පඨමජ්ඣානකථා
පඨමජ්ඣානකථා
පඨමජ්ඣානකථා
ඉති එවං නිමිත්තාභිමුඛං මානසං පටිපාදයතො පනස්ස ඉදානි අප්පනා ඉජ්ඣිස්සතීති භවඞ්ගං උපච්ඡින්දිත්වා පථවී පථවීති අනුයොගවසෙන උපට්ඨිතං තදෙව පථවීකසිණං ආරම්මණං කත්වා මනොද්වාරාවජ්ජනමුප්පජ්ජති. තතො තස්මිංයෙවාරම්මණෙ චත්තාරි පඤ්ච වා ජවනානි ජවන්ති. තෙසු අවසානෙ එකං රූපාවචරං, සෙසානි කාමාවචරානි. පකතිචිත්තෙහි බලවතරවිතක්කවිචාරපීතිසුඛචිත්තෙකග්ගතානි යානි අප්පනාය පරිකම්මත්තා පරිකම්මානීතිපි, යථා ගාමාදීනං ආසන්නපදෙසො ගාමූපචාරො නගරූපචාරොති වුච්චති, එවං අප්පනාය ආසන්නත්තා සමීපචාරත්තා වා උපචාරානීතිපි, ඉතො පුබ්බෙ පරිකම්මානං, උපරි අප්පනාය ච අනුලොමතො අනුලොමානීතිපි වුච්චන්ති. යඤ්චෙත්ථ සබ්බන්තිමං, තං පරිත්තගොත්තාභිභවනතො, මහග්ගතගොත්තභාවනතො ච ගොත්රභූතිපි වුච්චති.
මෙසේ නිමිත්තට අභිමුඛකොට සිත පිළිපදවන මේ යෝගාවචරයාහට දැන් අර්පණාව සමෘද්ධ වන්නේය. කෙසේදයත්, ‘පඨවී, පඨවී’ යන ආදී වශයෙන් එළඹ සිටි එම පඨවීකසිණය අරමුණුකොට භවංගචිත්තය සිඳගෙන මනොද්වාරාවජ්ජන සිත උපදින්නේය, ඉක්බිති එම අරමුණෙහිම ජවන් සිත් සතරෙක් හෝ පසෙක් දිවෙයි. එම ජවන් සිත් අතුරෙන් අවසන්හි උපදින සිත රූපාවචර වේ, සෙසු සිත් කාමාවචර වේ, පියවි කාමාවචර සිත්වලට වඩා රූපාවචර සිත ඉතා බලවත් වේ. විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා සහිත වේ. අර්පණාවට පිරියම් වන හෙයින් පිරියම් සිත් යයිද කියනු ලැබේ. තවද යම්සේ ගම් ආදියට ආසන්න පෙදෙස ගාමොපචාරයයි නගරොපචාරයයි කියනු ලැබේද එසේම අර්පණාවට ආසන්න වූ හෙයින්, සමීපයෙහි හැසිරෙන හෙයින් උපචාරයයිද කියනු ලැබේ. මේ සිත් අතුරෙන් (තුන්වන ජවන් සිත) පෙරටු පිරියම් සිතටද මතුයෙහි අර්පණාවටද අනුලෝමවන හෙයින් අනුලෝමයයි වහරනු ලැබේ. මෙම ජවන් සිත් අතුරෙන් අන්තිම වූ යම් සිතක් වේද, එය පරිත්ත (හෙවත් කාමාවචර) ගොත්‍රය මැඩලන හෙයින්ද, මහත්ගත (හෙවත් රූපාවචර) සිත් වඩවන හෙයින්ද ගොත්රභූයයි කියනු ලැබේ.
අගහිතග්ගහණෙන පනෙත්ථ පඨමං පරිකම්මං, දුතියං උපචාරං, තතියං අනුලොමං, චතුත්ථං ගොත්‍රභු. පඨමං වා උපචාරං, දුතියං අනුලොමං, තතියං ගොත්‍රභු, චතුත්ථං පඤ්චමං වා අප්පනාචිත්තං. චතුත්ථමෙව හි පඤ්චමං වා අප්පෙති, තඤ්ච ඛො ඛිප්පාභිඤ්ඤදන්ධාභිඤ්ඤවසෙන. තතො පරං ජවනං පතති. භවඞ්ගස්ස වාරො හොති.
මෙහි අවිශේෂයෙන් කියනලද දෙය ගැනීම් වශයෙන්ද, මෙහි පළමුවන ජවන් සිත පරිකර්ම නමි, දෙවැන්න උපචාර නමි, තෙවැන්න අනුලෝම නමි, සිවුවැන්න ගොත්රභූ නමි. නැතහොත් පළමුවැන්න උපචාර නමි, දෙවැන්න අනුලෝම නමි, තෙවැන්න ගොත්රභූ නමි, සිවුවැන්න හෝ පස්වැන්න අර්පණා වේ. එයද ඛිප්පාභිඤ්ඤ, දන්‍ධාභිඤ්ඤ (මහා අවබෝධ කරන, පමාවී අවබෝධ කරන) වශයෙන් වේ. එම (පස්වන) ජවනයෙන් පසු සවන සත්වන ජවනයෝ වෙති, ඉක්බිති භවාංගවාරය වේ.
ආභිධම්මිකගොදත්තත්ථෙරො පන “පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං ආසෙවනපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.12) ඉමං සුත්තං වත්වා ආසෙවනපච්චයෙන පච්ඡිමො පච්ඡිමො ධම්මො බලවා හොති, තස්මා ඡට්ඨෙපි සත්තමෙපි අප්පනා හොතීති ආහ, තං අට්ඨකථාසු “අත්තනො මතිමත්තං ථෙරස්සෙත”න්ති වත්වා පටික්ඛිත්තං. චතුත්ථපඤ්චමෙසුයෙව පන අප්පනා හොති. පරතො ජවනං පතිතං නාම හොති, භවඞ්ගස්ස ආසන්නත්තාති වුත්තං . තමෙව විචාරෙත්වා වුත්තත්තා න සක්කා පටික්ඛිපිතුං. යථා හි පුරිසො ඡින්නපපාතාභිමුඛො ධාවන්තො ඨාතුකාමොපි පරියන්තෙ පාදං කත්වා ඨාතුං න සක්කොති පපාතෙ එව පතති, එවං ඡට්ඨෙ වා සත්තමෙ වා අප්පෙතුං න සක්කොති, භවඞ්ගස්ස ආසන්නත්තා. තස්මා චතුත්ථපඤ්චමෙසුයෙව අප්පනා හොතීති වෙදිතබ්බා.
ආභිධම්මික ගෝදත්ත තෙරණුවෝ වනාහි ‘පළමු පළමු කුශල ධර්මයෝ පසු පසු කුශලධර්මයනට ආසේවනප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති’යි යන මේ සූත්‍රය කියා, ආසෙවනප්රත්යය වශයෙන් පසු පසු ධර්මයෝ බලවත් වෙති, එහෙයින් සවන සත්වන ජවන් සිත් තුළද අර්පණා සිද්ධ වෙති’යි කීහ. එය තෙරුන්ගේ මතිමාත්රයෙකැයි පවසා අට්ඨකථාවන්හි ප්‍රතික්‍ෂිප්තයි. සිවුවන පස්වන ජවනයන්හිදීම අර්පණා වේ, ඉන් මතු ජවනචිත්තයෝ පතිත (හෙවත් වැටුණාහු) නම් වෙති, භවංගයට ආසන්න බැවිනියි කියනලදි. එය මෙසේ විචාරණය කොට කියනලද හෙයින් පිළිකෙව් කළ නොහැකිය. යම්සේ වනාහි පුරුෂයෙක් තෙමේ බිදුණු ඉවුරකට අභිමුඛව දුවනුයේ නවතිනු කැමැතියේ වුවද කෙළවර පය තබා නවතිනු නොහැකිව ප්රපාතයටම වැටේද, එසේම සවන හෝ සත්වන ජවනයන්හිදී අර්පණා ලැබිය නොහැකි වේ, භවංගයට ආසන්න වූ හෙයිනි. එහෙයින් සිවුවන පස්වන ජවනයන්හිදීම අර්පණා වෙතැ’යි දතයුතුය.
