නිමිත්තාභිමුඛපටිපාදනං
නිමිත්තාභිමුඛපටිපාදනං
නිමිත්තාභිමුඛපටිපාදනං
තත්රායමත්ථදීපනා – යථා හි අඡෙකො මධුකරො අසුකස්මිං රුක්ඛෙ පුප්ඵං පුප්ඵිතන්ති ඤත්වා තික්ඛෙන වෙගෙන පක්ඛන්දො තං අතික්කමිත්වා පටිනිවත්තෙන්තො ඛීණෙ රෙණුම්හි සම්පාපුණාති. අපරො අඡෙකො මන්දෙන ජවෙන පක්ඛන්දො ඛීණෙයෙව සම්පාපුණාති. ඡෙකො පන සමෙන ජවෙන පක්ඛන්දො සුඛෙන පුප්ඵරාසිං සම්පත්වා යාවදිච්ඡකං රෙණුං ආදාය මධුං සම්පාදෙත්වා මධුරසමනුභවති.
එහි අර්ත්ථ නිරූපණය මෙසේය, යම්සේ අතිදක්ෂ වූ මැස්සෙක් අසුවල් ගසෙහි මල් පිපී ගියේයයි දැන ඉතා වේගයෙන් පියා සලමින් එය වෙත යන්නේ එම ගස ඉක්මවා ගොස් පෙරළා එන්නේ රොන් අවසන් පසු පැමිණේ, අදක්ෂ වූ අනෙකෙක් මඳ ජවයෙන් පියා සලනුයේ රොන් අවසන් වූ පසු එය වෙත පැමිණේ, දක්ෂ වූ (අතිදක්ෂ හෝ අදක්ෂ නොවූ) අනෙකෙක් වනාහි සම වේගයෙන් පියා සලනුයේ මල් රැසක් වෙත සුවසේ හැසිරෙමින් කැමැතිතාක් රොන් ගෙන මීරස විඳින්නේ වේද,
යථා ච සල්ලකත්තඅන්තෙවාසිකෙසු උදකථාලගතෙ උප්පලපත්තෙ සත්ථකම්මං සික්ඛන්තෙසු එකො අඡෙකො වෙගෙන සත්ථං පාතෙන්තො උප්පලපත්තං ද්විධා වා ඡින්දති, උදකෙ වා පවෙසෙති. අපරො අඡෙකො ඡිජ්ජනපවෙසනභයා සත්ථකෙන ඵුසිතුම්පි න විසහති. ඡෙකො පන සමෙන පයොගෙන තත්ථ සත්ථපහාරං දස්සෙත්වා පරියොදාතසිප්පො හුත්වා තථාරූපෙසු ඨානෙසු කම්මං කත්වා ලාභං ලභති.
තවද යම්සේ පැන් තලියෙහි මහනෙල් පත් බහා ශල්‍ය කර්ම උගන්නා ශල්‍ය වෛද්‍ය ශිෂ්‍යයන් අතුරෙන් එකෙක් අතිදක්ෂ වූයේ වේගයෙන් සැත් හෙලමින් මහනෙල්පත දෙකඩකොට සිඳලයි, නැතහොත් දියෙහි ගිල්වා ලයි, අදක්ෂ වූ අනෙකෙක් සිඳීයාදෝ දියෙහි ගිලේ දෝහෝයි බියෙන් සැත තබන්නට පවා නොසමත් වේ. දක්ෂ වූ (අතිදක්ෂ හෝ අදක්ෂ නොවූ) අනෙකෙක් තෙමේ සමකොට යෙදීමෙන් එහි සැත් පහර දක්වා පිරිසිදුව හුරුපුරුදු කළ ශිල්ප ඇත්තේ සුදුසු තන්හි සැත් කම් කොට ලාභ ලබන්නේද,
යථා ච යො චතුබ්යාමප්පමාණං මක්කටසුත්තමාහරති, සො චත්තාරි සහස්සානි ලභතීති රඤ්ඤා වුත්තෙ එකො අඡෙකපුරිසො වෙගෙන මක්කටසුත්තමාකඩ්ඪන්තො තහිං තහිං ඡින්දතියෙව. අපරො අඡෙකො ඡෙදනභයා හත්ථෙන ඵුසිතුම්පි න විසහති. ඡෙකො පන කොටිතො පට්ඨාය සමෙන පයොගෙන දණ්ඩකෙ වෙධෙත්වා ආහරිත්වා ලාභං ලභති.
තවද යම්සේ, ‘යමෙක් තෙමේ සිවුබඹයක් තරම් මකුළු හුයක් ගෙන එන්නේ නම්, හේ තෙමේ සාරදහසක් ලබන්නේය’යි රජු විසින් ප්‍රකාශ කරන ලද කල්හි අතිදක්ෂ වූ එක් පුරුෂයෙක් යුහුව මකුළු හූ එකතු කරනුයේ තැනින් තැන සිඳලන්නේමය, අදක්ෂ වූ අනෙකෙක් සිඳීයාදෝයි බියෙන් අත තබන්නට පවා නොසමත් වෙයි, දක්ෂ වූයේ (අතිදක්ෂ හෝ අදක්ෂ නොවූයේ) වනාහි කොණක පටන් සමකොට යෙදීමෙන් දඬුවෙක ඔතාගත් මකුළු හූ ගෙනවුත් තෑගි ලබන්නේ වේද,
යථා ච අඡෙකො නියාමකො බලවවාතෙ ලඞ්කාරං පූරෙන්තො නාවං විදෙසං පක්ඛන්දාපෙති. අපරො අඡෙකො මන්දවාතෙ ලඞ්කාරං ඔරොපෙන්තො නාවං තත්ථෙව ඨපෙති. ඡෙකො පන මන්දවාතෙ ලඞ්කාරං පූරෙත්වා බලවවාතෙ අඩ්ඪලඞ්කාරං කත්වා සොත්ථිනා ඉච්ඡිතට්ඨානං පාපුණාති.
