පඤ්චඞ්ගවිප්පහීනාදි
පඤ්චඞ්ගවිප්පහීනාදි
පඤ්චඞ්ගවිප්පහීනාදි
යං පන වුත්තං “පඤ්චඞ්ගවිප්පහීනං පඤ්චඞ්ගසමන්නාගත”න්ති, තත්ථ කාමච්ඡන්දො, බ්යාපාදො, ථිනමිද්ධං, උද්ධච්චකුක්කුච්චං, විචිකිච්ඡාති ඉමෙසං පඤ්චන්නං නීවරණානං පහානවසෙන පඤ්චඞ්ගවිප්පහීනතා වෙදිතබ්බා. න හි එතෙසු අප්පහීනෙසු ඣානං උප්පජ්ජති. තෙනස්සෙතානි පහානඞ්ගානීති වුච්චන්ති. කිඤ්චාපි හි ඣානක්ඛණෙ අඤ්ඤෙපි අකුසලා ධම්මා පහීයන්ති, තථාපි එතානෙව විසෙසෙන ඣානන්තරායකරානි. කාමච්ඡන්දෙන හි නානාවිසයප්පලොභිතං චිත්තං න එකත්තාරම්මණෙ සමාධියති. කාමච්ඡන්දාභිභූතං වා තං න කාමධාතුප්පහානාය පටිපදං පටිපජ්ජති. බ්යාපාදෙන චාරම්මණෙ පටිහඤ්ඤමානං න නිරන්තරං පවත්තති . ථිනමිද්ධාභිභූතං අකම්මඤ්ඤං හොති. උද්ධච්චකුක්කුච්චපරෙතං අවූපසන්තමෙව හුත්වා පරිබ්භමති. විචිකිච්ඡාය උපහතං ඣානාධිගමසාධිකං පටිපදං නාරොහති. ඉති විසෙසෙන ඣානන්තරායකරත්තා එතානෙව පහානඞ්ගානීති වුත්තානීති.
පඤ්චඞ්ගවිප්පහීනං පඤ්චඞ්ගසමන්නාගතං (අංග පසෙකින් හීනවූ අංග පසෙකින් සමන්විත වූ) යනු, එහි කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ච-කුක්කුච්චය, විචිකිච්ඡාය යන මේ නීවරණ පස ප්‍රහීණ කිරීම් වශයෙන් පඤ්චඞ්ගවිප්පහීනතාව දතයුතුය, මොවුන් පහනොවූ කල ධ්‍යානය නො-උපදියි, එහෙයින් මේ පස පහාණ අංගයයි කියනු ලැබේ. කෙසේවතුදු ධ්යානක්ෂණයෙහි අන්‍ය වූ අකුශල ධර්මයෝද පහවෙති, එසේ නමුදු මේ නීවරණයෝම විශේෂයෙන් ධ්‍යානයට අන්තරායකර වෙති. කාමච්ඡන්දය හේතුකොටගෙන නොයෙක් අරමුණු මඟින් පොළඹවන ලද සිත එකාග්‍රතාව එළවන කසිණ ආදී අරමුණෙහි සමාහිත නොවේ, නොහොත් කාමච්ඡන්දයෙන් මඩනාලද සිත කාමධාතු ප්රහාණය පිණිස වූ ප්‍රතිපදාවට නොපිවිසේ. ව්‍යාපාදය හේතුකොටගෙනද, අරමුණෙහි ගැටෙමින් නිරතුරුව නොපවතී, ථිනමිද්ධයෙන් මඩනාලද සිත අකර්මණ්‍ය වේ, උද්ධච්ච-කුක්කුච්චයෙන් මඩනාලද සිත නොසන්සුන්වම ඔබමොබ භ්‍රමණය වේ, විචිකිච්ඡාවෙන් පහරනලද සිත ධ්‍යානාධිගමය සිද්ධකරන පිළිවෙතට නොනැගේ. මෙසේ විශේෂයෙන් ධ්‍යානයට අන්තරායකර වූ හෙයින් මෙම නීවරණයෝම ප්‍රහාණ අංගයයි කියන ලද්දාහුය.