සා ච පන එකචිත්තක්ඛණිකායෙව. සත්තසු හි ඨානෙසු අද්ධානපරිච්ඡෙදො නාම නත්ථි පඨමප්පනායං, ලොකියාභිඤ්ඤාසු, චතූසු මග්ගෙසු, මග්ගානන්තරඵලෙ, රූපාරූපභවෙසු භවඞ්ගජ්ඣානෙ, නිරොධස්ස පච්චයෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ, නිරොධා වුට්ඨහන්තස්ස ඵලසමාපත්තියන්ති. එත්ථ මග්ගානන්තරඵලං තිණ්ණං උපරි න හොති. නිරොධස්ස පච්චයො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං ද්වින්නමුපරි න හොති. රූපාරූපෙසු භවඞ්ගස්ස පරිමාණං නත්ථි, සෙසට්ඨානෙසු එකමෙව චිත්තන්ති. ඉති එකචිත්තක්ඛණිකායෙව අප්පනා. තතො භවඞ්ගපාතො. අථ භවඞ්ගං වොච්ඡින්දිත්වා ඣානපච්චවෙක්ඛණත්ථාය ආවජ්ජනං, තතො ඣානපච්චවෙක්ඛණන්ති.
එම අර්පණාවද, එක් චිත්තක්ෂණයෙක්හිදීම සිද්ධ වන්නේය. සත් තැනෙක්හිදී චිත්තක්ෂණයන්ගේ සාමාන්‍ය කාලසීමාවෙක් නැත: පළමුවන අර්පණාවෙහි, ලෞකික අභිඥාවන් කෙරෙහි, සතර මග පිළිබඳ විෂයෙහි, සතර ඵල පිළිබඳ විෂයෙහි, රූපාරූප භවයන් පිළිබඳ භවාංග ධ්‍යානයෙහි, නිරෝධ සමාපත්තියට හේතු වූ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි, නිරෝධ සමාපත්තියෙන් නැගෙන්නහුගේ ඵල සමාපත්තියෙහිය යන මේ සත් තැනෙහිය. මෙහි මාර්ගයනට අනතුරුව එන ඵලය චිත්තක්ෂණ තුනකට වඩා නොවේ. නිරොධසමාපත්තියට හේතු වූ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය චිත්තක්ෂණ දෙකකට වඩා නොවේ. රූපාරූපභවයන් කෙරෙහි වූ චිත්තක්ෂණයන්ගේ පරිමාණයෙක් නැත. සෙසුතන්හි එක්ම සිතක් වන්නේය. මෙසේ අර්පණාව එකචිත්තක්ෂණිකම වේ. ඉක්බිති භවංගපාතය වන්නේය. ඉක්බිති භවාංගය සිඳගෙන ධ්‍යානය ප්රත්යවෙක්ෂා කරනු පිණිස මනොද්වාරා වර්ජනය වන්නේය. ඉක්බිති ධ්යානප්රත්යවෙක්ෂණය වන්නේය.
එත්තාවතා ච පනෙස විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති (ධ· ස· 160; දී· නි· 1.226). එවමනෙන පඤ්චඞ්ගවිප්පහීනං පඤ්චඞ්ගසමන්නාගතං තිවිධකල්යාණං දසලක්ඛණසම්පන්නං පඨමං ඣානං අධිගතං හොති පථවීකසිණං.
මෙතෙකින් වනාහි මේ යෝගී තෙමේ කාමයන්ගෙන් තොරව, අකුශල කර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීති සුඛයෙන් යුත් ප්‍රථම ධ්‍යානයට පැමිණ විහරණය කරන්නේය’ මෙසේ මොහු විසින් (කාමච්ඡන්දාදී) පංච අංගයෙන් විනිර්මුක්ත වූ (විතර්කාදී) පංච අංගයෙන් සමන්විත වූ, ත්‍රිවිධ කල්‍යාණයෙන් යුක්තවූ, දශ ලක්ෂණ සම්පන්න වූ පඨවි කසිණයෙන් නැඟුණ ප්‍රථම ධ්‍යානය අවබෝධ කරන ලද්දේ වේ.
තත්ථ විවිච්චෙව කාමෙහීති කාමෙහි විවිච්චිත්වා විනා හුත්වා අපක්කමිත්වා. යො පනායමෙත්ථ එවකාරො, සො නියමත්ථොති වෙදිතබ්බො. යස්මා ච නියමත්ථො, තස්මා තස්මිං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරණසමයෙ අවිජ්ජමානානම්පි කාමානං තස්ස පඨමජ්ඣානස්ස පටිපක්ඛභාවං කාමපරිච්චාගෙනෙව චස්ස අධිගමං දීපෙති.
එහි විවිච්චෙව කාමෙහි (කාමයන්ගෙන් තොරව) යනු, කාමයන්ගෙන් වෙන්ව, දුරුව, බැහැරව යන අර්‍ත්‍ථයි. මෙහි යම් මේ එව පදයෙක් (විවිච්ච+එව) ඇද්ද, එය අවධාරණර්ත්ථයෙහියයි දතයුතුය. යම්හෙයකින් එය නිශ්චයාර්ත්ථ ඇත්තේ වේද, එහෙයින් ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙන සමයෙහි අවිද්යාමානවූද කාමයන් ඒ ප්‍රථම ධ්‍යානයට ප්රතිපක්ෂ වනබවද, කාමයන් අත්හැරීමෙන්ම එම ධ්‍යානාධිගමය සිදුවන බවද හඟවයි.
කථං? “විවිච්චෙව කාමෙහී”ති එවඤ්හි නියමෙ කරියමානෙ ඉදං පඤ්ඤායති, නූන ඣානස්ස කාමා පටිපක්ඛභූතා යෙසු සති ඉදං නප්පවත්තති, අන්ධකාරෙ සති පදීපොභාසො විය. තෙසං පරිච්චාගෙනෙව චස්ස අධිගමො හොති, ඔරිමතීරපරිච්චාගෙන පාරිමතීරස්සෙව. තස්මා නියමං කරොතීති.
කෙසේදයත්, විවිච්චචෙව කාමෙහි යනුවෙන් මෙසේ අවධාරණය කරනු ලබන කල්හි, ‘ඒකාන්තයෙන් මේ ධ්‍යානයට කාමයෝ ප්රතිපක්ෂ වන්නාහ, කාමයන් විද්‍යමාන කල්හි මෙය නොපවත්නේය.’ අන්ධකාරය ඇති තැන ප්‍රදීපාලෝකයක් නොපවත්නා සේය. එම කාමයන් අත් හැරීමෙන්ම මෙහි අධිගමය සිදුවේ; මෙතෙර හැර යාමෙන්ම එතෙරවීම සිදුවන්නා සේය. එහෙයින් නිශ්චය කෙරෙති’යි යන මෙය පැහැදිලිය.
තත්ථ සියා, කස්මා පනෙස පුබ්බපදෙයෙව වුත්තො, න උත්තරපදෙ, කිං අකුසලෙහි ධම්මෙහි අවිවිච්චාපි ඣානං උපසම්පජ්ජ විහරෙය්යාති? න ඛො පනෙතං එවං දට්ඨබ්බං. තංනිස්සරණතො හි පුබ්බපදෙ එස වුත්තො. කාමධාතුසමතික්කමනතො හි කාමරාගපටිපක්ඛතො ච ඉදං ඣානං කාමානමෙව නිස්සරණං. යථාහ, “කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්ම”න්ති (දී· නි· 3.353). උත්තරපදෙපි පන යථා “ඉධෙව, භික්ඛවෙ, සමණො, ඉධ දුතියො සමණො”ති (ම· නි· 1.139; අ· නි· 4.241) එත්ථ එවකාරො ආනෙත්වා වුච්චති, එවං වත්තබ්බො. න හි සක්කා ඉතො අඤ්ඤෙහිපි නීවරණසඞ්ඛාතෙහි අකුසලධම්මෙහි අවිවිච්ච ඣානං උපසම්පජ්ජ විහරිතුං. තස්මා “විවිච්චෙව කාමෙහි විවිච්චෙව අකුසලෙහි ධම්මෙහී”ති එවං පදද්වයෙපි එස දට්ඨබ්බො. පදද්වයෙපි ච කිඤ්චාපි විවිච්චාති ඉමිනා සාධාරණවචනෙන තදඞ්ගවිවෙකාදයො, කායවිවෙකාදයො ච සබ්බෙපි විවෙකා සඞ්ගහං ගච්ඡන්ති, තථාපි කායවිවෙකො චිත්තවිවෙකො වික්ඛම්භනවිවෙකොති තයො එව ඉධ දට්ඨබ්බා.
