යෙදුමෙන් කියවන්න

දසවිධඅප‍්පනාකොසල‍්ලං

දසවිධඅප‍්පනාකොසල‍්ලං

දසවිධඅප්පනාකොසල්ලං

යස‍්ස පන එවම‍්පි පටිපජ‍්ජතො න හොති, තෙන දසවිධං අප‍්පනාකොසල‍්ලං සම‍්පාදෙතබ‍්බං. තත්‍රායං නයො, දසාහාකාරෙහි අප‍්පනාකොසල‍්ලං ඉච‍්ඡිතබ‍්බං, වත්‍ථුවිසදකිරියතො, ඉන්‍ද්‍රියසමත‍්තපටිපාදනතො, නිමිත‍්තකුසලතො, යස‍්මිං සමයෙ චිත‍්තං පග‍්ගහෙතබ‍්බං තස‍්මිං සමයෙ චිත‍්තං පග‍්ගණ‍්හාති, යස‍්මිං සමයෙ චිත‍්තං නිග‍්ගහෙතබ‍්බං තස‍්මිං සමයෙ චිත‍්තං නිග‍්ගණ‍්හාති, යස‍්මිං සමයෙ චිත‍්තං සම‍්පහංසිතබ‍්බං තස‍්මිං සමයෙ චිත‍්තං සම‍්පහංසෙති, යස‍්මිං සමයෙ චිත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිතබ‍්බං තස‍්මිං සමයෙ චිත‍්තං අජ‍්ඣුපෙක‍්ඛති, අසමාහිතපුග‍්ගලපරිවජ‍්ජනතො, සමාහිතපුග‍්ගලසෙවනතො, තදධිමුත‍්තතොති.

යමකුට වනාහි මෙසේ පිළිපදින විට පවා අර්පණා නො-උපදී නම්, ඔහු විසින් දශවිධ අර්පණා කුශලතාවන් සම්පාදනය කළයුතුය. ඒ පිළිබඳ ක්‍රමය මෙසේයි:- දශ ආකාරයෙකින් අර්පණා කුශලතාව අපේක්‍ෂා කටයුතුය. අභ්‍යන්තර බාහිර වස්තුන් පවිත්‍ර කරගැනීමෙන්, (ශ්‍රද්ධාදී) ඉන්‍ද්‍රියයන් සමබවට පත් කිරීමෙන්, (කසිණ ආදී) නිමිති කෙරෙහි කුශලතාවෙන්, සිත නඟා සිටුවිය යුතු තන්හි නඟා සිටුවීමෙන්, සිත ඔබා තැබියයුතු කල්හි ඔබා තැබීමෙන්, සිත පිනවිය යුතු තන්හි පිනවීමෙන්, සිත උපේක්‍ෂා කටයුතු තන්හි උපේක්‍ෂා කිරීමෙන්, අසමාහිත පුද්ගලයන් දුරු කිරීමෙන්, සමාහිත පුද්ගලයන් ඇසුරු කිරීමෙන් හා සමාධිය කෙරෙහි අභිලාෂ ඇති කරගැනීමෙනි.

තත්‍ථ වත්‍ථුවිසදකිරියා නාම අජ‍්ඣත‍්තිකබාහිරානං වත්‍ථූනං විසදභාවකරණං. යදා හිස‍්ස කෙසනඛලොමානි දීඝානි හොන‍්ති, සරීරං වා සෙදමලග‍්ගහිතං, තදා අජ‍්ඣත‍්තිකවත්‍ථු අවිසදං හොති අපරිසුද‍්ධං. යදා පනස‍්ස චීවරං ජිණ‍්ණං කිලිට‍්ඨං දුග‍්ගන්‍ධං හොති, සෙනාසනං වා උක‍්ලාපං හොති, තදා බාහිරවත්‍ථු අවිසදං හොති අපරිසුද‍්ධං. අජ‍්ඣත‍්තිකබාහිරෙ ච වත්‍ථුම‍්හි අවිසදෙ උප‍්පන‍්නෙසු චිත‍්තචෙතසිකෙසු ඤාණම‍්පි අපරිසුද‍්ධං හොති, අපරිසුද‍්ධානි දීපකපල‍්ලිකවට‍්ටිතෙලානි නිස‍්සාය උප‍්පන‍්නදීපසිඛාය ඔභාසො විය. අපරිසුද‍්ධෙන ඤාණෙන සඞ‍්ඛාරෙ සම‍්මසතො සඞ‍්ඛාරාපි අවිභූතා හොන‍්ති, කම‍්මට‍්ඨානමනුයුඤ‍්ජතො කම‍්මට‍්ඨානම‍්පි වුඩ‍්ඪිං විරුළ‍්හිං වෙපුල‍්ලං න ගච‍්ඡති. විසදෙ පන අජ‍්ඣත‍්තිකබාහිරෙ වත්‍ථුම‍්හි උප‍්පන‍්නෙසු චිත‍්තචෙතසිකෙසු ඤාණම‍්පි විසදං හොති පරිසුද‍්ධං, පරිසුද‍්ධානි දීපකපල‍්ලිකවට‍්ටිතෙලානි නිස‍්සාය උප‍්පන‍්නදීපසිඛාය ඔභාසො විය. පරිසුද‍්ධෙන ච ඤාණෙන සඞ‍්ඛාරෙ සම‍්මසතො සඞ‍්ඛාරාපි විභූතා හොන‍්ති, කම‍්මට‍්ඨානමනුයුඤ‍්ජතො කම‍්මට‍්ඨානම‍්පි වුඩ‍්ඪිං විරූළ‍්හිං වෙපුල‍්ලං ගච‍්ඡති.

එහි වත්‍ථුවිසදකිරියා (වස්තූන් පවිත්‍ර කිරීම) නම්, අභ්‍යන්තර බාහිර වස්තූන් පවිත්‍ර කිරීමයි. යම්කලෙක ඒ යෝගාචරයාගේ කෙස්, නිය, ලොම් දික්ව වැඩී ගියේනම්, සිරුර දහදියෙන් කිලිටිව ගියේ නම්, එකල ඒ අභ්‍යන්තර වස්තූන් අපවිත්‍ර වූයේය, අපිරිසිදු වූයේය. යම්කලෙක වනාහි සිවුරු දිරාපත්වූයේ, කිලිටිවූයේ, දුගඳවත් වූයේ නම්, සෙනස්න කසලින් ගැවසියේ නම්, එකල එම බාහිර වස්තූන් අපවිත්‍රව ගියේය, අපිරිසිදු වූයේය, අභ්‍යන්තර බාහිර වස්තූන් අපිරිසිදුවූ කල්හි උපදින චිත්ත චෛතසිකයන් කෙරෙහි වූ ඥානයද අපිරිසිදු වන්නේය, අපිරිසිදු වූ පහන් කබල්, වැටි, තෙල් නිසා උපන් පහන් සිළුවෙහි ආලෝකය මෙන් අපිරිසිදු වූ ඥානයෙන් සංස්කාරයන් සම්මර්ශනය කරන්නහුට සංස්කාරයෝ අප්‍රකාශ වන්නාහ, කමටහන්හි යෙදුණහුගේ කමටහනද වැඩීමට, බලවත් බවට, විපුල බවට නොයන්නේය. අභ්‍යන්තර බාහිර වස්තූන් පිරිසිදු වූ කල්හි උපදනා චිත්ත-චෛතසිකයන් කෙරෙහි වූ ඥානයද පිරිසිදු වන්නේය, පිරිසිදු වූ පහන් කබල්, වැටි, තෙල් නිසා උපන් පහන් සිළුවෙහි ආලෝකය මෙන් පිරිසිදු වූ ඥානයෙන් සංස්කාරයන් සම්මර්ශනය කරන්නහුට එම සංස්කාරයෝද ප්‍රකට වන්නාහ, කමටහන්හි යෙදුණහුගේ කමටහනද වැඩීමට, බලවත්බවට, විපුලබවට යන්නේය,

