නිමිත්තවඩ්ඪනනයො
නිමිත්තවඩ්ඪනනයො
නිමිත්තවඩ්ඪනනයො
තත්රායං වඩ්ඪනනයො, තෙන යොගිනා තං නිමිත්තං පත්තවඩ්ඪනපූවවඩ්ඪනභත්තවඩ්ඪනලතාවඩ්ඪනදුස්සවඩ්ඪනයොගෙන අවඩ්ඪෙත්වා යථා නාම කස්සකො කසිතබ්බට්ඨානං නඞ්ගලෙන පරිච්ඡින්දිත්වා පරිච්ඡෙදබ්භන්තරෙ කසති, යථා වා පන භික්ඛූ සීමං බන්ධන්තා පඨමං නිමිත්තානි සල්ලක්ඛෙත්වා පච්ඡා බන්ධන්ති, එවමෙව තස්ස යථාලද්ධස්ස නිමිත්තස්ස අනුක්කමෙන එකඞ්ගුලද්වඞ්ගුලතිවඞ්ගුලචතුරඞ්ගුලමත්තං මනසා පරිච්ඡින්දිත්වා යථාපරිච්ඡෙදං වඩ්ඪෙතබ්බං. අපරිච්ඡින්දිත්වා පන න වඩ්ඪෙතබ්බං. තතො විදත්ථිරතනපමුඛපරිවෙණවිහාරසීමානං ගාමනිගමජනපදරජ්ජසමුද්දසීමානඤ්ච පරිච්ඡෙදවසෙන වඩ්ඪයන්තෙන චක්කවාළපරිච්ඡෙදෙන වා තතො වාපි උත්තරි පරිච්ඡින්දිත්වා වඩ්ඪෙතබ්බං.
එය වඩනා ක්‍රමය මෙසේයි:- යෝගාවචරයා විසින් එම නිමිත්ත (මැටි) බඳුනක් වඩවන නියායෙන් හෝ පූවක් වඩවන නියායෙන් හෝ බත් වඩවන නියායෙන් හෝ වැලක් වඩවන නියායෙන් හෝ පිළීවඩන නියායෙන් හෝ (පිරිසිඳීමක් නැතිව) නොවඩා, යම්සේ ගොවියෙක් සීසෑයුතු බිම්සීමාව නඟුලින් කලින් පිරිසිඳ එම සීමාව ඇතුළත සීසාද යම්සේ සීමා බඳින භික්ෂූහු පළමුකොට නිමිති සලකා පසුව සීමා බඳිත්ද, එසේම (උපචාර හෝ අර්පණා වශයෙන්) ලද පරිදි එම නිමිත්ත අනුක්රමයෙන් එක් අඟුල්, දෑඟුල් තෙඅඟුල්, සිවු අඟුල් පමණ තැන් සිතින් පිරිසිඳිමින් පරිච්ඡේද (කොටස්) වශයෙන් ගෙන වැඩියයුතුය, නොපිරිසිඳ නොවැඩියයුතුය. ඉක්බිත්තෙන් වියතක් පමණය, රියනක් පමණය, ඉදිරිපස ගෙමිදුලය, පිරිවෙණය, විහාරය යන මේවායෙහි සීමා වශයෙන්ද, ඉක්බිති, ගමය, නියම්ගමය, දනව්වය, රාජ්‍යය, සමුද්‍රය යන මේ ආදී සීමා වශයෙන්ද පිරිසිඳිමින් වඩන්නහු විසින් සක්වළ හෝ එයටත් වැඩි පමණින් පිරිසිඳ වැඩිය යුතුය.
යථා හි හංසපොතකා පක්ඛානං උට්ඨිතකාලතො පට්ඨාය පරිත්තං පරිත්තං පදෙසං උප්පතන්තා පරිචයං කත්වා අනුක්කමෙන චන්දිමසූරියසන්තිකං ගච්ඡන්ති, එවමෙව භික්ඛු වුත්තනයෙන නිමිත්තං පරිච්ඡින්දිත්වා වඩ්ඪෙන්තො යාව චක්කවාළපරිච්ඡෙදා තතො වා උත්තරි වඩ්ඪෙති. අථස්ස තං නිමිත්තං වඩ්ඪිතවඩ්ඪිතට්ඨානෙ පථවියා උක්කූලවිකූලනදීවිදුග්ගපබ්බතවිසමෙසු සඞ්කුසතසමබ්භාහතං උසභචම්මං විය හොති.