එහිලා චෝදනාවෙක් (පැනයෙක්) වන්නේය. කවර හෙයින් මේ ‘එව’ යනු පසු පදයෙහි නොකියා පෙරපදයෙහිම කියන ලද්දේ ද? කිම අකුශල ධර්මයන්ගෙන් දුරු නොවී වුවද ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද? මෙය මෙසේ නොගතයුතුය, පහවීම් වශයෙන් මෙය පෙරපදයෙහි කියනලදි. කාමභාවසමතික්රමණය වශයෙන්ද කාමරාගයට සෘජුවම ප්රතිපක්ෂ වීම් වශයෙන්ද මේ ධ්‍යානය කාමයන්ගේ නිස්සාරණය (පහවීම) සිද්ධ කරයි. කියනලද මැයි, යම් මේ නෛෂ්ක්‍රම්‍යයෙක් (ධ්‍යානයෙක්) ඇද්ද, එය කාමයන්ගේ නිස්සාරණය (පහවීම) යි පසු පදයෙහිද මෙය යෙදේමය. ඉධෙව භික්ඛවෙ සමණො ඉධ දුතියො සමණො මහණෙනි, මේ (සෝවාන්වූ) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම වේ, මේ දෙවන (සකෘදාගාමී) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම වේ යන මේ පාඨයෙහි ‘එව’ යන්න දෙවන පදයෙහිද ආධ්යාහාරකොට කියනු ලබන්නා සේය. මෙසේ කිවයුතුය, මෙයින් අන්‍යවූද නීවරණ සංඛ්‍යාත අකුශල ධර්මයන් කෙරෙන් දුරු නොවී ධ්‍යානයට පැමිණ විහරණය කළ නොහැකිය, එහෙයින් කාමයන් කෙරෙන් දුරුවම, අකුශල කර්මයන් කෙරෙන්ද දුරුවම (විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි) යයි මේ දෙපදයෙහිම ‘එව’ යන්න යෙදෙතැයි දතයුතුය. දෙපදයෙහිම හුදෙක් ‘විවිච්ච’ යන මේ පොදු වචනයෙන්ම තදංගවිවෙකාදියද, චිත්තවිවෙකාදියදැයි යන සියලුම විවේකයෝ සංග්‍රහයට යෙති. එසේ වුවද, කායවිවේකය, චිත්ත විවේකය, වික්ඛම්භනවිවේකයැයි යන මේ තුනම මෙහිලා දතයුතුය.
කාමෙහීති ඉමිනා පන පදෙන යෙ ච නිද්දෙසෙ “කතමෙ වත්ථුකාමා, මනාපියා රූපා”තිආදිනා (මහානි· 1) නයෙන වත්ථුකාමා වුත්තා, යෙ ච තත්ථෙව විභඞ්ගෙ ච “ඡන්දො කාමො, රාගො කාමො, ඡන්දරාගො කාමො, සඞ්කප්පො කාමො, රාගො කාමො, සඞ්කප්පරාගො කාමො, ඉමෙ වුච්චන්ති කාමා”ති (මහානි· 1; විභ· 564) එවං කිලෙසකාමා වුත්තා, තෙ සබ්බෙපි සඞ්ගහිතාඉච්චෙව දට්ඨබ්බා. එවඤ්හි සති විවිච්චෙව කාමෙහීති වත්ථුකාමෙහිපි විවිච්චෙවාති අත්ථො යුජ්ජති, තෙන කායවිවෙකො වුත්තො හොති. විවිච්ච අකුසලෙහි ධම්මෙහීති කිලෙසකාමෙහි සබ්බාකුසලෙහි වා විවිච්චාති අත්ථො යුජ්ජති, තෙන චිත්තවිවෙකො වුත්තො හොති. පුරිමෙන චෙත්ථ වත්ථුකාමෙහි විවෙකවචනතො එව කාමසුඛපරිච්චාගො, දුතියෙන කිලෙසකාමෙහි විවෙකවචනතො නෙක්ඛම්මසුඛපරිග්ගහො විභාවිතො හොති. එවං වත්ථුකාමකිලෙසකාමවිවෙකවචනතොයෙව ච එතෙසං පඨමෙන සංකිලෙසවත්ථුප්පහානං, දුතියෙන සංකිලෙසප්පහානං. පඨමෙන ලොලභාවස්ස හෙතුපරිච්චාගො, දුතියෙන බාලභාවස්ස. පඨමෙන ච පයොගසුද්ධි , දුතියෙන ආසයපොසනං විභාවිතං හොතීති විඤ්ඤාතබ්බං. එස තාව නයො කාමෙහීති එත්ථ වුත්තකාමෙසු වත්ථුකාමපක්ඛෙ.
කාමෙහි යන මේ පදයෙන් වනාහි ‘කතමෙ වත්ථුකාමා: මනාපියා රූපා’ (වස්තුකාමයෝ කවරහුද? ප්‍රිය මනාපවූ රූපයෝය) යන ආදී වශයෙන් නිද්දේසයෙහි වස්තු කාමයෝ කියන ලද්දාහුද, තවද එම නිද්දේසයෙහි හා විභංගයෙහිද ‘ඡන්දො කාමො-රාගො කාමො-ඡන්දරාගො-කාමොසඞ්කප්පො කාමො-රාගො කාමො-සඞ්කප්පරාගො කාමො, ඉමෙ වුච්චති කාමා’ (ඡන්දය කාමයයි, රාගය කාමයයි-ඡන්දරාගය කාමයයි සංකප්පය කාමයයි- රාගය කාමයයි- සංකප්පරාගය කාමයයි, මොහු කාමයෝයයි කියනු ලබත්) යනුවෙන් ක්ලේශකාමයෝ කියන ලද්දාහුද, ඒ සියලුම කාමයෝ මෙහි සංගෘහීත වෙතැයි දතයුතුය. මෙසේවූ කල්හි විවිච්චෙව කාමෙහි යනුවෙන් වස්තු කාමයන් කෙරෙන්ද දුරුවීයයි යන අර්ත්ථය යෝග්‍ය වේ. එයින් කායවිවේකය කියන ලද්දේ වේ. ‘විවිච්ච අකුසලෙහි ධම්මෙහි’ යන මෙයින් ක්ලේශ කාමයන් කෙරෙන්, නැතහොත්, සියලු අකුශල ධර්මයන් කෙරෙන් වෙන්වැ’යි යන අර්ත්ථය යෝග්‍ය වේ. එයින් චිත්ත විවේකය කියන ලද්දේ වේ. මෙහි පළමුවැන්නෙන් වස්තුකාමයන් කෙරෙන් වෙන්වීමැයි කී හෙයින්ම කාමසුඛ පරිත්‍යාගයද, දෙවැන්නෙන් ක්ලේශ කාමයන් කෙරෙන් වෙන්වීමැයි කී හෙයින් නෛෂ්ක්රම්යසුඛපරිග්රහයද ප්‍රකාශ කරන ලද්දේ වේ. මෙසේ වස්තුකාම ක්ලේශකාම විවේකයයි කී හෙයින්ම, මේ දෙකින් පළමුවැන්නෙන් ක්ලේශයනට උත්පත්තිස්ථාන වූ වස්තූන්ගේ ප්‍රහාණයද, දෙවැන්නෙන් එම ක්ලේශයන්ගේ ප්‍රහාණයද, නැවත පළමුවැන්නෙන් ලොල්බවට හේතූන් අත් හැරීමද දෙවැන්නෙන් අවිද්‍යාවට හේතූන් අත්හැරීමද, යලිදු පළමුවැන්නෙන් කාමගුණයනට හේතූන් දුරු කිරීම් වශයෙන් ප්‍රයෝග ශුද්ධියද, දෙවැන්නෙන් අධ්‍යාශ විශොධනයද ප්‍රකාශ කරන ලදැයි දතයුතුය. මේ ක්‍රමය වූකලී ‘කාමෙහි’ යයි මෙහි කියනලද කාමයන් අතුරෙන් වස්තුකාම පක්ෂයෙහි වේ.
