යෙදුමෙන් කියවන්න

සත‍්තසප‍්පායා

සත‍්තසප‍්පායා

සත්තසප්පායා

තත්‍රායං රක‍්ඛණවිධි –

එහි ප්‍රතිභාගනිමිත්ත රක්නා විධි මෙසේය:

ආවාසො ගොචරො භස‍්සං, පුග‍්ගලො භොජනං උතු; ඉරියාපථොති සත‍්තෙතෙ, අසප‍්පායෙ විවජ‍්ජයෙ.

ආවාසො ගොචරො භස්සං පුග්ගලො භොජනං උතු ඉරියාපථො’ති සත්තෙතෙ අසප්පායෙ විවජ්ජයෙ

සප‍්පායෙ සත‍්ත සෙවෙථ, එවඤ‍්හි පටිපජ‍්ජතො; නචිරෙනෙව කාලෙන, හොති කස‍්සචි අප‍්පනා.

සප්පායෙ සත්ත සෙවෙථ එවං හි පටිපජ්ජතො න චිරෙනෙව කාලෙන හොති කස්සචි අප්පනා

ආවාසය, ගෝචරය, කථාය, පුද්ගලය, භෝජනය, ඍතුය, ඉරියවුය යන මේ සත පිළිබඳ අසප්පාය වූවන් දුරු කරන්නේය.

මේ සත, සප්පාය වූවන්ම සේවනය කරන්නේය, මෙසේ පිළිපදනා විට කිසිවකුට නොබෝ කලෙකින්ම අර්පණා සමාධිය උපදී.

තත්‍රස‍්ස යස‍්මිං ආවාසෙ වසන‍්තස‍්ස අනුප‍්පන‍්නං වා නිමිත‍්තං නුප‍්පජ‍්ජති, උප‍්පන‍්නං වා විනස‍්සති, අනුපට‍්ඨිතා ච සති න උපට‍්ඨාති, අසමාහිතඤ‍්ච චිත‍්තං න සමාධියති, අයං අසප‍්පායො. යත්‍ථ නිමිත‍්තං උප‍්පජ‍්ජති චෙව ථාවරඤ‍්ච හොති , සති උපට‍්ඨාති, චිත‍්තං සමාධියති නාගපබ‍්බතවාසීපධානියතිස‍්සත්‍ථෙරස‍්ස විය, අයං සප‍්පායො. තස‍්මා යස‍්මිං විහාරෙ බහූ ආවාසා හොන‍්ති, තත්‍ථ එකමෙකස‍්මිං තීණි තීණි දිවසානි වසිත්‍වා යත්‍ථස‍්ස චිත‍්තං එකග‍්ගං හොති, තත්‍ථ වසිතබ‍්බං. ආවාසසප‍්පායතාය හි තම‍්බපණ‍්ණිදීපම‍්හි චූළනාගලෙණෙ වසන‍්තා තත්‍ථෙව කම‍්මට‍්ඨානං ගහෙත්‍වා පඤ‍්චසතා භික‍්ඛූ අරහත‍්තං පාපුණිංසු. සොතාපන‍්නාදීනං පන අඤ‍්ඤත්‍ථ අරියභූමිං පත්‍වා තත්‍ථ අරහත‍්තප‍්පත‍්තානඤ‍්ච ගණනා නත්‍ථි. එවමඤ‍්ඤෙසුපි චිත‍්තලපබ‍්බතවිහාරාදීසු.

එහිදී, යම් ආවාසයෙක්හි වසනවිට මොහුට නො-උපන් නිමිත්ත නො-උපදීනම්, උපන් නිමිත්ත හෝ නැසේනම්, නො-එළඹි සිහිය නොඑළඹේනම්, අසමාහිත සිත සමාහිත නොවේනම්, මේ ආවාසය අසප්පාය වේ. එහෙයින් යම් විහාරයෙක්හි බොහෝ ආවාස ඇත්නම්, එහි එක් එක් ආවාසයෙහි දින තුනක් බැගින් වැස යම් තැනෙකදි සිත එකඟ වේනම්, එහි විසිය යුතුය. ආවාසසප්පාය හේතුවෙන් තම්බපණ්ණි දිවයිනෙහි චූලාභය නම් ලෙණෙහි පන්සියයක් භික්‍ෂූහු එහිදීම කමටහන් ගෙන රහත් බවට පැමිණියාහුය. සෝවාන් ආදී පලයනට පත්වූද, අන් තැනෙකදී ආර්යභූමියට පිවිස එහිදී රහත් ඵලයට පත්වූද ජනයාගේ ගණනෙක් නැත. සිතුල්පවු විහාරාදී අන් තන්හිද මෙසේය.

ගොචරගාමො පන යො සෙනාසනතො උත‍්තරෙන වා දක‍්ඛිණෙන වා නාතිදූරෙ දියඩ‍්ඪකොසබ‍්භන‍්තරෙ හොති සුලභසම‍්පන‍්නභික‍්ඛො, සො සප‍්පායො. විපරීතො අසප‍්පායො.

ගොචරගාම - ගොදුරුගම වනාහි: යම් ගොදුරු ගමක් සෙනස්නෙන් කෝස එකහමාරක් (දුනු තුන්දහසක්) ඇතුළත, උතුරෙන් හෝ දකුණෙන්, නුදුරු තන්හි වෙතොත්, සුලභ භික්‍ෂා ඇතොත් එය සප්පාය වේ, නොඑසේ වෙතොත් අසප්පාය වේ.

භස‍්සන‍්ති ද‍්වත‍්තිංසතිරච‍්ඡානකථාපරියාපන‍්නං අසප‍්පායං, තඤ‍්හිස‍්ස නිමිත‍්තන‍්තරධානාය සංවත‍්තති. දසකථාවත්‍ථුනිස‍්සිතං සප‍්පායං, තම‍්පි මත‍්තාය භාසිතබ‍්බං.