ඉන්‍ද්‍රියසමත‍්තපටිපාදනං නාම සද‍්ධාදීනං ඉන්‍ද්‍රියානං සමභාවකරණං. සචෙ හිස‍්ස සද‍්ධින්‍ද්‍රියං බලවං හොති ඉතරානි මන්‍දානි, තතො වීරියින්‍ද්‍රියං පග‍්ගහකිච‍්චං , සතින්‍ද්‍රියං උපට‍්ඨානකිච‍්චං, සමාධින්‍ද්‍රියං අවික‍්ඛෙපකිච‍්චං, පඤ‍්ඤින්‍ද්‍රියං දස‍්සනකිච‍්චං කාතුං න සක‍්කොති, තස‍්මා තං ධම‍්මසභාවපච‍්චවෙක‍්ඛණෙන වා යථා වා මනසිකරොතො බලවං ජාතං, තථා අමනසිකාරෙන හාපෙතබ‍්බං. වක‍්කලිත්‍ථෙරවත්‍ථු චෙත්‍ථ නිදස‍්සනං. සචෙ පන වීරියින්‍ද්‍රියං බලවං හොති, අථ නෙව සද‍්ධින්‍ද්‍රියං අධිමොක‍්ඛකිච‍්චං කාතුං සක‍්කොති, න ඉතරානි ඉතරකිච‍්චභෙදං, තස‍්මා තං පස‍්සද‍්ධාදිභාවනාය හාපෙතබ‍්බං. තත්‍රාපි සොණත්‍ථෙරවත්‍ථු දස‍්සෙතබ‍්බං. එවං සෙසෙසුපි එකස‍්ස බලවභාවෙ සති ඉතරෙසං අත‍්තනො කිච‍්චෙසු අසමත්‍ථතා වෙදිතබ‍්බා. විසෙසතො පනෙත්‍ථ සද‍්ධාපඤ‍්ඤානං සමාධිවීරියානඤ‍්ච සමතං පසංසන‍්ති. බලවසද‍්ධො හි මන්‍දපඤ‍්ඤො මුද‍්ධප‍්පසන‍්නො හොති, අවත්‍ථුස‍්මිං පසීදති. බලවපඤ‍්ඤො මන්‍දසද‍්ධො කෙරාටිකපක‍්ඛං භජති, භෙසජ‍්ජසමුට‍්ඨිතො විය රොගො අතෙකිච‍්ඡො හොති. උභින‍්නං සමතාය වත්‍ථුස‍්මිංයෙව පසීදති. බලවසමාධිං පන මන්‍දවීරියං සමාධිස‍්ස කොසජ‍්ජපක‍්ඛත‍්තා කොසජ‍්ජං අභිභවති. බලවවීරියං මන්‍දසමාධිං වීරියස‍්ස උද‍්ධච‍්චපක‍්ඛත‍්තා උද‍්ධච‍්චං අභිභවති. සමාධි පන වීරියෙන සංයොජිතො කොසජ‍්ජෙ පතිතුං න ලභති. වීරියං සමාධිනා සංයොජිතං උද‍්ධච‍්චෙ පතිතුං න ලභති, තස‍්මා තදුභයං සමං කාතබ‍්බං. උභයසමතාය හි අප‍්පනා හොති. අපිච සමාධිකම‍්මිකස‍්ස බලවතීපි සද‍්ධා වට‍්ටති. එවං සද‍්දහන‍්තො ඔකප‍්පෙන‍්තො අප‍්පනං පාපුණිස‍්සති. සමාධිපඤ‍්ඤාසු පන සමාධිකම‍්මිකස‍්ස එකග‍්ගතා බලවතී වට‍්ටති. එවඤ‍්හි සො අප‍්පනං පාපුණාති. විපස‍්සනාකම‍්මිකස‍්ස පඤ‍්ඤා බලවතී වට‍්ටති. එවඤ‍්හි සො ලක‍්ඛණපටිවෙධං පාපුණාති. උභින‍්නං පන සමතායපි අප‍්පනා හොතියෙව. සති පන සබ‍්බත්‍ථ බලවතී වට‍්ටති. සති හි චිත‍්තං උද‍්ධච‍්චපක‍්ඛිකානං සද‍්ධාවීරියපඤ‍්ඤානං වසෙන උද‍්ධච‍්චපාතතො කොසජ‍්ජපක‍්ඛෙන ච සමාධිනා කොසජ‍්ජපාතතො රක‍්ඛති, තස‍්මා සා ලොණධූපනං විය සබ‍්බබ්‍යඤ‍්ජනෙසු, සබ‍්බකම‍්මිකඅමච‍්චො විය ච සබ‍්බරාජකිච‍්චෙසු සබ‍්බත්‍ථ ඉච‍්ඡිතබ‍්බා. තෙනාහ – “සති ච පන සබ‍්බත්‍ථිකා වුත‍්තා භගවතා. කිං කාරණා? චිත‍්තඤ‍්හි සතිපටිසරණං, ආරක‍්ඛපච‍්චුපට‍්ඨානා ච සති, න විනා සතියා චිත‍්තස‍්ස පග‍්ගහනිග‍්ගහො හොතී”ති.

ඉන්‍ද්‍රියසමත්තපටිපාදනං (ඉන්‍ද්‍රියයන් සමබවට පත්කිරීම) නම්: ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන්ගේ සමබව ඇතිකර ගැනීමයි. ඉදින් යෝගාවචරයාගේ සද්ධින්‍ද්‍රිය බලවත් වේනම්, සෙසු ඉන්‍ද්‍රියයෝ දුබල වෙත්නම්, ඒ හේතුවෙන් විරියින්‍ද්‍රිය සිත ඔසවා තැබීමේ කාර්යයද, සතින්‍ද්‍රිය වැටහීමේ කාර්යයද, සමාධින්‍ද්‍රිය එකඟ කිරීමේ කාර්යයද, පඤ්ඤින්‍ද්‍රිය යථාස්වභාවය දැකීමේ කාර්යයද ඉටුකරනු නොහැකි වන්නේය, එහෙයින් සද්ධින්‍ද්‍රිය ධර්මස්වභාවය ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් හෝ, යම් ආකාරයෙකින් මෙනෙහි කරන විට ඒ සද්ධින්‍ද්‍රිය බලවත් වේ නම්, එම ආකාරයෙන් මෙනෙහි නොකිරීමෙන් හෝ හෙළා තැබිය යුතුය. මෙහිලා වක්කලී තෙරුන්ගේ කතා පුවත නිදර්ශනයි. ඉදින් විරියින්‍ද්‍රිය බලවත් වුවහොත් සද්ධින්‍ද්‍රිය අධිෂ්ඨානමය කාර්යයද, සෙසු ඉන්‍ද්‍රියයෝ තම තමන්ගේ කාර්ය විශේෂයන්ද ඉටුකරනු නොහැකි වන්නාහුය. එහෙයින් ඒ විරියින්‍ද්‍රිය පස්සද්ධි (ලිහිල්) භාවනාවෙන් අඩු කළ යුතුය. එහිලා සෝණ තෙරුන්ගේ කතාපුවත දැක්විය යුතුය. මෙසේ සෙසු ඉන්‍ද්‍රියයන් පිළිබඳවද එක් ඉන්‍ද්‍රියයක් උත්සන්න වීමෙන් අනෙක් අනෙක් ඉන්‍ද්‍රියයන් තම තමන්ගේ කාර්යය ඉටුකිරීමට නොපොහොසත් වනබව දතයුතුය. මෙහිලා විශේෂයෙන් ශ්‍රද්ධා ප්‍රඥා යන දෙක්හිද සමාධි, වීර්ය යන දෙක්හිද සමබරබව අවධාරණය කෙරෙති, බලවත් ශ්‍රද්ධා ඇත්තේ නොදැන පහදිනසුලු වූයේ මඳ නුවණ ඇත්තේ නොතන්හි පහදියි, බලවත් ප්‍රඥා ඇත්තේ මඳ සැදැහැ ඇත්තේ, කෛරාටික බවට නැඹුරු වේ, බෙහෙතින් හටගත් රෝගයක් මෙන් පිළියෙම්කළ නොහැක්කේ වේ. (ශ්‍රද්ධා ප්‍රඥා යන) දෙක සමබර වීමෙන් සුදුසු තන්හිම පහදනේ වේ. බලවත් සමාධි ඇත්තේ මඳ වීර්ය ඇත්තේය, සමාධිය කුසීතබවට නැඹුරුවන හෙයින් කුසීතබව විසින් මඩිනු ලබන්නේය. බලවත් වී ඇත්තේ දුර්වල සමාධි ඇත්තේය, වීර්යය උද්ධච්චයට (අසහනයට) නැඹුරුවන හෙයින් උද්ධච්චය විසින් මඩිනු ලබන්නේය. සමාධිය වීර්යය හා සමග සමව යෙදුණ විට කුසීතබවට නොවැටෙන්නේය, වීර්යය සමාධිය සමග සමව යෙදුණවිට උද්ධච්චයට නොවැටෙන්නේය, එහෙයින් (සමාධි වීර්ය යන) දෙක සම කළයුතුය. මේ දෙක සම වීමෙන් අර්පණා උපදනේය. තවද සමාධි වඩන්නහුට බලවත්වූද ශ්‍රද්ධාව වටනේය, මෙසේ ඇදහිලි ඇත්තේ, භක්ති ඇත්තේ, අර්පණාවට පැමිණෙන්නේය. සමාධි ප්‍රඥා යන දෙක්හි වනාහි, සමාධි වඩන්නහුට බලවත් ඒකාග්‍රතාව වටනේය, මෙසේ හේ තෙමේ අර්පණාවට පැමිණේ, විපස්සනා වඩන්නහුට බලවත් ප්‍රඥාව වටනේය, මෙසේ හේ තෙමේ ලක්‍ෂණ ප්‍රතිවෙධයට පැමිණේ. සමාධි ප්‍රඥා යන දෙක්හි සමබවින්ද අර්පණා වන්නේමය. සතිය (සිහිය) වනාහි සියලු තන්හි බලවත්වීම වටනේය, සති හෙවත් සිහිය වනාහි සිත උද්ධච්ච පක්‍ෂයට මෙහෙයවන ශ්‍රද්ධා වීර්ය ප්‍රඥා යන මොවුන්ගේ වශයෙන් උද්ධච්චයට වැටීමෙන්ද, කුසීත පක්‍ෂයට මෙහෙයවන සමාධිය නිසා කුසීත බවට වැටීමෙන්ද වලක්වයි. එහෙයින් ඒ සතිය සියලු සූපයන්හි ලවණ ධූපනයක් (ලුණු තෙම්පරාදුවක්) මෙන්ද, සියලු රාජකෘත්‍යයෙහි සියලු කටයුතු භාර ඇමතියකු සෙයින්ද, සියලු තන්හි කැමැති විය යුතුය. එහෙයින් කීහ: සිහිය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් සියලු තන්හි කැමැති විය යුත්තේයයි වදාරන ලද්දේය, කවර හෙයින්ද? (කුසල් සිත වනාහි සිහිය පිළිසරණකොට ඇත්තේය. සිහිය වනාහි ආරක්‍ෂාව වැටහීම්කොට ඇත්තේය, සිහියෙන් තොරව සිත නැංවීම හෝ හෙලීම සිදු නොවේ’

