යෙදුමෙන් කියවන්න

පඤ‍්චවසීකථා

පඤ‍්චවසීකථා

පඤ්චවසීකථා

තත්‍රිමා පඤ‍්ච වසියො ආවජ‍්ජනවසී, සමාපජ‍්ජනවසී, අධිට‍්ඨානවසී, වුට‍්ඨානවසී, පච‍්චවෙක‍්ඛණවසීති. පඨමං ඣානං යත්‍ථිච‍්ඡකං යදිච‍්ඡකං යාවදිච‍්ඡකං ආවජ‍්ජෙති, ආවජ‍්ජනාය දන්‍ධායිතත‍්තං නත්‍ථීති ආවජ‍්ජනවසී. පඨමං ඣානං යත්‍ථිච‍්ඡකං…පෙ… සමාපජ‍්ජති, සමාපජ‍්ජනාය දන්‍ධායිතත‍්තං නත්‍ථීති සමාපජ‍්ජනවසී. එවං සෙසාපි විත්‍ථාරෙතබ‍්බා.

එය පිළිබඳ මෙකී පඤ්චවිධ ප්‍රාගුණ්‍යය නම්: ආවජ්ජනවසී, සමාපජ්ජනවසී, අධිට්ඨානවසී, වුට්ඨානවසී, පච්චවෙක්ඛණවසී යන මේ පස් ආකාරයයි. ප්‍රථමධ්‍යානය රිසි තැනෙක, රිසිවිටෙක, රිසිතාක් කල් ආවර්ජනය කෙරෙතියි, ආවර්ජනයෙහි ලැසි බවෙක් නැතැ’යි ආවර්ජනවසී නමි, ප්‍රථමධ්‍යානය රිසිතැනෙක-පෙ-සමවදිති’යි සමවැදීමෙහි ලැසි බවෙක් නැතැ’යි සමාපජ්ජනවසී නමි. මෙනයින්ම සෙසු වසීන්ද විස්තර කළයුතුය.

අයං පනෙත්‍ථ අත්‍ථප‍්පකාසනා, පඨමජ‍්ඣානතො වුට‍්ඨාය පඨමං විතක‍්කං ආවජ‍්ජයතො භවඞ‍්ගං උපච‍්ඡින්‍දිත්‍වා උප‍්පන‍්නාවජ‍්ජනානන‍්තරං විතක‍්කාරම‍්මණානෙව චත‍්තාරි පඤ‍්ච වා ජවනානි ජවන‍්ති. තතො ද‍්වෙ භවඞ‍්ගානි, තතො පුන විචාරාරම‍්මණං ආවජ‍්ජනං, වුත‍්තනයානෙව ජවනානීති එවං පඤ‍්චසු ඣානඞ‍්ගෙසු යදා නිරන‍්තරං චිත‍්තං පෙසෙතුං සක‍්කොති, අථස‍්ස ආවජ‍්ජනවසී සිද‍්ධා හොති. අයං පන මත්‍ථකප‍්පත‍්තා වසී භගවතො යමකපාටිහාරියෙ ලබ‍්භති , අඤ‍්ඤෙසං වා එවරූපෙ කාලෙ. ඉතො පරං සීඝතරා ආවජ‍්ජනවසී නාම නත්‍ථි.

මෙහි අරුත් පැවසීම මෙසේයි: ප්‍රථම ධ්‍යානයෙන් නැගී පළමුකොට විතක්කය ආවජ්ජන කරන්නහුට භවංග සිත සිඳගෙන උපන් ආවර්ජනයට අනතුරුව විතක්කයම අරමුණු කොටගත් ජවන් සිත් සතරෙක් හෝ පසෙක් දිවේ, ඉක්බිති භවංග සිත් දෙකක් දිවේ, ඉක්බිති එම දෙවන භවංග සිතට අනතුරුව විචාරය අරමුණු කොටගත් ආවර්ජනය කියනලද නයින්ම වේ. මෙසේ පංච ධ්‍යානාංගයන් කෙරෙහි නිරතුරුව සිත මෙහෙයවන්නට යම්කලෙක සමත් වේනම්, එකල මේ යෝගාවචරයාට ආවජ්ජනවසිය සිද්ධ වූයේ වේ. මස්තකප්‍රාප්ත වූ මේ ආවජ්ජන-වසිය භාග්‍යවතුන් වහන්සේට යමකප්‍රාතිහාර්යයෙහිදී ලැබේ, අන්‍යයන්හටද මෙවැනි අවස්ථාවන්හිදී ලැබේ. මෙකී භාග්‍යවතුන් වහන්සේගේ ආවජ්ජනවසියට වඩා අතිශීඝ්‍ර ආවජ්ජනවසියක් නම් නැත.

