යෙදුමෙන් කියවන්න

භාවනාවිධානං

භාවනාවිධානං

භාවනාවිධානං

ඉදානි සබ‍්බං භාවනාවිධානං අපරිහාපෙන‍්තෙන භාවෙතබ‍්බොති එත්‍ථ අයං පථවීකසිණං ආදිං කත්‍වා සබ‍්බකම‍්මට‍්ඨානවසෙන විත්‍ථාරකථා හොති.

ඉක්බිති, සබ්බං භාවනාවිධානං අපරිහාපෙන්තෙන භාවෙතබ්බො (සියලු භාවනා විධි නොපිරිහෙලා භාවනා වැඩිය යුතුය) යනු: මෙහි මේ පඨවි කසිණය ආදිකොට ඇති සියලු කර්මස්ථානයන් පිළිබඳ විස්තර කථා දැක්වේ.

එවං උපච‍්ඡින‍්නඛුද‍්දකපලිබොධෙන හි භික‍්ඛුනා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තෙන භත‍්තසම‍්මදං පටිවිනොදෙත්‍වා පවිවිත‍්තෙ ඔකාසෙ සුඛනිසින‍්නෙන කතාය වා අකතාය වා පථවියා නිමිත‍්තං ගණ‍්හිතබ‍්බං. වුත‍්තඤ‍්හෙතං –

මෙසේ සුලු පලිබෝධයන් විසඳාගත් භික්‍ෂුව විසින් පිඬු පිණිස හැසිරීමෙන් පෙරළා අවුත් බත්කිස නිමවීමෙන් පසු ඇතිවන බත්මත සන්සිඳවාගෙන, විවේක ස්ථානයෙක සුවසේ හිඳ, සකසනලද හෝ ස්වාභාවික වූ හෝ පෘථිවිය කෙරෙහි නිමිති ගතයුතුය. කියනලද මැයි (අටුවාවෙහි):

“පථවීකසිණං උග‍්ගණ‍්හන‍්තො පථවියං නිමිත‍්තං ගණ‍්හාති කතෙ වා අකතෙ වා සාන‍්තකෙ, නො අනන‍්තකෙ, සකොටියෙ, නො අකොටියෙ, සවට‍්ටුමෙ, නො අවට‍්ටුමෙ, සපරියන‍්තෙ, නො අපරියන‍්තෙ, සුප‍්පමත‍්තෙ වා සරාවමත‍්තෙ වා. සො තං නිමිත‍්තං සුග‍්ගහිතං කරොති, සූපධාරිතං උපධාරෙති, සුවවත්‍ථිතං වවත්‍ථපෙති. සො තං නිමිත‍්තං සුග‍්ගහිතං කත්‍වා සූපධාරිතං උපධාරෙත්‍වා සුවවත්‍ථිතං වවත්‍ථපෙත්‍වා ආනිසංසදස‍්සාවී රතනසඤ‍්ඤී හුත්‍වා චිත‍්තීකාරං උපට‍්ඨපෙත්‍වා සම‍්පියායමානො තස‍්මිං ආරම‍්මණෙ චිත‍්තං උපනිබන්‍ධති ‘අද‍්ධා ඉමාය පටිපදාය ජරාමරණම‍්හා මුච‍්චිස‍්සාමී’ති. සො විවිච‍්චෙව කාමෙහි…පෙ… පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරතී”ති.

පඨවී කසීණය ගන්නා යෝගී තෙමේ සකසනලද හෝ ස්වාභාවික වූ අන්ත සහිත වූ අන්ත රහිතනොවූ, කෙළවර සහිත වූ කෙළවර රහිතනොවූ, වටකුරුවූ නොවටකුරුනොවූ, සීමා සහිත වූ සීමා රහිත නොවූ, කුඩා කුල්ලක් පමණවූ හෝ මලාවක් පමණ වූ පෘථිවි මණ්ඩලයෙහි නිමිති ගනියි. හේ තෙමේ එම නිමිති මනාලෙස ගැනීම කරයි, මනාලෙස උපධාරණය කරයි, මනාලෙස ව්‍යවස්ථාපනය කරයි, හේ තෙමේ එය මනාලෙස ගෙන, මනාලෙස උපධාරණය කොට, මනාලෙස ව්‍යවස්ථාපනය කොට, එහි අනුසස් දක්නේ මහඟුලෙස සලකා, ගරුසරු උපදවා, සොම්නස් දනවා, ‘ඒකාන්තයෙන් මේ පිළිවෙත හේතුකොටගෙන ජරාමරණයෙන් මිදෙම්වා’යි එම අරමුණෙහි සිත බැඳ තබයි. හේ තෙමේ කාමයන් කෙරෙන් මිදී, අකුසලයන් කෙරෙන් මිදී ප්‍රථමධ්‍යානයට සමවැද වාසය කරයි.’