යස්මා පන විතක්කො ආරම්මණෙ චිත්තං අභිනිරොපෙති, විචාරො අනුප්පබන්ධති, තෙහි අවික්ඛෙපාය සම්පාදිතප්පයොගස්ස චෙතසො පයොගසම්පත්තිසම්භවා පීති පීණනං, සුඛඤ්ච උපබ්රූහනං කරොති. අථ නං සසෙසසම්පයුත්තධම්මං එතෙහි අභිනිරොපනානුප්පබන්ධනපීණනඋපබ්රූහනෙහි අනුග්ගහිතා එකග්ගතා එකත්තාරම්මණෙ සමං සම්මා ච ආධියති, තස්මා විතක්කො විචාරො පීති සුඛං චිත්තෙකග්ගතාති ඉමෙසං පඤ්චන්නං උප්පත්තිවසෙන පඤ්චඞ්ගසමන්නාගතතා වෙදිතබ්බා. උප්පන්නෙසු හි එතෙසු පඤ්චසු ඣානං උප්පන්නං නාම හොති. තෙනස්ස එතානි පඤ්ච සමන්නාගතඞ්ගානීති වුච්චන්ති. තස්මා න එතෙහි සමන්නාගතං අඤ්ඤදෙව ඣානං නාම අත්ථීති ගහෙතබ්බං. යථා පන අඞ්ගමත්තවසෙනෙව චතුරඞ්ගිනී සෙනා, පඤ්චඞ්ගිකං තූරියං, අට්ඨඞ්ගිකො ච මග්ගොති වුච්චති, එවමිදම්පි අඞ්ගමත්තවසෙනෙව පඤ්චඞ්ගිකන්ති වා පඤ්චඞ්ගසමන්නාගතන්ති වා වුච්චතීති වෙදිතබ්බං.
යම් හෙයකින් වනාහි විතක්කය අරමුණට සිත යොමුකරවයිද, විචාරය අරමුණෙහි සිත හසුරුවයිද, එම විතක්ක විචාර යන දෙකින් වික්ෂේප නොවන සේ සකසනලද සිතෙහි මනාකොට යෙදීමෙන් උපන් පීතිය පිනවීමද, සුඛය වර්ධනයද ඇතිකරවයි. ඉක්බිති සෙසු සම්ප්‍රයුක්ත ධර්මයන් සහිත වූ එම සිත අරමුණට යොමුකිරීම, පිනවීම, වර්ධනය, යන මෙයින් අනුගෘහීත වූ එකාග්‍රතාව විසින් එකත්වාලම්බනයෙහි සමකොට මනාකොට පිහිටුවනු ලැබේ. එහෙයින් විතක්කය, විචාරය, පීතිය, සුඛය, එකග්ගතාය යන පසෙහි ඉපැදීම් වශයෙන් පඤ්චාඞ්ගසමන්විතතාව දතයුතුය. මෙම අංග පස උපන්කල ධ්‍යානය උපන්නේ වේ, එහෙයින් මේ පස සමන්වාගත අංගයයි කියනු ලැබේ. එහෙයින්ම (මෙම අංග පස මිස) මේ අංග පසින් සමන්විත වූ ධ්‍යාන නම් අනෙක් යමක් ඇතැ’යි නොගත යුතුය. යම්සේ වනාහි චතුරඞ්ගිනී සෙනාය, පඤ්චාඞ්ගිකතූර්යය, අෂ්ටාඞ්ගික මාර්ගයයි අඞ්ගමාත්‍ර වශයෙන්ම වහරනු ලැබේද, එසේම මෙයද අඞ්ගමාත්‍ර වශයෙන් පඤ්චාඞ්ගිකයයි හෝ පඤ්චඞ්ගසමන්නාගතයයි කියනු ලැබෙතැ’යි දතයුතුය.
