යෙදුමෙන් කියවන්න

දුතියජ‍්ඣානකථා

දුතියජ‍්ඣානකථා

දුතියජ්ඣානකථා

ඉමාසු පන පඤ‍්චසු වසීසු චිණ‍්ණවසිනා පගුණපඨමජ‍්ඣානතො වුට‍්ඨාය “අයං සමාපත‍්ති ආසන‍්නනීවරණපච‍්චත්‍ථිකා, විතක‍්කවිචාරානං ඔළාරිකත‍්තා අඞ‍්ගදුබ‍්බලා”ති ච තත්‍ථ දොසං දිස‍්වා දුතියජ‍්ඣානං සන‍්තතො මනසිකත්‍වා පඨමජ‍්ඣානෙ නිකන‍්තිං පරියාදාය දුතියාධිගමාය යොගො කාතබ‍්බො. අථස‍්ස යදා පඨමජ‍්ඣානා වුට‍්ඨාය සතස‍්ස සම‍්පජානස‍්ස ඣානඞ‍්ගානි පච‍්චවෙක‍්ඛතො විතක‍්කවිචාරා ඔළාරිකතො උපට‍්ඨහන‍්ති, පීතිසුඛඤ‍්චෙව චිත‍්තෙකග‍්ගතා ච සන‍්තතො උපට‍්ඨාති, තදාස‍්ස ඔළාරිකඞ‍්ගං පහානාය සන‍්තඅඞ‍්ගපටිලාභාය ච තදෙව නිමිත‍්තං “පථවී පථවී”ති පුනප‍්පුනං මනසිකරොතො “ඉදානි දුතියජ‍්ඣානං උප‍්පජ‍්ජිස‍්සතී”ති භවඞ‍්ගං උපච‍්ඡින්‍දිත්‍වා තදෙව පථවීකසිණං ආරම‍්මණං කත්‍වා මනොද‍්වාරාවජ‍්ජනං උප‍්පජ‍්ජති . තතො තස‍්මිංයෙවාරම‍්මණෙ චත‍්තාරි පඤ‍්ච වා ජවනානි ජවන‍්ති, යෙසමවසානෙ එකං රූපාවචරං දුතියජ‍්ඣානිකං. සෙසානි වුත‍්තප‍්පකාරානෙව කාමාවචරානීති.

මේ පංචවිධ වසීන් කෙරෙහි බොහෝකල් පුරුදු වූවහු විසින් ප්‍රගුණ කරන ලද ප්‍රථමධ්‍යානයෙන් නැඟී, ‘මේ සමාපත්ති තොමෝ නීවරණ නමැති සතුරන්ගෙන් නුදුරුව සිටියාය, විතක්ක විචාරයන් ඔළාරික වූ හෙයින් දුර්වල වූ ධ්‍යානාංග ඇත්තීද වේය’යි එහි දොස් දැක ද්විතීය ධ්‍යානය ශාන්ත වශයෙන් මෙනෙහිකොට ප්‍රථම ධ්‍යානය කෙරෙහි වූ රිසිය මැඩගෙන ද්විතීය ධ්‍යානාධිගමය පිණිස භාවනායොග කටයුතුය. ඉක්බිති යම් කලෙක ප්‍රථමධ්‍යානයෙන් නැඟී සිහි ඇතිව, නුවණැතිව, ධ්‍යනාංගයන් ප්‍රත්‍යවෙක්‍ෂා කරන ඒ යෝගාවචරයාහට විතක්ක, විචාර යන දෙක ඔළාරික ලෙසින් වැටහේද, පීති, සුඛ යන දෙකද චිත්තෙකග්ගතාවද ශාන්ත ලෙසින් වැටහේද, එකල එම ඔළාරික වූ ධ්‍යානාංගයන් ප්‍රහීණ කරනු පිණිසද, ශාන්ත වූ ධ්‍යානාංගයන් ලබනු පිණිසද එම නිමිත්තම ‘පඨවී පඨවී’ යනුවෙන් නැවතත් මෙනෙහි කරන ඒ යෝගාවචරයාහට දැන් ද්විතීය ධ්‍යානය උපදනේයයි භවංගසිත සිඳගෙන එම පඨවි කසිණයම අරමුණු කොට මනොද්වාරාවර්ජනය උපදී. ඉක්බිති එම අරමුණෙහිම ජවන් සතරෙක් හෝ පසෙක් දිවේ, ඒ ජවන් අතුරෙන් අවසානයෙහිවූ ජවනය රූපාවචර ද්විතීයධ්‍යානයට අයත්වේ, සෙසු ජවන්හු යට කියනලද පරිදි කාමාවචර වේ.