කිලෙසකාමපක්ඛෙ පන ඡන්දොති ච රාගොති ච එවමාදීහි අනෙකභෙදො කාමච්ඡන්දොයෙව කාමොති අධිප්පෙතො. සො ච අකුසලපරියාපන්නොපි සමානො “තත්ථ කතමො කාමො ඡන්දො කාමො”තිආදිනා (විභ· 564) නයෙන විභඞ්ගෙ ඣානපටිපක්ඛතො විසුං වුත්තො. කිලෙසකාමත්තා වා පුරිමපදෙ වුත්තො, අකුසලපරියාපන්නත්තා දුතියපදෙ. අනෙකභෙදතො චස්ස කාමතොති අවත්වා කාමෙහීති වුත්තං.
ක්ලේශකාම පක්ෂයෙහි වනාහි, ඡන්දයයිද රාගයයිද යන මේ ආදී නයින් නොයෙක් ප්‍රභේද ඇති කාමච්ඡන්දයම ‘කාම’ යනුවෙන් අභිප්‍රේත වේ. ඒ කාමය අකුශලයට අයත්වූයේ නමුදු ‘තත්ථ කතමො කාමච්ඡන්දො කාමො’ (එහි කාමච්ඡන්ද කාමය කවරේද?) ආදී නයින් විභංගයෙහි ධ්‍යානයට ප්රතිපක්ෂවන හෙයින් වෙන්කොට කියන ලද්දේය, ක්ලේශකාම වූ හෙයින් හෝ පෙර පදයෙන් කියන ලද්දේය, අකුශලයනට ඇතුළත්වන හෙයින් දෙවන පදයෙහි කියන ලද්දේය. එහි නොයෙක් ප්‍රභේද ඇති හෙයින් ‘කාමතො’යි නොකියා ‘කාමෙහි’ යයි කියන ලද්දේය.
අඤ්ඤෙසම්පි ච ධම්මානං අකුසලභාවෙ විජ්ජමානෙ “තත්ථ කතමෙ අකුසලා ධම්මා, කාමච්ඡන්දො”තිආදිනා නයෙන විභඞ්ගෙ උපරි ඣානඞ්ගානං පච්චනීකපටිපක්ඛභාවදස්සනතො නීවරණානෙව වුත්තානි. නීවරණානි හි ඣානඞ්ගපච්චනීකානි, තෙසං ඣානඞ්ගානෙව පටිපක්ඛානි විද්ධංසකානි විඝාතකානීති වුත්තං හොති. තථා හි සමාධි කාමච්ඡන්දස්ස පටිපක්ඛො, පීති බ්යාපාදස්ස, විතක්කො ථිනමිද්ධස්ස, සුඛං උද්ධච්චකුක්කුච්චස්ස, විචාරො විචිකිච්ඡායාති පෙටකෙ වුත්තං.
අනෙක් ක්ලේශ ධර්මයන්ගේද අකුසල බව ඇති කල්හි, ‘තත්ථ කතමෙ අකුසලා ධම්මා, කාමච්ඡන්දො’ (එහි අකුශල ධර්මයෝ කවරහුද? කාමච්ඡන්දය) යන ආදී නයින් විභංගයෙහි මතු ධ්යානාංගයනට ප්රතිපක්ෂ ප්‍රතිවිරුද්ධ බව දක්වන හෙයින් නීවරණයෝම කියන ලද්දාහුය. නීවරණයෝ වනාහි ධ්යානාංගයනට ප්රතිපක්ෂයෝයි. එම නීවරණයනට ධ්යානාංගයෝම ප්‍රතිපක්ෂයෝය, විනාශකයෝය, විඝාතකයෝයයි කියන ලද්දේ වේ. ඒ එසේමැයි. ‘සමාධිය කාමච්ඡන්දයටද, පීතිය ව්යාපාදයටද, විතක්කය ථිනමිද්ධයටද, සුඛය උද්ධච්චකුක්කුච්චයටද, විචාරය විචිකිච්ඡාවටද ප්රතිපක්ෂ වෙති’යි පේටකයෙහි කියන ලද්දේය.
එවමෙත්ථ විවිච්චෙව කාමෙහීති ඉමිනා කාමච්ඡන්දස්ස වික්ඛම්භනවිවෙකො වුත්තො හොති. විවිච්ච අකුසලෙහි ධම්මෙහීති ඉමිනා පඤ්චන්නම්පි නීවරණානං, අගහිතග්ගහණෙන පන පඨමෙන කාමච්ඡන්දස්ස, දුතියෙන සෙසනීවරණානං. තථා පඨමෙන තීසු අකුසලමූලෙසු පඤ්චකාමගුණභෙදවිසයස්ස ලොභස්ස, දුතියෙන ආඝාතවත්ථුභෙදාදිවිසයානං දොසමොහානං. ඔඝාදීසු වා ධම්මෙසු පඨමෙන කාමොඝකාමයොගකාමාසවකාමුපාදානඅභිජ්ඣාකායගන්ථකාමරාගසංයොජනානං, දුතියෙන අවසෙසඔඝයොගාසවඋපාදානගන්ථසංයොජනානං. පඨමෙන ච තණ්හාය තංසම්පයුත්තකානඤ්ච, දුතියෙන අවිජ්ජාය තංසම්පයුත්තකානඤ්ච. අපිච පඨමෙන ලොභසම්පයුත්තානං අට්ඨන්නං චිත්තුප්පාදානං, දුතියෙන සෙසානං චතුන්නං අකුසලචිත්තුප්පාදානං වික්ඛම්භනවිවෙකො වුත්තො හොතීති වෙදිතබ්බො. අයං තාව විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහීති එත්ථ අත්ථප්පකාසනා.
මෙසේ මෙහි විවිච්චෙව කාමෙහි මෙයින් කාමච්ඡන්දයාගේ වික්ඛම්භනවිවෙකය කියන ලද්දේ වේ. විවිච්ච අකුසලෙහි ධම්මෙහි යන මෙයින් නීවරණ පසෙහිම වික්ඛම්භනවිවෙකය කියන ලද්දේ වේ. විශේෂකොට නොගන්නා ලද අර්ත්ථයන් ගතහොත්, පළමු පදයෙන් කාමච්ඡන්දයාගේද, දෙවන පදයෙන් සෙසු නීවරණයන්ගේ ද, වික්ඛම්භනවිවේකය කියන ලද්දේ වේ. තවද, පළමු පදයෙන් අකුසල් මුල් තුනෙන් පංචකාමගුණ විශේෂයනට විෂය වූ ලෝභයෙහිද, දෙවන පදයෙන් ආඝාතවස්තු විශේෂයනට විෂය වූ ද්වේෂ මෝහ යන දෙකෙහිද, වික්ඛම්භන විවේකය කියන ලද්දේ වේ. ඔඝාදී ධර්මයන් අතුරෙන්ද, පළමු පදයෙන් කාමොඝ, කාමයොග, කාමාසව, කාමූපාදාන, අභිජ්ඣා, කායගන්ථ, කාමරාගසංයොජන යන මොවුන්ගේ වික්ඛම්භන විවෙකය කියන ලද්දේ වේ. දෙවන පදයෙන් සෙසු ඔඝ, යොග, ආසව, උපාදාන, ගන්ථ, සංයෝජනයන්ගේ වික්ඛම්භනවිවේකය කියන ලද්දේ වේ. පළමු පදයෙන් තෘෂ්ණාවෙහි හා එය හා සමග බැඳුණු ක්ලේශයන්ගේද, දෙවන පදයෙන් අවිද්‍යාවෙන් හා එය හා සමග බැඳුණු ක්ලේශයන්ගේද, වික්ඛම්භනවිවේකය කියන ලද්දේ වේ. යලිදු, පළමු පදයෙන් ලෝභ සම්ප්‍රයුක්ත චිත්තොත්පාද අටෙහිද, දෙවන පදයෙන් සෙසු අකුශල චිත්තොත්පාද සතරෙහිද වික්ඛම්භන විවෙකය කියන ලද්දේ යයි දතයුතුය. මේ වනාහි විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි’ යන මෙහි අර්ත්ථ ප්රකාශනයයි.