එතානි ච පඤ්චඞ්ගානි කිඤ්චාපි උපචාරක්ඛණෙපි අත්ථි, අථ ඛො උපචාරෙ පකතිචිත්තතො බලවතරානි. ඉධ පන උපචාරතොපි බලවතරානි රූපාවචරලක්ඛණප්පත්තානි. එත්ථ හි විතක්කො සුවිසදෙන ආකාරෙන ආරම්මණෙ චිත්තං අභිනිරොපයමානො උප්පජ්ජති. විචාරො අතිවිය ආරම්මණං අනුමජ්ජමානො. පීතිසුඛං සබ්බාවන්තම්පි කායං ඵරමානං. තෙනෙවාහ – “නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොතී”ති (දී· නි· 1.228). චිත්තෙකග්ගතාපි හෙට්ඨිමම්හි සමුග්ගපටලෙ උපරිමං සමුග්ගපටලං විය ආරම්මණෙසු ඵුසිතා හුත්වා උප්පජ්ජති, අයමෙතෙසං ඉතරෙහි විසෙසො. තත්ථ චිත්තෙකග්ගතා කිඤ්චාපි සවිතක්කං සවිචාරන්ති ඉමස්මිං පාඨෙ න නිද්දිට්ඨා, තථාපි විභඞ්ගෙ “ඣානන්ති විතක්කො විචාරො පීති සුඛං චිත්තස්සෙකග්ගතා”ති (විභ· 569) එවං වුත්තත්තා අඞ්ගමෙව. යෙන හි අධිප්පායෙන භගවතා උද්දෙසො කතො, සොයෙව තෙන විභඞ්ගෙ පකාසිතොති.
මේ පඤ්චාඞ්ගයෝ උපචාරක්ෂණයෙහිද කිසියම් පමණෙකින් පවත්නාහුය, උපචාර විෂයෙහිදී ප්‍රකෘති චිත්තයට වඩා බලවත්ද වන්නාහුය. මෙහිදී වනාහි විතක්කය එයටත් වඩා බලවත්ව ප්‍රකට වූ ආකාරයෙන් අරමුණහි සිත නංවමින් උපදනේය, විචාරය අරමුණ අතිශයෙන් පිරිමදිමින් උපදනේය, පීති සුඛ යන දෙක සර්වාංග සහිත ශරීරය තුළ පැතිරෙමින් උපදනේය. එහෙයින් කීහ, මේ සකලාංග සහිත ශරීරය තුළ, විවේකයෙන් උපන් පීති සුඛ යන දෙකින් නොපතළ කිසිවක් නැත.’ චිත්තෙකාග්‍රතාවද සුමුගුවෙක යටි පියන තුළ උඩු පියන වැදගන්නා සෙයින් අරමුණ මනාකොට ස්පර්ශ කෙරෙමින් උපදනේය. මෙම විතක්ක ආදීන් අතුරෙන් මෙම එකග්ගතාව අනෙක් අංගයන්ගෙන් ඇති විශේෂයයි. එහි චිත්තෙකග්ගතාව කිසිසේත් ‘සවිතක්කං සවිචාරං’ යන ආදී මේ පාඨයෙහි නොදක්වන ලද්දේ වී නමුදු එසේ වුවත් විභංගයෙහි ‘ඣානන්ති විතක්කො විචාරො පීති සුඛං චිත්තෙකග්ගතා’ (ධ්‍යාන යනු විතක්කය, විචාරය, පීතිය, සුඛය, චිත්තෙකග්ගතාය යන මොහුය) යි මෙසේ කියනලද හෙයින් එය අංගයක් වන්නේය. යම් අභිප්රායයෙකින් ශාස්තෲන් වහන්සේ විසින් උද්දේස කරන ලද්දේ ද, එම අභිප්රායම උන්වහන්සේ විසින් විභංගයෙහි ප්‍රකාශ කරන ලද්දේය.