙ මජ්ඣත්තතා හොති, එවමෙව යා ආරද්ධවිපස්සකස්ස විපස්සනාඤාණෙන ලක්ඛණත්තයෙ දිට්ඨෙ සඞ්ඛාරානං අනිච්චභාවාදිවිචිනනෙ මජ්ඣත්තතා උප්පජ්ජති, අයං විපස්සනුපෙක්ඛා නාම. යථා පන තස්ස පුරිසස්ස අජපදදණ්ඩෙන ගාළ්හං සප්පං ගහෙත්වා “කිං තාහං ඉමං සප්පං අවිහෙඨෙන්තො අත්තානඤ්ච ඉමිනා අඩංසාපෙන්තො මුඤ්චෙය්ය”න්ති මුඤ්චනාකාරමෙව පරියෙසතො ගහණෙ මජ්ඣත්තතා හොති. එවමෙව යා ලක්ඛණත්තයස්ස දිට්ඨත්තා ආදිත්තෙ විය තයො භවෙ පස්සතො සඞ්ඛාරග්ගහණෙ මජ්ඣත්තතා, අයං සඞ්ඛාරුපෙක්ඛා නාම. ඉති විපස්සනුපෙක්ඛාය සිද්ධාය සඞ්ඛාරුපෙක්ඛාපි සිද්ධාව හොති. ඉමිනා පනෙසා විචිනනග්ගහණෙසු මජ්ඣත්තසඞ්ඛාතෙන කිච්චෙන ද්විධා භින්නාති. වීරියුපෙක්ඛා පන වෙදනුපෙක්ඛා ච අඤ්ඤමඤ්ඤඤ්ච අවසෙසාහි ච අත්ථතො භින්නා එවාති.
යම්සේ අර්ත්ථ වශයෙන් මොවුන්ගේ සමාන බවක් ඇත්ද, එසේම සංඛාරුපෙක්ඛා විපස්සනා-උපෙක්ඛා යන දෙකෙහිද අර්ත්ථ වශයෙන් සමාන බවෙක් ඇත. ප්‍රඥාවම කෘත්‍ය වශයෙන් දෙආකාරයෙන් බෙදුණේ වේ. යම්සේ වනාහි සවස්කල ගෙට පිවිසි සර්පයකු, අජපද (එළුකකුලක් මෙන් නැමුණ) දණ්ඩක් ගෙන සොයන පුරුෂයකු, වී (ථුස-දහය්යා) කොටුවෙහි හොත් සර්පයා දැක, සර්පයෙක් දෝ නැද්දෝ’යි පිරික්සනවිට සෝවැති (ස්වස්තික ලකුණු) තුන දැක විමති රහිතව, සර්පයෙක්දෝ නැත්දෝ’යි (තවදුරටත්) සෙවීමෙහි නිරපේක්ෂ වේද, එසේම ඇරඹි විදර්ශනා ඇත්තහුගේ විදර්ශනා ඥානයෙන් තිලකුණු දුටු කල්හි සංස්කාරයන්ගේ අනිත්‍යස්වභාවය ආදිය සෙවීමෙහි නිරපෙක්ෂකතාව ඔහු තුළ උපදී. මේ විපස්සනා උපෙක්ඛායි. යම්සේ වනාහි අජපද දණ්ඩෙන් ඒ සර්පයා දැඩිලෙස ගෙන, ( ඉක්බිති) ‘කෙසේ නම් මේ සර්පයා පීඩාවට පත් නොකොට, සර්පයා ලවා දෂ්ට කරවා නොගෙන මුදාහරිම්දෝ’යි මුදාහරින ආකාරයට සොයන ඒ පුරුෂයාහට සර්පයා අල්වා තබාගැනීමෙහිලා උපෙක්ෂකතාව උපදී ද, එසේම තිලකුණු දක්නාලද හෙයින් භවත්රයය ඇවිල ගියාක් මෙන් දක්නහුට සංස්කාරයන් ගැනීමෙහිලා මැදහත් බවක් වන්නේද එය සංඛාරුපෙක්ඛායි. මෙසේ විපස්සනා-උපෙක්ඛාව සිද්ධ වූ කල්හි සංඛාරුපෙක්ඛාවද සිද්ධවූයේම වේ. මේ ප්‍රඥාව වනාහි සෙවීම් ගැනීම් යන දෙක්හි මධ්‍යස්ථතා සංඛ්‍යාත වූ කෘත්‍යයෙන් දෙවැදෑරුම්ව බිඳුණේ වේ. විරියුපෙක්ඛාව හා වෙදනා-උපෙක්ඛාව එකිනෙකින්ද, සෙසු උපෙක්ඛාවන්ගෙන්ද අර්ත්ථ වශයෙන් බෙදුණේම වේ.