යම්සේ හංසපෝතකයෝ පියාපත් හටගත් තැන් පටන් මඳ මඳ පෙදෙසක් පියාඹමින් පුහුණු වී අනුක්රමයෙන් සඳහිරු වෙතට පවා යෙත්ද, එසේම භික්ෂු තෙමේ කියන ලද ක්‍රමයෙන් නිමිති පිරිසිඳ වඩමින් සක්වළ හෝ එයටත් වැඩියෙන් වඩන්නේය. ඉක්බිති ඔහුට එම නිමිති වැඩූ වැඩූ තන්හි පෘථිවියෙහි ගොඩය, වළය, ගංනිම්නය, පර්වත විෂමය යන මේවා හුල් සියයක් ගසා අදිනලද ගෙරි සමක් සෙයින් සමව දිස්වන්නේය.
තස්මිං පන නිමිත්තෙ පත්තපඨමජ්ඣානෙන ආදිකම්මිකෙන සමාපජ්ජනබහුලෙන භවිතබ්බං, න පච්චවෙක්ඛණබහුලෙන. පච්චවෙක්ඛණබහුලස්ස හි ඣානඞ්ගානි ථූලානි දුබ්බලානි හුත්වා උපට්ඨහන්ති. අථස්ස තානි එවං උපට්ඨිතත්තා උපරි උස්සුක්කනාය පච්චයතං ආපජ්ජන්ති. සො අප්පගුණෙ ඣානෙ උස්සුක්කමානො පත්තපඨමජ්ඣානා ච පරිහායති, න ච සක්කොති දුතියං පාපුණිතුං. තෙනාහ භගවා –
එම නිමිත්තෙහි ප්‍රථමධ්‍යානයට පැමිණි නවකයා විසින් සමවැදීම බොහෝ සෙයින් කළයුතුය, ප්රත්යවෙක්ෂණය බොහෝ සෙයින් නොකළ යුතුය. ප්රත්යවෙක්ෂා බහුල වූවහුට වනාහි ධ්‍යානාංගයෝ ඔළාරිකව දුර්වලව වැටහෙති. ඉක්බිති ඔහුට මෙසේ වැටහීමේ හේතුවෙන් එම ධ්‍යානාංගයෝ මතු ධ්‍යානයට නැඟෙනු පිණිස ප්‍රත්‍යය බවට පැමිණෙති. හේ තෙමේ ප්‍රගුණ නොවූ ධ්‍යානයෙහි උත්සාහ කරනුයේ ප්‍රථම ධ්‍යානයෙන්ද පිරිහෙයි, ද්විතීය ධ්‍යානයට පැමිණෙනු නොහැකි වේ. එහෙයින් වදාළහ භාග්‍යවතුන් වහන්සේ,
“සෙය්යථාපි, භික්ඛවෙ, ගාවී පබ්බතෙය්යා බාලා අබ්යත්තා අඛෙත්තඤ්ඤූ අකුසලා විසමෙ පබ්බතෙ චරිතුං. තස්සා එවමස්ස ‘යංනූනාහං අගතපුබ්බඤ්චෙව දිසං ගච්ඡෙය්යං, අඛාදිතපුබ්බානි ච තිණානි ඛාදෙය්යං, අපීතපුබ්බානි ච පානීයානි පිවෙය්ය’න්ති. සා පුරිමං පාදං න සුපතිට්ඨිතං පතිට්ඨාපෙත්වා පච්ඡිමං පාදං උද්ධරෙය්ය, සා න චෙව අගතපුබ්බං දිසං ගච්ඡෙය්ය, න ච අඛාදිතපුබ්බානි තිණානි ඛාදෙය්ය, න ච අපීතපුබ්බානි පානීයානි පිවෙය්ය. යස්මිඤ්චස්සා පදෙසෙ ඨිතාය එවමස්ස ‘යංනූනාහං අගතපුබ්බඤ්චෙව…පෙ… පිවෙය්ය’න්ති. තඤ්ච පදෙසං න සොත්ථිනා පච්චාගච්ඡෙය්ය. තං කිස්ස හෙතු ? තථා හි සා, භික්ඛවෙ, ගාවී පබ්බතෙය්යා බාලා අබ්යත්තා අඛෙත්තඤ්ඤූ අකුසලා විසමෙ පබ්බතෙ චරිතුං, එවමෙව ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො භික්ඛු බාලො අබ්යත්තො අඛෙත්තඤ්ඤූ අකුසලො විවිච්චෙව කාමෙහි…පෙ… පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. සො තං නිමිත්තං නාසෙවති, න භාවෙති, න බහුලීකරොති, න ස්වාධිට්ඨිතං අධිට්ඨාති, තස්ස එවං හොති ‘යංනූනාහං විතක්කවිචාරානං වූපසමා…පෙ… දුතියං ඣානං උපසම්පජ්ජ විහරෙය්ය’න්ති. සො න සක්කොති විතක්කවිචාරානං වූපසමා…පෙ… දුතියං ඣානං උපසම්පජ්ජ විහරිතුං. තස්සෙවං හොති ‘යංනූනාහං විවිච්චෙව කාමෙහි…පෙ… පඨමං ඣානං උපසම්පජ්ජ විහරෙය්ය’න්ති. සො න සක්කොති විවිච්චෙව කාමෙහි…පෙ… පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු උභතො භට්ඨො උභතො පරිහීනො, සෙය්යථාපි සා ගාවී පබ්බතෙය්යා බාලා අබ්යත්තා අඛෙත්තඤ්ඤූ අකුසලා විසමෙ පබ්බතෙ චරිතු”න්ති (අ· නි· 9.35).