තත්‍ථ යෙන අතීතභවෙපි සාසනෙ වා ඉසිපබ‍්බජ‍්ජාය වා පබ‍්බජිත්‍වා පථවීකසිණෙ චතුක‍්කපඤ‍්චකජ‍්ඣානානි නිබ‍්බත‍්තිතපුබ‍්බානි, එවරූපස‍්ස පුඤ‍්ඤවතො උපනිස‍්සයසම‍්පන‍්නස‍්ස අකතාය පථවියා කසිතට‍්ඨානෙ වා ඛලමණ‍්ඩලෙ වා නිමිත‍්තං උප‍්පජ‍්ජති, මල‍්ලකත්‍ථෙරස‍්ස විය. තස‍්ස කිරායස‍්මතො කසිතට‍්ඨානං ඔලොකෙන‍්තස‍්ස තංඨානප‍්පමාණමෙව නිමිත‍්තං උදපාදි. සො තං වඩ‍්ඪෙත්‍වා පඤ‍්චකජ‍්ඣානානි නිබ‍්බත‍්තෙත්‍වා ඣානපදට‍්ඨානං විපස‍්සනං පට‍්ඨපෙත්‍වා අරහත‍්තං පාපුණි.

එහිදී යමකු විසින් පූර්වභවයෙහිදී, බුදු සසුනෙක්හි හෝ සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව හෝ පඨවිකසිණ විෂයෙහි ධ්‍යාන චතුෂ්කය, නැතහොත් පංචකය උපදවනලද විරූ නම්, එවන් උපනිශ්‍රය සම්පන්න පිනැත්තහුට අකෘත්‍රිමවූද, සීසානලද තන්හි හෝ, කලවිටි මඬුල්ලෙහි හෝ නිමිති උපදනේය. මල්ලක තෙරුන්හට මෙනි. ඒ ආයුෂ්මතුන්හට වනාහි සීසාන ලද තැනක් දකිනවිට එම තැන් පමණ වූ නිමිති උපදනේය, ඒ තෙරණුවෝ එය වඩා පංචකධ්‍යනයන් උපදවා ධ්‍යානය පාදකකොට විදර්ශනා පිහිටුවා රහත්බවට පැමිණියහ.

යො පනෙවං අකතාධිකාරො හොති, තෙන ආචරියසන‍්තිකෙ උග‍්ගහිතකම‍්මට‍්ඨානවිධානං අවිරාධෙත්‍වා චත‍්තාරො කසිණදොසෙ පරිහරන‍්තෙන කසිණං කාතබ‍්බං. නීලපීතලොහිතඔදාතසම‍්භෙදවසෙන හි චත‍්තාරො පථවීකසිණදොසා. තස‍්මා නීලාදිවණ‍්ණං මත‍්තිකං අග‍්ගහෙත්‍වා ගඞ‍්ගාවහෙ මත‍්තිකාසදිසාය අරුණවණ‍්ණාය මත‍්තිකාය කසිණං කාතබ‍්බං. තඤ‍්ච ඛො විහාරමජ‍්ඣෙ සාමණෙරාදීනං සඤ‍්චරණට‍්ඨානෙ න කාතබ‍්බං. විහාරපච‍්චන‍්තෙ පන පටිච‍්ඡන‍්නට‍්ඨානෙ පබ‍්භාරෙ වා පණ‍්ණසාලාය වා සංහාරිමං වා තත්‍රට‍්ඨකං වා කාතබ‍්බං. තත්‍ර සංහාරිමං චතූසු දණ‍්ඩකෙසු පිලොතිකං වා චම‍්මං වා කටසාරකං වා බන්‍ධිත්‍වා තත්‍ථ අපනීතතිණමූලසක‍්ඛරකථලිකාය සුමද‍්දිතාය මත‍්තිකාය වුත‍්තප‍්පමාණං වට‍්ටං ලිම‍්පෙත්‍වා කාතබ‍්බං. තං පරිකම‍්මකාලෙ භූමියං අත්‍ථරිත්‍වා ඔලොකෙතබ‍්බං. තත්‍රට‍්ඨකං භූමියං පදුමකණ‍්ණිකාකාරෙන ඛාණුකෙ ආකොටෙත්‍වා වල‍්ලීහි විනන්‍ධිත්‍වා කාතබ‍්බං. යදි සා මත‍්තිකා නප‍්පහොති, අධො අඤ‍්ඤං පක‍්ඛිපිත්‍වා උපරිභාගෙ සුපරිසොධිතාය අරුණවණ‍්ණාය මත‍්තිකාය විදත්‍ථිචතුරඞ‍්ගුලවිත්‍ථාරං වට‍්ටං කාතබ‍්බං. එතදෙව හි පමාණං සන්‍ධාය “සුප‍්පමත‍්තං වා සරාවමත‍්තං වා”ති වුත‍්තං. “සාන‍්තකෙ නො අනන‍්තකෙ”තිආදි පනස‍්ස පරිච‍්ඡෙදත්‍ථාය වුත‍්තං.