නිමිත‍්තකොසල‍්ලං නාම පථවීකසිණාදිකස‍්ස චිත‍්තෙකග‍්ගතානිමිත‍්තස‍්ස අකතස‍්ස කරණකොසල‍්ලං, කතස‍්ස ච භාවනාකොසල‍්ලං, භාවනාය ලද‍්ධස‍්ස රක‍්ඛණකොසල‍්ලඤ‍්ච, තං ඉධ අධිප‍්පෙතං.

නිමිත්තකොසල්ල (හෙවත් නිමිති කෙරෙහි කුශලතා) නම්, පඨවි කසිණ ආදීවූ සිත එකඟ කිරීම පිළිබඳ නිමිති කෙරෙහි නො-ඉපැදවුණු නිමිති ඉපැදවීමෙහිද, ඉපැදවුණු නිමිති වැඩීමෙහිද කුශලතාව හා භාවනාවෙන් ලද නිමිති රැකගැනීමේ කුශලතාවයි. ඒ රැකීමේ කුශලතාව මෙම නිමිති කුශලතාවෙහිලා අභිප්‍රේතයි.

කථඤ‍්ච යස‍්මිං සමයෙ චිත‍්තං පග‍්ගහෙතබ‍්බං, තස‍්මිං සමයෙ චිත‍්තං පග‍්ගණ‍්හාති? යදාස‍්ස අතිසිථිලවීරියතාදීහි ලීනං චිත‍්තං හොති, තදා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගාදයො තයො අභාවෙත්‍වා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගාදයො භාවෙති. වුත‍්තඤ‍්හෙතං භගවතා –

යම් කලෙක සිත නංවා තැබිය යුතුවේනම්, එකල සිත නංවා තබයි, කෙසේදයත්, යම් කලෙක මෙම යෝගාවචරයාගේ සිත ඉතා ලිහිල් වීර්ය ඇති බව ආදිය හේතුකොටගෙන ලීන බවට යේ නම්, එකල පස්සද්ධි ආදී බොජ්ඣංග තුන නොවඩා ධම්මවිචය ආදී බොජ්ඣංග තුන වඩයි. කියන ලදමැයි භාග්‍යවතුන් වහන්සේ විසින්:

“සෙය්‍යථාපි, භික‍්ඛවෙ, පුරිසො පරිත‍්තං අග‍්ගිං උජ‍්ජාලෙතුකාමො අස‍්ස, සො තත්‍ථ අල‍්ලානි චෙව තිණානි පක‍්ඛිපෙය්‍ය, අල‍්ලානි ච ගොමයානි පක‍්ඛිපෙය්‍ය, අල‍්ලානි ච කට‍්ඨානි පක‍්ඛිපෙය්‍ය, උදකවාතඤ‍්ච දදෙය්‍ය, පංසුකෙන ච ඔකිරෙය්‍ය, භබ‍්බො නු ඛො සො, භික‍්ඛවෙ, පුරිසො පරිත‍්තං අග‍්ගිං උජ‍්ජාලෙතුන‍්ති? නො හෙතං, භන‍්තෙ. එවමෙව ඛො, භික‍්ඛවෙ, යස‍්මිං සමයෙ ලීනං චිත‍්තං හොති, අකාලො තස‍්මිං සමයෙ පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය, අකාලො සමාධි…පෙ… අකාලො උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. තං කිස‍්ස හෙතු? ලීනං, භික‍්ඛවෙ, චිත‍්තං, තං එතෙහි ධම‍්මෙහි දුසමුට‍්ඨාපයං හොති. යස‍්මිං ච ඛො, භික‍්ඛවෙ, ලීනං චිත‍්තං හොති, කාලො තස‍්මිං සමයෙ ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය, කාලො වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය, කාලො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. තං කිස‍්ස හෙතු? ලීනං, භික‍්ඛවෙ, චිත‍්තං, තං එතෙහි ධම‍්මෙහි සුසමුට‍්ඨාපයං හොති. සෙය්‍යථාපි, භික‍්ඛවෙ, පුරිසො පරිත‍්තං අග‍්ගිං උජ‍්ජාලෙතුකාමො අස‍්ස, සො තත්‍ථ සුක‍්ඛානි චෙව තිණානි පක‍්ඛිපෙය්‍ය, සුක‍්ඛානි ච ගොමයානි පක‍්ඛිපෙය්‍ය, සුක‍්ඛානි ච කට‍්ඨානි පක‍්ඛිපෙය්‍ය, මුඛවාතඤ‍්ච දදෙය්‍ය, න ච පංසුකෙන ඔකිරෙය්‍ය, භබ‍්බො නු ඛො සො, භික‍්ඛවෙ, පුරිසො පරිත‍්තං අග‍්ගිං උජ‍්ජාලෙතුන‍්ති? එවං භන‍්තෙ”ති (සං· නි· 5.234).