එත‍්තාවතා චෙස විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. එවමනෙන ද‍්වඞ‍්ගවිප‍්පහීනං තිවඞ‍්ගසමන‍්නාගතං තිවිධකල්‍යාණං දසලක‍්ඛණසම‍්පන‍්නං දුතියං ඣානං අධිගතං හොති පථවීකසිණං.

මෙපමණෙකින් මේ යෝගාවචර තෙමේ ‘චිතක්ක විචාරයන් සන්සිදීම හේතුකොටගෙන අධ්‍යාත්මය මැනවින් ප්‍රසාද කරවන චිත්ත සමාධි සංඛ්‍යාත වූ, විතක්ක රහිත වූ, විචාර රහිතවූ, සමාධියෙන් උපන් පීතිසුඛ සහිත වූ ද්විතීයධ්‍යානයට පැමිණ විහරණය කරන්නේය’යි කියනලදි. මෙසේ මේ යෝගාවචරයා විසින් අංග දෙකකින් හීන වූ අංග තුනකින් සමන්විත වූ ත්‍රිවිධ කල්‍යාණ සහිත වූ දශ ලක්‍ෂණයෙන් යුක්තවූ ද්විතීය ධ්‍යාන සහිත වූ පඨවි කසිණය අවබෝධ කරන ලද්දේ වේ.

තත්‍ථ විතක‍්කවිචාරානං වූපසමාති විතක‍්කස‍්ස ච විචාරස‍්ස චාති ඉමෙසං ද‍්වින‍්නං වූපසමා සමතික‍්කමා, දුතියජ‍්ඣානක‍්ඛණෙ අපාතුභාවාති වුත‍්තං හොති. තත්‍ථ කිඤ‍්චාපි දුතියජ‍්ඣානෙ සබ‍්බෙපි පඨමජ‍්ඣානධම‍්මා න සන‍්ති. අඤ‍්ඤෙයෙව හි පඨමජ‍්ඣානෙ ඵස‍්සාදයො, අඤ‍්ඤෙ ඉධ. ඔළාරිකස‍්ස පන ඔළාරිකස‍්ස අඞ‍්ගස‍්ස සමතික‍්කමා පඨමජ‍්ඣානතො පරෙසං දුතියජ‍්ඣානාදීනං අධිගමො හොතීති දීපනත්‍ථං “විතක‍්කවිචාරානං වූපසමා”ති එවං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

එහි විතක්කවිචාරානං වූපසමා යනු: විතක්ක, විචාර යන මේ දෙක සන්සිඳුවීමෙනි, ඉක්මවීමෙනි. ද්විතීයධ්‍යානය ලද කෙණෙහි පටන් මේ දෙක පහළ නොවන බැවිනියි කීසේයි. එම ද්විතීයධ්‍යානයෙහිදී ප්‍රථමධ්‍යාන ස්වභාවයෝ කිසිසේත් විද්‍යමාන නොවෙති, ප්‍රථමධ්‍යානයෙහි ස්පර්ශ ආදිය එකෙකි, මෙම ද්විතීයධ්‍යානයෙහි අනෙකෙකි. ඔළාරික ඔළාරික (ඒ ඒ) අංගය ඉක්මවීමෙන් ප්‍රථම ධ්‍යානයෙන් මතු ද්විතීය ධ්‍යානාදීන්ගේ අධිගමය සිද්ධ වෙතැ’යි දක්වනු පිණිස විතක්කවිචාරානං වුපසමා’යි කියනලදැයි දතයුතුය.