යමෙක් වනාහි, මෙසේ පෙර පුරුදුකළ අධිකාර නැත්තේ නම්, ඔහු විසින් ආචාර්යයන් වෙතින් උගත් කර්මස්ථානවිධි නොවරදවා, සතර කසිණදොස් දුරුකොට කසිණය තනාගත යුතුය. නිල්වන්, කසාවන්, රත්වන්, සුදුවන් මැටි මුසුවීමෙන් පඨවිකසිණ දොස් සතරෙක් උපදී. එහෙයින් නිල්වන් ආදී මැටි නොගෙන ගංගා ප්‍රවාහයෙහි මැටි හා සමාන අරුණුවන් මැටියෙන් කසිණය තනාගත යුතුය. එයද විහාරමධ්‍යයෙහි සාමණේරාදීන් සැරිසරන තන්හි නොතැනිය යුතුය, විහාර භූමියෙහි කෙළවර මුවහවූ තැනෙක පිටතට නෙරා සිටි ගල්කුලක් යට හෝ කොළ මඬුවෙක හෝ ජංගම (තැනින් තැනට ගෙනයාහැකි) ලෙසින් හෝ ස්ථාවර (එම ස්ථානයෙහිම තිරව පවතින) ලෙසින් හෝ කසිණය තනාගත යුතුය. එහි ජංගම කසිණය දඬු සතරෙක රෙදිකඩක් හෝ සම්කඩක් බැඳ ඊ මත්තෙහි තණ මුල් බොරලු වැලි ඉවත්කොට මැනවින් හනාගත් මැටියෙන්, කියනලද තරමින් වටකුරු හැඩයට ආලේපකොට තනාගත යුතුය, එය පිරියම් කරනවිට බිම තබා බැලිය යුතුය. ස්ථාවර කසිණය බිම කණු සිටුවා වැලින් බැඳ පියුම් කෙමියක හැඩයට තනාගත යුතුය. ඉදින් අරුණුවන් මැටි නොසෑහේ නම් ඇතුළත වෙනත් මැට්ටෙකින් සාදා මතුපිට මනාසේ පිරිසුදු කරගත් අරුණුවන් මැටියෙන් එක් වියත් සතරඟුලක් විතරින් වටකුරු කොට තනාගත යුතුය, මෙකී පමණම සලකා කුඩා කුල්ලක් හෝ මලාවක් පමණයැයි යට කියනලදි. ‘සාන්තකෙ නො අනන්තකෙ’ යන ආදිය වනාහි එහි සීමාව දක්වනු පිණිස කියනලදි.