ඉති ඉමාසු උපෙක්ඛාසු ඣානුපෙක්ඛා ඉධාධිප්පෙතා. සා මජ්ඣත්තලක්ඛණා, අනාභොගරසා, අබ්යාපාරපච්චුපට්ඨානා, පීතිවිරාගපදට්ඨානාති. එත්ථාහ, නනු චායමත්ථතො තත්‍රමජ්ඣත්තුපෙක්ඛාව හොති, සා ච පඨමදුතියජ්ඣානෙසුපි අත්ථි. තස්මා තත්රාපි උපෙක්ඛකො ච විහරතීති එවමයං වත්තබ්බා සියා, සා කස්මා න වුත්තාති. අපරිබ්යත්තකිච්චතො. අපරිබ්යත්තඤ්හි තස්සා තත්ථ කිච්චං විතක්කාදීහි අභිභූතත්තා. ඉධ පනායං විතක්කවිචාරපීතීහි අනභිභූතත්තා උක්ඛිත්තසිරා විය හුත්වා පරිබ්යත්තකිච්චා ජාතා, තස්මා වුත්තාති.
මෙසේ මේ උපෙක්ඛාවන් අතුරෙන් මෙහිලා ඣානුපෙක්ඛාව අභිප්‍රේත වේ. එම උපෙක්ඛාව මැදහත්බව ලක්‍ෂණකොට ඇත්තේය, මෙනෙහි නොකිරීම කෘත්‍යකොට ඇත්තේය, ව්‍යාපාර රහිත බව වැටහීම්කොට ඇත්තේය, පීතිවිරාගය ආසන්න කාරණකොට ඇත්තේය. මෙහිලා කිවයුත්තෙකි: අර්ත්ථ වශයෙන් මේ තත්රමජ්ඣත්තුපෙක්ඛාවම නොවේද? එය ප්‍රථම ද්විතීය ධ්‍යානයන්හි ද ඇත, එහෙයින් එම ප්‍රථම ද්විතීය ධ්‍යානයන්හිද ‘උපෙක්ඛකො ච විහරති’ (උපේක්ෂාවෙන් යුක්තව වෙසේ) යයි මෙසේ මෙය කිවයුතු වන්නේය. කවර හෙයින් නොකියන ලද්දේ ද යත්, ප්‍රකට නොවූ කෘත්‍ය ඇති හෙයිනි. එහි වනාහි එම තත්රමජ්ඣත්තුපෙක්ඛාවෙහි කෘත්‍යයන් ප්‍රකට නොවේ, විතක්කාදියෙන් යටපත්වූ හෙයිනි. මෙම තෘතීය ධ්‍යානයෙහිදී වනාහි විතක්ක, විචාර, පීති යන මෙයින් නොමඩනාලද හෙයින් නඟාගත් හිස් ඇත්තකු සෙයින් ප්‍රකට වූ කෘත්‍ය ඇත්තේ වේ. එහෙයින් (උපෙක්ඛකො ච විහරති’යි) කියන ලදි.
නිට්ඨිතා උපෙක්ඛකො ච විහරතීති එතස්ස සබ්බසො අත්ථවණ්ණනා.
‘උපෙක්ඛකො ච විහරති’ යන මෙහි සියලු ආකාරයෙන් කළ අර්ත්ථ වර්ණාව සමාප්තයි.