අජ‍්ඣත‍්තන‍්ති ඉධ නියකජ‍්ඣත‍්තමධිප‍්පෙතං. විභඞ‍්ගෙ පන “අජ‍්ඣත‍්තං පච‍්චත‍්ත”න‍්ති එත‍්තකමෙව වුත‍්තං. යස‍්මා ච නියකජ‍්ඣත‍්තමධිප‍්පෙතං, තස‍්මා අත‍්තනි ජාතං අත‍්තනො සන‍්තානෙ නිබ‍්බත‍්තන‍්ති අයමෙත්‍ථ අත්‍ථො. සම‍්පසාදනන‍්ති සම‍්පසාදනං වුච‍්චති සද‍්ධා. සම‍්පසාදනයොගතො ඣානම‍්පි සම‍්පසාදනං. නීලවණ‍්ණයොගතො නීලවත්‍ථං විය. යස‍්මා වා තං ඣානං සම‍්පසාදනසමන‍්නාගතත‍්තා විතක‍්කවිචාරක‍්ඛොභවූපසමනෙන ච චෙතසො සම‍්පසාදයති, තස‍්මාපි සම‍්පසාදනන‍්ති වුත‍්තං. ඉමස‍්මිඤ‍්ච අත්‍ථවිකප‍්පෙ සම‍්පසාදනං චෙතසොති එවං පදසම‍්බන්‍ධො වෙදිතබ‍්බො. පුරිමස‍්මිං පන අත්‍ථවිකප‍්පෙ චෙතසොති එතං එකොදිභාවෙන සද‍්ධිං යොජෙතබ‍්බං.

අජ්ඣත්තං යනු, මෙහි ස්වකීය සන්තානය අභිප්‍රේතයි. විභංගයෙහි වනාහි අජ්ඣත්තං පච්චත්තං (අජ්ඣන්තං යනු සන්තානයයි) යන මෙපමණක්ම කියනලදි. යම් හෙයකින් ස්වසන්තානය අභිප්‍රේත වේද, එහෙයින්, ස්වසන්තානයෙහි උපන්, ස්වසන්තානයෙහි හටගත් යනු මෙහි අර්ත්‍ථයි. සම්පසාදනං යනු: ශ්‍රද්ධාව සම්පසාදනයයි කියනු ලැබේ. සම්පසාදනය හා සමග යෙදීමෙන් ධ්‍යානයද සම්පසාදන නම් වේ. නීලවර්ණය හා සමග යෙදීමෙන් වස්ත්‍රයද නීල නම් වන සේය. යම් හෙයකින් එම ධ්‍යානය සම්පසාදනයෙන් සමන්විත වන හෙයින්ද, විතක්ක විචාරයන්ගේ පැළඹීම සන්හුන් හෙයින්ද සිත ප්‍රසාදයට යන්නේද එහෙයින්ද, සම්පසාදනයයි කියනු ලැබේ. මෙම අර්ත්‍ථ විකල්පයෙහි ‘සමපසාදනං චෙතසො’ (සිතෙහි පහන් බව) යි මෙසේ පද යෙදීම දතයුතුය. පළමු කී අර්ත්‍ථ විකල්පයෙහි වනාහි චෙතසො යන මෙය එකොදිභාවං යනු හා සමග යෙදිය යුතුය.

තත්‍රායමත්‍ථයොජනා, එකො උදෙතීති එකොදි, විතක‍්කවිචාරෙහි අනජ‍්ඣාරූළ‍්හත‍්තා අග‍්ගො සෙට‍්ඨො හුත්‍වා උදෙතීති අත්‍ථො. සෙට‍්ඨොපි හි ලොකෙ එකොති වුච‍්චති. විතක‍්කවිචාරවිරහතො වා එකො අසහායො හුත්‍වා ඉතිපි වත‍්තුං වට‍්ටති. අථ වා සම‍්පයුත‍්තධම‍්මෙ උදායතීති උදි, උට‍්ඨාපෙතීති අත්‍ථො. සෙට‍්ඨට‍්ඨෙන එකො ච සො උදි චාති එකොදි, සමාධිස‍්සෙතං අධිවචනං. ඉති ඉමං එකොදිං භාවෙති වඩ‍්ඪෙතීති ඉදං දුතියජ‍්ඣානං එකොදිභාවං. සො පනායං එකොදි යස‍්මා චෙතසො, න සත‍්තස‍්ස, න ජීවස‍්ස, තස‍්මා එතං චෙතසො එකොදිභාවන‍්ති වුත‍්තං.