එත්තාවතා ච පඨමස්ස ඣානස්ස පහානඞ්ගං දස්සෙත්වා ඉදානි සම්පයොගඞ්ගං දස්සෙතුං සවිතක්කං සවිචාරන්තිආදි වුත්තං. තත්ථ විතක්කනං විතක්කො, ඌහනන්ති වුත්තං හොති. ස්වායං ආරම්මණෙ චිත්තස්ස අභිනිරොපනලක්ඛණො, ආහනනපරියාහනනරසො. තථා හි තෙන යොගාවචරො ආරම්මණං විතක්කාහතං විතක්කපරියාහතං කරොතීති වුච්චති. ආරම්මණෙ චිත්තස්ස ආනයනපච්චුපට්ඨානො.
මෙතෙකින් ප්‍රථම ධ්‍යානය පිළිබඳ ප්රහාණාංගයන් දක්වා ඉක්බිති සම්ප්රයොගාංගයන් දක්වනු පිණිස සවිතක්කං සවිචාරං යන ආදිය කියන ලදි. එහි ‘විතක්ක’ යනු විතර්කනයයි, අරමුණ වෙත සිත එළවීමැයි කී නියායි. ඒ මේ විතර්කය අරමුණ කෙරෙහි සිත යොමුකිරීම ලක්‍ෂණකොට ඇත්තේය, අරමුණෙහි සිත රැඳවීම, වෙසෙසින් රැඳවීම රස හෙවත් කෘත්‍යකොට ඇත්තේය. ඒ එසේමැයි, එසේ රැඳවීම් හේතුවෙන් යෝගාවචර තෙමේ අරමුණ විතර්කයෙන් පැහැරීම, විශේෂයෙන් පැහැරීම කෙරේය’යි කියනු ලැබේ. අරමුණෙහි සිත එළවීම වැටහීම්කොට ඇත්තේය.
විචරණං විචාරො, අනුසඤ්චරණන්ති වුත්තං හොති. ස්වායං ආරම්මණානුමජ්ජනලක්ඛණො, තත්ථ සහජාතානුයොජනරසො, චිත්තස්ස අනුප්පබන්ධනපච්චුපට්ඨානො.
විචාර යනු, හැසිරීමයි, අනුව හැසිරීමැයි කී නියායි, ඒ විචාරය අරමුණ පිරිමදින ස්වභාව ඇත්තේය, එහි සහජාත ධර්මයන් අනුව යෙදීම රස හෙවත් කෘත්‍යකොට ඇත්තේය, අරමුණ කෙරෙහි සිත නොකඩවා පැවැත්වීම වැටහීම් කොට ඇත්තේය.
සන්තෙපි ච නෙසං කත්ථචි අවිප්පයොගෙ ඔළාරිකට්ඨෙන පුබ්බඞ්ගමට්ඨෙන ච ඝණ්ඩාභිඝාතො විය චෙතසො පඨමාභිනිපාතො විතක්කො. සුඛුමට්ඨෙන අනුමජ්ජනසභාවෙන ච ඝණ්ඩානුරවො විය අනුප්පබන්ධො විචාරො. විප්ඵාරවා චෙත්ථ විතක්කො පඨමුප්පත්තිකාලෙ පරිප්ඵන්දනභූතො චිත්තස්ස ආකාසෙ උප්පතිතුකාමස්ස පක්ඛිනො පක්ඛවික්ඛෙපො විය පදුමාභිමුඛපාතො විය ච ගන්ධානුබන්ධචෙතසො භමරස්ස. සන්තවුත්ති විචාරො නාතිපරිප්ඵන්දනභාවො චිත්තස්ස ආකාසෙ උප්පතිතස්ස පක්ඛිනො පක්ඛප්පසාරණං විය, පරිබ්භමනං විය ච පදුමාභිමුඛපතිතස්ස භමරස්ස පදුමස්ස උපරිභාගෙ. දුකනිපාතට්ඨකථායං පන “ආකාසෙ ගච්ඡතො මහාසකුණස්ස උභොහි පක්ඛෙහි වාතං ගහෙත්වා පක්ඛෙ සන්නිසීදාපෙත්වා ගමනං විය ආරම්මණෙ චෙතසො අභිනිරොපනභාවෙන පවත්තො විතක්කො. වාතග්ගහණත්ථං පක්ඛෙ ඵන්දාපයමානස්ස ගමනං විය අනුමජ්ජනභාවෙන පවත්තො විචාරො”ති වුත්තං, තං අනුප්පබන්ධෙන පවත්තියං යුජ්ජති. සො පන නෙසං විසෙසො පඨමදුතියජ්ඣානෙසු පාකටො හොති.
එම විතක්ක විචාර යන දෙක අතුරෙන් කිසි විටෙක එකිනෙකින් වියෝ නොවන පැවැත්ම ඇති කල්හි පවා වඩා ප්‍රකට හෙයින්ද, ඝණ්ඨාවෙහි රාවය මෙන් පළමුකොට පිහිටන හෙයින්ද, පළමුවෙන් සිත අරමුණට නඟනුයේ විතක්කයයි. වඩා සූක්ෂ්ම වන හෙයින්ද, අනුව හැසිරෙන ස්වභාව ඇති හෙයින්ද, ඝණ්ඨාවෙහි ප්රතිරාවය සෙයින් අනුව පවත්නේ විචාරයයි. ප්‍රථම උත්පත්ති කාලයෙහි ඔබමොබ සැලෙමින් බොහෝකොට පැතිරීම් ඇත්තේ විතක්කයයි, අහසට නැගෙනු කැමැති පක්ෂියකුගේ පියාපත් සැලීම මෙන්ද, ගඳ අනුව ගිය සිත් ඇති බඹරාගේ පියුමට අභිමුඛව සැලීම මෙන්ද සන්සුන් පැවතුම් ඇතියේ බොහෝ නොවන සැලීම් ඇතියේ විචාරයයි. අහසට නැඟුණ පක්ෂියකුගේ පියාපත් විහිදීම මෙන්ද, පියුමට අභිමුඛව වැටුණ බඹරකුගේ එම පියුමට උඩින් පරිභ්‍රමණය මෙන්ද වේ. දුකනිපාතට්ඨකථාවෙහි වනාහි ‘අහස්හි යන මහා පක්ෂියකුගේ දෙපියාපතින් වාතය ගන්වා පියාපත් තැන්පත්කොට යාම මෙන් අරමුණෙහි සිත පිහිටුවීම් වශයෙන් පැවැතියේ විතක්කයයි, එම විතක්කය ඒකාග්ර වීමෙන් අර්පණා බවට පත්වේ. වාතය ගැනීම පිණිස පියාපත් සලන පක්ෂියාගේ ගමන මෙන් පිරිමැදීම් ස්වභාවයෙන් පැවැතියේ විචාරයයි, එම විචාරය අරමුණ (අනුමර්ශනය කෙරෙතියි) පිරිමදිනේය’යි කියනලදි. එම මහාසකුණදෘෂ්ටාන්තය විතක්කය අනුව බැදී පවත්නා කල්හි යෙදේ. විතක්ක විචාර යන දෙකෙහි මේ වෙනස ප්‍රථම ද්විතීය ධ්යානයන්හිදී ප්‍රකට වේ.