තවද යම්සේ අතිදක්ෂ වූ නියමුවා තදසුළඟෙහි රුවල් පුරා අදිමින් නැව විදේශයන්හි ගෙන යන්නේය. අදක්ෂ වූ අනෙකෙක් මඳ සුළඟෙහි පවා රුවල් නොබහා එතැනම රඳවන්නේය, දක්ෂ වූ (අතිදක්ෂ හෝ අදක්ෂ නොවූ) නියමු තෙමේ මඳ සුළග ඇති කල්හි රුවල් පුරා අදිමින් තද සුළඟ ඇති කල්හි අඩ රුවල් කරමින් නිරුපද්‍රැතව අභිමත ස්ථානයට නැව ගෙනයන්නේ වේද,
යථා ච යො තෙලෙන අඡඩ්ඩෙන්තො නාළිං පූරෙති, සො ලාභං ලභතීති ආචරියෙන අන්තෙවාසිකානං වුත්තෙ එකො අඡෙකො ලාභලුද්ධො වෙගෙන පූරෙන්තො තෙලං ඡඩ්ඩෙති. අපරො අඡෙකො තෙලඡඩ්ඩනභයා ආසිඤ්චිතුම්පි න විසහති. ඡෙකො පන සමෙන පයොගෙන පූරෙත්වා ලාභං ලභති.
තවද යම්සේ ආචාර්යයන් විසින් ‘යමෙක් තෙල් නොවිසුරුවා නළ පුරවන්නේ නම් හේ තෑගි ලබන්නේය’යි ශිෂ්‍යයනට කී කල්හි, අතිදක්ෂ වූ එකෙක් ලාභයෙහි ගිජුව යුහුව පුරවන්නේ තෙල් විසුරුවයි, අදක්ෂ වූ අනෙකෙක් තෙල් විසිරෙති’යි බියෙන් නළ පුරවන්නට පවා නොහැකි වෙයි, දක්ෂ වූ (අතිදක්ෂ හෝ අදක්ෂ නොවූ) අනෙකෙක් තෙමේ සමව යෙදීමෙන් නළ පුරවා තෑගි ලබන්නේ වේද,
එවමෙව එකො භික්ඛු උප්පන්නෙ නිමිත්තෙ සීඝමෙව අප්පනං පාපුණිස්සාමීති ගාළ්හං වීරියං කරොති, තස්ස චිත්තං අච්චාරද්ධවීරියත්තා උද්ධච්චෙ පතති, සො න සක්කොති අප්පනං පාපුණිතුං. එකො අච්චාරද්ධවීරියතාය දොසං දිස්වා කිං දානිමෙ අප්පනායාති වීරියං හාපෙති, තස්ස චිත්තං අතිලීනවීරියත්තා කොසජ්ජෙ පතති, සොපි න සක්කොති අප්පනං පාපුණිතුං. යො පන ඊසකම්පි ලීනං ලීනභාවතො උද්ධතං උද්ධච්චතො මොචෙත්වා සමෙන පයොගෙන නිමිත්තාභිමුඛං පවත්තෙති, සො අප්පනං පාපුණාති, තාදිසෙන භවිතබ්බං. ඉමමත්ථං සන්ධාය එතං වුත්තං –
එසේම එක් භික්ෂු කෙනෙක් ප්‍රතිභාග නිමිත්ත උපන් කල ශීඝ්‍රයෙන් අර්පණාවට යෙමි’යි බලවත් සේ වීර්ය වඩති. අධිකව වඩනාලද වීර්ය ඇති හෙයින් ඔවුන්ගේ සිත නොසන්සුන් බවට හැරෙයි, අර්පණාවට පැමිණිය නොහැකි වෙයි. කෙනෙක් අධිකව වඩනාලද වීර්යයෙහි දොස් දැක, දැන්ම මට අර්පණාවෙන් කම් කිමැ’යි වීර්යය පිරිහෙවති, ඔහුගේ සිත ඉතා හැකුලුණ වීර්ය ඇති හෙයින් කුසීත බැව්හි වැටෙයි, අර්පණාවට පැමිණිය නොහැකි වෙයි. යම් කෙනෙක් වනාහි මඳ වශයෙන් හෝ හැකිලුණු සිත කුසීත බවින්ද, උද්ධත වූ සිත නොසන්සුන් බවින්ද මුදවා සමව යෙදීමෙන් (ප්‍රතිභාග) නිමිත්තට අභිමුඛව පවත්වන්නාහුද ඔහු අර්පණාවට පැමිණෙති, එබන්දකු විය යුතුය. මෙම අර්ත්ථය පිණිස ‘රෙණුම්හි උප්පලදලෙ’ හා (‘ලීන-උද්ධතභාවෙහි’ යන ආදී) මෙය කියන ලදි.
රෙණුම්හි උප්පලදලෙ, සුත්තෙ නාවාය නාළියා; යථා මධුකරාදීනං, පවත්ති සම්මවණ්ණිතා.
රෙණුම්හි උප්පලදලෙ සුත්තෙ නාවාය නාළියං යථා මධුකරාදීනං පවත්ති සම්පවණ්ණිතා
ලීනඋද්ධතභාවෙහි , මොචයිත්වාන සබ්බසො; එවං නිමිත්තාභිමුඛං, මානසං පටිපාදයෙති.
ලීන-උද්ධතභාවෙහි මොචයිත්වාන සබ්බසො එවං නිමිත්තාභිමුඛං මානසං පටිපාදයෙ ති