එහි අර්ත්‍ථ යෝජනාව මෙසේය: අසහායව නැඟෙති’යි ‘එකොදි’ නම්, විතක්ක විචාරයන් අධ්‍යාරූඪ නොවූ හෙයින් අග්‍රව, ශ්‍රේෂ්ඨව නැගෙති’යි යන අර්ත්‍ථයි. ශ්‍රේෂ්ඨ වූයේද ලෝකයෙහි ‘එක’ යනුවෙන් වහරනු ලැබේ. විතක්ක, විචාර යන දෙකින් තොරවූයේ හෝ අසහායයයි, ‘එක’ යයි කියනු වටී, නැතහොත්, (ස්පර්ශාදී) සම්ප්‍රයුක්ත ධර්මයන් උදා කරවති’යි උදී නමි, සිටුවාලයි යන අර්ත්‍ථයි, ශ්‍රේෂ්ඨාර්ත්‍ථයෙන් ‘එක’ වනුයේද එම උදී වනුයේද එමැයි එකොදී නමි. මේ සමාධියට අධිවචනයෙකි. මෙසේ මේ ‘එකොදි’ය වවනුයේ’යි, වඩනුයේ’යි මෙම ද්විතීය ධ්‍යානය ‘එකොදිභාව’ නමි. යම් හෙයකින් මෙම එකොදිභාවය සිත පිළිබඳ වූවක් මිස සත්ත්‍වයකු, ජීවියකු පිළිබඳ වූවක් නොවේද, එහෙයින් මෙය ‘චෙතසො එකොදිභාවං’ යයි කියනලදි.

නනු චායං සද‍්ධා පඨමජ‍්ඣානෙපි අත්‍ථි, අයඤ‍්ච එකොදිනාමකො සමාධි, අථ කස‍්මා ඉදමෙව “සම‍්පසාදනං චෙතසො එකොදිභාවඤ‍්චා”ති වුත‍්තන‍්ති. වුච‍්චතෙ, අදුඤ‍්හි පඨමජ‍්ඣානං විතක‍්කවිචාරක‍්ඛොභෙන වීචිතරඞ‍්ගසමාකුලමිව ජලං න සුප‍්පසන‍්නං හොති, තස‍්මා සතියාපි සද‍්ධාය “සම‍්පසාදන”න‍්ති න වුත‍්තං. න සුප‍්පසන‍්නත‍්තායෙව චෙත්‍ථ සමාධිපි න සුට‍්ඨු පාකටො, තස‍්මා “එකොදිභාව”න‍්තිපි න වුත‍්තං. ඉමස‍්මිං පන ඣානෙ විතක‍්කවිචාරපලිබොධාභාවෙන ලද‍්ධොකාසා බලවතී සද‍්ධා, බලවසද‍්ධාසහායපටිලාභෙනෙව ච සමාධිපි පාකටො, තස‍්මා ඉදමෙව එවං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. විභඞ‍්ගෙ පන “සම‍්පසාදනන‍්ති යා සද‍්ධා සද‍්දහනා ඔකප‍්පනා අභිප‍්පසාදො. චෙතසො එකොදිභාවන‍්ති යා චිත‍්තස‍්ස ඨිති…පෙ… සම‍්මාසමාධී”ති එත‍්තකමෙව වුත‍්තං. එවං වුත‍්තෙන පන තෙන සද‍්ධිං අයමත්‍ථවණ‍්ණනා යථා න විරුජ‍්ඣති, අඤ‍්ඤදත්‍ථු සංසන්‍දති චෙව සමෙති ච, එවං වෙදිතබ‍්බා.