‘මහණෙනි යම්සේ පුරුෂයෙක් තෙමේ මඳගින්නක් මොලවනු කැමැතිවන්නේ තෙත් තණ පරඬල් බහාලන්නේ නම්, තෙත් ගොම බහාලන්නේ නම්, තෙත් දර බහාලන්නේ නම්, දියමුසු පවන් ගසන්නේ නම්, පස්ද ඉසින්නේ නම්, මහණෙනි, ඒ පුරුෂයා එම මඳගින්න මෙලවීමට හැකි වන්නේද?’ ‘ස්වාමීනි නොහැකි වන්නේමය. මහණෙනි, එසේම යම්විටෙක සිත හැකිලී ගියේනම්, එවිට පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට නොකල්ය, සමාධි-පෙ-නොකල්ය, උපෙක්ඛා පෙ-නොකල්ය, එයට හේතු කවරේද? මහණෙනි, සිත හැකිලී ගියේනම්, ඒ හැකිලී ගිය සිත මේ (පස්සද්ධි ආදී) බොජ්ඣංග ධර්මයන්ගෙන් නඟා සිටුවිය නොහැකිය, මහණෙනි, යම්විටෙක සිත හැකිලී ගියේනම් එවිට ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට කල්ය, විරිය-පෙ-කල්ය, පීති සම්බොජ්ඣංගය වැඩීමට කල්ය, එයට හේතු කවරේද? මහණෙනි, සිත හැකිලී ගියේනම්, ඒ හැකිලී ගිය සිත මේ (ධම්මවිචය ආදීකොට ඇති) බොජ්ඣංග ධර්මයන් මඟින් පහසුවෙන් නඟා තැබිය හැකිය, මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙමේ මද ගින්නක් මොලවනු කැමැතිව වියලි තණ පරඬල් බහාලන්නේ නම්, වියලි ගොම, වියලි දර බහා ලන්නේ නම්, කටින් සුලන්ද පිඹින්නේ නම්, පස්ද නොඉසින්නේ නම්, මහණෙනි, ඒ පුරුෂ තෙමේ එම ගින්න මොලවනු හැකි වන්නේද? එසේය ස්වාමීනි,

එත්‍ථ ච යථාසකමාහාරවසෙන ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගාදීනං භාවනා වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං –

මෙහිද තමතමන්ගේ ආහාර වශයෙන් ධම්මවිචය සම්බොජ්ඣංගාදිය වැඩීම දතයුතුය. කියනලද මැයි:

“අත්‍ථි, භික‍්ඛවෙ, කුසලාකුසලා ධම‍්මා සාවජ‍්ජානවජ‍්ජා ධම‍්මා හීනප‍්පණීතා ධම‍්මා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා. තත්‍ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා සංවත‍්තතී”ති (සං· නි· 5.232).

මහණෙනි, කුශලාකුශල ධර්මයෝ ඇත්තාහ, සාවද්‍ය අනවද්‍ය ධර්මයෝ ඇත්තාහ. හීන ප්‍රණීත ධර්මයෝ ඇත්තාහ. කෘෂ්ණ ශුක්ල ධර්මයෝ ඇත්තාහ, එහිලා නුවණින් මෙනෙහි කිරීම බහුලව වේනම්, මෙය නූපන් ධම්මවිචය සම්බොජ්ඣංගය ඉපැදවීම පිණිස, උපන් ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීම පිණිස ආහාර වේ, එම ධම්මවිචය සම්බොජ්ඣංගය විපුල බවට යාම පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණිස පවත්නේය.

තථා “අත්‍ථි, භික‍්ඛවෙ, ආරම‍්භධාතු නික‍්කමධාතු පරක‍්කමධාතු. තත්‍ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා සංවත‍්තතී”ති (සං· නි· 5.232).

එහිලා සාමඤ්ඤලක්‍ඛණ ප්‍රතිවෙධ වශයෙන් කුශලාදී විෂයන්හි පවත්නා මනසිකාරය යොනිසොමනසිකාර නමි. එසේම, මහණෙනි, ආරම්භකධාතු හෙවත් ඇරඹි නොබෝ කල් ගිය වීර්යයෙක් ඇත, නික්කමධාතු හෙවත් කුසීතබවින් නිකුත්වූ හෙයින් ඊටවඩා බලවත්වූද, පරක්කමධාතු හෙවත් වඩාත් බලවත් වූද වීර්යයෙක් ඇත, එහිලා නුවණින් මෙනෙහි කිරීම බහුල වශයෙන් වේනම්, එය නූපන් විරියසම්බොජ්ඣංගය ඉපදැවීම පිණිස, උපන් විරියසම්බොජ්ඣංගය බෝවීම පිණිස ආහාර වේ, විපුලබවට යාම පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණිස පවත්නේය.

තථා “අත්‍ථි, භික‍්ඛවෙ, පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානියා ධම‍්මා. තත්‍ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා සංවත‍්තතී”ති (සං· නි· 5.232).

එසේම, මහණෙනි, පීතිසම්බොජ්ඣංගය පිහිටන ධර්මයෝ ඇත්තාහ, එහිලා නුවණින් මෙනෙහි කිරීම බහුල වශයෙන් වේනම්, එය නූපන් පීතිසම්බොජ්ඣංගය ඉපැදවීම පිණිස, උපන් පීතීසම්බොජ්ඣංගය බෝවීම පිණිස ආහාර වේ. විපුල බවට යාම පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණ වීම පිණිස පවත්නේය.

තත්‍ථ සභාවසාමඤ‍්ඤලක‍්ඛණපටිවෙධවසෙන පවත‍්තමනසිකාරො කුසලාදීසු යොනිසො මනසිකාරො නාම. ආරම‍්භධාතුආදීනං උප‍්පාදනවසෙන පවත‍්තමනසිකාරො ආරම‍්භධාතුආදීසු යොනිසො මනසිකාරො නාම. තත්‍ථ ආරම‍්භධාතූති පඨමවීරියං වුච‍්චති. නික‍්කමධාතූති කොසජ‍්ජතො නික‍්ඛන‍්තත‍්තා තතො බලවතරං. පරක‍්කමධාතූති පරං පරං ඨානං අක‍්කමනතො තතොපි බලවතරං. පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානියා ධම‍්මාති පන පීතියා එව එතං නාමං. තස‍්සාපි උප‍්පාදකමනසිකාරොව යොනිසො මනසිකාරො නාම.

එහි ස්වභාව ලක්‍ෂණ, සාමාන්‍ය ලක්‍ෂණ අවබෝධ කිරීම් වශයෙන් පැවති මනස්කාරය කුශලාදිය කෙරෙහි නුවණින් මෙනෙහි කිරීම නම් වේ. ආරම්භවීර්යාදිය ඉපැදවීම් වශයෙන් පවත්නා මනස්කාරය ආරම්භධාතු ආදිය කෙරෙහි යොනිසෝමනසිකාරය හෙවත් නුවණින් මෙනෙහි කිරීම නම් වේ. එහි ආරම්භධාතු යනු ප්‍රථම වීර්යයයි කියනු ලැබේ. නික්කමධාතු යනු කුසීතබවින් නික්මුණු හෙයින් එයට වඩා බලවත් වීර්යයයි. පරක්කමධාතු යනු, මතුමත්තෙහිත් පවත්නා හෙයින් එයටත් වඩා බලවත් වීර්යයයි. පීතිසම්බොජ්ඣංගය පිහිටන ධර්මයෝ (පීති සම්බොජ්ඣංගට්ඨානියා ධම්මා) යනු, ප්‍රීතියටම අධිවචනයෙකි. එය උපදවන මනස්කාරයද යොනිසො මනසිකාර නමි.

අපිච සත‍්ත ධම‍්මා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති පරිපුච‍්ඡකතා, වත්‍ථුවිසදකිරියා, ඉන්‍ද්‍රියසමත‍්තපටිපාදනා, දුප‍්පඤ‍්ඤපුග‍්ගලපරිවජ‍්ජනා, පඤ‍්ඤවන‍්තපුග‍්ගලසෙවනා, ගම‍්භීරඤාණචරියපච‍්චවෙක‍්ඛණා, තදධිමුත‍්තතාති.