‘මහණෙනි, යම්සේ සාමාන්‍ය පර්වතයෙක්හි හැසිරෙන නොපුහුණු වූ, අවියත් වූ ගොදුරුබිම් නොහඳුනන්නා වූ, විෂම පර්වතයෙක්හි හැසිරෙන්නට නොදත් යම් ගව දෙනකට, ‘නොගියවිරූ දෙසකට යන්නෙම් නම්, නොකෑවිරූ තණ බුදින්නෙම් නම්. නොපූවිරූ පැන් බොන්නෙම් නම්, යෙහෙකැ’යි යන මෙවන් අදහසෙක් වේද, ඒ දෙන් තොමෝ ඉදිරි පා මනාසේ නොපිහිටුවා පසු පා ඔසවන්නී පෙර නොගියවිරූ දෙසකට හෝ නොයන්නීය, නොකෑවිරූ තණ හෝ නොකන්නීය, නොපූවිරූ පැන් හෝ නොබොන්නීය, යම් පෙදෙසක සිටින ඇයට ‘නොගියවිරූ පෙ-බොන්නෙම් නම් යෙහෙකැ’යි යන අදහස පහළ විණි නම් එම පෙදෙසටද පහසුවෙන් යලි පෙරළා එන්නටද නොහැකි වන්නීය, එයට හේතු කිම? ඒ එසේමැයි මහණෙනි, සාමාන්‍ය පර්වතයෙක්හි හැසිරෙන්නට නොදත්, අවියත්, ගොදුරුබිම් නොහඳුනන ඒ ගවදෙන් තොමෝ විෂම පර්වතයෙක්හි හැසිරෙන්නටද නොහැකි වන්නීය. එසේම මහණෙනි, මේ ශාසනයෙහි යම්කිසි මහණෙක් තෙමේ මඳ නුවණ ඇත්තේ, අවියත්වූයේ, විෂයසීමා පිළිබඳ දැනුමෙන් තොරවූයේ කාමයන්ගෙන් දුරුවී -පෙ- ප්‍රථමධ්‍යානයට පැමිණ වසන්නටද නොහැකි වේ, හේ තෙමේ එම නිමිත්ත බොහෝකොට සේවනය නොකරන්නේය, නොවඩන්නේය, බොහෝකොට පුරුදු නොකරන්නේය. නොවඩන්නේය, මනාකොට නොඉටන්නේය. ඔහුට විතක්ක විචාර ව්යාපගමනයෙන්-පෙ-ද්විතීය ධ්‍යානයට පැමිණ වසන්නෙම් නම් යෙහෙකැ’යි යන මෙවන් සිතක් පහළ වන්නේය, හේ තෙමේ විතක්ක විචාර ව්යපගමනයෙන්-පෙ-ද්විතීය ධ්‍යානයට පැමිණ වසන්නට නොහැකි වේ. ඔහුට කාමයන්ගෙන් තොරව-පෙ-ප්‍රථමධ්‍යානයට පැමිණ වසන්නට නොහැකි වේ. මහණෙනි, මෙම ශ්‍රමණයා, දෙපසින්ම නටුයේ, දෙපසින්ම පිරිහුණේයයි කියනු ලැබේ. මහණෙනි, සාමාන්‍ය පර්වතයෙක වෙසෙන මඳ දැනුම් ඇති, අවියත්, ගොදුරුබිම් ගැන නොදත්, ඒ ගවදෙන විෂම පර්වතයෙහි හැසිරෙන්නට නොහැකිවනු මෙනි.
තස්මානෙන තස්මිංයෙව තාව පඨමජ්ඣානෙ පඤ්චහාකාරෙහි චිණ්ණවසිනා භවිතබ්බං.
එහෙයින් මේ යෝගාවචරයා විසින් පළමුකොට එම ප්‍රථම ධ්‍යානය පස් ආකාරයෙකින් බොහෝ කලක් ප්‍රගුණ කළ යුතුය.