මෙම ශ්‍රද්ධාව ප්‍රථම ධ්‍යානයෙහිද ඇත්තේ නොවේද? එකොදී නම් මෙම සමාධියද, එහි ඇත්තේ නොවේද? එසේ නම් කවර හෙයින් මේ ද්විතීය ධ්‍යානයම ‘සම්පසාදන’ නම්ද ‘චෙතසො එකොදිභාව’ නම්ද වෙති’යි කියන ලද්දේ ද? (මෙහි පරිභාර) කියනු ලැබේ. මේ ප්‍රථම ධ්‍යානය වූකලි විතක්ක විචාරයන්ගේ පැළඹීම හේතුකොටගෙන කුදුමහත් රළින් කැළඹි ජලයක් මෙන් සුපහන්වූයේ නොවේ, එහෙයින් ශ්‍රද්ධාව පැවතුණද ‘සම්පසාදන’ යයි නොකියන ලදි, සුපහන් නොවූ හෙයින්ම මේ ප්‍රථමධ්‍යාන සමාධිය මනාව ප්‍රකට නොවේ, එහෙයින් එකොදිභාව යයිද නොකියන ලදි. මේ ද්විතීය ධ්‍යානයෙහි වනාහි විතක්ක - විචාර පලිබෝධයෙන් තොරව ලද අවකාශ ඇති ශ්‍රද්ධාව බලවත් වේ. බලවත් ශ්‍රද්ධාවෙහි සහාය ලැබීමෙන්ම සමාධියද ප්‍රකට වේ. එහෙයින් මෙම ද්විතීය ධ්‍යානයම මෙසේ (සම්පසාදන නම්ද, එකොදිභාව නම්ද) වෙති’යි කියන ලදැයි දතයුතුය. විභංගයෙහි වනාහි, සම්පසාදනන්ති යා සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො, චෙතසො එකොදිභාවන්ති යා චිත්තස්ස ඨිති -පෙ-සම්මා සමාධි’ සම්පසාදන යනු, යම් ශ්‍රද්ධාවක්, ඇදහීමක්, විශ්වාස බවක්, මනාපැහැදීමක් ඇද්ද, එයයි. ‘එකොදිභාව’ යනු, සිත පිළිබඳ මනා පිහිටීමෙක් ඇද්ද -පෙ-සම්‍යක් සමාධියෙක් ඇද්ද, එයයි) යනුවෙන් මෙපමණක් කියනලදි. මෙසේ මෙහි දක්වන ලද අර්ත්‍ථයෝජන හා සමග ගෙන මෙම අර්ත්‍ථ වර්ණනාව යම්සේ විරෝධ නොවේද, නිසැකයෙන්ම සැසඳේ ද, සමාන වේද එසේයයි දතයුතුය.

අවිතක‍්කං අවිචාරන‍්ති භාවනාය පහීනත‍්තා එතස‍්මිං, එතස‍්ස වා විතක‍්කො නත්‍ථීති අවිතක‍්කං. ඉමිනාව නයෙන අවිචාරං. විභඞ‍්ගෙපි වුත‍්තං “ඉති අයඤ‍්ච විතක‍්කො අයඤ‍්ච විචාරො සන‍්තා හොන‍්ති සමිතා වූපසන‍්තා අත්‍ථඞ‍්ගතා අබ‍්භත්‍ථඞ‍්ගතා අප‍්පිතා බ්‍යප‍්පිතා සොසිතා විසොසිතා බ්‍යන‍්තිකතා, තෙන වුච‍්චති අවිතක‍්කං අවිචාර”න‍්ති (විභ· 576).

අවිතක්තං අවිචාරං යනු, භාවනා නයින් ප්‍රහීණ කරනලද හෙයින් මේ ද්විතීය ධ්‍යානයෙහි, නොහොත් මේ ධ්‍යානයට, විතක්කය නැතැයි අවිතක්ක නම්වේ, මෙනයින්ම අවිචාර නම්ද වේ. විභංගයෙහිද කියනලදි: ‘ඉති අයඤ්ච විතක්තො අයඤ්ච විචාරො සන්තා හොන්ති, සමිතා, වූපසන්තා, අත්‍ථඞ්ගතා, අබ්භත්‍ථඞ්ගතා, අප්පිතා, ව්‍යප්පිතා, සොසිතා විසොසිතා, ව්‍යාන්තීකතා, තෙන වුච්චති අවිතක්ක අවිචාරන්ති’ (මෙසේ මේ විතක්කයද මේ විචාරයද සන්සුන් වූයේ, සන්සිඳුවන ලද්දේ, ශමනය කරන ලද්දේ, අස්තයට ගියේ, වෙසෙසින් අස්තයට ගියේ, බහා තබන ලද්දේ, වෙසෙසින් බහා තබන ලද්දේ, වියලවන ලද්දේ, වෙසෙසින් වියලන ලද්දේ, අවසන් කරන ලද්දේ ද වේ, එහෙයින් අවිතක්කයයිද අවිචාරයයිද කියනු ලැබේ) යනුවෙනි.