ඉදානි සතො ච සම්පජානොති එත්ථ සරතීති සතො. සම්පජානාතීති සම්පජානො. පුග්ගලෙන සති ච සම්පජඤ්ඤඤ්ච වුත්තං. තත්ථ සරණලක්ඛණා සති, අසම්මුස්සනරසා, ආරක්ඛපච්චුපට්ඨානා. අසම්මොහලක්ඛණං සම්පජඤ්ඤං, තීරණරසං, පවිචයපච්චුපට්ඨානං.
ඉක්බිති සතො ච සම්පජානො යන මෙහි සිහි කෙරෙති’යි ‘සත’ නමි, මනාකොට දනිති’යි සම්පජාන නමි. සිහියද මනා දැනීමද, පුද්ගල වශයෙන් ගෙන මෙසේ කියනලදි. එහි සති (සිහි) ය සිහිකිරීම ලක්‍ෂණකොට ඇත්තේය, සිහිවිකල නොවීම කෘත්‍යකොට ඇත්තේය, කෙලෙසුන්ගෙන් ආරක්ෂාවීම වැටහීම්කොට ඇත්තේය, සම්පජඤ්ඤය (මනාසේ දැනීම) නොමුළාබව ලක්‍ෂණකොට ඇත්තේය, විනිශ්චය කිරීම කෘත්‍යකොට ඇත්තේය, වීමංසනය වැටහීම්කොට ඇත්තේය,
තත්ථ කිඤ්චාපි ඉදං සතිසම්පජඤ්ඤං පුරිමජ්ඣානෙසුපි අත්ථි. මුට්ඨසතිස්ස හි අසම්පජානස්ස උපචාරමත්තම්පි න සම්පජ්ජති, පගෙව අප්පනා. ඔළාරිකත්තා පන තෙසං ඣානානං භූමියං විය පුරිසස්ස චිත්තස්ස ගති සුඛා හොති, අබ්යත්තං තත්ථ සතිසම්පජඤ්ඤකිච්චං. ඔළාරිකඞ්ගප්පහානෙන පන සුඛුමත්තා ඉමස්ස ඣානස්ස පුරිසස්ස ඛුරධාරායං විය සතිසම්පජඤ්ඤකිච්චපරිග්ගහිතා එව චිත්තස්ස ගති ඉච්ඡිතබ්බාති ඉධෙව වුත්තං. කිඤ්ච භිය්යො, යථා ධෙනුපගො වච්ඡො ධෙනුතො අපනීතො අරක්ඛියමානො පුනදෙව ධෙනුං උපගච්ඡති, එවමිදං තතියජ්ඣානසුඛං පීතිතො අපනීතං, තං සතිසම්පජඤ්ඤාරක්ඛෙන අරක්ඛියමානං පුනදෙව පීතිං උපගච්ඡෙය්ය, පීතිසම්පයුත්තමෙව සියා. සුඛෙ වාපි සත්තා සාරජ්ජන්ති, ඉදඤ්ච අතිමධුරං සුඛං, තතො පරං සුඛාභාවා. සතිසම්පජඤ්ඤානුභාවෙන පනෙත්ථ සුඛෙ අසාරජ්ජනා හොති, නො අඤ්ඤථාති ඉමම්පි අත්ථවිසෙසං දස්සෙතුං ඉදමිධෙව වුත්තන්ති වෙදිතබ්බං.