තස‍්මා එවං වුත‍්තප‍්පමාණපරිච‍්ඡෙදං කත්‍වා රුක‍්ඛපාණිකා විසභාගවණ‍්ණං සමුට‍්ඨපෙති. තස‍්මා තං අග‍්ගහෙත්‍වා පාසාණපාණිකාය ඝංසෙත්‍වා සමං භෙරීතලසදිසං කත්‍වා තං ඨානං සම‍්මජ‍්ජිත්‍වා න‍්හත්‍වා ආගන‍්ත්‍වා කසිණමණ‍්ඩලතො අඩ‍්ඪතෙය්‍යහත්‍ථන‍්තරෙ පදෙසෙ පඤ‍්ඤත‍්තෙ විදත්‍ථිචතුරඞ‍්ගුලපාදකෙ සුඅත්‍ථතෙ පීඨෙ නිසීදිතබ‍්බං. තතො දූරතරෙ නිසින‍්නස‍්ස හි කසිණං න උපට‍්ඨාති, ආසන‍්නතරෙ කසිණදොසා පඤ‍්ඤායන‍්ති. උච‍්චතරෙ නිසින‍්නෙන ගීවං ඔනමිත්‍වා ඔලොකෙතබ‍්බං හොති, නීචතරෙ ජණ‍්ණුකානි රුජන‍්ති. තස‍්මා වුත‍්තනයෙනෙව නිසීදිත්‍වා “අප‍්පස‍්සාදා කාමා”තිආදිනා නයෙන කාමෙසු ආදීනවං පච‍්චවෙක‍්ඛිත්‍වා කාමනිස‍්සරණෙ සබ‍්බදුක‍්ඛසමතික‍්කමුපායභූතෙ නෙක‍්ඛම‍්මෙ ජාතාභිලාසෙන බුද‍්ධධම‍්මසඞ‍්ඝගුණානුස‍්සරණෙන පීතිපාමොජ‍්ජං ජනයිත්‍වා “අයං දානි සා සබ‍්බබුද‍්ධ පච‍්චෙකබුද‍්ධ අරියසාවකෙහි පටිපන‍්නා නෙක‍්ඛම‍්මපටිපදා”ති පටිපත‍්තියා සඤ‍්ජාතගාරවෙන “අද‍්ධා ඉමාය පටිපදාය පවිවෙකසුඛරසස‍්ස භාගී භවිස‍්සාමී”ති උස‍්සාහං ජනයිත්‍වා සමෙන ආකාරෙන චක‍්ඛූනි උම‍්මීලෙත්‍වා නිමිත‍්තං ගණ‍්හන‍්තෙන භාවෙතබ‍්බං.

එහෙයින් මෙසේ කියනලද පමණ හිම් කොට - දඬු පෙණය (තැළීමට යොදාගනු ලබන උපකරණයක්) විෂම වර්ණ ඇතිකරන හෙයින් එය නොගෙන ගල් පෙණයකින් තළා බෙර ඇසක් මෙන් මට්ටම් කොට, එම ස්ථානය හැමැඳ, නහාගෙන අවුත් කසිණ මඬුල්ලෙන් රියන් දෙකහමාරක් ඇතුළත පනවනලද එක් වියත් සතරඟුල් පමණ පා ඇති මනාකොට අතුළ පුටුවක හිඳගතයුතුය. එයට වඩා දුරින් හුන්නහුට කසිණය නොවැටහේ, එයට වඩා ළඟින් හුන්නහුට කසිණ දොස් දිස්වේ. එයට වඩා උසින් හුන්විට ගෙල නමා බැලිය යුතුවේ. එයට වඩා මිටි අස්නෙක දුන්විට දණ රිදෙන්නට ගනී, එහෙයින් කියන ලද නයින්ම හිඳ, කාමයෝ අල්ප ආස්වාද ඇත්තාහුය.’ ආදී නයින් කාමයෙහි ආදීනව මෙනෙහිකොට කාමයන් කෙරෙන් දුරුවූ, සියලු දුක් කෙළවර කිරීමෙහි උපාය වූ, නෛෂ්ක්‍රම්‍යයෙහි උපන් අභිලාෂ ඇතිව, බුදුන්-දහම් සඟුන් ගුණ සිහිකරමින්, ප්‍රීති ප්‍රමෝදය උපදවාගෙන, ‘මේ වනාහි සියලු බුදු පසේබුදු අරියසව්වන් විසින් පිළිපන් ඒ නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාවයි’ යනුවෙන් ප්‍රතිපත්ති විෂයෙහි උපන් ගෞරව ඇතිව, ‘ඒකාන්තයෙන් මේ ප්‍රතිපදාව හේතුකොටගෙන ප්‍රවිවේක සුඛ රසය අනුභව කරන්නෙක් වන්නෙමි’යි උත්සාහ උපදවා, සෙමෙන් ඇස් දල්වා නිමිති ගනිමින් භාවනා කළ යුතුය.