එත්‍ථාහ “නනු ච ‘විතක‍්කවිචාරානං වූපසමා’ති ඉමිනාපි අයමත්‍ථො සිද‍්ධො, අථ කස‍්මා පුන වුත‍්තං ‘අවිතක‍්කං අවිචාර’න‍්ති”. වුච‍්චතෙ, එවමෙතං සිද‍්ධොවායමත්‍ථො, න පනෙතං තදත්‍ථදීපකං. නනු අවොචුම‍්හ “ඔළාරිකස‍්ස පන ඔළාරිකස‍්ස අඞ‍්ගස‍්ස සමතික‍්කමා පඨමජ‍්ඣානතො පරෙසං දුතියජ‍්ඣානාදීනං සමධිගමො හොතීති දස‍්සනත්‍ථං විතක‍්කවිචාරානං වූපසමාති එවං වුත‍්ත”න‍්ති.

මෙහිලා ‘විතක්කවිචාරානං වූපසමා’ යන මෙයින් මෙම අර්ත්‍ථය සිද්ධ නොවන්නේද? එසේනම් කවරහෙයින් ‘අවිතක්කං අවිචාරං’ යයි නැවත කියන ලද්දේ දැ? යි (චෝදනාවෙක් වේ. එයට පරිහාර) කියනු ලැබේ. ඒ එසේමය, මේ අර්ත්‍ථය සිද්ධ වන්නේමය, එනමුදු ‘විතක්ක විචාරානං වූපසමා’ යන මෙය එම අර්ත්‍ථය ප්‍රකට කරන්නේ නොවේ, ඒ ඒ ඔළාරික අංගය ඉක්මවීමෙන් ප්‍රථම ධ්‍යානයෙන් මතු ද්විතීය ධ්‍යානාදීන්ගේ අධිගමය වේයයි දක්වනු පිණිස විතක්ක විචාරයන් සන්සිඳුවීමෙන්යයි මෙසේ කියන ලදැ’යි යට නොපැවසුමුද?

අපිච විතක‍්කවිචාරානං වූපසමා ඉදං සම‍්පසාදනං, න කිලෙසකාලුස‍්සියස‍්ස. විතක‍්කවිචාරානඤ‍්ච වූපසමා එකොදිභාවං, න උපචාරජ‍්ඣානමිව නීවරණප‍්පහානා , පඨමජ‍්ඣානමිව ච න අඞ‍්ගපාතුභාවාති එවං සම‍්පසාදනඑකොදිභාවානං හෙතුපරිදීපකමිදං වචනං. තථා විතක‍්කවිචාරානං වූපසමා ඉදං අවිතක‍්කං අවිචාරං, න තතියචතුත්‍ථජ‍්ඣානානි විය චක‍්ඛුවිඤ‍්ඤාණාදීනි විය ච අභාවාති එවං අවිතක‍්කඅවිචාරභාවස‍්ස හෙතුපරිදීපකඤ‍්ච, න විතක‍්කවිචාරාභාවමත‍්තපරිදීපකං. විතක‍්කවිචාරාභාවමත‍්තපරිදීපකමෙව පන “අවිතක‍්කං අවිචාර”න‍්ති ඉදං වචනං. තස‍්මා පුරිමං වත්‍වාපි වත‍්තබ‍්බමෙවාති.