මේ සිහි නුවණ දෙක ප්‍රථම ද්විතීය යන පළමු ධ්‍යානයන්හිද ඇත, සිහිමුළාවූවහුට, නුවණ නැත්තහුට උපචාර මාත්රයෙකුදු සිද්ධ නොවේ, අර්පණාව කැලම සිද්ධ නොවේ. ඒ පූර්ව ධ්‍යානයන් ඔළාරිකවන හෙයින් භූමියෙහි පුරුෂයකුගේ ගමන මෙන් සිතෙහි ගමන සුව වේ, එම ධ්යානයන්හිදී සතිසම්පඤ්ඤයන්ගේ කෘත්‍යය ව්‍යක්ත නොවේ. ඔළාරිකාංගයන්ගේ ප්‍රහාණයෙන් මේ (තුන්වන) ධ්‍යානය සියුම් වන හෙයින්, පුරුෂයකුගේ කරකැති (දැළිපිහි) මුවහතෙහි ගමන මෙන් සතිසම්පජඤ්ඤ දෙකෙහි කෘත්‍යයෙන් යුක්ත වූ සිතෙහි ගමන කැමති විය යුතුයයි මෙහිම කී නියායි. යලි කිමෙක්ද යත්, යම්සේ දෙන වෙත ගෙනෙන ලද වස්සෙක් දෙනගෙන් ඉවත් කරන ලද්දේ, නොරක්නා ලදහොත්, නැවත දෙන කරා එළඹෙන්නේද, එසේම මේ තෘතීය ධ්‍යාන සුඛය පීතිය කෙරෙන් වෙන් කරන ලදුයේ සතිසම්පජඤ්ඤයෙන් නොරක්නා ලදහොත් නැවත පීතිය කරා එළඹෙන්නේය, පීති සම්පයුත්ත (ද්විතීය ධ්‍යානය) ම වන්නේය. සුඛයෙහිද සත්ත්වයෝ ඇලෙති, මේ (තෘතීය ධ්‍යාන) සුඛයද ඉතා මිහිරි වන්නේය, එයට වැඩි තරම් වූ සුඛයක් නොමැති හෙයිනි. සතිසම්පජඤ්ඤ බලයෙන්ම මිස අන් ලෙසකින් මේ (තෘතීය ධ්‍යාන) සුඛයෙහි නො-ඇලීම නොම වන්නේය. මේ අරුත් වෙසෙසද දක්වනු පිණිස මෙය (සිහිනුවණ යන දෙක) මෙහිම කියන ලදැ’යි දතයුතුය.
ඉදානි සුඛඤ්ච කායෙන පටිසංවෙදෙතීති එත්ථ කිඤ්චාපි තතියජ්ඣානසමඞ්ගිනො සුඛපටිසංවෙදනාභොගො නත්ථි. එවං සන්තෙපි යස්මා තස්ස නාමකායෙන සම්පයුත්තං සුඛං. යං වා තං නාමකායසම්පයුත්තං සුඛං, තංසමුට්ඨානෙනස්ස යස්මා අතිපණීතෙන රූපෙන රූපකායො ඵුටො, යස්ස ඵුටත්තා ඣානා වුට්ඨිතොපි සුඛං පටිසංවෙදෙය්ය. තස්මා එතමත්ථං දස්සෙන්තො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙතීති ආහ.
ඉක්බිති, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති (කයින් සුවයද විඳිනේය) යන මෙහි: තෘතීය ධ්‍යානයෙන් සමන්විත පුද්ගලයාට කිසිසේත් සුව විඳීමේ මනස්කාරයෙක් නැත. එතෙකුදු වුවත්, යම්හෙයකින් ඔහුගේ නාමකාය සම්ප්‍රයුක්ත සුවයෙක් වේද, නොහොත් නාමකාය හා සමග බැදුණු යම් ඒ සුවයෙක් වේද, යම්හෙයකින් එයින් හටගත් ඉතා ප්‍රණීතවූ රූපයෙකින් ඒ ධ්යානලාභියාගේ රූපකාය ස්පර්ශ කරන ලද්දේ ද, එම රූපයෙන් ස්පර්ශ කරනලද හෙයින් ධ්‍යානයෙන් නැඟි කල්හිද කායික සුවය විඳිනේය, එහෙයින් එම අර්ත්ථය දක්වමින් ‘සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති’යි කීය.
ඉදානි යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති එත්ථ යංඣානහෙතු යංඣානකාරණා තං තතියජ්ඣානසමඞ්ගිපුග්ගලං බුද්ධාදයො අරියා ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති පකාසෙන්ති, පසංසන්තීති අධිප්පායො. කින්ති? උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති. තං තතියං ඣානං උපසම්පජ්ජ විහරතීති එවමෙත්ථ යොජනා වෙදිතබ්බා.