තවද ධර්මයෝ සත් දෙනෙක් ධම්මවිචයසම්බොජ්ඣංගය ඉපැදවීම පිණිස පවත්නාහුය. විචාරණසුලු බවය, (අභ්‍යන්තර බාහිර) වස්තූන් පිරිසුදු කරන බවය, (ශ්‍රද්ධාදී) ඉන්‍ද්‍රියයන් සමබවට පැමිණවීමය, නුවණමද පුද්ගලයන්ගෙන් දුරුවූ බවය, ප්‍රඥාවත් පුද්ගලයන් සේවනය කිරීමය, ගැඹුරු වූ ඥානචර්යාවන් ප්‍රත්‍යවෙක්‍ෂා කරන බවය, එම ඥානචර්යාවන් වෙත නැඹුරුවූ බවය යන මොහුය.

එකාදසධම‍්මා වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති අපායාදිභයපච‍්චවෙක‍්ඛණතා, වීරියායත‍්තලොකියලොකුත‍්තරවිසෙසාධිගමානිසංසදස‍්සිතා, “බුද‍්ධපච‍්චෙකබුද‍්ධමහාසාවකෙහි ගතමග‍්ගො මයා ගන‍්තබ‍්බො, සො ච න සක‍්කා කුසීතෙන ගන‍්තු”න‍්ති එවං ගමනවීථිපච‍්චවෙක‍්ඛණතා, දායකානං මහප‍්ඵලභාවකරණෙන පිණ‍්ඩාපචායනතා, “වීරියාරම‍්භස‍්ස වණ‍්ණවාදී මෙ සත්‍ථා, සො ච අනතික‍්කමනීයසාසනො අම‍්හාකඤ‍්ච බහූපකාරො පටිපත‍්තියා ච පූජියමානො පූජිතො හොති න ඉතරථා”ති එවං සත්‍ථු මහත‍්තපච‍්චවෙක‍්ඛණතා, “සද‍්ධම‍්මසඞ‍්ඛාතං මෙ මහාදායජ‍්ජං ගහෙතබ‍්බං, තඤ‍්ච න සක‍්කා කුසීතෙන ගහෙතු”න‍්ති එවං දායජ‍්ජමහත‍්තපච‍්චවෙක‍්ඛණතා, ආලොකසඤ‍්ඤාමනසිකාරඉරියාපථපරිවත‍්තනඅබ‍්භොකාසසෙවනාදීහි ථිනමිද‍්ධවිනොදනතා, කුසීතපුග‍්ගලපරිවජ‍්ජනතා, ආරද‍්ධවීරියපුග‍්ගලසෙවනතා, සම‍්මප‍්පධානපච‍්චවෙක‍්ඛණතා, තදධිමුත‍්තතාති.

ධර්මයෝ එකොළොස් දෙනෙක් විරියසම්බොජ්ඣංගය ඉපැදවීම පිණිස පවත්නාහුය. අපායාදී භය ප්‍රත්‍යවෙක්‍ෂා කරන බවය, වීර්යයට අයත් ලෞකික ලෝකෝත්තර විශේෂාධිගමයන්ගේ ආනිසංසයන් දක්නාසුලු බවය, බුදු පසේබුදු මහසව්වන් විසින් ගන්නා ලද මාර්ගය මා විසිනුදු ගතයුතුය, ඒ අනුව යාම කුසීතව කළ නොහැකියයි මෙසේ ගමන් මඟ ප්‍රත්‍යවෙක්‍ෂා කරන බවය, දායකයනට මහත්ඵලභාවය ගෙනදෙන හෙයින් පිණ්ඩපාතයෙන් පුදනු ලබන බවය, ‘මාගේ ශාස්තෘන් වහන්සේ වීර්යාරම්භයෙහි ගුණ කියන කෙනෙකි, උන්වහන්සේ වනාහි නොඉක්මවියහැකි ශාසන ඇත්තාහුය, අපට බොහෝ උපකාර ඇති කෙනෙකි, ප්‍රතිපත්ති පූජාවෙන් (පුදනු ලබන්නාහුම) පිදීමෙන්ම පුදනු ලබන්නාහු නම් වෙති, අන් ලෙසෙකින් (පුදනු ලබන්නාහු) නොවෙති’යි මෙසේ ශාස්තෲන් වහන්සේගේ ගුණමහත්‍වය ප්‍රත්‍යවෙක්‍ෂා කරන බවය, ‘සද්ධර්ම සංඛ්‍යාත වූ මහාදායාදය මවිසින් ලබාගත යුතුය, එය කුසීතව ලබාගත නොහැකිය’යි මෙසේ දායාදමහත්වය ප්‍රත්‍යවෙක්‍ෂා කරන බවය, ආලෝක සංඥාව මෙනෙහි කිරීමෙන්, ඉරියවු වෙනස් කිරීමෙන් හා අභ්‍යවකාශ සේවනාදියෙන් ථිනමිද්ධ විනොදනය කරන බවය, කුසීත පුද්ගලයන් දුරුකරන බවය, ආරබ්ධවීර්ය ඇත්තවුන් සේවනය කරන බවය, සම්‍යක් ප්‍රධානයන් ප්‍රත්‍යවෙක්‍ෂා කරන බවය, එම විරියසම්බොජ්ඣංගය වෙතට නැඹුරු වූ බවය යන මොහුය.

එකාදසධම‍්මා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති බුද‍්ධානුස‍්සති, ධම‍්ම… සඞ‍්ඝ… සීල… චාග… දෙවතානුස‍්සති, උපසමානුස‍්සති, ලූඛපුග‍්ගලපරිවජ‍්ජනතා, සිනිද‍්ධපුග‍්ගලසෙවනතා, පසාදනියසුත‍්තන‍්තපච‍්චවෙක‍්ඛණතා, තදධිමුත‍්තතාති. ඉති ඉමෙහි ආකාරෙහි එතෙ ධම‍්මෙ උප‍්පාදෙන‍්තො ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගාදයො භාවෙති නාම. එවං යස‍්මිං සමයෙ චිත‍්තං පග‍්ගහෙතබ‍්බං, තස‍්මිං සමයෙ චිත‍්තං පග‍්ගණ‍්හාති.

ධර්මයෝ එකොළොස් දෙනෙක් පීතිසම්බොජ්ඣංගය ඉපැදවීම පිණිස පවත්නාහුය: බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති, උපසමානුස්සති යන මේ සතද, රළු පරුෂ පුද්ගලයන් දුරු කරන බවය, තෙරුවන් කෙරෙහි සෙනෙහැති සෞම්‍ය පුද්ගලයන් ඇසුරු කරන බවය, ප්‍රසාදය දනවන සූත්‍රාන්තයන් ප්‍රත්‍යවෙක්‍ෂා කරන බවය, එම පීතිසම්බොජ්ඣංගය වෙත නැඹුරුවූ බවය යන මේ සතරද යන මොහුය. මෙසේ මේ ආකාරයෙන් මේ ධර්මයන් උපදවනුයේ ධම්මවිචය ආදී බොජ්ඣංගයන් වඩන්නේ වේ. මෙසේ යම් කලෙක සිත නඟාසිටුවියයුතු වේනම් එකල නඟා සිටුවන්නේය,

කථං යස‍්මිං සමයෙ චිත‍්තං නිග‍්ගහෙතබ‍්බං, තස‍්මිං සමයෙ චිත‍්තං නිග‍්ගණ‍්හාති? යදාස‍්ස අච‍්චාරද‍්ධවීරියතාදීහි උද‍්ධතං චිත‍්තං හොති, තදා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගාදයො තයො අභාවෙත්‍වා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගාදයො භාවෙති. වුත‍්තඤ‍්හෙතං භගවතා –

යම් කලෙක සිත ඔබාතැබිය යුතු වේනම් ඔබ තබන්නේය, කෙසේද? යම් කලෙක අතිශයින් හුවා තබනලද වීර්ය ඇති බැවින් සිත නොසන්සුන් වේනම්, එකල ධම්මවිචය සම්බොජ්ඣංගාදී බොජ්ඣංග තුන නොවඩා පස්සද්ධි ආදී බොජ්ඣංගයන් වඩන්නේය. කියන ලදමැයි භාග්‍යවතුන් වහන්සේ විසින්:

“සෙය්‍යථාපි, භික‍්ඛවෙ, පුරිසො මහන‍්තං අග‍්ගික‍්ඛන්‍ධං නිබ‍්බාපෙතුකාමො අස‍්ස, සො තත්‍ථ සුක‍්ඛානි චෙව තිණානි පක‍්ඛිපෙය්‍ය…පෙ… න ච පංසුකෙන ඔකිරෙය්‍ය, භබ‍්බො නු ඛො සො, භික‍්ඛවෙ, පුරිසො මහන‍්තං අග‍්ගික‍්ඛන්‍ධං නිබ‍්බාපෙතුන‍්ති? නො හෙතං, භන‍්තෙ. එවමෙව ඛො, භික‍්ඛවෙ, යස‍්මිං සමයෙ උද‍්ධතං චිත‍්තං හොති, අකාලො තස‍්මිං සමයෙ ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය, අකාලො වීරිය…පෙ… අකාලො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. තං කිස‍්ස හෙතු? උද‍්ධතං, භික‍්ඛවෙ, චිත‍්තං, තං එතෙහි ධම‍්මෙහි දුවූපසමයං හොති. යස‍්මිං ච ඛො, භික‍්ඛවෙ, සමයෙ උද‍්ධතං චිත‍්තං හොති, කාලො තස‍්මිං සමයෙ පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය, කාලො සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය, කාලො උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. තං කිස‍්ස හෙතු? උද‍්ධතං, භික‍්ඛවෙ, චිත‍්තං, තං එතෙහි ධම‍්මෙහි සුවූපසමයං හොති. සෙය්‍යථාපි, භික‍්ඛවෙ, පුරිසො මහන‍්තං අග‍්ගික‍්ඛන්‍ධං නිබ‍්බාපෙතුකාමො අස‍්ස, සො තත්‍ථ අල‍්ලානි චෙව තිණානි පක‍්ඛිපෙය්‍ය…පෙ… පංසුකෙන ච ඔකිරෙය්‍ය, භබ‍්බො නු ඛො සො, භික‍්ඛවෙ, පුරිසො මහන‍්තං අග‍්ගික‍්ඛන්‍ධං නිබ‍්බාපෙතුන‍්ති? එවං, භන‍්තෙ”ති (සං· නි· 5.234).

මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙමේ මහ ගිනිකඳක් නිවනු කැමැත්තේ වේද, හේ තෙමේ එහි වියලි තණ පරඬල් බහාලන්නේද -පෙ-පස් නො-ඉසින්නේද, මහණෙනි, ඒ පුරුෂයා ඒ මහ ගිනිකඳ නිවා ලන්නට සමත් වන්නේද? ස්වාමීනී, නොවන්නේ ඇයි. මහණෙනි, එසේම යම් කලෙක කැළඹී ගිය සිත් ඇත්තේ නම්, එකල ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට කල් නොවේ. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කල් නොවේ, පීතිසම්බොජ්ඣංගය වැඩීමට කල් නොවේ. එයට හේතු කවරේද? මහණෙනි සිත අතිශයයෙන් හුවා තබන ලද්දේ වේ, මේ ධර්මයන්ගෙන් එය සන්සිඳුවිය නොහැකි වන්නේය, මහණෙනි, යම් කලෙක හුවනලද සිත් ඇත්තේ නම්, එකල පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට කල්ය, සමාධිසම්බොජ්ඣංගය -පෙ-උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කල්ය. එයට හේතු කවරේද? මහණෙනි සිත ඉතා හුවනලද්දේ නම් එය මේ ධර්මයන්ගෙන් පහසුවෙන් සන්සිඳුවිය හැකි වන්නේය. මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙමේ මහ ගිනිකඳක් නිවනු කැමැත්තේ වේද, හේ තෙමේ එහි තෙත්වූ තණපරඬැල්ද, තෙත්වූ -පෙ-පස්ද ඉසින්නේය, මහණෙනි, ඒ පුරුෂයා එම ගිනිකඳ නිවන සමත් වන්නේද? එසේය ස්වාමීනි.

එත්‍ථාපි යථාසකං ආහාරවසෙන පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගාදීනං භාවනා වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං භගවතා –

මෙහිද තම තමන්ගේ ආහාර වශයෙන් පස්සද්ධි ආදී බොජ්ඣංගයන් වැඩීම දතයුතුය. වදාරන ලද්දේ මැයි භාග්‍යවතුන් වහන්සේ විසින්:

“අත්‍ථි, භික‍්ඛවෙ, කායපස‍්සද‍්ධි චිත‍්තපස‍්සද‍්ධි. තත්‍ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා සංවත‍්තතී”ති (සං· නි· 5.232).

මහණෙනි, කායපස්සද්ධියෙක් ඇත, චිත්තපස්සද්ධියෙක්ද ඇත, එහි බොහෝසේ නුවණින් මෙනෙහි කිරීමෙක් ඇත්ද, එය නූපන් පස්සද්ධි සම්බොජ්ඣංගය ඉපැදවීම පිණිස, උපන් පස්සද්ධි සම්බොජ්ඣංගය බොහෝවීම පිණිස, එහි විපුලබව පිණිස, වැඩීයාම පිණිස, පිරිපුන්බව පිණිස පවත්නේය.

තථා “අත්‍ථි, භික‍්ඛවෙ, සමථනිමිත‍්තං අබ්‍යග‍්ගනිමිත‍්තං. තත්‍ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා සංවත‍්තතී”ති (සං· නි· 5.232).

එසේම මහණෙනි, සමාධිනිමිත්තෙක් ඇත, එකාග්‍රතා නිමිත්තෙක්ද ඇත, එහිලා බොහෝසෙයින් නුවණින් මෙනෙහි කිරීමෙක් වේද, මෙය නූපන් සමාධිසම්බොජ්ඣංගය ඉපැදවීම පිණිස, උපන් සමාධිසම්බොජ්ඣංගය බොහෝවීම පිණිස, එහි විපුලබව පිණිස, පිරිපුන්බව පිණිස පවත්නේය.

තථා “අත්‍ථි, භික‍්ඛවෙ, උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානියා ධම‍්මා. තත්‍ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා සංවත‍්තතී”ති (සං· නි· 5.232).

එසේම මහණෙනි, උපෙක්ඛාසම්බොජ්ඣංගයට පාදක වූ ධර්මයෙක් ඇත, එහි බොහෝසෙයින් මෙනෙහි කිරීමෙක් වේද, මෙය නූපන් උපෙක්ඛා සම්බොජ්ඣංගය ඉපැදවීම පිණිස, උපන් උපෙක්ඛා සම්බොජ්ඣංගය බොහෝවීම පිණිස, එහි විපුලබව පිණිස, වැඩීම පිණිස, පිරිපුන්බව පිණිස පවත්නේය’

තත්‍ථ යථාස‍්ස පස‍්සද‍්ධිආදයො උප‍්පන‍්නපුබ‍්බා, තං ආකාරං සල‍්ලක‍්ඛෙත්‍වා තෙසං උප‍්පාදනවසෙන පවත‍්තමනසිකාරොව තීසුපි පදෙසු යොනිසො මනසිකාරො නාම. සමථනිමිත‍්තන‍්ති ච සමථස‍්සෙවෙතමධිවචනං. අවික‍්ඛෙපට‍්ඨෙන ච තස‍්සෙව අබ්‍යග‍්ගනිමිත‍්තන‍්ති.

එහිලා යම්සේ මේ යෝගාවචරයාහට පස්සද්ධි ආදිය උපන්විරූද, ඒ ඒ ආකාරය සලකා ඒ පස්සද්ධි ආදිය පිළිබඳ ඉපැදවීම් වශයෙන් පවත්වන ලද මනස්කාරයම මෙහි තුන් පෙදෙහිම යොනිසොමනසිකාර නම්වේ. සමථ නිමිත්ත යනු සමථයටම අධිවචනයෙකි, අවික්ෂෙපාර්ත්‍ථයෙන් අව්‍යග්ගනිමිත්ත යනුද එයටම අධිවචනයි.