තවද, විතක්කවිචාරයන්ගේ ව්‍යුපශමන හේතුවෙන් මිස කෙලෙස් කිලුට සන්සිඳුවීමෙන් මෙකී සම්පසාදනය සිද්ධ නොවේ. විතක්ක විචාරයන්ගේ ප්‍යුපශමනයෙන්ම මිස උපචාරධ්‍යානය මෙන් හුදෙක් නීවරණප්‍රහාණයෙන් හෝ, ප්‍රථම ධ්‍යානය මෙන් ධ්‍යානාංගයන් පහළවීමෙන් හෝ මේ ඒකොදිභාවය සිද්ධ නොවේ. මෙසේ ‘විතක්ක විචාරානං වූපසමා’ යනු, සම්පසාදන, එකොදිභාව යන මොවුන්ගේ හේතු දක්වනු පිණිස යෙදූ වචනයි. එසේම විතක්ක විචාරයන්ගේ ව්‍යුපශමන හේතුවෙන්ම මේ ද්විතීය ධ්‍යානය ‘අවිතක්ක’ නම්ද ‘අවිචාර’ නම්ද වේ, තෘතීය චතුර්ත්‍ථ ධ්‍යානයන් මෙන්ද, චක්ඛුවිඤ්ඤාණාදිය මෙන්ද (විතක්ක විචාරයන්ගේ) අභාව හේතුවෙන් (නැති හෙයින්) නොවේ. මෙසේ ‘විතක්ක විචාරානං වූපසමා’ යනු, අවිතක්ක අවිචාර භාවයට හේතු දක්වනු පිණිස මිස එම විතක්ක විචාරයන්ගේ අභාවය (නැති බව) දක්වනු පිණිස නොවේ. ‘අවිතක්කං අවිචාරං’ යන මෙම විතක්ක විචාරයන්ගේ අභාවමාත්‍රය දක්වනු පිණිස යෙදූ වචනයි, එහෙයින්, පළමු කී වචන පැවසීමෙන් පසුවද නැවත ‘අවිතක්ක අවිචාරං’ යයි කිව යුතුම වේ.

සමාධිජන‍්ති පඨමජ‍්ඣානසමාධිතො සම‍්පයුත‍්තසමාධිතො වා ජාතන‍්ති අත්‍ථො. තත්‍ථ කිඤ‍්චාපි පඨමම‍්පි සම‍්පයුත‍්තසමාධිතො ජාතං, අථ ඛො අයමෙව සමාධි “සමාධී”ති වත‍්තබ‍්බතං අරහති විතක‍්කවිචාරක‍්ඛොභවිරහෙන අතිවිය අචලත‍්තා, සුප‍්පසන‍්නත‍්තා ච, තස‍්මා ඉමස‍්ස වණ‍්ණභණනත්‍ථං ඉදමෙව “සමාධිජ”න‍්ති වුත‍්තං. පීතිසුඛන‍්ති ඉදං වුත‍්තනයමෙව.

සමාධිජං යනු, ප්‍රථමධ්‍යාන සමාධියෙන් හෝ සම්ප්‍රයුක්ත (ද්විතීය ධ්‍යාන) සමාධියෙන් හෝ උපන්නේ’යි යන අර්ත්‍ථයි. එහි ප්‍රථමධ්‍යානයද සම්ප්‍රයුක්ත සමාධියෙන් උපන්නේ නමුදු මේ (ද්විතීය ධ්‍යාන) සමාධියම ‘සමාධි’ යයි කියනු යෝග්‍ය වේ. විතක්ක විචාරයන්ගේ පැළඹීම් නොමැති වීමෙන් අතිශය නිශ්චල වූ හෙයින් හා අතිශය ප්‍රසන්න වූ හෙයිනි. එහෙයින් මේ ද්විතීය ධ්‍යානයෙහි ගුණ පවසනු පිණිස මෙයම ‘සමාධිජ’ යයි කියන ලදි. පීතිසුඛං යන මෙය කියනලද නයින්ම වේ.