අතිඋම‍්මීලයතො හි චක‍්ඛු කිලමති, මණ‍්ඩලඤ‍්ච අතිවිභූතං හොති, තෙනස‍්ස නිමිත‍්තං නුප‍්පජ‍්ජති. අතිමන්‍දං උම‍්මීලයතො මණ‍්ඩලමවිභූතං හොති, චිත‍්තඤ‍්ච ලීනං හොති, එවම‍්පි නිමිත‍්තං නුප‍්පජ‍්ජති. තස‍්මා ආදාසතලෙ මුඛනිමිත‍්තදස‍්සිනා විය සමෙනාකාරෙන චක‍්ඛූනි උම‍්මීලෙත්‍වා නිමිත‍්තං ගණ‍්හන‍්තෙන භාවෙතබ‍්බං, න වණ‍්ණො පච‍්චවෙක‍්ඛිතබ‍්බො, න ලක‍්ඛණං මනසිකාතබ‍්බං. අපිච වණ‍්ණං අමුඤ‍්චිත්‍වා නිස‍්සයසවණ‍්ණං කත්‍වා උස‍්සදවසෙන පණ‍්ණත‍්තිධම‍්මෙ චිත‍්තං පට‍්ඨපෙත්‍වා මනසි කාතබ‍්බං. පථවී මහී, මෙදිනී, භූමි, වසුධා, වසුන්‍ධරාතිආදීසු පථවීනාමෙසු යමිච‍්ඡති, යදස‍්ස සඤ‍්ඤානුකූලං හොති, තං වත‍්තබ‍්බං. අපිච පථවීති එතදෙව නාමං පාකටං, තස‍්මා පාකටවසෙනෙව පථවී පථවීති භාවෙතබ‍්බං. කාලෙන උම‍්මීලෙත්‍වා කාලෙන නිමීලෙත්‍වා ආවජ‍්ජිතබ‍්බං. යාව උග‍්ගහනිමිත‍්තං නුප‍්පජ‍්ජති, තාව කාලසතම‍්පි කාලසහස‍්සම‍්පි තතො භිය්‍යොපි එතෙනෙව නයෙන භාවෙතබ‍්බං.

පමණට වඩා ඇස් දල්වන කල ඇස් පෙළෙන්නට ගනී, කසිණ මණ්ඩලයද පමණට වඩා ප්‍රකාශ වේ, එයින් ඔහුට නිමිති නො-උපදියි, ඉතා මදව ඇස් දල්වන්නහුට මණ්ඩලය ප්‍රකට නොවේ, සිතද කිඳෙන්නට ගනී, මෙසේද නිමිති නො-උපදී. එහෙයින් කැටපතෙක මුහුණු පිළිබිඹුව බලන්නකු මෙන් සෙමෙන් දල්වා නිමිතිගෙන භාවනා කටයුතුය. හුදෙක් වර්ණය සිතට නොගතයුතුය. හුදෙක් තද බව ආදි ලකුණුද මෙනෙහි නොකටයුතුය, එහෙත් වර්ණය අත් නොහැර පෘථිවියට නිශ්‍රය වූ වර්ණය ලෙස ගෙන (වර්ණ ලක්‍ෂණ දෙක වෙන් වෙන්ව නොගෙන) අධික වශයෙන් පෘථිවිය පිළිබඳ ප්‍රඥප්ති ධර්මයෙහි සිත පිහිටුවා මෙනෙහි කළ යුතුය. පඨවි, මහී, මෙදිනී, භූමි, වසුධා, වසුන්‍ධරා යන ආදී පෘථිවිපර්යාය නාමයන් අතුරෙන් යමක් රිසිවේනම්, යමක් තමාගේ සංඥාවට අනුකූල වේනම්, එය උච්චාරණය කළ යුතුය. එතෙකුදු වුවත් පඨවි යන මේ නාමයම ප්‍රකට වේ, එහෙයින් ‘පඨවී පඨවී’ යනුවෙන් ප්‍රකට නාමයම ගෙන භාවනා කිරීම යුතුවේ. විටෙක ඇස් දල්වාද, විටෙක ඇස් පියාගෙනද ආවර්ජන කළයුතුය, යම්තාක් උග්ගහ-නිමිත්ත නො-ඉපැද තිබේ නම්, ඒතාක් සියක් වර හෝ දහසක් වර හෝ එයටත් වැඩි වරක් හෝ මේ නයින්ම භාවනා කටයුතුය.

