4. පථවීකසිණනිද්දෙසො
4. පඨවිකසීණ නිර්දේශය
ඉදානි යං වුත්තං “සමාධිභාවනාය අනනුරූපං විහාරං පහාය අනුරූපෙ විහාරෙ විහරන්තෙනා”ති එත්ථ යස්ස තාවාචරියෙන සද්ධිං එකවිහාරෙ වසතො ඵාසු හොති, තෙන තත්ථෙව කම්මට්ඨානං පරිසොධෙන්තෙන වසිතබ්බං. සචෙ තත්ථ ඵාසු න හොති, යො අඤ්ඤො ගාවුතෙ වා අඩ්ඪයොජනෙ වා යොජනමත්තෙපි වා සප්පායො විහාරො හොති, තත්ථ වසිතබ්බං. එවඤ්හි සති කම්මට්ඨානස්ස කිස්මිඤ්චිදෙව ඨානෙ සන්දෙහෙ වා සතිසම්මොසෙ වා ජාතෙ කාලස්සෙව විහාරෙ වත්තං කත්වා අන්තරාමග්ගෙ පිණ්ඩාය චරිත්වා භත්තකිච්චපරියොසානෙයෙව ආචරියස්ස වසනට්ඨානං ගන්ත්වා තංදිවසමාචරියස්ස සන්තිකෙ කම්මට්ඨානං සොධෙත්වා දුතියදිවසෙ ආචරියං වන්දිත්වා නික්ඛමිත්වා අන්තරාමග්ගෙ පිණ්ඩාය චරිත්වා අකිලමන්තොයෙව අත්තනො වසනට්ඨානං ආගන්තුං සක්ඛිස්සති. යො පන යොජනප්පමාණෙපි ඵාසුකට්ඨානං න ලභති, තෙන කම්මට්ඨානෙ සබ්බං ගණ්ඨිට්ඨානං ඡින්දිත්වා සුවිසුද්ධං ආවජ්ජනපටිබද්ධං කම්මට්ඨානං කත්වා දූරම්පි ගන්ත්වා සමාධිභාවනාය අනනුරූපං විහාරං පහාය අනුරූපෙ විහාරෙ විහාතබ්බං.
ඉක්බිති සමාධිභාවනාය අනනුරූපං විහාරං පහාය අනුරූපෙ විහරන්තෙන (සමාධිභාවනාවට යෝග්‍ය නොවූ විහාරය හැර යෝග්‍ය වූ විහාරයෙක්හි වෙසෙන්නහු විසින්) යයි යමක් කියනලද්දේ ද, මෙහි වනාහි ආචාර්යයන් සමග එක් විහාරයෙක්හි වෙසෙන යමකුහට එම විහාරය පහසුනම්, ඔහු විසින් එහිම කමටහන් පිරිසුදු කෙරෙමින් විසිය යුතුය. ඉදින් එහි පහසු නැත්නම්, ගව්වකින් හෝ අඩයොදුනෙකින් හෝ යොදුනක් පමණ ඔබ්බෙන් හෝ සප්පාය වූ යම් අනෙක් විහාරයක් ඇත්නම්, එහි විසිය යුතුය. මෙසේ වූ කල්හි කමටහන්හි කිසියම් හෝ තැනෙක සැකයක් හෝ මතක නොවීමක් වුවහොත්, වේලාසනින්ම විහාරයෙහි වත්පිළිවෙත් අවසන්කොට අතරමඟදී පිඬු පිණිස හැසිර බත්කිස අවසන් කළ කෙණෙහිම ආචාර්යයන් වසන තැනට ගොස් එදින ආචාර්යයන් සමීපයෙහි කමටහන් පිරිසුදු කොටගෙන, දෙවන දවස්හි ආචාර්යයන් වැඳ නික්ම අතරමඟදී පිඬු පිණිස හැසිර විඩා නැතිවම තමා වසන තැනට ආහැකි වේ. යමෙක් වනාහි යොදුනක් පමණ තන්හි හෝ පහසු තැනක් නොලබන්නේ නම්, ඔහු විසින් කමටහන්හි සියලු ගැටලු තැන් පැහැදිලි කොටගෙන ඉතා නිරවුල් ලෙස කමටහන් සිහි තබාගෙන දුරබැහැරකට හෝ ගොස් සමාධිභාවනාවට අනුරූප නොවූ විහාරය හැර අනුරූප වූ විහාරයෙක්හි වැසියයුතුය.