අපිච මලග්ගහිතං කංසභාජනං එකෙන හත්ථෙන දළ්හං ගහෙත්වා ඉතරෙන හත්ථෙන චුණ්ණතෙලවාලණ්ඩුපකෙන පරිමජ්ජන්තස්ස දළ්හගහණහත්ථො විය විතක්කො, පරිමජ්ජනහත්ථො විය විචාරො. තථා කුම්භකාරස්ස දණ්ඩප්පහාරෙන චක්කං භමයිත්වා භාජනං කරොන්තස්ස උප්පීළනහත්ථො විය විතක්කො, ඉතො චිතො ච සඤ්චරණහත්ථො විය විචාරො. තථා මණ්ඩලං කරොන්තස්ස මජ්ඣෙ සන්නිරුම්භිත්වා ඨිතකණ්ටකො විය අභිනිරොපනො විතක්කො, බහි පරිබ්භමනකණ්ටකො විය අනුමජ්ජනො විචාරො. ඉති ඉමිනා ච විතක්කෙන ඉමිනා ච විචාරෙන සහ වත්තති රුක්ඛො විය පුප්ඵෙන ඵලෙන චාති ඉදං ඣානං “සවිතක්කං සවිචාර”න්ති වුච්චති. විභඞ්ගෙ පන “ඉමිනා ච විතක්කෙන ඉමිනා ච විචාරෙන උපෙතො හොති සමුපෙතො”තිආදිනා (විභ· 565) නයෙන පුග්ගලාධිට්ඨානා දෙසනා කතා. අත්ථො පන තත්රාපි එවමෙව දට්ඨබ්බො.
තවද, මල බැදුණ ලොහොබඳුනක් එක් අතෙකින් තදින් අල්වාගෙන සුණුතෙල් සහිත ලොම් සුඹුලුවෙකින් පිරිමදින්නකුගේ දැඩිව ගත් අත මෙන් වූයේ විතක්කයයි, පිරිමදින අත මෙන් වූයේ විචාරයයි, එසේම දඬු පහරින් සක බමවා බඳුනක් තනන කුම්භකාරයකුගේ මැටිපිඬ පෙළාගත් අත මෙන් වූයේ විතක්කයයි, ඔබ මොබ හසුරුවනු ලබන අත මෙන් වූයේ විචාරයයි, එසේම වෘත්ත රේඛාවක් අදින්නහුගේ මැද ඔබාගෙන සිටින කටුව මෙන් එක් තැන රුවනු ලබන ස්වභාවය විතක්කයයි, පිටත පරිභ්‍රමණයවන කටුව මෙන් පිරිමදින ස්වභාවය විචාරයයි. මෙසේ මෙම විතක්කයෙන්ද මෙම විචාරයෙන්ද යුතුව, පුෂ්පයෙන්ද ඵලයෙන්ද යුතු වූ රුකක් මෙන් පවතිතැ’යි මෙම ධ්‍යානය ‘සවිතක්ක සවිචාර’ යයි කියනු ලැබේ. විභංගයෙහි වනාහි ‘ඉමිනාච විතක්කෙන ඉමිනා ච විචාරෙන උපෙතො සමූපෙතො’ (මේ විතක්කයෙන්ද මේ විචාරයෙන්ද උපේතවූයේ සමූපේතවූයේ) යන ආදී නයින් පුද්ගල වශයෙන් ගෙන දේශනා කරන ලදි. එහිද අර්ත්ථය මෙසේම දතයුතුය.
විවෙකජන්ති එත්ථ විවිත්ති විවෙකො, නීවරණවිගමොති අත්ථො. විවිත්තොති වා විවෙකො, නීවරණවිවිත්තො ඣානසම්පයුත්තධම්මරාසීති අත්ථො. තස්මා විවෙකා, තස්මිං වා විවෙකෙ ජාතන්ති විවෙකජං.
විවෙකජං යන මෙහි විවේක යනු වෙන්වීමයි, නීවරණයන් කෙරෙන් මිදීමය යන අර්‍ත්‍ථයි, පහවෙති’යි හෝ විවේක නමි, නීවරණයන්ගෙන් මිදුණු ධ්‍යාන සම්ප්‍රයුක්ත ධර්ම රාශියැ’යි යන අර්‍ත්‍ථයි. ඒ විවේකයෙන් නොහොත් ඒ විවේකය තුළ උපන්හ’යි ‘විවේකජ’ නම් වේ.
පීතිසුඛන්ති එත්ථ පීණයතීති පීති. සා සම්පියායනලක්ඛණා, කායචිත්තපීනනරසා, ඵරණරසා වා, ඔදග්යපච්චුපට්ඨානා. සා පනෙසා ඛුද්දිකා පීති, ඛණිකාපීති, ඔක්කන්තිකාපීති, උබ්බෙගාපීති, ඵරණාපීතීති පඤ්චවිධා හොති. තත්ථ ඛුද්දිකාපීති සරීරෙ ලොමහංසමත්තමෙව කාතුං සක්කොති. ඛණිකාපීති ඛණෙ ඛණෙ විජ්ජුප්පාදසදිසා හොති. ඔක්කන්තිකාපීති සමුද්දතීරං වීචි විය කායං ඔක්කමිත්වා ඔක්කමිත්වා භිජ්ජති. උබ්බෙගාපීති බලවතී හොති කායං උද්ධග්ගං කත්වා ආකාසෙ ලඞ්ඝාපනප්පමාණප්පත්තා. තථා හි පුණ්ණවල්ලිකවාසී මහාතිස්සත්ථෙරො පුණ්ණමදිවසෙ සායං චෙතියඞ්ගණං ගන්ත්වා චන්දාලොකං දිස්වා මහාචෙතියාභිමුඛො හුත්වා “ඉමාය වත වෙලාය චතස්සො පරිසා මහාචෙතියං වන්දන්තී”ති පකතියා දිට්ඨාරම්මණවසෙන බුද්ධාරම්මණං උබ්බෙගාපීතිං උප්පාදෙත්වා සුධාතලෙ පහටචිත්රගෙණ්ඩුකො විය ආකාසෙ උප්පතිත්වා මහාචෙතියඞ්ගණෙයෙව පතිට්ඨාසි. තථා ගිරිකණ්ඩකවිහාරස්ස උපනිස්සයෙ වත්තකාලකගාමෙ එකා කුලධීතාපි බලවබුද්ධාරම්මණාය උබ්බෙගාපීතියා ආකාසෙ ලඞ්ඝෙසි.
පීතිසුඛං යනු, පිනවති’යි ‘පීති’ නමි, එම පීතිය අරමුණ පිය කරන ස්වභාව ඇත්තේයි, කය හා සිත පිනවීම කෘත්‍යකොට ඇත්තේයි, එම පීතිය වූ කලී ඛුද්දිකා පීති, ඛණිකා පීති, ඔක්කන්තිකා පීති, උබ්බෙගා පීති, ඵරණා පීතියයි පංචවිධ වේ, එහි ඛුද්දිකා පීතිය ශරීරයෙහි රෝමහර්ෂ මාත්‍රයක්ම කරවනු සමත් වේ, ඛණිකා පීතිය කෙණෙහි කෙණෙහි විදුලිය වැටීම හා සමාන වේ, ඔක්කන්තිකා පීතිය මුහුදු වෙරළ හැපෙන රළ මෙන් සිරුර ඔකඳ කරවමින් බිඳීයයි, උබ්බෙගපීතිය බලවත් වේ, සිරුර ඔදවත් කොට අහස්හි උල්පවනු හැකිතරම් වේ. ඒ එසේමැයි, පුණ්ණවල්ලිකවාසී මහාතිස්ස නම් තෙරණුවෝ පුන් පොහෝ දිනෙක සවස් වේලෙහි සෑමලුවට ගොස් සඳ එළිය දැක, මහසෑය දෙසට හැරී, මෙවේලෙහි ඒකාන්තයෙන් සිවු පිරිස් මහසෑය වඳනාහුය’යි ප්‍රකෘතියෙන් දක්නාලද අරමුණු වශයෙන් බුදුන් අරමුණු කොටගත් උබ්බෙග පීතිය උපදවා සුණු බදාමයෙන් කළ බිමෙහි ගැසූ විසිතුරු පන්දුවක් මෙන් අහසට පැන නැගී මහසෑ මලුවෙහිම පිහිටියාහුය. එසේම ගිරිහඬු මහවෙහෙර අබියස වත්තකාලක නම් ගම එක් කුලදුවක් තොමෝ බලවත්වූ බුද්ධාලම්බන උබ්බේගපීතියෙන් අහසට නැංගාය.