තස‍්සෙවං භාවයතො යදා නිමීලෙත්‍වා ආවජ‍්ජන‍්තස‍්ස උම‍්මීලිතකාලෙ විය ආපාථමාගච‍්ඡති, තදා උග‍්ගහනිමිත‍්තං ජාතං නාම හොති. තස‍්ස ජාතකාලතො පට‍්ඨාය න තස‍්මිං ඨානෙ නිසීදිතබ‍්බං. අත‍්තනො වසනට‍්ඨානං පවිසිත්‍වා තත්‍ථ නිසින‍්නෙන භාවෙතබ‍්බං. පාදධොවනපපඤ‍්චපරිහාරත්‍ථං පනස‍්ස එකපටලිකුපාහනා ච කත‍්තරදණ‍්ඩො ච ඉච‍්ඡිතබ‍්බො. අථානෙන සචෙ තරුණො සමාධි කෙනචිදෙව අසප‍්පායකාරණෙන නස‍්සති, උපාහනා ආරුය‍්හ කත‍්තරදණ‍්ඩං ගහෙත්‍වා තං ඨානං ගන‍්ත්‍වා නිමිත‍්තං ආදාය ආගන‍්ත්‍වා සුඛනිසින‍්නෙන භාවෙතබ‍්බං, පුනප‍්පුනං සමන‍්නාහරිතබ‍්බං, තක‍්කාහතං විතක‍්කාහතං කාතබ‍්බං. තස‍්සෙවං කරොන‍්තස‍්ස අනුක‍්කමෙන නීවරණානි වික‍්ඛම‍්භන‍්ති, කිලෙසා සන‍්නිසීදන‍්ති, උපචාරසමාධිනා චිත‍්තං සමාධියති, පටිභාගනිමිත‍්තං උප‍්පජ‍්ජති.

මෙසේ භාවනා කරන ඔහුට යම් කලෙක ඇස් පියාගෙන ආවර්ජන කරනවිටද ඇස් ඇර සිටිනවිට මෙන් නිමිත්ත හමුබවට එතොත් එකල උග්ගහ - නිමිත්ත උපන්නේ නම් වේ, එය උපන් කල පටන් එතන්හිම හිදියයුතු නොවේ, තමා වෙසෙන තැනට පිවිස එහි හිඳගෙන භාවනා කළ හැකිය. පා දෙවීම සඳහා කල් ගතවීම වලකනු පිණිස මොහු විසින් තනිපටවහන්ද, සැරයටියක්ද පරිභෝග කිරීම සුදුසු වේ. ඉක්බිති ඔහුගේ තරුණ සමාධිය කිසියම් හෝ අසප්පාය කාරණයක් හේතුකොටගෙන නටහොත්, එවිට පාවහන් නැඟ සැරයටිය ගෙන එතැනට ගොස් නිමිති ගෙන පෙරළා අවුත් සුවසේ හිඳගෙන භාවනා කළයුතුය, යලි යලි ආවර්ජන කළ යුතුය, තර්කයෙන් විතර්කයෙන් නතු කරගත යුතුය. මෙසේ කරනවිට ඕහට අනුක්‍රමයෙන් නීවරණයෝ යටපත් වෙති, ක්ලේශයෝ සන්සිඳෙති, උපචාර සමාධියෙන් සමාධිගත වේ. පටිභාග නිමිත්ත උපදී.