ආයස‍්මතො පන මහාමොග‍්ගල‍්ලානස‍්ස නන්‍දොපනන්‍දනාගරාජදමනෙ විය සීඝං සමාපජ‍්ජනසමත්‍ථතා සමාපජ‍්ජනවසී නාම.

ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන තෙරුන්ගේ නන්‍දොපනන්‍ද නාගරාජ දමනයෙහිදී මෙන් ශීඝ්‍රයෙන් සමවැදීමට සමත්බව සමාපජ්ජනවසී නමි.

අච‍්ඡරාමත‍්තං වා දසච‍්ඡරාමත‍්තං වා ඛණං ඨපෙතුං සමත්‍ථතා අධිට‍්ඨානවසී නාම. තථෙව ලහුං වුට‍්ඨාතුං සමත්‍ථතා වුට‍්ඨානවසී නාම. තදුභයදස‍්සනත්‍ථං බුද‍්ධරක‍්ඛිතත්‍ථෙරස‍්ස වත්‍ථුං කථෙතුං වට‍්ටති.

අසුරුසණක් පමණ වූ දස අසුරුසණක් පමණ වූ හෝ කල් සිටුවන්නට සමත්බව අධිට්ඨාන-වසී නමි. එසේම සැහැල්ලු ලෙසින් නැගෙන්නට සමත්බව වුට්ඨාන-වසී නමි. එම අධිට්ඨාන-වසී- වුට්ඨාන වසී යන දෙක දැක්වීමට බුද්ධරක්ඛිත තෙරුන්ගේ කතාපුවත කියනු වටී.

සො හායස‍්මා උපසම‍්පදාය අට‍්ඨවස‍්සිකො හුත්‍වා ථෙරම‍්බත්‍ථලෙ මහාරොහණගුත‍්තත්‍ථෙරස‍්ස ගිලානුපට‍්ඨානං ආගතානං තිංසමත‍්තානං ඉද‍්ධිමන‍්තසහස‍්සානං මජ‍්ඣෙ නිසින‍්නො ථෙරස‍්ස යාගුං පටිග‍්ගාහයමානං උපට‍්ඨාකනාගරාජානං ගහෙස‍්සාමීති ආකාසතො පක‍්ඛන්‍දන‍්තං සුපණ‍්ණරාජානං දිස‍්වා තාවදෙව පබ‍්බතං නිම‍්මිනිත්‍වා නාගරාජානං බාහායං ගහෙත්‍වා තත්‍ථ පාවිසි. සුපණ‍්ණරාජා පබ‍්බතෙ පහාරං දත්‍වා පලායි. මහාථෙරො ආහ – “සචෙ, ආවුසො, බුද‍්ධරක‍්ඛිතො නාභවිස‍්ස, සබ‍්බෙව ගාරය‍්හා අස‍්සාමා”ති.

ඒ ආයුෂ්මත්හු වනාහි උපසම්පදාවෙන් අටවස් වූවාහු ථෙරම්බත්ථලයෙහි මහරෝහණගුත්ත තෙරුන්හට ගිලානොපස්ථාන පිණිස ආ තිස්දහසක් පමණ වූ සෘද්ධිමතුන් මැද හුන්නාහු, තෙරුන්හට හුළුකැඳ පිළිගන්වමින් උපස්ථාන කරන නාරජු ගනිමි’යි අහසට පැන නගින ගුරුළුරජු දැක එකෙණෙහි පර්වතයක් මවා, නාරජු අතින් ගෙන එතුළට පිවිසවූහ. ගුරුළුරජ තෙමේ පර්වතයට පහරදී පලා ගියේය. මහ තෙරණුවෝම, ඇවැත්නි, රක්ඛිත තෙරුන් නොසිටින්නට අපි සියල්ලෝම ගැරහිය යුත්තෝ වම්හ’යි කීහ.

පච‍්චවෙක‍්ඛණවසී පන ආවජ‍්ජනවසියා එව වුත‍්තා. පච‍්චවෙක‍්ඛණජවනානෙව හි තත්‍ථ ආවජ‍්ජනානන‍්තරානීති.

පච්චවෙක්ඛණ-වසිය වනාහි ආවජ්ජන-වසීයෙහිම කියනලදි. එහි ආවජ්ජන-වසියට අනතුරුව දිවෙන ජවනයෝ පච්චවෙක්ඛණජවනයෝ මැයි.