ඉක්බිති යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරී (යම් ඒ ධ්‍යානලාභියකු පිළිබඳව ‘උපේක්ෂා ඇත්තේය, සිහි ඇත්තේය, සුඛවිහරණ ඇත්තේයයි ආර්යයෝ කියත්ද) යන මෙහි යම් ධ්‍යානයක් හේතුකොට, යම් ධ්‍යානයක් අරබයා බුද්ධාදී ආර්යයෝ ඒ තෘතිය ධ්‍යානයෙන් යුත් පුද්ගලයා පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් පවසත්ද, දෙසත්ද, පනවත්ද, පිහිටුවත්ද, විවරණ කෙරෙත්ද, විභාග කෙරෙත්ද, ප්‍රකට කෙරෙත්ද යනු, ප්‍රශංසා කෙරෙතියි අභිප්‍රායයි. කෙසේද යත්, උපෙක්ඛකො සතිමා සුඛවිහාරී (උපෙක්ෂා ඇත්තේය, සිහි ඇත්තේය, සුඛවිහරණ ඇත්තේය) යනුවෙනි. ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේය’යි මෙහි යෝජනා දතයුතුය.
කස්මා පන තං තෙ එවං පසංසන්තීති? පසංසාරහතො. අයඤ්හි යස්මා අතිමධුරසුඛෙ සුඛපාරමිප්පත්තෙපි තතියජ්ඣානෙ උපෙක්ඛකො, න තත්ථ සුඛාභිසඞ්ගෙන ආකඩ්ඪියති. යථා ච පීති න උප්පජ්ජති, එවං උපට්ඨිතසතිතාය සතිමා. යස්මා ච අරියකන්තං අරියජනසෙවිතමෙව ච අසංකිලිට්ඨං සුඛං නාමකායෙන පටිසංවෙදෙති, තස්මා පසංසාරහො හොති . ඉති පසංසාරහතො නං අරියා තෙ එවං පසංසාහෙතුභූතෙ ගුණෙ පකාසෙන්තො “උපෙක්ඛකො සතිමා සුඛවිහාරී”ති එවං පසංසන්තීති වෙදිතබ්බං.
කවර හෙයින් ඒ ආර්යයෝ තෘතියධ්යානලාභී පුද්ගලයකු මෙසේ පසසත්ද? එසේ ප්‍රශංසා ලැබීමට සුදුසුවන හෙයිනි. මේ තෘතීය ධ්‍යානලාභී තෙමේ වනාහි යම්හෙයකින් ඉතා මිහිරි සුව ඇති, සුවයෙහි පරම කෙළවරට ගිය එම තෘතිය ධ්‍යානයෙහි උපෙක්ෂා ඇත්තේ වේද, සුවයයි යන හැඟීමෙන් එය වෙන නොඇදේ ද, යම් හෙයකින් පීතිය නොඋපදී ද, එසේ එළඹසිටි සිහි ඇත්තේය. තවද යම් හෙයකින් ආර්යයනට රුචි වූ ආර්ය ජනයා විසින් සෙවුනා ලද්දේම වූ, නොකිලිටිවූ සුඛය නාමකායෙන් අනුභව කෙරේද, එහෙයින් ප්‍රශංසාවට සුදුසු වේ. මෙසේ ප්‍රශංසාවට යෝග්‍යවන හෙයින් ඒ ආර්යයෝ ප්‍රශංසාවට හේතු වූ ගුණ ප්‍රකාශ කෙරෙමින් එම තෘතීය ධ්‍යානලාභී පුද්ගලයා, උපෙක්ෂා ඇත්තේය, සිහි ඇත්තේය, සුඛවිහරණ ඇත්තේය’යි මෙසේ ප්‍රකාශ කෙරෙති’යි දතයුතුය.