තත්‍රායං පුරිමස‍්ස ච උග‍්ගහනිමිත‍්තස‍්ස ඉමස‍්ස ච විසෙසො, උග‍්ගහනිමිත‍්තෙ කසිණදොසො පඤ‍්ඤායති, පටිභාගනිමිත‍්තං ථවිකතො නිහතාදාසමණ‍්ඩලං විය සුධොතසඞ‍්ඛථාලං විය වලාහකන‍්තරා නික‍්ඛන‍්තචන්‍දමණ‍්ඩලං විය මෙඝමුඛෙ බලාකා විය උග‍්ගහනිමිත‍්තං පදාලෙත්‍වා නික‍්ඛන‍්තමිව තතො සතගුණං සහස‍්සගුණං සුපරිසුද‍්ධං හුත්‍වා උපට‍්ඨාති. තඤ‍්ච ඛො නෙව වණ‍්ණවන‍්තං, න සණ‍්ඨානවන‍්තං. යදි හි තං ඊදිසං භවෙය්‍ය, චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං සියා ඔළාරිකං සම‍්මසනුපගං තිලක‍්ඛණබ‍්භාහතං, න පනෙතං තාදිසං. කෙවලඤ‍්හි සමාධිලාභිනො උපට‍්ඨානාකාරමත‍්තං සඤ‍්ඤජමෙතන‍්ති.

එහි පළමු කී උග්ගහ-නිමිත්ත හා මෙකී පටිභාග නිමිත්ත හා අතර ඇති විශේෂය මෙසේයි: උග්ගහනිමිත්තයෙහිදී කසිණ දොස් පෙනේ, පටිභාග-නිමිත්තය වූකලි කොපුවෙන් ගත් කැටපත්තලයක් සෙයින්ද, මොනවට පිරිසුදුකළ සක් තැල්ලක් සෙයින්ද, වළා අතරින් නිකුත් සඳමඩලක් සෙයින්ද, මේ කුළක් ඉදිරියෙහි කොකුන් පෙළක් සෙයින්ද, උග්ගහ-නිමිත්ත පලාගෙන නිකුත් වූවක් මෙන්, එයට වඩා සිය ගුණයෙන්, දහස් ගුණයෙන් පිරිසුදුව වැටහේ, එමතුද නොවේ, එයට පැහැයෙක් නැත, හැඩයෙක් නැත, එසේ ඇතොත් ඇසින්ද දැකගත හැකි වන්නේය, ඕළාරික වන්නේය, සම්මර්ශනයට යෝග්‍ය වන්නේය, ත්‍රිලක්‍ෂණයට ගොදුරු වන්නේය, එය වූකලි එබදු වූවක් නොවේ, හුදෙක් සමාධිලාභියාටම වැටහෙන ආකාර මාත්‍රයෙකි, භාවනා සංඥාවෙන් උපන්නෙකි.

උප‍්පන‍්නකාලතො ච පනස‍්ස පට‍්ඨාය නීවරණානි වික‍්ඛම‍්භිතානෙව හොන‍්ති, කිලෙසා සන‍්නිසින‍්නාව, උපචාරසමාධිනා චිත‍්තං සමාහිතමෙවාති.

එය උපන් තැන් පටන් නීවරණයෝ යටපත් කරන ලද්දාහුම වෙති, ක්ලේශයෝ සන්සිදියාහුම වෙති, සිත උපචාර සමාධියෙන් සමාහිත වූයේම වේ.

දුවිධො හි සමාධි උපචාරසමාධි ච අප‍්පනාසමාධි ච. ද‍්වීහාකාරෙහි චිත‍්තං සමාධියති උපචාරභූමියං වා පටිලාභභූමියං වා. තත්‍ථ උපචාරභූමියං නීවරණප‍්පහානෙන චිත‍්තං සමාහිතං හොති. පටිලාභභූමියං අඞ‍්ගපාතුභාවෙන.

සමාධිය වනාහි උපචාර සමාධියද අර්පණා සමාධියදැයි ද්විවිධ වේ. උපචාර භූමියෙහි හෝ පටිලාභ භූමියෙහි හෝ යන මේ දෙ- : ආකාරයෙන් සිත සමාධිගත වේ, එහි උපචාර භූමියෙහිදී නීවරණ ප්‍රහාණයෙන්ද පටිලාභ භූමියෙහිදී ධ්‍යානාගංයන් පහළවීමෙන්ද සිත සමාධිගත වේ.