තස්සා කිර මාතාපිතරො සායං ධම්මස්සවනත්ථාය විහාරං ගච්ඡන්තා “අම්ම ත්වං ගරුභාරා අකාලෙ විචරිතුං න සක්කොසි, මයං තුය්හං පත්තිං කත්වා ධම්මං සොස්සාමා”ති අගමංසු. සා ගන්තුකාමාපි තෙසං වචනං පටිබාහිතුං අසක්කොන්තී ඝරෙ ඔහීයිත්වා ඝරාජිරෙ ඨත්වා චන්දාලොකෙන ගිරිකණ්ඩකෙ ආකාසචෙතියඞ්ගණං ඔලොකෙන්තී චෙතියස්ස දීපපූජං අද්දස, චතස්සො ච පරිසා මාලාගන්ධාදීහි චෙතියපූජං කත්වා පදක්ඛිණං කරොන්තියො භික්ඛුසඞ්ඝස්ස ච ගණසජ්ඣායසද්දං අස්සොසි. අථස්සා “ධඤ්ඤාවතිමෙ, යෙ විහාරං ගන්ත්වා එවරූපෙ චෙතියඞ්ගණෙ අනුසඤ්චරිතුං, එවරූපඤ්ච මධුරධම්මකථං සොතුං ලභන්තී”ති මුත්තරාසිසදිසං චෙතියං පස්සන්තියා එව උබ්බෙගාපීති උදපාදි. සා ආකාසෙ ලඞ්ඝිත්වා මාතාපිතූනං පුරිමතරංයෙව ආකාසතො චෙතියඞ්ගණෙ ඔරුය්හ චෙතියං වන්දිත්වා ධම්මං සුණමානා අට්ඨාසි. අථ නං මාතාපිතරො ආගන්ත්වා “අම්ම ත්වං කතරෙන මග්ගෙන ආගතාසී”ති පුච්ඡිංසු. සා “ආකාසෙන ආගතාම්හි, න මග්ගෙනා”ති වත්වා “අම්ම ආකාසෙන නාම ඛීණාසවා සඤ්චරන්ති, ත්වං කථං ආගතා”ති වුත්තා ආහ – “මය්හං චන්දාලොකෙන චෙතියං ආලොකෙන්තියා ඨිතාය බුද්ධාරම්මණා බලවපීති උප්පජ්ජි. අථාහං නෙව අත්තනො ඨිතභාවං, න නිසින්නභාවං අඤ්ඤාසිං, ගහිතනිමිත්තෙනෙව පන ආකාසෙ ලඞ්ඝිත්වා චෙතියඞ්ගණෙ පතිට්ඨිතාම්හී”ති.
ඇයගේ මාපියෝ දහම් ඇසීම පිණිස සවස් වේලෙහි විහාරයට යන්නාහු, දරුව, ඔබ ගැබ්බර වූ හෙයින් නොකල්හි හැසිරෙනු නොහැකිය, අපි ඔබටද පින් පිණිස දහම් අසම්හ’යි කියා ගියහ. ඕ තොමෝ යනු කැමැති වුවද ඔවුන්ගේ වචනය පිළිකෙව් කරනු නොහැකිව ගෙහි නැවතී, ගෙමිදුලෙහි සිට සඳ එළියෙන් ගිරිහඬු වෙහෙර අහස්සෑ -මලුව බලන්නී සෑයෙහි පහන් පූජා දුටුවාය, මල් ගඳ ආදිය ගෙන සෑය පුදා පැදකුණු කරන සිවු පිරිස්ද දුටුවාය, භික්ෂූන්ගේ ගණ සජ්ඣායන ශබ්දයද ශ්‍රවණය කළාය, එවිට ඇයට මෙවන් සිතක් පහළ විය, ‘යම් කෙනෙක් විහාරයට ගොස් මෙවන් සෑමලුවෙහි හැසිරෙන්නට, මෙවන් මිහිරි දහම් කතා අසන්නට ලබන්නාහුද, ඔහු ඒකාන්තයෙන්ම භාග්‍යවන්තයෝය’ යනුයි. මුතු රැසක් ඇති සෑය දකින ඇයට උබ්බෙගපීතිය උපනි. ඕ තොමෝ අහස්හි ඉපිල මාපියනට පළමුව අහසින් සෑ-මලුවට බැස, සෑය වැඳ දහම් අසමින් සිටියාය, ඉක්බිති මාපියෝ අවුත්, ‘දරුව, ඔබ කවර මඟෙකින් ආවාහුදැ’යි පිළිවුසූහ. ඕ තොමෝ, ‘අහසින් ආමි, අන් මඟෙකින් නො-ආමි’යි කීවාය. ‘දරුව, රහත්හු නම් අහසින් යෙති, ඔබ කෙසේ ආහුදැ?’යි කීකල, ‘මා සද එළියෙන් සෑය දෙස බලමින් සිටින විට බලවත් බුද්ධාලම්බන ප්‍රීති උපන, එවිට මා සිටින බවක් හෝ හිඳුනා බවක් හෝ නොදත්තෙමි, ගන්නාලද නිමිත්තෙන්ම අහස්හි ඉපිල සෑ මලුවෙහි පිහිටියෙමි’යි කීවාය. මෙසේ උබ්බේගපීතිය අහස්හි ඉල්පවීමට තරම් බලවත් වේ.
එවං උබ්බෙගාපීති ආකාසෙ ලඞ්ඝාපනප්පමාණා හොති. ඵරණාපීතියා පන උප්පන්නාය සකලසරීරං ධමිත්වා පූරිතවත්ථි විය මහතා උදකොඝෙන පක්ඛන්දපබ්බතකුච්ඡි විය ච අනුපරිප්ඵුටං හොති.
ඵරණපීතිය උපන්කල මුළු සිරුර සුළං පිඹ පිරූ විතක් (වස්තියක්) සෙයින්ද, මහාජලප්රවාහයකින් හෑරීගිය (?) පර්වත කුක්ෂියක් සෙයින්ද, සියලු පසින් ස්පර්ශ කරන ලද්දේ වේ.
සා පනෙසා පඤ්චවිධා පීති ගබ්භං ගණ්හන්තී පරිපාකං ගච්ඡන්තී දුවිධං පස්සද්ධිං පරිපූරෙති කායපස්සද්ධිඤ්ච චිත්තපස්සද්ධිඤ්ච. පස්සද්ධි ගබ්භං ගණ්හන්තී පරිපාකං ගච්ඡන්තී දුවිධම්පි සුඛං පරිපූරෙති කායිකඤ්ච චෙතසිකඤ්ච. සුඛං ගබ්භං ගණ්හන්තං පරිපාකං ගච්ඡන්තං තිවිධං සමාධිං පරිපූරෙති ඛණිකසමාධිං උපචාරසමාධිං අප්පනා සමාධින්ති. තාසු යා අප්පනාසමාධිස්ස මූලං හුත්වා වඩ්ඪමානා සමාධිසම්පයොගං ගතා ඵරණාපීති, අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා පීතීති.
ඒ මේ පංචවිධ වූ ප්‍රීතිය ගැබ්ගනිමින්, මුහුකුරා යමින් කායපස්සද්ධි, චිත්තපස්සද්ධි යන විවිධ වූ පස්සද්ධිය සපුරාලයි, පස්සද්ධිය ගැබ් ගනිමින් මුහුකුරමින් කායිකවූද චෛතසික වූද යන ද්විවිධ සුඛය සපුරාලයි. සුඛය ගැබ් ගනිමින්, මුහුකුරමින් ක්ෂණිකසමාධිය, උපචාර සමාධිය හා අර්පණා සමාධියැ’යි යන මේ ත්‍රිවිධ සමාධිය සපුරා ලයි. ඒ පංචවිධ ප්‍රීතීන් අතුරෙන් අර්පණා සමාධියට මුල්ව වැඩෙමින් සමාධිය හා සමග සම්ප්‍රයෝගයට ගිය මේ ඵරණපීතිය මෙම අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත වූ ප්‍රීතියයි.