අපිච සත‍්ත ධම‍්මා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති පණීතභොජනසෙවනතා, උතුසුඛසෙවනතා, ඉරියාපථසුඛසෙවනතා, මජ‍්ඣත‍්තපයොගතා, සාරද‍්ධකායපුග‍්ගලපරිවජ‍්ජනතා, පස‍්සද‍්ධකායපුග‍්ගලසෙවනතා, තදධිමුත‍්තතාති.

තවද ධර්මයෝ සත් දෙනෙක් පස්සද්ධි සම්බොජ්ඣංගය ඉපැදවීම පිණිස පවත්නාහුය, ප්‍රණීත ආහාර සේවනය කරනබවය, සුඛදායක සෘතුගුණයන් සේවනය කරනබවය, සුඛදායක ඉරියවු සේවනය කරනබවය, මධ්‍යස්ථ වූ කායවාක්මනස් ප්‍රයෝග ඇතිබවය, කිපෙනසුලු පුද්ගලයන් දුරුකරන බවය, සන්සුන් කර ඇති පුද්ගලයන් ඇසුරුකරන බවය, පස්සද්ධි සම්බොජ්ඣංගය වෙත නැඹුරු වූ බවය යන මොහුය.

එකාදස ධම‍්මා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති වත්‍ථුවිසදතා, නිමිත‍්තකුසලතා, ඉන්‍ද්‍රියසමත‍්තපටිපාදනතා, සමයෙ චිත‍්තස‍්ස නිග‍්ගහණතා, සමයෙ චිත‍්තස‍්ස පග‍්ගහණතා , නිරස‍්සාදස‍්ස චිත‍්තස‍්ස සද‍්ධාසංවෙගවසෙන සම‍්පහංසනතා, සම‍්මාපවත‍්තස‍්ස අජ‍්ඣුපෙක‍්ඛනතා, අසමාහිතපුග‍්ගලපරිවජ‍්ජනතා, සමාහිතපුග‍්ගලසෙවනතා, ඣානවිමොක‍්ඛපච‍්චවෙක‍්ඛණතා, තදධිමුත‍්තතාති.

ධර්මයෝ එකොළොස් දෙනෙක් සමාධිසම්බොජ්ඣංගය ඉපදවීම පිණිස පවත්නාහුය (අභ්‍යන්තර බාහිර) වස්තූන්ගේ පිරිසුදු බවය, කසිණ ආදී නිමිති කෙරෙහි දක්‍ෂ බවය, (සමාධි, වීර්ය) යන ඉන්‍ද්‍රියයන් සමව පවත්වාගන්නා බවය, සුදුසු කල්හි සිත බහා තබන බවය, සුදුසු කල්හි සිත හුවා තබන බවය, (භාවනා විෂයෙහි) ආස්වාද රහිත වූ සිත ශ්‍රද්ධා සංවේග වශයෙන් පුබුදු කරන බවය, සමව පවත්නා සිත උපෙක්‍ෂා කරන බවය, අසමාහිත පුද්ගලයන් දුරුකරන බවය, සමාහිත පුද්ගලයන් ඇසුරුකරන බවය, ධ්‍යාන විමොක්‍ෂයන් ගැන ප්‍රත්‍යවෙක්‍ෂා කරන බවය, සමාධිසම්බොජ්ඣංගය වෙත නැඹුරු වූ බවය යන මොහුය.

පඤ‍්ච ධම‍්මා උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති සත‍්තමජ‍්ඣත‍්තතා, සඞ‍්ඛාරමජ‍්ඣත‍්තතා, සත‍්තසඞ‍්ඛාරකෙලායනපුග‍්ගලපරිවජ‍්ජනතා, සත‍්තසඞ‍්ඛාරමජ‍්ඣත‍්තපුග‍්ගලසෙවනතා, තදධිමුත‍්තතාති. ඉති ඉමෙහාකාරෙහි එතෙ ධම‍්මෙ උප‍්පාදෙන‍්තො පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගාදයො භාවෙති නාම. එවං යස‍්මිං සමයෙ චිත‍්තං නිග‍්ගහෙතබ‍්බං තස‍්මිං සමයෙ චිත‍්තං නිග‍්ගණ‍්හාති.

ධර්මයෝ පස් දෙනෙක් උපෙක්ඛා සම්බොජ්ඣංගය ඉපැදවීම පිණිස පවත්නාහුය. සත්ත්‍වයන් කෙරෙහි මැදහත් බවය, සංස්කාරයන් කෙරෙහි මැදහත් බවය, සත්ත්‍වයන් හා සංස්කාරයන් කෙරෙහි මමත්‍වය කරන පුද්ගලයන් දුරුකරන බවය, සත්ත්‍වයන් හා සංස්කාරයන් කෙරෙහි මැදහත් පුද්ගලයන් ඇසුරු කරන බවය, උපෙක්ඛා සම්බොජ්ඣංගය වෙත නැඹුරු වූ බවය යන මොහුය. මෙසේ කියනලද ආකාරයෙන් මේ ධර්මයන් උපදවන්නේ පස්සද්ධි සම්බොජ්ඣංගාදිය වඩන්නේ වේ. මෙසේ යම් කලෙක සිත බහා තැබියයුතු වේනම්, එකල සිත බහා තබයි,

කථං යස‍්මිං සමයෙ චිත‍්තං සම‍්පහංසිතබ‍්බං, තස‍්මිං සමයෙ චිත‍්තං සම‍්පහංසෙති? යදාස‍්ස පඤ‍්ඤාපයොගමන්‍දතාය වා උපසමසුඛානධිගමෙන වා නිරස‍්සාදං චිත‍්තං හොති, තදා නං අට‍්ඨසංවෙගවත්‍ථුපච‍්චවෙක‍්ඛණෙන සංවෙජෙති. අට‍්ඨ සංවෙගවත්‍ථූනි නාම ජාතිජරාබ්‍යාධිමරණානි චත‍්තාරි, අපායදුක‍්ඛං පඤ‍්චමං, අතීතෙ වට‍්ටමූලකං දුක‍්ඛං, අනාගතෙ වට‍්ටමූලකං දුක‍්ඛං, පච‍්චුප‍්පන‍්නෙ ආහාරපරියෙට‍්ඨිමූලකං දුක‍්ඛන‍්ති. බුද‍්ධධම‍්මසඞ‍්ඝගුණානුස‍්සරණෙන චස‍්ස පසාදං ජනෙති. එවං යස‍්මිං සමයෙ චිත‍්තං සම‍්පහංසිතබ‍්බං, තස‍්මිං සමයෙ චිත‍්තං සම‍්පහංසෙති.

යම් කලෙක සිත පුබුදු කළයුතු වේනම්, එකල සිත පුබුදුවාලයි, කෙසේදයත්, යම් කලෙක මේ යෝගියාගේ ප්‍රඥාප්‍රයොගය මඳවීමෙන් හෝ ඒකාග්‍රතාසුඛය නොලද බැවින් හෝ සිත භාවනා විෂයෙහි ආස්වාද රහිත වේ. එකල එය අෂ්ට සංවේග වස්තූන් මෙනෙහි කිරීමෙන් සංවේගවත් කරවන්නේය. අෂ්ට සංවෙගවස්තු නම්, ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සතරද, පස්වන අපාය දුකද, අතීතයෙහි වූ සංසාර මූලක දුකද, අනාගතයෙහි වන සංසාර මූලක දුකද, වර්තමානයෙහි ආහාර සෙවීමේ දුකද යන මේය. බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් ගුණ සිහි කිරීමෙන්ද සිත්හි ප්‍රසාදය උපදියි. මෙසේ යම් කලෙක සිත සොම්නස් කළයුතුවේනම් එකල සිත සොම්නස් කරවයි.