ද‍්වින‍්නං පන සමාධීනං ඉදං නානාකාරණං, උපචාරෙ අඞ‍්ගානි න ථාමජාතානි හොන‍්ති, අඞ‍්ගානං අථාමජාතත‍්තා, යථා නාම දහරො කුමාරකො උක‍්ඛිපිත්‍වා ඨපියමානො පුනප‍්පුනං භූමියං පතති, එවමෙව උපචාරෙ උප‍්පන‍්නෙ චිත‍්තං කාලෙන නිමිත‍්තමාරම‍්මණං කරොති, කාලෙන භවඞ‍්ගමොතරති. අප‍්පනායං පන අඞ‍්ගානි ථාමජාතානි හොන‍්ති, තෙසං ථාමජාතත‍්තා, යථා නාම බලවා පුරිසො ආසනා වුට‍්ඨාය දිවසම‍්පි තිට‍්ඨෙය්‍ය, එවමෙව අප‍්පනාසමාධිම‍්හි උප‍්පන‍්නෙ චිත‍්තං සකිං භවඞ‍්ගවාරං ඡින්‍දිත්‍වා කෙවලම‍්පි රත‍්තිං කෙවලම‍්පි දිවසං තිට‍්ඨති, කුසලජවනපටිපාටිවසෙනෙව පවත‍්තතීති.

මේ සමාධි දෙක අතර ඇති වෙනස මේය: උපචාරයෙහිදී අංගයෝ බලවත් නොවෙති, අංගයන් බලවත් නොවන හෙයින්, බාල දරුවකු නැගිටුවා තබනවිට නැවත නැවතත් වැටෙන්නා සේ උපචාරය උපන්කල විටෙකදී සිත නිමිති අරමුණු කොට ගනියි, විටෙකදී භවාංගයට බසියි. අර්පණා සමාධියෙහිදී වනාහි ධ්‍යානාංගයෝ බලවත් වෙති, එම අංගයන් බලවත්වන හෙයින් බලවත් පුරුෂයෙක් තෙමේ අස්නෙන් නැගිට දවසක්ම වුවත් සිටිනුයේ යම්සේද, එසේම අර්පණා සමාධිය උපන්කල සිත එක් වරක් භවංග වාරය සිඳීමෙන් මුළු රැයම, මුළු දහවලම සිටී, කුසල් ජවන් පිළිවෙළ වශයෙන්ම පවත්නේය.

තත්‍ර යදෙතං උපචාරසමාධිනා සද‍්ධිං පටිභාගනිමිත‍්තං උප‍්පන‍්නං, තස‍්ස උප‍්පාදනං නාම අතිදුක‍්කරං. තස‍්මා සචෙ තෙනෙව පල‍්ලඞ‍්කෙන තං නිමිත‍්තං වඩ‍්ඪෙත්‍වා අප‍්පනං අධිගන‍්තුං සක‍්කොති, සුන්‍දරං. නො චෙ සක‍්කොති, අථානෙන තං නිමිත‍්තං අප‍්පමත‍්තෙන චක‍්කවත‍්තිගබ‍්භො විය රක‍්ඛිතබ‍්බං. එවඤ‍්හි –

එහි, යම්කලෙක උපචාර - සමාධිය හා සමග පටිභාග-නිමිත්ත උපන්නේ නමි-එය ඉපැදවීම නම් ඉතා දුෂ්කරය- එහෙයින් එම පර්යංකයෙන්ම එම නිමිත්ත වඩා අර්පණාවට පැමිණෙනු සමත් වේනම් යෙහෙකි, ඉදින් සමත් නොවේනම්, එවිට මොහු විසින් අප්‍රමාදව එම පටිභාග නිමිත්ත සක්විති ගබක් සෙයින් රැකගත යුතුය. එසේවූ කල්හි,

නිමිත‍්තං රක‍්ඛතො ලද‍්ධ-පරිහානි න විජ‍්ජති; ආරක‍්ඛම‍්හි අසන‍්තම‍්හි, ලද‍්ධං ලද‍්ධං විනස‍්සති.

නිමිත්තං රක්‍ඛතො ලද්ධ-පරිහානි න විජ්ජති ආරක්‍ඛම්හි අසන්තම්හි ලද්ධං ලද්ධං විනස්සති

ප්‍රතිභාගනිමිත්ත රක්නහු විසින් ලද සමාධියෙහි පිරිහීමෙක් නොවේ, ආරක්‍ෂාවක් නොමැති කල්හි ලද ලද ධ්‍යානය නස්නේය.