දුතියන‍්ති ගණනානුපුබ‍්බතා දුතියං. ඉදං දුතියං සමාපජ‍්ජතීතිපි දුතියං. යං පන වුත‍්තං “ද‍්වඞ‍්ගවිප‍්පහීනං තිවඞ‍්ගසමන‍්නාගත”න‍්ති, තත්‍ථ විතක‍්කවිචාරානං පහානවසෙන ද‍්වඞ‍්ගවිප‍්පහීනතා වෙදිතබ‍්බා. යථා ච පඨමජ‍්ඣානස‍්ස උපචාරක‍්ඛණෙ නීවරණානි පහීයන‍්ති, න තථා ඉමස‍්ස විතක‍්කවිචාරා. අප‍්පනාක‍්ඛණෙයෙව ච පනෙතං විනා තෙහි උප‍්පජ‍්ජති. තෙනස‍්ස තෙ “පහානඞ‍්ග”න‍්ති වුච‍්චන‍්ති. පීති සුඛං චිත‍්තෙකග‍්ගතාති ඉමෙසං පන තිණ‍්ණං උප‍්පත‍්තිවසෙන තිවඞ‍්ගසමන‍්නාගතතා වෙදිතබ‍්බා. තස‍්මා යං විභඞ‍්ගෙ “ඣානන‍්ති සම‍්පසාදො පීති සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා”ති (විභ· 580) වුත‍්තං, තං සපරික‍්ඛාරං ඣානං දස‍්සෙතුං පරියායෙන වුත‍්තං. ඨපෙත්‍වා පන සම‍්පසාදනං නිප‍්පරියායෙන උපනිජ‍්ඣානලක‍්ඛණප‍්පත‍්තානං අඞ‍්ගානං වසෙන තිවඞ‍්ගිකමෙව එතං හොති. යථාහ – “කතමං තස‍්මිං සමයෙ තිවඞ‍්ගිකං ඣානං හොති, පීති සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා”ති (ධ· ස· 161; විභ· 628). සෙසං පඨමජ‍්ඣානෙ වුත‍්තනයමෙව.

දුතියං යනු ගණන් අනුපිළිවෙළින් දෙවැන්නයි, දෙවනුව උපන්හ’යි හෝ දුතිය නමි, දෙවනුව සමවදනේ යයිද දුතිය නමි. ද්වඞ්ගවිප්පහීණං තිවඞ්ගසමාන්නාගතං යයි යමක් කියන ලද්දේ ද, එහි විතක්ක-විචාරයන්ගේ ප්‍රහාණ වශයෙන් ද්වංගවිප්‍රහීණතාව දතයුතුයි. ප්‍රථමධ්‍යානයෙහිදී නීවරණයන් පහවී යනුයේ උපචාරක්‍ෂණයෙහිදීය, මෙම (ද්විතීය) ධ්‍යානයෙහිදී විතක්කවිචාරයන් පහවනුයේ එසේ නොවේ. මෙම ද්විතීය ධ්‍යානය විතක්ක විචාරයන්ගෙන් තොරව උපදිනුයේ අර්පණාක්‍ෂණයෙහිදීය. එහෙයින්, ඒ (විතක්ක, විචාර යන) දෙක මේ ද්විතීය ධ්‍යානයෙහි ප්‍රහාණාංගයයි කියනු ලැබේ. පීති, සුඛ, චිත්තේකග්ගතා යන මේ තුනෙහි උත්පත්ති වශයෙන් තිවංගසමන්නාගතතාව දතයුතුය. එහෙයින් විභංගයෙහි, ‘ධ්‍යාන යනු සම්පසාදනයයි, පීතියයි, සුඛයයි, චිත්තේකග්ගතාවයි’ යනුවෙන් කියනලදි. සපරිවාර ධ්‍යානය දක්වනු පිණිස එය පර්යාය වශයෙන් කියන ලදි. නිෂ්පර්යාය වශයෙන් සම්ප්‍රසාදය හැර, ධ්‍යානයෙහි විශේෂ ලක්‍ෂණ බවට අංගයන්ගේ වශයෙන් මේ ද්විතීය ධ්‍යානය අංගත්‍රයයෙන් යුක්ත වූයේම වේ. යම්සේ කියන ලදද: ‘කතමං තස්මිං සමයෙ තිවඞ්ගිකං ඣානං හොති, පීතිසුඛං චිත්තෙකාග්ගතා’ (එසමයෙහි ධ්‍යානය කවර නම් අංගත්‍රයයෙන් යුක්ත වේද? පීති, සුඛ ඒකග්ගතා යන අංගත්‍රයයෙනි). සෙස්ස ප්‍රථම ධ්‍යානයෙහි කියනලද නයමැයි.