කථං යස‍්මිං සමයෙ චිත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිතබ‍්බං, තස‍්මිං සමයෙ චිත‍්තං අජ‍්ඣුපෙක‍්ඛති? යදාස‍්ස එවං පටිපජ‍්ජතො අලීනං අනුද‍්ධතං අනිරස‍්සාදං ආරම‍්මණෙ සමප‍්පවත‍්තං සමථවීථිපටිපන‍්නං චිත‍්තං හොති, තදාස‍්ස පග‍්ගහනිග‍්ගහසම‍්පහංසනෙසු න බ්‍යාපාරං ආපජ‍්ජති, සාරථි විය සමප‍්පවත‍්තෙසු අස‍්සෙසු. එවං යස‍්මිං සමයෙ චිත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිතබ‍්බං, තස‍්මිං සමයෙ චිත‍්තං අජ‍්ඣුපෙක‍්ඛති.

යම් කලෙක සිත උපේක්‍ෂා කළ යුතු වේනම්, එකල එය උපේක්‍ෂා කරවයි, කෙසේදයත්, මේ ආකාරයෙන් පිළිපදනා ඔහුගේ සිත යම් කලෙක නොහැකුලුණේ, නොකැළඹුණේ, නිරාස්වාද නොවූයේ, අරමුණෙහි සමව පවත්නේ, සමථ මාර්ගයට පිළිපන්නේ වේනම්, එකල එය හුවා තැබීම, බහා තැබීම, පුබුදු කරවීම ආදී ව්‍යාපාරයකට නොඑළඹෙන්නේය. සමව පවතින අශ්වයන් කෙරෙහි රථාචාර්යයකු සෙයිනි. මෙසේ යම් කලෙක සිත උපේක්‍ෂා කරවිය යුතු වේනම්, එකල සිත උපේක්‍ෂා කරවයි.

අසමාහිතපුග‍්ගලපරිවජ‍්ජනතා නාම නෙක‍්ඛම‍්මපටිපදං අනාරුළ‍්හපුබ‍්බානං අනෙකකිච‍්චපසුතානං වික‍්ඛිත‍්තහදයානං පුග‍්ගලානං ආරකා පරිච‍්චාගො.

අසමාහිතපුග්ගලපරිවජ්ජනතා (අසමාහිත පුද්ගලයන් දුරු කිරීම) යනු, නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාවට නොනැගුණුවිරූ, නොයෙක් කර්තව්‍යයන්හි නියැලුණු, විසුරුණු සිත්ඇති පුද්ගලයන් දුරින්ම දුරු කිරීමයි.

සමාහිතපුග‍්ගලසෙවනතා නාම නෙක‍්ඛම‍්මපටිපදං පටිපන‍්නානං සමාධිලාභීනං පුග‍්ගලානං කාලෙන කාලං උපසඞ‍්කමනං.

සමාහිත පුද්ගලයන් සේවනය කිරීමය යනු නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාවට පිළිපන් සමාධිලාභී පුද්ගලයන් වෙත කලින් කල එළඹීමයි.

තදධිමුත‍්තතා නාම සමාධිඅධිමුත‍්තතා සමාධිගරුසමාධිනින‍්නසමාධිපොණසමාධිපබ‍්භාරතාති අත්‍ථො.

තද්ධිමුත්තතා යනු, සමාධිය වෙත නැඹුරු වූ බවයි, සමාධියම ගුරුකොට පවත්නා බවයි, සමාධිය වෙත නැමෙන බවයි, සමාධිය වෙත ඇදෙන බවයි, සමාධිය වෙතට බරවූ බවයි යන අර්ත්‍ථයි.

එවමෙතං දසවිධං අප‍්පනාකොසල‍්ලං සම‍්පාදෙතබ‍්බං.

මෙසේ මේ දශවිධ වූ අර්පණා කෞශල්‍යය සම්පාදනය කටයුතුය.

එවඤ‍්හි සම‍්පාදයතො, අප‍්පනාකොසල‍්ලං ඉමං; පටිලද‍්ධෙ නිමිත‍්තස‍්මිං, අප‍්පනා සම‍්පවත‍්තති.

එවං හි සම්පාදයතො අප්පණාකොසල්ලං ඉමං පටිලද්ධෙ නිමිත්තස්මිං අප්පණා සම්පවත්තති

එවඤ‍්හි පටිපන‍්නස‍්ස, සචෙ සා නප‍්පවත‍්තති; තථාපි න ජහෙ යොගං, වායමෙථෙව පණ‍්ඩිතො.

එවම්පි පටිපන්නස්ස සචෙ සා නප්පවත්තිත තථාපි න ජහෙ යොගං වායමෙථෙව පණ්ඩිතො

හිත්‍වා හි සම‍්මාවායාමං, විසෙසං නාම මාණවො; අධිගච‍්ඡෙ පරිත‍්තම‍්පි, ඨානමෙතං න විජ‍්ජති.

හිත්‍වා හි සම්මාවායාමං විසෙසං නාම මානවො අධිගච්ඡෙ පරිත්තම්පි ඨානමෙතං න විජ්ජති

චිත‍්තප‍්පවත‍්තිආකාරං, තස‍්මා සල‍්ලක‍්ඛයං බුධො; සමතං වීරියස‍්සෙව, යොජයෙථ පුනප‍්පුනං.

චිත්තප්පවත්තිආකාරං තස්මා සල්ලක්‍ඛයං බුධො සමතං විරියස්සෙව යොජයෙථ පුනප්පුනං

ඊසකම‍්පි ලයං යන‍්තං, පග‍්ගණ‍්හෙථෙව මානසං; අච‍්චාරද‍්ධං නිසෙධෙත්‍වා, සමමෙව පවත‍්තයෙ.

ඊසකම්පි ලයං යන්තං පග්ගණ්භෙථෙව මානසං අච්චාරද්ධං නිසෙධෙත්‍වා සමමෙව පවත්තයෙ

රෙණුම‍්හි උප‍්පලදලෙ, සුත‍්තෙ නාවාය නාළියා; යථා මධුකරාදීනං, පවත‍්ති සම‍්මවණ‍්ණිතා.

රෙණුම්හි උප්පලදලෙ සුත්තෙ නාවාය නාළියා යථා මධුකරාදීනං පවත්ති සම්පවණ්ණිතා

ලීනඋද‍්ධතභාවෙහි, මොචයිත්‍වාන සබ‍්බසො; එවං නිමිත‍්තාභිමුඛං, මානසං පටිපාදයෙති.

ලීන-උද්ධතභාවෙහි මොචයිත්‍වාන සබ්බසො එවං නිමිත්තාභිමුඛං මානසං පටිපාදයෙ ති.

මෙසේ මේ අර්පණා කෞශල්‍යය සම්පාදනය කරන යෝගියාහට ලද නිමිත්තෙහි අර්පණාව මනාකොට පවත්නේය.

ඉදින් මෙසේ පිළිපන්නහුටද අර්පණාව නොපවත්නේ නම්, එසේවුවද පණ්ඩිත තෙමේ භාවනායෝගය නොහරින්නේය, තව තවත් උත්සාහ කරන්නේමය.

සම්‍යග් ව්‍යායාමය අත්හැර සත්ත්‍වයෙක් තෙමේ මඳවූ හෝ විශේෂාධිගමයකට පැමිණේය යන මේ කාරණය විද්‍යමාන නොවේමැයි.

එහෙයින් පණ්ඩිත තෙමේ සිත පවත්නා ආකාරය පිළිබඳව සැලකිලිමත් වූයේ නැවත නැවතත් වීර්ය සමතාවම යොදවන්නේය.

මඳ වශයෙන් හෝ කුසීත බවට යන සිත හුවා තබන්නේය, අතිශය වීර්යය වලක්වා එය සමකොට පවත්වන්නේය,

මල් රොන්හිද, මහනෙල් පතෙහිද, මකුළුහුයෙහිද, නැවෙහිද, තෙල් නළෙහිද, ක්‍රමයෙන් මීමැසි ආදීන්ගේ පැවැත්ම යම්සේ (අටුවාවෙහි උපමා වශයෙන්) වර්ණනා කරන ලද්දේ ද.

එසේ ලීන උද්ධතභාවයන් කෙරෙන් සැම ලෙසින්ම සිත මුදවා (පටිභාග) නිමිත්තට අභිමුඛව මෙහෙයවන්නේය.