ඉතරං පන සුඛනං සුඛං, සුට්ඨු වා ඛාදති, ඛනති ච කායචිත්තාබාධන්ති සුඛං, තං සාතලක්ඛණං, සම්පයුත්තානං උපබ්රූහනරසං, අනුග්ගහපච්චුපට්ඨානං. සතිපි ච නෙසං කත්ථචි අවිප්පයොගෙ ඉට්ඨාරම්මණපටිලාභතුට්ඨි පීති. පටිලද්ධරසානුභවනං සුඛං. යත්ථ පීති, තත්ථ සුඛං. යත්ථ සුඛං, තත්ථ න නියමතො පීති. සඞ්ඛාරක්ඛන්ධසඞ්ගහිතා පීති. වෙදනාක්ඛන්ධසඞ්ගහිතං සුඛං. කන්තාරඛින්නස්ස වනන්තුදකදස්සනසවනෙසු විය පීති. වනච්ඡායාපවෙසනඋදකපරිභොගෙසු විය සුඛං. තස්මිං තස්මිං සමයෙ පාකටභාවතො චෙතං වුත්තන්ති වෙදිතබ්බං. ඉති අයඤ්ච පීති ඉදඤ්ච සුඛං අස්ස ඣානස්ස, අස්මිං වා ඣානෙ අත්ථීති ඉදං ඣානං පීතිසුඛන්ති වුච්චති.
අනෙකක් නම්, සුඛය වනාහි, මනාසේ දැරීම සුඛ (සුව) නමි, කාය චිත්ත ආබාධයන් මනාසේ කාදමතියි, උපුටා දමති’යි හෝ සුඛ නමි. එම සුඛය ප්‍රියජනක (මධුර) ස්වභාවය ලක්ෂණ කොට ඇත්තේය, තමා හා සමග සම්ප්‍රයුක්ත වූ ධර්මයන් වැඩීම කෘත්‍ය කොට ඇත්තේය. එම සම්ප්‍රයුක්ත ධර්මයනට උපකාරී වීම ඵල කොට ඇත්තේය. කිසි තැනෙක්හි එම පීති සුඛ යන දෙක නොවෙන්ව ඇති කල්හිද, ඉෂ්ටාලම්බන ප්රතිලාභ වශයෙන් උපදනා තුෂ්ටිය පීති නමි. ප්‍රතිලබ්ධ ආලම්බන රසානුභවය සුඛ නමි. යම් තැනෙක ප්‍රීතිය ඇත්තේද, එතැන සුඛයද ඇත, යම් තැනෙක සුඛය ඇත්තේද, එතැන නියත වශයෙන් ප්‍රීතිය ඇත්තේ නොවේ. සංස්කාර ස්කන්ධයෙහි සංගෘහීත වූයේ ප්‍රීතියයි. වෙදනා ස්කන්ධයෙහි සංගෘහීතවූයේ සුඛයයි. ප්‍රීතිය කාන්තාරයෙක්හි පීඩාවට පත්වූවකුහට වනයක් හෝ ජලයක් පිළිබඳව අසන්නට හෝ දකින්නට ලැබීම වැනිය. සුඛය වනසෙවණට වදින්නට හා ජල පරිභෝගය කරන්නට ලැබීම වැනිය. ඒ ඒ අවස්ථාවෙහි (ප්‍රිතිය හෝ සුඛය) බලවත්වීම් වශයෙන් මෙසේ කියන ලද්දේයයි දතයුතුය. මෙසේ මෙම පීතියද මෙම සුඛයද මේ ධ්‍යානයට, නැතහොත්, මේ ධ්‍යානයෙහි ඇත්තේයයි මේ (ප්‍රථම) ධ්‍යානය පීති සුඛ සහිතයයි කියනලදි.
අථ වා පීති ච සුඛඤ්ච පීතිසුඛං, ධම්මවිනයාදයො විය. විවෙකජං පීතිසුඛමස්ස ඣානස්ස, අස්මිං වා ඣානෙ අත්ථීති එවම්පි විවෙකජංපීතිසුඛං. යථෙව හි ඣානං, එවං පීතිසුඛම්පෙත්ථ විවෙකජමෙව හොති, තඤ්චස්ස අත්ථි, තස්මා එකපදෙනෙව “විවෙකජංපීතිසුඛ”න්තිපි වත්තුං යුජ්ජති. විභඞ්ගෙ පන “ඉදං සුඛං ඉමාය පීතියා සහගත”න්තිආදිනා (විභ· 567) නයෙන වුත්තං. අත්ථො පන තත්ථාපි එවමෙව දට්ඨබ්බො.
නොහොත්, පීතියද සුඛයද ‘පීතිසුඛ’ නමි, ‘ධම්මවිනය’ ආදියෙහි මෙනි. විවේකයෙන් උපන් පීතිසුඛය මෙම ධ්‍යානයට, නැතහොත්, මෙම ධ්‍යානයෙහි ඇත්තේය’යි හෝ, මෙසේද විවේකයෙන් උපන් පීතිසුඛ ඇත්තේය’යි කියනු ලැබේ. යම්සේ වනාහි ධ්‍යානය විවේකයෙන් උපන්නේද, එසේම මෙහි පීතිසුඛයද විවේකයෙන් උපන්නේම වේ, එම පීතිසුඛයද මේ ධ්‍යානයට ඇත, එහෙයින් විවෙකජං පීතිසුඛං යයි එක් පදයෙන්ම කියනු යෙදේ. විභංගයෙහි වනාහි, ඉදං සුඛං ඉමාය පීතියා සහගතං’ (මේ සුඛය මේ පීතිය හා සහගතය) යි ආදී නයින් කියනලදි. එහිද අර්ත්ථය මෙසේම දතයුතුය.
පඨමං ඣානන්ති ඉදං පරතො ආවිභවිස්සති. උපසම්පජ්ජාති උපගන්ත්වා, පාපුණිත්වාති වුත්තං හොති. උපසම්පාදයිත්වා වා, නිප්ඵාදෙත්වාති වුත්තං හොති. විභඞ්ගෙ පන “උපසම්පජ්ජාති පඨමස්ස ඣානස්ස ලාභො පටිලාභො පත්ති සම්පත්ති ඵුසනා සච්ඡිකිරියා උපසම්පදා”ති වුත්තං. තස්සාපි එවමෙවත්ථො දට්ඨබ්බො. විහරතීති තදනුරූපෙන ඉරියාපථවිහාරෙන ඉතිවුත්තප්පකාරඣානසමඞ්ගී හුත්වා අත්තභාවස්ස ඉරියං වුත්තිං පාලනං යපනං යාපනං චාරං විහාරං අභිනිප්ඵාදෙති . වුත්තඤ්හෙතං විභඞ්ගෙ “විහරතීති ඉරියති වත්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති, තෙන වුච්චති විහරතී”ති (විභ· 540).
පඨමං ඣානං (ප්‍රථම ධ්‍යානය) යන මෙය මතු ප්‍රකාශ වන්නේය. උපසම්පජ්ජ යනු, ප්‍රථම ධ්‍යානය ලැබීම, ප්‍රතිලාභය, පැමිණීම, සම්ප්‍රාප්තිය, දැකීම, ප්රත්යක්ෂ කිරීම ‘උපසම්පදා’යි කියනු ලැබේ. එහිද මෙපරිද්දෙන්ම අර්ත්ථය දතයුතුය. විහරති යනු, ධ්‍යානයට අනුරූප වූ ඉරියවු විහරණයෙන්, මෙසේ කියනලද ප්‍රකාර ඇති ධ්‍යානයෙන් සමන්විතව ආත්මභාවය පැවැත්වීම, ප්රවෘත්තවීම, පාලනය, යැපීම, ජීවත්වීම, හැසිරීම, විහරණය නිපදවයි, කියන ලද මැයි විභංගයෙහි, ‘විහරතී’ති ඉරියති, වත්තති, පාලෙති, යපෙති, යාපෙති, චරති, විහරති, තෙන වුච්චති විහරතීති’ (විහරති යනු, ඉරියවු කෙරේයි, පවතියි, රකියි, යැපෙයි, ජීවත්වෙයි, හැසිරෙයි, විහරණය කෙරෙයි, එහෙයින් විහරති’යි කියනු ලැබේ.)