භස්ස කතා කරන දෙය යනු: දෙතිස් තිරිසන් කථාවට අයත්වූයේ අසප්පාය වේ, එය නිමිති අතුරුදහන්වීම පිණිස පවතී, දශකථාවස්තු නිශ්‍රිත වූයේ සප්පාය වේ, එය වුවද පමණ දැන බිණිය යුතුය.

පුග‍්ගලොපි අතිරච‍්ඡානකථිකො සීලාදිගුණසම‍්පන‍්නො, යං නිස‍්සාය අසමාහිතං වා චිත‍්තං සමාධියති, සමාහිතං වා චිත‍්තං ථිරතරං හොති, එවරූපො සප‍්පායො. කායදළ‍්හීබහුලො පන තිරච‍්ඡානකථිකො අසප‍්පායො. සො හි තං කද‍්දමොදකමිව අච‍්ඡං උදකං මලීනමෙව කරොති, තාදිසඤ‍්ච ආගම‍්ම කොටපබ‍්බතවාසීදහරස‍්සෙව සමාපත‍්තිපි නස‍්සති, පගෙව නිමිත‍්තං.

පුග්ගලො (පුද්ගලයාටද, තිරිසන් කථා නොකියන්නේද, ශීලාදී ගුණයෙන් යුතු වූයේද, යම් පුද්ගලයකු නිසා අසමාහිත සිත සමාහිත වේද, සමාහිත වූ සිත ස්ථීර වේද, මෙබඳු වූ පුද්ගලයා සප්පාය වේ, තිරිසන් කථා කියන, කය පුෂ්ටිමත් කොට දැඩි කිරීමෙහි නියැලි පුද්ගලයා අසප්පාය වේ. හේ වනාහි මඩවතුරක් පිවිතුරු ජලය කිලිටි කරන්නා සේ යෝගාවචරයා කිලිටි කරන්නේමය, එබදු පුද්ගලයකු හා ඇසුරට පැමිණීමෙන් කෝට නම් පව්වෙහි වැසි තරුණ භික්‍ෂුවගේ මෙන් සමාපත්තිය පවා නැසේ, නිමිති නස්නා බව කිවයුතු නොවේ.

භොජනං පන කස‍්සචි මධුරං, කස‍්සචි අම‍්බිලං සප‍්පායං හොති. උතුපි කස‍්සචි සීතො, කස‍්සචි උණ‍්හො සප‍්පායො හොති. තස‍්මා යං භොජනං වා උතුං වා සෙවන‍්තස‍්ස ඵාසු හොති, අසමාහිතං වා චිත‍්තං සමාධියති, සමාහිතං වා ථිරතරං හොති, තං භොජනං සො ච උතු සප‍්පායො. ඉතරං භොජනං ඉතරො ච උතු අසප‍්පායො.

භොජනං (භෝජනය) වනාහි කිසිවකුට පැණි රසද කිසිවකුට ඇඹුල් රසද සප්පාය වේ. උතු (සෘතු භේදය හෙවත් කාලගුණයද) කිසිවකුට ශීතද කිසිවකුට උෂ්ණයද සප්පාය වේ. එහෙයින් යම් බොජුනක් හෝ යම් කාලගුණයක් හෝ සෙවුනාහට පහසු වේනම්, අසමාහිත වූ සිත සමාහිත වේනම්, සමාහිත සිත හෝ ස්ථිර වේනම්, එම භෝජනයද එම කාලගුණයද සප්පාය වේ, එසේ නොවන භෝජනයද කාලගුණයද අසප්පාය වේ.

ඉරියාපථෙසුපි කස‍්සචි චඞ‍්කමො සප‍්පායො හොති, කස‍්සචි සයනට‍්ඨානනිසජ‍්ජානං අඤ‍්ඤතරො. තස‍්මා තං ආවාසං විය තීණි දිවසානි උපපරික‍්ඛිත්‍වා යස‍්මිං ඉරියාපථෙ අසමාහිතං වා චිත‍්තං සමාධියති, සමාහිතං වා ථිරතරං හොති, සො සප‍්පායො. ඉතරො අසප‍්පායොති වෙදිතබ‍්බො.

ඉරියාපථෙසු (ඉරියවු අතුරෙන්) ද: කිසිවකුට සක්මන් කිරීම සප්පාය වේ, කිසිවකුට වැද හෙවීම, සිටීම හෝ හිඳීම යන මෙයින් එකක් සප්පාය වේ. එහෙයින් ආවාස විෂයෙහිදී මෙන් ඉරියවුද තුන්දිනක් පිරික්සා, යම් ඉරියව්වෙක්හි අසමාහිත සිත සමාහිත වේනම්, සමාහිත වූ සිත හෝ ස්ථිර වේනම්, එය සප්පායැයිද අනෙක අසප්පායැයිද දතයුතුය.

ඉති ඉමං සත‍්තවිධං අසප‍්පායං වජ‍්ජෙත්‍වා සප‍්පායං සෙවිතබ‍්බං. එවං පටිපන‍්නස‍්ස හි නිමිත‍්තාසෙවනබහුලස‍්ස නචිරෙනෙව කාලෙන හොති කස‍්සචි අප‍්පනා.

මෙසේ සත් වැදෑරුම් අසප්පායයන් දුරුකොට සප්පායයන් සේවනය කළයුතුය. මෙසේ පිළිපන්නහුගේ (පටිභාග) නිමිත්ත බහුල වශයෙන් සෙවුනා කිසිවකු හට නොබෝ කලෙකින්ම අර්පණා සමාධිය උපදී.