තතියන්ති ගණනානුපුබ්බතා තතියං, ඉදං තතියං සමාපජ්ජතීතිපි තතියං. යං පන වුත්තං “එකඞ්ගවිප්පහීනං දුවඞ්ගසමන්නාගත”න්ති, එත්ථ පීතියා පහානවසෙන එකඞ්ගවිප්පහීනතා වෙදිතබ්බා . සා පනෙසා දුතියජ්ඣානස්ස විතක්කවිචාරා විය අප්පනාක්ඛණෙයෙව පහීයති. තෙන නස්ස සා පහානඞ්ගන්ති වුච්චති. සුඛං චිත්තෙකග්ගතාති ඉමෙසං පන ද්වින්නං උප්පත්තිවසෙන දුවඞ්ගසමන්නාගතතා වෙදිතබ්බා. තස්මා යං විභඞ්ගෙ “ඣානන්ති උපෙක්ඛා සති සම්පජඤ්ඤං සුඛං චිත්තස්සෙකග්ගතා”ති (විභ· 591) වුත්තං, තං සපරික්ඛාරං ඣානං දස්සෙතුං පරියායෙන වුත්තං. ඨපෙත්වා පන උපෙක්ඛාසතිසම්පජඤ්ඤානි නිප්පරියායෙන උපනිජ්ඣානලක්ඛණප්පත්තානං අඞ්ගානං වසෙන දුවඞ්ගිකමෙවෙතං හොති. යථාහ – “කතමං තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති, සුඛං චිත්තස්සෙකග්ගතා”ති (ධ· ස· 163; විභ· 624). සෙසං පඨමජ්ඣානෙ වුත්තනයමෙව.
තතියං යනු ගණන් අනුපිළිවෙළින් තෙවැන්නයි, තෙවනුව සමවදිති’යි හෝ ‘තතිය’ නමි. එකඞ්ගවිප්පහීනං දුවඞ්ගසමන්නාගතං (එක් අංගයෙකින් තොර වූයේය, අංග දෙකකින් සමන්විත වූයේය) යි යම් වචනයක් කියන ලද්දේ ද, එහි, පීති අංගය ප්‍රහීණ කිරීම් වශයෙන් ඒකංග විප්පහීණතාව දතයුතුය. මේ පීතිය වනාහි ද්විතීය ධ්‍යාන විෂයෙහිදී විතක්කවිචාර යන අංගයන් පහවන්නා සේම මෙහි අර්පණා ක්ෂණයෙහිදීම පහවේ. එහෙයින් ඒ පීති අංගය මේ තෘතීය ධ්‍යාන විෂයෙහිදී ප්රහාණාංගයයි කියනු ලැබේ. සුඛ, එකාග්‍රතා යන මේ අංග දෙක පමණක් උපදනා හෙයින් දුවංගසමන්නාගතතාව දතයුතුය. එහෙයින් විභංගප්‍රකරණයෙහි, ඣානන්ති උපෙක්ඛා සතිසම්පජඤ්ඤං සුඛං චිත්තස්සෙකග්ගතා (ධ්‍යාන යනු උපෙක්ඛා, සති, සම්පජඤ්ඤ, සුඛ, චිත්තෙකග්ගතා යන මේයයි යමක් කියන ලද්දේ ද, ඒ පිරිවර සහිත ධ්‍යානය දක්වනු පිණිස පර්යාය වශයෙන් කියන ලද්දේය. උපෙක්ඛා, සති, සම්පජඤ්ඤ යන මොවුන් හැර නිෂ්පර්යාය වශයෙන් නීවරණයනට ප්රතිපක්ෂ වූ උපනිධ්යාන ලක්ෂණයට (ධ්‍යානය පිළිබඳ අරමුණු මෙනෙහි කිරීමේ ස්වභාවයට) පැමිණි (විතක්ක ආදී) අංගයන්ගේ වශයෙන් මෙය ද්වංග වූයේම වේ. කියන ලදමැයි: කතමං තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති? සුඛං චිත්තස්සෙකග්ගතා’ (එසමයෙහි කවර නම් ධ්‍යානයෙක් කවර නම් අංගද්වයෙකින් යුක්තවේද? සුඛය, චිත්තෙකග්ගතාය යන මේ අංගද්වය) යි. සෙස්ස ප්‍රථමධ්‍යාන විවරණයෙහි කී නයමයි.